Sunday, July 19, 2015

334. අබයාරාමයේ විත්ති 3 - ජනාධිපතිගේ චෝදනාවලට මරාගේ පිළිතුර, අමරාවික්ෂේප වාදය, පුරවැසි බලය, සුනිල් පෙරේරා සහ හැඟීම් අභිබවා බුද්ධියෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම.

Ravaya Cartoon

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීම කෙසේ හෝ වැළැක්විය යුතු මන්ද යන කාරණය පිළිබඳව මම බොහෝ කරුණු දක්වා ඇත්තෙමි. එහෙත් එලෙස මවිසින් ලියන ලද සටහන් වලට නිර්නාමිකව ප්‍රතිචාර දක්වන මරාවාදීන්, මරා යලි බලයට පත්කල යුත්තේ කුමන හෙයින්ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා නොදෙති. කරුණු විමසා බලන කල එහි පුදුමවීමට කිසිදු හේතුවක් නත. ඔවුන්ගේ අනුත්තර නායක තුමානෝද පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න මඟහැරීමෙහිලා ඉතා සමර්ථය. ජනාධිපතිතුමා මෙම මස 14 වන දින කල ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට බරපතල චෝදනා කිහිපයක් එල්ල කලේය. ඉන් පසු දවසක ඔහු වටකරගත් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසූ විට මහින්ද මහතා පැවසූයේ ඒ සියළු චෝදනා වලට 17 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන රැස්වීමෙහිදී පිළිතුරු ලබාදෙන බවය.

එහෙත් අනුරාධපුරයේ රැස්වීමෙහිදී ඔහු ඒ පිළිබඳව කිසිදු පිළිතුරක් නොදුන්නේය. ඔහු පැවසූයේ අසත්‍ය චෝදනාවන්ට පිළිතුරු නොදෙන බවත් අගෝස්තු 17 වන දින මහජනයා ඊට පිළිතුරු ලබාදෙන බවත්ය. බණ්ඩක්කා ගොඩක් මතින් ආඳකු ලිස්සා යන්නාක් බඳුවූ මෙම ප්‍රකාශය මසිතට අමරාවික්ෂේප වාදය සිහිගැන්වීය. බුදුන් වහන්සේගේ සමකාලීන ෂට් ශාස්තෘවරුන් අතරවූ සංජය බෙල්ලට්ඨිපුත්ත අනුගමනය කලේ අමරාවික්ෂේප වාදයයි. එනම් කිසිදු පැණයකට නිශ්චිත පිළිතුරක් නොදී මඟහැරයාමේ පිළිවෙතයි.

*********************************************

දශක හතරකට ආසන්න කාලයක් ලංකාවේ එකසේ ජනප්‍රසාදය දිනාගත් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පෙර යොවුන් වියේ සිටම මගේ සිත්ගත් ගායකයෙකි. නිතර නවතම ආරක, නවතම රටාවක ගීත නිර්මාණය කිරීමෙහිලා ඔහු ඉතා දක්ෂයෙකි. මගේ මතකයේ රැඳී ඇති ඔවුන්ගේ පළමු ගීය " නෝනෙ මගෙ සුදු නෝනේ " නමින් හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ එළි දැක්වූ ගීතයයි. 

ඉන් පසු ඔවුන්ගේම " මම දුන්නෙ කිස් එකයි කිස් එකයි " ගීතය මහ හඬින් ගයා මගේ මවගෙන් බැණුම් ඇසූ බවද මතකයේ ඇත. ඒ අප කෑගල්ලේ විසූ සමයේ බැවින් අදාල කාලය 1975 වසර හෝ ඊට ආසන්න විය යුතුය. ඉන් පසුකාලීනම නිකුත්වූ සුනිල්ගේ සියළුම ගීත මම ඉතා ආශාවෙන් රසවින්දෙමි. ඒ ඔවුන් නිරතුරු සම්ප්‍රදායික රටාවෙන් පිටපැන අලුත් යමක් කිරිමට උත්සාහකල බැවිනි.

*********************************************

කලාකරුවන්ට ආදරය කිරීම සහ කලාකරුවන්ට ගෞරව කිරීම එකිනෙකට වෙනස්ය. මම ආදරය කරන කලාකරුවකු තම නෛසර්ගික දක්ෂතාවය උපයෝගී කොටගෙන ගොඩනඟා ගන්නා පෞරුෂය හා / හෝ ජනප්‍රියත්වය, ප්‍රේක්ෂක ආකර්ෂණය තම 

ප්‍රේක්ෂකයින් නොමඟ යැවීමට භාවිතා කරයිනම් ඔහු හෝ ඇය කෙරෙහි මගේ කිසිදු ගෞරවයක් ඇති නොවේ. පසුගිය වසර පහ තුල මම බොහෝසේ ආදරය කල කලාකරුවන් / කලාකාරිනියන් කිහිප දෙනෙක්ම එසේ මගේ ආදරය අහිමි කොට ගත්හ. ඔවුහු කොතෙක් අන්තගාමී වූයේද යත් " සර් ඕකා මරලා හරි බලය ගන්න නේද තිබුනේ? " යන සාහසික පැණය පරාජිත හිටපු ජනාධිපතිතුමාගෙන් විමසන තරමට එඩිතර වූහ.

හිටපු ජනාධිපතිතුමාගෙන් ලබාගත් නොයෙක් තනතුරු / වරදානයන් මුදල් යාන වාහන උපයාගැනීමේ අවස්ථාවක් හමුවේ තම ආත්මය පාවාදුන් එවන් කලාකරුවන් යන නාමයට පවා නොහොබිනා නිලජ්ජී මිනිසුන් / ගැහැණුන් රට වටා යමින් මහින්ද රාජපක්ෂමහතාගේ ගුණ වයන අතර මේ දුර්දාන්ත, අධර්මිෂ්ඨ පාලනය වහා පරාජය කිරීම මේ එළඹෙන මොහොතේ යුගයේ අවශ්‍යතාවය බව වටහාගත් තවත් සැබෑ කලාකරුවෝ පිරිසක්, තම උදර පෝෂණය නොව රටේ අනාගතය , යුක්තිය සහ සාධාරණත්වය වැදගත් කොට සැලකූ කලා කරුවෝ පිරිසක්, තවත් විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු විද්වතුන් හා එක්ව පුරවැසි බලය නම් සංවිධානයක් පිහිටුවාගත්හ. 

ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර, ආදීන් සාමාජිකත්වය දැරූමේ යහපාලනය වෙනුවෙන් පිහිටුවාගත් ලිබරල් සංවිධානයේ මූලාරම්භයේ සිටම සුනිල් පෙරේරා එහි ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකලේය.


ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කල පසු කිසිදු තනතුරක් භාරනොගෙන තම ඉලක්ක සපුරා ගැන්මෙහිලා තිරය පසුපස සිට නිහඬ කාර්යභාරයක් ඉටුකල පුරවැසි බලය සංවිධානය මහින්ද මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමත් සමඟ ඔහු සහ ඔහුගේ සහචර දූෂිතයින් පැරදවීම උදෙසා යලි ඉදිරියට පැමිණ ඇත.

කවදත් ඇත්ත ඇති සැටියට පවසන එසේම එසේ පැවසීමට නිර්භයව ඉදිරිපත්වන සුනිල් පෙරේරා පසුගිය 16 වන දින ස්වර්ණවාහිනියේ අද දවස වැඩසටහන වෙනුවෙන් සහභාගී විය. එහිදී ඔහු වහෙන් ඔරෝ නොමැතිව ලබ්භශෛලමස්තකාරූඪ කොට පැවසූයේ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම මුළු රටටම මහත් බිය ගෙන දෙන්නක් බවය.

" ඔව්,මම බයයි තමයි..මහින්ද ආපහු එනවට මම බයයි " එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ පරාජයකොට දේශපාලනයෙන් පලවා හැරිය යුත්තේ මන්ද යන්න තවමත් හරිහැටි වටහා නොගත් යමකු වේනම් කරුණාකර සුනිල් පෙරේරාට සවන් දෙන්න. ඔහු පවසනුයේ සත්‍යය නොවේදැයි ඔබගේ විචාර බුද්ධිය අවදිකොට කරුණාකර විමසන්න. හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න. 





හැඟීම් වලට මුල්තැන් දියයුතු අවස්ථාවන් කොතෙකුත් අපගේ ජීවිත කාලය තුලදී එළඹෙනු ඇත. ඒ පිළිබඳව මම එකහෙලා එකඟ වෙමි. එහෙත් මා ප්‍රිය මිතුර, මිතුරිය, මේ හැඟීම් වලට ඉඩදියයුතු මොහොතක් නොවෙ. අපරටේ අනාගතය බොහෝවිට  ඔබේ තීරණය මත රඳා පැවතිය හැක.

95 comments:

  1. හැමදාම එකම දේ කියන ඇනෝ මහත්වරුන් / නෝනා මහත්වරුන් වෙත,

    අපහාසාත්මකව හෝ ඔබගේ අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කරමි. එහෙත් අපහාසයක් හෝ අලුතෙන් නිර්මාණය කොට ගත නොහැකි නම් ඒ මගේ වරදක් නොවේ. සුපුරුදු ලෙස හැමදාම ලියන එකම වර්ගයේ අපහාස ඉවත් කිරීමට තීරණය කළෙමි.

    ReplyDelete
  2. ඈ පොන්නයො උබ හැමදාම ලියන්නෙත් එකමජාතියෙ අපහාසනෙ. අවජාතකයා .

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මොනවද අනේ අපහාස?....:)

      මම මහින්දට පොන්නය කිව්වෙත් නෑ අවජාතකය කිව්වෙත් නෑ අන්න එව්වයි අපහාස කියල සැලකෙන්නෙ...:)

      Delete
    2. ශීට්.. මේ වගේ පෝස්ට් එකකට මෙහෙම බැනලා කමෙන්ට් දාන ඔයා සමහර විට ඉන්නේ වෙන රටක සිටිසන් අරන් ලංකාවට ඇවිත් ජිවත් වෙන බලාපොරොත්තුවක නෙමේ වෙන්න ඇති. නොදකින්

      Delete
    3. ඔමා,

      ඔව්ව ගණං ගන්න එපා...ඔය මරාස්ගෙ ගෝලයින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන...හෙහ්,හෙහ්,

      Delete
  3. I feel sad about my country. Looks we are going to misuse another opportunity. I don't know why current Mr M'pala gave nomination to MR.

    If we missed this opportunity , its like digging your own grav.

    Jibba

    ReplyDelete
    Replies
    1. Jibba,

      Dont lose hope...MR won't come back again...never ever...:)

      Delete
  4. කියෙව්ව.
    වාං පතුල දාපු දවසට කොමෙන්ට් දාන්නං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි බං..මේ වාං පතුලක් ලියමින් ඉන්නෙ...:)

      Delete
  5. මටද මහින්ද ගැන විශේෂ පැහැදීමක් නැත. කළ යුත්තේ යූඇන්පී රජයක් බලයට ඒම වැළැක්වීමය. එහිදී මහින්ද ගේ ශක්තිය ප්‍රයෝජනවත්ය.

    ඔබ ඔය කියන පුරවැසි බලය කියන එන්ජීඕ එක කුමක්ද එය වැඩ කරන්නෙ කාගේ න්‍යායපත්‍රයටද කියා නොදත් කෙනෙක් නැත. එහි සිටින සමහර චිත්‍රපටකරුවන් යුද්ධය පැවති කාලයේ ඍජුවම කොටින්ට සහාය දැක්වූහ.
    සුනිල් පෙරේරා සිංහල බෞද්ධ විරෝධියෙකි. එය නොදත් කෙනෙක් නැත.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පුරවැසි බලය පිළිබඳව ඔබට තරම් ගැඹුරු අවබෝධයක් මට නැත. එය එන්.ජී.ඕ. එකක්ද නැද්ද යන්න පවා මම නොදනිමි.මට වැදගත් වන්නේ ඔවුන් පවසන්න සත්‍යයක්ද නැද්ද යන්න පමණකි.

      සුනිල් පෙරේරා සිංහල බෞද්ධ විරෝධියෙක්ද නැද්ද යන්න ද මම නොදනිමි. එසේම ඔහු සිංහල බෞද්ධ විරෝධියකු වූවද එයින් මහින්ද ගැන ඔහු කරන චෝදනා කිසිසේත්ම අවලංගු වන්නේද නැත. මරාවාදීන් අවසාන වශයෙන් එල්ලෙන්නේ ඔය පිදුරුගහේය. එනම් මරාට විරුද්ධ වන්නන් සියල්ලට සිංහල බෞද්ධ විරෝධී හංවඩුව ගැසීමය.

      Delete
  6. දැන් තියෙන්නෙ 17 අවුරුදු ශාපය ආයෙ එයිද කියන බය
    මගෙ ඇග හිරිවැටුන 17 අවුරුදු ශාපය ගැන ඇහෙනකොට. නිකම්වත් අදහස් ප්‍රකාශ කරන්න බැරි අති බිහිසුණු යුගයක්. උඩුගම්පොල වගෙ පොලිස්කාරයො, ඒ මදිවට මැරයො හිතන්නත් බයයි. ඡන්ද නෑ කලගෙඩි ලාම්පු සෙල්ලම්.
    මිනිස්සුන්ට ඉවසන්නම බැරි තැන ආයුධ ගත්තා. ඒක මර්ධනය කරන්න 65,000 ක් දස වධ දීල මරල පිච්චුව.
    යූඇන්පී කියන අකුරු තුනටත් ශාප වේවා.

    හංසයට දුන්නට ඒ මරාට විරුද්ධව විතරයි.
    එජාපයට විශාල බලයක් එනව කියන්නෙ මහම විනාශයක්. 1977 දි හයෙන් පහක් ලැබිල එය අවසන් වුනේ රට අමු සොහොනක් වෙලයි.මැතිණිගෙ ප්‍රජාඅයිතිය අහෝසි කිරීම , ජූලි වර්ජකයො ගෙදර යැවීම , වර්ජකයන්ට මැර ප්‍රහාර එල්ලකරමින් පටන් ගත්ත එජාප පාලනය රටට ශාපයක් වුනා.

    මේ ලිපිය එක්ක 100% ක් එකඟයි. මම මේ ගැන කීප දෙනෙක් එක්කම කතා කළා. බොහෝදෙනෙක් කියන්නෙ අද ලෝකය වෙනස් ,තාක්ෂනය දියුණුයි ( ගෙවල්වලට ඇවිත් මිනිස්සු පැහැරගෙන ගිහින් මරල පුච්චන එක වගෙ ඒව කරන්න බෑ කියල ) .ඒත් අලිය කුලප්පු වුනහම ඔය ඔක්කොම නිහඩ වෙනව.

    කරන්න තියෙන්නෙ එජාප විරෝධී කදවුර ශක්තිමත් කිරීමයි. බලය ගත්තත් රටට ලොකු හානියක් කරන්න එජාපයට බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. //මේ ලිපිය එක්ක 100% ක් එකඟයි. //

      http://dukaa.blogspot.com/2015/07/17.html

      ඈ බං, දුකාගෙ ලිපියට එකඟයි කියපු කමෙන්ට් එකක් මෙතනට ගෙඩිය පිටින් ඇලෙව්වම හරි යනවය. ඔච්චර උනන්දුවක් තියෙන එකේ ඒ වෙලාව යොදවල තමන්ගෙ මතය වෙනුවෙන් තාර්කිකව කරුණු ගොනුකරල විවේචනයක් ඉදිරිපත් කළා නම් ඔයිට වඩා වටිනව නේද.

      Delete
    2. ඇනෝ,

      එජාපය ගැන මගේ විශේෂ පැහැදීමක් නැත. මරා දේශපාලනයෙන් පලවා හැරිය යුතු බව මිස එජාපය බලයට පත්කලයුතු බව මම කිසිවිටෙක පවසා නැත. ඔබ කැමති පක්ෂයකට ඔබේ ඡන්දය දෙන්න. ජවිපෙ වැනි පක්ෂයක් සාධනීය විකල්පයක් ලෙස සැලකිය හැක.

      Delete
    3. ඒක මර්ධනය කරන්න 65,000 ක් දස වධ දීල මරල පිච්චුව.
      ඇත්තටම කවුද එක කලේ ආමි එකෙන්ද නෙවි එකෙන්ද එයාර් ෆෝස් එකෙන්ද නැත්නම් පොලිසියෙන්ද එතකොට ඒකාලේ ඒගොල්ලෝ මොන විරුවොද නැතිනම් ජේ වී පී මරුවොද අන්මන්දා පොඩි අපිව පුල් සොට් වෙලා ඉන්නේ

      Delete
  7. උදේ වැඩට යාමත් ටිකක් පරක්කු කර‍ගෙන මේක බැලුව. ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. රාජ්,

      ස්තූතියි මල්ලි...:)

      Delete
  8. ලියාපන්කෝ දෙය්යෝ අලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...

    ReplyDelete
    Replies
    1. රන්සකු,

      එකම කමෙන්ටුවට දෙවරක් පිළිතුරු දිය යුතු නැත.කරුණාකර එකම දේ නැවත නැවත ලිවීමෙන් වළකින්න.

      Delete
  9. UNP anduwa kala karayanta gahuwe natha maraaaa damma pamanayi.... duushanaya, beeshanaya wanchawa uparima kare UNP eka anduwa. Naki hiwalooo ewa yatapath karagena boruwata kaa gahnwa ,, mama dannawa Sunil E yaka onawata wada wadi.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එජාපය බලයේ සිටියදී කල නොපනත්කම් පිළිබඳව මම හොඳ හැටි දනිමි. එලෙසම ඔවුන්ට ඡන්දය දෙන ලෙස මම කිසිම විටක පවසා නැත්තෙමි.

      Delete
  10. ow ow koyinta ayuda deela salli deela e madiwata ape passath unta denna kiwwe kauda danne na neda

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබ පවසනුයේ 2005 ජනාධිපතිවරණයට පෙර කොටින් ඡන්දය වර්ජනය සඳහා පොළඹවා ගැනීම උදෙසා බැසිල් එමිල් කාන්තන්ට ලබාදුන් මුදල් සම්භාරය පිළිබඳව යැයි උපකල්පනය කරමි. එහෙත් ඒ අවස්ථාවේ ආයුධ ලබාදුන් බවක් මම නොදනිමි.

      Delete
    2. ow ow ara container ganan patawala kilinochchi kaleta gihin dunne ... STF camp eke kotinta training dunne... e witharak nowei... army buddi anshya kotinta pawala dunne...
      salli deela MR dinuwe nathnam oyata hondata enjoyee karanna thibba neda koti ekka ....e welawe MR salli deela hari dinuwa eka hari.

      Delete
    3. ඇනෝ,

      / e welawe MR salli deela hari dinuwa eka hari./

      අම්මප? මරු ප්‍රජාතන්ත්‍රවාදය ඒක..හෙහ්, නරකද ඔය තියරි එක පැහැදිලිව ලියල ඉන්ටර්නෙට් එකේ වගෙ කොහෙ හරි ප්‍රසිද්ධ කලානම්... ප්‍රජාතන්ත්‍රවාදයට නව අර්ථකථනයක් සොයා ගැනීම වෙනුවෙන් ඔහේට ලොකු ප්‍රසිද්ධියක් එහෙමත් ලැබෙයි. සිරි ලංකාවට සුවල්පනං ගහුරවයද්ද හැබෑට? මට දුක ඔහෙ වගෙ බුද්දිමත්තු එලි පෙහෙලියට නෑවිත් මේ වගෙ බොලොග් වල ඇනෝ කොට කොට ඉන්න එක..කරුණාකරල එහෙම කරන්න එපා. ඔබේ බුද්දි මහිමයෙන් රටට ලෝකෙට වැඩදායක යමක් කරන්න . කරුණාකරල නොබියව ඉදිරියට එන්න..We need intellectuals like you...ඔබට ජය!

      පලි - කොටි ගැන ඔහේ කියපු හින්ද මතක් වුනේ. මරා මරන්ට කොටින්ට ඔත්තු දුන්න මනුස්සයත් දැන් ඉන්නෙ මරා ලඟ. මේ පාරත් ඡන්දෙට ඉල්ලනව.

      Delete
    4. aie 2005 Ranil awa nam monawada wenne kiyala oya wage ayata notheena eka thama pudume...
      ewa obalata notherenawa nowei. obala ewa mag arinawa , ewa hanga gena mada gahnawa. Ranilta dinanna bari una nisa atta ekai.

      Delete
  11. මේ අන්න එංගලන්තේම ගිනි අරන් එලිසබෙත් ඇන්ටි ෆුහ්රර්ගේ සැලියුට් එක ගහන වීඩියෝ එකක් ලීක් වෙලා

    ReplyDelete
    Replies
    1. දිලාන්,

      ඒ සන් පත්තර කාරය පත්තරේ විකුණගන්න කරපු උප්පරවැට්ටියක් මිසක ඒ ප්‍රවෘත්තියෙ වැදගැම්මක් නෑ.1933 ඕක වෙලා තියෙන්නෙ. අවුරුදු 82 කර ඉස්සර. එලිසබෙත් අක්කට එතකොට වයස හයයි. අනික එතන පිටිපස්සෙ ඉන්නව අක්කගෙ ලොකු අප්පොච්චි. පස්සෙ අටවන එඩ්වර්ඩ් කියල රජවුනේ එයා. මිනිහ හිට්ලර්ගෙ අදහස් වලට බොහොම කැමැත්තෙන් හිටිය කෙනෙක්. එයා තමයි එලිසබෙත් අක්ක ලවා හිට්ලර් සැලියුට් එක ගස්සවන්නෙ. මේ අවුරුදු හයක පොඩි කෙල්ලක් කරපු දෙයක් ගැන මොකට වද වෙනවද කාලාන්තරේකට පස්සෙ?

      දැං ඔන්න පොඩි උදාහරණයක් මං කියන්නං..මරාස් ඉස්සෙල්ලම 2005 ඉල්ලපු වෙලාවෙ අපෙ නංගිගෙ පොඩි එකා උගෙ අම්මට කියල රතු පාර දිග රෙදි කෑල්ලක් මස්සවාගෙන අර මරාගෙ කුරහං සාටකේ වගෙ බෙල්ල වටේ ඔතාගෙන හිටිය. ඉතිං ඒකෙං කියන්න පුලුවන්ද ඒකා ඒ කලේ මරාගෙ ප්‍රතිපත්ති පිළිඅරගෙන කියල?

      Delete
    2. හ්ම්ම් ඩේලි මේල් කාරයා එහෙම ඇරියස් කවර් කරනවා හෝ ගාල

      Delete
  12. අනේ මේ කවුරුහරි දාපල්ලකො අර සුනිල් ලොක්ක, රනිල් අයිය ආදී සැට්ටෙක රෝයල්ලෙකේ කැබරෙ ඩාංස් දාපු වීඩියෝ එක බාගන්න තැනක්. ඕක සිද්ද උනේ අපිට හොයං බලන්න පුලුවං කාලෙක නෙමෙයිනෙ. අනේ හොඳ එවුංනෙ.

    මං නං කැමති වෙනස්ම පක්ෂෙකිං ආංඩුවක් එනවට. හැමදාම අලියි, පුටු හෝ බුලතුයි දැකල එපාවෙලා. කට්ටිය කැමති නැද්ද අලුතිං පක්සෙයක් හදල නව රැල්ලේ සෙට්ටෙකක් එක්ක රට අල්ලන්න. දැං ඔය බුකියෙ, බ්ලොග්වල එහෙම ඉන්න කාංඩෙ එක්කහු කරගෙන හදන්න පුලුවංනෙ පංෂයක් “සයිබර් පෙරමුණ“ කියල. ඉං පස්සෙ ඔක්කොම කැම්පේන් එහෙම සයිබරෙංම ගොඩ දානව. වියදමත් අඩුයි.

    නිකමට කල්පනා කරල බලන්න මං කියන්නෙ බොරුද කියල. ඔය රට කන කොන්තරාත් කාරයො, කුඩ්ඩො අරුංමුං එහෙමටම සයිබරේ නෑනෙ. දැං සයිබරේ ඉන්න එවුං කරන ලොකුම නරක වැඩේ සුට්ටක් බොන එකයි, කොම්පීටරේ එල්ලිල ඉඳං කාලෙ කන එකයි, දෙමාපියංගෙ කෝනෙං බැලුවොත් වැලක් බලන එකයි විතරයිනෙ. ඉතිං එවුං ටිකට පුලුවං රට අනික් පැත්ත ගහන්න ලේසියෙංම.

    ඔය අප්පච්චි ගෙදර අරින වැඩේටත් සයිබරෙං ලොකු උදව්වක් හම්බඋනා මං දන්න තරමිං.

    ReplyDelete
    Replies
    1. Suranga,

      / අනේ මේ කවුරුහරි දාපල්ලකො අර සුනිල් ලොක්ක, රනිල් අයිය ආදී සැට්ටෙක රෝයල්ලෙකේ කැබරෙ ඩාංස් දාපු වීඩියෝ එක බාගන්න තැනක්. /

      අඩේ ඒක හොයාගන්ට නෑ බං..මම යූ ටියුබ් එකේ හෙව්ව හෙව්ව..හම්බ වුනේ නෑ. තිබ්බනං මරු ඒක. කෙල්ලො රොත්තක් අමු හෙලුවෙං නටනවලු හෙහ්,හෙහ්, පිස්සු පීකුදු!

      / මං නං කැමති වෙනස්ම පක්ෂෙකිං ආංඩුවක් එනවට. හැමදාම අලියි, පුටු හෝ බුලතුයි දැකල එපාවෙලා. කට්ටිය කැමති නැද්ද අලුතිං පක්සෙයක් හදල නව රැල්ලේ සෙට්ටෙකක් එක්ක රට අල්ලන්න. /

      අන්න ඒකනං නියම අයිඩියා එකක්..මම කියන්ටද? උඹම පෙරමුණ ගනිං මලේ…

      " ශ්‍රංගගේ සයිබර් පෙරමුණ...සියළු සයිබර්වාසින්ගේ හිතසුව පිණිසයි. " " බදුල්ල දිස්ත්‍රික්කය අංක 13 ඔබේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට " කියල ගහමු එල පෝස්ටරයක්.

      පල්ලෙහායිං මෙහෙමත් දැම්මැහැකි…" ඌවේ ක්‍රය ශක්තිය "එහෙමත් නැත්නං " අප්පච්චි සමඟ මූණ හෝදමු " . එහෙමත්නැත්නං " බදුළු පුරවරයේ මනෝ කාය."

      Delete
    2. කවුරුහරි එහෙම එකක් කොලොත් මං අනිවාරෙං එනව. මට කාන්තා යටිතල පහසුකං ඇමතිකම වගේ එකක් දෙනවනං.

      Delete
    3. සුනිල් ලොක්ක, රනිල් අයිය ආදී සැට්ටෙක රෝයල්ලෙකේ කැබරෙ ඩාංස් දාපු වීඩියෝ එක

      https://www.facebook.com/sirilakaurumaya/videos/859033694193070/

      Delete
    4. ඇනෝ,

      ස්තූතියි වීඩියෝ එකට. ඒත් මරාගෙ සට්ටඹියො ඔය ගැන කරපු ආන්දෝලනේ හැටියට අම්මාපල්ල මම හිතාගෙන හිටියෙ කෙල්ලො රොත්තක් අමු හෙලුවෙං නටනවයි කියල. කෝ? එහෙම මොකවත් නෑනෙ...ෂෙක්,

      මම නං කියන්නෙ මේ වගෙ ඩාන්ස් රට පුරාම පවත්වන්ට ඕන අවශ්‍ය කෙනෙකුට ඇවිල්ල බලල තමන්ගෙ හැඟීම් සංසිඳව ගන්ට. ඔව්ව තහනං කලාම තමයි ඔය වෙන වෙන දරුණු එව්වට යොමුවෙන්නෙ. දැං බලන්න අර මරාගෙ ප්‍රධාන ගෝලයො දෙන්නෙක් වන තංගල්ල සහ අකුරැස්සෙ ප්‍රදේශීය සබා සබාපතිතුමන්ලා. එක්කෙනෙක් ස්ත්‍රීන් 100 ක් දූෂණය කලාට පාටියක් දැම්මා. අනික් එකා සුද්දියක් දූෂණය කරල හිරේ ගියා. මෙහෙම කැබරේ වගෙ එව්ව බලන්ට එයාලට අවස්තාව තිබ්බ නම් ඔහොම වෙන්නෙ නෑ කියන එකයි මගෙ අදහස. දිනූ දේශය අනතුරේ වැටෙන්නෙ මේ වගෙ කැබරේ හින්ද නෙවෙයි අරවගෙ මරාගෙ සට්ටඹියන් කරන අසමජ්ජාති වැඩ හින්ද.

      Delete
  13. //කරුණාකර සුනිල් පෙරේරාට සවන් දෙන්න. ඔහු පවසනුයේ සත්‍යය නොවේදැයි ඔබගේ විචාර බුද්ධිය අවදිකොට කරුණාකර විමසන්න. හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න//

    මිනිස්සු රටේ සමාජයෙ වෙන දේවල් ගැන ඔයකියන විචාර බුද්ධිය අවදිකරල හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව මැදහත්ව හිතනව නම් ඒ අනුව කටයුතු කරනව නම් මේ මජර දේශපාලන සංස්කෘතිය අපේ රටින් අතුගෑවිල ගිහිල්ල දැන් හුඟ කාලයක් ගත වෙල තියෙන්න ඕන අයියෙ. ඉස්සරහටත් එහෙම වෙයි කියල හිතන්න බෑ. ඡන්දයක් කට උඩට ආවම තමයි අඩු තරමෙ මෙහෙම කියන්නවත් අවස්ථාවක්වත් උදා වෙන්නෙ. නැත්නම් ගලාගෙන යන ජල පාරෙන් දිය දෝතක් තමනුත් ගන්න උත්සාහ කරනව ඇරෙන්න අපේ රටේ බහුතර ඡන්දදායකයො ඔය කිසිවක් ගැන කරදර වෙන්නෙ නෑ. මේ ක්‍රමය පවත්වගෙන යන්නෙත් අන්තිමට ඔවුන්මයි. ඒකෙන් පීඩාවට පත්වෙන්නෙත් එයාලමයි.

    ReplyDelete
    Replies
    1. DDT,

      එක හෙලාම එකඟයි මල්ලි.....එක හෙලාම එකඟයි...:(

      අරුණාලෝකයක් පෙනෙන මානයක නොමැත. දසත පැතිර ඇත්තේ ගණ අඳුරම පමණකි!

      එසේ වුවද බලාපොරොත්තු අත්හැරගත යුතු නැත. සුභවාදීව සිතමු. ගණඳුර කෙසේ හෝ පළවා හරිමු!

      Delete
  14. එජාපයට එරෙහිව දෙන ඡන්දය අනාගත පරම්පරාවේ ජීවිත ඉතිරි කර ගැනීමේ ආයෝජනයකි මහා පින්කමකි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි අපෙ හාංදුරුවනේ..සාදු! සාදු!! සා..සා..සා..දූ!!!

      Delete
  15. වඩා නරක හා වඩා නුසුදුසු කවුද කියන එක ගැන පමණයි ලංකාවෙ දේශපාලනයේ සලකන්න පුලුවන්. හොඳ එවුන් නෑ.
    ‍යුද්ධය අවසන් වීමෙන් අවුරුද්දකට පමණ පසු සිට 2015 ජනවාරි 8 දක්වා තිබුන පාලනයෙන් හොඳට පෙන්නුවා රටක් පාලනය නොකල යුතු ආකාරය.
    දැනට ඉන්න අයගෙන් ඒ පාලනය නැවත එන එක වැලැක්විය හැකි අය අඩුවෙන්ම රටට නරකයි කියල තමයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්න අය මාස හයට කරපු ටික දැකලා තියෙන්නේ ඇස් වහගෙන බවයි පේන්න තියෙන්නේ

      Delete
    2. Pra,

      / යුද්ධය අවසන් වීමෙන් අවුරුද්දකට පමණ පසු සිට 2015 ජනවාරි 8 දක්වා තිබුන පාලනයෙන් හොඳට පෙන්නුවා රටක් පාලනය නොකල යුතු ආකාරය. /

      මගෙ යාලුවෙක්ගෙ පුතෙක් MSc. එකක් කරනව. Political Science...මිනිහ Dissertation එකට තෝරගෙන තියන මාතෘකාව. " From A Democracy to Absolute Autocracy in Just 5 Years, Sri Lanka's Terrible Experience Under Mahinda Rajapaksa 2009 - 2014 "

      Delete
  16. මහින්ද එනවට බය කොටි සහ උන්ට කඩේ යන අයයි. රවි නිකන් පොරක් වෙන්න යනවා කිසිම ප්‍රායෝගික වටිනාකමක් නැති කතා කියලා.

    ReplyDelete
    Replies
    1. Puran Appu,

      ඔබගේ අදහස සංවරව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ස්තූතියි...:)

      Delete
  17. සුනිල් පෙරේරා කියන්නෙ දේශපාලනික දේවල් විතරක් නෙමෙයි,හැම දෙයක්ම කෙලින් කතාකරන සහ අවබෝධයෙන් කතාකරන මිනිහෙක්.නිකම්ම නිකන් ටැබ්ලොයිඩ් ඉන්ටර්වීව් එකකට උනත් පොර කියන කතාවල ගන්න දෙයක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. මලියා,

      සම්පූර්ණ ඇත්ත. සුනිල් කියන්නෙ එදා ඉඳලම කියන්න තියනදේ ලබ්බ ගලේ ගැහුව වගෙ කියන මිනිහෙක්...:)

      Delete
  18. මට නම් සිතෙන්නේ මහින්දට යළි බලයට ඒම කළ නොහැකි බවයි. බයියන් හා ටොයියන් තේරුම්ගත යුතු යථාර්ථය එයයි.යූඇන්පී ,ජේවීපී ,දෙමළ පක්ශ ,මුස්ලිම් පක්ෂ මේ හැමෝම අද මහින්දට විරුද්ධවයි ඉන්නෙ.ඒත් මහින්ද සාධකය මෙරට දේශපාලනයේ ලෙහෙසියෙන් නොතකා හරින්න බෑ. ඔහුගේ වයස නිසා සිදුවන සොභාවික සීමාකිරීම් නිසා ඔහුගේ බලපෑම ඉදිරි දශකයට සීමා වේවි.
    මෙවර ඔහු විපක්ෂ නායක විය හැකියි. බැරිවෙලාවත් අගමැති වුනත් විශ්වාස භංග ආදියෙන් පීඩිතව විධායක නොවන අගමැති කමක් දත් තිස් දෙක මැද දිව මෙන් කරන්නට සිදුවෙයි ( විරුද්ධ ජනාධිපතිවරයෙකුත් සමග )
    ජනවාරි 8 ට පෙර හැසිරීම නම් ආයෙ කවදාවත්ම බෑ

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබේ අදහස් වලට මම එකඟයි...:)

      Delete
  19. ස්තුතී .

    ReplyDelete
  20. \\කරුණාකර සුනිල් පෙරේරාට සවන් දෙන්න. ඔහු පවසනුයේ සත්‍යය නොවේදැයි ඔබගේ විචාර බුද්ධිය අවදිකොට කරුණාකර විමසන්න. හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න\\

    ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන්නෙ ඔය සුනිල් අයියා කියන විදිහට කිව්වොත් විතරයි ....
    ඒකනෙ බුවා තාමත් හිට් එකක් වෙලා ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස්,

      අන්න ඒ කතාව හරියටම හරි. සුනිල් ලොක්ක මෙච්චර කාලයක් ගතවෙලත් තාමත් ජනප්‍රිය අන්න ඒ හින්දම තමයි....:)

      Delete
  21. මම ලඟදි වීඩියෝ එකක දැක්කා කෙනෙක් කියනවා, ගොඩක් අය ජවිපෙට ඇඟිල්ල දික්කරලා පෙන්නන්නේ තුවාල කැලලක් කියලා. ඒ තුවාලේ දැන් හොඳවෙලා, කැලල ඒ දෙය සිදුවූ බවට සාක්ෂියක් නමුත් එයින් හානියක් නෑ. නමුත් ප්‍රධාන පක්ෂ දෙකම තවමත් තුවාල දෙකක් කියලා. තුවාල ගැනද බය වෙන්න ඕනේ තුවාල කැලල ගැනද කියලා ඇහුවේ....

    සාමය සඳහා මාවතක් නැත, සාමයම මාවත වේ කියලා මහත්මා ගාන්ධි කිව්වනේ. ඒ වගේම අපි ඉගෙන ගන්නවනේ බෝසතාණන් පස්මහ බැළුම් බලපු එක. කුලවාදයට විරුද්ධව යන්නත් මුලින් යම් කිසි පිළිගැනීමක් අවශ්‍ය නිසා ඉහල කුලයක්නේ තෝරගත්තේ. (මේක සාහිත්‍ය වුණත් එතන ලොජිකල් ඇත්තක් තියනවනේ). මෛත්‍රී මේ වෙනකම් තමන්ගේ විධායක බලතල වැඩිය පාවිච්චි කරනවා අපි දැක්කේ නැහැනේ. මම මේ කල්පනා කරන්නේ අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න මහත්මා ගාන්ධිගේ ප්‍රකාශය අනුව, විධායක බලතල පාවිච්චි නොකිරීමද හරි, එහෙම නැත්නම් විධායක බලතල තුලින් යම් වෙනසක් කරන එකද කියලා....

    ReplyDelete
    Replies
    1. තිසර,

      මල්ලිගෙ කතාවෙ තියනව හිතන්න යමක්....අවශ්‍ය වෙනස වෙනුවෙන් විධායක බලතල පාවිච්චි කලාට වරදක් නැත කියන අදහසෙයි මම ඉන්නෙ. මම කියන්නෙ නෑ මරා වගෙ යක්සාවේස වෙලා වැඩ කරන්නෙයි කියල. ඒත් දැන් ඔය විධායක ජනාධිපති ක්‍රමය සෑහෙන කාලෙකට අයින් කරන්ඩත් බැරි එකේ පොදු යහපත වෙනුවෙන් ඔය තියෙන එව්ව ටිකක් පාවිච්චි කලාට අවුලක් නෑ නේද?

      Delete
  22. Replies
    1. තිසර,

      පිස්සු හැදෙන වීඩියෝ එක නේද?..මාර ටැලන්ටඩ් පොරක් වැඩේ කරල තියෙන්නෙ..හෙහ්,හෙහ්..මමත් කලින් මගෙ පෝස්ට් එකක ඕක දැම්ම වගෙ මතකයි...හොයල බලන්ට ඕන...

      Delete
  23. රස්සා ඇති නොවෙන, බඩගිනි සන්වර්දනයකට...
    ජාත්යන්තරේට පාට් දාගෙන චාටර් වෙන විදේශ ප්‍රතිප්ත්තියකට...
    දක්ශ මහ කොමසාරිස්ලට කණට ගහන්න...
    වෙලේ සුදා හන්ගපු කුඩු හොයන්න එක්ක යන්න...
    බන්දනාගාර තුල මිනී මරන්න...
    හමුදාව දාලා මිනිස්සුන්ගෙ ගෙවල් කඩලා හුන්ඩු තට්ටු නිවාස හදන්න...
    කැසිනෝ රජවරු ලන්කාවට ගේන්න...
    දූෂිත ගජමිතුරන් චෝදනා වලින් බේරගන්න...
    සමාරම්භක උත්සව වලට, ප්‍රතිරූපය පුම්බවන කටවුට් වලට මිලියන ගනන් සල්ලි කාබාසිනියා කරන්න...
    රට තව තවත් ණය කරන්න...
    රාජ්ය සේවය දේශපාලන සපත්තුවට යට කරන්න...
    අධිකරණය අල්ලෙ නටවන්න...
    ඒකාධිපති විධායක බලතල ආපහු ගේන්න...
    සියතින්ම වළ කපාගන්නට...

    මහින්ද අගමැති කරමු

    රණවිරු හමුදාව කාණුවට...
    ආරක්ෂක කටයුතු වල ආදායම ඇවන් ගාඩ් සමාගමට...
    අලි පැටවු ජාවාරම් කාරයන්ට...
    තාරුන්යය සහ බාලිකා පාසල් නාමල්ට...
    විදේශ ප්‍රතිපත්තිය වීදි සටන් කාර සජින් ද වාස් ට...
    මතට තිත ජොන්ස්ටන් ට...
    ආර්ථිකය ටූ හන්ඩ්‍රඩ් පසෙන්ට් මහතාට...
    තවත්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හෙහ්, ඒකනෙව කියන්නෙ..මේ මරාගෙ ඇම්බැට්ටයින්ට ඔය ටික නොතේරෙන හැටියක්...:)

      Delete
    2. ඩ්‍රැකී තුමා ඇයි මේ පරල වෙලා. දින සීයෙදි ඔය ඔක්කොම අපි අත්වින්දා නෙව. ඔන්න නම් වෙනස්.හැබැයි ආමි එක කුණු අස් කරන්න දැම්මේ නැහැ . හැබැයි දින සීයම රාජ්‍යය පාලනය වගේම පරිසරයක් කුණු පිරිලා

      Delete
    3. පරල වෙලා නෑ පුරන් අප්පු තුමා. ඔයාට ප්‍රශ්නෙ නගරෙ අපිරිසිදුකම නෙ. ඒකට පිළියම හමුදාව යෙදවීම ද, නැත්නම් පිරිසිදු කරන්නන් හරියාකාරව මෙහෙයවන යාන්ත්‍රනය ආපහු ක්‍රියාත්මක කරන එකද? පාරවල් වල වැඩ කල යුතු සේවකයන් යුනිෆෝම් එක පිටින්ම ඡන්ද පෝස්ටර් අලවන හැටි එහෙමත් පහුගිය කාලෙ අපි දැක්කනෙ...

      Delete
    4. ඩ්‍රැකියො , උඹ දැන් මෙහෙම ලිවුවෙ සුදු වෑන් නැති හින්ද නෙහ් .... පට්ට කමෙන්ට් එක බං.

      Delete
    5. සුදු වෑන් තිබුන කාලෙ තමයි අපි වැඩියෙන්ම නිර්භීත බන්. ඒකයි ෆේක් හැටියට උන්නෙ :-)

      Delete
  24. Oba maatha ithihasya gana danna kenek nowei.
    Mata Bata Landa gana magema ath dakeema thiyenawa.
    1983 kalu juliya ekata JR anduwa help kara.walikada hira gedaradi kuttumanee athulu pirisa kapala kotala marala damme punchi nilamage marayoo. e aya ekka mama katha karala thiyenawa .
    JVP eka thahanama karea JR anduwa. e lampu kalagedi natumata JVP eka supreme court giya nisa. 83 indan JVP karayanwa horen horen marala damme JR. eke uchchama awasthawa 88/89.

    mama kelnima kiyanwa EPF eka ganna eka MR nawaththuwa JVP eka nisa. Habayi MR wenuwata Ranila hitiya nam JVP eka nathi karala hari EPF eka gannwa. Ranil athulu UNP eka JVP ekata monawa kalath international balapamak na . eka dananwa Ranil. JVP eke inna ponna hattta meka teruma ganna ona. JVP ekata UNP eka Gahanna patan gatta welawe indan JVP aya hangagena araksha karala parippu kawe SLFP eka. E madiwaat aehema inna hitinna than deepu ayawath JVP eken maral damma . ehema ekaka thami Kaluthara Indraweera Abeypala ha Mendis case eka. e denna JVP karayanwa hangagena kanna bonna deela araksha karapu aya.

    Ranil kiyanne sudu charithayak nowei. bata landa commison eke report ha Wijedasa Liyanaarachchi naduwa gana poddak kiyawanna deshapalanaya katha karanwa nama.

    Sarath Fonsekath kaluthara thebuwana camp eka awith ahinsakayanwa marapu hati mama dannawa . dan uda pannata okath ballek

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබේ බොහොම දිග විස්තරයට ඉතාම ස්තූතියි. ඒත් පොඩි අඩුවක් තියෙන්නෙ ඔය ඔක්කොම අතීතය මතක් කරල අන්තිමට ඔබ කියන්න හදන්නෙ මොකක්ද කියල පැහැදිලි නැති එකයි. ඒකත් කිව්වනම් වැඩේ සම්පූර්ණයි..:)

      Delete
  25. අන්තිම පෝස්ට් පහම ඊයේ කියෙව්වේ.. චන්ද පොස්ට් තුනට මල් 15යි (5 x 3) ඇන්ඩ් වාං පතුල් දෙකට මල් 14 යි.. (7 x 2). හි හි..
    ඒක නෙවෙයි සරෝජිනි අක්ක ඊට පස්සේ බැන්දේ අර කොල්ලමද..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / අන්තිම පෝස්ට් පහම ඊයේ කියෙව්වේ.. චන්ද පොස්ට් තුනට මල් 15යි (5 x 3) ඇන්ඩ් වාං පතුල් දෙකට මල් 14 යි.. (7 x 2). හි හි.. /

      හෙහ් මල්ලි එතකොට වට්ටියෙ ඔක්කොම මල් කීයද බොල?

      / ඒක නෙවෙයි සරෝජිනි අක්ක ඊට පස්සේ බැන්දේ අර කොල්ලමද../

      ඉඳහන් ඉවසල සරෝජිනීට වෙච්චි දේ ඊළඟ කොටසෙ තියනව...:)

      Delete
  26. ජිප්සීස් සුනිල් පෙරේරාගේ ඔය රුපවාහිනී වැඩසටහන මමත් බැලුවා.එකේදී සුනිල් කියනවා මහින්ද ගාව යටහත්ව හැසිරුණු කලාකාරයෝ ගැන.ඔවුන් එසේ හැසිරෙන්න අවශ්‍ය නැති අය බවයි සුනිල් කිවේ.ඒ කතාව නම් සම්පුර්ණ ඇත්තක්.
    මේ ලගදි අයෙක් කිව්වා සුනිල් පෙරේරා කියා තිබෙන බව ඔවුන්ගේ ගීත බෙහෙවින් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව ඒ පදරචනා වල තියෙන සරල බව.විශේෂයෙන්ම එදිනෙදා භාවිතා වෙන වචන තුලින් තමයි ඔවුන් ගීත නිර්මාණය කරන්නේ.උදාහරණයක් විදියට "තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා" "පිටි කොටපන් නෝනේ"වගේ එව්වා.හැබැයි මම නම් ගොඩක් අසා සිංදුව "පාවෙන පිරිසියක් උඩ"සිංදුව.තව සින්නොරේත් නියමයි.

    ReplyDelete
    Replies
    1. //සින්නොරේත් //

      ඈ බං මනෝජ්, මේ දවස්වල උඹට හෙම්බිරිස්සාවද? සිංඤෝරේ ... :)

      Delete
    2. මනෝජ්,

      / එකේදී සුනිල් කියනවා මහින්ද ගාව යටහත්ව හැසිරුණු කලාකාරයෝ ගැන.ඔවුන් එසේ හැසිරෙන්න අවශ්‍ය නැති අය බවයි සුනිල් කිවේ.ඒ කතාව නම් සම්පුර්ණ ඇත්තක්. /

      කාටද කියන්නෙ මල්ලි..කාළකන්නි හැත්ත...මුන්ට ලැජ්ජ නැතිවුනාට රජාගාව මේ යක්කු බලුවෙන බලුවිල්ල දැකල අපේ ලැජ්ජාවෙ පණ යනව බන්..අම්මාපල්ල ඇත්ත.

      Delete
    3. //සිංඤෝරේ// කියලා ලියන්න හැදුවා,හැදුවා බැරි තැන තමයි බං ඔහොම ලියලා දැම්මේ හිටං.:D

      Delete
    4. කුලියක් මලියක් කර කියාගෙන, දරක් දියක් ඇදගෙන බඩ වියත රැකගත් අමන මිනිහෙක් ගමක හිටියා. උන්දෑගේ නම ජුවා. මෙහෙමට ඉන්නා අතරේ ජුවාගේ ග්‍රහ යෝග මාරු වී - සසර කළකිරී උන්දෑ මහණ වුණා. දවසක් ජුවානන්ද හාමුදුරුවෝ නියරක් දිගේ ගමනක් වඩිනවා.

      පළාතේ මුදියන්සේත් ඒ වෙලාවේ රැවුලත් කරකවකවා බස්තමත් කරකවකවා නියරේ අනිත්පත්තෙන් ජුවා හාමුදුරුවන් ඉස්සරහට එනවා. මුදියන්සේ තුමා දුටු හැටියේ ජුවා හාමුදුරුවෝ බය පක්සපාතකම් ඇතුව නියරෙන් මඩට බැහැලා මුදියන්සේට ගමන් කරන්න නියර ඉඩ දුන්නා.

      මුදියන්සේත් බෙල්ල පාරක් හොල්ලලා, බස්තම රවුමක් කරකවලා හාමුදුරුවො දිහා බැලුවා. බැලින්නම් ජුවා!

      "ආ බොල ජුවෝ, තෝ මහණ උනාදැ"යි මුදියන්සේ තේජස් හඩින් ඇහුවා.

      "එහෙමයි හාමුදුරුවනේ...!" ජුවා තෙරුන්නන්සේ පරණ පුරුදු නිවට ගතිය පෙන්නා උත්තර දුන්නා.

      මුදියන්සේ එතනින් ගියාට පස්සේ, මේ සිද්දිය දුටු ගැමියෙක් ජුවා තෙරුන්නන්සේට දොස් කිව්වා.

      "ඇයි තමුන්නන්සේ හාමුදුරු කමට නොගැලපෙන විදියට එහෙම කළේ?"

      "අනේ ඉතින් වෙන මොනව කරන්නද? මාත් බඩ වියත රැකගෙන ඔහේ ඉන්න එපායැ!" මොකුත්ම බැරි ජුවා හාමුදුරුවෝ නළලේ දාඩිය පිසදාමින් කිව්වා.

      (මනෝරාජ්ජේ - සිසිර කුමාර මනික්ක ආරච්චි - පිටු 128 - 129)

      Delete
    5. ඩ්‍රැකී,

      හෙහ්..මරු කතාව බං..මේ මල්ලි මටත් ඕකෙ ෆොටෝ කොපියක් ඕන හොඳද? මම නිවාඩුවට එනකොට උඹට කියන්නංකො....:)

      Delete
    6. ඩ්‍රැකී,

      පස්සෙ මට මතක් වුනේ..සියම් නිකායෙ ගොවිගම කුලයෙ අය ඇරෙන්න වෙන කුලවල අය මහණ නොකරන සම්ප්‍රදායට හේතුව වෙලා තියෙන්නෙත් ඔහොම සීන්ස් එකක්. කලින් සියම් නිකායෙ අඩුය කියල සම්මත කුලවල අයත් මහණ කරල තියනව. එක පාරක් නරේන්ද්‍රසිංහ රජ්ජුරුවො හාමුදුරුවරු කට්ටියකට රජ මාළිගාවට එන්නෙයි කියල දානෙකට.

      හාමුදුරුවරු ඔන්න ඔක්කොම සූදානම් වෙලා ඉන්නවලු දන් වලඳන්න. රජ්ජුරුවො බොහොම ගාම්භීර ගමනින් හාමුදුරුවරුන්ට දන් පිළිගන්න දාන ශාලාවට ප්‍රවිෂ්ඨ වෙනකොටම ඊට දවස් ගානකට කලින් මහණ කරපු අඩුකුලේ තරුණයෙක් බයෙන් වෙව්ල වෙව්ල දුවගෙන ඇවිල්ල " පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස " කියල බිම පෙරළිල රජ්ජුරුවන්ට වැන්දලු. රජ්ජුරුවො මාර විදිහට අපහසුතාවයට පත්වෙලා එහෙම්මම ආපහු හැරිල යන්ට ගියාලු. ඊට පස්සෙ තමයි රාජාඥාවක් නිකුත් කලාය කියන්නෙ අඩුකුළවල අය මහණ කිරීම තහනම් කරල.

      Delete
    7. kla karayoo Desha paluwanta nala piminna gate ada eeye nowei, && indana oka karnawa MR ta nala pimbabawa banith ewun buranwa. Sunil Perea eerishiyawena wairayen MR diha balana kenek, ekata api monawa karannada . api chande denne api kamathi kenata. Sunil perera kiyanne eyata thiyena dukata.

      Delete
    8. /මේ මල්ලි මටත් ඕකෙ ෆොටෝ කොපියක් ඕන හොඳද?/

      වඩා හොඳා මං මේක ස්කෑන් කරලා, පීඩීඑෆ් ඊ පොතක් විදිහට එවන්නං? හැබැයි ටිකක් කල් යනවා. මේ දවස් වල මයෙ කම්පියුටරේ වැඩ නෑ. අලුත් එකක් හදාගන්න පරක්කුව විතරයි...

      /මම නිවාඩුවට එනකොට උඹට කියන්නංකො....:)/

      හැබෑට වෙලාවක සෙට්වෙමුකො... ගෙට්ටුවකදි වගේ

      /සියම් නිකායෙ ගොවිගම කුලයෙ අය ඇරෙන්න වෙන කුලවල අය මහණ නොකරන සම්ප්‍රදායට හේතුව වෙලා තියෙන්නෙත් ඔහොම සීන්ස් එකක්./

      ඒ සීන්ස් එක නම් මටත් මතකයි මයෙ හිතේ මේ සයිට් එකේදිම කියවන්න ලැබුණා වගේ. රවි තුමාට මතකද කුංකුනාවෙ හාමුදුරුවො ඔය වගේ දානෙකදි බිත්තර 99 ක් කාපු කතාව...

      Delete
    9. ඩ්‍රැකී,

      / රවි තුමාට මතකද කුංකුනාවෙ හාමුදුරුවො ඔය වගේ දානෙකදි බිත්තර 99 ක් කාපු කතාව…/

      අර හාමුදුරුවරු සියනමකට දානෙකට ආරාධනා කරපු සීන් එක නේද? අනික් හාමුදුරුවරු තමන්ට පිළිගන්වපු තම්බපු බිත්තර එපා කිව්වම අන්තිමට හිටපු කුංකුණාවෙ හාමුදුරුවො ඒ බිත්තර අනූනමයම පිළිඅරගෙන කෑව. ඒත් එයාටම කියල පිළිගන්නපු බිත්තරේ එපා කිව්ව. පස්සෙ පන්සලට ගිහිල්ල අනික් හාමුදුරුවරු දොස් කිව්වම කුංකුණාවෙ හාමුදුරුවො කිව්වලු " මම කිසිම පවක් කරගත්තෙ නැ. ඔබ වහන්සෙලාටයි පව. මම කෑවෙ ඔබ වහන්සෙලාට පිළිගන්නපු බිත්තර. මටම කියල පිළිගන්නපු බිත්තරේ මම ප්‍රතික්ෂේප කලා.ඒ නිසා මට කිසිම පවක් සිද්ද වෙන්නෙ නෑ " කියල. පස්සෙ කට්ටියම පිරිවෙනේ ලොකු හාමුදුරුවො හම්බවෙලා මේ ගැන ඇහුවම ලොකු හාමුදුරුවොත් කිව්වලු විනය පිටකය අනුව කුංකුණාවෙගෙ තර්කය හරිය කියල.

      Delete
  27. අගනා විශ්ලේෂනයක්. මහින්දට ඇත්තේ බලය අතහරින්නට බැරිකම.දැන් එයාම කියන්නෙ ජාත්‍යයන්තර කුමන්ත්‍රනයකින් එයාව බලයෙන් පහ කලා කියල.යකෝ එතකොට පහුගිය ජනාධිපතිවරනය කැඳවපු ගැසට් එක ගහල තියෙන්නෙ විදේශ බලවේග.පිස්සු මටද මන්දා.
    අපි මේ ඉන්න දකුනුකුරු දිවයිනේ පාර්ලිමේන්තුවෙ කථානායක බ්‍රොන්වින් බිශොප් නෝනා එයාගෙ පාටි එකේ ෆන්ඩ් රේසින් එකකට යන්න හෙලිකොප්ටරයක් පාවිච්චි කරල මහජන මුදලින් ගෙවලා.මීඩියා වලින් හොයල ප්‍රසිද්ධ කලාට පස්සෙ දඩේකුත් එක්ක සල්ලි ගෙව්වා.ලංකාවෙ නම් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ මනුස්සය පිස්සු වැටිල ඉන්නෙ...හෙහ්, හෙහ්..පව් තමයි එක අතකට...පූරුවෙ පව් ගෙවලම ඉවර කරන්ට එපාය නැතුව ගල ගාල ඉවර කරන්ටයැ..අපේ අත්තම්ම එහෙම කියනව ඒ දවස්වල...:)

      Delete
  28. "බුදුන් වහන්සේගේ සමකාලීන ෂට් ශාස්තෘවරුන් අතරවූ සංජය බෙල්ලට්ඨිපුත්ත අනුගමනය කලේ අමරාවික්ෂේප වාදයයි. එනම් කිසිදු පැණයකට නිශ්චිත පිළිතුරක් නොදී මඟහැරයාමේ පිළිවෙතයි."

    ප්‍රස්තුතයට කෙළින්ම අදාල දෙයක්නම් නෙමෙයි. බුද්ධ කාලයේදීම හෝ පසු කාලීනව බෞද්ධ මතවාදය තුල ෂට් ශාස්තෘවරුන්ව අඩු තක්සේරුවකට ලක් වී ඇති බවයි මට හිතෙන්නේ. මෙතැනදී ලොකුම අසාධාරණයකට ලක් වෙන්නේ බෞද්ධ දර්ශනය විසින් බොහෝ දේ උකහාගත් ජෛන දර්ශනයයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ අපට ලබා දුන් අදහස 'හෙළුවෙන් සිටින පිස්සෝ ටිකක්' වගේ දෙයක්. එතැනදී නිරුවත්ව සිටීම සඳහා මුල් වූ ඓතිහාසික සහ දාර්ශනික හේතු සාකච්ඡා වෙන්නේ නැහැ. (අල්ලාහ්, යෙහෝවා වැනි ආබ්‍රහමික දෙවිවරුන් අපේ තිස් තුන් කෝටියක් දෙවිවරුන් හෝ හින්දු දෙවිවරුන් සමඟ සැසදීමේදීත් අනෙත් ආගම් හා දර්ශන පිළිබඳව ඇති අපේ නොදැනුවත් කමින් මෙවැනිම දෙයක් වෙනවා.)

    මට හිතෙන හැටියට ෂට් ශාස්තෘවරුන්ගේ අදහස් තුල අදටත් ජනප්‍රිය දාර්ශනික මතවාද රැසක් තියෙනවා. මගේ අදහසනම් සංජය බෙල්ලට්ඨිපුත්ත අනුගමනය කළ අමරාවික්ෂේප වාදය යනු අඥයවාදය (agnotism) මිස වෙන දෙයක් නොවන බවයි. තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පැහැදිලි සාධක නැත්නම් "පර ලොවක් ඇතැයිද නොකියමි. නැතැයිද නොකියමි." කීම පිස්සු අදහසක්ම නෙමෙයි. "කෙසෙල් කඳේ ස්ථර එකින් එක ඉවත් කළ විට අවසානයේදී කිසිවක් නැතිවාක් මෙන්" කියන ධර්මසේන හිමිගේ උපමාව දරුණු වැඩි එකක්.

    ප්‍රස්තුතයට ආපසු ආවොත් මහින්දගේ ප්‍රකාශ මමනම් තේරුම් ගන්නේ මහින්දවාදී පදනමකට බැහැලා. එසේ නොකළොත් ඔහු ඔහුගේ අනුගාමිකයින්ට දෙන පණිවුඩය මහින්දවාදියෙක් නොවන මට මඟ හැරෙනවා. මෙතනදී ඔහු කියන්නේ අනුරාධපුරයට එන සෙනඟින්, අගෝස්තු 17 ඔහුගේ කණ්ඩායමට ලැබෙන ඡන්ද වලින් ඔහුගේ මතවාද මෙන්ම නිරවද්‍යතාව තහවුරු වන බවයි. දූෂණ චෝදනා ඇති අයට නාම යෝජනා ලබාගැනීම වගේම ඔවුන්ව ඉතා ඉහල මනාප සහිතව තෝරා පත්කරගනු ලැබීම ඔවුන්ට වැදගත් වන්නේ මේ අනුවයි. ඔවුන්ගේ ක්‍රමෝපායය අසාර්ථකයි කියා කියන්න තවම කල් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      එකඟයි සීයට සීයක්ම. ෂට් ශාස්තෘවරුන් ගැන බොහොම කෙටියෙන් හඳුන්වල දෙනව මිසක ඔවුන්ගේ ඉගැන්වීම් ගැන ගැඹුරට කොහොම වෙතත් අඩුගනනෙ යම් විස්තරයක්වත් දැනගන්න ක්‍රමයක් තියෙනවනම් අගෙයි.

      ඊගාවට මහින්දගෙ ප්‍රකාශයට ආවොත් ඔහු හිතන්නෙ මෝඩ මිනිස්සුන්ගෙ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු ගිහිල්ල කොහොම හරි අගමැති වුනොත් දූෂණ චෝදනා වලින් බේරෙන්නෙ පුලුවන් කියල. මහජන කැමැත්ත ලැබුනාම ඒකට මුවාවෙලා එහෙම සියළුම වැරදි ක්‍රියාවලට ලැබෙන දඬුවම් වලින් මඟ හැරල ඉන්න පුලුවන් නම් අපූරුයි.

      අනික මොකක්ද ඔය මහජන කැමැත්ත කියන්නෙ? මිනිස්සු කියන්නෙ උද්වේගකර, හැඟීම්බර කල්ලිවාදී සතුන් කොට්ඨාශයක්. මහජන කැමැත්ත ගැන එහෙම හිතනාවනම් යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගහල ඝාතනය කරපු එකත් හරි වෙන්න ඕන. එ අපරාධය කලෙත් මහජන කැමැත්ත අනුව.:)

      Delete
    2. ගොබෙල්ස් න්‍යාය අනුව හොරා හොරා කියනවා ඇරෙන්නට මහින්දට එරෙහිව එකඳු හෝ දුෂණ චෝදනාවක් තිබේනම් පෙන්වා දෙන්න.
      අවම වශයෙන් FCID එකට මහින්දට විරුද්ධව ඇති පැමිණිළි මොනවාද යන්න හෝ හෙළි කරන්න.

      \අනික මොකක්ද ඔය මහජන කැමැත්ත කියන්නෙ? මිනිස්සු කියන්නෙ උද්වේගකර, හැඟීම්බර කල්ලිවාදී සතුන් කොට්ඨාශයක්. මහජන කැමැත්ත ගැන එහෙම හිතනාවනම් යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගහල ඝාතනය කරපු එකත් හරි වෙන්න ඕන. එ අපරාධය කලෙත් මහජන කැමැත්ත අනුව.:) /

      මිනිස්සු කියන්නේ උද්වේගකර, හැඟීම්බර කල්ලිවාදී සතුන් කොට්ඨාශයක් ලෙස ලඝු කරන සහ මහජන මතය සම්බන්ධ ප්‍රශ්න කරන ඔබ මිනිසෙක් නොවන බව පැහැදිළිය.
      යේසු කුරුසියේ තබා ඇණ ගැසීම මෙදා ඔබ වැන්නවුන් විසින් මහජන මතය මුලාවේ දමා මහින්ද පරාජය කරවීම සහ තව දුරටත් ඔහුට නැගිටින්නම නොදී මරා දැමීමට කරන උත්සාහයට ඉතාම සමානය.
      එය සිදුවුයේද නොමග යවන ලද මහජන මතය අනුවය.
      ඔබ වැනි මුග්දයින් මේ සිදු කරන්නේද මතුයම් දිනෙක මිනිස්සුන් විසින් පිළිකුල් සහගතව කතිකා කෙරෙන සාපරාධි ක්‍රියාවකි.
      මහජන කැමැත්ත ගැන ප්‍රශ්න කරන ඔබ වැනි මුග්ද unp පාක්ෂිකයින් මේ නොකියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බවද.

      ඔබ වැනිම වූ මද මානසිකත්වයෙන් යුතුව unp එකට සහ ලොල් පරපුරට කඩේ යන බොහෝ ඉහල තනතුරක් දරන මවිසින් දැන හඳුනා ගෙන සිටින එක පුද්ගලයකු මාහට ඊයේ පැවසුවේ දැන් තිබෙන තත්වය අනුව මහින්ද දිනුවත් ඔහු උණ්ඩයකින් හෝ ඉවත් කර රටේ පාලනය unp ගහලයින් අතට ගන්නා සහ එසේ ගතයුතු බවය. එසේ නොවුනහොත් රට අගාධයට යන බව ඔහුගේ අදහසය. ඔහු සම්බන්ධ අපුරු කතාවක් පහළ දක්වා ඇත.

      ඒ සඳහා අවැසි වටපිටාව මුහුණුපොත් පොයියන් සහ ඔවුන්ගේ සට්ටඹියන් විසින් සකසමින් පවතී. ඔවුන් පවසන්නේ අනුකම්පාව ගැනීම සඳහා මහින්ද ඔහුගේ වේදිකාවට බෝම්බයක් හෝ වෙඩි තබා ගැනීමක් හෝ කරන්නට ඉඩ ඇති බවය. එවැන්නක් හරහා මහින්ද වේදිකාවෙන් පමණක් නොව ජීවිතයෙන්ද සමු ගැන්වීමට උඹලා වැනි පටු මිනිසුන් සිතනවාට සැක නැත.
      එවැනි දේ හොඳින් පුරුදු unp ගහලයින්ගෙන් රට පමණක් නොව මහින්දද බේරා ගැනීම අපගේ වගකීමයි.

      http://www.sinhalanet.net/how-to-kill-rajapaksas


      ඉහත මා සඳහන් කල පුද්ගලයා දිගින් දිගටම මහින්දලා ගැසූ සහ ඒමට නියමිතව තිබු ව්‍යාපෘති වලින් ඔවුන් ඉල්ලු කොමිෂන් ප්‍රමාන ගැන මා හා කියා සිටියේය. 2% ක් 3% ක් නම් කමක් නැහැ. මුන් ඉල්ලුවේ 5%, 7% වගේ ගණන් කියාය.
      ඒවා ලබා ගත්තේ ගාමිණි සෙනරත් හරහා බවත් එම මුදල් මහින්දගේ ගිණුමට පසුව දමා ඇති බවත්ය.
      මෙතරම් කරුණු සාමාන්‍ය ජනයා දැනගෙන සිටියදී පවා ජහපාලන ආණ්ඩුවෙන් හෝ මහින්දට කිසිඳු චෝදනාවක් එල්ල නොකරන්නේ මන්දැයි යන්න සම්බන්ධව ඔහු මුණිවත රකියි.

      එසේ චෝදනා එල්ල කරන ඔහු සම්බන්ධ විස්තරය මෙසේය.
      වරෙක ඔහු විසින් රාජකාරි කටයුතු සිදුකල පුද්ගලික අංශයේ අවශ්‍යතාවයක් සඳහා තාවකාලික ඉදි කිරීමක් සඳහා කොටෙෂන් කැඳවා සිටියේය. මවිසින් ඉදිරිපත් කල මුදල වුයේ රු.325,000/- කි. එහි මාගේ මහන්සියට සරිලන මුදලක්ද ලාභය ලෙස අන්තර්ගතය.
      ඔහු මා හට කියා සිටියේ තව රු.50,000/- දමා නැවත කෝටේෂන් එක එවන ලෙසය.
      ඔහු ඉන් ලද කොමිස් මුදල ප්‍රතිශතයක් වශයෙන් 15.38% කි.

      ජහපාලනයක් ඇති කිරීම සඳහා වැඩි හඬක් නගන්නේ එවැනි ශුද්ධවන්තයින්ය.

      Delete
    3. Ano,

      / අවම වශයෙන් FCID එකට මහින්දට විරුද්ධව ඇති පැමිණිළි මොනවාද යන්න හෝ හෙළි කරන්න. /

      චෝදනා මොනවද කියල අහගන්ටවත් ඔය නීලකාසයා ගියාය? පොලිසියට එන්ට කියල පණිවිඩේ ලැබුන විතරයි. මේ මනුස්සය බූමිතෙල් ගහපු ගැරඬිය වගෙ නලියන්ට ගත්ත. තමන්ගෙ හොර තකක්ඩි මන්ත්‍රීල උසි ගන්නල පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරල කොහොම හරි ඒ චෝදනා ටික යට ගැහුව. ඔච්චර සුද්ද වන්තය නම් කෙලින්ම යන්ට එපාය කතා කරපු ගමන්..කෝ මොනවද මට තියන චෝදනා?...කියන්ට බලන්ට..මෙන්න එව්වට උත්තර..අන්න එහෙමනෙ තමන් නිවැරදිනම් ඔය කියන හොරකම් කරල නැත්නම් වැඩ කරන්ට ඕන..මේක එහෙමද? පොලිසියට එන්ට කියපු ගමන් පරල වෙනව...

      / මහජන කැමැත්ත ගැන ප්‍රශ්න කරන ඔබ වැනි මුග්ද unp පාක්ෂිකයින් මේ නොකියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බවද. /

      මිනිසුන් මුලාවීමට ඇති ඉඩකඩ බොහෝය. මුලු ලෝකයටම සාපයක්වූ හිට්ලර් ද බලයට පත්වූයේ මහජනයාගේ බහුතර කැමැත්තෙනි. එසේ හෙයින් පොදු ජනයාගේ කැමැත්තෙන් පත්වන්නා සෑම විටම සුදුසුම පුද්ගලයා නොවිය හැක. එහෙත් එසේ අඩුලුහුඬුකම් තිබියද ප්‍රජාතන්ත්‍රවාදය යනු අද ලොව පවතින පාලන ක්‍රම අතරින් වඩාත්ම සුදුසු පාලන ක්‍රමයයි. එහෙත් බහුතර කැමැත්ත ලැබීම යනු තමන් කෙරෙහි එල්ලවී ඇති චෝදනාවන්ට පිලිතුරක් නොවේ. මරා චින්තනය නම් අගෝස්තු 17 වන දින බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පත්වූ පසු සියලු පව් සේදී යනු ඇති බවය.

      මම විරුද්ධ වන්නේ එසේ කෙසේ හෝ ලබාගත් මහජන කැමැත්තට මුවාවී තමන් කල අපරාධ වලින් ගැලවීමට දරණ පිලිකුල් සහගත උත්සාහයටය.

      Delete
    4. මහින්ද එතනට ගියපු නැති එක ඇත්ත. පස්සෙන් පහු මහින්දව හම්බ වෙන්න ගිය වෙලාවේ ඔය කියපු චෝදනා ටික ඉදිරිපත් කලේ නැත්තේ මක්කැයි කියල කියනවද එහෙනං. ඒ වෙලාවේ ජහපාලනය රෙද්ද පල්ලෙන් බෙරුනාද.

      ජහපාලනය කියන ගණිකාව මනමාලික් වගේ අන්දලා යහපාලනය කියන තරුණිය බවට පෙන්නලා මහජනයා කියන මනාලයව බොරුවෙන් වශී කරගෙන ගොනාට අන්දල කරපු කසාදෙ ෆේල්.
      මහජන ජන්දයෙන් අනතුරුව ජහපාල ඇතුළු හොර නඩය විසින් මහබැංකුව මංකොල්ල කද්දී,
      තඹ සුදා තඹ හොරකමේ යද්දී,
      කරුංකා හොරා කරුංකා හොරකං කරන ගමන් මහබැංකුව බිඳින්න උදව් කරද්දී,
      කලින් jvp එක කඩන්න රටින් සල්ලි ගෙනාපු එක කියා ගන්න බැරුව අවුරුදු ගානක් තටමපු එක දවසෙන් දෙකෙන් ඉවර කරලා නිදහස් වෙද්දී,
      වෙලේ සුදා හොර රවියට සම්බන්ධ බව එළි වෙද්දී නඩු ෆයිල් මිසින් වෙද්දී,
      මහින්ද එකක් හෝ නිකුත් කර නැති එතනෝල් බලපත්‍ර 28 ක් ජහපාලන ආණ්ඩුව දින 150 ක් පමණ කාලයක් තුළදී නිකුත් කරද්දී ඔබට පිළිකුලක් දැනුනේ නැද්ද.
      කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීම, බැඳුම්කර වංචාව සම්බන්ධව කතා කිරීම තහනම් කරමින් උසාවි නියෝග ලබාදෙන විට ඔබට පිළිකුලක් දැනුනේ නැද්ද.
      කෝප් වාර්තාව හරහා ඔබගේ ඉෂ්ඨ දේවතාවුන් වන පොනිල් ඇතුළු හොර නඩය අමාරුවේ වැටීමට ඉඩ ඇති බව දැනගත්තු ජහපාල වහාම ආණ්ඩුව විසිරවූ විට ඔබට පිළිකුල් සිතුනේ නැද්ද.

      මහින්දට එරෙහිව චෝදනා ඇත්තේ බුකියේ සහ ඔබගේ වැනි වෛරී මිනිසුන්ගේ සිත් තුල පමණයි.

      \එහෙත් බහුතර කැමැත්ත ලැබීම යනු තමන් කෙරෙහි එල්ලවී ඇති චෝදනාවන්ට පිලිතුරක් නොවේ. /
      එය වැරදියි කියා කිසිවෙකු පවසන්නේ නැත.
      බහුතර කැමැත්තක් තබා කිසිම ජන්දයක් නොතබා මහජන අප්‍රසාදයට පත්ව සිටි පොනිල් ඇතුළු හොර නඩය හොර පාරෙන් කොල්ල කෑ ආණ්ඩුව හරහා මහජන මුදල් මංකොල්ල කද්දී සහ ඒවායෙන් බේරී පැණ යද්දී ඒවා මෙම තියරියට අනුගත් කරන්නේ කෙසේද.
      බහුතර කැමැත්තක් නැති කලෙක පවා unp මජරයින් සිදුකල එම අමන ක්‍රියා ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේද.

      බහුතරය ලබාගත් දිනෙක ඔවුන් අපට පමණක් නොව ඔබටද පස්සේ නොකරන බවට ඇති සහතිකය කුමක්ද.

      Delete
    5. Ano,

      එජාපයෙහි අමන වැඩ ගැන මට අමුතුවෙන් කිවයුතු නොවේ. 1977 සිට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාරාත්මක නොවන ක්‍රියාවන් මම ඇස් පනාපිට දැක එමෙන්ම අත්විඳ ඇත්තෙමි. එසේ හෙයින් එජාපය හා සමඟ මා සම්බන්ධ කොට නොගන්නා ලෙස කොතෙක් පැවසුවද මේ සත්ගුණවත් නිර්නාමික මහත්වරු හා / හෝ නෝනා මහත්වරු ඒ කිසිදු ලෙසකින් නොසළකති. මා පිළිබඳව ඔවුන් එලඹ ඇති කිසිදු පදනමක් නොමැති නිගමනයෙහිම නිමග්නව ඒ අනුව කොතෙකුත් එ.ජා.පයෙහි වැරදි කියමින් ප්‍රතිචාර පළකරති. දහස්වන වරටද ඔබට කියමි. එජාපයට ඡන්දය දෙන මෙන් මම කිසිවිටෙක පවසා නැත.එබැවින් ඔබේ මේ වෑයම කිසිදු ප්‍රයෝජනයක් නොමැති නිශ්ඵල ක්‍රියාවක් බව යලිදු පවසන්නෙමි.

      මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ පරදවා දේශපාලන භූමියෙන් පළවා හැරියයුතු බව පමණක් අවධාරණය කරමි. ඔහු සහ ඔහුගේ තක්කඩින් රැල හැරුනු විට වෙනත් ඔබට සුදුසුයැයි සිතෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න.

      / මහින්ද එතනට ගියපු නැති එක ඇත්ත. /

      එක්සත් ජාතික පක්ෂයෙහි වැරදි පැවසීම පසෙක තබා කරුණාකර මහින්ද රාජපක්ෂ මහතා ස්නානය සඳහා ගෙනයන සුනඛයකු මෙන් දඟ දමමින් පොලීසියට යාම මඟහැරියේ කුමක් නිසාද යන්න පැහැදිලි කරන්නේ නම් කෘතඥ වෙමි.

      Delete
    6. යාළුවා මහින්ද එතනට නොගියට අදාළ නිලධාරින් පිරිසක් ඔහු හමුවෙන්න ගිහින් සාක්ෂි ගත්ත බව අමතකද. පොලිසිය මග හැරියා නම් සාක්ෂි දෙන්නේ කොහොමද.
      අවශ්‍ය වුනේ සාක්ෂි සටහන් කර ගන්න නම් ඒක සිද්ධ වුනා නේද. ගෙදරට ගිහින් සාක්ෂි ගත්තත්, පොලිසියට ගිහින් සාක්ෂි දුන්නත් අදාළ කාරිය උනේ නැතෙයි.

      \පොලීසියට යාම මඟහැරියේ කුමක් නිසාද යන්න පැහැදිලි කරන්නේ නම් කෘතඥ වෙමි./
      උඹලට ඕනේ වුනේ මහින්දව බල්ලෙක් වගේ කුදලගෙන යන්න කියල අපි දන්න නිසාම තමයි මනුස්සයෝ මහින්දව FCID එකට ගෙනියන එකට අපි විරුද්ධව පාරට බැහැල අපේ ජනබලය පෙන්නුවේ
      එහෙම කලේ මහින්දට වගේම අපිටත් අපේ අභිමානය රැකගත යුතු වෙච්චි නිසා, සක්කිලි රැළක බොරු වලට අපි ඔළුව නමන්නේ නැති නිසා
      මහින්දව ඒ වෙලාවේ එතනට අරගෙන ගියානම් අර කඩුගන්නාවේ ගල විද්දට පස්සේ සිංහලයා සුද්දට ගැතිවෙලා යටහත් පහත් වෙලා දීන ජාතියක් වුනා වගේ මහින්ද පාක්ෂිකයින්ගේ කශේරුකාව බිඳ වැටෙනවා

      මහින්ද FCID ට ගියේ නැහැ කියල විමර්ශන වලට කිසි බාධාවක් වුනේ නැහැ. ඔහු හමුවෙන්න ගියපු නිලධාරින් අවශ්‍ය සාක්ෂිත් සටහන් කර ගත්තා

      නමුත් මහින්දව පොලිසි ගෙනිහින් මහින්දගේ සහ පාක්ෂිකයින්ගේ කොන්ද කඩන්න බලාගෙන හිටපු ජහපාලන කාරයින්ගේ කොන්දට ඒ හරහා වැදිච්ච පාරේ සැර, ජහපාලනයේ නාමයෙන් හොරකං කරන උන් ගැන ගැටළුවක් නැති ඔබ වැන්නවුන් "මහින්ද පොලිසි ආවේ නැත්තේ ඇයි" කියමින් පුන පුනා අසන ප්‍රශ්නයෙන්ම පැහැදිලියි.

      උඹලට ඕනේ වුනේ සාක්ෂි ගැනීමක් නෙමෙයි බොරුවට හරි මහින්දව පොලිසි ගෙනියන්න බව අපි දැනගෙන හිටපු නිසා උඹලගේ ගේම ලොස් වුනා.

      \එසේ හෙයින් එජාපය හා සමඟ මා සම්බන්ධ කොට නොගන්නා ලෙස කොතෙක් පැවසුවද මේ සත්ගුණවත් නිර්නාමික මහත්වරු හා / හෝ නෝනා මහත්වරු ඒ කිසිදු ලෙසකින් නොසළකති. /
      කෙළින්ම හු & පී එකට හරි ජහපාලනයට හරි JVP එකට හරි කඩේ යන උන්ට ඒකටවත් කොන්ද පණ තිබෙනවා.
      උඹ හු & පී ත් නෙමෙයිලු, නමුත් හු & පී එකේ ජහපාලන නාමයෙන් කල වැරදි ගැන මුනිවත රකිනවා. මහින්දව පරද්දන්නත් ඕනෙලු.
      මහින්දව පරද්දනවා කියන්නේ කෙලින්ම පොනිල් ඇතුළු හු & පී හොර නඩය බලයට එනවා කියන එක නොවේද.
      අහවල් එක හංගගෙන අහවල් එකෙන් පීනන්න හදන ඔබ වැන්නවුන් අරටු බැහැපු හු & පී කාරයින්ටත් එහා කුජීත සත්ව කොට්ඨාශයක්.

      Delete
    7. Ano,

      / උඹලට ඕනේ වුනේ මහින්දව බල්ලෙක් වගේ කුදලගෙන යන්න කියල අපි දන්න නිසාම තමයි  /

      ජෙනරල්ව කුදලගෙන ගියහැටි මතක්වෙලා මම හිතන්නෙ මිස්ටර් නීලකාසගෙ බොක්ක හීතල වෙන්න ඇති, දිට්ඨදම්ම වේදනීය කර්මය පළදෙන එක වලක්ව ගන්ට වෙන්න ඇති පාර්ලිමේන්තුවෙ රෑ තිස්සෙ ජෝගි නටල පාරෙත් උද්ඝෝෂණ කරල ගොන් පාට් දැම්මෙව්වෙ ගෝල බාල හොරු ලව්වා...හෙහ්,හෙහ්,

      / මහින්දව ඒ වෙලාවේ එතනට අරගෙන ගියානම් අර කඩුගන්නාවේ ගල විද්දට පස්සේ සිංහලයා සුද්දට ගැතිවෙලා යටහත් පහත් වෙලා දීන ජාතියක් වුනා වගේ මහින්ද පාක්ෂිකයින්ගේ කශේරුකාව බිඳ වැටෙනවා /

      අම්මප?.....මේ මහින්ද පාක්ෂිකයො කියන්නෙ නොම්බර එකේ අම්බරුවො ටිකක්නෙ එහෙම කශේරු බිඳගන්න.... මරා ලෝඩ් වගෙ පොලීසියට ගිහිල්ල කට උත්තරයක් දීල ආහම කොහොමද අප්පා පක්ෂිකයින්ගෙ කශේරුව බිඳ වැටෙන්නෙ? කොහොමහරි අපරාදෙ කියන්ට බෑ නීලකාසටම හරියන ගෝල බාලයො සෙට් එක.

      ඔතන වුනේ පාක්සිකයන්ගෙ කෙහෙල්මල් කසේරුකා බිඳිල්ලක් නෙවෙයි. නීලකාසට මදිකමක් වුනා පොලිසියට ගිහිල්ල කට උත්තරයක් දෙන එක. ඇයි හිතාගෙන හිටියෙ තමන් යාවජීව රජ්ජුරුවොය…. දෙයියො මේ රට තමන්ට ලියල දුන්නය හිතේ හැටියට පාලනය කරන්ට කියලනෙ...:)

      / උඹ හු & පී ත් නෙමෙයිලු, නමුත් හු & පී එකේ ජහපාලන නාමයෙන් කල වැරදි ගැන මුනිවත රකිනවා. මහින්දව පරද්දන්නත් ඕනෙලු. /

      ප්‍රමුඛතා අනුපිළිවෙල කියල එකක් තියනව අහල තියද? මේ වෙලාවෙ තීරණාත්මක කාර්යය නම් මරා ඇන්ඩ් හොර නඩේ ගෙදර යැවීමයි.මගෙ ප්‍රමුඛතා ලැයිස්තුවෙ නොම්බර එකට තියෙන්නෙ ඒක. අනික් සියලු දේ දෙවනුව.

      දූසන හොර මැරකම් පැත්තක තියමු. තුන්තිස් පැයේම වසීබෝලයක් මිරික මිරික ඉන්න, ගෙයින් එලියට බහින්ටත් නැකත් බලන, චන්ද ඔක්කොම තමන්ට සුබ වෙලාවල්වල තියන, ප්‍රතිවාදීන්ට හදි හූනියම් කරන, ගල් යුගයෙ තාම ජීවත්වෙන නායකයෙක් එක්ක විසි එක්වන සතවර්සෙ ලෝකෙ අනික් දියුනු රටවල එක්ක අපි එකට පෑහෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙම ඇති මේ මනුස්සය දූරිම්බූත කරල දාන්ට අදිස්ටාන කරගන්ට..අම්මාපල්ල...

      / මහින්දව පරද්දනවා කියන්නේ කෙලින්ම පොනිල් ඇතුළු හු & පී හොර නඩය බලයට එනවා කියන එක නොවේද. /

      ඉතින් මොකෝ? ඔය මරා තක්කඩිය නැතුව වෙන ඕන එකෙක් ආවට මට කමක් නෑ...හෙහ්,හෙහ්,

      / අහවල් එක හංගගෙන අහවල් එකෙන් පීනන්න හදන ඔබ වැන්නවුන් අරටු බැහැපු හු & පී කාරයින්ටත් එහා කුජීත සත්ව කොට්ඨාශයක්. /

      මම පැහැදිලිව කිව්වෙ මෙහෙමනෙ. මරා සහ තක්කඩි රැළ පරද්දන්න ඕනමයි. ඒ ඇර තමන් කැමති ඕනම කෙනෙකුට චන්දෙ දීල පත්කරගන්න. ඉතින් කොහොමද ඔබ කියන්නෙ මම අහවල් එක හංගගෙන අහවල් එකෙන් පීනන්න හදනවයි කියල.තවමත් වෙලා තියෙන්නෙ ඔබ පිළිගන්ට සූදානම් නෑ මම යූ.ඇන්.පී. කාරයෙක් නෙවෙයි කියල හෙහ්..හෙහ්..මට ඒකට කරන්ට දෙයක් නෑ..ඒක ඔබේ වටහා ගැනීම පිලිබඳ ප්‍රශ්නයක්...

      අනික් අතට පුදුම වෙන්ට දේකුත් නෑ. ඔබ වගෙ සට්ටඹියන්ට කාගෙ හරි පස්ස ලොවන්නෙ නැති ස්වාධීන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවයි කියන එක පිළිගන්ට ටිකක් අමාරුයි. මොකද කාගෙ හරි අන්තේවාසිකයො මිස ඒ වගෙ නිදහස් මිනිස්සු ඔහෙලට හම්බවෙලාම නැතුව ඇති බොහෝවිට.

      Delete
  29. https://www.youtube.com/watch?v=sYwuwfzHzVU&feature=em-subs_digest


    ඔන්න බලන්න ලින්ක් එක.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      කොහොමද ලොක්කගෙ වැඩ?..හෙණ චණ්ඩිය නේද?....මම දැක්ක පරාගෙ බ්ලොග් එකේ කවුද කමෙන්ට් කරල තියනව මුද්ද අල්ලල '' මෙව්ව එල්.ටී.ටී.ඊ. රත්තරන් නේද?'' කියල ඇහුවම මරාට මල නොපැන තියෙයිද කියල....හෙහ්,හෙහ්, කතාව ඇත්ත මම හිතන්නෙ. බලන්න ඔය වීඩියෝ එකේ ඒ සීන් එකෙන් පස්සෙ මරා මුද්ද අල්ලගෙන ස්ටේජ් එකට යන්නෙ.

      Delete
    2. ඒ වසී බෝලෙට වසී වෙලා ඇඟට ආපු පාක්සිකයෙක් එතකොට?

      Delete
  30. Your comment will be visible after approval.

    වට් ද හෙල් රවි අයියා, මරාගෙ ආණ්ඩුව වගේ. යහපාලනේ දැන් තියෙන්නෙ යහපාලනේ

    ReplyDelete
    Replies
    1. කම්මල,

      මුල්ම කමෙන්ට් එකේ මම කිව්වෙ ඒකයි මලේ...හෙහ්...මේ පිස්සු යක්කු එක්ක බෑනෙ....අපහාසයක් උනත් කමක් නෑ අලුත්දෙයක් කියනවනම්..නිර්මාණාත්මක අපහාස කියල දෙයකුත් තියනවනෙ..මුන් එහෙමද? හැමදාම එකම දේ..හැමදාම එකම දේ..අර මෝඩවන්සයා හැමදාම විදේසීය කුරුමන්තරන ගැන දොඩවනව වගෙ තමයි. ඒ පාර කමෙන්ට් මොඩරේෂන් දැම්ම බොලේ...:)

      Delete
  31. ටොයියෝ කියල හිතාගෙන ඉන්න උදවිය රවියගේ කෙබර කියවල ඉවරවෙලා මේ ලින්කුවේ තිබෙන ෆිල්ම් එක කොහෙන් හෝ සොරාගෙන බලල උන්නනම් හොඳයි.
    රවි කියන මංගලගේ අලුත්ම ගොබෙල්ස් කොලුවත් ස්වයං මෛතුනයේ යෙදෙන එක පස්සට දාල මේ ෆිල්ම් එක බැලුවනම්. කලින් බැලුවනම් ඒත් කමක් නැහැ ආපහු බලපන්.

    https://en.wikipedia.org/wiki/Flightplan

    මිනිස්සුන්ට එකම බොරුව දිගටම කියන එකෙන් බොරුවක් උනත් ඇත්තක් වගේ පෙන්නන්න තියෙන හැකියාව තේරුම් ගනිල්ලා මේ ෆිල්ම් එක බළලා.
    කලින් ජන්දෙදි උඹල කලේ මේ හා සමාන දෙයක්. නමුත් දැන් උඹලටම මතක නැහැ ඒ ගැහුවේ මඩය, කිව්වේ බොරුය කියලා. දැන් උඹල ඔක්කොම යහපාලන බොරුව නම්වූ මඩ ගොහොරුවේ ගිලිලා ඒක අත්තක් කියල හිතාගෙන ඉන්නේ.

    ඒ ඇස් වලට බැඳුම්කර හොරකම පේන්නේ නැහැ. තඹ හොරු පේන්නේ නැහැ, කරුංකා හොරාව පේන්නේ නැහැ. ජහපාලනෙන් දීපු බාර් ලයිෂන් 28 පේන්නේ නැහැ. ලංකාවේ සල්ලි කොළ වල අත්සන ගහල තියෙන සිංගප්පුරු හොරාව පේන්නේ නැහැ. jvp එක කඩන්න තමන්ගේ පෞද්ගලික ගිණුමට රට සල්ලි ගෙන්න ගත්තු රවී මහ හොරාගේ නඩුව අයතා ලෙස හමාරකර නිදහස් කිරීම පේන්නේ නැහැ, වෙලේ සුදාගේ ගණදෙනු හෙළි වුනොත් යන එනමං නැතිවෙන බව පෙනීගෙන එද්දී උසාවියේ ෆයිල් උස්සලා සුදනෝ වෙන්න හදන unp හොරු සහ උන්ගේ මජර වැඩ පේන්නේ නැහැ.

    ඒ තරමට මඩේ එරිලා ඇස් අන්ධ වෙලා. එහෙම අන්ධ වෙච්ච රවියා වගේ වට්ටක්කයෝ එකතුවෙලා අන්ධ නොවිච්ච අනිත් උන්වත් අන්ධ කරවන්න හදනවා මේ වගේ කෙබර සහ මඩ මිශ්‍රිත පෝස්ට් වලින්.

    රවියා වගේ නාකි ගෙඩියෝ තමන්ගේ මට්ටමට අනුන්ව වට්ටගන්න කරපු බොරු වලින් රැවටුනේ ලංකාවේ ඉන්න තරුණ පරපුර. මුන් හැට පනින්න ඔන්න මෙන්න තියෙද්දිත් පිටරට කඹුරනවා ගෙවල් දොරවල් හදන්න. ඇයි ඒ. පපුව හොඳ නැති නිසා. බොරුව සහ වෛරය වපුරවන නිසා.

    පහුගිය වකවානුවේ ලංකාවේ තරුණයෝ හොඳ රස්සා, ව්‍යාපාර හෝ කොන්ත්‍රාත් කරලා හොඳට හරිහම්බු කරා. ගෙවල් දොරවල් හැදුවා, යාන වාහන ගත්තා. පිටරට ඉඳගෙන කඹුර කඹුර අසනීප ගානේ හීන දකින රවියලට ඉරිසියයි මේවා දකිනකොට.
    පොඩ්ඩක් ඉගෙන ගෙන UNP එකේ පිහිටෙන් රස්සා ගත්තු එකේ ණය ගෙවන්නද උඹ මේ කෙබර කෙළින්නේ.
    එහෙම නැත්නම් සමාජයට වෛර කරන නිසාද මේ හැම දේම කාබාසිනියා කරලා දාන්න හදන්නේ.

    මුන් UNP ආණ්ඩුවට ඔජ වැඩුවට මුන්ගේ ආණ්ඩු කාලේ තිබ්බේ ගාමන්ට් යන එකයි, හමුදාවට යන එකයි පමණයි.
    මේ වෙද්දී කොල්ලන්ට කෙල්ලන්ට ඊට වඩා ඕනේ තරම් ඔපචුනිටි තිබෙනවා. නමුත් මුන් මහ ලොකුවට කියන්නේ ප්‍රේමදාස හදපු ගාමන්ට් ටික නැත්නම් මුකුත් නැහැ කියලා. කොල්ලන්ට රස්සා දෙන්න ඕනේ කමටද UNP එකෙන් යුද්දේ වවාගෙන කෑවේ. ඉතුරු උන් ටික රස්සා නැතුව කචල් දාන නිසාද මරල දාල මර්ධනය කලේ. එතන ඉඳලම උඹේ මෝහය පෙනෙනවා රවී.

    දැනුත් එහෙම රැකියා හිඟයක් තිබෙනවා නම් ඇයි මහින්ද සමයෙදී රැකියා ඉල්ලලා උපාධි කාරයෝ පාරවල් ගානේ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ මොකද.
    කොහොමද රටේ බහුතර තරුණ පරපුර අතට ලැප්, ස්මාට් ෆෝන් ආවේ, ඉන්ටනෙට් ලැබුනේ. පොනිල් රන්නයා චේන් බෙදනවා වගේ ඒවා රටේ කොල්ලෝ කෙල්ලන්ට නිකං බෙදුවා කියලද උඹ කියන්නේ.
    රටේ ඇති වූ දියුණුවත් සමග මිනිස්සු අතට සල්ලි ලැබුණ නිසා තමයි දැන් තරුණ පරපුර අතට ඒවා ලැබෙන්නේ. තොපේ UNP ආණ්ඩු කාලේ කොල්ලෝ ගාව මෝටර් සයිකල් තිබ්බද, කාර් තිබ්බද. පාරක් තොටක් හැදුවද. පාරේ ටයර් පත්තු කලේ තාර උණු කරන්න නෙමෙයි කොල්ලෝ කෙල්ලෝ පුච්චන්න.
    1994 වෙනකල් උඹලගේ අපත ආණ්ඩුවෙන් තරුණ පරපුරට අපරාධ සහ භීෂණය ඇරෙන්න මොනවද කලේ

    රටයි මිනිස්සුයි පොඩ්ඩක් ඔලුව උස්සගෙන ආපු ගමන් උඹලගේ සුපුරුදු කුහකකම එලියට ආව. ඇඟේ තියෙන කුහක UNP ලේ කකියන්න ගත්තා. උඹලට ඕනේ වුනේ උඹලට වැරදුනා වගේ අනිත් උන්ටත් වරදිනවා දකින්න. උඹලගේ කාලේ නොලැබුණු දේ දැන් ඉන්න තරුණ පරපුරට ලැබෙන එක වළක්වන්න.
    උඹල තරුණ කාලේ රෙද්දේ රෙවාගෙන කැලෑ අස්සේ ලැගගෙන අවම පහසුකම් යටතේ සොච්චම් පඩියකට රස්සාවල් කලේ. දැන් ඒ වගේ කොළඹින් බැහැර ප්‍රදේශ වල වැඩ කරන තරුණයින්ට හොඳ පඩි සමග උපරිම පහසුකම් ලැබෙන එක උඹලට දිරවන්නේ නැහැ. අන්න ඒවටයි උඹල වෛර කලේ.

    ඉස්සර ගමක UNP නොවෙන මිනිහෙක් ඔලුව උස්සගෙන එනවනම් ජන්දේ දිනුවට පස්සේ මහ රෑ ගිහින් අර මිනිහගේ ගෙවල් දේපොළ ගිනි තියල ඌව නැති කරලා ඇවිත් සතුටු වෙච්ච උන් තමයි ඔය "කැපුවත් කොළ" කියන හරක් රැළ.
    ප්‍රේමදාස මළාට පස්සේ පිණට ජනාධිපති වෙච්ච DB නිසා යන්තං ඒ කාලකන්ණි වැඩේ යටපත් වුනා.

    පපුවේ අමාරුවකුත් තියෙන එකේ කුහකකම අඩු කරගෙන ලංකාවට කෙළවන්න කෙබර කෙලින්නේ නැතිව ඉන්න බලපන්. උඹල වගේ සිපයියෝ කෙබර කෙලලා මේ මාස 6 ට ලංකාවට මිනිස්සුන්ට කරපු හානිය මැදිහත් සිතින් බලපන්.
    ඕකේ සාපය වැදිලා උඹ ලංකාවට පෙට්ටියක එන්නත් බැරි නැහැ.
    මනුස්ස ප්‍රාණයකට සාප ඉල්ලන්න මම අකමැති වුනත් උඹ මේ කරන්නේ සහ ගහන වැඩක්. මිනිස්සු මුලාවේ දමිල්ලක්.

    ReplyDelete
    Replies
    1. Ano,

      බොහොම ස්තූතියි..බොහොම අපූරුවට ලියල තියනවා...:)

      අන්න එහෙමනෙ කමෙන්ට් කරන්න ඕන..මේ යූඇන්පී එකෙන් දෙන 1500 ගැනයි., අම්මල ගැනයි ගෙවල් වල ඉන්න ගෑණු ගැනයි දෙකයි පණහෙ කමෙන්ට්ස් දානවට වඩා බලන්න මෙහෙම ලියන එක කොච්චර අපූරුද? අන්න පේනවා නේද කමෙන්ට්ස් මොඩරේට් කරපු එකෙන් වෙච්ච ප්‍රයෝජනේ? හොඳයි..කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරනවා..තව දියුණු වෙන්න පුළුවන් නිසැකවම.

      Delete
    2. MRගෙ කලෙ ලොකු දියුණුවක් වුනා කියන එක ප්‍රතික්ශේප කරන්න බෑ.
      ලංකාවෙ කවදාවත් නැති තරමට මිත්යා විශ්වාස හා ඒ පස්සේ යාම වැඩි වුනා. සාත්තර හඳහන් ගුරුකං කාරයෝ දියුණුවුනා.
      අවුරුදු දෙකකට ඉස්සර චන්දෙ තිබ්බෙ තමන්ගෙ පණ්ඩිතකම නිසා කියල පෙරේදද කොහෙද කිව්වා. හඳහන්කාරයින්ගෙ ගුලි කන එක පණ්ඩිතකම කියල කිය අපි ඉගන ගත්තා.
      දැන් සමහර යලි නැගිටින අය කියනව. අපල කාලෙ පනින්න ඕනෙ නිසා පැරදුනාලු. දැන් ආයිත් හොඳ කාලෙලු.

      මිනිස් මොලයක් තියන අයට මේ කාලෙත් මෙහෙම විශ්වාස තියනවයි කියන එකත් විශ්වාස කරන්න අමාරුයි මට නම්.

      Delete
    3. Pra,

      / මිනිස් මොලයක් තියන අයට මේ කාලෙත් මෙහෙම විශ්වාස තියනවයි කියන එකත් විශ්වාස කරන්න අමාරුයි මට නම්. /

      මම සැකයක් තියනව ප්‍රා, මිනිස්සු ආපහු පරිණාමයෙ ආපස්සට යනවද කියල...මම ඒ ගැන පොඩි රීසර්ච් එකක් කරන්නයි හිතාගෙන ඉන්න.

      " Is human evolution is in regressive mode? A critical analysis & case study of extra-ordinary behavior of Sri Lanka's former president in totally relying in occultism "

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...