Tuesday, October 21, 2014

286. මැදවච්චිය...වව්නියා...පුලියන්කුලම්...මාන්කුලම්...කිලිනොච්චි..පරන්තන්..පලෙයි.. Welcome Back…. My Dearest Yaal Devi.



Image - Wikipedia

අරෙහෙ අර ළමය තාම කොස් කපනව තනියම. තවම මට බැරිඋනා නෙව ගිහිල්ල සුට්ටක් උදව්වක් වෙන්ට. බාර් වල කතාද, අනුලා සහ රජිතාගෙ කතාද එතනිං ගිහාම අම්බපාලිගෙ කතාද මෙකී නොකී හැටහුටාමාරක් කතන්දර කියන්ට උනානෙ කොස් කැපිල්ලට උදව්විල්ල පැත්තකට දාල. අද ඉඳගත්තෙ කොස් කපන ළමය ගැන ලියනවමයි කියල හිතාගෙන. ඒත් ඔන්න පහුගිය සුමානෙ ප්‍රවෘත්ති වල මුල්තැනක් ගත්තු සීන් එකක් හින්ද ආයම පාරක් ඒ වැඩේ කල්දාන්ටයි වෙලා තියෙන්නෙ... 

මේ කතාවත් ඇවිල්ල හිට බබලතෙක් ගැන තමයි...එයා තමයි යාල් දේවි... 

මම නමයෙ පන්තියෙ ඉන්දැද්දි අපෙ අප්පච්චිට මාරුවක් හම්බ උනා අනුරාධපුර කච්චේරියට. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් දහයෙපන්තිය අවසානෙ පැවැත්වුනු සාමාන්‍ය පෙළ විභාගය සහ දොළහෙ පන්තිය අවසානෙදි පැවැත්වුනු උසස් පෙළ විභාග අවලංගු කරල ඒ හිලව්වට 9 පංතිය අවසානෙ N.C.G.E. නොහොත් ජා.පො.අ.ස. විභාගය සහ තව අවුරුදු දෙකකින් H.N.C.E. නොහොත් ජා.උ.අ.ස. විභාගය අඳුන්වල දීල තිබ්බනෙ ඔය කාලෙ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල තමයි ඒ වෙනස් කිරිල්ල හැඳින්වුනෙ. අධ්‍යාපන ඇමති බදිඋද්දීන් මහමුඩ් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම යන මහත්වරු දෙන්න තමයි මේ වැඩේට මූලික උනේ. 

ඒත් 1977 ජූලි මහ මැතිවරණයෙන් එජාපෙ බලයට ආපු ගමං ප්‍රතිසංස්කරණ ඔක්කොම අලවංගු කරල ආයම පරණ සා/පෙළ සහ උ/පෙළ ක්‍රමේට ගියා. ජා.පො.අ.ස. තිබ්බෙ අවුරුදු දෙකයි. 75 සහ 76...මම 76 දි ඒ විභාගෙට වාඩි උනේ. රයිට් දැං එමු ආපහු යාල් දේවි කතාවට. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යාල්දේවී එක්ක සම්බන්ධ වෙන්නෙ මෙන්න මෙහෙමයි..කොහොමද? 

ඔය ජා.පො.අ.ස. විභාගෙට තිබ්බ විෂය මාලාව කලින් තිබ්බ සා/පෙළට වඩා ගොඩක්ම වෙනස්. සෞන්දර්ය විෂය කියල චිත්‍ර/නැටුම්/ සංගීතය අතරින් එකක් තෝර ගන්න ඕන.මම තෝරගත්තෙ නැටුම්. වෙන එකක් හින්ද නෙවෙයි එක තැනක ඉඳගෙන අත්ත කිලමතානු පූජාව කරනව වගෙ චිත්‍රෙ දිහාම බලාගෙන සායං උලන එකටයි ටැවුං ටැවුං කියල අර හිරමණේ නිකට යට ගහගෙන අර කෝටු කෑල්ලෙං කොච්චරවත් කමසෙයියාවක් නැතුව මදින එකටයි වැඩිය මගෙ හිත ගියෙ උඩ පැනල කැරකිල දෙකට නැවිල දෙපරැන්ද අස්සෙ ඔලුව ගහගන්න අඩව්, කස්තිරං අල්ලන්ට පුලුවන් නැටුම් වලට. 

ඒ එක්කම අලුතෙන්ම හඳුන්වල දුන්නු විෂයයක් තමයි ප්‍රාග් වෘත්තීය. අපි ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වෙ පී.වී. කියල . Pre-vocational Subject... ඒ යටතෙ හැම ළමයම විෂයයන් දෙකක් කරන්න ඕන. P.V. 1 සහ P.V. 2 කියල. පී.වී. වල තිබ්බ මට මතක විදිහට විෂයයන් විසි ගානක්ද කොහෙද…. 

මුද්‍රණ කර්මාන්තය, ලෝහ වැඩ, මැටි කර්මාන්තය, මැණික් කැපීම ඔය වගෙ නොයෙක් විෂයයන් තිබ්බ පිරිමි ළමයින්ට.. ගැහැණු ළමයින්ට, සූප ශාස්ත්‍රය, අත්කම්, විසිතුරු මල් වගාව, ඇඳුම් මැසීම ඔන්න ඔය වගෙ එව්ව....අපිට තිබ්බෙ ප්‍රා. වෘ. 1 - වාණිජ්‍යය සහ ප්‍රා.වෘ. 2 - මෝටර් යාන්ත්‍රික ශිල්පය..මෝටර් යාන්ත්‍රික ශිල්පය අපට ඉගැන්නුවෙ ජයලත් මහත්මය.මගෙ මතකෙ තියෙන්නෙ බොහෝවිට එතුමා ලා නිල් පාට අත්කොට කමිසයක් සහ කළු කළිසමක් ඇඳල පටි සපත්තු ( සැන්ඩ්ල්ස් කියන්නෙ අර..අන්න එව්ව ) දාල ඉන්නව. 

එතුමාගෙ තිබ්බ කළුපාට මයිනර් 1000 එකක්. තද දුඹුරු පාට සීට් දාල. ජයලත් සර් බොහොම ආදරෙයි ඔය කාර් එකට. අපෙ ඉස්කෝලෙ ප්‍රධාන කාර්යාලෙ දොරටුවත් එක්කම පැත්තක තිබ්බ තහඩු වහපු මඩුවක් වගෙ එකක්. ඕකෙ තමයි සර්ලගෙ කාර් සහ මෝටර් බයික්ස් නවත්තන්නෙ.ඒ කාලෙ එහෙමට යාන වාහන තිබුනෙ නෑ නෙව මිනිස්සුන්ට. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තය හෙළයේ මහා නවකතාකරු ගැන මම කලින් දවසක කිව්ව මතකයි නේ? එතුමාගෙ පොතක, බොහෝවිට සිරියලතා හෙවත් අනාථ තරුණී වෙන්න ඕන..මෙහෙම තිබ්බ මට මතකයි. '' එකල මෙකල මෙන් නොව ට්‍රෑම් කාර් තිබුනේද නැති. මිනිසුන් බොහෝකොට තම එදිනෙදා කටයුතු සඳහා ගමන් කලේ පයිනි." 

ඉතිං අපේ අර ඉස්කෝලෙ ගරාජ් එකේ නවත්තල තිබ්බෙ වැඩිපුරම වාහන දෙකයි. එකක් අපේ විදුහල්පතිතුමාගෙ වාහනේ. ඒක මට මතක විදිහට ෆෝඩ් ප්‍රිෆෙක්ට් එකක්. ඒ ඇරුනම ජයලත් සර්ගෙ මයිනර් එක.B.S.A. බයික් එකක ඉස්කෝලෙට ආපු සර් කෙනෙකුත් හිටිය.මට ඒ කවුද කියල නම් මතක නෑ. B.S.A. කියන්නෙ Birmingham Small Arms Company කියන එකේ Acronym එක. 

ඉතිං ජයලත් මහත්තය මෝටර් යාන්ත්‍රික ශිල්පය අපිට බොහොම උනන්දුවෙන් ඉගැන්නුව. එතුමාගෙ චිත්‍ර එහෙමත් හරිම ලස්සනයි. කළු ලෑල්ලෙ තනි කෙලින් ඉරි ගහනව නිදහස් අතින් ආය නෑ ඉද්ද ගැහුව වගෙ තමයි.දෙපහරේ එන්ජිම, සිව් පහරේ එන්ජිම, චූෂණ පහර, සම්පීඩන පහර ,බල පහර සහ පිටාර පහර ..ඔව්ව ඉස්සෙල්ල කළු ලෑල්ලෙ ඇඳල ඊට පස්සෙ පරණ අයින් කරපු පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් එක්කම ගෙනල්ල ප්‍රායෝගිකවම එන්ජිමක් ක්‍රියාකරන විදිහ ගැන කියල දුන්න. 

අපේ පංතියෙ මට පිටිපස්සෙ පේළියෙ හිටිය සරත්ගෙ තාත්තට තිබ්බ ගරාජ් එකක්. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුම පැත්තට යාර තුන් හාරසීයක් වගෙ යනකොට වම් පැත්තට තිබ්බ අතුරු පාරක්. කෑගල්ල පරණ ඉස්පිරිතාලෙ තිබ්බෙ ඔය පාරෙ ටිකක් දුර යනකොට.වැලිමන්නාතොට හන්දියෙ අලුත් ඉස්පිරිතාලෙ හැදුවට පස්සෙ උසාවිය පවත්වාගෙන ගියේ ඒ ගොඩනැඟිල්ලෙ. ඒ අතුරු පාර පටන් ගන්න තැනම තමයි ඔය ගරාජ් එක තිබ්බෙ. වම් පැත්තෙ. ජයලත් සර්ගෙ මයිනරේ රෙපයාර් කරන්නෙත් ඔය ගරාජ් එකේ. 

" සරත්..ඔයාලගෙ ගරාජ් එකට ගිහිල්ල තාත්තගෙන් ඉල්ලගෙන එන්න පරණ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක්. මම තාත්තට කියල තියෙන්නෙ..ආ..මේ තව හතර පස් දෙනෙක් එක්කලා යන්න..සෑහෙන්න බරයි. පරිස්සමින් පුතාලා හොඳද? " 

දවසක් නමයට වගෙ පන්තියට ආපු ජයලත් මහත්තය කිව්ව. 

ඒ කාලෙ අපි ඉස්කෝලෙ කට් කරනව තියා එහෙම දේවල් ගැන හිතන්නෙ වත් නැතිතරමට හිච්චි එවුං, ආය මොනවද ඔය වෙනකොට ඕන්නං ඇති දොළහක් වගෙ මට. ඉතිං නිල වශයෙන්ම ඉස්කෝලෙ වෙලාවෙ ටවුමට යන්ට අවසර ලැබුණයි කියන්නෙ ආය නෑ පුදුම තන්තෝසයක්. 

පෙට්‍රල් ෂෙඩ් එකත් එක්කම තියෙන සල්ගාදු එක පහු කරල ඊළඟ හන්දියෙන් වමට හැරිල අපි ගියා සරත්ලගෙ ගරාජ් එකට. 

ඒ දවස්වල ඉස්කෝලෙ කැන්ටිමට අපි කිව්වෙ ටක් ෂොප් එක කියල. කෙටියෙන් ටක් එක. ටක් එක කලේ ගුණේ මාම. එයාට උදව්වට හිටිය අවුරුදු විස්සක තරම එයාගෙ පුතා. එයාගෙ නම අපි දන්නෙ නෑ අයිය තමයි හැමෝම කිව්වෙ. වටේට ලෑලි ගහල තහඩු වහල තිබ්බ ටක් එකේ කොට බිත්තිය උඩ වැළමිටි දෙක තියල එල්ලීගෙන ඔන්න අපි යටි ගිරියෙං කෑගහනව. 

" මාමෙ..මාමෙ...පාං කාලයි වඩේ එකයි..ප්ලෙන්ටියයි..අයියෙ….අනේ පාං කාලයි..වඩේ දෙකයි...පාං....පාං...පාං.....වඩේ..වඩේ…" 

ගුණේ මාම බඩ මැදින් සරමත් වෙලාගෙන මාලු දැල් බැනියමකුත් ඇඳගෙන රට අඹ ලෑලි මේසෙ උඩ තියාගෙන කිසි කිසි ගාල පාං කපනව. ගාමිණී පොන්සේක චණ්ඩියා ෆිල්ම් එකේ ඇඳගෙන හිටියෙ ...අන්න ඒ ජාතියෙ බැනියමක් තමයි. මටත් ඔය වගෙ බැනියමක් අඳින්ට පුදුමාකාර ආසාවක් තිබ්බෙ. ඒත් මව් තුමිය නිෂේධ බලය පාවිච්චි කරල ඒ අදහස නිශ්ප්‍රභා කරල දැම්ම එක වංගියෙම.. 

" අනේ අම්මෙ…" 

" මේ..පිස්සුද ඔයාට?...එව්ව අඳින්නෙ රස්තියාදු කාරයො..හොඳට තියෙයි...ඔව්ව ඇඳගෙන පරෙ බැහැල යනකොට..ඔය ගැන ආය වචනයක්වත් කතා කරන්ට එපා පුතා..ඇහුණ නේද? " 

අච්චු පාං නෙවෙයි ටක් එකට ගන්නෙ ඔක්කොම තැටි පාං..දවල් එකොළහමාරට ඉන්ටිබල් එක. උදේ වරුවෙ පීරියඩ්ස් පහයි. ඉන්ටිබල් එකෙන් පස්සෙ පීරියඩ් තුනයි. ඔක්කොම අටයි. එකොළහ වගෙ වෙනකොට ඉස්කෝලෙ මැදිං තියෙන කන්ද නැඟගෙන රංවල බේකරියෙ බයිසිකල් කාරය පාං අරන් එනව ටක් ෂොප් එකට. ඉස්සරහයි පස්සෙයි බැඳපු ලී පෙට්ටි දෙකේම පාං පුරවල හින්ද මනුස්සය කන්දෙ බයිසිකලේ තල්ලු කරාන යන්නෙ බොහොම හෙමිහිට. 

හමන මඳ සුළඟත් එක්ක උණු උණු තැටි පාන්වල තෙල් සුවඳ ඉස්කෝලෙ පන්ති කාමර පුරා විහිදිල ගිහිල්ල කොල්ලො කුරුට්ටො හත් අට සීයකගෙ කුසගිණි බුර බුරා නග්ගවනව.බඩ පණුවො පිස්සුවෙන් වගෙ කෑගස්සවනව හයේ ඉන්දැද්දි අපෙ පන්තිය තිබ්බෙ මහ හෝල් එකෙනුත් එහා පැත්තෙ දෙමළ ඉස්කෝලෙ කිට්ටුවට වෙන්ට. ( අපෙ ඉස්කෝලෙ එක්කම උඩහට වෙන්ට වෙනම දෙමළ භාෂාවෙන් උගන්නපු දෙමළ විද්‍යාලයකුත් තිබ්බ අපේ ඉස්කෝලෙ නමින්ම ශාන්ත මරියා දෙමළ විද්‍යාලය කියල ) එතකොට ඔය පාං සුවඳ ඒ හැටි දුරට විහිදෙන්නෙ නෑ. ඒත් හතේ පන්තිය තිබ්බෙ ඉස්කෝලෙ උඩහට යන පාර අද්දරමයි. පාං සුවඳ වදින්නෙ ආය නෑ කණ හරහම තමයි..සමාවක් නෑ. 

පාං කාරය ගිය වෙලාවෙ ඉඳල අපේ සිහිය ටක් ෂොප් එකේ තමයි.මම ඉඳගෙන ඉන්න තැනට හොඳටම පේනව පීරියඩ් මාරුවෙන්ට එතකොට ඉන්ටවල් එක දැනුම් දෙන්ට එහෙම තඩි යකඩ ඇණේකිං පතබාන පරණ ලොරි රිම් එක එල්ලල තියෙන බැල්කනිය. සර් පාඩම ඉගැන්නුවට ඔය වෙලාවෙ මොහෙන්දෝජාරෝ, හරප්පාවත්, බීජාණුහරණයේ මූලධර්මවත් එහෙම නැත්තං පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ගැනවත් හිතේ මොකක්වත්ම හිටින්නෙ නෑ. වික්‍රමසිංහ අපේ ඔෆිස් එකේ පියුම් ඇණෙත් අරගෙන බැල්කනිය නඟින්නෙ කොය් වෙලාවෙද කියලයි ඇස් කුට්ටං විස්සක් තිහක් බලාගෙන ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. 

ටක් ෂොප් එකේ ඔහොම පාං සහ වඩේ ඇරෙන්න ඔය රෝල් කට්ලිස් වගෙ අනම්මනං තිබ්බ කියල මගෙ මතකයක් නෑ. ඒ කාලෙ මම හිතන්නෙ එහෙම කෑම ජාති සුලබ නෑ. ඔන්න සල්ගාදු එකේ නම් වීදුරු සෝකේස් වල දාල එව්ව තිබ්බ.පඩි ගත්තුදාට අම්ම ඔව්වයිං හත අටක් අරගෙන එනව. මගෙ කට්ලිස් එක මම පොඩ්ඩ පොඩ්ඩ කනව පැයක් විතර. පාං සහ වඩේ ගැන විස්තරේ මම කිව්වෙ රෝල්ස් එහෙම අපිට විශේෂ කෑමක් කියල කියන්ටයි. ඉතිං අර පිස්ටන් ක්‍රියාකාරිත්වය ගැන කියල දෙන්ට ජයලත් මහත්තයගෙ උපදෙස් පරිදි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් ගේන්ට සරත්ලගෙ ගරාජ් එකට අපි ගිය වෙලාවෙ සරත්ලගෙ තාත්ත කොල්ලෙක් යවල අපි ඔක්කෝටම රෝල්ස් එක්ක කිරිතේ ගෙන්නල දුන්න. 

ගරාජ් එකේ පිටිපස්සෙ ගහල තිබ්බ ලී බංකු උඩ වාඩිවෙලා රෝල්ස් කාල කිරි තේ එහෙමත් බීල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකත් කරේ තියාගෙන අපි ආපහු ඉස්කෝලෙට ආව. 

ඉතිං මේ විස්තරේ මම කිව්වෙ අන්න එහෙම ක්‍රෑන්ක් ෂාෆ්ට් ටවුම මැදින් කරේ තියාගෙන ඇවිල්ල තමයි අපි මෝටර් යාන්ත්‍රික ශිල්පය ඉගෙන ගත්තෙ කියල ඔබ තමුන්නාන්සෙලාට අවබෝද කරල දෙන්ටයි. ඉතිං මම නමයෙ පන්තියට පාස් උනාම අප්පච්චිට අනුරාධපුරේට මාරුවක් හම්බ උනාම ප්‍රශ්නයක් මතු උනා. ඒ කිව්වෙ අනුරාධපුරේ එක ඉස්කෝලෙකවත් මෝටර් මිකැනිසම් උගන්නන්නෙ නෑ. එහෙ තිබ්බෙ වෙන වෙන එව්ව. දිය කූඩැල්ලන් ඇතිකිරීම, උඳුපියලිය වගාව,ගස් ගෝන්නුන් නිරීක්ෂණය, දිය කුකුළන් පින්තාරු කිරීම..ඔන්න ඕවයි එහෙ ඉස්කෝලවල ප්‍රාග් වෘත්තීය විෂයයන්. ඉතිං මොකද කරන්නෙ? තව අවුරුද්දයි තියෙන්නෙ විභාගෙට. අවුරුද්දකින් අලුත් විෂයයක් ඉගෙන ගන්ටත් බෑනෙ. ඒ පාර මගෙ දෙමව්පියො තීරණය කලා අවුරුද්දක කාලයක් මාව මගෙ හොඳම යාලුවගෙ ගෙදර නවත්වන්ට. ඉතිං නමයෙ වසර මම ඉස්කෝලෙ ගියේ ඒ මගෙ යාලුවගෙ ගෙදර ඉඳල. අරූ ගොයියත් හොඳට දන්නව ඒ මගෙ යාලුව. අරූගෙත් ක්ලාස් මේට් කෙනෙක් ඊලඟ අවුරුද්දෙ ඉඳල..හෙහ්,හෙහ්, 

ඉතිං ඔන්න ඔහොම අපෙ පවුලෙ අනික් අය ගියයි කියමුකො අනුරාජපුරේට. මම කෑගල්ලෙ නැවතුනා. ඔන්න ඔය කාලෙ තමයි යාල් දේවිත් එක්ක මගෙ ප්‍රේම සම්බන්ධය පටන් ගත්තෙ. කෑගල්ලෙ ඉඳල මාසෙකට සැරයක් විතර මම අනුරාධපුරේ අපෙ ගෙදර යනව. 

අපෙ ගෙදර අපිත් එක්ක හිටිය අම්මගෙ අයියෙක්. මගෙ මාම. බොහෝවිට ඒ මාම අනුරාධපුරේ ඉඳල උදේ කෝච්චියෙ එනව. ඇවිල්ල ඉස්කෝලෙ ඇරුනට පස්සෙ මාත් එක්ක පොල්ගහවෙලට ගිහිල්ල අනුරාධපුරේට කෝච්චියෙ යනව. ඒ වෙලාවට තියෙන්නෙ රජරට රැජිණ. ඒ දවස්වල හතර හමාරට වගෙ පොල්ගහවෙලට එන්නෙ. ආපහු ඉස්කෝලෙ යන්ට කෑගලු එද්දි මම එන්නෙ උත්තර දේවි කෝච්චියෙ. යාල්දේවි කියන්නෙ යාපනේ යන එක. යාපනේ ඉඳල බෑක් ටු කලම්බෝ එන්නෙ ඇවිල්ල උත්තර දේවි. 

ඔහොම පුරා වසරක් දුම්රිය ගමනාගමනය කලාය කියමුකො. ඉනික්බිත්තෙන් ජා.පො. අ.ස. සමත් වී අනතුරුව මම් තෙමේ කොළඹ ආවයි කියලත් කියමුකො වැඩිදුර අධ්‍යාපනය පිණිස. 

යාල් දේවි එක්ක යන්තමට වගෙ තිබ්බ පයිරු පාසානය බොහොම වැඩි දියුණු උනෙ ඊට පස්සෙදි.කෑගල්ලෙ ඉන්නකල් මාව ගෙදර එක්ක යන්ට එක්කො අප්පච්චි එක්කො අර මම කියාපු මාම ඔය කවුරුහරි අනිවාර්යයෙන්ම ආව. මම තනියම ගෙදර එන්නම්ය කිව්වට අම්ම ඒ අදහස එකහෙලාම ප්‍රතික්ෂේප කලා. 

" අනේ අම්මෙ..මට පුළුවනි…" 

" පිස්සු කතා කරනවද? ඔයා තවම පොඩි වැඩියි. ඔය කරවල වාඩි වලටත් ළමයි අරගෙන යනව කියල කියනව..එපා එපා..තනියම නම් එන්න එපා.." 

කතාව එක අතකින් ඇත්ත. ඒ වෙනකොට මගෙ වයස අවුරුදු දහතුනක්වත් නෑ. 

ඊලඟ අවුරුද්දෙ මම කොළඹ ආව. ඒ වෙනකොට අපෙ මාමටත් රස්සාවක් හම්බ වෙලා. ඒ නිසා එයාටත් බෑ මාව එක්ක යන්ට කොළඹ එන්ට. අප්පච්චිටත් වැඩ රාජකාරි නිසා ඒකට ඉස්පාසුවක් නෑ. අන්තිමට මගෙ බලවත් ඉල්ලීමත් සළකලා බලලා බොහොම අකමැත්තෙන් අම්ම අවසර දුන්න තනියම කෝච්චියෙ එන්ට.මම ඉස්සෙල්ලාම තනියම ගෙදර ගියේ 77 ජූලි මහ මැතිවරණයට. අපෙ ඉස්කෝලෙ ගණන් කීරිමේ මධ්‍යස්ථානයක් නිසා සතියක්ද කොහෙද නිවාඩු දුන්න. නිවාඩු දුන්න පහුවදාම උදේ කොටුව ස්ටේෂන් එකට ගිහිල්ල ලෝඩ් බකිංහැම් වගෙ පෝළිමේ ඉඳල ටිකට් එකකුත් අරගෙන යාල්දේවි කෝච්චියෙ මම ගෙදර ගියා. 

කොටුව - අනුරාධපුර තුන්වන පංතියෙ ටිකට් එක එතකොට රු. 8.50 යි. ආ...තව එකක් කියන්න ඕන..පොල්ගහවෙල - අනුරාධපුර ටිකක් එකේ ගාන රු. 5.50 යි. යාල්දේවි දුම්රියේ ගමන කියන්නෙ වෙනස්ම විදිහෙ අත්දැකීමක්. කෝච්චියෙ තුන්කාලකට වඩා ඉන්නෙ දෙමළ අය. මම ඉතින් පොඩි එකානෙ. අනිවාර්යයෙන් සීට් එකේ ටිකක් එහාට මෙහාට වෙලා මටත් ඉඩ පොඩ්ඩක් දෙනව. දෙමලෙන් මොනවද කියනව ඒ අතරෙ. දෙමළ තෙරුම් ගන්ට කතා කරන්ට බැරි කම ගැන ඉස්සෙල්ලාම මම දුක් උනේ ඔන්න ඔය යාල් දේවියෙ ගමන් කරන අතරෙ. 

මහව ස්ටේෂන් එක තියෙන්නෙ හරියටම ටවුම මැද. යාල්දේවි මහව ස්ටේෂන් එකේ නතර කරාම ඔන්න කෝච්චියෙ ඉන්න සෙනඟ බාගයක් දනි පනි ගාල පෙට්ටිවලින් පැනල රේල්පාර දිගේ ආතබූත නැතුව දුවනව. පලවෙනි දවසෙ මට මේක හරි ප්‍රශ්ණයක්. කටත් ඇරගෙන මම බලා හිටිය මෙවුං මේ දුවන්නෙ කොහෙද කියල.වැටවල් අස්සෙං රිංගල කාණු වලිං පැනල කට්ටියම පාර දිගේ දුවල ඔන්න නොපෙනී ගියා. දෙමලු වේට්ටි උස්සගෙන, සිංහලයො සරං උස්සගෙන බොගොම සමඟියෙං එකාට එකා උදව් කරගෙන එක සීරුවට දුවගෙන ගියා. මම කටත් ඇරගෙන බලා ඉන්නව දැකල මා ගාව හිටපු වයසක අංකල්ට හිනා ගියා. 

" ඔය කොහෙද දන්නවද කට්ටියම දිව්වෙ? ඔතන එහා පැත්තෙ තියෙනව තැබෑරුමක්. මෙතන කෝච්චිය හැමදාම විනාඩි පහළවක් වගෙ නවත්තනව යාපනෙං කොළඹ යන කෝච්චිය මාරු වෙන්ට. ඒ අතර මොනව හරි ටිකක් බීගන්ටනෙ ඔය මෙලෝ සිහියක් නැතුව දිව්වෙ..අම්මාපල්ල මෙහෙමත් මිනිස්සු…" 

අංකල් කෝච්චි පෙට්ටිය දෙකක් වෙන්ට හිනා උනා. මටත් ඒ වෙලාවෙ හිනා ගියා. 

ඒ වෙලාවෙ එහෙම හිනා උනාට වැඩිකල් නොයාම මමත් ඒ වැඩේම කලානෙ. ඒත් මගෙ ටෙක් එකේ යාලුවො දෙන්නෙක් එක්ක එයිං එකෙක්ගෙ ගෙදර යන ගමං . උගෙ ගෙදර කැබිතිගොල්ලෑවටත් එහා. අනුරාධපුරේ ඉඳල කැබිතිගොල්ලෑවට යන බස් එක මැදවච්චිය පෝස්ට් ඔෆිස් එක ගාව නතර කරනව මේල් ගන්ට. 

" මචං මෙතන කොහොමත් තව විනාඩි විස්සක් වගෙ බස් එක නතර කරල තියනව. යමං ඔතනම එහා පැත්තෙ බාර් එකකුත් තියනව. " 

අපි තුං දෙනා ඩබල් එකේ දිව්ව බාර් එකට. ආය මොනවද ආපහු බස් එකට නැග්ගෙ දොරෙන් නෙවෙයි පිටිපස්සෙ ජනේලෙ ඇරල.හෙහ්,හෙහ්, 

පස්සෙ මම ඔය අනුරාදපුරේ ටෙක්නිකල් එකට යද්දි අපෙ පන්තියෙ හිටපු එක යාලුවෙක්ගෙ ගම ඇවිල්ල මහව.. මම දවසක් උගෙං නිකමට වගෙ ඇහුව අර මහව ස්ටේෂන් එකේදි මිනිස්සු ඔරේ රන් එක දෙන සීන්ස් එක ගැන. ඌ හිනා උනෙ බඩ අල්ලගෙන. 

" අඩේ උඹත් දැක්කද ඒ සීන් එක?...හිනා වෙලා පණ යනව බං..මිනිස්සු මෙලෝ සිහියක් නැතුව දුවන හැටි දැක්කම. ජන වාර්ගික අර්බුද මොකවත් නෑ. දෙමළ, සිංහල එකට දුවන්නෙ..එකට බොන්නෙ. උඹ දන්නවද දවස් තුනකට සැරයක් යාපනෙං තල් අරක්කු ලොරියක් පුරවල ගේනව ඔය බාර් එකට. මම හිතන්නෙ වවුනියාවෙන් මෙහා තල් අරක්කු තියෙන්නෙ ඔතන විතරයි. " 

කොළඹ කොටුවෙන් පටන් ගත්තම කන්කසන්තුරේ වෙනකල් යාල්දේවි නවත්තන ස්ටේෂන් මට කට පාඩම්. ඇයි දෙයියෝ සාක්කි අවුරුදු ...ම්....ම්ම්ම්ම් ඉන්ටලා බලන්ට... අවුරුදු හතරක් වගෙ තිස්සෙ මාසෙකට දෙපාරක් විතර ස්ටේෂන් එකක් ගානෙ බාසා තුනෙන්ම කණට ඇහෙන කොට ඕක කට පාඩං නොවී තියද? 

අනුපිළිවෙලට මෙහෙමයි... 

" පළමුවන වේදිකාවේ නවතා ඇති යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු හතයි තිහට කන්කසන්තුරේ බලා පිටත්වේ. එම දුම් රිය නවත්වන්නේ රාගම, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව,ගල්ගමුව, තඹුත්තේගම, තලාව, අනුරාධපුර, මැදවච්චිය, වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන්, පලෙයි, කොඩිකාමම්, චාවකච්චේරි, නාවක්කුලි, යාපනය, කොන්ඩාවිල්, චුන්නාකම් සහ කන්කසන්තුරේ. " 

යුද්දෙ හින්ද නතරවෙලා තිබ්බ යාපනය -කොළඹ අතර දුම් රිය ධාවනය පහුගිය ඔක්තෝබර් 13 වෙනිදා ආයම පටන් ගත්ත. යාල් දේවී අවුරුදු 24 කට පස්සෙ ආයෙම යාල්පානම් ගියා.මේ ආණ්ඩුව යුද්දෙ අවසන් කරල ගතවෙච්චි පහුගිය අවුරුදු 5 ඇතුළත උතුරෙන් දකුණට පාළමක් හදන්නට කරපු සාර්ථකම කර්තව්‍යය මේකය කියලයි මගේ වැටහීම සහ විශ්වාසය. 

යාල්දේවිය ධාවනය නොවීම හේතුකොටගෙන සාමාන්‍ය දෙමළ ජනයාට විඳිනට වූ කරදර සහ හිරිහැර පිළිබඳව මම දෙසවන් පිරීයන තුරු යාපනය අර්ධද්වීපයෙහි වෙසෙන දෙමළ මිතුරන් වෙතින් අසා ඇත්තෙමි.එබැවින් යාල්දේවිය යලි ධාවනය ඇරඹීම ජන වාර්ගික සහජීවනය සහ දිවයිනෙහි අභිවෘද්ධිය උදෙසා ගනු ලැබූ එක සාධනීය පියවරක් ලෙස මම දකින්නෙමි.

යාල්දේවිය පිළිබඳ පසු කතාවක්......... 

කැරළි කෝලාහල නිසා යාල් දේවී දුම්රිය ගමන නවතා දැමූ යුගයක් විය. මා කියන්නේ මහා යුද්දෙට පෙර 83 කලබල වලින් පසු යුගයක් ගැනය. කාලෙකට පසු යාල් දේවිය නැවත ගමන් ඇරඹුනි. එහි පළමු ගමන බලන්නට බොහෝ දෙනා අනුරපුර දුම්රියපොලට රොක්විය. අනුරපුරේසිටි දමිළ නෑදෑයින් අනුරපුරින් ගිනි තබා එළවා ගැනුනේ හැමෝගෙම උවමණාවට නොවේ. අතලොස්සක් වූ නරුමයින්ගේ උවමනාවටය. යාල් දේවියේ සද්දය නොමැතිව පිරිසකට නින්ද නොගියහ. තවත් පිරිසක් වෙලාවට අවදි නොවුනහ. ඒ තරමටම එය ජනදිවියට සමීපය. මේ නැවත ආගමනය දකින්නට ගියවුන් අතර මහින්ද චන්ද්‍රසේකරද විය. 

දුම්රිය පැමිණියේය. මහින්ද චන්ද්‍රසේකර අභිමුව නැවතුන මැදිරියේ කවුළුවෙන් යුවතියක් පිටත බලා සිටී. ඇය අනුරපුරින් එළවා ගත් කිසියම් යුවතියකගේ රුවට සමිප දැයි මහින්දයෝ කල්පනා කළහ. ඈ මුහුණේ කිසියම් අමනාප බැල්මක් වෙතැයි ඔහුට සිතුනි. අමනාප වන්නට හේතු ඕනෑවටත් වඩා තිබුණි. 

එහෙත් තමන් ඒ අමනාප බැල්මට ලක් නොවියයුතු බවය ඔහුගේ හිත කීවේ. වරක් ඈ නෙත් ඔහු නෙත් හා ගැටුණි. ඔහු සිනාසුනි. ඈ සිනා නොවී අහක බැලීය. සිනාසුණු විට යුවතියක් අහක බැලීනම් ඉන් ඇසෙහි කඳුළක් ජනිතවීමට තරම් මේමහින්දයෝ බොළඳයෙකු නොවිණි. එහෙත් ඔහු නෙතු කඳුළක් නැගුණි. ඒ අන්කිසිවක් නිසා නොවේ. සිහිනයෙන්වත් ඒ ගින්නට තමන් පිදුරු නොදැමූ කෙනෙකු බව ඇය නොදන්නා බව ඔහුට දැනුණු බැවිණි. ඒ නිසා ඔහු එම කඳුළු කැට තීන්තෙන් මෙලෙස ලියා තබන ලදි. 

උතුරින් එන දුම්රියෙ දේවී 
කවුළුව ළඟට වෙලා 
නොරවන් මට දේවී නැත මා 
කිසි වරදක් කරලා 

මාල තෝඩු තාලි සිලම්බු 
අමනාපෙන් අහක බලන්නේ 
ඔය නෝක්කඩු බැළුම් අගින් 
සෙනෙහසදෝ හඩා වැටෙන්නේ 

ගම හැර දි නුඹ ගියදා 
කෝවිල් යන හිත වැලපෙන්නේ 
අපි දෙවියන් සමගයි තව ඉන්නේ 
සිනා සිසී නුඹ බිමට බහින්නේ...... 


පද : මහින්ද චන්ද්‍රසේකර 
ස්වර : ගුණදාස කපුගේ 
හඬ : කරුණාරත්න දිවුල්ගනේ 


උතුරින් එන දුම්රියෙ දේවී .........

106 comments:

  1. අපේ තාත්තා මහව සහ කහටගස්දිගිලියේ සෑහෙන කලක් වැඩ කලා. මහව ඉඳලා දඬුවම් මාරුවක් ලැබුණා කහටගස්දිගිලියට 94 ආණ්ඩු විපර්යාසෙත් එක්ක. ටී.බී.ඒකනායක තමයි ඕකට මුල් වුණේ. යාල්දේවී නොවුණත්, මමත් ඔය සිද්ධියෙන් පස්සේ ගම්පහ ඉඳලා කහටගස්දිගිලියට ගියේ කෝච්චියෙන් අනුරාධපුරේට ගිහින් එතනින් ඉතුරු ටික බස් එකේ. 94 දි මම සාමාන්‍ය පෙල කරලා ගම්පහ ගෙදරට වෙලා හිටියා. ආච්චි සහ නැන්දා එක්ක. අර ගම්පහ ඔලිවර් සර්ගෙ ඉංග්‍රීසි පන්තියකටත් යන්න එක්ක. ඔය අතරේ ගම්පහ මගේ හිත ගිය තැනක් එහෙමත් තිබ්බා, ඒ නිසා මම නිතර ගම්පහ ඉන්න තමයි උත්සාහ කලේ. ඉතිං සතියකට දෙකකට සැරයක් මම කෝච්චියේ ගම්පහ ඉඳන් අනුරාධපුරේ යන කෝච්චියට නගිනවා. රජරට රැජින වෙන්න ඇති. 'මහව' මට මතක තියෙන්නේ සමාන්තරව දිවෙන රේල්පීලි බර ගානක් ඇති ස්ටේෂන් එකක් විදිහට (ඔය සමාන්තර රේල්පීලි ගොඩ පස්සේ කාලෙක මට ලොකු කරදරේකුත් කලා). ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ Maho කියලා.

    පළවෙනි වතාවට මම කෝච්චියේ අනුරාධපුරේ ගිය වතාව හොඳට මතකයි. මම කොච්චර මෝඩද කියලත් ලැජ්ජ හිතෙනවා මතක් වෙනකොට. අනුරාධපුර නව නගරය ස්ටේෂන් එකෙන් මම බැස්සා. මම දැනගෙන හිටියේ නෑ එහෙම දෙකක් තියන බව. නමුත් නව නගරය ස්ටේෂන් එක නිකං අත් ඇරලා දාපු ස්ටේෂන් එකක් වගේ, එකම එක ප්ලැට්ෆෝම් එකයි තියෙන්නේ. කිසිම පහසුකමක් නෑ. ඒක අනුරාධපුරේ ප්‍රධාන ස්ටේසම වෙන්න බෑ කියන සිතුවිල්ල ඔලුවට ආවේ කෝච්චිය ගියාට පස්සේ. මාව ගන්න තාත්තා අනුරාධපුරේට එන බව කියලා තිබ්බ නිසා, ත්‍රීවීල් එකක් කතාකරගෙන ගියා ස්ටේසමට... හැබැයි ත්‍රීවීල් එකට දෙන්න සල්ලි අතේ නෑ. ඒ බව මම කිව්වේ නෑ. අනුරාධපුරේ ස්ටේසමට යනකොටම, තාත්තා ඉස්ටේසමේ ඇතුලේ ඉඳන් එළියට එනව දැක්කා. ගියේ වෙන පැත්තකට. ත්‍රීවීල් ඩ්‍රැයිවර්ට මම කිව්වා "අයියේ මා ලඟ සල්ලි නෑ.. අර යන්නේ මගේ තාත්තා මම සල්ලි ඉල්ලගෙන එන්නම්" කියලා තාත්තා ගිය පැත්තට දිව්වා. මම ගෙනාපු ඇඳුම් බෑග් එක ත්‍රීවීල් එකේ. මම තාත්තට විස්තරේ බාගෙට කියලා සල්ලි ඉල්ලගෙන හැරිලා බැලුවහම ත්‍රීවීල් එක තියනවා ඩ්‍රැයිවර් නෑ. මම හෙමින් යනකොට පොර කොහේදෝ ඉඳලා හෙමින් ආවා. "මල්ලි මාර වැඩනේ කරන්නේ, මේ කාලේ ඔහොම බෑග් එකක් දාලා දුවලා යනකොට බය හිතෙනවනේ.. කවුද දන්නේ බෝම්බද කියලා" ඩ්‍රැයිවර් කිව්වට පසේ තමා තේරුණේ මටත්.. පොර සෑහෙන්න බය වෙලා.

    අනුරාධපුරය සහ අනුරාධපුර නව නගර ස්ටේෂන් පටලවා ගැනීම සහ ත්‍රීවීල් එකේ ඇවිත් තාත්තා මග ඇරුණා නම් මොකද වෙන්නේ කියන එක ගැන නම් මට සෑහෙන දෝෂාරෝපණ අහන්න වුණා ගෙදරින්...

    ReplyDelete
    Replies
    1. තිසර කියපු කතාව අහල මට මතක් වුණේ මගෙ යාළුවෙක් මාත් එක්ක කෝච්චියෙ යන්න බෑකියල කටු කුටු ගාපු කතාවක්... මගෙ ජ්‍යෙෂ්ට යෙක් වුණ මනුස්සය කවදාවත් කෝච්චියෙ ගොහින් නෑ... කෝම හරි දවසක මනුස්සයට වැඩකට කෝච්චියන් යන්නවෙලා සාමාන්‍යයෙන් බස් එකේ යන මනුස්සයට මේක මහ අවුලක්... හොර රහසේම මාව පැත්තකට ගෙන්නගෙන අහනව කෝච්චියෙ යන්නෙ කෝමද කියල...
      ටිකට් ගන්න ඕන කොහොමද බහින්නෙ කෝමද අරකද මේකද කතා ගොඩයි... මං ඉතිං දන්න සිංහලෙන්කියල බය නැති කරල ස්ටේෂන් එකට එක්කරගෙනම ගිහිං මනුස්සයටත් ටිකට් එකක් ඇරං දීල මාත් ප්ලැට්ෆා්ම් ටිකට් එකක් ඇරං ඇතුලට ගිහං මනුස්සයව කෝච්චියට නග්ගලමයි ආවෙ...
      ගම වාරියපොල ගිහිං නෑ කවදාවත් ඉතිං මක්ක කරන්නද ඕක අල්ලං ජෝක් කරන්න පුලුවං එකෙක්යැ මගෙ ලොක්ක වුණාම.. මරු සීන් තමා

      Delete
    2. තිසර,

      අනුරාධපුර නවනගරය ස්ටේෂන් එකේ හිටියෙ ස්ටේෂන් මාස්ටර් විතරයි ඒ කාලෙ..ඒ කිව්වෙ හැත්තෑව දශකයෙ අග භාගෙ.කෝච්චිය එන වෙලාවට විනාඩි පහලවක් වගෙ තියල මනුස්සය එනව දනි පනි ගාල. මයෙ හිතේ ගෙවලුත් ඒ කිට්ටුවම වෙන්ට ඕන. ඇවිල්ල කවුරුහරි කෝච්චියෙ යන්ට ඉන්නවනම් ටිකට් එහෙම දීල එතනින් බහින අය ටිකට් එක දුන්නොත් ඒකත් අරගෙන ආපහු යනව යන්ට.

      නව නගරෙ නැවැත්තුව කියන්නෙ තිසර ඇවිල්ල තියෙන්නෙ රජරට රැජිණෙ තමයි. යාල් දේවි ඔතන නවත්තන්නෙ නෑ.

      රෑවෙලා එන දවස්වලට මම බහින්නෙ අනුරාධපුර පරණ ස්ටේෂන් එකෙන්. එතන ඉඳල අපෙ ගෙදරට ටිකක් දුර උනාට එන්ට තියෙන්නෙ ටවුම මැදින් හන්ද පාලුවක් නෑ. ඔය නව නගරය ස්ටේෂන් එක අහල පහල මල පාලුයි රෑට.

      Delete
  2. රවි අය්ය අර 1000 දීපු හදවතට පාලමක් ටිකට්ටුවට මොද් දන්නෑ වුනේ නේද ඩලස්ලොක්කගෙ වැඩක් නේද... ඒ ටිකට් එකෙන් ජැපා ගිහිං එන්න බැරිවෙයිද කියල දන්නෑ නේහ්...
    ^ඕ ගැන කීප දෙනෙක්ගෙන්ම මං ඇහුව හුග් දෙනෙක්ට ඒ වෙලාවෙ තමා ඒක මතක් වුනෙත්..
    අම්මප අපිට ඕකෙන් ජැපා යන්නවත් බැයි නං අපරාදෙ අප්ප....
    සැක්කේ.... දන්න කවුරුවත් නැද්ද මේ ඉසව්වෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      මමත් ගත්ත බං ඔය ටිකට් එකක්. ඩලස් ද ඒ වැඩේ ඕගනයිස් කලේ?. කොහොම හරි අවුරුදු තුනකට වගෙ ඉස්සරවෙලා නේද? මෙහෙත් අපේ සංගමයෙන් ඔව්ව දුන්න. අපි හැමෝම වගෙ ඉතිං ගත්ත. මගෙ ටිකට් එක ගෙදර ඇති. උඹ කිව්වමයි ඔන්න මට මතක් උනේ. ඒකෙ ගහල තියනව එක් වරක් භාවිතා කල හැක. වලංගු කාල සීමාවක් නොමැත. ඔන්න ඔය වගෙ මොකක් හරි නේද?

      මේ පාර ගෙදර ගිහාම බලන්ට ඕන ඔය ටිකක් එකෙන් යාපනේ කොහොම වෙතත් අනුරාධපුරේට හරි ගිහිල්ල එන්ට :)

      බෙල්ලට දෙකක් දීල දොට්ට දාවිද නම් මන්ද..හෙහ්,හෙහ්,

      Delete
  3. අම්බානක වැඩ රාජකාරි අනං මනං හින්දා සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්න උනේ.. අතෑරුන පෝස්ට් සෑහෙන්න තියෙනවා.. ඒත් ඉතිං හිත හදාගෙන ඔය පතරංග ටික බලනවට වඩා ලේසියෙන් පන්සිය පනස් ජාතකේ බලන්ට ඇහැකි.. ඒ හින්දා මෙතැන් හිටං සැට් වෙන්නං.. ( කොහොමටත් ඉතිං ඔය මගෑරුන ඒවෑ ප්‍රධාන කතාවනං වෙන කාට හරි කියලා පේලි තුන හතරකින් අහගතෑකි :D )

    මේක කියවං එද්දි මට මතක් උනේ ඉස්සර ගමේ ඉස්කෝලේ කැන්ටිම.. ඒක කලේ ඉස්කොලේම ලොකු පංතිවල ළමයි.. අනේ ඉතිං වැඩි දෙයක් නැහැ... මාළුපාන් ටිකක් තිබුනා.. ඒ බේකරිය අල්ලපු වැටේ හින්දා... කවුරු හරි ආච්චි කෙනෙක් හැලප ටිකක් ගෙනත් දානවා.. එයිට අමතරව ප්‍රධාන කෑමකට තිබුනේ පොල් සම්බෝල හෝ පොල් මැල්ලුම් එක්ක ඉඳි ආප්ප... ඔය ඉඳි ආප්ප පාර්සලේ හරි අපූරුයි... පාර්සලේටම තියෙන්නේ ඉඳි ආප්ප 5යි.. දැන් ඉඳි ආප්ප පහක් කියන්නේ නිකං අල්ලේ ගුලි කරගන්න ඇහැකි දෙයක් උනාට ඒ දවස්වල ඉඳි ආප්ප පහක් කියන්නේ බොහෝම බරට බඩට වැටෙන කෑමක්... ඉතිං මේ ඉඳි ආප්ප පහ කන්න සමහර දවසට තියෙන්නේ මලවාපු පොල් සම්බලයක්... එහෙමත් නැත්තං කහ පාටට හිටින්න හදාපු අතරින් පතර වාසනාව තිබුනොත් එහෙම අහුවෙන කූනිස්සෝ එහෙමත් හිටපු රසම රස පොල් මැල්ලුමක්... ඕක ඔතලා තිබුනේ අද වගේ පොලිතින් මගුල්වල නෙවෙයි.. වේළුන කෙසෙල් කොලවල.. මේ කියන්නේ තවාපු අමු කෙසෙල් කොල නෙවෙයි... ගහේම වේලිලා පාතට පාත් උන කෙසෙල් කොලවල... කෙහෙල් කොලෙන් ඔතලා... කෙහෙල් ගහේම වේලිච්ච පට්ටෙකින් තමා ඒක කතිරයක් වගේ වෙන්න බැඳලා එහෙමත් තියෙන්නේ.. ඕක දිගෑරියම එන සුවඳ අදටත් මට දැනෙනවා දැනෙනවා වගේ.. හම්මා... (වහාම වේලුන කෙසෙල් කොලයක් හොයාගෙන එන්ට වෙනවා දැන්නං.. ඉඳිආප්ප ඔතලා තියලා කන්ට.. :D )
    ඔය ටික ඇරුනම ඉතිං තියෙන්නේ කිරිටොපියි සීනි බෝල බෝතලෙයි විතරයි...

    ඉන්ටවල් එකට කැන්ටිම ඇරලා ඕනනං විනාඩි තුනක් හතරක් යයි.. කැන්ටීමේ කෑම ඉවරයි... එයින් පස්සේ ඉතිං කිරි ටොපි තමා... :D දවසක් දෙකක් ඉතිං ආසාවට කැන්ටිමෙන් අරං ඉඳිආප්ප කෑවත් වැඩියම කැන්ටිමට සල්ලි ගෙවන වැඩ මගේ අතින් උනේ නැහැ.. මොකද හැමදාම උදේට තාත්තණ්ඩි මොනවාම හරි දෙයක් හරි ගස්සලා කෑම එකක් හදලා දෙන හින්දා... ඉස්කෝලේ යද්දි ඉතිං මහ සල්ලියක් අතට දෙනවා කියලෑ... දවස් දෙක තුනකට සැරයක් සත පනහක් දෙයි ඕනනං.. ඕකේ අනං මනං කාලා බැහැ.. මොකද ඒක එකතු කරලා තමා සරුංගල්වලට ඕන කරන කලමනා ගත්තේ ඒ කාලේ...

    හා හා මේක බොලාගේ පෝස්ට් එක.. මං මේකේ කොමෙන්ට් කරන්න විතරයිනේ ආවේ.. තව ඩිංගෙන් මං මේකේ පෝස්ට් එකක් ලියනවා... :D

    ඈ බං රවී අයියේ.. අර කිව්ව ක්‍රෑන්ක් ෂාෆ්ට් එක නැවකද...? හතර පස් දෙනෙක් ගිහින් “කරේ තියං“ එන්න තරං දිග... බරනං කමක් නැහැ කියමුකෝ.. හතර පස් දෙනෙක් ඕකට කර ගහපු විදිය කියහංකෝ... :D

    ReplyDelete
    Replies
    1. ඔය උඹ කියන ඉඳිආප්ප මෙහේ තිබුණෙ කැන්ද කොළවල ඔතල. ආයෙ නෑ නියම කෑමක් තමයි.

      Delete
    2. මාරයෝ.....ඔය විදිහටම කෙසෙල් පට්ටෙකෙන් ඔතලා කූනිස්සෝ පොල් මැල්ලුමක් එක්ක ඉඳි ආප්ප පාර්සලයක් අම්මා එවලා තිබුනා කෙනෙක් අතේ. දැන් මේ කියනකොටත් ඒ සුවඳ දැණෙනවා. ඔය මාන්දම ඔලුවේ තිබුන නිසා නගරෙට ගිය දවසක පවුම් තුනක් දීලා ඉංදියන් කඩේකින් කෙහෙල්කොළ තුනක් ගෙනල්ලා , ගෑස් ලිපට අල්ලලා කොළේ තවලා බත් ඔතාගෙන කෑවා. ඒ ඉලව් කොළවල අර සුවඳ එන්නේ නැහැ. කූල් රූම්වල එහෙ මෙහේ චාටර්වෙලා එන නිසා වෙන්න ඇති.

      Delete
    3. කෝ යකෝ මම දාපු කොමෙන්ට් එක. බහිරවයා ගිල්ලද?

      මට නම් ඉතිං ඔහොම ඉඳි ආප්ප කන්න චෑන්ස් එකක් හම්බුනේ නැ. අනික මම ඉඳිආප්ප කන්න ඒ හැටි කැමතිත් නැ

      Delete
    4. මා.හෝ.

      මාහෝ ඉස්ටේසම ගැන කතා කරපු හින්ද බොටත් මාහෝ කියලම කියඤ්ඤා...හෙහ්,හෙහ්, ඉඳිආප්ප වලට මටත් අල්ලලම යන්නෙ පොල් මැල්ලුම තමයි. හාල්මැස්සෙක් දෙන්නෙක් , එතනෙං ගිහාම කූනිස්සෙක් කාරිය වැටුනම ඉතිං තව්තිසාව බඩේ තමයි. අපෙ තව නැන්ද කෙනෙක් ඉන්නව ඔය පොල් මැල්ලුම හදනව ආය නෑ ඉතිං..මම ඉතිං ඉඳියප්පං විස්සක් වගෙ දාගෙන සරොං ගැටෙත් අන්තිම කට්ටෙට දාගෙන දෙයියං බුදුං වැඳල මේසෙට ඉඳගත්තම ආය නෑ දෙන්ට පටංගති දෙන්ට පටං ගති තමයි.

      / ඈ බං රවී අයියේ.. අර කිව්ව ක්‍රෑන්ක් ෂාෆ්ට් එක නැවකද...? හතර පස් දෙනෙක් ගිහින් “කරේ තියං“ එන්න තරං දිග... බරනං කමක් නැහැ කියමුකෝ.. හතර පස් දෙනෙක් ඕකට කර ගහපු විදිය කියහංකෝ... :D /

      ඒ වෙලාවෙ පහක් නැත්තං හයක්ද කොහෙද ගියා ඔය අටමගලෙ උස්සං එන්ට. ඒත් ඔක්කොමල එක සැරේ අත ගැහුවෙ නෑ වැඩේට. එක විඩේට තුන්දෙනා ගානෙ වගෙ තමයි මට මතක විදිහට.හෙහ්,හෙහ්, ඇත්තම කිව්වොත් බං මම ඕකට අත ගැහුවෙම නෑ...හෙහ්,හෙහ්, ග්‍රීස් තෙල් විමානෙ. මම කලේ ජෙනරල් කොබ්බෑකඩුව වගෙ උංට අණ දීගෙන ඉස්සරහිං ආපු එක. අනික ඉස්සරහිං කවුරුහරි එන්ටම ඕන. බැරිවෙලාවත් පරෙ යන මිනිහෙක්ගෙ අර ග්‍රීස් ජරාව ගෑවුනානං එහෙම අපි තාම ගුටි කනව. අනික ඒක මයෙ හිතේ පරණ දඬු පෝඩ් එහෙකිං ගලවපු එකක්ද කොහෙද..... සෑහෙන්න දිගයි දැං ඔය තියන එව්වට වැඩිය.

      Delete
    5. Praසන්ன,

      / ඔය උඹ කියන ඉඳිආප්ප මෙහේ තිබුණෙ කැන්ද කොළවල ඔතල. ආයෙ නෑ නියම කෑමක් තමයි. /

      කැන්ද කොළ මොන රහක්ද බං? :)

      Delete
    6. අරූ,

      එතන කේස් එක මේකයි බං..ගෑස් ලිපට අල්ලල කෙහෙල් කොල තවල වැඩක් නෑ. ට්‍රැඩිෂනල් ලිපක්ම වෙන්න ඕන. මම කියන්නද? ගහපං ලිග්ගල් තුනක් හොයාගෙන මිදුල මැද ලිපක්. ගිනි මොලවල එහෙම කෙහෙල් කොලේ ඒකට අල්ලල තවපං..හෙහ්,හෙහ්,

      Delete
    7. I.T.N, ,

      / කෝ යකෝ මම දාපු කොමෙන්ට් එක. බහිරවයා ගිල්ලද? /

      එහෙම කමෙන්ට් එකක් නෑනෙ බං මම ස්පෑම් එකෙත් ගිහිල්ල බැලුව. එකත් එකටම උඹ අර ඉඳිආප්ප හැට ගිලින අස්සෙ කමෙන්ට් එකත් බඩට යන්ට ඇති.

      / මට නම් ඉතිං ඔහොම ඉඳි ආප්ප කන්න චෑන්ස් එකක් හම්බුනේ නැ. /

      උඹත් අම්ම්මපල්ල, සෙල්ලං පුතයෙක් එහෙම නෙවෙයි...හෙහ්,හෙහ්,

      Delete
    8. //කැන්ද කොළ මොන රහක්ද බං//
      කැන්ද කොළේ කන්නෙ නෑ බොල, ඒකෙන් ඔතල තියෙන ඒවයි කන්නෙ. :D

      Delete
  4. /* ජා.පො.අ.ස. තිබ්බෙ අවුරුදු දෙකයි. 75 සහ 76...මම 76 දි ඒ විභාගෙට වාඩි උනේ. */

    එහෙම නං 1982 ජනාධිපතිවරණෙට චන්දේ තිබ්බෙ නැත්තේ ඇයි?
    http://arugeadaviya.wordpress.com/2014/10/06/%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb47-%e0%b7%80%e0%b6%ba%e0%b7%83%e0%b6%9a-%e0%b6%b1%e0%b6%bb%e0%b7%92%e0%b6%ba/#comment-5883

    ??

    ReplyDelete
    Replies
    1. ෂෙහ්...කකා ඉස්සරවෙලානෙ. මාත් උන්නෙ ඇයි මේ හෙටානිද්ද පැන්ෂන් යන්න ඉන්න උන්දැට 82 ඡන්දෙ නොතිබ්බෙ කියල අහන්න :D

      Delete
    2. කකා සහ ඉන්දික,

      එතන කේස් එක මේකයි. හැම අවුරුද්දෙම ජූනි මාසෙ තමයි ඡන්දහිමි නාමලේඛන යාවත්කාලීන කරන්නෙ. එතකොට ඊළඟ අවුරුද්දෙ පවත්වන මැතිවරණ වලට වලංගු වෙන්නෙ ඒ නාම ලේඛනය. උදාහරණයක් විදිහට මේ අවුරුද්දෙ තියන ඡන්ද වලදි ඡන්දය පාවිච්චි කරන්න නම් 2013 ජූනි මාසෙ වෙනකොට අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන.

      82 ජනාධිපතිවරණයට භාවිතා උනේ 81 ජූනි යාවත්කාලීන කල නාම ලේඛනය.81 ජූනි වෙනකොට මට අවුරුදු 18 වෙලා තිබුනෙ නෑ. ඒ හින්ද මගෙ නම ඡන්ද ලේඛනයෙ තිබුනෙ නෑ. 87 පළාත්සභා ඡන්දෙට මට ඡන්ද අයිතිය තිබ්බට මොනවටද නිකං පුකට වෙඩි තියාගන්නෙ මේ පළාත් සබාවක් කියල හිතල මම ඡන්දෙ දාන්න ගියේ නෑ. ඉස්සොරෝම ඡන්දෙ දැම්මෙ 88 ජනාධිපතිවරණෙදි.

      Delete
  5. යාල්දේවි යාපනේට යනවයි කියන්නෙ උතුර-දකුණ වගේම සිංහල දෙමළ පරතරය ගොඩක් දුරට අඩුකරගන්න පුලුවං හේතුවක් තමයි.
    ඒ වගේම ඒ පරතරය නැතිකරන්න පුලුවං අනික් දේ තමයි මහව ඉස්ටේෂම එහා පැත්තෙ තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / යාල්දේවි යාපනේට යනවයි කියන්නෙ උතුර-දකුණ වගේම සිංහල දෙමළ පරතරය ගොඩක් දුරට අඩුකරගන්න පුලුවං හේතුවක් තමයි. /

      කතාව ඇත්ත බං, උතුරෙ මිනිස්සුන්ට තමන්ගෙ එදිනෙදා රස්සාව කරගෙන දරු මල්ලන්ට උගන්නගෙන යන්ට ඕන තැන්වල නිදහසේ ගිහිල්ල කන්ට බොන්ට කැමති දේවල් කාල බීල තමන්ගෙ ආගමක් දහමක් අදහගෙන ඉන්ට ඉඩ දුන්නනම් මේ මොන ප්‍රශ්නයක් වත් නෑ. ඒ මූලික අවශ්‍යතා සපුරාගන්ට බාධක පනවනකොට තමයි නිජබිම් ප්‍රශ්නෙයි, ජන වාර්ගික අර්බුදෙයි ඔය මෙකී නොකී දස මහ දෝස ඔක්කොම මතුවෙන්නෙ අර ගොම්මං වෙලාවට හුඹස් වල ඉඳල එක පොදියට මෙරු මතු වෙන්නැහෙ.

      / ඒ වගේම ඒ පරතරය නැතිකරන්න පුලුවං අනික් දේ තමයි මහව ඉස්ටේෂම එහා පැත්තෙ තියෙන්නෙ. :D /

      ආන්න ඒකනෙ..එව්ව සුලබ කරන්ට ඕන, එව්ව සුලබ කරන්ට ඕන. ඒත් අපේ මේ වාහෙල කරන්නෙ එන්ට එන්ට එව්වයෙ ගණං වැඩි කරන එක නෙව. ඔන්න මේ ඊයෙ පෙරෙයිද ආයම වැඩි කරල කීයක්ද මන්ද..ඉතිං බොලේ ඔහොම කොහොමද මේ පුරස්නෙ විසඳන්නෙ?

      Delete
  6. මට නං යාන්තම් මතකයි ඔය කෝච්චි නවත්වන තැන් දෙමලෙන් කියන විස්තරෙත්. භාෂා තුනේම කියන්නේ එකම (දෙමල) මනුස්සයෙක්. මට මතක හැබැයි රෑට යන කෝච්චිය එනවුනස් කරන හැටියි.

    රෑ කෝච්චිය යාල් දේවි නොවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. kathandara,

      / මට නං යාන්තම් මතකයි ඔය කෝච්චි නවත්වන තැන් දෙමලෙන් කියන විස්තරෙත්. භාෂා තුනේම කියන්නේ එකම (දෙමල) මනුස්සයෙක්. /

      ඔව්, කකා, මටත් මතකයි කාලෙකට ඉස්සර ලක්බිම පත්තරේ ඒ නිවේදක මහත්මය ගැන ලිපියක් පලවුනා.

      / රෑ කෝච්චිය යාල් දේවි නොවෙයි නේද? /

      රෑට යන එව්වට ඔය ලලනාවන්ගෙ නම් නෑ. උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි,උදය දේවි, එයාල ඉන්නෙ දවල්ට. රෑට යන එව්ව නිකම්ම නිකම් රාත්‍රී තැපැල් දුම් රිය," කන්කසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අද දින පැයක් පමණ ප්‍රමාද වී ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න."මිනිස්සු ඉතිං බර බර ගල දත් කූරු කනව. " අම්මාපල්ල බෙල්ලෙං අල්ලගන්ට නැති හැටියක් කරුණාවෙං සලකන හැටි පෙන්නන්ට...".හෙහ්,හෙහ්,

      Delete
    2. ඔන්න බලහං ඉතිං රටේ හැටි.. රෑ පානෙ ගෑනියෙක් නෙවෙයි ගෑනු කෝච්චියක්වත් තනියම යවන්ට බෑ නෙවැ.. :-D

      Delete
    3. //ඔන්න බලහං ඉතිං රටේ හැටි.. රෑ පානෙ ගෑනියෙක් නෙවෙයි ගෑනු කෝච්චියක්වත් තනියම යවන්ට බෑ නෙවැ.//
      හැක්... නියම කතාව.

      Delete
    4. පට්ට කියමන බුරා .. :D

      Delete
    5. නියමයි බුරා!!

      Delete
    6. බූරා,

      ඔය කෝච්චි වලට ගෑණු නම් විතරක් දාන හේතුව මොකක්ද කියල උඹ දන්නවද?...:)

      Delete
  7. ඔය සින්දුව මමත් ආසම සින්දුවක්.පහුගිය දවසක මම කමෙන්ට් එකක් හැටියටත් ඔක දැම්ම කොහෙ හරි. කිසිම වරදක් නොකරපු අපි දිහත් බලන්නෙ අර කාලකන්නි සෙට් එක දිහා බලන විදියටම නෙ.සැක්

    ReplyDelete
    Replies
    1. Damith,

      / කිසිම වරදක් නොකරපු අපි දිහත් බලන්නෙ අර කාලකන්නි සෙට් එක දිහා බලන විදියටම නෙ.සැක් /

      ඒකනෙ බං..කියන්නේ කාටද? බොහොම දුකයි..බොහෝමත්ම දුකයි....බොන්ටම වෙනව...බොන්ටම වෙනව.....

      Delete
  8. මෙන්න කතා,මේ වගේ එව්ව කොච්චර හරි දානතරන් කියවනව අපි නං.අපේ ඉස්කෝලෙ ටක් ෂොප් එකට අපි කිව්වෙත් ටක් එක කියල.ඒ ටක් එක කළේ ඇක්මොන් අයිය මිනිහ තාම ඉන්නව ඒ විදියමයි.ටක් එකේ අපට කන්න වැඩි යමක් තිබ්බෙ නෑ.ජෑම් පාන්,සීනිසම්බෝල පාන්,වඩේ,පැටිස් සහ සමහර වෙලාවට පෑන් කේක්.සර්ලට ටීචලට ඉඳිආප්ප ආප්ප ආදී වෙන වෙන කෑම වර්ග ගෙනත් තිබ්බට අපට ඒ කෑම දුන්නෙ නෑ.අපිත් ඔය වගේම ටක් එක ඇතුලෙ කොට බිත්ති කවුන්ටරේ එල්ලිලා කෑ ගහනව එකම කම්බැල්ලෑවයි.ඉස්කෝලෙ ඉන්ටවල් දෙකයි කෙල්ලන්ට ඉන්ටවල් එක අපට කලින් දෙනව.උන් ගිහිං ටක් එකේ කොහොම කෑ ගහනවද කියල කවදාවත් බලාගන්න බැරිවුනා.අපේ ගෝසාව නං පාරටම ඇහෙනවා.
    ඇක්මොන් අයිය පට පට ගාල පාන් කපනවා ජෑම් ගානවා දෙනව සල්ලි ගන්නව කඩියා වගේ.ඔය මනුස්සය පාන් ගෙඩිය කාල් පහකට කපනව දවසක් මම ඇහැටම දැක්ක.ප්ලේන්ටී දාන්න වීදුරු තිබුනෙ බොහොම සීමිත ප්‍රමාණයයි.ඉතිං කාල ප්ලේන්ටී බොන්න තව එකෙක් බීල වීදුරුව දෙනකං බලං ඉන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. " කාල් පහකට කපනව"

      යකෝ ඇක්ම අලුත් ගණිත ප්‍රමේයක් හොය ගත්ත වගේ වැඩක්නෙ කොරල තියෙන්නෙ :D

      Delete
    2. ඇයි බොලං, හතර පෝයට පස් පාරක් සිල්ගන්න රවියා වගේ එවුන් ඉන්න රටේ පාන් ගෙඩිය කාල් පහකට කැපුවහම මක් වෙනවයැ.. ;-)

      Delete
    3. ඇයි බං අපේ හන්දියේ හිටිය රූපයාත් රෑවෙන්න රෑ වෙන්න ගල් බෝතලේ කාල් පහට තමයි කඩන්නේ. හැන්දෑවරුවට නම් බෝතලේට තියෙන්නේ කාල් හතරයි.

      Delete
    4. හැලප,

      ඒ දවස්වල පාං කාලයි වඩේ දෙකයි පෙලේන්ටියයි සත පහළවක් වගෙ ගානක්. ඔය කාසි දෙක තුනත් අතේ උන්ඩි කරගෙන අර කවුන්ටරේ එල්ලිල මරහඬ තියනව...හෙහ්,හෙහ්,

      උදේ ගෙදරිං එනකොට අම්ම ප්ලාස්ටික් පෙට්ටියකට ජෑම් බටර් ගල පාං පෙති තුන හතරක් හදල දෙනව. ඕක එපා කිව්වොත් හතරවෙනි තට්ටුවට ගෙනියන හින්ද ලේසිම වැඩේ කතාවක් නැතුව ඒකත් සූට්කේස් එකේ දාගෙන ඇවිල්ල ( ඒ කලෙ අපි ඉස්කෝලෙට පොත් ගෙනිච්චෙ හතරැස් සූට්කේස් වල දාගෙන )පංතියෙ කාටහරි දෙනව ඉඳා කාහල්ල කියල. ඒ කරල ඔය කොහෙං කොහෙං හරි එකතු කරගන්න සල්ලිත් අරගෙන දුවනව ටක් එකට.

      අර තෙල් සුවඳ විහිදෙන තැටි පාං කාලයි, පරිප්පු වඩේ දෙකයි කාල ඒ පිටම පෙලේන්ටියකුත් ගැහුව කියන්නෙ ආය නෑ ඔරේ මඤ්ඤං තමයි.

      / .ඉස්කෝලෙ ඉන්ටවල් දෙකයි කෙල්ලන්ට ඉන්ටවල් එක අපට කලින් දෙනව /

      එතකොට කෙල්ලන්ට ඉන්ටවල් දුන්නම උඹල පන්තියට වෙල නිකං ඉන්නවද උංගෙ ඉන්ටවල එක ඉවර වෙනකල්?

      Delete
    5. Indika,

      ඇක්මගෙ තුනේ පංතියෙ ඉන්න පුතාගෙං ගණං ටීචර් ඇහුවොත් " ඔය ළමය කියන්න බලන්න පාන් රාත්තලකට කාල් කීයද " කියල ඌ එකත් එකටම කියන්නෙ" පහයි මැඩම් " කියල

      Delete
    6. බූරා,

      අපිත් ඔය කැලේ මැද රාජකාරි කරද්දි මහා ශීල ව්‍යාපාර එහෙම තිබ්බ වෙසක් පොසොන් පෝය එහෙම අල්ලල. කලින් දවසෙ බඩු වැඩිවෙල වෙසක් දවසෙ දහය එකොළහ වෙනකල් නින්ද ගියෙ එහෙම නැත්තං මාත් ඔය සිල් එහෙම ගන්නව නිකමට වගෙ.හෙහ්, සිල් අරගත්තු මගෙ යාලුවෙකුට වෙච්ච මරු වැඩක් තියනව..ඉඳහං වාං පතුල් කතා කියනකොට ඒකත් කියන්නං

      Delete
    7. Aru,

      / ඇයි බං අපේ හන්දියේ හිටිය රූපයාත් රෑවෙන්න රෑ වෙන්න ගල් බෝතලේ කාල් පහට තමයි කඩන්නේ. හැන්දෑවරුවට නම් බෝතලේට තියෙන්නේ කාල් හතරයි. /

      " මේ ර්..ර්..රූප්පෙ අයි...යා..කාලක් ඕන අරී..ඇබැයි උඹේ රෑ කාල නෙවෙයි හවස කාල ඔන්දේ......"

      Delete
    8. //සිල් අරගත්තු මගෙ යාලුවෙකුට වෙච්ච මරු වැඩක් තියනව..ඉඳහං වාං පතුල් කතා කියනකොට ඒකත් කියන්නං//

      තව අවුරුදු හත අටක් බලාඉන්න වෙයි නේද?

      Delete
    9. හැලප අයියලගෙ කාලෙ ටක් එකේ කෙල්ලො කෑම ඉල්ලපු විදිහ අහන්න බැරි උනාට අපේ කාලෙ ඒ පහසුකම තිබ්බ. පහසුකම කිවුවෙ උන් පොරකාල ගත්තට පස්සෙ අපිට තෝර ගන්න තිබ්බෙ ගල් බනිස් විතරයි.

      Delete
  9. මට මතක මොරිස් මයිනර් එක මිස්ට සුගුණදාස අතුකෝරළගේ කියලා. බයික් එකේ ආපු අනිත් ගුරුවරයා බයෝ උගන්නපු මිස්ට ජයවර්ධන. ඒක BSA Bantam එකක්. අපේ තාත්තටත් තිබුණා BSA C15 Star එකක්

    ReplyDelete
    Replies
    1. හුටා මචං වැරදුනා. මම හිතුවේ උඹ සුලෝහිතේ ගැන කියනවා කියලා කමෙන්ට් එක දාලා වැඩිදුර කියවගෙන යන්කොට තේරුනා මේ වෙන ඉස්කෝලයක් ගැන කියන්නේ කියලා.

      Delete
    2. Henry,

      / මට මතක මොරිස් මයිනර් එක මිස්ට සුගුණදාස අතුකෝරළගේ කියලා. /

      සුගුණදාස සර්ට තිබ්බෙ මචං වෝක්ස්වාගන් එකක් නෙවෙයිද? මට මතක ඒ වගේ..ජයවර්ධන සර් ගැන නම් මතක නෑ. ඒත් අපේ සූලොජි කරපු සර්ට තිබ්බ වෙස්පා හරි ලැම්බ්‍රෙටා හරි ස්කූටර් එකක්.

      මිස්ටර් සුගුණදාස පෙන්ෂන් ගියාට පස් සෙ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙ සභාපති වෙලා හිටිය.මම ඉස්කෝලෙං අයිං වෙල අවුරුදු දෙහෙකට වගෙ පස් සෙ හදිස්සියෙ කොළඹ ආව මොකක්ද වැඩකට . ආපහු බස් එකේ කොටුවට යද්දි මේල් එකේ ගෙදර යන්ට මෙන්න ලයිබ්‍රරි එක ඉස්සරහ බැනර් එකක්, සම්මන්ත්‍රණයක් සහ පොත් ප්‍රදර්ශනයක් කියල.

      මේල් එකට ඕන හැටිය වෙලාවත් තියන නිසා දණි පනි ගාල මම බැස්ස බස් එකෙන්. සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ල බලනකොට මෙන්න සර් ඉන්නව මූලාසනයෙ. එතකොටයි මම දැනගත්තෙ එතුමා පුස්තකාල සේවා මණ්ඩලේ සභාපති කියල.

      / හුටා මචං වැරදුනා… /

      ඔව් බං මේ කියන්නෙ කෑගල්ලෙ සේන්ට් මේරීස් එක ගැන. නමයෙ පංතිය වෙනකල් මම ගියෙ ඒකට.

      Delete
    3. ඔය් සැන් මේරිස් එකේ ආදි සිස්ස මිත්‍රයෙක් ඉන්නව මෙහෙ ගීතක සාගරරත්න කියල. රවියලගෙ වයසෙම වගෙ තමයි. නිකම්ම නිකං රවියව දන්නවද කියල උගෙන් අහන්න විදියක් නෑනෙ, අර මගුල් පින්තූරෙ පෙන්නුවට පලක් වෙන එහෙකුත් නෑ. අනික මුගෙ විසිතර කියන්න ඇහැක්ය කටක් ඇරල!

      Delete
    4. ඉන්දික,

      ගීතක සෙන්ට් මේරීස් නෙවෙයි. කෑගලු විද්‍යාලෙ..

      Delete
    5. ඔය කියන්නෙ....සාගරය යාළුවෙක්ද එතකොට? එහෙනං දෙන්නම එකට පාරවල් හදල වගේ ඒ කාලෙ? මට මතක ඌ සෙන්ට් මේරිස් කිව්ව වගේ, හවහට කතා කරල අහල බලන්න ඕන.

      Delete
  10. වැඩි ඈත අතීතයක් නොවුනත් ඉස්කෝලේ මතක ආයෙත් ඇවිස්සුනා. ඉස්කෝලෙම නේවාසිකාගාරයටම කොටු වෙලා හිටපු නිසා මම නම් අපේ ටක් එකත් එක්ක හරි තරහක් තිබ්බේ. ඉන්ටබල් එකට කෑම අපට හොස්ටල් එකෙන් ලැබෙනවා නේ. ඒ නිසා මාසෙකට සැරයක් මාව බලන්න එන තාත්තා මගේ අතට දෙන්න පුංචි සුපියල් සීයේ කොලේ පහුවදා හවස් වෙද්දී ඔය ටක් එක ගිල ගන්නවා. ඉතිං ඊට පස්සේ මං ටක් එකේ තියෙන කඩචෝරු එක්ක හරි කේන්තියෙන් තමයි ඉන්නේ ආයේ තාත්ත එනකල්.
    නුවර රජරට දුම්රිය මාර්ග නැති නිසා මං නම් ඔය යකඩ යකත් එක්ක වැඩි ඇයි හොදයියක් තිබුනෙම නැති ගානයි.

    ReplyDelete
    Replies
    1. වීරේ,

      නිවාඩුවට ගියා කියල මතකයි...ආපහු ඇවිල්ල එහෙනං නේද?...:)

      වීරේ එතකොට නුවර ද?

      Delete
  11. //මම තෝරගත්තෙ නැටුම්. වෙන එකක් හින්ද නෙවෙයි එක තැනක ඉඳගෙන අත්ත කිලමතානු පූජාව කරනව වගෙ චිත්‍රෙ දිහාම බලාගෙන සායං උලන එකටයි ටැවුං ටැවුං කියල අර හිරමණේ නිකට යට ගහගෙන අර කෝටු කෑල්ලෙං කොච්චරවත් කමසෙයියාවක් නැතුව මදින එකටයි වැඩිය මගෙ හිත ගියෙ උඩ පැනල කැරකිල දෙකට නැවිල දෙපරැන්ද අස්සෙ ඔලුව ගහගන්න අඩව්, කස්තිරං අල්ලන්ට පුලුවන් නැටුම් වලට. //

    ටැවුං ටැවුං ??!!! දැන් අර විශාරද තොමෝමේ පැත්තට ආවොත් බොට හම්බෙයි ටැවුං ටැවුං!!!

    කතාව ඇත්ත හැබැයි! මාත් කොලේ චිත්‍ර මුලින්ම! යකාගේ ඇඳිල්ලක් තමා ඒක! බණ්ඩක්කයක් දෙකට කපන් හැම තැනම උලනවා පාට ගගා... නොදකිං! මේකද චිත්‍ර අඳිනවා කියන්නේ! ! ගියා නැ‍ටුම් වලට!

    ReplyDelete
    Replies
    1. Maneka,

      / ටැවුං ටැවුං ??!!! දැන් අර විශාරද තොමෝමේ පැත්තට ආවොත් බොට හම්බෙයි ටැවුං ටැවුං!!! /

      එව්වට බය වෙන්ට දෙයක් නෑ..විකාරද මේ දවස්වල ඊලඟ ලෙවල් එකට යන්ට පෝටල් හොය හොය එහෙ මෙහෙ දුවනව අර මොකාගෙද කොහාටද මොනවද ගැහුව වගෙ. මේ ලෝකෙ සිහියක් පතක් එහෙම නෑ....හෙහ්,හෙහ්,

      Delete
  12. රවී............මම උඹේ මිත්‍රයාව දන්නවා. දැන් නම් වැඩි තොරතුරක් දන්නේ නැහැ.
    ඔය ටක් ශොප් සුද්දා ගෙනපු වචනයක්. දැන් නම් ඒ වචනේ මෙහෙනුත් විසිවෙලා. ඒත් ඈත පලාත්වල පොඩි ටවුන්වල රොබට්ස් ටක් ශොප්, ජේන්ස් ටක් ශොප් කියලා ඔය පොඩි පොඩි ලස්සන තැන් තියෙනවා.

    මමත් ඔය විෂයන් තුනට මැටි ඇනුවා,මල් වැවුවා, නැටුවා. අදටත් ඉතුරුවුනේ නටන එක විතරයි. ඒ නටන්නෙත් උගන්නපුවා නෙමෙයි මට ඕන ඒවා.

    ///////////දෙමලු වේට්ටි උස්සගෙන, සිංහලයො සරං උස්සගෙන බොගොම සමඟියෙං එකාට එකා උදව් කරගෙන එක සීරුවට දුවගෙන ගියා///////////
    මෙන්න මෙතන තමයි මචෝ මගේ නම් හිත නැවතුන තැන. ඒ හරහා ගොඩාක් ඈතට ගියා. මෝදර, මට්ටක්කුලිය, වත්තල, කොටහේන වගේ පලාත්වල රා කඩ ගාව දෙමල සිංහල මිනිස්සු එක වීදුරුවේ ගැහුවේ එක පොල් කට්ටේ ලුනු කෑවේ.

    ඔය අළුතෙන් පටන් ගත්ත යාල්දේවීත් ආපහු එන්නේ උත්තර දේවී කියලාද...

    ඔය සින්දුවට වගේම සින්දුව ලියපු මහින්ද චන්ද්‍රසේකර මහත්තයාටත් මම හරිම කැමතියි. එයාගේ දේශණ සාකච්ඡා කොළඹ තිබුනොත් අත හරින්නේ නැහැ. ජයතිලක බණ්ඩාරයන්, ගුණදාස කපුගේයන් එක්ක එක්ව ඒ දවස්වල නොයෙකුත් වැඩ සටහන් කරා.

    ReplyDelete
    Replies
    1. Aru,

      / රවී............මම උඹේ මිත්‍රයාව දන්නවා. දැන් නම් වැඩි තොරතුරක් දන්නේ නැහැ. /

      මටත් අන්තිමට හම්බ උනේ අවුරුදු එකොළහකට ඉස්සරවෙලා..

      / මෙන්න මෙතන තමයි මචෝ මගේ නම් හිත නැවතුන තැන. ඒ හරහා ගොඩාක් ඈතට ගියා. මෝදර, මට්ටක්කුලිය, වත්තල, කොටහේන වගේ පලාත්වල රා කඩ ගාව දෙමල සිංහල මිනිස්සු එක වීදුරුවේ ගැහුවේ එක පොල් කට්ටේ ලුනු කෑවේ. /

      මම අර කලිනුත් කිව්ව වගෙ මචං මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවෙ නිදහසේ තම තමං කැමති පරිදි ජීවත් වෙන්ට ඉඩ දෙනව නං මේ විප්ලව, ජන වාර්ගික අර්බුද, සිවිල් යුද්ද මොකවත් නෑ...ඒත් එහෙම වෙන්නෙ නෑ කවදාවත්.ඒක තමයි ලෝක ස්වභාවය.

      අර සියලු දෙනාට කිසිදු බාධකයකින් තොරව තමනට රුචි පරිදි දිවි ගෙවීමට ඉඩ ප්‍රස්ථාව තියෙන දේශය ඇවිල්ලා මනෝරාජික සිහින දේශයක්. උත්තර භූමියක් ( Utophia ) අපට කිසිදා ලඟාවිය නොහැකි ඉලක්කයක්.ඒත් එවන් තත්වයකට ලඟාවීමට තැත් කිරීම තමයි අපට අවම වශයෙන් කල හැක්කේ...

      / ඔය අළුතෙන් පටන් ගත්ත යාල්දේවීත් ආපහු එන්නේ උත්තර දේවී කියලාද… /

      ඒකනම් හරියටම දන්නෙ නෑ මචං..පොඩ්ඩක් හොයල බලන්ට වෙනවා.

      Delete
  13. ඔය BSA ෆැක්ට්‍රිය ලොකු ඉතිහාසයක් නේද රවී. මගේ හිතේ මෙහේ බර්මිංහැම්වල මියුසියම් එකක් තියෙනවා ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. Aru,

      Small Arms කියල නමෙන්ම කියවෙන විදිහට එයාල මුලින්ම පටන්ගෙන තියෙන්නෙ කුඩා ගිණි අවි නිපදවන්ට. පස්සෙයි ඔය යාන වාහන නිෂ්පාදනයට බැහැල තියනවයි කියන්නෙ.

      Delete
  14. රවී,

    මඩ උඩ, දැන් තමයි මගේ හරි කමෙන්ටුව.

    මම මුලිම්ම යාල්දේවියෙ ගියෙ 83 කලින්, මට අවුරුද්ද මතක නෑ, ඒත් 83 බැඳපු ලොකු අක්කගෙ වෙඩිමට කලින් කියල ෂුවර්.

    අපි ගියෙ මැදවච්චියෙ ගුරුපත්වීමක් ලැබිල ගියපු අම්මගෙ සහෝදරියකගෙ දුවෙක් බලන්න. අපේ පවුලයි, ලොකු අම්මලයෙ පවුලයි ඔක්කොම 12 විතර හිටිය. ඒ තමයි මට මතක තියෙන මුල්ම දීර්ඝ දුම් රිය ගමණ. කොළපාට දොඩං ගෙඩි, දිවුල්ගෙඩි කකා දෙමළ කතා කරන මහගොඩක් මැද සිංහල සින්දු කිය කිය ගිය ඒ ගමණ වගෙම මීහරක් නාන වැවේම අපිත් නාපු, ඒකෙම්ම ලබුකැටෙට වතුර ගෙනත් උණුකරල බීපු, ගෙයි වහලෙ පිදුරු හරක කනව දැකපු ඒ අපූරු සුරංගනා ලෝකෙට ගිය ගමණ මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    ඊලඟට ඔය කෝච්චි පාරෙ ගියෙ අපේ බොදු සිසු වැඩ වලට. ඉස්සෙලම අනුරාධපුරේට. ඒ යන්නෙ ගොඩක් වෙලාවට යාල් දේවියෙ. ඒත් ඒකාලෙ දේවි වවුනියාවට විතරයි යන්නෙ. අපි අනුරාධපුරෙන් බහිනව. ආයි එනකොට රැජිනෙ නැගල ඇවිත් මොරටුවෙන් බහිනව. එක දවසක් මම නයිට් මේල් එකේ ගිහින් අනුරාධපුරෙන් බහිනකොට මහ රෑ. නිදියන්න තැනකෞත් නෑ, යන්න එන්න තැනකුත් නෑ. අර ස්ටේෂනෙ එකේ ඉස්සරහ පඩිපෙළ යට බෑග් එක ඔළුවට තියාන සරමක් ඔතාගෙන නිදා ගත්ත, හිඬ්ගන්න වගේ.

    ඉන් පස්සෙ ගියා වෞනියා. ඒ යනකොට වවුනියාවෙ ස්ටේෂන් එකෙන් බැස්ස ගමන් ඇටේ ඉඳන් කටේ දත් වෙනකල් චෙක් කරල, මල්ල හලල එකින් එක පෙන්නල, අර හිල් වෙච්චි ජොකාල ඉරිච්චි මේස් එහෙම ආයි දාගෙන, රතු තුන්ඩුවත් අරන් තමයි ස්ටේෂමෙන් එලියට එන්න දෙන්නෙ. හැබැයි ඒ ආවම අපි පුතයො. මොකද එදා දඬුවම් මාරුවට එහෙ උන්නු අද උසස් පොළිස් ලොක්කෙක් එවනව ජීප් එකයි රාළහාමිල දෙන්නෙකුයි අපිට වැඩට.

    ඔහොම ගියපු කෝච්චි ගමණ නැවතුනේ, ඒක දවාසක් අපි ඇවිත් වවුනියාවෙන් බැහැල එලියට යන්න හදනකොටම ප්ලොට් එකේ උන් ඇවිත් පිස්සො වගේ ස්ටේෂමට T56 දෙක තුනක් උරුක්කු කරල බිත්ති හිල් කරල ගිය එකෙන්. වෙඩි හඬට මිනිහෙක්ගෙ හිතේ ඇතිවෙන භය හොඳිම්ම අත්වින්දෙ එදා. ඉන් පස්සෙ ඉඳල අපි කෝච්චියට යන්න කියල බස් එකේම වවුනියා ගියා.

    ඔය ගමන් වලදි වෙච්චි තව අටෝරාසියක් අමතක කරන්න බ්‍රිදේ තීනව. රවීගෙ මේ පෝස්ට් එක ඒ අතීතෙ දිගේ ආයි මාව එක්කරන් ගියා.

    මගෙ හිතේ බොහොම ලොකු ආසාවක් තියෙනව අපේ පවුලෙ කට්ටිය පොඩි උන් එක්කරගෙන ඔය යාපනේට කෝච්චියෙ යන්න, එදා මම වින්ද වගේ මතකයක් උන්ටත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      ස්තූතියි මචං මතක මංපෙත දිගේ අපිවත් අතින් අල්ලල එක්කගෙන ගියාට. ජීවිතේ ඔය වගෙ සොඳුරු අත්දැකීම් ආයම ආයම මතක් කරමින් රසවිඳීම වචනයෙන් කියන්න බැරි චමත්කාරයක්.......

      Delete
    2. @ සිංහයා,

      // ඉන් පස්සෙ ගියා වෞනියා //

      යකෝ වවුනියා කියන එක ඔහොම ලිවුවහම වවුනියාවට නම දාපු එකා පෞ කියලා උඹට හිතෙන්නෙ නැද්ද? :-D

      උඹ හොඳ වෙලාවට කෞරු කෞරුත් එක්ක ඩෞන් සෞත් ගිය හැටි ගැන ලිවුවෙ නැත්තෙ..

      Delete
    3. තොපිත් එක්ක බැහැ බං...බීපු එව්වා බහිනවා මේවට හිනාවෙලා...

      Delete
    4. Bura,

      / ඒක දවාසක් අපි ඇවිත් වවුනියාවෙන් බැහැල එලියට යන්න හදනකොටම ප්ලොට් එකේ උන් ඇවිත් පිස්සො වගේ ස්ටේෂමට T56 දෙක තුනක් උරුක්කු කරල බිත්ති හිල් කරල ගිය එකෙන්. /

      අර ප්ලොට් එකෙං ඇවිල්ල පට පට ගාල තියල ගිහිල්ල තියෙන්නෙ බං නිකං කහනවට නෙවෙයි. උං දැනගෙන ඉන්දිකයා වවුනියා වෙනුවට ලියන්නෙ වෞනියා කියලයි කියන එක. මූට දෙමළ තේරෙන්නෙ නෑනෙ. උං දෙමලෙන් කෑගහල ගිහිල්ල තියෙනවයි කියන්නෙ මෙහෙමයි " අඩ්ඩෝව්..තෝ ආයම වෞනියා කියල ලියල තිබුනොත් එහෙම බලාගනිං ....එදාට අපි බිත්තියට නෙවෙයි තියන්නෙ අරී?"

      Delete
    5. අඩෞ නාසි-බුරා,

      කෞද ඩෞ පෞ ක්‍යුවෙ වෞනියාව එහෙම ල්‍යුවට?


      මිස්ටර් රෞවි,

      උඹ දැන් කවද්ද ජනාධිපතිවරණෙ වැඩවලට ලංකාවට යන්නෙ?

      Delete
  15. මට නම් කෝච්චි මතක තියෙන්නේ නයිට් මේල් එකේ රෑ එළිවෙනකම් හපුතලේ යන ගමන් ගැන තමයි . යාල්දේවියේ නම් ගිහිල්ලම නැද්ද කොහෙද ... නයිට්මේල් එකේ ගිහින් පාන්දර ඉර පායනකොට කඳුකරේ තියෙන ලස්සන විඳින්න ආයේ යන්න ඕනේ ...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      යාපනෙත් යාල්දේවියෙන් යන්න මල්ලි පුලුවන් කමක් තියේනම්...ඒ අර 2009 යුද්දෙ දින්න ගමං වැල නොකැඩි යුද ජයග්‍රහණය සමරන්ට පොර කකා උතුරට ගියා වගෙ නෙවෙයි, ඇත්තටම යාපනේ දැකල දෙමළ ජන ජීවිතය අත් විඳල එන්න……

      ජැෆ්නා වන්දනාව

      මුහමලයේදි වෙයි ජුංඩක් ඇඹරෙන්ඩ
      දූවිලි වදී මුකවාඩම් ගෙනියන්ඩ
      කිලිනොච්චියෙදි කමු යටි බඩ හිරවෙන්ඩ
      කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ

      බය හිතෙනා නමුත් සොමි ගමනකි ඔන්න
      නාගදීපයට වේලාහන යන්න
      වාලම්පුරි තිබේ අඩුවට ගෙන එන්න
      තල් රා මඳ පමණ ගෙන නිවනට යන්න

      මුලූ රට පුරා සිරියාවයි එක හීයයි
      කලූ වර දුවයි අම්බානක හඳ පායයි
      මුලූ ගැන්නී මොකද කාටත් ජය පාටයි
      පුලූ පුලූවං එවුං හෙලූවෙං රජු ගාවයි

      කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ඩ
      ටාප්පයේ අලවා ඇත දත් ඇන්ඩ
      බට්ටෝ නැති පොළව ලං වී ලෙවකන්ඩ
      මහට්ටුරිනි ජැප්නා වැඳ ගෙන එන්ඩ


      ඒ යුද ජයග්‍රහණයෙන් පස්සෙ අපේ මිනිස්සු වැල නොකැඩී ගිය ජැෆ්නා වන්දනාව 2010 මාර්තු 15 වෙනිද ඩෝං පුතාට පෙනුනු හැටි....

      Delete
    2. අම්මපා රවී මේ ඩෝං පුතාව හොයලා දීපන්කෝ පොරට සූකිරි කැටයක් කටට දාන්න.

      ඔන්න ඕක තමයි අපේ මිනිසුන් නොදැක්ක සැබෑව. මම ඩෝං පුතා මතු කරන යටි අරුතට කැමැත්තෙමි. ඒ මුකුත් හින්දා නෙමෙයි බං..ඕකම තමයි වුනේ නිසා. මේවා කියන්න ගිහිල්ලා දත් නැතුව බත් කන සයිස් එකට ආවා. අද ඒ හාදයෝම කියනවා මචං අපි දැන් දත් නැතුව බත් කන්න ආසයි කියලා. කාටද බං කියන්නේ. අපි අල්ලගන්නේම වැරදි තැනින්..වැරදි කෝණෙන්..වැරදි වෘෂන කෝසෙන්

      ඩෝං ඩෝං පිටි කොටපං...ඩෝංගේ ගෑණි පිටි හලපන්.....ඔන්න ඔහොම තමයි රවියෝ ඕවා කියන්න ගිහිල්ලා අහගත්තේ.

      Delete
    3. හම්මේ රවි අයියේ.. මටත් ඔය ඩෝං පුටාව හොයා ඩීහංකෝ... :D
      නැහැ නැහැ කටේ මොකවත් ඔබන්ට නෙවෙයි... රනිල් අයියගේ සාම ගිවිසුම දවස්වල වන්ඩනාවේ ගිය අය ගැන ලිව්ව කවි සැට් එක ඉල්ලගන්ට... :D

      Delete
    4. හා හා හෝ මාහෝ.....පිට පනින්න එපා...මේ කියන්නේ වෙන එකක්..කියන හැම දෙයක්ම මාහෝ කෝච්චියට දාගන්න ඒපා. ඉස්සෝ වඩෙයි, ඉස්සෝ නැති වඩෙයි ගණන් දෙකක්...එක ගානට විකුනන්න ගියොත් වැඩේ ලෙඩේ වෙනවා..

      පේනවා දැන් ඉස්සෝ දෙන්නා දෙන්නා දාලා තමයි වඩේ හදන්න සුදානම කියලා. මහෝ කෝච්චියේ වෙලෙන්දෝ දැන්ම රෙඩි වගේ..ලාබයි..ලාබයි..ලාබයී...මෙව්වා නිකන් ඉස්සෝ වඩේ නෙමෙයි...ඩබල් ඉස්සෝ වඩේ...

      මාරයෝ උඹේ කමෙන්ට් එක යටින් වැටුනාට උඹට නෙමේ කිව්වේ හොඳේ..

      Delete
    5. මා.හෝ.,

      පොරක් ඔන්න ගියාලු පොලිසියට පැමිණිල්ලක් කරන්ට....

      " සාජන් මහත්තයො...මම මේ පැමිණිල්ලක් කරන්ට ආවෙ... ..මේ අර කමතවත්තෙ අජියා තමයි මුලු ගමටම කසිප්පු බෙදන්නෙ...රාළහාමිල හවසක වට කලොත් අතටම අල්ලගත්තෑකි."

      දැන් පොලීසිය මොකක් කරන්ඩ ඕනය කියලද උඹ හිතන්නෙ? කාටත් තේරෙන විදිහට යුක්තිය සහ සාධාරණත්වය අනුවනම් මේ මනුස්සය කරපු පැමිණිල්ල ඇත්තක්ද කියල විභාග කරල ඒ අනුව පැමිණිල්ල ඇත්තක් නම් අජිය අල්ලගෙන ඇවිල්ල කූඩු කරල නඩු දාල ඒ අදාල කටයුතු කෙරෙන්ට ඕමනයිනෙ...නෙවද?.. හෙහ්,හෙහ්, ඒත් දන්නවද සාජන් මහත්තය කියන්නෙ මක්කද කියල?

      " මේ මගෙං කුණුහබ්බ නාහ පළයං යන්ට..ආව මෙතන පැමිණිලි කරන්ට ..උඹට ඇට තලාගන්ට ඕන වෙලාද? ඔයිට කලින් කසිප්පු ජාවාරම කලේ අඹගහගෙදර විල්බා නේද? උඹ ඒක නොදැන ඉන්ට විදිහක් නෑනෙ..කෝ ඒ දවස්වල උඹ ආව පැමිණිලි කරන්ට? හුහ්...පල පල යන්ට නිකං අපට පව් නොදී…"

      දැන් මලේ මෙතන මතුවෙන ප්‍රශ්න කීපයක් තියනව.

      1. මනුස්සයෙක් පැමිණිල්ලක් කලාම ඒක ඇත්තද බොරුද කියල හොයා බලන එක නේද කෙරෙන්න ඕන.

      2. එහෙම නැතුව " කෝ උඹ මීට කලින් අරුංට විරුද්ධව පැමිණිළි කලේ නෑනෙ" කියල කිසිම පදනමක් නැති තර්ක ගෙනල්ල අදාල ප්‍රශ්නය යටපත් කරන එක හරිද?

      3. අර මනුස්සය විල්බට විරුද්ධව පැමිණිලි නොකලෙ හේතු කීපයක් හින්ද වෙන්ට පුලුවන්. එකක් මිනිහ විල්බගෙ යාලුවෙක් වෙන්ට පුලුවන්. නැත්තං ඒ දවස්වල මිනිහ ගමේ නොහිටියා වෙන්න පුලුවන්..ඒත් නැත්තං ඒ දවස්වල සුලු පරිමානෙං කෙරිච්ච කසිප්පු බිස්නස් එක දැන් අජියා මහා පරිමානෙං කරන නිසා වෙන හානිය විසාලයි. ඒ නිසා මේක නවත්තන්න ඕනය කියල මිනිහට හිතුන වෙන්න පුලුවන්.

      4. ඒ මොන හේතුව හින්ද හරි පොලීසිය අහන ප්‍රශ්නය; ( " කෝ උඹ කලින් කරපු පැමිණිලි?" ) සාධාරනීකරණය කරන්ට පුලුවන්ද?

      Delete
    6. පොච්චියේ ඔයාකාර විස්තරයක් උවමනා නැහැ.. මට කියන්න ඕන උනේ මෙච්චරයි...
      ඔය කොයි ඩෝං පුතත් ලියන්නේ තමන්ට ඕන පැත්තට හුරේ දම්මවන්න මිස තමන් අකමැති පැත්තට හුරේ දම්මන්ට නොවන බව.. එහෙම පැත්තක් බදාගෙන හුරේ දාන ඩෝං පුතාලගේ ඩෝං වල තියෙන්නේ නිකංම නිකං ඩෝං විතරයි.. ඔව්වා මහා ඩෝං වෙන්නෙත් ඩෝං එක තමන්ටම උවමනා අතට ඩෝං වෙලා තියෙනවා දැකලා හිත සංතෝස වෙන පිරිසකට විතරයි කියන්නයි.. එහෙම නැතිව මිනිස්සුන්ට නොපෙනෙන මහා ඩෝං එකක් ඕවා අස්සේ නැහැ.. ඕකත් නිකංම නිකං ඩෝං විතරයි...

      මොකද ඔය ඩෝං පුතාලයි.. ඩෝං පුතාලගේ ඩෝං වලට ඩෝං වෙන පුතාලයි 2002ට කලියෙන් හිටියේ නැතිවා කියලෑ.. :D
      (ටිකක් හරි බාර ගතෑකි 3 වෙනි අංකේ පලවෙනි කොටහා..)

      හා හා ඔය ඇති.. :D

      Delete
  16. කොහොම කොතන ලියවුනත් අනුරාධපුරේ ගැන ඇහැනකොට පපුව පිරෙනවා..සමහර දවස්වලට මගේ කෑගල්ලේ ප්‍රැක්ටි එකට යනකොට වේයන්ගොඩදි රේල් ගෙට් එක ලගදි වව්නියා යන කොච්චිය දකිනවා.. මට වාහනෙන් බැහැලා දුවලා ගිහින් ඒකේ එල්ලිලා මගේ ප්‍රන්තේට යන්න හිතෙනවා..
    තවමත් මම නිවාඩුවට ගෙදර ගියාහම සරම ගහගෙන නල්ලච්චිය වැවට යනවා යාලුවෝ එක්ක වැව මැද දුපතට ගිහින් ගල් බෝතල් දෙකක් තුනක් බිලා හෙලුවැල්ලෙන් නානවා ගස් උඩ ඉදලා වැවට බල්ටි ගහනවා..
    මම ගමට ගියාම යාලුවන්ට මම මෙන්ඩා විතරමයි...
    ඔයාගේ ලියවිල්ල මගේ ඇස් දෙකට කදුලු ගෙනවා...එල ද බ්‍රා...

    ReplyDelete
    Replies
    1. හෙලුවෙන් නානකොට ජුන්ඩාගේ කූඩැල්ලෝ එල්ලෙන්නේ නැද්ද බං...

      Delete
    2. රවි
      පරන මතක අවුස්සන එක නම් හොඳ වැඩක්.මට නම් ඔය යාල් දේවිගෙ කන්කසන්තුරේට යන්න වාසනාව තිබුනා.අපේ ලොකුතාත්තගෙ පුතෙක් කන්කසන් තුරේ පොලීසියෙ හිටියා 80 විතර.ඉතින් තාත්තගෙ වොරන්ට් වලින් අපි ගියා කේ.කේ.එස්.ඒ අයියා තමයි සියලුම පහසුකම් සැලසුවෙ, උදේ 5.45 ට පිටත් වෙලා දවල් දෙක විතර වෙනකොට කේ.කේ.එස් යනවා.හැබැයි දැන් වගෙ ඔය ඉන්දියන් හරි චීන හරි පවර් සෙට් නෙමෙයි රුමේනියන් පෙට්ටි සමග බොහොම ආඩම්බර කැනඩියන් එන්ජිමක් සහිත කෝච්චියක් යන්නෙ.මට නම් පවර් සෙට් එක නිකම් කෝච්චියක් නෙමෙයි වගෙ.වෙන රටවල නම් දැන්
      Diesel multiple units ක්‍රමය තියනවා.හැබැයි ඉතින් මැදවච්චිය පහුවුනහම තනිකරම වගෙ ඉන්නෙ දෙමල අය තමයි.මට නම් මතක උදේ 5.45 ට යන්නෙ යාල් දේවි ඊට පස්සෙ දහයට වගෙ යනවා උත්තර දේවි වගෙයි. ආයි රෑ මේල් එක.මොකද ඔය කෝච්චියෙ පෙට්ටියක ලොකුවට නම ගහලා තිබුනා.අනුරාදපුරේ නම් සෑහෙන ගමනක් ගිහින් තිබුනත් එතනින් එහාට ගියෙ ඔය ගමන තමයි.

      මටත් හෙන්රිට වගේ ටිකක් මඤ්ඤං වුනා අර කාර් වල විස්තරේට හැබැයි කියවන් යනකොට තෙරුනා මේ සුලෝහිතේ නෙමේ කියලා.
      හෙන්රි
      මචං බයෝ ජයවර්දන සර්ට බයික් එකක් තිබුනද? මට නම් මතක නෑ. උඹ ඔය කියන ලැම්බ්‍රෙටා එක තිබුනෙ කුලවංශ සර්ට.කාලිදාස සර්ට තිබුනා ඒ 40 ෆරීනා එකක්.ඔය හොස්ටල් එක ලඟ නතර කරල තිබුන ජේ,ඒ.ජේ.පෙරේරා සර්ගෙ ෆෝඩ් ප්‍රිෆෙක්ට් එක දවසක් කොල්ලො ටිකක් හොර යතුරක් දාල අරගෙන ගිහින් රවුං ගහල ඇවිත් මේන් ඔ‍ෆිස් එක ලඟ තියලා ලොකු ගිනි විජ්ජුම්බරයක් වුනා අපේ කාලෙ.

      පද්මකුමාර

      Delete
    3. Sanjeewa,

      / කොහොම කොතන ලියවුනත් අනුරාධපුරේ ගැන ඇහැනකොට පපුව පිරෙනවා /

      ඇත්ත බං..මගෙ ජීවිතේ අවුරුදු 9 මම හිටිය අනුරාධපුරේ, මගෙ පළවෙනි රස්සාව කලේ එහෙ. මගෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ඒ ගතකරපු ජීවිතේ.....

      / හෙලුවැල්ලෙන් නානවා /

      පිස්සුද බං? නල්ලච්චිය වැවේ ඉන්නව බං හුංගො....දන්නවනෙ හුංගො නේද? පුකට එහෙම ඇන්නොත් මාස තුනක් මුනිං අතර තමයි බුදියන්ට වෙන්නෙ. හෙහ්,හෙහ්, ඔන්න අයියල දැනගෙනත් මෙව්ව අපට කියල දුන්නෙ නෑ කියල එහෙම කිව්වොත් කියලයි මම මේ උඹට කියන්නෙ...

      මාදු ගඟේ නාන්ට ගිහිල්ල , ( තව හෙලුවෙනුත් නෙවෙයි ඒ නං ) හුංගෙක් හින්ද වෙච්ච අල කලංචියක් මේ.

      මාදු ගඟේ මම නා…...න වෙලාවේ,
      ගැඹුරු දියේ සිට පාවි නොතේරි,
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      මාදු ගඟේ මම නාන වෙලාවේ,
      ගැඹුරු දියේ සිට පාවි නොතේරි,
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      මාදු ගඟේ මම නාන වෙලාවේ,

      වරල සැලී සුලි කැරකී,
      ආවෙ ඇදී ඌ වෙතට මගේ,
      වරල සැලී සුලි කැරකී,
      ආවෙ ඇදී ඌ වෙතට මගේ,
      හැදුවා…...හැදුවාට යන්නට බේරී බේරී,
      ආවානෙ මේම හූංගා ආ ආ ආ ආ .....
      ආවානෙ මේම හූංගා ආ ආ ආ ආ .....
      මාදු ගඟේ මම නාන වෙලාවේ,

      සිත කැළඹී කලබලවී,
      බිය වැඩිවී මට වතුර පෙවී,
      සිත කැළඹී කලබලවී,
      බිය වැඩිවී මට වතුර පෙවී
      හැදුවා…...හැදුවාට යන්නට බේරී බේරී,
      ආවානෙ මේම හූංගා ආ ආ ආ ආ .....
      ආවානෙ මේම හූංගා ආ ආ ආ ආ .....
      මාදු ගඟේ මම නාන වෙලාවේ,
      ගැඹුරු දියේ සිට පාවි නොතේරි
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      ආවානෙ මේම හුංගා ආ ආ ආ ආ ආ
      මාදු ගඟේ මම නාන වෙලාවේ,

      Delete
    4. Aru,

      / හෙලුවෙන් නානකොට ජුන්ඩාගේ කූඩැල්ලෝ එල්ලෙන්නේ නැද්ද බං…/

      පිස්සුද බොල? මහ රජ්ජුරුවො කාලෙකට පස්සෙ දැක්කම දණ ගහල වැඳ නමස්කාර කරනව මිසක ඇඟේ එල්ලෙන්ට යනවද අවසේස උදවිය?

      Delete
    5. මෙන්ඩියෝ.....බොට හොඳ වැඩේ කොළුවෝ හෙලුවෙන් වැවට පැන්නට. යකෝ හුංගෝ අනිනවා ඉවසතෑකි...මේ කතානේ ඉවසන්න බැරි.

      Delete
    6. Kumara,

      / රුමේනියන් පෙට්ටි සමග බොහොම ආඩම්බර කැනඩියන් එන්ජිමක් සහිත කෝච්චියක් යන්නෙ. /

      ඔය කැනේඩියන් එන්ජින් 1975 ලංකාවට ගෙන්නල තියෙන්නෙ. නම M4..කුමාර මතකද එව්වගෙ දෙපැත්තෙ වානේ තහඩුවක එන්ජිමේ නම ගහල තිබ්බ. මඩු, ලක්ෂපාන්, දියළුම, දුන්හිඳ, මහවැලි මට හොඳටම මතක නම් කීපයක්,

      මමත් දුම්රිය ගැන බොහොම උනන්දු Train Buff කෙනෙක්. මගෙ ගෙදර තියෙන්නෙත් පේරාදෙණිය ස්ටේෂන් එකේ ඉඳල බොහොම කිට්ටුව. උඩ තට්ටුවට නැග්ගම උඩරට මැණිකෙ බදුලු යනව පේනවා මේ අත ලඟ වගෙ.

      මේ M 4 එන්ජිමක් ධාවනය වන අන්දම ....,

      M 4 එන්ජින් ගැන වැඩි විස්තර මෙතන තියෙනව.

      / උඹ ඔය කියන ලැම්බ්‍රෙටා එක තිබුනෙ කුලවංශ සර්ට. /

      අන්න හරි, ස්තූතියි කුමාර, මට සර්ගෙ නම අමතක වෙලයි තිබුනෙ. දැං මතක් උනා සම්පූර්ණ නමම. කේ. ඒ. ජී. කුලවංශ....හරි. සූලොජි වලට කප් ගහල හිටියෙ ඒ දවස්වල. සතර පත්තරේ මතකද? සතරට සත්ත්ව විද්‍යාව ගැන ලිපි ලිව්වෙ කුලවංශ සර්,

      Delete
    7. @Kumara ඔව් මචං. ජයවර්දන ලොක්කගේ බයික් BSA Bantam එක නවත්තන්නේ ලැබ් එකේ (නෑ ඒකට මූණ දාපු අනිත් බිල්ඩිමේ) කොරිඩෝවේ පඩිපෙල යට)

      මචං සර්ලා කාර් වල එනවා අඩුයි කිව්වට ඒ කාලේ සමහර දවස් වලට කාර් වල ඉස්කෝලේ එන කොල්ලොත් හිටියා සමහරදවස්වල. (නූර්ටෙක්ස් ගාමන්ට් එක අයිතිකාරයගෙද කොහෙද) හිටියා නිවුන්නු දෙන්නෙක්. උන් දෙන්න එන්නේ ස්ටේෂන් වැගන් එකක. එතකොට දීපාල් පීරිස් කියලා එකෙක් හිටියා තාත්තා ලංකා රාණි නැවේ ඉන්ජෙක්. ඌ එන්නෙත් කාර් එකේ සමහර දවස් වල.

      බිග් මැච් කාලෙට සෑහෙන දෙනෙක් වාහන උස්සං එනවා.

      Delete
    8. රවි
      මම කිව්වෙ M4 එන්ජින් ගැන නෙමෙයි M2 එක ගැන ,මේකටම ආවේනික 2 stroke ඩීසල් එන්ජිමේ සද්දෙයි හෝන් එකයි අමතක නොවෙන දෙයක්.මේ එන්ජින් 14 නම් කරලා තිබුනෙ කැනඩාවෙ ප්‍රාන්ත 12 හෙ නම් වලින් .කොලඹ ක්‍රමය යටතේ ආධාර යටතේ ලැබුන ඒවානෙ.මෙන්න your WORDS තියනවා හොඳ විස්තරයක්.හැට වසරක අද්විතීය සේවය

      Delete
    9. මරු සිංහල බ්ලොග් එකක් තියෙනවා කෝච්චි ගැන. උන් කෝච්චි පිස්සෝ. ටෙක්නිකල් පැත්ත, සෞන්දර්ය පැත්ත සියලු දේ. ගොඩාක් ලියන්නේ සීජීආර් පොරවල්. මගේ මිත්‍රයෙක් ලියනවා නිලුපුල් වික්‍රමගේ කියලා ඒකේ. මට බ්ලොගේ නම මතක නැහැ. කෝච්චි පිස්සුවට එතන බෙහෙත් තියෙනවා.

      Delete
    10. අඩෝ ඒක නේන්නම් ඉන්දික. තැන්ක් යු .

      Delete
    11. අරූ,

      ඇයි බං මම අර කුමාරට දාපු කමෙන්ට් එකේ දෙවෙනි ලින්ක් එකත් ඔය Loco Lanka වෙබ් එකට තමයි..:)

      Delete
    12. Dude,

      / ජයවර්දන ලොක්කගේ බයික් BSA Bantam එක නවත්තන්නේ ලැබ් එකේ (නෑ ඒකට මූණ දාපු අනිත් බිල්ඩිමේ) කොරිඩෝවේ පඩිපෙල යට /

      හෙන්රි, මචං පුස්තකාලෙට යන්නෙ ඔය ලී පඩිපෙල නැඟල නේද?

      Delete
    13. Ravi....මම ඒක දැක්කේ නැහැ මචෝ....

      Delete
    14. @Ravi: >>හෙන්රි, මචං පුස්තකාලෙට යන්නෙ ඔය ලී පඩිපෙල නැඟල නේද?<<

      ඔව් මචං. ඒ O/L Chem, Bip, Phys labs තිබ්බ බිල්ඩිං එකනේ. ඒකේ උඩ තට්‍ටුවේ තමයි ලයිබ්‍රරි එක. බයික් එක තිබ්බේ ඒකට මූණ දාලා තිබ්බ, අනිත් ඒකෙම නිවුන් සහෝදර බිල්ඩිමේ පඩි පෙල යට. ප්‍රයිමරිය පැත්තේ ඉඳලා ඇතුල්වෙනකොට වම් පැත්තේ.

      Delete
    15. හෙන්රි
      ඔය කියන බිල්ඩිමේ යට තිබුනෙ O/L labs.උඩ තට්‍ටුවෙ හොස්ටල් එක සහ ලයිබ්‍රරිය.අනිත් පැත්තෙ තිබුන ඒ වගේම බිල්ඩිමේ යට තට්‍ටුවෙ තිබුනෙ ගුරු විවේකාගාරය සහ A/L labs උඩ තට්‍ටුවෙ A/L Science classes.

      Delete
  17. කොරන්න බෑ නේ ඉතින්. කැන්ටිමක් මතක් කරලා කරපු හරියක්...අපේ එකේනම් තිබුනා වඩේ, රෝල්ස්, උළුඳු වඩේ (එච්චර රහට හදපු උළුඳු වඩයක් මට වෙන කොහෙන්වත් හම්බ වෙලා නෑ), පැටිස්, පෑන් කේක්, බනිස්....හැබැයි ඉන්ටවල් ඉවර වෙද්දී කැන්ටිමේ ඉතුරු වෙන්නේ අර පැණි කජු කෑලියි කිරි ටොපියි අරවා මේවා ටිකක් විතරයි. අහ්හ් ඉඳි ආප්ප මුලුත් තිබුනා පොලිතින් එව්වා.

    කොහොමත් ඉතින් කැන්ටිමෙන් කෑමක් ගන්නනම් ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකක යන්න ඕනේ. නැත්නම් තැලිලා මැරෙන්න තමයි වෙන්නේ. අපේ කැන්ටිමේ හිටියේ අක්කා කෙනෙක්. අක්කේ වඩේ තියද? අක්කේ අද රෝල්ස් ආවේ නැද්ද? ඔහොම තමයි අහන්නේ. එක සැරයක් ටික දවසකට වෙන අක්කා කෙනෙක් ඇවිත් හිටියා. එයා ටිකක් කොල්ලෙක් වගේ...අපේ යාලුවෙක් කෑම ගන්න ගිහින් එයාගෙන් ඇහුවේ නැතෑ අක්කෙ 'ටෙස්ටස්ටෙරෝන්' නැද්ද? කියලා...

    ReplyDelete
    Replies
    1. සයුරි,

      කැන්ටින් මතක...පාසල් අවදියෙ තවත් එක සොඳුරු ආවර්ජනයක්..... ටෙස්ටස්ටරෝන් කතාව මරු...ඉතිං ඒ අක්කා මොකෝ කිව්වෙ?...හෙහ්,හෙහ්,

      Delete
    2. //එච්චර රහට හදපු උළුඳු වඩයක් මට වෙන කොහෙන්වත් හම්බ වෙලා නෑ)//
      සයුරි දන්නවද අපේ ටක් එකේ පැටිස් එක වගේ රස පැටිස් එකක් ඊට පස්සෙ මට අද තව වෙනකල් කන්න ලැබිල නෑ.

      Delete
    3. අන්න ඒකනේ කියන්නේ. මම මුලින්ම උළුඳු වඩයක් කෑවේ කැන්ටිමෙන් තමා. ඉතින් ඒ රහ තමා මට නියම රහ හැටියට දැනෙන්නේ. සමහරවිට හැලපයියගේ පැටිස් එකත් එහෙමද දන්නේ නෑ.

      Delete
    4. සයුරි,

      යස් මැඩම් ඔබ හරි...ඔහේ ජීවිතේ ඉස්සෙල්ලම උලුඳු වඩේ සහ හැලප ජීවිතේ ඉස්සෙල්ලම පැටිස් කාල තියෙන්නෙ ඉස්කෝලෙ කැන්ටිමෙන්..ඒකයි අර ඒ රහ අමතක නොවෙන්නෙ. ප්‍රථම ප්‍රේමය වගේ තමයි.

      First Love - I wrote your name in the sky, but the wind blew it away. I wrote your name in the sand, but the waves washed it away. I wrote your name in my heart, and forever will it stay.

      Delete
  18. මේ ආණ්ඩුව කිව්වත් වගේ යුද්දෙන් පස්සේ කරපු හොඳම වැඩේ තමයි ඔය කොච්චි පාර හදපු එක. අධිවේගී පාරවල් හදනවාට වඩා වටිනවා රට වටේ කොච්චි පාරක් හැදුවා නම් නැද්ද මං අහන්නේ ?

    කොහොම වුනත් ඔය කෝච්චියක මම මුලින්ම ගිහින් තියෙන දුරම ගමන තමයි අනුරාධපුරේ අම්මලා ගේ ගමේ ස්කොල නිවාඩුවට ගිය ගමන.උදේ 5.55ට කොටුවෙන් ගිය කෝච්චිය යාල් දේවි ඕනේ,ඕකේ තමයි ගිහින් තියෙන්නේ.

    රවීයියාට මතකද අනුරාධපුර කිට්ටු වෙනකොට තියෙන කලු පාලම කියන එක.අර රේල් පාරත් එක්කම තියෙන පාලම.ඔන්න ඔය පාළමේ ඔලුව වැදිලා සැහෙන්න ප්‍රමාණයක් මැරිලා තියෙනවා කියලා අපේ ආච්චි කියනවා මතකයි.පස්සේ කාලෙක නම් අනුරාධපුරේ කොයි තරම් ගියත් කොච්චි වල නම් ගියේ නැහැ.මොකද බස් එකේ ගියාම ගේ ඉස්සරහින්ම බහින්න පුළුවන් නිසා.
    මෑතක නම් කොචියේ කොහොවත් ගියේ නැහැ.අන්තිමට ගියේ මම හිතන්නේ අවුරුදු දෙකකට කලින් වගේ වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / රවීයියාට මතකද අනුරාධපුර කිට්ටු වෙනකොට තියෙන කලු පාලම කියන එක.අර රේල් පාරත් එක්කම තියෙන පාලම.ඔන්න ඔය පාළමේ ඔලුව වැදිලා සැහෙන්න ප්‍රමාණයක් මැරිලා තියෙනවා කියලා අපේ ආච්චි කියනවා මතකයි.?

      එහෙම කතාවක් මාත් අහල තියනව මල්ලි, ඔය පාලම තියෙන්නෙ තලාව සහ ශ්‍රාවස්තිපුර අතර...විසාල වංගුවක් ඉවරවෙනවත් එක්කම තමයි ඔය පාලම තියෙන්නෙ. දුම්රිය යන වේගෙට ලොකු වංගු වලදි සෑහෙන්න පැද්දෙනව. ඒ පැද්දීමත් එක්ක දොරේ එල්ලිල යන මිනිස්සු පාලමේ යකඩ ගරාදිවල වදිනව කියලයි කියන්නෙ. කොහොමහරි පස්සෙ මට මතකයි ඒ වංගුවෙ කෝච්චිය බොහොම හෙමිහිට ධාවනය වුනේ.

      Delete
    2. රවි
      ඔය කලු පාලමේ වැදිලා මිනිස්සු මැරෙන්නෙ ඒ පාලමේ පලල අඩු නිසා.දෙපැත්තෙ ගරාදි සහ කෝච්චිය අතර ඉඩ අනිත්වට වඩා අඩුයි.

      Delete
    3. කුමාර,

      අහ්..එහෙමත් එකක්ද? ඒත් ඔව්වයෙ තියනවනෙ නියමිත දිග පළලක් නේද? ස්ටෑන්ඩර්ඩ් එකක්..ඒත් ඉතිං ඔව්ව හදන්නෙත් පෘථග්ජන මිනිස්සුමනෙ නේද? අත්වැරදීමක් වුනාද කවුද දන්නෙ? මේ දෙකක් වගෙ දාල හිටිය වෙලාවක ..හෙහ්,හෙහ්,

      Delete
  19. රජරට රැජින, යාල් දේවි මේ දෙකත් එක්ක තියන සුන්දර මතක අප්‍රමානයි. කෝච්චි වල විකුනන වඩේ ඒව පුදුම රසක් තිබුනෙ.
    කොටුවෙන් ගහපු කාලෙ පවර් එක බැස්සම, ඊලගට මහව බාර් එකේ පිහිට තමයි. උතුර දකුණ යා කරන්නත්, මාරු කරන්නත් තිබුන යාල්දේවි එකේ බාර් එකක් දැම්මනම්.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / උතුර දකුණ යා කරන්නත්, මාරු කරන්නත් තිබුන යාල්දේවි එකේ බාර් එකක් දැම්මනම්./

      හෙහ්, හෙහ්, කතාව සීයට සීයක්ම ඇත්තම ඇත්ත...

      Delete
  20. දිග... කොමෙන්ට් එකක් කෙටුව රවී අයියා.. ආසාවෙන් ලියන්න.. මේ සින්ග්ලිශ් ට්‍රාන්ස්ලිටරේටරේ.. %^&^%$*.. අත් වැරැද්දකින් රිසෙට් එබුනනේ.. කොහොම හරි ඒ කතාව කියන්නම ඕනි.. මං ආයේ එනව..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,

      එහෙම බාධක ආවට සැලෙන්න එපා මල්ලි, :)

      Delete
  21. ///අනුරාධපුර, මැදවච්චිය, වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන්, පලෙයි, කොඩිකාමම්, චාවකච්චේරි, නාවක්කුලි, යාපනය, කොන්ඩාවිල්, චුන්නාකම් සහ කන්කසන්තුරේ///

    කෝච්චිත් එක්ක මගේ තියෙන්නෙ ලේ නෑ කමක්.. මුත්ත..තාත්ත.. බාපපා.. ඔක්කොම රේල්ලුවේ.. කොහොම උනත් නෑයෝ වේයෝ කියනව වගේ ඔය රේල්ලුවම තමයි මුල් වුණේ පස්සේ කාලෙක අපිට විඳින්න උනු දුක් කරදර බොහෝමෙකට.. ඒ ප්‍රධාන දුම් රිය නියාමකයෙක් විදියට තාත්තට තිබ්බ නිදහසෙන් හා අනිත් පහසුකම් වලින් ඔද්දල් වෙලා බෝතලේට ප්‍රේම කරන්න ගත්තට පස්සේ.. දිග කතා නිසා ඒවා වෙනම කියන්න ඕනි..

    ඔය උඩින් කියපු ස්ටේශන් වල නම් මට මතක තිබුනේ කෝච්චියේ යද්දි අහලම නෙවෙයි.. ගෙදරදි අහල.. ඒ වගෙ අදටත් වෙන්කරන්න බැරි තැන් දෙකක් තමයි රේල්ලුවයි අපේ ගෙදරයි..

    තාත්තගේ අන්තිම සේවා ස්ථානයත් අපේ ස්තීර නවතැනත් වූ පළාත නිසා දේවී ලට වැඩිය මට සමීප උනේ මැණිකේ ල.. ඒත් යාල් දේවී ගැන අමතක නොවන මතක තුනක් තියෙනව නොකියම බැරි..සමහර විට මේ තුනම යම් ආකාරයක වාර්ථා වෙන්නත් පුළුවන්.

    පළවෙනි එක.. තාත්තත් එක්ක යාල්දේවී එකේ වැඩ කරපු රියදුරු HR අන්කල් ගැන.. එහෙම නැත්නම් දිවංගත කීර්තිමත් දුම්රිය රියදුරු එච්. ආර්. පෙරේරා මහතා ගැන.. ඔහු තමයි එකල හිටපු වේගවත්ම දුම්රිය රියදුරා.. යාල්දේවිය පැයට හැතැම්ම 100ක වේගයෙන් ධාවනය කිරීම ඔහුගේ විනෝදාංශයලු..

    දෙවැනි එක කුප්‍රකට වාර්ථාවක්.. අපේ තාත්තගෙන්.. යාල්දේවිය පුලියන්කුළමත් මාන්කුළමත් අතර මග නවතා විනාඩි හතලිස් පහකට වැඩි කාලයක් 'රා' සොයා යාම (හෝ වෙන අයෙකු යැවීම ).. මාස තුනකට ආසන්න කාලයක් ගෙදර හිටිය (පළවෙනි කේස් එක ) 'ඉන්ටඩික්' වෙලා..

    තුන්වෙනි එක සංවේදී වාර්ථාවක්.. ඒකත් අපේ තාත්තගෙන්මයි.. දවසක් සිංහල අවුරුද්දට ලිප ගිනි මොළවනකොට අම්මගේ සාරියට ගිනි ඇවිලිලා.. තාත්ත ගෙදර ඉඳල නෑ වැඩ. හැමෝම කියල තියෙනව සුවාමියාට අපලයි එහෙම උනාම කියල.. ඉතිං කලබල වෙච්ච පාර අම්ම එදා හවසම ලොකු අයියවත් ලෑස්ති කරගෙන ගිහින් තාත්තව හොයන්න.. තාත්ත එතකොට වැඩ කරල තියෙන්නෙ අනුරාධපුර කන්කසන්තුරය අතර.. මං හිතන් නෑ කවුරුවත් මගෙන් අහයි කියල 'ඉතින් තාත්තගේ මොබයිල් එකට කෝල් එකක් දීල බලන්න තිබ්බනේ' කියල.. මේ කියන්නෙ හැත්තෑව දශකයේ මුල.. ලෑන්ඩ් ෆෝන් එකක් දෙකක් ඉඳල හිටල තිබ්බත් ඊට ඉක්මණින් බණ්ඩාරවෙල ඉඳල කෝච්චියේ කන්කසන්තුරේට ගිහින් බලල එන්න පුලුවන් තරම් දියුණු දුම්රිය ප්‍රවාහන සේවයක් වගේම පොඩි ලමයෙක් එක්ක තරුණ කාන්තාවකට ඒ වගේ ගමනක් බය නැතුව ගිහින් එන්න පුළුවන් තරම් සුන්දර වට පිටාවකුත් ඒ දවස් වල තිබුන(ලු).
    පහුවෙනිද උදේ කන්කසන්තුරෙන් බහිනකොට ලොක්ක ඉන්නවලු අතපය ඔක්කොම බැන්ඩේජ් කරගෙන 'රනින් බන්ගලෝ' එකට වෙලා.. කලින් දවසේ නැකත් ලබන වෙලාවේ ලොක්ක ඉඳල තියෙන්නේ යාල්දේවියේ කන්කසන්තුරේට එන ගමන් ඔන් ඩියුටි. තව නිවාඩු නැතිව හිටපු එකෙකුත් දාගෙන කරටිය කැඩෙන්න ගහල තමයි ඉඳල තියෙන්නේ. නැකතට රතිඥ්ඥ පත්තු වෙන හඬට ලොක්කට ගෙදර මතක් වෙලා..
    "ගෙදර සතුටින් ගෑනු දරුවොත් එක්ක ඉන්න ඕනි වෙලාවේ මං මෙතන මොකෙක්ද වගේ බීගෙන.. වැඩක් නෑ මචන් මේ ජීවිතේ.. මං පනිනව" දඩස්...
    යාළුවාට හිතා ගන්නවත් වෙලා නෑ මොකද උනේ කියල.. දඩ බඩ ගාල දන් වැල ඇදල කෝච්චිය නවත්තගෙන ගිහින් බලනකොට ඉන්නවලු තුන් කුදු ගැහිල මානා පඳුරු ගාලක.. අතපය ඔක්කොම කැපිල ලේ පෙරා ගෙන.. තව තත්පර දෙකක් එහෙ මෙහෙ උනානම් වදින්නේ පාලං ගැට්ටෙලු.. එහෙම උනානං උඹල කාටවත් මේ කතාව අහන්න වෙන්නෙත් නෑ.. මොකද මං එතකොටත් ෆැක්ටේරියෙන් එළියට දාල නෑනේ..

    වාර්ථාව තමයි.. පැයට හැතැම්ම 100ක වේගෙන් යන යාල්දේවියෙන් පැනල පන බේර ගත්ත එකම *කා..
    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ස්තූතියි මිත්‍රයා දීර්ඝ අටුවාවට.....බොහොම ආසාවෙන් කියෙව්වා..නරකද ඔය විස්තර නිකමට වගෙ බ්ලොග් එහෙක ලියන්ට ගත්තොත්..ඔබට තියනව මට පේන්නෙ අත්දැකීම් කප්පරක්..ඒ වගේම ලිවීමේ හැකියාවකුත්....:)

      දුම්රිය හා බැඳුනු දීර්ඝ පාරම්පරික ඉතිහාසයක් තියනව මටත්...අපෙ අම්මගෙ අප්පච්චි වැඩකලේ රේල්ලුවෙ. සුද්දගෙ කාලෙ ඔය දුම්රිය කතාවක් තිබ්බෙ නෑ. දුම් රිය කියන්නෙ මට මතක විදිහට කුමාරතුංග මුණිදාස මහත්තයගෙ වචනයක්...එයිට කලින් මිනිස්සු කිව්වෙ රේල්ලුව. නැත්තං කෝච්චිය . එහෙමත් නැත්තං සීජීආර්රෙක. රේල්ලුවෙ දීර්ඝ කාලයක් හොඳ කල්ක්‍රියාවෙන් සේවය කලාම ඒ කාලෙ සුද්ද දීල තිබ්බ වරප්‍රසාදයක් වගෙ එකක් තමන්ගෙ පුතාලට රේල්ලුවෙ තනතුරු වලට බඳවා ගද්දි ප්‍රමුඛස්ථානය දෙනව. ඒ වරප්‍රසාදය අනුව අම්මගෙ අයියණ්ඩිල තුන්දෙනෙක් වැඩ කලා රේල්ලුවෙ. ඒ එක මාම කෙනෙක්ගෙ පුතාලත් දෙන්නෙක්ද කොහෙද තාමත් වැඩ කරනව දුම්රිය දෙපාර්තමේන්තුවෙ මයෙ හිතේ.

      අත්තම්ම කියාපු තව දුම් රිය හා සම්බන්ධ අපූරු කතා මහ ගොඩක් තියේ..වෙලාවක ලියන්නං...:)

      Delete
    2. කල්‍යාන මිත්‍ර මේකතාව කියවලා මම සියලුම රස වින්දයි කියලා නොකිව්වොත් කුහක කමක් කියලා හිතුනා.

      Delete
    3. කල්‍යාන මිත්‍රට සමාන අත්දැකීම් තමයි ල.දු.දෙ හිටපු මගෙ තාත්ත ගැනත් තියෙන්නෙ. ස්තූතියි අතීතයට ගිහින් ආව බන්ස්.

      Delete
    4. රවී අය්යා.. ඩූඩ්.. කම්මල
      හැමෝටම ස්තූතියි අවංකව අගය කිරීම සම්භන්දව.. ඇත්තටම අපේ තාත්තලගේ පරම්පරාවේ වික්‍රමයන්ගෙන් පස්සේ අපිට නම් අම්මා රේල්ලුව පැත්ත බලාගෙන බත් කන්ඩ වත් දෙන්නෑ.. නැත්නම් මමත් අද 'ඉස්ටේසන් මාස්ටරෙක්..' මේ හා සම්භන්ද අත්දැකීම් හා බොහෝමත්ම හෘදයාංගම විස්තර ගොඩාක් නම් තියෙනව තවම ලියපු නැති.. ඒ වුනත් අවාරේ පිපිච්ච මලක් වගේ මාත් මේ මෑතක බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. විවේක තියෙන විදියට මගේ කලාහිතට ගොඩ වැදිල කියවල බලන්න.. මං ආසයි ඔබ වැන්නවුන්ගේ ප්‍රතිචාරය දැන ගන්න.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

      Delete
  22. සමා වෙන්න ඕනා..වෙලාවක් තියෙන වෙලාවක ඇවිත් කියවන්නම්...දිගටම ලියන්නකෝ එහෙනම්....පොඩ්ඩක් විතර දිග අඩුවෙම් ලියන්න බෑ වගේද ........................?

    ReplyDelete
    Replies
    1. උමා,

      ස්තූතියි ඔබටත්..දිග වැඩියි වගේද?.....හෙහ්,හෙහ්,

      Delete
    2. දිග වැඩිවීම හෝ කොට අඩුවීම ලියන උඹට ප්‍රශ්නයක් කලගතු නැහැ. උඹ ලියපන්. දිග වැඩි අය අතහරියි. දිගට කැමති අය කියවයි. රවී ලියපන් උඹට කැමති දේ. උමා මල්ලි කියවන දවසට එයා කියවයි. කාටවත් ඕන දේ නැතුව, උඹට ඕන දේ ලියපන් ! තරුනයාගේ මානසිකතවය ඔහොම තමයි. උන් හිතන්නේ එහෙමයි. තරුනයෝ හරියට බලපෑම් කරනවා. ඔය වයසේ හැටි!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අරූ,

      ඔව්ව ගණං ගන්න එපා බං...හෙහ්,හෙහ්, උමා මේ නිකමට වගේනෙ කියල තියෙන්නෙ...එයා තමන්ගෙ අදහස ප්‍රකාස කලා.....ඒක පිළිගන්න එක නොගන්න එක ඇවිල්ල මගේ වැඩක්...:)

      Delete
  23. අපි නම් කිව්වේ කැන්ටිම. කරුණාසේන ජයලත් ගේ ගැහැණු ළමයි පොතේ හෙම තිබ්බේ ටක් ෂොප් කියල තමයි. දැන් වැඩිය කැලේ තලන්නේ නැතුව පිළිවෙලකට ලියන්න පුරුදු වෙලා වගේ.
    හැබැයි කියෝගෙන යනකොට බයේ බැහැ .යාල්දේවි පීලි පැනලා අරුන්දගේ දැල් බැනියම ගාවින් මතු සම්බන්ධ වෙයිදෝ කියල. ඇති .
    ප.ලි.
    ඔව් ඉතින් කාලෙකින් තමයි මේ පැත්තේ හොට දැම්මේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...