Monday, March 15, 2010

38. රනුලිමා චින්තනි නම් වූ ඇය.........

සැමි ගැන ලියවිල්ල මදකට පැත්තකින් තබන්නට සිදුව තිබේ. ඒ වෙනත් දැයක් පිළිබඳව ලිවීමට සිදුව ඇති නිසාවෙනි.

දැනටමත් යම් තරමකට ප්‍රමාද වී ඇත. එහෙත් සම්පූර්ණයෙන් ප්‍රමාද නැත. එබැවින් සැමි ගැන ලියවිල්ල පසුව ලියන අටියෙන් අද දින මේ ලියැවිල්ල ලියන්නට සිතුවෙමි.

***********************************************************************************

ඇය................................

අමුතුම කෙනෙකි.

හමන සුළඟ සමග ද සිනාසෙයි. නිතැතින් දුටුවන් මුව සිනා උපදවයි.

කෙනෙකුගේ දෙදෙනෙකුගේ සුව නින්දට බාධා ඇති කලද කිසිවෙකු ඈ හා අමනාප නොවන්නේමය.

ඇය....................................

බොහෝ දෙනෙකු අළුතින් ඉපැද්දුවාය.
බොහෝ දෙනෙකුට උසස්වීම් පිරිනැමුවාය.
සමහරෙක් නැවත ඉපැදුනෙත් ඈ නිසාවෙනි.

එබැවින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නීය.

ඇය...............................

මාවත් දෙකක් එක්වූ තැන බිහි වූවාය. ඒ මාවත් වාසී සියලු ම දෙනා පියවරකින් ඉදිරියෙන් තැබුවාය.

ඇය...............................

අවශ්‍යයෙන්ම දෙදෙනෙකුගේ ජීවිතය වී හමාරය. ඒ දෙදෙනාගේ මුළු මහත් අනාගතයම ද වී හමාරය.
ඒ දෙදෙනා නම් අප දෙදෙනාය.

ඇය නම් .........................ඔව් ඔබ අනුමානය නිවැරදිය සබඳ.


පසුගිය මාර්තු 07 වන දිනට සවැනි මස සම්පූර්ණ කල අපේ සිඟිති දියැණියයි ඇය................










********************************************************************************
පසු ලිවීම

හුදෙක්,

බිරිඳක් සැමියෙක් පමණක් වූ අප දෙදෙන මව්පියන් ලෙසින් ඉපැද්දුවේ ඇයයි.

අම්මා තාත්තා යන තනතුරේ සිටි අප මව්පියන් හට මිත්තණියන් මුත්තණුවන් යන තනතුරු පිරිනැමුවේ ඇයයි.

අපගේ සොයුරු සොයුරියන් පමණක් වූ ඔවුන් හට වඩා ‍වගකීම් සහිත වූ උසස් තනතුරු පිරිනැමුවේද ඇයයි.

එබැවින් ඇය අප සියලු දෙන ‍මිටින් ගෙන පියවරකින් ඉදිරියෙන් තැබුවා නොවන්නේද?

ඉදින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නේමය.

36 comments:

  1. අ‍නේ... හරි හුරතල් කෙලි පැටියෙක්..! අම්මා වගේ නේ???

    ReplyDelete
  2. සිරිමා බෝ මැඩ...
    මුනිඳුන් වැඩ සිට...
    දස මර සේනා දිනූ බෙලෙන්...
    ජයපැන් කරඬුව දෝත දරා...
    හිඳින්න දූ කුමරී...

    ReplyDelete
  3. දූ සිඟිත්තට අපෙනුත් සුබ පැතුම්. කෙල්ල අම්මා වගේ කියලයි මට නම් හිතෙන්නේ.

    හිතට දැනෙන මේ සංවේදී ආදරණීය සටහන් දකිද්දි මට හිතෙන්නෙ අක්කා ආදරය නිසා ලේඛිකාවක් වෙච්ච කෙනෙක් කියලයි.

    ReplyDelete
  4. කෙලි පැටියට දිගු ගමණකට ආසිරි..!

    ReplyDelete
  5. ඔබ නිවස සිරිනිවසක් කළ පුංචි දියණියට තවත් සියවසකට මගෙන් දිගාසිරි!!

    ReplyDelete
  6. "ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ
    යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ
    සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා"
    කෙලි පැටියට වාසනාවන්ත හෙටක්

    ReplyDelete
  7. මට වාසනාවන්
    මගෙ ජීවිතේ වන්
    පොඩි දූ කුමාරී
    ඔය පුංචි දෑසින්
    කිරි පුසුඹ දෝතින්
    සුරතල් වූ ටිකිරි මුවේ
    විදහා බලාලා අම්මා කියාලා
    හිනැහෙන්න ඕනී දුවේ

    ReplyDelete
  8. අක්කේ,
    ඔයා නම් මං ගැන අහලවත් නැතුව ඇති.
    ඒත් මේ කෙලි පොඩ්ඩිට සුබාසිරි දෙන්න මේ මලයටත් ඉඩ දෙන්න ..

    ReplyDelete
  9. ප.ලි.

    මං මේක කියෙව්වේ කොහේදිද කියල නම් මට මතක නෑ...
    ඒත් ගැහැණියක් උතුම් වු මව් පදවිය දක්වා ඔසවා තබන එක ගැන කියවෙන මේ කව මට කවදාවත් අමතක වෙන්නෙ නැති තරම්
    “මලක් පිපුණු බැවින්
    මගේ නව ලිපිනය
    වල නොවේ විල ...“
    ඔබත් ඒ උතුම් පදවිය තෙක් ඔසවා තබපු පුංචි රන්ලිමා ට මං මගේ මුළු හිතින්ම ආශිර්වාද කරනවා...

    ReplyDelete
  10. දියණිය නිසා ඔබ වසනාවන්ත මවක් වුනු බැව් කල උදාන කතාවෙන්ම දැනේ. වාසනා වේවා. ජය සතුට සම්පත නිරෝගී සුව පිරි හෙට දවසකට සුභ පැතුම්

    ReplyDelete
  11. @ මම, මලී, හෙලයා, මධුර, චතුරංග,

    ස්තුතියි ඔබ සැමට

    ReplyDelete
  12. @ පැඟිරා & දයියා,

    බොහොම පිං ඒ වගේ අපේ දූට ආශිර්වාද කලාට. සැම දූ දරුවන් හට එසේම ආශිර්වාද වේවා!!!

    ReplyDelete
  13. @ sansarasidu,

    මම ඔයාව කියවලා තියෙනවා තිස්ස අයියාගේ දුකා අයියාගේ ලිපිවල කොමෙන්ට්ස් වල. ස්තුතියි සුභ පැතුමට මල්ලී.

    @ මනුසත්,

    "වාසනා වේවා. ජය සතුට සම්පත නිරෝගී සුව පිරි හෙට දවසකට සුභ පැතුම්"

    වාසනා වෙලා ගොඩක් කල් මනුසත්. දූගේ තාත්තිගේ නම වාසනා. :-)
    ස්තුතියි සුභ පැතුමට

    ReplyDelete
  14. @ රවේන්,

    මල්ලී යම් තරම් දුරකට නිවැරදියි. හැබැයි පාසල් යන කාලේ ඉඳන්ම මට යම් තරමකට ලිවීමේ හැකියාව තිබුනා මම හිතන්නේ. ඒත් මේ ආදරය මගේ හැකියාව වඩා මුවහත් කලා කිව්වොත් හරි මම හිතන්නේ. අනෙක් අතට මෙතෙක් කල් කඩදාසි කොල වලට සීමා වුනු ඒ දේවල් මේ විදිහට ඔබ සැම සමග බෙදා ගන්න උපකාරි වුනු බ්ලොග් ඒ හැකියාව ඔපමට්ටම් කලා වගෙයි.

    ස්තුතියි සුභ පැතුමට මල්ලී

    ReplyDelete
  15. මම චූටි නංගියාට සුභ පතනවා ජය වෙවා කියලා.

    ReplyDelete
  16. හැමෝගෙම ලෝකෙට වාසනාව අරන් ආපු චූටි දුවගෙ ලෝකයත් හැමදාමත් වාසනාවෙන් පිරේවා!!!!

    ReplyDelete
  17. කොට්ටප්පරි රතනසාර...! මට දිටම පැඟිරා කියන්නද යන්නේ... ජිල්මාට් එකක් දාලා කැම්පස් එකේදී එම කාඩ් එකෙන්ම ගැලවුනා... බේරිල්ලක් නැතිගානයි... මේ පිරිමි ලමයි කොච්චර හොඳද අප්පා...!

    ReplyDelete
  18. කොට්ටප්පරි රතනසාර...! ??????

    ඒ මොකද්ද පැඟි අයියේ ඒ?????????

    ReplyDelete
  19. @ මධූ & මිහිරි,

    ස්තුතියි ඔබ දෙපලටත්

    ReplyDelete
  20. කෙලි පැටික්කි හරිම හුරතල් අක්කෙ....... සුබ පතනවා අනාගතේට.... අක්කගෙයි අයියගෙයි ආදරේ ගැන කියවල මේ ලිපිය කියවද්දි හිතුන පුංචි එකී හරි වාසනාවන්තයි කියල......

    ReplyDelete
  21. @ විශ්මි,

    මටත් එහෙම හිතෙනවා නංගී. කෙල්ල "වාසනා"වන්තයි. "වාසනා"ගේ දූ වීමම "වාසනා"වක්.

    ReplyDelete
  22. අර "සබඳ පබිලිස්" ටෙලි නාට්‍යයේ ජයලත් මනෝරත්නගේ කටේ නිතරම තියෙන්නේ... "කොට්ටප්පරි රතනසාර'... අපේ මාමා කෙනෙක් ගේ කටේත් තිබුනා ඔයිට සමාන දෙයක් "හුටප්පරි ජාලං - දහ දෙනෙකුට තුවාලයි"...

    මාර කෑලි නේ...?

    ඒ පාර ඒකත් කොට කරල...
    අනේ අම්මාපල්ල - හහ් "පැඟි අයියා"

    ReplyDelete
  23. @ පැඟී අයියේ,

    මමත් බැලුවා ඒ කථාව. ඒ වුනාට ඒ වචනේ මතක නැහැ.

    ගණන් ගන්න එපා අනේ. නරකද හුදී ජන පහන් සංවේගය උදෙසා ඔයාම ඒ නම දාගත්තා නම්. :-)

    ReplyDelete
  24. කෙනෙක් සම්පූර්න වෙන්න කසාදයක් කර ගන්න ඕන කියන එක ඇත්තක් කියලා හිතෙනවා ලිපිය කියෙව්වම

    ReplyDelete
  25. akke mamath suba pathanawa chuti nangiyata.ජය සතුට සම්පත නිරෝගී සුව ඇති වෙවා අපේ චූටියට

    ReplyDelete
  26. @ Aruna & Priyantha,

    Thanks for visiting my site and wishing our baby

    ReplyDelete
  27. සිතුවිලි අතරින් කුමක් ලියන්නද
    ආදරය පිරි ඔබගෙ බ්ලොගේ

    තවත් සොහොවුරෙක් එනතෙක් නොව සදාකාලිකවම චූටි පැංචිට මේ ආදරය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  28. @ තනෝජා අක්කි,

    ඔව් අක්කි, ඒ නිසාම දුට අවුරුදු 4ක් වත් වෙනකම් මල්ලි බබෙක් හරි නංගි බබෙක් හරි එන්නේ නැහැ කිව්වාලු

    ReplyDelete
  29. අහා වාසනා රන්දිල් නංගිට ලබා දුන්නු වාසනාව. අනේ වාසනාවන්.

    කෙල්ල නම් හරිම ශෝයි අප්පා.

    මේ අපේ විරුල් කොල්ල ට අර තනෝජාත් කියනවා ඉක්මනට නංගි බබෙක් දෙන්න කියලා . ..

    ඔයාලගේ මේ පින්තූර දැක්කාම දෙමුද කියලත් හිතෙනවා ඒත් අර අවුරුදු 4ක් යනකම් මේ කෙලි පැටික්කිට මල්ලියෙක් ගේන්න එපා කියලා ඔයාට කියපු කෙනා අපිටත් කිව්වා ඒ කතාවම.

    හික් හික්

    ReplyDelete
  30. @ සතුටා,

    ඇට් ලාස්ට් යූ කේම්. ථ-)

    අයියන්ඩිගේ කොමෙන්ටුව නැතුව හරි නැතුව හිටියේ.

    දැන් හරි.

    ReplyDelete
  31. ane samaweyan nangiye . . . . pahugiya tike ambaanaka wada . .

    ReplyDelete
  32. Dear Randil,

    Just teach her to be sensitive to pain & suffering of others.

    Just teach her to fill her heart with love always for every one.

    My Best Wishes,

    By the way, I just saw that "Lunch Packet in Kottamba Kola " Post.
    Wede Kathai Honde

    ReplyDelete
  33. @ සතුටා,

    දන්නවා දන්නවා මේ දවස් වල බිසි කියලා. ඇයි ඉතිං මඩේ දම දමා හෝද හෝද නේ ඉන්නේ නේද? ථ-)

    @ RAVI,

    sure I will teach her things you mentioned.

    ;-D

    Kottamba kole lunch packet gena kiwwata eka katada une kiyala mamanam ehema kiwwe nehe. Dan nam hebei kattiya dena gani man hitanne katada une kiyala. :-D

    ReplyDelete
  34. http://randil.myblog.lk/2009/05/04/%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%AD/

    මෙන්න කොට්ටම්බා කොලේ බත් පැකට් එකේ කතන්දරේ.

    මේක හැබැයි අපේ office එකේ නෙමේ වුනේ. මෙතන ඉන්න කාටවත්මත් නෙමෙයි වුනේ. :D

    ReplyDelete
  35. වාසනා වේවා! ලස්සනට ලියල තියෙනවා අදහස. :-)

    ReplyDelete
  36. @ ශාකුන්තල,

    ස්තුතියි මල්ලී

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...