Saturday, May 14, 2016

412. The Story Of My Marriage - 21 - " අනික කොහොමත් දැන් මම දන්නව ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල"




ඩොලී සහ මම කථා කරන්නට ආරම්භ කල මොහොතේම පම්මි ආන්ටි සහ මගේ මව ඔවුන්ගේ කථාව නතර කළෝය. ඔවුන් දෑස් විසල් කොට අප දෙස බලාසිටිනා බව දැනුනු විගස ඩොලී සහ මගේ කථාවද නතර විය.

"හරි හරි අපි හිටියට කමක් නෑ. ඔයදෙන්නා කතාකරගෙන යන්න" පිළිවෙලින් ඩොලීගෙ සහ මගේ මුහුණු දෙස බලා මුව පුරා සිනාසුනු මගේ මෑණියෝ ඉක්බිති පම්මි ආන්ටි දෙස බලා දකුණැස වසා ඉඟි මැරුවාය. පම්මි ආන්ටිද එසේ ඉඟි මැරූ අනතුරුව ඔවුහු දෙදෙන දෑත් එක්කොට ඇස් ඉහළට යොමුකොට දෙවියන්ට ස්තූති කළෝය.

මද වේලාවක් නිහඬව හුන් ඩොලී මගේ මව දෙසබලා සිනාසුණාය. "ආන්ටි තේ ටිකක් බොමුද?"

"එපා දුව... කරදර වෙන්න එපා. අපි අපේ දරුවො ලවා වැඩ කරවා ගන්නෙ නෑ" මහත් උදාරම් ලෙස එසේ පැවසූ මගේ මෑණියෝ පම්මි ආන්ටි දෙස බලා හිස සෙලවූවාය. 

"අප්පේ මොකට කියනවද? පව් දෙයියනේ ..පුදුම විදිහට මහන්සි වෙනව...වැඩකාරයෙකුට තේ අරං වරේං කියල ගිරිය යටිං බෙරිහං දෙන එකම කොච්චර මහන්සියක්ද?" මම මටම තොල මතුරා ගතිමි.නර්මාලාප බිණීමෙහි මගේ හැකියාව ගැන හොඳින් දන්නා මගේ මව මා දෙස ඇස් කොණින් බලා තොල් තදින් පියාගත්වනම හිස වනා අනවශ්‍ය කිසිවක් නොපවසන මෙන් අනතුරු හැඟවූවාය.

"රාජූ....කෝ තේ ලෑස්තිනම් අරගෙන එනවා...." මා අනුමාන කල අයුරින්ම ඩොලී මගේ මවට සංග්‍රහ කිරීම් වස් බොහෝසේ වෙහෙස වූවාය . මගේ මෑණියෝ ඈ දෙස කෘතඥතා පූර්වක බැල්මක් හෙලුයේ ඉන් අනතුරුව මදෙසද බලමිනි. ඇය අනන්‍යා දෙස එවන් බැල්මක් හෙලනා දිනයක් කවදා උදාවේදැයි සිතමින් මම සුසුමක් හෙලුවෙමි. 

"පුතා තේ ටිකක් බොමු" රාජු ඔසවාගෙන ආ තේ බඳුන් පීරිසි කෝප්ප පිරි බන්දේසිය දෙසට සුරත දිගුකරමින් පම්මි ආන්ටි විමසුවාය. මම මඳක් සිනාසී හිස දෙපසට වනා ඇරයුම ප්‍රතික්ෂේප කළෙමි.

"හා..හා..මම දන්නව..මම දන්නව.." පම්මි ආන්ටි තේ බඳුන සුරතට ගනිමින් මගේ සහ ඩොලීගේ මුහුණු දෙස බලා සිනාසුණාය. "ඔයාල මේ තරුණ පරම්පරාවෙ අයනෙ. තේ බොන්ට ආසාවක් නෑ..දන්නවද කවිතාජී මේ ගොල්ල යන්නෙ අර ඩිස්ට්‍රික්ට් සෙන්ටර් එකේ අලුතින් ඇරපු කෝපි කඩේට..මොකක්ද..මොකක්ද ..මේ නම මගෙ දිව අගම තියනව...ඩොලී මොකක්ද අර ගිණි ගානට කෝපි විකුණන තැන? අර...අර..හා..හරි බර්සාට් නේද?"

"බර්සාට් නෙවෙයි අම්මා බැරිස්ටා…"ඩොලී යටැසින් මාදෙස බලා තම නොපහන් දෑස යලි මව වෙත යොමුකොට පහත් හඬින් පැවසුවාය.

"අන්න හරි අන්න හරි..ඩොලී මේ ක්‍රිෂ් එක්ක යන්නකො ඔය දෙන්න එතනට.... ඔය බරිස්ටා ද මොකක්ද කියන තැනට..එතන කෝපි නම් හරිම ගණං...හත් අට දෙනෙකුට එතන කෝපි බොන්ට යන සල්ලි වලිං අපෙ ගම් පැත්තෙං කාමර දෙකක වගෙ පොඩි ගෙයක් ගත්තෑකි.කමක් නෑ..හැමදාම නෙවෙයිනෙ..ඔය දෙන්න යන්න...හොන්ඩා එක ඇති. ඒකෙ යන්න..දැක්ක නේද කවිතාජී..අපිත් මෙහෙම හිටියට අලුත් තාලෙට වැඩ කරන්ට දන්නව" මගේ මවට තේ බඳුනක් දිගු කරමින් පම්මි ආන්ටි පැවසුවාය.

"හිහ්, එහෙම වෙන එක කොච්චර එකක්ද? ලෝකෙත් එක්ක අපිත් අලුත් වෙන්ට ඕන. දැං මේ අපි උනත් එහෙමයි. රටේ ලෝකෙ වෙනස් වෙන විදිහට අපිත් වෙනස් වෙනව. පරණ ගති සිරිත් අතාරිනව." මගේ මවද පම්මි ආන්ටිට දෙවෙනි වීමට කැමතිවූයේ නොවේ.

"හ්ම්ම්ම්..ඔව්...ඔව්...කිසිම සාධාරණ හේතුවක් නැතුව මැඩ්‍රාසී මැඩ්‍රාසී කියල අනන්‍යා දෙකේ කොලේට දාල අපහාස කරන එකත් මම හිතන්නෙ ඔය කියන අලුත් ගති සිරිත් වලට අයිති එකක් වෙන්නැති" මම තොල මතුරාගතිමි.

තවත් පෙරැත්ත කරන තුරු බලා නොසිට මම හිඳ හුන් සෝපාවෙන් නැඟී සිටියේ මේ නීරස කතාබහෙන් ගැලවීමට මෙන්ම ඩොලී සහ කතා කරමින් ඔවුන්ගේ අලුත් හොන්ඩා මෝටර් රියෙහි නැඟී සැප පහසුව ගමන් කිරීමට එක්වනම ඇතිවූ ආශාවත් හේතුකොටගෙනය.

"ඩොලී..... මෙහෙ එන්නකො ළමයො.." පම්මි ආන්ටි පැවසූයේ ඇගේ උඩුකය වැසුනු කර පළල් කමිසයක් වන් ඇඳුමෙහි කර දෑතින්ම තවත් පළල් කරමිනි. මම දෑස් හයා එදෙස බලා සිටියදී ඇය ඇගේ සුවිසල් වු ළැමතුරෙහි වූ ගෘහස්ත ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් නෝට්ටු මිටියක් ඉවතට ගත්තාය. මේක ඇතුලෙ තව මොනව තියනවද මන්දා...ඒ මසිතට එසැණින් නැඟුනු සිතිවිල්ලයි.

මවගේ අතින් මුදල් නෝට්ටු මිටිය ගත් ඩොලී ඒ නොගැණම තම රන්පැහැ අත්බෑගයෙහි රුවා ගත්තීය.ඉක්බිති හිඳසිටි අසුනින් නැඟී සිටි ඇය හොන්ඩා මෝටර් රථය පිටතට ගැනීමට ගේට්ටුව විවෘත කරන ලෙස මුරකරුට කෑගසා අණකරන ලෙස රියදුරුට කෑගසා අණකරන ලෙස මෙහෙකාර රාජුට කෑගසා අණකළාය. මේ සියළු කෑගැසීම් වටයන් අවසානයේදී මම ඩොලී සමඟ හොන්ඩා රියෙන් නිවසින් පිටත් වූයෙමි.

(දිල්ලි නගරය පරිපාලන පහසුව උදෙසා දිස්ත්‍රික්ක නවයකට බෙදා ඇත.ඒ සෑම දිස්ත්‍රික්කයකම ඩිස්ට්‍රික්ට් සෙන්ටර් යනුවෙන් හැඳින්වෙන නොයෙක් බඩු භාණ්ඩයන්ගෙන් සපිරි වෙළඳසැල් වලින් පිරි පොදු වෙළඳ මධ්‍යස්ථානයක් වැන්නක් ඇත. මේ ඩිස්ට්‍රික්ට් සෙන්ටර් ශ්‍රී ලංකාවෙහි කොළඹ ලිබර්ටි ප්ලාසා, මැජස්ටික් සිටි හෝ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් යන වෙළඳ සංකීර්ණවලට බොහෝ සමාන යයි කිවහැක.)

අප ළඟාවූ එවන් වෙළඳ සංකීර්ණයෙහි බහුතරයක් වූයේ සල්වාර් කමීස් වෙළඳ සැල්, රූප ලාවන්‍යාගාර සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයන්ය. වහා ඇගේ ප්‍රියතම ඇඳුම් වෙළඳසැලට වැදුනු ඩොලී  ඇඳුම් තෝරන්නට වූ අතර මම වෙළඳ සැළෙහි එහා මෙහා සක්මන් කරමින් සිරි නැරඹුවෙමි.

ඒ ඉදිරියෙන්ම වූ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය නෙත ගැටෙන විට අනන්‍යාට ඇමතුමක් දීමට මසිත පැනනැඟි ආශාව මැඩගත් මම ඇඳුම් තෝරන කාන්තාවන් නරඹමින් කාලය ගෙවාදැමීමි. සල්වාර් ඇඳුම් මිලදී ගත්තෝ බහුතරයක් තම දූවරුන් සමඟ පැමිණි මව්වරුන්ය. එසේත් නැතහොත් තම මව් වරුන් සමඟ පැමිණි දූවරුන්ය.

දියණියන් බහුතරයක් මද පවනකට වුව ඇදවැටෙන තරමේ සිහින් සිරුරැති වූ අතර මවුවරු සියල්ලෝම තරබාරු දේහධාරීන් වූහ.පන්ජාබි කාන්තාවෝ අනිවාර්යයෙන් මේ අන්ත දෙකෙන් එකකට අයත්වන්නෝ වූහ. ඒ බව හොඳින් දත් වෙළඳ සැල් හිමිකරුවෝ සිය ඇඳුම් රාක්ක ඒ අන්තයන් දෙකටම සරිලන ඇඳුමින් නිරතුරු පුරවා තැබීමට වග බලා ගත්තෝය.

"නෝන වගේ ටිකක් සෞඛ්‍යය සම්පන්න ශරීරයක් තියෙන අයට ගැලපෙන ඇඳුම් තියෙන්නෙ අන්න අර හරියෙ." එක් වෙළඳ සේවකයෙක් ඉතා මහත දෙහෙත සිරුරකින් යුත් කාන්තාවක් මා අසලින්ම සාප්පුවේ පසුපසට කැඳවාගෙන යන අතර පැවසුවේ පාරිභෝගිකයාගේ සිත් දිනාගන්නා කලාව සමඟ ස්ථානෝචිතව වදන් තෝරාගැන්මේ කලාවද ඔහු මැනවින් ප්‍රගුණ කොට ඇති බව මොනවට පෙන්වමිනි.

ඇඳුම් කට්ටල තුන්සීයක් පමණ සේවකයින් ලවා පිටතට ගෙන අතගා බලා ඉන් තිහක් පමණ සිරුරට තබා හැඩ බලා අවසානයේ ඩොලී ඇඳුම් කට්ටල තුනක් තෝරාගත්තාය. ඒ සඳහා මුදල් ගෙවීමට ඇයද සිය මව මෙන් ළැමතුරින් මුදල් නෝට්ටු ගනිතැයි මගේ අර්ධ අපේක්ෂාවක් වූ නමුදු ඇය මුදල් ගත්තේ ඇගේ අත්බෑගයෙනි. 

"මේවට ඔයා කැමතිද?" ඇඳුම් වෙළඳ සැළින් පිටවූ ඉක්බිති ඇය ඇඳුම් බහාලූ බෑගය විවෘත කොට මට දැක්වූවාය.

"ආ..ආ..හොඳයි...හොඳයි…" මම එදෙස බැල්මක් හෙලා පැවසූයෙමි. 

ඉන් අනතුරුව අප දෙදෙන බැරිස්ටා කෝපි අවන්හලට ඇතුළු වූයෙමු . බැරිස්ටාව අභ්‍යන්තරයේවූ වායු සමීකෘත සිසිලස සහ සිත නිවී සනහන සියුම් සංගීත රාවය පිටත පරිසරයේ අප පීඩාවට පත්කල අංශක හතළිහකට ආසන්නවූ දාහයෙන් මිදුනු දෙව්ලොවක් සේ මට දැණින.

"මට සීතල කෝපි එකක් එක්ක අයිස්ක්‍රීම් "...ඩොලී ඇනවුම් කලාය. "ම්ම්..ඔයාට මොනවද ක්‍රිෂ්? "

"මටත් ඒවම හොඳයි."




පාරිභෝගිකයින් උදෙසා පනවා තිබූ දිගැති ඩිවාන් පන්නයේ ආසනයක අප හිඳ ගත්තේ එකිනෙකාගෙන් හැකිපමණ දුරස්වය. එහි යම් මනෝ විද්‍යාත්මක ඇඟවීමක් ඇත්දැයි මම නොදත්තෙමි.

අප ඉදිරියෙවූ බිත්තියෙහි සවිකොට තිබූ පුළුල් තිර රූපවාහිනියෙහි පෙන්වමින් තිබූ රංගනයක් නරඹමින් නිහඬව ගත වූ මිනිත්තු කිහිපයකට පසු ඩොලී ඒ දෙස බලාගත්වනම කථා කලාය. 

"අයි.අයි.ටී. එකෙන් උපාධියක් ගත්ත කෙනෙක් මට මීට කලින් මුණ ගැහිලම නෑ"

"ආ...ඒකෙ මේ ඇති දෙයක් නෑ...  මම ඔයාට ඇත්තම කියන්නද? ඒක මේ ඔය කියන තරං මහ ලොකු දෙයක් නෙවෙයි.." මම පැවසූයේ එය ඉතා නොවැදගත් කරුණක් බව සුරතින් සන් කරමිනි.

ඇය එකවරම මදෙස හැරුනාය. ඇගේ සුරත වැදී ඇඳුම් බෑගය බිම වැටුණි. පහත්ව නැවී එය අතට ගෙන යලි ආසනය මත තබා ඇය මා ඇමතුවාය. 

"සොරී ක්‍රිෂ්, ඔයා වගෙ උගත් කෙනෙක් ඉස්සරහ හැසිරෙන්න ඕන කොහොමද කියල මට එච්චර තේරුමක් නෑ"

"මොන පිස්සුද? අහවල් උගත්කමක්ද? රිලැක්ස් වෙන්න ළමයා. නිවී සැනසිල්ලෙ ඔයාගෙ කෝපි එක බොන්න. වෙන අනම් මනම් හිතන්න ඕන නෑ මේ වෙලාවෙ"

අප දෙදෙන නිහඬව තවත් මිනිත්තු කිහිපයක් කෝපි තොල ගෑවෙමු. මගේ සිත කෙමෙන් නිදහස්ව ඉහිල්ව යනු මට දැනෙන්නටවිය.

"ඔයාට යාලු ගෑණු ළමයෙක් ඉන්නව නේද? මේ..දකුණෙ ..දකුණු ඉන්දියාවෙ එක්කෙනෙක්?"

ඉහිල්ව යමින් තිබූ සිත එක්වරම යලි පොළවට කඩා වැටිණි. "මොකක්?... කවුද..කවුද ඔයාට කිව්වෙ?" වික්ෂිප්තව වහා ඇය දෙසට හැරුණු මම විමසූයෙමි.

"කිට්ටු මට කිව්වෙ"

කිට්ටු යනු මගේ මවගේ වැඩිමහල් සහෝදරිය වූ ෂිප්‍රා ලොකු අම්මාගේ දියණියයි. ෂිප්‍රා ලොකු අම්මාගේ ස්වාමියා එනම් කිට්ටුගේ පියා පම්මි ආන්ටිගේ ඥාති සහෝදරයෙකි. ඒ අනුසාරයෙන් ඩොලී යනු ලේ ඥාතීයකු නොවූවද මගේ ඥාති සහෝදරියකි. 

"කිට්ටු? කොහොමද කිට්ටු දන්නෙ?" මම විශ්මයපත්ව විමසූයෙමි. 

"ෂිප්‍රා ආන්ටි තමයි කිට්ටුට කියල තියෙන්නෙ. ෂිප්‍රා ආන්ටි දැනගෙන තියෙන්නෙ මම හිතන්නෙ ඔයාලගෙ අම්මගෙන්"

"මදැයි පුදන කොටම කාපි යකා කිව්වලු. ඒ කියන්නෙ දැන් අපේ හත්මුතු පරම්පරාවම මේ ගැන දන්නව ..එහෙම නේද?" 

"එහෙම තමයි මට හිතෙන්නෙ" ඇය සිනාසෙමින් පැවසුවාය.

"තව මොනවද ඔයා එයා ගැන දන්නෙ?"

"වෙන මොකවත් නෑ" එහෙත් ඇය පිළිතුරු දුන්නේ ඉවත බලාගත්වනමය. 

"ප්ලීස් ඩොලී මට කියන්න ඔයා දන්නෙ මොනවද කියල…" මම ආයාචනා කලෙමි. 

"ම්ම්ම්ම්ම්..මෙහෙමයි...එයා ..මම කියන්නෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොහොම ...අපි කියමු ආක්‍රමණශීලී කියල...ඒ කියන්නෙ තමන්ගෙ කැමැත්ත කොහොම හරි ඉෂ්ඨ කරගන්න ජාතියෙ කෙනෙක්...ඒ වගේම බොහොම සට කපට ..ආ..ඒ වගේම ඔයාව සම්පුර්ණයෙන් එයාගෙ කැමැත්තට හැඩ ගස්වා ගෙනලු ඉන්නෙ දැනටමත්..ඒත් දකුණු ඉන්දියානු කෙල්ලො කොහොමත් එහෙමයි නේද?"

"එහෙම ස්ථිරවම තීරණය කරන්ට ඔයා දකුණු ඉන්දියානු කෙල්ලො කී දෙනෙක් ආශ්‍රය කරල තියනවද?" 

"හිහ්..ඇත්තටම නම් මම දකුණු ඉන්දියානු අය කවුරුවත් ආශ්‍රය කරල නෑ. ඒත් එහෙමයි නේද එයාල ගැන හැමෝම කියන්නෙ?"

දකුණු ඉන්දියානු යුවතියන් පිළිබඳව කවුරුන්හෝ පැවසූවක් මත පදනම්ව එවන් අත්තනෝමතික නිගමනයකට එළඹීමෙහි අසාධාරණත්වය පිළිබඳව ඩොලීට දේශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මගේ තුන්සිතකවත් නොවූයෙන් මම මුනිවත රැකීමි.

"ඔයාල දෙන්නගෙ ඔය එෆෙයාර් එක සීරියස් ද නැත්තං නිකං ජොලියට වගෙ කරන එකක්ද?" අඩක් හිස් කල කෝපි බඳුන දෑතට මැදිකොටගෙන සෙමෙන් එහා මෙහා කරකවමින් ඩොලී විමසුවාය.

"දැං ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?" මගේ නොරිස්සුම පාලනය කර ගැනීමට තැත් කරමින් මම පෙරලා විමසුවෙමි.

"නෑ..නෑ..නෑ"..ඇය වහා හිස ඔසවා මදෙස බලා පැවසුවාය.

"නෑ..මම මේ ඇහුවෙ නිකං ජොලියට වගෙ කරන එකක්වත්?" ඇය මගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලුවාය. ඇගේ චකිතය පහ කරනු උදෙසා මම ඇය හා සුහදව සිනාසීමි. 

"ම්ම්ම්…. ඇත්තම කිව්වොත් එහෙම එක්කෙනෙක් නම් ඉන්නව" ඇගේ මුහුණ සිනහවකින් විකසිත විය. " අනේ ප්ලීස් අපෙ අම්මට එහෙම කියන්න එපා.ඔයාගෙ අම්මටවත්...අඩුගානෙ කිට්ටුටවත් කියන්න නම් එපා. "

"හරි හරි මම ඔය කාටවත්ම කියන්නෙ නෑ."

"එයා මේ පහුගිය වැලන්ටයින් දිනේට මට ලස්සන ටෙඩිබෙයා කෙනෙක් එව්ව."

"ෂහ් හරි ෂෝක්නෙ"

"මේ ඔයා කවුරුහරි කිස් කරල තියනවද? මම කිව්වෙ අර මේ ඔයාගෙ දකුනු ඉන්දියන් ගර්ල් එහෙම?" ඇය හදිසියේම විමසූයේ දෙබැම රැළි නංවාගනිමිනි.

සත්‍යය එනම් අනන්‍යා සහ මම නේවාසිකාගාරයෙහි මගේ කුඩා කුටියෙහි වසර දෙකක් එකට දිවිගෙවූ බව නොපවසා ඇයට කුමක් කිවයුතුදැයි මම මද වේලාවක් කල්පනා කළෙමි.

"නෑ" අවසානයෙදී මම පැවසුවෙමි. 

"ඒක තමයි. ඒත් මේ මම කියන කෙනා මට බලකරනව එයාව කිස් කරන්නෙයි කියල. ඒත් මට බයයි ..මම කියන්නෙ මේ බබෙක් එහෙම හම්බ වෙන්ට ආවොත් එහෙම?"

"මේ...ඔය දෙන්න ඉස්සෙල්ලම මුණගැහුනෙ කොහොමද?"

"අනේ ඒක හරිම රොමෑන්ටික් කතාවක්…." ඈ මොහොතක් දෑස් පියාගෙන උන්නාය. "එයා එක දවසක් අපේ ගෙදරට ටෙලිෆෝන් කලා. ඇත්තටම රෝං නම්බර් එකක්. එදා ඉතිං අපි දෙන්න ගොඩක් වෙලා කතා කලා. තවම අපි දෙන්න ඇත්තටම හම්බවෙලා තියෙන්නෙ එකම එක දවසයි"

"මොකක්? ඔයා මේ එෆෙයාර් එකක් ගෙනියන්නෙ වැරදීමකිං රෝං නම්බර් එකකට කතා කරපු මනුස්සයෙක් එක්කද?" 

"මෙහෙමයි. එෆෙයාර් එකක් කිව්වට එයා තවම මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්මත් නෙවෙයි. ඔයා දන්නවද ලුඩියානාවල මගෙ අක්ක කෙනෙක් ඉන්නව. එයා කසාද බැන්දෙ ඔහොම රෝං නම්බර් එකකට කතා කරපු කෙනෙක්ව. ඒ දෙන්නට දැන් ලස්සන දුවෙකුයි පුතෙකුයි ඉන්නව." ඇය විසල් කොටගත් දෑසින් යුතුව නොකඩවා කියවාගෙන ගියාය.

"නෑහ්? ඔය ඇත්තමද? …" මම ද ඊට ගැලපෙන ලෙස විදහාගත් දෑසින් යුතුව පිළිතුරු දුනිමි. 

ඉක්බිති අප අතර මද නිහඬතාවයක් පැවතුනි. 

"ඔයා මට කැමතිද?" ඩොලී හදිසියේ විමසුවාය. මම වහා හැරී ඇය දෙස බැලීමි. ඇය පසුවූයේ දෙනෙත් පහතට යොමුකොටගත්වනමය. 

"මොකක්ද ඇහුවෙ?" 

"නෑ මම කිව්වෙ ඔයා දන්නවනෙ අපි දෙන්න මෙහෙම මුණ ගස්සල මෙතනට එව්වෙ මොකටද කියල. අපෙ අම්මල බලාපොරොත්තුවෙනව අපි දෙන්න කසාද බඳියි කියල."

"ඩොලී මා එක්ක තරහ වෙන්න එපා. මට අනන්‍යා ඇරෙන්න වෙන කවුරුවත් කසාද බඳින්න විදිහක් නෑ."

"හා..ඒකයි එහෙනං එයාගෙ නම..අනන්‍යා..ලස්සන නමක්…"

"ස්තුතියි, නම වගේම එයත් ලස්සනයි. ඒ වගේම එයාගෙ ගතිගුණත් ලස්සනයි.. මම මේක සීරියස් කරන්නෙ. මට බොහොම කණගාටුයි අපෙ අම්මයි ඔයාගෙ අම්මයි එකතුවෙලා ඔයාව මෙහෙම කිසිම තේරුමක් නැති දේකට බලෙං ඇදල දැම්මට."

"ඔයා මේක සීරියස් කරන්නෙ කියල කිව්වට දැන් ටිකකට ඉස්සෙල්ල කිව්වනෙ එයාව කිස් කරලවත් නෑ කියල."

"මම ඒ වෙලාවෙ බොරුවක් ඒ කිව්වෙ. අපි දෙන්න මගෙ කාමරේ අවුරුදු දෙකක් එකට ජීවත් වුනා. හැබැයි කාටවත්ම කියන්න නම් එපා මම මෙහෙම කිව්වයි කියල හොඳද?"

"What? Like living together?" ඇගේ ඇහිබැම නලලද පසුකොට ඉහලගියේය. "ඒ කිව්වෙ? ඒ කිව්වෙ ඔයාල දෙන්න හැම දෙයක්ම කරලද ඉන්නෙ මේ වෙනකොට? "

"එව්ව ඕන නෑ. මම ඒ ටික කිව්වෙ මම ඔයාට අකමැති අන්න ඒ හේතුව හින්දය කියල ඔයාට පැහැදිලි කරන්න ඕන හින්ද. වෙන මොකටවත් එහෙම නෙවෙයි. තේරුණාද? "

"අවුරුදු දෙකක්?.... එකම කාමරේ?.... ඉතිං එයාට බබෙක් හම්බවෙන්න ආවෙ නැද්ද?"

"ඩොලී ප්ලීස් ඔය ඇති. අපි ඒ ගැන කතා නොකර ඉමු. අනික ඒ විස්තර වැදගත් නෑ කොහෙත්ම." මම පැවසූයේ කිසිවකු ඇසෙන මානයේ සිටින්නේදැයි වටපිට පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

"මට පුලුවන් ඔයාට එයාව අමතක කරවන්න…" පහත් හඬින් එසේ පවසමින් ඩොලී ඇගේ ඉඟ දක්වා දිගු කෙස් වැටිය ඉදිරියට ගෙන සෙමෙන් පිරිමදින්නට වූවාය. 

"මොකක්ද කිව්වෙ?" 

"මම දන්නව පිරිමින්ට ඕන කරන්නෙ මොනවද කියල."

"නෑ ඩොලී ඔයා ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. අනික මම තව දෙයක් කියන්නද? වැරදි නොම්මරවලින් කතා කරන අයගෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න. හරි අපි යමු එහෙනං, Thanks for the coffee, that was really great  "මම නැඟී සිටිමින් පැවසූයෙමි.

ආදරය, සෙනෙහස වැනි කිසිවකු වැදගත්යැයි නොසලකන දේ පිළිබඳව විශ්වාස නොකරන්නේනම් බොහෝ නුදුරු අනාගතයේ මේ සුඛෝපභෝගී සුවිසල් මෝටර් රියේ හිමිකරු වීමට මට නිසැකවම හැකිවන බව ආපසු ඇගේ නිවස බලා පැමිණෙද්දී මට කල්පනා විය.

"අපෙ අම්මට මම මොනවද කියන්නෙ?" ඇගේ නිවස ආසන්න වනවිට ඩොලී විමසුවාය. 

"ඔයා මට කැමති නෑ කියන්න"

"එහෙම කොහොමද? එයා අහයි මොකක්ද හේතුව කියල."

"ඔය මොනව හරි එකක් කියන්න. මම මහ බෝරිං මනුස්සයෙක් කියන්න. අලුත් සින්දු ෆිල්ම්ස් ඔය මොකවත් ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියන්න. ඔයාට කැමති දෙයක් කියන්න මට ප්‍රශ්නයක් නෑ."

"අපෙ අම්ම ඔය වගෙ හේතු පිලිගන්න එකක් නෑ."

"හරි මෙහෙම කියන්නකො. කියන්න ක්‍රිෂ් කිව්වයි කියල එයා ඔය බැංකු රස්සාව වැඩිකල් කරන්නෙ නෑ කියල. එතනිං අස්වෙලා ලේඛකයෙක් වෙන්නයි එයා හිතාගෙන ඉන්නෙ කියල ඔයාට කිව්වයි කියල කියන්නකො"

"මොකෙක්? ලේඛකයෙක්?"

"ඔව්……."

"අන්න ඒ හේතුව නම් අම්ම එකත් එකටම පිළිගනියි. අනික කොහොමත් දැන් මම දන්නව ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල."

මෝටර් රථය ඇගේ නිවසට හරවද්දි ඇය මදෙස බලා පැවසූයේ මගේ සුරත මිරිකා සිනාසෙමිනි.

Tuesday, May 10, 2016

411. මොලේ කොළොප්පං ගණින්නාන්සේලාගේ කථා වස්තුව



ආතර් සී. ක්ලාක් යනු මගේ වීරයෙකි.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ මගේ මෑණියන් විසින් ඔහුගේ "The Deep Range" කතාවේ පරිවර්තනය වූ "ගැඹුරු මුහුද" පොත මට ගෙනවිත් දුන් දවසේ සිට ඔහු මගේ වීරයෙකි.මගේ ලෝකයේ වීරයෝ වර්ග දෙකක් සිටිති. සනාතනික වීරයින් සහ කාලීන වීරයින් වසයෙනි. සනාතනික වීරයෝ වනාහී යම්තමට රටේ ලෝකේ කාරණා කාරණා සිද්ද වෙන ආකාරය තේරුම් ගත හැකිවූදා පටන් මගේ ලෝකයේ වීරයන් වූ පුඟුලෝ වෙති. 

බුදුන් වහන්සේ යනු මගේ සනාතන වීරයින්ගේ නියුමෙරෝ ඌනෝ නොහොත් අංක එකේ වීරයාය. සනාතන වීරයින්ගේ ලැයිස්තුවේ ආතර් සී. ක්ලාර්ක් මහතා ද ඇත. කලින් මා සඳහන් කල ඔහුගේ ගැඹුරු මුහුද පොතෙහි අවසානයේ එහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් ෆ්‍රෑන්ක්ලින් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පැමිණේ. 

ක්‍රි.ව. 2100 දීපමණ වන එම කාල වකවානුවෙහිදී ලෝකයෙ ප්‍රධාන ආගම් අතරින් ඉතිරිව ඇත්තේ බුදු දහම පමණකි. ඈත චක්‍රවාටයන්හි පවා ජනාවාස පිහිටුවීමට මිනිසා සමත්වන තාක්ෂණය සහ විද්යාවේ විශ්මය ජනකවූ අති මහත් දියුණුව හමුවේ දෙවියන් අදහන අනෙක් සියළු ආගම් නිතැනින්ම අභාවයට යද්දී බුදු දහම පමණක් නොනැසී පවතින්නේ ඒ වනාහී ආගමකට වඩා තාර්කික දර්ශණයක් මත පදනම් වූවක් බැවිනි.

දිවැසිවරයකු බඳු වූ ආතර් සී. ක්ලාක් මහතා විසින් එසේ පසසනු ලැබූ බුදුදහම තවත් වසර සියයක් නොව බොහෝ නුදුරු අනාගතයේදී සම්පූර්ණයෙන්ම විනාශ කොට දැමීමේ භාරදූර කාර්යභාරය ඉටු කිරීමට ඉදිරිපත්ව සිටිනුයේ මහා සංඝ රත්නය යයි තමන්ම කියාගන්නා සිවුරුකාරයින් පිරිසක්වීම මහත්ම ඛේදවාචකයක් විනා අන් කවරක්ද?

කෝට්ටේ යුගයෙන් පසු බුදු සසුන සීග්‍රයෙන් පිරිහී ගොස් මහනුවර යුගයේ මැද භාගය වන විට චාරිත්‍රානුකූලව උපසම්පදා වූ එකද භික්ෂුවක හෝ මෙරටින් සොයාගත නොහැකිවූ බව ඉතිහාසයෙහි සඳහන්ය.එකල සිල්වත් භික්ෂු පරපුර ක්‍රමයෙන් අභාවයට ගොස් මරණයක් සිදුවූ විට පාංශුකූලය දීම වන් කටයුතු පමණක් ඉටුකිරීමෙහි දැනුමැති ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වුනු බෞද්ධ පූජකයින් පිරිසක් අවසානයේ ඉතිරිවූහ.

මේ ගණින්නාන්සේලා කුටුම්භ රක්ෂණය, ගොවිතැන් කිරීම, සත්ව පාලනය යන සාමාන්යයෙන් ගිහි ජීවිතයට අයත් සියලු කටයුතුවල යෙදුනෝය. ගිහියන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම උදසා ඔවුහු දකුණු අතේ මැණික් කටුවෙහි කහ පැහැති නූලක් දවටාගෙන සිටියෝය.නාම මාත්‍රයෙන් භික්ෂූන් වූවද ඔවුහු සැම තන්හිම ගිහියෝම වූහ. ඒ දුෂ්කර සමයෙහි බුදු දහම නොනැසී පවත්වාගැන්ම උදෙසා ගණින්නාන්සේලා විසින් ඉටුකල අනූපම මෙහෙය කිසිසේත් අවතක්සේරුවට ලක් කිරීමක් මෙයින් අදහස් නොකරන බව පැවසිය යුතුය.

අද අපට දක්නට ලැබෙන බොහෝ භික්ෂූහු තම හැසිරීමෙන් මේ ගණින්නාන්සේලාද පරදවති. ඔවුහු ද ගිහියන් කරන බොහෝ දේ කරති. සමහරවිට ගිහියන් නොකරන දේ ද කරති. නැතහොත් කිරීමට උත්සාහ කරති.

මූරා වර්ගයේ හොඳින් වැඩුණු මී හරකුන් තුන් දෙනෙකුට කිසිදු අවුලක් රහිතව ෂපාන් එකේ ඇලට් එකක් ගැසිය හැකි පමණ සද්දන්ත කවිච්චියක් උඩ දෙකකුල් නමාගෙන ඉඳගෙන ඉන්නා තමං හෝවාං වී ඇතැයි තමංම කියාගන්නා පිස්සු හටනක් ජනාදිපතිට දවල්ට කෑ යුත්තේ කොහොමදැයි උපදෙස් දෙයි.මේ පහුගිය දවසක තමංගේ උපං දිනේ වෙනුවෙං මස්මාංස ආදී රස මසවුලෙං පිරි බෝජන සංග්‍රහයක් පැවැත්තුවේත් ඒ පිස්සූන් වහන්දෑමය. 

ඒ උස්සවේට සහබාගි වූවන්ට බත් බෙදන්ට හිටියේ නාඹර ගැටිස්සියංය. ඒ  සාසනේ විනාසය පිනිස ඉපදී සිටින එක් අබබ්බයෙකි. (අබබ්බයා යනු හමුදාවේ නොහොත් ආමි එකේ ස්ලෑංග් වචනයකි. හමුදාවේ ස්වේච්ඡා නිලධාරියකුලෙස සේවය කල මගේ මෑණියන්ගේ බාල මළණුවන් නිතර භාවිතා කල වචනයක් වූ එය මෑතක මට යලිත් සිහියට ආවේ අපේ විචාරක තුමා ද ඒ වචනය භාවිතා කර තිබෙනු දුටු විටදීය)

නඩුකාරයින්ට යුක්තිය පසිඳලන ආකාරය පිළිබඳ නොමිලේ පාඨමාලාවක් පැවැත්වීමට සැරසුනු තවත් එක් වහන්දෑ කෙනෙක් කූඩුවේ මාසයක් හමාරක් ලැග වදාල පසු දැන් වැඩිය සද්ද බද්ද නැත. ඒ මනුස්සයා ජපානයේ චයිත්තියක හුණු ගානව පත්තරේක පොටෝ එකක් දාල තිබුනා මට මතකයක් ඇත.

අලි පැටවුන් මේච්චලේට ගියේ තවත් එවන් ගණින්නාන්සේ කෙනෙකි. පාත්තරේද කරේ එල්ලාගෙන ඒ වහන්දෑ වැලිකඩ හිරගෙදරට වැඩම කලේ මහා වීර ක්‍රියාවක් කරන්නා සේය. බන්ධනාගාරගතව සිටියදී එතුමාට ෂර්ලොක් හෝම්ස් ආරූඪ විය. එළියට වැඩම කල විගස සෝභිත හාමුදුරුවන්ගේ මරණය සැක සහිත බව කියා මහ විසාල අඩව්වක් ඇල්ලුවේය. ඊට පසු දැන් ඒ ගැන හාහූවක් නැත. ආයෙම බන්ධනාගාරයට වැඩම කරවීමට සිදුවුවහොත් සෝභිත හාමුදුරුවන් යලි කරමතට ගනු නිසැකය.

මේ ගණින්නාන්සේලාගේ අලුත්ම ආතල් එක අර හිටපු මහරජ්ජුරුවන් වහන්සේට දී තිබුණු හමුදා ආරක්සාව මදියැයි කියා පොලවේ පස් කෑමය. මේ වැඩේට චීවරේ පිටපොට ගහගෙන ලෑස්තිවෙලා පාන්දරම කෑගහන්ට ගත්තේ අර බෙංගමුවේ උන්නාන්සේ සහ මුරුත්තෙට්ටුවේ උන්නාන්සේය. ඊට අමතරව බික්සූං 100 ක් හා ගිහියං 1000 කගෙන් සමන්විත මරාරක්සක බලකායක් හදන බවටද බෙංගමුවේ දහ අතේ දිවුරුවේය.

ඒ වැඩේටම කියල අලුත්ම නිකායකුත් පිහිටුවාගන්ට ඒ බික්සු දෙනම දැනටමත් මුල පුරා ඇත. ඒ නිකායට කියන්නේ "නීල කාස චෞර අංගාරක්ෂක නිකාය" කියාය. ඒ නිකායේ මරාරක්ෂක පාර්ශ්වය මේ හෙට අනිද්දා පිහිටුවනු ඇත. දැං ඉස්සරහට ඝොට්ඨාගේ ආරක්සාව ඉවත් කරහම ඝොට්ඨාරක්ෂක පාර්ශ්වය කියා අලුත් පාර්ශ්වයක් හදන්ටත් වෙනවාය.

ඒ අස්සෙ නාලක උන්නාන්සෙ තව අමර කතාවකුත් කියල තිබුණාය. යුද්දෙ තිබ්බ කාලෙ එතුමා බාවනා කරනකොට හතුරන්ට පහරදිය හැකි නොයෙක් යුද උපක්කරම ඉබේම හිතට පහල වුනාලු. "මම ඒ කාලෙම හිටපු ජනාදිපතිතුමාට එව්ව කිව්වා. සමහර දේවල් එතුමා ක්‍රියාත්මක කලා" නාලක තුමා එහෙමත් කියලා තියෙනවාය. අවුරුදු ගාණකට කලිං මියගිය ජෙනරල් කොබ්බෑකඩුව මහත්තයගෙ මරණෙත් එතුමා මෙහෙම අබ්බූත බලයකින් දැකල ජෙනරල්ට කිව්වලු. ඒත් ජෙනරල් ඒ කීම ඇහැව්වෙ නැහැල්ලු.

මේ ඔක්කොම විගඩං අස්සේ අපේ මහානායක කියල ඉන්න තුං හතර නමත් ඔන්න ක්සනිකව ආරක්සක විසේසඤ්ඤයො වෙලාය. රටේ ආරස්සාවට තර්ජනයක් තියෙන හින්ද මරාට දීල තිබ්බ යුද හමුදා ආරස්සාව දිගටම තියන්ට කියල එතුමලා ජනාදිපතිතුමාගෙං ඉල්ලා සිටලාය.එතුමාලා හිටපු ගමං නින්දෙං ඇහැරල වගෙ ඔය වගෙ ඉල්ලීං කරනවාය.

එක පාරක් ඔය හතර නමම එකතුවෙලා ජෙනරල් සරත් පොන්සේකාගෙන් පලිගන්න එක නවත්වන්ටෙයි කියල මරා ගොයියගෙං ඉල්ලා හිටියාය. මරා "එහෙයි අපෙ හාන්දුන්නේ" කියල සාටකේ බිම ගෑවෙන සයිස් එකට නැමිල වැඳලා කාරිය ගිහිල්ල කලේ හාංදුරුවංගෙ ඉල්ලීම තඹ දොයිත්තකට මායිං නොකර ජනරාල්ව හිරේ දැම්ම එකය. 

නුවර වැව වටේ ලොකු බේබි රේස් පදින එක නවත්තන්ඩෙයි කියල මල්වතු අස්ගිරි ඩබල කරපු ඉල්ලීමට උනෙත් ඒ සන්තෑසියමය. නාමෝල් ලොකු බේබි හිතේ හැටියට රේස් පැද්දේය. තමංගෙ ඉල්ලීමක් පඩේකට මායිං නොකල මරා ඊලඟ පාර තමං බැහැ දකින්ට ආහම අඩු ගානෙ ඒ ගැන අහන්ටවත් ඒ උන්නාන්සේලා දෙනමට කොන්දක් තිබ්බේ නැත.

මේ ඔක්කොම මල විකාර වලට හේතුව "අනේ හාන්දුන්නේ රට පාලනය කරන එක මම බලාගන්නං හාංදුරුවො සාසනේ බලාගන්ට" කියල කෙලින්ම කියන්ට අපේ එක නායකයෙකුටවත් කොන්දක් නැති එකය. අනික් අතකට රටේ බලය ගන්ට හිංගල බහුද්ද චන්ද නැතුව බැරි හින්ද පාලකයින්ටත් එහෙම කරන්ට වෙලා තියනවාය.

අවසාන වසයෙන් ගහුරව පුරස්සරව බොහොම කාර්නික ඉල්ලිමක් කරන්ට තියෙනවාය. ඒ අපේ මේ රට ජාතිය සහ මරා රැකගැනීමට නොබිය ඉදිරියට එන, පැය 72 ක් ඇතුලත පාරට බහින්ට උනත් එක පයිං ලැහැත්ති, ෂිංගලීෂ් සිකුරුටි ෆර්ම් එකේ ඩිරැක්ටර් බෝඩ් එකේ ගරුටර ෂුවාමීන්නාන්සේලාගෙන්ය.

බැංගමුව, මූරුතෙට්ටුව, හමන්තබද්ද සහ නානසාර වහන්දෑලා ගෙන් කොරනා කාරුනික ඉල්ලිමයි. 

ටමුන්නාන්ෂේලා ඕනම හිටපු රජෙකු හෝ නීල කාස හොරෙකුට සිකුර්ටි සර්විස් සැපයුවාට අපිට කමක් නැත. එතකොට දාර සයිස් සිංහාසනවල ඉඳගෙන උපාසක උපාසිකාවන්ට මෝඩ චූන් දුන්නාටද අපිට කමක් නැත. ඒ වගේම උසාවි මැද්දට පැන නඩු කාරයින්ට නඩු අහන හැටි කියා දීමට ගොස් හිරේ ලැග්ගාටද අපිට කමක් නැත. 

ඒත් පීස්, අනේ පීස් ඔය කහ කඩේ (හෝ රතු කඩේ හෝ මෙරූන් කඩේ) ගලවල දෙහිගහක වනල ගිහිල්ල ඒ නටන නාඩගමක් නටාගන්ඩය. මොකද ඔය කරන විගඩං වලිං කැත වෙන්නෙ බුද්ද සාසනේ නමය.

හාමුදුරු කෙනෙකුට දානෙ වේලක් නොදෙන තරමට අපට හාමුදුරු කියන සජ්ජාතියම එපා වෙලා හිටියත් තවමත් ගෞතම බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සීයකටත් ඉස්සරවෙලා කියා දුන් විදිහට තමන්ද බැඳීම් වලින් මිදෙමින්, විමුක්තිය සලසා ගනිමින්, අනුන්ගේ ද හිත සුව පිණිස කටයුතු කරන කටපුරා හාමුදුරුවරු යයි කිව හැකි භික්ෂූන් වහන්සේලා අතළොස්සක් හෝ තවම ඉතිරිව ඇති හෙයින් අඩුම තරමින් එතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කරන්නට හෝ සිවුර ගලවා පැත්තක තබා ඔය විගඩම් කරනු මැනව... අනේ පීස් අනේ පිස්...ටැංකිව් ඉන් ඇඩ්වාන්ස්.....


********************************


"කොහෙද මාමේ මේ හවස්කරේ යන්නෙ?" 

"අනේ ළමයො අපෙ අර නැන්දම්මගෙ පාංසුකූලෙ හෙටනෙ ..ඒකට ආරාදනා කරන්ට යනව"

"ඉතිං මෙහෙ කොහෙද යන්නෙ? පන්සල අරෙහෙනෙ…"

"පන්සලට ගියා ….ඔහෙ නෑ එක හාන්දුරුවෙක්වත්.. …"

"ඇයි?.... කොහෙ ගිහිල්ලද?" 

"හෙට මේ අල්ලපු ටවුමෙ මරා මහත්තයගෙ රැස්වීමක්ලු. පංසලේ උන්නාන්සෙල ඔක්කොම කඩු පොලු කිරිච්චි අරගෙන ගිහිල්ල එතුමාට ආරක්සාව දෙන්ට.."

"නැහ්? ජලා හුටා…. දැං කොහොමද හෙට පාංසුකූලෙ දෙන්නෙ? " 

"ඒක තමයි මම මේ යන්නෙ එස්.ටී.එෆ් කෑම්ප් එකට. එතනිං හතර පස් දෙනෙක් වත් ගෙන්න ගන්ට පුලුවන්ද කියල බලන්ට පාංසුකූලෙ එයාල ලව්ව වත් දීගන්ට බලන්ට"

Saturday, May 7, 2016

126. ප්‍රේමනීය කාලය


එක්තරා කාලයක සියලුම මිනිස් හැඟීම් සහ සිතුවිලි ජීවත් ව සිටියේ මුහුද මැද පිහිටි හුදෙකලා දූපතකයි. සතුට, දුක, දැනුම සහ තවත් නොයෙකුත් හැඟීම් සහ සිතුවිලි මෙහි ජීවත් වූ අතර ප්‍රේමයත් ඒ අතර වූ බව නොකිවමනාය.

ඒ අතරේ එක්තරා දිනෙක එම දූපත මුහුදේ ගිලීමෙන් නොපෙනී යන්නට ඉතාමත් ආසන්න බව සියලුම හැඟීම් සහ සිතුවිලි වලට දැනගන්නට ලැබිණි. වහ වහා ඔරු සාදා ගත් ඔවුහු දූපත හැර යන්නට වූහ. නමුදු ප්‍රේමය ඔවුනට එක් වූයේ නැත.

ප්‍රේමයට අවශ්‍ය වූයේ හැකි අන්තිම මොහොත දක්වා දූපතෙහි ගැලී සිටීමටයි.

අවසානය කෙමෙන් ලංවිය. දූපත ගිලෙන්න ඉතාමත් සුලු වේලාවක් තිබියදී, කාගෙන් හෝ කොහෙන් හෝ උපකාර පතන්නට ප්‍රේමය තීරණයක් ගති.

ඒ මොහොතේ ඒ අසලින් බෝට්ටුවක නැගී ගමන් කරමින් සිටියේ ධනවත්භාවයයි.

“ධනවත්භාවය! ඔබට පුළුවන් ද මා ඔබ සමග රැගෙන යන්නට?”

“සමාවන්න ප්‍රේමය! මට ඒක කරන්න බැහැ. මගේ බෝට්ටුව රන් රිදී වලින් පිරිලා ඉතිරිලා තියෙන්නේ. ඉතිං එතන නුඹට ඉඩක් නැහැ”

ඉන් අනතුරුව ඒ පසුපසින් ඇදී ආ බෝට්ටුවේ සිටි අහංකාරයෙන්, ප්‍රේමය උපකාර පැතුවත් එය සඵල නොවීය.

“මට නුඹට උදව් කරන්න බැහැ ප්‍රේමය. බලන්න නුඹ හොඳට ම තෙමිලා. මගේ බෝට්ටුව ඉවරයි නුඹ ව නග්ගා ගත්තොත්” පිළිතුර ඒ ආකාර විය.

මද වේලාවකින් සන්තාපය රැගත් ඔරුව ඒ අසලින් ඇදෙන්නට විය.

“අනේ සන්තාපය, මා ඔබ සමග රැගෙන යන්න”

“අනේ ප්‍රේමය! මම බලවත් වූ සන්තාපයෙන් පසුවෙමි. මට තනිව ඉන්නට ඉඩ දෙන්න” ශෝකයෙන් පැවසූ සන්තාපය ඉවතට ඇදිණි.

සංතෝෂය ද මද වේලාවකින් ඒ අසලින් ඇදී ගියද තමන්ගේ ම සතුටෙහි ගිලී සිටි ඇයට ප්‍රේමය තමන් අමතන හඬවත් ඇසුණේ නැත.

එක්වනම කරුණාවන්ත හඬක් ප්‍රේමයෙහි සවනත වැකිණි.

“එන්න ප්‍රේමය, මම ඔබ රැගෙන යමි” ඒ වයස්ගත කෙනෙකි.

සතුටින් ඉපිල ගිය ප්‍රේමය වහා ඒ ඔරුවට පැනගත් නමුදු අවස්ථාවේ වූ උද්වේගකර ස්වභාවය නිසා යන්නේ කොයිබටදැයි කියා අසන්නට ද ඉස්පාසුවක් නොවීය. වඩා ආරක්ෂාකාරී ගොඩබිමක් වෙත සැපත් වූ පසු ප්‍රේමය කැඳවාගෙන ආ ඒ වයස්ගත තැනැත්තිය තමන්ගේ ගමන පිටව ගියාය.

ඒ තැනැත්තියට තමන් කොතරම් නම් ණය ගැතිදැයි සිහි නුවණින් සිතා බැලූ ප්‍රේමය ඒ කවරේක්දැයි ඥානයෙන් විමසන්නට වන.

“ඒ තමයි කාලය!” ඥානය පිළිතුරු දුන්නේය.

“කාලය මා රැගෙන ආවා?” ප්‍රේමය පුදුමවිය. ප්‍රේමයෙහි සිතුවිලි වටහාගත් ඥානය මද සිනාවක් පා මෙසේ පැවසුවේය.

“ඔව්... ඒ ප්‍රේමයෙහි වටිනාකම වටහා ගන්නට කාලය තරම් වෙනත් කෙනෙකු ලොව නොවන නිසා”







පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි. (පිරික්සන්න: Love & Time)

Thursday, May 5, 2016

410. මකුළුහුයක රැඳි පිණිබිඳු...........

Google Images
ඔබ මෙතෙක් ජීවිතයෙහි දැකඇති ඉතාම චමත්කාර ජනක හිරු බැසයෑම දුටුවේ කොහේදීද? ඔබට ඒ පිළිබඳව ස්ථිර විශ්වාසයක් නැත්තේ නම් නැතහොත් එවැන්නක් දුටු බවක් මතකයෙන් ගිලිහීගොස් ඇත්තේනම් මගේ මතකයෙහි රැඳී ඇති එවන් චිත්තාකර්ෂණීය හිරු බැසයෑම් කිහිපයක් පිළිබඳව ඔබට විස්තර කිරීමට මට අවසර,

අස්තගතවීමට ආසන්න මළහිරු බටහිර ක්ෂිතිජයෙන් පහළට ගිලී යාමට ඉතාම අකමැත්තෙන් වුව සූදානම් වන අයුරක් ඔබට පෙනේ. එක් නිමේෂයකදී මුළු මහත් අවරගිර දිදුලනුයේ ජම්බූල, රක්ත සහ ලෝහිත යන වර්ණයන්ගෙනි. මේ ඇත්තෙන්ම සූර්ය දිව්‍ය රාජයාණන් දසත ඝනාන්ධකාරයෙහි ගිල්වා නික්ම යාමට ප්‍රථම තම සියළු තේජෝ බල පරාක්‍රමයන් අවසාන මොහොතේ ප්දර්ශනය කරන අවස්ථාවක් ලෙස ඔබට නිසැකව හැඟෙනු ඇත.

ඔබ සැළකිය යුතු කාලයක් වියලි කලාපයෙහි දිවිගෙවා නැත්තේනම් මා සහෘදය, මා ඉහත විස්තර කල ආශ්චර්යය ඔබ දෙනෙත් අභියස දිග හැරෙනු දැකගැනීමේ භාග්‍යය ඔබට අහිමිවන්නට බොහෝ දුරට අවස්ථාව ඇතිබව මගේ අවංක අදහසයි. 

එලෙසම ඔබ වියලි කලාපයෙහි ඔබේ මුලු දිවියම ගතකලෙකු වුවද ඔබට නිරතුරු වටාපිටාව දෙස යොමුවූ තියුණු ඇස් යුවලක්, ඔබගේ එළිපත්තෙන් ඔබ්බෙහි සෑම මොහොතකම සිදුවන ස්වභාව ධර්මයේ අපූර්වතම විශ්මයජනක ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වූ ඇස් යුවලක් නොමැත්තේනම් එසඳද මා හිතවත / හිතවතිය ඔබට මේ මන බඳිනා දසුන මඟ හැරෙනු ඒකාන්තය.

ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් දැක විශ්මයෙන් පාෂාණීභූත වන්නට ඔබ දවසේ වැඩි කාලයක් මිහිදුම් සළු හිස දවටාගත් උත්තුංග ගිරිශිඛර නැරඹීමට නුවරඑළියට යා යුතු නැත. නැතහොත් වසර මුලුල්ලේ හිරු එළියෙන් නැහැවෙමින් දිදුලන හික්කඩුවේ මුහුදු වෙරළට යා යුතු ද නැත.එසේත් නැතහොත් ඉර සේවය නමින් ලොව පුරා සුප්‍රසිද්ධ ඒ අද්වීතීය සංසිද්ධිය නරඹනු උදෙසා ශ්‍රී පාදස්ථානයට නැඟිය යුතු ද නැත.

බොහෝවිට ඔබගේම ගෙමිදුලින් මඳක් ඔබ්බෙහි අවට පරිසරය කෙරෙහි යොමුවූ විමසුම් දෑසින් යුතුව නිවී සැනසිල්ලේ මද වේලාවක් ඇවිදයාම හෝ එසේත් නැතහොත් ඔබගේ කුටියෙහි කවුළු පියන්පත් හොඳින් හැරදමා එතුලින් අවට නැරඹීම මේ සඳහා උදක්ම ප්‍රමාණවත්ය. "අහෝ, කෙතරම් මනස්කාන්ත දසුනක්ද මා නෙතු අබියසම මෙතෙක් සැඟව තිබුනේ" යනුවෙන් ඔබ ඔබටම හීන් හඬින් කොඳුරාගන්නවාට මා හිතවත / හිතවතිය, මෙන්න කැට.

දශක තුනකට පමණ පෙර මගේ ජීවිතයෙහි අරුණෝදයෙහි මම උතුරුමැද පළාතේ නැගෙනහිර මායිම අසල වියලි කලාපීය මහ වන මැද අර්ධ රාජ්‍ය වාරිමාර්ග ඉදිකිරීමේ සහ ඉඩම් අහිමි මහජනයාහට ඒ ඉඩම් ලබාදී ඔවුන් එහි නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කළෙමි.

වෙසෙසින් පැවසිම කිසිසේත්ම අවශ්‍ය නොවන බව මම දනිමි. එදවස යොවුන් විය පසුකරමින් හුන් මම අත්දැකීම් රහිත වූවකු මෙන්ම එලෙසම රළු පරළු නුපුරුදු පරිසරයක පයගසා ජීවත්වන අයුරු ඉගෙන ගන්නෙකු ද වූයෙමි. අලි මදිවට හරක් යන ගැමි උපහැරණය ඔබ අසා ඇත. එළෙසම එවකට මම මගේ ජීවිතයේ එතෙක් මුහුණදීමට සිදුවූ උග්‍රතම අර්බුදයටද මුහුණ දී විපිලිසරව සිටියෙමි. "වල්මත්වී හසරක් නොදිටිමි"' යනු සරච්චන්ද්‍ර වියතුන්ගේ ප්‍රකට නවකථාවෙකි.ප්‍රස්තුත කාල වකවානුවෙහි මගේ දිවිය ගතවූයේද උදක්ම එළෙසිනි.

මවිසින් ඉහත සඳහන් කල අර්බුදය මගේ චිත්ත සන්තානයට මතු නොව ආත්මභාවයටද මහත් බලපෑමක් කල බව පමණක් පවසා මේ අවස්ථාවෙහිදී නිහඬ වන්නට ඔබගේ අවසර පතමි.

ඒ අර්බුදය පිළිබඳ වැඩිමනත් විස්තර පැවසීම පසුවට තබා අද මම ලියන්නට අදහස් කරන මැය එනම් ස්වභාව ධර්මයේ අසිරිය පිළිබඳව ඒ අදාල වන අයුරු මෙතැන් පටන් විස්තර කරමි.

ලාබාල ගැටවර වියෙහිදී මුහුණ දීමට සිදුවූ ඒ අර්බුදය හමුවේ මම කොපමණ භාවාතිශය , ආවේගාත්මක සහ බොළඳ වූයේද යත් මගේ මිතුරන් අතර මා දිවි හානි කොට ගනිතැයි ප්‍රබල සැකයක් පැවතිබව මට කිසිසේත් රහසක් නොවිනි. එම සැකය අහේතුක බව ඔවුනට ඒත්තු ගැන්වීමට මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

පුනරාවලෝකනයේදී එවන් නිශ්ඵල ක්‍රියාවක ඡායාවක් හෝ මගේ තුන්සිතක හෝ නොපැවති බව මට සහතික කොට පැවසිය හැක. එහෙත් එදවස මා කල්ගත කල කිසිදු අරමුණක් නොමැති ගන්ධබ්බ ස්වභාවය අනුව මගේ මිතුරන් සිත්හි එවන් සැකයක් හටගැන්ම කිසිසේත්ම විශ්මයට කරුණක් නම් නොවේමය.

මා හිතවත / හිතවතිය, ඉදින් මා ඔබට පවසන්නට මේ සැරසෙනුයේ එලෙස උකටලීව,කිසිදු කටයුත්තක් හෝ කාර්යයක් පිළිබඳව ආශාවක් උනන්දුවක් රහිතව ගතකල දිවියෙන් මා මිදුනු අන්දම පිළිබඳවය.

එසේ විය හැක්කේ සැකයකින් තොරව ගෞරවනීය වැඩිහිටි ඥාතියකුගේ උපදෙස් මත හෝ එසේ නැතහොත් හදවතට සමීප ප්‍රිය මිත්‍රයකුගේ කරුණු පැහැදිලි කිරීම් මත බව ඔබ සිතන බව මම දනිමි. එහෙත් ඒ ගෞරවය; මා ඒ නරාවළින් ඉකුත්කොට ගොඩ ගැනීමේ ගෞරවය හිමිවනුයේ ඉතාමත් සාමාන්ය සහ එමෙන්ම නොවැදගත් වස්තුවකටය. එසේය, ඔබ කිසිසේත්ම යලිත් වරක් ඒ දෙස බැල්මක් හෙලීමට හෝ උනන්දු නොවන මාදිලියේ ඉතාමත් සාමාන්ය සහ එමෙන්ම නොවැදගත් වස්තුවකටය. 

ඒ වනාහී.... මකුළු දැළකි. සාමාන්‍යයෙන් ඔබ නිවසෙහි අහුමුළු අසල කොතෙකුත් ඔබ දැක පුරුදු ඉතාමත් සාමාන්‍ය මකුළු දැලකටය. "මොකක් කිව්වා?.... මකුළු දැලක්?" ඔබගේ විශ්මයෙන් දල්වා ගත් දෑස සහ කම්පිත හඬ මට මේ ලියන මොහොතේද ඇසෙන්නාක් බඳුය. "මකුළු දැලක්? මොන පිස්සුවක්ද ඒ?" ඔබ යලිත් අසනු ඇත. නැත මා දයාබරය, මම හුදෙක් සත්‍යයක්ම පවසමි. සත්‍යය මිස අන් කිසිවක් නොපවසමි. ඒ වනාහී මකුළු දැලකි. කිසිදු විශේෂත්වය නොමැති ඔබට නිතර දෙවේලේ නිවසෙහි හෝ කාර්යාලයෙහි දක්නට ලැබෙනා ඉතාම සාමාන්ය මකුළු දැලකි.

සිත් සතන් එක පැහැර ඔද්දල් කරවන අපමණ දුක් සෝ සුසුම් මැඩපවත්වා ගැන්ම උදෙසා, සියලු දුක් කම්කටොලු වලට ඒකායන ප්‍රතිකර්මය බවට ප්‍රචලිත ක්‍රියාමාර්ගයෙහි රාත්‍රියෙහි පශ්චිම යාමය වනතෙක් නිරතව සිට නින්දට වන් මම උදෑසන දහයට පමණ අවදිවූයේ සිත වෙලාගත් හිස් බව එලෙසම නොවෙනස්ව පවතිද්දීය.

අඩක් විවරවූ කුටියේ කවුළුව තුලින් ගලා ආ හිරු රැසින් දසත ආලෝකවත් වී තිබිණි.සයනයෙහි හිඳගත්වනම දෑත් හැකිපමණ විදහා ඇඟ මැලි කැඩූ මම පෙනහළු පුරවා ගැඹුරට ආශ්වාස කොට යලි හැකිපමණ සෙමෙන් ප්‍රශ්වාස කලේ රාත්‍රියෙහි නිරතවූ අවසාන සිල්පදය බිඳීමේ ක්‍රියාවලියෙහි පශ්චාත් ඵලයන් (After effects) හැකිපමණ අවම කොට ගැනීම උදෙසාය. ඒ සමඟම සෙමෙන් දෙපසටම හැකිපමණ දුරට ගෙල හරවා ගෙලෙහි මස්පිඩු පෙලෙන වේදනාව ද සමනය කොට ගැන්මට උත්සාහයක් දැරුවෙමි.

එසේ වම් පසට උපරිම වශයෙන් ගෙල හරවා කුටියේ කවුළුව දෙස එක එල්ලේ බලා සිටිද්දී එක් නිමේශයකදී ඇස ගැටුනු දසුනින් මම විශ්මය පත්වීමි.නීල, පීත, ලෝහිත සහ ස්වර්ණමය වර්ණයන්ගෙන් දිදුලන යමක් කවුළුව මධ්‍යයේ විය.

මා විශ්වාස කල මැන මා හිතවත / හිතවතිය, එම අවස්ථාවේ මම කොපමණ විශ්මය පත්වූයේද යත් ඒ චමත්කාරජනක වර්ණයන් නිකුත් වූ ස්ථානය දෙස එක එල්ලේ ඇසිපිය නොහෙලා මිනිත්තු කිහිපයක් බලා සිටියෙමි. එහෙත් ඒ ආශ්චර්යමත් සංසිද්ධිය ඉනික්බිති දක්නට නොලැබුණු හෙයින් මගේ ඒ පිළිබඳව උනන්දුව ද කෙමෙන් වියැකිණි.

ඉන්පසු මවිසින් විසඳියයුතු ගැටලුව වූයේ සයනයෙන් නැඟිට දවස ඇරඹීම හෝ යලිත් සයනයෙහි දිගාවී නින්දට පිවිසීම හෝ යටත් පිරිසෙයින් සයනයෙහි දිගාවී සිටීම යන කර්තව්‍යයන් දෙකෙන් එකක් තෝරාගැනීමය. අතීරණාත්මකවම මම එක් මොහොතකට හිස් හරවා යලි කවුළුව දෙස නෙත් යොමු කලෙමි.බොහෝවිට අචේතනාන්විතව මට අවශ්‍ය වන්නට ඇත්තේ මොහොතකට පෙර දුරු ඒ අසිරිමත් දසුන යලි දැක ගැන්මට විය හැක.

දෛවෝපගතව නියමවූවක් හෝ එසේ නොවන්නේනම් තවමත් මට වටහාගත නොහැකි යම් දෙයක් විය හැක. ඒ කුමක් හෝ වේවා මම කවුළුව දෙස නෙත් යොමුකල ඒ මොහොතේම නිමේශයකට පෙර මා දුටු ඒ අසිරිමත් දසුන යලි දිස්වන්නට වූයේය. වියයුතු ලෙසම තවදුරටත් මට මගේ ක්‍රමයෙන් වර්ධනය වන කුතුහලය මැඩපවත්වා ගත නොහැකිවිය.එදෙස යොමුකොටගත් දෙනෙත් ඉවත් කොට නොගෙනම මම සයනයෙන් නැඟීසිට කවුළුව වෙත සෙමෙන් පියවර තැබුවෙමි.

කවුළුව වෙත කුතුහලයෙන් පිරි සිතින් යුතුව ළඟාවූ මම දුටුවේ විශේෂයෙන්ම වඳුරන් වන් කරදරකාරී සතුන් කුටියට ඇතුළුවීම වළක්වනු වස් ජනෙල් රාමුවට සවිකොට තිබූ යකඩ කොටු දැලෙහි (Welded mesh) ඉහළ සිට පහලට ඇද තිබූ මකුළු දැළකි. එසේය එහි වූයේ ඔබ නිතර දෙවේලේ දැක සුපුරුදු කිසිදු විශේෂත්වයක් නොමැති සාමාන්‍ය මකුළු දැළක් පමණකි.

මකුළු දැළෙහි වූ අරීයව විහිද ගිය සිහින් හුය සහ ඒ හා බැඳුනු හරස් හුය සියල්ලෙහිම කුඩා මුතු ඇටවන් පිණි බිඳු එල්ලී තිබිණි.ඒ පිණි බිඳු හුයෙන් ගිලිහී පහතට වැටෙන්නට ඉතා ආසන්න, එහෙත් මකුළු හුය අතහැර ගිලිහෙම්දෝ නැතහොත් තවත් නිමේෂයක් හුයෙහිම එල්ලී සිටින්නෙම්දෝයි තීරණයක් ගත නොහැකිව විපිලිසරව පසුවන්නාක් මෙන් මට සිතිණි.

සෙමෙන් සැලන පිණිබිඳු දෙස දැඩි උනන්දුවකින් මම බලා සිටියදී මෙම සංකීර්ණ නිර්මාණයෙහි හිමිකරු මෙන්ම නිර්මාපක ද වූ ඒ කුඩා සත්වයා තව දුරටත් සැඟව සිටීමෙන් ප්‍රයෝජනයක් නොවන බව එක්වනම වැටහුනු නියා සෙමෙන් ඉදිරියට ඇදී ආවේය. ඕ තොමෝ පළමුව කෝල බවකින් යුතුවද පසුව ස්ථිර සාර පියවරින් යුතුවද මකුළු දැලට පිවිසියාය. (මකුළු දැල් වියනුයේ බොහෝවිට ගැහැණු මකුළුවන් එනම් මැකිලියන් විසිනි )

ඇගේ සියුමැලි පාද මකුළු හුය මත ගැටෙද්දී දැල පුරා විහිද ගිය කම්පනය ඉතාමත්ම සුළු වූවද ඒ ඉතා අඩමාන ලෙස එල්ලී සිටි පිණි බිඳු හුයෙන් ගිලිහීමට තරම් ප්‍රමාණවත් විය. පහතින් පිහිටි හුය මතට ඇද වැටුනු ඒ පිණිබිඳු හේතුකොටගෙන ඒ හුයෙහි රැඳී තිබූ පිණිබිඳු ඊටත් පහළින් පිහිටි හුය මතට ඇද වැටිණ.

මේ චමත්කාර ජනක සිදුවීම මෙසේ රඟ දැක්වෙද්දී හිරු දෙවි තෙමේද ඒ නැරඹිය යුතුයැයි ඉටාගත් සෙයකි. මෙතෙක් වළාකුලක් පසුපස සැඟව හුන් හෙතෙම එක්වරම ඊට ඉහළින් එබී බැලීය. හිරුමඬලින් නිකුත්වුණු කිරණ කදම්බයක් අපරිමේය දුර කතර ගෙවා සැණෙකින් රිදීවන් හුයෙන් හුයට පතිත වෙමින් ඔවුනටම ආවේණික සරඹ ක්‍රීඩාවක නිරතව හුන් පිණිබිඳු මත පතිත වූයේ පිණිබිඳු විනිවිද ගොස් ඒ නොයෙක් වර්ණයන්ගෙන් බැබලවූයේය.

"හෙහ්..එතකොට අර ඉස්සෙල්ල මම දැක්කෙ මේකයි එහෙනං" විශ්මයපත්ව හිස දෙපසට සොළවමින් මම මටම කොඳුරා ගතිමි.

මා දයාබර හිතවත/ හිතවතිය ඔබට සත්‍යයක්ම පවසමි. ඒ අපූර්ව මැකිලිය මා ඈ දෙස බලා හිඳිනා බව මතු නොව මගේ සිත පෙලනා දුක් සන්තාපයන් පිළිබඳව හොඳින් දැන ඒ අරභයා යම් පිළියමක් යෙදීමට ඉටාගත්තාක් මෙනි. ඇය මකුළු හුය මත නර්තනයක යෙදෙන්නන්ට වන්නීය.ඒ නර්තනයක් ලෙස හඳුන්වනු විනා වෙනත් විකල්ප සුකර නාමයක් මම නොදනිමි හිතවතුනි. ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නර්තනයකි. එසේය, ඇය කරකැවෙමින් පාද සලමින් නර්තනයේ යෙදුනීය.අයාගත් දෑසින් යුතුව මම ඇය දෙස බලා හුන්නෙමි.

මකුළු හුය එදින ඇගේ රංග පීඨිකාව විය. හිරු එළිය පතිතව නානා වර්ණයන් ගෙන් සමලංකෘතව සුදිලෙන පිණි බිඳු කුඩා මරකත, නිල්කැට,රතුකැට සහ පද්මරාග බඳුව දිලිසෙමින් හුයෙන් හුයට ඇද හැලෙද්දී ඇය නර්තනයෙහි යෙදුනාය.

මම සිටි පියවර වශීකෘතව ඇගේ චිත්තාකර්ශනීය රංගනය නැරඹීමි. හිතවත / හිතවතිය, මා විශ්වාස කරනු මැන, වදනින් විස්තර කල නොහැකි හැඟුම් සමුදායකින් මසිත කෙමෙන් පිරෙද්දී මෙතෙක් මා පෙලූ උකටලී භාවය නොහොත් ජීවිතය ගැන වූ ආශාවන් ප්‍රහීන කල ස්වභාවය ඉන්දරජාලයකින් මෙන් මවෙතින් උක්තව ඉවත්ව යනු මට සැබැවින්ම දැණිනි.

එසේය එම මොහොතේ මට නුවණැස පහළ විය. අතීතයේ සිදුවූවක් වේද ඒ නිසැකව අතීතයට අයත්ය. කුමක් වූවද එය සිදුවී අවසානය. කල්පාවසානය තෙක් ඒ පිළිබඳව දුක්වුවද එය කෙසේවත් වෙනස් කල නොහැක. එබැවින් මම මේ කුමක් කරන්නේද? දෙවියන් විසින් දුන් ත්‍යාගයක් බඳු මගේ ජීවිතය මලගිය අතීතයක් වෙනුවෙන් වැළපෙමින් ගෙවා දමන්නේ මන්ද? ජීවිතයේ අපට විඳින්නට තව කොපමණ දේ පවතීද? එසේ හෙයින් ජීවිතය විඳීම වෙනුවට විඳවීම තෝරාගන්නේ කුමන හෙයින්ද? 

ඉතින් මාගේ හිතවතුනි / හිතවතියනි කථාවේ අවසානයට අප පැමිණ සිටින්නෙමු. එදින ඒ මොහොතේ සිට මට කිසිවිටෙක යලි මකුළු දැලක රැඳි පිණි බිඳු රැසකින් පාඩම් ඉගෙන ගැන්මට සිදු නොවීය. මගේ හිතවත් ඒ මැකිලිය පළමුවරම ඒ පාඩම මසිත ගලේ කෙටූ අකුරක් මෙන් නොමැකෙන පරිදි කියාදුන්නාය. එලෙසම ඉන්පසු එවන් අර්බුදයන්ට මුහුණ දීමට මට සිදුවූ සෑම මොහොතකම මම ඇය සහ ඇගේ නර්තනය සිහිපත් කොට ගතිමි. ඔබට බොහෝසේ ස්තූතියි. මා හිතවතිය.

එම කුටියෙහි මම ඉන් අනතුරුව ද වසර දෙකක පමණ කාලයක් වාසය කල මුත් කිසිම දිනක මගේ හිතවතියගේ නර්තනය හෝ පිණිබිඳු මිණි කැට මෙන් උදෑසන හිරු එළියේ දිළිසෙමින් හුයෙන් හුයට ඇද වැටෙනු නොදුටුවෙමි. බොහෝවිට එම සිද්ධිය ජීවිතයේ එක වරක් පමණක් දක්නට ලැබෙන්නක් විය හැක. එකවරක් දුටුවහා ඉන් පාඩමක් ඉගෙන ගත නොහැක්කෙකු හට නැවත නැවත එම දර්ශනය පෙන්වීමෙන් පලක් නොමැතිබව මේ සියල්ල මෙහෙයවන්නකු කොතනක හෝ සිටීනම් ඔහු හෝ ඇය සිතනු විය හැක. යටත් පිරිසෙයින් මම එසේ සිතන්නෙමි. 

එලෙසම මේ සියල්ල මගේ සිතේ මැවුනු සංකල්පනා ද විය හැක. සිතට / මනසට එපමණ විශ්මය ජනක පෙළහර පෑ හැකි බව මම පළමෝත අත්දැකීමෙන් දනිමි. කෙසේ හෝ එයින් අපේක්ෂිත ප්‍රථිඵලය එළෙසම ලැබුණු බව නිසැකය. ඉතින් මගේ හිතවතුනි / හිතවතියනි ඒ හොඳහැටි ප්‍රමාණවත් නොවේද?

Thursday, April 28, 2016

409. You Need Only To Keep Your Eyes Open…Everything Around Us Is Definitely A Miracle

From Google Images

Where have you seen the most amazing sun set of your life? If you are not sure or can't remember let me describe the most breathtaking sun sets I have ever seen. 

When the dying sun which before dipping below the horizon, most reluctantly it seems to be, turns entire shimmering western sky surrounding him to brilliant purple red and crimson hues in a whiff. This surely must be the sun going down in all his glory. If you haven't lived some time in dry zone in my opinion you couldn't possibly have seen that amazing miracle materializing right before your own eyes.

Even if you have lived all your life in Dry zone you may not have observed this truly awe inspiring spectacle; the pyrotechnics of nature if you don't have a keen and observant eye tuned constantly to wonders of nature that are taking place right outside your threshold every minute, every hour and every day.

To be totally intoxicated, flabbergasted and completely astonished by wonders of nature you don't really need to visit mist covered hills of Nuwara-Eliya. Or lie on sparkling beaches of Hikkaduwa.Or climb Adam's Peak to be in time for that renowned phenomenon called " ඉර සේවය. " 

More often than not it would be more than enough just to take a leisurely walk through your garden or look through your window to wonder and mutter to yourself "Oh dear, what am I missing right under my nose."

About three decades back I was stationed on the eastern boundary of north central province right in the middle of dry zone jungle working attached to an irrigation and settlement project. Obviously I was an inexperienced youth just trying to find my feet in life in an alien environment. 

To top it all " අලි මදිවට හරක් " as that pithy Sinhala proverb describes aptly, I was going through a severe crisis in my life for good measure. Suffice it to say that aforesaid crisis was a matter related to heart and soul than the body. Keeping elaborating further regarding that crisis to another day let me tell you about the relevance of that crisis to what I am writing about today i.e. wonders of nature.

I was so naive, impulsive and emotional at that particular time my friends actually feared for my life. I had a real hard time convincing them that I am not likely to do something so drastic. In retrospect I am sure that taking my life didn't cross my mind at all but I can't blame my friends for thinking so considering the mindless state that I found myself inexorably drawn into.

Well let me tell you how I finally overcame that melancholy state of mind that I had immersed myself, by my own free will. Generally you would have thought that it has to be from some sound advice from a respected relative or from a close to heart friend. But not to be in my case. 

Believe it or not it was the most mundane object you can ever think of. A spider web...."What? A spider web?" I can almost hear your shocked voice..."A spider web? you crazy or some thing?" No. my dear friends, it is the truth, the whole truth and nothing but the truth.

After a night of trying in vain to draw my sorrows in that so called remedy for all, I woke at around ten in the morning feeling like hell to find myself immersed in white sunlight streaming through my half open window. Sitting up on my bed and stretching myself to get some life into my still sleepy arms and legs I turned my neck slowly one way then the other breathing deeply and exhaling even deeply to get toxic remnants from last night out of my system.

Just when I had my neck fully stretched to left looking right at the window that something unusual happening there caught my eye. It was something shining in brilliant hues of blue, yellow, purple and even gold.

I was so astonished that I kept staring at that very spot from where that numerous rays of color emanated. But it seemed to be a one off phenomena because I could not discern anything extraordinary thereafter. Presently I was in a quandary being undecided whether to get up and go about starting my day or to lie back again on the bed and go back to sleep or at least just lie there hovering on the border of slumber land.

Still undecided, just for a single moment I turned my head and looked again at the window. May be unconsciously I was still searching for that extra-ordinary thing that happend just a little while ago. By providence or something else I am yet to understand, at that very moment that brilliant light in numerous hues again decided to show itself in all its glory. Naturally I could not restrain myself and wearily but with an increasing curiosity got up and approached the window, where all this amazing display is taking place.

When I reached the window there was nothing remarkable there but an ordinary spider's web stretched vertically on the welded mesh fixed to the window frame to prevent animals coming inside and wreaking havoc. Especially those annoying pests, monkeys. And there were tiny dew drops hanging like pearls from every string of the cob web just on the brink of dropping but like they were unable to make up their mind whether to drop or to hang there a little more.

I was curious and waited there watching the dew drops when the owner and creator of this intricate design came in to view, tentatively at first and then more sure of herself. (Usually only the females of the species make webs) The vibrations caused by her passage although very insignificant were more than enough to cause those dew drops hanging precariously on strings to fall off one by one. they fell on the lower string and caused dew drops already there to fall off to the rung right beneath. 

I was watching this spectacle engrossed when the Sun decided to come out from a cloud and a burst of sunshine came through and shone right on the spider's web making the dew drops dropping from one string to another shine brilliantly in a unworldly sheen.

"Ohh..so this is what I saw" I murmured shaking my head in amazed wonder.

And you know what? It was as if that spider knew I was watching and may be even how depressed I was and decided to do something about it. It sure looked like that. She started dancing away on the web; it sure was dancing because I don't know any other word to describe whirls, spins and gyrations she performed on that web that day.

And she danced her way from one end to the other of her web with dew drops falling like little gems all the way sparkling like tiny sapphires, rubies, garnets and emeralds.

I watched her superlative performance mesmerized with wonder and a sense of fulfillment seeping through and filling me up. Would you believe my dear friends that all that listlessness and all that melancholy that was distressing me just went away as if by magic. 

Yes I thought, what the hell am I doing just loafing around bring despondent about some thing that has already happened and done with that definitely belonged to my past. There are so much more amazing things to do in life, so much more exceptional and beautiful vistas to behold instead of just being foolhardy and wasting away a life that's God given.

Well my dears that’s it, I never looked back from that day onwards and I always remember that little spider and her web when some crisis comes upon my life.

I never saw that amazing sight again, dew drops shining brilliantly like little gems falling off from one strand to another but some times I think may be it was the way it meant to be. I mean it happened once with a purpose or else what happened that day was only in my mind. Well my dears, who knows? however it happened it definitely served it's purpose. Isn't it enough?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...