Friday, August 7, 2015

339. අභයගිරි මතක සටහන් - 1 - රොට්රිං පෑන්, ට්‍රේසිං පේපර්, නවීන්, සේනක , සුද්දිව දාගෙන බයිසිකල් පැදීම සහ වසන්තයේ අග හමුවෙමු සොඳුරිය.



Image - Sunday Times

පහුගිය සිකුරාද ඇසළ පෝය දවස.ලංකාවෙ නිවාඩු. මෙහෙනම් කොහොමත් නිවාඩුනෙ. පැලෙන්ට පායන හින්ද කොහෙවත් යන්ට හිතෙන්නෙත් නෑ. රෙදි පෙරෙදි හෝදල,ගේ දොර කාරිය අතු පතු ගාලා දාල, කූල් කිං ෆිෂර් බියර් බෝතලේකුත් ලඟට කරගෙන කම්පියුටරේ ඔන් කලා.

කලින් දවසෙ අබයාරාමෙ විත්ති පෝස්ට් එකක් පබිලිස් කලා නෙව. ඒකට ආපු කමෙන්ට්ස් බලල පබ්ලිෂ්කලා. මම අකමැතිම වැඩක් ඔය කමෙන්ට්ස් මොඩරේෂන් ඇක්ටිවේට් කරන එක. ඒත් මොකද කරන්නෙ? මේ දෙලොවටම වැඩක් නැති අපතයො කිසිම තේරුමක් නැති කමෙන්ට්ස් දානකොට අකමැත්තෙන් වුනත් එහෙම කරන්ට වෙනව. බණින එකේ අවුලක් නෑ. ඒත් ඒකෙත් තියෙන්ට එපාය පොඩි මෙව්ව එකක් නැද්ද?

ඒ අල්ලපනල්ලෙ ලංකාවෙ ප්‍රවෘත්ති බලද්දි ඔන්න දැක්කා  අභයගිරි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරල එදා හවස ජනාධිපති තුමා විවෘත කලාය කියල. ඒක දැක්ක ගමන " අම්මට සිරි ඒකත් එහෙමද? දෙයියෝ සාක්කි... මදැයි අවුරුදු තිස් හතරක්ම ගියපි ඒ වැඩේට" එහෙම කියල කට කපල එකකුත් සප්පායං වෙලා හිට මම ගත්ත කෝල් එකක් මෙහෙ ඉන්න මගෙ ඉතා පැරණි මිත්‍රයෙකුට.. 

" ඒයි අඩේ..අන්න බං අද අභයගිරිය චෛත්‍යයෙ වැඩ ඔක්කොම ඉවර කරල විවෘත කරනවලු. " 

" හෙහ්..එහෙමද? ඇති යන්තම් දැන්වත් ඕක ඉවරයක් වුනා. "

" හෙහ්..උඹට මතකද මම ඉස්සෙල්ලම අභයගිරියට ආපු දවස? "

" ඔව්..ඔව්..උඹලගෙ තාත්ත එක්ක නේද ආවෙ? "

" ඔව්නෙ..ඩොක්ටර් හම්බවෙන්නනෙ ආවෙ.."

ඩොක්ටර් කිව්වෙ අසනීප වලට බෙගෙත් ගන්න දොස්තර කෙනෙක් එහෙම නෙවෙයි හොඳද? ඒ ඇවිල්ල ආචාර්ය ඩොක්ටර් කෙනෙක්. අභයගිරි ව්‍යාපෘතියෙ ඒ දවස්වල අධ්‍යක්ෂ. ඒ දවස්වල කිව්වෙ එක දාස් නමසිය බරගණන් වල. හරියටම කිව්වොත් එකදාස් නමසිය අසූ තුනේ දෙසැම්බර් පළවෙනිද,

දෙපාරක් ඒ ලෙවල් කරල මම අනුරාදපුරේ ටෙක් එකේ සැලසුම් ශිල්පී පාඨමාලාව කලා. ඒක ඇවිදිල්ල එක් අවුරුදු පූර්ණ කාලීන. ඒක ඉවරවෙලා මාස දෙකක් වගෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ ට්රේනින් ගියා. අනුරාධපුරේ ගුවන් තොටුපොළ පාරෙ තමයි ඒ දවස්වල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය තිබ්බෙ.එතකොට එතන අයි.ඊ. නොහොත් වාරිමාර්ග ඉංජිනේරු හිටියෙ ඒ කාලෙ කැකිරාව මන්ත්‍රී ඒ.එම්.එස්. අධිකාරි මහත්මයගෙ මස්සිනා. ජිනදාස ඒ අයි.ඊ. මහත්මයගෙ නම.

ඕටකැඩ්, බෝටකැඩ් , ඔටෝඩෙස්ක්, බොටෝඩෙස්ක් කියන සැලසුම් අඳින මෘදුකාංග ඒ කාලෙ වෙනකොට ඉපදෙන්ට හිතලවත් තිබ්බෙ නෑ. අපි ඩ්රෝයිං ඇන්දෙ ඉස්සෙල්ල කඩදාසි ඩ්රෝයිං කොලේ අඳිනව පැන්සලෙන්. එව්වට තිබ්බ HB, 2B, 2H කියල එහෙම වයිවාරන්න පැන්සල්.ඊට පස්සෙ ඒ කඩදාසිය උඩ අලවනව ට්රේසිං පේපර් එක. ට්රේසිං පේපර් එක විනිවිද පේනව. ඉතින් කරන්න තියෙන්නෙ බොහොම පරෙස්සමට යටින් තියෙන පැන්සලෙන් ඇඳපු ඩ්රෝයින් එකේ ඉරි උඩ ට්රේසින් පේපර් එකේ ආයම ඉන්දියන් තීන්තෙන් අඳින එක.ඒ වැඩේට තුඩ විවිධ විෂ්කම්භවලින් යුතු වෙනම පෑන් තිබ්බ. 0.1 ඉඳල 2.0 දක්වා එහෙම පෑන් සෙට් තිබ්බ මට මතක විදිහට.

ඔතන 0.1 පෑනෙන් ඇඳෙන ඉරේ ප්රමාණය මිලිමීටර් 0.1 යි. එතකොට 2.0 පෑනෙන් ඇඳන්නෙ මිලිමීටර් 2 ක් පළල ඉරක්. ඩ්රෝයිං වල මාජින් එක නැත්තං බෝඩර් එක ගැහුවෙ හුඟක් වෙලාවට ඔය 2.0 පෑනෙන්. ඒ දවස්වල Drawing Pens වලට බොහොම සුප්‍රසිද්ධ වෙලඳ නාමය Rotring. එංගලන්තෙ බොහොම ප්‍රසිද්ධ සමාගමක්. රොට්රිං පෑන් මෙරූන් පාටයි.

ඉතින් ඉරිගේෂන් එකේ මම වැඩකලේ අක්කල දෙන්නෙක් යටතෙ. ඔය වැව් බන්ඩ් වල සෙක්ෂන් අරව මෙව්ව පැන්සලෙන් අඳින්න තමයි මට දුන්නෙ.

මගෙ ඒ කාලෙ තිබ්බ ආර්. එම්. අයි පුෂ් බයිසිකලයක්. රෝඩ් මාස්ටර් ඔෆ් ඉන්ඩියා. ආණ්ඩුව ගානෙ ඔය බයිසිකල් ඉන්දියාවෙන් ගෙනල්ල බොහොම සහන මිලකට රජයේ සේවකයින්ට දුන්න. රුපියල් හාරසීයක් වගෙ වුනේ. මොන හේතුවක්ද මන්ද ඔය බයිසිකල් බෙදා හැරියෙ ලංගම ඩිපෝවලින්. මට ඒක හොඳටම මතක ඒ අවශ්‍ය ලියකියවිලි අරගෙන ඩිපෝඑකට ගිහිල්ල බයිසිකලේ අරගෙන ආවෙත් මම. ඉතින් මම ඔය බයිසිකලේ පාගනව දාඩිය පෙරාගෙන ඉරිගේෂන් ඔෆිස් එකට.දවල්ට ගෙදර ඇවිල්ල කාල ආයම පූටක අව්වෙ පාගනව ආපහු. දාඩියෙං නෑවිල ගිහිල්ල ඔෆිස් එකේ ෆෑන් එක ෆුල් වොලියුම් දාල ඒක යට ඉන්නව විනාඩි පහක් දහයක්. එතකොටයි යන්තමට එක විදිහක් වෙන්නෙ.

මම ඉතිං ඔහොම දැහැමෙං සෙමෙං දාඩියත් නාගෙන අක්කලගෙ උපදෙස් පරිදි එතන වැඩ කරගෙන හිටියය කියමුකො. එතන කොහොම හරි මම වැඩ කලා මාස දෙකක් වගෙ. එක දවසක් රෑට කාල එහෙම මම ඉස්තෝප්පුවෙ පඩියෙ ඉඳගෙන ඉන්දැද්දි අප්පච්චි මට කතාකලා. අපෙ අප්පච්චි ඔය කතා නොකරම බැරි කාරණාවකදි මිස අපි එක්ක කතාකරන්නෙ නෑ. ඒ එයාගෙ හැටි.

" පුතා ………" 

" අප්පච්චි ………….." මම හැරිල බලල ඇහුව.

" ඔය ඉරිගේෂන් එකේ ට්‍රේනිං වැඩේ තව කොච්චර කල් තියෙයිද? "

" මාස තුනක් කියලනෙ කිව්වෙ ට්‍රේනිං පීරියඩ් එක. තව මාසයක් වගෙ තියෙන්නෙ....."

" ම්ම්ම්ම්...අර අභයගිරිය ප්‍රොජෙක්ට් එකේ ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙකුට වේකන්සි එකක් තියනවලු. මොකද කියන්නෙ? "

" කමක් නෑ අප්පච්චි. ට්‍රේනිං ඉතිං කොහෙ වුනත් මොකද? "

" නෑ. එතනනං සමහරවිට පඩියකුත් ගෙවයි. පස්සෙ ඕනනං පර්මනන්ට් වෙන්නත් පුලුවන්වෙයි මම හිතන්නෙ…"

" හා….එහෙනං…." මගෙ මූණෙ හිනාවක් පිපුනා.මාත් එක්ක ඩ්‍රාෆ්ට්ස්මන් කරපු එකෙකුටවත්, එකියකටවත් ඒ වෙනකොට පඩි ගෙවන රස්සාවක් හම්බවෙලා නෑ.ඒ කාලෙ ට්‍රේනිං වලට පඩි ගෙව්වෙ නෑ බොහෝමවිට.

" එහෙනං අනිද්ද මම යනව ප්‍රොජෙක්ට් ඔෆිස් එකට. කොහොමද ඔයා යන්නෙ? මා එක්ක යනවද? " 

" නෑ..මට වෙලාවක් කියන්න. මම උඩමළුව පාරෙන් හැරෙන තැන හන්දියෙ ඉන්නං…" 

සිංහ කණුව ගාව ඉඳල කෙලින්ම ඉද්ද ගැහුව වගෙ උඩමළුවට ( දුහුණන් දැනුම් උදෙසා - උඩමළුව යනු අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියයි. උඩමළුව හා සම්බන්ද කතාන්දර මහ ගොඩක් තියනව. දරමිටිපෝය කතාව එහෙම එයිං එකක්. අනුරාදපුරේ සෑහෙන කලක් හිටිය හින්ද ඒ වගේම පුරාවිද්‍යාව හා සම්බන්ධ රැකියාවක් කරපු හින්ද ඔය කතන්දර හුඟක් මම අහල තියනව. ) පාර හදල තිබ්බෙ ඒ වෙනකොට. ඒ පාරෙ මැදක් හරිය ගිහිල්ල දකුණට හැරිල අනුරාධපුර නගර සභාවට යන පාරෙ ගිහිල්ල ආයම වමට හැරිල පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය ඉස්සරහින් ( ඒ කාලෙ ඒක හැඳින්නුවෙ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය කියල ) දකුණට හැරිල රුවන්මැලි සෑය ලඟින් ආයෙම දකුණට හැරිල යන්ට ඕන අභයගිරියට .

ආ..අප්පච්චි කොහෙද ඉන්නෙ? හරි හරි මම මේ සිංහ කණුව ගාව ඉන්නෙ..හරි හරි තව විනාඩි දහයකින් මම නගර සභාවට හැරෙන හන්දිය ගාවට එන්නං හරි හරි..මොබයිල් එක ඕෆ් කරල සාක්කුවෙ දාගෙන මම ලෑල්ලට පෑගුව ඔලුවත් නමාගෙන...හෙහ්, එහෙම කරන්ට ඒ කාලෙ මොබයිල් ෆෝන් කියන එව්ව අපි හීනෙංවත් දැකල නෑ. වෙලාවක් කියල නියම වෙලාවට එතනට ගියෙ නැත්තං සොරි ම තමයි. ඒ හින්ද මම කෝකටත් කියල අප්පච්චි කියපු වෙලාවට විනාඩි පහලවකට වගෙ ඉස්සර අර කියාපු තැනට ගියා.

මම එතනට ගිහිල්ල ටික වෙලාවකින් ඔන්න අප්පච්චි ආව. ජීප් එක පිටිපස්සෙ මම පෑගුව බයිසිකලේ සුමනවීර ලංකා සවාරිය පදිනව වගෙ. අභයගිරියෙ ව්‍යාපෘති කාර්යාලය ඉස්සරහ අප්පච්චි බහිනකොටම මමත් එතනට ආව හති දාගෙන. එතකොටම ඔෆිස් එක ඇතුලෙ ඉඳල සුදු කෙට්ටු උස මගෙ වයසෙ වගෙ තරුණයෙක් එලියට බැස්ස. 

" මේ.... එක්ස්කියුස්මී.... ඩිරෙක්ටර් ඉන්නවද? " අප්පච්චි ඇහුව. 

" ආ..ඩිරෙක්ටර් නම් පොඩි වැඩකට ගියා චෛත්‍යය ලඟට. ඉක්මනට එයි. ඇතුලෙන් වාඩිවෙලා ඉන්න. " ඒ තරුණයා එහෙම කියල ඔෆිස් එක ඉස්සරහ පිලේ නවත්තල තිබ්බ බයිසිකලේක නැඟල කොහෙද ගියා. 

ඒ අප්පච්චිටයි මටයි එහෙම කියපු තරුණයාට තමයි මම අර පහුගිය සිකුරාදා කතා කලේ. මිනිහගෙ නම නවීන්.

" මගෙන්නෙ උඹලගෙ තාත්ත ඩොක්ට ඉන්නවද කියල ඇහුවෙත්..උඹ ඒ පස්සෙම ආවෙ හතිදාගෙන උඹෙ බයිසිකල් කට්ටෙ..හෙහ්,හෙහ්, " නවීන් එහෙමත් කිව්ව. 

" ඔව් එදාමනෙ සේනකයත් ප්‍රොජෙක්ට් එකට අරගෙන තිබ්බෙ. "

මම ඔය කියන දවසෙම තව ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක් අභයගිරි ප්‍රොජෙක්ට් එකට බඳවගෙන තිබුනා. ඒ සේනක. ගම නුවර කටුගස්තොට. සේනකගෙ ලොකු අයිය ප්‍රසිද්ධ කලාකාරයෙක්.නාට්‍ය රචකයෙක්. ගීත රචකයෙක්. ඒ වගේම මේ පහුගිය අවුරුද්දෙ නැත්තං ඊට කලින් අවුරුද්දෙ වගෙ සම්මාන දිනපු නවකතාවකත් කතුවරයා.

ඉතිං කිව්වත් වගෙ අධ්‍යක්ෂතුමා පැය බාගයක් වගෙ ඇතුලත ආව . අප්පච්චි ඒ පාර එතුමා එක්ක කතාකරල මාව අඳුන්වල දීල යන්න ගියා. ඒ වෙලාවෙ ඉඳලම මම අභයගිරි ව්‍යාපෘතියෙ වැඩ පටන් ගත්ත. සැලසුම් ශිල්පියෙක් විදිහට. මගෙ ජීවිතේ වැටුපක් කියල හම්බවුනු පළවෙනි රස්සාව. එතන මම වැඩකලා හරියටම අවුරුද්දක කාලයක්. හරිම සතුටෙන් සහ විනෝදයෙන් ගතකරපු ඒ අවුරුද්දක කාල සීමාව ම කවදාකවත් අමතක වෙන එකක්නම් නෑ. ඒ කාලෙ ව්‍යාපෘති කාර්යාලය තිබ්බෙ අභයගිරියට යන පාරෙ චෛත්‍යයෙ දකුණු වාහල්කඩට යාර සීයක් වගෙ මෙපිටින් වම් පැත්තට වෙන්ට.

අභයගිරියෙ සැළසුම් ශිල්පීන් නැත්නම් ඩ්‍රාෆ්ට්ස්මන්ල තුන්දෙනෙක් හිටිය. නවීන් ඒ වෙනකොට එතන වැඩට ඇවිල්ල අවුරුද්දක් විතර වෙලා.මමයි සේනකයි එකම දවසෙ වැඩට ආවෙ. 

අපිට පැවරිලා තිබ්බෙ ප්‍රධාන වශයෙන් පොළවෙ කැණීම් වලින් මතුකරගන්න පරණ ගඩොල් බැමි, ගල් පාදම්, ජල මාර්ග, ගොඩනැඟිලි අත්තිවාරම් එහෙම අඳින්න. එව්වයෙ නිවැරදි පිහිටීමට අමතරව කැණීම් වලින් මතුකරල ගන්නකොට තිබ්බෙ මොන මට්ටමේද කියන කාරණයත් බොහොම වැදගත් වෙනව. ඒ මට්ටම අනුව තමයි දලවශයෙන් ඒ පුරාවස්තුව අයත් වෙන්නෙ මොන කාලයටද කියල තීරණය වෙන්නෙ. ඉතාම වැදගත් පුරාවස්තුවල නම් වයස මනින්නෙ කාබන් 14 ක්රමයෙන්.

ඔය පුරාවස්තු හම්බවෙන තැන් හරියටම ස්ථානගත කරගන්ට එහෙම නැත්තං Precise Location එක හොයාගන්ට අභයගිරි චෛත්‍යයෙ හරි මැද ශූන්‍යය ලක්ෂ්‍යය කියල සලකල මුළු අභයගිරි විහාර සීමාවම චතුර්ථ නැත්නම් කොඩ්රන්ට් හතරකට බෙදල තිබ්බ. ඊසාන, අග්නිදිග, නිරිත සහ වයඹ විදිහට. ඒ කොඩ්රන්ට්වලත් මීටර් 30න් 30ට රෙෆරන්ස් පොයින්ට්ස් දාල තිබ්බ. රෙෆරන්ස් පොයින්ට් එකක් කියන්නෙ අඟල් 4 x අඟල් 4 වගෙ කොන්ක්‍රීට් කූඤ්ඤයක් පොළවෙ වලලල තිබ්බ යන්තමට පොළවෙන් උඩට බොහොම සේසයක් මතුවෙන්ට.

ඔෆිස් එකේ සේවය කලා ගෑණු ලමයි තුන්දෙනෙක්. යතුරු ලේඛිකාවක් සහ ලිපිකාරිණියන් දෙන්නෙක්. ඊට අමතරව කා.කා.ස. කෙනෙකුත් හිටිය. කැණීම් කටයුතු කලේ අනියම් කම්කරුවො. මගෙ හිතේ කම්කරුවො හිටිය 200 විතර.කැණීම් සුපරීක්ෂා කටයුතු කෙරුනෙ උපාධිධාරීන් විසින්. උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනකල් ඒ කාලෙ තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. ඒකෙන් කරන්නෙ රජයේ ස්ථිර රැකියා දෙනකල් ඔය තාවකාලික රැකියාවල් සොයල දෙන එක. පස්සෙ කාලෙක එ.ජා.ප. ආණ්ඩුවක ඇමතිවරයෙන් වුනු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහත්මය ඒ දවස්වල ඔය ස්ථාපන සේවයෙ සභාපතිවරයා.

ඔය ස්ථාපන සේවයෙන් තමයි රැකියා විරහිත උපාධිධාරීන් මේ ව්‍යාපෘතිවලට යොමු කරන්නෙ. අභයගිරි ව්‍යාපෘතියෙ රැකියා දුන්නෙ ප්‍රධාන වශයෙන් ජයවර්ධන පුරෙන් පිටවෙච්චි අයට. ඒ වගේම ව්‍යාපෘතියෙ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂවරු හිටියෙත් ජ'පුර ආචාර්ය වරු. මහාචාර්ය වික්‍රමගමගේ අපේ අධ්‍යක්ෂතුමා. මහාචාර්ය හෙට්ටිආරච්චි සහ මහාචාර්ය විජේතුංග සහකාර අධ්‍යක්ෂවරු. ව්‍යාපෘතියෙ වාස්තු විද්‍යාඥයින් විදිහට වැඩ කලේ සුරත් වික්‍රමසිංහ සහ සමාගම. අභයගිරියෙ මම සේවය කරපු අවුරුද්දක කාලය ඇතුලත මට දැනහඳුනා ගන්ට ලැබුනු උගතුන්, විද්‍යාර්ථීන් බොහොමයි. ඔවුන් හැමෝම තම තමන්ගෙ ක්ෂේත්‍රයෙ ප්‍රාමාණික විද්වතුන්. ඔවුන්ගෙන් මම ඉගෙන ගත් දේ බොහෝමයි. ඒ වගේම ඒ අවුරුද්දක කාලයෙ සිද්ද වෙච්ච අමතක නොවන සිදුවීම් ද ඒ වගේමයි.

මම අභයගිරියෙ සේවයට ඇවිල්ල මාස හයක් වගෙ ගතවෙද්දි අම්මල ගියා පිළිමතලාවෙ පදිංචියට. එහෙම යන්ට වුනේ අප්පච්චිට රජයේ සේවයෙන් විශ්‍රාම යන්ට වුන හින්ද. මම ඊට පස්සෙ ප්‍රධාන වශයෙන් නැවතුනේ අභයගිරි ව්‍යාපෘති කාර්යාල ගොඩනැඟිල්ලෙම එක කෙළවරක තිබ්බ කාමරේ. ඒකෙ සේනකත් නැවතිල හිටිය. නවීන් නැවතිල හිටියෙ එයාලගෙ මාම කෙනෙකුගෙ ගෙදර. ඒත් ඒ කිට්ටුවම. ලංකාරාමෙ පිටිපස්සෙ. පූජනීය නගරෙ කියල කිව්වට ඒ හරියෙ ගහක් ගලක් ගානෙ මත්පැන් තිබ්බ. නීත්‍යානුකූල සහ නීතිවිරෝධී දෙවර්ගයම. ඉතිං ආය මොනවද? රෑ බෝවීගෙන එනකොට සකෘදාගාමී අනාගාමී තමයි.

අභයගිරි මතක සටහන් තව බොහොමයක් ලියන්ට තියන හින්ද අදට මේ ඇති.

තව එකම එක කතාවක් විතරක් කියන්නං. මේක මේ සේනකය කරපු වැඩක්. ඕකා මාර වැඩ කරන්නෙ . දෙකට ගණින්ට බෑ වගෙ ඉඳගෙන. ඒ කාලෙ එංගලන්තෙ ඉඳල සුද්දියක් ඇවිල්ල හිටිය ඒ අම්මණ්ඩිගෙ උපාධියට අභයගිරි විහාරය ගැන මොනවහරි පර්යේෂණයක් කරන්ට. ඒ දවස්වල පොඩි කෙල්ල. ඒ උනාට අටේ දහයෙ. නැවතිල හිටියෙ පුරාවිද්‍යා සංචාරක නිවාසයෙ. ඒක තියෙන්නෙ බසවක්කුලම වැව අයිනෙ. 

සුද්දිගෙ රීසර්ච් වලට ඕන ඩ්රෝයිංස් එහෙම අපිට කියල අන්දගන්න හින්ද අපි තුන්දෙනා එක්ක බොහොම සුහදයි. දවසක් හවස වැඩ ඇරිල මම බයිසිකලේ ගෙදර යන්න පිටත් වෙද්දි ( ඒ මම ගෙදර ඉන්න කාලෙ ) සුදු ළමයත් මෙන්න ඉන්නව ඔෆිස් එකේ පිළට වෙලා අර තඩි කැන්වස් බෑග් එකකුත් කරේ දාගෙන. සර්කිට් එකට යාගන්ට විදිහක් නැතුවයි මේ ඉන්නෙ. ඒ කාලෙ අපෙ ඔෆිස් එකටම තිබ්බෙ එකම පිකප් එකයි. ගමරාලගෙ වංගෙඩිය වගෙ ඕක තමයි හැම කෙහෙල්මලටම ලවක් දෙවක් නැතුව දීවෙ. ඒ වෙලාවෙ පිකප් එක තිබ්බෙ නෑ. ඔය කවුරුහරි ලොක්කෙක් මොකටහරි අරං යන්ට ඇති එකත් එකටම.

මම යන පාරෙම නොවුනත් සර්කිට් බංගලාව හරහ ගිහිල්ල උඩමළුවට පිටිපස්සෙං වුනත් මට ගෙදර යන්ට පුලුවනි.මොනව උනත් පව්නෙ. උදේ ඉඳලම මහන්සි වෙලානෙ ඉන්නෙ. මුන්දැ දාගෙන පැද්දොත් මගෙ රිඹයනව නම් තමයි. දාඩිය දායි ඉහිං කණිං. ඒත් කමක් නෑ. ගෙදර ගිහිල්ල නාගන්න එකනෙ. මම එහෙම හිතල සුද්දිට කතාකලා. 

" Cathy, come I will drop you off…"

අනේ සුද්දිත් කියන පරක්කුවට ඇවිල්ල බයිසිකලේ බාර් එකට නැඟපි. " Thank you so much Ravi….I thought I would have to wait here for ages "

සුද්දිත් අපරාදෙ කියන්ට බෑ බර එහෙම නෑ. ඒ මදිවට කරේ එල්ලං ඉන්න කැන්වස් බෑග් එකම මයෙ හිතේ කිලෝ පණහක්වත් බර ඇති. ඉතිං මක් කරන්ටද? ඉල්ලගෙන කාපු පරිප්පුවනෙ. පැද්ද තමයි සර්කිට් එකට ෆුල් ඩම් දාල. සුද්දි බැහැල ගියා මට තෑන්ක්යූ සෝ මච් කියල. මම ඉතිං එතන ඉඳලා ආයම ගෙදරට පැද්දා. ගෙදර යනකොට පාං කියාගන්ට බෑ ඔන්න කොටිම්ම. අම්ම මිදුල අතුගගා උන්න මම යනකොට. 

" මොකද පුතා මේ නාල වගෙ දාඩිය දාගෙන? බයිසිකලේ පැදගෙනද ආවෙ නැත්තං උස්සගෙනද ආවෙ? " ඔන්න අම්ම අහපි..

" හ්ම්ම්ම්ම්ම්….." මම උගුර යටිං ගොරවල නෑහුනා වාගෙ ගෙට ගියා.

පහුවදා ඔෆිස් ගිය ගමන්ම සේනකය පටන් ගත්ත." ආ..උඹ දැං සුද්දියො එක්ක තමයි ගමං බිමං නේද? හොඳයි හොඳයි…"

" යන්ට එකක් නැතුව ඔෆිස් එකේ පිලේ ඉන්නව දැකල මම දාගෙන ගියා බං..දාගෙන ගියා තමයි. හොඳ පණ ගියා. ඒකිට වඩා බරයි අර කරේ එල්ලං ඉන්න කැන්වස් බෑග් එක. ආය නම් ඒ මෝඩ වැඩේ කරන්නෙ නෑ.." මම එකහෙලාම කිව්ව.

" හරි..හරි..අපි බලමුකො…"

" මොනව බලන්ටද? ඒක එහෙම්මම තමයි..මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් "

ඔන්න සතියක් වගෙ ගතවෙන්ට ඇති. ඔය අතරෙ කැතී වාහනයක් නැතුව පිලට වෙලා හිටියෙම නෑ. මම කෝකටත් බයිසිකලෙත් අරගෙන එලියට බහින්ට ඉස්සරවෙලා පොඩ්ඩක් ඉස්සරහ පැත්ත හෝදිසි කරනව. බඩු නැත්තං බූෂ් ගාල බයිසිකලෙත් අරගෙන මාරුවුනා. ඔන්න ආයම දවසක් මම දොරෙං එබිල බලන කොට අම්මටසිරි මෙන්න මේ යෝදි ආයම ඉන්නව පිළට වෙලා. ෂුවර් ඇන්ඩ් ෂොට් අදත් ඔය ඉන්නෙ පිකප් එක නැතුව තමයි. හප්පච්චියේ ආයම නම් බෑ මුන්දැදාගෙන පදින්ට. ඔෆිස් එක පිටිපස්සෙ අපෙ ඩාක් රූම් එක ( අපේ ප්‍රොජෙක්ට්  එකට වෙනම ෆොටෝග්‍රෆර් කෙනෙක් හිටිය වගේම සියළු අංගෝපාංග සහිත ලැබ් එකක් සහ ඩාක් රූම් එකක් තිබ්බ ) එහා පැත්තෙන් ගිහාම ඔෆිස් එක ඉස්සරහ ඉන්න කෙනෙකුට නොපෙනි හිමීට යාගන්ට පුලුවනි. මම වටපිට බලල හෙමීට ඒ පැත්තෙං මාරුවෙන්ට හැදුවෙ.

ඔන්න හරියටම ඔය වෙලාවට කසියා අල්ලන්ට පොලිසියෙං පැන්න වගෙ සේනකය කොහෙද ඉඳල කඩාපාත් වුනේ නැද්ද? 

" Aaah, Cathy…you don't have transport today too ?...right I think Ravi will drop you off gladly. "

කැතීට එහෙම කියල මූ මෙන්න අර මාරුවෙලා යන්ට තනන මා දිහාට හැරුනා…

" Hey Ravi..can you drop off Cathy? Please….."

අම්මාපල්ල, රවල බලල මිනිහෙක් මරන්ට පුලුවන්නම් සේනකය එදා එතනම දහ පාරක් විතර මැරිල වැටෙනව. සේනකයයි නවීනුයි දෙන්නම තොල් හපාගෙන හිනාව ගිලගෙන ඉන්නව කැතීවත් දාගෙන ඔෆිස් එකේ ඉඳල බයික් එක පැදගෙන එනගමං ආපහු හැරිල බලපු මට පෙනුන.

කැතී මම හිතන්නෙ දිගටම ලංකාව එක්ක සම්බන්ධතාවය තියාගත්ත. අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල සන්ඩේ ටයිම්ස් පත්තරේ මම දැක්ක බලංගොඩ ආදි මානවයින් යපස් වලින් යකඩ සහ වානේ නිෂ්පාදනයට පෝරණු හදනකොට බලංගොඩ කඳු මුදුන් වලට සබරගමු නිම්නය හරහා හමාඑන දැඩි සුළඟ උපයෝගී කරගන්ට ඇති කියල ඈ ප්‍රායෝගික පර්යේෂණයක් මඟින් ඔප්පු කලාය කියල ලිපියක් පළවෙලා තියනව.

පලි - මේ ගීතය හරිම අපූරුයි නේද?



129 comments:

  1. රාමෙන් ගිරියට මාරු වීමට හිතක් පහල වීම ගැන මගේ ප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      ඒක ඇති කියල හිතුන බං...දැං ආය අවුලක් වෙන එකක් නෑ...අගෝස්තු 17 අපූරුවට වැඩේ සිද්ද වෙයි...:)

      Thank you!

      Delete
    2. // ඒක ඇති කියල හිතුන බං...//

      අනේ වාසනාවන් රවි මහත්තයෝ..... තව සුට්ටෙන් මේ අනගි ලිපිය මිස් කර ගන්නවා, ".....රාමයේ විත්ති" කියලා වරද්දාගෙන.... :)

      Delete
    3. ඇනෝ,

      හෙහ්, මාතෘකාව දානකොට මටත් එහෙම හිතුන කස්ටිය ටපලෝගනිදෝහෝයි කියල. ඒක නිසයි මතක සටහන් කියල ටිකක් වැඩිපුර දැම්මෙ...:)

      Delete
    4. මට හිතුනෙත් ආයේ මේ යකා මගුලක් ලියලනේ කියල. හෙහ් හෙහ්

      Delete
  2. අපිත් 2008 දි තරුණ සේවා සභාව හරහා අභයගිරිය ප්‍රතිසංස්කරණ වැඩසටහනට කඳවුරක් කලා රට වටෙන්ම ළමයි එකතු කරන්. ඒක මතක් උනා. දැන් නම් පොඩි සතුටක් දැනෙනවා අපිත් මේ දේට පොඩි හරි උදවුවක් දුන්නනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. යෂ්යන්ත,

      ඔව්..මම ඉන්න කාලෙත් ඔය පෝයට එහෙම ඉස්කෝල ළමයි, එතකොට යුනිවසිටි ළමයි එහෙම ඇවිල්ල ශ්‍රමදාන තිබ්බ. ඒ කාලෙ නම් චෛත්‍යයෙ වැඩ වලට අතගහල වත් තිබ්බෙ නෑ. ඒ ළමයි කලේ සලපතල මළුව අවට කැළේ සුද්ද කරන එව්ව වගෙ වැඩ.

      ජේතවනාරාමෙ නම් ඒ වෙනකොටත් චෛත්‍යයෙ ප්‍රතිසංස්කරණ වැඩ පටන්ගෙන තිබ්බ. ඒ කාලෙ පෝය දවසට එහෙම එන බැතිමතුන්ගෙන් ඉල්ලිමක් කලා චෛත්‍යය හදන්ට ගෙනල්ල අහල පහල ගොඩ ගහල තියන ගඩොල් චෛත්‍යය මලුවට ගිහිල්ල දෙන්ට කියල. ඒ ගඩොල් අරගෙන යන එකත් ලේසි නෑ. ඔය අපි ගෙවල් හදන්ට ගන්න සාමාන්‍ය ගඩොල් වගෙ නෙවෙයි. පුරාණ කාලෙ යොදා ගත්තු ගඩොල් සයොස් එකටම විශේෂ පෝරණුවක පුච්චල හදපුව. ඒ ගඩොල් දිග පලලින් වැඩියි පැතලියි. ඒ කියන්නෙ ගනකම අඩුයි.

      Delete
    2. ඒ ගඩොල් සාමාන්‍ය ඒවට වඩා බරින් වැඩී. ඒ වගේම තමයි හදන බදාම එකත්. අර බාල්දියක් පුරවලා නම් උස්සගෙන යන්න බෑ. අපි ගිය කාලෙදි හතරැස් කොටුව හරියට ගඩොල් ඇද්දෙ.

      Delete
    3. යෂ්යන්ත,

      / ඒ ගඩොල් සාමාන්‍ය ඒවට වඩා බරින් වැඩී. /

      ඔව් ඒ ගඩොල් බරින් වැඩියි තමයි. එව්ව පිච්චුවෙත් මම දන්න විදිහට විදුලි පෝරණුවක වෙන්න ඕන. කොහොමහරි මම පස්සෙ දවසක අභයගිරිය පැත්තෙ ගිය වෙලාවක එහෙම ව්‍යාපෘති වාර්තාවක් දැක්ක විදුලි පෝරණුවක් යොදාගන්න යෝජනා කරපු. ඒත් ඇත්තටම අවසාන වශයෙන් ක්‍රියාත්මක වුනේ ඒ යෝජනාවමද කියල කියන්න නම් මම දන්නෙ නෑ.

      / අපි ගිය කාලෙදි හතරැස් කොටුව හරියට ගඩොල් ඇද්දෙ. /

      මම කිව්වෙ ජේතවනාරාමෙ ගඩොල් ඇදපු එකක්. අභයගිරියෙ නෙවෙයි. ජේතවනාරාමෙටනම් හතරැස් කොටුව ගාවට සාමාන්‍ය මිනිස්සුන්ට ගඩොල් අරගෙන යන්ට දුන්නෙ නෑ මට මතක විදිහට..යකඩ බට පුරුද්දල හදල තිබ්බ පලංචිවල හරහට ලෑලි සවිකරල හදල තිබ්බ පඩිපෙලවල් වලින් උඩට යන්ට තිබ්බ්. ඒ හින්ද ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුවෙයි කියල පල්ලෙහා මලුවට විතරයි බැතිමතුන් ලවා ගඩොල් අද්දවා ගත්තෙ.

      Delete
  3. වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා.. හෝරාවේ..... දැන් කාටද මේ කියන්නේ කැතිටද? හෙහ්..හෙහ්..

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ.. එකනම් සහතික ඇත්ත ඉතින්..
    නොදනිමු එය අප නොවී පමා
    පියවර මැන යමු.. යොදුන් ගෙවා.. එත් යන්නෙම ආපස්සටද මන්දා..

    දොරගුලු හැරලමු අප දෙහදේ
    හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ.. එකනම් එච්චරම අවුල් නෑ..
    කිසිවෙකු නොදකින නිහඬ පැයේ
    තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ.. (හිටපිය අක්කට කියන්න.. මටත් මඩ ගහලනේ ඉන්නේ.. හැක හැක..)

    ස්තුතියි.. එඩ්වඩ් ජයකොඩිට, කපිල කුමාර කාලිංගට හා රවී වීරසිංහට උදේ පාන්දරම හිත 'පාන් කරාට'..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

       / (හිටපිය අක්කට කියන්න.. මටත් මඩ ගහලනේ ඉන්නේ.. හැක හැක..) /

      අක්කට කියන්ට ඔතන ඇති එකක් නෑ. ඔය මම සුද්දිව මතක් වෙලා දාපු සිංදුවක් එහෙම නෙවෙයි……:)

      ඔය සිංදුව දැම්මෙ යම් අදහසක් ඇතුව...හෙහ්,හෙහ්,

      Delete
  4. ///එතකොට එතන අයි.ඊ. නොහොත් වාරිමාර්ග ඉංජිනේරු හිටියෙ ඒ කාලෙ කැකිරාව මන්ත්‍රී ඒ.එම්.එස්. අධිකාරි මහත්මයගෙ මස්සිනා.///
    කවදාවත් දැකල නැති ඒ ගෙවල් වල ගිහිල්ලත් නැති අපේ නෑදෑයෙක්ය කියල කියන කෙනෙක් තමයි ඔය මන්ත්‍රී. එයාගේ නෝනා ඒ කියන්නේ රාණි අධිකාරි හරහා තමයි ඔය නෑ නොනෑ කම ඇතිවෙලා තිබුණය කියන්නේ.

    ඔය කැතී කියන ගෑණු කෙනා සුද්දියෙක් කියල නේද කිව්වේ. ඒ කිව්වේ බිරිතාන්‍ය නේද...

    ඔතනින් හම්බ වෙච්ච හොඳ මට්ටමේ තියෙන උඳුනක් හොරෙන් රටින් පිට කොරපු ජර්මානු කාන්තාවක් නිසා අපිට අපේ හොඳ පුරා වස්තුවක් අහිමි උනාය කියල මම අහල තියෙනවා.
    අපි 2004/5 වගේ කාලේදී බලද්දී පුරාවිද්‍යා එකේ ඉතුරුවෙලා තිබුනේ පොඩි පොඩි කොටස් කීපයක් විතරයි.

    ඔටෝකැඩ් බොටෝකැඩ් මොක තිබුනත් අපිත් මුලින්ම ඇන්දේ පැන්සලෙන්. හැබැයි ට්‍රේසින් පේපර් වල අඳින වැඩේ අපි කලේ නැහැ. සමහර විට ඒ machine drawing නිසාද දන්නේ නැහැ.
    Sectional Views කියන අනංමනං හරස්කඩවල් අඳින්නත් තිබුනා එක එක ඈන්ගල් වලින් මොකක්හරි එකක් කැපුවම ඒ කැපිච්ච සෙක්ෂන් එක පේන්නේ කොහොමද කියන එක පෙන්නන්න. ඒකනම් ටිකක් වාතයි.

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

       / එයාගේ නෝනා ඒ කියන්නේ රාණි අධිකාරි හරහා තමයි ඔය නෑ නොනෑ කම ඇතිවෙලා තිබුණය කියන්නේ. /

      රාණි අධිකාරිත් බොලාගෙ ගම් පැත්තෙ ඒකියන්නෙ නේද? ඒ.එම්.එස්.අධිකාරිට පස්සෙ කැකිරාවෙ ලොක්ක වෙච්චි මහින්දසෝම නම් මල්ලි අගලවත්තෙ පොරක්. උපුල් ගමගේ කියල කලින් අගලවත්ත සෙන්ට් මේරීස්ද කොහෙද සෙල්ලං කරල පස්සෙ නාලන්දෙට ආපු ක්‍රිකට් ක්‍රීඩකයා මහින්දසෝමගෙ ඥාති පුත්‍රයෙක්.

      / ඔය කැතී කියන ගෑණු කෙනා සුද්දියෙක් කියල නේද කිව්වේ. ඒ කිව්වේ බිරිතාන්‍ය නේද… /

      Yes, she is British…

      / ඔතනින් හම්බ වෙච්ච හොඳ මට්ටමේ තියෙන උඳුනක් හොරෙන් රටින් පිට කොරපු ජර්මානු කාන්තාවක් නිසා අපිට අපේ හොඳ පුරා වස්තුවක් අහිමි උනාය කියල මම අහල තියෙනවා. /

      අහ්..අභයගිරියෙන් එහෙම පැන්නිල්ලක් වුනාද? පත්තරේකවත් දැක්කෙ නෑ බං එහෙම සීන් එකක්...

      / අපි 2004/5 වගේ කාලේදී බලද්දී පුරාවිද්‍යා එකේ ඉතුරුවෙලා තිබුනේ පොඩි පොඩි කොටස් කීපයක් විතරයි. /

      පුරාවිද්‍යා එකේ කියල කිව්වෙ අභයගිරි චෛත්‍යය ලඟම තියෙන කෞතුකාගාරෙද? ඒක ගොඩක් පස්සෙ හැදුනෙ .මම හිතන්නෙ 95 / 96 විතර.

      / ඔටෝකැඩ් බොටෝකැඩ් මොක තිබුනත් අපිත් මුලින්ම ඇන්දේ පැන්සලෙන්. හැබැයි ට්‍රේසින් පේපර් වල අඳින වැඩේ අපි කලේ නැහැ. සමහර විට ඒ machine drawing නිසාද දන්නේ නැහැ. Sectional Views කියන අනංමනං හරස්කඩවල් අඳින්නත් තිබුනා එක එක ඈන්ගල් වලින් මොකක්හරි එකක් කැපුවම ඒ කැපිච්ච සෙක්ෂන් එක පේන්නේ කොහොමද කියන එක පෙන්නන්න. ඒකනම් ටිකක් වාතයි. /

      අපිටත් තිබ්බ ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එකේ Machinery Drawing….ඒත් එච්චර සිරාවට කලේ නෑ. First Angle Projection, Second Angle Projection, Third Angle Projection….ඔන්න ඔහොම පෙනුම් ඇන්ද. අක් කෙවුම , පැති කෙවුම එව්ව තමයි සිංහල වචන. අක් කෙවුම = Frontal View, පැති කෙවුම = Sectional View,

      Delete
    2. ///රාණි අධිකාරිත් බොලාගෙ ගම් පැත්තෙ ඒකියන්නෙ නේද?///
      ඔව් ඔව්...
      එයැයි ඇවිල්ල අපේ "ආච්චිගේ පුංචි අම්මගේ දුගේ දු"... තේරුනාද.
      පොඩි කාලේ එයාව යම්කිසි දුෂ්කර වකවානුවක හදාවඩාගෙන තිබ්බේ අපේ ආච්චි...

      / ඔතනින් හම්බ වෙච්ච හොඳ මට්ටමේ තියෙන උඳුනක් හොරෙන් රටින් පිට කොරපු ජර්මානු කාන්තාවක් නිසා අපිට අපේ හොඳ පුරා වස්තුවක් අහිමි උනාය කියල මම අහල තියෙනවා. /

      අහ්..අභයගිරියෙන් එහෙම පැන්නිල්ලක් වුනාද? පත්තරේකවත් දැක්කෙ නෑ බං එහෙම සීන් එකක්...
      .....................................................
      මෙතන පොඩි ප්‍රින්ටින් මිස්කේට් එකක් තියෙනවා. ඔතනින් කියල මෙතැනදී කියවෙන්නේ අර සමනළ වැව හරියේ.
      මට ලැබුණු හෝඩුවාව අනුව ඒ මනුස්සයා ජර්මානු කියල මට මතක තිබ්බට එයා මෙයාමද කියන පොඩි සැකයක් ඇතුව තමයි මම මේ කමෙන්ට් එක දැම්මේ.
      ඔය සමනළවැව කැනීම් කරලා උඳුන් හොයා ගත්තු කාලේ ඔය සම්බන්ධව වැඩ කරපු මගේ යාලුවෙක් හරහා පුරාවිද්‍යා එකෙන් ප්‍රදර්ශන භාණ්ඩ අරගෙන ඇවිත් අපි කැම්පස් එකේ ප්‍රදර්ශණ දෙකක් තිබ්බා.
      ඒ භාණ්ඩ අතරේ ඔය කිව්ව උඳුන් වල කොටස් තිබුනා. මගේ මිතුරා තමයි කිව්වේ සමනළ වැව කැනීම් කරපු සුද්දියෙක් හොඳ තත්ත්වයෙන් තිබ්බ උඳුනක් හොරෙන් රට පැන්නුවා කියලා.
      ඒ සුද්දී ජර්මන් කියල තමයි මට මතක, ඌට අද කෝල් එකක් දාල හරියටම රට මොකක්ද කියල තහවරු කරලා මේ මනුස්සයව නිදහස් කරලා දාන්නම් තව ටිකක් දවල් වෙලා...

      Delete
    3. Lokka,

      / ඌට අද කෝල් එකක් දාල හරියටම රට මොකක්ද කියල තහවරු කරලා මේ මනුස්සයව නිදහස් කරලා දාන්නම් තව ටිකක් දවල් වෙලා…/

      අන්න ඒක හොඳයි...ප්‍රා ඔය සුද්දි අඳුනනව. සම්ටයිම්ස් අහයි කෙලිම්ම " මේ ඔහේ ඇත්තද සමනලවැවෙන් හම්බවුනු උදුනක් හොරෙන් අරන්ගියාය කියන්නෙ? අපෙ ලොකු පුතා මට කිව්වෙ. ඕකා බොරු කියන්නෙ නෑ "කියල. එහෙම වුනොත් මලේ සුද්දි බොට නඩු දාන්ටත් බැරි නෑ...:)

      Delete
    4. Call eka heta Ravi ayya, ada oluwe system clash ekak welâ...
      Api umbala tharam kal jeewath wenne naha kiyana message eka dan kâleka indala enawâ...😓

      Delete
    5. ලොක්කා,

      හපොයි ..මොකද අප්පේ?..:(

      Delete
  5. ඒ උනාට ඔය කියන හරියෙ බයිසිකල් පැදිල්ල එච්චරම අමාරු නෑ නේද..... කඳු පල්ලං එහෙම අඩුයිනෙ.... හි හි..... මන්ද ඔය අනුරාධපුරේ පොළොන්නරුවෙ ඉන්න අපේ එවුන්ට නං හැතැම්ම ගනං බයිසිකල් පැදිල්ල කජු කනව වගේ.... උන් ඩබල් නෙවෙයි ට්‍රිබලුත් දාලා යන්නෙ අගේට....

    ReplyDelete
    Replies
    1. හිරු,

      / ඒ උනාට ඔය කියන හරියෙ බයිසිකල් පැදිල්ල එච්චරම අමාරු නෑ නේද..... කඳු පල්ලං එහෙම අඩුයිනෙ. /

      බයිසිකල් පැදිල්ල නං මොකද්ද බං?.....ඒක සිම්පල්..ඩබල් දාල යන එකත් ආය අවුලක් නෑ. ටෙක් එකේ එහෙම කෙල්ලො දාගෙන අපි ඕන හැටිය හැතැම්ම හත අටේ සයිකල් පදිනව..ඒත් ඒ සාමාන්‍ය නෝමල් ඩබල් දාල පැදිල්ලක් නෙවෙයි මේක. මේක වෙනම ප්‍රොජෙක්ට් එකක්නෙ බාං ඒකයි සීන් එක. ඉඳහං ඒ ගැන සම්පූර්ණ විස්තරයක් ලියන්නං ඊලඟ පෝස්ට් එකේ... :)

      Delete
  6. ඒ දවස්වල උඹ හිතෙන බැන බැන දත්මිටි කකා සුද්දිව සයිකලේ තියං පෑගුවට පාඩු නෑ නේද ලියන්න කතාවක් ඉතුරු උනානෙ.අවුරුදු විසිපහකට තිහකට පස්සෙ බ්ලොගක් ලියනව කියල එදා දැනගෙන හිටියනං උන්ව හොය හොයා සයිකලේ දාගෙන ගිහිං කතා ටිකක් එකතු කර ගන්න තිබුනා නේද බං.

    ReplyDelete
    Replies
    1. තව එකක් අමතක උනා මචං.කිං ෆිෂර් බීපු කාලයක් මතක නෑ බං.මම බීල තියෙන රසම බියර් ජාතියක්.මෙහෙ බඩු තියෙනවා හැබැයි අපට විකුණන්නෙ නෑ.අපට ගන්න තියෙන්නෙ ඔය යුරෝපියන් බියර් තමා.මම අහපුවම ස්ටෝස් වල උන් කිව්වෙ බඩු යන්නෙ නැති නිසා ගත්තොත් පාඩුලු.

      Delete
    2. හැලප,

      / අවුරුදු විසිපහකට තිහකට පස්සෙ බ්ලොගක් ලියනව කියල එදා දැනගෙන හිටියනං උන්ව හොය හොයා සයිකලේ දාගෙන ගිහිං කතා ටිකක් එකතු කර ගන්න තිබුනා නේද බං. /

      ඒකනෙ කියන්නෙ බං...නුවර ටවුමෙදි එහෙම ඔය සෙනඟ පිරිල එහෙම හිටියොත් මම යන්ට තනනව ඒ පැත්තට..

      " මේ කොහෙද ඔය යන්නෙ? අද යන්නෙ නැද්ද ගෙදර? "

      " හරි හරි යමු යමු, ඉන්ටකො මම අර අතන සෙනඟ පිරිල මොකද කියල බලල එන්නං.."

      " හුහ්, මම දන්නව….එතන මොකක් හරි කලබලයක්නං බලාගෙන ඉඳල ඒකත් අර ඔයාගෙ ඔය ලියන කෙහෙල්මලේ ලියාගන්ට පුලුවන්නෙ නේද? අනේ..මේ...මෙන්න මෙහෙ යමු යන්ට…"

      Delete
    3. හැලප,

      / මෙහෙ බඩු තියෙනවා හැබැයි අපට විකුණන්නෙ නෑ.අපට ගන්න තියෙන්නෙ ඔය යුරෝපියන් බියර් තමා.මම අහපුවම ස්ටෝස් වල උන් කිව්වෙ බඩු යන්නෙ නැති නිසා ගත්තොත් පාඩුලු. /

      මට තේරුනේ නෑ බං ඒ කතාව, බඩු තියෙන්නෙ කොහෙද? උඹලට ගන්න බැරි ඇයි?

      අනික බඩු යන්නෙ නෑ කියන්නෙ එච්චරම ජනප්‍රිය නැතුව ඇති..අප්පටසිරි ඒකටත් එක්ක මෙහෙ..රාක්කවලට දාන පරක්කුව විතරයි..කේස් පිටිං උස්සගෙන යන්නෙ..කේස් පිටිං...ලයන් ලාගර් බීල පුරුදුවෙලා බං කිං ෆිෂර් එක විතරයි අල්ලල යන්නෙ.

      අනික කිං ෆිෂර් කම්පනි එකෙන් ගහනව කැලැන්ඩර් එකක් බං පිස්සු පීකුදු. බියර් කේස් තුනක් ගත්තම දෙනව ඒ කැලැන්ඩර් එකක්...ඕක මම අනිවාර්යයෙන් ගන්නව...හෙහ්,හෙහ්,

      Delete
  7. ඇත්තටම රවී අයියෙ මේ කතා අහනකොට බොලා මාර වාසනාවන්තයෙක් කියල හිතෙනව. කොල්ල කාලෙ ඔය වගේ වැඩ මාර ආතල් එකේ කරන්න ඇති නේද?

    බෝටකැඩ් , බොටෝඩෙස්ක් කියන සොෆ්ට්වෙයාර් දෙක මම හිතන්නෙ අභයගිරිය කැනීම් කරනකොට අහුවෙච්ච ඒව වෙන්න ඇති.

    මට මැවිල පේනව වගේ කිලෝ පනහක බෑග් එකක් කරේ එල්ලගත්ත කිලෝ හැටපහක විතර සුද්දියක් දාගෙන මේ මනුස්සය පුටාර් එක පාගනව.

    //ඉතිං ආය මොනවද? රෑ බෝවීගෙන එනකොට සකෘදාගාමී අනාගාමී තමයි.// ඉතිං ඒ වගේ වෙලාවට වෙච්ච දේවල් ටිකකුත් කියල දාමුකො. (මම හිතන්නෙ මීට කලිනුත් මේ ඉල්ලීම කවුරු හරි කලා)

    ReplyDelete
    Replies
    1. //බෝටකැඩ් , බොටෝඩෙස්ක් කියන සොෆ්ට්වෙයාර් දෙක මම හිතන්නෙ අභයගිරිය කැනීම් කරනකොට අහුවෙච්ච ඒව වෙන්න ඇති.//

      :D

      Delete
    2. ප්‍රසන්න,

      / ඇත්තටම රවී අයියෙ මේ කතා අහනකොට බොලා මාර වාසනාවන්තයෙක් කියල හිතෙනව. කොල්ල කාලෙ ඔය වගේ වැඩ මාර ආතල් එකේ කරන්න ඇති නේද? /

      ඇත්තම කිව්වොත් බං ඇස්සාක් කටවාක් නෑ මට ඒ ලැබීම නං තියනව මදි නොකියන්ට….මට ජීවිතේ විඳින්නට අවස්ථාව හම්බවුනා පුදුම විදිහට....:)

      / බෝටකැඩ් , බොටෝඩෙස්ක් කියන සොෆ්ට්වෙයාර් දෙක මම හිතන්නෙ අභයගිරිය කැනීම් කරනකොට අහුවෙච්ච ඒව වෙන්න ඇති. /

      මම කිව්වෙ ඔය සේනකයා.... දවසක් ඕකගෙ ගමේ යාලුවො තුන් හතර දෙනෙක් ආව වීක් එන්ඩ් එහෙකට. ඕකගෙ යාලුවොත් ඕක වගේම තමයි. තනිකර පිස්සු. අපි ඉතින් කට්ටිය පයිම්ම ගියා වට වන්දනාවෙ. ලංකාරාමය, කුට්ටම් පොකුණ, දෙවෙනි සමාධිය ඔය හැම තැනම. දෙවෙනි සමාධිය ගාවට යනකොට කොහෙන්ද ඔෆිස් එහෙකින්ද කොහෙද ආපු කෙල්ලො කට්ටියක් එතන පිරිල.

      සේනකය ඔය වෙලාවට කරන්නෙ අපේ නිල අයිඩෙන්ටිටි කාඩ් එක එහෙම කාටත් පේන්ට ගහගෙන පුරාවස්තු ගැන ලෙක්චර් දෙනව.එතනත් ඔන්න ඌ අපිට ලෙක්චර් එක දෙන්ට පටන් ගත්ත. ටික ටික අර කෙල්ලො කට්ටියත් වටවෙලා අහගෙන ඉන්ට ගත්ත උගෙ ලෙක්චර් එක. මූ දන්න ශිල්ප ඔක්කොම දාල දෙනව පරණවිතාන මහත්තයගෙ බාප්පගෙ පුතා වගෙ. කෙල්ලො කටවල ඇරගෙන බලා ඉන්නව. ඔය අස්සෙ අර මුගෙ එක යාලුවෙක් අහපි

      " මචං එච්චර ආදි කාලෙ වුනත් යකඩ වැටවල් දැං වගේමයි නේද? "කියල ( දෙවෙනි සමාධි පිළිමෙ වටේටම යකඩ වැටක් ගහල තියනව පිළිමෙ ආරක්ෂාවට ) ආය මොනවද? හතර විළි ලැජ්ජාවෙ පස්වෙනි එක...:)

      / මට මැවිල පේනව වගේ කිලෝ පනහක බෑග් එකක් කරේ එල්ලගත්ත කිලෝ හැටපහක විතර සුද්දියක් දාගෙන මේ මනුස්සය පුටාර් එක පාගනව. /

      හයියෝ කියල වැඩක් නෑ බං..ඒ මදිවට සුද්දි ලමයට වැහිල මට පාර හරියකට පේන්නෙත් නෑ. දෙපාරක් බයිසිකලේ පාර අයිනෙ ඇළකට යන්ට ගියා.ආය ඔය ටූෆාරාමෙ හන්දියෙදි දර කරත්තෙක ගොනා එක්ක ඔට්ටු වෙන්ට ගියා...

      /ඉතිං ආය මොනවද? රෑ බෝවීගෙන එනකොට සකෘදාගාමී අනාගාමී තමයි./ ඉතිං ඒ වගේ වෙලාවට වෙච්ච දේවල් ටිකකුත් කියල දාමුකො. (මම හිතන්නෙ මීට කලිනුත් මේ ඉල්ලීම කවුරු හරි කලා) /

      හරි, හරි..ලියමු....ලියමු..ඔය කොයිවත් ලියමු අනුපිළිවෙලට...:)

      Delete
  8. අපේ තාත්තා ලඟත් තිබ්බා ඔය ප්ලෑන් අඳින පෑන් සෙට් එකක්. තව ඒ ප්ලෑන් එකේ ලොකු ඉන්ග්‍රීසි අකුරු සටහන් කරන ස්ටෙන්සිල් සෙට් එකකුත් ඒ පෑන් පෙට්ටිය ඇතුලෙම තිබ්බා. අර ටී අකුර වාගේ ලොකු රූලත් එක්ක තියෙන බෝඩ් එකත් තිබ්බා. අපේ අයියා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්. එයා ඔටෝකැඩ් වලින් වැඩ පටන්ගන්න කළින් තාත්තගේ ඒ බෝඩ් එකයි පෑන් වලිනුයි තමයි වැඩ කළේ. තාත්තයි අයියයි ඒවායෙන් වැඩ කරනවා බලන් ඉන්න මං ඉස්සර හරි ආසයි. දැන්නම් ඉතිං කම්පියුටරේට මූණ ඔබාගෙන අර කළු පාට ඔටෝකැඩ් එකේනේ එව්වා අඳින්නේ. අයියා මටත් එක සැරයක් ඒකෙන් වැඩ කරන හැටි කියලා දෙන්න හැදුවා. අයියෝ මට ඇල්ලුවෙ නෑ.

    අර ප්‍රතිසංස්කරණය කරපු අභයගිරිය ජනාධිපතිතුමා විවෘත කළා කියලා දැකපු නිව්ස් එකත් එක්ක ඒකේ එයාගෙයි රනිල් උන්නැහැගෙයි පින්තූරත් ඇඳලා තියෙනවා දැක්කෙ නැතුව ඇති අයියා මං හිතන්නෙ නෙහ්? නෑ මං කියන්නෙ, අර මහින්ද රාජපක්ෂගෙ කාලේ හදලා විවෘත කරපු එව්වට එයාගෙ නම දාපු එක හොඳ නැති කොට අවුරුදු තිස් ගාණක් තිස්සේ කරපු ව්‍යාපෘතියක අන්තිමේදි ඒක ඉවර කළාය කියන අයගෙ රූපෙ ඇතුල් කරන එක හොඳද කියලයි මං මේ කල්පනා කළේ. :-\

    ReplyDelete
    Replies
    1. //එයාගෙයි රනිල් උන්නැහැගෙයි පින්තූරත් ඇඳලා තියෙනවා දැක්කෙ නැතුව ඇති අයියා මං හිතන්නෙ නෙහ්? //

      මාත් මේ නිකමට අහන්නේ...සිරාවටම ඒක දැක්කේ නැද්ද රවී අයියේ? :)

      Delete
    2. දේශපාලනය සම්බන්ධ දේවල් වලට ගෑවෙන්න අකමැති උනත්, (මම රවී තුමාගේ අබයාරාම විත්ති කියවන එකත් නතර කරල දැම්ම, දේශපාලනය පිළිකුල් නිසා සහ තවත් හේතු කාරණා නිසා) මේකට උත්තරයක් දාන්න හිතුන..

      ඔය පින්තූර අන්දපු කතාව මමත් බුකියෙ දැක්ක.. ඇත්තටම රජවරු හදපු, ඉපැරණි වෙහෙර විහාර වල, තමන්ගේ රූප ඇඳගන්න එක, බොහොම ගුජුප්සාජනකයි. කවුරු කලත් ඒක අනුමත කරන්න අමාරුයි. ඒ වගේම, ලෝක උරුමයක් වුනු පූජා නගර වල පිහිටි මේ විහාරස්තාන වල චිත්‍ර වල අඩංගු විය යුතු දේ ගැන අපේ මතය ඉදිරිපත් කරන්නටත්, අකමැති නම් විරුද්ධ වන්නටත්, අපි හැමෝටම පැහැදිලි අයිතියක් තියනව.

      ඒත් මේ කතන්දරේදී, ඒ පින්තූරය, වර්තමාන ජනාධිපති ටත්, අගමැති ටත්, අපහාසයක් ලෙස භාවිතා කරනවා දැකගන්නට පුළුවන්.. ඔය කොහොම උනත්, මම බුකියේදීම දැකපු විදියට, ඔය පින්තූරය මුලින් අන්දලා තිබිල තියෙන්නේ, හිටපු ජනාධිපති තුමා සහ හිටපු අගමැති තුමා. ඉතින් අලුත් පාලකයෝ පත් වුනහම පින්තූර වෙනස් කරන්න ඇති. ඒ වගේම හිටපු ජනාධිපති තුමාව අන්දපු එක කාගේ අදහසක්ද, ආණ්ඩුව වෙනස් වුනාම පින්තූරය වෙනස් කරන එක කාගේ අදහසක්ද කියල නොදැන, හිටපු ජනාධිපති තුමාට වත් අලුත් ජනාධිපති තුමාට වත් දොස් පවරන්න අපි ඉක්මන් නොවිය යුතුයි.

      කොහොම උනත්, "අපේ අය වැරදි කලාට කමක් නැහැ, කලින් හිටපු අයත් ඒ වරදම කරලානේ" කියල කියන්න අපට බැහැ. ඒ නිසා මම දකින්නේ, හිටපු පාලකයාගේ පාර්ශවයත්, නව ජනාධිපති තුමාගේ පාර්ශවයත්, දෙකම වැරදියි.. මම අලුත් ජනාධිපති උනා නම්, ඔය ගැන දැනගන්න ලැබුනම මම කරන්නේ, ඔය පින්තූරය එහෙමම මකවලා දාල, වෙන මොකක් හරි (භූමි දර්ශනයක් වගේ දෙයක්) අන්දවන එක.

      පින්තූර ටික එකතු කරන්න හැදුවට කොමෙන්ට් එකේ පින්තූර එකතු කරන්න මම දන්නේ නැහැ.. කාටහරි ඕන නම් මට පුළුවනි ඒ ටික එවන්න.

      Delete
    3. එක් මානවිකාවක්,
      ++++++++++++++++++++++++++++

      Delete
    4. Siththami,

      / අපේ තාත්තා ලඟත් තිබ්බා ඔය ප්ලෑන් අඳින පෑන් සෙට් එකක්. තව ඒ ප්ලෑන් එකේ ලොකු ඉන්ග්‍රීසි අකුරු සටහන් කරන ස්ටෙන්සිල් සෙට් එකකුත් ඒ පෑන් පෙට්ටිය ඇතුලෙම තිබ්බා. අර ටී අකුර වාගේ ලොකු රූලත් එක්ක තියෙන බෝඩ් එකත් තිබ්බා. /

      ඔය ස්ටෙන්සිල් සයිස් කීපෙකිං එනව. අකුරු පොඩිම සයිස් එකේ ඉඳල ලොකු සයිස් වෙනකල්. ටී රූල සහ ලී ඩ්‍රෝයිං බෝඩ් එක . තමයි අපි ටෙක් එකේ කෝස් එක කරන කාල පාවිච්චි කලේ. පස්සෙ ඉරිගේෂන් එකේදිත් එව්වම තමයි. ඒත් අභයගිරි ව්‍යාපෘතියෙ තිබ්බ Architectural Drafting Table . කියන ලොකු මේසයක් වගෙ එව්ව. එව්ව ජපානෙන් ආධාර දීල තිබ්බෙ. ලී ඩ්‍රෝයිං බෝඩ් එකේ වාගෙ නෙවෙයි කොන්ද නමාගන්ට ඕන නෑ එව්වයෙ වැඩ කරන එක හරිම පහසුයි.

      / නෑ මං කියන්නෙ, අර මහින්ද රාජපක්ෂගෙ කාලේ හදලා විවෘත කරපු එව්වට එයාගෙ නම දාපු එක හොඳ නැති කොට අවුරුදු තිස් ගාණක් තිස්සේ කරපු ව්‍යාපෘතියක අන්තිමේදි ඒක ඉවර කළාය කියන අයගෙ රූපෙ ඇතුල් කරන එක හොඳද කියලයි මං මේ කල්පනා කළේ. :-\ /

      දැක්ක, දැක්ක මොකෝ නොදැක? මම ඒ ගැන මොකවත් නොකිව්වෙ මම දන්නව ඒක දැක්ක ගමන් අපෙ සිත්තමී නෝනා ඔය ගැන කමෙන්ට් එකක් දානවය කියල. ඒ හින්ද කාලෙකට පස්සෙ ඔය නෝන මහත්තයගෙ කමෙන්ට් එකක් බලාගන්ට ආසා හින්දමයි මම මොකවත් ඒ ගැන නොකියා මුනිවත රැක්කෙ..

      හරි ඒ විහිලු ඇති. ඒ චිත්‍ර ගැන කියන්න නම් තියෙන්නෙ කවුරු කලත් එව්ව මහ බාල වැඩ. ඒ වගෙ දෙකයි පණහෙ වැඩ නොවෙනවනම් තමයි හොඳ. නමුත් මහින්ද මහත්තය එයාර් පෝට්, වරාය, රංග ශාලා ඔක්කොම එයාගෙ නමින් නම් කරගත්තු එකෙයි මේකෙයි වෙනසක් නම් තියනව.

      මේ චිත්‍ර ඇඳිල්ල සමහරවිට මෛත්‍රීයි රනිලුයි නොදැන වුනු දෙයක් වෙන්න බොහෝවිට ඉඩකඩ තියනව. ඔය එතන ඉන්න සංස්කෘතික ත්‍රිකෝණයෙ ලොක්කෙක් හරි නැත්තං අටමස්ථානාධිපති හාංදුරුවො ලකුණු ටිකක් දාගන්ට කරපු තුට්ටු දෙකේ වැඩක් වෙන්ට පුලුවන්. ඒත් අර වගෙ විශාල ව්‍යාපෘති තමන් නමින් නම් කරන එක මහින්ද මහත්තය නොදැන ඉන්ට විදිහක් නෑනෙ නේද? නොදැන හිටිය වුනත් පස්සෙ හරි ඒ වැරැද්ද නිවරදි කරන්ට තිබ්බ නේද? ඒත් එහෙම කෙරුනෙ නෑ.

      මෙතනදි මම මානවිකාගෙ අදහසට සපුරාම එකඟයි. බොහොම අගේට ඒ තරුණ මහත්මිය තම අදහස ප්‍රකාශ කරල තියනව.

      Delete
    5. මානවිකා,

      බොහොම පැහැදිලිව සහ තර්කානුකූලව ඔබේ අදහස පළකරල තියනව. ස්තූතියි!

      / මම අලුත් ජනාධිපති උනා නම්, ඔය ගැන දැනගන්න ලැබුනම මම කරන්නේ, ඔය පින්තූරය එහෙමම මකවලා දාල, වෙන මොකක් හරි (භූමි දර්ශනයක් වගේ දෙයක්) අන්දවන එක. /

      ආය කෙහෙම්මල් බූමි දර්සන... රවීතුමා අර අටේ දහයෙ සුද්දිවත් බාර් එකේ තියාගෙන, තුම්මුනිං දාඩිය ගලද්දි, පණ එපා කියල පුස් බයිසිකලේ පදිනව ඔතන ඇන්දනං මං අහන්නෙ මක් වෙනවද?

      Delete
    6. Sayuri,

      / මාත් මේ නිකමට අහන්නේ…/

      එහෙනං ආය..බොලා ඔයවගෙ එව්ව අහන්නෙ නිකමට නේන්නං...

      Delete
    7. //ආය කෙහෙම්මල් බූමි දර්සන... රවීතුමා අර අටේ දහයෙ සුද්දිවත් බාර් එකේ තියාගෙන, තුම්මුනිං දාඩිය ගලද්දි, පණ එපා කියල පුස් බයිසිකලේ පදිනව ඔතන ඇන්දනං මං අහන්නෙ මක් වෙනවද?//

      :D

      ඔහොම මතයක් ඉදිරිපත් වෙන බව දන්න නිසාම වෙන්න ඇති ඉක්මනටම ජනාධිපති සහ අගමැති තුමාගෙ පින්තූරයක් අඳින්න ඇත්තෙ !

      Delete
    8. /*ඒ චිත්‍ර ගැන කියන්න නම් තියෙන්නෙ කවුරු කලත් එව්ව මහ බාල වැඩ. ඒ වගෙ දෙකයි පණහෙ වැඩ නොවෙනවනම් තමයි හොඳ.*/

      මෙන්න මේක ගැන මට ඇත්තටම සතුටුයි. ඊටත් වඩා මට සතුටු හිතෙයි අයියා ඒ අකමැත්ත ලිපියේම ප්‍රකාශ කරලා තිබ්බානම්. :) කට්ටියට හිතෙනවා ඇති මම මහින්ද-වාදියෙක් කියලා. ඒත් ඒක වැරදියි. හරියටම කිව්වොත් මම රනිල්-විරෝධියෙක්. :)

      මානවිකා කියලා තිබ්බ කාරනේ මම දැනගෙන හිටියෙ නෑ. එතන කලින් ජනාධිපතිගෙයි අගමැතිගෙයි පින්තූර අන්දවලා තිබ්බ බව. දැන් ඉන්න දෙන්නගේ පින්තූර ඇඳලා තියෙන බවත් ෆෙස්බුක් එකේ දැක්කට මම විශ්වාස කළේ නෑ. පත්තරේ තියෙනවා දැක්කාම තමයි මේ මොකද්ද මේ විකාරේ කියලා හිතුනේ. එයා අන්තිමට පැහැදිලි කරලා තියෙන විකල්පය තමයි ඇත්තටම විය යුතුව තිබුන දෙය. :)

      Delete
    9. සිත්තමී,

      / ඊටත් වඩා මට සතුටු හිතෙයි අයියා ඒ අකමැත්ත ලිපියේම ප්‍රකාශ කරලා තිබ්බානම්. :) /

      අම්මාපල්ල බොලා අදහන්ට වටිනව.

      දේශපාලනය ගැන ලියනවයි කියල මට බනින්නෙත් බොලාමයි. යන්තමට ඔන්න ඔහෙ කෙහෙල්මල් දේසපාලනේ අල්ලල දාමුය කියල හිතල පරණ මතක සටහනක් ලිව්වම මෙන්න කියනව ඒකෙ දේසපාලනය ලිව්වනම් සතුටුයිලු.

      මම නෝනා මෙතන දේසපාලනය ගැන එක වචනයක්වත් ලිව්වෙ නෑ. ඒ හින්ද මට හිතුනෙ නෑ ඔය මෛත්‍රීගෙයි රනිල්ගෙයි රූප ගැන මොකවත් කියන්ට...;)

      / එයා අන්තිමට පැහැදිලි කරලා තියෙන විකල්පය තමයි ඇත්තටම විය යුතුව තිබුන දෙය. :) /

      පිස්සුද බන්..ඒ නිකම් විහිලුවට වගෙ කියපු කතාවක්නෙ. මම සුද්දිව දාගෙන බයිසිකල් පදිනව අභයගිරියෙ ඇන්දොත් හොඳට තියෙයි...:)

      Delete
    10. /*මම නෝනා මෙතන දේසපාලනය ගැන එක වචනයක්වත් ලිව්වෙ නෑ. ඒ හින්ද මට හිතුනෙ නෑ ඔය මෛත්‍රීගෙයි රනිල්ගෙයි රූප ගැන මොකවත් කියන්ට*/

      අනේ පවූඌඌඌ..... බලන්න තිබ්බා මෙතන මහින්දගේ මොකක් හරි වැරැද්දක් හොයාගෙන ලියන්න තිබ්බනං එහෙම ඔහොමම කියලා නොලියා ඉඳියිද කියලා. :P

      Delete
    11. සිත්තමී,

      / අනේ පවූඌඌඌ..... බලන්න තිබ්බා මෙතන මහින්දගේ මොකක් හරි වැරැද්දක් හොයාගෙන ලියන්න තිබ්බනං එහෙම ඔහොමම කියලා නොලියා ඉඳියිද කියලා. :P /

      ඉතිං බලාපල්ලකො බොලා එක්ක කිසි දෙයක් කොරන්ට බැරි හැටියක්...:)

      ඇත්තම කිව්වොත් ඔය අබයගිරි විස්තරේ ලියනකොට මම පුලුවං තරම් බැලුව අර බුරුසුවට මොකක් හරි ඇණුං පදයක් කියන්ට. හරිහමනට මොකවත් හිතාගන්ට බැරි වුනානෙ..නැත්තං දනී මම...හෙහ්,හෙහ්,

      Delete
  9. /" ඔව්නෙ..ඩොක්ටර් හම්බවෙන්නනෙ ආවෙ.."/

    මේක දැක්කම මට පරණ විදුසරක තිබ්බ කතාවක් මතක් උනා.

    වියළි කළාපෙ ගමක මොකද්දෝ ගල් පර්යේෂණයක් කරන්න කැම්පස් එකක කතිකාචාර්ය කෙනෙකුයි, ගෝලයො සෙට් එකකුයි ගිහිං. එහෙ ගමේ ගෙවල් වල නවාතැන් අරගෙන මාසයක් දෙකක් විතර ඔය පර්යේෂණේ කොළාලු. ගෝලයො තමන්ගෙ ලොක්කට "ඩොක්ටර්" කියලනෙ කතා කරන්නෙ. ඉතිං 'ඩොක්‍ටර්' නැවතිලා උන්න ගෙදර මනුස්සයා ගමේ හැමෝටම නිවුස් එක දීලා, තමන්ගෙ ගෙදර ඉන්නෙ දොස්තර මහත්තයෙක් කියලා. සතියක් විතර යනකොට බෙහෙත් ගන්න මිනිස්සු පෝළිමේ එනවලු. ඉතිං අර ඩොක්ටර් මේක පැහැදිලි කරන්න හදලා, අර මිනිස්සුන්ට. කොහෙද උන්ට කොහොම කිව්වතු තේරෙන්නෙ නෑ. බැරිම තැන අර ඩොක්ටර් කිව්වලු,

    "මම මිනිස් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. ගල් ඩොක්ටර් කෙනෙක්"

    ඊට පස්සෙ දවසෙ මෙන්න බොලේ හොඳ පෙනුම තියෙන උස මහත කොල්ලො සෙට් එකක් එනවලු බේත් ගන්න. (ඒ ටික එකතු කලේ අපේ ආසිරියා.)

    /අනුරාදපුරේ සෑහෙන කලක් හිටිය හින්ද ඒ වගේම පුරාවිද්‍යාව හා සම්බන්ධ රැකියාවක් කරපු හින්ද ඔය කතන්දර හුඟක් මම අහල තියනව./

    මේ කතා ටික පුළු පුළුවං විදිහට ලියල දාන්න පුළුවන්නං ගොඩක් වටිනවා.

    අභයගිරියෙ චෛත්‍යයෙ නේද, අර දකුණු දොරටුවෙ ඇතුල් පැත්තෙ තියෙන මුරගල් දෙකේ පාන්දර හෙළුවෙං ඇවිත් හුණු ගාන සිරිතක් තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / මේක දැක්කම මට පරණ විදුසරක තිබ්බ කතාවක් මතක් උනා. /

      ඔය වගෙ තව කතාවක් මටත් මතක් වුනා. මේක කවුරුහරි පත්තර කර්තෘ කෙනෙක්ගෙ මතක සටහන්වල තිබ්බෙ. එක්කො ඩී.බී.ධනපාල නැත්නම් සිරිලාල් කොඩිකාර වගෙ කවුරුහරි වෙන්න ඕන.

      ඔන්න පත්තරේ වැඩට ආවලු ඉලන්දාරියෙක්.." මේ ලමයගෙ ගම කොහෙද? "කර්තෘ ඇහුවලු.

      " මම අගලවත්තෙ.."

      " ආ අපේ ඩොක්ටර් කොල්වින් එහෙම දන්නව ඇති නේද? "

      " අපොයි මොකෝ නොදන්නෙ? අපේ පවුලෙ ඔක්කොම බෙහෙත් ගන්නෙ ඒ මහත්තයගෙන්නෙ.."

      / මේ කතා ටික පුළු පුළුවං විදිහට ලියල දාන්න පුළුවන්නං ගොඩක් වටිනවා. /

      ලියන්න ඕන ලියන්න ඕන..නැත්තං බොලා එව්ව ලියයි බොලාට ඕන විදිහට....:)

      / අභයගිරියෙ චෛත්‍යයෙ නේද, අර දකුණු දොරටුවෙ ඇතුල් පැත්තෙ තියෙන මුරගල් දෙකේ පාන්දර හෙළුවෙං ඇවිත් හුණු ගාන සිරිතක් තියෙන්නෙ? /

      අන්න බලාපං..ඉතිං බොරුද මම කියන්නෙ ?..මේ කතා ලියල තියන්ට ඕන නැත්තං බොලා ඔව්ව විකෘති කරල තමයි ලියන්නෙ කියල කටගන්ට හම්බුනෙ නෑනෙ...උඹ මේ මුරගල් දෙකේ හෙලුවෙං හුණු ගාන කතාවක් කියල තියෙන්නෙ...හෙලුවෙන් හුණු ගාන්නෙ නෑ බොල...අනික ඔතන දකුණු වාහල් කඩ තියෙන්නෙ බහිරව රූප දෙකක් ...සංඛ බහිරව සහ පද්ම බහිරව. අභයගිරිය ඉදිකරද්දි ඔය බහිරවයො දෙන වැඩ කඩාකප්පල් කරල තියනව. පස්සෙ වළගම්බා රජ්ජුරුවො කාරණා හොයල බලල මේ භූමියට අධිපති ඔය බහිරවයො දෙන්නට පුද පූජා පවත්වල එයාලගෙ ආශීර්වාදය ලබාගෙන තියනව විහාර කර්මාන්තයට.

      ඉතිං එදා ඉඳල සැප්තැම්බර් මාසෙ පෝය කිට්ටුව උදේ පාන්දර බහිරව රූප දෙකේ හුණු ගාල ඒ චාරිත්‍රානුකූල පුද පූජා පවත්වනව.

      හුහ්, හෙලුවෙන් හුණු ගානව....මම කිව්ව කියල හිතාගං..උඹ තව ටික දවසකිං කියයි හෙලුවෙං හුණු ගානව විතරක් නෙවෙයි හුණු බුරුසුව අතින් අල්ලන්නෙත් නැතුවයි හුණු ගාන්නෙ කියල...:)

      Delete
    2. රවි තුමා, බහිරව රූප තියෙන්නෙ එලියෙ පැත්තෙ නෙ. දැං එව්වට ගෙවල් හදල, පඩුරුත් ගැටගහනව. මං කිව්වෙ ඇතුල් පැත්තෙ තියෙන නාග රාජ මුරගල් දෙක. මං ගාව පොටෝ තියෙනව ව්ලාවක පෝස්ට් එකක්ම දාන්නං.

      මට අමතක වුනා කියන්න. බුරුසුව අතින් අල්ලන් නෑ තමයි. ඒක ඉන්ජුට් එකේ ගැටගහගෙන ඇවිත් හුනු ගාන්න ඕනෙ. ගෑණු කෙනෙක් නං වැඩේ ලේසියි...

      Delete
    3. ඩ්‍රැකී,

      / බහිරව රූප තියෙන්නෙ එලියෙ පැත්තෙ නෙ. දැං එව්වට ගෙවල් හදල, පඩුරුත් ගැටගහනව. /

      නෑ බන්ස් මම ඉන්න කාලෙත් ඔය බහිරව රූප දෙකට වෙනම දේවාල දෙකක් හදල බොහොම සරුවට පුද පූජා කලා.

      ඒ කිට්ටුව තියෙන සමථ මණ්ඩල වලින් ඔය සිල්ලර කේස් එහෙම ඔතනට එවනව දෙපාර්ශ්වය ලවා දිවුරවන්ට.ඒක මරු සීන් එක. ඔය දකුණු වාහල්කඩ එක්කම පාරෙන් අනිත් පැත්තෙ කූල් ස්පොට් එකක් දාගෙන හිටිය මුදලාලි අපෙ වෙරි ගුඩ් ප්‍රෙන්ඩ්ලි.අපි කිව්වෙ කඩේ අයිය කියල. ඒ අයියට අපි කියල තියෙන්නෙ දිවුරුම් කේස් එකක් ආවොත් පණිවිඩයක් එවන්ටෙයි කියල. ආය මොනවද ආරන්චිය ආපු ගමන් උසේන් බෝල්ට්ගෙ පස්සෙන් පිස්සු බල්ලෙක් එලවනව වගෙ තමයි අපි දුවගෙන එන්නෙ.

      / මං කිව්වෙ ඇතුල් පැත්තෙ තියෙන නාග රාජ මුරගල් දෙක. /

      අහ්හ්හ්…... නාගරාජ දොරටුපාල රූපෙ ඔන්න උඹ කිව්වමනෙ මතක් වුනේ…...අඩේ ඒකටත් එහෙම පුද සත්කාර කරනවද? ඒක මම දන්නෙ නෑ.

      / මං ගාව පොටෝ තියෙනව ව්ලාවක පෝස්ට් එකක්ම දාන්නං. /

      අන්න හරි..ෆොටෝස් එක්කම පෝස්ට් එකක් දාහන්..මමත් අපෙ උන්දැට ආඥාවක් නිකුත් කලා මයෙ පරණ ඇල්බන් එහෙම ඇදල කාරිය අබයගිරියෙ ෆෝටොස් හොයල ගන්ටෙයි කියල. හ්ම්ම්ම්ම්. වෙලාවක් තිබ්බොත් බලමු කිව්වෙ එවුන්දැ....දේව කරුණාවෙන් එතුමීට වෙලාවක් තිබ්බොත් මාත් ඊළඟ පෝස්ට් එකට පෝටොස් කෑලි දෙක තුනක් දාඤ්ඤම්.

      Delete
    4. පට්ඨ... අභයගිරිය සහ අභයගිරි සම්ප්‍රදාය ගැන පොතක් උනත් ලියන්න පුලුවන්...

      Delete
  10. ගෙදර උන්ද මෙව්වා ඉවසනවට දෙන්න ඕනේ ඉස්සකුඩිච්චි!

    සින්දුව නම් මාර රොමැන්ටික්!!!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / ගෙදර උන්ද මෙව්වා ඉවසනවට දෙන්න ඕනේ ඉස්සකුඩිච්චි! /

      ඇයි බොල දැන් මොකක්ද මම කරපු වැරැද්ද?

      / සින්දුව නම් මාර රොමැන්ටික්!!! /

      හෙහ්..ආතල් සින්දුව නේද? මම ඕකෙ ආසම කොටස " අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු ලා සඳ නැගෙනා ආආආආ.. හෝරාවේ ඒ..ඒ..ඒ....ලලලා ලාලලලා... ලාලලලාලාලා ලල්ලල ලා ලලලා ලල්ලල ලා ලලලා"

      අභයගිරියෙ ඉන්න කාලෙ කාලක් ගැහුවද ඔය සින්දුවයි එඩාගෙම " නිල් නුවන් පෙඟෙන අඳුර ගලා " එකයි කියනව කියනවමයි ආ...එතකොට සුනිල්ගෙ " නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා රැයේ " සහ " සන්තාප මාවතේ සන්වේදනා මැදුරේ " ......ඔය ඒ කාලෙ නැඟල ගිය සින්දු...හෙහ්,හෙහ්,

      Delete
    2. "මින්දද හීසර" කියන් නැතැයි? :-)

      Delete
    3. ඩ්‍රැකී,

      අඩේ කියනව බං කියනව කියනව..අනිවාර්යයෙන්ම කියන එකත් කියනව....මගෙ ප්‍රියතම ගීතයක්නෙ අපෙ මාස්ටර්ගෙ....ඒයි මේ කොල්ලො උඹ කොහොමද දන්නෙ ඒ ගැන? එහෙනම් කලින් ඔය පඳුරක් තලන වෙලාවක මම කියන්ට ඇති....හෙහ්,හෙහ්,

      Delete
    4. ඩ්‍රැකී,

      හරි නේන්නම් බොලේ...ගුණේ අයියගෙ ගෙදරදි මම ඔය සින්දුව කිව්ව නෙවෙන්නම්...රමණි අක්ක එහෙමත් හිටියනෙ...නොහැඟවූ ආදරය.....හෙහ්,හෙහ්, උඹ අහල තියනවද කේමදාස මාස්ටර්ගෙ හොළුහදවතින් තුන්වන යාමයට කැසට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක. සුනිලා අබේසේකරගෙ වොයිස් එක...." ගොළු හදවත...නොහැඟවූ ආදරයේ සදාතනික වේදනාව. The eternal torment of unexpressed love "

      Delete
    5. මා ගාව ඕඩියෝ සීඩී එක තියෙනවා. ඒ සුනිලා අබේසේකරද? මාර කටහඬනෙ.

      එතකොට එහෙනං නොහැඟවූ ආදරයට ඒතරං දිග මුලක් තියෙනවා ඈ...?

      Delete
    6. ඩ්‍රැකී,

      / මා ගාව ඕඩියෝ සීඩී එක තියෙනවා. ඒ සුනිලා අබේසේකරද? මාර කටහඬනෙ. /

      ඔව්..ඒ සුනිලාගෙ වොයිස් එක. බඹරු ඇවිත් ෆිල්ම් එකේ අර සුප්‍රසිද්ධ ගීතය කියන්නෙත් සුනිලා.." මලක් නම් එය මලක් වුව මැන ..විලක් නම් එය විලක් වුව මැන නිල ඉඳුවර..ආ..ආ..... "

      තිස්ස අබේසේකර මම කැමති තව කටහඬක්.

      / එතකොට එහෙනං නොහැඟවූ ආදරයට ඒතරං දිග මුලක් තියෙනවා ඈ...?/

      එහෙනම් එහෙනම්...නොහැඟවූ ආදරය කියන්නෙ බන් පාරිශුද්ධම ආදරය...හෙහ්,හෙහ්,…Unexpressed love….It is the purest form of love you could hope for…:)

      Delete
    7. /නොහැඟවූ ආදරය කියන්නෙ බන් පාරිශුද්ධම ආදරය/

      ඒක ඇත්ත තමා කියලා මටත් හිතුණා. සමනල සංධ්වනිය ෆිල්ම් එකෙත් තියෙන්නෙ ඒ වගේ එකක් නෙ. ඒක හැබැයි අන්තිම හරියෙදි යශෝධාට කියනවා. එතනිං ඒ ප්‍රේමයේ තිබුණ පාරිශුද්ධත්වය නැති වුනා කියලා මට හිතුණා.

      තිස්ස අබේසේකරට නම් මාත් ගොඩක්ම කැමතියි. ඊළඟට අර රසාර එකේ ‘යටගියාවේ සුළමුළ‘ කරපු (.... පොරගෙ නම මතක් වෙන්නෑනෙ අප්පා... අන්තිමට අමරසිංහ වගේ මතක. කෙටිකතා කාරයෙක් වගේම හොඳ පරිවර්තකයෙක්.)

      Delete
    8. ඩ්‍රැකී,

      යටගියාවේ සුලමුල මම අහල නම් නෑ. ඒත් මලේ උඹ ඔය කියන විදිහට කරුණාරත්න අමරසිංහ වෙන්න ඕන එකත් එකටම...

      Delete
    9. හරියටම හරි. එයා තමා... මාර විද්වත් කටහඬක්...

      Delete
    10. ඩ්‍රැකී,

      කරුණාරත්න අමරසිංහ කියන්නෙ පුදුම පෞරුෂයක් ඇති කටහඬක් ඇති මනුස්සයෙක්. මොණරතැන්න ගුවන්විදුලි නාටකයෙ පියසෝම සහ ගජමුතු නාටකයෙ මොරපාතොට අප්පො..හැමදාමත් මතකයේ තියේවි. ඒ දෙකේම ඔහු එක්ක කාන්තා ප්‍රධාන චරිතයට හඬකැව්වෙ නිරන්ජලා සරෝජිනී…

      කටහඬ විතරක්ම නෙවෙයි ඔහු සම්මාන දිනපු පරිවර්තකයෙක් සහ පොත් කතුවරයෙක්..:)

      Delete
    11. /මොණරතැන්න ගුවන්විදුලි නාටකයෙ පියසෝම සහ ගජමුතු නාටකයෙ මොරපාතොට අප්පො../
      ගජමුතු යනකොට මං හරි පොඩියි. අපේ තිබුණ වෑර්ලස් රේඩියෝව වික්කට පස්සෙ, අපි ඕක අහන්න ළඟ ගෙදරකට යනවා. එහෙ තිබ්බා වෑර්ලස් වගේ රේඩියෝ එකක්. ඒකට බැටරි අමුණලා තිබ්බෙ සුරුට්ටු පෙට්ටියකට අහුරලා. හීනයක් වගේ මතක් උනා...

      Delete
    12. අර වොයිස් එක කාගේද කියල මමත් හොය හොය හිටියේ. වෙන මොනවාද ඒ වොයිස් එකෙන් තියෙන සිංදු?

      Delete
  11. ෂුවර්ද කැතී කියල? ජිල් Gill නෙමෙයිද? Dr. Gillian Juleff

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ජිල් තමයි ප්‍රා ජිල් තමයි, ඒ කාලෙත් අටේ දහයෙ අම්මණ්ඩි, නම කෙලින්ම දාන්න බෑ වගේ හිතුන. ඒත් මම දන්නව බලංගොඩ ගැන කිව්වහම ප්‍රා නම් දැනගනියි කියල මේ කියන්නෙ අහවලා ගැන කියල...හෙහ්,හෙහ්,

      Balangoda - Using wind power for metallurgy.

      Delete
    2. Dr. S D ආවෙ නැද්ද ඒදවස්වල ඒ පැත්තෙ?

      Delete
    3. ප්‍රා,

      Dr. Shiran Deraniyagala වැඩිය සම්බන්ධ වුනේ නෑ අභයගිරියෙ වැඩ වලට මම දන්න තරමින්. ඒත් සීගිරියෙ එක පාරක් එතුමා දවස් තුනක වැඩ මුළුවක් තිබ්බ කැණීම් සහ සංරක්ෂණ කටයුතු විද්‍යානුකූලව කරන්නෙ කොහොමද කියල. ඒක තිබ්බෙ අර මම කිව්ව උපාධිධාරී සුපරීක්ෂක වරුන්ට. ඒත් මායි සේනකයයි ඩොක්ටර්ට කෙඳිරිගාල ඕකට සහභාගි වුනා.

      ඒ ආසන්න කාලෙක Dr. Shiran මහාතිත්ථ වරායෙ කැණීම් කටයුතුවල යෙදිල හිටිය මට මතකයි. මහාතිත්ථ කියන්නෙ දැන් මන්නාරම කිට්ටුව. මම කිව්වෙ මගෙ යාලුව නවීන්. Archaeological Draftsmanship කියන්නෙ වෙනම Subject එකක්. නවීන් ඕකට Expert.

      Dr. Shiran එක්ක නවීන් ගියා ඔය මහාතිත්ථ කැණීම් වලින් මතුවෙච්චි පුරාවස්තු අඳින්ට.

      Delete
  12. අධ්‍යක්ශක Dr Roland Silva? ඇයි නමෙන් සඳහන් නොකලේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      නෑ ප්‍රා ‍Dr. Roland Silva හිටියෙ අධ්‍යක්ෂ ජනරාල් - Director General of CCF ( Central Cultural Fund )

      අපේ Project Director හිටියෙ ආචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ. .

      Delete
    2. කාගෙන් බේරුනත් බැරිය 'ප්‍රා ජේ' ගෙන් මාරු වෙන්න.. හැක හැක හැක..

      Delete
    3. කළ්‍යාණ,

      ආය මොනවද ප්‍රා කෙලිම්ම හීං තැනිං අල්ලගන්නෙ..හිං තැනිං...:)

      Delete
  13. අපූරු මතක සටහන්.... කොච්චර කාෂ්ඨක උනත් අනුරාධපුරේ පොළොන්නරුවෙ පුෂ් බයිසිකලේකින් එහෙමෙහෙ යනවා කියන්නෙ මට නං මාර ගතියක් දැනෙන වැඩක්..රවී අයියට වගේ රාජකාරි වලට ඔහේ යන්න බැරි උනත් අදටත් මම ට්‍රිප් එකක් ගියත් කකුල් අමාරු තියන එවුන් ටික හලලා හැම තැනම ඇවිදිනවා. දැකපු නැති දේවල් බලාගන්න. ගිය අවුරුද්දෙ බිරිඳයි මායි ගියා ට්‍රිප් එකක්. දවස් තුනක් මැප් එකකුත් අරගෙන ගහක් ගලක් ගානේ ඇවිද්ද අනුරාධපුරේ. මට නං පුදුමාකාර ඉන්ටරස්ට් එකක් තියෙන්නෙ .. රවී අයියා , ඔය සම්බන්ධ දේවල් තවත් ලියන්න. ආසයි බලන්න කියවන්න...

    ReplyDelete
    Replies
    1. සජ්ජො වරෙං බදාගන්න. මායි අශෝකයයි (අර දේවාරූඪයෙන් ටීවී හදන ඉලෙක්ට්‍රොනික්ස් හාදයා) පාන්දර පහේ ඉඳං දවල් දෙක වෙනකල් ඇවිද්දා අනුරාධපුරේ.

      ගිය තැන්: - තොලුවිල, ප්‍රාචීනතිස්ස පබ්බතාරාමය, අභයගිරියෙ මහා පිළිම ගේ, ගල් වැට, පොකුණු සෙට් එක, බිසෝ මාළිගාව, ඇතුල් නුවර, නඛාවෙහෙර,

      අන්තිමේ පාං කියාගන්න බෑ. ඉතිං දවල්ට බත් කෑවෙ කඩේකින්...

      Delete
    2. බොලා වැඩි වෙලාවක් හිටියෙ බිසෝ මාළිගාව ඇතුලෙ නේද? ඉතිං පාං කියාගන්න ඉතුරුවෙයි යැ. :P

      Delete
    3. ඒකනෙ ප්‍රසා, බ්ලේඩ් හයිකොරලනෙ මේ අසමජ්ජාතියො ටික. ඉතිං පාං කියන්න දිවක් ඉතුරු වෙයියැ... :-)

      Delete
    4. ඩ්‍රැකී, ගල් පාලම් දෙකත් බලන්න ගියා... වන්දනා සෙට් එකක් එක්ක ගියා නං ජීවිතේට ඔව්ව බලන්න යැවිලි බොරු.. ප්‍රසාට මතක් වෙන්නෙම ඔව්ව තමා...

      Delete
    5. අපිත් තව දවසක, බයික් එකක් ඉල්ලං ගියා ඔය ගල් පාලම් දෙකයි, පංකුලිය, බටහිරාරාම, විජයාරාම එහෙම බලන්න... අනුරාදපුරේ, පොලොන්නරුව යනවනං තමංගෙම වාහනේක යන එක හොදයි. එතකොට හැම දෙයක්ම වගේ බලන්න පුලුවන්. වැඩේ තියෙන සිතියම් ඔක්කොම වගේ සුඩ්දගෙ කාලෙ හදපුව නිසා, පරන පාරවල් තමයි එව්වයෙ තියෙන්නෙ.

      Delete
    6. //සිතියම් ඔක්කොම වගේ සුඩ්දගෙ කාලෙ හදපුව නිසා, පරන පාරවල් තමයි එව්වයෙ තියෙන්නෙ.//
      මොකටද කලබල වෙන්නෙ. අපේ රවී තුමාට කිව්වනං නියමෙට රෝඩ් මැප් එක ඇඳල දෙයි. (හැබැයි ඉතිං වෙන එකෙකුට කියල වැඩේ කරගනිං. නැත්තං ඉතිං වැවක් මැද තමයි බොලාට නවතින්න වෙන්නෙ.)

      Delete
    7. සජ්ජා, ඩ්‍රැකී සහ ප්‍රසන්න,

      ඇත්තටම වියළි කලාපෙ උනාට බන් අනුරාදපුරේ හරිම ආසයි ඇවිදින්න. මහමෙව්නා උයනෙ කොහොඹ ගහක් යට වැතිරුනාම වරුවක් හිටියැහැකි. ඒ වගේම තමයි පාලොස්වක දවසට රුවන්මැලි සෑයෙ සලපතල මලුවෙ නැත්නම් තිසා වැව ඉවුරෙ කුඹුක් ගහක් යට පැයක් දෙකක් ඔහේ ඉඳගෙන ඉන්න එක.හීන්වට වගෙ මලකුත් සාක්කුවෙ තිබ්බ නම් ඉතින් සයින් ද පීස් සකබෝනා තමයි!

      මගෙ අයිඩියානන්ද එකක් තිබ්බ අම්බාපුරේ පදින්චි වෙන්ටත් ( අපෙ පොඩි අම්මගෙ දුවල් පොඩි කාලෙ කිව්වෙ අනුරාධපුරේට අම්බාපුරේ කියල ) අප්පච්චි ගත්තු සුට්ටි ඉඩම් කෑල්ලලුත් තිබ්බ එහෙ. ඒත් පස්සෙ පස්සෙ වැඩේ අතැරල දැම්ම. ඒ ඉඩමත් වික්කා.

      එහෙ ඔය මොකක් හරි හාල් කෑල්ලක් මට කොක්ක ගැහුවනම් ආය දෙකක් නෑ එහෙම බින්න බහින්ට වෙනව...හෙහ්,හෙහ්,

      Delete
    8. ප්‍රසා,

      මං ඉන්නෙ රවි අදින මැප් එක ගුගල් මැප් එක උඩින් තියලා, ට්‍රේස් කරගන්න....

      රවි,

      අපරාදෙ, අනුරධපුරේ හාල්කෑලි....

      අම්බාපුරේ පදිංචි වෙන එකට තියෙන එකම ප්‍රශ්නෙ වතුර බොන්න බැරි එක විතරයි. මාර කිවුලයි නෙ.

      Delete
    9. ඩ්‍රැකී,

      / අම්බාපුරේ පදිංචි වෙන එකට තියෙන එකම ප්‍රශ්නෙ වතුර බොන්න බැරි එක විතරයි. මාර කිවුලයි නෙ. /

      එහෙම පොඩි කිවුල් කේස් එකක්නම් තියනව තමයි. අපි කලේ වතුර නටනකල් රත්කරලයි බොන්ට ගන්නෙ. හප්පා. ඒ වතුර උණු කරන මුට්ටිය මාස තුන හතරකට වඩා පාවිච්චි කරන්ට බෑ. පතුලෙ බැඳෙනව සුදු පාටට..මොනවද බං මට මතක නෑනෙ..කැල්සියම් කාබනේට් නේද?

      අනිත් කේස් එක පායන කාලෙට වැව් වල වතුර අඩුවෙන හින්ද ගෙවල් වලට එවන වතුරට මදි නොකියන්ට දානව ක්ලෝරීන්. සමහර වෙලාවට කිරි පාටට වතුර එන්නෙ. ඒ සැර ගඳට පුරුදු නැත්තං ආය නෑ කෙලිම්ම වමනෙ තමයි...:)

      Delete
    10. කැල්සියම් කාබනේට් නෙවෙයි මයෙ හිතේ පොටෑසියම් ප'මැංගනේට් ඔය සුදු පාටට බැදෙන්නෙ. ඉතිං එහෙම නිස්සාරනය වෙන රසායනිකය සිංහල බෙහෙත් බඩු කඩේකට විකුනගන්ට බැරිද?

      Delete
    11. අන්ඩාපුරේට ටිකක් මෙහා ඒ කිව්වේ ගල්කුලම කිට්ටුව එක නළ ලිඳක් තියෙනවා, වතුර වල කිසි කිවුල් රහක් නැහැ. එතනින් වතුර ගේන්න යන්න කම්මැලි කමට අපි නතරවෙලා හිටපු ගෙදර ලිඳේ කිවුල් වතුර වීදුරුව ඇදලා අරින එක තමයි මමනම් කලේ.
      වතුර බොන එක අඩුවෙලාද, එහෙම නැත්නම් කැල්සියම් ගැටළුවක් නිසාද මන්ද එක දවසක මට මුත්‍රා ගල් අමාරුව හැදිලා බිම පෙරලි පෙරලි ඉන්නකොට ඒ ගෙදර අක්කල දොස්තර කෙනෙක් ගාවට මාව කුදලගෙන ගිහින් පස්සට රොකට් එකක් ගහලයි මගේ වේදනාව අඩු කරගෙන ආවේ.

      ඔය යාපනේ පැත්තේ අයියකච්චි වල තියෙන පතරංග ලිඳත් ඒ වගේ. ඒ වතුරත් මල් මසුරං.
      ඒ ලිඳෙන් එක පාර බවුසර් හතරක් පුරවන්න මෝටර් ගහල වතුර ඇද්දත් අඟලක් අඩු වෙන්නේ නැහැයි කියලයි ඕකෙන් වතුර ඇදපු බවුසර් කාරයෙක් මට කිව්වේ.
      ඒ ලිඳේ වතුර බීල තිබ්බට මට ලිඳ බලන්න යන්න බැරි උනා.

      Delete
    12. සිරාවට ලොකු පුතා? අපේ යාළුවෙක්ටත් මුත්‍රා දැවිල්ල හැදුනා, කිවුල් රහ නිසා වතුර බොන්නැතුව ඉඳලා. පස්සෙ අපි තැඹිලි බිව්වා.

      ඉස්තූතියි බං විස්තරේට. ආයි ගිය දවසකට ප්‍රයෝජනවත්...

      Delete
    13. ලොකු පුතා @උබ නම් පුදුම කම්මැලියෙක් නේ

      Delete
    14. ඩ්‍රැකී,

      / කැල්සියම් කාබනේට් නෙවෙයි මයෙ හිතේ පොටෑසියම් ප'මැංගනේට් ඔය සුදු පාටට බැදෙන්නෙ. /

      නෑ බන්...කිවුල කියන්නෙ කඨිනත්වයනෙ. වතුර උණුකරල අයින් කරන්නෙ තාවකාලික කඨිනත්වය. ඒකෙදි සුදුපාටට අවක්ෂේපවෙලා භාජනේ පතුලෙ බැඳෙන්නෙ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට්.

      / ඉතිං එහෙම නිස්සාරනය වෙන රසායනිකය සිංහල බෙහෙත් බඩු කඩේකට විකුනගන්ට බැරිද? /

      මොකෝ බැරි? පුලුවන් පුලුවන්...ඔය හට්ටි මුට්ටිවල බැඳෙන සුදු පාට කුඩ අඹරල වෙද මහත්තුරු හදනව වාජීකරණ ඖෂධයක්..හෙහ්..කුට්ටමණ්ඩල ආලේපය..අවුරුදු හතක පරණ මීපැණි වලට දාල මිශ්‍ර කරල ගාන්ටයි තියෙන්නෙ කොණක ඉඳල...:)

      Delete
    15. ලොකු පුතා,

      / ඒ ගෙදර අක්කල දොස්තර කෙනෙක් ගාවට මාව කුදලගෙන ගිහින් පස්සට රොකට් එකක් ගහලයි මගේ වේදනාව අඩු කරගෙන ආවේ. /

      පස්සට රොකට් එකක් ගැහුවනම් බොට තියෙන්න ඇත්තෙ මූත්‍රා අමාරුව නෙවෙයි මල බද්ධය...:)

      / ඔය යාපනේ පැත්තේ අයියකච්චි වල තියෙන පතරංග ලිඳත් ඒ වගේ. ඒ වතුරත් මල් මසුරං. /

      අයියකච්චි තියෙන්නෙ අලිමන්කඩ කිට්ටුව නේද? මම ත් අහල තියනව ඒ ළිඳ ගැන...

      නැගෙනහිර මුහුදෙන් ඉර උදාවෙනවයි බටහිට මුහුදට හිරු බැහැල යනවයි එකම තැන ඉඳල බලන්න පුලුවන් ලන්කාවෙ එකම තැන අලිමන්කඩලු.

      Delete
    16. අනුරාධපුරේ හාල් කැලි.හිටිං මම අපේ අම්මලාට,පුංචිලාට කියන්නඅපේ අර නිදහස් සිතුවිලි ලියන "රවී"කියන නොසන්ඩලයා එහෙම කිව්වායි කියලා.:D

      Delete
    17. මනෝජ්,

      හරි හරි මල්ලි ඒ හාල් කෑලි අනුරාදපුරේනෙ බං.... අන්න ඒකටත් එක්ක ශ්‍රාවස්තිපුරේ පැත්ත...ෂෙහ්...පුදුම ලස්සන අංගනාවියො ඉන්නෙ..දෙයියම්ප බොරුවක් එහෙම නෙවෙයි ඔන්න...:)

      Delete
    18. /කුට්ටමණ්ඩල ආලේපය/

      බොට මෙව්වා කොහෙං කටට එනවද මංදා. හැක් හැක්... මේක ගැන සද්ධර්මාලංකාරයෙද කොහෙද තියෙනවා. ‘මට්ටකුණඩලී‘ කතාවෙ.

      Delete
    19. ඩ්‍රැකී,

      මේ දවස්වල හිරු එකේ යන දේවී කතාවෙ තියනව සිහිය එහෙ මෙහෙ වෙච්චි අයගෙ ඔලුවට දාන තෙලක් " නීල මණ්ඩල තෛලය"...:)

      Delete
  14. I.E.office එකේ අක්කලා දෙන්නගේ නම් මතකද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      එක්කෙනෙක්ගෙ වාසගම ඇතාකඩ කියල මතකයි..මුලනම අනෝජා හෝ මනෝජා වෙන්න ඕන...:)

      Delete
  15. මගේත් හරි ආසාවක් තිබ්බා ඔය පුරාවිද්‍යා රස්සාවක් කරන්න වියළි කලාපයේ ඒ දවස්වල.දැන් නම් එහෙම නැහැ.ඔය අනුරාධපුරේ වගේ පැති වල අර වියලි කලාපයේ තියෙන හුළඟ නැතිනම් පායන කාලෙට ඉන්නවා කියන්නේ හරිම අපහසු වැඩක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / ඔය අනුරාධපුරේ වගේ පැති වල අර වියලි කලාපයේ තියෙන හුළඟ නැතිනම් පායන කාලෙට ඉන්නවා කියන්නේ හරිම අපහසු වැඩක්. /

      ඇත්ත මලේ... වැව් වලින් හමාගෙන එන හුළඟ හින්ද ඒ හැටි අමාරුවක් නෑ. දාඩිය බිබිලි දාල හම එහෙම ටිකක් ගොරෝසු වෙනව. නානකොට එහෙම ඒ දාඩිය බිබිලි කැඩුනම හෙණ දැවිල්ලයි. පස්සෙ කබර හම වගෙ උනහම ගානක් නෑ....:)

      Delete
  16. ඕං ඔයවගේ අප්‍රිකානු ජාතිකයෙක් සුද්දියක්ව පුබ්බයිසිකලේ පොල්ලෙ තියං යන සීන්නෙකක් තිවුන God must be crazy දෙවෙනි කොටහෙද කොහෙද. පදින එකාගෙ කකුල උඩට එනකොට සුද්දිගෙ පස්සහ එක පලුවක් උගෙ දනිස්ස උඩ නැගල උඩට එනව. ආයි පහලට යනව. හොයාගෙන බලන්නකො.

    රොටරිං පෑං තුනක් මයෙ ලඟ තියෙනව. මේං මේ කොළපාට එකයි, මේ අනික් කොළයි නිලුයි කෑලි දෙකක් එකතු කරල හදපු එකයි දෙකම දුන්නෙ කලිං අපේ ඔපීසියෙ උන්නු ලොකු මහත්තැං. ඒ දෙකම දැං ලියවෙන්නෑ. කවුරුවත් ඉල්ලුහම දෙන්නෙ මෙයිං එකක්. මේං මේ අනිත් එක තමයි ලියවෙන එක. පරන ප්ලෑන්, ඉඩං විස්තර ලැයිස්තු එහෙම සංසෝදනය කරද්දි ලියන්න විතරයි දැං මෙව්ව ගන්නෙ. ආ... මේං මේ තියෙන්නෙ අලුත්ම තුඩක් මේක ෆේබර් කැස්ට්‍රල් කියන වර්ගෙ. මේකට හරියන පෑනක් තිවුනොත් මට දෙන්න මේ තුඩ දාගන්න.

    ඔය මයෙ චූටි මැණිකෙටත් තියෙනව තදේටම පුරාවිජ්ජා උන. ඕං මොකක් හරි පරණ එකක්, ආයි ගල්ගෙඩ්ඩක් උනත් කමන්නෑ කවුරුහරි කීවොත් “මේං මේක අසුවල් රජකාලෙ තිරිවාන ගලක්“ කියල ඉතිං උංදැ ඔය ගල් ගෙඩ්ඩ අතට ඇරං බලනව. බලල නිකං ඉන්නෑ

    “ආනේ ඉතිං බලන්ටකෝ ඔය සජ්ජුලුවො මේ ගල් ගෙඩ්ඩ අතිං ඇරං වත්තට පයින බලු තඩින්ට ගහන්ට ඇතිනෙ නේදෑ...අනේ. ඔයා මොකදැ මේ ගැන හිතංනෙ?“

    කියල මයෙං අහනව.

    ඔය පුරාවිද්‍යා ගැන කතාවකුත් තියෙනව මේං මෙහෙම. දවසක් කැනීමක් කරද්දි හම්බුවුනාලු රං පත්තිරු වගෙයක්. ඉතිං මේක පත්තර තංතෝරු වලටත් ආරංචි වෙලා විගහට යැව්වලු වාර්තාකාරයො “ගෙහුං ඉන්න මොකාගෙං හරි අහං වර විස්තරේ විගහට“ කියල. ඉතිං අසරණ පත්‍ර වාර්තාකාරයොත් පන එපෝ කියල එක පිම්මෙ දිව්වලු පුරාවිද්‍යා වැඩබිමට. වටපිට බැලූකොට එනවලු එක ගැටයෙක් පුබ්බයිසිකලෙයක් පැදගෙන “ඔය පර සුද්දිගෙ මෑනියන්ට මං....... කො“ කියාගෙන. ඒ විඩේ අර පත්‍ර කාරෙයොං තකහනියක් දුවං ගිහිං ඇහුවලු

    “මහත්තැං මෙතැනද වැඩ“ කියල

    “අනෙ මයෙං මොකුත් අහගන්නැතුව පලෙයව්. තොපිවත් පුබ්බයිසිකලෙං ඇරලොවන්නද කියන්නෙ මට. දැං අර සුද්දිවයි ඒකිගෙ හචා මල්ලයි ගෙහුංදාල ආව විතරයි“ කියල අර ගැටෙය ඇහුවලු.

    “අනෙ නෑ.. අපි මේ ආවෙ පත්තරේට විස්තරෙයක් ගන්ට. හැබෑද මේ රං පත්තිරු වගෙයක් හම්බුනා කියන්නෙ මේ කැනීම් වලිං?“

    “ආහ්... කලිං කියන්නෙපෑ.. හරි ඉන්නකො මං කියන්න විස්තරේ“
    අර ගැටයත් හරිබරි ගැහිල එහෙම පටං ගත්තලු විස්තරේ කියන්න.

    “ඔව් අපි three months විතර මේ siteටෙකේ workකරනවා. yesterday තමයි අපිට ඔය Gold Leaf ටික ලැබුනෙ“ ගැටෙය කඩ්ඩ බාගෙට දාල වැනුවලු සිංහලෙන්ම

    “අප්පද බොල, අපේ රජකාලෙ කට්ටියත් එතකොට ගහල තියෙන්නෙ බීඩි, සුරුට්ටු නෙමෙයි ගෝල්ලිෆ් නෙ“ අර වාර්තාකාරයො ටික ගැටයගෙං ඇහුවලු.

    ReplyDelete
    Replies
    1. //ඔය සජ්ජුලුවො මේ ගල් ගෙඩ්ඩ අතිං ඇරං වත්තට පයින බලු තඩින්ට ගහන්ට ඇතිනෙ නේදෑ//

      වම් අතින්?

      Delete
    2. අපි Gods Must Be Crazy 1 & 2 දෙකම බැලුවා ගිය අවුරුද්දෙ බං. මරු මූවීස් දෙක.

      Delete
    3. //පදින එකාගෙ කකුල උඩට එනකොට සුද්දිගෙ පස්සහ එක පලුවක් උගෙ දනිස්ස උඩ නැගල උඩට එනව. ආයි පහලට යනව//
      ඔය ටික වෙන බව හොඳටම දාන්න බව රවිය කියල තියෙනවා වෙන විදියකට මෙහෙම.. හැක හැක හැක..
      //මම යන පාරෙම නොවුනත් සර්කිට් බංගලාව හරහ ගිහිල්ල උඩමළුවට පිටිපස්සෙං වුනත් මට ගෙදර යන්ට පුලුවනි//

      Delete
    4. Suranga,

      / ඕං ඔයවගේ අප්‍රිකානු ජාතිකයෙක් සුද්දියක්ව පුබ්බයිසිකලේ පොල්ලෙ තියං යන සීන්නෙකක් තිවුන God must be crazy දෙවෙනි කොටහෙද කොහෙද. පදින එකාගෙ කකුල උඩට එනකොට සුද්දිගෙ පස්සහ එක පලුවක් උගෙ දනිස්ස උඩ නැගල උඩට එනව. ආයි පහලට යනව. හොයාගෙන බලන්නකො. /

      දෙවෙනි එක තමයි බන් දෙවෙනි එක තමයි...පිස්සු හැදෙන සීන්ස් එක නේද? . ඒ කළු එකා කොහෙන් හොයාගත්තද මන්දා..නියම නලුවා...චාලි චැප්ලින් වගෙ බන්..මූණෙ එක ඉරියව්වකින් ඒ යකා වචන සීයකින් කියන එව්ව කියනව.

      / රොටරිං පෑං තුනක් මයෙ ලඟ තියෙනව. මේං මේ කොළපාට එකයි, මේ අනික් කොළයි නිලුයි කෑලි දෙකක් එකතු කරල හදපු එකයි දෙකම දුන්නෙ කලිං අපේ ඔපීසියෙ උන්නු ලොකු මහත්තැං. ඒ දෙකම දැං ලියවෙන්නෑ. කවුරුවත් ඉල්ලුහම දෙන්නෙ මෙයිං එකක්. මේං මේ අනිත් එක තමයි ලියවෙන එක. පරන ප්ලෑන්, ඉඩං විස්තර ලැයිස්තු එහෙම සංසෝදනය කරද්දි ලියන්න විතරයි දැං මෙව්ව ගන්නෙ. ආ... මේං මේ තියෙන්නෙ අලුත්ම තුඩක් මේක ෆේබර් කැස්ට්‍රල් කියන වර්ගෙ. මේකට හරියන පෑනක් තිවුනොත් මට දෙන්න මේ තුඩ දාගන්න. /

      අඩේ ඔන්න බලාපන්කො උඹේ වෙලාව කියන්නෙ ඔය තුඩටම හරියන පෑනක් මගෙ ගාව තිබ්බ වගෙ මතකයි..ඉඳහන් බලන්න..ආ මේ තියෙන්නෙ..දීහන් උඹෙ තුඩ මෙහාට..ආ..අන්න බලාපන්..හරියටම හරි...උඹෙ වෙලාව මලේ..ඉඳා මාව මතක් වෙන්ටෙයි කියල එහෙනම් මේ පෑන උඹම තියාගනු..හෙහ්..අන්න එහෙමයි අපි තේන්නාද? යමෙක් හිතට ඇල්ලුවාද බොක්කෙ තියනදේ හරි දෙන්නෙ එලියට ඇදල..එලියට ඇදල...හෙහ්,හෙහ්,

      / ඔය මයෙ චූටි මැණිකෙටත් තියෙනව තදේටම පුරාවිජ්ජා උන. ඕං මොකක් හරි පරණ එකක්, ආයි ගල්ගෙඩ්ඩක් උනත් කමන්නෑ කවුරුහරි කීවොත් “මේං මේක අසුවල් රජකාලෙ තිරිවාන ගලක්“ කියල ඉතිං උංදැ ඔය ගල් ගෙඩ්ඩ අතට ඇරං බලනව. බලල නිකං ඉන්නෑ /

      ආ..ඒක කෝකටත් හොඳයි ඒ අම්මණ්ඩි පුරා විද්දියාව ගැන උනන්දු බබලතියක් වෙච්චි එක. ඒ කියන්නෙ උඹෙ ඔය තියන අඩුම කුඩුම එහෙම පරන වෙන්ට පරන වෙන්ට තවත් ආදරෙන් එව්වට සාත්තු සප්පායම් කොරයි එවුන්දැ...:)

      / “අනෙ නෑ.. අපි මේ ආවෙ පත්තරේට විස්තරෙයක් ගන්ට. හැබෑද මේ රං පත්තිරු වගෙයක් හම්බුනා කියන්නෙ මේ කැනීම් වලිං?“ /

      ඔය රම්පත්තිරු හොයාගත්තෙ අපි ටෙක් යන කාලෙ. ඔව්ව පොරදර්සනේ කලානෙ පස්සෙ. අපිත් ගියා පන්තියෙ කෙල්ලො එහම සයිකල් වල තියාගෙන පත්තිරු බලන්ට. එතන ගිහිල්ල හරියකට බලාගන්ට උනේ නෑ. තඩි පොලිස් කාරයො දෙන්නෙක් හිටිය කාලතුවක්කු දෙකක්ද කොහෙද කරේ තියාගෙන ඒ ඉස්සරහ..ඉඳහන්කො ඒ විස්තරේ ආයම වෙන දවසක කියඤ්ඤම්කො හොඳේ? රම්පත්තිරු බැලිල්ලේ විස්තර කියල. හෙහ්,හෙහ්,

      පස්සෙ කාලෙක ගම් උදාවෙ මම වැඩ කලානෙ. එතකොටනම් රම්පත්තිරු ප්‍රදර්සනේ කලේ අපේ ප්‍රදර්සන කුටියෙමයි. අම්මට උඩු. එව්ව බලන්ට එන ලමිස්සියන්ට එව්වයෙ විස්තර කියල දුන්නෙත් මම තමයි ..හෙහ්..අන්න එහෙමයි අපි තේන්නාද?

      පලි - ආ උඹ දන්නවද ඔය රම්පත්තිරු වල ලියල තියනවයි කියන්නෙ මොනවද කියල? රජ්ජුරු ගොල්ලගෙ අවයවවල දිග පලල. මම එහෙමයි අර ඔව්ව බලන්ට ආපු කෙල්ලියන්ට කියල දුන්නෙ...:)

      Delete
    5. කළ්‍යාණ,

      / ඔය ටික වෙන බව හොඳටම දාන්න බව රවිය කියල තියෙනවා වෙන විදියකට මෙහෙම.. හැක හැක හැක. /

      උඹ ආය මේ මඟුලක් කතා කරනව. ඒ යෝදිගෙ සයිස් එකට මට ජීවිතේට කොරන්ට බෑ එහෙම හපන්කොමක්. අනික මට පදින්ට වුනේ කකුල් දෙක පුලුවන් තරම් ඈත් කොරගෙන හරියට ලොරියකට අහුවෙච්චි V අකුරක් වගෙ.

      Delete
    6. //මම යන පාරෙම නොවුනත් සර්කිට් බංගලාව හරහ ගිහිල්ල උඩමළුවට පිටිපස්සෙං වුනත් මට ගෙදර යන්ට පුලුවනි// OMG...!!!

      Delete
    7. තිස්ස,

      මිටර් දොඩම්ස්, වයි OMG?...:)

      Delete
  17. //මම යන පාරෙම නොවුනත් සර්කිට් බංගලාව හරහ ගිහිල්ල උඩමළුවට පිටිපස්සෙං වුනත් මට ගෙදර යන්ට පුලුවනි//

    මොකද බැරි මොකද බැරි? අනේ වාසනාවන්.

    :)

    මේ ටික තමා මට පෝස්ට් එකේ අල්ලලම ගියේ. හරිම අහිංසක විදියට ඒක කියල තියෙන්නේ...හෙහෙ

    ආ අර සින්දුව මගේ ප්‍රියතම එකක්. ඕකයි, නිල් නුවන් පෙඟෙන අඳුර ගලා එකයි එක ලඟින් යනවා...දෙකම එක වගේ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. Sayuri,

      / මේ ටික තමා මට පෝස්ට් එකේ අල්ලලම ගියේ. හරිම අහිංසක විදියට ඒක කියල තියෙන්නේ...හෙහෙ /

      අහිංසකයි රටක් වටියි….. හෙහ්,හෙහ්,

      / ආ අර සින්දුව මගේ ප්‍රියතම එකක්. ඕකයි, නිල් නුවන් පෙඟෙන අඳුර ගලා එකයි එක ලඟින් යනවා...දෙකම එක වගේ ලස්සනයි. /

      ඔව් ඔය ගීත දෙකම තිබ්බෙ ඒ ආසන්නයෙ නිකුත් වුනු එඩ්වඩ්ගෙ කැසට් එහෙක. ( ඒ ඇවිල්ල කැසට් යුගය...ඒ දවස්වල DVD කියල කවුරුහරි කිව්වොත් අපි අනිවාර්යයෙන්ම හිතයි මේ කියන්නෙ සමාජ රෝගයක් ගැනය කියල..හෙහ් )

      සාදයකදි අපි ඔය සින්දු දෙක අනිවාර්යයෙන් කිව්ව. ඒත් එක්කම එඩ්වඩ්ගෙ " පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම පිරිලා " ...නිල් නුවන් ගීතයයි පින්න මලේ ගීතයයි දෙකම ලියල තියෙන්නෙ අමරසේන කන්කානම්ගේ මහත්මයා.

      Delete
  18. One surefire way to piss off an archeologist is to give him an old tampon and ask which period it comes from කියලා කොහේදෝ ලියවිලා තිබුනා. ඔය වචන වලින්ම නෙවෙයි වුනත් ආසන්න වශයෙන්.

    ReplyDelete
    Replies
    1. Dude,

      පුරාවිද්‍යාව ගැන කියනකොට මතක් වුනේ…Calvin & Hobbes කාටූන් එක උඹ බලනවනෙ නේද? I love that little rascal Calvin…:)

      එක පාරක් කැල්වින්ගෙ සීයා කියනව " I have forgotten my age " කියල

      එතකොට කැල්වින් කියනව " Don"t worry Gramps, we will get you carbon dated"

      Delete
  19. රවී
    Rotring පැන් හදන්නේ එංගලන්තයේ නෙමෙයි . ඒවා ජර්මන් . අපේ ටෙක් CGTTI එකේ තිබුන සියලුම drawing උපකරණ රොට්රින්ග් ඒවා .ජර්මනියෙන් පරිත්‍යාග කරපූ නිසා .Faber Castell එකත් ජර්මන් .

    ReplyDelete
    Replies
    1. කුමාර,

      ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට. මම කොහෙ හරි දැක්ක රොට්රින් දැන් හදන්නෙ බ්‍රිතාන්‍යයෙ කියල. ඒකයි එහෙම ලිව්වෙ. ඒත් මට වැරදිලා.

      Delete
  20. මම දන්නවා රවීට මේක විහිළුවක් වගේ හිතෙයි. ඒත් දවසක බොගේ රාජකාරි කතන්දර හා මතක සටහන් දාලා මතක දාලා පොතක් හෝ ඊ බූක් එකක් කරත් මරු. මොකද මේ කතාවම තව අවුරුදු කිහිපයකින් නිකම් අර ඉතිහාසයේ කතා වගේනේ.
    දැනටත් එහෙමයි තමයි.
    ඩොක්ටර් ගිල් අද ඔබට හම්බ වුනා කියමු. එයා කොයි තරම් සතුටු වෙයිද මේ වගේ රවී තුමාව අද අඳුන ගන්න.
    හෙට අනිද්දට නාකියො වෙන අපිටත් මේවා වටිනවා හෙට අනිද්ද ඉපදෙන රවීට සීය කියන එවුන් කොහොම කියයිද?

    ReplyDelete
    Replies
    1. //හෙට අනිද්ද ඉපදෙන රවීට සීය කියන එවුන්//

      මම හිතන්නෙ දැනටමත් එහෙම එවුන් ඇති. :D

      Delete
    2. Rangi,

      / මම දන්නවා රවීට මේක විහිළුවක් වගේ හිතෙයි. ඒත් දවසක බොගේ රාජකාරි කතන්දර හා මතක සටහන් දාලා මතක දාලා පොතක් හෝ ඊ බූක් එකක් කරත් මරු. මොකද මේ කතාවම තව අවුරුදු කිහිපයකින් නිකම් අර ඉතිහාසයේ කතා වගේනේ. /

      අනේ නෑ බොලේ..මම එහෙම විහිලුවක් කියල හිතන්නෙ නෑ..කතාව ඇත්ත. මිනිස් ගතිගුණ වෙනස් නොවුනට දශකයෙන් දශකය මිනිස්සුන්ගෙ ඇවතුම් පැවතුම් වෙනස් වෙනව. සාරධර්ම කියන එව්ව වෙනස් වෙනව. කොටිම්ම දුෂ්චරිත පවා වෙනස් වෙනව. දැන් ගත්තොත් අපේ යොවුන් අවධියෙ ( මම ඇවිල්ල හැත්තෑව දශකයෙ යෞවනයෙක්නෙ..හෙහ් ) දුම්පානය කියන්නෙ අපිට මහා ලොකු දෙයක්. වැඩිහිටියෙක් වෙන්න නම් දවසට සිගරට් දෙකක්වත් ගහන්න ඕන. ඒත් අපෙන් පස්සෙ පරපුර දුම්පානයට ඒ තරම් ඇබ්බැහි වුනේ නෑ.එයාලට වෙන දේවල් තිබ්බ කරන්න දුෂ්චරිත විදිහට ...:)

      ඉතින් ඇත්තටම අපේ කාලෙ විස්තර ලියල තියන එක වටිනව අඩු ගානෙ කවුරුහරි වත් කියවයිනෙ නේද? මම ඔය ගොවි ජනපදයක කාලයක් වැඩ කලානෙ. නමසිය තිස් හතළිස් ගණන් වල ඩී.එස්. සේනානායක මහත්තය කෘෂිකර්ම ඇමතිකාලෙ පිහිටවපු ගොවි ජනපද එව්ව. ඒ කාලෙ නුවර මාතලේ දිහාවෙ ඉඳල ඉඩම් හම්බවෙලා පදින්චියට ආපු වයස්ගත ඒ මුල් ජානපදිකයන්ගෙ කතන්දර අහන එක මගෙ ප්‍රියතම විනෝදාන්සෙ වෙලා තිබ්බෙ ඒ කාලෙ. ( හිරේ යන්නට පෙර හොඳද? ) මට ඒ කතා අහනකොට නිතරම හිතුනු දෙයක් තමයි මේ මිනිස්සුන්ට එයාලගෙ අත්දැකීම් අකුරු කරන්ට පුලුවන් නම් මොනතරම් වටිනවද කියල

      / හෙට අනිද්දට නාකියො වෙන අපිටත් මේවා වටිනවා හෙට අනිද්ද ඉපදෙන රවීට සීය කියන එවුන් කොහොම කියයිද? /

      දැනටත් ඉන්නව එහෙම එවුන් තුන් හතර දෙනෙක්....සීයනම් නෙවෙයි බොල ආතා..ආතා...:)

      Delete
    3. ප්‍රසන්න,

      / මම හිතන්නෙ දැනටමත් එහෙම එවුන් ඇති. :D /

      ඉන්නව බොල ඉන්නව ඉන්නව...:) ඒ කාලෙ බරසාර පවුල්නෙ බන්..එක පවුලක අඩුම තරමෙ ළමයි හතක් අටක්වත් වරදින්නෙ නෑ. එහෙම උනහම පවුලෙ බඩපිස්සො හම්බවෙනකොට වැඩිමල් දරුවන්ටත් ඒ එක්කම දරුවො ලැබිලා. අනික අඩු වයසෙන්ම දීග තලග යනවත්නෙ.අපෙ පවුලෙ සහ අපෙ උන්දැගෙ පවුලෙ ඒ දෙකේම ඔය සීන් එක තමයි තියෙන්නෙ.

      එයාලගෙ අම්මට වඩා වැඩිමල් අම්මගෙ ලොකුම අක්කගෙ දරුවො දෙන්නෙක්ම.අම්ම බඩපිස්සි උනාම එහෙම වෙනව. එතකොට නෑදෑකමට අක්කා වෙන්නෙ. ඒත් අම්මටත් වඩා වැඩිමල්.ඊලඟ පරම්පරාවත් එහෙමයි. ඒ අක්කගෙ වැඩිමල් පුතා අපෙ උන්දැගෙ ලොකු අක්කටත් වැඩිමල්. ඊලඟ පරම්පරාව වෙන්නෙ අපේ දරුවොනෙ.උන්ටත් දැන් වෙනව අවුරුදු හතලිහක් වගෙ.උන්ගෙ දරුවො වෙන්නෙ මුණුබුරාල මිණිබිරීල. එහෙම එවුන් ඉන්නව පස් හය දෙනෙක් අවුරුදු 18 / 20 වගෙ.අපෙ උන්දැ එවුන්ගෙ ගෙවල් පලාතෙ යන්නෙ නෑ පැණිදෙණියෙ අත්තම්ම කියනවයි කියල උන්ට බයිනව පලු යන්ට....හෙහ්,හෙහ්,

      Delete
    4. දැනටමත් ඉතිහාස කථාවක් වගේ, 11 වසරේ ඉතිහාස පොතේ ඉන්න අගමැතිවරු, ජනාධිපතිවරු, රවී අයියාගේ කථාවලත් ඉන්නවානේ. Buru Babeගේ අයිඩියා එක මටත් ආවා. ඇත්තටම ඔබතුමාගේ වයස, කොච්චරක්ද හැබෑට ඈ?? අයිය කීවට අංකල්ද මන්ද, හික්ස්.

      Delete
  21. ඔය තමන් වැඩ කරපු ව්‍යාපෘති අවසන් වෙලා, ජනසතු වෙන දවසට දැනෙන සතුට සැනසීම මමත් අත්වින්ද නව කල්ලඩි පාලම විවෘත කරපු දවසෙ...

    පුහුණුව අවසන් වෙලා විශ්ව විද්‍යාලයේ වැඩ පටන් ගත්ත නිසා උත්සවය බලන්න මඩකලපු යන්න බැරි උනත්, ඒ සතුට මුළු දවස පුරාම හිතට දැනුනේ, මිනිසුන්ගේ ජීවිතය හා ගමනාගමනය පහසු කරන්නට අපිත් කුඩා හෝ දායකත්වයක් දුන්නා නේද කියල හිතෙනකොට.. විශාල ව්‍යාපෘති ගොඩක වැඩ කරපු කෙනෙක් විදියට, ඔබතුමාට ඔය සතුට බොහෝ වරක් දැනිල ඇති මම හිතන්නේ!

    ඊළඟට, මේක ආත්මාර්ථකාමී ඉල්ලීමක්.. ඔබතුමා ජීවිතයේ ලබපු අත්දැකීම්, ජීවිත කාලය පුරාවටම බ්ලොග් පොස්ට් ලිවුවත් ඉවර කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.. ඉතින් ඒ නිසා දේශපාලන ලිපි වලට කැපකරන වෙලාවෙත් මේ වගේ දේවල් ලියනවා නම්, අපේ ජීවිත වලටත් ගන්න දේවල් ගොඩක් තියනවා කියලයි මට හිතෙන්නෙ..

    වියලි කලාපේ ජීවත් වෙන්න මමත් හරිම ආසයි. වාරිමාර්ග ඉංජිනේරු වරියක් වෙලා උතුරුමැද සේවය කරන්න ලොකු උණක් තිබුණ මට. කොටින්ම, උසස් පෙලට ගණිතය කලෙත්, ඊට පස්සේ විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරන්න ලකුණු තියෙද්දී සිවිල් ඉංජිනේරු විද්‍යාව කලෙත්, ඒ අරමුණ හිතේ තියාගෙන. නමුත් උරුමෙට හෝ කරුමෙට, අද්‍යයන කටයුතු වල යෙදෙනකොට, පිරිසිදු වතුර ගැන තිබුණු ආදරේ අඩු වෙලා ලුණු වතුරට පෙම් බැඳපු නිසා, වාරිමාර්ග හීනේ හීනයක්ම උනා..

    අපේ යාළුවො එක්ක නුවර ට්‍රිප් එකක් ගිහිපු වෙලාවක, කොත්මලේ ගියා.. අපිට ටනල් එකත් දැක බලාගන්න අවස්තාව ලැබුණ. මට ඒ වෙලාවේ මතක් වුනා ඔබතුමාල අනුගමනය කරපු සේෆ්ටි උපක්‍රම එහෙම :)

    ReplyDelete
    Replies
    1. මානවී,

      /  විශාල ව්‍යාපෘති ගොඩක වැඩ කරපු කෙනෙක් විදියට, ඔබතුමාට ඔය සතුට බොහෝ වරක් දැනිල ඇති මම හිතන්නේ! /

      ඇත්ත ඇත්ත, ඒ ආත්ම තෘප්තිය ඒ වෘත්තීය සතුටට සමාන කරන්ට බෑ වෙන කිසිම දෙයක්. මම හිතන්නෙ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරගත්තු කෙනෙක් ඒ අතින් හැබෑම වාසනාවන්තයි. හැබැයි කුකුළේගඟ වගෙ ජලවිදුලි ව්‍යාපෘතිවලත් තවත් මහාමාර්ග ව්‍යාපෘතිවලත් සේවය කරල ලැබුණු ආත්ම තෘප්තිය වගෙ දහස් ගුණයක සතුටක් මම ලැබුව ගොවි ජනපදවල සේවය කරද්දි වතුර නැතුව අවුරුදු ගානක් පුරන් වෙලා තිබ්බ කුඹුරු යායකට වතුර දෙන්ට ඇළ මාර්ගයක් සැලසුම් කරල ඒ වැඩේ හරියට කරල ඒ කුඹුරු අස්වද්දල ගොයම් කැපුණු දවසට. මිනිස්සු ඇවිල්ල හිනා කටක් පුරවගෙන ස්තූති කලාම ඒ ඇති ඉහටත් උඩින්...:)

      / ඊළඟට, මේක ආත්මාර්ථකාමී ඉල්ලීමක්…../

      රයිට් මැඩම්..ඉල්ලීම ඉටු කිරීමට සටහන් කර ගතිමි...:)

      / නමුත් උරුමෙට හෝ කරුමෙට, අද්‍යයන කටයුතු වල යෙදෙනකොට, පිරිසිදු වතුර ගැන තිබුණු ආදරේ අඩු වෙලා ලුණු වතුරට පෙම් බැඳපු නිසා, වාරිමාර්ග හීනේ හීනයක්ම උනා../

      හරි හරි...නිකම් වාරිමාර්ග ඉංජිනේරු තනතුරක් දරනවට වඩා සේවයක් මම හිතන්නෙ ඔබට කරන්ට පුලුවන් වෙයි දැන්...:)

      / අපේ යාළුවො එක්ක නුවර ට්‍රිප් එකක් ගිහිපු වෙලාවක, කොත්මලේ ගියා.. අපිට ටනල් එකත් දැක බලාගන්න අවස්තාව ලැබුණ. මට ඒ වෙලාවේ මතක් වුනා ඔබතුමාල අනුගමනය කරපු සේෆ්ටි උපක්‍රම එහෙම :) /

      ඉතිං ඔයා නිකම්ම සද්ද නැතුව ටනල් එක බලල ආපහු ආවද? දෙන්ට එපාය කට්ටිය වටකරගෙන ඇට්ටි හැලෙන්ට..

      " මේ උඹල දන්නවද මේ වගෙ ටනල් කරද්දි අනුගමනය කරන සේෆ්ටි ප්‍රොසීඩියර්ස්? අපිට ඔය උගන්නන එව්ව නෙවෙයි හොඳද? එව්ව ඔය පොත් පත්වල තිබ්බට එව්වයිං වැඩක් තියෙන්නෙ විභාග පාස්වෙන්ට විතරයි. ප්‍රායෝගිකව කෙරෙන්නෙ මෙහෙමයි. දන්නෙ නැත්තං මගෙං අහගනිල්ලා හරිය? ඇතුලෙ විස වායු එහෙම තියනවද කියල හොයාගන්නෙ අවිච්චියො අරගෙන ගිහිල්ල.....එතකොට හෙල්මට් එහෙම චෙක් කරන්නෙ........."

      " කව්ද ඔව්ව කිව්වෙ ඇහැව්වා? කිව්වෙ මෙව්ව ගැන පරතෙරටම උගත් මේ ක්ෂේත්‍රයෙ ප්‍රාමාණික විද්වතෙක්. ඇත්තම කිව්වොත් එතුමා මේ ඉර හඳ යට නොදන්න දෙයක් නෑ ඔන්න කොටිම්ම කිව්වොත්...."

      Delete
  22. චන්දන කා....... වෙන්ට ඕන ඔය කියන ගජ මිත්‍රයා... පොරගේ මලයා මගේ පංතියේ. තාමත් ආශ්‍රය එහෙමමයි. අයිය කෙනෙක් ලඟදී පරලෝකප්‍රාප්ත උනා.

    ReplyDelete
    Replies
    1. Kandyan,

      හෙහ්, චන්දන තමයි..චන්දන තමයි..ඕකගෙ සේනක කියල කෑල්ලකුත් තියනවනෙ මුලට.

      අරුණ අයිය නැතිවුනා කියල මට චන්දන කිව්ව දැන් අවුරුදු තුනකට කලින් වගෙ හම්බවුන වෙලාවක.එතකොට සුමේද තමයි යාලුව නේද?...:)

      Delete
    2. ඔව්වොව්..ඌ තමා ක්ලාස්මේට්. ඌට නියමෙට සිංදු කියන්නට පුලුවන්. වික්ටර් ගෙ ස ඒ ආකාරයෙන්ම කියනවා!

      Delete
    3. Kandyan,

      එහෙනන් එහෙනන්... සුමේධ මාර ගායකයා. තුන් හතර පාරක් චන්දනලගෙ ගෙදරදි අපි සෙට් වෙලා තියනව. ඒ කාලෙ ඕකා වැඩකලේ නුවර එළියෙ.

      Delete
  23. රවිත් එතකොට බ්‍රහප්මන් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා . අනේ ඔය ටී රූලයි තඩි ඩ්රෝයින්ග් බෝට් එකත් එක්ක අපිත් කොච්චර ඔට්ටු වෙලා තියෙනවද . අර බ්ලු ප්‍රින්ට් මතකද? කැතීගේ කතාවත් මරු

    ReplyDelete
    Replies
    1. තිලක්,

      / රවිත් එතකොට බ්‍රහප්මන් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා . අනේ ඔය ටී රූලයි තඩි ඩ්රෝයින්ග් බෝට් එකත් එක්ක අපිත් කොච්චර ඔට්ටු වෙලා තියෙනවද .

      හෙහ්, මොනවද ලතා මේ කතා? මගෙ වෘත්තීය ජීවිතේ සමාරම්භය දහක්මන් තමයි. ඊට පස්සෙන් පහු වෙනත් නොයෙක් රස්සාවල් කරල තමයි අද මේ මේක කොරන්නෙ..:)

      /අර බ්ලු ප්‍රින්ට් මතකද? /

      හපොයි මතක් කරන්න එපා...එව්වයෙ ඇමෝනියා ගඳ යන්නෙ නෑ මාසයක් විතර යනකල්.

      Delete
  24. ඔයාට තව ලියන්න අතුරු කතා ගොඩක් ඇති. //ආය මොනවද? රෑ බෝවීගෙන එනකොට සකෘදාගාමී අනාගාමී තමයි// හි හි

    ඔයාට කැති ගැන ආර්ටිකල් එක දැක්කම තනියම හිනා යන්න ඇති නේද හි හි.. මේ පහුවදා යාළුවො දෙන්න අහු වුනාද ඔයාට

    ReplyDelete
    Replies
    1. ඔමා,

      / ඔයාට තව ලියන්න අතුරු කතා ගොඩක් ඇති. /

      අතුරු කතා තියනව සෑහෙන්න……:)

      ඔයාට කැති ගැන ආර්ටිකල් එක දැක්කම තනියම හිනා යන්න ඇති නේද හි හි..

      හෙහ්, ආටිකල් එක දැක්කම මට හිතුනෙ " අම්මප , මම සහලවාල දාඩිය දාගෙන සයිකලෙ පටවගෙන පැද්ද යෝදිට ගිය කල " කියල..හෙහ්,හෙහ්,

      / මේ පහුවදා යාළුවො දෙන්න අහු වුනාද ඔයාට /

      උන් දෙන්න පහුවදා උදේ වරුවම වගෙ මාව මඟ ඇරිය. පස්සෙ අහුවෙච්චි වෙලාවෙ උන්ට මම කතා කරා රෙදි හැලෙන්ට. ඒ තරන් කේන්තියක් මට තිබ්බෙ ...හෙහ්,හෙහ්,...පස්සෙ මටම ලැජ්ජයි ඒ වැඩේට. එහෙන් අයින් වෙලා එනකල් බොන්ඩ සෙට් උනද එවුන් දෙන්නගෙන් එකෙක් ඔය කතාව ඇදල අරගෙන මාව සවුත්තුම කරල දානව...:)

      Delete
  25. draftsman salary ek KEEYAYK WITHARA WENAWDA GULF AREA EKE +17 EXPEREINCE

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මෙහෙමයි වැඩේ..මම දැන් කරන්නෙ ඩ්‍රාෆ්ට්ස්මන් නම් නෙවෙයි.ඒ නිසා ඒ ක්ෂේත්‍රය ගැන එතරම් දන්නෙ නෑ. ඒත් මෙහෙ ( මෙහෙ කිව්වෙ ගල්ෆ් රටවල්වල ) කලින් පළපුරුද්දක් නැත්නම් අවුරුදු 17 පලපුරුද්දක් තියෙන ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙකුට මම දන්න විදිහට ගන්න පුලුවන් කටාර් රියාල් 6000-8000 වගෙ.

      Delete
    2. And converted into US$ and LKR?

      Delete
  26. ඔය ඩ්‍රෝයිං සීන් එක අපිට ඒ ලෙවල් වලටත් තිබ්බ....මං කලේ යාන්ත්‍රික තාක්ශනේ නේහ්..අපිත් පාවිච්චි කලේ රොට්‍රිං බඩු තමයි..ඒ කාලේ (2013) ආර්ට් එක්ක මේ ටෙක්නිකල් විෂයන් 3න් එකක් කරන්න පුලුවං උනා....පස්සේ කාලේ බන්දුල ලොක්ක තාක්ශණික විෂය ධාරාව ගෙනාවාම මේ අපි කරපු යාන්ත්‍රික තාක්ෂණයට තව අඩු වැඩිය එකතු කරල "ඉංජිනේරු තාක්ශණය" කියන විශය හඳුනවාදුන්න....හෙ හෙ ඒ කාලේ අපි දමාගෙන ඩ්‍රෝයිං ඇන්ද මොකද exam එකට ඩොයිං එකක් එන නිසා....

    ලංකාවේ...වැඩිම බාර් සංඛ්‍යාවක් තියන්නේ මයෙ හිතේ බදුල්ලේ....හෙ හෙ මෙහෙත් බොඩිමේ හවස්වෙද්දි සකෘර්දාගාමී අනාගාමී තමයි..!

    ReplyDelete
    Replies
    1. ඉරේෂාන්,

      අඩෙහ්, දැන් ඒ ලෙවල් වලටත් ඉංජිනේරු තාක්ෂණය කියල විෂයයක් තියනවද? හෙහ්...මරුනෙ....:)

      Delete
  27. මොකක්ද මේකේ තේරුම
    //ඒ උනාට අටේ දහයෙ.//
    කල්යනය මේක දල නැහැනේ.
    http://nelumyaya.com/?p=3947

    ReplyDelete
    Replies
    1. අජිත්,

      අටේ දහයෙ කියන්නෙ හොඳ උස මහත පුස්ටිමත් කියන එක..:)

      ස්තූතියි ඔබට...:)

      Delete
  28. ඉන්ඩියන් ඉන්ක්, venus පැන්සල් ජාති, ඩ්‍රෝවින් බෝඩ් එකයි රූල යි, රොට්‍රින් පෑන් ..මේවා නම් අපේ ගෙදරත් ඉස්සර තිබුණා. අම්මා කරෙත් සැලසුම් අඳින එකනේ...ගෙවල් එහෙම අඳින කොට හැඩ කපපු card එකක් එහෙමත් තිබුන වගේ මතකයි.
    අර ටිෂු කොලේ වගේ එකේ අන්දල ඊට පස්සේ කඩදාසියකට ප්‍රින්ට් කරාද කොහෙද. අම්මෝ හරිම සීරුවට ඕව අඳින්නේ....

    දැන් නම් ඉතින් ඔක්කොම ඔටෝ කැඩ් නේ :)

    ReplyDelete
    Replies
    1. Niro,

      / ගෙවල් එහෙම අඳින කොට හැඩ කපපු card එකක් එහෙමත් තිබුන වගේ මතකයි./

      Template එකක් වගෙ මොකක් හරි ගැන වෙන්න ඕන ඔයා ඔය කියන්නෙ...

      / අර ටිෂු කොලේ වගේ එකේ අන්දල ඊට පස්සේ කඩදාසියකට ප්‍රින්ට් කරාද කොහෙද. /

      හරි, හරි..ඒ ටිෂූ කොලේ වගේ එකට කියන්නෙ බටර් ෂීට්ස් කියල.ට්‍රේසින් පේපර් එකට වැඩිය ඒකෙ වැඩ කරන්න ලේසියි. අනික ඒකෙ ඇඳපු ඩ්‍රෝයින්ස්වල බ්ලූ ප්‍රින්ට්ස් ගන්නත් පහසුයි.( ඒ කාලෙ තිබ්බෙ බ්ලූ ප්‍රින්ට්ස්, ඩ්‍රෝයින් එක කොපි කලාම තනිකරම නිල් පාටට එන්නෙ. ඒ හින්ද එව්වට කිව්වෙ බ්ලූ ප්‍රින්ට්ස් කියල )

      Delete
  29. මට දැන් මේ කොම්පියුටර් රස්සා එපා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ජිවිත අත්දැකීම් නැති නිසා තනි සරීර හොරු වෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා හෙහ් හෙහ් .

    අන්න අර අසරණ මාමි ට මඩ නොගහ මෙන්න මේ වගේ කතා දිගටම ලියන්න රවිතුමෝ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...