Friday, January 20, 2023

684. පුවක් එෂැණිං - 74 - එතුමාගේ අනවරත පාර්ලිමේන්තු ආගමනය......

වර්තමාන අටිඝරු ජනාපෙතිතුමා නිතර දෙවේලේ පාර්ලිමේන්තුවට පැමිණ රැස්වීම්වලට සහබාගී වන්නේ  පහත සඳහන් කුමන හේතුව කරන කොටගෙනදැයි ඔබ සිතන්නේද? 



1. පුරා අවුරුදු හතලිස් පහක් එක දිගටම ( හූඇම්පී එක 2020 චන්දයේදී වැලේ වැල් නැතුව පරාජයවී එකම පිම් මන්ත්‍රීකමක් පමනක් ලැබුනු අවස්තාවේ ලැබුනු ඒ එකම පිම් මන්ත්‍රී කමට කිසිවෙකු හෝ පත් නොකොට සුපුරුදු පරිදි තම ආඳා න්‍යායෙන් 2021 තෙක් බලාසිට දිවුරුම් දීම නිසා අහිමිවූ එක් වසරක් හැරුනුවිට ) මන්තිරී දුරය දැරූ  බැවින් පාර්ලිමේන්තුවට නොගොස් සිටීමේදී  නිකම් කිරි පනුවන් බෝවී අහවල් තැන කසන්නාක් මෙන් දැනෙන නිසා...

2. කාලයක් තිස්සේ තමන්ට "මහ බැංකු හොරා..." යයි අපහාස උපහාස කල දිනෙස් ලොක්කා, ගොන්දුල, රත්තරං, මෛන්ඩානන්ඩ වැනි අපතයින් තමා පාර්ලිමේතු සබා ගැබට ප්‍රවිස්ට වන විට හුනස්නෙන් නැඟිට හිස නමා ආචාර කරනු දැකීමෙන් අත් විඳිය හැකි නෙක්ස්ට් ලෙවල් නිරාමිස සුවයට මහත්සේ ඇලුම් කරන නිසා...

3. ජනාපෙති කාර්යාලයට ගියහොත් කලිසම නිතර උස්සමින් ටයි එක හදමින් දෙපැත්තට හැරෙමින් අංගුලිමාල සහ හිට්ලර් ගැන කතා කරන විට ඒවා අසා අප්පුඩි ගැසීමට එහි කිසිවකුත් නොමැති නිසා...

4. පොලී මුදලාලි, රැන්සම් පෙසන්න, අයි ලිව් ගෝටා නෝ ඇරෙස්ට් විජේඩාස, ග්‍රෙවල්හීප් ලයන් දනිස් ගුණේ ඇතුලු හොර නඩය හා හවුල් වී විපස්සේට විරුද්දව යටිං ගේම් ගසා සබා ගර්බය ඇතුලේදී මහා පෙජාතන්තවාදියාගෙ රෝල් එක ඇට් කරමින් "අපි රට වෙනුවෙං සායෝගයෙන් වැඩ කොම්මු.."  යයි විපස්සයට ආරාදනා කිරීම සඳහා...

( සැයු - ඉහත ඡායාරූපයේ ඔද තෙදවත් ලෙස සාරගර්භ ලෙස කරුණු දක්වමින් පාර්ලිමේන්තුව අමතනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ ජනාධිපති ධුරන්ධර මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තාන්ත්‍රික අතිගරු  රනිල් වික්‍රමසිංහයාණන් වන අතර මෙම පෝස්ටුව සහ මෙම ඡායාරූපය අතර අවම වශයෙන් දේවදත්ත, අංගුලිමාල සහ මානවම්ම අතර ඇති සම්බන්ධතාවය පමණ හෝ සම්බන්ධතාවයක් නොමැතිබව සැළකිය යුතුය...)

10 comments:

  1. රවී, ලිවීම ඉවර කළාම ඔබ එක වතාවක්වත් එය නැවත කියවා බලන්නේ නැද්ද? වැරදි වචන- අකුරු අඩුවෙන් කෙටිල තියෙන තැන් දැක්කම මට නං යකා නඟින හින්දයි කියන්නේ.
    ඔබ දක්වා ඇති කරුණු පහෙන්, 1 යටතේ 'පිම්' වචනය දෙවතාවක්ම වැරදියට තියෙද්දීත් දැක්කෙ නැද්ද? ඒ වචනවල අගට 'පි' අකුර බැගින් එකතු වෙන්න ඕනි නේද?

    ReplyDelete
    Replies
    1. Nidi,

      නැහැ, පිම් කියල හිතාමතාමයි දැම්මෙ..පිං කියන එක අලුත් ඉස්ටැයිල් එකට ලියන්නෙ එහෙමයි..

      මම සාමාන්‍යයෙන් එහෙම අකුරු හෝ ව්‍යාකරණ වැරැද්දක් දැක්ක ගමන් වහාම නිවැරදි කරනවා...

      Delete
  2. ඔය කියල තියෙන සියල්ළම වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එහෙම වෙන්නත් පුලුවෙනි...

      Delete
  3. රවි ලොක්කා අර පරණ නොස්ටැල්ජික් කතා ටිකත් අයෙ ලියමු හිටන්...

    ReplyDelete
    Replies
    1. Udaya,

      ස්තූතියි උදය..ලියන්න ඕන..ලියන්න ඕන.. :)

      Delete
  4. නිදියගෙ සුප් එක බීලවත් මේ මනුස්සයට අර පරණ කතා ආයෙ ලියන්න හිතක් පහලවෙන් නැද්ද?

    ReplyDelete
  5. මටත් හිතෙන්නෙ ඔය ඔක්කොම සරින් සැරේට එටුමට හේටු බූට වෙලා පාර්ලිමේන්තුවට මංගච්චනව කියලයි 😂

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...