Thursday, August 28, 2014

277. විමලෙගෙ වාංපතුල් කතා 20 - Multi Tasking, Blake's 7, ආතල් නොකඩා අත් අඩංගුවට ගැනීම සහ කඳු පාමුල සිට දැහැනට සම වැද…..

පහුගිය කතාවෙ මම ඔය වෙන අනං මනං කියෙව්ව මිසක කියාගෙන ආපු කතාව කිව්වෙ නෑ නෙව. 

එහෙම තමයි එව්වයෙ හැටි…. ජීවිතෙත් එක අතකට ඒ වගේනෙ…. ඔන්න අපි කරන්ඩ හිතාගෙන සැලසුම් කරල ටාගට් හදාගෙන පටං ගන්න වැඩ අන්තිමට ඉවර වෙන්නෙ හීනෙන්වත් නොහිතූ දිහාවක ගිහිල්ල. 

මල්ටි ටාස්කිං කියල කිව්වැහැකි ඒවට.වචනෙ හරියටම හරි නම් නෑ තමයි මම පිළිගන්නව ඒත් ලඟිං ගෑවිලා යන්ට එහෙම කිව්වැකි…. මල්ටි ටාස්කිං කියන සංකල්පෙ විරුද්ධාථය නැත්නං ඔපසිට් එක ඇවිල්ල ස්පෙෂලයිසේෂන් එහෙම නැත්තං විශේෂිතකරණය. 

මට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙන්ම උදාහරණයක් ගමු බලන්ට. මීට අවුරුදු තිහකට වගෙ එහා මම මේ ෆීල්ඩ් එකට ඉස්සොරෝම ඇතුල් උන දවස්වල කොන්ත්‍රාත් කටයුතුවල තිබ්බෙ මල්ටි ටාස්කිං නෝ ස්පෙෂලයිසේෂන් 

ඉඳිකිරීම් කොන්ත්‍රාත් කියන එක දන්නව නේද? ඒ කියන්නෙ යම් ඉඳිකිරීම් කටයුත්තක්, ගොඩනැඟිල්ලක්, පාළමක්, අධිවේගී මාර්ගයක්, රට හාරල හදන නැව් නේන වරායක්, මොණරු ලගින ගුවන් තොටුපොළක්, එක දර්ශන වාරයකට ලක්ෂ තුන හතරක් රංගශාලා ගාස්තු වශයෙන් ගෙවන්න ඕන රඟහලක්…. 

එතකොට මේ හෙට අනිද්ද වෙනකොට හදල ඉවර කරන්ඩ යනව නෙලුං කුලුණ කියල එකක්. මහ විසාල උලක් ඒක. නෙලුං කිව්වම තේරුං දෙකයි. අර මලක් තියෙන්නෙ ඒක එකක්. අනික අම්බානක ගහනව කියන එක. " වටවෙලා නෙලුව නෙලිල්ලක් මචං අම්මගෙං බීපු කිරිකටිං එන්ට." .එහෙමත් කියනව නෙව..අහල ඇතිනෙ... එතකොට මේ කුලුන්නට නෙලුං කියල නම දාල තියෙන්නෙ කාට නෙලපුව සිහිවෙන්ටද කියන එක දන්නෙ සැක්කරයම විතරයි මයෙ හිතේ...හැබැයි ඔහොම උලක් හදල තියන එක නං කෝකටත් හොඳා..ඕක දකින දකින වෙලාවෙ ඕකෙ නග්ගල උල තියන්ට ඕන එවුං රොත්තක්ම මටනං මතක් වෙනව. 

ඔය මොකක් උනත් හදන්න ඒ වැඩේ බාරගන්න කන්ට්‍රෑක්ටර් කෙනෙක් නැත්නම් සිංහලෙන් කිව්වොත් කොන්ත්‍රාත්කාරයෙක් ඉන්න ඕන. කොන්තරාත් කාරය කරන්නෙ රයිට් අපි මෙන්න මේ වැඩේ මේ සැලසුමේ තියෙන විදිහට අහවල් දවසට ඉස්සරවෙලා නිර්මාණය කරල බාරදෙන්න මෙච්චර අය කරනව කියල ඒ ඉදිකිරීම අවශ්‍ය පාර්ශ්වය එක්ක ගිවිසුමකට එන එක. 

එහෙම ගිවිසුමකට ඇවිල්ල වැඩේ සාර්ථකව අහවරයක් කලාම අර පොරොන්දු වෙච්චි ගාන කන්ට්‍රෑක්ටර්ට ගෙවන්න ඕන. ඇන්න එහෙමයි වැඩේ සිද්ද වෙන්නෙ. 

ඉතිං අවුරුදු විස්සකට තිහකට කලින් හිටිය කොන්ත්‍රාත් කාරයො ව්‍යාපෘතියක කුදු මහත් කටයුතු සියල්ල තමන්ම කරනව. අත්තිවාරම කැපීමෙ ඉඳල කුළුනු, බාල්ක, ටයිල්, දොර ජනෙල් වහල විදුලි සහ ජල පහසුකම් ඒ වගෙ සියලු කටයුතු..මල්ටි ටාස්කිං කියල ඒකට කිව්වැකි.ඒත් ටිකින් ටික ක්‍රමක් ක්‍රමයෙන් ඒ තත්වය වෙනස් වුනානෙ. ඒ එක එක කර්තව්‍යයට වෙන වෙනම විශේෂිත කට්ටිය සංවිධානය වුනා. පස් කැපීමට, කොන්ක්‍රීට් දැමීමට, බිත්ති බැඳීමට, ටයිල් ඇල්ලීමට, වහල ගැසීමට, දොර ජනෙල් නිර්මාණයට, වෙන වෙනම ස්පෙෂලයිස්ඩ් කට්ටිය. ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක එහෙම නැත්තං විලාසිතාව. 

මල්ටි ටාස්කිං කිව්වම සෝක් කතාවක් මතක් වුනා ඔන්න. ඒ මම කාර්මික විද්‍යාලෙ සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරන කාල වකවානුව. 

ටෙක් එක කිට්ටුවම රේල්පාර අයිනෙ පොඩි අතුරු පාරක තිබ්බ පුංචි පහේ තේ කඩයක්.ටෙක් එකේ ඉඳල ටවුමට යන්ට තියෙන කෙටි පාරෙන් හැරිල වෙනම ටිකක් දුර යන්ට උනත් ඒ කරදරේ නොසලකා අපි හවස ක්ලාස් ඇරිල ඔය කඩේට ගිහිල්ල ප්ලේන්ටියක් ගහන එක පුරුද්දක් කරගෙන හිටිය. එහෙම උනේ ඒ කඩේ මුදලාලිගෙ ක්‍රියා පටිපාටිය බලන්න ලස්සන හින්ද. 

තේ කඩේ මුදලාලි වයස හතළිහකට තරම කිට්ටුයි වගෙ පෙනුම. කොණ්ඩෙ ටිකක් විතර වවල. තැන තැන සුදුවෙලා. ඒත් බොහොම ගාම්බීර පෙනුමක් තිබ්බෙ. කඩේට යන එන ඕන් කෙනෙකුට කතා කරන්නෙ බොස් කියල. මේ අපි වගෙ හිච්චි එවුන්ටත් එහෙමම තමයි. කැෂියර් කූඩුව වෙනුවට තිබ්බෙ ලාච්චු දෙකක් තියන ලියන මේසයක්. 

ඔන්න අපි හතර පස් දෙනෙක්ම ගොඩ වෙනව කඩේට රටේ නැති වල්පල් කියෝ කියෝ.එක්කො ඒ දවස්වල රූපවාහිනියෙ යන කතාවක් ගැන. 

" මචං ඇත්තටම බ්ලේක්ට මොකද උනේ? මිනිහ මැරුණද? නැත්තං ආයෙම එයිද? " 



වසන්ත එහෙම ඇහුවෙ පුටුවක් ඇදල ඉඳගන්න අතරෙ. වසන්ත මතකනෙ නේද? චුට්ටිගෙ අයිය… 

ඊට කලින් දවස ඉරිද. ඉරිද රෑ දහයෙ ඉඳල පැයක් පෙන්නුව ඒ දවස්වල රූපවාහිනියෙ Blake's 7 කියල ඈත අනාගතයෙ සිද්ද වෙන අභ්‍යාවකාශ වීර චාරිකා කතා මාලාවක්. බ්ලේක්ස් 7 ඇවිල්ල Dystophian කතාවක්. Dystophian කතා කියන්නෙ Utophian කතාවල විරුද්ධාර්ථය. උතෝපීය කතා කියන්නෙ අනාගතය සුබවාදී වෙයි කියල උපකල්පනය කරපු කතා වෙන කොට ඩිස්ටෝෆියන් කතා කියන්නෙ අනාගතය ගැන අසුබවාදීව හිතල ලියපු කතන්දර. 

බ්ලේක්ස් 7 කතා මාලාවෙ තිබ්බෙ පෘථිවියේ ඒකාධිපති පාලකයින්ට විරුද්ධව සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක කතාවක්. ඔවුන්ගේ නායකය බ්ලේක්. ඒ වෙනකොට බ්ලේක් අතුරුදන් වෙලා . ඒ ගැනයි වසන්ත ඇහුවෙ. 

" කියන්න බෑ බං...බ්ලේක්ට වෙච්චි දෙයක් ගැන හරියට හිතා ගන්න බෑ. " 

කරේ දාගෙන හිටපු මගෙ කැන්වස් මල්ල අල්ලපු මේසෙ උඩ තියල මාත් පුටුවක් කකුලෙන්ම ඇදල ඉඳගත්ත. 

ඒ දවස්වල රූපවාහිනියෙ පෙන්නපු බොහොම ජනප්‍රිය වෙච්චි වැඩසටහන් කීපයක් තිබ්බ. Who pays the ferryman, Petrocelli, Starsky & Hutch, Mind your language. The big valley….. 

" මොනවද බොස් ඕන? ' 

මුදලාලි අහනව අපි ගාවට කිට්ටුවෙලා.. 

" ම්ම්ම්..අපිට දාන්ටකො ප්ලේන්ටී...හතරක්..නෑ.පහක්…" 

ඒ දවස්වල ඉතිං ඔය නිතරම ටී ගහන්ට එහෙමත් නැත්තං සෝටීස් කන්ට කොහෙන්ද සල්ලි?...අම්ම දෙන රුපියල් පහෙන් දහයෙන් තමයි සෙල්ලං ඔක්කොම දාන්නෙ... 

" ප්ලේන්ටී පහා….... යි. " 

මුදලාලි එතනම ඉඳල තේ බක්කිය දිහාට හැරිල කෑගහනව. හැමදාමත් ඔය සීන් එක දැක්කට ආයෙම අපි ඇසුත් ලොකු කරගෙන ඒ දිහා බලා ඉන්නව. ප්ලේන්ටී පහායි කියල කෑ ගහල මුදලාලිම යනව තේ බක්කියට. ගිහිල්ල නටන වතුර මුට්ටියෙං කරඬියට පැහෙන වතුර අරගෙන තේ හදනව. 

රවුං ලෑලි බන්දේසියක තියාගෙන ඔන්න ප්ලේන්ටී පහ එනව. එනව කියන්නෙ මුදලාලිම ගෙනත් දෙනව. අපි ඉතිං ඔය අනම් මනං කියව කියව ප්ලේන්ටිය තොල ගානව. ඊට දවස් දෙහෙකට කලින් සූරන ලොතරැයියකින් ජයනන්දට රුපියල් සීයක් ඇදුන. 

අනුරාදපුරේ කඩ දොළහෙ ඒ කිට්ටුවම වගෙ ඇරිය කොත්තු කඩයක්. අනුරාදපුරේ ස්ථාන නාම එහෙම තමයි. කඩ පණහ, කඩ තිහ, කඩ දොළහ, කඩ විස්ස........කඩ පණහ තිබ්බෙ එයාපෝට් පාරෙ. කඩ දොළහ කච්චේරියත් එක්කම එහා පැත්තෙ. 

ජයේට ඇදිච්චි රුපියල් සීයෙන් අපි හතර පස් දෙනෙක් ගිහිල්ල කඩ දොලහෙ කොත්තු කඩෙන් කොත්තු කෑව.ඔය සූරන ලොතරැයිය නොහොත් සංවර්ධන ලොතරැයි පටන් ගත්තු අලුත. ඊට කලින් තිබ්බෙ මහජන සම්පත වගෙ ටිකට් එක අරගෙන ඇවිල්ල රේඩියෝ එකෙන් දිනුං අදිනකල් සතියක් විතර බලා ඉන්ට ඕන ලොතරැයි. ඉන්ස්ටන්ට් දිනුම් අදින හූරන ලොතරැයිය අපිට විතරක් එහෙම නෙවෙයි මිනිස්සු හැමෝන්ටම අලුත්ම අත්දැකීමක් උනා. සංවර්ධන ලොතරැයි කූඩු දෙකක් මුලින්ම පටන් ගත්තෙ තැපැල් කන්තෝරුව ඉස්සරහ හයි ලයිට් ස්ටුඩියෝ එක අයිනෙ පාර අද්දර. 

ටෙක් එක ඇරිල රේල් පාර පැනල අපි ටවුමට එන්නෙ හරියටම ඔතනිං. පාර අයිනට වෙලා මිනිස්සු පොරකකා සංවර්ධන හූරනව අපි බලා හිටිය හැමදාම වගෙ .සංවර්ධන ටිකට් එකක් ඉස්සෙල්ලම ආවෙ රුපියලකටද කොහෙද... 

කතා බහ අතරම අපි තේබීල ඉවරයි. මුදලාලි ඇවිල්ල හිස් කෝප්ප එකතුකරනව බන්දේසියට. 

" පෙලෙන්ටී පහා……...යි. " 

එහෙම කෑගහගෙනම හිස් කෝප්ප අරගෙන ගිහිල්ල තේ බක්කිය උඩ තියල කැෂියර් මේසෙ පිටිපස්සෙ ඇවිල්ල ඉඳගෙන ඉන්නව. අපි කවුරුහරි ගිහිල්ල සල්ලි ගෙවනව.හැමදාම ඔය සිද්ධි දාමය එහෙමමයි. මුදලාලිගෙ වැඩ පිළිවෙලට අපි හිනා උනාට ඒ පිටිපස්සෙ තියෙන්නෙ ඉතාම අනුවේදනීය කතාවක්. 

මුදලාලිගෙ හාමිනේ මිනිහට වැඩිය බොහොම ලාබාල ඇහැට කණට පේන ඉස්තිරියාවක්. කඩේ තේ ගහපු කොල්ල එක්ක මේ යෝදි දවසක්දා රෑපානෙ වහං වෙලා ගිහිල්ල. මුදලාලි බොහොම ආදරෙං ඉඳල තියනව හාමිනේට. මනුස්සයට මේ වැඩේ ඉවසා දරාගන්ට බැරුව නුහුගුණේ වගෙ ආව. එදා ඉඳලම ඔහොම තමයි. මල්ටි ටාස්කිං ඈස් අ ලයිෆ් ස්ටයිල්. 

හරි මල්ටි ටාස්කිං ගැනනෙ අපි කතාකලේ. ඒ කලෙ කොන්ත්‍රාත් කාරයො ගොඩනැඟිල්ලක් ගත්තොත් ඒකෙ සියලුම කටයුතු තමන්ම කලා.පස් කැපීමෙ ඉඳල බිත්ති බැඳීම, දොර ජනෙල්, ටයිල් ඇල්ලීම, වහල ඔය මෙකී නොකී ඔක්කොම. ඒත් දැන් තත්වය වෙනස්. අද එක එක වැඩේට විශේෂිත කට්ටිය ඉන්නව. දොර ජනෙල් හදන උප කොන්ත්‍රාත්කාරය කරන්නෙ ඒක විතරයි. ටයිල් අල්ලන මනුස්සය ටයිල් ඇල්ලිල්ලම විතරයි ....අන්න ඒ වගෙ. 

එහෙම කරන එක ඇත්තටම වාසියි. මොකද හැමදෙයක්ම බදා ගන්නවට වඩා එක ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් උනාම හැමෝටම වැඩේ ලේසියි. 

අප්පට සිරි..ගිය පාර කතාවෙ වෙන වෙන වල් පල් කිව්ව මිසක අදාල කතාව කිව්වෙ නෑ කියල ඒකට හේතු කියන්ට ගිහිල්ල අදත් මේ වෙනකල් වෙන වල් පල් නේද මම මේ කියවල තියෙන්නෙ?.... හරි හරි සමාවෙන්ට..දැන් නම් ඔන්න තරහ වෙන්ට එහෙම එපල්ල. කෙලින්ම කතාවට..එන්ටර් ද ඩ්‍රැගන්… 

රයිට් අර රාජ කපුරු බැලුවනෙ අපි කට්ටිය. බැලුවයි කියන්නෙ ආය තනිකරම ඩාන්සිං තමයි..ඔන්න ඔව්ව මෙව්ව ඔක්කොම ඉවර වෙලා අපි කට්ටිය ගිහිල්ල නැග්ග කියමුකො ජීප් එකට. එහාට මෙහාට කැපිච්ච පණුව වගෙ දඟලලම ඒ වෙනකොට සුරාමතත් බැහැලයි තිබ්බෙ. ඔය සුට්ටක් වගෙ වැඩි උණහම පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුවහම සූර් බහිනව හිටු කියල.මගෙ යාලුවෙක් ඉන්නව බොනකොට ආය නෑ මූ පුටුවෙ ඉඳගත්තද ගල් බුද්දා වගෙ එහෙම්මම තමයි. ෂොට් එකක් වක්කරගන්ට බයිට් මොනවහරි ගන්ට යන්තමට අතක් උස්සනව එච්චරයි. 

" පිස්සුද බං? සාරීරික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්ට වැඩිවෙන්ට ආතල් එක බහිනව. සල්ලි දීල බොන එකේ අඩුම වියදමෙන් උපරිම තෘප්තියක් ලබාගන්ට ඕන.." 

ඒ ගැන ඇහුවම ඌ කියන්නෙ එහෙමයි. කතාව බොරුවක්මත් නෙවෙයි බලාගෙන යනකොට. 

මල් ගැහුවමත් එහෙමනෙ……… 

" ආ.. උඹ අදත් ෂපාන් එකේ ඉන්නව නේද යකෝ බෝක්කුව උඩට වෙලා..වර යන්ට පොලීසියට " 

" අනේ බුදු රාළහාමි, කියන තැනකට වඳිඤ්ඤං….. ආතල් එක කඩන්නෙ නැතුව හෙමීට උස්සල අරගෙන ගිහිල්ල ජීප් එකෙං තියන්ට හොඳද? ...බුදු බව අත්වෙයි" 

ඉතිං ජීප් එකේ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව මම.අජිතය එහෙම තාම බිම. කට්ටිය පොරේ ජයන්තය අපි එක්ක එක්ක යන්ට අපේ කෑම්ප් එකට. 

" බෑ මචං මම ඉන්ටම ඕන.. නැත්තං හරි නෑනෙ. " 

" දැං වැඩේ ඉවරනෙ බං...ආය මොනවද මෙතන කරන්ට තියෙන්නෙ? අර උඹේ ගෝලය ගස් ගෝනට වැඩේ බාර දීල උඹ යමං අපිත් එක්ක. " 

අජිතය ඌට බල කරනව. ගස් ගෝන මතකයි නේද? අර ජයන්තය කෝ කියල ඇහුවම මම පණිවිඩයක් යවන්නං එතකල් ඔය ගොල්ලො ටිකක් එළියෙං ඉන්ට කියල කිව්වෙ..හෙහ්,හෙහ්, …..ආන්න ඌ... 

" ඔව් බං ජයන්ත අද යමං එහෙ.." 

එහෙම කියාගෙන ජීප් එකේ පිටිපස්සෙ දොරට වාරුවෙලා මමත් ඔන්න ඒ පාර බැස්ස බිමට. එහෙම බහිද්දි මෙන්න මොකද්ද වැටිච්චි මගෙ කලිසං සාක්කුවෙ තියල. 

" යකෝ මේ ජයනිගෙ ඔටෝ ග්‍රාෆ් එක නේද? අම්මට **** උඹ අද මේකෙ අස්සං හත අටක්වත් ගහගෙන ගියෙ නැත්තං...." අජිත් නැමිල ඒක ඇහුලුව. 

" අම්මට ****** කිව්වලු...කෝ මගෙ බැට් එක? " එහෙම කිව්වෙ ලසිත් මාලිංග..හෙහ්,හෙහ්, මතකයි නේද? ඕස්ට්‍රේලියාවෙදි .... 

" අම්මාපල්ල බලපංකො ඉතිං හාංකවිසියක් මතක් උනේ නැතිකොට..අනේ ජයන්තයො ගිහිල්ල අර සුවඳ සබංගෙයි ජනක්ගෙයි වත් ඕකෙ අස්සං ගහගෙන වරෙංකො.." 

" පිස්සුද බං?..... දැං එවුං අරහෙ යන්ට ලෑස්තිවෙනව ඇති..ඔය අස්සෙ මට පුලුවන්ද මේ ඔටෝ ග්‍රාෆ් එකක් අරං යන්ට.." 

" මළ කෙලියක්නෙ උනේ..අර අම්මණ්ඩි මගෙ ඔලුවත් එක්ක කයි…" 

" ඉඳහං බං බොරුවට විලාප ගහන්නෙ නැතුව. ජයන්ත මේ ඔන්න උඹ මේකෙ ඔය අස්සං දෙක තුනක් ගහල දාපං…" 

" මම? ….." 

" ඔව් බං උඹ තමයි...අර යෝදි දන්නවය උඹය කියල අස්සං කලේ..යන්තමට නම කියවගන්ට පුලුවං විදිහට ගහපං පිටුවක් පිරෙන්ට ලොකුවට. " 

" උඹල හින්ද වෙලාවක මට බෝගම්බර තපින්ටයි වෙන්නෙ. " 

එහෙම කට ඇතුලෙං කියව කියව ජයන්තය ගැහුව රවීන්ද්‍ර යසස්ගෙයි, ජනක් ප්‍රේමලාල්ගෙයි අස්සං ජීප් එකේ බොනට් එක උඩ තියාගෙන. 

" තව කවුද බං රාජ කපුරු එකේ ඉන්නෙ? මතක් කරපල්ලකො තව අස්සං දෙක තුනක් වත් ගහන්ට …..කරනවත් වෙලා වැඩේ පිළිවෙලකට කරන්ට එපාය. " අජිත් ඒ එහෙම ඇහුවෙ.. 

" දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං " මම ජීප් එකේ බෆර් එක උඩ ඉඳගෙන කිව්ව. 

" ඔය කිව්වෙ.. ඔය කිව්වෙ….අනේ මේ...මගෙං මොකවත් අහගෙන්නෙ නැතුව ඉඳහං " අජිත් මගෙ බෙල්ලට එකක් දුන්න..හෙහ්,හෙහ්, 

කොහොම හරි අස්සං වැඩේ නියමෙට කෙරුන. මම පහුවදා ලෝඩ් බකිංහැම් වගෙ ඔටෝග්‍රාෆ් එක ගිහිල්ල දුන්න ජයනිට. 

" අනේ තෑන්ක්ස් අයියෙ. තෑන්ක්යූ සෝ මච්.." ජයනි මට මුව නොසෑහෙන්ට ස්තූති කලා. 

එතන ඇත්තටම වංචාවක් උනාට ඒක ඇවිල්ල කිරිමෙල් වංචාවක් නෙවෙයි. සද්බාවයෙන් කරපු වංචාවක් නිසා එව්වට පව් සිද්ද වෙන්නෙ නෑ. විනය පිටකයෙ එහෙම තියනව කියල අපෙ හිතවත් හාමුදුරු නමක් මා දැක්ක කිව්ව දවසක්. 

එදා කොහොම හරි ඔන්න ජයන්තයත් අපි එක්ක ගියා. පොරොන්දු උනා වගේම බාග දෙකක් අරගෙන එකක් සුමනසිරිට දුන්න. අනික අපි කට්ටිය ගහල නිදාගන්නකොට මයෙ හිතේ පාන්දර දෙකත් පහුද කොහෙද… 

මොන සෙල්ලම දැම්මත් රාජකාරිය කොරන්ට එපාය. පහුවදා පාන්දරම බැරි මරගාතෙ කට්ටිය නැඟිටල නාල කරල යහමිං දිව කාරිය මැදල වැඩට ගියා. ජයන්තය අපි යනකොටත් නිදි. අජිතය ඌව කීද්දුව. 

" මචං ජයන්ත.... අපි යනව වැඩට. උඹ අද ඉන්නවද? නැත්තං…" 

" බෑ බං මම අටට අටහමාරට වගෙ යන්නං...ඊයෙ අර රාජ කපුරු වැඩේ ඉතුරු විය හියදං එකලාසයක් කරන්ට එපාය. මගේනෙ වගකීම.." ජයන්ත නැඟිටල ඇඳේ ඉඳ ගත්ත. 

" රයිට් මචං එහෙනං පස්සෙ හම්බ වෙමු……" අපි එහෙම කියල ආව. 

හරියටම ඔහොම දවසට තමයි ඔලුව උස්සන්ට බැරුව වැඩ සෙට් වෙන්නෙ. එදත් එහෙම දවසක්. යන්තමට එක වාගෙ වෙනකොට වැඩ ටික එකලාසයක් කරල මම ආපහු ආව අපෙ ක්වාටර්ස් එකට. 

කඳු පාමුල සිට... දැහැනට සම වැද 
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද 
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන 
ආල වඩන සඳ... කිඳුරු ළියේ 




මම ඔය සිංදුවත් කියාගෙනම කුස්සිය පැත්තෙං ගෙට ගොඩ උනා. ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙච්චි ආත්මා ලියනගේ ගෙ ගීතයක්..ලියතඹරා...ආආආ....මුදු කුසුමකී ඈ..තවුසන්ගේ..ඒ ඒ ඒ ඒ ..දැහැනේ සම බිඳිනා..අන්න ඒකත් ඔය ආත්මාගෙම තමයි 

" මිටියාවත් කඳු... ශිඛර සිසාරා...........සඳ බැස යන තුරු... අවර වන පෙතේ……..සැමී මොනවද බං දවල්ට ඉව්වෙ?...ලූලෙක් වත් හම්බුනේ නැද්ද? ඊයෙත් හරියට කෑමක් නෑ කොල්ලො...අද බූසෙ කොටන්ට ඕන ටිකක් සලකලා. " 

ඔහොම කියව කියව කමිසෙත් ගලවගෙනම මම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා..ඈ..මෙන්න යකෝ අටහමාරට යනවයි කියපු එකා..ජයන්තය.... ඇඳේ හොඳට දිග ඇදිල නිදි… 

" ඒයි ජයන්ත නැඟිටපං බං..උඹ උදේම යනව කිව්ව නේද? මොකෝ මචං සනීප නැද්ද? " 

මම උගෙ උරෙස්සෙං අල්ලල හෙලෙව්ව. ඔන්න ඕක ඇහැරිය..මා දිහා බලල ආයෙම කොට්ටෙ ඔලුව ගහ ගත්ත. 

" මොකද බං සීන් එක? කියාපංකො..ඇත්තටම අසනීපයක්ද? " 

" මට ඇති අසනීපයක් නෑ යකෝ.." 

" එහෙනං?...කියාපංකො ඉතිං?..... මොකද කේස් එක?" 

" මගෙ ජොකා නෑ……" ජයන්තය දත්මිටි කාගෙන කිව්ව.. 

" මොකක්?...." මගෙ කටත් එක්ක ඇරුන. 

" ජොකා නෑ?..මොකද ඒකට උනේ?...." 

94 comments:

  1. උබ මෙ අපෙ මහරජතුමා සද්භාවයෙන් කරන මහ අනර්ග නිර්මානවලට අයිත් මොකක හරි කිවුවොත්නම් අයියෙ අම්ම උබට මම සිනි දාල වෙඩි තියනව කුඹි කාල මැරෙන්න.ආයෙ දෙකක් නැ.
    අයියො ජොකා නැ කියන්නෙ මහ දෙයක්ද බන්,ඔකනැතුව යන්න බැරි මොකො.අපිනම් ඔන තරම් යනව.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      / උබ මෙ අපෙ මහරජතුමා සද්භාවයෙන් කරන මහ අනර්ග නිර්මානවලට අයිත් මොකක හරි කිවුවොත්නම් අයියෙ අම්ම උබට මම සිනි දාල වෙඩි තියනව කුඹි කාල මැරෙන්න.ආයෙ දෙකක් නැ. /

      හෙහ්,හෙහ්, ඒකනෙ බං රජ්ජුරුවන්ගෙ නිර්මාණ වලට මම එහෙම් අපහාස මුඛයෙන් කතාකලේ නෑ බං, ප්‍රසංසා කලා මිසක,

      ඔන්න බලාපං දැං අර පෙරෙයිද කෙත්තාරාමෙ ගහන්ට හිටපු වන්ඩේ එක. ලොක්ක ඔය හද්ද කැලේ මරා පිට්ටනිය හදල තිබ්බෙ නැහ්නං කොහෙ කියල ගහන්ටද ඒ මැච් එක.? Abandoned without a ball being bowled තමයි ඉතිං....හෙහ්,හෙහ්,

      මරා පිටැන්නෙ මැච් වලට ටිකට් නැති එක වෙනම කතාවක්. එදා ඉඳලම ඒකෙ මැච් පෙන්නන්නෙ නොමිලෙ. බලන්ට යන එවුංට කුරහං රොටි දෙහෙකුයි ආනං හොද්ද පැකට් එහෙකුත් නොමිලේම දෙනව. ඒ මොක උනත් ඒ පැත්තෙ රජ්ජුරුවංගෙ අත වැසියංට ඔය තමංගෙ එදිනෙදා රාජකාරි ඉවර වෙලා පොඩ්ඩක් විතර රිලැක්ස් වෙනට එහෙම චාන්ස් එකක් වත් ලැබිච්චි එක සුවල්ප දෙයක්ද? දැං බලාපං රජාගෙ අත වැසියංට තියෙන රාජකාරි කොච්චර නං බාරදූර එව්වද කියල.

      සුද්දියො දූසනේ කරල සුද්දො මරන්ට තියනව. එතනිං ගිහාම විරුද්ද පක්සෙ මන්ත්‍රීලගෙ ඇට තලන්ට සෙල්ලං පිස්තෝල උස්සගෙන දුවං එන්ට තියනව.

      ඉතිං ඔය අස්සෙ පොඩි රිලැක්ස් එකක් ගත්තට මක් වෙනවද එවුං? පව්නේ මෙයා...

      / අයියො ජොකා නැ කියන්නෙ මහ දෙයක්ද බන්,ඔකනැතුව යන්න බැරි මොකො.අපිනම් ඔන තරම් යනව. /

      හැබෑව බං හැබෑව..හෙහ්,හෙහ්, උඹටත් එහෙම වෙලා තියනවද? මාත් ඔය හත් අට පාරක් ජොකා නැතුව පඳුරු පෙරලගෙන දුවල තියනව. ඒ බං ඒ අවස්තාවෙ හැටියට ජොකා හොය හොය ඉන්ට ගියොත් එහෙම ජොකා නෙවෙයි අහිමි වෙන්නෙ..අන්න ඒ නිසානෙ..ජොක්කු ගන්ට බැරිය එකට දහයක්..නැද්ද?....ඒත් මෙතන එහෙම බාරදූර කේස් එකක් නෙවෙයිනෙ. ඒකනෙ ජයන්තයට අප්සෙට් ...හෙහ්,හෙහ්,

      Delete
    2. යූඇන්පී කාරයා එළියට පනිනවා වැඩියි දැන් දැන්. රංදිල් නෝනටත් මෙහෙම ගියොත් කරදර ඇති වෙයි වගේ.

      Delete
    3. ඇනෝ,

      තර්ජනයක්ද? අවවාදයක්ද?...අදහස් පළකිරීමක්ද?

      Delete
  2. හරී කට්ටියම ඩබල් එකේ එලියට ගිහින් හිටගනිල්ලා.ජයන්ත ලඟට එනකොට xxx උස්සලා පෙන්න්පල්ලා. එතකොට ඌට පුලුවන් ජොකා අඳුනගන්න​.
    ඕන්න ඔහොමයි අපේ රවී අයයා ඒ ගැටලුව විසඳුවේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්,හෙහ්, හරි තමයි ඒ කතාව..එහෙමත් පුලුවන් තමයි..:)

      Delete
  3. " අනේ බුදු රාළහාමි, කියන තැනකට වඳිඤ්ඤං….. ආතල් එක කඩන්නෙ නැතුව හෙමීට උස්සල අරගෙන ගිහිල්ල ජීප් එකෙං තියන්ට හොඳද? ...බුදු බව අත්වෙයි"

    දැකල බකස් ගාල හිනා ගියා ඔපිස් එකේ .. :D

    ඔය රාජකපුරු නාට්ටියේ සිංදුව විතරනේ අපි දන්නේ .. හැබෑටම තියෙන කතාව මොකක් ගැනද ?

    ජොකා නැතුව යන එකට අපි නම් කියන්නේ සිවිල් පිට යනවා කියල .. හෙහ් හෙහ් .. මම මේ ලඟදි දවසක් ජිම් එකේ ඉඳන් ඔහොම ආවා . ජොකා බාත්රුම් එකේ වැටිලා තෙමිච්ච නිසා .. හරි සැප අප්පා .

    ReplyDelete
    Replies
    1. //ඔය රාජකපුරු නාට්ටියේ සිංදුව විතරනේ අපි දන්නේ .. හැබෑටම තියෙන කතාව මොකක් ගැනද ?//
      මේක විතරයි හම්බඋනේ.

      Delete
    2. Pathum,

      / ජොකා නැතුව යන එකට අපි නම් කියන්නේ සිවිල් පිට යනවා කියල .. හෙහ් හෙහ් ../

      යස්, ඉන් සිවිල් ස්ටේටස් කියල තමයි කියන්නෙ...නිර්වස්ත්‍රව නානවට කියන්නෙ මොකක්ද දන්නවද?

      / මම මේ ලඟදි දවසක් ජිම් එකේ ඉඳන් ඔහොම ආවා . ජොකා බාත්රුම් එකේ වැටිලා තෙමිච්ච නිසා .. හරි සැප අප්පා . /

      හෙහ්,හෙහ්, හීතල හුළං පාර සිසාරා යනකොට මොන ආතල්ද නැද්ද බං?

      Delete
  4. හිහික්...
    එතකොට ජොක්සන් නැති හන්දමද බුවා නොගියෙ...
    අර අස්සං හොර ඒව කියල මාට්ටු වුනේ නැතෙයි...
    හිහි...
    ජොක්සන් නැතිව සෙනග පිරුණ ුබස් එක්ක ගියොත් කෝමට හිටීවිද...
    හම්මේ...

    ReplyDelete
    Replies
    1. Mahesh,

      / එතකොට ජොක්සන් නැති හන්දමද බුවා නොගියෙ…/

      ඒකනෙ බං..ජයන්තය ඇවිල්ල බොහොම දාර්මිස්ට පොර, ජොකා නැතුව ගෙයිං එලියට අඩියක් තියන්නෙ නෑ...:)

      / අර අස්සං හොර ඒව කියල මාට්ටු වුනේ නැතෙයි…/

      නෑ, නෑ, ඒක මාට්ටු වුනේ නෑ..ජයනිගෙ මඟුල් ගෙදරදි අජිතය ඔය කතාව කිව්වනෙ ඩෝප් මරගාතෙ අර මහ සබාව මැද්දෙ...හෙහ්,හෙහ්, උඹ බං ජයනි. මේ යකා අදහගෙන හිටියට මෙන්න මෙහෙමයි මුගෙ වැඩ කියල...හතර විලි ලැජ්ජාවයි හෙහ්,හෙහ්,

      / ජොක්සන් නැතිව සෙනග පිරුණ ුබස් එක්ක ගියොත් කෝමට හිටීවිද...හම්මේ…/

      සෙනඟ පිරිච්ච බස් වල ජොක්ලස් යන එකේ වාසිය මොකක්ද දන්නවද? බස් එක කෙලගෙන යනකොට අත් දෙකෙන්ම උඩ පොල්ල අල්ලගන්ට උනාය කියමු ඔන්න. අතේ එල්ලං ඉන්නව සොපිං මල්ලකුත්, දැං ඒකට මොකද කරන්නෙ? ජලා හුටා නෙවද? අන්න ඒ වගෙ වෙලාවට ජොක්ලස් නං නෝ ප්‍රොබ්ලම්...:)

      Delete
  5. //ඉඳිකිරීම් කොන්ත්‍රාත් කියන එක දන්නව නේද?//
    හොඳ වෙලාවට උඹ කිව්වේ. මම හිතාන හිටියේ "ඉඳිකිරීම" කියන්නේ එක එක ඉඳි වර්ග කිරන එක කියලා. :) මොකද්ද ඇත්තටම හරි වචනේ "ඉඳිකිරීම" ද "ඉදිකිරීම" ද?

    ඔය නෙලුං කියන වචනේ තව තේරුමක් තියනවනේ. අහලා ඇතිනේ නෙලුම් කවි. ගොයම් නෙලනකොට, පං නෙලනකොට එහෙම කියන කවි. "දෑතට වළලු" සිංදුව හැදිලා තියෙන්නේ ඔය නෙලුම් කවි වලිං මම හිතන්නේ. ඒ කියන්නේ කඩා ගැනීම තමයි මෙතන අදහස. ඒ තේරුමත් ඔය කුළුණට, පොකුණට හොඳට ගැලපෙනවා. කට්ටිය කොහොම කඩා ගැනීමක් කරන්න ඇද්ද ඕවගෙන්... පස්සේ කාලෙක කියන්න පුළුවන් "මෙම ඉදිකිරීමට මූලික වූ ඇත්තන්ගේ සිට නන් ආකාරයෙන් මෙයට දායක වූ සියලු දෙනාටම රිසි සේ නෙලා ගැනීමට ඉඩ ලැබුණු බැවින්, මෙය "නෙලුම් පොකුණ / කුළුණ" යන නම ලද්දේය" කියලා.

    ඔය බ්ලේක්ස් 7 ඉරිදා හවස් වරුවෙත් තිබ්බා වගේ මතකයි. ස්පෙල්බයින්ඩර් පටන් ගත්තේ බ්ලේක්ස් 7 ඉවර උණහම. ඉංග්‍රීසි මෙලෝ මලදානයක් බැරි උණාට ඔය කතා නම් අකුරක් නෑර තේරෙනවා. පසුවදාට ඉස්කෝලේ ගිහින් ඕවා ගැන වාද විවාද හිටං කරනවා. කඳු පාමුල සිංදුව මම ආස සිංදුවක්... වැඩිය ක්‍රෙඩිට් එක ගියෙ නැති උණාට, ආත්මා ලියනගේ නව සංගීත ආරක් ලංකාවට හඳුන්වා දීපු පොරක් නේද? පොරගේ සිංදුවල මියුසික් අපි නිතර අහන රටාවෙන් වෙනස්.

    ReplyDelete
    Replies
    1. තිසර,

      / හොඳ වෙලාවට උඹ කිව්වේ. මම හිතාන හිටියේ "ඉඳිකිරීම" කියන්නේ එක එක ඉඳි වර්ග කිරන එක කියලා. :) මොකද්ද ඇත්තටම හරි වචනේ "ඉඳිකිරීම" ද "ඉදිකිරීම" ද? /

      ඔතන යෙදෙන නිවැරදි වචනය මොකක්ද කියල මමත් දන්නෙ නෑ මල්ලි, ඒ ගැන හෙව්වට හරි තොරතුරක් හොයාගන්ට බැරි වුනා. " ඉඳිකිරීම " ද " ඉදිකිරීම " ද හරි කියල තීරණය කරන්ට වෙන්නෙ ඒ වචනෙ නිරුක්තිය අනුව.ඒ ගැන තොරතුරක් මම තවමත් හොයනවා මල්ලි...

      ඒත් මට හිතෙනව ඉදිකිරීම කියන වචනෙයි නිවැරදි කියල.

      " මඟ " ද හරි වචනෙ " මග " ද කියලත් මට ප්‍රශ්නයක්. ඒත් " මාර්ගය " යන මුල් වචනෙ සලකලා බැලුවම " මග " වෙන්න ඕන නිවැරදි.

      / "මෙම ඉදිකිරීමට මූලික වූ ඇත්තන්ගේ සිට නන් ආකාරයෙන් මෙයට දායක වූ සියලු දෙනාටම රිසි සේ නෙලා ගැනීමට ඉඩ ලැබුණු බැවින්, මෙය "නෙලුම් පොකුණ / කුළුණ" යන නම ලද්දේය" /

      එළමයැ! එළමයැ!! එළමයැ!!!

      / ඔය බ්ලේක්ස් 7 ඉරිදා හවස් වරුවෙත් තිබ්බා වගේ මතකයි. ස්පෙල්බයින්ඩර් පටන් ගත්තේ බ්ලේක්ස් 7 ඉවර උණහම. /

      ආයෙම වාරයක් මේ මෑතක බ්ලේක්ස් 7 ප්‍රචාරය උනාය කියල මම දන්නෙ නෑ බොලේ..Spell Binder... ඒකත් මරු කතාව.ඒකෙ හිටියෙ පෝල් සහ කවුද බං කෙල්ලගෙ නම?...රියානා නේද? අනික Girl from tomorrow,

      ඒ වගේම තමයි තිසර තව මරු කතා පෙලක් ගියා මට මතක නෑ. ඔන්න ඒකෙ තාත්තයි දුවයි ඉන්නෙ ..දුවට පහළවක් දාසයක් වගෙ ඇති. තාත්ත දක්ෂ විද්‍යාඥයෙක්. එයා හොයාගන්නව කාලය හරහා අතීතයට යන්ට පුලුවන් ක්‍රමයක්. ගෙදර එයාගෙ ලැබ් එකේ ටී.වී. ස්ක්‍රීන් එකෙන් ඇතුල් වෙල තමයි අතීතයට යන්නෙ. ම්හු..නම එන්නෙම නෑනෙ....:(

      / වැඩිය ක්‍රෙඩිට් එක ගියෙ නැති උණාට, ආත්මා ලියනගේ නව සංගීත ආරක් ලංකාවට හඳුන්වා දීපු පොරක් නේද? /

      ඇත්ත... ආත්මා ලියනගේ තමන්ගෙ හැකියාව අනුව තැනක් නොලැබුනු දක්ෂ ගායකයෙක්..අද මේ කෝටි ගණං සල්ලි හම්බවෙන තරු එක්ක බලන කොට ඒ මනුස්සය මොන තරම් නම් හැකියාවක් තිබ්බ කෙනෙක්ද?

      Delete
  6. අම්මපා මෙහෙමත් ලියවිල්ලක්. මේක ලියවිල්ලක්ද කියවිල්ලක්ද?

    අග ඉඳන් මුලට යන්නං. මොකටද ඔය ජොකා? හමුදා පුහුණුව ලබද්දී අපිනම් රෑට අන්දේම නෑ. කවුරු බලන්නද කවුරු දකින්නද? කාණුවේ තියා කලිසම් වාටියෙවත් ඉන්න තරමට ඉදිමෙන්න ගොනාට බැහැ. ඒ තරමට කරබාගෙන ඉන්නේ පුහුණුවේ දැඩි බව නිසා. අදනම් ඉතිං වයස නිසා අවශ්‍යම නැහැ. අම්මපා.

    මම ඉස්කෝලේ යනකාලේ කට්ටි පැනලා තාත්තා ලියන විදිහට ලියුමකුත් ලියාගෙන තාත්තගේ අස්සන 99.9% ක් ඒ හා සමානව ගහගෙන යනවා. අනේ එක දවසක් තාත්තටම අහුවෙලා යහමින් කණ අතගෑවා.

    මාලිංග එදා කිව්වේ 'කෝ බං මගේ බැට් එක? ඒකට ...කවිලා' කියලා.

    ඇත්තටම අපේ රටේ වයඹ, උතුරු මැද, නැගෙනහිර, වැනි පළාත්වල ස්ථාන නාම යෙදීම සිදුවී තිබෙන්නේ සමහර විට හාස්‍යජනක මෙන්ම කනගාටුදායක අයුරින්. ඇද ස්ථිරවී ඇති ඒ නම් ප්‍රසිද්ධියේ කියනකොට හිනහ යන අවස්ථා තියනවා. අලිවංගුව මහා විද්‍යාලය කියලා ඉස්කෝලෙකට නම දැමීම මොනතරම් අමනෝඥ ද? වෙන නමක් දාගන්න කිව්වත් ඒ අයට කිසි ගානක් නැහැ.

    ලංකාවේ කඩවල් වලින් 1% ක විතර තමයි ෂෝට් ඊට්ස් සහ ෆ්‍රයිඩ් රයිස් විකුණන්නේ. අනික් කඩවල විකුණන්නේ සෝර්ටීස්, ෂෝටීස්, ප්‍රයිඩ් රයිස්.

    ස්ටාර්ස්කි ඇන්ඩ් හච්, සහ බිග් වැලි මම බැලුවේ, කළු සුදු රූපවාහිනියකින්. ඇත්තටම එහි තාත්වික බවක් තිබුනා කළු සුදු වලින් බලද්දිත්.

    ReplyDelete
    Replies
    1. අපි මේ දවස්වල යුද්ද ටැංකි වලින් ගහගන්නවා. පුලුවන්නම් ඇවිත් බලන්න අපේ අඩවියට.

      Delete
    2. //වයස නිසා අවශ්‍යම නැහැ. අම්මපා.//

      වාර්නිස් සාත්තුව දීලා බැලුවේ නැද්ද

      Delete
    3. වාර්නිස්?....................ඇයි යකෝ මේක ලීයෙන් හදලා නැහැ.

      Delete
    4. Wicharaka,

      / මාලිංග එදා කිව්වේ 'කෝ බං මගේ බැට් එක? ඒකට ...කවිලා' කියලා. /

      මාලිංග කියපු ටික තිසර ලින්ක් එක දාල තියන වීඩියෝ එකේ තියනවා...හෙහ්,හෙහ්,

      / අලිවංගුව මහා විද්‍යාලය කියලා ඉස්කෝලෙකට නම දැමීම මොනතරම් අමනෝඥ ද? වෙන නමක් දාගන්න කිව්වත් ඒ අයට කිසි ගානක් නැහැ. /

      ඔතන වෙලා තියෙන්නෙ විචා..ඒ නම් අවුලක් වෙලා තියෙන්නෙ අපටනෙ. එයාලට ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ..ඒකයි..ජීවිත කාලයක් පාවිච්චි කරපු නම එයාලට වෙනස් කරන්ට උවමනාවක් නෑ.

      / ලංකාවේ කඩවල් වලින් 1% ක විතර තමයි ෂෝට් ඊට්ස් සහ ෆ්‍රයිඩ් රයිස් විකුණන්නේ. අනික් කඩවල විකුණන්නේ සෝර්ටීස්, ෂෝටීස්, ප්‍රයිඩ් රයිස්. /

      මම නම් ඒ වචන විකෘතියට කැමතියි විචා..ඒකෙ තියනව අමුතු සුන්දරත්වයක්. සුද්ද ෂෝට් ඊට්ස් කිව්වට අපිත් එහෙමම කියන්ට ඕන නෑනෙ. අපි කියමු සෝටීස් කියල. මොකක්ද අවුල? සුද්ද අපේ වචන හරියට උච්චාරණය කලෙත් නෑනෙ. කන්දට සුද්ද කිව්වෙ කැන්ඩි කියල. එහෙම එකේ අපි මොකටද බොහොම අමාරුවෙන් සුද්දගෙ වචන හරියට ප්‍රනවුන්ස් කරන්නෙ?

      Delete
    5. //අපි මොකටද බොහොම අමාරුවෙන් සුද්දගෙ වචන හරියට ප්‍රනවුන්ස් කරන්නෙ//

      හෙහෙ ඇත්ත ඇත්ත. සුද්දගේ නම් තියා ගනිද්දීත් ඕකමනේ කරේ .

      Aaron - ආරොං
      Gregory - ගිරිගෝරිස්
      James - ජේමීස්
      Deons - දියෝනිස්
      David - දාවිත්
      Abram - ඒබරං

      ඔය සිංහලෙන් ලියපුවා නිකමටවත් ඉංගිරිස් නම් කියලා මටනම් හිතෙන්නේ නෑ

      Delete
    6. සයුරි,

      Satan - සේතං
      Pedro - පේදුරු
      Blondie - බොංඩි

      ඒ නම් ගත්තම. මේ අනික් එව්ව...

      Government - ගෝරමේන්තුව
      Governer General - ගොවැර්නදෝරු
      Emporar - එම්ප්‍රදෝරු
      Surveyor general's office - සරුව ජනෙල් කන්තෝරූව

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. කලින් ලියපු කමෙන් එක දිග වැඩියි.

      මටනම් එකඟවෙන්න බැහැ අලිවන්ගුව කියන නම පාවිච්චි කරන අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියන එක. ඒ ප්‍රදේශයේ ගුරුවරු සහ දෙපව්පියන් පිරිසක්ම තමයි මට කිව්වේ 'බලන්න මහත්තයා අපි කොළඹ ක්‍රීඩා තරග වලට ගියාම එහෙ ඉස්කෝලවල ළමයි විහිලු කළා අපේ ඉස්කෝලේ නමට' කියලා. ඒ නිසා එක ප්‍රශ්නයක්.

      මෙච්චර ශක්තිමත්, සාරවත්, ප්‍රබල භාෂාවක් තියෙද්දී ඒ කාලයේ ගැමියා තම දැණුමෙන් අවට පරිසරය නම්කළ නමම හැමදාම තියාගන්නේ ඇයි? අපිට හැකිවුනා අලිවන්ගුව සහ පලුගහ වංගුව යන ඉස්කෝල වලට වඩාත් ගැලපෙන ලෙස නම් යොදා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියත් ගන්න.

      අර කෑම වලට යොදන ඉංග්‍රීසි නම් වැරදියට යෙදුවම අපේ ළමයි ඒ වැරදි නම හරි කියලා හිතනවා, ලියනවා, කියනවා, සෙරෙප්පු වලට බාටා කියනවා, කොට කලිසමට සෝට කියනවා. මෙලෙස විකෘති යෙදුම් සමග අපිට ජාත්‍යන්තර තලයේදී පසුබෑම් අපහාස උපහාස වලට ලක්වන්නට සිදුවෙනවා.

      සුද්දාගේ භාෂාව අපට වඩා දුර්වලයි. ඌට අදටත් බැහැ සඳකඩ පහනට නමක් කියාගන්න වචන හත අටක් එකට ඈඳා ගන්නේ නැතුව. අපි අපේකම සහ අනන්‍යතාව පෙන්වීමේ එක ලක්ෂණයක් කරගතයුත්තේ නිවැරදි භාෂා ව්‍යවහාරයයි.

      බොන්ඩි කියන වචනය මා දන්නා තරමින් පැරණි ගැමියා තම බිරිඳට ආක්‍රෝෂ පරිභව වශයෙන් භාවිත කල වචනයක් විනා ඉංගිරිසියට සම්බන්ධ වචනයක් නොවේ.

      Delete
    9. // සුද්දාගේ භාෂාව අපට වඩා දුර්වලයි. ඌට අදටත් බැහැ සඳකඩ පහනට නමක් කියාගන්න වචන හත අටක් එකට ඈඳා ගන්නේ නැතුව. //

      සමාවෙන්ට. විවාදයකට ඈඳා ගැනීමකට නෙවෙයි මෙහෙම කියන්නෙ විචාරක. ඒත් ඔය විදියට හිතුවොත් අපේ භාෂාවත් දුර්වලයි නේද? අපට තාමත් බැරිවෙලා තියෙනවා ඉංගිරිසියෙ එන සමහර වචනවලට ගැලපෙන තනි සිංහල වචන හදාගන්ට.

      මම හිතන්නෙ ඒක භාෂාවෙ දුර්වලකමක් නෙවෙයි, ප්‍රවීණයන්ට උවමනාවක් නැති කමයි කියලා. අනික සඳකඩ පහනට ඉංගිරිසි නමක් හදන්ට උවමනාවක් නැතුව ඇති එයාල‍ට. නැත්තං ඉංගිරිසි කියන්නෙ කොච්චර නම් අනිත් භාෂාවලින් වචන ඈඳාගත්ත භාෂාවක් ද.

      Delete
    10. එකඟයි බූරා. අපේ භාෂාවේ විශ්මිත දේවල් අපෙන් ඈත්වෙලා (ඈත් කරලා) සුද්දාගේ භාෂාව ඔතරම් දියුණු නැති කාලෙත් අපි ශිලාලේඛන ලිව්වා. තුඩපත් ලිව්වා, පුස්කොල ලිව්වා.

      Delete
    11. Wicharaka,

      / මටනම් එකඟවෙන්න බැහැ අලිවන්ගුව කියන නම පාවිච්චි කරන අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියන එක. ඒ ප්‍රදේශයේ ගුරුවරු සහ දෙපව්පියන් පිරිසක්ම තමයි මට කිව්වේ 'බලන්න මහත්තයා අපි කොළඹ ක්‍රීඩා තරග වලට ගියාම එහෙ ඉස්කෝලවල ළමයි විහිලු කළා අපේ ඉස්කෝලේ නමට' කියලා. ඒ නිසා එක ප්‍රශ්නයක්. /

      / අලිවංගුව මහා විද්‍යාලය කියලා ඉස්කෝලෙකට නම දැමීම මොනතරම් අමනෝඥ ද? වෙන නමක් දාගන්න කිව්වත් ඒ අයට කිසි ගානක් නැහැ./

      විචාරක, අලිවංගුව මහා විද්‍යාලය කියල වෙනම ඉස්කෝලෙකට නමක් දැම්ම නෙවෙයි නෙව. ඒ ගමේ නම අලිවංගුව. ඒ නිසා අලිවංගුව ගමේ ඉස්කෝලෙ නම අලිවංගුව මහා විද්‍යාලය. ඒ නම වෙනස් කරන්ට ගමේ නම වෙනස් කරන්ට ඕන ඉස්සෙල්ල. එහෙම නැතුව ඉස්කෝලෙට විතරක් පොෂ් නමක් දාල හරියන්නෙ නෑනෙ. මට තේරෙනව ඔබ කියන දේ..ඒ අපහසුතාවයට මුහුණ දෙන්නෙ ගමේම ඉන්න ගම් වාසීන් නෙවෙයි ඔබ කිව්ව වගෙ බාහිර ලෝකය එක්ක ගැටෙන අයයි. ඒත් ඒක ගම්වාසීන්ට තේරුම් කරල දෙන්න වෙනව ඉස්සෙල්ල.

      / අර කෑම වලට යොදන ඉංග්‍රීසි නම් වැරදියට යෙදුවම අපේ ළමයි ඒ වැරදි නම හරි කියලා හිතනවා, ලියනවා, කියනවා, සෙරෙප්පු වලට බාටා කියනවා, කොට කලිසමට සෝට කියනවා. මෙලෙස විකෘති යෙදුම් සමග අපිට ජාත්‍යන්තර තලයේදී පසුබෑම් අපහාස උපහාස වලට ලක්වන්නට සිදුවෙනවා. /

      භාෂාවක් කියන්නෙ එක තැන පල්වෙන ( Stagnate ) වෙන එකක් නෙවෙයි. අලුත් වචන එකතුවෙනව. සමහර වචන අභාවයට යනව. සෝට කියන එකත් අවුලක් නෑ. කොට කළිසම වෙනුවට තනි වචනයක් සිංහලට එකතු උනා. එච්චරයි. ජාත්‍යන්තර තලයේ අපහසුතාවට ලක්වෙන්නෙ කොහොමද කියල නම් මට හිතාගන්න අමාරුයි. ජාත්‍යන්තර තලයෙ කියල ඔබ අදහස් කරන්නෙ මම හිතන්නෙ විදේශිකයොත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කර ගැනීමෙදි වෙන්න ඕන. එහෙම වෙලාවට ඉංග්‍රීසි උගත් කෙනෙක් මම හිතන්නෙ නෑ සෝට වගෙ වචනයක් පාවිච්චි කරයි කියල.

      පොඩි උදාහරණයක් - Boob කියන වචනෙ දන්නවනෙ. පියයුරු වලට කියන Slang word එකක්, ඔය සෝට වගේම තමයි කියල කිව්වැකි. එහෙම උනාට Side boob කියන වචනෙ මේ ඊයෙ පෙරේද ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකට එකතු කරල තියනව. ඒ කියන්නෙ ඒ වචනෙ දැන් පිළිගත්තු ඉංග්‍රීසි වචනයක්. භාෂාවක් පරිණාමය වෙනව කියන්නෙ එහෙමයි.

      / සුද්දාගේ භාෂාව අපට වඩා දුර්වලයි. ඌට අදටත් බැහැ සඳකඩ පහනට නමක් කියාගන්න වචන හත අටක් එකට ඈඳා ගන්නේ නැතුව. අපි අපේකම සහ අනන්‍යතාව පෙන්වීමේ එක ලක්ෂණයක් කරගතයුත්තේ නිවැරදි භාෂා ව්‍යවහාරයයි. /

      ඔබේ අදහසට එකඟවෙන්න ටිකක් අපහසුයි විචාරක. සුද්දගෙ රටේ සඳකඩ පහන් තිබ්බෙ නැතිනිසා උගෙ බාසාවෙ ඒකට වචනයක් නෑ. අනික සිංහලෙන් සඳ කඩ පහණ කිව්වම එතනත් තනි වචනයක් නෙවෙයි. වචන තුනක්.

      / බොන්ඩි කියන වචනය මා දන්නා තරමින් පැරණි ගැමියා තම බිරිඳට ආක්‍රෝෂ පරිභව වශයෙන් භාවිත කල වචනයක් විනා ඉංගිරිසියට සම්බන්ධ වචනයක් නොවේ. /

      බොන්ඩි කියන වචනෙ බිරිඳටම විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්ට යොදාගත් වචනයක් නෙවෙයි මම දන්න තරමින්.

      අනික ඒ වචනෙ ඇවිල්ල තියෙන්නෙ '' බ්ලොන්ඩී " කියන ඉංගිරිසි ව්‍යාවහාරයෙ එන ධවල කේශී ලඳුන් හැඳින්වීමට යෙදෙන වදන අපේ උච්චාරණ පහසුවට සකස් කරගෙනය කියල මම කොහෙ හරි කියෙව්ව. බොංඩි කියල මුලින්ම යෙදිල තියෙනවය කියන්නෙ ආදරේට හුරතලේට…

      අපෙ අත්තම්මා මට මතකයි නංගිලට බොරුවට බණිනව " පල යන්ට බොංඩිගෙ කෙල්ල " කියල. හැබැයි පස් සෙ කාලෙක අපහාසාත්මකව බොංඩි කියන වචනෙ යෙදිලත් තියනව. " ඈ බොල බොංඩියෙ., තොහෙ මිනිහ මදි වෙලද මයෙ මිනිහට අංකොං පාන්නෙ? " ......" ඔය බොංඩි අහුවෙච්චාවෙකො මට කට උලනව මිරිස් ගලේ කුලල ගාවින් අල්ලල අම්මාපල්ල එහෙනං "

      Delete
    12. //සුද්දගෙ රටේ සඳකඩ පහන් තිබ්බෙ නැතිනිසා උගෙ බාසාවෙ ඒකට වචනයක් නෑ.//

      අපේ භාෂාවෙ තනි වචනෙන් කියන සමහර දේ සුද්දගෙ භාෂාවෙ තනි වචනෙන් කියන්න බෑ.
      සුද්දගෙ භාෂාවෙ තනි වචනෙන් කියන සමහර දේ අපේ භාෂාවෙ තනිව චනෙන් කියන්න බෑ.

      ඒ භාෂා, සංස්කෘති, දේශගුණය ආදී දේ වෙනස් නිසා මිස එක භාෂාවක ඇති උසස් හෝ පහත් බවක් නිසා නෙමෙයි

      Delete
    13. @ රවි,

      දන්නවැයි ඔය Boob කියන වචනෙ හැදිලා තියෙන්නෙ කොහොමද කියලා? මෙන්න මෙහෙමලු.. (අර පහළින් තියෙන Boob එක click කරන්ට) :-)

      Boob

      Delete
    14. Bura,

      " Shit a brick & **** me in both ears with it " කිව්වලු ඩෙබ්රා මෝගන් ළමයා...හෙහ්,හෙහ්,

      තෑන්ක්ස් බූරා..Boobs වචනෙ හැදුන හැටි නියමයි...අම්මප උඹම එපාය මෙව්ව කියල දෙන්ට.

      Delete
    15. ඉතා දීර්ඝ සංවාදයකට යායුතුයි. කාලය හරස්වෙනවා. අපේ විසම්මුතීන් බරපතලයි.

      Delete
  7. ආත්මා ගෙ ඔය සිංදුවෙ එක කෑල්ලක් තියෙනවා "පෙර'ඹර අහසේ තරු කැන් දිලුනා..." කියලා. මං හිච්චි එකා සන්දියෙ ඉඳන් අද වෙනකං ඔය සින්දුව ඇහෙද්දි කල්පනා කරන දෙයක් තමා ඔය 'පෙර'ඹර අහස' කියන්නෙ කොයි වගේ තැනක් ද කියලා. ;-)

    ReplyDelete
    Replies
    1. //"පෙර'ඹර අහසේ තරු කැන් දිලුනා..."//
      පෙරඹර අහස නම් හරි... තරු කැන් දිලුනා නම් වෙන සිංදුවක් වෙන්න ඇති.. :)

      කඳු පාමුල සිට දැහැනට සමවැද
      මා ගයනා ගී ඔබට ඇසෙනවද
      කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
      ආලවඩන සඳ කිඳුරු ලියේ

      මිටියාවත් කඳු ශිඛර සිසාරා
      සඳ බැස යන තුරු අවර වන පෙතේ
      ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
      ඔබ අන් සතු බව මම දැන සිටියෙමි

      ඇල දොල ගංගා සයුර සිසාරා
      ඉර නැග එන විට පෙරඹර අහසේ
      ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
      ඔබ අන් සතු බව මම දැන සිටියෙමි

      පද රචනය - සරත් ගුණරත්න
      තනුව - කාලෝ විජේසිරි
      සංගීතය සහ ගායනය - ආත්මා ලියනගේ

      Delete
    2. පොයින්ට් එක මීටර් වුණේ දැන් නේ.... හෙහ් හෙහ්....

      "ඈත එපිට දුර අකාසේ" ත් ඇත්තේ ඒ කිට්ටුවමයි. :)

      Delete
    3. බූරා සහ තිසර,

      හරි, හරි බොලව්,අවධාරණයෙදි ( Emphasis ) එහෙම දෙපාරක් එකම තේරුම තියන වචනෙ යෙදෙනවනෙ. හෙහ්,හෙහ්,

      Delete
    4. //පද රචනය - සරත් ගුණරත්න
      තනුව - කාලෝ විජේසිරි
      සංගීතය සහ ගායනය - ආත්මා ලියනගේ//

      තනුව,සංගිතය කියන්නේ දෙකක්ද ?මොකක්ද ඔය දෙකේ වෙනස?

      Delete
    5. තනුවක් ඔයාට hum කරන්ටත් පුළුවන් නේද? මියුසික් දාන්ටම ඕන නෑ නෙ. මුලින් hum කරලා පස්සෙ කොම්පෝසර් කෙනෙකුට කියලා ඒකට ගැලපෙන මියුසික් එකක් හදාගන්නවා.

      Delete
    6. එතකොට බුරාන් තනුවක් දාන එක ඕනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නේ.ඒකට ගැලපෙන මියුසික් එක හදන එකයි වැඩේ එතකොට..:)

      Delete
    7. ඔවු සංගීත භාණ්ඩ කීපයක එකතුවෙන් කණ්කලු සංගීතයක් නිර්මානය කරන එක තමා ගේම. සංගීතඥයෙකුට පුළුවන් හොඳ තනුවක් සුපිරි තනුවක් කරන්ටත්, ඒක විනාශ කරලා දාන්ටත්.

      හම් කරනවා වෙනුවට ඕන නම් ගිටාර් එක පාවිච්චි කරන්ටත් පුළුවන්. කොහොමහරි අර තනුව රෙකෝර්ඩ් කරගන්න එකයි අවශ්‍ය.

      ටික කාලෙකට කලින් අ‍පේ මිත්‍රයෙක් ඔය වගේ වැඩක් කලා. එයාගෙ හිතට ආපු තනුවක් එයා හම් කරලා ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කලා. ඊට පස්සෙ ඒක අපේ තවත් මිත්‍රයෙකුට යවලා එයාට කියලා ලිරික්ස් ලියාගත්තා. අන්තිමේදි කොම්පෝසර් ගාවට ගිහිල්ලා මියුසික් දාලා, වොයිස් කට් එක දාලා ගීතය නිර්මානය කලා.

      Delete
    8. ස්තූතියි බූරා මලේ,

      තනුව සහ සංගීතය යන දෙකේ වෙනස ගැන දල අයිඩියානන්ද එකක් තිබ්බට උඹේ එක්ස්ප්ලනේෂන් එකෙන් පස්සෙ එලටම වැඩේ තේරුණා...

      Delete
    9. යේස්,දැන් මටත් වැඩේ තේරුණා...:)
      තැන්ක්ස් බුරාන්.

      Delete
  8. මගෙ ප්‍රියතම චරිතය වුනේ අර බ්ලේක් එකේ අලු චරිතයක් හිටියෙ කෙලින්ම වීරයෙක් නොවන, වීරයෙක් වෙන්න කැමතිත් නැති මෑන් , මට නම මතක නෑ, අන්තිම ( මං බලපු ) එපිසෝඩ් එකේදිනම් මිනිහ සතුරන්ට වටවෙලා ඉන්නකොට සුවිසයිඩල් විදිහට ගන් එක අදිනව

    මට වීරයො අඩුයි නෙ රවි :-))))

    Columbo මතකද?

    ගොඩාක් ඉස්සර තිබුන Dick Turpin, the highwayman?

    ReplyDelete
    Replies
    1. Just found this on Wiki

      Kerr Avon played by Paul Darrow
      Avon quickly became the most popular character on the show due to his darker nature, his unclear motives, and sardonic wit.

      heh heh , I'm not the only anti (or dodgy) - hero fan !

      Delete
    2. Pra,

      / මට වීරයො අඩුයි නෙ රවි :-)))) /

      අප්පෝ දාහෙන් සම්පතයි ප්‍රා..විහිලුවට එහෙම නෙවෙයි ඔන්න..වීරයො නැති එක නම් හිතට ලොකු සහනයක්..මට වෙලා තියෙන්නෙ එහෙම බැරි එක නෙව. මට වීරයෙක් ඉන්නම ඕන ..කාලෙන් කාලෙට වෙනස් වෙනව.

      මේ දවස්වල කවුද දන්නවද මගේ වීරයා? අර වාරියපොළ කොල්ලා....අර කෙල්ල හනුම දර පලන්නැහෙ ගහද්දි එක්කො ආයෙම නෙලන්ට ඕන ඇඟිලි පහ කම්මුලේ හිටින්ට. එහෙම නැත්තං පැනල දුවන්ට ඕන පලාතෙ නොහිට. ඒ දෙකම නොකර ගුටි කාගෙන ධෛර්ය සම්පන්නව නොසැලී මහ මෙරක් වගෙ එතන හිටපු එකම මදිද?

      / Kerr Avon played by Paul Darrow /

      yeah I remember him very well, Avon...what I liked most was his voice. A deep, resonating voice. I tried to speak like him during those days...Heh,heh, but didn't succeed other than making a good imitation of scratching an old barrel with a no. o sand paper...

      Delete
    3. //ඒ දෙකම නොකර ගුටි කාගෙන ධෛර්ය සම්පන්නව නොසැලී මහ මෙරක් වගෙ එතන හිටපු එකම මදිද?//

      මේ අපහාසයක් නෙමෙයි, ඒක බලනකොට ඇත්තටම මට හිතුනේ ඌට දුවන්න නෙමෙයි කෙලින් ඉන්නත් බැරි තරමට ඩෝප් කියල. බිත්තියකට හේත්තුවෙලා හිටියෙ.
      අප්පටසිරි, රවිගේ ඒ වීරයගෙත් හුලං බැස්සුවද මංද මං . sorry. තව කවුරුවත් හෙම නැද්ද?
      මට නම් ඉන්නව දැන් - සියලු ඉච්චා භංගත්වයන් හමුවේ වීරයන් කොන්සෙප්ට් එකේ නොසැලී සිටින my hero රවි W. :-D D D

      Delete
    4. It's only a part joke Ravi. Being idealistic is an admirable quality

      Delete
    5. Pra,

      Being idealistic in admirable all right but keeping on being idealistic day in and day out is definitely not an easy task. :)

      Delete
  9. //එහෙම තමයි එව්වයෙ හැටි…. ජීවිතෙත් එක අතකට ඒ වගේනෙ…. ඔන්න අපි කරන්ඩ හිතාගෙන සැලසුම් කරල ටාගට් හදාගෙන පටං ගන්න වැඩ අන්තිමට ඉවර වෙන්නෙ හීනෙන්වත් නොහිතූ දිහාවක ගිහිල්ල.


    මල්ටි ටාස්කිං කියල කිව්වැහැකි ඒවට//

    "මල්ටි ටාස්කිං" වලට වඩා Serendipity කියන වචනය ඕකට වඩා උචිතයි නේද??

    ReplyDelete
    Replies
    1. Sa - rasa,

      ඔව්, එක අතකින් බැලුවම ඔබ කියන කතාවෙ ඇත්තකුත් තියනව. Serendipity කියන වචනෙ Definition එක ඇවිල්ල " The pleasant ability to come across good things in life by chance "...නොසිතූ වීරූ සේ අනපේක්ෂ්තව සතුටුදායක දේ හෝ පුද්ගලයින් හමුවිම …

      Serendipity කියන වචනෙ ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්තනය කිරීමට ඉතාම අපහසු වචන දහයෙන් එකක්ය කියල කියනව ( One of the 10 most untranslatable words in English language )

      තව එකක් Serendipity කියන වචනෙ එන්නෙ Serendib කියන එකෙන්. Serendib කියන්නෙ ලංකාව හඳුන්වන්න පුරාණ පර්සියානුවන් පාවිච්චි කරපු නම...:)

      Delete
  10. Battle star Galactica, Manimal, Electric Company, Sesame street, Heart to Hart, Miami vise, Hawaii five O

    ReplyDelete
    Replies
    1. Buck Rogers, Automan, MacGyver, The Love Boat, Dynasty, Return to Eden, Dempsey and Makepeace, Airwolf..... the list is long! :-)

      Delete
    2. William Tell , Doctor Who, .................................

      Delete
    3. V, Six Million Dollar Man, Monkey Magic, Chips, Knight Rider, Baywatch, Acapulco Heat.

      Delete
    4. Baywatch & Acapulco Heat relatively බොහොම මෑත කාලෙක ආපු ඒවා නේ...

      The A Team එකේ first season එක, DVD set එකක් විදියට ගත්තා මම Amazon වලින්.. V first season එක download කලා..

      Delete
    5. Ano, Bura, Pra jay, Helapa & Thisara,

      " ඩිනස්ටි - ඉතා ධනවත් හා බලවත් කැරිංටන් පවුලේ කථාව.." ඩිනස්ටි පටන් ගන්න ඉස්සෙල්ල ඔහොම කියනව මතකද?

      සික්ස් මිලියන් ඩොලර් මෑන් සහ කනයිට් රයිඩර් ගියේ අයි.ටි. එන්, එකේ නේද? සික්ස් මිලියන් ඩොලර් මෑනට හිටියෙ ලී මේජර්ස්, මිනිහ හිටිය බිග් වැලී සහ ඩිනස්ටි දෙකේම.ලී මේජර්ස් ඒ දවස්වල බැඳල හිටියෙ ෆාරා ෆෝසට් මේජර්ස්.. චාලීස් ඒන්ජල්ස් ෆස්ට් සීර්‍රිස් එකේ හිටියෙ ෆාරායි, ජැකලීන් ස්මිත් සහ කේට් ජැක්සන්.

      අයි.ටි.එන් එකේ තව ගියා බයෝනික් වුමන්, ලෝන් රේන්ජර්, ද ග්‍රීන් හෝනට්, බෙයාර් කැට්ස්, බා බා බ්ලැක් ෂීප්, 240 රොබර්ට්.....S.W.A.T..

      Delete
    6. නයිට් රයිඩර් ගියේ ජාතික රූපවාහිණියෙ.

      Delete
  11. ඔය මොන ටාස්කිං තිබුණත් බිල්ඩිම හදන්න බාරගත්ත කො.කා. එතන ඉන්න ඕන අනික් එවුවො වැඩ කරනකොටත්. නැත්තං පතෝල මැස්ස වගේ වෙලා තියෙයි.

    ජයන්තය කෑ ගහල තියෙන්නෙ හරියට උගේ කලිසම නැතිඋනා වගේනෙ. ඇත්තටම මොකටද උෘට ඕක ඔච්චරම වැදගත්. ගෙදර උන්දැ විශේෂයෙන් ඔය ගැන හොයල බලනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. eee ban ayye umbata ehema athdekeemak thiyanawathda? eka paaratama mathak une.

      Delete
    2. Praසන්ன,

      / ඔය මොන ටාස්කිං තිබුණත් බිල්ඩිම හදන්න බාරගත්ත කො.කා. එතන ඉන්න ඕන අනික් එවුවො වැඩ කරනකොටත්. නැත්තං පතෝල මැස්ස වගේ වෙලා තියෙයි. /

      ඇත්ත බං..මල්ටි ටාස්කිං අර ටාස්කිං මේ ටාස්කිං හරියන්නෙ නෑ, අන්තිමට ඉදිකිරීමෙ සම්පූර්ණ වගකීම එන්නෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරුට. Client ගිවිසුම ගහල තියෙන්නෙ Main Contractor එක්ක. වගකීම තනිකරම එයාට.

      / ජයන්තය කෑ ගහල තියෙන්නෙ හරියට උගේ කලිසම නැතිඋනා වගේනෙ. ඇත්තටම මොකටද උෘට ඕක ඔච්චරම වැදගත්. ගෙදර උන්දැ විශේෂයෙන් ඔය ගැන හොයල බලනවද දන්නෑ. /

      ඕක බැඳල හිටියෙ නෑ ඒ කලෙ.. ඒක නෙවෙයි හේතුව..ජයන්තය ඇවිල්ල බොහොම පිලිවෙලට වැඩ කරන මෙතෝඩිකල් පොර. ඒකයි. ජොකා නැතුව එළියට බහිනව කියන්නෙ ඌට හරියට අමු නිරිවස්තරෙං එලියට බහිනව වගෙ...හෙහ්,හෙහ්,

      Delete
  12. ඕක කරන්න ඕනේ ක්‍රමක් කරමයෙන් ක්‍රමක් ක්‍රමයෙන්..

    This should be done gradu-gradually, gradu-gradually.

    ආතර් අයියා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      කවුද බං ආතර් අයියා? ගල්කිස්සෙ හෝටලෙ ලඟ ඉන්න පොරද?

      Delete
    2. නෑ මචං අපිත් එක්ක පැණිදෙනියේ ට්‍රේනිං කොලේජ් හිටපු බැචෙක්ගේ nick name එක.

      Delete
  13. multi-tasking කියන්නෙ එක මොහොතෙ කාර්‍යයන් කීපයක් එකට කරන එකට. ඒකෙ විරුද්ධාර්ථය mono-tasking නැත්නම් single-tasking. specialization ඒකෙ විරුද්ධාර්ථය diversification නීද අනී. ඉංගිරිසි සෑරුත් උඩින් ඉන්නෙ.

    ReplyDelete
  14. තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම් කියල පටන්ගන්න කට මැදගෙන හිටිය මදැයි තිසර කුඹුරුවල නෙලුම් ගැන කියල දාලනෙ.
    කඩ දොළහෙ කොත්තු කඩේ කොත්තුවෙ රස අවුරුදු තිහකට පස්සෙත් තාම මතකයි.ඉස් ඉස්සෙල්ලම ඔය කඩෙන් කොත්තුවක් කෑවෙ පණ්ඩුලගම ගං උදාව බලන්න ගියපු වෙලේනෙ.ඒ ඇවිල්ල 1984 අවුරුද්ද මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      / කඩ දොළහෙ කොත්තු කඩේ කොත්තුවෙ රස අවුරුදු තිහකට පස්සෙත් තාම මතකයි.ඉස් ඉස්සෙල්ලම ඔය කඩෙන් කොත්තුවක් කෑවෙ පණ්ඩුලගම ගං උදාව බලන්න ගියපු වෙලේනෙ.ඒ ඇවිල්ල 1984 අවුරුද්ද මයෙ හිතේ. /

      ඔබ හරි, මම මේ කිව්වෙ 1983 අග හරියෙ වගෙ. ඒ දවස්වල තමයි ඔය හෝටලේ පටන් ගත්තෙ. ඒ එක්කම පිටිපස්සෙ තිබ්බෙ ජාතික තරුණ සේවා සභාවෙ රඟහල. ඒකෙ ඔය එක එක ආතල් බලන්ට ගිහිල්ල අපි ආපහු එන ගමන් ඔතනින් කොත්තුවක් දෙකක් අරගෙන හතර පස් දෙනෙක් බෙදාගෙන කනව. ඒ කාලෙ සල්ලි නෑනෙ බං අතේ..:)

      අනුරාධපුරේ ගම් උදාව තිබ්බෙ 1984 තමයි. පණ්ඩුලගම...ඒකෙ මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙ ප්‍රදර්ශන කුටියකුත් තිබ්බ. අපි හැමදාම වගෙ ඒ කුටියෙ ඩියුටි හිටිය.

      Delete
  15. මල්ටි ටාස්කින් ඈ...! හෙක්...
    සමහර විට දැන් ඔය සංවර්ධන යෝජනා ක්‍රම ඉස්සරට වඩා සංකීර්ණ ඇති. නිකම්ම ස්ලැබ් බීම් කොලම් කන්ස්ට්‍රක්ෂන් නෙවෙයි වෙන්නැති. ඉතින් එක ආයතයනයකට විතරක් තනිව කරගන්න අමාරු ඇති. ඉතින් ස්පෙෂලිස්ට් කන්ට්‍රැකටර්ස්ලා පාවිචිචිකරනවා ඇති.
    අපි පොඩිකාලේ පොඩි බෝතල කුප්පියක් අරගෙන තමයි රත්නපුරේ ලොබෝ දොස්තර මහත්තයා ගාවට එක්ක යන්නේ ලෙඩ උනාම. එයාත් ඉතින් මල්ටි ටාස්ක්ing. කිසිම ටෙස්ට් එකක්, එක්ස් රේ ගැනීමක් ගැන එහෙම කථා කරන්නේ නැතුව නාඩි අල්ලලා, නලාව තියල බලලා, කුඩු මුල් සහ තිත්ත බෙහෙත් වතුර කුප්පියට දුන්නාම ලෙඩේ සනීපයි. ඒකට දැන්, ස්පෙෂ්ලිස්ට්ලා කී දෙනෙක් ගාවට යන්න ඕනිද පොඩි බඩේ ගායටත්..ඒ මදිවට ලැබ් ටෙස්ට් කීයක්ද? මල්ටි ටාස්ක්ing....හෙක්

    ReplyDelete
    Replies
    1. Chef,

      දැං හැම එකක්ම එහෙමනෙ චෙෆ්, අවුරුදු තිහකට වගෙ ඉස්සර ඕනම මහා පරිමාණ ව්‍යාපෘතියකට හිටියෙ උපදේශක ආයතනය කියල එක කට්ටියයි ( ) දැන් එහෙමද? මේ තට්ටු හතර පහක සාමාන්‍ය අපාට්මන්ට් බ්ලොක් එකක් උනත් කට්ටිය වට වෙල ඉන්නව හැට හුටහමාරක්.

      1. Enabling works contractor
      2. Enabling works consultant
      3. Main contractor
      4. MEP specialist sub contracor
      5. Fit out sub contractor
      6. Conveying systems sub-contracor.
      7. Specialized project managers
      8. Consultant quantity surveyors
      9. MEP consultants
      10. Architects

      එහෙම තමයි කාලෙන් කාලෙට හැටි...ලෝකෙ එකතැන තියෙන්නෙ නෑ. සියලු දේම වෙනස් වන සුලුයි. Everything is constantly in a flux.

      Delete
  16. වෙන මොනවා වෙන්නද රවී අයියා ඇඳගෙන ගිහිල්ලා ඒක වෙරි මරගාතේ...ආයේ දෙකක් නෑ.

    //පහුගිය කතාවෙ මම ඔය වෙන අනං මනං කියෙව්ව මිසක කියාගෙන ආපු කතාව කිව්වෙ නෑ නෙව//

    ඈ බං අයියේ පහුගිය කතාවේ විතරක් නෙමෙයි හැම කතාවේම ඔහොම තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හි හි මන් කියවුවේ කාලෙකින් ගියපාර කොටසයි මේකයි විතරයි,, ඒත් ඒකම හිතෙන්නේ ඇයි ඉදගෙන :D

      Delete
    2. සයුරි,

      / වෙන මොනවා වෙන්නද රවී අයියා ඇඳගෙන ගිහිල්ලා ඒක වෙරි මරගාතේ...ආයේ දෙකක් නෑ. /

      නෑ බංස්..මම ඇඳගෙන ගියේ නෑ..හෙහ්,හෙහ්...මම රාජකාරි වලට යන්නෙ ඉන් සිවිල් මෝඩ්. ගෙදර යද්දි තමයි ජොක්ස් අඳින්නෙ.

      ඉතිං ඒ කාලෙ මාස දෙහෙකට වගෙ දවස් දෙක තුනක්නෙ ගෙදර යැවෙන්නෙ. එනිසාවෙන් ඔය කැලේ වාසය කරපු අවුරුදු අටටම මට තිබ්බෙ ඔව්ව...ම්ම්ම්ම්ම්... ඉඳහං බලන්ට...වෙලෝනා නිල්පාට එකයි, වෙයාවෙල් දුඹුරු ඉරි ඉරි එකයි. ලාකොල පාට එකයි..එතකොට කීයද බං දැං?...උඹ ගණං කලේ නැද්ද? හයියෝ ගණං කරන්ට එපාය. හරි බලමු දැනට තුනයි..එතකොට අර මස් හොදි වගයක් වටිල පිටිපස්සෙ කහපාට පැල්ලමක් තිබ්බ තනි සුදු එකා...එතකොට හතරයි. ආහ්. තව එකක් තියනව. අර සමරෙ ට්‍රාන්ස්ෆර් වෙලා යනකොට ඌට අමතක වෙල දාල ගිය තනි රතු එකා.. රායිට් එච්චරයි. එතකොට ඔක්කොම පහයි. ඔන්න මැඩම් බිලීව් ඉට් ඕ නොට්. අයි හැඩ් ඔන්ලි ෆයිව් ඩියුරිං ඕල් දෝස් එයිට් ඉයර්ස් ලිවිං ඉන් ජන්ගල්....

      / ඈ බං අයියේ පහුගිය කතාවේ විතරක් නෙමෙයි හැම කතාවේම ඔහොම තමා වෙන්නේ /

      අම්මාපල්ල කිව්වත් වාගෙ ඒකත් ඇත්ත තමයි :)

      Delete
    3. අපූර්වි,

      / හි හි මන් කියවුවේ කාලෙකින් ගියපාර කොටසයි මේකයි විතරයි,, ඒත් ඒකම හිතෙන්නේ ඇයි ඉදගෙන :D /

      " ඉදගෙන " නෙවෙයි බං " ඉඳගෙන…"

      Delete
  17. Jayanthath, Nattiya dawasenisa kaegenhari illagaththu ekakda dannenene.

    ReplyDelete
    Replies
    1. ඇනෝ..

      දෙයියම්පා කිව්වත් වගෙ එහෙමද කියන්ටත් බෑ තමයි....හෙහ්,හෙහ්,

      Delete
  18. අර දෙවනි ඡේදයේ 'අධිවේගී මාර්ගයක්' කියන එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනෙ. මෙන්න මෙහෙම ' 100ට උඩින් යන්න බැරි අධිවේගී මාර්ගයක්' හරි 'මන්ද වේගයෙන් යන අධිවේගී මාර්ගයක්'

    ReplyDelete
    Replies
    1. අර පස්වෙනි ඡේදයේ 'අධිවේගී මාර්ගයක්' කියන එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනෙ. මෙන්න මෙහෙම ' 100ට උඩින් යන්න බැරි අධිවේගී මාර්ගයක්' හරි 'මන්ද වේගයෙන් යන අධිවේගී මාර්ගයක්'

      Delete
    2. ඉසුරු,

      හැබෑටම අධිවේගෙ එහෙම වේග සීමාවකුත් තියනව නේද?

      Delete
    3. ඔව්.... පිටරට වල මම අහල තියෙන විදිහට තියෙන්නෙ අවම වේගයක්. තව ලංකාවෙ නීතිය විදිහට (මම දන්න තරමින් ) නගරයක් ඇතුලත 35කත් නගරයෙන් පිට 80කුත් උපරිම වේගයක් තියෙනවා.... අධිවේගී පාරේ උපරිමය 100යි. මම හිතන්නෙ ඕක වාර්තා පොතට ඇතුලත් කරන්න පුලුවන්

      Delete
    4. @ Isuru Athukorala,

      පිටරට කියලා ඔබ අදහස් කරන්නෙ මොන රටවල් ගැනද දන්නෙ නෑ. නමුත් UK motorways වල නම් උපරිම speed limit එක 70 mph (113 km/h). සිංගප්පූරුවෙ expressways වල මේක 90 km/h. ඔය මට අත්දැකීම් තියෙන, මම ගිහිල්ලා තියෙන නිසා මම පෞද්ගලිකව දන්න තොරතුරු.

      Maximum speed limit එකක් නැති මම දන්න එකම highway එක ජර්මනියේ autobahn එක විතරයි‍.

      // තව ලංකාවෙ නීතිය විදිහට (මම දන්න තරමින් ) නගරයක් ඇතුලත 35කත් නගරයෙන් පිට 80කුත් උපරිම වේගයක් තියෙනවා //

      මේ නීතිත් ලංකාවෙ විතරක් නෙවෙයි UK වලත් තියෙනවා. සිංගප්පූරුවෙත් තියෙනවා. ‍මේවා ආරක්ෂාව පිළිබඳ නීතිනෙ.

      Delete
  19. /*" ආ.. උඹ අදත් ෂපාන් එකේ ඉන්නව නේද යකෝ බෝක්කුව උඩට වෙලා..වර යන්ට පොලීසියට "

    " අනේ බුදු රාළහාමි, කියන තැනකට වඳිඤ්ඤං….. ආතල් එක කඩන්නෙ නැතුව හෙමීට උස්සල අරගෙන ගිහිල්ල ජීප් එකෙං තියන්ට හොඳද? ...බුදු බව අත්වෙයි"

    ඉතිං ජීප් එකේ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව මම.*/

    අනේ පව් අප්පා රවි අයියා! :D :D :P

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / අනේ පව් අප්පා රවි අයියා! :D :D :P /

      අම්මාපල්ල උඹනං අමුකැළෑ ගිණි තියන්ට දන්නෙම නෑ නෙවද?

      *****************************************

      If you would permit me to digress somewhat, this is about something close to your heart….:)

      Dhananjaya Hettiarachchi had won the World Champion of Public Speaking conducted by Toastmasters International 2014

      Delete
  20. ජොකා නැති එක සෑහෙන්න ප්‍රශ්ණයක්නේ.. සිවිල් පිට ගමනක් යන්න වෙනවා කියන්නේ ඉතින් ආයේ ප්‍රශ්ණ ගොඩක් තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මොනවද බං උඹලට නෑනෙ කිසි කොන්ට්‍රෝල් එකක්. ඒකනෙව වෙලා තියෙන්නෙ. Mind over matter Malli, Mind over matter :)

      Delete
  21. රලහාමි ඡනේල අයින පොඩ්ඩක් දෙනවද හුලං ටිකක් වැදුනනම් ආතල් ඩබල් කිව්වලු.
    2 කනුව, වෙස්ස ගිරිය, කොටි පොලිසිය, අභය පුර, සිංහ කනුව, බැංකු පෙදෙස, හයිලයිට් හෝල්ට් එක, ලයිබ්රි හොල්ට් එක, මාකට් පෙදෙස, කුබිච්චන් කුලම,පන්ඩුලගම මේ ඔක්කම පුරේ.
    ලියවිල්ල එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. Sanjeewa,

      / රලහාමි ඡනේල අයින පොඩ්ඩක් දෙනවද හුලං ටිකක් වැදුනනම් ආතල් ඩබල් කිව්වලු. /

      අඩේ පොර ජීප් එකේ යන ගමං එහෙමත් කියලද? මම දැනගෙන හිටියෙ නෑ ඒක..ස්තූතියි සංජීව...:)

      / 2 කනුව, වෙස්ස ගිරිය, කොටි පොලිසිය, අභය පුර, සිංහ කනුව, බැංකු පෙදෙස, හයිලයිට් හෝල්ට් එක, ලයිබ්රි හොල්ට් එක, මාකට් පෙදෙස, කුබිච්චන් කුලම,පන්ඩුලගම මේ ඔක්කම පුරේ. /

      යාපනේ හන්දිය, සෙන්ට්‍රල් එක, බාලිකාව, වලිසිංහ හරිශ්චන්ද්‍රෙ, සෙන් ජෝසප් එක, ටෙක් එක, ගුණසේකර පොත් කඩේ, සල්ගාදු එක, පොලිස් ග්‍රවුන්ඩ් එක, ඔටෝ හවුස් එක, ගුණසේන සාප්පුව,කඩ පණහෙ ස්වර්ණා පත්තර කඩේ, රජරට සේවය, තිසාවැව ස්පිල් එක,

      අනුරාධපුරේ මගෙ ජීවිතේ අමතක නොවෙන වකවානුවක්. මයිලගස් හන්දියෙ අපෙ ඉඩං කෑල්ලකුත් තිබ්බ. එහෙ පදිංචි වෙන්ට කියල හිතලත් ආයම ඒක විකුණල දැම්ම.

      Thank you Sanjeewa….:)

      Delete
  22. නිර්වස්ත්‍රව නානවට කියන්නෙ මොකක්ද දන්නවද? - Is it "Oxford Bath"?
    Your creative and descriptive writing style gives the impression that I too is an indirect part of that story. As an observer travelling in an astral body who can see every detail but, cannot comment. Yearns to read more of your incidents spins with thick pile of yarns

    ReplyDelete
    Replies
    1. Prasanna,

      Yes, having a nude bath is called an oxford bath…:)

      Thanks Prasanna, for your appreciation :)

      Delete
  23. අඩේ ඉතින් මම මේ කල්පනා කෙරුවේ රවීයියේ ජයන්තයාගේ ජොකා නැති වෙච්චි එක ඔය තරම් දැවෙන ප්‍රශ්නයක් වුනේ කොහොමද කියලා.විශ්වසායි නේ බොලාට බොලා ගත්තේ නැහැ කියලා.:D

    අර ටීවී සිරිස් වලින් මම කැමතිම එකක් තමයි අර ජාතික රූපවාහිනියේ ගිය මායා බන්ධන.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      සමහරවෙලාවට බොහොම සුළුප්‍රශ්න මහ බරපතල් වෙනව බං,


      මායා බන්ධන මමත් බොහොම උනන්දුවෙන් බලපු වැඩසටහනක්.අර පොඩි එකා මතකද? තට්ටෙ ගාල කොණ්ඩ කරලක් බැඳල ඉන්නෙ...ඒ රටේ රජ්ජුරුවොනෙ පොර,

      Delete
    2. //අර පොඩි එකා මතකද? තට්ටෙ ගාල කොණ්ඩ කරලක් බැඳල ඉන්නෙ...ඒ රටේ රජ්ජුරුවොනෙ පොර//
      මොකෑ ඌ අමතක.මම හිතුවේ මුලින්ම පොර කෙල්ලෙක් කියලා.නිකං ඒ වගේ නේද ?

      Delete
  24. මම ඇවිල්ලා මේ බ්ලොක්කෙ 2013 ඉඳන්ම බලනව රයි අය්යේ....( අය්යෙ කිව්වට සීයේ ද මංදා කියන්න ඕනි..හෙහ් හෙහ්..) ....ආයෙ ගින්දර....කොහොම වෙතත් කොමෙන්ටුවක් කොටන්නෙ කුලුදුලේම ඔන්න දැං තමා.....

    නෙලිල්ල ගැන කිව්වම නෙලිලි වර්ග හතරක් තියේ මයෙ හිතේ......

    අම්බානක නෙළුම්
    නෙළුම්
    පීළිම නෙළුම්
    ගොයම් ආදී පලදා නෙළුම්

    මං හරිය...???

    ReplyDelete
    Replies
    1. ඉරේෂාන්,

      හෙහ් එහෙමත් නෙලුම් වර්ග තියනවය?

      බොහොම ස්තූතියි ඉරේෂාන් ...:)

      Delete
  25. රන්දිකා පුරුදු පරිදි Annual interior decoration එක කරලා තියෙන්නෙ.. :-D

    ඈ බං රවියෝ, මොකද දන්නෙ නෑ ගෙයි නිල් පාට ගාලා තියෙන්නෙ? උඹහැට සින්නක්කරේටම ගේ ලියලා දෙන්ට යනවද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බූරා,

      අර රාජපාක්සික ඇනෝ කෙනෙක් පොඩි තර්ජනය කලා නෙව ...../ යූඇන්පී කාරයා එළියට පනිනවා වැඩියි දැන් දැන්. රංදිල් නෝනටත් මෙහෙම ගියොත් කරදර ඇති වෙයි වගේ. /

      ඊට පස්සෙ තමයි ඔහොම නිල් පාටක් ගාන්ට අපි තීරණය කලේ...හෙහ්,හෙහ්, ඉඳපං ඒ විස්තෙරේ කියන්නංකො ඊළඟ පෝස්ට් එකේ....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...