Friday, July 31, 2015

337. අබයාරාමයේ විත්ති 4 - මරා ඡන්ද වැඩට පාවිච්චි කරන නිලරථය වෙනුවෙන් මුදල් ගෙවීම නොහොත් මිහිකත කම්පාවී ගුගුරා දෙස්දීම.


Ravaya Cartoon



අබයාරාමය ඉහලින් බටහිර අහසේ හිරු බැසයමින් පැවතිණි. බෝධියෙහි අතුපතර සැඟව කෙළිදෙලෙන් පසුවන පරවියන් යුවලකගෙන් ගිලිහුනු සුදුවන් පියාපතක් මද සුළඟේ එහා මෙහා පාවෙමින් අවුත් බණ මඩුවේ පිඟන් ගඩොල් ඇතිරූ පොළව මත පතිත විය. එදෙස මොහොතක් බලා සිටි හිටපු ජනාධිපතිතුමා දෑස් ඔසවා තමා ඉදිරියෙහි රැස්ව සිටියවුන් දෙස ඔරවා බැලීය.

" කෝ..මේ මාද්දිය ඒකකේ කට්ටිය?.... ඉන්නවද ඇවිල්ල? "

" ඉන්නව සෑර්……………" මාද්දිය ඒකකේ ප්‍රදානියා අත ඔසවා පැවසීය.

" ඉන්නව තමයි......ඕයි මේ......... යමක් කියනකොට සිහි බුද්දිය ඇතුව ඒක කියන්ට පුරුදුවෙනවල." 

" ඇයි සෑර් එහෙම කියන්නෙ? "

" එහෙම කියන්නෙ?....දැං බලනව අර අකුරැස්සෙ කේස් එක..අර කවුද මගෙ ඇඟිල්ලක් අඹරවපු මිනිහට මම දෙකක් දෙන්ට ගියා තමයි.....ඒත් තමුසෙ ඒක ගැන කියල තිබ්බෙ කොහොමද? හිටපු ජනාධිපතිතුමාට හිරිහැර කිරීමට සූදනම් වූ පුද්ගලයෙකුට එරෙහිම එතුමා තම ආරක්ෂාව සඳහා කටයුතු කලයි කියල ..මොකක්ද ඕයි ඒ කුණුහරුප කතාව? මොකක්ද මට කරන්ට ආපු හිරිහැරේ? දන්නවද දැං රටපුරා යන ආරංචිය මොකද්ද කියල? "

" නෑ සර් ….මොකද්ද? "

" මොකද්ද තමයි..දැං හැමෝම කියන්නෙ ඒ මිනිහ මයෙ අංගජාතෙ මිරිකන්ඩ හැදුවයි කියල. මතකනෙ අපෙ එවුං පාර්ලිමේන්තුවෙදි අර හාමුදුරු කෙනෙක්ට ඔය වැඩේ කරන්ට ගිහිල්ල වෙච්චි කලබැගෑනිය?..... ඒ හින්ද ඕයි මම මේ හොඳිං කියන්නෙ මීට පස්සෙ ඔය ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනකොට මගෙං ඉස්සෙල්ල අහල ඉන්නව. නැත්තං දන්නවනෙ මොකද වෙන්නෙ කියල?.......දන්නෙ නැත්තං අහනව අපේ ඔය සන්ධානෙ ලේකං තුමාගෙං ඊගාවට මොකද වෙන්නෙ කියල ....එතුමා හොඳට දන්නව ඒ ගැන. ...ඒ මනුස්සයට බොහොම දරුනු ප්‍රායෝගික අද්දැකීං තියනව ඒ ගැන...හිහ්...හිහ් "

" ඇත්තටම සෑර් …..මොකද එතන වුනේ? "

මරාගෙ කණට කරල එහෙම ඇහුවෙ එතුමා ලඟම වාඩිවෙලා හිටිය මෝඩවන්ස තුමාය. මේ පාර චන්දෙදි මෝඩවන්ස තුමාගේ සුපුරුදු ස්වරාලය නොහොත් සවුන්ස් බොක්ස් එක අතේ අරගෙන නහර වැල් උලුප්පා යටිගිරියෙන් දෙසාබාන බටහිර අදිරාජ්ජවාදී කුරුමන්තරන කතාව එතුමා කියන්නේ නැත. එයට හේතුවනම් මරා චන්ද වියාපාරය ආරම්බයේදීම මෙසේ කියා තිබීමය.

" මේ ඕයි ගිරිය පුප්පගෙන ඔය අදිරාජ්ජ කුමන්තරන බහුබූතෙ ආයෙම කියන්නෙ එහෙම නෑ හොඳද? ඒක දැං මටම ඇතිවෙලයි තියෙන්නෙ. වෙන මොකක් හරි අලුත් බොරුවක් ගොතාගන්ට බැරිනං කටයි පුකයි වහගෙන සද්ද නැතුව ඉන්නව. " 

ඒ අවවාදය ඉහමුදුනිම්ම පිළිගත් මෝඩවන්ස තුමා මෙවර ජාතියේ වීරවන්සය ලියන්නට සහ දැනගත්දාසිට කැප්පෙටිපොලට කෙලින්ට පෙරුම් පිරුවායයි මොකක්දෝ බහුබූතයක් ලියූ මෙලොව යකෙකුට නොතේරෙන පෝස්ටර් තාප්පයක් ගානෙ ඇලවීමෙං සෑහීමට පත්වුනේය.

" එතන වුනේ බං අර මිනිහ මගෙ බෝලෙ ඌරුතෙල් ගාන්ට ආවනෙ. "

" මොන බෝලෙද?..." මෝඩවන්ස තුමා ඇස් ලොකු කරල ඇහුව. 

" මොන බෝලෙද කියන්නෙ? …..ඇයි යකෝ මම අර කොයි වෙලෙත් අතේ මිරික මිරික ඉන්න මහා බලගතු බෝලෙ..වෙන අහවල් බිබික්කමක්ද? "

ඇයි බොල ගොං අම්බරුවො..ඔය බෝලෙ පැය විසිහතරෙම මිරික මිරික ඉඳලත් නේද ජනාදිපතිවරනෙත් කෙලවෙලා ගියේ?... ගරු කටයුතු මෝඩවන්ස තුමා එහෙම ඇහුවේ නැත. හිතින් හිතුවා විතරය.එහෙම අහලා නවලෝකෙ බිල් ගෙවන්ට කහන සල්ලි නැතිහින්ද එතුමා සද්ද නැතුව උන්නේය. සන්දාන ලේකම් තුමාලට වගේ නෙවෙයි නෙව ඉතිං අපිට....හ්ම්ම්ම්ම්ම්...ඒ කම්පනා සියල්ල අකාමකාහල මෝඩවන්ස තුමා හිටපු ජනාදිපති තුමා කරන්නට යන කතාවට අවදානය යොමු කලේය.

" මම අද මේ කට්ටියටම එන්ට කිව්වෙ වැදගත් කාරනේකට…... චන්දෙට පාවිච්චි කරනවනම් මගෙ නිල වාහෙනේට සල්ලි ගෙවන්ට කියල මට දන්නල තියනව. "

" සෑර් ,…….බුදු සෑර් ඒකට නම් ඉඩ දෙන්ට එපා..අපි මේකට විරුද්දව උද්ගෝසනයක් කරමු. පාර්ලිමේංතුවෙ බුදියමු. රෑට චයිනීස් ගෙනල්ල කාල පාර්ලිමේංතුවෙ බුදියගමු. " මෝඩවන්ස උඩ පැනලා කෑගැහුව නෙවෙයි කෑ ගැස්සුන.

" ඉවරද?.ආ ඉස්සෙල්ල ඉවර වෙලා ඉන්නවකො. …" මරා රවාගෙන ඇහුව.

" ඉවරයි සෑර්….."

" හ්ම්ම්ම්......එහෙනං මේකත් අගහන්නව. කලිං පාර තොපි හරක් රැල ගිහිල්ල පාර්ලිමේංතුවෙ බුදියපු එකෙං මගෙ සායම ගිය එකයි වුනේ. වෙන කෙහෙල්මලක් නෙවෙයි, අනික මේ පාර කොහොමද බූරුවො පාර්ලිමේංතුවෙ ගිහිල්ල බුදියන්නෙ?... පාර්ලිමේංතුව දැං විසුරුවල ඉවරයි, ඒක හින්ද ගොං කතා කියන්නෙ නැතුව කට වහගෙන හිටහං "

මෝඩවන්ස කටවහගත්තට පස්සෙ එතුමා ආයෙම සබාව දිහාට හැරුන.

" මට නිලරතේට ලක්සයක් ගෙවන්ට කියල තියනව. ඔය ලස්සෙ මට නතිං. ඒත් 1994 අපේ ආන්ඩුව බලයට ආවට පස්සෙ මම ඔය මොනම හරි දේකට සත පහක් හරි ගෙවනවමයි. දැං අවුරුදු විසි එකක් වෙන්ට ආව මම ඉතාම නිහතමානී ආඩම්බරේකින් මේ ඔබ තමුන්නාන්සේලා ඉස්සරහ කියන්නෙ මගෙවත් මගෙ පවුලගෙවත් මගෙ දරුවංගෙවත් කිසිම දේකට මගෙ අතිං මම සත පහක් වියදං කරල නෑ. ඔව්...අන්න එහෙමයි මම. එහෙම හිටපු මට තමයි මේ දේසද්දොරෝහියො මේ ගුනමකුවො කියන්නෙ මම පාවිච්චි කරන වාහනේට ලක්සයක් ගෙවන්ට කියල. ඒත් මිත්තරවරුනි මගේ රට ජාතිය ආගම වෙනුවෙං මම ලෑස්තියි......ඔව්....මම ලෑස්තියි.... " 

( දෙයි..දේයි..දේයි..ඒ මවිල් කොවිල්වන හඬ, ඒ හීගඩු පුප්පවන හඬ දසත සිසාරා යයි ... ඕකේ රිපීට් වන්ස් අගේන්..දේයි....දේයි..දේයි...රායිට් වන්ස් මෝ...දේයි....දේයි..දේයි )

" හරි සර්…..අපි මෙහෙම කරමු. ….." මාද්දිය ලොක්කා නැඟිට්ට. 

" හරි කියනව බලන්ට මොකක් හරි අපිට වාසියක් වෙන වැඩක්. නිකං මේ ගොං කතාවක් නැතුව...."

" ඔය සල්ලි ගෙවන වැඩෙං අපි වාසියක් ගමු…….." 

" හ්ම්ම්ම්. අන්න හරි..කියනව බලන්ට. ඕනම දේකිං වාසියක් ගන්ට පුලුවන්නං මම ලෑස්තියි. මම ඒකාලෙ ඉඳම්ම කලෙත් එහෙමනෙ. දැං බලමු අර සුනාමිය වෙලාවෙ……"

" සෑර් මේ..එව්ව හාර අවුස්සන්ට ඕන නෑ මේ වෙලාවෙ….."

මාද්දිය ලොක්කා වහා කීවෙ ලොක්කා කට වරද්දාගන්නට උපං හපනෙකු බව දන්නා නිසාය. ජනාදිපතිවරන වෙලාවෙ කිව්ව පයිල් හංගාගෙන ඉන්න කතාව ඒ වගෙ හත්පලේ ගා ගත්තු මරිමෝඩ කතාවක්ය.

" හ්ම්ම්ම්ම්. …..ඒකත් ඇත්ත තමයි අර කවුදත් කියනව වගෙ ගියදේ ගියාවෙ. හරි තමුසෙ මොකද්ද දැං කියන්ට ආවෙ? අන්න ඒක කියල ඉන්නව ඉස්සෙල්ල. "

" මම මේ කියන්ට ආවෙ….. ..අපි මෙහෙම කරමු කියල. ඔය ලස්සෙ ගෙවන එක අපි උත්සවාකාරෙං කරමු…..ටී.වී. පත්තර ඔය ඔක්කෝටම එන්ටෙයි කියල ආරාදනා කරල එහෙම "

" ඈ???.......... ඒ මොකටද ඒ? "

" ඉන්නකො කියනකල්..ලක්සෙ අපි ගෙනියන්නෙ දාහෙ කොලවලිං….. ලක්සෙට දාගෙ කොල කීයක් තියනවද? "

" කවුද බං ඔව්ව දන්නෙ?..... අනික කවුද සල්ලි වලිං  ගණුදෙනු කරන්නෙ? ….සීෂෙල්ස් වල එකවුන්ට් නම්බර් එක දුන්න…"

" ෂ්ෂ්ෂ්ෂ්....,…..සර් සර්...මොනවද ඔය කියවන්නෙ? "

" අප්පට සිරි ….ඇත්තම නෙවෙන්නං තව පොඩ්ඩෙං ජලා හුටා...හොඳ වෙලාවට මෙතන ඉන්නෙ අපේ එවුම්ම විතරයි. හරි එව්ව ඇරිච්චාවෙ..තමුසෙ කියාගෙන ආපු එක කියනව. "

" ලක්සෙ ගෙනියන්නෙ දාහෙ කොලවලිං …" 

" හරි ගෙනිච්චයි කියමුකො..ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ කරන්නෙ සෑර් දැකල තියනවද ඔය පාර අයිනෙ එතකොට මාකට් එක ඉස්සරහ එහෙම ලොතරැයි විකුණන මිනිස්සු තෑග්ගක් දිනුව මනුස්සයට සල්ලි දෙන විදිහ? "

" නෑනෙ.. ඒ කොහොමද? …" 

" ඔන්න අපි හිතමු දහදාහක් දිනුවයි කියල. ඉස්සෙල්ලම අර මනුස්සයගෙ නම ගම එහෙම අහල ඊට පස්සෙ ලවුස්කීපරෙං අහල ගං හතටම ඇහෙංට එලවුන්ස් කරලයි සල්ලි දෙන්නෙ. ඔන්න මෙහෙමයි. ඉස්සෙල්ලම රුපියල් දාහයි කියල ලවුස්කීපරෙං කියල අර මිනිහට රුපියල් දාහක් දෙනව. ඊට පස්සෙ රටේ නැති වල්පල් ටිකක් කියනව ලොතරැයි ගන්න එකේ තියන වාසි සහ ලාබ පොරෝජන ගැන., ඊලඟට තව දාහක් දෙනව. දැං දෙදාහයි කියල එවුන්ස් කරනව. ආයම තව මොනවහරි විලම්බීත ටිකක් කියනව. ආයම දාහක් දෙනව...ඔන්න ඔහොමයි රුපියල් දහ දාහ දෙන්නෙ. " 

" ඉතිං තමුසෙ කියන්නේ අපි මේ ලක්සෙ ගෙවන එකත් එහෙම කරමුය කියලද? " 

" මෙහෙම කරමු සෑර්. ඔන්න ඔබතුමා ගිහිල්ල එතන සල්ලි බාරගන්න කවුරුහරි බලධරයට ඉස්සරෝම රුපියල් දාහක් දෙනව, ඊට පස්සෙ පොඩි කතාවක් කරනව. කොටි පරදවපු හැටි ගැන කියමුකො. එච්චර වෙලා ගන්ට එහෙම එපා. මේ විනාඩි තුන හතරක් ඇති. " 

" හෙහ්..මරුනෙ..ඊට පස්සෙ? " 

" ඊට පස්සෙ ආයෙම තව දාහක් දෙනව. ආයම පොඩි කතාවක්...නෑ අපි කියමු ඒකට කරුනු පැහැදිලි කිරීමක්ය කියල ඒක වඩාත්ම හොඳයි......හරි කරුනු පැහැදිලි කිරීමක් කරනව.අධිරාජ්ජියවාදී කුරුමන්තරන වලින් රට බේර ගත්ත හැටි..පන පිහිටුවල දෙන්ට ඔබ තුමාගෙ නම්බර් නෝට් සෑන්ඩ් පේපර් වොයිස් එකෙං...ඊට පස්සෙ තව දාහක් දෙනව..ආයම පොඩි කතාවක්..ආයම දාහක් දෙනව ..ආයම කතාවක්. " 

" හෙහ්..ඒකනං මරු අයිඩියා එක..අම්මපල්ල උඹටත් වෙලාවකට එනව නෙව හොඳ හොඳ අපූරු කම්පනාවල්...රායිට් එහෙම කරමු. හරි ඒ වාහනේට සල්ලි ගෙවීමේ මහා වියාපුරුතියෙ මුල් පියවර හැටියට උඹලගෙ මාද්දිය ඒකකෙං නිවේදනයක් නිකුත් කරපල්ල මම මෙහෙම ලක්සයක් ගෙවන්ටයි යන්නෙ කියල……"

" හරි සෑර්..අපි එහෙම කරන්නං..ඊට පස්සෙ සෑර් ගිහිල්ල අර අපි කතා කරගත්තු විදිහට සල්ලි ගෙවන්ට. මේ සිද්ධිය ඇවිල්ල සිරි ලංකා ඉතිහාසයෙ රංවං අකුරිං ලියවෙන සුවිසේසී සිද්දියක්. ඒ හින්ද අපි නිවේදනයක් නිකුත් කරමු ඔබතුමා සල්ලි ගෙවනකොට මිහිකත කංපාවී ගුගුරා දෙස් දුන්නයි කියල. එතකොට තමයි වැඩේ නැඟලම යන්නෙ. මිනිස්සු සාදුකාරදෙයි හිටු කියල..."

33 comments:

  1. So...oo funny. MR and his gang are fast heading for their greatest disaster hooo hooo.....

    ReplyDelete
  2. මරාට කෙලවෙන හැටි බලලා 18 වෙනිදා උදේට පත්තු කරන්න රතිඤ්ඤා වැල් දැම්මම රෙඩි

    ReplyDelete
  3. අප්පුච්චා ඇත්තටම ලක්සෙ ගෙව්වොත් පොලොව කම්පා වෙයි තමා. කල්පෙකට කීප සැරයක් වෙන දුර්ලභ සිද්ධි වලදිනෙ එහෙම වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඒකනෙ බන්...සිදුහත් කුමාරය ඉපදුනාම, බුදු උනහම , එතකොට බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවම මිහිකත කම්පා වුනාලු නෙව. මරා සල්ලි ගෙව්වයි කියන්නෙත් ඒ වගේම ආස්චරියක් තමයි..:)

      එතුමාගෙ මාද්දිය ඒකකේ ඒ ගැන වෙනම නිවේදනයක් නිකුත් කරේ ඒ හින්දනෙ. මම හිතන්නෙ උන්ට උනත් මහ පුදුමයක් වගෙ ඇති.

      මේ උඹල අපි ලයිට් බිලක් වතුර බිලක් ගෙවනව වගෙ නෙවෙයිනෙ ඒ උත්තමයල ආණ්ඩුවට සත පහක් ගෙව්වවුනත් ඒක උත්සවාකාරයෙන් සමරන්ට ඕන, සත්දිනක් සැණකෙළි කෙලින්ට ඕමනා කාරණයක්…

      Delete
  4. රනිල් අගමැති උනොත් රට දෙකඩ වෙනවයි කියනවා. ඒක එච්චර පැහැදිලි මදි. රවි හිතන විදිහට කොහොමද ඒක වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ඕක ඔය එදා ඉඳලම රනිල්ට තියෙන චෝදනාවක්නෙ. මට හිතෙන්නෙ ඔය උතුරු නැගෙනහිරට ඉඩම් පොලිස් බලතල දෙන එක ගැන තමයි ඔය කියන්නෙ.

      හැබැයි 13 වන සන්ශෝධනයට ( පළාත් සභා ) එහා ගිය බලතල බෙදීමකට තමන් ලෑස්තියි කියල එක පාරක් ඉන්දියාවට පොරොන්දු උනෙත් මහින්දම තමයි...:)

      Delete
  5. දැන් ඔය UNP ආණ්ඩුවක් ආවොත් බඩු මිළ අඩු වෙයිද ? උද්දමනය අඩු වෙයිද ? රැකියා සුලබ වෙයිද ? කලට වැසි වසීවිද ? දෙමළු කටවල් වහ ගෙන ඉඳීවිද ?

    ReplyDelete
    Replies
    1. Sri lanka Viththi,

      / දැන් ඔය UNP ආණ්ඩුවක් ආවොත් බඩු මිළ අඩු වෙයිද ? උද්දමනය අඩු වෙයිද ? රැකියා සුලබ වෙයිද ? කලට වැසි වසීවිද ? /

      යූ.එන්.පී.ආණ්ඩුවක් ආවොත් බඩුමිල අඩුවෙන එකක් නෑ. උද්ධමනය අඩුවෙන එකකුත් නෑ. කලට වැහි වහියි කියල සහතිකයකුත් නෑ. ඒ එක්කම ආණ්ඩුවකින් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දේවල් නොවන නිසා එහෙම නොවුන කියල ප්‍රශ්නෙකුත් නෑ.

      ඒත් මට එකක් කිව්වැහැකි. යූ.එන්.පී. ආණ්ඩුවක් යටතේ තමන්ගෙ ප්‍රතිවාදියා වෙනුවෙන් කතාකරපු මිනිස්සුන්ගෙ බඩට පයිං ගහන එකක් නෑ. ඒ මිනිස්සුන්ට වෙඩි තියන එකක් නෑ. වේදිකා ගිනි තියන එකක් නෑ. ඒත් එක්කම රටේ/ අපේ/ ඔබේ සල්ලි වලින් තමන්ගෙ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් වෙස්සන්තර දොර දන් දුන්න වගෙ තුන්වේලටම දන්සැල් පවත්වන එකකුත් නෑ.

      / දෙමළු කටවල් වහ ගෙන ඉඳීවිද ? /

      ඇයි දෙමලු කටවල් වහගෙන ඉන්න ඕන? දෙමලුන්ටත් අයිතිය තියෙන්න ඕන කතාකරන්න. කටවල් වහගෙන ඉඳපං කියල නියෝග කලාම කිසි අවුලක් නෑ සියල්ල සම්පූර්ණයි කියලද හිතන්නෙ?

      Delete
    2. / දෙමළු කටවල් වහ ගෙන ඉඳීවිද ? /
      //
      ඇයි දෙමලු කටවල් වහගෙන ඉන්න ඕන? දෙමලුන්ටත් අයිතිය තියෙන්න ඕන කතාකරන්න. කටවල් වහගෙන ඉඳපං කියල නියෝග කලාම කිසි අවුලක් නෑ සියල්ල සම්පූර්ණයි කියලද හිතන්නෙ?//

      නියාම උත්තරය ඇයි දෙමෙල්ලු කියන්නේ මේ රටේ මිනිස්සු නෙමෙයි ද ?

      Delete
  6. පුංචියට පසුවදනක් එක්කරන්නම්. මගෙ ඇස්දෙකින්ම ගිය 29 වැනිදා දුටුවා ‘අප්පච්චි‘ගේ කඩාවැටීම. එදා බදුල්ලේ විල්ස් පාක් ක්‍රීඩාංගනයේ තිබුනා එතුමාගේ රැස්වීමක්. සංවිධායක බදුල්ලේ වැහි කුමාරයා වන ඩිලාන් පෙරේරා.

    වෙනදාට අප්පච්චි බදුල්ලට එනකොට ගෙයක් ගෙයක්, හංදියක්, පාරක්, ගහක් කොලක් ගානෙ හමුදාවෙ අය අව්වට, වැස්සට පින්නට අහුවෙවී රැකල ඉන්නව. හෙලිකොට්ටර තුනක් එනව. නමුත් එදා මොනවත් නැහැ.

    රැස්වීමෙ සැකැස්ම එහෙම් පිටිංම කපටි සැලසුමක්. විල්ස් පාක් එක කියන්නෙ මදවේග පන්දුවකට ආරක්ෂාකාරී පහරක් දුන්න ගමං බෝලෙ පාරට විසිවෙන සයිස් පොඩි පිට්ටනියක්. ඒකෙ එක පැත්තක වැටෙං අඩි විස්සක් ඉතර ඉස්සරහිං ඉස්ටේජ්ජෙක ගහලා. එතැං සිට පිට්ටනියෛං බාගෙයක් තරං දුරිං යකඩ වැට දාලා. එතකොට සෙනගට ඉන්න තියෙන්නෙ පිට්ටනියෙං ඉතුරු බාගෙ. එයිනුත් බාගෙයක් පුටු පේලි තියලා. එතකොට ඉතුරු පිට්ටනියෙං කාලයි. ඔය කාල ඇතුලේ මිනිස්සු දාහක් හිටියනං පිරෙනව. ඒටික පිරුණනං කට ඇරල කියන්න තිවුන අතුරු සිදුරු නැතුව පිරුන කියල. නමුත් එතනත් මිනිස්සු පේලි දෙහෙකට වඩා හිටියෙ නෑ. පුටුවලනං සී්‍යක් විතර හිටිය.

    පුරුදු විදිහට ඩිලාන් පෙරේරා පිට්ටනිය දෙදරන්න කෑගැහුවට කාටවත් ඒව තේරුනේ නෑ. එතකොට අප්පච්චි ආව. පොඩි ලමයිං කියන සිංදුවකුත් (ඔබයි අපේ අප්පච්චී) පීකරෙං ඇහුන. අප්පච්චිත් බොහොමත් හඬ අඩුවෙං බයිසිකල් ගැනත්, පාරවල් ගැනත් කිව්ව. වැස්සටයි, හුලඟටයි ඒ ඔක්කොම වැහුන.

    අප්පච්චිගෙං රස්සා, කොන්ත්‍රාත් ගත්තු අවස්ථාවාදියො ටික එදා ඒ හතරමායිමෙ හිටියෙ නෑ. උං උංගෙ වැඩවලට ගිහිං. ඩිලාන් පෙරේරගෙ ගෙදර මුට්ටියෙන් බත් බෙදාගෙන කන සයිස් එවුං එදා හිටියෙ බාර්වල, වටේ කඩවල.

    අන්තිමට අර සිංදුව ආයිමත් ඇහෙද්දි අවංකයෙන්ම අප්පච්චි ගැන හිතන උන්නැහැගෙං කිසිම උදව්වක් නොගත්ත පිට්ටනියෙ රැඳී හිටපු සීය හමාර පුටුවලිං නැකිටල වැස්සෙම එයාට ආචාර කරද්දි අප්පච්චි ජීප් එහෙක නැගල පිටත් වුනා. ඒ ජීප් එකේ පිටුපස්සෙ Hyundai Santafe කියල ලියල තිබුන. මට ඒක පෙනුනෙ “හොඳයි සංතාපේ“ වගේ. වැටට පිටිං බලං හිටපු අයත් ආපහු ගියා.

    ReplyDelete
    Replies
    1. සුරා,ඇයි බන් ඩිලාන්ට වැහි කුමාරයා කියන්නේ?
      // නමුත් එදා මොනවත් නැහැ
      වැඩක් නෑ බං,යන විදියට හුචුස් ගාල නොගියොත් ඒත් ඇති.කොහොමට ඉන්න පුළුවන් කමක් තිබුනු මිනිහෙක්ද?

      Delete
    2. ඉස්සර විදිහට තිබ්බනම් විල්ස් පාක් එක තෝරාගන්නේ නෑ. මූ බන්ධනාගාරේ ඉඳන් විහාරමහාදේවි එකට ලනගට යනකනුයි , පල්ලිය පැත්තෙන් බදුලිපිටි පාරට යනකනුයි . වටේටම පේනවනේ , දැන් පිට්ටනිය වට කරලා වැටක් ගහල තියෙන නිසා පනස් දෙනෙක් දැම්මත් පිරිලා පේනවා.

      Delete
    3. සුරන්ග,

      අනුරාදපුරේ පලවෙනි රැස්වීම තිබ්බෙත් සල්ගාදු පිට්ටනියෙ. ඒකත් මේ අල්ලක් විතර එකක්. මාරාගෙ ගෝල බාලයො දැන් දන්නව සෙනඟ ගෙන්නන එක එච්චර ලේසි නෑ කියල. ඇයි කලින් වගෙ සීටීබී බස් දාල මිනිස්සු අදින්ටය?

      Delete
    4. //Hyundai Santafe කියල ලියල තිබුන. මට ඒක පෙනුනෙ “හොඳයි සංතාපේ“ වගේ//

      හැක හැක :)

      Delete
  7. රවියා,උඹට ලියන්න මොනම මගුලක්වත් නෑද්ද බන් මේ කරුම පොලිටික්ස් ගෑන ලියන්නෙ. අර වාන් පතුල් එව්වයෙන් එකක් ලිව්වනන් කියවලා ආතල් එකක් ගන්නවනෙ. මරා කලබල වෙලා ගම කාගත්තා. හිමින් කීයක් හරි හම්බ කරගෙන පාඩුවෙ හිටියනම් අගේට රජෙක් වගේ ඉන්න තිබ්බ එක මිනිහම කාගත්තා. බලහන් ලලිත් ඈතුලත්මුදලි ගාමිනී වගෙ එවුන් කොච්චර පිලිවෙලකට වෑඩත් කරල හෙමීට ගානක් හියාගෙන හිටියද. සිරි ලන්කා කාරයො මරාව ඉවසුවාට රටටම ඕක කොරන්න බෑහෑනෙ බන්. උඹ යුඈන්පී එක එනකන් බලන් හිටියට තව අවුරුදු පහකින් මේ උඹගෙ පොලිටික් ලිපිම කියවල බලහන්කො උන් මොකද රටට කලේ කියල (අනිව උන් දිනනව). කවදා මේ රට ගොඩ යයිද දෙය්යො තමයි දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මොකද බන් කරන්නෙ?...මෙව්ව දැක්කම කහනව වගෙ වෙනවනෙ…

      යූඇන්පී එක ගැන මගෙ එහෙමට බලාපොරොත්තුවක් නම් නෑ. ඒත් මරාට වැඩියනම් දාහක් හොඳයි...:)

      Delete
  8. "ජාතියේ වීරවංශය ලියන්නට " කලින් A/L ලියල වරෙන් කියලා කිව්වලු .

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      මාත් දැක්ක ඒ කතාව...ඊ නිව්ස් එකේද කොහෙද...හෙහ්,හෙහ්,

      එතකොට මලේ මේ කාපාලුව පොඩි කාලෙ මොකද කොරල තියෙන්නෙ?.... සීගිරි ගිහිල්ලත් නෑ..ඒ ලෙවල් කරලත් නෑ...ඒ කාලෙත් මට පේන්නෙ ජෙල් ගාගෙන අල්ලෙ පැලවෙන බින්න ඇද බබා හන්දි ගානෙ ඇවිදින්ට ඇති….:)

      Delete
    2. කොරලා තියෙන්නේ ඉස්සර ඉඳන්ම මොකෙක්ව හරි අන්දගෙන බඩගොස්තරේ හොයාගත්ත එක වෙන්න ඇති ,නැද්ද මං අහන්නේ

      Delete
    3. ඇයි එතුමා ලෙමං පෆ් මාර්ගයෙන් අධිරාජ්යවාදී විදුලි පුටුවෙ ප්ලග් එක ගැලෙව්වා මතක නැද්ද?

      @ Ravi, ඇත්තටම මේ පාර චන්දෙට විදුලි පුටු සෙල්ලම කරන්නෙ නැත්තෙ ඇයි?
      ලංකාවෙ ආරක්ෂාව මදියි කියල විතරයි මේපාර ජාතියේවංස තුමා කියන්නෙ.
      අධිරාජ්යවාදී බටහිර විජාතික කුමණ්ත්‍රණ මංතරේ ජප කරල මිනිස්සු රවටන්න ලේසි බලයේ සිටීමට මිස බලය ඇල්ලීමට නෙමෙයි නිසාද?

      Delete
  9. ඒකත් එහෙමයි එහෙනං නේද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බන්…" අවාසනාවට ඇත්ත කතාවක් " ...:)

      Delete
  10. උෟරෙක් අතේ තියෙන බෝල වල අායෙමත් තෙල් ගාලා වැඩක් තියේ යෑ......???

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      තමන්ගෙ තෙල හින්ද වසී බෝලෙ බල බිඳෙන්නෙ නෑ...:)

      Delete
  11. රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .

    ReplyDelete
  12. අපි මේක පොතක් විදිහට මුද්‍රණය කරලා උන්නැහේ විශ්‍රාම ගියාට පස්සේ පිළිගන්වමු... මටත් දාන්න කතාවක්....

    ReplyDelete
  13. හිනා.. හිනා... හිනා...

    ReplyDelete
  14. ලංකාවේ එවුන්ට මද පෙරදිග හොඳ රස්සාවක් හොයා ගන්න හැටි ලිව්වොත් නම් පංකාදු පහයි. එව්වා එලොව මෙලොව පළදෙනවා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...