Wednesday, July 6, 2022

678. පුවක් එෂැණිං - 70 - අතිගරු ජනාධිපති තුමාගෙ අනපේක්ෂිත පාර්ලිමේන්තු ආගමනය..


මේ.......ආදරයයි....


ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව හදිසියේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වූයේ පහත සඳහන් කුමන හේතුවක් නිසාදැයි ඔබ සිතන්නේද?

1. මාස තුනකට ආසන්න කාලයක් බංකරයක සැඟවී දිවිගෙවීමට සිදුව ඇති බැවින් කෝපයට පත්වූ ආර්යාව "මීට වඩා දාහෙන් සම්පතයි ඕයි අර උන්නු විදිහට තෙල් ගහගෙන අරෙහෙ උන්නනං...අද මම දවල්ට උයන්නෙ නෑ..තමුසෙ ඕන තැනකින් කනවා.." යයි බැණ වැදී ඔලුවේ සිට පොරවාගෙන නිදාගත් බැවින් දිවා ආහාරය නොමිලේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්  හෝ ගත යුතුයැයි සිතුනු බැවින්ය.. 

2. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ජැන්ඩි පහට ටයි කෝට් වලින් සැරසී පාර්ලිමේන්තුවට සහභාගි වන වන බව අතිගරු මාධ්‍ය පකාසක කින්සිලී මහතා දැනුම් දුන් බැවින්  අගමැටිට  පමණක් නොව තමාටද ඉතා අගනා ලෙස ටයි කෝට් වලින් සැරසී පැමිණිය හැකි බව පෙන්වා දීමට අවශ්‍ය වූ නිසා..

3. තම දෙටු සොයුරු හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා  පසුගියදා ඔහු රෝගීව ප්‍රතිකාරගත් බව සැලවූ නමුදු ඔහුද තමා මෙන්ම දැනට බංකරයක දිවිගෙවන බැවින් හමුවී සුවදුක් විමසිය නොහැකි වූ බැවින් ඔහු හමුවී සුවදුක් විමසීම සඳහා.. 

4. "සර් කිසිදේකට බයවෙන්ට එපා..මගේ හෝටලේ ගිනි තියන එක කලින් කියන්න බැරිඋනාට කාලි අම්ම මගෙං සමාව ගත්තා.එහෙම උනේ පොඩි මිස් එකකින්ය ආයෙම එහෙම වෙන්නෙ නෑය කියලත් එතුමී මට පොරොන්දු උනා.. ඒ හින්ද සර් බය නැතුව මේ තෙල් කුප්පිය දෙපරැන්ද අස්සෙ ගහගෙන ඕන තැනක යන්ට..ඔය ගෝටා ගෙදර පල කියන ඔබතුමාගෙ විරුද්දකාරයො ඔබතුමාට දැපනෙ වැටෙන්නෙ මේං මෙහෙම බලා ඉන්දැද්දි,,..." ඥාණා මෑණියන් එසේ පවසා තමාට ලබාදුන් තෛල රාජයාගේ සත්ත බැලීමට අවශ්‍ය වූ නිසා..

5. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන මුව කමල ඇඹුල්කොට "විසේසයෙන්ම මේකත් කියන්ටෝන..ඉදිරි සතිදෙක බොහොම අමාරුයි...." යනුවෙන් පවසන විට ඉතාම දැකුම්කලු බව ගරු කටානායක තුමා ගිය සතියේ දවසක හවසක දුරකතනයෙන්  ආගිය තොරතුරු කතා කරමින් සිටියදී පැවසූ බැවින් ගරු අග්‍රාමාත්‍ය තුමා අසළම වාඩිවී එම මනස්කාන්ත දර්ශනය සියැසින්ම දැක ගැනීමට අවශ්‍ය වූ නිසා...

6. "සර්..සර්..හිරුණිකා වගේ ගෑණු කෙනෙක් තව ගෑණු හත් අට දෙනෙකුත් එක්ක මේ පැත්තට එනව දැක්කයි කියල මේ දැං පොලීසියෙන් කෝල් කරල කිව්වා..." යනුවෙන් ශුදේව හති දමමින් දිවවිත් පැවසූ බැවින්  "නෝනෙ එහෙනං ගෙදට්ට වෙලා ජනෙල් දොරවල් වහගෙන ඉන්ට..මම පාර්ලිමේන්තුව පැත්තට මඟ ඇරල වහං වෙලා ඉඳල එඤ්ඤං..ඔපිස් යන්නත් බෑනෙ...එතන අර අරගල කාරයොනෙ..." යයි ආර්යාවට පවසා වහාම පාර්ලිමේන්තුවට පසු බැසීමට සිදුවූ නිසා...


10 comments:

  1. සිංහලයින්ගේ ජාතිවාදය අවුස්සලා රජවෙලා,
    හොරා කාල බලුවෙලා,
    දැන් කියනවා
    මේක ම විසින් නිර්මාණය කරන ලබ්බක් නෙවෙයිලු,
    මුන් නඩු අහල එල්ලුම් ගස් යවන්න ඕනේ,
    පල්ලි වල බෝම්බ ප්‍රහාර වලටත් මුන් සම්බන්ද ඇති,,
    ඊකනේ බෝම්බ පිපුරුණ ගමන් කිව්වේ මං ජනාදිපති තරගෙට ඉදිරිපත් වෙනවා කියල,

    අර හිට්ලර් වෙලා හරි කමක් න එන්න කියල කියපු ගණයාගේ නම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Lalith,

      ඒ ගණයගෙ නම ඇවිල්ල වේඬරුවේ උපාලි..අස්ගිරියෙ අනුනායක.. :)

      Delete
  2. පළවෙනි එක වෙන්න ඇති වෙන්න ඇත්තෙ. ඔය කොයි ලොක්කත් තමුංගෙ නොවුනත් පවුලට බයයි කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      මේකට උත්තර පල්ලෙහායිං වැටුනා...සොරි..

      හරි හරි ඉඳහං ඉවසල..උඹලට වගේද අපට? උඹනම් දැං කඩෙත් වැහිල ෂපාන් එකේ ගෙදට්ට වෙලා ඇති..අපිට එහෙමද? පෙලපාලි යන්ට තියනව..අරගලේට යන්ට තියනව..සුවල්ප කියලද ආය වැඩ කිව්වහම?

      Delete
  3. කෝ මනුස්සයො ගියපාර අපේ කොමෙන්ට් වලට උත්තර.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      හෑ? ඉතිං බං මම එහෙම නෑනෙ..එක්කො මම ලොක්කෙක් නෙවෙයි වෙන්නැති ..අහෝ දුකකි.. :(

      Delete
  4. ඇයි අර මූණවත් බලන්නෙ නැතුව පත්වීම් ලිපි ගත්ත දෙන්නෙක් ඉන්නවා නේද. ඒ දෙන්නගෙ සුරතල් මූණු දැක බලාගෙන, "සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ- අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද බිය වී.... සැලී සැලී යයි" කියලා යන්න ආවා වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ලස්සනයි කියන්න අමතකවුනු නිසා ආයිත් ආවා කියලා යන්න.

      Delete
  5. කොටිත් එනවයි කියල කවුද කිව්ව නේද?

    ReplyDelete
  6. කුමන හේතුවද කියලා අහන එක
    තමයි රජෝ මට නං අන්තිම නරක
    හේතු ගොඩක් ලියලා නෙව එකින් එක
    අවසන් වතාවලු සබයට ආව එක!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...