Friday, July 17, 2015

333. අබයාරාමයේ විත්ති 2 - අහෝ දුකකි, බේදයකි..අප්පච්චිට අවසානයේ වැලේ වැල් නැතිවූ වගයි.

Daily Mirror Cartoon

අපේ ගරුකටයුතු අප්පච්චිට අන්තිමට වැලේ වැල් නැතිවිය.තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයං යන දෙපදයට බල තණ්හාය ජායතී ගෞරවං දෙකේ කොළං කියා තුන්වන පදයක් ද එකතු කළ යුතු කාලය එළඹ ඇත. අධික බල තණ්හාව නිසා ආත්ම ගෞරවය දෙකේ කොළයට වැටේ. අප්පච්චිට මේ සිදුවී ඇති නස්පැත්තිය ඊට කදිම උදාහරණයකි.

මට ජනාධිපති තුමා එක්ක අගමැති හැටියට සහයෝගයෙන් වැඩ කරන්නට පුළුවන් වරෙක  එතුමා පැවසුවේ තම කපටි හිනාවෙන් මුව සරසාගෙනය. එතුමාට ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ගැටළුවක් ඇතිවිය නොහැක. එසේ ගැටළුවක් ඇතිවිය යුත්තේ ජනාධිපතිතුමාටය. 

ජනාධිපතිවරණයේදී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකා ගිනිතබා පුළුස්සා දැම්මවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් කලේ නැත.එතුමාගේ මැරවර ගෝල බාලයින් ලවා වෙඩි තබා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු ඝාතනය කරවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ එවැන්නක් කරවූයේ නැත. ඒ මනුෂ්‍ය ඝාතන චෝදනාවට ලක්ව අත් අඩංගුවේ පසුවන මැර දේසපාලුවාගේ සුවදුක් බැලීමට එතුමා කීප විටක් බන්ධනාගාරටය ගියා පමණක් නොව මෙවර මහ මැතිවරණය උදෙසා ඔහුට නාම යෝජනා ලබාදීමටද කටයුතු කොට ඇත.

ජනාධිපතිවරණය දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට යද්දී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාමෙන් වෙස් ගැන්වූ කෝණංගියකු කැටුව ගියා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා මෙන් වෙස් ගැන්වූවකු තමන් සමඟ කැටුව ගියේ නැත. එසේ හෙයින් උදෑසන හිරු එළිය මෙන් පහැදිලිව පෙනෙන්නට ඇත්තේ එතුමාට ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති වුවද ජනාධිපතිතුමාට නම් එතුමා සමඟ කටයුතු කිරීමේ බරපතල ගැටළුවක් පවතින බවයි.

අප්පච්චි හිරවූ උගුල ලේසි පහසු නැත.හුදු අහම්බයකින් හෝ නිදහස් සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත්තද එතුමා අගමැති පදවියට පත්නොකරන බවට ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව පැවසුවේය. සන්ධානයේ එතුමාට වඩා ඒ සඳහා සුදුස්සන් සිටින බව ද ජනාධිපතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙහිදී සඳහන් විය. 

එබැවින් උපරිම වශයෙන් එතුමාට බලාපොරොත්තුවිය හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය පමණි. අනතුරුව ඉදිරි වසර හය තුල විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙන්වන මුදලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කරමින් පාලම්, බෝක්කු සාදවමින් කල් ගත කිරීමට එතුමාට සිදුවේ. අහෝ ජාතිය බේරාගත් මහා වීරයාණන්ට සිදුවූ අපහාසයක තරම! අනේ සකෝ බලලෝ...හෙහ්,හෙහ්,

එවන් අපහාසයක් එතුමාට විඳීමට සිදුවීම වැළැක්වීමට නම් කුරුණෑගල සන්ධාන පාක්ෂිකයින් කල යුත්තේ එතුමා පරාජය කිරීමයි. රට ජාතිය බේරාගත් මහා වීරයාණන්ට කළගුණ දක්වනු වස් මේ අවස්ථාවේ ඔවුනට කල හැකි එපමණකි.

නොවඳිනා වැදුම් වැඳ අඬා දොඩා නාමයෝජනා ලබාගෙන අනතුරුව කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය ලබාගතහොත් එතුමාට අවම වශයෙන් ඉන්නට හිටින්නට නිලනිවසක් හෝ ලැබීම මහත් ප්‍රීතියට කරුණකි. ජනාධිපති පදවියෙන් පලවාහැරි ඉක්බිති සුදුසු නිල නිවසක් නොලැබීම නිසා තම සාටක, ජාතික බැනියං ආදී ඇඳුම් පැලඳුම් පවා පරණ කන්ටේනර් පෙට්ටි කීපයක පටවාගෙන තැනින් තැනට ගිය එතුමා මෙතෙක් තාවකාලිකව ලැගුම් ගෙන සිටිනුයේ අභයාරාමයේ බණ මඩුවේය. 

එබැවින් පසුගිය නවම් පෝයදින සිට මෙතෙක් අභයාරාමයෙහි පසළොස්වක දිනට පැවැත්වෙන ධර්ම දේශනාවන් අවලංගු වීම හේතුකොටගෙන එහි දායක දායිකාවන් පසුවනුයේ බලවත් කණස්සල්ලකිනි. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලැබීම හේතුකොටගෙන අවම වශයෙන් අභයාරාමයෙහි දායක පිරිසට හෝ සහනයක් සැලසෙන්නේ නම් ඒ ද මැනවි.

අට වසරේ පමණ මා හා එකට අකුරුකල සැම්සන් නම්වූ මහා හිතුවක්කාරයකු විය. ගුරුවරුන්ගේ අණ තඹ දොයිතුවකට මායිම් නොකල හෙතෙම අප පංතිභාර ගුරුතුමාවූ ජයසිංහ මහතාගෙන් තැළුම් නොකෑවේ එහෙමත් දිනයකදීය. " උඹ නම් හදන්ට බෑ සැම්සන් .....උඹට තියෙන්නෙ ආයෙම හෝඩියෙ පංතියට ගිහිල්ල එතන ඉඳල නියම විදිහට ඉගෙන ගෙන එන්ට " එක් දිනෙක සැම්සන්ගේ කුමන හෝ මැරෑටි වැඩක් හේතුකොටගෙන අන්තයටම කලකිරුනු ජයසිංහ මහතා ඉතා දුක්බරව පවසනු මට අද මෙන් මතකය. 

දෛවයේ සරදමකට මෙන් එදා කිසිලෙසකින් යහමඟ යැවිය නොහැකි මැරෑටියකුවූ සැම්සන්හට ජයසිංහ මහතා යෝජනා කල ප්‍රතිකර්මය අද එතුමා ද ස්වේච්ඡාවෙන්ම පිළිපැදීමට එකඟ වී ඇත. දශකයකට ආසන්න කාලයක් ජනාධිපති පදවිය දැරූවකු යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට ඉල්ලුම් කරන්නේ තමන්ට ජනාධිපති පදවිය දරද්දී ඉගෙන ගත නොහැකිවූ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව යලි මුල සිටම හැදෑරීමට විනා අන් කවරක් උදෙසාද? කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස වසර හයක් ගතකිරීමෙන් හෝ එතුමාට යම් ගුණ ධර්මයක් ඉගෙනගත හැකිවේ නම් මන්ත්‍රී පදවිය වෙනුවෙන් වසර හයක් එතුමාට වැටුප් වශයෙන් ගෙවන මහජන මුදල් අපතේ නොගිය සේ සලකා සතුටු විය හැක.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙමින් පවතී. ඔහුගේ ප්‍රකාශය පක්ෂයට හානියක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඔවුන්ට බොහෝ පහසුවෙන් අමතක වන වැදගත් කාරණයක් ඇත. එනම් රටක රාජ්‍ය නායකයා රටේ අනාගතයට බලපාන වැදගත් අවස්ථාවන්හිදී පක්ෂ දේශපාලනයට ඔබ්බෙන් නැඟීසිටියයුතු බවය. 

රට, පක්ෂය, පවුල යන අනුපිළිවෙල නොව පසුගිය දශකය තුල මෙරට ක්‍රියාත්මක වූයේ තමා, පවුල, නෑදෑයින්, හිත මිතුරන්, පක්ෂය, රට යන අනුපිළිවෙලට වැදගත්කම අවරෝහණය වන මහින්ද චින්තන වැඩ පිළිවෙල බැවින් බහුතරයක් එලෙස සිතීම පිළිබඳව පුදුමයට පත්විය යුතුද නැත. කොතරම් හෝ වැරදි ප්‍රතිපත්තියක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වන විට ඒ නිවැරදි ක්‍රියා පිළිවෙල බවට මතයක් ජන විඥානය තුල ඇටුවම් බැස ගනී. එවන් පත්තියම් වූ වැරදි මතයක් එක්වරම සැණෙකින් ඉවත්කිරීම ඉතා අපහසුය. 

රාජ්‍ය නායකයා යනු දේශපාලකයකු වුවද රාජ්‍ය නායකයකු පටු දේශපාලනය අභිබවා නැඟී සිට පක්ෂයට පෙර රට යන සංකල්පය අනුව කටයුතු කලයුතු අවස්ථා එලඹේ. මේ එවැනි අවස්ථාවකි. ජනාධිපතිතුමා කටයුතු කොට ඇත්තේ එපරිද්දෙනි.

මහින්ද රාජපක්ෂ නම්වූ පාරාජිකාවූ දූෂිත දේශපාලනඥයාගේ බලපෑමෙන් මිදී නව දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කිරීමට , නව මුහුණුවරකින් ජනතාව ඉදිරියට පැමිණීමට තිබූ මහඟු අවස්ථාවක් මහින්දගේ පාලනය යටතේ නොයෙක් අයථා ක්‍රියාමාර්ගයන් මඟින් ධනය උපයාගත් ඔහු මෙන්ම අන්ත දූෂිත බත් බැලයින් රොත්ත විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අපේ හොරා අපට හොඳා යනුවෙන් යටි ගිරියෙන් කෑගසමින් ඔවුහු මහින්ද වටා රැස්ව සිටිති. නිල මැස්සන් රොද බඳින්නේ කුමක් වටාදැයි යන්න අමුතුවෙන් යලි යලිත් පැවසිය යුතු නැත.

සන්ධානයට අවශ්‍ය වන්නේ එසේ දූෂිතයින් හා උරෙනුර ගැටී තව දුරටත් ගමන් කිරීම නම් ඊට අප බාධා කල යුතු නැත. ජනවාරි අට වන දින අනපේක්ෂිතව මහ පොළව මත ඇද වැටුනු මහින්දට යලි නැඟිටීමට කිසිසේත් ඉඩ නොදීමට වග බලා ගැනීම යුක්තිය සහ සාධාරණත්වය අගයන අප සැමගේ යුතුකම වන්නේය.එය ශ්‍රී ලංකාවේ මෙන්ම මතු පරපුරේ අභිවෘද්ධිය ද පතන සියල්ලනගේ දැඩි අධිෂ්ඨානය විය යුත්තේය.

70 comments:

  1. මොකක් හරි කතන්දරයක් කියන අතරෙ දේශපාලන කතා දැම්මම වෙනදට නම් කේන්තියි (මොකුත් නොකියා හිටියට හිතින් බැන බැන ).
    ඒ උනාට අද හිතුනා අර කොස් කපන ලමයා ඔන්න ඔහෙ පාඩුවේ කොස් ටික කපපුවාවෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇ බං වැලේ වැල් නැතිවෙනං මොකට දුක් වෙනවද, උබ පුකේ බටර් ගාගෙන 1600/= පෝස්ට් ලිවුවෙ එක කරන්නනෙ.

      Delete
    2. සඳ වියමන්,

      / මොකක් හරි කතන්දරයක් කියන අතරෙ දේශපාලන කතා දැම්මම වෙනදට නම් කේන්තියි (මොකුත් නොකියා හිටියට හිතින් බැන බැන ). /

      හෙහ්..මම දන්නව..මම දන්නව..ඔයාල බණිනව මට පළු යන්ට....:)

      / ඒ උනාට අද හිතුනා අර කොස් කපන ලමයා ඔන්න ඔහෙ පාඩුවේ කොස් ටික කපපුවාවෙ කියලා. /

      අප්පේ..එහෙම හිතුනනං ඒකම මදැයි...:)

      Delete
    3. ඇනෝ,

      කමෙන්ට් එකක් දාන්න ඕන කොතනද කියල ඉගෙන ගන්න ඉස්සරවෙලා, හැමදාම ගහන 1600 බයිලෙ ගහන්ට ඉස්සරවෙලා...:)

      Delete
    4. සිරාගෙ ජාතිය ඇමතිල්ලෙන් ෆෝම් වෙලානෙ

      සිරා කිවුවෙ රනිල් හොරා

      හොරාව බේරගත්තෙ මං.

      පක්ෂෙ එකෙක්කත් මට කැමති නෑ

      විධායක ජනාදිපති උනත් මං මහින්දට බයයි

      රටෙ මිනිස්සු මහින්දට චන්දෙ දෙනවා

      මට ඒක නවත්ත ගන්න බෑ

      ජාතිය ඇමතිල්ල මානසික අසහනය පිට දැමීමක් කියන එකනෙ

      Delete
    5. ඇනෝ,

      සිරා තව දේවල් කිව්වනෙ නේද? ඇයි එව්ව අහගෙන හිටියෙ නැද්ද?

      ජනවාරි අටවෙනිදට කලින් තිබ්බ මැර පාලනය ගැන කිව්ව.

      ඒ කාලෙ මාධ්‍ය මර්ධනය කලේ කොහොමද කිව්ව.

      මහින්ද කියන්නෙ මොනතරම් අවස්ථාවාදී දේසපාලුවෙක්ද කියල කිව්ව.

      මැරෙනකල් ජනාධිපති වෙන්ට ව්‍යාවස්ථාව වෙනස් කරගන්ට විපක්ෂ මන්ත්‍රීන් බිලි බාගත්ත හැටි කිව්ව.

      පැරදිල ගෙදර ගියත් තව කෙනෙකුට අගමැතිවෙන්ට අවාථාවක් නොදී ආයම ඡන්දෙ ඉල්ලන්නෙ නොසිඳෙන බල ලෝභයටයි කියල කිව්ව.

      කොහොමත් සන්ධානෙ දිනුවත් මරාට අහමැතිකම දෙන්නෙ නෑ කියලත් කිව්ව.

      Delete
    6. අද දවසේ ප්‍රධාන ගැටලුව මෛත්‍රී ගේ කතාව, ඊලග අගමැති, මහින්දද, රනිල්ද,
      ඊයේ ප්‍රජාතන්ත්‍රවාදය, මරාගේ ඒකාධිපති පාලනය ඒක ආපස්සට හරවන්නේ කොහොමද,
      හෙට රනිලගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒක ආපස්සට හරවන්නේ කොහොමද

      ඊයේ වැඩට එන්න වුනේ වෙන්නේ බස්වල හිරවෙල Tfaffic 1කේ පැයක් 2ක් රස්තියාදු වෙලා දවසේ පැය 4ක විතර කාලේ මග රස්තියාදුවෙලා, පාරේ එනකොට මගදි කුණු ගොඩවල් වල ගද, බස් 1 තදවෙලා එනකොට කොනදොස්තර 1 මල පැනල, දවසට පැය 10ක් විතර වැඩ කරල කවද හරි ඇදෙයි කියල හවසට රු 20 ට්කට් 1ක අරගෙන යනව.
      මාසේ අන්තිමට පඩිය අරගෙන ණය වලට ගෙවල ඉතිරි ටිකෙන් ලෙවකාලා. මාස 3,4 කට සැරයක්වත් film 1ක් බලලා. අවුරුද්දට සැරයක් trip 1ක් ගිහින් බොනස් එක ගෙදර ඉතුරු වැඩ ටික කරගන්න වවියදම් කරල

      මේ යන විදිහටනම් අදත් එහෙමයි හෙටත් එහෙමයි
      කවදටද අපි අපේ ප්‍රශ්න වලට උත්තර දේශපාලනෙන් හොයා ගන්නේ

      Delete
    7. උඹලගෙ අම්මගෙන අහල දැනගනින්කො මිනිස්සු කී දෙනෙක් එක්ක ගිහින්ද උබ වගෙ අපතයෙක් හදාගත්තෙ කියල

      Delete
    8. AnonymousJuly 17, 2015 at 4:14 PM,

      අම්මගෙං ඇහුව බං...දන්නවද අම්ම කියාපු එක... " අනේ බං කාටද ඔව්වගෙ ගණං හිලව් මතක? කවුද උඹෙං ඔහොම ප්‍රශ්නයක් අහපු ගොං බූරුවා? "

      " මේ බයියෙක් අම්මෙ .."

      " ආ..එහෙමනම් වෙන්ට ඇති තමයි. බයියො අහන්නෙ ඔය වගෙ මෝල් ප්‍රශ්නම තමයි."

      Delete
    9. AnonymousJuly 17, 2015 at 4:12 PM,

      / කවදටද අපි අපේ ප්‍රශ්න වලට උත්තර දේශපාලනෙන් හොයා ගන්නේ /

      අපේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දේශපාලනෙන් හොයන්ට යන එකෙනුයි අපිට වරදින්නෙ....:)

      Delete
  2. Replies
    1. සරත්,

      බොහොම ස්තූතියි....:)

      Delete
    2. අද පෝස්ට් එකක් දාන්නෙ නෑ නේද ?

      ගැණි එවපන් 1700/= ක්ම දෙනවා

      Delete
    3. AnonymousJuly 18, 2015 at 8:41 AM,

      මේ ලිය ලිය ඉන්නෙ පෝස්ට් එකක්. ඔහෙලගෙ මිස්ටර් නීලකාස පම්පෝරි ගැහුවනෙ මෛත්‍රීගෙ චෝදනාවලට අනුරාධපුරේදි 17 වෙනිද උත්තර දෙනවයි කියල. හෙහ්..කොහොමද ලිස්සල ගිය හැටි..බණ්ඩක්කා ගොඩ උඩිං ලිස්සන ආඳා වගෙ. අන්න ඒ ගැන ලියන්ටයි මේ හදන්නෙ....:)

      Delete
  3. පිශ්ෂු කියන්න එපා රවි අයිය, ලොක්ක ආයෙ පාර්ලිමේන්තුවට එන්ඩ ඕනෙ, ලෝකෙ හැම රෙකෝඩ් එකක්ම තියන අපේ පාර්ලිමේන්තු ඉතිහාසෙ මේ වගේ කුජීත රෙකෝඩ් එකක් තිබ්බම කාටද ආඩම්බර.
    අනික පාර්ලිමේන්තුව ඇතුලෙ වාසු අලුතින් සබාගත කල උත්තරීතර වචනෙන් එතුමාව පසුපෙල මන්ත්‍රී කෙනෙක් ආමන්ත්‍රනය කිරීමේදී එතුමාට ඇතිවන චිත්තප්‍රීතිය විදගන්ඩ ඉඩදිය යුතුයි නේද ?

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / අනික පාර්ලිමේන්තුව ඇතුලෙ වාසු අලුතින් සබාගත කල උත්තරීතර වචනෙන් එතුමාව පසුපෙල මන්ත්‍රී කෙනෙක් ආමන්ත්‍රනය කිරීමේදී එතුමාට ඇතිවන චිත්තප්‍රීතිය විදගන්ඩ ඉඩදිය යුතුයි නේද ? /

      හෙහ්..ඒකත් හරි තමයි..නිකම්ම මන්ත්‍රී කෙනෙක් විදිහට වාසිදේව අපතයට අගමැතිට එහෙම අමතන්න පුලුවන්නම් වෙනත් ඕනම මන්ත්‍රී කෙනෙකුටත් තමන් වගේම නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක් වන මරාටත් එහෙම අමතන්න පුලුවන් කම තියෙන්න ඕන...:)

      Delete
  4. I hope all the bayyas, including the 'educated fools' read this letter and realize this simple truth. Beautifully written.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thank you so much but hoping that those who are blindly following Mara would somehow open their eyes and realize this simple reality is like hoping for justice & fair play from Mara ..heh, heh..not on your lifetime ano not on your lifetime.

      They all are wearing blinkers and are unable to comprehend anything other than concept " Mara is god, he delivered us from evil and so we should be his slaves until eternity and even beyond "

      Delete
  5. රට ගැන ,රටවැසියා ගැන හැබෑම කැක්කුමක් තියෙන මේ වගේ නායකයෙක් මෑත ඉතිහාසයේ පහල වුනාමද කොහෙද? අඩුගානේ තමුන් හිටපු ජනපති කියලවත් නොසලකා දැන් ගෙවල් වල අගුපිල් අස්සේ පොකට් මීටිං තිය තියා යන් තරං නිහතමානී කමක් තියෙන මිනිහෙක් මේ කපේදී දකින්න ලැබෙයිද? එහෙව් මනුස්සයට කියන කතා අම්මපා ... හැක

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      / අඩුගානේ තමුන් හිටපු ජනපති කියලවත් නොසලකා දැන් ගෙවල් වල අගුපිල් අස්සේ පොකට් මීටිං තිය තියා යන් තරං නිහතමානී කමක් තියෙන මිනිහෙක් මේ කපේදී දකින්න ලැබෙයිද? /

      යකාට උනත් දියයුතු ගෞරවය දිය යුතුයි කියල ඉංග්‍රීසි කියමනක් තියනවනෙ. Give the devil his due......මරාටත් දියයුතු ගෞරවය දෙන්න ඕන.

      ඔය හිටපු ජනාධිපති කියලවත් නොසලකා අගුපිල් අස්සෙ රිංගන එක විතරක් නම් බැරිය. ඇයි බං මේ ඊයෙ පෙරෙයිද ඔය යක්සය සුසිල් ගොයියට ගැහුවලුනෙ නවලෝකෙ ගිහිල්ල නවතින්ට. අර දුමියට නාමයෝජනා දුන්නෙ නෑය කියලයි කෙලල ඇරල තියෙන්නෙ.

      පස්සෙ සුසිල කිව්වලු " මිනිස්සු පයිං ගහල එලවල දැම්මට පස්සෙ මැදමුලන මූකලානට වෙලා ඉන්ට දෙන්නෙ නැතුව එක්කගෙන ඇවිල්ල නොමිනේෂන් අරං දුන්නට අපිට ඔහොම කරල මදි " කියල. පව් නේද මෙයා..ඇඬෙනව අප්පා.

      Delete
  6. අර කොස් කපන තැන හංගල තිබ්බ බෝතලේ කොටයක් තිබුණද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මටත් පේන්නෙ කාල් මාක්ස් එකක් වගෙවත් තිබිල තියනව..තිබිල තියනව...:)

      Delete
  7. ඔබතුමාට මහින්ද ගැන තියෙන වයිරය තේරුම් ගන්න පුළුවන් . යූ. එන්. පී. එකෙන් රස්සාව ගත්ත හැමෝටම ඔය වයිරය තියෙනවා. මන් දන්න හැටියට අගමැති තෝරන්නෙ පාර්ලිමේන්තවෙන් මිසක් ජනාධිපති නෙමෙයි. සිරිසේන ඒකත් කොරන්න යනවනම් ඒකත් මරු ප්‍රජාතන්ත්‍රවාදයක්. ඔබතුමන්ගේ ස්වයං ආතල් එකට මම බාදා කරන්නෙ නැහ. දැන් යනවා පුළුවන් වුනොත් පස්සේ එනවා.

    ReplyDelete
    Replies
    1. මෝඩය,අගමැති පත්කරන්නෙ, ජනාදිපති තමයි.

      Delete
    2. Don't waste your time replying Bayyas. No dispute they are fools.

      Delete
    3. Ano,

      / ඔබතුමාට මහින්ද ගැන තියෙන වයිරය තේරුම් ගන්න පුළුවන් . යූ. එන්. පී. එකෙන් රස්සාව ගත්ත හැමෝටම ඔය වයිරය තියෙනවා. /

      මහින්ද ගැන මගෙ තියෙන්නෙ වෛරයකට වඩා පිළිකුලක්. ..ඒත් ඒක මේ ඔබ කියන පරිදි යූ.ඇන්.පී. එකෙන් රස්සාවක් ගත්ත හින්ද නෙවෙයි. තනිකරම මහින්ද කියන බලලෝභී, අවස්ථාවාදී දේසපාලුවගෙ ක්‍රියා පිලිවෙල හින්දා ඇතිවුනු පිළිකුලක්.

      / මන් දන්න හැටියට අගමැති තෝරන්නෙ පාර්ලිමේන්තවෙන් මිසක් ජනාධිපති නෙමෙයි. සිරිසේන ඒකත් කොරන්න යනවනම් ඒකත් මරු ප්‍රජාතන්ත්‍රවාදයක්. ඔබතුමන්ගේ ස්වයං ආතල් එකට මම බාදා කරන්නෙ නැහ. දැන් යනවා පුළුවන් වුනොත් පස්සේ එනවා. /

      නැහැ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති පත්කිරීමේ පූර්ණ බලතල ජනාධිපති සතුයි. ඒ ගැන සඳහන් වෙන්නෙ 43 ( 3 ) වගන්තියෙ.

      43 (3) - The President shall appoint as Prime Minster the Member of Parliament who in his opinions is most likely to command the confidence of Parliament.

      පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගතහැකියයි ජනාධිපතිවරයා විශ්වාස කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැති වශයෙන් නම්කල යුත්තේය.

      Delete
    4. උබට රනිල්ට පුක දෙන්න නං කිසිම පිළිකුලක් නෑනේද ?

      Delete
    5. ම් ... මම මේ කල්පනා කරන්නෙ පහුගිය කාලෙ මම හිටියෙ මේ රටේද නැත්නම් වෙන රටකද කියල. ඇයි දෙයියනේ මම හිටපු රටේ නම් මට ඔය දේශපාලනය කියල එකක් තේරුන දවසෙ ඉඳල මේ වෙනකොට ජනාධිපතිවරු දෙන්නෙක් හිටියා. දැන් ඉන්නෙ තුන්වෙනියා. මේ කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කැමැත්ත ඇතිව අගමැති පත්වුනා නම් ඒ චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්‍ෂ මහත්තයට අගමැතිකම දීපු අවස්ථාවෙදි විතරයි. (ඒකත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නෙවි, පක්ෂයෙ බහුතර කැමැත්ත වෙන්න ඕන මගෙහිතේ) මොකද චන්ද්‍රිකා නෝන ස්වකැමැත්තෙන් ඒ වැඩේ කරාකියල හිතන්න අමාරු නිසා. ඉන්පස්සෙ රාජපක්‍ෂ මහත්තය අගමැතිවරු පත්කළේ කොහොමද කියල අපිට අමතක උනත් එතුමාට අමතක වෙන්න විදියක් නෑ. ව්‍යවස්ථාව පැත්තක තියමුකො. වපුරපු තරමටළුනේ අස්වැන්න. තල වපුරල මුං බලාපොරෙත්තු වීමේ සදාචාරය මොකක්ද. කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නව කියන්නෙ ඕකට වෙන්න ඕන.

      Delete
  8. Replies
    1. වෙල් සෙඩ් විතරක් යැ 1600/-

      Delete
  9. රජතුමා, පයිට් ඒකක් නැතුවම සභාපති කම මෙෙත්‍රීට දීලා ගිහිං දැන් මුළු සන්ධානෙම තමන්ගෙ සට්ටැඹියන් මගින් බලේ අල්ලගෙන ඉන්නෙ. ඔය ඒන්නෙ අතළෙවකන්න බලාගෙන නෙමෙයි. හාෙදයි කියන්න පුළුවන් ශ්‍රීලංකා අපේක්ෂකයො පරද්දන්නය කියලා මහින්දවාදීන්ගෙ කැම්පේන් යනවා මූනුපාෙතේ. සන්ධානෙ දිනුවොත්, මහින්දව අගමැති කරනකම්, පත්වෙන සන්ධාන මන්ත්‍රීවරු අාපහු බලන්නෙ නෑ. ඉතිං කරන්න තියෙන්නෙ, ශ්‍රීලංකා කරයන්ට නම්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අාදරේ නම් (හොටු පෙරාගෙන අඩාපු ඒකාත් අැතුළුව) සන්ධානෙ පරද්දන ඒකයි. සරළ බහුතරය නෙමෙයි, 94 යූඅැන්පී ඒක ඒක දිස්ත්‍රික්කෙකට සීමා කළා වගේ...

    ReplyDelete
    Replies
    1. අයියා කන්නෙ තණකොළද?

      Delete
    2. ඩ්‍රැකී,

      එකඟයි. සන්ධානෙට කිසිම සදාචාරයක් නෑ. තනිකරම ජාතිවාදය අවුස්සල විදේශ කුමන්ත්‍රණ ගැන කියල මෝඩයො රවටල දිනන්න බලයි එකත් එකටම. ඔවුන් නැතිවෙලා යන්ටම පරාජය කරන එක තමයි කරන්න ඕන. :)

      Delete
    3. ඇනෝ මල්ලි,

      නෑ මං කන්නෑ. බය වෙන්න එපා. ඔයාම තියාගෙන කන්න.

      Delete
    4. ඩ්‍රැකී,

      ඒ කාලෙ අපි බොන්ට සෙට් වෙනකොට හරකා බයිට් එකට හදනවනම් අපෙ එකෙක් ඉන්නව ඌ හැමෝගෙන්ම ඉස්සෙල්ල අහනව මේ මචං උඹ හරක්මස් කනවද කියල.මොකද ඌ ගවයා කන්ට මාර ආසයි. ඕකා අරම කලිං අහන්නෙ ඌට ගවයා මදිවෙයිද කියල සහසුද්දෙම්ම දැනගන්ට.

      මට හිතෙන්නෙ මේ තණකොල ඇනෝටත් තියෙන්නෙ එහෙම සැකයක්..පොරට තණකොළ මදිවෙයිදෝහෝයි යන බලවත් සැකයක්...:) අනික එහෙම බයවෙන එකත් සාධාරණයි එතන මාර තරඟයක්නෙව තියෙන්නෙ තණකොල බුදින්ට. මම මේ කිව්වෙ මරාගෙ සට්ටඹියො අතරෙ . ඔක්කොමලගෙ ප්‍රධාන ආහාරය තුන් වේලටම තණකොළ කියලයි ආරංචිය...:)

      Delete
  10. දැං බලන්න මුන්නැහැ ගල් කොටේ හංගනකොටම අර ගෑල්ලමය ඒක දැකල. ඒ ගමන මයිත්රිපාල මාම කියනව මයිංදට අගමැතිකම දෙන්නෑ කියල. ඒ අහල අප්පච්චි සාටකෙයි බැනියමයි කන්ටේනර් එහෙක දාල අගුපිල් ගානෙ යනකොට අසෝක කියනව මං දැක්ක හංගපු බෝතලේ කියල. එ්ක ඇහිල මට මංඤං..... අහියෝ....@#$%^

    ReplyDelete
    Replies
    1. ඕන එකටයි එපා එකටයි හැම මගුලටම උඹේ බාසාවෙන් කොමෙන්ටු කොටලා කෙලලා අරින්න එපා බොල. අර ආච්චම්මව ඔජ දම දමා උන්නම ඇති. හැම රෙද්දකටම ගොන් ආතල් දෙනවා රිංගලා.

      Delete
    2. සුරංග,

      මෙහෙමලු බාං උනාය කියන්නෙ..." මම මැරුවත් අජිතයට ගල් කොටේ දෙන්නෙ නම් නෑ " කියල රවී කියනකොට මරා ඇවිල්ල කියනව.." අනේ බොලේ එහෙනං ඒක මට දීහං ගල් සුට්ටක් බීපු කාලයක් මතක නෑ " කියල. " උඹැහෙට මං ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දෙඤ්ඤං " කියලත් කියනව." ඔන්නං පඳුරු තැලීමේ නියෝජ්ජිය ඇමතිකම උනත් දෙන්ට සලකල බලන්ට බැරි නෑ.." අර කපටි නරි හිනාව දාල එහෙමත් කියනව.

      " මේ ඡන්දෙට වැඩ කරන්ට තව කල් තියනවනෙ. එහෙනං එතකල් දෙන්නත් එක්ක මම මේ කපල දෙන කොස් මදුළු සුද්දකරල දෙනවද? කොස් ඇට තලන්ටත් ඕන හැබැයි.." කැත්ත උඩ කොළොම්බක් තියාගෙන ඒකෙ වාඩිවෙලා කොස් කප කප ඉන්න අසෝකා ඔලුව උස්සල බලල කියනව.

      " අනේ ළමයො කොස් සුද්ද කරන එක නං ඒ හැටි දෙයක්ය. ඒත් මට මගෙ මේ දණිස් නමල ඉඳගන්ට බෑ නෙව. ඔය ළමය ටී.වී. එකේ දකින්ට ඇතිනෙ මම අර පෝයදාට කාල්ටොං එකේ බණ කියන වෙලාවෙ හාංදුරුවො ඉස්සරහ උනත් පුටුවක ඉඳගෙනනෙ උන්නෙ. " මරා එහෙම කියනව.

      " නෑ..නෑ..මගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නෑ. ජනවාරි අටට කලින් හිටිය මෛත්‍රීම තමයි තාමත් ඉන්නෙ. ලස්ස හැටදෙක කොහොම අමතක කරන්ටද? " මෛත්‍රී එහෙම කියල දුවගෙන ඇවිල්ල රවීගෙං ගල් කොටේ උදුරගෙන දුවනව. මහින්ද ඒ පස්සෙ පන්නනව." මගෙ කොටේ දියෝ, මගෙ කොටේ දියෝ " කියල බෑඟිරි ගගහ,

      " මෙහ්..ඔය දේසපාලන විකාර ඇති..කණ මිරිකන්ට ඉස්සරවෙලා මේං මෙතන මගෙ ඉස්සරහ ඉඳගෙන මේ කොස් මදුලු ටික සුද්ද කරනවද නැද්ද? " අසෝකා බොහොම සැරෙං අහනව. " ඕකේ මැඩම් විල් ඩු දැට්.නෝ මෝ පොලිටික්ස්" රවි ඔලුව පාත් කරල කියනව.

      Delete
    3. මේකනෙ යකෝ ටොප් ස්ටෝරිය... දාහං රවි තුමෝ මේ ස්ටෝරිය බ්ලොග්‍ පෝස්ට් එකේ උඩිංම... :-)

      Delete
    4. අම්මප ඒක අනික් එක්කොටම වඩා ගතිනෙ.

      Delete
  11. මේ මරා ෆෑන්ස්ල හැමතිස්සෙම අධික වෛරයකින් පෙලෙන්නේ මොකද මන්ද? කවුරුත් එකයි. ලෙඩක්ද? ඇනෝ විදිහට ඇවිත් වයිරය පිරිමහල යනවා. උපහාසාත්මකව ලියපු ලිපියට උපහාසාත්මක උත්තරයක් දෙන්නවත් සෙන්ස් නැහැ. පව් තමයි ඉතින්..!

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඕක ඉහල ඉඳම්ම එන එකක් ..මම කිව්වෙ ඔය වෛරය,

      ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයො දුව දුව හුජ්ජ කරනවයි කියල අර කතාවක් තියෙන්නෙ නිකමටය? තමංගෙන පක්ෂේ ලේකම්ට ඉස්පිරිතාලෙ යන්ට ගහන මිනිහෙක්ගෙ පුකට වැඳ වැඳ පස්සෙං යන සට්ටඹියංගෙං එක අතකට ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්ට ඇහැකි?

      Delete
    2. උබ පෝස්ට් එකක් දාන්නෙ නැති දවසට ගැනීව එවපන් 1500/- ක් දෙන්නං

      Delete
    3. AnonymousJuly 17, 2015 at 4:11 PM,

      අපහාසයක් උනත් කමක් නෑ බං අලුත් දෙයක් කියපං , එකම දේ කියනකොට කිසි ගතියක් නෑනෙ. උඹලත් මහ එකා වගේම තමයි. හැමදාම ගහන්නෙ එකම බයිලෙ. සී.අයි. ඒ. කුමන්ත්‍රණ, රෝ බලපෑම්, බටහිර අධිරාජ්‍යවාදී අත පෙවීම්,...හෙහ්,හෙහ්,

      Delete
  12. ඈ බන් රවි අයියේ,

    උඹටත් වෙන වැඩක් නැතුවද මේවා ලියන්නේ? වාං පතුල්, ගුරුවරියක සමග මාගේ ජීවිතය එහෙම ලියල ඉවර කරපන්කො.

    අනිත් එක මෙහෙම ඒ උත්තමයට අපහාස කොරන එක වැරදියි මම හිතන්නේ. මේ පහුගිය මාස කීපයේ නීතිය ටික ටික හරි ක්‍රියාත්මක උනා, මිනිස්සුන්ට නිදහසේ කැමති දෙයක් කියන්න නිදහස තිබුනා. අපේ රටේ අවුරුදු 190කට පස්සේ පත්වුනු 184 වන මහ රජතුමාට ඔය වගේ වැඩ අල්ලන්නේ නෑ කියලා ඔබතුමා තේරුම් ගන්න. රාජාණ්ඩු වල මේ වගේ දේවල් වෙන්න දෙන්න බැරි නිසා එතුමා සිරි ලංකාව බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් මහජනයාගේ බලවත් ඉල්ලීම නිසා ඉදිරිපත් වෙන්නේ. නැතුව එතුමා නැවත ඉල්ලන්න කැමැත්තක් තිබිලා එහෙම නෙවෙයි. එතුමා ඒක පැහැදිලිව කිව්වානේ. ඒකට ඔහොම නින්දා අපහාස කොරන්න එපා.

    ReplyDelete
    Replies
    1. sahan,

      / එතුමා සිරි ලංකාව බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් මහජනයාගේ බලවත් ඉල්ලීම නිසා ඉදිරිපත් වෙන්නේ. නැතුව එතුමා නැවත ඉල්ලන්න කැමැත්තක් තිබිලා එහෙම නෙවෙයි. එතුමා ඒක පැහැදිලිව කිව්වානේ. /

      එහෙනං..එහෙනං..මොනව කියනවද? ඒ නොමිනේසන් දීමේ ඉන්සයිඩ් ඉස්ටෝරිය මෙහෙමයි.

      එතුමා කාල්ටොං එකේ ඉන්දැද්දි උදේට එලිබහින්ට වතුර බෙලෙක්කෙත් අන්න කකුස්සට ගියාය කියමු. කලිං දා රෑ අර සුද්දිව දූසනේ කරාපු එතුමාගෙ හිතේසිවන්ත ගෝලය එක්ක රෑ දෙගොඩ හරියක් වෙනකල් ගල් බෝතලයක් සුද්ද කරපු හින්ද බඩත් ටිකක් විතර එකෙල මෙකෙල වෙයියි තිබ්බෙ.

      විජහට දුවල ගිහිල්ල කකුස්සෙ දොර අරින්ට බැලින්නං කවුද මන්ද ඒක ඇතුලෙං වහගෙන. " කවුද යකෝ මේක ඇතුලෙ දොර වහගෙන ඉන්න **** පුතා..මට මගෙ ගෙදර හිතේ හැටියට රෙන්ටත් බැරිද? "එතුමා එහෙම ගෝරනාඩු කලා සරම කරට එනකල් උස්සගෙන.

      " සමාවෙන්ට අපි මේ ඔබ තුමාගෙ අනුගාමිකයො.."කකුස්ස ඇතුලෙං එහෙම කියනව ඇහුන.

      " අනුගාමිකයො? ...තොපි මොකක් කරනවද බොලව් මේක ඇතුලෙ? බැහැපියව් හොඳ හිතිං එලියට….මට දැං රෙන්ට ඕන.."

      " ඔබතුමා පාර්ලිමේන්තුවට නොමිනේසං දෙන්ට කැමති වෙනකල් අපි මේකෙං එලියට එන්නෙ නෑ.."

      මලකෙළියයි නෙව.. ඉතිං මොකද කොරන්නෙ?.... තව ඩිංගක් වෙලා හිටියොත් එතුමාට කකුස්ස ඉස්සරහ පඩියෙම රෙවෙනව. ඊට පස්සෙ ඉවසන්ට බැරිම තැන එතුමා මෙහෙම කිව්ව.

      " හා..හා..මම උඹල කියන හින්ද ඡන්දෙට එන්නං..දැං වරෙල්ල දෙයියනේ කියල ඕකෙං එලියට ...මට මෙතන රෙද්දෙම යන්ට ඉස්සර වෙලා.."

      ඔන්න ඕකයි මල්ලි නොමිනේසං දීමේ කතාව." නොමිනේසං දීමේ කතාවේ ඇතුළු පැත්ත " කියල ඒ සම්බන්දව ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ...:)

      Delete
  13. "මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට ත්‍රස්තවාදය පරාජය කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ. "
    -චම්පික රණවක 2015 මැයි මස 24

    ReplyDelete
    Replies
    1. ජංගාය දාලාද මේක ලිව්වෙ? කුට්ටම පාත් වෙලා වගේ නේද?

      Delete
    2. AnonymousJuly 17, 2015 at 5:25 PM

      \ මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට ත්‍රස්තවාදය පරාජය කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. \

      මේ කතාව සම්පූර්ණ ඇත්ත. මහින්ද කොටි සමූලඝාතනය කලේ රට ගැන ඇල්මකින් ආදරයකින් නෙවෙයි මැරෙනකල් ලංකාවෙ රජ්ජුරුවො වගෙ ඉඳල ඊට පස්සෙත් රාජපක්ස පරම්පරාවට ලංකාවෙ රජකම ලබාදෙන්ට හොඳම ක්‍රමය කොහොම හරි කොටි විනාශ කරල දාන එක කියල කල්පනා කරපු හින්දයි. 2009 පස්සෙ එයාගෙ වැඩ පිළිවෙල දිහා බැලුවම එහෙම හිතන්ට ඕන තරම් සාධක තියෙනව.

      Delete
    3. කොමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගන හිටියට මේ කතාව දැකල මට කොමෙන්ට් නොකර බෑ. ඔය චම්පික නම් ෆෙඩරල්වාදියෙක් තමයි. නමුත් මහින්ද මුල්ම බලය බෙදන යෝජනාවලටත් විරුද්ධව හිටිය.

      රජ කතා ආවෙ 2009 න් පස්සෙ. ඇත්තටම ඒකෙන් වුනේ මහින්දට හානියක්. ඊට ඉස්සර ඔහු වාමාංශික ගැමි දේශප්‍රේමී නායකයෙක් ලෙස නමක් දිනාගෙන හිටිය.
      කැබිතිගොල්ලෑවෙ බෝබෙ පුපුරපුදා මම මහින්ද කවුද කියල දැනගත්තෙ.

      රවි ඔබ යූඇන්පී වුනාට මෙහෙම සක්කිලි කතා කියන්න එපා. ඔබට යූඇන්පියෙන් පුද්ගලික වාසි ලැබිල ඇති. අනික දේශපාලනය ගැන අනාවැකි කියන්න ඉක්මන් වෙන්න එපා.

      1983 කලු ජූලියට රාජ්‍ය අනුග්‍රහය ලැබුන. රට මහ විපතක Vඇටුනෙ ඒකෙන්. ජේ ආර් ජූලි වර්ජකයන් ගෙදර යවල රවිලට රස්සාව දුන්න. 1977 දි දේශපාලන පත්වීම් ලබපු බත් බැලයො අද රට ගිහින් ලියනව ඇති.

      89 භීෂනය ගැන අපි දන්න්ව
      යූඇන්පියෙ කම්බ හොරු පුද්ගලිකකරනය මුවාවෙන් කළ වංචා ගෑන් දන්නව. ගිනි අවි සහ ගිනි කෙලි පොතේ ඒකාලෙ පාතාලෙ පෝෂනය කළ හැටි අපූරුවට පෙන්නාල් තියනව.

      ඔබ දැනගන්න. මේ රටෑඉ බහුතරය යූඇන්පියෙන් පුද්ගලික උදවු ලබපු අය නොවෙයි. ඔබට වගෙ බැදීම් නැහැ.

      යූඇන්පිය කරපුවගෙන් කෝටියෙන් පංගුවක්වත් මහින්ද කරල නෑ.
      හොරා හොරා හොරා කියල ගොබෙල්ස් න්‍යායට අනුව බ්‍රේන් වොෂ් කරපල්ල. ඒත් හැමදාම උඹලට මිනිස්සු රවටන්න බෑ.උඹලගෙ සැගවුන න්‍යායපත්‍ර ගැන දැනගෙන උඹල වෛරායට පිළිකුලට ලක් වෙනව

      Delete
    4. යුද්දෙට දේශපාලන නායකත්වය දීපු එකත් යූඇන්පී බත් ගොට්ටන්ට විහිළුවක්. යූඇන්පීකාරයො කියන්නෙ සුදුසුකම් නැතිව රස්සා ගත්ත උන්ගෙ දරුවො.

      Delete
    5. මෙතන යහපාලනය අරක මේක කියන හැම එකාම පාරම්පරික යූඇන්පී කාරයො. යුද්ද කාලෙ යුද්දෙට විරුද්ධව හිටපු උන්. යුද්දෙ පරදිනවට හදවතින්ම කැමැත්තෙන් සිටි අය. කොටි දිනනකොට කාලකන්නි සතුටක් ලබපු අය.
      යූඇන්පියෙ 77-94 අපකීර්තිමත් අතීතය නිසා කෙළින්ම යූඇන්පී කියන්න ලැජ්ජ පිරිසක් රටේ ඇතිවුනා.
      රවිගෙ තර්කයට අනුව පුද්ගලයක් දියේ ගිලෙන කෙනෙක් බේරගන්නව. ගිලෙන්න ගිය එකා බේරගත්ත පුද්ගලයට ස්තුති කරනව.
      ඊටපස්සෙ කිය කිය යනව මූ මාව බේර ගත්තෙ තෑන්ක්ස් කියන එක අහගන්න කියල

      අනේ මෙහෙම සක්කිලි යූඇන්පී කමක්

      Delete
    6. මම බ්ලොග් ලිවීම කලකට නවත්තල තියෙන්නෙ. මේව දකිනකොට කොන්ට්‍රෝල් නැතිවෙනව. මම 1994 ට පෙර ජීවත්වුන කෙනෙක් විදියට දන්නව යූඇන්පී ආණ්ඩු ගැන.
      මට ජීවන අත්දැකීම් තියනව ජේ ආර් ගෙ ඉදන් .1980 න් පස්සෙ දේවල් තමා මතක. ඉතින් එදා ඉදන් තිබුන ආන්ඩු වලින් හොදම ආන්ඩුව මහින්දගෙ ආන්ඩුව.
      මහින්දගෙ වැරදි කොච්චර තිබුනත් ජේ ආර් , ප්‍රේමදාස වගෙ බල්ලො නෙමෙයි.
      එච්චරයි කියන්න තියෙන්නෙ

      Delete
    7. AnonymousJuly 18, 2015 at 7:34 PM

      / රවිගෙ තර්කයට අනුව පුද්ගලයක් දියේ ගිලෙන කෙනෙක් බේරගන්නව. ගිලෙන්න ගිය එකා බේරගත්ත පුද්ගලයට ස්තුති කරනව. ඊටපස්සෙ කිය කිය යනව මූ මාව බේර ගත්තෙ තෑන්ක්ස් කියන එක අහගන්න කියල /

      මෙතන වැඩේ මහත්මයා දියේ ගිලෙන මනුස්සය බේරගත්ත තමයි කියමුකො. ඒකෙ අවුලක් නෑ. ඒත් ඊට පස්සෙ ඒ හිලව්වට ඒ මිනිහගෙ සබ්බ සකල මනාවම හූරගෙන කාල ඒ මිනිහගෙ අඹු දරුවොත් වාලට ගන්ට අර බේරගත්ත මිනිහට අයිතිවාසිකමක් ලැබෙනවද? වැඩේ බේරගත්ත මිනිහ සහ එයාගෙ අනුගාමිකයො හිතාගෙන ඉන්නෙ එහෙමයි. මොන දහපදුරා වැඩේ කලත් ඒ ඔක්කෝටම සමාව දීල ජීවිතේ තියනකල් කඹුරන්ට ඕනය කියල. වෙරි සොරි..එහෙම හිතන්න අපිට බෑ. ඒකයි මෙතන වෙනස...

      Delete
    8. AnonymousJuly 18, 2015 at 7:47 PM,

      / මම 1994 ට පෙර ජීවත්වුන කෙනෙක් විදියට දන්නව යූඇන්පී ආණ්ඩු ගැන. /

      මම 1994 ට පෙර යූ.ඇන්.පී. ආණ්ඩු ගැනත් දන්නව. 1994 න් පස්සෙ පොදු පෙරමුණේ ආණ්ඩු ගැනත් දන්නව. ඒ වගේම 2009 න් පස්සෙ මරා කරපු දේවල් ගැනත් හොඳට දන්නව. ඒ කරපු අසාධාරණ, ඒකාධිපති, අයුක්තිසහගත කැත වැඩ ආයම කියන්ට ඕන නෑනෙ. අන්න ඒ හින්දයි මරා එලවල දාන්ට ඕනය කියන ස්ථාවරයෙ මම එදා ඉඳලම ඉන්නෙ.

      "/ ඉතින් එදා ඉදන් තිබුන ආන්ඩු වලින් හොදම ආන්ඩුව මහින්දගෙ ආන්ඩුව.
      මහින්දගෙ වැරදි කොච්චර තිබුනත් ජේ ආර් , ප්‍රේමදාස වගෙ බල්ලො නෙමෙයි.
      එච්චරයි කියන්න තියෙන්නෙ /"

      හරි...හරි..තම තම නැණ පමණ කියල කියන්නෙ කට කහනවට නෙවෙයිනෙ. ඔබතුමාට හෝ තුමීට තේරෙන්නෙ එහෙමනම් මට ඒකෙ ගැටළුවක් නෑ...:)

      Delete
  14. "සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන ඕනෑම අභියෝගයක් සඳහා
    සූදානම් වන බවයි. විශේෂයෙන්ම කොටින්ගෙන් බිදී ගිය කොටස් හා කොටි විරෝධී කොටස් අනුක‍්‍රමයෙන් අප හා සම්බන්ධ වන්නට විය. "
    -චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
    පිටුව 153

    ReplyDelete
    Replies
    1. එච්.එම්.ජී.බී.කොටකදෙණිය කියන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් නේද ?මම හිතන්නේ එයා "සිහළ උරුමේ"තියෙන කාලේ එම පක්‍ෂයේ මොකක් හරි ලොකු තනතුරක් දැරුවා.

      Delete
    2. මනෝජ්,

      ඔබ හරි, එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහත්මයා හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙක් තමයි. ඒ මහත්මයාගෙ බිරිඳ සෝමා කොටකදෙණිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ තනතුරු කීපයක් දැරුවා. තැපැල්පතිනිය සහ ඊට පෙර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය. ඇය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරිය ලෙස සේවය කරද්දි එහි ඇටුවම් බැස තිබූ වංචා සහ දූෂණ මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගත්තා.

      Delete
  15. මට හිතෙන්නේ මෛත්‍රිට ශ්‍රී ලංකා සභාපතිකම ඒ මොහොතේ නොගෙන ඉන්නයි තිබ්බේ.මොකද මෛත්‍රි ජනාධිපතිධුරයට පත්වුනේ පක්‍ෂයක් නියෝජනය කිරීමෙන් නෙමේයිනේ.මෛත්‍රිට ශ්‍රී ලංකා සභාපතිකම ගන්ට තිබ්බේ මේ මහා ජන්දෙන් පස්සේ.රටේ නායකයා විදියට තමන්ගේ පක්‍ෂ මතයට වඩා වැදගත් වෙන්නේ රටේ මතය.රටේ බහුතරයක් දෙනා ප්‍රතික්‍ෂේප කරපු මහින්දට නාමයෝජනා නොදී ඉන්න තිබ්බේ දැන් ඔය කතා නොකියා.මේ මැතිවරණයෙන් සන්ධානය පරදිනවා.එක නියතයි.නමුත් යම් විදියකින් හරි සන්ධානය දිනුවොත් පක්ෂ බහුතරයට එතුමා යට නොවේවී කියලා සහතික කරන්න පුළුවන්ද රවීයියේ අපිට.?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ප්‍රත්‍යාවලෝකනයේදී අපිට බොහෝ දේවල්වල වැරදි පෙනෙන්න පුලුවන්. ඔහොම නෙවෙයි කරන්න තිබුනෙ. අරමයි මෙහෙමයි කියල. ඊලඟට ඒ ප්‍රශ්ණෙට මුහුණ දෙන මනුස්සය තමයි දන්නෙ ප්‍රශ්ණෙ බැරෑරුම් කම. පාර්ලිමේන්තුවෙ බහුතරයක් මරාගෙ සට්ටඹියො වෙනකොට ජනගහනයෙන් සැලකියයුතු ප්‍රතිශතයක් ඉතා පහසුවෙන් රැවටෙන කිසිම විචාර බුද්ධියක් නැති හැඟීම්බර මිනිසුන් වන විට තමන්ගෙ හිතට එකඟ නොවන තීරණ වලට එලඹෙන්නට සමහරවිට සිද්ධ වෙනව. බලාපොරොත්තු අත්හැරගන්ට එපා. ජනවාරි අටවෙනිදා සිදුවූ පෙරළිය කෙරෙහි විශ්වාසය තබමු.එහෙම එකක් ආයම කරමු...:)

      Delete
  16. another 1600/= post.. hahaha

    ReplyDelete
  17. අලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය මතක නැතෙයි හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...

    ReplyDelete
    Replies
    1. රන්සකු,

      මිස්ටර් නීලකාසගෙ සාටකේ එල්ලෙනවට වඩා ඔය මොහොක එල්ලුනත් දාහෙන් සම්පතයි...:)

      Delete
    2. eya obata sapak wiya hakiya. eheth apa ehi pala wikaama hodin bukthi windemi.
      rate sampath thuttu dekata thamange henchchayalta wikka , Kollo tika parawala gana ballo waga marala dapu,,,

      Delete
  18. දෙක කියවල ඉවර වෙන්න කලින් තුනත් දාල.
    http://nelumyaya.com/?p=3739

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...