Tuesday, January 18, 2011

ඔබ ලෝක විනාශය ඇති කරයි (ද?) [Chaos Theory - ව්‍යාකූලතා න්‍යාය]

ඉදිරි අඩ හෝරාව ඔබ ගත කරන ආකාරය අනුව ලෝකය විනාශ වනවා ද නැද්ද යන්න තීරණය විය හැක, so, what's your decision?, take your time because so much depends on it,

මෙහෙම කිව්වොත් ඇත්තටම බයක් හිතෙනව නේද? ඒ උනාට ඇත්තටම එහෙම දෙයක් වෙන්ඩත්, ඒ කියන්නෙ මම මේ කියන්ඩ යන කතාව ඇත්ත වෙන්ඩත්, හොඳටම ඉඩ තියෙනවා,

Chaos Theory කියල එකක් අහල තියෙනවද?, සිංහලෙන් නම් ව්‍යාකූලතා න්‍යායය, වර්තමානයේ නව දැනුම උදෙසා කෙරෙන පර්යේෂණ අතර වැදගත්ම තැනක් ගන්නෙ මේ ව්‍යාකූලතා න්‍යාය ගැන කෙරෙන සොයා බැලීම්,
http://en.wikipedia.org/wiki/Chaos_theory


The flapping of a single butterfly's wing today produces a tiny change in the state of the atmosphere. Over a period of time, what the atmosphere actually does diverges from what it would have done. So, in a month's time, a tornado that would have devastated the Indonesian coast doesn't happen. Or maybe one that wasn't going to happen, does. (Ian Stewart, Does God Play Dice? The Mathematics of Chaos, pg. 141)

මේ විදිහට තමයි ව්‍යාකූලතා න්‍යාය ගැන සරලව පැහැදිලි කරන්නෙ, ඒ කියන්නෙ අපි හිතමු කොහෙ හරි, ගාල්ලෙ කියමුකො,සමණලයෙක්ගෙ තටු සැලීම නිසා අවකාශයේ ඇතිවන ඉතාම කුඩා වෙනස නැත්නම් බලපෑම කාලයත් සමඟ ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ල මාසෙකට පස්සෙ ඉන්දුනීසියාවෙ ඇතිවිය හැකි කුණාටුවක් ඇතිවෙන්නෙ නැහැ, අනික් අතට ඒ බලපෑම නිසාම කුණාටුවක් ඇතිවෙන්ඩත් පුලුවන්,

ජීවිතෙත් ඔයාල හැමෝටම මම හිතන්නෙ ඔය වාගෙ අත්දැකීම් ඇති, ඒ සිදුවීම් ගැන අපි එහෙම නොහිතුවට මේ කාරණය හිතේ තියාගෙන ආයෙම පාරක් කල්පනා කලාම එක මොහොතක සුලු සිද්ධියක් නිසා අපේ ජීවිතේ කොපමණ වෙනසක් වෙන්ඩ පුලුවන්ද, වෙලා තියනවද, එහෙමත් නැත්නම් වෙන්ඩ ඉඩ තිබුනු වෙනස් කමක් උනේ නැද්ද කියලා හිතෙනව නේද?

සමහර විට, විවාහයක් දෙදරා යන්න, දරුවො දෙමව්පියො සදාකාලිකව ඈත් කරවන්ඩ, සහෝදර සහෝදරියො ජන්ම වෛරක්කාරයො වෙන්ඩ එක සුලු වචනයක්, එක සිද්ධියක් හොඳටම සෑහෙනවා, මම මේ කියන්නෙ ඒ සුලු වචනෙ නැත්නම් සිදුවීමම නෙවෙයි ඒකට හේතු කාරක වෙන්නෙ, ඒක තමයි මූලාරම්භය, අර මුලින් කිව්ව සමණලයගෙ පියාපත් සැලීම තමයි මෙතන එක නොසිතා කිය වෙච්ච වචනයක්, නැත්නම් අහඹු සිද්ධියක්,ඒක වර්ධනය වෙලා අන්තිමට කවුරුවත් හීනෙකින් වත් නොසිතපු මහා කුණාටුවක් වෙන්ඩ හොඳටම ඉඩ තියෙනවා,

හරි, දැං එමු ප්‍රධාන මාතෘකාවට, ඒ කිව්වෙ ඔබ නිසා ලෝක විනාශය සිද්ධ වෙන්නෙ හෝ නොවෙන්නෙ කොහොමද කියන එකට,

ඒක වෙන්නෙ එහෙම නැත්නම් ඒක වෙනව කියල මම හිතන්නෙ මෙන්න මෙහෙමයි,
දැං ඔයාල මේ ලිපිය කියවනවනෙ කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන, හරි? ඔන්න එනව ඔයාලගෙන් මොනව හරි කටයුත්තක් කරව ගන්න කවුරුහරි,ගනුදෙනු කරුවෙක් කියමු, මේ වෙලාවෙ ඔයාලට විකල්ප දෙකක් තියනවා, එකක් ඒ වැඩේ කරල දීල ඒ මනුස්සය පිටත් කරන එක, දෙක, මේ ලිපිය කියවල ඉවර වෙලාම ඉන්නව කියල හිතල අරයට කියනව "මම මේ වැඩේ ඉවර වෙනකල් විනාඩි විස්සක් විතර කරුණාකරල ඉන්නවද?" කියල,
ඔබ තෝරාගත්තෙ විකල්ප අංක දෙක කියමු, ඉතින් අර පුද්ගලයා විනාඩි විස්සක් නිකම් ඉන්න වෙලාවෙ තේ එකක් බීල එතහැකි කියල හිතල යනව පාරෙන් එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එකට,මේ මනුස්සය වෙන කල්පනාවක් පිට පාර පනින්ඩ ගිහින්, වේගෙන් ආපු ත්‍රී වීල් එකක් මෙයාව බේරන්ඩ පැත්තකට කපල, පෙරලෙනව පාර අයිනෙ,

මේ ත්‍රී වීල් එකේ ඒ වෙලාවෙ යන ගැහැණු ලමයෙකුට තුවාල වෙනවා, මේ ළමයා මේ යන්නෙ තමන්ගෙ පෙම්වතා හමුවෙන්ඩ, පෙම්වතාය කිව්වට මේ ඒ දෙන්නගෙ ප්‍රථම හමුවීම, මේ අනතුර නිසා අර හමුවීම කෙරෙන්නෙ නැහැ, අර පිරිමි ළමයා බලා ඉඳල යනව යන්ඩ, අනතුර වෙලාවෙ ගෑණු ළමයගෙ මොබයිල් ෆෝන් එක නැතිවෙන නිසා ආයෙ අර පිරිමි ළමයට කතාකරන්ඩවත් ක්‍රමයක් නැතිවෙනවා,

ඔන්න මේ ඇක්සිඩන්ට් එක නිසාවෙන් ඒ පටන් ගන්න ගිය ප්‍රේම සම්බන්ධය එහෙම්ම ඇණහිටිනවා,අර කියන්නෙ "ඇරඹුමම කඳුලක් වෙලා" කියල, අන්න ඒ සීන් එක, දැන් මතකයේ තබා ගතයුතු වැදගත්ම කාරණේ, මේ සිද්ධීන් දාමයටම හේතු වුනේ ඔබ ගත් තීරණය කියන එක, හරිද?

ඉතින් මේ ගැහැණු ළමයා වෙන කසාදයක් එහෙම කරගෙන දරුමල්ලො හදල කරල පස්සෙ මැරිල යනවා, වැදගත්දේ තමයි අර එදා අනතුර නොවී අර හමුවීම සැලසුම් කල පරිදි කෙරිල ඒ දෙන්න විවාහ උනා නම් මුලින්ම ලැබෙන්ඩ තිබ්බෙ පිරිමි දරුවෙක්, මේ දරුවා බොහොම ඥාණවන්තයෙක්,බුද්ධිමතෙක්,

තව අවුරුදු හරියටම පණහකින් විද්‍යාඥයො හොයාගන්නව අපේ සූර්යයා ඇතුලෙ සිද්ධවෙන න්‍යාෂ්ඨික ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය එකවරම සිය දහස් ගුණයකින් වැඩි වෙලා වසර දෙකක් ඇතුලත සූර්යයා පිපිරී විනාශ වෙනවාය කියලා, ඒ එක්කම ඉතිං අනිවාර්යයෙන් පෘථිවියත් විනාශ වෙන එක කියන්ඩ දෙයක් නෙවෙයිනෙ නේද? අපෙ පැරණි සාහිත්‍යයෙ කල්ප විනාසෙදි ඉර හතක් පායනව කියන්නෙත් මේ වැඩේටම තමයි ඔන්න,
මේ මහ විනාශෙ වළක්වන ප්‍රතිකර්මය හොයාගන්ඩ තරම් බුද්ධියක් තියෙන්නෙ අර මම කලින් කියපු දරුවට, ( දරුව කිව්වට මේ කාලෙ වෙනකොට වයස පණහකට කිට්ටු වෙලා ) විතරයි,ඉතිං ඔයා ගත්තු තීරණය නිසා ඒ දරුවට උපදින්ඩ වත් අවස්ථාවක් ලැබුනෙ නැහැ නෙව, මේ නිසා අනිවාර්යයෙන් වෙන දේ තමයි මුලු මිනිස් වර්ගයාත් එක්කම පෘථිවිය විනාශ වෙලා යන එක,



දැන් තේරුනා නේද ඔයා හින්ද මුලු පෘථිවියම විනාශ වෙන්නෙ කොහොමදැයි කියාල,
ඒ කියන්නෙ අර මනුස්සයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නනම් ලෝක විනාශය වැළැක්වෙනව කියන එකයි,
හැබැයි, අනික් අතට මෙහෙම දෙයක් වෙන්ඩත් පුලුවන්,

ඔයා ලෝක විනාසෙ වළක්වන්ඩ කියල හිතාගෙන අර මනුස්සයගෙ වැඩේ වහාම කරල දුන්නයි කියල හිතමු, එතකොට ඒ මනුස්සය පාරට යන වෙලාවට අර ත්‍රී වීල් එක එතනින් පාස් වෙල ඉවරයි, අර ගැහැණු ළමයයි, පිරිමි ළමයයි කතා කර ගත්තු විදිහට හම්බවෙනවා, දෙන්න පස්සෙ විවාහ වෙනවා, දරුවත් හම්බ වෙනවා, හැබැයි එකම වෙනස තමා, මේ පාර අර අසාමාන්‍ය බුද්ධිය පිහිටන්නෙ මේ දරුවට නෙවෙයි, අර ඇක්සිඩන්ට් එක උනොත් මේ ළමය වෙන කෙනෙක් බඳිනවනෙ, අන්න ඒ විවාහයෙන් උපදින දරුවට තමයි මේ බුද්ධිය පිහිටන්නෙ, ඉතින් මේ අවස්ථාවෙත් අනිවාර්ය ප්‍රථිපලය තමයි ලෝක විනාශය,

ඉතින් අන්තිමට කියන්ඩ තියෙන්නෙ,
අනේ මන්දා,සමහරවිට ඔබ නිසා ලෝකෙ විනාශ වෙන්ඩත් පුලුවන්, විනාශයෙන් ගැලවෙන්ඩත් පුලුවන් කියන එක තමයි,


25 comments:

  1. මම නම් මීට පස්සේ මාව හම්බවෙන්න කවුරුහරි ආවොත් එයාගේ වැඩේ කරලා දීලම තමයි ඔයාගේ බ්ලොග් එක කියවන්නේ. මම හින්දා නම් ලොකේ විනාස වෙන්න දෙන්න බෑ.

    ReplyDelete
  2. ඒ තීරනය හන්ද ලෝකෙ විනාස වෙනව කියල දැනං උන්නනම් කවදාවත් ඒ මනුස්සය අර දෙවෙනි තීරණය ගන්න එකක් නෑනෙ. අනික ඒක සිද්ධි දාමයක අවසානයෙදි වෙන්න තියෙන දෙයක්නෙ. ඒකෙ වැ‍රැද්ද අරමනුස්සයගෙ කියල මං හිතන්නෙ නෑ.

    01. අර ත්‍රී වීල් රියදුරා පරිස්සමින් පැදෙව්වනම්
    02. ගෑණු ළමය වෙන ත්‍රීවීලර් එකක නැග්ගනම්, එහෙම නැත්නං බස් එකක ගියානම්
    03. ගෑණු ළමයයි, පිරිමි ළමයයි මුණනොගැහෙන තීරණය කරල තිබුනනම්,
    04. එහමත් නැත්නං අර මනුස්සය වැඩේ කරවගන්න වෙන කෙනෙක් ලඟට ගියානම්
    වගේ තවත් එකී මෙකී නොකී පොසිබිලිටි වලින් එකක් උනානම් ඔය දේ වෙන්නෙ නෑ නෙ.

    මටනං ඔය තියරිය කොච්චර කියෙව්වත් තේරුනේ නං නෑ, ඒත් ඔන්න ඔහොම තමයි මටනං හිතුනෙ.

    ReplyDelete
  3. මම ඕක පාදක කර හදාපු Butterfly effect කියන චිත්‍රපටිය නරඹලා තියනවා... ඔබේ කථාවටත් කිට්ටුයි....
    අපි අර ඉගෙන ගත්තු එන්ට්‍රොපියත් මේ සමණල තටු ගැස්ම වාගේ නේ මහත්තයෝ...

    ReplyDelete
  4. Podi Kumarihami,

    එහෙම ඒ පුද්ගලයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නය කියල ලෝක විනාශය වැළකෙනවයි කියල ස්ථිරවම කියන්න බැහැ, අන්තිම ඡේදයට කලින් ඡේදය බැලුවොත් ඔයාට වැටහේවි,

    එනිසාවෙන් කණගාටුවෙන් වුනත් කියන්ඩ තියෙන්නෙ මැඩම්, ඔයා නිසා ලෝකෙ විනාශ වෙන්න තියෙන ඉඩ කඩ ඔයා මොන තීරණයක් ගත්තත් නැතිවෙන්නෙ නැහැ කියන එක තමයි,

    ReplyDelete
  5. nawammawatha,

    / ඒ තීරනය හන්ද ලෝකෙ විනාස වෙනව කියල දැනං උන්නනම් කවදාවත් ඒ මනුස්සය අර දෙවෙනි තීරණය ගන්න එකක් නෑනෙ. /

    හරි, එහෙම නම් ඒ තීරණය නොගෙන ඉඳියි, ඒත් ප්‍රශ්නෙ මේක වෙන්නෙ තව අවුරුදු පණහක් ඉදිරි අනාගතයෙ, කිසිම කෙනෙක් ඒ ගැන දන්නෙ නැහැ,

    ඒ තීරණය වෙනස් කලා උනත් ඒ විනාශෙ එහෙම්මම වෙන්න ඉඩ තියෙනවා, අවසාන ඡේදයට කලින් ඡේදයෙ කියන්නෙ ඒ ගැන,

    / අනික ඒක සිද්ධි දාමයක අවසානයෙදි වෙන්න තියෙන දෙයක්නෙ. ඒකෙ වැ‍රැද්ද අර මනුස්සයගෙ කියල මං හිතන්නෙ නෑ. /

    ඔබ ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත, මෙහෙම දෙයක් වෙන්නෙ එකිනෙක බැඳුනු, අනන්ත සංඛ්‍යාවක් ඉතාමත් සුලු සහ නොවැදගත් සිද්ධීන් දාමයක අවසාන ප්‍රතිඵලය ලෙස අනාගතයේ දවසකයි, මේ සිද්ධි දාමයේ එක සුලු වෙනස්වීමකින් අවසාන ප්‍රතිඵලය සම්පූර්ණයෙන් කණපිට හැරෙන්න පුලුවන්, ව්‍යාකූලතා න්‍යායේ කියන්නෙත් ඒකමයි නවම්,

    ඒ පුද්ගලයා ගන්න තීරණය සමණලයගෙ තටු සැලීමට සමානයි, ඒකෙන් කුණාටුවක් ඇතිවෙන්නත් පුලුවන් ඇතිවිය හැකි කුනාටුවක් වැළකෙන්නත් පුලුවන්, කිසිම කෙනෙක් දන්නෙ නැහැ,

    කුණාටුව ඇතිවීම සමණලයගෙ වරදක්ද? නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තර කවුරුවත් දන්නෙ නැහැ,ඔව් කියන්නත් පුලුවන් නැහැ කියන්නත් පුලුවන්,

    ReplyDelete
  6. තිස්ස,

    ඔබ හරි, Butterfly Effect චිත්‍රපටයට ඒ නම දාල තියෙන්නෙත් මේ Chaos Theory එකේ කියන සමණලයගෙ උදාහරණය පදනම් කරගෙන, ඒකෙ තියෙන්නෙ අතීතයට ගිහිල්ල කලහැකි ඉතා සුලු වෙනස් කමකින් අනාගතයේ අති විශාල වෙනස් කම් වෙන්න පුලුවන් කියන එක,

    එන්ට්‍රෆි සහ ව්‍යාකූලතා න්‍යාය අතර සම්බන්ධයක් තියේද කියල හරියටම දන්නෙ නම් නැහැ තිස්ස,

    ReplyDelete
  7. ස්වප්නා,

    අපොයි, සමාවෙන්න,

    මේකෙ සාරාංශය ඉතාමත් සුලු සිදුවීමකින් ඇරඹෙන ක්‍රියා දාමයක් තවත් ඊට බලපාන වෙනත් සිදුවීම් මාලාවකින් වර්ධනය වීමෙන් පසු දීර්ඝ කාලයක් ඇවෑමෙන් ඉතා විශාල සිදුවීමකට පරිවර්තනය විය හැකියි කියන එක,

    ReplyDelete
  8. @ Ravi: නෑ නෑ.. මට ඒක තේරුණා :) ඒත් ටිකක් මොලේ කචල් උනා වගෙත් උනා .. හී හී

    ReplyDelete
  9. හත්වලාමයි...ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි ඈ.....
    ඒත් දරුවනේ... මෙහෙම දෙයක් උනැයි කියමුකෝ....
    වැඩේ කරගන්ට ආපු ගමන්ම ඔක්කොම පැත්තකිං තියලා ඒක කොරලා දුන්නැයි කියමුකෝ.....
    ඔය කියන කොලු ගැටයත් ඉපදුනාමයි කියමුකෝ........ඒත් ඉතිං අවුරුදු 50 ක් වෙනකම්ම ඕකා ලොකුවෙන්ට එපෑ......
    අපේ මේ සිරි ලංකාවෙ ඔයතරම් බුද්දිමතෙක් බිහිවෙන්ට ඉඩ අරියිද ඕං.....එහෙමනං ඔය කොලුගැටයගෙ අප්පා රජෙකුගෙ පුතෙක්ම වෙන්ට ඕනෑ නෙව.........

    ReplyDelete
  10. randi,

    මේ ගැන කල්පනා කරද්දි ඇත්තටම මටත් පිස්සු වගෙ උනා,

    ඉතින් මම හිතුවා යමක් බෙදා හදා ගැනීම අපේ හොඳ සිරිතක් නිසා පිස්සුව හැමෝම එක්ක බෙදාගන්න, හෙහ්,හෙහ්,

    fixsu feekudu වෙයි කියලයි මම නම් හිතුවෙ,

    ReplyDelete
  11. ස්වප්නා,

    එහෙනම් කමක් නැහැ,

    ReplyDelete
  12. Sadakomali,

    කතාව සම්පූර්ණ ඇත්ත,

    මේ තියරි අපේ සිරි ලංකාවට හරි යන්නෙ නැහැ තමයි,

    අනික ව්‍යාකූලතාවය ලංකාවෙ නම් තියරි එකක් නෙවෙයි ඔප්පු කරපු සත්‍යයක්නෙ හැම දේකම,

    ReplyDelete
  13. මතකය අළුත් කළාට ස්තුතියි !

    තිස්ස අයිය කියපු Butterfly effect චිත්‍රපටය ගැන අසා තිබුණත් තාම බලන්න නම් අවස්ථාවක් ලැබුණෙ නැහැ...

    මෙයට සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ කතාවක් කාලෙකට කලින් කියෙව්ව වගේ මතකයි... ඒත් ඒකේ නම නම් මට දැන් මතක නැහැ...

    ReplyDelete
  14. Sansarasidu,

    ස්තූතියි,

    Butterfly Effect ඇත්තටම හරිම ලස්සන චිත්‍රපටයක්, හොයාගෙන බලන්න පුලුවන් නම් හුඟක් වටිනවා,

    ReplyDelete
  15. නියම ලිපියක්... මාර වැදගත් දේවල් තියෙන්නේ .. ඇත්තටම හරි ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
  16. prasanna86k,

    බොහොමත්ම ස්තූතියි, ඔබේ අගය කිරීම මට ලොකු ධෛර්යයක්,

    ReplyDelete
  17. පුංචි සමනළ පියාපතකට
    කළඹවාලිය හැකිද සක්වළ
    නොසිතු මොහොතක
    නැගුණු වියරුව
    මහා වා සුළි
    කළඹවා ලොව
    අහස ගුගුරා
    අනෝරා වැසි
    ඇද හැලී බිම්
    ගිල ගනිද්දී
    සොයා බැලු කළ
    මන්ද මේ හැම.....

    වග කියන්න ඕනෙ
    සමනළයෙක්ලු!

    ReplyDelete
  18. මේ මහ විනාසේ,
    ඇරඹුනේ මුලින්ම,
    තමන්ගේ එකම,
    අත්තටු සැලීමකින් බව,
    බොහෝ කලකට පසුව,
    අහම්බෙන් දැනගත්,
    ඒ සමනළයා,
    හඬා වැලපුනා මෙසේ,
    කිසිම දිනක මම,
    නොසලමි පියාපත් නැවතද,

    ReplyDelete
  19. සිතුවිලි දෙක හමු වෙච්ච මුල්ම දවස අද මම හිතන්නෙ...
    නිදහස් සිතුවිලි මගේ සිතුවිල්ලට මොකක් හරි කරාද මන්ද. මගේ සිතුවිල්ල කැරකෙනව වගේ.. එල සිතුවිල්ලක්.....

    ReplyDelete
  20. ඒ මොකෝ මලේ, කැරකෙනව වගේ උනේ, ගනං ගන්නෙපා, ටිකකිං හරියාවි,

    ReplyDelete
  21. තේරන විදියට කිවුවොත් වෙන්න තියෙන දේ කොහොමත් වෙනවා කියන එකද...?

    ReplyDelete
  22. පොඩි කොස්සක් තියෙනව නේද?ඒ සිද්දිය කොයි විදිහට සිද්ද උනත් අපිට කියන්න බෑනෙ නේද ලෝකෙ විනාශ උනේ ඒ හින්ද කියල හරි ලෝකෙ විනාශ උන් නැත්තේ ඒ හිනද හරි කියල?මොකද ඒක තීරණය වෙන්නෙ සූර්යයාගේ ඇතුලෙ සිද්ද වෙන දේවල් එක්කනෙ නේද? අපිට කියන්න පුළුවන් වෙන්නෙ ලෝකෙ විනාශ වෙන එක හරි නොවෙන එක හරි අපිට දැනගන්න තියෙන සම්භාවිතාව වෙනස් වෙනව කියල විතයි නේද? අනික සිද්දි අනන්ත ගානක් වෙන්න පුළුවන්නේ කියල තියෙන විදිහ විතරක් නෙවෙයිනෙ නේද?

    ReplyDelete
  23. ගොඩක් හොද වැඩක් ...සිද්ධාන්තය බොහොම සරලව පැහැදිලි කරල තියනවා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...