Friday, July 11, 2014

269. විමලෙගෙ වාංපතුල් කතා 15 - වගා සංග්‍රාමය, පේසාලේ තෙල්,සැවුල් එනෝ සහ ආසියාවේ ආශ්චර්යය.

Google Images

රායිට් කේබිය ගැන ඔය ඇති දැනට.... එහෙනං දැන් ඔන්න සැවුළගෙ කතාව...සැවුල් එනෝ කියල අපෙ උන්දෙගෙ අක්කගෙ පොඩි එකී ඒ දවස්වල ගේ පුරා දුවනව හැංගෙන්ට. ඒ මෙහෙමයි. ඔය අපෙ උන්දැගෙ ගෙවල් ගාවම ..ගාවම කියන්නෙ යාර පණහක් හැටක් මානෙ තිබ්බ සැලූන් එකක්. අර පරණ තාලෙ සැලූන් තිබ්බෙ මතකද ඔහෙලට? පස්වන ජෝර්ජි මහ රජානන්ගෙ වික්ටොරියා මහේසිකාවුන්නාන්සෙගෙ, එතකොට එළිසබෙත් රැජින කුමාරිකාව කාලෙ, ආය ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, දහනායකගෙ ෆොටෝස් එල්ලල බිත්ති පුරා. 

ඔව්වයෙ තිබ්බෙ උළුවස්සෙ මැදක් හරියට වෙන්ට හයි කරපු බාගෙ දොර පලු දෙකක්. වවුල් තටු වගේ හින්ද වවුල් දොරවල් කියලත් කිව්ව. අපි පොඩි කාලෙ කච්චේරිවල එහෙම හයි කරල තිබ්බෙත් එව්ව.

ඒ කාලෙ හිටියෙ දැන් වාගෙ ප්‍රාදේශීය ලේකම්වරු නෙවෙයි නෙව. දිසාපති සහ උප දිසාපතිල.ඔය උප දිසාපති තනතුරු නාමය ආවෙ මට මතක විදිහට 1972 ජනරජ ව්‍යවස්ථාවත් එක්ක. ඊට ඉස්සෙල්ල තිබ්බෙ ප්‍රා. ආ. නි නොහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුර. Divisional Revenue Officer...කෙටියෙන් D.R.O. ආදායම් ගැන විතරක් කියන එක හරි නැහැ කියල හිතල වෙන්ට ඕන උප දිසාපති කියල නම දාන්ට ඇත්තෙ.

එතකල් පෙබරවාරි 4 සමරපු නිදහස් දිනේ එදයිං පස්සෙ වැටුන මැයි 22 ට. පෙබරවාරි 4 ජාතික වීර දිනය උනා. පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව උනා. ජා.රා. සභාව කෙටියෙන්. ඉංග්‍රීසියෙන් National State Assembly කෙටියෙන් N.S.A.

නිකම්ම ලංකාව විදිහට තිබ්බ රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය උනා. ඔය නම ගැන කියද්දි මට මතක් වෙන්නෙ අර අලුත් මාලු කතාව. අලුත් මාලු විකිණීමට තිබේ කියල පත අකුරෙං බෝඩ් එල්ලගෙන ඉන්නෙ කුණු වෙච්චි දහ ජරාව විකුණන කාපාළුවො.රටේ නමත් එහෙමම තමා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල බෝඩ් එල්ලගන්ට වෙලා තියෙන්නෙ මෙහෙ ප්‍රජාතන්ත්‍රයක්වත් සමාජවාදයක්වත් බෙහෙතකටවත් නැති හින්දනෙ. ඒ තියා ජනරජයකුත් නෑ. ජනරජය කියන්නෙ ජනතාව රජ කරන කියන එකනෙ. එහෙම එකක් කොහෙද තියෙන්නෙ? එතකොට මුලටම තියෙන ශ්‍රී කෑල්ල නැතිවෙලා ගිහිල්ල නං සෑහෙන කාලයක් වෙනව. එතකොට අර මාලු වෙළෙන්දගෙ බෝඩ් එකේ සුප්‍රසිද්ධ කතාව අනුව රටේ නමෙං ඉතුරු වෙන්නෙ ලංකාව කියන කෑල්ල විතරයි. ඇත්තම කිව්වොත් සුද්දගෙ කාලෙ ඉඳල තිබ්බ ඒ නම විතරයි අපිට ගැලපෙන්නෙ. අන්න ඒක තමයි කියන්නෙ ඔය සුද්ද කියන මනුස්සය එහෙම ආවට ගියාට වැඩක් කරන්නෙ නෑ. හොඳට හිතල මතල තමයි මොන දේ කලත් කරන්නෙ...හෙහ්,හෙහ්,

දැං ඔය කඩුගන්නාවෙ ගල විදපු එක බලමු.

" යකෝ තොපි උඩරට උඩරට කියල මැරෙන්ඩ හැදුවට සුද්ද කඩුගන්නාවෙ ගල විදල පාර හදල තොපෙ වල්ගෙ කපල ගත්තෙ නැත්තං තොපි තාමත් කොළ අතු ඇඳගෙන මීමින්නො පාරෙ එළවනව. "

උඩරට මාන්නක්කාරකම ඔලුවට ගහල හිටපු එවුං අපි අතරත් හිටිය. එවුං Cut down to size කරන්ඩ අනික් එවුන් කියන්නෙ ඔහොම.අනික් අතට පාතරට එවුන්ට කියන්නෙ මෙහෙම.

" අනේ බං උඹලට මොකද්ද තියෙන ජාති ජම්මෙ? සුද්දො ගොඩ බැහැපු ගමං ගියා උන්ගෙ *** ලෙව කන්ට. උඩරට අපි තමයි අන්තිම වෙනකල් හරි සිංහල ජාතිය කියන එක යන්තමට හරි රැකගත්තෙ. "

ඔය උඩරට / පාතරට වාද විවාද වලදි මම එක පැත්තකට වත් නෑ. මොකද මගෙ අම්ම උඩරට... අප්පච්චි පාතරට. එතකොට නිල වශයෙන් මම ඇවිල්ල පාත්තයෙක්. ඒත් මම කරන්නෙ ඔය උඩරට-පාතරට වාදබේද වලදි දෙපැත්තටම සපෝට් එක දීගෙන ඉන්න එක. එහෙම උනාම අවුලක් නෑ. කවුරුවත් තරහ වෙන්නෙත් නෑ..

70-77 කාලෙ ආණ්ඩුවෙන් පටන් ගත්ත වගා සංග්‍රාමය කියල එකක්.අපේ ආහාර අපිම වවමු කියල තමයි ඒකෙ තේමාව. දැනුත් ඔය තියෙන්නෙ අපි වවමු, රට නඟමු කියල අන්න ඒ වගෙ.උදේ පාන්දර 5 ට රේඩියෝ එකේ ඒ දවස්වල යනව සෙත් පිරිත්. අර එෆ්. එම්. ,මේ එෆ් එම්..සිරස බිරස , නෙත් එෆ්.එම්. බෙත් එෆ්.එම්. ඒ වගෙ ගෝණි කනක්කුවෙ තිබ්බෙ නෑ රේඩියෝ..ආණ්ඩුවෙ එව්ව විතරයි.ඒත් තිබ්බෙ වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය සිංහලෙන්.ඉංග්‍රීසියෙනුත් චැනල්  දෙකක්ද කොහෙද තිබ්බ. චැනල් ටූ එකේ හැමදාම රෑ හතහමාරට මම අනිවාර්යයෙන් අහපු වැඩ සටහනක් තමයි ටොමී පෙරේරා කරපු බ්‍රිස්ටල් ස්පොර්ට්ස් නිව්ස් රීල්. ඕකෙ තේමාව යන්නෙ මෙහෙමයි.

" Bristol is the ummatched that gives you satisfaction, better taste and fresher flavour ….That's why bristol belongs to the world of today. Once again this is bristol sports newsreel , your daily round up from the world of sports ..I am Tommy Perera…The board of control for cricket today announced the Sri Lankan team for the first world cup to be played during june in England. Anura Tennekoon would lead the team with Michael Tissera as the deputy. Other members would be Ranjith Fernando, David Heyn, Sunil Wettimuny, Mevan Pieris, Tony Opatha, .............."

වෙළඳ සේවයෙ රෑ අටහමාරට ගුවන් විදුලි නාට්‍යයක් යනව. ඉරිදට මොණර තැන්න, සඳුද මුවන් පැළැස්ස, බෘහස්පතින්දට ගුවන් විදුලි රඟ මඬල, ගුවන් විදුලි රඟ මඬලට බොහෝ විට නාට්‍ය ලිවෙ සුගතපාල ද සිල්වා. සිකුරාද හන්දියේ ගෙදර, වජිරා, ඇස් දෙක, තව ලස්සන කතාවක් ගියා මට ඒකෙ නම මතක් වෙන්නෙ නෑ.වලව්වක වංශවත් තරුණයෙක් සහ කුලහීන තරුණියක් අතර ඇතිවන සෙනෙහසක් පිළිබඳව. කෙල්ල දක්ෂ නැට්ටුක්කාරියක්. කෙල්ලගෙයි කොල්ලගෙයි නම් දෙක නම් මතකයි. මුතූ සහ මොරපාතොට අප්පො.චරිත දෙකට කටහඬ දුන්නෙ කරුණාරත්න අමරසිංහ සහ නිරංජලා සරෝජිනී.ගිම්හාන ගීතයත් තව ලස්සන කතාවක්.

හරි, 70-77 කාලෙ ගැන ඔය මදැයි. පඳුරු තලනවයි කියල ආය මෙහෙමත් ඉතිං ...නැද්ද?...ඒ කාලෙ ගැන ආයම ලියන්නම් වෙනම. වගා සංග්‍රාමය. උදේම රේඩියෝ එකේ යන දේශාභිමානී ගීත. අම්මාපල්ල ඒ ගීත ඇහෙනකොට උදැල්ලක් අරගෙන ගිහිල්ල හිස හැරුනු අතේ කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව. ඇඟේ මස් නලියනව. " උදළු අරං වරෝ, නගුල් අරං වරෝ, රට නඟන්න වරෝ.." ඔය එකක්.

" සොඳුර මට සමු දෙන්න..සමු දෙන්න...සොඳුර මට සමු දෙන්න සමු දෙන්න, ඈත ගමේ සරු පස පෙරලන්නට මා යනවා හෙට උදෑසනේ. සොඳුර මට සමුදෙන්න සමු දෙන්න,සොඳුර මට සමු දෙන්න,සමු දෙන්න, "


ඔය සොඳුර මට සමුදෙන්න කිව්වෙ ඩී.ඩී. ගුණසේනද කොහෙද...

අබේවර්ධන බාලසූරිය කිව්වෙ මෙහෙම " ගංගා එන්නකෝ ගංගා..මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා. "

ඒ ගංගා කිව්වෙ කෙල්ලෙක් ගැන එහෙම නෙවෙයි..මහවැලිය ගැන. පේසාලෙ ඛනිජතෙල් හම්බ උනාය කියල මහ විසාල නාඩගමක් නැටුව ආණ්ඩුවෙන් මයෙ හිතේ 75 වගෙ වෙන්න ඕන. රෝහණ බැද්දගේ කිව්ව ඒ ගැන මෙහෙම

" හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. මහන්සියට කවි සීපද සින්දු කියනවා හෙමින් හෙමින් හපුතලේ කන්දනඟිනවා. "

ඕකෙ මෙහෙම කෑල්ලකුත් තිබ්බ. …..

" පේසාලෙන් තෙල් උනලා අපේ රටේ වාහන වැඩ පලක් තැනෙනවා. පේසාලේ තෙල් ගහලා අපේ කොල්ලො රූංගාලා එහෙ මෙහෙ යනවා. හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. "

ඔය තෙල් හම්බ උනාය කියල අහස පොළව නුහූලන බොරුවක් කරල තියෙන්නෙ. ආණ්ඩුව පෙරලුනාම එළිවෙච්චි විදිහට ඒ දවස්වල හිටියෙ කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති විදිහට ටී.බී. සුබසිංහ මහත්මය. එයා සමසමාජ. ඛනිජ තෙල් සංස්ථාවෙ සමසමාජ වෘත්තීය සමිතියෙ නායකයෙක්ලු ඔය පේසාලෙන් තෙල් ඉනුවයි කියන ගජ බින්නෙ මූලාරම්භකය. අර මැස්ස එලවන්ට රජ්ජුරුවන්ට කඩුවෙන් කොටපු වඳුරගෙ පරම්පරාවෙ කෙනෙක් වෙන්න ඕන එකත් එකටම ඔය මනුස්සය.

ජේ. ආර්. ගෙ ඇට අට, චන්ද්‍රිකාගෙ 3.50හේ පාන්, උන්දැගෙම අවුරුද්දක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගෙ වංචනික ඡන්ද පොරොන්දුවක් නොවුනට පේසාලෙ තෙල් කේස් එකත් මිනිස්සු ගොනාට අන්දවන්නට දේශපාලකයන් එදා ඉඳලම දරන උත්සාහයෙ තවත් එක් කඩ ඉමක්.

හරි දැනට ඇති ඒ පඳුරු තැලිල්ල. ආපහු යමු බලන්ට උඩහට...හරි කොතනදිද අපි කැලේ පැන්නෙ..ම්ම්ම්ම්ම්...හරි මේ තියෙන්නෙ..සැවුල් එනවෝ කියල අපෙ හාමිනේගෙ අක්කගෙ පොඩි එකී ගේ පුරා දුවනව හැංගෙන්ට තැනක් හොය හොය. ඒක වෙන්නෙ මෙහෙමයි. අපෙ උන්දැගෙ අප්පච්චි ගිහිල්ල බාබර්ව එක්කල එනව ගෙදර. පොඩි එකීගෙ කොණ්ඩෙ කප්පවන්ඩම. මිදුලෙ උස පුටුවක් තියල රෙද්දක් එහෙම බෙල්ල ගාවට ගැට ගහල බාබර් උන්නැහැ පොඩි එකීගෙ කොණ්ඩෙ කපනව. ඕකිට පොඩි කාලෙ හෙන කුචි. එහාට ඇඹරෙනව මෙහාට ඇඹරෙනව. ඒකයි අර අප්පච්චි ගිහිල්ල බාබර් එක්ක එනකොට " සැවුල් එනවෝ බුදු බුදු අම්මෝ " කියල ගේ මුලුක්කාදියෙ දුවන්නෙ. බාබර්ට අප්පච්චි කියන්නෙ සැලූන් කියල හින්ද පොඩි එකී කියන්නෙ සැවුල් කියල.

ඔය කොණ්ඩෙ කපනකොට කුචි වැඩේ පොඩි කාලෙ මටත් තිබ්බ. ඒ කාලෙ ඔය ඉලෙක්ට්‍රික් හෙයාර් ක්ලිපර්ස් තිබ්බ එකක් නෑ. ලෑන්ඩ් මාස්ටර් එකක් වගෙ අඬු දෙකක් තියන කොණ්ඩෙ කපන මැෂිමක් විතරයි තිබ්බෙ. ඉතිරි හරිය ඉතිං කතුරෙන්ම තමයි.

සැලූන් එක්ක පොඩි කාලෙ ඉඳලම මගෙ තිබ්බෙ බොහොම කිට්ටු ආශ්‍රයක්. ඒ මොකද කියනවනම්……... ඒ මොකද කියනවනම්..ඔය වචන සෙට් එක නිතරම පාවිච්චි කරපු අපේ රටේ නායකයෙක් හිටිය. කවුද දන්නවද? ඩී. එස්. සේනානායක මහත්මය. ලංකාවෙ පළවෙනි අහමැති තුමා.

ඒ කාලෙ චිත්‍රපටි බලද්දි ෆිල්ම් එක පටන් ගන්ට ඉස්සරවෙලා ජාතික කොඩිය දානව ස්ක්‍රීන් එකේ. ඒ වෙලාවෙ නැඟිටල පුටුව උඩ නැඟල සීරුවෙන් ඉන්න ඕන. ඊට පස්සෙ දානව රජයේ චිත්‍රපට අංශයෙ ( Government Film Unit නොහොත් G.F.U. ) එක එක වාර්තා වැඩසටහන්. එව්වයෙ තමයි ඔය පරණ සීන් කෝන් තියෙන්නෙ. ඩී.එස්. ගල් ඔය ව්‍යාපාරෙ විවෘත කරද්දි කරපු කතාව. පළවෙනි පාර්ලිමේන්තුව අමතල කරපු කතාව. ඔය වගෙ නොයෙක් එව්ව.එස්.ඩබ්.ආර්.ඩී. ගෙ අවමඟුලත් පෙන්නුව මට මතකයි. ඇපලෝ 11 හඳට ගිය එකත් පෙන්නුව. ඒ නම් අමරිකානු තානාපති කාර්යාලෙ අනුග්‍රහයෙන්. නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් පාවෙවී වගෙ හඳේ ඇවිදින විදිහ බලල අපිට හරිම තන්තෝසයයි ඉතින්. ගෙදර ඇවිල්ලත් මිදුල පුරා මම ඒ වගෙ ඇවිද්ද...හෙහ්,හෙහ්,

හරි ආපහු සැලූන් ගැන. මෙතෙක් කාලෙකට මම ගෙදරදි රැවුල කපල නෑ කියල කිව්වොත් ඔහෙල පිළිගන්නවද? ඔය එහෙන් මෙහෙන් තැන් තැන් වල එන රැවුල්ගස් කපනව නම් තමයි. ඒත් සම්පූර්ණ රැවුල බෑමකට මම අනිවාර්යයෙන් යන්නෙ බාබර් සාප්පුවකට. ඒකයි මම කිව්වෙ බාබර් සාප්පු සමඟ මගේ ඇසුර බොහොම දුරදිග ගිය එකක්ය කියල.ඔය සම්බන්දවම පොඩි පලහිලව්වකුත් තියනව මගෙ.. ආය ඔහෙලට ඉතිං කිව්වම මොකද? හරි ඒ කතා ඔක්කොම වෙනම ලියන්නං මගේ කරණවෑමි කතා කියල.

රයිට් ආයම බලමු මේ පැටලුම ලෙහාගන්ට. දැං කියන්ට ඕන මොකක්ද? පිළිස්සූ කුකුළකු නිසා අහිමි වු මගේ ආදරය...එතකොට ඒ කේස් එකට සම්බන්දයි මගෙ යාලුව අජිත්.අජිත් සම්බන්ද වෙන්නෙ මෙහෙමයි. කොහොමද? අජිත්ගෙ නෑනා ..මාමගෙ දුව තමයි ඔය කතාවෙ ප්‍රධාන චරිතය. අපි දාමු නමක් ..මොකක්ද හොඳ?..ම්ම්ම් අසෝකා කියමුකො.

පිළිස්සූ කුකුළගෙ කතාව කියන්ට ඉස්සෙල්ල පසුබිම විදිහට අජිත් ගැන කියන්ට ගිහිල්ල තමයි කේබියයි, ගර්ත් මැනිල්ලයි,ස්පිල් කුම් කෝස්වේ එකයි රටේ නැති ඔක්කොම ඇදිල ආවෙ. රයිට් එහෙනම් ඉන්ටලාකො අජිත් ගැන එක කතාවක් කියන්නං වෙන මොකටවත් නෙවෙයි මිනිහ කොහොම කෙනෙක්ද කියල අඳුන්වල දෙන්න. විනෝදස්වාද කටයුතු නොහොත් එන්ටර්ටේන්මන්ට් අපිට ඒ දවස්වල බොහොම හිඟයි. ඉතිං හදිස්සියෙන් වත් නාට්‍යයක් එහෙම අහල පහල පෙන්නනව කියල ආරංචි උනොත් අපි ඉතිං පිස්සු බල්ලො වතුර හොයං යනව වගෙ තමයි හොයාගෙන යන්නෙ.

ඔන්න ඉතිං අපි හිටපු හරියට කිලෝ මීටර් විස්සක් වගෙ එහා රාජ කපුරු පෙන්නනව කියල ආරංචියක් ආව. දන්නවනෙ නේද රාජ කපුරු නාට්‍යය. ඒ කාලෙ මාර විදිහට ජනප්‍රිය උනා. විශේෂයෙන්ම ඒකෙ සිංදු.." සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි, කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා...හැඩ වැඩ වෙන්න ඔයා..ලස්සන සළු පළඳා එනවා ඔබව සොයා..." රවීන්ද්‍ර යසස් කුමානායක ඒ ගීතය ගායනා කරන්නෙ. ජගත් චම්පික බෙනරගම කියන්නෙ රවීන්ද්‍ර යසස්ගෙ මස්සිනා. මේ පහුගිය බස්නාහිර පළාත් සභා ඡන්දෙදි ඔය දෙන්නම ඡන්දෙ ඉල්ලුව ජෙනරල් ෆොන්සේකගෙ පක්ෂෙන්.

ඔය නාම යෝජනා දෙන කාලෙ ජගත් චම්පික ප්‍රධාන චරිතයක් රඟපෑව ස්වාධීන රූපවාහිනියෙ ගිය පබසරා ටෙලි නාට්‍යයෙ. හරියටම නාම යෝජනා බාර දීල දවස් ඕනනම් දෙකක් යන්ට ඇති. මෙන්න පබසරා නාට්‍යයෙ ජගත් චම්පික රඟපාපු චරිතය ( ඒ චරිතයෙ නම නලින්ද ) අතුරුදන් උනා. ඒ නාට්‍යයෙ මිනිහ කලේ කුකුල් ව්‍යාපාරයක්. බිත්තර විකුණන්ට කියල බයිසිකලේ පෙට්ටියත් බැඳගෙන ගිය මනුස්සය මෙන්න එක පාරට අන්තර්ධාන උනා. පබසරා අපි මෙහෙ හැමදාම බැලුව. මම මෙහෙ ඉන්නෙ යාලුවෙක් එක්ක එපාර්ට්මන්ට් එකක් ෂෙයාර් කරගෙන කියල මම කලින් කිව්වනෙ. ඒ යාලුව එක්ක මම කිව්ව " මොකද බං අර නලින්දට උනේ? හරිම අස්වාභාවිකයිනෙ ඒ යකා අතුරුදන් වෙච්චි විදිහ.." යාලුවටත් දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. සතියකට වගෙ පස්සෙ පත්තරෙන් මේ මනුස්සය චන්දෙ ඉල්ලනවයි කියල දැක්කම තමයි ඔන්න වෙලා තියෙන්නෙ මොකක්ද කියල මීටර් උනේ...හෙහ්, හෙහ්,

ආසියාවේ ආස්චර්යයනෙ..ඔව්ව බලාපොරොත්තු වෙන්ට වෙනව..ඔව්ව සුලු දේවල්...

ඒත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්ට තරම් කොන්ද පණ තිබ්බ කලා කාරයො හැටියට රවීන්ද්‍ර යසස්, ජගත් චම්පික සහ තව එක්කෙනෙක් ඉන්නව නලීන් ප්‍රදීප් උඩවෙලට අපේ ගෞරවය මේ වෙලාවෙ පිරිනමන්නම ඕනෙ.

ප. ලි. - අපෙ උන්දැගෙ අප්පච්චි, මගෙ මාමණ්ඩි පහුගිය ජූනි පළවෙනිද අභාව ප්‍රාප්ත උනා. මට අවසාන කටයුතු වලට සහභාගි වෙන්ට උනේ නෑ. උන්දැ මියෑදුනෙ පිළිකාවක් කරන කොටගෙන නිසා දවස් දෙකක් ඇතුලත අවසාන කටයුතු කලා. මෙහෙ වැඩ රාජකාරිත් එක්ක ඒ හදිස්සියෙ මට නිවාඩු ගන්ට පුලුවන් උනේ නෑ. මගෙ නැන්දම්මගෙ මළ ගෙදරට සහභාගි වෙන්ටත් මට බැරිඋනා. එතකොට මම මෙහෙ ඇවිල්ල මාස හතරයි. ඒ නිසා ඒකත් මඟ ඇරුන. මොනව කරන්නද? ජීවිතේ හැටි එහෙම තමයි.

97 comments:

  1. ඉතිහාස පාඩමක් වගේ උපහාසය පිරිච්චි කතාවක් නොවැ...
    //අලුත් මාලු විකිණීමට තිබේ//
    මේතැනින් මාළු ගන්න ආව කෙනෙක් කියනවා ඇයි මේ අලුත් මාළු කියල ගහල තියෙන්නේ ඔහේ පරණ මාළු කවදාවත් විකුණනවයෑ. මෙහෙම තිබුණාම මිනිස්සු හිතයි මෙතන තියෙන්නෙම පරණ මාළු කියලා...
    හැබෑ නේන්නම් කියල කල්පනා කරපු මුදලාලියා අලුත් කෑල්ල මකලා දානවා.
    ඔන්න එතකොට තව එකෙක් එනවා. දැන් බෝඩ් එකේ තියෙන්නේ මාළු විකිණිමට තිබේ කියලා.
    අර ආපු එකා අහනවා මෙතන මසුත් විකුණනවද? නෑනේ ඉතින් මොකටද මාළු කියල ගහල තියෙන්නේ කියලා. ඔන්න දැන් මුදලාලියා මාළු කියන කැල්ලත් කපලා විකිණීමට තිබේ කියල ගහගන ඉන්නවා. මෙන්න එතකොටම තව එකෙක් ඇවිත් අහනවා ඔහේ නිංකං දෙන්නේ නෑනේ කවදාවත් ඉතින් මොකටද මේ විකිණිමට තිබේ කියල ගහල තියෙන්නේ කියලා. ඇත්ත නේන්නං කියලා අරු බෝඩ් එකම අයින් කරනවා.

    ReplyDelete
    Replies
    1. නලින්,

      ස්තූතියි ඔබට...:)

      Delete
  2. ඔහ්...
    කැපේ පැනල කියන්නෙ හොදටම...
    කියන්න ඇවිත් තියෙන්නෙ වෙන එකක් කියල තියෙන්නෙ වෙන එව්ව...
    රෝස් කුකුලත් නෑ...
    සැවුල් එනො ්ගැන ඔක්කම නෑ..
    හපොයි...
    මොහෙම කැලේ පැනිල්ලක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      අරමුණක් නැතුව ඔහෙ හිස හැරුනු අතේ ඉබාගාතෙ ඇවිදින එකේ නැද්ද මල්ලි අමුතුම චමත්කාරයක්?...

      දැන් බලපන් අර ගීතයෙන් ගීතය වැඩසටහන්, කවුරුහරි එක් ගායකයෙකුගෙ හරි ගායිකාවකගෙ හරි වැඩසටහනක් අහනකොට අපි දන්නව මේකෙ කියවෙන්නෙ මේ වගෙ මේ මේ ගීත විතරයි කියල. ඒත් ගීතයෙන් ගීතයෙ ගායකයින්ගෙ ගීත ගායිකාවන්ගෙ ගීත, මව්ගුණ ගීත, පියගුණ ගීත, බුදුගුණ ගීත, ප්‍රේම ගීත, විරහ ගීත, ඔය මෙකී නොකී ගීත ඔක්කොම කියවෙන්න පුලුවන් නේද? ඒකෙ නැද්ද අමුතු ආතල් එකක්? :)

      Delete
    2. රජ ගුණ ගීත?

      Delete
  3. අදත් යන්තං කුකුළ ඉගිලිලා ගිහිල්ල විතරයි.
    ඔය ලෑන්මාස්ටරේ වගේ කොණ්ඩෙ කපන එකෙන්නං මාත් කපල තියෙනව. වැඩේ කියන්නෙ ඕක ටිකක් පරණ උනාට පස්සෙ කැපිල්ල කොහොම වෙතත් කෙස් උගුල්ලල ගන්න එක. එතටකටෙනං ඉතිං බාබරයට කතුරෙන් අනින්න හිතෙනව.
    අර අන්තිමට කියපු නලුවො තුන්දෙනානං ඇත්තටම නලුවො කියන්න පුලුවං න‍ලුවො තමයි.

    රවීගෙ මාමණ්ඩිට නිවන් සුව !

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      මට උනේ ඔය ලෑම්මාට්ටරෙං කොණ්ඩෙ කපන කොට මට කුචි, මම බෙල්ල නමාගෙන ඇඹරෙනව කහඹිලිය ගෑවුනා වගෙ.ඒ නිසා ඒ බාබර් තුමා මගෙ කොණ්ඩෙ කපන්නෙ කතුරෙං විතරයි. කෑගල්ලෙ විද්‍යාල පාර පටන්ගන්න තැන තිබ්බෙ ඒ සැලූන් එක.

      Thanks ...

      Delete
  4. සැලුන් එකෙන් කොන්ඩේ කපල දිසාපති කන්තෝරුවට ගිහින් අලුත් මාළු කෑල්ලක් කාල කඩු ගන්නාවේ ගල යටින් ගිහින් ස්පෝර්ට්ස් නිවුස් අහල නිල් ආම්ස්ට්‍රෝන් වගේ මිදුලේ ඇවිදලා පිළිස්සු කුකුලෙකුත් එක්ක රාජකපුරු බලල රවින්ද්‍ර යසස් ගේ මස්සිනා චන්දෙ ඉල්ලුවට පස්සේ පබසරා බල බල ඉන්නකොට මාමණ්ඩිගේ පණ ගියාළු...

    කෝ බලන්න ඇඟිලි 2ක 4ක් වගේ පේනවද කියල මට!!!!

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔන්න බලාපං මල්ලි මේ එක පෝස්ට් එකක් ඇතුලෙ කොපමණ විෂය පරාසයක දැනුම් සම්භාරයක් විසිරිලා තියනවද කියල? සිංහලෙන් කිව්වොත් ටෝටල් පැකේජ් එකක්.

      බ්‍රිතාන්‍ය ඉතිහාසය, ශ්‍රී ලාංකික පරිපාලන ඉතිහාසය,දේශපාලනය, වාණිජ උපක්‍රම,යටත් විජිත යුගය, මහාමාර්ග ඉදිකිරීම, පූර්ව යටත් විජිත සමයේ උඩරට වැසියන්ගේ දඩයම් ක්‍රම,ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සන්නිවේදන ක්‍රමයේ විකාශය,ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ක්‍රමික විකාශය,හඬ නළුවේ ඉතිහාසය සහ විකාශය,දේශභිමානී ගීත කලාව,මහවැලි ව්‍යාපාරය, පේසාලේ ඛනිජතෙල් කැණීමේ ව්‍යාපෘතිය,හපුතලේ ප්‍රදේශයේ භූ විෂමතා ලක්ෂණ සහ සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රමවලට ඉන් ඇතිවන බලපෑම,වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයේ නැඟීම සහ බැසීම,ආදර්ශයට ගත හැකි ප්‍රබන්ධාත්මක ඉතිහාස කථා,ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉටු නොවුනු පොරොන්දු,යන්ත්‍රානුසාරයෙන් කෙස් කැපීමෙහිදී ගෙලෙහි ඇතිවන කිතිය පිලිබඳ විමර්ශනයක්,රජයේ චිත්‍රපට අංශයේ පරිහානිය,අමරිකානු අභ්‍යාවකාශ තරණයෙහි ක්‍රමික දියුණුව සහ ප්‍රථම සඳ ගමන, සූප ශාස්ත්‍ර විධි සහ ක්‍රම,වේදිකා නාට්‍ය කලාව සහ එහි ජනප්‍රියතාවයට නාට්‍ය ගීතවල බල පෑම,ආසියාවේ ආශ්චර්ය සහ විරුද්ධ පක්ෂයේ ඡන්ද අපේක්ෂකයින් රඟන චරිත රජයේ රූපවාහිනී නාලිකාවලින් අතුරුදන් වීම.නිළි රැජිනන් සහ නලු රජුන් සට්ටඹි සේවයෙහි දිවා රාත්‍රියෙහි නිරත වෙද්දී විරුද්ධ පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට පමණ සෘහුවූ අවශේෂ නළුවන්ගේ කශේරුකාව පිලිබඳ විමර්ශනයක්,

      ඉතිං බොල මේ මදිද?.....හෙහ්,හෙහ්,

      Delete
    2. අනේද කියන්නේ....

      Delete
    3. මේ ලැබුණු දැනුමෙන් මම අන්ද මන්ද වෙලා ඉන්නේ අයියේ... :D

      Delete
    4. පැතුම්,

      අන්ද මන්දයුරු ඔබෙ වත පවසයි මුළු හදවතක තතූ......
      ඉන්ද්‍රනීල මිණිසේම දෙනෙත්යුග නොකරමි දිනෙක රතූ.....

      Delete
  5. මම මුකුත් දැක්කෙත් නැහැ.. කියෙව්වෙත් නැහැ.. මතකත් නැහැ...

    මගේ ඩිග්රියට ඉගෙනගන්න කාලෙ රෙෆරන්ස් පොත් කියෙව්වට පස්සේ, මාගලක් වගේ එකක් කියෝලත් අන්තිමට මාතෘකාව චෙක් කරපු පළවෙනි පාර...

    ෂෝයි... මාරයි....
    මම කිව්වේ ඒ කාලේ ගත්ත පින්තුරේ! තාමත් පණ පිහිටුවල වගේ.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      See no evil, hear no evil. Speak no evil, ….. අන්න ඒ වගෙ didn't see, didn't read & don’t remember….:)

      Delete
  6. මචං, අර වෙළඳ සේවයයි, ස්වදේශීය සේවයයි තමයි ටික කාලෙකට දෙවෙනි සේවයයි පළමුවෙනි සේවයයි වුනේ. ඒක ආපහු තිබුණ විදියටම වෙනස් කලා පස්සෙ.
    ඒක කියන්නේ මෙහෙමයි.
    මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවෙනි සේවයයි.
    This is the channel two of the English Services...

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හරි බං 72 වගෙ තමයි ඔය පළවෙනි සේවය දෙවෙනි සේවය උනේ. 77 යූ. එන්. පී. එක ආහම ආපහු වෙළඳ සහ ස්වදේශීය උනා. සිංහල ප්‍රවෘත්ති කිව්වෙ සිරිල් රාජපක්ෂ, බර්ටි ගලහිටියාව, ශ්‍රිමා අධිකාරි, රත්නා ලංකා අබේවික්‍රම, සුමනා නෙල්ලම්පිටිය.. ඉංග්‍රීසි ජිමී බරුචා, විජය කොරයා, නිහාල් භාරතී සහ එරික් ෆර්නෑන්ඩෝ.

      Delete
    2. Amarabandhu Roopasingha... Before 77.....JR pappa interdicted him.

      Delete
  7. Machan I remember that jingle like this:

    Bristol is the
    one that gives you
    satisfaction,
    pleasure, flavor
    That's why Bristol belongs (tang tang tang)
    to the world
    to the world of today...

    ReplyDelete
    Replies
    1. Henry,

      Thank you machan, that's it yeah..I remember now ….:) I got some words mixed up..thanks for the correction

      Delete
  8. මම කියවන කියවන කෑල්ලට කමෙන්ට් දාපු නිසා අන්තිම කෑල්ල දැක්කේ දැන්.

    අපේ සාතිශය සංවේගය මාමණ්ඩියා වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි,

      Delete
  9. මේ මේ මේ... කරණවෑමි කතා බෑ මේකට පස්සෙ.. මං දාල තියෙන්නෙ කලින් ම ඕඩරේ...
    ජනු

    ReplyDelete
    Replies
    1. ජනූ,

      හරි බං හරි....කරණවෑමි කතාවල ඉස්සෙල්ලාම තියෙන්නෙ ප්‍රේම කතාවක් තමයි...මෙහෙමනෙ මම කිව්වෙ...හෙහ්,හෙහ්,

      / ඒකයි මම කිව්වෙ බාබර් සාප්පු සමඟ මගේ ඇසුර බොහොම දුරදිග ගිය එකක්ය කියල.ඔය සම්බන්දවම පොඩි පලහිලව්වකුත් තියනව මගෙ.. ආය ඔහෙලට ඉතිං කිව්වම මොකද? /

      ඔය පොඩි පළහිලව්ව කියන්නෙ ඉතිං ඒ ජාතියෙ සීන් එකක් තමයි. හරි, හරි ඉඳහංකො එහෙනං ..උඹ යමක් කිව්වම කරන්ටම එපාය. එහෙනං ඒ සීන් එක ගැන මුලින්ම ලියල ඉඤ්ඤා...හෙහ්,හෙහ්,

      Delete
  10. බාබර් ගෙදරටම එන එකට අපි නම් කියන්නේ මල්ලේ සැලුන් කියලා...

    ReplyDelete
    Replies
    1. Sa rasa

      අඩේ ඒකත් මරුනම..ආවුද ඔක්කොම මල්ලෙ හින්ද මල්ලෙ සැලූන්...හෙහ්,හෙහ්,

      Delete
  11. මයිකල් තිසේරා කවද්ද බං අනුර තෙන්නකෝන්ගෙ ඩිපියුටි වෙලා හිටියේ?අනික රංජිත් ප්‍රනාන්දු නැෂනල් ගැහැව්වෙත් නෑ නේද.අර අපි දවසක්දා කතාකරපු ලන්ත්‍රා ප්‍රනාන්දු නං මේ ඊයෙ පෙරේදා මියගියා.ඔය බාබර් සාප්පු දොරක් මගෙ ළඟ තියෙනවා දන්නව නං දෙන්න තිබ්බා.
    රවිගෙ මාමණ්ඩිට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. Helapa,

      / මයිකල් තිසේරා කවද්ද බං අනුර තෙන්නකෝන්ගෙ ඩිපියුටි වෙලා හිටියේ? /

      තිසේරා තෙන්නකෝන්ට වඩා සීනියර්..ඒක ඇත්ත. 1974 වෙනකොට තිසේරා ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලින් රිටයර් වෙල හිටියෙ. ඒ අවුරුද්දෙ ආපු අජිත් වඩේකර් කැප්ටන් කරපු ඉන්දියන් ටීම් එකත් එක්ක ගහපු මැචස් වල අපේ කැප්ටන් උනේ තෙන්නකෝන්. ඒත් 1975 පළවෙනි ලෝක ශූරතාවයට මයිකල් තිසේරත් තෝර ගත්ත. මිනිහ ඒ වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආය සෙල්ලම් කලේ නෑ. මම හිතන්නෙ වර්ල්ඩ් කප් එකකට සෙල්ලම් කරන එක සුලුපටු ගෞරවයක් නොවෙන නිසා තිසේරා එන්න ඇති ටීම් එකට. මනුස්සයගෙ සීනියෝරිටි එක සලකල වයිස් කැප්ටන්සි එක එයාට දුන්න. මේ ආටිකල් එක බලන්න හැලප.

      Tissera: Well that wasn’t a great experience. I was vice-captain on tour. We were playing in Manchester and it was cold. We got an absolute green top and after winning the toss they deliberated for a long time before putting us in. We found the conditions difficult as the ball moved around a lot and Bernard Julien bowled particularly well. They also had Andy Roberts and Keith Boyce and it was tough.

      / අනික රංජිත් ප්‍රනාන්දු නැෂනල් ගැහැව්වෙත් නෑ නේද. /

      රංජිත් ප්‍රනාන්දු 1975 වෙස්ට් ඉන්ඩීස් එක්ක ගහපු මැචස් වල අපේ විකට් කීපර් සහ ඕපනිං බැට්ස්මන්, පලවෙනි වර්ල්ඩ් කප් එකටත් මිනිහ සෙල්ලම් කලා.

      Thanks Machan,

      Delete
    2. 75 වරල්ඩ් කප් එකේ අපි ගහපු මැචස් තුනේම බැටින් ඕපන් ක‍ලේ රංජිත් ප්‍රනාන්දු තමා..

      Delete
  12. පලමුවෙන්ම මාමණ්ඩිට නිවන් සුව​.
    උදා ගී මමත් ආසම කරන වැඩසටහනක්.
    ආහල තියේද​? මේ ගීතය​. "මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරිනිසා- මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.". සුනිල් එදිරිසිංහ​.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      ස්තූතියි ....

      අපූරු ගීතයක්..රජී වෙල්ගම රචකයා....

      Delete
    2. kiyanna wachana naha.......rajee welgama nam tharunayaa liw aathalma geethayak. rohana miyusik mama hithannea.

      Delete
  13. කොත්තමල්ලි පානයෙ වැදගත්කම ගැන පිලිබඳව ඉස් ඉස්සෙල්ලම හොයාගත්තෙ මම. මෙන්න දැන් සුනිල් පෙරේරා ඒ ගැන සිංදුවකුත් කියල. ඔය ගැන නඩු දාන්ඩයි වටින්නෙ හරිනම්. ඒ මොක හරි දන්නවනෙ සුනිල් පෙරේරා වැඩක් කලොත් ආය එලකිරි සහ ජලයනෙ. ඉස්සෙල්ල සිංදුව බලල ඉන්ටකො. . මාව දැනුවත් කලේ අපේ ප්‍රියන්ත මලයා..තෑන්ක්ස් සෝ මච් මල්ලි..හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ha..ha.. niyama seen ekaknea ban. Thanks Priyantha... koththamalli walata wadaa niyamayi...koththa nangilaa set eka.

      Delete
    2. අරූ,

      ඒකනෙ බං කියලා වැඩක් නෑ..මේ යක්සය කොහෙං මෙව්ව හොයාගන්නවද මන්ද...:) ඉටි කිරිස් අංගනාවියො නැද්ද?...හෝදල බිව්වැහැකි කතාවක් නැතුව..එක පාරක් අර පිටි කොටපං නෝනේ සිංදුවටත් නිලන්ති ඩයස් එහෙම නියම ඩාන්ස් එකක් දැම්ම මතකද? ඔක්කොමත් හරි අන්තිමට මතට තිත කියන එකත් හරි...හෙහ්,හෙහ්,

      Delete
  14. රවි
    පලමුව මාමන්ඩිගේ අභාවය ගැන කනගා‍ටුව.විප්‍රවාසය කරනකොට ඔයවගේ අවස්තාවකට මූනදුන්නහම තමයි තේරන්නෙ ලංකාවෙ ඉන්න එකේ අගේ.
    ලිපිය කියෙව්වහම පරන කතා ගොඩක් මතක් වුනා.ඩී ආර් ඕ උන්නාන්සෙලට ඒ කාලෙ තිබ්බ බලතල වලින් දහයෙන් එකක්වත් මේ ලේකම්ලටනම් නෑ.ඔය ශ්‍රී ලංකාව ජනරජයක් වෙච්ච වෙලාවෙ මොකක්ද පරන වාසනාවකට මටත් ඒකට සහභාගී වෙන්න ලැබුනනෙ.මෙහෙමයි අපි එතකොට මහානාමෙ ඉගෙන ගන්න කාලෙ අටේ පංතියෙ,ඒ කියන්නෙ ලොකුම පංතිය.මටපිස්සුය කියල හිතන්න එපා ඒ කාලෙ කනිශ්ඨ විදුහල 8ඒ,8බී පංති දෙකයි.ඉතින් ඔය ජනරජයක් වෙන එකේ රාජ්‍ය උත්සවය තිබුනෙ නවරඟහලේ.අපිවත් ඉති ඉස්කෝලෙන් ගෙනිහින් රෝයල් එකේ එවුන් එක්ක පේලි ගහල තිබ්බ. ආපු ලොක්කො බොක්කොන්ව නම් දැක්ක.හොඳටම මතක තියෙන්නෙ හමුදාවෙන් තිබ්බ ආචාර වෙඩිමුර විතරයි.ආ තව කන්න බොන්නත් දුන්නා.ලමයි 1972 කොලඹ තිබුන හොඳම හෝල් එකේ තමයි ඔය උත්සවය තිබුනෙ.

    දැං ඔය සුද්දා ගල විද්දෙ නැතිනම් උඩරට අය තවම පහලට එන්න විදියක් නැතුව හිටිය කියන කතාවට තව පොඩි කෑල්ලක් එකතු වෙන්න ඕනෑ.ඔන්න දැන් සුද්දා ගල විදගෙන විදගෙන ගිහින් තව බොහොම පුංචි කොටසක් විතරලු ඉතුරු වෙලා තිබුනෙ.ඉතින් උඩරට මිනිස්සු මහ ගොඩක් ගලේ අනිත් පැත්තෙ ඉඳල කිව්වලු සර් මහන්සි වෙන්න එපා අපි මේ පැත්තෙන් තල්ලු කරල ඔය ටික බිම දාන්නම් කියල තල්ලු කරන්න පටන් ගත්තලු.ඉති මේ වැඩේ භාරව හිටිය කැප්ටන් ඩෝසන්ට හිතුනලු මෙහෙම කරන්න ගිහින් වැඩේ වරදින්න පුලුවන් කියල. මිනිහ පහල පැත්තෙන් ගිහින් කෑගහන්න ගත්තලු එපා එපා කියල මොන උඩරට කට්ටියට ඒක ඇහිල නෑ.තල්ලුවට හල කඩාගෙන වැටිල අනිත් පැත්තෙ හිටපු කැප්ටන් ඩෝසන්ව යට වුනාලු ඒකට. මිනිහව මැරිල තියෙන්නෙ එහෙම.

    ඔය අපි ගලෙන් උඩ කියල කියන අය කී දෙනෙක් දන්නවද ඔය කියන ගල තියෙන්නෙ කොහෙද කියල.ඕක ඔය කඩුගන්න්නාවෙ තියෙන එක නෙමෙයි.උඩරට පහතරට මායිම නුවර පාර හරහ යන්නෙ දනෝවිට හරියෙ තියන හැලගල හරියෙන්ලු.ඒකයි ඔය ගලේ කතාව මම අහල තියන හැටියට.

    ඔය වගා සංග්‍රාමය කාලෙ ගිය තව සිංදු දෙකක් තිබුනා රවිට මතකද ."ලෝකෙන් උතුම් රට ලංකාවයි,ලංකවයි සිරි ලංකාවයි" සහ "සැම දන මන දිනු සුජාත ධරනී".දෙකම ලියල තිබුනෙ අයි.එම්.ආර් ඒ.ඊරියගොල්ල කියන හිටපු ඇමතිවරයෙක්.ඒ කාලෙ තමයි ඉස්කෝලෙ ලමයි පැල හිටවන්න එහෙම ගියේ.ඔය කොලඹ ඉස්කෝලවල අයත් ගියා. ඔය රජයේ චිත්‍රපට අංශය ඒ කාලෙ ගමේ පන්සලට එහෙම ඇවිත් එලිමහනේ ඔය ප්‍රචාරක චිත්‍රපටි පෙන්නුවා මමත් කීප සැරයක් බලල තියනවා.පොක්ස්වාගන් කොම්බි වෑන් තිබුනෙ ජෙනරේටයකුත් ඒකෙම තිබුන මොකද හැම තැනම විදුලිය නැති නිසා.පන්සල් වත්තෙ පොල්ගහක තිරේ එල්ලල තමයි පෙන්නන්නෙ. ඩී.එස්.සේනානායක එහෙම ඉන්න ඒවත් පෙන්නුව මට මතකයි ඔය මින්නේරිය ගොවි ජනපද කරන කාලෙ හදපුවයෙ.

    බාබර් සාප්පුවක කතාවකුත් කියලම නවත්තන්නම්.ඔන්න දවසක් පිරිමි කෙනෙක් බාබර් සාප්පුවට ආවලු ලමයෙකුත් එක්ක.ඇවිත් කිව්වලු මෙයාගෙ කොන්ඩෙ කපන්න මම ඉක්මනට එන්නම් කියල .ඕක ඉතින් ඒ කාලෙ කොමන් ප්‍රැක්ටිස් එකනෙ.ඉතින් බාබර් ලමයගෙ කොන්ඩෙ කපල ඉවර වෙලා කිව්වලු තාත්ත එනකම් වාඩි වෙලා ඉන්න කියල.කොල්ල කිව්වලු ඒ මගෙ තාත්ත නෙමෙයි එයාව් මම දැක්කෙත් අදයි කියල.බාබර්ට මල පැනල අහනවලු එහෙනම් මොකටද ඔය ලමය එයා එක්ක ආවෙ කියල.කොල්ල කිව්වලු මම පාරෙ සෙල්ලම් කරකර ඉන්නකොට එයා මගෙන් ඇහැව්ව නිකන් කොන්ඩෙ කපාගන්න කැමතිද කියල ඒකයි මම ආවෙ කියල.

    රවි සුලෝහිතේට නේද ගියා කිව්ව.මමත් එහෙට ගියා 74 සිට77 ඒ ලෙවල් කරල අස්වුනා.මගෙ අන්තිම ක්ලාස් ටීචර් කෙමෙස්ට්‍රි කරපු රංජනී ද සිල්වා.මිස්.මේ කමෙන්ට් එක පෝස්ට් එකක් තරම් දිගයි.සමාවෙත්වා

    ReplyDelete
    Replies
    1. කුමාර,

      / පලමුව මාමන්ඩිගේ අභාවය ගැන කනගා‍ටුව./

      ස්තූතියි කුමාර....

      / ඩී ආර් ඕ උන්නාන්සෙලට ඒ කාලෙ තිබ්බ බලතල වලින් දහයෙන් එකක්වත් මේ ලේකම්ලටනම් නෑ /

      එහෙම කලේ දේශපාලකයො...තමන්ට ඕන විදිහට පරිපාලනයට ඇඟිලි ගහන්ට ඉඩ හදාගන්ට ඒ තනතුරට තිබ්බ බලතල ඔක්කොම කප්පාදු කලා. ඔය දිසාපති කියල තිබ්බ තනතුරු නාමය උනත් ලේකම් කියල වෙනස් කලේ ඒ බලාපොරොත්තුවෙන්ය කියලයි මට හිතෙන්නෙ. දැන් බලන්න දිසාපති කියන තනතුරු නාමයෙ තියෙන ගාම්භීර කම තියනවද ලේකම් කිව්වම.හැබැයි අනික් අතට දැන් ඔය ඉන්න පෙලක් ලේකම්ලගෙ ගනකම දැක්කම හිතෙනව මෙවුංට දිසාපති කියල තනතුරු නාමය තිබ්බ නම් කොහොම හිටියිද කියලත්.

      / රාජ්‍ය උත්සවය තිබුනෙ නවරඟහලේ./

      මම ඒ කාලෙ ඉගෙන ගත්තෙ කෑගල්ලෙ. අපිනම් ඉතින් කලේ උදේ රැස්වීමක් තියල ජාතික කොඩිය උස්සල සීරුවෙන් ඉඳල ආචාර කරල ජාතික ගීය එහෙම ගායනා කරපු එක. තව ඔය අධ්‍යාපන අධ්‍යක්ෂ ද කොහෙද ඇවිල්ල කතාවක් එහෙම කලා. ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම ආචාර පෙළපාලියක් පැවැත්තුව.

      / ඔය අපි ගලෙන් උඩ කියල කියන අය කී දෙනෙක් දන්නවද ඔය කියන ගල තියෙන්නෙ කොහෙද කියල.ඕක ඔය කඩුගන්න්නාවෙ තියෙන එක නෙමෙයි.උඩරට පහතරට මායිම නුවර පාර හරහ යන්නෙ දනෝවිට හරියෙ තියන හැලගල හරියෙන්ලු.ඒකයි ඔය ගලේ කතාව මම අහල තියන හැටියට. /

      ඒ කතාව මම දැනගෙන හිටියෙ නෑ..ඔය මායිමේ තියන ගල කිව්වම මමත් හිතාගෙන උන්නෙ ඔය කියන්නෙ කඩුගන්නාවෙ ගලටෙයි කියල.

      / ඔය වගා සංග්‍රාමය කාලෙ ගිය තව සිංදු දෙකක් තිබුනා රවිට මතකද ."ලෝකෙන් උතුම් රට ලංකාවයි,ලංකවයි සිරි ලංකාවයි" සහ "සැම දන මන දිනු සුජාත ධරනී".දෙකම ලියල තිබුනෙ අයි.එම්.ආර් ඒ.ඊරියගොල්ල කියන හිටපු ඇමතිවරයෙක්. /

      ඊරියගොල්ල මහත්මය 65-70 ඩඩ්ලිගෙ යූ.එන්.පී. ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමතිවරයා.හොඳ උගතෙක්. භාෂා විශාරදයෙක්. මනුතාපය සහ දේවතාපය පොත් දෙක එයාගෙ පරිවර්තන.

      ලෝකෙන් උතුම් රට ලංකාවයි සිංදුවනම් හොඳටම මතකයි..ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි. අප නිජ භූමිය ලංකාවයි, අප නිජ භූමිය ලංකාවයි..අනික් සිංදුවත් යන්තමට මතකයි වගේ...

      තව සිංදු දෙකක් මතක් උනා ඔන්න. කුමාරට මතකද? කුඹුරු බලා කඩිමුඩියේ ඇළ මත්තේ ජලය පිරේ..කුඹුරු බලා කඩිමුඩියේ ඇළ මත්තේ ජලය පිරේ...එච්චරයි ඒකෙ මතක..අනික් එක...දෑ කාමී පුත් රුවනක් පියබඳ මට ලබාදෙන්න..ඔබේ ලෙයින් ...මගේ ලෙයින්...

      / ඔය රජයේ චිත්‍රපට අංශය ඒ කාලෙ ගමේ පන්සලට එහෙම ඇවිත් එලිමහනේ ඔය ප්‍රචාරක චිත්‍රපටි පෙන්නුවා මමත් කීප සැරයක් බලල තියනවා.පොක්ස්වාගන් කොම්බි වෑන් තිබුනෙ ජෙනරේටයකුත් ඒකෙම තිබුන මොකද හැම තැනම විදුලිය නැති නිසා.පන්සල් වත්තෙ පොල්ගහක තිරේ එල්ලල තමයි පෙන්නන්නෙ. ඩී.එස්.සේනානායක එහෙම ඉන්න ඒවත් පෙන්නුව මට මතකයි ඔය මින්නේරිය ගොවි ජනපද කරන කාලෙ හදපුවයෙ. /

      යස්..ඔය චිත්‍රපට පෙන්නකොට පටන් ගද්දි සහ විවේක කාලයෙන් පස්සෙ පෙනපුවට අමතරව මාසෙකට සැරයක් වගෙ රජයේ චිත්‍රපට අංශය ඇවිල්ල පැයක් වගෙ චිත්‍රපට පෙන්නුව. මම ඔව්ව බැලුවෙ කෑගල්ලෙ නගර ශාලාවෙ මිදුලෙ. නගර ශාලාවෙ පිටිපස්සට වෙන්ට තිබ්බ ඒ කාලෙ නාගරික පුස්තකාලය.ඕක ඉස්සරහ යකඩ බට හිටවල රාමුවක් හදල තිබ්බ ඔය චිත්‍රපට වැඩේටම මම හිතන්නෙ.ඒකෙ තමයි තිරේ එල්ලන්නෙ. ආපු වෑන් එක වෝක්ස් එකක්ද කියල නම් මතක නෑ. ඒත් පිටිපස්සෙ නම්බර් ප්ලේට් එක ගහල තිබ්බෙ වහල මට්ටමේය කියල නම් මතකයි.

      / රවි සුලෝහිතේට නේද ගියා කිව්ව.මමත් එහෙට ගියා 74 සිට77 ඒ ලෙවල් කරල අස්වුනා.මගෙ අන්තිම ක්ලාස් ටීචර් කෙමෙස්ට්‍රි කරපු රංජනී ද සිල්වා.මිස්. /

      මම ගියෙ කුමාර 77 ඉඳල 81 දක්වා. අපිට කෙමිස්ට්‍රි කලේ සෝමා සිල්වා මැඩම්. අපේ ක්ලාස් ටීචත් එතුමියම තමයි.කලින් පන්ති භාරව හිටියෙ ජයදේව පෙරේරා සර්.රංජනී මැඩමුත් මට මතකයි.

      / මේ කමෙන්ට් එක පෝස්ට් එකක් තරම් දිගයි.සමාවෙත්වා /

      පිස්සුද බං ..මොකටද සමාවක් ආය..පරණ පාසල් සගයෙක් මුණගැහිච්චි එක කොච්චර එකක්ද?

      Delete
    2. 'සැම දන මන දිනු සුජාත ධරනී...' ගීතය හැදුවෙ 'ජන ගන මන අධිනායක ජය‍හේ...' තනුවට. ඉස්සර ආදි කාලෙ රන්වල සර් අප‍ට ඕක ඉගැන්නුවා යාන්තටම මතකයි.

      Delete
    3. රන්වල සර් අපේ පාසලෙත් හිටියා ආනන්දෙට යන්න ඉස්සෙල්ලා.

      Delete
  15. //පිස්සු බල්ලො වතුර හොයං යනව වගෙ තමයි හොයාගෙන යන්නෙ. //

    උන් වතුරට කැමති නැලු නේද

    ReplyDelete
    Replies
    1. අටම්,

      පිස්සු බල්ලො වතුර හොයාගෙන දුවනවයි කියලයි මම අහල තියෙන්නෙ. ඒත් වතුර හම්බ උනාට ඌට වතුර බොන්න බැහැලු. උගුරෙ මාංශ පේශි හිරවෙලා තියෙන්නෙ. වතුර බොන්න ට්‍රයි කරල ඌ එතනම වැටිල මැරෙනවලු. ඒ එක කතාවක්.ඌට වතුර පෙන්නන්න බැහැ කියල කතාවකුත් තියනව අටම් කිව්ව වගෙ. පිස්සු බල්ලෙක් පන්නං එනවනම් හොඳම වැඩේ වතුර බාල්දියක් ගහන එකය කියලත් කියනව...:)

      Delete
  16. 70 - 77 කාලේ ගැන කියලා තියන විස්තරය නිසා නැවතත් සිතින් ඒ අතීතයට ගියා. මතකද යශෝධා විමලධර්මගේ තාත්තා රවිලාල් විමලධර්ම කරපු ගී අම දහරා වැඩසටහන. ලූෂන් බුලත්සිංහල කරපු, පස්සේ ප්‍රේමකීර්ති ද අල්විස්ට භාර වුනු සඳැල්ල. ඔබට වගේම මටත් අර නිරංජලා සරෝජිනී/කරුණාරත්න අමරසිංහ හිටිය කතාවේ නම මතක නැහැ. මටනම් හිතෙන්නේ ටෙලි නාට්‍යයක් බලනවාට වඩා මේ ගුවන්විදුලි නාට්‍ය වලින් අපි රසයක් වින්දා කියලයි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඔබ කියන්නෙ රවිලාල් විමලධර්ම කරපු හින්දිගී ත වැඩ සටහනද? අර හින්දි ගීතයෙ අර්ථයත් පහදල දෙන්නෙ...ඒකද? …...සඳැල්ල ගැන නම් මතකයක් නැත.

      මොරපාතොට අප්පො හිටපු කතාවෙ නම මතක් වෙන්නෙම නැති හැටියක්..මම මේ ඊයෙ ඉඳලම කල්පනා කරනව....හෙහ්,හෙහ්, ඒ ගුවන් විදුලි නාට්‍යවල තිබ්බ හද බැඳ ගන්නා අපූර්වත්වය තමයි විචාරක හඳ කැවූ ශිල්පීන්ගේ දක්ෂතාවය සහ පෞරුෂත්වය.අවශ්‍ය තැන්වලදි හඬ උස් පහත් කිරීම, හැඟීම් දනවන අයුරින් හඬ පාලනය...

      තව අපූරු කතාවක් ගියා කෝට්ටේ සහ සීතාවක යුගය අලලලා..මායාදුන්නේ, සීතාවක රාජසිංහ, දොන් ජුවන් ධර්මපාල, භුවනෙක බාහු, වීදිය බණ්ඩාර, සමුද්‍ර දේවී ඔක්කොමල හිටිය ඒකෙ.

      Delete
    2. ඔව් මම කිව්වේ ඔබ කියා තිබෙන හින්දි ගී වැඩසටහන තමයි. සීතාවක යුගය අලලා කල කතාවේ වීදිය බණ්ඩාර චරිතය කලේ අද ජීවතුන් අතර නැති රන්ජිත් සුරංග නමැති ශිල්පියා. ඔහුගේ හඬ පෞරුෂය ඉතා ඉහලයි. හන්දියේ ගෙදර කතාව අහලා ඒ කාලේ කොයිතරම් සතුටක් වින්දද? ඒ කතාවේ අර නිවසේ කට සැර මෙහෙකාරියගේ චරිතය කල චිත්‍රා රංජනී අබේසිරි, රන්හොටී මහත්තයාගේ චරිතය කල අද ක්‍රිකට් විචාර කරන කමල් දේශප්‍රිය, මැඩම් ගේ චරිතය කල මර්සි එදිරිසිංහ, කවදාවත් අමතක වෙන්නේ නැහැ.

      Delete
    3. Ranjith Suranga athi dhakasha rangana shilpiyek... miya giya bawa dhannea adhayi.

      Delete
    4. Wicharaka & Aru,

      රංජිත් සුරංගගෙ පෙනුම. කටහඬ , ඒ වගේම රඟපෑම ඔක්කොම හෙණ ගාම්භීරයි. 87, 88 වගෙ රංජිත් සුරංග ප්‍රධාන චරිතය රඟපාපු ටෙලි නාට්‍යයක් මාර විදිහට ජනප්‍රිය උනා.රංජිත් සුරංග රඟපෑවෙ බොහොම අඟහිගයෙන් පෙලෙන නාට්‍ය ශිල්පියෙක් විදිහට. අචලා අලස් මතකද? අප්පට සිරි ඒ දවස්වල අචලා කිව්වම ආය නෑ...අපිට පිස්සු වාගෙ...හෙහ්,හෙහ්,

      අචලා හිටියෙ ඉහල පංතියෙ සල්ලිකාර කෙල්ලෙකුට.. අචලටත් තියනව නාට්‍ය පිස්සුව..කොහොම හරි මේ දෙන්න සෙට් වෙනව නාට්‍යය පුහුණු වීම කරද්දි. පස්සෙ දෙන්න තනි කැමැත්තට බඳිනවද කොහෙද? මට එතනිං එහාට කතාව මතක නම් නෑ,

      පලි - රමණි බතෝලමියුස් මතකද?

      Delete
    5. රවි
      මේ කියන්නෙ "මිහිකතගෙ දරුවෝ" නේද? ධම්ම ජාගොඩ ගේ ටෙලි නාට්‍යයක්.

      Delete
    6. ඇනෝ,

      අන්න හරි.." මිහිකතගේ දරුවෝ " තමයි. ඔන්න බලමු මෙච්චර මතක් කලා ඕක මතක් නොවුනු හැටි....ස්තූතියි ඇනෝ...:)

      Delete
  17. මචං රවී,
    උඹේ ලිවිල්ලත් අර හඩ්ඩගෙ රට යන අත වගේ. කියවගෙන යන විදියට අහගෙනයනවා මෙලෝ තේරුමක් නැතිඋනත්. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ...:)

      මෙව්වයෙ තේරුම් හොයන්ට යන්ට එපා..මගේ Nostalgic Remembrances නොහොත් අතීතකාමී ආවර්ජනාවන් පමණි. Nothing more, nothing less....:)

      Delete
    2. Pra,

      Thanks so much, Reminiscences is the exact word, when you say remembrances, it's more akin to tribute or commemoration. :)

      Delete
  18. රවියෝ....මම දැන් උඹේ පෝස්ට් කියවන්නේ කොටසින් කොටස. මම ආස නැහැ ඔක්කොම එක පාර වලඳන්න. ඒහෙම නැත්නම් කෑවේ මොනවාද කියලා අමතක වෙනවාට වඩා, රසය ග්‍රහනය කරගන්න බැරි නිසා.

    ////දැං ඔය කඩුගන්නාවෙ ගල විදපු එක බලමු. /// ඔතනට වෙනකම් වෙච්ච දඟර නැටුම් සහ 1960 විතර වෙනකම් වෙච්ච දේවල්, අපේ ඩිස්කෝ නටපු දේසපාලුවෝ ගැන, සාක්කි සහිතව තියෙනවා, ඉන්දික පෙරේරා..සියරට පුවත් පත අදාලව ලියපු පොතේ.

    ඉතිරි කෑලි රහට කියවලා...රහ කමෙන්ට් එකක් දාන්නම්. අද දරුවා ඇවිත් නිසා එයාගේ කතා අහගෙන ඉන්නවා. ඒ නිසාම නෙමේ. මම ආසයි උඹේ කතා නිදහසේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. මචෝ...ජගත් චම්පික කියනවාට වඩා ජගත් බෙනරගම කියලාම දාපන් .ඒක උගේ දක්ෂ රඟපෑමට කරන උපහාරයක් වෙයි. නැත්නම් එක එක හාල් පොරවලුයි..ඕකාවයි පැටලෙයි.

      Delete
    2. අරූ,

      හරි බං නෝ ප්‍රොබ්ලම්..අඩේ මේ ඒක නෙවෙයි දෝණියන්දැ ඇවිල්ල ඉන්නවනම් කියාපං මම සුබ පැතුවයි කියල. ආරංචිය දැනගත්තු හැටියෙම සුබ පතන්ට හිතාගෙන හිටියත් කොහොමින් කොහොමින් හරි වැඩේ මඟ ඇරුන.

      Delete
    3. //කියාපං මම සුබ පැතුවයි කියල. ආරංචිය දැනගත්තු හැටියෙම සුබ පතන්ට හිතාගෙන හිටියත්// ???????????????????

      Delete
    4. Damith,

      aruge adaviya says:
      July 7, 2014 at 1:23 pm

      අපි දෙන්නාට අද හරි සතුටු දවසක්. අපේ දුවගේ ෆයිනල් රිසල්ට්ස් ආවා.ෆස්ට් ක්ලාස් එකකට ලකුණු දෙකක් මදි. කාටද ආඩම්බර…

      Upper 2:1…Bio Medical Science. (හිතේ සතුට නිසා ලිව්වේ. ගණන් ගන්න එපා.)

      Delete
    5. අප්පද බොල මම දැන්නෙ දන්නෙ.කලින් දැක්කෙ නැ.අරු අයියෙ මෙතනම සුභ පතන්නම් බොක්කෙන්ම.බොගෙ බ්ලොගෙ ලියපු තැන හොයා ගන්න බැ.

      Delete
    6. Aru, Congrats !

      Ravi ( & Mrs. W ), belated condolences.

      Delete
    7. ස්තූතියි.. මචංස්ලා!!!

      Delete
  19. මේ කියලා තියෙන කාල පරාසය ගැන ඉතින් අපි මොනවා කියලා කියන්නද රවී අයියේ.. ඒ හන්දා කියවා රසවිදිමි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      හෙහ්,හෙහ්, නිකං කියපං මල්ලි..උඹල නොදන්න යුගයක්නෙ ඒ..එහෙමත් දේවල් සිද්ද උනා නේද කියල දැනගන්ට විතරක් කියවපං ( කියවන්ට හිතෙනව නම් විතරක් ) හෙහ්,හෙහ්,

      Delete

  20. මුලින මාගෙ අභාවය ගැන අපෙ කන්ගාටුව.හැබැයි වෙලාවට දැනගත්තනම් පුලුවන් කෙනෙක් ඔබ වෙනුවෙන් සහභාගි වෙන්න තිබුන නේද.අපිනම් ඉතින් දුර නේ.හැබැයි යන්න සෙට් වුනොත් යනවම තමයි.
    ඔය සැලුන් දොරට සින්දුත් තියෙන්නෙ
    භාගෙට සැලුන් දොරෙන් රින්ගා කියල
    ඔය කවුබොයි ෆිල්ම් වල රෙස්ටුරන්ට් වල තියෙන්නෙත් ඔය දොරමයි .

    "සොදුර මට සමුදෙන්න සමුදෙන්න
    ඇතගමෙ සරු පස පෙරලන්නට මම යනවා හෙට උදැසනින්"
    එක නියම සින්දුව.මාර ලස්සනයි

    දැන් සැවුලගෙ කතාව කිවුවද මෙතන

    ReplyDelete
    Replies
    1. Damith,

      / මුලින මාගෙ අභාවය ගැන අපෙ කන්ගාටුව. /

      Thanks Damith,

      / ඔය කවුබොයි ෆිල්ම් වල රෙස්ටුරන්ට් වල තියෙන්නෙත් ඔය දොරමයි . /

      ඔව්, දමිත් ඔබ හරි..ඒ කාලෙ මත්පැන් බාර් වල දොරට සවිකරල තිබිල තියෙන්නෙ ඔය වවුල් දොරවල් තමයි. බාර්වලට ඒ කාලෙ කියල තියෙන්නෙත් සැලූන් කියල. For a few dollrs more ෆිල්ම් එකේ මේ සීන් එකේ එහෙම දොරක් තියනව. ඔය ෆිල්ම් එකේ ටියුන් එකට මම හරිම ආසයි ඒ කාලෙ. සෑහෙන උත්සාහයක් අරගෙන ඕක පුරුදු උනා හරියටම ෆිල්ම් එකේ විදිහටම උරුවම් බාන්ට...අද මේ යූ ටියුබ් වීඩියෝ එක බලන ගමන ආයම ඒ තාලෙ ගැහැව්ව. අවුලක් නෑ සෑහෙන හොඳට ආව මේ අවුරුදු ගානකට පස් සෙ උනත්.

      For a few dollrs more, Fistful of dollars, The good, the bad & the ugly, High plains drifter, Unforgiven…. ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ ඔව්ව ඔක්කොම ක්ලැසික් ෆිල්ම්ස් තමයි.

      / දැන් සැවුලගෙ කතාව කිවුවද මෙතන /

      අනේ බං මාව අල්ලගන්ට එහෙම එපා ඔව්වට..දෙයියම්ප..මම නං කිව්වෙ නෑ...මේ ඇත්තම ඇත්ත.

      Delete
  21. සොදුර මට සමුදෙන්න ඩී,ඩී ගුණසේනගේ සින්දුවක් තමයි.අර වයලින් එක ගහන්නේ.
    ඔය යුගේ අපි ඉපදිලා නැතුවා රවීයියේ,ඔය උඩරට,පාතරට බෙදීම ඉස්සර තරම් නැතත් තාමත් තියෙනවා නොවැ.ඔය ඉරිදා පත්තරවල යන මංගල දැන්වීම් වල තියෙන්නේ "උඩරට රදළ"එහෙම කියලා.
    අනේ ඇත්තට අම්මපා මේ අබ ඇටයක් තරම් රටේ තරම් බෙදීම් නැතිව ඇති ලෝකේ වෙන කිසිම රටක.ජාති,කුල,ආගම් විදියට විතරක් නොවේ ප්‍රදේශ අනුවත් බෙදිලා.මේ වර්ග සැතපුම් 65210 මෙහෙම බෙදිලා නම් රට තව ටිකක් ලොකුනම් කොහොමට බෙදේවිද?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / සොදුර මට සමුදෙන්න ඩී,ඩී ගුණසේනගේ සින්දුවක් තමයි.අර වයලින් එක ගහන්නේ. /

      රූපවාහිනී වාදක මණ්ඩලයෙ ඒ දවස්වල හිටිය අතිදක්ෂ වයලීන් වාදකයො තුන් දෙනෙක්, තිස්සසිරි පෙරේරා, කලණි පෙරේරා සහ ඩී.ඩී. ගුණසේන.

      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      ඈත ගමේ සරුපස පෙරලන්නට,
      මා යනවා අද උදෑසනේ, මා යනවා අද උදෑසනේ,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,

      ගමේ තුරුහිස් අතර පාවී, සවන වැකෙනා කුරුළු ගීතය,
      ඔබේ මුදු පිය වදන් වාගේ, ඔබේ මුදු පිය වදන් වාගේ,
      නිවාලනු ඇත මගේ සරතැස,නිවාලනු ඇත මගේ සරතැස,

      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,

      අස්වනු පීදී කරලින් බරවී, මුළු රට ඉතිරේ ජයපානේ,
      ඉර හඳ පායන වසන්තයේ, ඉර හඳ පායන වසන්තයේ,
      අපි බොමු මංගල ජය පානේ, අපි බොමු මංගල ජය පානේ,

      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,
      ඈත ගමේ සරුපස පෙරලන්නට,
      මා යනවා අද උදෑසනේ, මා යනවා අද උදෑසනේ,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න ,
      සොඳුර මට සමුදෙන්න, සමුදෙන්න,


      / වර්ග සැතපුම් 65210 මෙහෙම බෙදිලා නම් රට තව ටිකක් /

      ලංකාවෙ වර්ග ඵලය මල්ලි වර්ග කිලෝ මීටර 65,610. වර්ග සැතපුම් නම් 25, 330ක්.

      Delete
    2. //ලංකාවෙ වර්ග ඵලය මල්ලි වර්ග කිලෝ මීටර 65,610. වර්ග සැතපුම් නම් 25, 330ක්.//

      ස්තුතියි රවී අයියා වරද හැදුවාට...:)

      Delete
  22. //පේසාලෙ තෙල් හම්බ උනාය කියල මහ විසාල නාඩගමක් නැටුව ආණ්ඩුවෙන් මයෙ හිතේ 75 වගෙ වෙන්න ඕන
    බොල උඹේ මතකේ තමා මතකේ
    http://www.divaina.com/2012/02/20/mano01.html
    ඔය තියෙන්නේ තෙල් පෙන්නපු හැටි ටොන් එකකට සත පහයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිකං...:)

      Delete
  23. මධ‍යම සංස්ක​ෘතික අරමුදලේ සංස්කෘතික ති‍‍‍‍කෝණය මගින් කල වැඩසටහන මතකද​? නම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මොන වැඩ සටහනක් ගැනද ඔය කියන්නෙ? රේඩියෝ එකේ ගිය එකක්ද?

      Delete
  24. ඔය බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු සිංහල ප්‍රචාරයේ තේමා ගීතය මතකද;
    නව දුම් රැල්ලයි -සිත සැනසිල්ලයි
    කවුරුත් ඉල්ලයි- බ්‍රිස්ටල්ල් ........

    මන් දන්නා කාලේ ප්‍රේමසර තමයි සිංහලන් විස්තර කියෙව්වේ

    රවී , කොච්චර පඳුරු තැලුවත් ගැම්මක් සමග රහක් තියෙන ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. Thilake....cricket sinhalen issellaama kiwwea Palitha perera. Amarabandu Rupasinha, Carlton Senevirathna wagea aya. premasarawa genaaweth Palitha Perea. H.M.Gunasekara...sinhala cricket wenuwen loku wada kotasak karaa.

      Delete
    2. Thilak,

      නව දුම් රැල්ලයි -සිත සැනසිල්ලයි
      කවුරුත් ඉල්ලයි- බ්‍රිස්ටල්ල් ........

      මේ ඔබේ බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු වාර්තා කරු..ප්‍රේමසර ඈපාසිංහ...

      සිංහලෙන් බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු ප්‍රචාරය උනේ සතියට එක පාරයි ඉරිද රෑ 8.15 ට.

      බොහොම ස්තූතියි තිලක්...:)

      Delete
  25. oya deshabimanee geetha walata ekala hitapu Deshapalana upahasakatha liyapu Gathkaru Sisira Kumara Maanikkaaarachchi (ohu wirudda desapalanaya kale) ohuliyapu "SAGARAYAK MEDA AMANA RATAKETHA" saha "SIRI LANKA ILLANKA" kiyana pothwala Kiwwe "KUNUKELA SAAJJE" (RANJAN-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. රන්ජන්,

      සිසිරකුමාර මානික්කආරච්චි කියන්නෙ රටකට ඉන්ට ඕන පුවත්පත් කලාවේදියෙක්. විශේෂයෙන් අපෙ වගෙ අමන පාලකයොයි අමන පාලිතයොයි රැලක් ඉන්න රටකට. එතුමාගෙ පොත් ඔක්කොම වගෙ මම කියවල තියනව. සාගරයක් මැද අමන රටක් ඇත. මෙහෙම රටක් තව තුන්ලෝකයෙවත් නැත. තියුණු කර්කශ උපහාසයට ඒ මනුස්සය තරම් සමතෙක් තව හිටියෙ නෑ. ආයෙ ඇතිවෙන එකකුත් නෑ.

      උපහාස කවිපොතක් තිබ්බ මට දැන් නම මතක් වෙන්නෙ නෑ...මරු වචන වගයක් පාවිච්චි කලා එතුමා. මනෝසීල, සඟටොප්, ඉස්පුට්නික්, අලහොදි, ගල්බමුණා, හිටපං මචං...77 යූ.එන්.පී. එක දිනුවම මම හිතන්නෙ ලේක් හවුස් එකේ කර්තෘ මන්ඩල අධ්‍යක්ෂ වගෙ තනතුරකට පත්කලා. ඒත් අනිවාර්යයෙන්ම ඒ වගෙ අධීන මනුස්සයෙකුට වැඩිකල් ඔය පක්කලිත් එක්ක වැඩ කරන්ට බෑනෙ, අස්වෙලා ගියා.වැඩි කලක් ගියේ නෑ මියගියා මට මතක විදිහට.

      දෙවියො ගැන ලියල තිබ්බ හරිය තමයි අනර්ඝ. 70 අවුරුද්දෙ වගෙ කතරගම දේවාලෙ කොත හොරුඅරංගියා.මම හිතන්නෙ අදටත් ඒකට වෙච්චි දෙයක් නෑ. මානික්ක ආරච්චි මහත්තය ලිව්ව. "දේවාලෙ කොත නෙවෙයි දේවාලෙ හොරු ගලවගෙන ගියත් අපේ අමන හරක් රැල කතරගම වඳින්ට පූජා වට්ටිත් උස්සගෙන යන එක නවත්තන එකක් නෑ. මේ හරක් හිතන්ට ඕන නේද යකෝ තමන්ගෙම දේවාලෙ කොත අරක්සා කරගන්ට බැරි දෙයියො කොහොමද අපිට ආරක්සාව සලසන්නෙ කියල..නෑ එහෙම කොහෙද? අනේ අලුතින් දෙයියො කොතකුත් දාගන්ට එපාද කියල වෙනද දෙන පඬුර ඩබල් කරල දෙයි ...."

      තව ලියල තිබ්බ මෙහෙම " ඔය ගෑණු ගිහිල්ල බාරවෙනවනෙ තමන්ගෙ මිනිස්සු වෙන ගෑණු එක්ක සම්බන්ද කම් පවත්තන එක වලක්කල දෙන්නෙයි කියල. මරු මිනිහගෙන් පිහිටාරක්සාව ඉල්ලන්නෙ. තමන්ගෙ ගෑණිට හොරෙං මහරෑ දෙගොඩ හරියෙ හොරගෑණි ගාවට යන දෙයියෙක්ගෙං තමයි අරම ඉල්ලන්නෙ. මෙව්වට හිනාවෙන්ට වෙන්නෙ කටෙන් නෙවෙයි "

      සාගරයක් මැද පොතේ ඔය ඊශ්වර,බ්‍රහ්ම,ශක්‍ර දෙය්යො ගැනත් ලියල තිබ්බ පටි රෝල් වෙන්ට.

      ස්තූතියි රන්ජන් ….ඒ වගෙ වටිනා කියන මනුස්සයෙක් ගැන මතක් කලාට. මම මෙච්චර කාලෙකට කවුරුවත් එතුමා ගැන කතාකරනව අහලම නෑ. මම ඒත් හිතාගෙන හිටියෙ එතුමගෙ පොත් කියවල තියෙන්නෙ මම විතරක්ම වෙන්නැති කියල. අන්තිමට ඔන්න තවත් එක්කෙනෙක් හරි හම්බ උනා. බොහොම සන්තෝසයි. බොහොම සන්තෝසයි.

      Delete
    2. රවි
      සිසිර මහත්තයගෙ පොත් සෙට් එක මගෙ ලඟ තිබුනා දැන්නම් හොයාගන්න බෑ.මතකද සායි බබාව විවේචනය කරල තිබුනහැටි.අර තෙල් ගනන් ගිය දවස්වල ලියල තිබුන එයාව ගෙන්නල ඔය බේරෙ වැවේ වතුර පෙට්‍රල් කර ගත්ත නම් අපි ගොඩ කියල.ඒ ටැලන්ට් එක තියන වෙන කෙනෙක් මම තවම දැක්කෙ නෑ.හරියටම ප්‍රෙමකීර්තිව නැතිවුනා වගෙ.

      Delete
    3. කුමාර,

      හරියටම හරි උදාහරණය..ප්‍රේමකීර්තිත් ඒ වගෙ මනුස්සයෙක්...කෝටියකින් එකෙක්...අර කතාවට කියන්නෙ දෙයියො එහෙම මිනිස්සු මවල අච්චුව කඩල දානව කියල..

      " The God broke up the mould after making him……"

      ඔය සායිබබා පෙට්‍රල් හදපු කතාව මට මතකයි. කවුද බාබාගෙ අනුගාමිකයෙක් පෙට්‍රල් නැතුව වාහනේ නතර වෙලා ඉන්දැද්දි වතුර බෝතලයක් අරගෙන සායි ලොක්ක සිහිකලාම වතුර පෙට්‍රල් උනාය කියන කතාව...හෙහ්,හෙහ්,

      Delete
    4. "යනු කී හෙයින්" - සිසිර කුමාර මානික්කාරච්චි

      Delete
    5. ඔබලාට මතකද සිසිර කුමාර මහතා ලියු පොත් වල නම් එහෙම? මෙතන ටිකක් තියනවා

      Delete
    6. නිකං,

      ස්තූතියි.......

      Delete
  26. රවීලා කොන්ඩේ කපන කාලේ කාන්තාවන්ට වෙනමම සැලෝන් තිබ්බේ නෑ නේද? මට මතක කාලේ අපි මුලින්ම කොන්ඩේ කපන්න යන කාලේ වෙනකොට සැලෝන් තිබ්බේ ඔක්කොමලට එකයි ටිකක් මොඩර්න් වෙච්ච ඒවා ඩිස්කෝ සැලෝන් ද කොහෙද?
    පොඩිම කාලේ අපෙත් ගෙදරට ඇවිත් කොන්ඩේ කැපුවා. ඒ මනුස්සයා කතුරු හොල්ලන සද්දේට ආයේ අඟලක්වත් එහා මෙහා වෙන්නේ නෑ බයටම හෙල්ලුනොත් කණේ කෑලිත් නෑ කියලා ඒ පොඩි කාලෙත් අපිට තේරුන හින්දා.

    මාමණ්ඩිගේ වියෝව ගැන මගේ කණගාටුව පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. රංගි,

      / රවීලා කොන්ඩේ කපන කාලේ /

      මොකද්ද බොල ඒ කතාව? ඇයි දැං අපි කොණ්ගෙ කපන්නෙ නෑ කියලද ඔය කියන්නෙ? දැනුත් කොණ්ඩෙ කපනව බං ඉතුරුවෙලා තියන සොච්චම හරි..එන්ට එපා දන්නවද..හුහ්.....:)

      / රවීලා කොන්ඩේ කපන කාලේ කාන්තාවන්ට වෙනමම සැලෝන් තිබ්බේ නෑ නේද? /

      අපොයි නෑ. නුවර ටවුමටම ඔන්න තුනක්ද කොහෙද තිබ්බ. එච්චරයි. ඔය අපෙ ගෙවල් අහල පහලනම් තිබුනෙම නෑ. හැබෑට ඒ කාලෙ බබලත්තු මම හිතන්නෙ ගෙදරම කොණ්ඩා කපාගන්ට ඇති...

      / මාමණ්ඩිගේ වියෝව ගැන මගේ කණගාටුව පිළිගන්න /

      ස්තූතියි රංගි.....

      Delete
  27. මචං අයියේ... දැන් මම මේක කියවගෙන යනකොට මහ පුදුමාකාර හැඟීම් ගොඩාක් දැනෙන්නේ... "භාව අච්චාරුවක්" කොටින්ම... සමහර ඒවා මගේ කාලෙට වඩා පරණයි... අපේ තාත්තට ලැබුණනෙ ඔය ප්‍රාදේශීය ලේකම් තනතුරක්, දුෂ්කර පලාතක. මේ 90 වගේ කාලේ. ඒ වුණාට බෝඩ් ගහලා තිබ්බේ Assistant Government Agent කියලා, සිංහලෙන්. A.G.A. මහත්තයා කියලා තමයි වැඩි දෙනෙක් කතා කලේ. සමහරු පුරුද්දට 'ඩීයාරෝ' මහත්තයා කියලත් කිව්වා.

    පෙබරවාරි 4 ජාතික වීර දිනය වෙලා ආයෙත් නිදහස් දිනය වෙලා එහෙනං... සොඳුර මට සමු දෙන්න ගීතයට අපි 'සමු' නැතුව වෙන වෙන ඒවා දෙන්න කියලා කිව්වා.. ඩී.ඩී ගුණසේන දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ... මෑතකදී තිබ්බ මාලිනී රණසිංහ උපහාර පිරිනැමීමේ උත්සවයකට අපි ඉන්න නගරයටත් ආවා. බොහොම අහිංසක මනුස්සයෙක්. ඩී ඩී ගෙ වයලින් වාදන ගැන දයානන්ද රත්නායකත් ලියලා තිබ්බා විස්තරාත්මක ලිපියක්. බැද්දගේගෙ ඔය හපුතලේ සිංදුව මම ඇහුවේ බොහොම මෑතකදි... මම පුදුම විදිහට කැමතියි ඒ සිංදුවට... අනාගතේ සුභ සිහින දකිමින් යන අහිංසක කරත්තකාරයෙක්... මේ වගේ දේවල් කිව්වහම.. යුද්දේ ඉවර වුණහම මිනිස්සුන්ගේ හිතේ කොච්චර නම් සුභ සිහින ඇඳෙන්න ඇතිද? මේ කරත්තකාරයා හීන දැකලා දැකලා "හා යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා" කියපුවහම මට වෙලාවකට හිතෙනවා අර හීන, හීන විතරක්මයි කියලා ඇඟවෙන්න කරපු සියුම් උපහාසයක් දෝ කියලත්...

    ඔය වවුල් දොරක් මම හොඳට දැක්කේ ඉස්සෙල්ලාම අපේ තාත්තගෙ අලුත් කන්තෝරුවේ... කවුරුහරි තල්ලු කරගෙන ගියහම ටිකක් එහාට මෙහාට වැනිලා ගානට වැහෙනවා. මට මේක මැජික් ඒ කාලේ... මම හොඳට බැලුවා කොහොමද මේක වෙන්නේ කියලා... සරනේරුව ඇලේට කපලා බොහොම සිම්පල් දෙයක් මෙතන තියෙන්නේ කියලා තේරුණහම, මේක මෙහෙම පාවිච්චි කරන්න ගත්ත එකා නම් මාර පොරක් කියලා හිතුණා.

    ජගත් බෙනරගම මුලින්ම නෝට් වුණේ ගල්පිළිමය සහ බොල් පිළිමය නාට්‍යයෙන්.. ඊට පස්සේ රංසිරිගේ සංග්‍රාමය... නලින් ප්‍රදීප් නම් අවුරුදු 10 වගේ කලින් හොඳම වේදිකා නළු සම්මානය දිනාගත්තා මතකයි. නලින් ප්‍රදීප්ව නම් මුණගැහෙන්න ලඟදි අවස්ථාවක් ලැබුණා. ලොකුවට අනාවැකි කියන්න බැරි උණත්, හොඳ අවබෝධයකින් දේශපාලනයට ආපු බවක් නම් කතාබහෙන් තේරුණා.

    එහෙනම් ඉතින් අවසානයේ... මාමණ්ඩි ගැන සාතිශය සංවේගය... සහභාගී වෙන්න බැරිවීම නම් කණගාටුදායකයි. ඒත් ඉතිං කිව්වා වගේ ජීවිතේ හැටි ඔහොම තමයි....

    ReplyDelete
    Replies
    1. Assistant Government Agent සිංහලෙන් "සහකාර ආණ්ඩුවේ ඒජන්ත" කියලා එකතු වෙන්න ඕනේ උඩ කොමෙන්ටුවට...

      Delete
    2. තිසර,

      මචං මල්ලි....ස්තූතියි බොහෝමත්ම, ඔබගේ දීර්ඝ ටීකාවට ( ටීකාව = Comment )

      / ඒ වුණාට බෝඩ් ගහලා තිබ්බේ Assistant Government Agent කියලා, සිංහලෙන්. A.G.A. මහත්තයා කියලා තමයි වැඩි දෙනෙක් කතා…../

      සුද්දගෙ කාලෙ තිබ්බෙ ලංකා සිවිල් සේවය, ( Ceylon Civil Service ) 72 නව ව්‍යාවස්ථාවෙන් තමයි C.C.S. එල S.L.A.S. උනේ ( ශ්‍රී ලංකා පරිපාලන සේවය නොහොත් Sri Lanka Administrative Service )

      පොඩි කාලෙ අප්පච්චි වැඩ කරපු කච්චේරියට ගිහිල්ල මටත් ඔය වවුල් දොරපළු හොඳට පුරුදුයි.ඕක එහාට මෙහාට පද්දන එක මගෙ විනෝදාංසයක් වෙලා තිබ්බෙ. දෙතුන් පාරක් කරන කොට අප්පච්චි පොඩි සැල් එකක් දානව…" මොකද ඔය? ඕක සෙල්ලම් බඩුවක් නෙවෙයි..එනව මෙහාට....." හෙහ්,හෙහ්,

      වවුල් දොර ගාවම පොලිෂ් කරපු තේක්ක ලෑලි බෝඩ් එකක් තිබ්බ දම්වැල් දෙකකින් බිත්තියෙ එල්ලල. ඒකෙ අප්පච්චිගෙ නම ගහල ඉස්සරහින් තිබ්බ පොඩි නොබ් එකකින් එහාට මෙහාට අදින්ට පුලුවන් කොටසක්. නම ඉස්සරහින් ඇත නැත කියල වෙනස් කරන්ට පුලුවන් ඒ නොබ් එක වමට දකුණට ඇදල.අප්පච්චි ගෙදර යන්ට පිටත් වෙනකොට ඒ නොබ් එක ඇදල නැත කියල බෝඩ් එකේ දාලයි යන්නෙ. " අනේ මම... අනේ මම" කියල ඊට කලින් මම කකුලෙ ඇඟිලි වලින් ඉස්සිල නැත කියල දානව බෝඩ් එකේ. :)

      / එහෙනම් ඉතින් අවසානයේ... මාමණ්ඩි ගැන සාතිශය සංවේගය... /

      ස්තූතියි...තිසර...

      Delete
    3. අඩේ අපේ තාත්තත් ප්‍රා.ලේකම් කෙනෙක් තමා...:D මිනිස්සු පුරුද්දට AGA මහත්තයා කියලා තමා කියන්නේ. තාත්තත් ගොඩක් දුරට වැඩ කරේ දුෂ්කර පලාත්වල. දෙන්නා අඳුරනවද දන්නේ නැහැ

      Delete
    4. /////පෙබරවාරි 4 ජාතික වීර දිනය වෙලා ආයෙත් නිදහස් දිනය වෙලා එහෙනං./////

      @ තිසර,
      පෙබරවාරි 4 වන දා කිසිම කාලෙක "ජාතික වීර දිනය" වෙලා තිබුණේ නැහැ. මේ ගැන පහළින් තියෙන මම ලියපු කොමෙන්ටුව කියවන්න.

      Delete
  28. කියෙව්වා රස වින්දා .

    අයියගේ මාමණ්ඩිට නිවන් සුව.

    ReplyDelete
  29. //අම්මාපල්ල ඒ ගීත ඇහෙනකොට උදැල්ලක් අරගෙන ගිහිල්ල හිස හැරුනු අතේ කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව. ඇඟේ මස් නලියනව. " උදළු අරං වරෝ, නගුල් අරං වරෝ, රට නඟන්න වරෝ.."//

    මේ ලියන එව්වා දැක්කම හිනාවට බ්රේක් නැති වෙනවා අප්පා...

    මාළු ලෑල්ලේ කතාවනම් සහතික ඇත්ත තමා.

    ReplyDelete
  30. මචං රවී....පරක්කුවුනත් මේවාට කමෙන්ට් නොකර කොහොමද..

    ටී.බී.සුබසිංහ වරක් කතානායක වෙලාත් ඉඳලා තියෙනවා. අපේ තාත්තා නම් ඉස්සර හරියට වර්ණනා කරනවා. ඒ සමසමාජ කාරයෝ නිසා වෙන්න ඇති. සමූපකාර ව්‍යාපාරය පිහිටුවන්නත් ලොකු සේවයක් කරලා තියෙනවාලු. ඉස්සර රුසියාවේ තානාපති වෙලත් ඉඳලා තියෙනවා.

    වගා සංග්‍රාමයට කරපු දේශාභිමාන ගීත බොහොමයක් අමරබන්දු රූපසිංහත් ලියලා තියෙනවා. ඒවාට තමයි මෙයාට, රිජ්වේට ජේ.ආර්.77 ආපු ගමන් ටොපිය දුන්නේ.

    මට කලනි/තිස්සසිරි/ඩීඩී/මනෝජ් සෙට් එකම එක පාරක් මරු සෙෂන් එකකට ෆිට්වුනා. අමතක වෙන්නේ නැහැ. ඒක මම ලියන්නම්. මචං මම බැද්දගේගේ ඔය ගීතය මෑතකදි ඇහුවා. ඒ මිනිස්සුන්ට ඇති කරපු බලාපොරොත්තු ගැන, මහ සාංකාවක් ඇතිවුනා. සොදුර මට සමුදෙන්න....මියුසික් කලේ කේමදාසයන්.
    මමත් නාට්‍යය පිස්සෙක් නිසා, ඒ කාලේ ඕවා අතහැරියේ නැහැ. නලීන් ප්‍රදීප් උඩුවෙල හෝමාගම නිසා, මට ඉස්සර නිතර හමුවෙනවා. ඒ තුන්දෙනාගෙන් ජගත් විතරයි පැරදුනේ. උන් හොඳ මිනිස්සු බන්.

    මේ පෝස්ට් එකේ තියෙන බොහෝ පැරණි නිවේදකයන්ගේ කටහඬ අහන්න ඕනනම් මේ සයිට් එකට පලයන්. ඒ විතරක් නෙමේ හිටපු ලෝක නායකයින්, සිනමා ශිල්පීන් ආදී බොහෝ අයගේ. මේක කරන්නේ අපිට හිටපු ප්‍රවීනයෙක්වූ අශෝක තිලකරත්නයන්.
    VOICE ARCHIVE

    ReplyDelete
  31. නිවැරදි කිරීමක්....

    /////එතකල් පෙබරවාරි 4 සමරපු නිදහස් දිනේ එදයිං පස්සෙ වැටුන මැයි 22 ට. පෙබරවාරි 4 ජාතික වීර දිනය උනා./////

    ජනරජ ව්‍යවස්ථාවෙන් නිදහස් දිනය මැයි 22 ලෙස නම් කෙරුණා. ඒ අනුව 1973 සිට සෑම වසරක ම මැයි මාසයේ 22 වන දා නිදහස් උත්සවය පැවැත්වුණා.

    ඒ වුණාට පෙබරවාරි 4 වන දා "ජාතික නිදහස් දිනය" බවට පත් වුණේ නැහැ. එය නිකන් ම නිකන්, තවත් එක්තරා දිනයක් බවට හැරුණා. 1974 වර්ෂයේ සිට පෙබරවාරි 4 දිනය නිවාඩු දවසක් වීම අහෝසි කෙරුණා. එය සාමාන්‍ය වැඩ කරන දවසක් බවට පත් වුණා. (1973 පෙබරවාරි 4 වන දා පමණක් නිකම් නිවාඩු දිනයක් වෙලා තිබුණා.)

    1977 දී එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාට පසු ජනරජ ව්‍යවස්ථාවට පළමුවන සංශෝධනය ගෙනාවා. ඒ අනුව පෙබරවාරි 4 වන දා නැවත ජාතික දිනය බවට පත් වුණා. මැයි 22 වන දිනය "ජාතික වීර දිනය" බවට නම් කෙරුණා. 1978 පෙබරවාරි 4 වන දා නිදහස් උත්සවය පැවැත්වුණා (ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙත් එදා --- ඊට කලින් ඔහු අගමැති). 1978 මැයි 22 වන දා කිසිම උත්සවයක් පැවැත්වුණේ නැහැ, හැබැයි එදා නිවාඩු දවසක් වෙලා තිබුණා.

    1978 සිට මේ දක්වා අඛණ්ඩව පෙබරවාරි 4 වනදා රටේ නිදහස් දිනය ලෙසින් පැවතුණා. මැයි 22 දිනය වසර කිහිපයක් ම "ජාතික වීර දිනය" ලෙස තිබී කාටත් නොදැනී ම අහෝසි වෙලා ගියා. එය දැන් නිවාඩු දිනයක් වත් නොවේ.

    සම්පිණ්ඩනය:

    1972 මැයි 22 --- ඩොමීනියන් රටක්ව තිබූ ලංකාව ව්‍යවස්ථා සංශෝධනයක් මාර්ගයෙන් ජනරජයක් බවට හැරී, ශ්‍රී ලංකාව බවට පත් වීම. ජනරජ උත්සවය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයයේ "නවරඟහල" ශාලාවේ දී.

    1973 පෙබරවාරි 4 --- නමක් නැති නිවාඩු දිනයක්.

    1973 මැයි 22 --- නිදහස් දිනය/ජනරජ දිනය

    1974 පෙබරවාරි 4 --- නිවාඩු දිනයක් නොවේ; වැඩ කරන දිනයක්.

    1974, 1975, 1976 සහ 1977 වර්ෂවල මැයි 22 දිනය --- ජාතික නිදහස් දිනය සහ නිදහස් දින උත්සව ගාලු මුවදොර දී.

    1975, 1976 සහ 1977 වර්ෂවල පෙබරවාරි 4 දිනය --- සාමාන්‍ය වැඩ කරන දිනයක්.

    1978 පෙබරවාරි 4 --- ජාතික නිදහස් දිනය

    1978 මැයි 22 --- ජාතික වීර දිනය

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත,

      බොහොම ස්තූතියි ඔබේ නිවැරදි කිරීමට.....:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...