Monday, August 12, 2024

166. Online ප්‍රේමයේ උප්පත්ති කාලය ගැන ආරංචියක්

    රටක, කළාපයක ඉතිහාසය හැදෑරීමේ දී විවිධ නිර්ණායක භාවිතා වෙනවා. ඒ අතුරින් කලා කෘති වලට ලැබෙන්නේ වැදගත් තැනක්. හැදෑරීමට ලක්වන සමයට අදාළ මූර්ති, කැටයම්, චිත්‍ර පමණක් නොව විවිධ ලියැවිලි ද ඉතිහාසය ගැට ගසා ගැනීමට එකතු කර ගන්නා සවි ශක්තිය ඇති රැහැන් පට වෙනවා.

    මෑත කාලීන ඉතිහාසය සැලකීමේ දී වේදිකා නාට්‍යය, නූර්ති, ඉන්පසු එළඹුණු අවධියේ ගීත, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වැනි කලා කෘති අධ්‍යයන කිරීමෙන් තත්කාලීන සමාජයේ හැසිරීම පිළිබඳ සිතුවම් වර්ණ ගන්වා ගන්න හැකියාව ලැබෙනවා. උදාහරණයක් මෙහෙම කියන්නම්. මෑතක දී යශෝරාවය නාට්‍යය නැවත වතාවක් මා නැරඹූවා. එහි ‘රංජනීලෑ තාත්තා‘ මත්පැන් පානය කරන දසුනක් කිසිම රූප බාධාවකින් තොරව විකාශය වනවා. එය වර්තමානයට වඩා වෙනස් ටෙලි නාට්‍යය භාවිතාවක් බව අප දන්නවා. එමගින් තත්කාලීන සමාජය මත්ද්‍රව්‍ය කෙරෙහි දක්වන ලද ලිහිල් ප්‍රතිපත්තියක ඡායාවක් අපට පෙනී නොපෙනී යනවා.

    මීට අවුරුදු 24කට 25කට පෙර අපි උසස් පෙළ අවධියේ සිටිද්දි ප්‍රගතිගාමී එකතු කිරීම් සහ වෙනස්කම් කිහිපයක් අධ්‍යාපන රටාවේ සිද්ධ වුණා. ඒ කාලයේ තිබුණු දැඩි යැයි කියන්න හැකි පාසල් විනය නීති වලට හුරුව සිටි අපට ඒ සමහර වෙනස්කම් පුදුමයක් වුණා කියන්න පුළුවන්. එයින් එකක් ලෙස උසස් පෙළට මුල් වතාවට එම වසරේ දී හෝ ඊට පෙර වසරේ දී හෝ ඇතුලත් කෙරුණු තරමක විශාල ඉංග්‍රීසි අච්චු පොතේ තිබුණු ඉංග්‍රීසි ගීතත්, ඒ සමග ලැබුණු කැසට් පටයත් සිිහි වනවා. එකල ඉංග්‍රීසි සිංදු කියමින් ‘නැටිල්ල‘ අශෝබන දෙයක් සේ හැඟවෙන පරිසරයක හිටි අපට පංතියේ දි කැසට් පටය වාදනය කරමින් එම ගීත ගායනා කිරීමේ අවස්ථාව උදා වුණා.

    ‘Back Street Boys’ ගේ As long as you love me සහ Quit playing games with my heart එම එකතුවේ තිබුණු බව මතකයි. දැන් මතකය දැදුරු වෙලා තිබෙන නිසා හරියට ම තිබුණු සියලුම ගීත සිහි වන්නේ නැහැ, හොටෙල් කැලිෆෝනියාත් තිබුණා ද මන්දා!

මේ සියලු අසා පුරුදු ගීත අතර මා ඊට පෙර අසා නොතිබුණු ගීතයක් තිබුණා. ඒත් මේ අද වුව, ඇඟ ලොමු දැහැගන්වමින්, යොවුන් බ්‍රිට්නි ස්පියර්ස්ගේ හඬින් Forever… කියන්නා ඇසෙන්නා වාගේ ඒ ගීතය සිහිවන සැනින් මන සවනේ රැව් පිළි රැව් දීම ඇරඹෙනවා. එය පෙම් හබයක් මද දුරකට ඇදී යාමෙන් පෙම්වතුන් අතර ඇති වූ විරසකය පිළිසකර කර ගැනීම පිණිස යොවුන් පෙම්වතිය විසින් කරන දුක් ගී ගායනාවක්. එම ගායන විලාශය නිසා ඇගේ හඬින් ඇගේ ඉකි බිඳුම අප වෙත සංනිවේදනය වනවා වාගේ.




Forever…

It's been hours seems like days
since you went away
And all I do is check the screen
to see if you're okay
You don't answer when I phone
'cause you wanna be left alone
So I'm sending you my heart,
my soul and this is what I'll say

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

    කොටින් ම ඒ දිනවල මා ඒ පෙම්වතී වී ඒ දුක මුලු හදින් ම වින්දේ පෙම්වතකු පේන තෙක් මානයක නොසිටි අවධියක ය... කලාව!

    ඉතිං මා මේ ලිපියට අත තැබූ කාරණයට නැවතත් ගියොත් මේ ගීතයෙන් එකල තාක්ෂණික භාවිතාවන් ගැන අදහසක් ලබා දෙන අයුරු අපිට දකින්න පුළුවන්. ඈ ඇගේ පෙම්වතාට මේ කියන Screen එක කුමක් වන්න පුළුවන් කියලා ද ඔබට හිතෙන්නේ?... දුරකතනයේ?...

    නැහැ!... මේ කියන්නේ පරිගණක තිරය ගැනයි. ඇය පරිගණක තිරය දෙස නෙත් නොසලා බලා සිටින්නේ ඔහුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබෙන තුරුයි. මේ ගීතය ප්‍රේක්ෂකයාට නිදහස් වන්නේ 1999 වසරේ දි. ඒ වනවිට ස්මාර්ට් ෆෝන් මේ ලෝකය ආක්‍රමණය කර තිබුණේ නැහැ. අපි අද කාට හෝ දුරකතනයෙන් ඇමතීම phone ලෙස සඳහන් කරන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ call යන වදන. බොහෝවිට ඈ මේ සඳහන් කරන්නේ ස්ථාවර දුරකතන පිළිබඳ ව වන්නටත් පුලුවන්.

    ඇය මෙහෙම පවසනවා,

“අපේ ආදරය කිසිදා නොනැසෙන බව ලියා ඊ මේලයකින් 
මා මගේ හදවත ඔබට එවමි
මම දනිමි ඔබ ඔය ඔතන හිඳ තවමත් මා කෙරෙහි සැලකිල්ලෙන් ඉන්නා බව
නැවත මා වෙත ඊ මේලයක් එවා මට කියන්න අපේ ආදරය සුරැකි ව තිබෙන බව“

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever... e-mail my heart...

    ඇය තව දේ කියනවා. ඒ දේවලින් ඒ කාලයේ මිනිසුන් තාක්ෂණය හා ගනුදෙනු කළ අයුරු ගැන විවිධ අදහස් අප වෙත ගලා එනවා.

Online වෙනුවට on the line!

I can see you in my mind coming on the line
And opening this letter that I've sent a hundred times
Here's a picture of us two, I look so good on you
And can't you please forgive me for the hurt I put you through?


    පෙම් හසුන් හුවමාරු කරගත් අවධියේ ප්‍රේම කතා සේ ම ඊ මේල් වලින් පෙම් කෙරූ අවධියේ ප්‍රේම කතාත් සොඳුරු ව තිබෙන්න ඇති. විරහ ව තදින් දනවන්න ඇති. ලියුම් දෙකක් අතර කාලයේ කේන්තිය, තරහ නිවී විරහ වේදනාව මතු වී බන්ධන සවිමත් වූවා සේ ම ඊ මේල් අතරත් ඔවැනි දේ තිබෙන්න ඇති.


    පරෙවියන් අත පෙම් හසුන් යැවූ කාලයට පෙර සිට ඊ මේල් යුගය දක්වා ද, ඉන්පසු එලඹුණු වට්ස්ඇප් mk? Bs Gn යුගයේ ද මිනිස් හැඟීම් දැනීම් වල වෙනසක් සිදු වී නැති බව ලොව නන් දෙසින් මතු වී තිබෙන සමහර පුරාණ කලා නිර්මාණ, ලේඛන ආදිය ශාක්ෂි සපයනවා. ඒක එහෙම වෙද්දී වර්තමාන බන්ධන වල ස්වභාවය වෙනස් වන්නට ප්‍රතිචාර වේගය බලපානවා විය යුතුයි. 

 තාක්ෂණය සපයා ඇති පහසුකම් උපයෝගී කරගෙන සිතුවිල්ලක වේගයෙන් හැඟීම් අකුරු කරන්නට යෑම නිසා පෙම් කතා පමණක් නොව අනෙකුත් පුද්ගල සම්බන්ධතා වල ද සමහරවිට පලුදු ඇතිවන අයුරු විවිධ මිතුරු හවුල් වල නිතර දෙවේලේ ඇඟිලි තුඩින් ඇවිදින විට අපිට දකින්න ලැබෙන අවස්ථා තිබෙනවා. නැවතිල්ලේ හිතලා බැලුව ම ලියුම් ලියූ යුගයටත් වඩා කල්ගෙන පිළිතුරු සපයන්නත් පුළුවන් අවකාශයක් අපට විවෘත වී තිබෙන්නේ. කල් ගැනීම හෝ ක්ෂණික ව ක්‍රියාත්මක වීම හෝ යන දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ඇති අරුම පුදුම අවකාශයක සැරි සැරුවත් වැඩිපුර ම වෙන්නේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම්!

    වසර 2000න් පසු ඉපදුණු දරුවන්ට නම් තැපැල් ප්‍රේමය තබා ඊ මේල් ප්‍රේමයවත් සිතා ගන්න අපහසු වෙන්න පුලුවන්. අපේ දුව අහනවා මේ ෆෝන් එකේ මැසේජ් කියලා තියෙන එකෙන් මොකක් ද කෙරෙන්නේ?, වට්ස්ඇප් තියෙද්දි ඇයි තව මැසේජ් කියලා එකක් තියෙන්නේ?, ඒ මැසේජ් එක යවන කෙනා දැක්ක ද කියලා දැන ගන්න බැරි ඇයි? කිසිම වැඩක් නැති ඇප් එකක්නේ කියලා. ඒ වෙලාවට මට මැවිලා පේනවා, බ්‍රිට්නි ස්පියර්ස් උදේට මූණ හෝදන්නේ, දත් මදින්නේවත් නැති ව, කඳුලු පුරවගෙන, CRT මොනීටරයකට එබීගෙන ඉන්න විදිහ.




Forever...

It's been hours seems like days since you went away

And all I do is check the screen to see if you're okay
You don't answer when I phone
'cause you wanna be left alone
So I'm sending you my heart,
my soul and this is what I'll say

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my heart

I can see you in my mind coming on the line
And opening this letter that I've sent a hundred times
Here's a picture of us two, I look so good on you
And can't you please forgive me for the hurt I put you through?

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my heart

I'm sorry, oh, so sorry
Can't you give me one more chance
To make it all up to you

E-mail my heart and say our love will never die
I know you're out there and I know that you still care
E-mail me back and say our love will stay alive
Forever, e-mail my
Forever, e-mail my
Forever, e-mail my heart

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබ මුලින් සඳහන් කරන දේ මගෙත් සිහියට නැගෙනවා. එදාට වඩා අද ප්‍රේක්ෂක නිදහස හකුලුවලා තියෙන්නේ. එදා නැරඹූ සමහර බටහිර ටෙලි නාට්‍ය අද මතක් කරද්දී පුදුම හිතෙනවා රූපවාහිනියෙන් ඒවා ප්‍රදර්ශණය කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. යශෝරාවය පමණක් නොවෙයි, කන්දෙගෙදර එහෙමත් බොහොම නිදහස් ව කෙරුණු ටෙලි නාට්‍යය. ඒවා බලලා බොන්න පුරුදු වුණාට වඩා, දැන් නාට්‍ය වලට යටින් දාන “බොන්න එපා“ පන්න්යේ දැන්වීම් බලලා බොන්න පුරුදු වෙනවා ද කියලා හිතෙනවා වෙලාවකට

      Delete
  3. මේක රවියා ලියපු එක්ක වෙන්න බැහැ. ඉසුරුමුණි පෙම්යුවල ගල් කැට පාස් කරන්න ඇති . සාලිය අශෝකමාලා??

    ReplyDelete
    Replies
    1. //මේක රවියා ලියපු එක්ක වෙන්න බැහැ.//
      මටත් ඔය අදහසම හිතට ආවා අජිත්!
      රවී ලියන්නේ වෙනම ශෛලියක ලිපි නේද?

      Delete
    2. //මේක රවියා ලියපු එක්ක වෙන්න බැහැ.//
      වෙන්න බෑ තමයි. ඔය ගෙඩි පිටිංම රන්දිකා නෝනා හංවඩුව ගහල තියෙන්නෙ යටිං.

      Delete
    3. අනෙහ් රවි අයියගෙ සයිලෙ.
      ඔය මනුස්සය එක සයිලෙක ලිපියක් ලිව්වොත් අටපට්ටමට කියන්න හොඳේ.

      Delete
    4. යසයි යසයි. රූපය දිරන්න කලින් ම නාමය දිරලා මගේ. මාව මතක නැහැ මෙයාලට.

      ඉසුරුමුණි පෙම්යුවලයි සාලිය අසෝකමාලායි විතරක් නෙමෙයි. ඉන්දියාවේ තිබෙන දේවාල, රෝමය ග්‍රීසිය දිහාවේ තිබෙන පිගන් පිංතූර එහෙම බැලුවහ ම දැන් ඉන්න අය අපි තමයි පරතෙරට ම ගිහින් තියෙන්නේ කියලා හිතන සිතුවිලි වෙනස් වෙන්න පුලුවන්.

      Delete
    5. අජිත්, නිමල්,

      ඇයි බං ඔය පෝස්ට් එකේ අන්තිමට සිතුවිලි අකුරු කලේ RanDil කියල තියෙන්නෙ..ආය රවියෙක් ගැන මඟුලක් කියෝනවා.. :)

      Delete
    6. අපිට ඇස් පේන්නේ නැහැ බං . ඒ ලියල තියෙන ෆන්ට් සයිස් එකට 😄. ඔයාව නං නැඟී කොහෙත්ම මතක නෑ. කවුද හැබෑට , ඉන්දියාවේ කම්බෝජේ හෙම තියන සමහර ප්‍රතිමා වල කියලම දෙනා ප්‍රේමය ගැන , අන්න ප්‍රේම කතා , මේ ඔන්ලයින් ඒවා කියන්නේ ඉතින් වෙනම සයිලියක් .

      Delete
    7. සිතුවිලි අකුරු කලේ RanDil at 9:43:00 PM

      Delete
  4. හප්පේ... ඒ කාලෙ ඩයල්අප් කනෙක්ෂන් එකකින් ඉන්ටනෙට් ගිහිල්ල Outlook වලින් හරි යාහු වලින් හරි මේලක් බලනව කියන්නෙ ඉතිං.....

    ReplyDelete
    Replies
    1. මට ඉන්ටර්නෙට්, ඊ මේල් යූස් කරන්න මුලින් ම ලැබෙන්නේ 2006 දි විතර වගේ. එතකොට ඩයලප් කනෙක්ෂන් නෙමෙයි තිබුණේ. ජී මේල් එකක් හදාගෙන (මේ බ්ලොග් එකේ තියෙන ජීමේල් එකමයි) උදේ පාන්දර නිඩො කිඩෝස් පිංතූර සතර අතේ යවන එක තමයි කළේ ඒ කාලේ

      Delete
  5. බ්‍රිට් කෙලී ඒ දාස්දොල හෙන පේවරිට්. මං ළඟ ජාලෙන් බාගෙන රයිට් කරගත්ත ඇම්පී තී තැටියක්ම තිබුණ. බැණුං අහ අහ ඒක අහපු එක තමා කලේ. ලොකු තේරුමක් නෑ. ආසාවට. සමාරවිට බොරු සොබ්බෙට වෙන්නත් පුලුවන්.

    තැපැල් ලියුං, අතේ ලියුං, එක්ක අර 1100 එකේ ටෙක්ස්ට්
    අම්මෝ.. ඒම ආතල් කාලයක් 😁😁😁

    බ්‍රිට් කෙලීගෙ.දුක වැඩි වුණ හින්ද වෙන්න ඕන පස්සෙ කාලෙ පිස්සු කෙලින්න ගත්තෙ. දැං නං ටිකක් තැන්පත් වෙලා නේත

    ReplyDelete
    Replies
    1. රජ පවුලට පංගනාත්තු වෙන්න අදහසකුත් තිබුණා කියලා ඒ දවස් වල රාවයක් තිබුණානේ. දැන් නං ඉතිං තැන්පත් වෙන්න කාලෙනේ. අපේ වයස හරි අපිට ටිකක් වැඩිමල් හරි මං හිතන්නේ

      Delete
  6. අපි දන්නෙ නෑ බ්‍රිට්නිලා ගැන..බ්‍රිට්නිලා ස්ටේජ් එකට එනකොට අපි මහ කැලේ මැද රස්සාව කරනව..

    ඒ හින්ද එයාල ගැන අපි දන්නෙ නෑ..අපේ දන්නෙ ඇබා, බොනී එම්, එරප්ෂන්, ලයනල් රිචී, ස්ටීවී වොන්ඩර්..අන්න ඒ ගොල්ල ගැන.. :)

    ReplyDelete
    Replies
    1. මං දසක දෙකකට කලින් ඉපදෙන්න හිටපු එකෙක් වැරදිලා⁣ මේ කාලෙ ඉපදිලාය කියා දවසක් රවී අංකල් කියාපු එක හරි. මොකෝ මගෙ වයසෙ උන් ජස්ටින් බීබර්,ශිහාන් මිහිරංගගෙ සින්දු අහද්දි මං ඇහුවෙ ලයනල් රිචී,වෙස්ට්ලයිෆ්,අමරදේව,බොනිඑම් ආදිය තමා!!!

      Delete
  7. කදිම සටහනක්. මේ ගීතය මට මතක් කරලා දෙන්නෙ The boy next door වාගෙ නමක් තිබ්බ යොවුන් නවකතාවක්. ඒ පොතේ සියලු පරිච්ඡේද ලියැවී තිබුණෙ යුවළක් අතර හුවමාරු වෙන ඊමේල් පණිවිඩ විදියටයි!

    Backstreet කොල්ලො ගැන වෙනම ලියන්න ඕනැය කියල හිතුණ, උන් ගැන සඳහන දැක්කාම!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...