Wednesday, September 26, 2012

105. නෝනාට පොතක්... මහත්තයාට පතොක්........

පිංතූරය මෙතැනින්

“මිසිස් රත්නායකත් යනවා කිව්වා”

“හ්ම්... ඉතිං?”


“ඉතිං කියන්නේ අනේ... ගෙදරට ම වෙලා ඉද්දි කම්මැලියි. මමත් ලිස්ට් එකක් හදා ගත්තා. 23ක් තියෙනවා. ඒ ලිස්ට් එක ගත්තා නං මට අවුරුද්දට ම ඇති”

“වට්.......... විසි තුනක්? අනේ හැබෑටම ඔයා ඕවා අරගෙන කියවනවද? පෙන්ෂන් ගත්තේ නිස්කාංසුවේ ඉන්න කියලා නේද?”

“ඉතිං අනේ නිස්කාංසුවේ කියවන්න තමයි පොත් ගන්න හදන්නේ. ඔයාට නං මොකද හැමදාම හවසට ක්ලබ් එකෙයි. ග්‍රවුන්ඩ් එකෙයි. ජොගින් පාත් එකෙයි, කොයිකේ හරි යාළුවොත් එක්ක එකතු වෙනවා. මං එහෙමද?”

“හා හා හරි හරි යමු යමු. ඔන්න කිව්වා පැය 2යි මට ඉන්න පුලුවන්. ලිස්ට් එකම ස්ටෝල් දෙක තුනකින් කවර් කරගන්න විදිහක් බලන්න”




****************************************

“ඇයි ඔය තව පොත් තියෙනවා නේද ලිස්ට් එකේ? ඒවා ගන්නකෝ මළවදේ, නැති එකම හොයන්නේ”

“ම්ම්................. ඒ වුනාට ඒක තමයිලු මේ පාර එවෝඩ් එක ගත්තේ. මිසිස් රත්නායක ගන්නම කිව්වා”


“අනේ අම්මාපල්ලා මේ ගෑණුන්ටත්. තමන් මගුල් කරනවා මදිවට අනිත් එකියන්ටත් බෝ කරනවා!!!


“ආ මොකද්ද ඔයා කිව්වේ...........???”


“නැහැ මොකුත් නැහැ. මට දැන් එපා වෙලා මේකේ හිරවෙලා ඉඳලා. කකුල විසි පාරක් විතර පෑගුනා. ඔය පොත මං මොකක් හරි බුක් ෂොප් එකකින් ගෙනැත් දෙන්නම්. ඉක්මනට යමු යන්න.”

“එක්ස්කියුස් මී පුතා.......... සිටුවර පුවත තියෙනවද?”

“ඒක ඉවරයි මැඩම්.....”

“හා හා දැන් යන්න පෝලිමට......... ඔය මගුල මේකේ නැහැ කියලා දැන් කී දෙනෙක් කිව්වද?

“කෑ නුගහ ඉන්නකෝ අනේ.............”

“එක්ස් කියුස් මී........ ඔයා සිටුවර පුවත හොයනවා නේද........?”

“අනේ ඔව් දුව............ කෝ කොතැනද තියෙන්නේ?”

“නැහැ මේකේ තියෙනවද මං දන්නේ නැහැ. ඒත් සූරිය එකේ හරි විජේසූරිය එකේ හරි තිබුනා”

“ආ ඒක කොහිද තියෙන්නේ මේ ‘එච්’ හෝල් එකේමද?”

“නැහැ ආන්ටි ඒක තියෙන්නේ ‘බී’ හරි ‘ඒ’ හරි හෝල් දෙකින් එකක”

“ආනේ තෑන්ක්ස් ඩාලිං.............”

“මෙන්න සල්ලි. ගෙවලා එනවා.......... මං එළියෙන් ඉන්නම්............. මගුල!

**************************************
ඔයාගෙ ම නෝනාට
සිටුවර පුවත ගැන කිව්වට
තරහින් ඔරවා බැලුවට
හැදුවා දෙබස් මට ඕනෑ හැටියට

32 comments:

  1. ඔයැයින්ට කවුද එරෙවුවෙ......?

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ. එරෙව්වානේ ඒ අංකල්.............. මට හිනා ගියා.......

      Delete
  2. shok kathawa Randika :) okane kiyanne anith minussunge katha walata hota danna epa kiyala, irisiyawe ba, meyath poth ganna gihin,

    ReplyDelete
    Replies
    1. හි හි............. ස්තුතියි මියර්........

      ඒ දෙන්නා මට කිහිප ස්ටෝල් එක ඇතුලෙදි මූණට හමු වුනා. අංකල් මහත්තයා හිටියේ බොහොම නොරිස්සුමින්............ ආන්ටි නෝනා නං පොත් පෙරල පෙරලා පොත් හොයනවා. ‍පෝලිමේදි එයා මගේ පිටි පස්සේ ඉඳගෙනත් වටෙන් පිටෙන් සිටුවර පුවත හොයනවා. ඒ පාර මං උදව්වක් කරන්න අනේ ගියේ............ :D

      Delete
  3. නිකං පොඩි රවුමක් ගහලා, තිබුනොත් හොඳ පොතක් දෙකක් අරන් එන්නම් කියලා ගිය එකා පොත් 21ක් එක්ක ගෙදර ආපු කතාව අහලා තියෙනවද..?? :D

    උපදේශය: තමාට උවමනා ආකාරයට පොත් තේරීමට නම් කිසිවෙකුත් සමග නොව, තනිවම යන්න.. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බූරා මාව දැකලද මන්දා.............. කවදාවත් නැතුව මං තනියෙම තමයි මෙදා පාර ගියේ........... ඉබ්බියෙක් වගේ හෙමින් හෙමින් ඇවිදලා සේරම වගේ ස්ටෝල් වලට ගියා............ මහන්සියකුත් නැහැ. මහත්තයායි බබායි පව්............ රස්තියාදු කියලා හිත හිතා ඉන්න වුනෙත් නැහැ............

      Delete
    3. //එයා ගියෙ තනියම තමයි. හැබැයි තනියමම නෙමෙයි......\\

      අයෙත් අහලා, එක්කගෙන ගිය කෙනා නිසා පෝලිමේ නොඉඳ ඉක්මනට බිල් දාලා දුන්නා එයාලා මට........ ඔයාලා බැලුවද මං කෝ කියලා.......... මට කියන්නත් බැරි වුනා. මං ගියා. සූ ගාලා සෙනඟනේ අනේ...... :)

      Delete
  4. පොත් ගන්න යනවා නම් තනියෙන් යන්න.. නැත්තම් බෑ බෑ කියන එක්කෙනාට කන්න මොනා හරි අරන් දීලා කොල්ලෝ ටිකක් පේන හරියකින් ඉන්දෝලා යන්න.. මං කරන්නේ ඒක... හි හි

    ReplyDelete
    Replies
    1. හා හා මිනිස්සු මොනවා නොකියාවිද? 'කොල්ලෝ ටිකක් පේන හරියකින්' කියලා කිව්වහම කෙල්ලේ? :D :D :D

      Delete
    2. පිළි අඩු උනාම ලකුණු කපනවළු.. වැඩි උනාම හරි වැඩේළු...

      Delete
    3. හැබෑට... මට වැරදිලා නොවැ... වස ලැජ්ජාවයි... හි හි....

      Delete
  5. මටනං කවදක හරි වෙන්නෙ මේකෙ පූර්ණ විරුද්ධ සිදුවීමක්...

    මගෙ ඔය පුස්තක ශාලා ලෝලිත්වය ( පොත් කඩ පිස්සුව - Book Shop Mania ) නිෂේධනය කරන්ට අපෙ ලොක්කි හොයාගෙන තියනව මරු ක්‍රමයක්..

    '' හා, ඔයා පොත් බලනකල් මම යන්නම් අර පල්ලෙහා Design Club එකට.... ඒකෙ මේ දවස්වල සේල් එකක්..'' ඕන්න...ඉතිං ඔහොම කියල එක්කො මයෙ ක්‍රෙඩිට් කාඩ් එක එහෙම නැත්නම් මොණරෙක් දෙන්නෙක් ඉතුරු කරල ඉතුරු සල්ලි ටිකත් ඩැහැගෙන ගියාම මොන යකාටද පුලුවන් නිවි සැනසිල්ලෙ එක හිත් හිතාගෙන පොතක් දෙකක් තෝරන්න?...එතනිම්ම මගෙ ආතල් එක ඉවරයි...ඊට පස්සෙ පොත් බැලුව නොබැලුවයින් දුවනව දනිපනි ගාල උන්දැගෙ පස්සෙං...හෙහ්, හෙහ්,

    ඉන්ටකො ඈ...., ඔය ගැන ලියඤ්ඤංකො පෝස්ට් එකක්ම...හොඳේ?

    ***************************************

    / “මෙන්න සල්ලි. ගෙවලා එනවා.......... මං එළියෙන් ඉන්නම්............. මගුල” /

    මේ කෙල්ලොන්ටත් ඕන නැති මඟුලක් තියේය..නිවාඩු දවසෙ ගෙදරට වෙලා අතු පතු ගාගෙන රෙද්දක් හෝදගෙන හිටපිය...එහෙම නෑ...එනව එස්සිබිසං.......අර පේන්නෙ නැද්ද?...පොත් හත අටක් තුරුලු කොරං ඉන්නෙ හරියට හතර මහ නිදානෙ පහල වෙලා වගේ...

    තමං ගන්න අටමගලක් අරං පලකො , එනව මෙතන පොත් තියන තැනුත් කියන්ට තව...අර පොඩි එකියෙකුත් උස්සගෙන පස්සෙං යන්නෙ හස්බන්ඩ් වෙන්ට ඇති. මේ මිනිස්සු තමයි ගෑනුන්ව නරක් කරන්නෙ...මට හිතෙනව උන්දැට කියල දෙන්ට තමංගෙ ගෑණිව හදා ගන්නෙ කොහොමද කියල..ඒත් මොකටද?...කෝ මේ අපේ අම්මණ්ඩි ආයෙම ගියා වත්ද සිටුවර පුවත හම්බ උනාට පසෙ කඩවර කුලක හොයන්ටවත්...

    ReplyDelete
    Replies
    1. //අර පොඩි එකියෙකුත් උස්සගෙන පස්සෙං යන්නෙ හස්බන්ඩ් වෙන්ට ඇති.\\

      මේක මේ පාර වැරදියි. මංතුමි මේ පාර ගියේ තනියෙම............. :)

      Delete
  6. ඒ අක්කාට තිබුනෙ හරි තැනින් ගන්න..අනික මහත්තය මක්කට එක්ක ආවද...පදර්ශනේට ආවනං කොල්ලෙක් සැට් කරං ඇවිදින්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. අක්කා කෙනෙක් නෙමෙයි දරුවා ආන්ටි කෙනෙක්. අනිත් අතට හැමෝටම තනිකං දෝස හිටින්නේ නැහැ මං හිතන්නේ. :)

      Delete
  7. ඇත්තටම උදව්වක් තමා එලෝ මෙලෝ සිහියක් නැතිව හිටි ඒ ඇත්තිට උදව් කළ එක... අනික ඉතින් ඒ ඇත්තටත් වෙලාව ඉතිරි කළ එක... මුදල්ගැන නම් ආසාව අත්ඇරල හිටි එකනේ...

    ReplyDelete
    Replies
    1. ඒ කරගත්තා වූ මහත්ඵල වූ කුසල කර්මයේ ආනුභාවයෙන්, මේ ඇත්ති හට ලබන වසර වනවිට මේ වසරේ ගත්තා වූ පොත් සියල්ල කියවා අහවර කොට, තවත් අගනා වූ පොත් ප්‍රමාණයක් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පිංවතිය...... :)

      Delete
  8. සික්..... මට චිත්තයක් අඳින්ට සිතිවිලි පහල වෙනවා ‍තනියෙං ගියා කිව්වම......

    ReplyDelete
    Replies
    1. අර කවුද පොලේ ගියා වගේ නෙමෙයි ඉතිං.......... :)

      Delete
  9. මාත් මේ සැරේ ගියේ තනියම... අඳුරන එකෙක් වත් සැට් වුනෙත් නෑ.. පැය 2.5කින් පොත් 17ක් අරන් ආව..

    ReplyDelete
    Replies
    1. මට කිහිප දෙනෙකු මුණ ගැහුනා. එයාලා එක්ක කථා බහ කරලා මං ගියා. ඔය හා කිට්ටු කාලෙකින් ඔය හා කිට්ටු පොත් ප්‍රමාණයක් මාත් අරගත්තා

      Delete
  10. හම්මේ ඒකටනම් මාත් එක්ක ගිය කෙනාට කලින්ම නීති දාලා එක්කන් ගියේ හදිස්සි බෑ කලබල බෑ කියා.ඔය අපූරුවට කෙල්ල උන්නේ මම හිතේ හැටියට පොත් තෝරනකම් බෑග් මලුත් උස්සන්

    ReplyDelete
  11. අපොයි....කාන්තා පාර්ශවය සමඟ ගොස් රෙදි ‍තෝරා අත්දැකීම් ඇත්තෙමි..!එක්කො මොකටද ඒවා...! පොත් ‍තෝරන්න ගියත් ඕය ටිකම තමා..???

    ReplyDelete
  12. වෙලාවට කවද හරි මට වෙනවානම් වෙන්නෙ ඕකෙ අනික් පැත්ත.

    අක්කා කවදද ගියේ???

    ReplyDelete
  13. ෂොපින් ගියත් ඔය වගේ වෙලාවට කරන්න දෙයක් තියෙනවා. ඒ අහල පහල ඉන්න ගෑණු අය ගැන නෝනට/ වෙන්ඩ නෝනට පේන්නම රබර් ඇහැ දාන එක. අපිවත් ගන්නේ නැති ඇදුමක් අතට අරන් ටස් ගාල මාරු

    ReplyDelete
  14. පිරිමින් දුක් විඳින්නේ රෙදි සාප්පු වලදී . ඒ වුනත් මේ වගේ පොත් සාප්පුවලදී අතවරයට පත් වෙන පිරිමි පරානත් ඉන්නවා . අපේ එක්කෙනත් ඇතුළුව . අපෝ බඳින්න කලින් නම් ඉතින් පොත් සාප්පු වල රෙදි සාප්පු වල අතිනුත් අල්ලන් යන්නේ . දැන් ඉතින් අපේ උන්දැත් ඕන උලව්වක් කරගන්න කියල තමන්ගේ වැඩ . හැබැයි ඉතින් පොත් කඩේකට යනවා කිව්වම නම් පපුවේ බිත්තර තම්බන බව මන් දන්නවා .

    ReplyDelete
    Replies
    1. මේ බින්දියො! අතන මෙතන කමෙන්ට් කර කර ඉන්න විතරද කල්පනාව.!? දැන් නෙළුම් විලේ පෝස්ට් වැටෙන්නෙත් Once in a blue moon වගේ..

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...