Sunday, August 4, 2019

637. ඒකනායක අංකල්ගේ ඒකල වෑංජනය සහ මගේ සහසන්ධීකරණය....


බකමූණ යාය 18 ප්‍රදේශයට ජලය නිකුත් කරන අමුණ...

බඩේ අමාරුවක් හැදුන ළමයි ආය හොඳ විස්වාසෙට ගනිල්ල මයෙ සත වරුස බාගෙකට සේසයක් විතර අධික ජීවිත කාලෙදි හැදුන දරුණුම බඩේ අමාරුව. ලූස් මෝසන් කියන එකෙත් ආය නෑ Supra Grade එක. ඔය සුප්රා ග්‍රේඩ් කියල එකක් තිබ්බ අපෙ අප්පච්චිල ර.ලි.සේ. වැඩ කරන කාලෙ. ඒ කිව්වෙ හැත්තෑ ගණං සහ ඊට ප්‍රථම. තවමත් එහෙම තියනවාදැයි කියා නම් නොදනිමි. ලිපිකරු සේවය 111 ශ්‍රේණිය (Grade 3) ලිපිකරු සේවය 11 ශ්‍රේණිය (Grade 2) සහ ඊට පස්සෙ ලිපිකරු සේවය ලිපිකරු සේවය 1 ග්‍රේණිය (Grade 1) වෙලා ඊටත් පස්සෙ ජේෂ්ඨත්වය අනුව ලැබෙනව ඔය Supra grade එක. සිංහලෙන් ඒකට කිව්වෙ අධි ශ්‍රේණිය කියල.

කොටිම්ම කිව්වොත් එක රැයක් මම අපේ තියනව ටොයිලට් එක කිට්ටුවම බෙඩ් රූම් එකක්. අන්න ඒකෙ නිදාගත්තෙ. සරම එහෙමත් නැතුව. එතකොට සුරුස් ගාල බඩෙන් සිග්නල් එක එනකොටම දුවල ගිහිල්ල ඉඳගත්තෑකිනෙ. නැත්තං කේස්. තනිකරම වතුර වගෙ තමයි යන්නෙ.

මට හිතෙන්නෙ අනිවාර්යයෙන්ම ඔය කාපු මොනා හරි අවුලක් වෙන්න ඇති. ඒ කියන්නෙ අපෙ ප්‍රියම්බිකා තොමෝටයි මේ දවස් ටිකේ අපෙ ගෙදර ඇවිල්ල ඉන්න එතුමියගෙ වැඩිමල් සහෝදරයටත් මේ රෝගී තත්වය වැළඳුනා. ඒ කියන්නෙ මේ පහුගිය සතියෙ දෙකේ කාලෙදි වගේ අපේ ඥාතී හිත මිත්‍රාදීන් ඒ වගේම බන්ධු හිතෛෂීන්ගෙන් දිවා රාත්‍රී භෝජන සංග්‍රහ යනාදියට බොහොම ආරාධනා ලැබුණ. ඒ අතර රාත්‍රී ආහාරය බොහෝවිට ඔය කොහෙ හරි ආපන ශාලාවකින් තමයි ගත්තෙ. ඉතිං මම මේ කියන්න ආවෙ ඔය කොහෙදි කෑමක් අවුල් උනාද කියල හරියටම නිච්චියක් නැහැ. කොහොමහරි වැඩේ උනේ අන්න එහෙමයි.

හරි ඒ ඔක්කොම දැන් Water under the bridge… ඒ කිව්වෙ අතීතයට එකතුවෙලා අහවරයි. මගෙ අසනීපෙත් හොඳයි. ඒ හින්ද මම හිතුව කලින් ඉවරකරපු තැන ඉඳල කතන්දරේ ලිව්ව නම් හොඳයි නෙවද කියල හිට.

"මචං වීරෙ..උඹට වඩා අවුරුදු හතර පහක් වගෙ වැඩිමල් උඹේ අතිජාත මිත්‍රයෙක් විදිහට මම උඹට මෙහෙම කාරණාවක් කියන්නම්. මේක අවවාදයක්මත් නෙවෙයි. මගේ අත්දැකීම් ආශ්‍රයෙන් කරන කරුණු දැක්වීමක් කියල කිව්වොත් තමයි මල්ලි වඩාත්ම ගැලපෙන්නෙ......"

"හරි හරි බං කිසිම අවුලක් නෑ...මම දන්නවනෙ උඹ ගැන…. කියපංකො බලන්ට"

"මචං විවාහ ජීවිතේ කියන්නෙ ඒ හැටි ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම හරියට මැනේජ් කර ගත්තොත් ඒ හැටි අමාරු දේකුත් නෙවෙයි. හැබැයි ඒ හරිහැටි මැනේජ් කිරිල්ලට ඉතාම අත්‍යාවශ්‍ය සාධකයක් තියනව…"

"හරි හරි ඒ ගැන අපි කතා කරමු...ඉස්සෙල්ල එකක් දාගෙන ඉමු.."

මමත් අසෝක වීදුරුවට සුට්ටක් දාගෙන කට ගාවට එනකල් සෝඩ වක්කර කරගත්ත. 

"හරි එහෙනම් චියර්ස්...යස් ඉසුරුමත් සසිරිමත් සහ ප්‍රීතිමත් විවාහ දිවියකට…............." සුමනෙ එහෙම කියල සව්දිය පිරුව.

"මචං වීරෙ මෙහෙමයි වැඩේ...මම අර කිව්ව වගෙ විවාහ ජීවිතේ අපායක් වෙන්නෙ නැතුව ගෙවා ගන්න නම් දෙන්න අතර අවබෝධය නොහොත් අන්ඩස්ටෑන්ඩිං එක බොහොම වැදගත් වෙනව."

"යස් අයි ඇග්‍රී හන්ඩ්‍රඩ් පර්සන්ට්" මම එකඟ වුනා.

"ඉතිං ඔන්න ඔය මනා අන්ඩර්ස්ටෑන්ඩිං එකට දෙන්න බැඳපු ගමන්ම අඩුම ගානෙ අවුරුදු දෙකක් විතරවත් තනියම ජීවත් වෙන එක අත්‍යාවශ්‍ය දෙයක්."

"එහෙමද?" මම ඇහුව. 

"ඔව් එහෙම තමයි ඒකෙ ආය දෙකක් නෑ. මහගෙදර කාමරේක එහෙම නැත්නම් මහ ගෙදරම පැත්තක ඇනෙක්ස් එකක් ඉන්නව වගෙ නෙවෙයි තමන් තනියම දෙන්න එක්ක විවාහ ජීවිතේ මතුවෙන ගැටළු වලට මුහුන දෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න එක ඉතාම වැදගත්."

බයිට් එකට තිබ්බෙ හවස අපි නාල කරල ආපහු එනකොට පිරිවෙන ඉස්සරහ ලෑලි කඩෙන් ගෙනාපු මුරුක්කු පැකට් දෙක විතරයි. මම යනකොට අපෙ උයන්ට හිටපු අංකල්ට කියල ගියා බිත්තර දෙක තුනක් කඩල තක්කාලි රතු ලූණු අමු මිරිසුත් එහෙම කපල දාල ඔම්ලට් එකක් දාල තියන්ටෙයි කියල. ඔය අංකල් අපිට උය පිහා දෙන්ට සෙට් වුනේ මෙහෙමයි.

අපිට උයව ගන්ට ක්වාටර්ස් එක අතුපතු ගාව ගන්ට වත්ත පිටිය සුද්ද බුද්ද කරවගන්ට චෙක් රෝලෙන් ගෝලයෙක් දීල හිටිය. චෙක් රෝල කියන වචනෙ නුපුරුදු අයට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත් අනියම් කම්කරුවන්ට වැටුප් ගෙවන්නෙ චෙක් රෝලෙන්. ඒකෙ තියනව අනියම් කම්කරු නම් ලිස්ට් එක. එදිනෙදා පැමිණීම නම ඉස්සරහින් ලකුණු කරල මාසෙ අන්තිමට වැඩට ආපු දවස් ගානට අදාල වැටුප ගෙවනව.

ඔය කාලෙ අපිට චෙක් රෝලෙන් දීල හිටිය ගෝලයගෙ නම ඇවිල්ල ඒකනායක. මිනිහ දරු පවුල් කාරයෙක් දරුවො දෙන්නෙක් හිටිය ඒ වෙනකොට. ඒ හැටි වයසක් නෑ. තිහක් තිස් දෙකක් වගෙ ඇති. ඒත් හොඳ දහිරියවන්තය. මිනිහගෙ කුඹුරු කෑල්ල වැඩ කරගත්තෙ මිනිහ තනියම. 

ඔය මම කියන කාලෙ මහේ කුඹුරු අස්සද්දන කාලෙ කියල මම කලින් කිව්වනෙ. ඒකනායක උදේම ඇවිල්ල උදේට යි දවල්ටයි කන්න මොනවහරි හදල ගෙදර යනව. ඒ කරල හවස තුනට වගෙ ඇවිත් රෑට උයල තියල ආයම ගෙදර යනව. අපිටත් ඒකෙ ප්‍රශ්නයක් තිබුනෙ නෑ. වැඩේ කෙරෙනවනෙ ඒ මදැයි....එක දවසක් ඒකනායක උදේ වැඩට ඇවිල්ල පොත අත්සන් කරල එහෙම මට කතා කලා.

"මහත්තය.."

මම ඒ වෙලාවෙ දත් කුට්ටම මදිමින් මිදුලෙ එහාට මෙහාට ඇවිදිමින් උන්නෙ.

"ඔව් බං මොකෝ?"

"මහත්තය හෙට ඉඳල අපේ යායට වතුර දෙනව.."

"ඔව් බං මම දන්නව..මමනෙ මුර වතුර දෙන ලැයිස්තුව හැදුවෙ…"

අස්වැද්දුමයිසිං කාලෙ කුඹුරු හැම එකටම එක පාර වතුර දෙන්ට අමාරුයි. ඒ හින්ද සාමාන්‍යයෙන් එකපාර අක්කර පහේ කුඹුරු හතරකට වගෙ තමයි වතුර නිකුත් කරන්නෙ. එහෙම වතුර දෙන ෂෙඩුවල් එක තමයි මුර වතුර ලැයිස්තුව කියන්නෙ.

"ඉතිං මහත්තය මම හිතාගෙන ඉන්නෙ මේ පාර අපේ කුඹුර මමම වැඩ කරන්ට..නැත්නම් ජීවත් වෙන්ට අමාරුයි.."

"හරි හරි මට තේරෙනව..ඉතිං උඹ මට මොකක්ද දැං කියන්නෙ?"

"ඉතිං මම කියන්ට ආවෙ මහත්තය මම මේ ටිකේ කුඹුරු වැඩ ටික එකලාසයක් වෙන කල් .."

"ආ..උඹට වැඩට එන්ට විදිහක් නෑ කියලනෙ ඔය කියන්නෙ..හරි අවුලක් නෑ...අපි ඔය මොකවත් රත් කරගන්නං..නැත්තං අර පියදාසයත් ඉන්නවනෙ..ඌ උයයි මේ දවස් ටිකට.." අපෙ චෙක් රෝලෙ ඔක්කොම හතර දෙනෙක් හිටිය පියදාස එයිං එකෙක්.

"නෑ මහත්තය එහෙම නෙවෙයි"

"එහෙනං?"

"මම එන්නෙ නැති දවස් ටිකට අපේ තාත්තව එවන්නම් මහත්තයලට උයල පිහල දෙන්ට.."

ඒකනායකගෙ තාත්ත අවුරුදු හැත්තෑවක් විතර වයසයි. ඒත් බොහොම කඩිසර මනුස්සය. අපි කතා කලේ තිස් දෙකේ අංකල් කියල. තිස්දෙක කිව්වෙ යාය විසි නමයෙ තිස් දෙකේ කුඹුර....ඒක ඇවිල්ල ඒකනායකලගෙ කුඹුර....

නමසිය තිස් හතළිස් ගණංවල ඩී.එස්.මහත්තය ඔය ගොවි ජනපද පිහිටුවන කාලෙ එක එක ගම්මාන වලට වෙනම නම් දීල නැහැ. ට්‍රැක් 1, ට්‍රැක් 2 ට්‍රැක් 3 අන්න ඒ විදිහටයි ගම් වලට නම් දීල තියෙන්නෙ. සිංහලෙන් යාය 1, යාය 2, යාය 3..."එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ..."

බකමූණ ගොවි ජනපද ව්‍යාපාරය විතරක් නෙවෙයි ඒ සමකාලීනව ආරම්භ කරපු මින්නේරිය, කවුඩුල්ල, හිඟුරක්ගොඩ, අම්පාර වගෙ ගොවි ජනපද වලත් ගම්මාන නම් කරල තිබ්බෙ ඔය යාය 1, යාය 2, යාය 3 ක්‍රමේටමයි. 

ඒත් පොළොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රයෙන් වතුර දෙන ගොවි ජනපද වලනම් නම් කිරීම මීට වෙනස්. එව්වයෙ තියෙන්නෙ බී.ඕ.පී. 317, බි.ඕ.පී 400 අන්න එහෙම. මහවැලියෙ වැඩට ගිය මුල් කාලෙ කදුරුවෙල ටවුන් එකේදි ඔය විදිහට බි.ඕ.පී. කියල බෝඩ් ගහගෙන සී.ටී.බී. ඒ වගේම ප්‍රයිවට් බස් යනව දැක්කම මට ඉතිං මහ පුදුමයක් මොකක්ද යකඩෝ මේ බී.ඕ.පී. කතාව කියල. මම ඒ වෙනකොට B.O.P. කියල දැනගෙන හිටියෙ අර තේ වර්ගය විතරයි. Broken Orange Pekoe... 

අපේ ඒ කාලෙ හිටිය සීනියර් පොරවල් වලින් ඇහුවට ඒ එකෙක්වත් දැනගෙන හිටියෙ නෑ B.O.P. කියන්නෙ මොකක්ද කියල. පස්සෙ ඔය ජනපදයකම උපන් අපේ එන්ජිනියර් කෙනෙක් තමයි මට විස්තරේ කියල දුන්නෙ. B.O.P. = Blocking Out Plan. 

Blocking Out plan = කට්ටි කැඩීමේ සැලසුම ඒ කියන්නෙ නමසිය තිස් හතලිස් ගණං වලදි කට්ටි කැඩීමේ සැලසුම් අංක 317 යටතෙ ඉඩම් වෙන් කරපු ප්‍රදේශය තමයි B.O.P. 317 කියල හැඳින්වෙන්නෙ.

බකමූණ ගොවි ජනපද ව්‍යාපාරයෙ තියනව ට්‍රැක් 1 ඉඳල ට්‍රැක් 46 වෙනකල්. ඇලහැර ඉඳල යෝධ ඇල දිගේ ගිරිතලේට යනකොට යාය අංකය වැඩිවෙන පිළිවෙලටයි ඔය ට්‍රැක් නැත්නම් යාය නම් කරල තියෙන්නෙ.

ඒකනායකගෙ තාත්ත නොහොත් අංකල්, ඒකනායක වෙනුවට වැඩට එන එකට අපි ඒ කිව්වෙ මමයි සුමනෙයි මුලින්ම ඒ හැටි කැමැත්තක් පෙන්නුවෙ නෑ. මොකද ඇත්තටම චෙක් රෝලක නම සඳහන් සේවකයෙක් වෙනුවට වෙනත් කෙනෙක් යොදවන එක (තාත්ත උනත්..හෙහ්..හෙහ්..තාත්ත කියල නෑ වැඩේ වැරදිනම් වැරදියිනෙ) වරදක්. කවුරුහරි ඒකනායකලගෙ තරහ කාරයෙක් ඕක බලං ඉඳල පෙත්සමක් වත් ගැහුවොත් සුමනෙටයි මටයි අහක ඉඳල පරිප්පු කන්ටයි වෙන්නෙ. ඒත් මේ යස්සයට මොකක් හරි සහනයක් කරන්නත් ඕන හින්ද සුමනෙයි මායි කතා වෙලා ඒකනායකයට මෙහෙම කිව්ව. 

"මේ කොල්ලො තාත්තට ඇවිල්ල උයන්ට කියපන්.  උඹ පහුවදාට ඇවිල්ල පොතේ අත්සන් කරපන්."

එතකොට අපි දෙගොල්ලම බේරිල. පොත තියෙන්නෙත් අපි ගාව හින්ද අවුලක් නෑ. හදිස්සියෙන්වත් දවල් වෙලාවෙ කවුරු හරි ඔඩිට් එකෙන් වත් පැනල චෙක් කලොත් කියන්න තියෙන්නෙ ඒකනායකය අද ඇබ්සන්ට් කියල. වැඩේ ඉවරයි. අපේ එකම වරද වෙන්නෙ රතු ඉර ගහල පොත ක්ලෝස් නොකරපු එක විතරයි. ඒකටත් කිව්වැහැකි එදා පොත ක්ලෝස් කිරිල්ල අමතක උනයි කියල...

ඉතිං ඔය විදිහට අංකල් හැම කන්නෙම වගෙ කුඹුරු වැඩ පටන් ගද්දි සතියක් දෙකක් වගෙ අපිට උයල දෙන්ට ආව. මනුස්සයගෙ ඉවිල්ලත් ටොප්. පිරිසිදු කමත් අවුලක් නෑ. බීඩි සුරුට්ටු පාවිච්චියකුත් නෑ. හැබැයි ඉතිං එකම අවුල කොච්චර කොහොම කිව්වත් එක වෑංජනයයි උයන්නෙ. 

සුමනෙයි මායි ඉතිං "යකෝ කන්ටනෙ මේ ඔක්කොම කොරන්නෙ..." කියල දියබෙදුමෙ බෘහස්පතින්ද පොළට ගිහිල්ල කැරට් බෝංචි, ගෝවා දඹල නෝකෝල් රාබු වගෙ රටේ නැති එළවළු ජාති ඔක්කොගෙන්ම පොඩ්ඩ පොඩ්ඩ ගේනව. 

මේ යස්සය..යස්සය කිව්වෙ අංකලය කරන්නෙ අර බෝංචියි, අලයි, ගෝවයි ඔක්කොම එකට දාල ඒකටම කට්ට කරවල කෑලි දෙක තුනකුත් දාල හදනව එක වෑංජනයක්. හොඳ රහට තියනව. 

ඒත් සුමනයට ඕක අල්ලන්නෙ නෑ. "මොකක්ද බං ඒ ගොඩ හොද්දක් වගෙ මේ යකා උයන මඟුල? අච්චර එළවළු තියනව, තුන පහ කහ මිරිස් ඕන හැටිය තියනව. මොකක්ද මේ මනුස්සය මේ නටන නාඩගම?" කියල බනිනව. 

සුමනෙට තරහ යන හින්ද අංකල් එක්ක මේ ඉවුම් පිහුම් ක්‍රමවේදය නොහොත් Culinary Methodology එක ගැන සාකච්ඡා කරන්ට නොහොත් සහසන්ධීකරණ (Negotiating) රාජකාරිය පැවරෙන්නෙ මට. Negotiating කියන වචනෙට සහසන්ධීකරණය කියල කියනවයි කියල කිව්වෙ මධුර ගොයිය.

Frederick Forsythගෙ "The Negotiator" නවල් එකේ සිංහල පරිවර්තනයත් හැඳින්වුනේ "සහසන්ධිකයා" කියල. හැබැයි මම හිතන්නෙ එහෙම පොදු පාඨකයින්ට නුපුරුදු වචනයක් පොතක නමට යොදන එක එච්චරම හොඳ දෙයක්නම් නෙවෙයි. මොකද සහසන්ධිකයා කිව්වහම මගෙ ඔලුවටනම් එක පාරටම ආවෙ සන්ධිපාදිකයා කියන වචනෙ. මේ පොත ගෝනුස්සො කැරපොත්තො මකුළුවො ගැන ලියවුනු එකක්ය කියල කවුරුහරි හිතුවත් මම හිතන්නෙ ඒකට දොස් කියන්නත් බෑ. අනික පොතේ කවරෙ ඉන්නෙත් තඩි මකුළුවෙක්නෙ...හෙහ්..හෙහ්..



"අංකල් මොකෝ මේ අච්චර එළවළු තියෙද්දි ඔක්කොම එකට දාල එකක් උයන්නෙ? එළවළු දෙක තුනක් වෙනම උයන්නකො...අඩුම කුඩුම මදිනම් කියන්න අපි අරං එන්නම්…"

"නෑ මහත්තය ඔහොම ඉව්වම තමයි එළවලුවල රහ ගුණ ඉස්මතු වෙන්නෙ…"

"මොන පිස්සු කතාවක්ද ඒක? ඔහොම ඔක්කොම එකට දාල ඉව්වම ඔක්කොම එක රහයිනෙ…"

"නෑ මහත්තය මම දැන් අවුරුදු ගාණක ඉඳල ඔහොම තමයි උයන්නෙ. කොටින්ම ඔය අපෙ ගෙදර උන්දැ නැතිවෙච්චි දා ඉඳල මමනෙ ගෙදර ඉව්වෙ. මේ විදිහට ඉව්වම කිසි අවුලක් නෑ. අනික තුන පහ පොල් උනත් ඉතුරුයිනෙ.."

ඇත්තම කියනවනම් ඔය විදිහට තමයි ඒ පැත්තෙ ගෙවල් වලින් සීයට අනූවකම උයන්නෙ. එකක් වැඩේ ඉක්මන්. ඊටත් වැඩිය වියදම අඩුයි…

"හරි මහත්තය අපි මෙහෙම කරමුකො. මහත්තයලට වෑංජන දෙක තුනක් ඕනනං බෝංචි වෙනම බෙදාගන්ට, අල වෙනම බෙදාගන්ට. කරවල වෙනම බෙදාගන්ට..එහෙම හොඳයිනෙ.." ඔන්න සහසන්ධීකරණය අන්තිමට අංකල් දුන්නු උපදේසෙ. කොහොමද? මල් හතයි නේද?

"මොකද අංකලය කියන්නෙ?" සුමනෙ මගෙන් ඇහුව එදා හවස. 

"පොර කියනව එළවළු දෙක තුනක් එකට දාල ඉව්වම රහ ගුණ වැඩියිලු."

"අනේ උගෙ අම්මට…"

"අන්තිමට කතා කරල කතාකරල අංකලයයි මායි පොඩි එකඟතාවයකට ආව"

"අන්න වෙරි ගුඩ්...අන්න වෙරි ගුඩ්...මොකක්ද ඉතිං ඒ එකඟතාවය?" සුමනෙ සිනාමුසු මුහුණින් ඇහැව්ව. 

"අංකල් එයාගෙ සුපුරුදු ඒකල වෑංජනේ උයනව. අපි කනකොට එලවලු වෙන වෙනම තුන් හතර පොලකට බෙදාගෙන කනව.."

"ඈ?......................" සුමනෙගෙ කටත් බාගෙට ඇරුන විදිහට මට මැරෙන්ඩ හිනා..

ඔන්න ඔය කිව්ව අංකලයට තමයි මම කිව්වෙ රෑට පොරගෙ කේවල වෑංජනේට (Solitary Curry) අමතරව ඔම්ලට් එකකුත් හදල තියන්නෙයි කියල.

"මම අංකල්ට කිව්ව ඔම්ලට් එකක් හදල තියන්නෙයි කියල..ඉඳහංකො මම ඒක අරං එන්නං.." මම නැඟිටල කුස්සියට ගියා...

"මට නම් බඩු ෂුවර් ඔය නසරානිය ඔම්ලට් එකත් දාල ඇති උගෙ ගොඩ හොද්දට….." සුමනෙ හිනා වෙවී එහෙම කියනව මට ඇහුන.

49 comments:

  1. // යාය 1, යාය 2, යාය 3..."එක යායට මල් පීදුනු
    හික්ස්,මරු අවස්ථා සම්බන්දය.මැවිලා පේනවා සුනිල් මහත්තයව දාගෙන නන්දසිරි පුටාර් එකක් පදිනවා.
    රවිස් ලංකාවේ ගොවි ජනපද කීයක් විතර තියේද ඒ ගැන ලියවුනු පොත් හෙම දන්නවද

    ReplyDelete
    Replies
    1. සිරා,

      සුනිල් මහත්තය කවුද?

      /රවිස් ලංකාවේ ගොවි ජනපද කීයක් විතර තියේද ඒ ගැන ලියවුනු පොත් හෙම දන්නවද/

      මම දන්න තරමට ඇලහැර, කවුඩුල්ල, මින්නේරිය, මැදිරිගිරිය, රාජාංගනය, රිදීබැඳි ඇල, ගල් ඔය සහ මිනිපේ...ඔය ඇවිල්ල තිස් හතළිස් ගණංවල ඩී. එස්.මහත්තය පටන්ගත්තු ගොවි ජනපද...එව්වට කිව්වෙ කොළණි කියල..ඔය ඒ අවට තිබ්බ පරණ ගම්වල උදවිය අපහාසාත්මකව ජානපදිකයින් හඳුන්වල තියෙන්නෙ කොළණි කාරයො කියල..


      "උං කොළණි කාරයොනෙ..කොහෙ ඉඳල ආපු එවුන්ද කවුද දන්නෙ?"

      "කවුද පුතාට එහෙම කිව්වෙ?"

      "මට මූනට නම් කිව්වෙ නෑ..."

      මේ දෙබස තියෙන්නෙ මඩවල එස්. රත්නායක ලියපු "අක්කර පහ" නවකතාවෙ. ඒක මිණිපේ ගොවි ජනපදය ආශ්‍රිතව ලියවුනු කතාවක්...

      ශාන්ති දිසානායකත් මම දන්න විදිහට ගොවි ජනපද ආශ්‍රිතව නවකථා කීපයක්ම ලියල තියනව "ගිරිකුළ" ඉන් එකක්....

      Delete
    2. //සුනිල් මහත්තය කවුද?
      සින්දුව ලියපු සුනිල් ආරියරත්නව
      //පරණ ගම්වල උදවිය අපහාසාත්මකව
      අහ තිබුනේ නැහැ,ඉන්ටෙරෙස්ටින්.පොඩි ජෙලකුත් යටින් යන්නැති.

      Delete
    3. සිරි,

      අහ්...ටෝටලි ෆොගොට් එබවුට් ද ප්‍රොෆසර්.....

      ඔය ගීතය වස්සෙක් වැස්සියකට කියන එකක් කියල එක පාරක් සුනිල් ගොයියම කියල තිබ්බලු.

      Delete
  2. අයිසෙ රවී. පඳුරු තැලිල්ල පැත්තක් තියලා එක මළදානයක් ලියලා අහවරක් කල්ල ඉන්නවකො හලෝ. ඔය පඳුරු තලන අල්ල පනල්ලෙ ඔහෙ වලකජ්ජ ගැහුවා, කව්ද ඔය බාග කතා සම්පූර්ණ කරන්නෙ? සිතන්නට යමක්!

    ReplyDelete
    Replies
    1. ඔයා අලුත් පාඨකයෙක් හෝ පාඨිකාවක් ද? මෙයාගෙ කතාවක් අවුරුදු තුන හතරකින් මෙහා ඉවර උනොත් රයිසින් සන් ඔන් ද වෙස්ට් වෙයි.

      Delete
    2. හැක හැක හැක ....

      Delete
    3. ඔව්...මේ කියන කථාව ඇත්ත....බැරි වෙලාවත් ගොක් කොල පෙනුනා....අපිට තියන ගැරන්ටිය මොකද්ද අපි මේ කථාවල ඉතුරු ටික දැනගනීවි කියල....එලොව ඉදන් බ්ලොග ලියනවද? අම්මප කියන්ඩ....

      Delete
    4. //එලොව ඉදන් බ්ලොග ලියනවද
      හැක් අරිමු බෝ අංජනමක්. මේකා යවයි හනුමතාගේ කකුල් දනිස්කට්ටට ගෙවෙනකන්.

      Delete
    5. @මම,
      කවුද හලෝ නිදහස් සිතුවිලි වල කතාවල අවසානයක් බලාපොරොත්තු වෙන්නේ. රවීගේ කතා ඇවිල්ලා අළුත් ශානරයක කතා ජාතියක්. අර "නමක් නැති කතා" වගේ මේවා "නිමක් නැති (හා නිමා වෙන්නට ඉඩක් ඇති) කතා"..

      Delete
    6. Dear All,

      "සදා ලෝක පූජිත ගොමුතලනගම" :)

      Delete
  3. //අන්න ඒකෙ නිදාගත්තෙ. සරම එහෙමත් නැතුව. එතකොට සුරුස් ගාල බඩෙන් සිග්නල් එක එනකොටම දුවල ගිහිල්ල ඉඳගත්තෑකිනෙ. නැත්තං කේස්// ඒ කියන්නෙ තවුසෙ වැඩේ කළාට පස්සෙ හොදගත්තෙ එහෙමත් නෑ නේද? තව පෙඩ්ඩකින් අායෙ යන එකේ හෝදන්න මහන්සි වෙන්නෙ මොකටද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෝද ගත්ත හෝද ගත්ත. ඒත් ඇත්තම කිව්වොත් හෝදන්ට දෙයක් තිබ්බෙම නැති තරම්..ඇයි බං වතුර වගෙ යනකොට ආය අහවල් දෙයක් ගෑවෙන්ට කියලද?

      Delete
  4. බිත්තර ඔම්ලට් එක හොද්දට දාල හදන්න අමාරුයි. හැබැයි පොර ඔම්ලට් එක වෙනම හදල ඒකත් කෑලි කඩල හොද්දට දාල තිබ්බොත් පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ...නෑ..එහෙම කිසිම දෙයක් වෙලා තිබ්බෙ නෑ...:)

      Delete
  5. බකමූණ දැකලා වැඩ නවත්තලා කියවන්න ගත්තා :) යාය 18 ටත් ලොකු සම්බන්දයක් තියනව.
    ඒත් ඔය කියපු ක්‍රමේට දෙක තුනක් එකට උයනව මට අහුවෙලා නෑනෙ,
    සමහර ව්‍යාංජන වලට කොස් ඇට එහෙමනං දානව තව තිබ්බටු මැල්ලුමක් වගේ එකක් හදනව හාල්මැස්සො උම්මලකඩ දාලා.
    මං කැමතිම එක තමයි පොල් සම්බෝල ඒ රහට නම් ලංකාවෙ කොහෙන්වත් කාලා නෑ ..

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කලින් දවසකත් කියල තිබ්බ නේද බකමූණට සම්බන්ධයක් තියනවයි කියල?

      සමහරවිට ඔය එලවලු දෙක තුනක් එකට දාල උයන එක අත්තනකඩවල පැත්තට සුවිශේෂී පුරුද්දක් වෙන්නත් පුලුවන්...

      Delete
    2. ඔව් ඔව්! සම්බන්දයක් කියන්නෙ ඉපදුනේ අත්තනකඩවල. එතකොට ගෙවල් අර දුරකඳුයාය සිංදුවට කියන සිරිකඳුයායෙ, කොලනි කාරයොන්ගෙ තුන්වෙනි පරම්පරාවෙ ගංකාරයෝ අපි ��

      Delete
    3. අප්පටසිරි...එහෙනං උපන්නෙ අත්තන කඩවල නේද? මම අත්තනකඩවල හිටිය බඳින්ට ඉස්සර අවුරුදු හතරයි බැන්දට පස්සෙ අවුරුද්දයි ඔක්කොම අවුරුදු පහක්...

      අපි හිටියෙ අර පන්සල පහුවෙනවත් එක්කම වම් පැත්තට තිබ්බ ගුරුපාරෙ තුන්වෙනි ක්වාටර්ස් එකේ. පේෂකර්ම මධ්‍යස්ථානෙ තිබ්බෙ හරියටම අපේ ක්වාටර්ස් එක පිටිපස්සෙ වගෙ. ට්‍රැක් තිහේ ඇළ තිබ්බෙ ක්වාටර්ස් එක ඉස්සරහ...

      ඇළේ කට කපල වතුර යන කාලෙට මම ඕකෙ වැතිරිල ඉන්නව මී හරකෙක් වගෙ වරුවක් විතර. වයිෆ් ඇළ ඉවුරට ඇවිල්ල සත්තම දානකොට තමයි ගොඩට එන්නෙ..අපොයි එහෙමත් කාලයක්...:)

      Delete
    4. මට මතක විදිහට ඒ ක්වාටර්ස් වල දැන් ඉන්නෙ ඩොක්ටස්ලා .ගෙදර හිටිය දවස් වල උදේ හවස බකමූණට ආව ගියත් අත්තනකඩවල පැත්තෙ වැඩිය යැවෙන්නෑ.

      නාන්ඩ නම් යෝද ඇල , තිහේ ඇලත් හොඳයි. උයාගෙන නාලා කාලා වරුවක් දෙකක් වැතිරිලා ඉඳලා එන්න ගඟ තමයි හොඳම. ජොබ් එකට රටින් එලියට එනකං කොහොමහරි අවුරුද්දකට එක සැරයක් වත් හතර අතේ විසිරුණු යාලුවො එක්ක ගඟේ බැහැල ඉන්න දවසක් හොයාගත්තා.

      මම 89යේ උපන් ජීවියෙක් , මං හිතන්නෙ රවී අයියා හරියටම අපෙ අම්මලගෙ වයසෙ :)
      මව් පාර්ශවයේ අය නුවර-මාතලේ පැත්තෙ ඉඳන් ඇවිත් 18 කොලනිවල පදිංචි වෙලා තියෙන්නෙ අම්මලා පොඩිකාලෙදි. ඔය ඇලහැර නාවුල පාරේ බස්වල ලොරිවල එල්ලිලා කට්ට කාගෙන නුවර A/L පංති ගිය අන්තිම සෙට් එක අපි ,ඊට පස්සෙ තමයි බකමූණ - දඹුල්ල පාර හදල විවෘතකලේ.

      Delete
    5. කසුන්,

      /මම 89යේ උපන් ජීවියෙක් ,/

      අඩේ උඹ උපන්නෙ 89 ද? යකෝ මේ ඊයෙ පෙරෙයිද පොඩි එවුන් නෙව..හරි නම් බොලා මේ බ්ලොග් එක කියවන්න ඕන පුටුවෙන් නැඟිටල..ඊට අමතරව කමෙන්ට් එකක් දාන්න කලින් ස්ක්‍රීන් එකට වැඳපන්..අන්න එහෙමයි අපි පාරම්පරිකව වැඩිහිටියන්ට ගරු කරන්නෙ..දැනගං දන්නෙ නැත්තං...

      /මං හිතන්නෙ රවී අයියා හරියටම අපෙ අම්මලගෙ වයසෙ :) /

      ඊටත් වයස ඇති බොහෝවිට මට දැං පණස් හයක්...:)

      Delete
    6. හරියටම හරිනෙ අම්මා 1962 �� ඔන්න ස්ක්‍රීන් එකට වැඳල කරල පුටුවෙන් නැගිටල මේ කමෙන්ට් එක දාන්නෙ ���� ��

      Delete
  6. ලූස් මොෂන් එකක් හැදුනාම කොරන්න තියෙන්නේ පරණ කොන්ඩා කැවුමක් අරන් කොන්ඩය පැත්ත යටට හිටින්න ගිලින එකයි.

    සුට්ටං පුතා බොරු දත් දමලාද ඉන්නේ? දත් කුට්ටම මදින්නේ බොරු දත් දමාපු උදවිය නොවෙද?

    ReplyDelete
    Replies
    1. අසංග,

      හෙහ්..ඒකත් ඇත්ත තමයි නේද? දත් කුට්ටම මදින්ට කලින් දත් කුට්ටම එලියට ගන්ට එපාය නේද?

      Delete
  7. “In wine there is wisdom, in beer there is freedom, in water there is bacteria.”

    — Benjamin Franklin(?).

    ReplyDelete
    Replies
    1. “I ALWAYS FEEL SORRY FOR PEOPLE WHO DON’T DRINK, BECAUSE WHEN THEY WAKE UP IN THE MORNING, THAT’S AS GOOD AS THEY’RE GONNA FEEL ALL DAY.”

      — DEAN MARTIN (?)

      Delete
  8. අදත් අර ඇඩ්වයිස් ටික කියවන්න බලාගෙන ආවා මදැයි, කොහෙද ඒ වෙනුවට තිස් දෙකේ අංකල් ඇවිල්ලා පඳුරු ටිකක් තලලා දීලානේ! :D

    ReplyDelete
    Replies
    1. Malee,

      Advice next week.....:)

      BTW I got your book from PRA...He very generously gave me his copy...God bless his most kind heart....:)

      Delete
    2. Glad to hear you got my book. That is very generous of Pra :) Once you have read it,you HAVE to give me feedback as you've been reading my stuff from the early times!

      Delete
  9. ඔය එක හොද්ද දෙක කරන එක අපේ උන්දැත් කරන්න. අලයි හාල්මැස්සෝ එකට උයල වෙනම බෙදනවා. එකම ගැටලුව අලුත් හාල්මැස්සෝ රසයෙන් තියන එක.ඔය කියලා තියෙන බඩයෑමට කියන්නේ නූලට බඩ යෑම කියලා.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      නූල වගෙ එක දිගට බඩ යන හින්ද වෙන්නැති සමහරවිට...:)

      මම ඒ වචනෙ දැනගෙන හිටියෙ නෑ....

      Delete
  10. 1975 වගේ කාලයේ මම ගල්ඔය ව්‍යාපාරයේ සේවය කරා. ඒ කාලේ කුඹුරු වලට වතුර ඕනි උනාම ගැමියෝ ඒ අයගේ හාමිනේලා එව්වා නිලධාරීන් සමග සහවාසයේ නිරත වන්න. බොහෝ විට රාත්‍රී ආහාර රැගෙන මේ ලියන් එන්නේ. ආයේ මොකද ඉතිං. අපෙත් තරුණ මදේ ඉහට ගහපු කාලේ නොවැ. එළිවෙනකන් උනත් රති ක්‍රීඩාවට සුදානම්. හෙක් හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ කියන්නෙ නිලධාරීන් ගෑණු එක්ක සහවාසේ නිරතවෙනකොට පිරිමි ඕන ඕන විදිහට වතුර හරවගන්නව ඇති...හෙහ්..

      Delete
  11. කෝ මනුස්සයෝ අනන්‍යගේ වාං පතුල් දෙක?

    ReplyDelete
    Replies
    1. ඇයි විමලෙගෙ නිල් කට්රොල් මල් කතා

      Delete
    2. මොනවා නැතත් නිල් කට්රොල් මල් කතාව ඉවර කලොත් මට ඇති. අපිට නිදහසේ මැරෙන්නත් බැරි වෙනවා මු මේ කරන වැඩ හින්ද...

      Delete
    3. කුෂ්,

      අනන්‍යාගෙ කොහෙද බං වාං පතුල්? :)

      Delete
    4. ප්‍රසන්න සහ පැතුම්,

      ඔව්..ඔව්..මොනව නැතත් නිල් කට් රොල් කතාව නම් ලියන්ටම ඕන තමයි..මමත් කැමතිම කතාවක්...

      Delete
  12. දියබෙදුමෙ ඔය ට්‍රැක් කතන්දරෙයි යාය කතන්දරෙයි දෙකම තිබුනා නේද රවී. කාලයක් යනකම් මමත් හිතං හිටියේ නෑදෑයෝ අඳුන්නනේ ගෙවල් වල නොම්බරෙන් කියලා. ඒත් පස්සේ තමා දන්නේ හතලිස් නමේ නැන්දා පනස් එකේ පොඩි අක්කා කියලා කියන්නේ එයාලගෙ කුඹුරු වල නොම්බරේ කියලා..!

    ReplyDelete
    Replies
    1. රූ,

      දියබෙදුමෙ විතරක් නෙවෙයි ට්‍රැක් 1 ඒ කිව්වෙ සියඹලාවෙ ඉඳලම ඒ ගම්මාන වලට ට්‍රැක් සහ යාය කියන නම් දෙකම පාවිච්චි කලා..ට්‍රැක් 29/30 අත්තනකඩවල. ට්‍රැක් 31 - 34 - කෝඳුරුවාව. ට්‍රැක් 35- 41 - ඉහකුළුවැව ට්‍රැක් 42-45 කටුකැලියාව

      අප්පටසිරි ඔබ තුමියත් දියබෙදුම ගැන දන්නවද?

      අන්න අර කාලෙකට කලින් නෙලුම්විල කියල අපූරු බ්ලොග් එකක් ලියපු බින්දි මැඩම් නම් යස අපූරුවට දන්නව දියබෙදුම පැත්ත ගැන. ඒ යෝදි ඔය දියබෙදුම හරියෙ තමයි බයිසිකල් පදින්ට පුරුදු වෙලා තියෙන්නෙ.

      ඒත් ඒ පුහුණු කාල සීමාවෙ වැඩි හරියක් ඉඳල තියෙනවයි කියන්නෙ පාර දෙපැත්තෙ තියන පඳුරු උඩ. ආය බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි එයාමයි දවසක් මා දැක්කිං කිව්වෙ

      Delete
  13. Replies
    1. ස්තූතියි සුරා,

      බොලා ඉතිං මගෙ පරණ රසිකයොනෙ...:)

      Delete
  14. හපොයි මෙහම කතා , පුදුම තනිකඩ ජිවිතයක් නේ ගත කරලා තියෙන්නේ බැලුවම

    ReplyDelete
  15. රවි සෑර්ට මතක ඇති ඉස්කෝලෙදි 'Newton's laws of motion' කියල එකක් ඉගෙනගත්තා.
    අර 'to every action there is always opposed an equal reaction' කියල තුන්වෙනි නියමයට විතරයිනේ උගන්නන්නේ.
    හැබැයි හතරවෙනි නියමය තියෙන්නේ පබ්ලිෂ් නොකරපු 'Newton's laws of loose motion' පොතේ.
    'loose motion cannot be done in slow motion '

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...