Monday, July 6, 2015

330. මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කල හැරවුම් ලක්ෂ්‍යයන් හතක් - The Seven Turning Points In Human History

මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමන් මඟ සහමුලින්ම වෙනස්කල සිදුවීම් එතරම් සුලභ නැත. වසර දෙලක්ෂයකට ආසන්නයැයි මානව විද්‍යාඥයින් ගණනය කොට ඇති මේ පෘථිවිය මත මිනිසාගේ ජීවිත කාලය තුල මිනිස් වර්ගයාට උපරිම බලපෑමක් කල එවන් අතිසුවිශේෂී සිදුවීම් හතක් පිළිබඳව පසුගියදා විද්‍යාර්ථීන් පිරිසක් අන්තර් ජාතික මට්ටමින් පැවැත්වුනු සමීක්ෂණයකින් අනතුරුව තොරතුරු හෙළිකලහ.

1. ගින්දර සොයාගැනීම. 
2. රෝදය නිර්මාණය කිරීම.
3. ලිඛිත භාෂාවක් නිර්මාණය කොට ගැනීම.
4. පරමාණුක ශක්තිය සොයාගැනීම 
5. සඳ ජයගැනීම. 
6. ක්ෂුද්‍ර චිපය ( Micro chip ) නිර්මාණය කිරීම 
7. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලැබීම.

Cartoon from Daily Mirror 

ලොව පුරා පැතිර සිටින විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් මඟින් තෝරාගැනුනු එම සුවිශේෂී සිද්ධීන් හතෙන් තුනක්ම මගේ ජීවිත කාලය තුල සිදුවීම මගේ ඉමහත් භාග්‍යයයක් කොට මම සළකමි. ඉනුත් අවසාන තීරණාත්මක සිද්ධියට අප මව් රටේ අපට බොහෝ ආඩම්බරයක් වූ අති ශ්‍රේෂ්ඨ ජන නායකයකු සම්බන්ධ වීම මට මහත්ම ආහ්ලාදයක් බව නොසඟවා පවසන්නෙමි.

මහජන සේවය කෙරෙහි එතුමාගේ ඇති ඉමහත් කැපවීම කෙතෙක්ද යත් මෙදිවයිනේ උත්තරීතර අනුත්තර නායකයාවූ සර්ව බලධාරී ජනාධිපති පදවිය පුරා දශකයකට ආසන්න කාලයක් දරා ජනතාව විසින් දැහැටි දඬුවක් භාවිතයෙන් අනතුරුව ඉවත දමන්නාක් මෙන් ප්‍රතික්ෂේප වූ කල්හි පවා තම ආත්ම අභිමානය ද අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත දමා යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට බැගෑපත්ව දණින් වැටී ඉල්ලුම් කිරීමට පමණ ඒ බලවත් විය. 

පොලිස්පති පදවියෙහි කටයුතු කොට විශ්‍රාම ගත්තෙකු යලි පොලිස් කොස්තාපල් තනතුරකට අයදුම් කරන්නා බදුවූ මෙවන් නිර්ලජ්ජී ක්‍රියාමාර්ගයක් කෙරෙහි පවා එතුමා පෙළඹුනේ කිසිසේත්ම  ඇට මිදුළු කෙරෙහි පවා කාවැදී නිදන්ගත වූ බල තණ්හාවකින් නොව හුදෙක් මහජන සේවයට ඇති බලවත් ඇල්ම කරණකොටගෙන බව අපක්ෂපාතී විචාරකයෝ එකහෙලා පවසති.

එලෙසම වසර හතලිස් පහක මහජන සේවයට පසු කෙලෙසක එතුමා විශ්‍රාම සුවයෙන් පසුවන්නටද? මහජන සේවය එතුමාගේ ලෙයට මසට කාවැදී ඇති සෙයකි. කුළු මහීෂයකු තප්පුලන්නාක් මෙන් වේදිකා දෙදරවමින් එතුමා පැවසූයේද එයම නොවේද? වසර විසිහතක් තම ජාතිය වෙනුවෙන් සිරබත්කෑ නෙල්සන් මැන්ඩෙලා මෙන්ම එතුමාද සිරබත් කෑවේය. ඒ කුමන හේතුවක් නිසාද යන්න කිසිසේත් අදාල නොවේ. වැදගත් වන්නේ සිරබත් කෑමය.

එසේ හෙයින් එතුමා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ලෙස පත් කිරීම මුරුවට තම ප්‍රධාන ආහාරය කොටගත් ලාංකීය වසභයින්ගේ පරම යුතුකම නොවන්නේද?

එතුමාට නාම යෝජනා ලබාදෙන බව, ජලය මිශ්‍ර නව පෙට්රල් වර්ගයක් ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දීමේ පුරෝගාමියාවූ හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කරත්ම දෙව්ලියන් සත්සියයක් එකෙණෙහිම අහසෙහි ප්‍රාදුර්භූතව  පරසතු කුසුම් ඉසිමින් ආශිර්වාද කල බව දැනගන්නට තිබේ. පව් පවින් වැළකී පිරිසිදු ජීවිතයක් ගත කරන්නවුන්ට හැර අන් කිසිවෙකුට ඒ දෙවඟනන් දර්ශනය නොවන බැවින් කිසිදු පුවත්පත් වාර්තාවක ඒ බව සඳහන් නොවීම කිසිසේත්ම අරුමයක් නොවේ. මේ දෙවඟනන් පැමිණ පරසතු කුසුම් ඉසීම පිළිබඳව සැක පහළ කරන සර්ව අශුභවාදීන්ට ඒ පිළිබඳ නොවරදින සාක්ෂියක් නම් පුවත්පත් සාකච්ඡාවෙන් පසු හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමයි.

පුවත්පත් සාකච්ඡාවෙන් පසු එතුමෝ " මගෙන් කුණුහරුප අහගන්නට එපා " යනුවෙන් පුවත්පත් කලා වේදීන්ට ඉතා සුහදව දැනුම් දුන්නෝය.එතුමා ක්ෂණික ආවේගයෙන් එසේ ප්‍රකාශකලේ යම් වැදගත් හේතුවක් ඇතුවය. පරසතු කුසුමෙහි සුගන්ධයට එතුමෝ ආසාත්මිකය. එබැවින් කිහිප වරක්ම එතුමාගේ සිරුරෙහි පතිත වන පරිදි පරසතු කුසුම් නොඉසින ලෙස කල කාරුණික ඉල්ලීම් දෙවඟනන් භාරව පැමිණි කණ්ඩායම් නායක දෙවියා නොසළකා හැරි හෙයින් එතුමෝ පසුවූයේ දැඩි කෝපයෙනි. පුවත්පත් කලාවේදීන්ට එළෙස ඇමතූයේ එසේ කෝපාවිෂ්ඨව පසුවූ හෙයින් බැව් බොහෝ දෙනෙක් නොදනිති.



හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ අනාගතයක්! වසර හතළිස් පහකට පෙර ඔබ දේශපාලන දිවිය ඇරඹූ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන්ම ඔබට විශ්‍රාම යාමට හේතු වාසනා වේවා!!

63 comments:

  1. මහින්ද මුත්තා අමතා ගොසිප් අඩවියක තිබුනු කවි
    ----

    මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද ඔබ මැතිවරණෙට එන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි - අගමැතිකම ලැබගන්නට එන්නෙමි

    දුක සේ ලැබගෙන අගමැතිකම හෙට - බිලියනයක් ගහගන්න ලැබේවිද
    මම ළමයෝ මින් බිලියන නොපතමි - නාමෝලට කන්නට මග සාදමි

    මේ වයසෙදි අරගෙන අගමැතිකම - කරන්ට යන දේ නොම තේරේ මට

    පෙර ජනපති වී සිටි කල අප හැම - ගැහුවා ගැහිල්ලක් පරපුර හතකට
    ඒ වගෙ ගහගන්නට නාමෝලට - පාර හදන එක මාගේ යුතුකම

    ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි - ඡන්දෙ දාට කළයුතු දේ දන්නෙමි

    ----
    එල රවියෝ එලම එල.
    මම එකද මන්දා

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      හෙහ්..නියම කවි පෙල..දාන්න පහක්.... :)

      වෙඩිතියලා ගහලා මරලා හරි- අගමැතිකම මම ගන්නෙමි හනිකට,
      ගරායකා වගෙ දත් විළිසාගෙන - මහින්ද මුත්තා දැං එයි සබයට,
      අවුරුදු දහයක් කෙලියා රටටම - මුත්තා හම්බකලා පරපුරටම,
      පහනේසිලනම් නටන්නෙ නිවෙන්ට - කකුලුව දියරත්වනතුරු කෙළින්ට,

      Delete
    2. හි හි මරු අනේ

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. ඔය මොනව කිවුවත්, මහින්දට වැඳගෙන ඉන්න කට්ටියක් ඉන්නව. වැරදි කිවුවොත් අහන්නෙ අනික් අය කරපුව හරිද, කවුද වෙන ඉන්නෙ කියල..... වෙලාවකට හිතෙනව ඒකත් හරි නේද කියල .....

      Delete
    5. ඉසුරු,

      / වෙලාවකට හිතෙනව ඒකත් හරි නේද කියල ...../

      එක එක වෙලාවට එක එක එව්ව හිතෙනව තමයි.ඒත් පොඩ්ඩක් තර්කානුකූලව විචාරාත්මකව කල්පනා කරල බලන්ට රටක නායකයෙකුගෙ තියෙන්ට ඕන ගතිගුණ තියෙනවද? නායකත්වයට මේ වගෙ කෙනෙක් සුදුසුද ? කියල. ඒ දෙකටම උත්තරේ ඔව් නම් ඉතිං අවුලක් නෑ ඡන්දෙ දීල පත්කරගන්ට...:)

      Delete
  2. https://www.facebook.com/photo.php?fbid=1528117040782588&set=gm.1019409398083090&type=1&theater

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස කියන ලුම්පන් පාදඩය රට පාලනය කරන කාලෙ බ්ලොග් ලියන යූඇන්පී තොත්ත බබාල ඉපදිල හිටියෙ නැතිව ඇති.

      Delete
    2. Ano,

      හරි, හරි ප්‍රේමදාස ඔය කියන ඔක්කොම කලා තමයි. කවුද නෑ කිව්වෙ?..ඔයිට වැඩිය දේවලුත් කලා ඒ මහත්තය...හෙහ්,හෙහ්, රයිට් ඒ ගැන තර්කයක් නෑනෙ දැන්..ඒත් මේ මැතිවරණයට ආර්. ප්‍රේමදාස ඉදිරිපත් වෙන්නෙ නෑනෙ නේද? ඒ හින්ද අපි ප්‍රේමදාසයි යූ. ඇන්. පී එක අවුරුදු විසිපහකට ඉස්සෙල්ල කරපුවයි පැත්තක තියල මේ පහුගිය අවුරුදු පහේ මේ රටේ වෙච්ච විනාසෙ ගැන කතා කරමුද?..අපි කතාකරන්න ඕන මේ ඡන්දෙට ඉදිරිපත් වෙන මිනිස්සු ගැන. අන්න ඒ අයගෙ පැටිකිරිය ගැන මිසක් අවුරුදු විසි දෙකකට කලින් මැරිච්ච මනුස්සයෙක් ගැන නෙවෙයි නේද?

      පලි - අනික යූ.ඇන්.පී. එක කරපු දේවල් මට වැඩක් නෑ. මම යූ.ඇන්.පී. එකට ඡන්දෙ දෙන්න කියන්නෙ නෑ කාටවත්ම. තමන් කැමති කෙනෙකුට දෙන්න මරා හැර..එච්චරයි....:)

      Delete
  3. මං ආසාවෙන් කියවන්න ආවේ මාතෘකාව ඇත්ත කියලා හිතලා මං තරහයි .

    (පෝස්ට් එක ගැන කියන්න දෙයක් නෑ ගොඩක් එන්ජෝයි කළා )

    ස්තුතීයි

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / මං ආසාවෙන් කියවන්න ආවේ මාතෘකාව ඇත්ත කියලා හිතලා මං තරහයි . /

      නෑ බං මිනිස් ශිෂ්ඨාචාරය නව මඟකට යොමුකල සොයාගැනීම් සහ නිර්මාණ ගැන ලියන්න ඕන කියල හිතිල ඒ ගැන පොඩ්ඩක් රීසර්ච් එකකුත් කලා මම ඇත්තම කිව්වොත්...ඒකයි මේ සටහනට ඔය මාතෘකාව අසුරු සැණෙන් ඔලුවට ආවෙ..ඉඳහං ඒ ගැනත් වෙලාවක ලියන්නංකො...:)

      Thanks ..Madam…:)

      Delete
  4. රෝසි සේනානායක විශ්ව විවාහක රූ රැජින වෙලා, ආයෙ ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමාරි තරඟෙට ආවා වගේ....

    ReplyDelete
    Replies
    1. තිසර,

      හෙහ්..ඒකනෙ බං කාටද කියන්නෙ?..ලැජ්ජානැතිකම හිටපු ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි කියල කියනවනෙ...:)

      Delete
  5. 8. //ජලය මිශ්‍ර නව පෙට්රල් වර්ගයක් ශ්‍රී ලාංකිකයින්ට හඳුන්වා දීම (මේ පුරෝගාමියාවූ හිටපු ඛනිජතෙල් අමාත්‍යවරයා)//

    මෙන්න මේකත් මානව ශිෂ්ටාචාරයේ මං සලකුණක්. දැන් කලෙක ඉඳන් ගම් වල කොලු ගැටවු, වතුර වලින් දුවන වාහන හැදුවා කියනවා. එය සැබෑවක් කළේ මෙතුමා.

    ReplyDelete
    Replies
    1. රයිගම්,

      / මෙන්න මේකත් මානව ශිෂ්ටාචාරයේ මං සලකුණක්. දැන් කලෙක ඉඳන් ගම් වල කොලු ගැටවු, වතුර වලින් දුවන වාහන හැදුවා කියනවා. එය සැබෑවක් කළේ මෙතුමා. /

      ඔය වගෙ මහා ප්‍රාඥයො හිටපු ගමං ප්‍රාදුර්භූත වෙනව අපේ මේ දහම් දිවයිනේ...විශ්මිත අයිඩියාස් කියල අපි පොඩි අකාලෙ කිව්වෙ ඔය වගෙ එව්වට. අවුරුදු තුන හතරකට එපිට කරාපිටිය ඉස්පිරිතාලෙ ප්‍රධාන ජොස්තර මහත්තයට ආව ඔය වගෙ විශ්මිත අයිඩියානන්ද එකක්.

      ඒ දවස්වල කරාපිටිය ඉස්පිරිතාලෙ වත්ත අයාලේ යන බල්ලො තිහ හතළිහක ක්ෂේම භූමිය වෙලා තිබ්බලු. අන්තිමට මුංගෙ කරදරෙං බේරෙන්ට බැරුව මරල දාන්ට යෝජනාවක් ආවලු. ලොකු ජොස්තර මහත්තය ඇවිල්ල සැදැහැවත් බවුද්දයෙක්. එතුමා එකහෙලාම ඒකට විරුද්ධ වෙලා නියෝග කලාලු බල්ලො ඔක්කොම අල්ලල ගෝනි වල දාල ඒ කිට්ටුව තියෙන අක්කර දෙකක විතර කැළෑ මණ්ඩියකට ගිහිල්ල දාන්ට.

      බල්ලො අවුරුදු විසි දාහකට වගෙ ඉස්සෙල්ල වනචාරීව ඉඳලනෙ මිනිස්සු හීලෑ කරගෙන තියෙන්නෙ. මේ දොස්තර මහත්තය බලාපොරොත්තු වෙලා තියෙන්නෙ අවුරුදු විසි දාහක ඉතිහාසය දවස් දෙක තුනකින් ආපස්සට හරවල බල්ලො ආපහු වනචාරී කරවන්ට.

      Delete
  6. බුහැක්...
    කාගෙ කාගෙත් කිල්ලෝටෙ වල හුණු තියනවයි කීවට මෙයාගෙ එකේ තියෙන්නෙ කේශර අළු හුණු කොට්ටයක් හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඒකෙ තියන හුණු කන්දරාවෙ හැටියට උන්දැගෙ කිල්ලෝටෙ මයෙ හිතේ පොඩි පහේ බවුසරයක් සයිස් වත් වෙන්න ඕන.

      Delete
  7. රවී,
    නැට්ටේ හිටන් ගොම. සැරටම බඩ යනවා වගේ. මහින්ද එපා නම් යහපාලන ඉට්ටැයිල් එක අනුව අවලාද නැතුව එයාව පරද්දලා දාන්නයි තියෙන්නේ. නැත්තම් ඉතින් පස්ස හපාගෙන මැරෙන එකයි තියෙන්නේ. කැත මනමාලියෝ දෙන්නගෙන් අජූවම එක්කෙනා රනිල් කියලා මාස හයක් යන්නත් කලින්ම එයාම ඔප්පුකොලා නෙව . දැන් ඉතිං මොකේ දo වළදන්නද?

    ReplyDelete
    Replies
    1. සමහර හරක් ඉන්නව තම්බිත් එක්ක කැමැත්තෙන්ම යන්න හදන. ඒ අය ගලවාගන්න පුළුවන්ද කියලයි රවී මේ බලන්නෙ. අඩු ගානෙ එකෙක් දෙන්නෙක් හරි බේරෙයිනේ. තම්බි එක්ක ගියාම සැප හොඳයිම කියන හරකුන්ට ‍නං සොරි තමයි.

      Delete
    2. Ano,

      / අවලාද නැතුව එයාව පරද්දලා දාන්නයි තියෙන්නේ. /

      ඉතිං ඒක නෙවෙන්නං දෙයියනේ මේ කරන්න හදන්නෙ..අර රාජ් කිව්ව වගෙ මේ වියරු ඒකාධිපතියගෙ පැටිකිරිය අමතක වෙලා අර පස්සෙං යන පට්ට හොරු රැලේ බේගල් වලට රැවටිලා ඉන්න ජහමනයට සත්‍යාවබෝධය ලබාදීමේ පරම පිවිතුරු චේතනාවෙන් කරනු ලබන සත් කාර්‍යයකි මේ....:)

      Delete
    3. රාජ්,

      ස්තූතියි මල්ලි....:)

      Delete
    4. රාජ්,
      කහන්න මල්ලි කහන්න... හරී.... සනීපයි

      රවී අයියා

      Delete
  8. ජන්දේ ඉවරයක් වෙනකල් මේ පැත්තෙත් කරක් ගහන එක නතර කරන්න වෙයි වගේ... :(

    ReplyDelete
    Replies
    1. ලොක්කා, ප්‍රසන්න සහ තිස්ස,

      නෑ බං එහෙම වෙන්නෙ නෑ...ඡන්දෙ ගැනම නිතර දෙවේලෙ ලියන්ට පුලුවන් කාටද? වාංපතුල් ගැනත් ලියන්ට ඕන. අර ළමයි දෙන්නත් ඉන්නව නෙව. සරෝජිනී සහ අසෝකා....ඉඳහල්ල තවත් පොඩි කතාවකුත් ලියනව මේ දවස්වල. කතන්දරේ පටන් ගන්නෙ මෙහෙමයිලු ඔන්න....

      හුන්නස්ගිරිය කඳු ඉස්මත්ත පසුබිම් කොටගෙන මළහිරු බැසයමින් තිබිණ.සැඳෑ හිරුරැස් වෙනදාට වඩා තීව්‍රවූ රත්පැහැයකින් දිදුලන්නාක් සේ තවමත් නිදිමත පහව නොගිය දෑස් පිසදමමින් එදෙස නෙත් යොමුකල ඔහුට හැඟිණ.

      ඔහු වැතිරහුන් නා, පනා, අඹ, දඹ හා නෙරලු යනාදී නොයෙක් තුරු ලතාදියෙන් ගහන වූ වන ලැහැබ පිහිටි කුඩා කඳුගැටයෙහි පාමුළ සිට ඇරඹී, ඈත නෙතට අසුවන මානයෙහි අගිස්සෙහි රූස්ස කුඹුක් ගස් පෙළක් මඟින් මායිම්වන ගුරුගල් ඔයෙහි ඉවුර දක්වා පැතිරෙන මහා වෙල්යාය වසාගනිමින් යන්තමට කළුවර පහත්වන්නට ඇරඹෙමින් තිබිණි.

      වැතිරහුන් ඉරියව්ව වෙනස් නොකොටම උඩුකය මඳක් ඔසවා පහළ නිම්නය දෙස නෙත් යොමුකල ඔහුට දැකගත හැකිවූයේ බිම් කළුවර වැටීමට පළමු තම කාර්යයන් නිමකිරිමෙහි ලා යුහුසුළුව සීසෑමෙහි යෙදී හිඳිනා ගම්වැසියන් කිහිප දෙනෙකි.

      කඳුගැටය පාවුලින් ඇරඹී ඈත කුඹුක් තුරු වැටිය දක්වා පැතිරි දොරගමුව රජමහ විහාරයට කැපවූ මුරුතැන්වෙල නමින් හැඳින්වූ වෙල්යාය සහ ඊට යාබද අදිකාරම් වළව්වට හිමි හැල් කුඹුරුයාය එකතුවූවිට වපසරිය අමුණු 20 කට ආසන්නය.

      වසර අටකටපෙර පසළොස් හැවිරිදි වූ ගැටවර වියෙහි එළිපත්ත මතහිඳි සමයෙහි අදිකාරම් වලව්වෙහි කුඹුරු ලියදි කිහිපයක් මතක ඇති කාලයක සිට අඳයට අස්වැද්දූ තම පියාණන්ද සමඟ උදළු කෙටියක්ද ගෙන කුඹුරු කෙටූ අන්දම සිහිව ඔහුගේ සිතට නැඟ ආයේ සිත් කීරි ගැසීයන තරමේ සංවේගජනක හැඟීමකි.

      Delete
    2. උඹේ බ්ලොග් එක තවත් බොගක් නොවේවා කියා සහ මෙම "කතා පොරොන්දු" බොරු පොරොන්දු නොවේවා කියල පතනවා ඇරෙන්න වෙන කොරන්න දෙයක් නැහැ... ;)

      Delete
    3. හප්පේ.... ඒ කතාවනං සෙල්ලං වෙන්නෙ නෑ වගේ.

      Delete
    4. මට බය ඔය කියන ජාති එකක්වත් ලියන්න කලින් මේ යකා නහරයක් පුපුරව ගනීද කියලා...

      රවී අයියේ මරා ගේ සීදේවි මුහුන මතක් කරගෙන උදේ හවා මෛත්‍රී වඩහන්, නැතනම් කොහෙන් ලෙවර වෙයිද දන්නෑ.....හෙහ්

      Delete
    5. සෙන්නා,

      / මට බය ඔය කියන ජාති එකක්වත් ලියන්න කලින් මේ යකා නහරයක් පුපුරව ගනීද කියලා…/

      උපදේසයට ස්තූතියි ..හෙහ්...නහරයක් පිපිරෙන්න හේතුවක් නෑ මල්ලි. යක්කු පිසාචයො, කුම්බාන්ඩයො, මල පෙරේතයො, බහිරවයො හින්ද මගෙ නහර පුපුරවගන්ට උවමනාවක් මට නෑ...හෙහ්,හෙහ්,

      ඒත් ඔය නහර පිපිරිලි ගැන පරිස්සමින් ඉන්න ඕන කට්ටියක් ඉන්නව. ඒ තමයි ඔය මොලේ හරියට වර්ධනය නොවිච්චි අය. මේ ඇස්පනා පිට පේන්ට තියන දේ වටහාගන්ට හැකියාවක් නෑ. තමන් හිතනදේම තමයි හරිය කියල හිතන්නෙ. එහෙම වෙන්නෙ මොලේ තර්ක බුද්ධියට අදාල කොටසට ලේ යන නහරෙ මොනයම් හේතුවක් හින්ද හරි හීං වෙලා. උපතින්ම වෙන්නත් පුලුවන්. පස්සෙ කාලෙක වෙන්නත් පුලුවන්. අන්න ඒ අය විශේෂයෙන්ම නහර පුපුරන එක ගැන පරිස්සම් උනොත් හොඳයි. ඔය මල්ලිත් දන්නවනම් එහෙම අය කරුණාකරල කියන්න. මොනව උනත් පව්නේ...

      Delete
    6. රවී අයියා,

      ඔය තර්ක බුද්ධියට ලේ යන නහරේ හීනි වුනා කියලා නහරේ පුපුරන්නේ නෑ.. මොකද ඒ හීනී නහරේ දිගේ හිමීට හිමිට ලේ යන්න පුරුදු වෙලා තියන නිසා. වෙන එකම හානිය තර්ක බුද්ධිය නැතිවීමම පමණයි...

      හැබයි වෛරයෙන් පුපුරණ අයගේ එහෙම නෙමේ. කෙනෙක් වෛරයෙන් පුපුරනකොට මොලේ යකාගේ කම්මල වගේ ප්‍රොසෙස් වෙන්න ගන්නවා. අන්න ඒකට වැඩියෙන් ලේ ඕනා.. ඒ ඩිමාන්ඩ් එකට සප්ලයි එක මැච් කරන්න හදනකොට අන්න නහර පුපුරලා යනවා...

      ඒක හින්දා පරිස්සමින්.. යක්කු, පිසාච්යෝ කුම්භාණ්ඩයන්ට වුනත් වෛර කරන්ඩ යන්නේ පරිස්සමින්...

      Delete
    7. සෙන්නා,

      / හැබයි වෛරයෙන් පුපුරණ අයගේ එහෙම නෙමේ. කෙනෙක් වෛරයෙන් පුපුරනකොට මොලේ යකාගේ කම්මල වගේ ප්‍රොසෙස් වෙන්න ගන්නවා. /

      එහෙම වැඩියෙන් ප්‍රෝසස් වෙන එක දාහෙන් සම්පතයි සෙන්නා, මොලේ සීයට අනූපහක් අකර්මණ්‍ය කරගෙන, යක්කු, පට්ට හොරු කියන දේවල් දොහොත් මුදුන් දීල පිළිඅරගෙන, මොනව හරි ඔය අත පල්ලෙන් වැටෙන දෙයක් ඇහිඳගෙන කාල ඉන්නවට වැඩිය....:)

      / ඒක හින්දා පරිස්සමින්.. යක්කු, පිසාච්යෝ කුම්භාණ්ඩයන්ට වුනත් වෛර කරන්ඩ යන්නේ පරිස්සමින්… /

      අනේ නෑ බං යක්කුන්ට වෛර කර කර ඉඳල හරියන්නෙ නෑ. යක්කු පරසක්වල ගහන්ට ඕන කකුල් කෙටි දෙකෙන් අල්ලල. අර ජනවාරි අට වෙනිද අපි කලේ..අන්න ඒ වගෙ...තේරුණෙයි?

      Delete
  9. ජන්දේ ඉවරයක් වෙනකල් මේ පැත්තෙත් කරක් ගහන එක නතර කරන්න වෙයි වගේ...x2

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ලොක්කාට දුන් පිළිතුර ඔබටද අදාළය...:)

      Delete
    2. ජන්දේ ඉවරයක් වෙනකල් මේ පැත්තෙත් කරක් ගහන එක නතර කරන්න වෙයි වගේ...x3

      Delete
    3. පැතුම්,

      කරක් ගහනව කියන එක හැදුනෙ කොහොමද කියල උඹ දන්නවය?...:)

      Delete
  10. පුටිංට හොඳනං අපේ මේ හුටංට නරකද හිටං...හුහ්?

    ReplyDelete
    Replies
    1. මාධවී,

      පුටිං ගොයිය කලේ රුසියන් ව්‍යාවස්ථාවෙ ලූප් හෝල් එකකිං රිංගුව එක. ජනාධිපතිට අනුක්‍රමික ධුර කාල දෙකක් දරන්ට බෑ කියලයි ව්‍යවස්ථාවෙ තියෙන්නෙ.පුටියා කලේ අවුරුදු අටක් ඉඳල ඊලඟ හතර මිනිහගෙ අගමැතිට දීල මිනිහ අගමැති විදිහට හිටිය.අවුරුදු හතරකින් පස්සෙ ආයම ආව. අපේ ව්‍යවස්තාවෙ එහෙම බෑ. දෙකක් හිටියනං හිටියම තමයි. මරා අගමැතිවුනොත් සම්ටයිම්ස් ව්‍යවස්ථා අර්බුදයක් එන්නත් පුලුවන්. මොකද ජනාධිපති පදවිය පුරප්පාඩු උනහම ඊට පස්සෙ ජනාදිපති වෙන්නෙ අගමැති. මරාස්ට දැන් ව්‍යවස්ථානුකූලව ආයම ජනාධිපති වෙන්න බෑ.

      Delete
    2. පුටින් පැරදුනේ නෑ නේද?

      Delete
    3. //මරා අගමැතිවුනොත් සම්ටයිම්ස් ව්‍යවස්ථා අර්බුදයක් එන්නත් පුලුවන්. //

      මම හිතන්නෙ අයියෙ එහෙම අර්බුධයක් ඇතිවෙනකන් නෑ. එතුමා මේ දවස්වල කරන සමහර ප්‍රකාශ දිහා බැලුවහම පේන්නෙ උන්නැහෙ මැරිල ඉපදිල කියල. :)

      Delete
    4. DDT,

      / මම හිතන්නෙ අයියෙ එහෙම අර්බුධයක් ඇතිවෙනකන් නෑ. එතුමා මේ දවස්වල කරන සමහර ප්‍රකාශ දිහා බැලුවහම පේන්නෙ උන්නැහෙ මැරිල ඉපදිල කියල. :) /

      අඩේ නියම කතාව ඒක...හෙහ්,හෙහ්...ෂුවර් එකටම ඔය යක්සය අර වගෙ අහස පොළව නුහූලන බොරු කියන්නෙ ඒක වෙන්න ඕන..නීතිඥ උපදෙස් මත..මම මේ කියන්නෙ අර කිව්වෙ " මගේ පාලන කාලෙදි නීතියේ ආධිපත්‍යය රැකුනා " අන්න ඒ කතාව වගෙ එව්ව ගැන.... තව තියනව .." අපෙ හාංදුන්නේ අපි කාගෙංවත් පලි ගත්තෙ නෑ " එහෙම කියල යම්තමට බඩ නමල දෑත එක්කරල හාමුදුරුවන්ට වඳිනව...අම්මාපල්ල අපෙ ඔය ඉන්න හාමුදුරුවරු කියන එවුන්ටත් කොන්ද කියල එකක් නැති හැටි කෙලිම්ම අහන්ට " ඈ යකෝ..එතකොට අර 2010 ඡන්දෙන් පස්සෙ පොන්සේකා මහත්තයට කොලේ අහවල් බිබික්කමක්ද? "කියල

      රයිට් දැං වෙනව ඇත්තෙ මෙහෙමයි...ඔය යකා ඔය මැරිල ඉපදුනා වගෙ කතා කියන්නෙ මෙහෙම හිතල වෙන්ට ඕන. ආයෙ දවසක ජනාදිපති කමට ඉල්ලන්ට මිනිහගෙ හිතේ ඇති. එතකොට උපරිම දෙපාරකට වැඩිය ඉල්ලන්ට බැරිය කියල කිව්වම මරාගෙ පෙරකදෝරුවො තර්කයක් හෙනෙයි මේ ඉන්නෙ අර දෙපාරක් ජනාධිපතිකම කරාපු මරා නෙවෙයිය. මැරිල ඉපදිච්චි අලුත් මරාය මේ ඉන්නෙ කියල. සාක්කි හැටියට ඉදිරිපත් කලෑකි ඔය මරාගෙ ගජ බින්න කතා ටික. " ස්වාමිනී මැරිල ඉපදිච්චි මිනිහෙකුට ඇරෙන්ට වෙන කෙනෙකුට කියන්ට පුලුවන් කතාද මෙව්වා? ඒකෙන්ම කිසිම සැකයකින් තොරව ඔප්පු වෙනවා නේද මේ ඉන්නෙ පරණ මරා නෙවෙයි කියලා." ඔය ඉන්නෙ පෙරකදෝරුවො ඕන හැටිය ඔහොම තර්ක කරන්ට. නාමෝලට උනත් බැරිය. තනි කාමරේක දොර වහහෙන ලියල හරි පෙරකදෝරු විබාගෙ පාස්නෙ මනුස්සය...හැබැයි අර කලිං හිටපු අගවිනිසොරා හිටියනං එකත් එකටම ඔය තර්කෙ පිලිඅරගෙන මරාට ආයම ජනාදිපතිකමට ඉල්ලන්ට දෙනව ..ඒකෙ දෙකක් නෑ ආය..

      අම්මාපල්ල ඔය ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ට හිතෙනව..Thanks Malli…:)

      Delete
    5. Pra,

      පුටින් පැරදුනේ නෑ ...

      Delete
    6. උදේම ලේ ටිකක් පිරිසිදු උනා. හැබෑට ව්‍යවස්ථාවෙ නෑනෙ පුනරුප්පත්තිය ගැන... :-)

      Delete
    7. ඩ්‍රැකී,

      මරා අගමැතිවුනොත් 21 වන සංශෝධනයක් ගේන්ට සියලු කටයුතු සූදානං කරලයි තියෙන්නෙ. මෙහෙමයි ඒකෙ කෙටුම්පත...වහන්තිය සහ උප වගන්තිය නම් මොකක්ද මන්ද..උඹනෙ එව්ව දන්නෙ..හෙහ්,හෙහ්,

      " ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ඔහුට හෝ ඇයට පහත සඳහන් ව්‍යාතිරේකයට යටත්ව උපරිම වශයෙන් දෙවරක් ජනාධිපති ධුරයට තරඟ කල හැකි වන්නේය. දෙවරක් ධුරකාල ය දැරූ පසුව තමන් මියගොස් නැවත උපතලද බව යුක්තිසහගත සැකයකින් තොරව ඔප්පු කිර්‍රිමට ඔහු හෝ ඇය සමත්වන්නේ ද දෙවරක් ජනාධිපති ධුරය දැරූ කාරණය නොසළකා හරිමින් ඔහුට හෝ ඇයට යළි ජනාධිපති ධුරයට ඉල්ලුම් කිරීමට ඉඩ දිය යුත්තේය. "

      Delete
    8. /ෂුවර් එකටම ඔය යක්සය අර වගෙ අහස පොළව නුහූලන බොරු කියන්නෙ ඒක වෙන්න ඕන..නීතිඥ උපදෙස් මත//

      ඔන්න රවීයියාට වැරදිච්චි තැන.මරාට මොකටැයි නීතිඥ උපදෙස්.මරාට ඔය මැරිලා ඉපදුනා වගේ කතා කරන්න උපදෙස් දෙන්නේ හිටං අර "සරත් එන් සිල්වා" හිටපු අගව්නිසොරා.මොකද මේ දවස් කිහිපයට උන්දැත් මැරිලා නැගිටලා වගේ නොවැ ඉන්නේ.

      Delete
    9. Manoj,

      / අර "සරත් එන් සිල්වා" හිටපු අගව්නිසොරා.මොකද මේ දවස් කිහිපයට උන්දැත් මැරිලා නැගිටලා වගේ නොවැ ඉන්නේ. /

      ඔය මිනිහ මටනම් එදා ඉඳලම පේන්නෙ වළෙං නැඟිට්ට එකෙක් වගෙ.චන්ද්‍රිකා අම්මණ්ඩි කරපු හොඳ ඔක්කොමත් හරි ඔය යස්සය අගවිනිසුරු කරපු එකත් හරි....:)

      Delete
  11. ජන්දේ ඉවරයක් වෙනකල් මේ පැත්තෙත් කරක් ගහන එක නතර කරන්න වෙයි වගේ...x3

    ReplyDelete
    Replies
    1. Thissa,

      ලොක්කාට දුන් පිළිතුර ඔබටද අදාළය...x 2

      Delete
    2. අර ලියල තියන කතා කොටහා අපට අතුල් පහරක් නොවේ යැයි සිතමි :-)
      [සිංහලෙන්: "උඹලට ඕනෑ මේ වාගේ එව්වානේ නේද?" ;-) ]

      Delete
    3. ජන්දේ ඉවරයක් වෙනකල් මේ පැත්තෙත් කරක් ගහන එක නතර කරන්න වෙයි වගේ...x4

      Delete
    4. තිස්ස,

      / අර ලියල තියන කතා කොටහා අපට අතුල් පහරක් නොවේ යැයි සිතමි : /

      ඔන්න ඉතිං කිව්ව එකක්..මොන අතුල් පාරක්ද? ඡන්දෙ ගැනම නෙවෙයි තව එව්වත් ලියනව කියල ඔය මහත්වරුන්ට ඔප්පු කරන්ටයි ඒ කතා කෑල්ල දැම්මෙ...නැතුව ආය මේ....:)

      Delete
  12. මම හිතන්නෙ නම් ඔය මිනිස් වර්ගයාගේ ගමන් මඟ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යයන් හතෙන් වැදගත්ම එක හත්වෙනි එක කියල. මේ දවස්වල මරාවාදියෙක් එක්ක කතාකරන ඕන ළදරුවෙක්ට තේරෙනව අනිත් කරුණු මේ සිද්ධියත් එක්ක බැලුවම මොනතරම් නොවැදගත් අවශේෂ කාරණාද කියල.

    ReplyDelete
    Replies
    1. DDT,

      / මේ දවස්වල මරාවාදියෙක් එක්ක කතාකරන ඕන ළදරුවෙක්ට තේරෙනව අනිත් කරුණු මේ සිද්ධියත් එක්ක බැලුවම මොනතරම් නොවැදගත් අවශේෂ කාරණාද කියල. /

      ආය මොනවද? මල්ලි..... හැම මිනිහෙක් තුලම වගෙ අඩු වැඩි වශයෙන් තියනව ගතානුගතිකත්වය, සට්ටඹිභාවය, විචාර බුද්ධිය සීරෝ වීම, අශීලාචාරකම, ගෝත්‍රික චින්තනය, අන්ධානුකරණය, මොකෙක් හරි තක්කඩියෙක් කියන ඕනම අල්ලෙ පැලවෙන බින්නයක් එක හෙලා විශ්වාස කිරීම, අන්ත ජාතිවාදය, අතිථිභීතිකාව ( Xenophobia ) වගෙ පසුගාමී ගතිගුණ. මරා භක්තියන් අතරින් සීයට අනූනමයක්ම මෙහෙයවන්නෙ ඒ අනික් මිනිස්සු අතරෙ සැඟවෙලා තියන ගතිගුණය කියල අපක්සපාතී විචාරකයො කියනව.

      Delete
    2. සිරිකොතේ ඉන්න අපක්ෂපාතී විචාරකයොද එහෙම කියන්නෙ. ලේ කොළපාට අන්ධ භැතිමතුන් ඔය ගොඩට නැද්ද
      මට පේන්නෙ මේ රටේ ලේ කොළ ලේ නිල් දෙගොල්ලොම එහෙමයි. ජවිපෙ අයත් ඒ අයගෙ පක්ෂෙ කියන ඕන දෙයක් පිළිගන්නව.
      ඕක මරා පාර්ශ්වයටම සීමාවූ දුර්ගුණයක් නොවෙයි.සමස්ත සමාජයෙම දැකිය හැක්කක්. බ්ලොග් ලෝකෙත් එහෙමයි. රවිත් එහෙම කෙනෙක් තමයි

      Delete
    3. දැන් බලන්න රවි මහබැංකු බැදුම්කර ගැන පක්ෂෙන් කියන කතාව ප්‍රශ්න නොකර පිළිගන්නව. පක්ෂය විසින් 87/89 කළ දේවල් අනුමත කරනවා. පක්ෂය 1977-1994 යුගයෙ කළ දූෂන අනුමත කරනව. හේතුව පොඩිකාලෙ ඉදල බ්‍රේන් වොෂ්වුන නිසා.
      මෙහෙම අගතිගාමීව කල්ලිගැහුනම තමන්ගෙ කල්ලියෙ පොරක් වෙනව අනෙක් කල්ලියෙ පුංචි වෙනව
      නමුත් නිදහස්ව හිතන්න පුරුදු වුනහම සිත නිදහස් .
      රවි කියල තිබුන ඔහුගෙ ඇගිලි වෙව්ලනව කියල කී බෝඩ් එක ගහන්න බෑ කියල. මේක විහිලුවට කීව වගෙ පෙනුනට විහිළුවක්මත් නෙමේ. මේ වගෙ අන්ධ පාක්ෂිකයො එහෙම තමයි.
      මම දන්න මරා පාක්ෂිකයොත් එහෙමයි.

      අපි ඩී ඇස්ලගෙ කාලෙ ඉදන් යූඇන්පී ,අපි බන්ඩාරනායක ගෙ කාලෙ ඉදන් යූඇන්පී කියන අය ඉන්නව.
      අපේ ඇගේ දුවන්නෙ බෝතලේ වලව්වෙ ,හොරගොල්ලෙ වලව්වෙ ,මැදමුලන වලව්වෙ දංකුඩ තමා කියල ආඩම්බරෙන් කියනන් අය ඉන්නව.
      එහෙම කියල අනුන්ට ඇගිල්ලත් දික් කරනව මං සුදන කියල.

      Delete
    4. නිර්නාමික මහතා හෝ මහත්මිය,

      මම එජාපය කල දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරනවයි කියල කිසිම සාධකයකින් තොරව ඔබේ සිතැඟි පරිදි ඔබම නිගමනයකට එලඹෙනව.

      / දැන් බලන්න රවි මහබැංකු බැදුම්කර ගැන පක්ෂෙන් කියන කතාව ප්‍රශ්න නොකර පිළිගන්නව. පක්ෂය විසින් 87/89 කළ දේවල් අනුමත කරනවා. පක්ෂය 1977-1994 යුගයෙ කළ දූෂන අනුමත කරනව. /

      ඒ විතරක් නම් මදැයි. ඒ ඔබේ උපකල්පනයට හේතුවත් ඔබම නිගමනය කරනව...

      / හේතුව පොඩිකාලෙ ඉදල බ්‍රේන් වොෂ්වුන නිසා. /

      ඔබේ කිසිදු පදනමක් නැති උපකල්පන වලට පිළිතුරු දීමෙහි අරුතක් නොමැත.

      Delete
  13. බලාගෙන ගියහම මම නොදන්නා හැරවුම් ලක්ෂ කොපමණ තියෙනවද?
    http://nelumyaya.com/?p=3480

    ReplyDelete
  14. ranila krapu dewal katha nokaranne aie,

    Ranil kiynnae MR wada kamba horek

    ReplyDelete
    Replies
    1. රන්සතු,

      ප්‍රමුඛතා කියල එකක් තියනවනෙ. මේ වෙලාවෙ කරන්න ඕන මේ කෝණංගියා එලවල දාන එක. මගේ ප්‍රමුඛතාවය ඒකයි. ඔබ තුමාගෙ ප්‍රමුඛතාවය රනිල් කලයි කියන දූෂණ ගැන කතා කරන එකනම් කරුණා කරල ඒ ගැන කතා කරන්න...:)

      Delete
  15. මරාට නාමයෝජනා ලැබෙයි - පුවතක්

    හම්මේ යන්තං ඇති - විමල් වීරවංශ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      ජාතියේ පචායුදේට නම් එහෙම හිතෙන්ටම ඇති..හෙහ්...

      Delete
  16. මාත් ලිව්වා මෙහෙම එකක්. රවි තුමා සහ සහෘදයන්ට වෙල්කම්.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      මරු බං ඒක....දාපං පහක්...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...