Saturday, February 14, 2015

304. එකොළොස්වන ක්‍රිකට් ලෝක ශූරතාවය සහ වෙනත් අතුරු කථා…Beating About The Bush And The Eleventh Cricket World Cup



මට මතක ඇති කාලෙ ඉඳලම අපෙ අප්පච්චි ඩේලිනිව්ස් පත්තරේ ගත්ත දිනපතා. ඉරිදට සන්ඩේ ඔබ්සර්වර් එක. ඩේලිනිව්ස් එකේ අන්තිම පිටුව ඇවිල්ල හිට ක්‍රීඩා පිටුව. 

ඒ දවස්වල ක්‍රීඩා පිටුවෙ වැඩි ඉඩක් වෙන් වෙලාතිබ්බෙ ක්‍රිකට් වලට. අද වගේම තමයි බලාගෙන ගියහම.වැඩි වෙනසක් නෑ. වයස අවුරුදු නවය දහය වගෙ කාලෙ ඉඳලම මගෙ ප්‍රියතම ක්‍රීඩාව වුනේ ක්‍රිකට්. ප්‍රියතම වගේම එකම ක්‍රීඩා කියන්නත් ඇහැකි. ඉස්කෝලෙ අවුරුද්දකට සැරයක් එන නිවාසාන්තර ක්‍රීඩා  තරඟ කාලෙදි අපේ නිවාසය වෙනුවෙන් පණ කඩාගෙන දිව්ව ඇරෙන්ට වෙන මොන ක්‍රීඩාවක්වත් කරපු බවක්නම් මගෙ මතකයෙ නෑ.

ඉස්කෝලෙ පටන් ගන්නෙ 7.30 ට. ඒත් 6.45 වෙනකොට මම ඉස්කෝලෙ. මම වගේම මගෙ පංතියෙ සගයො, ඒ වගේම අපිට අවුරුද්දක් දෙකක් ඉහල සහ පහළ පංතිවල ළමයි හැමෝම වගෙ පැය බාගයක්, විනාඩි හතලිස්පහක් තරම වේලාසන ඉස්කෝලෙ එන එක පුරුද්දක් කරගෙන හිටිය. ඒ වෙන මොකටවත් නෙවෙයි ක්‍රිකට් ගහන්ට. 

අපේ ඉස්කෝලෙ කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය පිහිටල තිබ්බ භූමිභාගයෙම තමයි ශාන්ත මරියා දේවස්ථානයත් තියෙන්නෙ. ඒ දේවස්ථානයට එහා පැත්තෙ කන්ද කපල හදල තිබ්බ කුඩා පිට්ටනිය තමයි අපේ ඕවල් ක්‍රීඩාංගණය. තණකොල ගහක්වත් නැති ඒ පිට්ටනිය තනිකරම සුදු වැලිවගෙ පසක් තිබ්බෙ. තැනින් තැන තිරිවාණ වගෙ ගල් තිබ්බ. කොහොමත් දවස් දෙක තුනකට සැරයක් කවුරුහෝ උඩ පන්දුවක් රැකගන්ට ගිහිල්ල ඇදගෙන වැටිල ඔය ගල් රැන්දක දණිස්ස ලෙලි ගහගන්නව. ඉස්කෝලෙ ටක්ෂොප් එකට පල්ලෙහා තිබ්බ ප්‍රථමාධාර කාමරයෙ පිහිට තමයි එතකොට.

ප්‍රථමාධාර කාමරේ භාරව හිටියෙ දසනායක මැඩම්. " මොකද දරුවෝ මේ?..අතපය කඩාගන්න එකේ ඉවරයක් නෑ නේද? " ඔහොම කියල තමයි එතුමී තුවාල සුද්ද කරන්ට පටන් ගන්නෙ. 

ඉස්සෙල්ලම සර්ජිකල් ස්පිරිට්. අන්න බඩු...අලුත් තුවාලෙට ඉස්සෙල්ලම සර්ජිකල් ස්පිරිට් හැලුවම හූ තියවෙන්නෙ ඉබේටම.තුවාලෙ ලොකුනං දෙතුන් දෙනෙක් එක්කහු වෙනව තුවාලධාරියගෙ අතපය තද කරල අල්ලගන්ට.ඒත් සමහර ඔය උස මහත එවුං ඒ වෙලාවට අර හතර පස් දෙනත් පෙරලගෙන නැගිටින්නෙ.එක පාරක් උඩ පන්දුවක් රැකගන්ට ගිහිල්ල මම තව පන්දු රකින්නෙක් එක්ක එකට හැප්පිල ඇදගෙන වැටිච්චි වැටිල්ලක් ගල් රැන්දක් උඩ.... දණිස් දෙක ලෙලි ගියා. යාලුවො දෙන්නෙක් උස්සගෙන වගෙ ගියේ අර කියාපු ප්‍රථමාධාර කාමරේට. 

ඔය බොරළු උඩ පත බෑවුනහම පොඩි ගල් කැට යනව හම ඇතුලට. එව්ව අරං දාන්ට ඕන පරිස්සමට. බැරිවෙලාවත් එකක් හරි මඟ ඇරුනොත් ආය සමාවක් නෑ. පැහැවන එකත් පැහැවනව. ඔය පැහැවපු තුවාල කල් අල්ලනව හොඳ වෙන්ට. මගෙ ඔය වගෙ ඒත් දණිස්සෙ වණයක් තිබ්බ මට මතක විදිහට මාසයක් වගෙ ගියා හොඳ වෙන්ට. තවම තියනව ඒ කැළල...

ඔය තුවාල හොඳවෙන්ට කල් යන එකට අපිත් බොහොම කැමතියි ඒ කාලෙ. දණිස්සෙ ලොකුවට තුවාලයක් තිබ්බම ඕකට බෙහෙත් දාල උඩිං ගෝස් කෑල්ලකුත් තියල ඊට පස්සෙ ගහනව ප්ලාස්ටර්. තිරස්ව සාමාන්‍යයෙන් ප්ලාස්ටර් කෑලි තුනක් වගෙ තමයි ගාණ. පැහැවපු තුවාලවලට බෙහෙත් දාන්ට තියනව එක පිළිගත් සම්ප්‍රදායක්. අපෙ ගෙවල් පැත්තෙ හිටිය ඉස්පිරිතාලෙ වැඩ කරල පැන්සන් පලච්ච ඇටෙන්ඩන් කෙනෙක්. මනුස්සය තමයි ඒ පළාතෙම තුවාල ඔක්කොගෙම තනි අයිතිකාරය. නම ඇවිල්ල ඉග්නේෂස්...

ඉස්පිරිතාලෙ තාමත් වැඩ කරන ඉග්නේෂස්ගෙ පරණ සගයො මිනිහට බෙහෙත් එහෙම ගෙනත් දෙනව වෙන්න ඕන. කරේ එල්ලගෙන යන කාකිපාට රෙදි මල්ලක බේත් හේත් ඒ එක්කම අවශ්‍ය අනෙක් අඩුම කුඩුම සහ ආම්පන්න ඔක්කොමත් දාගෙන ඉග්නේෂස් ගෙවල් ගානෙ එනව තුවාල සුද්ද කරල බේත් දාන්ට.

නාගොල්ල පාරෙ ඇවිදිල්ල හිට අපේ ගෙදරට හැරෙන්ට තිබ්බෙ ගල්වල ගාව තිබ්බ තුම්මංහන්දියෙන්.ගල්වල කිව්වෙ පොදු නාන ළිඳක්. තනිකරම ගල් පර්වතයක් හාරල හදල තිබ්බ ගල්වලේ කිසිම දවසක වතුර හිඳුනෙනම් නෑ කියල මට මතකයි. හැත්තැපහේ අවුරුද්දෙ මැදවගෙ මට මතක විදිහට මුලු රටටම බලපාපු මහ නියඟෙදි උනත් කට මට්ටං පිරිල තිබ්බ වතුර යන්තමට අඩියක් දෙකක් වගෙ පහළ බැස්ස එච්චරයි. අපෙ ගෙදර නාන කාමර දෙකක්මත් තිබ්බට අත්තම්මයි මමයි වැඩිපුරම නෑවෙ ඔය ගල්වලෙන්.

නාන්ට අඳින්ට තිබ්බ මගෙ පරණ කලිසං කොටයක්. ඕකෙ ඉස්සරහ බොත්තං ඔක්කොම වගෙ කැඩිල ගිහිල්ල. එදවස සිප් තිබුනේ නැත.අපි පොඩි එවුංගෙ කලිසංවලට අල්ලල තිබ්බෙ ලොකු බොත්තං. අප්පච්චිගෙ කලිසංවල බොත්තං අල්ලල තිබ්බෙ නෑ. එයාලගෙ කලිසංවල බොත්තම අල්ලන තැනත් තිබ්බෙ බොත්තං කාසයක් මහල. එතකොට කලිසමේ දෙපැත්තෙම තියෙන්නෙ කාස. ඔය කාස වලට දාන්ට තිබ්බ වෙනම බොත්තං වැලක්.සුදුපාටයි. මම හිතන්නෙ ප්ලාස්ටික් වගෙ මොනවහරි දේකින් හදල තිබ්බෙ. මහ මැෂින්වල නූල් ඔතන බොබින්ස් දන්නව නේද? සිංහලෙන් කියන්නෙ ඉද්ද කියල. ඔය බොත්තං හරියටම අන්න ඒ බොබින්ස් වගේමයි.ඒ බොත්තං වල මැදින් සුදුපාට කපු නූලක් වගෙ එකකින් වැලක් වගෙ වෙන්ට බැඳලයි තිබ්බෙ. කලිසම අඳිනකොට කරන්නෙ අර බොත්තං වැල දෙපැත්තෙ කාස වලට දාගෙන දාගෙන යන එක. ඒ කරල උඩම තියන පටියෙ බොත්තම දානව. එච්චරයි.

ඉතිං අර කිව්ව ගල්වලට අමතරව ඔය තුම්මංහන්දියෙ ඉඳල කෑගල්ල ටවුම පැත්තට යාර තුන් හාරසීයක් ගිහාම තියනව තවත් පොදු නාන ළිඳක්. ඒක නම් බොහොම ක්‍රමානුකූලව හදාපු එකක්. ළිඳ හරියටම සෘජු කෝණාශ්‍රාකාරයි.. ඔපමට්ටම් කරපු ගලෙන් පතුලෙ ඉඳන් උඩටම බැඳල තිබ්බ. වටේටම අඩි අටක් වගෙ උඩට තාප්පයක් බැඳල ආවරණය කරල හරි මැදින් ගෑණු පිරිමි දෙගොල්ලට නාන්ට දෙකට බෙදල නාන වතුර පහසුවෙන් ගලාගෙන යන්ට පරිවහන කාණුවක් සිමෙන්තියෙන් බැඳල... රටේ නැති සෙල්ලං...හෙහ්,හෙහ්,

ඒ පොදු ළිඳට හැමෝම කිව්වෙ ටැංකිය කියල. ළිඳ හරියටම ටැංකියක් වගේ හින්ද මම හිතන්නෙ. ඔය ටැංකිය පහුකරල ඒ පාරෙ තව යාර පනහක් වගෙ ගියහම තිබ්බ කළුගල්ල මහත්තයගෙ ගෙදර. කළුගල්ල මහත්තය ගැන අපේ පලෝලෙ අය අරුනම වැඩි දෙනෙක් දන්නෙ නෑ මයෙ හිතේ. එතුමා තමයි 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක ඇමති. පී.බී.ජී. කළුගල්ල.ඔය ගෙදර මම හිතන විදිහට හිටියෙ මිසිස් කළුගල්ල ... දුවල දෙන්නෙක්ද කොහෙද හිටිය තව. 

අත්තම්මයි මායි ඔය ටැංකියෙං නාල තුවා එහෙම ඔලුවෙ දාගෙන බාල්දි එහෙමත් අතිං අරගෙන එද්දි පෙලක් දවසට අපිට හම්බවෙනව කලුගල්ල මහත්තයලගෙ කාරෙක සැර දාගෙන කන්ද අදිනව. මට මතක විදිහට ඕපල් රෙකෝඩ් එකක් හරි ඕපල් කැපිටාන් එකක් වෙන්න ඕන. පාර හරිම පටුයි. නැවක් වගෙ කාරෙකට යන්ටත් ඉඩ මදිවගේ. 

" කෝ ඔන්න බලාගෙන සුට්ටි පුතා මේ..මෙහෙට එන්ට…" අත්තම්ම මගෙ අතින් ඇදගෙන හිඟුරු පඳුරුත් පොඩි කරගෙන පාර අයිනෙ කාණුවට බහිනව. 

" සුට්ටි පුතා..අද කොහොමද? පණහද හැටද? "

මම අර පරණ කලිසං කොටෙත් ඇඳගෙන කෙලිං කටිං ඉඳගත්තහම සුදු පාට ටුවයින් නූල් අඹරවල හදාපු කඹයක් ගැට ගහපු සුට්ටි බාල්දිය ළිඳට දාන අතරෙ අත්තම්ම අහනව. 

" අද ටිකක් සීතලයි අත්තම්මෙ...හතළිහක් මදිද? "

" හා..එහෙනං අදට විතරක් හතළිහක් ඇති කියමුකො... හැබැයි හයියෙං ගණං කරන්ට ඕන ඔන්න... හොඳද? " ඒ පණහද හැටද කියල අහන්නෙ මාව නාවන වතුර බාල්දි ගාණ…

" මොකද දරුවො ඔය අත්දෙක පෙරවගෙන? දාන්ට අත්දෙක පහළට.."

බාල්දිය අරගෙන අත්තම්ම ලෑස්තිවෙනකොටම ඇස්දෙකත් පියාගෙන අත්දෙකත් පෙරවගෙන මමත් ලෑස්තියි..

" සීතලයිනෙ අත්තම්මෙ.." මම කෙඳිරිගාන්නෙ ඇස්දෙක තවත් තදින් පියාගනිමින්. 

" හා ඉතිං ගණං කරන්ට…" අත්තම්ම පළවෙනි වතුර බාල්දිය මගෙ ඔලුවෙ හලනව. 

" හූඌඌඌඌඌ .." මම යටිගිරියෙන් හූ තියනව. ඇත්තටම ගල්වලේ වතුර පුදුම තරමට සීතලයි. මතක් වෙද්දි දැනුත් මගෙ ඇඟ වෙව්ලනව....හෙහ්,හෙහ්, දෙයියම්ප..ඇත්තමයි.

" කෑගහන්ට එපා දරුවො......." අත්තම්ම බාල්දියෙ ඉතුරු වතුර ටිකත් ආයෙම මගෙ ඔලුවට හලන ගමං ඔන්න කියනව.සුදුමල් වැටිච්ච නිල්පාට චීත්ත රෙද්දක් තනමත්තක් ඇඳං ඉන්න උන්දැ එහෙම කියන්නෙ මාදිහා රවාගෙන. ඒත් මම දන්නව ඒ බොරුවට කියල. 

" කෝ ඉතිං ගණං කලේ නෑනෙ. "

" එ..ක්..ක්..කායි.." මම බොරුවටත් එක්ක වෙව්ලනව…. අත්තම්ම ගණං අකුරු ඔය මොකවත් දන්නෙ නෑ. උන්දැ ජීවිතේට ඉස්කෝලෙකට පය තියලවත් නෑ.

" එකොළහයි..දොළහයි…" දැන්නම් හුලඟත් එක්ක හීතල ඉවසන්ටම බෑ වගෙ..

" දහතුනයි..දහ අටයි..දහනමයයි.." 

" සුට්ටි පුතා ඔය හරිද ගණං කරනව? " අත්තම්ම නෑවිල්ල පැත්තක තියල මගෙං අහනව...මළපොතේ අකුරක් බැරිවුනාට උන්දැට ඉවෙං වගෙ එව්ව තේරෙනව. 

උන්දැම වවන මයියොක්කා බතල සාරෙට හැදුනම සන්ලයිට් පෙට්ටියකුත් ලැගේජ් එකේ බැඳගෙන එන බයිසිකල් කාරයට විකුණනනව රාත්තල් ගානට. එව්වයෙ ගණං හිලව් එහෙම උන්දැ දන්නව ටක්කෙටම. ආය හොර බොරු බෑ.

" සුට්ටි පුතේ මෙන්න මේ රුපියල් පහ අරං තියන්ටකො...." පරාක්‍රමබාහු පිළිමෙ නෝට්ටුවෙ උඩ පැත්තෙ තියන රතුපාට රුපියල් පහ උන්දැ මට දෙනව මම ඉස්කෝලෙ ඇරිල ආහම. අත්තම්මගෙ සල්ලි මම පරිස්සමට තියන්නෙ මගෙ පොත් මේසෙ ලාච්චුවෙ පතුලට එලල තියෙන පරණ කැලැන්ඩරේ උස්සල ඒකෙ යට. ඒ කැලැන්ඩරේ තිබ්බෙ වැවුරුකන්නල බුදු පිළිමෙ ෆොටෝ එකක්.

වෙසක් පෝයට වට්ටාරම රජමහ විහාරෙට සිල්ගන්ට යද්දි අත්තම්ම මගෙං ඒ පරිස්සමට තියාගන්ට සල්ලි වලිං කොටහක් ඉල්ල ගන්නව. "මල් වට්ටියක්වත් ගන්ට එපාය.." උන්දැ සුදු සිල් රෙද්දත් ඇඳගෙන එහෙම කියනව.

ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් ගහද්දි මම තවත් පන්දු රකින්නෙක් එක්කල එකට හැප්පිල බිම ඇදවැටිල තුවාල උනයි කියල මම කලිං කිව්ව නෙව. අර එක පාරක් අස්ගිරියෙ ටෙස්ට් මැච් එහෙකදි ඕස්ට්‍රේලියන් ටීම් එකේ ජේසන් ගිලස්පී සහ ස්ටීව් වෝ ඒත් උඩ පන්දුවක් රකින්ට ගිහිල්ල එකට හැප්පිල ඉස්පිරිතාලෙ අරංයන්ට වෙච්චි කේස් එක මතකයිද? එතන ගිලස්පී සහ වෝ දෙන්නම එක ටීම් එකේ. අර මම හැප්පුනේ වෙන ටීම් එහෙක ඒ වගේම වෙන මැච් එහෙක පන්දු රකින්නෙක් එක්ක. ඒ ගැන මම හිතන්නෙ පොඩි පැහැදිලි කිරීමක් ඕමනයි. 

ඔය අපේ ඉස්කෝලෙ පිට්ටනියෙ එක වෙලාවෙ මැච් හතර පහක් ගහනව. ඒ පිට්ටනියටම උඩහින් තමයි ශාන්ත මරියා දෙමළ විද්‍යාලය තියෙන්නෙ. අපි කිව්වෙ දෙමළ ඉස්කෝලෙ කියල. දෙමළ ඉස්කෝලෙ පැත්තට වෙන්ට අයිනෙම තීරුව අපේ. ඒ කිව්වෙ හයවන ශ්‍රේණිය ඒ පන්තියෙ. ඊට අල්ලපු තීරුවෙ ක්‍රිකට් ගැහුවෙ හතේ අය. ඊටත් එහා අටේ ළමයි. ඔන්න ඔය වාගෙ. ඉතින් එක පාර මැචස් හතර පහක් ගහනකොට ආය නෑ ඔතන ලබ්බෙ තොයිලෙ වගෙ. එහෙම නැත්තං පිස්සිගෙ පලාමල්ල වගේ. බෝල එහෙ යනව මෙහෙ යනව. එකම තැන ෆීල්ඩර්ස්ල දෙතුන් දෙනෙක් ඉන්නව. හැබැයි ටීම් දෙක තුනක ඒ වගේම මැච් තුන හතරක සෙල්ලං කරන අය. හෙහ්,හෙහ්, දැන්නං මතක් වෙනකොටත් හිනායනව කොහොමද එහෙම සෙල්ලං කලේ කියල. ඒත් අපි කොහොමහරි අවුරුදු ගානක් ඔහොම සෙල්ලං කලානෙ.

අපේ පංතිය දෙකට බෙදිලත් සෙල්ලං කරනව ඒ වගේම බී පංතියට හිටපු ගමං චැලේන්ජ් කරල එයාල එක්කත් මැච් ගහනව. කාලෙන් කාලෙට අපේ ක්‍රීඩා නීති රීති වෙනස් උනා. දෑත බදල හුක් හෝ පුල් පහරක් එල්ල කලාම පන්දුව කෙලින්ම A 1 මාර්ගයෙ. කොළඹ -නුවර පාර වැටිල තිබ්බෙ ඔය අපි සෙල්ලං කරපු පිට්ටනියත් එක්කම පල්ලෙහයිං. ඒ පාරට බෝලෙ යන්ට ගැහුව පිතිකරුවා ස්වයංක්‍රීයව දැවීයනවයි කියල කාලයක් තිස්සෙ අපෙ තිබ්බ රීතියක්. ඒ පාරට එහායිං කොන්වන්ට් එක. කොන්වන්ට් එක ඇතුලට හයේ පාරක් එල්ල කරපු එකා මහා වීරයෙක් විදිහටයි අපි සැලකුවෙ. මට මතක විදිහට අජිත් කියල අල්ලපු පංතියෙ කොල්ලෙක් විතරයි ඒ හපංකම කලේ මම දන්න කාලෙකදි. 

අපි අටේ වගෙ ඉන්දැද්දි අපිට එහා පැත්තෙ තීරුවෙ සෙල්ලං කලේ හයේ පංතියෙ මල්ලිල. ඒ අතරෙ සෑහෙන දුරක ඉඳල දුවගෙන ඇවිල්ල පන්දු යවපු වේග පන්දු යවන්නෙක් හිටිය. කළු කොට මහත මේ පන්දු යවන්නා මට මතක හිටියෙ බොහොම වේගෙන් පන්දු යැව්ව නිසා සහ ඒ පංතියෙ දක්ෂම පිතිකරුවා නිසාත්. මේ දවස්වල නීතිවිරෝධීව ලංකාවෙ රැඳී ඉන්නවයි කියල බොහොම ලොකු කලබැගෑනියක් තියෙන්නෙ..... කුමාර් ගුණරත්නම්.. ඒ තමයි ඒ පන්දු යවන්නා.

රයිට්..මේ ඔක්කොම ලිව්වෙ වෙන මොකවත් හින්ද නෙවෙයි. හෙට පටන්ගන්නව එකොළොස්වන ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලිය. මේ පාර ඕස්ට්රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙකේ පැවැත්වෙන්නෙ. 1999 ලෝක ශූරතාවයෙන් පස්සෙ ලෝක ශූරතා තරඟාවලියකට සහභාගිවන අපේ කණ්ඩායම ගැන මොනම බලාපොරොත්තුවක්වත්  තියාගන්ට කිසිම විදිහක් නැත්තෙ මේ පාර තමයි. තරඟාවලියට ඉස්සෙල්ල අර කියන්නෙ Build Up එක කියල. නැත්නම් ජයග්‍රාහී මානසිකත්වය. මේ පාර එහෙම එකක් ඇත්තෙම නෑ. සිම්බාබ්වේටත් පැරදුනහම ආය කවර කතාද? රයිට් කොහොම හරි තව පැය තුනහමාරකින් අපේ පලවෙනි මැච් එක. ඒ නවසීලන්තය එක්ක.

ඉතාම අනපේක්ෂිත යමක් සිද්ධ වුනොත් හැරෙන්නට මේ පාර නෝ හෝප්...රයිට් කමක් නෑ. ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් විතරයිනෙ..නැද්ද?..හෙහ්,හෙහ්, ඒ එක්කම අන්න අර කලින් කිව්ව අනපේක්ෂිත යමක් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව තනිකරම අත්හැර ගන්නෙ නැතුව අපේ කණ්ඩායමට ජය පතමු!!!

ඉතිං ඇන්ජලෝ සහ සගයිනි!! ඔබට සුබ පැතුම්!!!

86 comments:

  1. මොකට ඔය Beating about the bush කතාව මාතෘකාවට දානවද හැබෑට? ඕක නොකිව්වත් අපි දන්න එකේ...

    අර කලිසම් බොත්තම් කතාව... පිස්සු හැදෙයි කිව්වලු... ( තොල් දෙක තදකර ගනිමි)
    අත්තම්මලා එක්ක ඔය නෑවිල්ලට නම් හොර කරන්නම බැහැ අප්පා. උන්දලා දවස ගානේ නානවා. ඒ මදිවට කවුන්ටින් තිතට තියෙන්ටත් ඕනේ. වතාවතක් කරනවා වගේ නාන්නේ. මම කියලත් ඇති එකපාරක් ඔහොම බැරල් එකේ උණුවතුර නාන්න ගොහින් මට වෙච්ච දෙයක් ගැන..

    ටීම් එක ගැන නම් කිසිවක් නොකියමි. අපිට නම් මොකක් උනහම මොකෝ. පිටරට ඉන්න උදවියට තමයි පාරේ ඇඳුමක් ඇඳගෙන යන්න බැරිවෙන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ ඉන්න අයට. මොකට උන්ට උදේට කෑවේ නැතත් ටීම් එක දිනලා නම් ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / මොකට ඔය Beating about the bush කතාව මාතෘකාවට දානවද හැබෑට? ඕක නොකිව්වත් අපි දන්න එකේ... /

      එහෙම හරියන්නෙ නෑ බං..එහෙම Beating About The Bush කියල පැහැදිලිව කිව්වෙ නැත්තං මේකෙ ඉන්න විසුරුමාන මානවිකාවො මගෙ ඇඟට ගොඩවෙන්ට බැරි නෑ..කෝ බොල වර්ල්ඩ් කප් එක මාතුරුකාවෙ තිබ්බට අන්තිමට සුට්ටක් විතරනෙ ඒ ගැන ලියල තියෙන්නෙ..අරකද මේකද දන්නෙ නැද්ද? එව්වයිං මගෙ ඉහ නිකට බේරගන්ට තමයි මම ඔහොම මාතෘකාවටම ඈඳල පඳුරු තැලිල්ල ගැන කියල දැම්මෙ. එතකොට නෝ පොබොම්...:)

      / අර කලිසම් බොත්තම් කතාව... පිස්සු හැදෙයි කිව්වලු... ( තොල් දෙක තදකර ගනිමි) /

      කොයි කතාවටද උඹට පිස්සු හැදෙන්නෙ? මගෙ නාන්ට අඳින කලිසමේ බොත්තං එකක්වත් නැතිය කිව්ව එකටද? නැත්තං අප්පච්චිගෙ කලිසමේ බොත්තං වැලේ කතාවටද?

      / අත්තම්මලා එක්ක ඔය නෑවිල්ලට නම් හොර කරන්නම බැහැ අප්පා. උන්දලා දවස ගානේ නානවා. ඒ මදිවට කවුන්ටින් තිතට තියෙන්ටත් ඕනේ. වතාවතක් කරනවා වගේ නාන්නේ. මම කියලත් ඇති එකපාරක් ඔහොමබැරල් එකේ උණුවතුර නාන්න ගොහින් මට වෙච්ච දෙයක් ගැන.. /

      උඹේ උණු වතුර බැරල් සීන් එක බැලුවා. මට කොහොම හරි ඒක මිස් වෙලා. නැත්තං අපේ අත්තම්ම ගැන කියල මම කමෙන්ට් එකක් දානවා...හෙහ්,හෙහ්,

      අපෙ අත්තම්ම සතියට දවස් දෙකක් නාන්නෙ නෑ. අඟහරුවාදයි..සිකුරාදයි..මගෙං තමයි ඕක අහන්නෙ..සුට්ටි පුතේ..අද මොනදාද හැබෑටම? .....අත්තම්ම අහනකොට උඹ බොරු දවසක් කියපං මගෙ යාලුවො එහෙම අනන්තවත් කියල ඇති. ඒත් මට කවම කවදාකවත් උන්දැව රවට්ටන්න කියල හිතුනෙ නෑ...:)

      ආ..ආය දවසක් ඇර දවසක් ඔලුවෙ දෙහි ගානව නාන්ට පැයකට වගෙ ඉස්සර. එක දවසක් ඔන්න මොකක් හරි වෙලා නාන්ට බැරිවුනාද ඉතිං ඉවරයි.අනේ සුට්ටි පුතේ මයෙ ඇස් දෙකේ පිඟං කටි අනින්නැහෙ..මේ ගිරීස්මෙට එලිවෙච්ච වෙලාවෙ ඉඳල විනාඩි පහෙං පහට ඔහොම කියනව මා දැක්ක නාගන්ට වෙලාව එනකල්. එකොළහමාර තමයි එයාගෙ නාන වෙලාව. අපි අනුරාදපුරේ ඉද්දි අපෙ ගෙදර කිට්ටුවම තිබ්බ මුස්ලිම් පල්ලියක්. ඕකෙ දවල් 11.30 ට වගෙ අර යාඥාවට එන්ට කියල පීකරෙං කෑගහනවනෙ. ඒක තමයි අත්තම්මගෙ ස්නානයට සංඥාව...හෙහ්,හෙහ්, ඔය පීකරේ කෑගැහිල්ල පොඩ්ඩක් පරක්කුයි කියල උන්දැට හිතුනොත් එහෙම පල්ලියෙ පූජක තුමාට බණිනව පලුයන්ට. හෙහ්,හෙහ්, ඉඳපං අත්තම්මා සහ මගේ ස්නාන චාරිත්‍ර වාරිත්‍ර කියල වෙනම පෝස්ට් එකක් ලියඤ්ඤං ඒ ගැන...:)

      / ටීම් එක ගැන නම් කිසිවක් නොකියමි. අපිට නම් මොකක් උනහම මොකෝ. පිටරට ඉන්න උදවියට තමයි පාරේ ඇඳුමක් ඇඳගෙන යන්න බැරිවෙන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ ඉන්න අයට. මොකට උන්ට උදේට කෑවේ නැතත් ටීම් එක දිනලා නම් ඒ ඇති. /

      හයියෝ..ඉන්දියන් එවුන්ට නම් පිස්සුම තමයි. පකිස්තානුත් එහෙමයි. පකිස්තාන ඉන්දියා මැච් එකක් ගහනව කියන්නෙ ඊට සතියකට විතර ඉස්සෙල ඉඳල උං දෙගොල්ල නෝ කතා..නෝ සිනා..මේ දවස්වල ඔන්න එහෙමයි. හෙට ඉන්දියා-පකිස්තාන් මැච් එක...:)

      Delete
    2. //අර යාඥාවට එන්ට කියල පීකරෙං කෑගහනවනෙ. ඒක තමයි අත්තම්මගෙ ස්නානයට සංඥාව...//

      Calling the faithful to prayer and calling the unclean to bathe !!

      Delete
    3. beating about the bush ගැන කතාකොරලා වැඩක්ම නැත... ඔය කිව්වේ ගහට නැගපු එකා වගේම උත්තරයක්!

      කලිසම් බොත්තම් කිව්වේ කතා දෙකම අනේ. බොත්තම් නැති කලිසමක් කිව්වම ඇඟේ මවිල් කෙලින් වෙනවා. ඒ මදිවට අමුණන බොත්තම් කිව්වම මතක් උනේ කලිසම අඳින්න මැහුම් ගෙතුම් දැනගන්න ඕනේ වෙනවා නේද කියල. ඇයි බොලේ බැරිවෙලාවත් ඔය බොත්තම් වැල මතක බැරි උනොත් එහෙම? කලිසම් ඇඳලා හමාරයි නේ! ඊට හපන් යන වෙලාව? දැන් ඉන්න උන්ට zip එක අදින පමාවයි. ඒත් වරුවක් ගන්නවා.

      අප්පා මම සංක්ෂිප්තයෙන් කිව්වේ අපේ අත්තම්මගේ නෑම ගැන. හැමදාම නාන්න ඕනේ.. ඒ මදිවට අර කිව්වා වගේ මොනවා හරි ඔලුවේ අතුල්ලගන්නවා. එක්කෝ දෙහි, නැත්තම් දෙහිත් එක්ක උළුහාල්, නැත්තම් මොකක් හරි හොද්දක්! එව්වා සමහර දවස් වලට ඔලුවේ ගාන්න අහුවෙන්නේ මම. ඒවා ගාල ටික වෙලාවක් ඉඳල තමයි නාන්නේ. නාන වතුර ටිකත් ආයේ නැහැ ගානට රත්වෙලා තියෙන්න ඕනේ.

      අත්තම්ම මාව ගොඩක් කාලයක් නෑව්වා මට මතක විදියට. මම ඉතින් කළු නිසා අත්තම්ම හෙන විස්සෝපයෙන් උන්නේ. ඉතින් උන්දා මගේ සරුවාන්ගෙම ඔලිව් තෙල් ගාල ජංගි කොටේ පිටින් අව්වේ හිටෝලා තියෙනවා සුදු වෙන්න කියල. හෙහ්... අඟුරුත් සුදුවෙයි , මම ?

      හැබැයි ඉතින් අපරාදේ කියන්න බැහැ අපේ කේශකල්‍යාණ වලට සම්පුර්ණ අනුග්‍රහය අපේ අත්තම්ම. කොණ්ඩෙට සාත්තු කරනවා නියමෙට. අදටත් තද කළු, මහත කොණ්ඩයක් මට ලැබෙන්න හේතුව ඒ සාත්තුව. දැන් නම් ඉතින් අතට අහුවෙන දෙයක් ගාල කපුටෙක් වගේ නාගන්නවා.

      අත්තම්මලා සහ උන්දලාගේ චරියාවන් ගැන කොහොමත් වෙනම ලියමු රවියෝ. මටත් අත්තම්මෙක් එක්ක හැදුන එකෙන් පොතකට දේවල් තියෙනවා කියන්ට!

      Delete
    4. අපේ ආච්චි නාන්න ගියාමත් ඔයිට දෙවැනි නැහැ.ආච්චිගේ ගම රත්මලාන වුණත් තරුණ වයසේදීම බැදලා සීයාගේ ගමේ පදිංචියට ගිහින් තිබ්බා අනුරාධපුරේ.තිසා වැව ගාව තමයි සීයලාගේ ගෙවල් තියෙන්නෙත්.ඉතින් හැමදාම නාන්නේ වැවෙන්.නාන්න ගියාමත් පැය ගාණක් නානවා.ඒ වගේම නාන්න වෙලාවක්,අවේලාවක් නැහැ.හොඳට පිනන්නත් පුළුවන්.ඒ පුරුද්දට පස්සේ කාලෙක ආයෙමත් රත්මලානේ පදිංචියට ආවමත් නානවා එක දිගට පැයක්වත්.

      අපිට වුණත් පොඩි කාලේ උන්දැගෙන් බේරෙන්න බැහැ නාන්නේ නැතුව.කුණු අතුල්ලන්න කියලා ලොකු කොහු ගුලියක් අරන් ඇඟේ හමඅරින කොට දැනෙන සනීපේ.හම්මේ ..:)

      Delete
    5. Upeksha,

      / එක්කෝ දෙහි, නැත්තම් දෙහිත් එක්ක උළුහාල්, නැත්තම් මොකක් හරි හොද්දක්!  /

      හයියෝ, එක පාරක් අපෙ අත්තම්මට කවුද මන්ද ගෙනත් දීල ගොඩපර මල්ලක්. ඔව්ව හොඳයි ඔලුව හීතල වෙන්ට සහ ඉස් හොරි වලට කියල අර සෙවල කැටිය ගාගෙන නානව. මගෙත් ගාන්ට හැදුව...එව්ව කොහෙද මාත් එක්ක...

      / මම ඉතින් කළු නිසා අත්තම්ම හෙන විස්සෝපයෙන් උන්නේ. /

      යස්, කෙල්ලො කලු උනහම අත්තම්මල තමයි වැඩියෙම්ම දුක්වෙන්නෙ. අනේ මේකිට කසාදයක්වත් කොරගන්ට බැරිවෙයි කියල.පොත්ත සුදට තිබ්බනං අපෙ අත්තම්මට ආය ඊට එහා රූප සුන්දරියක් නෑ....

      / ඉතින් උන්දා මගේ සරුවාන්ගෙම ඔලිව් තෙල් ගාල ජංගි කොටේ පිටින් අව්වේ හිටෝලා තියෙනවා සුදු වෙන්න කියල. /

      ඔන්න කිව්ව...මේ...ඔලිව් තෙල් ගාල අව්වෙ හිටවල තියන්නෙ සුදුවෙන්ට නෙවෙයි බොල...හොරි දද වණ කුස්ට එහෙම හොඳ වෙන්ට.උඹේ එහෙනං තාම ඇති එව්ව ඇඟ පුරා...සෙනසුරාද ඉරිදට ආයම ඔලිව් තෙල් ගාගෙන එහෙම ඉඳහං මිදුලෙ හොඳට අව්ව වැටෙන තැනක් බලල...

      / අත්තම්මලා සහ උන්දලාගේ චරියාවන් ගැන කොහොමත් වෙනම ලියමු රවියෝ. මටත් අත්තම්මෙක් එක්ක හැදුන එකෙන් පොතකට දේවල් තියෙනවා කියන්ට! /

      හෙහ්..මොනවද ලතා මේ කතා..පොතක් දෙකක් ලිව්වැකි උන්දැ ගැන.. මේ මම කාලෙකට ඉස්සෙල්ල උන්දැ ගැන ලියපු සටහනක්....( උන්දැ කියන්නෙ උඹලගෙ අත්තම්ම ගැන නෙවෙයි හොඳද මගෙ අත්තම්ම ගැන )

      ගම්ලත් රාලලාගේ පුංචි මැණිකේ සහ ඌෂා චෞද්රී…..මේ ඔවුන්ගේ කතාවයි.

      Delete
    6. Pra,

      / Calling the faithful to prayer and calling the unclean to bathe !! /

      ඒක නම් නියමයි ප්‍රා...හෙහ්,හෙහ්, කිව්වම මොකද මමත් ඒ කාලෙ අත්තම්මට ඔය කතාවම කියනව.පෝස්ට් එකේ ඒ ගැන ලියන්ටත් හදල ආය ආගමික අපහාසයක් වගෙ වෙයිදෝ කියල හිතල නිකා හිටිය.

      " අන්න අත්තම්ම නාන්ට යන්ට කියල පීකරෙං කියනව..... කොහොමද දන්නවද කියන්නෙ? "

      නාන්ට පළෝ ඕ..ඕ..ඕ..ඕ..
      ඊයෙත් නෑවෙ නෑ නේදෝ..ඕ..ඕ..ඕ..ඕ..
      ගඳ ගහනවෝ......ඕ..ඕ..ඕ..ඕ..
      අත්තම්මේ ගිහිල්ල නාපියෝ....ඕ..ඕ..ඕ..ඕ..


      " කෑගහන්ට එපා සුට්ටි පුතා..මොනවද මේ කියවන්නෙ? ..."උන්දැ කම්මුලේ අත තියාගන්නව...:)

      Delete
    7. Manoj,

      / අනුරාධපුරේ.තිසා වැව ගාව තමයි සීයලාගේ ගෙවල් තියෙන්නෙත්./

      අනුරාධපුරේ ටෙක් යන කාලෙ සතියකට සැරයක්වත් අපි කට්ටිය එනව බයිසිකල්වල තිසාවැවේ නාන්ට.මම කලින් දවසක් කිව්ව බන්ඩ් එක උඩ ලෙවල් කණ්නාඩිය ගහල නන තොටුපොලවල් දිහාට නාභිගත කරල ( නාභිගත = පෝකස් ) අනිමිස ලෝචනයෙන් බලාහිටපු හැටි...හෙහ්,හෙහ්,

      මේ ඒ පෝස්ට් එකේ මානවිකාගෙ කමෙන්ට් එකකට මම ලියපු පිළිතුරු කමෙන්ට් එක. උඹත් එතනම කමෙන්ට් එකක් දැම්ම නේද බොලාගෙ වසවර්ති මාරයො වගෙ ඉන්න මමල සෙට් එකක් ගැන කියල?...හෙහ්,හෙහ්,

      /තිසාවැවේ කණ්ඩියෙ එක පාරක් ලෙවල් ලයින් එකක් ගද්දි මම ලෙවල් එක හැරෙව්ව ඈත නාන තොටුපොලක් පැත්තට. 

      " ඒයි මෙහෙ වරෙල්ල බං..මේං බලාපංකො වැඩේ..අම්මට උඩු!! "

      මම කෑගැහුව අයි පීස් එකට ඇහැ තියාගෙනම. 

      " අම්මට උඩු! අයිං වෙයංකො පොඩ්ඩක් මටත් ඕක බලාගන්ට " 

      කවුද මගෙ උරහිසට අත තියල කිව්ව. ඔලුව උස්සල බැලින්නං අපේ සර්වේ සර්!!! /


      / කුණු අතුල්ලන්න කියලා ලොකු කොහු ගුලියක් අරන් ඇඟේ හමඅරින කොට දැනෙන සනීපේ.හම්මේ ..:) /

      හපොයි කොහුලනු වලින් අතුල්ලල මගෙ සියුමැලි වූ ඡවි කල්‍යාණයට හානි වෙයි කියල අපේ අත්තම්ම නම් මගෙ ඇතුල්ලුවෙ වැටකොළු කොස්සකින්....

      Delete
    8. ආන්න හරි ගොඩපර තමයි.... නම මතක්කලා මතක් කළා මතක් උනෙම නැහැ පෙන ගුලියක් මිසක්. හිහ්! මම ආසයි ගොඩපර ගාල නාන්න. ඇයි හොද්දක් විදියට නෙල්ලිත් ගානවා. ඕකත් අපේ අක්කගේ පැපොල් සත්කාරේ වගේ තමයි. කනවට වඩා ඇඟේ/ඔලුවේ ගානවා.

      කළු කියන්නේ රවියා වැඩිමනත්ම කුඩයක් ලේන්සුවක් පාවිච්චියක් නැති හින්ද අව්වවටම කරවෙච්ච කළු. අන්න ඒකට අපේ අක්කා. කුඩයක් , ලේන්සුවක් කියන ආයුධ නැත්තම් ගේ ගිනිගත්තත් එලියට ගන්නවා බොරු! අනේද කියන්නේ.. කසාදයක් කරගන්න බැරිවෙන විස්සොපේ තමයි කොයි වෙලෙත්. මගේ කොණ්ඩේ උපතිම්ම ස්ට්‍රේට්. අපේ අත්තම්ම කැරලි කොණ්ඩ වියාපාරේ අතෑරියේ නැහැ. අක්කගේ වගේ කැරලි කරන්න නොකරපු තොවිලයක් නැහැ. ඉස්සර අපි ඔක්කොම කෙල්ලෝ නිදාගන්නේ බකුති වගේ පුංචි පුංචි කොණ්ඩා කැරළි දෙතුන්සියක් ඔළුවේ ගැටගහගෙන. ඒවාටම හදපු රෙදිපටි ඉස්සර ගෙදර තිබ්බ. නිදාගන්න ගියහම ඔලුව කෝට්ටේ වදින්නේ නැති තරම් කොණ්ඩා ගුලි. ඒ ඔක්කොම සෙල්ලම් කොණ්ඩා ටික කැරලි කොරන්ට. අනේ මන්ද දැන් නම් මතක් වෙනකොට පන යනකල් හිනා. ඉස්සර නිදාගන්න යන්න පටන් ගන්නේ අපි වඳුරු රැලක් වගේ එකා පිටිපස්සේ එකා වාඩිවෙලා කොණ්ඩ ගොතන චාරිත්‍රයෙන් පස්සේ. එව්වා ගොතන්නේ උපරිම වීරියෙන් තද කරලා. එතකොටලු කැරලි වෙන්නේ. හි.. හි.. ඔන්න අපේ අත්තම්මගේ ජාන විද්‍යාව!

      අනේ මන්ද මොනවට ඔලිව් තෙල් ගාල හිටෙව්වද කියල.. ඔන්න ඔහේ හිටන් ඉන්නෙක මිසක් ඔව්ව අහන්ට යන්නේ අඩුවෙන්. පස්සෙන් පහු මම ඔව්ව ප්‍රශ්න කරන්න ගිහින් එයාගේ ලයිස්තුවේ අගට ගියා.. හි.. හි.. අක්කා තමයි අංක එක ගෑනු ළමයින්ගෙන්. කොහොමට හිටීද මම ඔහොම දැන් අව්ව තපින්න ගියානම්? අර කිව්වත් වගේ වැවේ නාන ගෑනුලමයිට සයිඩ් කණ්ණාඩි හයි කරපු එවුන් වෙච්චිකොට!!!

      සුදු වෙනවා කියන එක මට අරහන් උනේ අත්තම්මගේ සමහර වැඩ හින්ද. බුදු අම්මේ ඇඟේ ගාල විතරක් ද, මොර ගුලිද, සෆ්රෝන් ද, ඔක්කොම ජාති දුන්න!! උන්දැටත් පොත්ත රතු නම් ඒ ඇති තත්වේ! හි.. හි...

      අර කුණු අතුල්ලන කතාවේ නම්, අපේ අත්තම්මට තිබ්බ බියුටි ස්ටෝන් කීපයක්. පිට අතුල්ලන එකයි, කකුල අතුල්ලන එකයි.. අරකයි.. මේකයි විදියට. අපිට වෙනම පොල් කොසු. ( ගෑනු ළමයින්ට ඇඟ අතුල්ලන්න දෙන්නේ එව්වා. මම හිතන්නේ හම තුවාල වෙයි කියල වෙන්න ඇති) එක පාරක් අපේ අනික් ආච්චි ( අප්පච්චිගේ අම්මා) අපේ අක්කගේ පිට අත්තම්මගේ කකුල අතුල්ලන ගලෙන් 'බර බර' ගාල අතුල්ලලා මහා කාලගොටියක් උනා.. හි.. හි... අක්කා අඬ අඬ පිටේ පව්ඩර් ගානවා මට මතකයි.

      Delete
    9. Upeksha,

      / සුදු වෙනවා කියන එක මට අරහන් උනේ අත්තම්මගේ සමහර වැඩ හින්ද. බුදු අම්මේ ඇඟේ ගාල විතරක් ද, මොර ගුලිද, සෆ්රෝන් ද, ඔක්කොම ජාති දුන්න!! උන්දැටත් පොත්ත රතු නම් ඒ ඇති තත්වේ! හි.. හි... /

      සුදුපාට වීම තමයි ඒ කාලෙ ලස්සන මනින එකම නිර්ණායකය.මට හිතෙන්නෙ සතවර්ස එකහමාරක් විතර සුද්දන්ට යටත් වෙලා හිටපු එකේ ප්‍රතිපල වෙන්ට ඕන ඔය.ඇයි අර වදකහ සුදියෙ කතාව අහල තියනවනෙ නේද? පොත්ත සුදුවෙන්ට වදකහ බීල ගෑණුන්න බඩේලිය යන්ට අල්ලපු සීන් එක...හෙහ්,හෙහ්,

      / අර කුණු අතුල්ලන කතාවේ නම්, අපේ අත්තම්මට තිබ්බ බියුටි ස්ටෝන් කීපයක්. පිට අතුල්ලන එකයි, කකුල අතුල්ලන එකයි.. අරකයි.. මේකයි විදියට.  /

      පොඩි කාලෙ ඉඳලම ගල්පත වලින් බරබර ගෑවිල්ලෙ අතුල්ලල මට දැං ඔය බාත් ස්පොන්ජ් වලින් අතුල්ලල නෑහම නෑවෙ නෑ වගෙ. අනික කොහොමත් මගෙ තියන කබර හමට බාත් ස්පොන්ජ් හරියන්නෙත් නෑ. ඒ හින්ද මම කලේ දෙවෙනිපාර ගෙදර ගිහිල්ල එනකොට මගෙ ඇඟ අතුල්ලන ගල අරං ආව.එයාපෝට් එකේදි ඔය ගල හින්ද සෑහෙන ප්‍රශ්ණයකට මූණදෙන්ට උනා මට. යන්තං ඒ පාර පැහැදිලිකරල දීල ගලත් එක්කම එලියට ආව.

      ආයමත් එක පාරක් අපේ අපාට්මන්ට් එකේ පාටියක් තිබිල අපි අඳුනන පිලිපීන් කෙල්ලො දෙතුන් දෙනෙක් ආව. ඒ යෝදියො මගෙ බාත් රූම් එකට ගිහිල්ල ඔය මගෙ ගල දැකල මහ කරදරයක් උනේ. අන්තිමට මට එවුංට නාල ඇඟ අතුල්ලලම පෙන්නන්ට උනා...හෙහ්,හෙහ්,

      Delete
    10. ඉස්සර ගැහැණු අයට නානවා කියන්නේ මහා රාජකාරියක්නේ. නාන්න ගියහම කට හරි කියලා ඔය ගලකින් හරි පොල් කොස්සකින් හරි පිට අතුල්ලව ගන්නමයි බලන්නේ. ඕක බලන් හිටිට සුද්දෙක් වෙන්න ඇති ඔය බියුටි ස්ටෝන් ව්‍යාපාරය පටන් ගන්න ඇත්තේ. මට නම් ආසම නැහැ ඔය අනුන්ගේ පිට අතිල්ලිල්ල .හිමිට පැනල යනවා.
      අර සින්දුව මතකද
      එඩ්වඩ්ගේ " කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ " තාලෙට
      "පොල් පරාල යාර ගණන් කුණු ඇඹරෙන්නේ "
      ඉතුරු ටික මතක නැහැ.

      අපි නාපු එක ළිදක් ගාව තිබන ඔය ගොඩපර ගහක්. අපේ අක්කත් නාන්න දෙය්යනේ. වෙරළු කොළ කොටනවා ,ගොඩපර තලනවා. මම නම් ඉතින් ඔය වැඩ වලට කම්මැලියා. එයා එක්ක බේරෙන්නම බැරි වුනහම තමයි හවුල් වුනේ.
      ඔලිව් තෙල් ගාලා අව්වේ හිටියම තවත් කළු වෙනවනේ. ඇත්තටම ඒ කාලේ සන් ලෝෂන් අරවා මෙව්වා ගැන අහලවත් තිබ්බේ නැහැ . කුඩයක් ගෙනිච්චේ cats and dogs වැස්සොත් විතරනේ.
      මේකකොටන වෙලාවේ මට තව පෝස්ටුවක් කොටා ගන්න තිබ්බ.

      Delete
    11. //මට නම් ආසම නැහැ ඔය අනුන්ගේ පිට අතිල්ලිල්ල .හිමිට පැනල යනවා. // මං නං අපේ ගෙදර නැවතිල උන්නු අක්කල අහනකල් ඉන්නෙ ඔය වැඩේට උදව් වෙන්න :D

      Delete
    12. බින්දි ඇන්ඩ් ඉන්දික,

      හෙහ්, ඉන්දික ගෙදර නැවතිල ඉන්න අක්කලගෙ පිටවල් අතුල්ලන්ට ට්‍රයි කරන්නෙ..මම ඒ කාලෙ හවසට යනව නුවර වැවේ බන්ඩ් එකට. නාන තොටුපොලක් ගාව කුඹුක් ගහක් යටට වෙලා වරුවක් විතර බලා ඉන්නව කවුරුහරි නාන බබලතෙක් පිට අතුල්ලන්ට කතා කරයි කියල. කොහෙද එවුං රවාගෙන යනව මිසක කිසිකෙනෙක් බැරිවෙලා මට කතා කලේ නෑ..අනේ මල්ලි එන්ටකො මේ මගෙ පිට ටිකක් අතුල්ලන්ටකො කියල..සික් මේ බබලත්තුනං...

      Delete
    13. නුවර වැවේ කිව්වෙ අනුරාධපුරේ එකේ වෙන්ඩැති. අරකෙ නෑවෙ බිසෝලගෙ කාලෙ විතරනෙ.

      එක අතකට එආව ඒ කාලෙම උන හින්ද හොඳයි. දැන් වගේනං ඒ අක්කලව උසාවි දානව ළමා අපහරණයට..හෙහ්..හෙහ්..

      Delete
    14. ඉන්දික,

      ඔව් බං අනුරාධපුර නුවර වැව ගැන තමයි මම කිව්වෙ..ළමා අපචාර කියන්නෙ බං කියල වැඩක් නෑ. පාරෙ පොඩි ළමයෙක් අතරමං වෙලා වගෙ හිටියත් ළඟට ගිහිල්ල අහල බලන්ට බයයි ළමාරක්ෂක අධිකාරියෙං අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දායි කියල. අනික අපේ වයසත් හොඳ නෑනෙ බං...හෙහ්,හෙහ්, කාලය මැවු වෙනසක අරුමේ කියන්නෙ ඒකයි..ඉස්සර අපි පොඩි කාලෙ වයසත් හොඳ නෑනෙ කිව්වෙ තරුණ ගැටවුන්ට ගැටිස්සියන්ට. දැං ඒකෙ අනික් පැත්ත....

      Delete
  2. Sorry I don't have Sinhala fonts hence writing it in English. Bought ESPN spending $100/=. Same day Sri Lanka lost to Zimbabwe. Anyway at least will be able to see some good games. RIP Sri Lanka Cricket. Like MR has started watching cricket since he has nothing else to do now.

    ReplyDelete
    Replies
    1. Dinesh,

      Yes, Dinesh It' s really frustrating when you see them going down so easily. The main problem is out inept bowling attack. First it was Rohit Sharma, then MaCallum, then Ronchi, Williamson and Taylor...they scored at will. Our bowlers were clueless.

      Well ..be happy...at least you can see come good matches...:)

      Delete
  3. //මම හිතන්නෙ ප්ලාස්ටික් වගෙ මොනවහරි දේකින් හදල තිබ්බෙ. මහම මැෂින්වල නූල් ඔතන බොබින්ස් දන්නව නේද? සිංහලෙන් කියන්නෙ ඉද්ද කියල. ඔය බොත්තං හරියටම අන්න ඒ බොබින්ස් වගේමයි.ඒ බොත්තං වල මැදින් සුදුපාට කපු නූලක් වගෙ එකකින් වැලක් වගෙ වෙන්ට බැඳලයි තිබ්බෙ. කලිසම අඳිනකොට කරන්නෙ අර බොත්තං වැල දෙපැත්තෙ කාස වලට දාගෙන දාගෙන යන එක. ඒ කරල උඩම පටියෙ බොත්තම දානව. එච්චරයි.// :O

    මට නම් මැච්වලට වඩා හොඳයි පඳුරු තැලිල්ල.

    මැච් එක පටන් ගන්නා තුරු බලා ඉඳිමින්...:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      පඳුරු තැලිල්ල හොඳයි එතකොට මැච් වලට වැඩියෙ නේද? ආ..හොඳා..හොඳා... :)

      Delete
  4. දැන් ඉතින් අපි කාගෙත් මේ ටිකේ තියෙන ලොකුම හීනේ තමයි ඕක.. අපි බලමු මේ ගමනත් උත්සාහ කරලා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      යස් මල්ලි එහෙම හිතන්ට විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ...:)

      Delete
  5. අම්මෝ මාලිංගගේ බඩ....:O

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      ඕකා ඔය ඉන්ජර්ඩ් වෙලා හිටිය කාලෙ කෙලල අරින්ට ඇති තුංවේලම බත්. :)

      Delete
  6. ඔය නානකොට ගණං කිරිල්ලනං පොඩිකාලෙ පුරුදු උනාට පස්සෙ ලොකු උනාමත් අතාරින්න බැරි දෙයක් වෙනව. ෂවර් එකෙන් නානකොට බාල්දි ගාන ගණං කරන්නෙ කොහොමද. එතකොට බාල්දිය ළිදෙන් අරං ඔලුවට දාන ටයිමින් වලට ගණං කරල තමයි ගාන හදාගන්නෙ.

    //සන්ලයිට් පෙට්ටියකුත් ලැගේජ් එකේ බැඳගෙන// ඔය කියන්නෙ අර ඉස්සර ආපු ලී සන්ලයිට් පෙට්ටි වෙන්න ඇති.

    මගෙත් පොඩිකාලෙ ඔයවගේ දණහිස්සෙ තුවාලයක් හැදිල මාස ගාණක් සනීප වෙන්නැතුව තිබුණ. පස්සෙ දවසට විනාඩි 15 ක් විතර පිටිපස්සෙ දොලේ බැහැල ඉඳලමද කොහෙද සනීප උනේ.

    ක්‍රිකට්නං ෆයිනල් එකට ලංකාව අාවොත් බලනව මිසක් එච්චර ආස දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / එතකොට බාල්දිය ළිදෙන් අරං ඔලුවට දාන ටයිමින් වලට ගණං කරල තමයි ගාන හදාගන්නෙ. /

      ඒකට මෙහෙම කලෑකි. හැබැයි වෝටර් පෲෆ් ඔරලෝසුවක් ඕන වෙනව. ෂව්‍ර එකෙන් නන වතුර එහෙම්මම පිරෙන්ට අරිබව බාල්දියට. බාල්දිය ෆුල් පිරෙන්ට යන වෙලාව ඔලලෝසුවෙන් බලා ගන්න්නව. එහෙම පුලුවන් නියම බාල්දි ගාණ හරියටම කිරල මැනල නාගන්ට.

      / ඔය කියන්නෙ අර ඉස්සර ආපු ලී සන්ලයිට් පෙට්ටි වෙන්න ඇති. /

      යස්, එව්ව තමයි..කහ පාට වගෙ ලා පාට ලී වලින් හදල තිබ්බෙ. පෙට්ටියෙ පිටින් තිබ්බ නිල් පාටින් ඉරක් පායනව පින්තාරු කරල.එක පෙට්ටියක මට මතක විදිහට සන්ලයිට් කැට දුසිම් හතරක් ද කොහෙද ආව.

      / මගෙත් පොඩිකාලෙ ඔයවගේ දණහිස්සෙ තුවාලයක් හැදිල මාස ගාණක් සනීප වෙන්නැතුව තිබුණ. පස්සෙ දවසට විනාඩි 15 ක් විතර පිටිපස්සෙ දොලේ බැහැල ඉඳලමද කොහෙද සනීප උනේ. /

      ඒ කොහොමද බං ඒ? දොලේ බැහැල හිටියම තුවාල සනීප වෙන්නෙ? තුවාල එක්ක වැව්වල නාන්ට ගිහාම සුට්ටි මාලු ඇවිල්ල තුවාලෙට කොටනව. ටිකක් රිදුනට ඒකෙත් තියනව අමුතු ආතල් එකක්. තුවාලෙ පැසවපු උඩ හම හරිය මාලු කොටල අයිංඋන හින්ද තුවාලෙ ඉක්මනට සනීප උනාද දන්නෙ නෑ...:)

      Delete
  7. wපිත් ඉක්කෝලෙ කිරිකොට් ගැහුවෙ ඕම නෙව...
    මමත් එක පාරක් පෝස්ටුවකට ලීව
    දැං නං හොයාගන්ට ත් බෑ
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      / wපිත් ඉක්කෝලෙ කිරිකොට් ගැහුවෙ ඕම නෙව.. /

      හෙහ්,හෙහ් අපේ වගේම තමයි....ඔය පිට්ටනියෙ අපි තව සෙල්ලමල් කලා. ඒකට කිව්වෙ ගල්අත කියල. පොඩි පැතලි එක උඩ එක තියන්න පුලුවන් ගල් කෑලි හතක් තරමක් ලොකු ගලක් උඩ තියනව එක උඩ එක හිටින්ඩ. වළං කටු ගන්නත් පුලුවන්. කණ්ඩායම් දෙකක් ඉන්නව. එක ටීම් එකෙකට හතක් අටක් වගෙ. අඩි දහයක් වගෙ දුරින් ඉඳල එක්කෙනෙක් අර එක උඩ එක තියපු වළංකටු හෝ පැතලි ගල් ගොඩට බෝලෙන් ගහල කඩන්ට ඕන.

      ඊට පස්සෙ ඒ කඩපු කන්ඩායමේ අය ආයම අර ගල් කෑලි හත එක උඩ එක තියල හදන්ට ඕන. අනික් ටීම් එකේ අය කරන්නෙ බෝලෙං එයාලට ගහන එක. බෝලෙ ඔලුවෙ හෝ දණිහෙන් පහල ඇරෙන්න වෙන කොහෙ හරි වැදුනොත් එයා අවුට්.බෝලෙට හෙඩ් කරන්න හෝ පයිං ගහන්න අවසර තියනව. ඒත් පයිං ගහපු එකක් අනික් පිලේ එක්කෙනෙක් බිම වැටෙන්න ඉස්සර ඇල්ලුවොත් ඒ ගහපු ක්‍රීඩකය අවුට්. හෙඩ් කරපු එකක් ඇල්ලුවොත් ඒ මුලු පිළම අවුට්. එක්කෙනෙක් හරි ඉතුරුවෙලා ගල් හත එක උඩ එක තිබ්බනං ඒ කණ්ඩායම දිනුම්.

      ඔතන මිනී මරාගන්න වෙන්නෙ කට්ටියක් ක්‍රිකට් ගහන අස්සෙ තව කට්ටියක් ගල් අත ගහන්න ගිහාම....:)

      ගල්අත ගැහිල්ල ගැන ආයම දවසක ලියන්නං...:)

      Delete
    2. Praසන්ன,

      ස්තූතියි ප්‍රසන්න,

      හෙහ්.... ඕනම කෙනෙක්ගෙ ඕනම පරණ පෝස්ට් එකක් කියන පරක්කුවට උඹ හොයල දෙනව නේද? මම කලිනුත් දෙතුන් පාරක් දැකල තියනව ප්‍රසන්නගෙ ඒ හැකියාව..අපේ හිටපු ජනාධිපති විජේතුංග මහත්තය කියනව වගෙ බෝම සන්තෝසයි, බෝම සන්තෝසයි..:)

      Delete
    3. වැඩිය ගුණ වයන්න එපා බොල. ඔය කට්ටයගෙ අමතක වෙලා තියෙන පරණ ෆයිල් එහෙම හොයල දෙන්න කියල අල්ලගෙන ගියොත් එහෙම. :D

      Delete
    4. අපි ඔය ගල් අත කියන සෙල්ලම කලේ ටින් වලින් (සැමන් ටින් , කිරි ටින් ) අපි කිව්වේ ටින් කඩනවා කියල .. :)

      Delete
    5. ඔව් පැතුම්... අපිත් කිව්වේ ටින් කඩනවා කියලා. වැඩිපුර භාවිතා කලේ හැබැයි 'පිට්ටු කඩනවා' කියල.

      ඔය පිට්ටු කඩන්න ගොහින් මට වෙච්ච අනතුරක කැළැල් තාමත් තියෙනවා. මතක් වෙනකොට දැන් නම් බයේ බැහැ . අපේ ගෙදර ගෑනු ළමයි විදියට ඕවට යන්න පොඩි පහේ විරෝධයක් සහ තහනමක් තිබ්බ. ඒ උනාට මම හොරෙන් යනවා. අපේ අය්යාගේ 'ගොඩේ' ජාතියේ සෙල්ලමක් ඕක. ඔය ජාතියේ එව්වට යන්න තහනම් හින්ද හොර පුසෝ වගේ අම්ම ගෙදර එන්න කලින් ඇවිත් ඉන්නවා. ඉතින් අතක් පයක් ලෙලි ගියත් හොරෙන් බෙහෙත් තනියෙන් දාගෙන තුවාලේ වැහෙන්න ඇඳුමක් ඇඳගෙන ඉන්නවා....

      අදටත් මම පිට්ටු කඩන්න නම් උඩින්ම දුවන් යනවා...

      Delete
    6. පැතුම් සහ උපේක්ෂා,

      බොලාගෙ කාලෙට එනකොට එහෙනං ගල් සහ වළං කැබලිති වෙනුවට කිරිටින් සහ සැමන්ටින් ආදේශ වෙන්ට ඇති. අපි ගල් අත ගහපු කාලෙ බොලව් සැමන් ටින් එකක් ආසාවට දකින්ටවත් තිබ්බෙ නෑ. මම ඉස්සෙල්ලම ඇපල්, මිදි, සැමන් ටින් දැක්කෙ අවුරුදු 14 කුත් පහුවෙලා...හෙහ්,හෙහ්,

      Delete
  8. ඕනම දෙයක් විනාශ කරණ කොට එකපාරටම නැති වෙන්නේ නෑ..

    උඹ දන්නවනේ පුට්බෝඩ් එකෙන් පැන්නහමත් ආපු ඉස්පීඩ් එකට පොඩ්ඩ්ක් ඉස්සරහට දුවන්න ඕන.. එහෙම නැත්නම් එතනම තපහ්....

    රාජපක්ෂට වෙච්චි දේමයි ක්‍රිකට් වලට උනේ.... අර්ජුණ රණතුංග වර්ල්ඩ් කප් එක ගෙනාවා ඇත්ත.. ඒත් ඊට පස්සේ ඒක අර්ජුණලගේ බූදලයක් කර ගත්තා.. රාජප්ක්ෂ යුද්දේ දිනලා මුළු රටම එයාගේ කර ගත්තා වගේ..

    මේ රටේ ක්‍රිකට් කෑවේ රණතුංගලා.. ක්‍රිකට් වලට පොලිටික්ස් ගෙනාවේ රණතුංගලා.. අදත් නිශාන්ත රණතුංග කරන්නේ ඒක. උන් ක්‍රිකට් පාළක මණ්ඩලය කාබාසීනියා කලා.. රාජපක්ෂ ආන්ඩුවෙන් ඒක තනිකරම එයාට ලියලා දුන්නා..

    නැෂනල් ටීම් එකට ගහන්න රණතුංගලාට අල්ලන්නම් ඕන. එහෙමත් එකෙක් තමයි එහෙම නැතිව ගහන්නේ.. ඌව කොහොම හරි කපනවා.. සනාලට උනත් නිශාන්තට යටත් වෙන්න සිඳු උනා.. අර්ජුණ ඉන්නකම් අර වික්‍රමසිංහයා ඇර වෙන එක ෆාස්ට් බෝලර් කෙනෙකුට චාන්ස් එකක් දුන්නේ නෑ. හැම එකාම අර්ජුණ කියන විදියට ඉන්න උනා.. එහෙම ඉන්න බැරි රොෂාන් මහානාම් වගේ උන්ට පල නොකියා පලා බෙදුවා.. නම්බර් වන් ක්‍රිකටර්ස්ලා රට දාලා ගියා.. මාවන් කියන්නේ කව්ද රණතුංග පවුලේ එකෙක්.. පට්ට ෆේල් දිනේෂ් චන්දිමාල් කියන්නේ රණතුංගලගේ මරදානේ ගෙදර ඉඳන් ඒ පවුලට කඩේ ගිය උන්.. කරුණාරත්නලත් එහෙමයි.. කෙහෙලියගේ පුතත් නැෂනල් ස්කොඩ් එකේ.. එකම විකාරයක්.. මේ අසාධාරණයට එරෙහිව සංඝා සහ මාලිංග මහින්ද ගාවට ගියා.. මහින්ද හැමෝටම වගේ මුන් දෙන්නව ඇන්දුවා..

    මොකද උනේ.. අන්තීමට සංඝාට එලව එලව ගැහුවා.. අළුත් ආන්ඩුවේ ර්ණතුංගලාගේ බලය අසිමාන්තිකයි.. ඉතින් ලංකාවේ ක්‍රිකට් වලට අබ සරණයි.. රණතුංගලා නම් ත්ව මාළිගා ටිකක් හදයි..

    මම හරි කැමතියි.. ඔය රජගෙදර රිලවගේ මාලිගාවල් ගැන හොයනවා වගේ.. රණතුංග පවුලේ මාළිගා ගැනත් හොයනවා නම්.. ක්‍රිකට් ගැහුවේ රණතුංග විතරනේ.. 77 ගෙවල් ගිනි තිබ්බයින් පස්සේ හිඟන්නෝ වගේ උන්න පවුලක්.. මේ සුලු කාළය තුල ඔය තත්වෙට ආවේ කොහොමද කියලා හොයනවා නම් මාර වටිනවා..

    මේවා මුකුත් නොදන්න තොත්ත බබාලා අදටත් අර්ජුණට වඳිනවා... මහින්දට වගේම...

    ශ්‍රී ලංකා ක්‍රිකට් මලා, අර අප්පච්චි මලාම වගේ..

    ඔය නවසීලන්තේ කරන්නේ ආදාහන කටයුතු...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ටූ හන්ඩ්‍රඩ් පර්සන්ට් ඇග්‍රීඩ්.1996 වර්ල්ඩ් කප් එක ගෙනාවට පස්සෙ මමයි මේකෙ ලොක්කා, මට ඕන විදිහටයි මෙතන වැඩ කෙරෙන්ට ඕන කියන මෙන්ටලිටි එකේ අර්ජුන හිටියෙ.අර මතකද අසෝක කණිෂ්ඨෙ පොඩි එවුං කට්ටියකට ගස් බැඳලද කොහෙද ගැහුව ඔය අයියල මල්ලිල සෙට් එක එකතුවෙලා. එයාලගෙ අම්මට ඒ කොල්ලො මොනවද කියල බැන්නයි කියල. කොල්ලො කොහෙත් එහෙමනෙ. රංචුවට වැටුනම ඒ ෆිට් එකට නොයෙක් දේවල් කරනව. අපිත් එහෙම කරල තියෙනව. ඒ කොහොම උනත් තමන්ගෙ පවුලට තියෙන සමාජීය සහ දේශපාලන හයිය ඔලුවට අරගෙන එවුං ගස් බඳින එක හරිද? පොලීසියෙනුත් අන්තිමට වැඩේ යට ගැහුව.

      1999 වර්ල්ඩ් කප් එකටත් ශ්‍රී ලංකා කැප්ටන් වෙන්ට අර්ජුනගෙ ලොකු ඕන කමක් තිබ්බ. ( මරාගෙ චින්තනයම තමයි.මමයි යාවජීව රජතුමා ...) අන්තිමට පලවෙනි වටයෙන්ම එලියට වීසි වුනා. මේ පාරත් එහෙමම වෙයි කියල මට හිතෙනව.

      ක්‍රිකට් බෝඩ් එක ගැනනං කතා නොකරන තරමට හොඳයි. අර නීල හොරෙක් හිටිය සබාපති වෙලා ඩී.එස්. කියල. අන්තිමට යටි මඩි ගහපු සල්ලිත් අරගෙන යන්ට ගියා කිසිම අවුලක් නැතුව. නඩුත් නෑ..බඩුත් නෑ..ඒ යකාගෙ ලේකම් වෙලා හිටපු නිශාන්ත තවම ලේකම්. මිනිහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. මරා හිටියත් උං දිනුං..මෛත්‍රී හිටියත් උං දිනුං...කාටද මෙව්ව කියන්නෙ?

      මේ පට්ට හොරු රැල බෝඩ් එකට වෙලා හතර අතේ ගහන්නෙ කොල්ලො පිට්ටනියට බැහැල මැච් ගහල දිනල ගෙදර ගේන අර කප් එකයි මේ කප් එකයි හින්ද ගලාගෙන එන සල්ලි. ඒ නිසා ඇත්තම කියනවනං එක අතකට මේ පාර අපි රිඹ යන්ට පැරදෙනවනං මගෙ හිතේ කණගාටුව මිශ්‍ර සතුටකුත් නැත්තෙම නෑ.

      Delete
    2. //නීල හොරෙක් හිටිය සබාපති වෙලා ඩී.එස්. කියල.//
      ඔය ඩී.එස් ගේ බුවෙක් උන්නේ සුරාජ් දන්දෙණිය කියලා මතකෙයි ඔහෙලාට ?පොරත් අමර සෙවිල්ලක් හෙව්වා ලෝක කුසලාන ලංකා කමිටුවේ සභාපති.ලෝක කුසලානෙන් පස්සේ මිනිහාට සැහෙන්න චෝදනා අවා මුල්‍ය වංචා ගැන මොනව උනාද මන්දා
      ඒවාට.පස්සේ හැබැයි මිනිහා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිත් වුණා.

      Delete
    3. ඩී එස් දැන් කාලෙක ඉඳන් පෝලන්තයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති හැටියට කටයුතු කරනවා.

      Delete
    4. මනෝජ්,

      / ඔය ඩී.එස් ගේ බුවෙක් උන්නේ සුරාජ් දන්දෙණිය කියලා මතකෙයි ඔහෙලාට ? /

      ඩී.එස්. කියන්නෙ සුරාජ් දන්දෙණියගෙ බාප්පා.තාත්තගෙ මල්ලි. බාප්පයි පුතයි එකතුවෙලා තමයි ගේම දුන්නෙ...හෙහ්,හෙහ්,

      / පොරත් අමර සෙවිල්ලක් හෙව්වා ලෝක කුසලාන ලංකා කමිටුවේ සභාපති.ලෝක කුසලානෙන් පස්සේ මිනිහාට සැහෙන්න චෝදනා අවා මුල්‍ය වංචා ගැන මොනව උනාද මන්දා /

      ඒ යකාටත් කිසිදෙයක් වුනේ නෑ. බොහොම සනීපෙට හොරකං කරපුවත් කරේ තියාගෙන යන්ට ගියා. අනේ අම්මපල්ල..මයිල් කොයිල් වෙනව මෙව්ව මතක් වෙනකොට...:)

      Delete
    5. හැලප,

      / ඩී එස් දැන් කාලෙක ඉඳන් පෝලන්තයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති හැටියට කටයුතු කරනවා /

      අම්මප? ඒ යකා දැං තානාපතියෙක් වෙලාද? මම ඔය ඇහුවමයි එහෙම එකක්..

      Delete
    6. ඇයි ඔය යකාම මහින්දගේ ක්‍රිකට් පිළිබද ජනාධිපති උපදේශක වෙලත් හිටියේ...:D

      Delete
    7. ඇයි ඔය හොරකන් වලට සැටිපිකෙට් දෙන "සුජීව" කියන වර'ම'ලත් ගණකාධිකාරය. මිනිහත් ඉතින් මොකා සභාපති උනත් ඔතන එකවුන්ටන් වෙච්චි.

      Delete
    8. Manoj,

      / ඇයි ඔය යකාම මහින්දගේ ක්‍රිකට් පිළිබද ජනාධිපති උපදේශක වෙලත් හිටියේ...:D /

      එහෙනං..එහෙනං..ඒ හොරාම තමයි. මරාටත් හරියන්නෙ ඒ ජාතියෙ තක්කඩි තමයි. ඔය උපදේසක තනතුරේ ඉන්නකොටත් පිටපලාත්වල ක්‍රිකට් දියුණු කරන්ට නම් ටර්ෆ් විකට්ස් හදන්ට ඕනෙයි කියල මොකක්ද විකාරයක් කරල කෝටි ගාණක් ගැහුව. ඊට පස්සෙ කලේ ඒ තනතුරම අහෝසි කරල දාපු එක.

      Delete
    9. Indika,

      / ඇයි ඔය හොරකන් වලට සැටිපිකෙට් දෙන "සුජීව" කියන වර'ම'ලත් ගණකාධිකාරය. මිනිහත් ඉතින් මොකා සභාපති උනත් ඔතන එකවුන්ටන් වෙච්චි. /

      සුජීව රාජපක්ෂ නේද? ඒ මනුස්සය මෙවුන්ට ජාඩියට මූඩිය වගෙ තමයි...:)

      Delete
    10. //සුජීව රාජපක්ෂ නේද?//රාජපක්ෂලා ඔක්කොම එකයිද එහෙනම්..:D

      Delete
    11. රවි, ඔව් මිනිහ තමා. ප්‍රීති ජයවර්ධනගෙ මස්සිනා, අමරහේවාමද්දුමගෙ බෑණ. හැබැයි මේක උන්ගෙ නමුත් කන ගෝණ.

      Delete
    12. ඉන්දික,

      ඔය ප්‍රීති ජයවර්ධන කියන්නෙ ද ෆිනෑන්ස් සභාපති වෙලා හිටිය මනුස්සයද නැත්තං හවුස් ඔෆ් ෆැෂන්ස් අයිති කාරයද? සුජීව කියන්නෙ අමර හේවාමද්දුමගෙ බෑණද? සුජීව මාතලේ පැත්තෙ.අමර හේවාමද්දුම කෑගල්ලෙදි අප්පච්චිගෙ බොස් වෙලා හිටිය. කෑගල්ලෙ දිසාපති.

      Delete
    13. රවි, ප්‍රීති කිව්වෙ හවුස් ඔෆ් ෆැෂන් අයිතිකරු තමයි. මිනිහගෙ නෝනගෙ සහෝදරය සුජීව. සුජීවගෙ නෝන අමරහේවාමද්දුමගෙ ලොකු දුව.

      මේක දැක්කද?

      Delete
    14. ස්තූතියි ඉන්දික, අපූරු ලිපියක්.....අමර සමර ලිපිපෙල රිවිර පත්තරේ මමත් බොහොම ආසාවෙන් කියෙව්ව...

      Delete
  9. ඔබ මුලින් කී කතාව මටත් ඒහෙමමයි..... හැමදාම උදේ පාසල් ගියේ ක්‍රිකට් ගහන්න..... පැය බාගය වුණත් මාර වටිනවා....

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      හෙහ්..මතක් වෙනකොටත් ආසයි වගේ නේද?.....:)

      ඔන්න අවුට් එකක් ගැන මතභේදයක් ආවොත් පංතියට ඇවිල්ලත් පාඩම යන අතරෙත් කසුකුසුව ඒ ගැන.

      " අරක රනවුට් නෑ බං...මම ක්‍රීස් කලා ගානට "

      " පලයං බං යන්න ක්‍රීස් කලා කෙහෙම්මල, විකට් එක කැඩෙනකොට උඹේ බැට් එක පලාතෙවත් තිබුනෙ නෑ. "

      " බොරු කියන්න එපා බං මම එතකොටත් ක්‍රීස් කරල හිටියෙ, "

      ඔන්න ඔය වෙලාවෙ මුදියන්සෙ මහත්තයගෙ ගොරෝසු කටහඬ පංතිය පුරා රැව් පිළිරැව් දෙනව.

      " වීරසිංහ..දිසානායක මොකද ඔතන වෙනම පාඩමක්ද? හා මෙහාට එන්ඩලා දෙන්නත් එක්ක ....එහෙනං කලු ලෑල්ල ගාවට ඇවිල්ල පාඩම කරන්ඩ මම වාඩි වෙලා බලාගෙන ඉඤ්ඤං..."

      ඊට පස්සෙ මීක් නෑ... අපි පොත් වලට ඔලුව නමා ගන්නව...හෙහ්,හෙහ්,

      Delete
  10. මෙදා සැරේ ලංකාවටත් ඈෂස් ගේන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඔව් හැලප,…….සමාදානයේ සැතපේවා!!!

      Delete
  11. ඔය කලිසම් වල බොත්තම් එන සින් එක දැනුත් තියෙනවා රවීයියේ ඩෙනිම් කලිසම් වල.මගේ දැන් තියෙන ඩෙනිම් කලිසම් බොත්තම් පේළිය තියෙන එව්වා.
    සිපර් එකට වඩා බොත්තම් ආරක්ෂාකාරීයි,(සෙප්ටි පස්ට් නෙහේ ...:D)අනික සිපර් එක වගේ නෙමේ බොත්තම් දැම්මේ නැතිනම් කලිසම බුරුල් වෙන නිසා අනිවර්යෙන්ම බොත්තම් දන්න වෙනවානේ.ඒ නිසා අමතක වීමෙන් වත් ඇරන් යන්න වෙන්නේ නැහැ.මට එක පාරක් වැරදීමකින් සිපර් එක වහගන්න බැරි වෙලා මාර කෙලියකුත් වුණා ..:D

    මමත් ඔය ස්පොට් මිට් කාලෙට දිව්වා ඇරෙන්න කරපු සෙල්ලමක් නැහැ.අපේ ස්කොලේ ලොකු ග්‍රවුන්ඩ් තිබ්බත් ක්‍රිකට් නෙමේ ගැහුවේ ඒවයේ රගර්.අපි රගර් ගැහුවොත් හතරට,පහට කැඩෙන නිසා රගර් ගහනවා බලන් හිටියා මිසක් ගහන්ට ගියේ නැහැ.:D

    හැබැයි ඉතින් සුද්දාගේ දෙයක් වුණත් ලංකාවේ අපිට විතරක් නෙමේ අපේ දකුණු ආසියානු කලාපෙටම ක්‍රිකට් තමයි.එත් ඔන්න අද මැච් එකනම් කෑවා.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / ඔය කලිසම් වල බොත්තම් එන සින් එක දැනුත් තියෙනවා රවීයියේ ඩෙනිම් කලිසම් වල.මගේ දැන් තියෙන ඩෙනිම් කලිසම් බොත්තම් පේළිය තියෙන එව්වා. /

      නෑ කොල්ලො මම කියන්නෙ එහෙම සීන් එකක් නෙවෙයි. ඔය අපෙ අප්පච්චිලගෙ කාලෙ තිබ්බ කලිසංවල බොත්තං ඇත්තෙම නෑ. බොත්තං පේලිය එකට අමුණල වෙනම තියෙන්නෙ. කලිසමේ තියෙන්නෙ කාසම දෙකක්. අර බොබින් එක වගේ එකේ දෙපැත්ත කාස දෙකට දාන්ටයි තියෙන්නෙ.

      / සිපර් එකට වඩා බොත්තම් ආරක්ෂාකාරීයි,(සෙප්ටි පස්ට් නෙහේ ...:D) /

      අම්මට වූඩු..මතක් කරන්න එපා..හෆොයි එහෙම වේදනාවක්...බබලත්තුන්ට බබානිස්ල හම්බවෙන්ට ගිහාම දැනෙන වේදනාව පිරිමින්ටත් දැනෙන්ට කියලලු දෙයියො ඔය සිප් එක කියන අටමගලෙ මැව්වෙ...

      වැඩේ හරියට සෙට් උනොත් එහෙම ඔන් ද ස්පොට් මිස්ටර් කොණකපාලන් වෙලයි නවතින්නෙ. මටත් එක පාරක් ඔහොම උනාට පස්සෙ මම මගේ අවුට් ඔඩ් ද බොක්ස් චින්තනය පාවිච්චි කරල ආය එහෙම නොවෙන්ට ක්‍රම දෙකක් හොයාගත්ත.

      1. සිප් එක ඉස්සෙල්ල දාල ඊට පස්සෙ කලිසම අඳිනව

      2. කලිසම ඉස්සරහ පස්ස මාරුකරල ඇඳල කණ්නඩියෙන් බලාගෙන සිප් එක දාල ඊට පස්සෙ කරකවල ගන්නව ආයම ඉස්සරහට.

      උඹත් එහෙම කරල බලපං අද්දුටුවයි සත්තයි. හරි නොගියොත් මුදල් ආපසු..,මම ඔය ක්‍රම දෙකට පේටන්ට් අයිතිය ඉල්ලල ඇප්ලයි කරලයි තියෙන්නෙ...හෙහ්,හෙහ්,ඒක අනුමත වෙච්චි ගමං ආය නෑ කොහොමද දන්නවද මම ඉතිං ලෝඩ් බකිංහැම් වගෙ තමයි.

      / එත් ඔන්න අද මැච් එකනම් කෑවා. /

      ඒකනෙ බං කියල වැඩක් නෑ..බෝලිං සත පහක වැඩක් නෑ...රංගනයි, ඇන්ජලෝයි ඇරෙන්න ඉතුරු එවුං අන්තිමයි...මම නං දැං වැඩේ අතෑරල දාල තියෙන්නෙ..නිකං මොකටද බං අපි මෙහෙ ප්‍රෙෂර් නග්ග ගන්නෙ?

      Delete
    2. උඹේ ක්‍රම දෙකට අමතරව ආරක්ෂාකාරීව zipper එක දැමිය හැකි ගැන හිතමින්...

      Delete
    3. Dude,

      මමත් ඒ ගැන වැඩිදුරටහ් හිතුව හෙන්රි...එතකොට මට කල්පනා වුනා මෙහෙම ක්‍රමයක්... ස්ටේන්ලස් ස්ටීල් කොපුවක් වගෙ එකක් පාවිච්චි කලෑකි. අර දිදාළ දන්නව නේද? ආන්න ඒ වගෙ ..ඒත් ඊට ලොකු එකක්. තම තමන්ගෙ හැකියාව අනුව ඉතිං ඕක රන් ආලේපිත නැත්තං තනි රත්තරනෙං හදන්ටත් පුලුවනි.ඒකෙ ගැටලුවක් නෑ.

      හැබැයි ඉතිං ඔය කොපුව ( ඒකට කැමති නමක් දාහත්තෑකි ) ෆිට් එකේ රැඳිල තියෙන්ට නම් ප්ලේබෝයි, පෙන්තවුස් වගෙ මැගසින් කියවන්ට වෙනව නිතර දෙවේලෙ.

      Delete
    4. :D කෝ උඹ හිතන්න දෙනවයැ? මගේ සිතුවිලි වැලට බාදා කලානේ.

      Delete
  12. //කළුගල්ල මහත්තය ගැන අපේ පලෝලෙ අය අරුනම වැඩි දෙනෙක් දන්නෙ නෑ මයෙ හිතේ.//

    පින්නවල අලි අනාථාගාරෙ පටන්ගත්තෙ ඔය කළුගල්ල උන්නැහෙ.

    මම ක්‍රිකට් බැලුවට එහෙමට පිස්සුවක් නෑ. මොනා උනත් පහුගිය මරාන්ඩුවෙන් මගෙ ප්‍රියතම ක්‍රීඩාවට අනුග්‍රහය දුන්නට දැන් ඉතින් ආයි එක කඩා වැටෙයි "තිබ්බ තැනට".

    හැළපෙ කිව්ව වගේ මේ පාර ගේන්න වෙන්නෙ ඈෂස් තමා. ඒ හින්ද ක්‍රිකට් ගැන උනන්දුවක් නැතුන් වගේ ඉන්න එක කන්තෙරුවෙත් විළිවහගන්න පහසුවක් :)

    ReplyDelete
    Replies
    1. Indika,

      / පින්නවල අලි අනාථාගාරෙ පටන්ගත්තෙ ඔය කළුගල්ල උන්නැහෙ. /

      අන්න හරි ඉන්දික..කලුගල්ල උන්නැහෙ තමයි අලි අනාථාගාරය පටන් ගත්තෙ. ඕකෙ විවෘත කිරීමේ උත්සවේට මමත් ගියා බොහොම හිච්චි එකා කාලෙ. අලි රේස් එහෙමත් තිබ්බ. එතනිං ගිහාම අපි මා ඔයට බැහැල එකිනෙකාට වතුර විද ගැනීමේ ආතල් එකකුත් තිබ්බ මතකයි.

      / මොනා උනත් පහුගිය මරාන්ඩුවෙන් මගෙ ප්‍රියතම ක්‍රීඩාවට අනුග්‍රහය දුන්නට දැන් ඉතින් ආයි එක කඩා වැටෙයි "තිබ්බ තැනට". /

      ඒ කිව්වෙ අර රජ පුත්තු තුන්දෙනාම සෙල්ලංන් කරපු උල් බෝලෙ අරං පණ කඩාගෙන දුවන සෙල්ලමද? ...:)

      / හැළපෙ කිව්ව වගේ මේ පාර ගේන්න වෙන්නෙ ඈෂස් තමා. ඒ හින්ද ක්‍රිකට් ගැන උනන්දුවක් නැතුන් වගේ ඉන්න එක කන්තෙරුවෙත් විළිවහගන්න පහසුවක් :) /

      මමත් එහෙමයි..වර්ල්ඩ් කප් ටූනමන්ට් එකක් ගහනව කියලවත් දන්නෙ නැති ගානට ඉන්නෙ...හෙහ්,හෙහ්,….. World cup??? ….What world cup?..Are they playing a world cup? OMG…I didn't know……:)

      Delete
    2. //ඒ කිව්වෙ අර රජ පුත්තු තුන්දෙනාම සෙල්ලංන් කරපු උල් බෝලෙ අරං පණ කඩාගෙන දුවන සෙල්ලමද?//

      ඔව් එක තමා. අන්න මේ පාර ගල්කිස්සෙ වැල්ලෙ කොල්ලො කියල නුවර උන් නෝන්ඩි කරන පොඩි උන් ටික කින්ස්වුඩ් 24 යි 7 ට පරද්දල ස්කූල් කප් ටූනමන්ට් එකත් දිනල :P

      Delete
    3. ඉන්දික,

      ගල්කිස්සෙ විද්‍යා විද්‍යාලය නේද? ඕක කලින් හේනපාර මහා විද්‍යාලය ද සතිස්සර ද? කලිනුත් උඹමද කොහෙද ඔය විස්තරේ පැහැදිලි කලාට මට දැන් මතක නෑ. සතිස්සර අපි පොඩිකාලෙ ඉඳලම රග්බිවලට ප්‍රසිද්ධයි.රග්බිත් මම හරිම ආස ක්‍රීඩාවක්. කොළඹ ඉන්න කාලෙ ඔය බොහොමයක් මැචස් මම බැලුව. පස්සෙ කැන්ඩි චැම්පියන්ස් වෙන්ට ගත්තම බෝගම්බර ගහපු එව්වත් බැලුව පුලුවන් වෙලාවට. අර්වින් හවී, චාල්ස් විජේවර්ධන, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හෆී අබ්ඩීන්, ගැවින් ස්ටීවන්ස්, මයිකල් ජයසේකර, ජපනා ජයවර්ධන, ඩෙන්සිල් කොබ්බෑකඩුව,ඇන්ටන් බෙනඩික්ට්,හරූන් මුසාෆර්, අජන්ත සමරකෝන් මම සෙල්ලං කරනව දැකල තියෙන ප්‍රසිද්ධ ක්‍රීඩකයො.

      රග්බිත් මම හරිම ආස ක්‍රීඩාවක්. කොළඹ ඉන්න කාලෙ ඔය බොහොමයක් මැචස් මම බැලුව. පස්සෙ කැන්ඩි චැම්පියන්ස් වෙන්ට ගත්තම බෝගම්බර ගහපු එව්වත් බැලුව පුලුවන් වෙලාවට. අර්වින් හවී, චාල්ස් විජේවර්ධන, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හෆී අබ්ඩීන්, ගැවින් ස්ටීවන්ස්, මයිකල් ජයසේකර, ජපනා ජයවර්ධන, ඩෙන්සිල් කොබ්බෑකඩුව,ඇන්ටන් බෙනඩික්ට්,හරූන් මුසාෆර්, අජන්ත සමරකෝන් මම සෙල්ලං කරනව දැකල තියෙන ප්‍රසිද්ධ ක්‍රීඩකයො.

      Delete
    4. //ගල්කිස්සෙ විද්‍යා විද්‍යාලය නේද? ඕක කලින් හේනපාර මහා විද්‍යාලය ද සතිස්සර ද?//

      ගල්කිස්ස විද්‍යා විද්‍යාලය කලින් සත්තිස්සර විද්‍යාලය.77 තමයි විද්‍යා විද්‍යාලය වුණේ.
      හේනපාර විද්‍යාලය දැන් ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය කියලායි කියන්නේ.

      Delete
    5. //අර්වින් හවී, චාල්ස් විජේවර්ධන, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හෆී අබ්ඩීන්, ගැවින් ස්ටීවන්ස්, මයිකල් ජයසේකර, ජපනා ජයවර්ධන, ඩෙන්සිල් කොබ්බෑකඩුව,ඇන්ටන් බෙනඩික්ට්,හරූන් මුසාෆර්, අජන්ත සමරකෝන්//

      අපි රග්බි බලනකොට ජනප්‍රිය ඕගොල්ලො නෙමෙයි, පැපුව නිව්ගිනියාවෙන් ආපු ජෝල් ප්‍රෙරාගෙ සෙට් එක.හැබැයි ඔය කට්ටියගෙන් කොබ්බැකඩුව, මයිකල්, අජන්ත ගැන සයන්ස් කොලෙජ් එකේ රග්බි කෝච් හිටපු කමල් සර් කියනව මහ ඉහලින්.

      සයන්ස් කොලෙජ් කියන්නෙ ඒ ඩිවිෂන් රග්බි සෙල්ලන් කරන ජනප්‍රිය පාසල් ගොන්නට නොවැටෙන එකම ඉස්කෝලෙ කිව්වොත් හරි. හැබැයි උන් බුලට්.

      මටත් කොළඹින් ටිකට් එක දීල ගමට එව්වම අන්තිමේ නැවතුනේ ඕකෙනෙ. ඒ කාලෙ අපිට පහල පන්තියක හිටිය සන්ජීව ජයසිංහ තමයි සයන්ස් කොලෙජ් රග්බි වල උපරිම නිශ්පාදනය.

      මිනිහ තමයි නිව් සීලන්ඩ් ඕල්ඩ් බ්ලැක්ස් ටීම් එකට ට්‍රයි එකක් තියපු ලංකාවෙ එකම එකා වගෙම ගල්කිස්සෙන් ගිහින් අවුරුදු දහයක් කැන්ඩි SC ප්ලේ කරල කැප්ටනුත් වෙලා කැන්ඩි ඉතිහාසෙ පලමු වරට ලීග්, නොකවුට් දෙකම දිනවා දීපු පොර.

      ඌ සාමාන්‍ය රගරයිඩ් කෙනෙක් කිව්වම මතක්වෙන විසාල ඇඟ පත ඇති එකෙක් නෙමෙයි හැබැයි :)

      Delete
    6. Indika,

      මම තදට රග්බි ගැන උනන්දුවුනු කාලෙ ලංකාවට ආවෙ පැපුවා-නිව්ගිනී කට්ටිය නෙවෙයි ෆීජියන්ස්ල. අපිසි නගාටා සහ මනසා කෝරෝ සෙල්ලං කලා සී.එච්. ටීම් එකට.තව සී.ආර්. එකට ගැහැව්ව ජාලේ සළු සළු සහ කිටියෝනි රටුඩඩ්රා..හැව්ලොක්ස් ඒ කාලෙ ෆොරීන් අයට චාන්ස් එක දුන්නෙ නෑ.ඔය හැමෝම පස්සෙ කැන්ඩි සෙල්ලම් කලා.සංජීව ජයසිංහ මට මතකයි.

      ඔය කමල් සර් කියන්නෙ කලු උස මහත පුද්ගලයෙක්ද? මම නාලන්දෙ ඉන්දැද්දි සතිස්සර එකෙන් ආව සර් කෙනෙක් මට මතක නම කමල් වගෙ තමයි. හැබැයි වැඩිකල් හිටියෙ නෑ ආපහු වෙන කොහාටද ගියා මාරුවෙලා.

      Delete
    7. සංජීව ජයසිංහ දැන් ලංකාවේ නැහැ.මම හිතන්නේ ඕස්ට්‍රේලියාවල වෙන්න ඕනේ දැන් ඉන්නේ.

      කමල් සර් කලු උස මහත අයෙක් තමයි.මුහුණ පුරා වවපු රැවුලක් තිබ්බා.අපි දන්නා කාලේ ඉඳන්මත් කමල් සර් හිටියේ සයන්ස් එකේ කොච් වෙලා.

      2013-2014 කාලේ මහින්දගේ රොකට් පුතා සයන්ස් එකට train කරන්න අවා.
      http://www.thepapare.com/index.php/rugby-football/683-rohitha-rajapaskha-takes-control-of-science-college

      Delete
    8. රවි, සළු සළු ව කොහොමද නොදන්නෙ. මිනිහ උන්නෙ 90/93 වගේ මට මතක. ඉන් පස්සෙ තමයි පැපෝ උන් ආවෙ වැඩිපුර ( ලාභ නිසා වෙන්ටැ ). උඹට මාර මතකයක් තියෙන්නෙ නම් ගැන, ඒ ගැන මෙන්න මගේ මෙව්ව එක!!

      හැවලොක්ස් වැඩිපුරම ගැහුවෙ සයන්ස් බුවාල. කෝලිත, හිල්මි, නසීම් වගේ උන් කැප්ටනුත් කරා. හැබැයි වැඩි මනාපෙ සී ආර් මැච් බලන්න. මොකද කෑලි බහින්නෙ ඒකටනෙ.

      කමල් සර් සයන්ස් කොලෙජ් කෝච් උනේ 87 විතර ඉඳල මම දන්න විදිහට! මිනිහ නාලන්දෙ උන්නද මන්ද, හැබැයි අනන්‍යතාව තමා රැවුල සහ දවල්ට බීම :)


      මනෝ, ඔය යක්කු කාලයක් තර්ස්ටන් එක උඩ දාල සයන්ස් එක බී ඩිවිෂන් දාන්නත් ගියා නේද? මොකාද එතකොට මෙකව කෝච් කරන්න ගත්තු අපතය?

      Delete
    9. කමල් සර්ගේ රස්සා පවා නැති වුණා සයන්ස් කොලෙජ් කෝච් කරන්න ගත්තායින් පස්සේ.දවල් තිස්සේ බීලා හිටියාට,මරුමුස් පෙනුමක් තිබ්බාට හරි හොඳ මනුස්සයෙක්.පුද්ගලික ප්‍රතිලාභ නොබලා වැඩක් කරපු කෙනෙක්.සයන්ස් රගර් ඉතිහාසයේ අමතක නොවන නමක්.

      අර යක්කු නම් කොච් කරන්න කොහොම ආවද දන්නේ නැහැ.උන් ආපු එකෙන් වුණේ ටීම් එකේ විනය පිරිහෙච්චි එකයි.ආඩම්බරකාර අප්පොච්චා රටේ විනය නැති කෙරුවා.පුතණ්ඩියා ස්කෝලේ රගර් ටීම් එකේ විනය නැති කරන්න ගියා.

      Delete
    10. Indika & Manoj,

      / උඹට මාර මතකයක් තියෙන්නෙ නම් ගැන, ඒ ගැන මෙන්න මගේ මෙව්ව එක!! /

      වැඩේ කියන්නෙ බං ඒ මතකය භාවිතාකරේ මතක තියාගන්ට ඕන එව්වට නෙවෙයිනෙ. නැතුව ඕන කරන දේවල් මතක තියාගත්තනං ආය කියල වැඩක් නෑ. අන්තිමට දෙලොවටම වැඩක් නැති වල්පල් තමයි හුඟක් හරිය හාඩ් ඩිස්ක් එකේ පිරිල තිබ්බෙ...හෙහ්,හෙහ්,

      / කමල් සර් සයන්ස් කොලෙජ් කෝච් උනේ 87 විතර ඉඳල මම දන්න විදිහට! මිනිහ නාලන්දෙ උන්නද මන්ද, හැබැයි අනන්‍යතාව තමා රැවුල සහ දවල්ට බීම :) /

      මම කියන සර් වෙන්න බැහැ වගේ එහෙනං..මට මතක මම කියන සර්ගෙ නම ජයවර්ධන වගෙ මොකක් හරි....

      Delete
  13. අප්පා.. ඉස්කොලේ යන කාලෙ ක්‍රිකට් මතක් කරනකොටත් ආසයි. අපේ ඉස්කොලේ 6,7,8 වසර වල පංති 7ක් තිබුන. හැම පංතියක්ම වගේ උදේට ක්‍රිකට් ගහනව. ඒක නිසා අනිවාර්යෙන් මැච් 10-15 එක පාර සෙල්ලම් කරනවා. සමහර වෙලාවට කැච් එකක් ඇල්ලුවම ඒක වෙන මැච් එකක එකක්. එතකොට ඉතින් වලි කෝටියයි. බැට් කරපු උන් කියනව ඒක 6ක් යන එකක් කියල. බෝල් කරපු උන් කියනව උන්ගේ එකෙක් අල්ලන්න හිටියේ, ඒක නිසා අවුට් කියල. ප්‍රශ්නේ සමාදානෙන් විසදුනේ නැත්නම් කැච් එක ගත්ත එකා දෙපැත්තෙන්ම කනවා. ඊට පස්සේ පංතියේ ගෞරවය ඉස්සරහට ඇවිල්ල හෙන වලියක් යනවා. අන්තිමට සෙක්ශන් හෙඩ් ලගදි සියල්ලෝම නැවත මෙවන් සිද්දියක් නොකරන බවට පොරොන්දු වෙල පංති වලට යනව

    /*අපේ පංතිය දෙකට බෙදිලත් සෙල්ලං කරනව ඒ වගේම බී පංතියට හිටපු ගමං චැලේන්ජ් කරල එයාල එක්කත් මැච් ගහනව.*/
    අපි ඔය වගේ මැච් වලදි ඔට්ටුවක් දානව. හුගක් වෙලාවට ප්ලේන් ටී එකක් තමයි ඔට්ටුව. ඒ දවස් වල ප්ලේන් ටී එකක් රුපියලයි. මුලින්ම කරන්නේ අනික් ටීම් එකෙන් තමන්ට ප්ලේන් ටී එක දෙන එකා ගැන ඇග්‍රීමන්ට් එකකට එන එක. මොකද නැත්නම් මලාට ප්ලේන් ටී එකක් පැරදුනු පිලෙන් ගන්න බැහැ. රවි අයියල මුලින් බැට් කරල චාන්ස් නොදී ඉන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Kool,

      / රවි අයියල මුලින් බැට් කරල චාන්ස් නොදී ඉන්නේ නැද්ද? /

      අප්පච්චියේ..පිස්සුද බං?..ඒ සෙල්ලං හරියන්නෙ නෑ..බී එකේ එවුං එක්ක..ඒකෙ හිටියෙ මහ ආනාදි වසවර්තියො රැලක්. ෆස්ට් බැට් කරල උංට බැටිං නොදුන්නොත් බැට් එකෙම්ම කෙලියි ආය ඔලු පලු යන්ට….:)

      Delete
  14. ඔය කෙටි කාලීන මැච් නම් කියල වැඩක් නෑ... අපි ගැහුවා ඒ කාලේ ටෙස් මැච් ඉන්ටෝල් එකේදී. මාස යක් විතර එක දිගට ඇදෙනවා ඉවර වෙන්න. අපේ එකෙක් හිටිය පොතක් අරං ලියනවා ඔක්කොම. නැත්තං අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      / අපි ගැහුවා ඒ කාලේ ටෙස් මැච් ඉන්ටෝල් එකේදී. මාස යක් විතර එක දිගට ඇදෙනවා ඉවර වෙන්න. අපේ එකෙක් හිටිය පොතක් අරං ලියනවා ඔක්කොම. /

      ආය මොනවද? අපිත් ගැහුවෙ ටෙස්ට් මැච් තමයි. එක ටීම් එකක් බැට් කරනව මම හිතන්නෙ සති දෙකක් විතර. ඔය එක ටීම් එකක් බැට් කරන එක බඩවැල වගෙ ඇදිල එපා වෙනකොට අපි ගහනව ඩබල් විකට්. ඒකෙදි බැට් කරන්නෙ ටීම් එකේ හොඳම බැට්ස්මන්ල දෙන්න විතරයි. කලිං එකඟතාවයකට එන්ට ඕන සිංගල් බැටිං ඔට්ටුද නැද්ද කියල. ඒ කිව්වෙ අර බැට් කරන දෙන්නගෙන් එක්කෙනෙක් අවුට් උනාම ඉනිම ඉවරද නැත්තං අර අනිත් එකාට තනියම බැට් කරන්ට දෙනවද කියල. තනියම බැට් කරන්ට දෙනවනම් ඒකට කියන්නෙ සිංගල් බැටිං...සිංගල් බැටිං නම් ආය තව එකඟ තාවයකට එන්ට ඕන රනවුට් වෙන්නෙ රනිං විකට් ද එනි විකට්ද කියල.සමහර වෙලාවට සිංගල් බැටිං විත් පාට්නර් කියල එකකුත් තිබ්බ. ඒ කිව්වෙ තව බැට්ස්මන් කෙනෙක් එනව.හැබැයි මිනිහට බැටිං බෑ. දුවන්ට විතරයි.

      Delete
    2. උඩ ඉඳල කියවගෙන ආවේ අන්තිමට කොමෙන්ට් එකක් දානවා කියලා.. රගර් ගැනත් කියන්ට කට කැහුවට ඉවසගෙන ආවා.. මෙතනින් නම් යන්න බෑ..

      අපේ ශබ්ද කෝශේ සිංගල් බැටින් වලට කිව්වේ ලාස්ට් මෑන්ට චාන්ස් දෙනව කියලා.. එතකොට රනවුට් ගන්නේ 'දුවන පැත්ත සයි' විතරයි.. හෙහ් හෙහ්.. කට කහනව කියවනකොට..

      Delete
  15. ක්‍රිකට් නම් ඔය උදේ හවා ඇහෙන කරදරේ වෙච්චි අල්ලලා දාන්න. මට හිතට ඇල්ලුවේ අර එකෝ ෆ්‍රෙන්ඩ්ලි බෝත්තන් වැලයි ,අත්තම්මගේ නෑමයි . පඳුරු මොන පඳුරුද ඔය තැලුව කියන්නේ. අර කළුගල්ල මහත්තයාගේ කාරෙක එද්දී පාර අයිනට වෙද්දී තැලිච්ච හිඟුරු පඳුරු වෙන්ට ඇති.
    ඇත්තටම අර බොත්තම් වැල බොහොම පරිසර හිතකාමියි. කලිසම් කිහිපයකටම එකයි. අඩු ප්ලාසිටික් බාවිතය.
    තුවාල තුවාලනම් මොකෝ. අපි කෙල්ලෝ කිතල නැහැ. දනිස් පොල්කට්ටපොල්කට්ට ලෙලි ගිය ගමන් . අපේ ලොක්කි ඉපදුනහම නැන්දම්මා කිව්වේ ගැහැණු ලමයව වැඩිය වැටෙන්න නොදී පරිස්සන් කරන්නකරන්න ඕන. කකුල් වල ලප කැළැල් ඇති නොවෙන්න කියලා.
    උන්ද හෙන ට කැලේ කොලේ කරක් ගහල ගංවතුරේ පිනලා හොඳහැටි තුවාලතුවාල කරගත්තු හින්දා. අපේ එවුන් ඔය කොච්චරවත් තුවාල කරන එන්නේ. ආයේ ඉතින් පරිස්සන් කරනවා කියලා කබඩ් වල දාන්නය . ඉස්කොලවලත් මුන්ට නැති සෙල්ලමක් සෙල්ලමක්නැහැ. පහුගිය කාලේ දුන්නක් විද විද හිටියා. සොකර් ද රගර්ද ඔක්කොම කරන්න වෙනවා කෙල්ලෝ වුනත්.
    මේ එකය අර නාන කාමර දෙක කිව්වේ මොනවද. ඒ කාලේ කොහෙද බොල නාන කාමර දෙක ගානේ තිබ්බේ. නිල නිවාසයක්ද .
    ඔය අත්තම්මගේ කියාපු පලුව අපේ අක්ක.උන්දැට හැමදාම නාන්න ඕන.ආයේ අඟහරුවාදා සිකුරාදා කෝකත් එකයි. දැන් මට කෙල්ලක් දත් දොස්තර ගාවට ගෙනියන්න තියෙනව . ඇවිල්ල තව ටිකක් කියන්නන්

    ReplyDelete
    Replies
    1. Bindi,

      / ඇත්තටම අර බොත්තම් වැල බොහොම පරිසර හිතකාමියි. කලිසම් කිහිපයකටම එකයි. අඩු ප්ලාසිටික් බාවිතය. /

      අඩේ එහෙම එකකුත් තියනව නේද? ඒක මතක් උනේ ඔහේ කිව්වට පස්සෙ....එකෝ ෆ්‍රෙන්ඩ්ලි....

      ඔන්න තව එකක් මතක් උනා. අත්තම්ම ගාවත් ඔය වගෙ බොත්තං වැලක් තිබ්බ හැට්ටෙ අමුණගන්ට. ඒකනම් ප්ලාස්ටික් නෙවෙයි තබක්ක....

      / ඉස්කොලවලත් මුන්ට නැති සෙල්ලමක් සෙල්ලමක්නැහැ. පහුගිය කාලේ දුන්නක් විද විද හිටියා. සොකර් ද රගර්ද ඔක්කොම කරන්න වෙනවා කෙල්ලෝ වුනත්.  /

      ඒ අපේ කාලෙ තමයි ගෑණු ක්‍රීඩා වෙනම පිරිමි ක්‍රීඩා වෙනම තිබ්බෙ. දැන් ක්‍රිකට්, ෆුට්බෝල්, රග්බි ඔක්කොම කෙල්ලොත් ගහනව...

      / මේ එකය අර නාන කාමර දෙක කිව්වේ මොනවද. ඒ කාලේ කොහෙද බොල නාන කාමර දෙක ගානේ තිබ්බේ. නිල නිවාසයක්ද . /

      ඔව් වොව් වොව්..කච්චේරියෙ නිල නිවාසනෙ, බ්‍රිටිෂ් ගවර්මන්ට් කාලෙ හදපුවනෙ. සුද්දන්ට ඉන්න හදපුව ඉතිං ආය නෑ ඉස්තරම් විදිහට හදාගෙන තියනව. අර කියන්නෙ Colonial Type Bungalows කියල හිට....අන්න එව්ව. ඇටෑක් බාත් රූම් දෙකයි ගේ ඇතුලෙ. එව්වයෙ තිබ්බෙ ආය සෙසුපටු එව්ව එහෙම නෙවෙයි Royal Doulton කොමෝඩ්, වොෂ් බේසින් සහ බාත් ටබ්.

      ඒ ඔක්කොමත් හරි එළියෙ තිබ්බෙ බාල්දි කක්කුස්සියක්...හෙහ්,හෙහ්, දවසකට සැරයක් වගෙ කරත්තයක් තල්ලු කරගෙන දෙමළ මනුස්සයෙක් එනව ඕක සුද්ද කරන්ට. මාම් ඒ ගැන කලින් දවසක කිව්ව වගෙ මතකයි.ඕකට යන්නෙ අත්තම්මයි මමයි විතරයි. මම යන්නෙ තහ්, තහ්, ගාල සද්දෙ අහන්ට මගෙ පුදුම ආසාවක් තිබ්බෙ...හෙහ්,හෙහ්,

      / ඔය අත්තම්මගේ කියාපු පලුව අපේ අක්ක.උන්දැට හැමදාම නාන්න ඕන.ආයේ අඟහරුවාදා සිකුරාදා කෝකත් එකයි.  /

      කියාපු පලුව නෙවෙයි බං කපාපු පලුව..කපාපු පලුව..උඹ මෙතන උපහැරණ අලුතෙන් හදනව....

      ඔය කෙම්මුර දවස්වලට ( අඟහරුවාදා සහ සිකුරාදා ) නාන්ට හොඳ නෑ කියල විශ්වාසයක් ගොඩ නැඟුනෙ කොහොමද කියල දන්නව නේද? ඉන්දියාවෙ බ්‍රාහ්මණයො තමයි ඔහොම න්‍යායක් ගෙනල්ල තියෙන්නෙ. හැමදාම නාන තොටුපොලවල් වල ඉස්තිරියාවො පිරිල උදේ ඉඳල හවස් වෙනකල් නානවලු. බ්‍රාක්මනයන්ට නිදහසේ නාගන්ට නැතිනිසා මල පැනල ඔහොම නියෝගයක් නිකුත් කලාලු අඟහරුවාද සහ සිකුරාද ස්නානය තහනම්ය කියල. ඊට පස්සෙ එවුං ඒ දවස් දෙකේ නිදහසේ නාගත්තලු.ඔන්න ඔහොමයි කියවෙන්නෙ.

      Delete
  16. අපේ අක්ක ඉස්සර මාව ඔහොම බාල්දියෙන් නාවනවා .. හෙහ් හෙහ්.. එකට දැන් හදිස්සියකට වතුර එකක් ලඟට දෙන්නේ නෑ .. ඔය අලි සරිරේ හෙල්ලන්නත් එක්ක ඇවිල්ල ගන්නවා කියල තමයි දැන් කියන්නේ ... අනේ කාලේ ...

    ReplyDelete
    Replies
    1. Pathum,

      / අපේ අක්ක ඉස්සර මාව ඔහොම බාල්දියෙන් නාවනවා  /

      උඹව හිල් පොල්කට්ටෙන් නාවල නෑ?????

      Delete
  17. පොඩි පන්තිවල ඉන්නකොට මට මතකයි අපි පල්ලියට එහා තිබුන පිට්ටනියේ සෙල්ලම්කරා. ඒත් ලොකු පන්තිවලට එන කාලෙදි ඒක වහලා දාලා තිබුනා වගේ මතකයි... හේතුව මතකනෑ.. අර ශාලිකා එක එහෙම හැදුනේ ඊට පස්සේ.... දෙමළ ඉස්කෝලේ ලඟ පහල පිට්ටනියේ 6-7 වසර වලදි සෙල්ලම් කලත්, OL පන්තිවල ඉන්නකොට නම් ඒපැත්තේ ගියේ ඉස්කෝලෙන් පනින්න විතරයි...
    අපේ ‍ය‍ාලුවෝ නම් මෑතකදි ඉස්කෝලේට ගිහින් පොඩි වැඩ වගයක් එහෙම කරලා තිබුනා. ඒත් මට යන්න බැරිඋනා... ඉස්කෝලේ පැත්තේ යන්න ආස උනත් දැන් ගමේ ගිහින් අම්ම තාත්තා බලලා එන්න දවසක් හොය‍ාගන්නෙත් මාස ගානක් පෙරුම්පුරලා.... අපි දැන් කොළඹටම සින්නවෙලා....
    කළුගල්ල මහත්තයගේ ගෙදරින් කොටසක් අර අළුත් පාර හදද්දි කැඩිල ගිහින් තියනව මම දැක්කා....

    ReplyDelete
    Replies
    1. මින්,

      අඩේ උඹත් සේන්ට් මේරීස් ද? හෙහ්,හෙහ්..බොහොම සන්තෝසයි, බොහොම සන්තෝසයි....දෙමළ ඉස්කෝලෙට පහල පිට්ටනිය සහ පල්ලියට එහා පිට්ටනිය කියල පිට්ටනි දෙකක් තිබ්බද? අපේ යුගයෙ නම් ඉස්කෝලෙටම එක පිට්ටනියයි තිබ්බෙ. අර පල්ලියෙ මංගල්ලෙට කොඩිගහ එහෙම හිටවන්නෙ..අන්න ඒ පිට්ටනිය...

      ශාලිකා ඉන් එකට මම ගියා එක පාරක් අපෙ උන්දැගෙ යාලුවෙක්ගෙ වෙඩිං එහෙකට. ඒත් දැන් අවුරුදු විස්සකට වගෙ එහා. අපි පොඩි කාලෙ ඔය දැන් ශාලිකා එක තියන තැන තිබ්බෙ ස්ටූඩියෝ එකක්. ජයරත්න වගෙ මතක නම..ඔතනම එහා තිබ්බ බෙතනි කූල් ස්පොට් කියල. අපි කට්ටිය නිතර ගැවසුන තැනක් ඒක.

      මින්ගෙ ගෙවල් කොහෙද එතකොට? කළුගල්ල මහත්තයගෙ ගේ ගැන කියල තිබ්බ නිසා නාගොල්ල පැත්තෙ කියල මට හිතෙනව....

      Delete
    2. මම හිතන්නේ ඒ කාලෙ ඒක නැතිද දන්නෙනෑ... අපේ කාලෙ(85-95) 5-6 වසරවල් තිබුන ලොකු බිල්ඩින් එකයි දෙමල ඉස්කෝලෙයි අතර තමයි පිට්ටනියක් තිබුනේ. තව ඒලඟ වඩු කාමරේ එහෙමත් තිබුනා. ඒකට අපි පිට්ටනියක් කීවට බේතකට තණකොළ ගහක් තිබු‍නේ නෑ. දූවිල්ල විතරයි.

      මම හිටියේ ටිකක් දුර මචන්. මාවනැල්ලට කිට්ටුව... ඒත් මගේ යාලුවෝ, ඥාතියෝ එහෙම ගොඩක් හිටියා ඔය පැත්තේ...

      Delete
  18. රවි
    අඩේ ඔය කියනවට වඩා ටිකක් මොඩ් කලිසම්නෙ අපි පොඩි කාලෙ ඇන්දෙ.ඒවගෙ එක පැත්තක බොත්තම් අල්ලල අනෙක් පැත්තෙ කාස මහල නේද? ඇයි ඊට අමතරව තිබුනෙ දෙපැත්තෙ බකල් දෙක ඉන හිර කර ගන්න.ඒ කාලෙ තිබුනෙ අර ක‍ටු දෙකක් තියන බකල් .පස්සෙ මොඩ් ඒවා ආව.කලිසම් කිව්වහම මට මතක් වුනේ අපිට 70-77 කාලෙ ඉස්කෝලෙට අඳින්න සුදු කලිසම්වත් මහගන්න තිබුන අමාරුව.අර මතකද කඳානෙ තිබුන ඒ කාලෙ බොහොම ප්‍රසිද්ධ ලින්ටන් සාප්පුව .හොඳ ලස්සන රේඩියෝ වෙලඳ දැන්වීමක් ගියා ලින්ටන්ගෙ ලොකු බෝල පොඩි බෝල කියල.එතනින් තමයි රුපියල් දහයකට හරි විස්සකට හරි කලිසම් මස්සව ගත්තෙ.
    ක්‍රිකට් ගැන නම් කතා කරල වැඩක් නෑ.මුන් මැච් එක වික්කද මන්ද? මෙන්ඩිස් විකට් දෙකක් අරගෙන තිබුනට ඒකට බෝල් කරන්න දුන්නෙ නෑ.කොහොම හරි මේ පාර ආශ්චර්්‍යයක්ම වෙන්න ඕන ඒත් මාමත් නෑනෙ දැන්.මෙල්බර්න් වල තිබුන ඕපනින් සෙරමනි එක මම බලන්න ගියා පුතාට බලන්න ඕන කියපු නිසා.සීයට අසූවක් විතර හිටියෙ ඉන්දිය හා පක්කො.ඉන්ඩියන් ඩාන්ස් එක යන වෙලාවෙ ඉන්දියන් උන් නැ‍ටුවා.ඊට පස්සෙ පකිස්තාන් එක යනකොට උන් නැ‍ටුවා.බලන්න ඇවිත් හිටපු ඔසියොන්ට අප්සෙට් මොකද මුන් හිටගත්තහම පිටිපස්සෙ අයට පේන්නේ නෑ.මේ ගමන එක එක රටවල කල්චරල් අයිටම් කරන්න දීල තිබුනෙ මෙල්බර්න් වලම ඒ ඒ රටවල් වල කන්ඩායම් වලට.ඉන්දියන් ඩාන්ස් එක කලේ මෙල්බර්න් වල ඉන්දියන් ඩාන්ස් ගෲප් එකක්.හැබැයි ඒකෙ ලංකාවෙ ලමයිනුත් හිටියලු.ලංකාවෙ අය හියෙ බොහොම ටික දෙනයි ඉන්දියන් කාරයො එක්ක බැලුවහම.ඒකෙනුත් වැඩි දෙනෙක් ලංකාවෙ නැ‍ටුම කරපු ලමයින්ගෙ පවුල්වල අයයි යාලුවොයි.ලංකාවෙ නැ‍ටුම පටන්ගන්නකොට මමයි ඵුත්යි චියර් කරනකොට වටේම ඉන්න ඉන්දියන් කාරයොයි පක්කොයි අපි දෙන්න දිහා බලනව අමුතු සත්තු දෙන්නෙක්ව දැක්ක වගෙ.
    මොක වුනත් 26 බංග්ලාදෙශ් මැච් එක බලන්න යනව මොකද මෙල්බර්න් වල ලංකාව ගහන එකම එක නිසා.

    පද්මකුමාර

    ReplyDelete
    Replies
    1. Kumara,

      / අඩේ ඔය කියනවට වඩා ටිකක් මොඩ් කලිසම්නෙ අපි පොඩි කාලෙ ඇන්දෙ.ඒවගෙ එක පැත්තක බොත්තම් අල්ලල අනෙක් පැත්තෙ කාස මහල නේද? /

      අඩේ මම ඇන්දෙ නෑ ඔය බොත්තං නැති කලිසං..අපෙ අප්පච්චි එව්ව ඇන්දෙ. මම ඇන්දෙ බොත්තං අල්ලපු එව්ව තමයි. යස් ඔබ හරි...ඉණ දෙපැත්තෙ බකල් දෙකකුත් තිබ්බ. රෙදි පටියක් ඒ බකල් එක ඇතුලෙං යවල දැතිවලට හිරකරල කලිසම තද කරන්ට පුලුවන්.

      ඔය බොත්තං නැති එව්ව ඇඳල ඉස්කෝලෙ ආවනං එහෙම මහ ජංජාලයක් වෙන්නෙ. කොල්ලො හෙමීට පිටිපස්සෙං ඇවිල්ල බොත්තං වැල ගලව ගන්න එකත් ගලව ගන්නව. ආය ඒකෙ දෙකක් නෑ...හෙහ්.හෙහ්, මට කලිසම ඔලුවෙ දාගෙන තමයි ගෙඩ්ගර යන්ට වෙන්නෙ...

      / අර මතකද කඳානෙ තිබුන ඒ කාලෙ බොහොම ප්‍රසිද්ධ ලින්ටන් සාප්පුව .හොඳ ලස්සන රේඩියෝ වෙලඳ දැන්වීමක් ගියා ලින්ටන්ගෙ ලොකු බෝල පොඩි බෝල කියල.එතනින් තමයි රුපියල් දහයකට හරි විස්සකට හරි කලිසම් මස්සව ගත්තෙ. /

      එයාලගෙම තව බ්‍රාන්ච් එකක් තිබ්බ මම හිතන්නෙ බම්බලපිටියෙ..... හර්කියුලීස් ටේලර්ස්...මට ලොකු බෝල පොඩි බෝල කියල ඇඩ් එකක්නම් මතක නෑ. ඒත් ඒ කාලෙ අඟහරුවාදද කොහෙද දෙවෙනි සේවයෙ නාට්‍යයක් ගියා ලින්ටන්ලගෙ අනුග්‍රහයෙන්. ගිම්හාන ගීතය. මට මතක විදිහට ලිව්වෙ කරුණාසේන ජයලත් ද කොහෙද...

      / ක්‍රිකට් ගැන නම් කතා කරල වැඩක් නෑ. /

      We can only hope for a Miracle....Heh,Heh

      Delete
    2. //26 බංග්ලාදෙශ් මැච් එක බලන්න යනව මොකද මෙල්බර්න් වල ලංකාව ගහන එකම එක නිසා.///

      ඒ කියන්නේ කුමාරට බුදු ශුවර් අපේ උන් ෆයිනල් එන්නේ නෑ කියලා.. හැක් හැක්.. (මටත් එහෙමයි ඉතින්..)

      Delete
  19. ඔය වැටිලා දනිස් ලෙලි ගියහම අපි කලේ පොඩිම සයිස් පොල් ඇට්ටියක් දෙහි වලින් උරච්චි කරල ඒ පේස්ට් එක ගානවා.සර්ජිකල් ඉස්ට්ප්‍රීට් වගෙ දෙගුනය දැවිල්ලයි.හැබැයි අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ශයි තුවාලෙ එතනම් හොඳ වෙනවා.ඒ පේස්ට් එක වේලෙනකොට වතුර බිංදු කීපයක් දාලා තෙමන්න විතරයි ඕන.

    ReplyDelete
  20. ඔය ජාතියේ ගලවන බොත්තම් මාත් දැකලා තියෙනවා . කලිසමට දාන එකනම් එච්චර ෂුවර් නෑ , පොඩි කාලේ ඇන්දේ අර ඉලාස්ටික් එක දාපු කලිසම්නේ

    ReplyDelete
  21. හනේ අප්පේ.. රවි අයියගෙ ගිය පාර පෝස්ට් එකටත් මේ වගේ කියවල අන්තිමට කොමෙන්ටෙකක් දාන්නත් බැරි උනා.. පඳුරු තැලිල්ලේ සමර්ථකම් කොච්චරද කිව්වොත් අනිතිමට ක්‍රිකට් අමතකම වෙනව තව පොඩ්ඩෙන්..

    මෙදා පාරනම් නෝ හෝප්ස්ම තමයි.. අන්තෝ කචල් බහී කචල්.. වෙනදට මොනව උනත් ටීම් එකේ උන් එකට හිටියා.. දැන් දැන් ඒකත් නෑ වගේ. මාතේ කිව්ව වගේ අඩු වැඩි වශයෙන් රණතුංගල හා රාජපක්ශලා මේ තත්තෙට වග කියන්න ඕනි. අපි බලං ඉමු ඇශස් ගේනකම් එහෙනම්..

    ඔයාගේ අර නම් මතක තබා ගැනීමනම් මාරයි ආ... මට පන්තියෙ හිටපු උන්ගෙ නම්වත් හරියට මතක නෑ.. හැක් හැක්.. ජය ශ්‍රී!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...