Monday, April 6, 2015

310. කුකුළේගඟ මතක - 1 ......Memoirs of Skanska, Headrace Tunnels, Main Accesses, Blast Through Predictions & වැන්දා The Storyteller


Image - Sunday Observer Online
මේ පහුගිය සිකුරාදා දවාලෙ යාලුවෙක් කතා කලා. මේ දවස් ටිකේම බොහොත් බිසීවෙලා හිටියට මනුස්සය එක්ක මිනිත්තු පහක් දහයක් වගෙ කතානොකරම බැරිවුනා.මොකද මගෙ කිට්ටුම මිත්‍රයෙක්.... මාස එකහමාරක් විතර නිවාඩුවකට ලංකාවට ගිහිල්ල පහුගිය සතියෙයි ආපහු ආවෙ..මනුස්සයගෙ ගෙවල් පන්නිපිටියෙ..දෙව්රම් වෙහෙර කිට්ටුව..." දෙව්රම් වෙහෙරේ.... හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම්.." කියල වික්ටර් කිව්වලු.ඒ ඔය කොහෙද ගම් උදාවක අවසාන රාත්‍රියෙ සංගීත ප්‍රසංගයෙදි. " හුහ්, උඹ හිටියනං?... උඹ හිටියනං කොරයි..." කියල කිසිම අංගපුලාවකට නැති වරත්තු කොල්ලෙක් කෑගහල කිව්වලු.

" ඉතිං..මල්ලි කොහොමද නිවාඩුව? "


" නියමයි රවි අයියෙ... කියල වැඩක් නෑ......මරු....දැං අවුරුදු හතර පහක ඉඳලම නිවාඩුවකට ගියාම අනුරාධපුරේ යන්ට කියල හිතාගෙන උන්නට ඒ වැඩේ කොහොමින් කොහොමින් හරි මඟ ඇරුන. "



" ඉතිං බං .මේ පාරවත්…………"

" ඔව්..ඔව්..මේ පාර දැම්ම දවස් දෙකක අනුරාධපුරේ ට්‍රිප් එකක්..පොඩි දෙන්නට මාර සතුටුයි….."

මේ පහුගිය අවුරුද්ද වෙනකල් එරන්ද ( යාලුවගෙ නම එරන්ද ..මම කලිං කිව්වෙ නෑ නෙවද ? ) පොඩි දෙන්නයි බිරිඳයි එක්ක මෙහෙ හිටියෙ. මම ඉන්න එපාට්මන්ට් එකේ ඉඳල පාද චාරිකාවෙන් මිනිත්තු පහයි වූ හිටපු එපාර්ට්මන්ට් එකට. ( ඌ කියන වචනෙ වෙනුවට සමහර අය වූ කියල කියනව අහල තියද ? )

ලොකු දුව ඉස්කෝලෙ දාගන්ට වයස සම්පූර්ණ උනහම එරන්දගෙ භාර්යා තොමෝ දරු දෙදෙනාද කැටුව පෙරළා ලංකාව බලා ගියාය. පොඩි කාලෙ දිනමිණ පත්තරේ මෙහෙම සිරස්තලයක් තිබ්බම මට මාර ප්‍රශ්නයක් " චීනයේ සංචාරයකට ගිය ඇමතිතුමා පෙරළා දිවයිනට පැමිණේ." අප්පටසිරි ඇමතිතුමා චීනෙදි මොනවහරි පෙරළන්ට ඇති ඒ හින්ද මනුස්සය කලින්ම ආපහු එව්වද දන්නෙත් නෑ. " ඔන්න මට තිබ්බ පුරස්න....

මැදපෙරදිග රැකියාකරන තමන්ගෙ සුතනඹුවන් ( සුතනඹුවන් කියන්නෙ කුණුහරුපයක් වගෙ උනාට එහෙම එකක් එහෙම නෙවෙයි හොඳද? කලිනුත් දවසක මම කිව්ව මම හිතන්නෙ ..සුතනඹුවන් කියන්නෙ අඹුදරුවන් කියන එක..ඊටත් සරලව කිව්වොත් බිරිඳ සහ දරුවන් ) හා සමඟ මෙහෙ පදිංචි වෙලා ඉන්න කට්ටියට දරුවො ඉස්කෝලෙ යන්ට වයස සම්පූර්ණ උනහම තෝරගන්ට විකල්ප තුනක් තියනව. එකක් තාවකාලිකව හෝ ස්ථිරව මැද පෙරදිගට සමුදීල ලංකාවෙ පදිංචියට යන එක. 

එහෙම යන අය බොහෝවිට අවුරුදු තුනහතරකින් ආපහු එනව තමන් විතරක්. දෙවෙනි විකල්පය භාර්යා තොමෝ සහ දරුවන් ලංකාවට පිටත් කරන එක. අවසාන විකල්පය තමයි මෙහෙදිම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන එක.විගමණික ශ්‍රමිකයින්ගෙ දරුවන් උදෙසාම පවත්වාගෙන යන ඉහළම මට්ටමේ අධ්‍යාපන ආයතන බොහොමයක් මෙහෙ තියනව. ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයකුත් තියනව. ඔය Sri Lankan School එකේ නිර්මාතෘ ඇවිල්ල අපේ අරූගෙ බොහෝම ඉස්සර පැරණි යාලුවෙක්...අරූ ඔබ්රෝයි ඉන්න කාලෙ...

අරූ මතකයි නේද? ඔව් ඔව් වූ තමයි..අර පවුල් අවුල් වන්නට පෙර ද මොකක්ද කියල බයිල වගයක් ලිව්වෙ ඒ දවස්වල. මිනිහ දැං ඒ අටල්පහුර ලියන්නෙ නැත්තෙ මනුස්සයට පොඩි කේස් එකක් වෙලා. ටිකක් වැඩි වෙච්ච දවසක බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩට නැඟල කෑගහල දෙකක් වෙන්ට.චාලිස්ට එලිසබෙත් අක්ක රජකම දෙන්නෙ නෑය කියල තමයි අරූ දෝස්මුරේ දාල තියෙන්නෙ.ඔය චාලිස් ඇවිල්ල අරූගෙ බොහොම හිතේසිවන්තයෙක්ය කියනවනෙ. ඉතිං දෙන්න හවහට සෙට් වෙනවයි කියන්නෙ හයිඩ් පාක් එකේ තියනව දාර සයිස් ඕක් ගහක්. අවුරුදු තුන් හාර සීයක් පරණ රජ බඩුවක්. ඔන්න ඕක යට.

ඔහොම සෙට් වෙච්චි වෙලාවක චාලිස් කියල අරූට තමංගෙ දුක්ගැනවිල්ල..මමී රජකම දෙන පාටක් නැතය..අවුරුදු 63 ක්ම ඔ.හි.කු. වෙලා ඉඳල එපා වෙලාය තියෙන්නෙය,,,අරකද? මේකද? සියලු පට්ටන්තරේ දිගඇරල.අපෙ ඔය අරූස් ඉන්නව නේද? හිත හොඳ ගොබිලා. යාලුවෙක් වෙනුවෙන් පිත්තාසෙ උනත් දෙයි මේං කියල. අරූ ඒ පාර කියල උඹ නාඩ ඉඳිං එච්. ආර්. එච්. උඹට රජකම අරන්දෙන සැටි මම දනිම්වේදැයි හයිඩ් පිටිය එකනින්නාදවන අයුරු සිහනද පවත්වාලාපියා....පවත්ලාපියා..තිලාපියා...හරි ඊට පස්සෙ..ඊට පස්සෙ ගිහිල්ල බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩ නැඟල මාළිගාව දෙකක් වෙන්ට කෑගහල..අඩෝ..එළිසබෙත් ..මේ අහපං...උඹ චාලියට රජකම දෙනවද නැත්තං..නැත්තං..නැත්තං....

පස්සෙ එලිසබෙත් අක්කගෙ ආරක්සක බල සේනාව ඇවිල්ල වූ ගේට්ටුවෙං බස්සගෙන අරගෙන ගිහිල්ල කූඩු කරල.. තාම නඩුව යනව..මේ දවස්වල ඕක අර පවුල් අවුල් වන්නට පෙර ලියන්නෙ නැත්තෙ අන්න ඒකයි. ඔය කේස් එකේ තව සීන් කෝන් බොහොම තියනව. වෙන වෙලාවක ලියන්නංකො අරූට වෙච්චි දේ කියල තනිකර පෝස්ට් එකක්ම...හෙහ්,හෙහ්,

අම්මටවූඩු කොහොමද පාරෙන් පිට පැනල තැලුව පඳුරු තැලිල්ල?...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු...හෙහ්...හෙහ්...රයිට් බෑක් ටු ද මේන් ස්ටෝරි..ආපසු ප්‍රස්තුත මැයට එළඹෙමු.

ඉතිං එරන්ද මට කෝල් එකක් දුන්නය කියල මම කිව්වනෙ නේද? රයිට් ඒක කිව්ව...

" ඉතිං බං? වෙන කොහෙවත් එහෙම ගියේ නෑ? "

" ආ...ඉඳපංකො කියන්ට..මේ මෙහෙ එන්ට දවස් තුනකට ඉස්සෙල්ල අයියෙ, අපි හතර දෙනයි මල්ලිගෙ ෆැමිලි එකයි ..අපි දෙගොල්ල ගියානෙ කුකුලේගඟ හොලිඩේ රෙසෝට් එකට.."

" නෑ?....කොහොමද නියම පොට් එක නේද? "

" අප්පට සිරි...කියල වැඩක් නෑ බං ..මාර ලස්සනයි.."

" උඹල ගියේ කොහොමද? කලුතරට ගිහිල්ලද? "

" හෙහ්, ඒ මොකටද බං කලුතර යන්නෙ? සදර්න් හයිවේ එකේ ගිහිල්ල දොඩංගොඩ ඉන්ටර්චේන්ජ් එකෙන් මතුගම, අගලවත්ත පහුකරල අපි ගියෙ…"

" රයිට් ඊට පස්සෙ බදුරලිය, ලත්පඳුර...මට මතකයි...."

" ඒක තමයි …….මට මතකයි අයිය කලින් කුකුලේ වැඩ කලාය කියල...මම ඒත් එහෙදිත් කිව්ව සංජීවනී එක්ක අර රවි අයිය කලින් මෙහෙ වැඩ කරල තියනවය කියල. " සංජීවනී වූ කලී එරන්දගේ භාර්යා තොමෝ වන්නීය. 

" ඕකෙ පවර් ස්ටේෂන් එක අන්ඩග්‍රවුන්ඩ්. උඹල ඇතුලටත් ගියාද? "

" ඇතුලටනම් දැන් යන්න දෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් පවර් ස්ටේෂන් එකට යන ටනල් එක පටන් ගන්න තැනට ගියා. "

" අඩේ ඔය ටනල් එක පටන් ගන්න තැනම එලියෙන් තමයි අපේ ඔෆිස් එක තිබ්බෙ. ඔය ටනල් එකට ඒ දවස්වල කිව්වෙ මේන් ඇක්සස් ටනල් කියල අපේ ඔෆිස් එකට කිව්වෙ මේන් ඇක්සස් ටනල් ඔෆිස් එක කියල."

ඒ දෙදහස් එක වසරයි.විවාහපත්ව සිව්වසරක් ගෙවුනු ඉක්බිති, වසර සතක් වන මැද සහ එමෙන්ම ඉන්පසුව වසර අටක් ගොවි ජනපදයක කල සේවයෙන් පසුව 1994 වසරේ බලයටපත් පොදු පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කල ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වන්නන් හට වන්දි ලබා දීමේ වැඩ පිළිවෙලින් උපරිම ඵල නෙලාගත් මම වසර පහළවක රාජ්‍ය සේවයෙන් ඉවත්වූයෙමි.ඉනික්බිති කටුගස්තොට-අලවතුගොඩ සහ පේරාදෙණිය- ගම්පොළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතීන් හා සම්බන්ධව වසරකට මදක් අධික කාලයක් සේවය කොට දෙදහස් එක වසරේ ජනවාරි මස කුකුලේගඟ ව්‍යාපෘතියෙහි සේවයට බැඳුනෙමි.

මිහිකත අභ්‍යන්තරයෙහි ඉදිකල මෙගවොට් 80 ක ධාරිතාවයකින් යුතු කුකුළේගඟ ජලවිදුලි බලාගාරයට ජලය සැපයෙනුයේ කිලෝ මීටර 7.5 දිගු උමඟකිනි. ඒ ජල සැපයුමේ ආරම්භය කලවානේ මීපාගම ඉදිකල අමුණකින් කුකුළේගඟේ ජලය හැරවීමෙනි.ජල විදුලි නිෂ්පාදනයෙන් පසුව තවත් කිලෝ මීටර් 1.6 දිගු උමඟක් හරහා එම ජලය මාකෙළි ඇල්ල අසලදී යලි කුකුළේගඟටම එකතුව කළුගඟ ඔස්සේ කළුතර බෝධිය අසලින් සත් සමුදුරට එකතුවේ. ඒ උදෙසාම ජලාශයක් ඉදිනොකොට, අමුණක් මඟින් ගලායන ජලය හරවා ජලවිදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කල ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය කුකුළේ ගඟ ව්‍යාපෘතියයි. ඒ ඉංගිරිසි බසින් හැඳින්වෙනුයේ Run Of The River Project ලෙසිනි. මේ මෑතක ඉදිකිරීම් නිමවී ජාතික විදුලිබල පද්ධතියට එක්වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියද ඒ මාදිලියේ තවත් ව්‍යාපෘතියකි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තම ජීවනෝපාය ලෙස තෝරාගත්තෙකුට පොළව අභ්‍යන්තරයෙහි උමං කැණීම් කටයුතු කෙරෙන  ව්‍යාපෘතියක සේවය කිරීමට ලැබීම සත්‍යය වශයෙන්ම දුර්ලභ ගණයේ භාග්‍යයයකි..පුරා වසරකට මඳක් අධික කාලයක් පුරා ලබාගත් ඒ මිලකල නොහෙනා අත්දැකීම, මගේ ජීවිතයේ තවත් එක් ස්මරණයෙන් කිසිදින ගිලිහී නොයනා සංසිද්ධියකි.

කුකුළේගඟ ව්‍යාපෘතියෙහි ගතකල කාලය අළලා සවිස්තර සටහනක් ලිවීමට අපේක්ෂාකොටගෙන සිටිමි. එබැවින් ඒ වෙනුවෙන් වැඩිමනත් කාලය වැය නොකොට එහිදී මවිසින් අසන ලද එක් සිද්ධියක් පමණක් මේ සටහනෙහි ලියන්නෙමි.

කුකුළේගඟ අපිට නැවතිල ඉන්ට වෙනම කෑම්ප් එකක් හදල තිබ්බ.ප්‍රධාන ගබඩාව පැත්තක තිබ්බ කඳු ගැටය විවිධ මට්ටමින් එකදිගට, එකට ඈඳල හදල තිබ්බ එක පේළියක කාමර 12 වගෙ තියන කාමර පේළි. කාමරේ පිටිපස්සෙත් ඒ වගේම තව කාමරයක්. ඒ කියන්නෙ එක පේළියක කාමර 24 තියනව. කාමරේක දෙන්නයි. ඇඳන් දෙකයි, ඇඳුම් දාගන්ට දීල තිබ්බ පොඩි යකඩ අල්මාරි දෙකයි දැම්මම ආය කාමරේ වෙන ඉඩක් නෑ. ඉදිකිරීම් ඉවරවුනාට පස්සෙ කුකුලේ ජලවිදුලි බලාගාරයෙ ආරක්ෂාවට යොදවල තිබුණු හමුදා අනුඛණ්ඩයෙ නිලධාරීන් නවාතැන් ගත්තෙ ඒ අපි හිටපු කාමරවලය කියල පස්සෙ කාලෙක කවුද මට කිව්ව.

ඔය හයිටි රටට එහෙම යැව්වනෙ එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්ත කරල අපේ හමුදාවෙ අය. ඒ ගොල්ලන් එහෙම යවන්ට කලින් විශේෂ පුහුණුවක් දුන්නයි කියන්නෙත් ඔය කුකුළේගඟ කඳවුරේ. එතකොට අර මේ කතාව පටන්ගද්දි මගෙ යාලුව එරන්ද කිව්වෙ කුකුළේගඟ හොලිඩේ රිසෝට් එකක් ගැන. කුකුළේගඟ නිවාඩු නිකේතනය. ඒක දැන් පිහිටවල තියෙන්නෙ ඉදිකිරීම් කරන කාලෙ ස්කන්ස්කා සමාගමේ සේවය කරපු ස්වීඩන් ජාතිකයො නැවතිල හිටපු නිවාස සංකීර්ණයෙ. අපි ඒ කාලෙ ඒකට කිව්වෙ Expat Camp කියල.

ස්කන්ස්කා කියන්නෙ ස්වීඩනයෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. ඒ ගොල්ල ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි උමං හෑරීම් කටයුතු වලට. ඒ වගේම පොළව අභ්‍යන්තරයෙ පිපිරවීම් වලට. මතකනෙ ඩයිනමයිට් හොයාගත්තෙත් ස්වීඩන් ජාතිකයෙක්නෙ. ඇල්ෆ්‍රඩ් නොබෙල්.

ස්කන්ස්කා ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුලින්ම ඇතුලුවුනේ කොත්මලේ ජලාශය නිර්මාණය කරල. ඉක්බිති රන්දෙනිගල රජ මාවත, කළුතර පාළම වගෙ එව්වත් කලේ ස්කන්ස්කා සමාගම.ඊටත් පස්සෙයි කුකුළේගඟ ව්‍යාපෘතියට එයාල සම්බන්ධ වුනේ. අපි ඔය කුකුළේගඟ ඉන්න කාලෙ එහෙ වැඩකරපු අය බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය ඉහළ කොත්මලේ සහ බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතුත් ස්කන්ස්කා සමාගමට ලැබෙයි කියල. ඒත් එහෙම වුනේ නෑ. ඉහළ කොත්මලේ කලේ ජපන් කම්පනි එකක්. කුමගායි ද කොහෙද මට මතක විදිහට. බ්‍රෝඩ්ලන්ඩ්ස් මේ දවස්වල කෙරීගෙන යනව. ඒක කරන්නෙ චීන්නු.

හරි ස්කන්ස්කා සමාගම ගැන, කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන තව බොහොම දේවල් කියන්ටතියනව. එව්ව පස්සට. දැන් අර කියනවයි කියල කියාපු කතාව කියල ඉන්නංකො එහෙනං...හොඳද?

උමං හෑරීම කෙරුනෙ ජෙලිග්නයිට් යොදල පිපිරවීම් කරල. බ්ලාස්ටීන් ටීම්ස් දෙකක් ෂිෆ්ට් දෙකක් වැඩකලා. දවල් වැඩ මුරය  උදේ 7.00 - සවස 6.00 සහ රාත්‍රි වැඩ මුරය සවස 6.00 - උදේ 7.00. ඒ හින්ද උමං හෑරීම දවසෙ පැය 24 පුරාම අනවරතව සිදු වුනා. සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩුයි. ඒකට කියන්නෙ ෂට් ඩවුන් එක කියල. අනික් අතරමැද සතියෙ සෙනසුරාද වරුවයි ඉරිදයි නිවාඩුයි. 

වැඩ කරපු ෆෝර්මන්ල, චාජ්හෑන්ඩ්ස්ල, ඩ්‍රිලර්ස්ල 95% විතරම ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරල පළපුරුදු අය. මේ ගොල්ලන්ගෙන් මම බොහොම ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගත්ත, කුකුළේ ගතකරපු කාලය තුල. ඉතින් ඔහොම ෂිෆ්ට් දෙකට වැඩ කරපු ටීම් වලට වෙන වෙනම ටයිම් කීපර්ස්ල දාල හිටිය. කණ්ඩායමේ සාමාජිකයින්ගෙ පැමිණීම පිටවීම සටහන් කිරීම ඒ වේලා සටහන්කරුවන්ගෙ ප්‍රධානම රාජකාරිය.ඊට අමතරව ටනල් එකේ බ්ලාස්ට් එකක් කලාම ඒ වෙලාව සහ ලොකේෂන් එක සටහන් කර ගන්න එක.

මා එක්ක වැඩ කරපු එක ටයිම් කීපර් කෙනෙක් සුවිශේෂී පුද්ගලයෙක්. කොටින්ම මිනිහගෙ නමේ ඉඳලම..නම ඇවිල්ල රමණි.අපි ඉතින් මිනිහට කතාකලේ රමණි කියල නෙවෙයි. රමණි කියන්ට පුලුවන්ය හැබෑටම පිරිමියෙකුට ? . මිනිහට අපි කතා කලේ වැන්දා කියල. වැන්දා ඇවිල්ල මිනිහගෙ වාසගම කෙටිකරල හදාගත්තු නමක්. ඔය වැන්දා වෘත්තියෙන් බාර්මන් කෙනෙක්. 

බාර්මන් කියන්නෙ හෝටල්වල එහෙම මද්‍යසාර අඩංගු බීමවර්ග ඒ නියමිත අනුපාතයට මිශ්‍ර කරල සර්ව් කරන්නා. කුකුළෙ රස්සාවට මිනිහ ඇවිල්ල තියෙන්නෙ ඒ කාලෙ වෙනකොට සංචාරකයින්ගෙ පැමිණීම තරමක් අඩුවෙලා තිබුනු නිසයි කියලයි වැන්ද මා එක්ක කිව්වෙ. වැන්ද මරු කතා කාරයා.මිනිග කළුතර, වාද්දුවෙ, අහුංගල්ලෙ, හික්කඩුවෙ, ඔය හැම තැනම හෝටල්වල වැඩ කරල තියනව. ඊට අමතරව ආරුගම්බේ,නිලාවෙලි, කල්කුඩා වගෙ නැහෙනහිර වෙරළ තීරයෙත් කාලයක් වැඩ කලයි කියල මා එක්ක කිව්ව.

ඔෆිස් එකේ ඔන්න බොහොම වෙලාවට ඉන්නෙ අපි දෙන්න විතරයි. මම ඔන්න කම්පියුටරේ බ්ලාස්ටිං රිපෝට් එකේ විස්තර ටික එන්ටර් කරල ඉවර වෙලා පුටුව හරවල වැන්ද දිහා බැලුව. වැන්ද ඊයෙ ටයිම් කාඩ් ටික පොතේ එන්ටර් කරනව. 

මම හාපුරා කියල කම්පියුටර් එකක වැඩ කලේ කුකුළෙ රස්සාවට ආවට පස්සෙ. අර කැළේ මැද රස්සාවට ආයුබෝවන් කියල ආවට පස්සෙ මම හිතුව මේ වැඩේ හරියන්නෙ නෑ. කම්පියුටර් කෝස් එකක් කරන්ටම ඕනය කියල. මොකද ඒ වෙනකොටත් කම්පියුටර් භාවිතය හැම ක්ෂේත්‍රයකම වගෙ ව්‍යාප්ත වෙමින් පැවතුනෙ. ඉතිං හොඳ තත්ත්වයෙ රැකියාවකට පරිගණක දැනුම අත්‍යාවශ්‍යය වෙමින් තිබුනෙ ස්ලෝලි බට් ෂුවර්ලි.ඒපාර මම නුවර තිබ්බ N.I.B.M. ආයතනයෙ ( ජාතික ව්‍යාපාර කලමණාකරන ආයතනය ) තුන්මස් පරිගණක සහතිකපත්‍ර පාඨමාලාවක් කලා. ඒ කෝස් එක කලාට හරියට පරිගණකයක් පාවිච්චි කරන්නට ලැබුනෙ ඔය කුකුළෙ රස්සාවට ආවට පස්සෙ.

වැන්දා ඔන්න වැඩේ ඉවරවෙලා පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල හිරිඇරගත්ත. 

" බොස් අර හෙඩ්රේස් ටනල් එකේ අර මොකක්ද තරඟෙට දැම්මද? "

හෙඩ්රේස් ටනල් එක කියන්නෙ මීපාගම අමුණෙ ඉඳල ජල විදුලි බලාගාරයට වතුර අරගෙන එන උමඟ. හෙඩ්රේස් ටනල් එක අමුණෙ ඉඳල පහලටයි, ජලවිදුලි බලාගාරයෙ ඉඳල උඩහටයි දෙපැත්තෙන්ම බ්ලාස්ට් කරගෙන ගියා. ඔය මම කියන දවස්වෙනකොට දෙපැත්තෙං හාරාගෙන එන උමඟ හාවෙන්ට තිබ්බෙ තව මීටර් දෙසීයක් විතර. අන්තිමට දෙපැත්ත හාවෙනවට කියන්නෙ බ්ලාස්ට් තෲ කියල. ඔය බ්ලාස්ට් තෲ එක වෙන්නෙ හරියටම කොයි වෙලාවටද කියල අනුමාන කරන්ට ව්‍යාපෘතියෙ සේවකයො අතරෙ තරඟයක් තියනව. ඒක ඇවිල්ල සම්ප්‍රදායක්. 

තරඟෙදි තමන් අනුමාන කරන Blast Through වෙලාව ඒ අනුමත පත්‍රිකාවක ලියල සංවිධායක මණ්ඩලේට භාරදෙන්ට ඕන.පත්‍රිකාවක මිල මට මතක විදිහට රු. 100 වගෙ ගාණක්. නිවැරදි හෝ ආසන්නම වෙලාව අනුමාන කරපු තරඟ කරුවාට හෝ තරඟ කාරියට අර පත්‍රිකා විකුණල එකතුවෙච්චි මුළු මුදලම ලැබෙනව ජයග්‍රාහී ත්‍යාගය විදිහට. මම ඔය කියන පාර තෑග්ග රුපියල් 12,100 වගෙ ගාණක් හම්බ වුනා.

" නෑ බං තව දවස් තියනවනෙ. අනිද්ද දවල් දොලහ මම හිතන්නෙ ක්ලෝසිං ටයිම්. මම ඊට කලින් වෙලාව ලියල දෙනව. "

ආ..තව එකක් කියන්න ඕමනයි. ඔය මම කියපු හෙඩ්රේස් ටනල් එකේ ඒ දවස්වල ෆෝමන් කෙනෙක් විදිහට වැඩකලා රොෂාන් පිලපිටියගෙ අයියා. රොෂාන් පිලපිටිය දන්නවනෙ නේද? අර නළුවා......අයිය කියන්නෙ එක්කුසේ උපං බාප්පගෙ පුතා...හෙහ්..හෙහ්..බොරු හොඳද? රොෂාන්ගෙම අයිය. මේ දවස්වල හිරු ටී.වී. එකේ යන දේවී කතාවෙ රොෂාන් දකිනකොටම මට මතක්වෙන්නෙම මිනිහගෙ අයිය චතුර.

" බොස් කෙස්කැෆේ එකක් බොනවද? "

වැන්දා ආයෙම ඇහුව අපෙ තේ, කෝපි, සීනි එහෙම තියන පොඩි කබඩ් එක අරින අතරෙ. ඒ දවස්වල අපිට දුන්නෙ ස්විඩන් වලින් ගෙන්නපු නෙස්කැෆේ..අම්මට සිරි එව්ව තමයි නෙස්කැෆේ..බොරැල්ලෙ නෙස්කැෆේ එක හදනකොට මරදානට සුවඳ ගහනව. 

" හදපං බං හදපං...අර නැද්ද බිස්කට්?.."

බිස්කට් ජාතියකුත් ස්වීඩන්වලින්ම ගෙනල්ල අපිට දුන්න. මට දැන් එව්වයෙ නම මතක නෑ. ලිබෙනෙට්ස් ද ලීබෝර් ද මොකක්ද ඔන්න ඔය වාගෙ නමක්.

" තියනව..තියනව..මම ඊයෙ මේන් ස්ටෝස් එකෙන් ගිහිල්ල ගෙනාව.."

බිස්කට් හපමින් කෙස්කැෆේ තොලගාමින් වැන්දයි මායි ඔහෙ එක එක දේවල් කතා කරකර හිටිය.

" බොස් දන්නෙ නෑනෙ...පෙරෙයිද අපේ ගම පුරාම කැලෑ පත්තරයක් ගහලනෙ…"

වැන්දගෙ ගම වැලිපැන්න කිට්ටුව. දැන් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ එක ඉන්ටර්චේන්ජිං පොයින්ට් එකක් තියනව වැලිපැන්නෙ. 

" නෑහ්?? ඒ මොනව ගැනද? "

" හෙහ්..අපේ ගමේ කඩයක් කරනව ගෑණු කෙනෙක්. මනුස්සය මැරිල..ඒ හැටි වයසකුත් නෑ..තිස් පහක් වගෙ ඇති වැඩිම උනොත්.අනික හොඳ පෙනුම තියන ඉස්තිරියාව. ඒ මනුස්සය අපේ ග්‍රාමසේවක එක්ක සැට්වෙලයි කියලයි කවිකොලේ ගහල තියෙන්නෙ. "

" මම හිතුවෙ නෑ ඔය කැලෑ පත්තර කාරයො තවමත් ඉන්නවයි කියල. "

" බොස් දන්නෙ නෑ... මේ අපේ ගමේ එව්වොද? පුදුම ජාතියක්...අනික මේ කැලෑ පත්තරේ ගහල තියෙන්නෙ කවියෙන්.."

" නෑහ්..අඩේ මට ගෙනත් දියංකො වැන්දා ඒ කවි කොලයක්.."

" හරි මම බලන්නං බොස් …" වැන්දා නැඟිටල මගෙ කෝප්පෙත් ඉල්ල ගත්ත හෝදල තියන්ට.

ඒ කොහොම හරි වැන්දා මට ඒ කවි කොලේ ගෙනත් දුන්නෙ නම් නෑ. අමතක උනාද නැත්නම් වෙන හේතුවක්ද මන්දා කොහොමහරි වැඩේ සිද්ද වුනේ නම් නෑ. එච්චරයි මම දන්නෙ...

කෝප්ප හෝදල පිහදාල කබඩ් එක ඇතුලෙ මුනිං නවල ඇවිල්ල වැන්දා ආයෙම මා ඉස්සරහ ඉඳගත්ත.ඕකා බාර්මන් හින්ද ඒ චාරිත්‍ර වාරිත්‍ර අකුරට කරනව. දවසට දහපාරක් විතර මේස පිහදානව. අතුගානව. මට වෙලාවකට විකාරෙ හැදෙනව.

" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි..මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "

අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය  ලෙස එය ලංකා අපරාධ ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නෙ.

" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ පැත්තෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"

" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"

" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුදු පහක් වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල හිට බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩියත් අරගෙන එන්ට ආව.."

මතු සම්බන්ධයි............

කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් බලන්ට කැමතිනම් මෙන්න පල්ලෙහා තියනව වීඩියෝ එකක්.


102 comments:

  1. දිග වැඩි නිසා ඔ. හි. කු. වෙන්නේ කියවන්නාටයි රවී!

    "උඹද, උඹ හිටියා නම් කරයි"කියුවලු නේද?

    ReplyDelete
    Replies
    1. Raigam,

      / දිග වැඩි නිසා ඔ. හි. කු. වෙන්නේ කියවන්නාටයි රවී! /

      හෙහ්, එහෙමත් එකක් වුනාය? වෙරි සොරි වෙන්ඩ ඕමනයි රයිගම්...:)

      හොඳ කතාවක් මතක්වුනා ඒක කමෙන්ට් එකකට දිග වැඩියි..ආයෙ දවසක කියන්නම්..:)

      / "උඹද, උඹ හිටියා නම් කරයි"කියුවලු නේද? /

      මේ කතාව ඇත්තම එකක්....හෙහ්,හෙහ්,

      Delete
  2. එතකොට අරූට වෙලා තියෙන්නේ ඒකයි එහෙනං

    ReplyDelete
    Replies
    1. අටම්,

      එහෙනං බං එහෙනං..එහෙනං....ඔන්න අජිත් දන්නව විස්තරේ....බොරුනං අහල බලාපං...

      Delete
  3. මගේ යාලුවෙකුත් ඔය හයිටි යන්න මේ ලඟදි කුකුලේ ගඟ ට්‍රේනින් එකකට ගිහින් තිබුන .. NIBM එක ඉස්සර ඉඳල හෙන ජනප්‍රියයි නේද ? අපේ අම්ම මම පොඩි කාලේ ඉඳන් ඕක ගැන කියනවා මට මතකයි .. අම්මට ඒ කාලේ ඉඳන් ඕනේ වුණා මාව එකට යවන්න .. හෙහ් හෙහ් ..

    කුකුලේ ගඟ මම කවදාවත් ගිහින් නැති පළාතක් ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / NIBM එක ඉස්සර ඉඳල හෙන ජනප්‍රියයි නේද ? /

      යස්...ආණ්ඩුවෙ ආයතනයක් නිසා පොඩි පිළිගැනීමක්නම් තිබ්බ ඒ කාලෙ ඉඳලම. හැබැයි මම එන්.අයි.බී.එම්. තෝරගත්තෙ කාරණා දෙකක් උඩ.

      ඒ දවස්වල නුවර තිබ්බ ප්‍රසිද්ධම පරිගණක ආයතනයෙ මගෙ නංගි ලෙක්චර්ස් කලා.එයා ලෙක්චර්ස් කලේ මම කරන්ඩ හිතන් හිටපු ජාතියෙ සැටිපිකට් පංති වලට නෙවෙයි. ඩිප්ලෝමා, BCC අනම් මනම් වලට. ඒත් හිටපු ගමං ඔය දෙකයි පණහෙ පංතිවලටත් එනවලු කවුරුවත් නැතිවුනහම. ඒ හින්ද " මේ තමුසෙ එව්වටත් යනවද ලෙක්චර්ස් වලට ?. අපොයි එහෙනං මම ඔය පැත්ත පළාතෙ එන්නෙ නෑ. " අන්න එහෙම කියල එතනට යන එක අත ඇරිය.

      නුවර තිබ්බ අනික් දෙතැනටම ඔය කෝස් එකට එන්නෙ ඕ ලෙවල් කරපු ඇට්ටිම්බං කොල්ලො කෙල්ලො..මේ පහලවේ දාසයේ උං...මට එතකොටත් වයස 36ක්. අර පොඩි එවුං අස්සෙ මම නිකං ගිහිල්ල ඉඳගත්තම සීය කතන්දර කියන්ට ඉඳගත්ත වගෙ තියෙයි.

      පස්සෙ N.I.B.M. එක ගැන මම පොඩ්ඩක් හොයල බැලුව. ඒකෙ කෝස් එකට ගන්නෙ පොඩි ටෙස්ට් එකක් කාරිය තියල. අනික කෝස් ෆී එකත් ටිකක් ඉහළයි. ඒ නිසා කණේ සබං මොඩල් කොල්ලො කෙල්ලො වැඩිය ඒකට එන්නෙ නෑ. මම වගෙ ඔය කොම්පියුටර් ආතල් එක මිස් වෙච්චි රැස්පොට් පොරවල් තමයි වැඩිහරියක් ඒකට එන්නෙ. ඔන්න ඔය කාරණා නිසයි මම N.I.B.M. කෝස් එක කලේ.

      / කුකුලේ ගඟ මම කවදාවත් ගිහින් නැති පළාතක් .../

      අඩේ..මේ පාර ගියාම පලයං නොවැරදීම..මාර ලස්සන පළාත. වීදිය බණ්ඩාර ගොයිය උපන්නෙත් එහෙය කියනවනෙ. පාලින්ද නුවර, මාකෙළි ඇල්ල එහෙමත් තියෙන්නෙ එහෙ. මගෙ නම කියපංකො යාලුවෙක්ය කියල....උඹට එහෙං දෙයි හොඳ ඩිස්කවුන්ට් එකක්..අන්න එහෙමයි අපි..හරිද?...ගිය තැන නම තියල ඇති...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇති........

      Delete
    2. //මගෙ නම කියපංකො යාලුවෙක්ය කියල....//
      පැතුම් මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවනං අන්තිම කැමති පත්තරෙත් ලියල තියල යන්න. :D

      Delete
    3. //අර පොඩි එවුං අස්සෙ මම නිකං ගිහිල්ල ඉඳගත්තම සීය කතන්දර කියන්ට ඉඳගත්ත වගෙ තියෙයි.//
      :D

      Delete
    4. මානවික්ස්,

      ලෝං ටයිම් නෝ සී නෙවද?.....එනිවේ වෙල්කම් බෑක් කිව්ව එහෙනං මැඩම්!!!

      Delete
    5. හැමදාම ඔබතුමා ලියන ඒවා කියවනවා රවී තුමා.. කොමෙන්ටු කොටන්න ලැබුනේ නැති උනාට :) බොහොම ස්තුතියි වෙල්කම් එකට :)

      Delete
    6. මානවික්ස්,

      නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්...කමෙන්ට් ඕන නෑ අනේ..කියවන්නකො..ඒ ඇති....:)

      Delete
  4. අඩෝ බන්ස් රවී අයියේ, උඹත් එහේ උන්නැයි. උඹල ඔය ප්‍රොජෙක්ට්ටුව කරන කාලේ මමත් හැම සති අන්තෙම වගේ ඔය අහාට ගාටනවා. මම එතකොට කැම්පස් යන්න ඔන්න මෙන්න හිටපු එකා.
    සන්කෙන් එකේ වැඩ කරපු උන් නතරවෙලා උන්නේ අපේ ගෙවල් කිට්ටුව. උන් එක්ක තමයි මම එහෙ යන්නේ. දවසක අපි හොඳට රා වලින් සප්පායම් වෙලා එහෙමත් කේබල් ටනල් එක දිගේ ගොහින් පවර් හවුස් එකට ඉනිමං දිගේ බැස්සා. ආපහු අර ඉනිමං වල බඩගාන්න කම්මැලි කමට වාහනේ ගෙන්නගෙන වටේ පාරෙන් තමයි ආපහු කොන්ට්‍රෝල් රූම් එක හදන දිහාට ගියේ.

    දැනට මාස හතර පහකට කළින් මම කුකුළේ පවර් ස්ටේෂන් එක අස්සට රිංගුවා. ඒ දවස්වල ඕකේ ජෙනි දෙක කැඩිලා ඒක හදන්න කැහැටු වෙච්ච සුද්දෝ දෙන්නෙකුයි අනාථවෙලා වගේ පොළව යටට වෙලා ෆෝන් සිග්නල්වත් නැතුව ඉන්න මගේ යාළුවෙකුයි සෙට්වෙලා ඉන්දැද්දී තමයි මම එහෙ ගියේ. පුදුමේ කියන්නේ මුන් කොහොමහරි වැඩේ ගොඩ දාල තිබ්බා.

    පවර් ස්ටේෂන් එක ඇතුළට යන්න ඕනෙනම් ලංකාවට ආපු වෙලාවක කියපන්ය...

    කුකුළේ රිසෝට්ටුවේ නම දැන් “ලයා” ද මොකක්දෝ කියා වෙනස්කර ඇත. එය කුකුළේ රිසෝට් යන නාමය දරණ කාලයේ එහි වූ හැඳින්වීම් පතේ සිටි මනාළ යුවල වුයේ ලොක්කා සහ ලොක්කීය... හෙහ්

    ReplyDelete
    Replies
    1. Lokka,

      / සන්කෙන් එකේ වැඩ කරපු උන් නතරවෙලා උන්නේ අපේ ගෙවල් කිට්ටුව /

      ඔය අපි හිටපු කෑම්ප් එකේ බිල්ඩිං කලෙත් මම හිතන්නෙ සන්කෙන් එකෙන්. කුකුළෙ කලේ ජපන් ආධාර වලින් නිසා සන්කෙන් එකට විශේෂ සැළකිල්ලක් ලැබෙන්න ඇති මම හිතන්නෙ. ඒ කියන්නෙ ලොක්කා උඹේ ගෙවල් මතුගම දිහාද? සන්කෙන් එකේ හිටපු එන්ජිනියර් කෙනෙක් පස්සෙ සකන්ස්කා එකට ආව. මම හිටපු කාමර පේළියෙ කෙළවරම කාමරේ හිටියෙ. නම ශාන්ත..උඹ දන්නවද?

      / කේබල් ටනල් එක දිගේ ගොහින් පවර් හවුස් එකට ඉනිමං දිගේ බැස්සා. ආපහු අර ඉනිමං වල බඩගාන්න කම්මැලි කමට වාහනේ ගෙන්නගෙන වටේ පාරෙන් තමයි ආපහු කොන්ට්‍රෝල් රූම් එක හදන දිහාට ගියේ. /

      කේබල් ටනල් එක පවර්හවුස් චේම්බර් එකේ ඉඳල ස්විච්යාර්ඩ් එකට යනකල් තිබ්බෙ. සන්කෙන් ඔෆිස් එකත් මට මතක විදිහට තිබ්බෙ ස්විච් යාර්ඩ් එකේ.

      / පවර් ස්ටේෂන් එක ඇතුළට යන්න ඕනෙනම් ලංකාවට ආපු වෙලාවක කියපන්ය.../

      රයිට් මල්ලි තෑන්ක්යූ..ඕන වුනොත් කියන්නං...ඇත්තටම ආසයි ඇතුලට ගිහිල්ල බලන්ට දැං කොහොමද තත්වෙ කියල...හෙහ්,හෙහ්,

      / කුකුළේ රිසෝට්ටුවේ නම දැන් “ලයා” ද මොකක්දෝ කියා වෙනස්කර ඇත. /

      යස්. මාත් දැක්ක ලයා ලෙෂර්ද මොකක්ද නේද? කලින් ඕක මැනේජ් කලේ ආමි එකෙන්ය කියලත් පොඩි මතකයක් තියනව.

      / එය කුකුළේ රිසෝට් යන නාමය දරණ කාලයේ එහි වූ හැඳින්වීම් පතේ සිටි මනාළ යුවල වුයේ ලොක්කා සහ ලොක්කීය... හෙහ් /

      නැහ්???? " අම්මට ****, කෝ මගෙ බැට් එක? " කියල කිව්වලු ලසිත් මාලිංග...හෙහ්,හෙහ්,

      කුකුලේ රෙසෝට් එක බංකොලොත් වෙච්චි එක අහන්ටත් දෙයක්ය...:)

      Delete
    2. මගේ ගෙවල් තියෙන්නේ ලත්පඳුර කිට්ටුව...
      දැන් ඒක ඇතුලට යන්නේ පොඩි පහේ ඉලෙක්ට්‍රික් කාර් එකකින්
      ඒක ඇතුලේ හරි පාළුයි, මගේ බැචා ඕක අස්සට වෙලා කොහොම ඉන්නවද මන්ද

      ශාන්ත කියල බුවෙක්ව මට ටිකක් මතකයි...
      ///කුකුලේ රෙසෝට් එක බංකොලොත් වෙච්චි එක අහන්ටත් දෙයක්ය...:)///
      අඩේ රවී අයියේ කුකුලේ රිසෝට්ටුව බංකොලොත් උනේ නැහැ, අනික අපි අඩිය තිබ්බ තැනක් එහෙම වෙනවද...
      උන් මොකක් හරි ආතල් එකක් ගත්තා නම වෙනස් කරලා මැනේජ්මන්ට් එක වෙන එව්වෝ සෙට් එකකට දීලා...

      Delete
    3. The Elder Son,

      / මගේ ගෙවල් තියෙන්නේ ලත්පඳුර කිට්ටුව... /

      ඒ බං..බෙල්ලන ඒ කිට්ටුව නේද? අර විසාල පන්සලක් එහෙම තියෙන්නෙ? ඔය පන්සල කිට්ටුව නැවතිල හිටිය මගෙ කුකුළේ යාලුවො කීප දෙනෙක්ම.

      / අඩේ රවී අයියේ කුකුලේ රිසෝට්ටුව බංකොලොත් උනේ නැහැ, අනික අපි අඩිය තිබ්බ තැනක් එහෙම වෙනවද.../

      ඒ නිකං විහිලුවට බං කිව්වෙ...හුදු සොමිය උදෙසා පමණි..ඒක ගණං ගන්න එපා..හෙහ්,හෙහ්,

      / උන් මොකක් හරි ආතල් එකක් ගත්තා නම වෙනස් කරලා මැනේජ්මන්ට් එක වෙන එව්වෝ සෙට් එකකට දීලා.../

      යස්, එහෙම දේවල් වෙනව. ඔබ්රෝයි සිනමන් ග්‍රෑන්ඩ් වුනා. රමාඩා රෙනේසන්ස් ට්‍රාන්ස් ඒෂියා වුනා.

      Delete
    4. ඒයි ලොකු පුතා. උඹ ඒ පවර් ස්ටේෂන් එක ඇතුලට ගිහින් බලන චාන්ස් එක මටත් අරන් දෙනව නේද?

      Delete
    5. බොලන් රවී අයියේ,
      ලත්පඳුර කියන්නේ බෙල්ලනට එහා තුන්මන් හන්දිය. අර ඒ පළාතටම තියෙන එකම බාර් එක තියෙන හන්දිය. ආන් ඒක... දැන් දන්නවා නේද ඉර හඳ වගේ...
      උඹ කියපු බෝඩිමේ මම දවසක් හෝ දෙකක් උන් එක්ක සෙට්වෙලා තියෙනවා.
      බෙල්ලන පන්සලට පොඩ්ඩක් එහා...
      එතන වැඩිපුර හිටියේ නුවර උන් සෙට් එකක් වගේ මතකයි. උන් වතාවක හොරෙන් රා බෝතල් 24 ක් ගස් වලින් බාගෙන බීපු කතාවක් ඒ වෙලාවේ කිව්වා...
      මෙහෙම ෆිල්ටර් කරගෙන ගිහින් බැලුවොත් අපි දෙන්නත් ඒ දවස්වල් සෙට් වෙලා තියෙනවා කියල හෙළි වෙන්නත් ඉඩ තියෙනවනේ බන්ස්...

      Dude අයියේ...
      වරෙන් වරෙන් යු ආර් වෙල්කම් ය...
      සාම මාසෙකම 10 වෙනිදා ආසන්නයේ යෙදෙන සඳු දිනක යෙදෙන සුභ නැකතින් මා සමග එහි යාමට හැක
      අනෙකුත් සියලු සතියේ දින වල මා හට රාහු කාලය යෙදෙනු ඇත...
      ඒ මගේ නැකත් සාස්තරය අනුවය...

      මගේ සුභ නැකත් කාලය උඹට අකැප නම් මා නැතිව ගමනේ යෙදීමට වුවද අවස්තාව සලසා දිය හැක.
      කෙසේ නමුත් සියලු නැකත් යෙදෙන්නේ සතියේ දිනවල පමණක් බව කරුණාවෙන් සළකන්න.
      මන්ද යත් එය රජයේ මෙව්වා එකක් බැවින් මාගේ මිත්තරයා හට සියළු සුභ නැකත් යෙදෙන්නේ සතියේ දින වලදී පමණක් නිසාය...

      Delete
    6. ලොකු පුතා. තෑන්ක්ස් වෙරි මච්යැ. උඹ ලංකාවට ආවට අපි තවම මෙහෙ කට්ට කනවා. නොවැම්බර් දෙසැම්බර් දවසක යමු ඈ.

      Delete
    7. ඕකේය... ඉක්මණටම ඉන්න බලාගෙනම ලංකාවට එන්න ලැබේවා කියල පතනවා...

      Delete
  5. ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රජෙක්ට් එකේ ක්වාටස් වල 1988 විතර මමත් හිටිය. ඒකෙ තිබ්බ ඉලස්ට්‍රෝලක්ස් පත සයිස් ෆ්‍රිජ් එකක්, මම බලපු ෆිල්ම් එකක ඒ වගේ එකක මිනියක් දාල තිබ්බ එකක් මතක්වෙලා මම ෆ්‍රිජ් එක ගාවින් යන්නත් බයයි. ( එතකොට මම පොඩි එකා ).
    ටනල් එක දෙපැත්තෙන් ඇවිත් එකතු වෙන වෙලාවෙ කරන සිරිත් තියනව නේද?, කුකුලෙ ගග රිසෝට් එක යන්න ප්ලෑන්කරගෙන ඉන්න තැනක්

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රජෙක්ට් එකේ ක්වාටස් වල 1988 විතර මමත් හිටිය. ඒකෙ තිබ්බ ඉලස්ට්‍රෝලක්ස් පත සයිස් ෆ්‍රිජ් එකක්, /

      ඒ වෙනකොට කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවරයි. මම හිතන්නෙ CEB හරි CECB හරි ස්ටාෆ් එකට දුන්න සමහර ගෙවල්. ඒ එකක් ගැන වෙන්න ඕන උඹ මේ කියන්නෙ. යස්, කොත්මලේට බ්ලැන්කට්, කොට්ට මෙට්ට ඇඳන් හිටන් කෙලින්ම ස්වීඩන් වලින් ගෙනාවෙ.මගෙ පුංචි මාමා කොත්මලේ වැඩ කරපු නිසා මම කොත්මලේ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ල ඇති සිය පාරකට වැඩිය. ඒ 1981 කාලෙ වගෙ. ඉලෙක්ට්‍රෝලක්ස් ස්වීඩිෂ් බ්‍රෑන්ඩ් එකක්.බරවාහනත් ඔක්කොම ස්වීඩිෂ් එව්ව තිබ්බෙ. Volvo BM and Scania

      / ටනල් එක දෙපැත්තෙන් ඇවිත් එකතු වෙන වෙලාවෙ කරන සිරිත් තියනව නේද?, /

      අපේ වැඩ කරපු කට්ටිය නං එතන පූජා තට්ටුවක් එහෙම තියල කිරි උතුරවල මොකක්ද ශාන්තිකර්මයක් කලාලු කට්ටඩියෙක් එහෙම ගෙන්නල. සුද්දොත් ඇවිල්ල බලා ඉඳල වීඩියෝ එහෙම කලාලු. ඒ ඇරෙන්ට සුද්දො නං කලා කියන්නෙ ෂැම්පේන් බෝතල් හත අටක් හොල්ලල පොරොප්පෙ ගලවල හතර අතට විදපු එක.

      Delete
    2. //ඒ වෙනකොට කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවරයි. මම හිතන්නෙ CEB හරි CECB හරි ස්ටාෆ් එකට දුන්න සමහර ගෙවල්.//
      මහවැලි එකේ ක්වාටස්. JVP එකෙන් බේරෙන්න, අපි කාලයක් safe house එකක් විදිහට උඩ තිබ්බ ක්වාටස් වල හිටිය. ක්‍රිකට් ගහන්න පල්ලෙහා කෑම්ප් එකේ ග්‍රවුන්ඩ් එකට එනව. ස්කන්ස්කා එකේ කට්ටිය එතකොට හිටියෙ නෑ තමයි.

      Delete
    3. බොලේ හැබෑටම උන් ගෙනාවෙ ස්විඩිෂ් බඩුම තමා ....ෆ්‍රිජ් එක ඉලක්ට්‍රොලක්ස් ,...ලී බඩු IKEA ......සිංහලෙන් කියනහැටි දන්නෙ නැහැ. බාත් රූම් ෆිටිංස් ...IFO Aqua ,....ස්විචස් ABB.....

      Delete
    4. ඇනෝ,

      ඔව්..සීයට අනූනවයක් ස්වීඩිෂ් එව්ව තමයි. එක්ස්කැවේටර්, එතකොට ක්‍රේන්ස් එහෙම ඔක්කොම Akermann,

      ආ..අර ලීබඩු ජාතිය ඇවිල්ල අයිකෙයා.

      Delete
  6. //කොත්මලේ කලේ ජපන් කම්පනි එකක්. කුමගායි ද කොහෙද මට මතක විදිහට// කුමගායි නෙවෙයි මයිඩා.. Maeda Nishimatsu Joint Venture. ඉතුරු ටික තාම කියවනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. රවී අයියටත් වෙනසටත් ස්තූතියි කුකුලේගඟ ගැන දැවැන්ත කතාවකට මුල පිරුවට..

      //ඉදිකිරීම් ක්ෂේත්‍රය තම ජීවනෝපාය ලෙස තෝරාගත්තෙකුට පොළව අභ්‍යන්තරයෙහි උමං කැණීම් කටයුතු කෙරෙන ව්‍යාපෘතියක සේවය කිරීමට ලැබීම සත්‍යය වශයෙන්ම දුර්ලභ ගණයේ භාග්‍යයයකි..// හැක් ඒ වාසනාවට මං දෙදාස් දොළහෙදි පයින් ගැහුවා ඌමා ඔය සේෆ්ටි මැනේජර් විදියට වැඩ භාරගෙන පළවෙනි දවසෙම.. ඒක කරන්නේ ෆැරබ් කියන ඉරාන් කොම්පැණිය.. ෆැරබ් කියන්නෙත් ටනල් හා හයිඩ්‍රොපවර් ගැන එක්ස්පීරියන්ස් කොම්පැණියක්.. ඒත් උන් මේන් කන්ට්‍රැක්ටර් විදියට මෙලෝ අලබෝලයක් කරන්නේ නෑ.. ඔක්කොම පොඩි පොඩි ඉරාන් කොම්පැණි කාරයොන්ට සබ් දීල. උන් වැඩ කරන්නේ හරක් වගේ. මට එක දවසෙන් එපා උනා.. මං දමල ගහල ආවා. හැබැයි ගියෙනම් ආසාවෙන්.. ගෙදර ඉඳල වැඩට යන්න පුළුවන් දැනට ලංකාවේ තියෙන එකම ප්‍රොජෙක්ට් එක කියලා හැක්.. ඒත් වැඩ කරන්න බැරිනම් මොන මඟුලකට ඉන්නවද? දැන් එතන ඉන්නව මගේ ගාව හාබර් ප්‍රොජෙක්ට් එකේ සේෆ්ටි ඉස්ටොරුව බලපු ගෝලයා සේෆ්ටි ඔෆිසර් කෙනෙක් විදියට.. හැක්.. ඌ එෆ්.බී. එකේ දාන ෆොටෝස් දැක්කම නොහිටපු එක හොඳයි කියල හිතෙනව..

      අහ්! කුකුලේගඟ ගැන කියන්න ඇවිත් මං ඌමා ඔය ගැන මගුලක් කියෝනව.. විස්තරේ එළ. අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. සේෆ්ටි ඉශූස් එහෙම මොකුත් තිබ්බෙ නැද්ද? වෙච්චි ඇබැද්දි එහෙම තියෙනම් ලියන්න. අර හයිඩ්‍රො පවර් ප්ලාන්ට් එක ඇතුලෙනම් සේෆ්ටි මට අවුල්.. මට ගියොත් රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න තමයි වෙන්නේ බලන එක පැත්තක දාල..

      Delete
    2. කළ්‍යාණ මිත්‍ර,

      / හැක් ඒ වාසනාවට මං දෙදාස් දොළහෙදි පයින් ගැහුවා ඌමා ඔය සේෆ්ටි මැනේජර් විදියට වැඩ භාරගෙන පළවෙනි දවසෙම...../

      ඔන්න ඕකනෙ බං කියන්නෙ ..ෂෙහ්, සුවල්ප වාසනාවකට නෙවෙයි උඹ පයිං ගහල තියෙන්නෙ.. මම මේ කියන්නෙ ටනලිං එක්ස්පීරියන්ස් එක ගැන නෙවෙයි හරිද? එව්ව දාපං බල්ලට.

      උඹ දන්නවද මෙච්චර මේ පරිසර කාරයොයි, එන්.ජී.ඕ. කාරයොයි, ආචාර්ය මහාචාර්යවරුයි එපාය කියද්දි මරා දතකාගෙන ඔය උමා ඔය ප්‍රොජෙක්ට් එක කරන්ට දැඟලුවෙ මොකද කියල? හෙහ්,හෙහ්, කට්ටිය කියන්නෙ නං " ජල සයින් පීඩිත වෙල්ලස්ස සහ ගිරුවාපත්තුවේ දුක්විඳින තම සහෝදර ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් අසාලා පියා හද හුණුව ගිය කල්හි අප මහ රජාණෝ එක්සිත්ව මම කෙසේ හෝ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෙම් වේදැයි....." ඔන්න ඔහොමනෙ බයියො කියන්නෙ. ආච්චිගෙ රෙද්ද තමයි.මරා කවද්ද බං රට ගැන රටේ මිනිස්සු ගැන හිතල වැඩක් කලේ? රයිට් යුද්දෙ දිනපු එක ගැන මොකද කියන්නෙ එහෙනං?..ඒකත් බං ඔය යකා කලේ වෙන මොක හින්ද්වත් නෙවෙයි ලංකාවෙ යාවජීව රජ්ජුරුවො වෙන්ට හොඳම ක්‍රමේ ප්‍රභාකරන් මරල යුද්දෙ දිනන එකය කියල හිතල...හෙහ්,හෙහ්,

      රයිට් දැං එමු උමාඔය ගැන කතාවට. ඔය වැඩේ පටන් ගත්තෙම රාවණා රජ්ජුරුවන්ගෙ මහ විසාල නිධානයක් ඔය කන්ද ඇතුලෙ තියනවයි කියනවනෙ. අන්න ඒක ගන්ට. ඒ එක්කම දඬුමොණරෙ, අර මොකක්ද අග්නිශරය, එතකොට අමරණීය වෙන තෙල් බූලියක්. ඒ ඔක්කොම ඔතන තියනවලු. ප්‍රොජෙක්ට් එකේ වැඩට දාපු මරාගෙ ගෝලයො කාටත් හොරෙං ඔය වටිනා වස්තු හොයාගෙන මරාට ගිහිල්ල දෙයි කියන බයට තමයි යහ පාලන ආණ්ඩුව උමාඔය පටගාල නවත්තල දැම්මෙ. ඉතිං මම මේ කියන්ට ආවෙ උඹ උමාඔයේ දිගටම හිටියනං රාවණාගෙ නිධානෙ තියන කුටීරය හොයාගත්තම සේෆ්ටි මැනේජර් හැටියට උඹට තමයි මුලින්ම ඇතුලට යන්ට අවසර තියෙන්නෙ. සික්, කොහොමද ඔය කෝටි ගණං වටින නිධානෙං කොටහක් ෂේප් එකේ මාටියා ගහ ගත්තනං..දෙයියම්පල්ල කියලා වැඩක් නෑ...

      / සේෆ්ටි ඉශූස් එහෙම මොකුත් තිබ්බෙ නැද්ද? වෙච්චි ඇබැද්දි එහෙම තියෙනම් ලියන්න.  /

      අම්මට උඩු නයා...සේෆ්ටි කියලා වැඩක් නෑ බං..ආය නෑ තදටම ක්‍රියාත්මක වුනා. ඉඳහං ඒ ගැන සවිස්තරව ලියන්නං මේකෙ දෙවෙනි කොටසෙ. උඹ මල්ලි පුදුම වෙයි ඔන්න අපේ සේෆ්ටි ප්‍රොසීඩියර්ස් අහල...හෙහ්,හෙහ්,

      / අර හයිඩ්‍රො පවර් ප්ලාන්ට් එක ඇතුලෙනම් සේෆ්ටි මට අවුල්.. මට ගියොත් රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න තමයි වෙන්නේ බලන එක පැත්තක දාල../

      මටත් ඒ විස්තර කරන පොර ගැන ඒ හැටි පැහැදීමක් නෑ. ඒකා මොනව කියවනවද මන්ද...උඹ ගියානං ගහල එලවන්නෙ උඹ එතන සේෆ්ටි රිස්ක්ස් පෙන්නල දෙන්ට ගිහිල්ල...හෙහ්,හෙහ්,

      Delete
    3. //දවසක අපි හොඳට රා වලින් සප්පායම් වෙලා එහෙමත් කේබල් ටනල් එක දිගේ ගොහින් පවර් හවුස් එකට ඉනිමං දිගේ බැස්සා.// ලොකු පුතාගේ කොමෙන්ට් එකේ ඔය කොටහ දැකල මං ඒ ගැන අදහස අත් ඇරිය ඒ වෙලේම.. හැක්..

      ඔය නිදාන කතාව මාත් අහල තියෙනව.. අර බෝගම්බර වැව අස්සෙන් මොකක්ද උමගක් හදන්න හැඩුවෙත් ඕකලුනේ.. ඔය කොයි හැටි වෙතත් මං ඔතන තව කීප දවසක් හිටියනං ඔය ඉරාන් කාරයෙක් මගෙං මැරුම් කනව.. නෑ එක්කෝ ඊට කලින් උන් කවුරුහරි එකෙක් මාව මරනව.. මොකද නිකං ෆේටල් එකක් රෙකෝඩ් කරගන්නේ කියලා මං ඔහේ පහු බස්සා..

      දැන් හැබෑටම කුකුලේගඟ ගියාමත් මට ඔය සේෆ්ටි සීන් කෝන් එක අනිවා ඔලුවට එයි.. හැක්.

      Delete
    4. කළ්‍යාණ,

      / ඔය නිදාන කතාව මාත් අහල තියෙනව.. අර බෝගම්බර වැව අස්සෙන් මොකක්ද උමගක් හදන්න හැඩුවෙත් ඕකලුනේ.. /

      වැව වටේ ලොකු බේබි කාර් රේස් තිබ්බය කියන්න මල්ලි තනිකරම වෙනත් පරමාර්ථයක් ඇතුව.මහානායක ගොයියල දෙන්නත් එපාය කියපු එකේ ඒකත් නොසලකා මේ රේස් කෙහෙල්මල තිබ්බෙ මොකක් හරි යටිකූට්ටු වැඩකටය කියල නිකමට හිතෙන්නෙ නැද්ද? ඔන්න ඔය සැබෑ හේතුව හොයද්දි තමයි එළියට එන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ රත්තරන් කඩුවෙ සීන් එක. ඒක තියනවයි කියන්නෙ නුවර වැව පතුලෙ. රේස් එක මුවාවෙන් නුවර පාරවල් දිගේ වැලි කොට්ට ගහන්ට ආමි එක ලව්ව වැඩේ වැලි ගොඩ දැම්මෙව්ව කියන්නෙ ඔය කඩුව හොයාගන්ට.

      / ඔය කොයි හැටි වෙතත් මං ඔතන තව කීප දවසක් හිටියනං ඔය ඉරාන් කාරයෙක් මගෙං මැරුම් කනව.. /

      යස් ඒක ඇත්ත. ඔය ඉරාන් කාරයො මහ එක ජාතියක මිනිස්සු. එවුං බහුතරයක් ෂියා කට්ටිය. හැබැයි ලෝකෙම ගත්තොත් බහුතරය ඉන්නෙ සුන්නි කස්ටිය.ඔය දෙගොල්ල නයි මුගටි වගෙ.

      මම කලින් වැඩකරපු කම්පනි එකේ හිටිය අපේ ඇඩ්මින් මැනේජර් ජෝඩන් පොරක්. භක්තිමත් ඉස්ලාමීය බැතිමතෙක්. මිනිහ සුන්නි. අපි එක පාරක් කන්ට්‍රෑක්ට් එකක්දි අලුත් බැටරි සිස්ටම් එකක් පර්චස් කරන්ඩ ටෙන්ඩර් කෝල් කරපු වෙලාවෙ එක කම්පනි එකකින් තමයි අඩුම කොටේෂන් එක දීල තිබ්බෙ.පස්සෙ ඒකෙ ජෙනරල් මැනේජර් එක්ක ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න ගියේ මම අර කියපු ජෝඩන් ඇඩ්මින් මැනේජර්.

      මිනිහ මෙන්න ආපහු ආපි ඇග්‍රිමන්ට් එක අත්සන් නොකර. මිනිහ කිව්වෙ අර සප්ලයි කරන කම්පනි එකේ ජී.එම්. බහරේන් ජාතික ෂියා පොරක් කියල. ෂියා මිනිස්සුන්ගෙ වචනෙ සත පහකට විස්වාස කරන්න බෑ කියල මිනිහ දැඩිව විරුද්ධ වුනා අර කම්පනි එකත් එක්ක ඩීල් කරනවට. පස්සෙ මොනව කරන්නද ඊට වඩා ප්‍රයිස් එක වැඩි එකෙකුට කන්ට්‍රෑක්ට් එක දුන්න.

      / දැන් හැබෑටම කුකුලේගඟ ගියාමත් මට ඔය සේෆ්ටි සීන් කෝන් එක අනිවා ඔලුවට එයි.. හැක්. /

      උඹ බං කුකුළෙ යනවනං ඔය දන්න කියන ඉගෙන ගත්තු සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ඔක්කොම රූලට අනුගමනය කරල පලයං තේරුණෙයි?...හෙහ්,හෙහ්..ඔක්සිජන් මාස්ක් එකක් දාගනිං..ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳ ගං, ෆයර් රෙසිස්ටන්ට් ඕවර් ඕල් එකක් ඇඳගං...ඒ කරල නීල් ආම්ස්ට්‍රෝංග් ගොයිය හඳට ගියා වගෙ පළයං ...:)

      Delete
  7. සර් ජෝන් පොතක් ලියල අගමැති ඩඩ්ලි සේනානායකත් එක්ක ගැටුමක් ඇති කරගෙන එංගලන්තෙ ගියානෙ.එහෙ ඉද්දි ඔහුව ඇමතිකමෙන් අයින් කළා.ඔය කතාව කවුරුත් පාහේ දන්නා එකක් නොවැ.ඉතිං සර් ජෝන් එංගලන්තෙ ඉඳල ලංකාවට එන දවසෙ එවකට දිනමිණේ ප්‍රධාන උප කර්තෘ ඩී ඇෆ් කාරියකරවන දිනමිණ හෙඩ් ලයින් එකට ඔය කතාව දැම්මලු.
    සර් ජෝන් පෙරළා පැමිණේ.
    පත්තරේ අනුමත කරන්න ප්‍රධාන කර්තෘ ලඟට යැව්වම කාරියකරවනයන්ට කතා කලාලු.
    අයිසෙ මොකද්ද මේ පෙරළා පැමිණේ කියන්නෙ?
    ඒ සර් ජෝන් ආපහු එනවා කියන එක..
    ඒ උනාට ඔය පෙරලන කතා ඕනෑ නෑ කාරියකරවන, නිකංම ආපහු එනවා කියල දැම්මම හොඳටම ඇති...

    ReplyDelete
    Replies
    1. Helapa,

      / සර් ජෝන් පොතක් ලියල අගමැති ඩඩ්ලි සේනානායකත් එක්ක ගැටුමක් ඇති කරගෙන……/

      පොතේ නම " Premier Stakes " පස්සෙ ඒකෙ සිංහල පරිවර්තනයකුත් ආවා " අගමැති පොරය " කියලා. සර් ජෝන්ගේ උපදෙස්පිට ඔය පොත ලිව්වෙ කවුද කියල කාලෙන් කාලෙට එක එක මත ආවා.

      / පත්තරේ අනුමත කරන්න ප්‍රධාන කර්තෘ ලඟට යැව්වම කාරියකරවනයන්ට කතා කලාලු ./

      කාරියකරවන මහත්තයම කියනවනම් විශ්වාස කරන්න වෙනව. ඒත් සාමාන්‍යයෙන් ඒ යුගයෙ හිටපු පුවත්පත් කතුවරු , උපකතුවරු මේ අද ඉන්න දෙකයි පණහෙ බෝතල් පත්තර කාරයො වගෙ නෙවෙයි. යම් දේශපාලන මතයක් දැරුවත්, යම් පක්ෂයකට නායකයෙකුට සහයෝගය දුන්නත් ඒක කලේ ප්‍රතිපත්තියක් ඇතුව, ගෞරවාන්විතව. එහෙම නැති අයත් ඉඳහිට ඉන්න ඇති. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියලත් කියනවනෙ.

      Delete
  8. //කුකුළේගඟ ව්‍යාපෘතියෙහි ගතකල කාලය අළලා සවිස්තර සටහනක් ලිවීමට අපේක්ෂාකොටගෙන සිටිමි.// ඒ කාලෙ වෙනකොට අපි ජීවත්වෙල ඉඳී නේද බොස්. :D

    ඔය කවි කොළ කේස් එක මෙහේ ගමක පස්දෙනෙක්ද කොහෙද එකතැන මරාපු වෙලාවෙත් තිබුණ. දැන් කවුරුහරි ඔය කොටකෙතන කේස් එකට කවිකොළයක් ගහයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. මට හිතනෙ හැටියට මෙච්චර කාලයක් අතින් කරපු ටනල් හාරන වැඩේ TBM එකකට දීල හින්දද කොහෙද අර උමා ඔය කේස් එක ඇනගෙන තියෙන්නෙ.

      Delete
    2. ප්‍රසන්න,

      / ඒ කාලෙ වෙනකොට අපි ජීවත්වෙල ඉඳී නේද බොස්. :D /

      එව්ව කියන්න බෑ මල්ලි, කෝකටත් නිදහස් සිතුවිලි කියවනවනම් කේන්දරේ පොඩ්ඩක් බලාගත්තට පාඩුවක් වෙන්නෙ නෑ. දීර්ඝායුෂ එහෙම තියනවද කියල.අවම වශයෙන් උපරිමායුෂ ( අවුරුදු 80 ) වත් නැත්තං ගොයියො මේක කියවල වැඩක් නෑ. රන්දිල් මහගෙට කියන්ට ඕන නිදහස් සිතුවිලි කියල තියන තැන එක්කම යටින් " දීර්ඝායුෂලාභීන් පමණක් කියවන්නේ නම් මැනවි " කියල පොඩි සබ් හෙඩිං එකක් දාන්ටෙයි කියල.

       / දැන් කවුරුහරි ඔය කොටකෙතන කේස් එකට කවිකොළයක් ගහයිද මන්ද./

      දැන්නම් මම හිතන්නෙ නෑ බං කවුරුවත් ඔව්ව ගහනවහරි කියවනව හරි කියල. ඒකත් අභාවයට ගිය කලාවක්..කවිකොල කලාව. දන්නවද? ඒ දවස්වල හිටපු දඹුල්ලෙ මන්ත්‍රී ටී.බී. තෙන්නකෝන් මහත්මය ( 70-77 කාලෙ මැතිණිගෙ ආණ්ඩුවෙ සමාජසේවා ඇමති ) ජීවිතේ පටන්ගෙන තියෙන්නෙ තමන්ම ලියපු කවිකොල අච්චු ගස්සවගෙන පොලවල් ගානෙ ගිහිල්ල විකුනල.

      / මට හිතනෙ හැටියට මෙච්චර කාලයක් අතින් කරපු ටනල් හාරන වැඩේ TBM එකකට දීල හින්දද කොහෙද අර උමා ඔය කේස් එක ඇනගෙන තියෙන්නෙ. /

      උඹට ෂුවර්ද උමාඔය ටනල් හෑරුවෙ T.B.M. එකකින්ය කියල. අඩේ මම හිතුවෙ බ්ලාස්ට් කරපු නිසා පොළවෙ තියෙන ස්වාභාවික පැලීම් වැඩි දියුණු වෙලයි අර ළිං හිඳෙන කේස් එක ආවෙ කියල.ඔය විදිහට වුනේ T.B.M. එකෙන් හාරල නම් බ්ලාස්ට් කලානං ගෙවලුත් එක්කම ගිලා බහියි උමඟ ඇතුලට.

      Delete
    3. මාතර-කතරගම රේල් වේ එක හදන ටනල් හාරන්න නම් නියම මෙශින් තියෙනවා.JCB...සපොර්ට් කඩන් වැටිලා චීනෙක් ගෙ කොන්දත් කැඩුනා... අන්න එහෙමයි සේෆ්ටි.

      Delete
    4. ප්‍රසන්න,

      අඩේ මලේ....තැන්කියු වෙරි වෙරි මච්, උමාඔය TBM වලින්ද හාරල තියෙන්නෙ කියල හොයාගන්ට මම ෆුල් ට්‍රයි එකක් දුන්න හරිගියේ නෑ. උඹම ඉන්න ඕන ඔව්ව හොයල දෙන්ට...උඹ පත්කරන්ට ඕන සිහල වියුණු අවකාශයේ ප්‍රධාන ලේඛනාගාර භාරකරු / පර්යේෂක හැටියට (Chief Archivist / Re-searcher of Sinhala Blogs ) උඹ අර බ්ලොග් එකක් අටවගෙන ඉන්නව මොකවත් ලියන්නෙත් නැති එකේ මේ තනතුර භාරගනිං..බෑ නොකිය හොඳේ?...:)

      ආ තව එකක්..උමාඔයට මෙච්චර කල් කරපු විදිහට බ්ලාස්ටිං නැතුව TBM එකක් දැම්මෙ අනිවා බ්ලාස්ට් කරගෙන ගියොත් රාවණාගෙ අර මහා නිධානයට එතනිං ගිහාම දඬුමොණරයට එහෙම හානිවෙයි කියල වෙන්න ඕන එකත් එකටම..:)

      / මේක කොහේ හරි අතුරුදං උනාද කියලනං මම දන්නෑ. /

      හෙහ්, ඇත්තටම බොහෝවිට ටනල් හාරල ඉවරවෙලා TBM අතුරුදහන් කරවනව චේතනාන්විතව...:)

      යූරෝ ටනල් එක දන්නව නේද? ප්‍රංසෙයි එංගලන්තෙයි අතර ඉංග්‍රීසි ඕඩය යටින් හාරපු කි.මී. 51 වගෙ දිග උමඟක්. ඇත්තටම නම් උමං තුනක්. දුම් රිය ගමනාගමනයට උමං දෙකයි නඩත්තුවට මැදින් තව ඊට කුඩා උමඟකුයි. ඕකෙ දෙපැත්තෙන් උමඟ හාරගෙන ඇවිල්ල පස්සෙ පාවිච්චි කරපු TBM ආපහු අරගෙන යන එක පාඩු හින්ද එව්වම පොළව හාරගෙන ගිහිල්ල වැළලෙන විදිහට සෙට් කරනව. පස්සෙ එතන උමඟ වහල දානව. ඇනිමේෂන් වලින් ඔය සීන් එක බොහොම අපූරුවට පෙන්නපු යූ ටියුබ් වීඩියෝ එකක් මම කාලෙකට ඉස්සර බැලුව. ට්‍රයි කලා හොයාගන්ට ...හම්බ වුනේ නෑ. හම්බ උනොත් දාන්නම් ලින්ක් එක.

      මෙතන වීඩියෝ එකේ තියනව ඒත් ඕස්ට්‍රේලියාවෙ උමඟක් හාරල ඉවර වෙලා TBM එක වළලලා ඊට පස්සෙ කොන්ක්‍රීට් දාල වහල දානවා.

      Delete
    5. Gus,

      / මාතර-කතරගම රේල් වේ එක හදන ටනල් හාරන්න ..../

      ඒ බාං ගස්...මාතර- කතරගම රේල්වේ එකේ ටනල් තියනවද?

      Delete
    6. එකක් නම් මදැයි... දෙකක්ම තියෙනවා.ඒ බෙලිඅත්තට යනකන් තියෙන කි.මී.26 ඇතුලෙ විතරයි.ගල් යටින් නෙමෙයි,පොඩි පස් කඳු යටින් තියෙන්නෙ.'නාකුට්ටිය' ටනල් එක හදපුවාම ලංකාවෙ දිගම දුම්‍රිය උමග බවට පත්වෙයි.

      Delete
    7. //උඹ පත්කරන්ට ඕන සිහල වියුණු අවකාශයේ ප්‍රධාන ලේඛනාගාර භාරකරු / පර්යේෂක හැටියට//
      අන්න හරි. හැබැයි නිකං බෑ. කට්ටිය එකතුවෙලා හොඳ සැලරි එකක් ගෙවන්න වෙයි.

      //ඇත්තටම බොහෝවිට ටනල් හාරල ඉවරවෙලා TBM අතුරුදහන් කරවනව චේතනාන්විතව//
      මේ කතාව මම දැනගෙන හිටියෙ නෑනෙ. හැබැයි ඔය ලොකු ටනල් හාරන එවුව තට්ටු හය හතක බිල්ඩින් එකක් හරහ දැම්මම තියෙන දිග විතර කියලනං දන්නව. ලංකාවෙ එකෙකුටනං ඕක අතුරුදං කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි.

      Delete
    8. ප්‍රසන්න,

      / අන්න හරි. හැබැයි නිකං බෑ. කට්ටිය එකතුවෙලා හොඳ සැලරි එකක් ගෙවන්න වෙයි. /

      හරි බං හරි..සිත්ගන්නා සුළු වැටුපක් ගෙවනු ලැබේ..අන්න එහෙමයි අපි තේරුණාද?..හැබැයි අවුරුද්දක පරිවාස කාලයක් තියනව. අගැයීම් කාල සීමාව. ඒ කාලෙ වැටුප් නෑ...එකඟයිනෙ?

      / ඔය ලොකු ටනල් හාරන එවුව තට්ටු හය හතක බිල්ඩින් එකක් හරහ දැම්මම තියෙන දිග විතර කියලනං දන්නව. /

      ඔව්, යූරෝ ටනල් එකේ පාවිච්චි කරපු TBM එකක් මීටර් 100 කට වඩා දිගයි කියල මම දැක්ක. ඔය මහ විසාල සයිස් එක හින්දම තමයි මම හිතන්නෙ ඔව්ව ආපහු නොගෙනිහිං පොළවෙ යට කරල දාන්නෙ. යූරෝ ටනල් එක කිමී. 50 වගෙ උනාම TBM එක ආපහු 25 km අරගෙන යන්න එපාය. ඊට ලාබ ඇති භූමදාන කරල දාන එක.

      Delete
  9. කුකුලේගඟට තමා කැම්පස් එකෙන් මුල්ම ෆීල්ඩ් ට්‍රිප් එක ගියේ . මතක් වුනා ඒක. ඊට පස්සේ දෙසැරයක් විතර හොලිඩේ රෙසොර්ට් එකටනම් ගියා. ඔය මතුගම සමන් කුමාර ගැන කැසට් එකක් ඒ කාලේ හෙන ජනප්‍රිය වුනා නේද?

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=8FTIS6Rab_g

      Delete
    2. ඉවාන්,

      පරණ මතක හරිම සුන්දරයි ...නැද්ද?

      ප්‍රසන්න,

      ස්තූතියි ….

      Delete
  10. තාම යන්න නම් බැරි උනා. ලස්සන තැනක් කියල කියනව අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      ගිහිල්ලම බලන්න ඕන චාන්දි...:)

      Delete
  11. ලංකාවේ ලස්සන තැන් ගොඩක් මට මගහැරිලා,, අඩුගානේ නුවරඑළියවත් දැකලා නැහැ, ස්තුති,,, ලිපිය නම් හෙනටම දිගයි ඒ නිසා සැරින් සැරේ ඇවිත් ඇවිත් කියවුවේ ආච්චි එක්ක... ස්ථුථීයි. වීඩියෝ එක හරහා තව වීඩියෝ බලන්න ලැබුණා ස්තුති

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / ලංකාවේ ලස්සන තැන් ගොඩක් මට මගහැරිලා,, අඩුගානේ නුවරඑළියවත් දැකලා නැහැ,  /

      එහෙම තමයි අනේ...ඔය ගොඩක් දෙනෙක් ඉන්නව රට රටවල්වල ඇවිද්දට ලංකාවෙ ලස්සන තැන් හරියට දැකල නැති අය....දුක්වෙන්න එපා..තව කල් තියනවනෙ ඔයාලට....:)

      Delete
    2. මේ බඩ්ඩක් තියෙනවා අහන්න මේ අහන්නද අක්සර වින්‍යාසයක් ගැන ... :)

      Delete
    3. ආය වෙනම අවසර ගන්ටත් දෙයක්ය ඕක?..:)..දන්නා දෙයක් නම් නොවළහා පවසන්නෙමි. අසනු මැන !!!

      Delete
    4. එදා ඔයා මන්යෝක්කා කියාදීපු දවසේ ආයේ අහන්න බයට හරි හරි කිවුවට මන් කොච්චර ට්‍රයි කලත් ඒක ටයිප් වෙන්නේ නැහැ. මං යුස් කරන්නේ ගූගල් input tool.

      Delete
    5. රවී. උඹ නම් පාඩමක් ඉගෙන ගන්න මිනිහෙක් නෙවෙයි කවදාවත්. අනික චීත්තයක් කිව්වොත් උඹ නැවත නැවත එකම වලේ වැටෙයි. මම නොදන්න රවියා.

      මඤ්ඤොක්කා බොල මඤ්ඤොක්කා
      Use Singreesi 8.1

      Delete
    6. realtime singlish යූස් කරන්න බබා... මඤ්ඤං. ප්‍රඥාරත්න.... විතරක් නෙවෙයි රාජපක්‍ෂ ...වුනත් ලියන්න පුළුවනි...

      Delete
    7. Dude @ ඇනෝ

      එදා මං කිවුවා වගේ අපි කොටියෙක් අල්ලන්න ඌ හැමදාම යන එන පාරේ ගානට උගුලක් අටෝලා තිබ්බොත් ඕකේ ඔතනින් යන වල් උරෙක්, ගෝනෙක් හෙමත් අහුවෙන්න ඉඩතියෙනවා නේද? හි හි හි

      (thanks දුඩු and ඇනෝ. මං ඔය දෙකම ට්‍රයි කරලා බලලා හරියන එක තෝරාගන්නවා )

      Delete
    8. Henry,

      / රවී. උඹ නම් පාඩමක් ඉගෙන ගන්න මිනිහෙක් නෙවෙයි කවදාවත්. අනික චීත්තයක් කිව්වොත් උඹ නැවත නැවත එකම වලේ වැටෙයි. මම නොදන්න රවියා. /

      ඒ කතාව නං සහතිකම ඇත්ත බං..කියල වැඩක් නෑ...මක් කොරන්ටද? මං හිතන්නෙ මගෙ ජාන වලින්ම එන අවුලක්ද කොහෙද?

      මගෙ හදවත හුණුවී වැගිරෙනව බං පට ගාල...මයි හාට් ඊස් අ ස්ලැබ් ඔෆ් බටර්, ඕ එල්ස් අ පොට් ඔෆ් අයිස්ක්‍රීම්..ඕ එල්ස්..අ බොට්ල් ඔෆ් ගී

      Repeatedly falling in to the same pit..That's the story of my life....Heh,heh,

      " Enter at your own peril. Trespassers would be shot. Those who escape would be shot repeatedly. "

      Delete
    9. Ano,

      ඒකනෙ බං කියන්නෙ මේ අම්මණ්ඩි මේ ගූගලයෙක් අල්ලගෙන විකාර කරනව අර අච්චර ලේසි යුනිකෝඩ් තියෙද්දි. :)

      Delete
    10. ඒක දුර්වල කමක් නෙමේ අයියේ ඔයා ගොඩක් ආදරණීය පිරිමියෙක් ඒකයි.. මං හැමදාම විහිළු කරන්නෙත් ඒකයි . dude ආයේ එහෙම අපි අතරට එනවා නෙමේ හිටං.

      Delete
    11. ඔමා,

      ගූගල් ටූල්ස් වල මම බැලුව. ඒක මට තේරෙන්නෙ නෑ බොල...මම පාවිච්චි කරන්නෙ සිංහල යුනිකෝඩ් කන්වර්ටර්...

      ඒකෙ බොහොම ලේසියි සහ පහසුයි. KN ගහපුවම ඤ් එනව.GN ගහපුවම ඥ්.

      ඔමාට මඤ්ඤං..ඔමාට මඤ්ඤං. ඕක ලියන්නෙ මෙහෙමයි omaata maKNKNa\n..omaata maKNKNa\n.

      ස්පාඤ්ඤයට රතිඤ්ඤ පටවන මෙරෙඤ්ඤගේ අප්පු සිංඤෝගෙ පුතාවන ප්‍රඥාරත්න වාසය කරන්නේ කොම්පඤ්ඤවීදියේ අඤ්ඤා කොණ්ඩඤ්ඤාරාමය අසල වූ පිපිඤ්ඤා කඩය පිටුපස නිවසේය.

      ඒ වාක්‍යය ලියන්නෙ මෙහෙම .....spaaKNKNayata rathiKNKNa patavana mereKNKNagei appu si\nKNoege puthaavana praGNaarathna vaasaya karannei kompaKNKNaviidhiyei aKNKNaa koNdaKNKNaaraamaya asala vuu pipiKNKNaa kadaya pitupasa nivaseiya.

      Delete
    12. ආයේ අහන්නේ නෑ , මේක මෙහෙමම බුක් මාර්ක් කරගත්තා. යුනුකොර්ඩ් කන්වර්ටර් එකේ ටයිප් කරලා ආයෙම මෙතන පේස්ට් කරන්න එපැයි. මං කරන්නේ නිකම්ම ටයිප් කරන යන එක. මට ඔය ස්පාඤ්ඤයට රතිඤ්ඤ කොම්පඤ්ඤවීදියේ පිපිඤ්ඤා වගේ වචන හරියට ලියන විදිය දන්න නිසාත් ලියාගන්න විදියක් නැති නිසාත් කරන්නේ ඔය වචන වෙනුවට ඒවට ලගින් යන වෙන වචන පාවිච්චි කරපු එක හි හි බතල, කැකිරි , ස්ලෙව් අයිලන්ඩ් , පුපුරණ ද්‍රව්‍ය ,මල්වෙඩි , ප්‍රංශය වගේ යුරෝපා රටවල් , හි හි කොටින්ම ඔය මහප්‍රාණ අකුරු තියෙන එළවලු මං කන්නෙත් නෑ :)

      මං වෙනුවෙන් සහ මගේම ප්‍රශ්න තියෙන අනිත් අය වෙනුවෙන් මගේ හදපිරි මෙවුවා එක..

      Delete
    13. ඔමා,

      / එදා මං කිවුවා වගේ අපි කොටියෙක් අල්ලන්න ඌ හැමදාම යන එන පාරේ ගානට උගුලක් අටෝලා තිබ්බොත් ඕකේ ඔතනින් යන වල් උරෙක්, ගෝනෙක් හෙමත් අහුවෙන්න ඉඩතියෙනවා නේද? හි හි හි /

      උඹ තමයි දවසකටවත්.....හෙහ්,හෙහ්, අපේ අතිගෞරවාර්හ ධුරන්ධර සත්ගුණවත් හෙන්රි මැතිඳානන්ට හීන් සැරේ වල් ඌරයි කියලත් කිව්ව නේද? ඕකට ඔය ජීවිතේටම දෙවෙනි සැරේටයි කවුරුහරි වල් ඌරයි කියල තියෙන්නෙ.

      දීපා ( උඹ දන්නවනෙ දීපා කියන්නෙ හෙන්රියගෙ බාර්යා තොමෝ..අන්න නියම කාන්තා රත්නයක්..ඒ වගේම මොන තරම් ගුණයහපත් උනත් පූරුවේ කරුම ගෙවලම ඉවරයක් කරන්ට ඕනය කියල කියමනට ජීවමාන උදහරණයක් ඔය දීපා ළමයා , ඇත්ත කියන්ට එපාය ) රයිට් හෙන්රිය දීප එක්ක සෙට් වෙලා ගියාලුනෙ දීපගෙ ගෙදර ඉස්සොරෝම.එදා රෑට කන ගමන් දීපගෙ තාත්ත ඇහුවලු දීපගෙන් " ඈ..දුවේ..උඹට ඔය වල් ඌරව බඳින්ටම ඕනද? " කියල. අන්න එහෙම දීපගෙ තාත්ත වල් ඌරයි කිව්වට පස්සෙ උඹ තමයි දෙවෙනි පාරට හෙන්රියට වල් ඌරයි කිව්වෙ. සික් බොහොම කැතයි. බොහොම කැතයි...අසෝබනයි. අත්‍යාලංකාරයි, සන්නාහ සන්නද්ධයි. සර්වාභරණ විභූෂිතයි...:) :)

      Delete
    14. අර මඤ්ඤොක්කා ගස් හාරලා විනාශ කරන තේ කෑල්ලට පැනලා විනාශ කරන වල්ඌරා ගැන මං කිවුවේ.. හි හි මෙවුවා දැකලා විලිපිසර වෙයි මෙතන පව් අයියේ... මට එතන වල් ඌරෑ වෙනුවට ලස්සන කඩවසම් සතෙක් දාන්න නොහිතුණේ ඇයි දෙයියනේ

      Delete
    15. Oma,

      / ඒක දුර්වල කමක් නෙමේ අයියේ ඔයා ගොඩක් ආදරණීය පිරිමියෙක් ඒකයි. /

      උඹ කියන කිසිම දේකට හාහූ කියන්නෙ නෑ කියල මං දැං අදිස්ටාන කරගෙන ඉන්නෙ...ඇයි ඊට පස්සෙ කියයි හූ ඇද්ද අහුවුනා කියල.....:)

      Delete
    16. Oma,

      / හි හි මෙවුවා දැකලා විලිපිසර වෙයි මෙතන පව් අයියේ../

      පිස්සුද බං...හෙන්රිය දන්නව මගෙ හැටි...ඒ කාලෙත් ඕකට කිව්වෙ....නෑ..නෑ...එව්ව ඕන නෑ මෙතනට..අම්මප..ඔමා... උඹටත් ඒකමයි හාර හාර අහගන්ට ඕන...නේද?.....උඹද? දියයටින් ගින්දර ගෙනියනව කියල අර කතාවට කියන්නෙ.. ඒ උඹල වගෙ අම්මණ්ඩිලට තමයි..

      Delete
    17. නොදන්න කමට , ළද බොළඳ කමට නොදන්න යමක් අහගන්න ආපුවාම අන්තිමට අහගන්න වුණේ අම්මණ්ඩි කියලා. කමක් නෑ :(( ඉහි ඉහි ඉහි ඉහි ඉහි

      Delete
    18. ඔමා,

      ඔන්න කිව්ව කතාවක්...අඩේමේක අහගං..අම්මණ්ඩි මයෙ අම්ම එහෙම කියන්නෙ ආදරේට බොල....ආදරේට...

      Delete
    19. හු හු හු හු හුරේ අදත් මං දිනුම් ඈ... බායි ... :D

      Delete
    20. එතකොට මට එහෙම කියපු තුන්වෙනි එකා උඹ!

      Delete
    21. @ ඔමා ...
      මම කිවුව Realtime Singlish එක කොපි පේස්ට් කරන්න ඕන නැහැ. කෙලින්ම ලියන්න ඕන තැනක ලිවුවා .. එච්චරයි. ට්‍රයි කරලා බලන්න....

      @ රවි.....
      මමත් කලින් ලිවුවෙ එහෙමයි. අර ඔයා ලියල තියෙන විදියට. දැන් පහසුයි නෙ...
      සිං - ලියනකොට si\n නැතිව siq විතරයි..
      අනිත් එක 'යේ'- ලියනකොට y(shift)e , 'කෝ'- k(shift)o, 'වූ'- ලියනවනම් vuu නෙමෙයි v(shift)u
      අපට වඩා ගොඩක් ලියන ඔයා වගේ අයට ප්‍රයෝජනවත් වෙයි.

      හර්ෂ

      Delete
    22. ස්තූතියි හර්ෂ...:)

      Delete
  12. ස්වීඩන් කිව්වම මතක් උනේ චන්ද්‍ර සේනානායකයි ළලිත් ඇතුලත්මුදලියි දෙන්න. ඒ කතා වැඩක් නෑනෙ, ගලා යන ගඟෙන් ඒ ඒ අය දිය දෝතක් ගත්ත..ඒක ඉවරයි කියමුකො.

    අපේ හාමිනේ රාජකාරි වැඩවලට ඔය කුකුළෙ ආව වරක් දෙකක්. ඒ කාලෙ මගේ ආයතනෙන් තමා ඕකෙ ඒගොල්ල හදාපු ගෙවල් වල කිචන් කබඩ් හැදුවෙ ( එකම ලොක්කගෙ කොමැප්නි නෙව ). ඒත් මට එන්න බැරි උනා, දුරයි කුණු වැඩකුයි නිසා මම පලාතෙ ගියෙ නෑ, බයිසිකල් මාරය වෙච්චි උෂාන්තයව මත්තෙගොඩ ඉඳල කුළෙගඟට බයිසිකලේම යැව්ව. ඌත් බලත්දි බයිසිකලේ කළුතර පැත්තෙ ගෙදරක දාල බයිසිකලේම ගිහින් ඇවිත්, කොන්ද රිදෙනව බොස් කියල එහෙමම ගෙදර මාරු. පස්සෙ වැඩේ අහුවුනෙ...හෙහ්..හෙහ්

    ඕකෙන් මේකෙන් අන්තිමට කුකුළ හදල පානත් පත්තුකරා, යන්න බැරිඋනා.

    ඇත්තටම රවිය කිව්ව වගේ ටනලින් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න තියෙන එක මාර වාසනාවක්. වැඩ තියා යන්නවත් බැරි උනා එකම ටනල් එහෙකටව. ඒ අතින් අපිට කලින් පරම්පරාවෙ මහවැලි කාලෙ රටේ උන්නු ෆීල්ඩ් එකේ උන් හෙන ලකී. උන්ට මොන තරන් අත්දැකීම් ලැබෙන්නැද්ද කියල හිතද්දිත් ඉරිසියයි.

    අර අගට මතු සම්භන්ධයි කියල ලිව්වෙ "මේකෙ ඉතුරුටික බලාපොරොත්තුනොවෙනු" කියල කෙටියෙන් වෙන්ටැ!

    ReplyDelete
    Replies
    1. මෙච්චර කොට ඉතුරුකරල මූ තව එකක් ලියන්න ගත්තා බලපන්.දැන් ඉතිං අර සරෝජිනීටයි අසෝකාටයි දෙයියන්නෙම පිහිටයි.

      Delete
    2. ඉන්දික,

      / ස්වීඩන් කිව්වම මතක් උනේ චන්ද්‍ර සේනානායකයි ළලිත් ඇතුලත්මුදලියි දෙන්න. /

      Swedish Trading Company එක අයිති චන්ද්‍රා සේනානායක හෝල්ඩිංස් එකට කියල දන්නව. එච්චරයි. ලලිත්ගෙ සම්බන්ධයක් නොදනිමි. අර නැව් කේස් එකට සම්බන්ධ මොනව හරිද?

      / ඇත්තටම රවිය කිව්ව වගේ ටනලින් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න තියෙන එක මාර වාසනාවක්. /

      ඒකෙ වැඩේ බං ඒ අත්දැකීම වෙන මොනම විදිහකින්වත් ගන්න බෑ. බ්ලාස්ට් කරන විදිහ, රොක් ෆේස් එකේ කොතනද ඩ්‍රිල් කරන්න ඕන ?. කොච්චර ගැඹුරකටද?..ආනතිය කොහොමද?...ඊට පස්සෙ චාජ් කරන්නෙ කොහොමද? ( චාජ් කරනව කියන්නෙ අර විදපු සිදුරට ජෙලිග්නයිට් පුරවන එක )

      ඊට පස්සෙ බ්ලාස්ටිං සීක්වන්ස් එකක් තියනව. ඔක්කොම එකට පුපුරවන්නෙ නෑ. එහෙම එකට පිපිරවෙව්වොත් වෙන්නෙ පුපුරපු ගල් කුට්ටි එහෙමම හිරවෙලා තියනව මිසක බිමට වැටෙන්නෙ නෑ. ඒ සීක්වන්ස් එක හරියට සෙට් කරන්න ඕන පොළව මට්ටමේ ඉඳල ටනල් එකේ මුලු උසෙන් 1/5 වගෙ උසකින් තියන බ්ලාස්ට් හෝල්ස් පහක්ද කොහෙද තියනව අනික් එව්වට මිලි තත්පර දහයක් වගෙ කලින් එව්ව බ්ලාස්ට් වෙනව. එහෙම උනාම අවුලක් නෑ. ගල් කුට්ටි ඔක්කොම සල බලාස් ගාල ඇදගෙන වැටෙනව. ඊට පස්සෙ වෙන්ටිලේෂන් ෆෑන්ස් ෆුල් බ්ලාස්ට් රිවර්ස් දානව දුමයි, වෙඩි බෙහෙත් ගඳයි එලියට ඇදිල යන්ට. ඊටත් පස්සෙ කඩපු ගල් කුට්ටි ටිපර්වලට පටවනව ලෝඩර් එකෙන්. ඒ කරල එලියට ගෙනල්ල හලල දානව ඩිස්පෝසල් ටිප් එකට. ඒකට කියන්නෙ මකිං කියල. ඉන්නකො සම්පූර්ණ විස්තරේ වෙලාවක ලියන්නං ...:)

      / අර අගට මතු සම්භන්ධයි කියල ලිව්වෙ "මේකෙ ඉතුරුටික බලාපොරොත්තුනොවෙනු" කියල කෙටියෙන් වෙන්ටැ! /

      නෑ,,නෑ..බෘහස්පතින්දා වෙනකොට දෙවෙනි කොටස ලියල දානව...ෂුවර් ඇන්ඩ් ෂොට්...

      Delete
    3. හැලප,

      එවුං දෙන්න ඔහෙ ඉඳියි බං...උඹ විස්සෝප නොවී ඉඳහංකො...හෙහ්,හෙහ්,

      Delete
    4. ස්වීඩන් කිව්වාම මට මතක් වෙන්නේ ඇබා. ඊට පස්සෙ මතක් වෙන්නෙ ස්වීඩිෂ් වලින් හැත්තෑව උච්චාරණය කරන හැටි. උඹ Google Translator වල දාලා seventy ඉංගිරිස් වලින් ඉන්පුට් කරලා බලාපං ස්වීඩිෂ් අවුට්පුට් එක. Sjuttio හැබැයි ඒකෙ අර ස්පීකර් සලකුන ඔබලා අහන්න ඕනේ.

      Delete
  13. රවී අයියා... සම්මානෙට සුභාපැතුවට පස්සෙ හරියට පෝස්ටුවක් කියවන්න ගොඩවැදුණු මුල්ම වතාව... පොස්ටුව කියිතරම් දිග වැඩි උනත් කියවන්න අද බඳ තබා ගැනීම අති විශිෂ්ඨයි!!!
    ටනල් බොරින් කතාව, ජෙලග්නයිට් කතාව කියවනකොට ගල් වෙඩි වලට ගල් පුපුරන විදිය මැවිලා පේනවා..අපිත් ඉතිං නිල නොලත් , අසම්මත පුපුරවන්නෝ තමා..
    කවි කැලෑ පත්තර කතාව ගැන කොමෙන්ටුවක් හෙට දාන්නම්.. නිදිමතයි...

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      හරි මල්ලි..තෑන්ක්ස්...:)

      Delete
    2. එහෙමටම කියල ලොකු කතාවක් නෙවෙයි... අපේ ගමේ කඩයක් කරන ගෑණු කෙනෙක් ඉන්නවා. එයා පොඩ්ඩක් විතර අවුල්. පොඩි පොඩි කොටු සීන් ගැන අහන්න තිබ්බ ඒ දවස් වල. උන්දැගේ මනුස්සයා සෝමාරි පොරක්. බුවාට කියන්නෙ "ඉයරෙලා" . ඉවරවෙලා කියන එක මිනිහට කියවෙන්නෙ ඒ විදියට. අනික වචන 3,4 කට සැරයක් ඔය "ඉයරෙලා" කෑල්ල කියනවා. මේ වගේ" මම ගම්පහ ගිහිං ඉයරෙලා, එනකොට මගදී බස් එක කැඩුන, ඊටපස්සෙ ඉයරෙලා පයින්ම තමා ආවේ ගෙදර" ."ඉයරෙලා මුදලාලි" කිව්වම තමයි හැමෝම දන්නෙ. නම කිව්වට දන්නෙ නෑ.
      කොහොම කොහොමහරි මිනිහගේ පවුලගෙ කොටු සීන් අල්ලලා කැලෑ පත්තරයක් ගහල තිබ්බ. ඒකෙ අන්තිමට ඉයරෙලාට උපදෙසක් දීල තිබ්බෙ මෙහෙම.
      "ඉයරේලෝ මේ අපිය,
      ඕකට මේ දේ කොරපිය ,
      ගඩොල් බාගයක් එල්ලා,
      පොල් තෙල් ගාලා ඇදපිය"

      Delete
    3. සජ්ජෝ... අත්පිටපත උඹ ළඟ නේද??? හෙහ් හෙහ් හේ...

      Delete
    4. සජ්ජා,

      ඉයරෙලාගෙ කවිය නම් මරු බං...:)

      Delete
  14. බොහොම ලස්සන මතකයක් අකුරු කරලා තියෙන්නේ රවී අයියා.. මට නම් තාම කුකුලේගඟට ගිහිල්ලා නෑ.. යන්න වෙයිද කියලත් ශුවර් එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      එහෙම කියන්න එපා බොල..කොහොම හරි යන්න බලාපං...හෙහ්,හෙහ්,

      Delete
  15. අරූ ට වෙච්ච දේ අදනෙ දැන ගත්තේ. චාල්ස් නම් ඔ.හි.කු. විදිහටම මැරෙයි කියලා මට හිතෙන්නේ. අම්මයි පුතයි එක තැන තිබ්බහම අයියයි නංගියි වගේ.

    ඔය එක එක රටවල ප්‍රධාන ඉංජිනේරු ව්‍යාපෘති පස්සෙ කාලෙක මරු ටී.වී. ප්‍රෝග්‍රෑම් විදිහට යනවා. 3D Animation එහෙම එක්ක. මාර ආසයි ඒවා බලන්න. ලංකාවෙත් එහෙම උණොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවේ කොමාවක් වැඩි එකට මගේ බලවත් අප්‍රසාදය...

      Delete
    2. තිසර,

      / අරූ ට වෙච්ච දේ අදනෙ දැන ගත්තේ. /

      හෙහ්..ඒකනෙ බං..කියලා වැඩක් නෑ..ඕකගෙ හිත හොඳයි එකයි ඔය ඔක්කොම කේස්...

      / චාල්ස් නම් ඔ.හි.කු. විදිහටම මැරෙයි කියලා මට හිතෙන්නේ. අම්මයි පුතයි එක තැන තිබ්බහම අයියයි නංගියි වගේ. /

      මාත් හිතන්නෙ එළිසබෙත්තක්කා ඕකට රජකොම දෙන එකක් නෑ. ඩයනා ඉන්න කාලෙමනෙ ඕකා ඔය කැමිලා එක්ක ගෝනි සෙල්ලං දාල තියෙන්නෙ..හෙහ්,හෙහ්,

      චාලියයි මගෙයි එකම උපන් දිනේ...අපි දෙන්නටම එකම සන්තෑසියනෙ බං වෙලා තියෙන්නෙත් බලාගෙන ගිහාම..තමන්ට හිමිතැන හම්බවෙන්නෙ නෑ....මොකදෑ කොරන්නෙ ඉතිං?....:(

      / ඔය එක එක රටවල ප්‍රධාන ඉංජිනේරු ව්‍යාපෘති පස්සෙ කාලෙක මරු ටී.වී. ප්‍රෝග්‍රෑම් විදිහට යනවා. 3D Animation එහෙම එක්ක. මාර ආසයි ඒවා බලන්න. ලංකාවෙත් එහෙම උණොත් හොඳයි./

      අන්න බං මාත් ආසම වැඩක් ..ඩිස්කවරි එකේ යනව ඔය වගෙ බොහොම අපූරු ප්‍රෝග්‍රෑම්ස්...

      / මාතෘකාවේ කොමාවක් වැඩි එකට මගේ බලවත් අප්‍රසාදය.../

      තෑන්කියු මල්ලි.....ව.ක්‍රී.ප. නිවැරදි කළෙමි.

      Delete
  16. සකල සිරින් පිරි සිරි ලංකාවේ බින් තැන්නේ උපත ලද
    රවී වීරසිංහ කැකුළානො "නිදහස් සිතුවිලි"බ්ලොග ලියන
    වාන් පතුල් ගැන කියමින් ගැණු ළමුන් සමගින කොස් කපන
    මේ උන්දැ දැන් පටන් ගෙන ඇත තව එක මගුලක් කුකුළේ ගඟ විස්තර කරන.:D

    බලහන්කො රවීයියේ අපිට ඔය කවි කොළ වල තියෙනවා වගේ ලියන්නට බැරි හැටියක්.:(
    ඔය මාකෙළි ඇල්ලේ අපිත් එක පාරක් ගිහින් නාලා කරලා අවා.ඇත්තටම හරිම ලස්සන පැත්තක්.අපි හොයාගෙන ගිහින් නාලා ආවේ බොල.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඔය තියෙන්නෙ බං යස අපූරු කවියක්...හෙහ්,හෙහ්,

      තැන්ක්යූ මලේ...:)

      Delete
  17. ගිහින් නම් නැහැ....... හැකි වුනොත් යනවා

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      පුලුවන් නම් නොවැරදීම යන්න..අපූරුම සුන්දරත්වයක්..:)

      Delete
  18. ඡායාරෑප ටිකකුත් තිබුනානම් එල ද බ්‍රා
    මමත් දවසක යනවා..

    ReplyDelete
  19. මචං මටත් ඔය පෙරලා සැපත්වේ කිව්වම මැවෙන චිත්තරූපේ ගැන මම අවුරුදු දෙක තුනකට කලින් බ්ලොග් එකේ ලිව්වා මතකද?

    ඒක නෙවෙයි. උඹට මතකද අර පොරක් පොලිසියෙන් අල්ලගෙන කොහෙද ඌ වැඩ කරන්නේ කියලා අහනකොට මූ කියනවලු "කියන් නෑ" කියලා. පොලිස් කාරයෝ මූව මරන්න හැදුවත් මූ කියන්නේ ඒ උත්තරේමලු. පස්සෙ බැලින්නම් මූ ඇත්තෙන්ම වැඩ කරන්නේ කියැංනෑම් එකේලු.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / මචං මටත් ඔය පෙරලා සැපත්වේ කිව්වම මැවෙන චිත්තරූපේ ගැන මම අවුරුදු දෙක තුනකට කලින් බ්ලොග් එකේ ලිව්වා මතකද? /

      අඩේ මතක නෑ මල්ලි...ප්‍රසන්නයටවත් තමයි කියන්න වෙන්නෙ ලින්ක් එක හොය දාපං කියල...හෙහ්,හෙහ්,

      / ඒක නෙවෙයි. උඹට මතකද අර පොරක් පොලිසියෙන් අල්ලගෙන කොහෙද ඌ වැඩ කරන්නේ කියලා අහනකොට මූ කියනවලු "කියන් නෑ" කි./

      ඇයි ඒ වගේම තව එකක් තියෙන්නෙ අර දත් දොස්තර නම ඇහුවම " සනීපනෑඩෝ " කියල කියන්නෙ දත් අමාරුකාරයා...හෙහ්,හෙහ්,

      Delete
  20. රමණි වැන්දබෝනා උන්නැහේ බාර්මන් කෙරුවාව යහමින් කියලා දෙන්න ඇති නේද? :D

    //" දෙව්රම් වෙහෙරේ.... හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම්.." කියල වික්ටර් කිව්වලු.ඒ ඔය කොහෙද ගම් උදාවක අවසාන රාත්‍රියෙ සංගීත ප්‍රසංගයෙදි. " හුහ්, උඹ හිටියනං?... උඹ හිටියනං කොරයි..." කියල කිසිම අංගපුලාවකට නැති වරත්තු කොල්ලෙක් කෑගහල කිව්වලු.//

    ඔය සිද්ධිය වෙලා අනිත් පහුවදා තමයි දුහගෙන දුහගෙන ඇවිත් අංකල් විට්ටර් අර සිංදුව කිව්වා ය කියන්නේ.

    "බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ.........."

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      විට්ටර් ගොයියා හිතේ අමාරුවටමයි එහෙම කියන්න ඇත්තෙ....හෙහ්

      Delete
  21. මේවා කියවලා හොර පාරෙන් යනවට සමා වෙන්ටෝනා,,අද නම් කමෙන්ට් එකක් දාන්න හිතුනා,,,ඉතාලිකාරයොත් ඔය උමං හාරන මීයෝ වගේ තමා,,ලගදී අර කැරකෙන මැශින් එකක් දාන් හාරනවා දැක්කා ඈත ඉදන්,,,
    කුකුලේ පැත්තෙ මටත් යන්න ආසාවක් ආවා

    ReplyDelete
    Replies
    1. Dilan,

      / මේවා කියවලා හොර පාරෙන් යනවට සමා වෙන්ටෝනා /

      ආය සමාවක් මොකටද?...කියවන එකම මදැයි...:)

      / ඉතාලිකාරයොත් ඔය උමං හාරන මීයෝ වගේ තමා,,ලගදී අර කැරකෙන මැශින් එකක් දාන් හාරනවා දැක්කා ඈත ඉදන්,,, /

      දැන් බොහෝවිට කෙරෙන්නෙ ඔය TBM ( Tunnel Boring Machine ) වලින් හෑරිල්ල තමයි. විශේෂයෙන් ගොඩනැඟිලි අධික නාගරික ප්‍රදේශ වල බ්ලාස්ටිං කරන්න බැහැනෙ.

      Delete
  22. තැලිලා පොඩි වෙච්චි පඳුරු ටික අතු ගාල ගත්තම අපුරු ඉතිහාසයක් .ඇත්තටම මනුස්සයෙක්ගේ අත්දැකීම් තරම් ලස්සණ කතන්දර වෙන කොහෙවත් නැහැ. මට මේ පාර යන්නම ඕන වුණා කුකුළේගඟ. ළමයි වැඩි මනාප වුණේ මුදේ නටන්න. අන්තිමට උණවටුනේ යන්න තීරණය කළා.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / ඇත්තටම මනුස්සයෙක්ගේ අත්දැකීම් තරම් ලස්සණ කතන්දර වෙන කොහෙවත් නැහැ. /

      Truth is stranger than fiction කියන්නෙ මැඩම් අන්න ඒකයි.

      කුකුළේ ආය ගිය වෙලාවක යන්න. රවී අපෙ හොඳ යාලුවෙක් කියන්නකො. ..:)

      Delete
  23. ඔන්න මගෙන් සියවැනි කමෙන්ටුව..... ඌ ට වූ කියන්නේ නිකම් පවු වගේ නිසා වෙන්න බැරි නැද්ද. අයියේ අර දූරියන් රඹුටන් කතාව ඇත්තම ඇත්තෙයි... ඔය දෙන්න නෙමේ ඒ කාලේ එහේ යන්න තිබ්බේ මහින්දයි , මෛත්‍රිපාලයි...අප්පේ එහෙම කියන කොටත් දැනෙන සතුට...හෙහේ හෙහ්. රඹුටන් අරන් ගියේ මහින්ද ලු හොදේ.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      / ඔන්න මගෙන් සියවැනි කමෙන්ටුව..... /

      අන්න බලාපං ඒකෙත් හැටි සුබාව..උඹත් ඉඳල ඉඳල ආපි සීය දාන්ට...:)

      / ඌ ට වූ කියන්නේ නිකම් පවු වගේ නිසා වෙන්න බැරි නැද්ද. /

      යස් එහෙම තමයි මටත් හිතෙන්නෙ...

      / අයියේ අර දූරියන් රඹුටන් කතාව ඇත්තම ඇත්තෙයි... ඔය දෙන්න නෙමේ ඒ කාලේ එහේ යන්න තිබ්බේ මහින්දයි , මෛත්‍රිපාලයි...අප්පේ එහෙම කියන කොටත් දැනෙන සතුට...හෙහේ හෙහ්. රඹුටන් අරන් ගියේ මහින්ද ලු හොදේ./

      හෙහ්..හෙහ්..අම්මාපල්ල උඹට මම කියනව දෙකක් කන්දෙකේ ඇඟිලිගහගන්ට..අර කාලෙකින් ආපු මනුස්සයට මොකවත් කියන එක හරිනැති හින්ද නිකං ඉන්නව. මේ එන්න එපා දන්නවද අපෙ මෛත්‍රී තුමාට ඒක මේක කියන්න...හුහ්...යහපාලනය දිනේවා! දිනේවා !! දිනේවා!!!

      මේ ඒක නෙවෙයි...අවුරුදු පහුවෙලා ගියේ නැතෙයි ලොක්ක බලන්න ආස්මී පොදියකුත් කරේ තියං මැදමුලං?

      Delete
  24. අපිත් මතුගම තමා හරිය?

    සමන් කුමාරව මරපු කස්ටිය දැන් හිරෙන් ඇවිත් ඉන්නේ නිදහස් වෙලා

    ලස්සනයි ලිවිල්ල ආසාවෙන් කියෙව්වා ජය වේවා !!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...