Monday, June 15, 2026

168. රවී

    ලිවීම යනු හුදෙක් ලිවීමේත්, කියවීමෙත්, අදහස් පළ කිරීමේත්, නොතිත් ආශාවන් හී සංකලනයක් පමණක් වූ… පමණක් ම වූ සමයෙක, සිංහල බ්ලොග් අවකාශය දෙදර වූ මා මිතුරනි, 

    ‘නිදහස් සිතුවිලි’ ලෙසින් අහඹු ලෙස මා නම් තැබූ මේ බ්ලොග් අඩිවිය, දශකයකට වඩා වැඩි කලක් පුරා, සැබවින් ම නිදහස් සිතුවිලි වලින් සැරසූ මා මිතුරා අප සිත් දැදුරු කරමින් නික්ම ගියේ ය.


14.11.1963 - 11.06.2026










නිදහස් සිතුවිලි‘ට කුමක් කරන්නදැයි මට නොතේරේ.










16 comments:

  1. රවිගෙ මරණය ගැන පුවත දැනගන්නට ලැබුනෙ අදයි.. කිසිදා හැබැහින් මුනගැහිලා නැතත් මගෙ ළඟින්ම හිටිය යාලුවෙක් නැතිවුනා වගෙයි හදවතට දැනුනෙ..

    ඔබට සුබ ගමන් මගේ ආදරණීය මිත්‍රයා!

    ReplyDelete
    Replies
    1. ඔබාගෙ මරණය වෙලාවෙ රවී ලියපු මේ ලියැවිල්ල මතක් වුනා.. අද රවී ගැනත් අපට ඒ විදියටම කියන්න සිද්ද වෙලා..

      නීරීක්ෂකයාගේ නික්ම යාම

      Delete
  2. සුබ ගමන් රවී!
    ඔබ ගැන මතකය මේ බ්ලොග් එකත් එක්ක රැඳී තියේවි.

    ReplyDelete
  3. සුබ ගමන් රවී . මේකත් ලිව්ව ෆොටෝ ටිකත් දාල . https://kolambagamaya.blogspot.com/2026/06/blog-post.html

    ReplyDelete
  4. සුබ ගමන් රවී! යාවත්කාලීන නොවුනත්, නිදහස් සිතුවිලි වියුණුව පවතින තුරු ඔබ දිගටම ජීවත් වනු ඇති!

    ReplyDelete
  5. සුබ ගමන් රවී!
    ටික දොහකට කලින් ඔයාගෙන් ගෙන්වා ගත්තු තොරතුරුත් එකතු කරලා, 2025 නොවැම්බර් 22 අපි කට්ටිය ගිය සංචාරය ගැන අද-හෙටම ලියන්නයි ඉන්නේ. ඒත් ඒක ඔයාට කියවන්න වෙන්නේ සුරලොව ඉඳන්...

    ReplyDelete
  6. රවි අයිය සහ අපි අතර බැඳීම තිබුණෙ මේ හරහා. ඒ වෙනුවෙන් මේ බ්ලොග් එක දිගටම පවත්වගෙන යන එක තමයි හොඳම.

    ReplyDelete
  7. රන්දිකා ඔබ රවීට මේ බ්ලොග් එකට ලිවීමට ආරාධනා කිරීම නිසා ඔහුගේ ලිපි කියවීමෙන් ඉහලම සතුටක් වින්දා. එයට ඔබට ස්තූතියි. ඔබට හැකිනම් මසකට වරක් ඔහුගේ පරණ පෝස්ට් එකක් නැවත පළ කරන්න පුළුවන්ද? එහෙම වුනොත් රවී නිසා අපි ලබපු සතුට සහ ඔහු පිලිබඳ මතකය නිතර අළුත් වෙයි.

    ReplyDelete
  8. _____________________________________

    ReplyDelete
  9. කවදාවත් හමුවෙලා නැතත් , හැමදාම දැනගෙන හිටිය කෙනෙක් නැති උනා හා සමාන දුකක් දැනුනා. නිවන් සුව ලැබේවා රවී අයියේ !! බ්ලොග් එක හැමදාම බලමු .. එතකොට රවී අයියා ඉන්නවා වගේ දැනෙයි

    ReplyDelete
  10. ආයුබෝවන් රවී මාමා.. මාමා කියපු එකම බ්ලොගර් වැහි දැරිවි වෙන්න ඇති. නිදහස් සිතුවිලි - අන්දර මල්දම - වැහි වැටෙන තැනට වැටුණු කමෙන්ටු - සදා මතකයේ ඉතිරි වී තියේවි!

    ReplyDelete
    Replies
    1. https://wehimandarama.blogspot.com/2026/06/149-bidding-adieu-to-stardust-soul.html

      Delete
  11. රවී මට මුනගැහුනේ බ්ලොග් අවකාශයට අමතරව ඉයන්ගේ 31වෙනි තට්ටුවෙදි...ඒ මතකයන් සදාකල් රැඳෙන බැව් දනිමි...රවී ඔබට සුබ ගමන්......!!!

    ReplyDelete
  12. බ්ලොග් දිහාවත් බලන්නෙ නැතුව ටික දවසක් ගෙවිලා යන්න ඉඩ ඇරියා. වැහි දැරිවිගේ ලියමන ලියුම් පෙට්ටියට ම ඇවිත් තිබුණ නිසා ඒ පැත්තේ විතරක් ගිහින් ආවා. අද මේවා කියවන්න ආවේ ඊයේ මගේ සිතුවිලිස් සිත්තමට නැගෙනා කවි පොතේ රවි අයියා වෙනුවෙන් හිත දිගඇරලා. අක්කාට ස්තුතියි ඒ වගේ රසවතෙකුගේ නිදහස් සිතුවිලි නිදහසේ දිගහරින්න, අපි වෙනුවෙන් බෙදා ගන්න එයාට ඉඩ දුන්නාට.

    සුබ ගමන් කවිකාර අයියණ්ඩියට!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...