Monday, August 3, 2015

338. අබයාරාමයේ විත්ති 5 - හිටපු ජනාදිපතිතුමාගේ මාද්දිය ඒකකය විසින් නිකුත් කරනලද මාද්දිය නිවේදනය - හි.ජ.මා.ඒ. විසින් නිකුත් කරනලද මා.නි.



Cartoon by Dasa - Lankadeepa

හිටපු ජනාදිපතිතුමාගේ මාද්දිය ඒකකය විසින් නිකුත් කරන මාද්දිය නිවේදනය - Press Release Issued By Former President's Media Unit.

ටං ටිං ටුං…………………………………..

පසුගියදා සිදුවූ බ්ලූමැන්ඩල් වෙඩිතැබීම දෙමළ ඩයස්පෝරාවේ කුමන්තරනයක්දැයි සැකයක්..

පසුගියදා කොටහේනේ බ්ලූමැන්ඩල් පෙදෙසෙහිදී සිදුවූ වෙඩි තැබීම හිටපු ජනාධිපතිතුමා අපහසුතාවයට ලක්කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් කල දෙයක් බවට දැන් සැක මතුවෙමින් පවතී. ( Bloemandhal shooting former president very uncomfortable and constipated )

මේ පිළිබඳව විසේස ප්‍රකාසයක් කල ජාතියේ වීරවංසය ලියන්නට දතකට මැදගෙන සිටිනා මෝඩවන්ස මහතා මෙවන් බටහිර අදිරාජ්ජවාදී කුරුමන්තරන වලට අප කිසිසේත් බිය නොවන බව සිංහනාද කලේය. ( National weeravansaya wrote tooth & mouth polished Mr. modavansa western imperialistic we not afraid lion shouted ) 

ටං ටිං ටුං…………………………………..

මේ අතර මුල්ලේරියාවෙ පැවැත්වුනු ඡන්ද ප්‍රචාරක රැස්වීමක් ඇමතූ හිටපු ජනාදිපතිතුමා අගෝස්තු 18 වෙනිදායින් පසු අලුතෙන්ම පටන්ගමු යනුවෙන් යටිගිරියෙන් කෑගැසීය. එවිට සංවිධායකයින් විසින්ම සැපයූ ගල් කාලක් සප්පායංවී රැස්වීම නරඹමින් සිටියෙක් " අලුතෙම්ම පටං ගමුය කියන්නෙ තමුසෙ අවුරුදු දහයක් තිස්සෙ මොන රෙද්දක්ද කලේ? " යනුවෙන් කෑගැසීම නිසා මහත් කල බැගෑනියක් ඇතිවිය.( Ten years what cloth you done drink man shouted and very bad situation became )

මෙහිදී වහා කිරියාත්මකවූ හිටපු ජනාදිපතිතුමාගේ ආරක්සක බලකාය ( හි.ජා. ආ. බ. ) අවම බලය පාවිච්චි කොට අදාල තැනැත්තා නිහඬ කලෝය. එනම් අදාල තැනැත්තාගේ ජනනේන්ද්රිය දක්ෂිණාවෘතව පරිභ්‍රමණය කිරීමෙන් අදාල කාර්යය සාර්ථකව ඉටුකොටගත් බව සැළකිය යුතුය.( Minirun force used. Some hanging appendage clockwise turned & everyone was very very happy )

ටං ටිං ටුං…………………………………..

අකුරැස්සේ පැවති ප්‍රචාරක රැස්වීමෙහිදී සිදුවූ අනපේක්ෂිත සිද්ධිය පිළිබඳව හිටපු ජනාදිපතිතුමා මෙසේ පැහැදිලි කරයි. " එදා අකුරැස්සෙ රැස්වීමෙදි වෙච්ච දේ සම්පූර්නයෙන් විකෘති කරලයි  ප්‍රචාරය වෙන්නෙ. මගේ ආදාර කාරයෙක් ඒ වෙලාවෙ මගෙං ඇහුව සර් ඔය දාගෙන ඉන්නෙ එල්.ටී.ටී.ඊ. රත්තරං නේද? කියල. " ( L.T.T. E. gold no? my supporter asking )

" ඕකෙ ඉතිං හංගන්ට දෙයක් තියද? කතාව ඇත්තනෙ. මේ ඔහෙල අපි හැමෝම දන්නවනෙ සීන් එක.යුද්දයක් දිනුවම පැරදිච්චි කට්ටියගෙ වස්තුව අයිති වෙන්නෙ දිනපු කට්ටියගෙ රජ්ජුරුවන්ට.. අපේ හෙල සිරිත එහෙමයි." ( Hela custom like that. losing all Gold belong to winning king No? ) 

" ඉතිං මම එහෙම අහපු මනුස්සයෙගෙං ඇහුව...ඔව්..ඔව්..මෙව්ව එල්.ටී.ටී.ඊ. බඩු තමයි. තව තියනව . මොකද ඔහෙටත් ඕනය පවුං හත අටක් කියල. බොහොම සුහදව ඒ කතාබහ කෙරුනෙ."  ( I asking that man...you want L.T.T.E. Gold ? I have two containers full abayaramaya )

" එතකොටම මම දැක්ක ඒ මනුස්සයගෙ නළලෙ මදුරුවෙක් වහල ඉන්නව. දැං ඔය අකුරැස්ස පැත්තෙ බොහොම තදට ඩෙංගු තියනව. ( Akuressa very hard dengue have ) මේ මනුස්සයගෙ නළලෙ වහල හිටියෙ ආය දෙකක් නෑ ඩෙංගු මදුරුවෙක්. මට එක පාරට හිතුන යකෝ මේ මිනිහ ඩෙංගු හැදිල අගෝස්තු 18 ට කලිං මලොත් අපිට තව චන්දයක් අඩුවෙනවනෙ කියල."  ( This man dengue dead, We have lost one vote )

" ඉතිං මම කලේ ආය හිත හිත හිටියෙ නෑ දෙන්ට තමයි ලෑස්තිවුනේ වමතෙම්ම මිට මොලවල මදුරුවට. ( Giving to mosquito left hand like boxing ) ඔහොම නළලෙ ඉන්න මදුරුවො මරන එක මට හොඳට පුරුදුයි. අර හිටපු පොලිස්පතිතුමා, එතනින් ගියාම සන්දානෙ ලේකම් තුමා අන්න එයාලගෙත් මම ඔහොම නලලෙ වහල ඉන්න මදුරුවො මැරුව. ( Old IGP and secretary I killed mosquitoes ) කොහෙද මේ මගෙ ආරක්සකයො හිතුවෙ මම අර මිනිහට ගහන්ට යනවයි කියල. ඒ මරිමෝඩ යක්කු කලේ මාව එතනිං එහාට ඇදගෙන ගිය එක. ඒකෙං තමයි මේ ඔක්කොම මිස් අන්ඩර්ස්කර්ට් එක වුනේ."  ( All this misunderskirt . my security pools taking bed me away )

ටං ටිං ටුං…………………………………..

අකුරැහි සිද්දිය වැන්නක් යලි උද්ගත නොවීම පිනිස හි.ජ. ආ. අන්. විසින් මින් ඉදිරියට පහත පියවර ගනු ඇත. හි.ජ. ගෙන් ඇසිය යුතු ප්‍රශ්න රැස්වීම ආරම්බයට මිනිත්තු තිහකට පෙර හිටපු ජනාදිපතිතුමාගේ මාද්දිය ලේකම් ( හි.ජ. මා.ලේ. ) වෙත ඉදිරිපත් කල යුතුය.සුනාමි ආදාර පිල්ලි ගැහිල්ල, ලසන්ත, රවිරාජ් සහ තාජුදීන් ගාතන,සිරසට ගිනි තැබීම, අදිවේගී මාර්ගවලින් කොමිස් ගැහිල්ල, මිහින් ලන්කා, හම්බන්තොට වතුර වල සහ කුරක්කන් වේලන ආසියන්තරා පිටැන්න යනාදී මාත්තුරුකා සමබන්ද ප්‍රස්නවලට හි.ජ. තුමා උත්තර නොදෙනු ඇත. ( No answers given for tsunami case, murder cases, mihin lanka & no ship harbor case questions ) 

හිටපු ජනාදිපතිගෙන් ඔහුගේ රැස්සීම් බලන්ට එන මහජනයා ආරක්සා කරගැනීම උදෙසා වෙනම ක්සනික ඔසවාගෙන යෑමේ බලකායක් ( ක්.ඔ.යෑ.බ. ) පිහිටුවනු ඇත.ඔවුන්ට නියමිත රාජකාරිය වනුයේ හි.ජ.තුමා යමෙකුට අම්බානට නෙලන්නට අත එසවූ වහාම එතුමාව වහා ඔසවාගෙන එතැනින් ඉවත්කර ගැනීමය. ( Innocent people security from former president ,special unit to drag him away )

හි.ජ.මා.ඒ. විසින් සතිපතා මා.නි. නිකුත් කරනු ඇත.

ටං ටිං ටුං…………………………………..

35 comments:

  1. අයියෝ මේ අබයාරාමෙ වසන මිනිස්සුන්ටයි ඒකෙ විස්තරම ලියන මනුස්සයයි ඔක්කොම එකයි.

    අර කොස් කපන ළමයා ගැන ලියන එක ඔච්චරම අමාරු නම් ඒක පැත්තකට දාලා අර " අන්දර මල්දම" වත් ගොතන්නකො.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      හරි..හරි...එව්ව ඔක්කොම ලියන්නම්..ලියන්නම්....හප්පේ..මල් දමකුත් තියනව නේද? ඉතින් මොකේදැයි දන් වළඳන්නෙ? කියල ඇහුවලු බුළු රුප්පෙ ලොකු හාන්දුරුවො…

      අපෙ අත්තම්ම හිටියනම් කියයි එකත් එකටම ඉතින් කොහොමද සුට්ටි පුතේ මේ රාජ්ජෙ කොරන්නෙ? කියල හිට...හෙහ්,හෙහ්,

      Delete
    2. ආන්න දැක්කද සඳ... කෝ මේ උන්දැට කොච්චර ය කියල අපි කියනවද අන්දර මල්දම ගොතන්ට කියල. කොහෙද තින්...හුහ් අපි කියන එව්වෑ ගාණක් තීන එකක්යැ මෙයයිට...
      ග්ර්ර්ර්ර්ර් !!!!

      Delete
    3. අමාස්,

      මල්දම් ගොතන්ට බැරියැ බොල හිතේ හැටියට 17 වෙනිදයිම් පස්සෙ....එතකල් මට යුගයේ කාරිය බාරය කරන්ට ඉඩ දියල්ල...ඇහුණය?

      Delete
  2. Keep writing Ravi. What a huge amount of creativity!!! Please also write about MR's request to 'retire honorably' .....hikis....

    ReplyDelete
    Replies
    1. I beg to differ. Last post was way better. That " suppose to be sarcastic" English translations didn't serve it's purpose. Seems like a post written in a hurry. C'mon Ravi , you can do better

      Delete
    2. Anonymous August 3, 2015 at 5:01 PM,

      / Please also write about MR's request to 'retire honourably' .....hikis.... /

      What? He has requested something like that? To retire honourably? ..Did you say honourably???.....Well may be MR's dictionary gives an entirely different meaning to the word ' honour ' :)

      Delete
    3. Anonymous August 3, 2015 at 6:24 PM,

      / That " suppose to be sarcastic" English translations didn't serve it's purpose. /

      Giving an English translation at the end of a sentence or a passage was the m.o. of "දිවයින ආරක්ෂක වාර්තාකරු" during the height of war with LTTE. It was just hilarious and for the life of me I couldn't understand why he did that.

      I just thought I would revive that tradition which even he has abandoned now. That's all. Nothing more. Nothing less. :)

      Delete
  3. “මහින්ද රාජපක්ෂ“ නොහොත් අපේ උප විඥානය
    මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්‍රකාශනය ය.

    අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය.

    ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට අපේ මුහුණේ මල් දහසක් පිපෙන්නේ ය. ඒ පින්තූරය හැමෝටම පෙන්නන්නේ ය. කටවුට් එකක් හැටියට මහපාරේ ගහන්නට බැරිනම් ගෙදර සාලයේ හෝ එල්ලා ගන්නේ ය.

    මේ සියල්ල මහින්ද නම් චරිතය තුළ ද තිබේ.

    ඔහු ඇමරිකාවට බිය ය. බටහිරට බිය ය. ඒ නිසාම දෝ ඇමරිකාව සමග සබඳතා යහපත් අතට පවත්වාගෙන යෑම සඳහා ලංකාවේ රජයේ මුදල් යොදවා පෞද්ගලික මහජන සම්බන්ධතා සේවාවක් පවා අධික මිලකට ගත්තේ ය. ඒ සඳහා කොහේවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යොදා ගත්තේ ය. රටේ මුදල් යොදවා චෝගම් සංවිධානය කොට බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරු ද ගෙන්වා ගෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ කමකට නැති නායකයෙක් බවට ද පත් විය.


    nishanthakamaladasa.wordpress.com

    ReplyDelete
  4. //"හිටපු ජනාදිපතිගෙන් ඔහුගේ රැස්සීම් බලන්ට එන මහජනයා ආරක්සා කරගැනීම උදෙසා වෙනම ක්සනික ඔසවාගෙන යෑමේ බලකායක් ( ක්.ඔ.යෑ.බ. ) පිහිටුවනු ඇත."//

    හිටපු ජනාදිපතිගෙන් ඔහුගේ රැස්සීම් බලන්ට එන "මහජනයාගේ කුට්ටම " ආරක්සා කරගැනීම උදෙසා වෙනම ක්සනික ඔසවාගෙන යෑමේ බලකායක් ( ක්.ඔ.යෑ.බ. ) පිහිටුවනු ඇත. යනුවෙන් නිවැරදි විය යුතු යයි යෝජනා කරමි .. හැක

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      එහෙම බලනවනං ගොයියෝ අපුච්චි කුට්ටමට කෙලින්ට හදන්නෙ උන්දැගෙ රැස්සීම් බලන්ට එන ජහමනයගෙ විතරක් නෙවෙයි මේ බොලා අපි ඔක්කොගෙම..:)

      Delete
  5. /ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට අපේ මුහුණේ මල් දහසක් පිපෙන්නේ ය. ඒ පින්තූරය හැමෝටම පෙන්නන්නේ ය. කටවුට් එකක් හැටියට මහපාරේ ගහන්නට බැරිනම් ගෙදර සාලයේ හෝ එල්ලා ගන්නේ ය./

    ෆොටෝෂොප් කරල ඹළුව ඔබාගත්ත ඒවා ඹෆිස් එකේ සහ ගෙදර සාලේ එල්ල ගෙන හිටපු දෙපාරතමෙන්තු ප්‍රධානියෝද සිටියෝය.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      හෙහ්..ඔලුව අමාරුකාරයො කොහෙත් ඉන්නව බං...කවදත් ඉන්නව...:)

      Delete
  6. අපිත් ආවා මෙි පැත්තේ ඇවිත් යන්න.අපේ අලුත් බිලොග් එකටත් ඇවිත් යන්න එන්න‍ෙඅලුත්ම ලිපිය
    ස්වයං වින්දනයට ඇබිබැහිවීම මානසික ගැටලුවක්ද?

    ReplyDelete
    Replies
    1. මනෝ,

      සුබ පැතුම්...:)

      Delete
  7. මොකද රවී තුමෝ මේ.... ඡන්දේ ඉවරවෙනකොට බොටත් සෙත් සාන්තියක් කරන්න වෙයි වගේනේ.

    මහින්දවයි ගෑන් එකයි පැත්තකින් තියලා ලිව්වොත් නරකද බොගේ අසූ හාරදාහක් කතා?
    ඔන්න අපි ස්ට්‍රයික් කරනවා නැත්නම්...

    ReplyDelete
    Replies
    1. රංගි,

      හරි හරි බං ඉඳහං ටිකක් ඉවසල..කොහෙද බොලාලට නෑනෙ කිසිම සීලයක්වත් සමාදියක්වත්....:)

      Delete
  8. අපෝ මරා නරා බැරා ගෝරා ...
    ඇත්තමයි මෙයාලයි නෙය්යාඩගම් මට නං අප්පිරියයි දැන් අයියෙ...සික්...මට නොතේරෙන්නේ මේ මයේ සම හරක් දැන උගත් යාළුවන්ගේ නෑදෑයින්ගේ තාමත් තියෙන මරා මේනියාව. ඇත්තටම මට චන්දෙ ඇත්තෙත් නෑ. එහෙව් එකේ මේ මුණු පොතේ මාව මුන්දල ඇඩ් කරන් හැට හුටාමාරක් 'මරා ෆෑන් ගෘප්' වලට. වෙලාවකට එක පිට එක ෆෝන් එක 'කූං කූං' ගානෝ ඔව්වයේ මොකෙක් හරි මරාට ලව් පෝස්ට් එකක් දැම්මම. මම ඊයේ රෑ පස්සෙ ඔක්කොම බල බල අහක් කරලා දැම්ම.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුන දෙයක්.
      MRගෙන් වාසි ලැබූ හෝ ලැබෙන්නට අපේක්ෂාකරන අය සහ ඔහුගේ විරුද්ධකාරයින් (විශේෂයින් යූඑන්පී ) නිසා හානියක් වූ අය හෝ එවැනි අයගේ පවුල්වල අය MRලෝලීන් වීම තේරුම්ගත හැක.
      එහෙත් එහෙම නොවන අය 2010 සිට 2015 දක්වා මේ රට පාලනය වූ අයුරු දැකත් MRලෝලීන් වීම තේරුම් ගත නොහැක.
      ඔවුන් රජෙකුගේ යටත්වැසියන් වීමේ ආසාව, ෂෝ එකෙන් පිම්බීමට රැවටීම, ඒදවස්වල පුන පුනා මාධ්යවල කී දේවල් විශ්වාස කිරීම, බටහිර කුමණ්ත්‍රන බිල්ලන් බොරුවට රැවටීම, පුද්ගල වන්දනාවට ඇබ්බැහිවීම ආදී ( ජයලලිතා ලෝලීන් වැනි ) කරුණු නිසා ඔවුන් එහෙම කරනව වෙන්න පුලුවන්ද?

      Delete
    2. අමා සහ ප්‍රා,

      / සික්...මට නොතේරෙන්නේ මේ මයේ සම හරක් දැන උගත් යාළුවන්ගේ නෑදෑයින්ගේ තාමත් තියෙන මරා මේනියාව. /

      / එහෙත් එහෙම නොවන අය 2010 සිට 2015 දක්වා මේ රට පාලනය වූ අයුරු දැකත් MRලෝලීන් වීම තේරුම් ගත නොහැක. /

      ඇයි එහෙම වෙන්නෙ කියන එක පොඩ්ඩක් විතර ගැඹුරට කල්පනා කරල බලන්ට ඕමනායි. උඩහින් තියෙන නිශාන්තගෙ මහින්ද රාජපක්ෂ නොහොත් අපේ උප විඥානය ලිපිය මඟින් මේ උභතෝකෝටිකය ගැන යම් විග්‍රහයක් කෙරෙනව. ඊට අමතරව මම හිතන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ බහුතරයක් ජාතිවාදියො. එක්කො එලිපිටම එහෙමයි කියල පිලිගන්නව. නැත්තම් එලිපිට පිලිනොගත්තත් ඇතුලෙ එහෙමයි. එතකොට බහුතරයක් එහෙම උනහම විදේශීය බිල්ලන් අපිව බිලිගන්ට දතකට මැදගෙන ඉන්නවයි කියන විකාර කතාව සේල් කරන්ට ලේසියි.

      ඒ හැර ප්‍රා ඔබ කියූ කරුණුත් අදාලයි කියලයි මට හිතෙන්නෙ. ඒත් මේ පාර තත්වය එච්චරම දරුණු නෑ. ජනාදිපතිවරණයෙදි රට පුරාම බහුතරයක් විශ්වාස කලේ මරා අනභිබවවීයයි, කිසිදා පැරදවිය නොහැකියි කියන මතය. මෙහෙ මගෙ යාලුවන්ගෙන් මරා පරදිනවයි කියල කිව්වෙ මාත් ඇතුලුව තව තුන්දෙනෙක් විතරයි.

      ඒත් මේ පාර තත්වය බොහොම වෙනස්. එක පාරක් යකාට ගහල බිම දැම්මට පස්සෙ යකාට තිබ්බ බය නැතිවෙනව.මේ පර මරා දිනනව කියල කවුරුවත් කියන්නෙ නෑ. නිකම් මන්ත්‍රී පට්ටම නම අනිවාර්යයෙන් හම්බවෙයි. ඒක මොකටද ඒ මනුස්සයට?

      Delete
  9. අවාසනාවට ලොකු අතුලගෙ ඇඟ පුරාම මදුරුවො හිටිය. රජතුමා එයාව කාමරේට දාල දුන්න දිගට හරහට. ඒත් ඒ වෙද්දි මදුරු විෂ ශරීරගත වෙලා හිටිය ලොකු අතුල බේරගන්න එතුමාට බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      අම්මප ඇත්ත නෙවෙන්නම්, ලොකු අතුල මට අමතකම වුනානෙ. පරාගෙ බ්ලොග් එකේ ඇනෝ කෙනෙක් දාල තිබ්බ මේ ඊයෙ පෙරෙයිද මරු කතාවක්. ප්‍රභාකරන් මලෙත් පරාගෙ ඔය වේගවත් මුෂ්ඨි ප්‍රහාරයක් නළලට වැදිලයි කියල. හිනාවෙලා පණයනව ඒක කියෙව්වම...:)

      Delete
  10. එදා

    රක්ෂණ සංස්ථාව

    අද

    මහා බැංකුව

    හෙට

    ඉතිරි කිරීමේ බැංකුව
    ලංකා බැංකුව
    මහජන බැංකුව

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒකනෙ මෙයා..නේද?

      Delete
  11. 20 විතර පහුවෙලා අායෙ මේ පැත්තෙ ආවොත් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අනේ බන්ස්..එහෙමම කරන්නත් එපා ඉතින්..උඹ මයෙ අතිජාත මිත්ත්‍රය කුම් යාවජීව පාඨකය වෙච්චි කොට...:)

      Delete
    2. ඇයි? ප්‍රසන්නනෙ බ්ලො‍ග් පෝස්ට් හැම එකකම ලේඛනාගාරපති.

      Delete
  12. ඈ බං රවීයියේ "සුනාමි-මහින්ද" හරියට යුගල පද වගේනේ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      හෙහ්, ප්‍රස්ථාව පිරුළුත් තියනව මරා ගැන.

      කිසිම අනුකම්පාවක් නැතුව තමන්ගෙ වාසියට වැඩ කිරීම = මරා සුනාමි ආදාර පිල්ලි ගැහුව වගෙ

      තමන් ගැන අධිතක්සේරුවෙන් වැඩ කරල පස්ස බිම ඇන ගැනීම = මරා අවුරුදු දෙකකට කලින් ජනාදිපතිවරනෙ තියල කෙලව ගත්ත වගෙ.

      තමන්ට නොගැලපෙන වැඩ කිරීම = මරා ජනාදිපතිවරනෙනෙ පැරදුනාම ආයෙම පාර්ලිමේන්තුවට ඉල්ලුව වගෙ.

      Delete
  13. ඔය මාද්දය එකකයේ දිවයිනේ කිර්ති උන්නැහෙත් වැඩ කරනවාද?

    ReplyDelete
    Replies
    1. ගයිජින්,

      අන්න හරි කීර්ති ගොයිය තමයි ඔය මාද්දිය ඒකකේ උපදේසකයා...:)

      Delete
  14. අම්මෝ බං හොඳටම හිනා වුනා උඩ පැන පැන... හොඳම කෑල්ල තමා,

    /Some hanging appendage clockwise turned & everyone was very very happy/

    කොහොමද බොලං අහවල් එක දකුණට කරකවනවා බලං ඉන්න උදවිය ප්‍රීති වෙන්නෙ? මයෙ නං ඇඟ හිරිවැටිලා ගියා කියවද්දි.

    ReplyDelete
  15. එදා බිලි බෝයි
    අද රණවිරුවා

    ReplyDelete
  16. අඩෝ මරු ඕයි(අයියේ)...මහ රෑ තනියම හිනාවෙනකොට ගෙදර උන් මොනවා හිතුවද දන්නෙ නෑ.ඉට්ටැයිල් එකනම් පට්ට ආහ්.ඉංගිරීසි ටික නම් පට්ට පට පට.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...