Friday, October 2, 2015

355. රග්බි ලෝක ශූරතා මතක සටහන් සමඟ චාල්ස් විජේවර්ධන, වාසල අයියා, නෙල්සන් මැන්ඩෙලා සහ ජොනී විල්කින්සන්

කෑගල්ලෙ ඉස්කෝලෙ යන කාලෙ මම රග්බි ක්‍රීඩාව ගැන දැනුවත් වුනේ ඩේලි නිව්ස් පත්තරේ අන්තිම පිටුවෙ, ඒ කිව්වෙ ක්‍රීඩා පිටුවෙ තිබ්බ විස්තර කියවල.හැත්තෑව දශකයෙ මැද භාගයෙ ලංකාවෙ රග්බි ක්‍රීඩාවෙ යෝධයො වෙලා හිටියෙ CH & FC සහ CR & FC කණ්ඩායම්. Ceylon Hockey & Football Club සහ Ceylonese Rugby & Football club. පොලිස් ටීම් එකත් ටිකක් එක තැනක හිටිය. අද රග්බි ක්‍රීඩාවෙ නම පතුරගෙන ඉන්න මහනුවර ක්‍රීඩා සමාජය ඒ කාලෙ හිටියෙ රග්බි හයරාකි එකේ අන්තිම ස්ථානයෙ නැත්නම් ඊට එක ස්ථානයක් ඉහළ.

ලංකා ටීම් එකේ කැප්ටන් මට මතක විදිහට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. දැන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. ජෝන් කීල්ස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙක්. සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක්.මේ ඊයෙ පෙරේද ව්‍යවස්ථාදායක සභාවට නම් කරපු ආචාර්ය රාධිකා කුමාරස්වාමිගෙ වැඩිමහලු සහෝදරයා.

හාජි ඔමාර්, හෆී අබ්ඩීන්,ලනිල් තෙන්නකෝන්, බ්‍රයන් බැප්ටිස්ට්, ජෙෆ්‍රි ඩි ජොං, ජෙෆ්‍රි යූ, ඩොක්ටර් මයියා ගුණසේකර, ඇන්ටන් බෙනඩික්ට්, චාල්ස් විජේවර්ධන,රොනල්ඩ් රොඩ්‍රිගෝ, මොහාන් බාලසූරිය, මහේෂ් සබාරත්නම්, නිමල් මාලගමුව, අර්වින් හවී….ඒ හැත්තෑව දශකයෙ රග්බි ක්‍රීඩා පිටියෙ හපන්කම් පෙන්නෙපු ක්‍රීඩකයො කීප දෙනෙක්.

මේ අතරින් චාල්ස් විජේවර්ධන ක්‍රීඩා කලේ පොලිස් කණ්ඩායමට. ඔහු පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී 2005 වසරේදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් ඝාතනය කරනු ලැබුවා. චාල්ස් විජේවර්ධන ක්‍රීඩා කලේ ෆුල් බෑක් ලෙසයි.රග්බි ක්‍රීඩාවේ ෆුල් බෑක් යනු කණ්ඩායමේ පසුපසින්ම ක්‍රීඩා කරන්නායි. Last line of defence. චාල්ස් පොලිස් කණ්ඩායමේ ප්ලේස් කිකර් ලෙසත් කටයුතු කලා.

රග්බි ක්‍රීඩාවේ ළකුණු ලබා ගැනීමේ ක්‍රම තුනක් තියනව.

1. ට්‍රයි එකකට ළකුණු 5ක් ( කලින් ලකුණු 4 යි දුන්නෙ. පස්සෙ ළකුණු 5 දක්වා වැඩිකලා ) . ට්‍රයි එකක් ගත්තම ඊළඟට ඒ පිලට අවස්ථාවක් දෙනව පන්දුවට පා පහරක් දීල ගෝල් කණු මැදින් යවන්න. එහෙම කළොත් තව ළකුණු 2 ක් එකතුවෙනව. එතකොට ඒක ගෝල් එකක්.

2. පෙනල්ටි එකක් නැත්නම් දඬුවම් පහරක්. ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙක් යම් නීති විරෝධී ක්‍රියාවක නිරත වුනහම පෙනල්ටි පහරකට අවස්ථාව ලැබෙනව, සාර්ථක වුවහොත් ළකුණු 3 ක් ලැබෙනව.

3. ඊළඟට ලකුණු ලබාගන්න පුලුවන් අන්තිම ක්‍රමය. ක්‍රීඩාව පැවැත්වෙන අතර ඕනෑම ක්‍රීයෙකුට පුලුවන් පන්දුව පොළවමත පතිත කොට ඒ හා සමඟම පොළා පනින පන්දුවට පා පහරක් එල්ල කිරීම මඟින් එය ගෝල් කණු අතරින් හරස් දණ්ඩ ඉහලින් යැවීමට. ඒ සඳහා ළකුණු තුනක් හිමි වෙනවා. රග්බි පන්දුවෙ හැඩය අනුව ක්‍රීඩාව පැවැත්වෙද්දී ඉතා ක්ෂණිකව මෙවන් පහරක් එල්ල කිරීම කොහොමත් පහසු කාර්යයක් නෙවෙයි. එනිසාම ලකුණු අත්‍යාවශ්‍යම සහ ජයග්‍රහණයට ලකුණු තුනක් හෝ ඊට අඩුගණක් අවශ්‍ය අවස්ථාවක හැර බොහෝවිට ක්‍රීඩකයකු මේ ඩ්‍රොප් කික් නැත්නම් ඩ්‍රොප් ගෝල් එකකින් ළකුණු ලබා ගන්නට උත්සාහ කරන්නේ නැහැ.

ඉහත තත්ව යටතේ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබාගැනීම ගැන හොඳම උදාහරණය ලෝකයේ සුප්‍රසිද්ධම ඩ්‍රොප් ගෝලය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර 2003 රග්බි ලෝක කුසලාන අවසන් තරඟයේ අවසන් මිනිත්තුවේදී කණ්ඩායම් දෙකම ලකුණු 17 බැගින් ලබා සම තත්වයේ සිටිද්දී එංගලන්ත කණ්ඩායමේ ජොනී විල්කින්සන් ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු තුනක් ලබාගෙන එංගලන්තයට මෙතෙක් ඔවුන් ජයග්‍රහණය කල එකම ලෝක රග්බි කුසලාන ලබා දුන්නා.

ඉතින් ආපහු චාල්ස් විජේවර්ධන ගැන. කණ්ඩායමට පෙනල්ටියක් ලැබුනම, ඒ වගේම ට්‍රයි එකක් ගත්තම ඒක ගෝල් එකක් කරගන්න අවස්ථාව ලැබුනව ඒ වැඩේ බාරදෙන්නෙ ඈත ඉඳල හරියටම ගෝල් කණු දෙක අතරින් පන්දුව යොමුවෙන්නට පා පහරක් දෙන්ට සහජ හැකියාවක් තියෙන  දක්ෂතම ක්‍රීඩකයට. ප්ලේස් කිකර් නැත්නම් ගෝල් කිකර් කියන්නෙ එයාට. මට මතකයි හැත්තෑ ගණන් වල ඩේලි නිව්ස් එකේ ක්‍රීඩා පිටුවෙ ක්ලිෆර්ඩ් කප් එකට සෙල්ලං කරන ක්‍රීඩකයො පෞද්ගලිකව ලබාගත්තු ලකුණු වගුවක් වගෙ හදල දානව. සාමාන්‍යයෙන් චාල්ස් විජේවර්ධන එක සීසන් එහෙකට ලකුණු 150 කට එහා පැත්තෙ ගන්නව. දෙතුන් පාරක් 200 පන්නලත් ගත්ත. තව හිටිය බොහොම දක්ෂ ආමි ප්ලේස් කිකර් කෙනෙක් එස්.පී. ද සිල්වා කියල.

හරි ඉතින් ඉනික්බිති මම කොළඹ ආවනෙ. ඒ දවස්වල අපේ ඉස්කෝලෙ රග්බි සෙල්ලම් කලේ නෑ. ඉසිපතන, රෝයල්, ශාන්ත තෝමස්, පීටර්ස්, ජෝෂප් ඒ කාලෙ රග්බි වලට සුප්‍රසිද්ධ ඉස්කෝල. ඒ කාලෙ කියන්නෙ ඉතිං දැනුත් එහෙමම තමයි.ඊට අමතරව සතිස්සර කියල ටීම් එකක් තිබ්බ. දැන් ගල්කිස්ස සයන්ස් කොලේජ් කියන්නෙ ඒක. ක්ලිෆර්ඩ් කප් අන්තර් සමාජ තරඟත් අපි යාලුවො එකතුවෙලා බලන්ට ගියා. CR & FC, CH & FC, හැව්ලොක්ස්, ෆෝසස් තුන, Army, Navy & Air Force සහ පොලිසිය. තව කැන්ඩි. ඒ කාලෙ ක්ලිෆර්ඩ් කප් එක දුන්නෙ අන්තර් සමාජ ලීග් ශූරයින්ට. පස්සෙ කාලෙක තමයි ලීග් ශූරයින්ට ජෝන් ප්ලේයර්ස් ශූරතාව දීල ක්ලිෆර්ඩ් කප් එක නොකවුට් දිනපු ටීම් එකට දෙන්ට පටන් ගත්තෙ.

ඊට පස්සෙ මම රස්සාවක් කරන්ට වලට නික්ම ගිය අනතුරුව රග්බි ගැන තොරතුරු දැනගැනීමේ හැකියාව එහෙම්මම නැතිවෙලා ගියා.මොකෝ ඔය මහ වන මධ්‍යයට පත්තර එනවයි කියලය? ටී.වී. සිග්නල් හරියකට තිබ්බෙත් නෑ. පස්සෙ හැබැයි කොළඹ හෙඩ් ඔෆිස් එකත් එක්ක පණිවිඩ හුවමාරු කරගන්ට අපෙ කෑම්ප් එක මැද්දෑවෙ හිටවල තිබ්බ රේඩියෝ කුළුණ උඩ පොඩි ඩිෂ් එකක් හයි කරල ඕක එහාට මෙහාට කරකවල අපි කොහොමහරි යන්තමට ටී.වී. නරඹන්ට පහසුකම් සලස්සව ගත්ත.

අචලා අලස් සහ රංජිත් සුරංග රඟපාපු මිහිකතගේ දරුවෝ තමයි අපි එහෙම ඇන්ටනා හදාගෙන, ඊලඟට කලර් ටි.වී. එකක් එහෙම ගෙනල්ල බලපු මුල්ම ටෙලි නාට්‍යය. හෙහ්.....අචලා අලස් ට ඒ කාලෙ අපි පිස්සු වැටිල හිටියෙ. මම මේ ළඟදි පත්තරේක දැක්ක අචලාගෙ දුව විවාහ වෙනව කියල. ඒත් අචලා තවම ලස්සනයි. 

ඇලෙක්ස් හේලිගෙ Roots අපි බොහොම ආසාවෙන් බලපු තවත් වැඩසටහනක්.පස්සෙ මම රූට්ස් පොතත් ගත්ත.ඇලෙක්ස් හේලිට හැබැයි බොහොම තදට Plagiarism ගැන චෝදනා එල්ලවුනා රූට්ස් සම්බන්ධව. Plagiarism නොහොත් රචනා චෞරත්වය කියන්නෙ වෙනත් අයෙකුගේ රචනාවක්, ලේඛනයක් තම නිර්මාණයක් සේ ඉදිරිපත් කිරීම.

ඒ 1987 අවුරුද්ද . පළමුවන රග්බි ලෝක ශූරතාවය පවැත්වුනේ ඒ අවුරුද්දෙ. රූපවාහිනියෙ රෑ ප්‍රවෘත්ති විකාශයේදි පෙන්වන ක්‍රීඩා ප්‍රවෘත්ති නොවැරදීම අහල මායි වාසල අයියයි වර්ල්ඩ් කප් එකේ තරඟවල ප්‍රතිඵල මොනවද කියල ටච් එකේ හිටියෙ. අහ්... වාසල අයිය ගැන පොඩි විස්තරයක් කියන්න ඕන. අපේ ක්වාටර්ස් එකේ මම ඇරුනම රග්බි ගැන උනන්දුවක් තිබ්බෙ වාසල අයියට විතරයි. ඒ වෙනකොටත් වයස තිස් පහක් වගෙ වෙච්ච වාසල අයිය හොඳ උස මහත හරි හතරරියන් පුරුසය. එයාර් ෆෝස් කලින් වැඩ කරල අර අවුරුදු දොළහකින්ද කොහෙද අයින් වෙන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අයින් වුනු වාසල අයිය එයාර් ෆෝස් ඉද්දි රගර් සෙල්ලම් කරල තියනව.

එදා කොහොම හරි වර්ල්ඩ් කප් ෆයිනල් එක දවස. අවසන් තරඟෙට සුදුසුකම් ලැබුවෙ නවසීලන්තය සහ ප්‍රංශය. ඔය තරඟාවලියෙදි තමයි නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ අද ඉතාම ප්‍රසිද්ධ හාකා සංදර්ශනය මම මුල්වරට දැක්කෙ. හාකා කියන්නෙ නවසීලන්තයෙ මුල් පදිංචිකරුවන් වන මඕරි වරුන් සටනකට පෙර ප්‍රතිවාදීන්ට අභියෝග කරන යුද නැටුමක් වගේ එකක්.



එදා මට ඒ හැටි රාජකාරියක් තිබ්බෙ නැති හින්ද නමය වගෙ වෙනකොට ආපහු ක්වාටර්ස් එකට ඇවිල්ල ඔහෙ හිටිය කම්මැලි කමේ ඇඳේ පෙරළිල. ඊට දවස් දෙක තුනකට කලින් ගෙදර ගිය වාසල අයිය දහයට වගෙ ආව කඩාගෙන බිඳගෙන. 

" ඒයි මල්ලි අද වර්ල්ඩ් කප් රගර් ෆයිනල් එක ලයිව් දෙනව තව ටිකකින්... යමං බලන්න " 

" අඩේ එහෙමද? යමු යමු " 

අපි දෙන්න තකහනියක් යාර පණහක් හැටක් දුරින් තිබ්බ අපෙ ටී.වී. හෝල් එකට දිව්ව. ඒත් එතනට ගියාට වැඩක් ඇතෑ.

ඒ වෙනකොට අපේ කෑම්ප් එක ගාවටම විදුලි බල මණ්ඩලෙන් කණු හිටවල තිබ්බට පවර් සප්ලයි දීල තිබුනෙ නෑ. ඒ හින්ද ඒ වෙනකොටත් අපි ලයිට් ගත්තෙ ජෙනරේටර් එකකින්. ජෙනරේටර් එක දාන්නෙ හවස හයේ ඉඳල රෑ එකොළහ වෙනකල්. අපි දවල්ට කන්න ආපහු කෑම්ප් එකට එන වෙලාවටත් ජෙනිය දානව. ඒ කියන්නෙ දවල් දොළහෙ ඉඳල එකහමාර වගෙ වෙනකල්. නැත්තං ෂීට් වහපු වහළත් එක්ක ඒ ක්වාටර්ස්වල ගිණි දවාලෙ පැය එකහමාරක් දෙකක් ඉන්නව කියන්නෙ සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි. 

හරි වාසළ අයියයි මායි ගියානෙ ටී.වී. හෝල් එකට. ගියාට වැඩක් ඇත ජෙනිය දාන්නෙ නැතුව ආය අහවල් එක ගහලය ටී.වී. එක ඔන් කරන්නෙ? වාසළ අයිය පණිවිඩයක් යැව්ව වි.ජ.ය.ක්‍රි. ට ඒ කිව්වෙ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරුට. නම ඇවිල්ල සිරිල්.

" මේ සිරිල් පැය එකහමාරකට වගෙ ජෙනිය දාපන්. " වාසළ අයිය කිව්ව. 

" අනේ මහත්තයො ඒකනම් කරන්න බෑ. ලොකු මහත්තය කියල තියෙන්නෙ කිසිම හේතුවක් හින්ද විනාඩි පහක්වත් වැඩිපුර ජෙනිය දාන්ට එපාය කියල. මටනම් බෑ, අනේ තරහ වෙන්න නම් එපා. " 

ඒ දවස්වල අපේ රෑට පාටි දැමිල්ල සමහරවෙලාවට ජෙනිය ක්‍රියා විරහිත කරන්ට නියමිත වෙලාවත් ඉක්මවල යනව. ඒ වෙලාවට අපි කරන්නෙ සිරිලට පණිවිඩයක් යවල තව පැය බාගයක් පැයක් වගෙ ජෙනිය දාගන්නව. ඒ ඉතිං ඩෝප් මරගාතෙ ඒ ගැන මතක් වුනොත් තමයි. බොහොමයක් වෙලාවට වෙන්නෙ එකෙකුටවත් ඕක හාංකවිසියක්වත් මතක නැතිවෙලා ජෙනිය ඕෆ් කරන කල් දන්නෙ නෑ. ජෙනිය ඕෆ් කරන්ට විනාඩි පහකට කලින් සිග්නල් එකක් දෙනව. ඒ ජෙනිය ඕෆ් කරල ආයම ඔන් කරල. එතකොට අපි කවුරු කවුරුත් දන්නව තව විනාඩි පහකින් බඩු තමයි කියල. දඩ බඩ ගාල ඒ සියලු කටයුතු කරගෙන සූදානම් වෙනව. 

ඉතින් ඔය පාටි කියන එව්ව අපේ අඩු ගානෙ දවසක් ඇර දවසක් වත් තියෙනවනෙ. ඒ හින්ද මාසෙ අන්තිමට එස්. කේ. නොහොත් සැකේ ගණං හද බැලුවහම ජෙනියෙ ඩීසල් පරිභෝජනය බොහොම වැඩියි. ඒ හින්දයි අපේ ලොක්ක ඒ කිව්වෙ වැසි මැවිසුරු.( මේ ළඟකදි අභාව ප්‍රාප්ත වුනු ඊලියන් ද සිල්වා මහත්මය වාත්තු කරපු වචනයක් තමයි ඒ. නේවාසික ඉංජිනේරු = වැසි මැවිසුරු ) නියෝග කරල තියෙන්නෙ කිසිම හේතුවක් හින්ද වැඩිපුර ජෙනිය දාන්ට එපාය කියල. ඒකයි ඔය සිරිල නහයෙං අඬන්නෙ. ඇත්තනෙ. උගෙත් රස්සාවනෙ.

" මේ සිරිල් උඹ ගිහිල්ල ජෙනිය දාපංකො. ලොක්ක එක්ක මම බලාගන්නං ඒක. කෝ ලොක්ක ඉන්නවද? ඉඳහං මම ගිහිල්ල කතා කරන්ට.. " 

වාසළ අයිය එහෙම කියල යන්ට ලෑස්ති වුනා ඔෆිස් එකට ලොක්ක මුණ ගැහෙන්ට. වාසළ අයියට ලොක්කගෙ කොහොමත් පොඩි සැළකීමක් තිබ්බ.මොකද වාසළ අයිය කෙලිං මිනිහ. එයා ෆෝස් හිටපු මිනිහනෙ. විනය, පිරිසිදු කම, රාජකාරිය, ඇඳුම් පැළඳුම් එව්ව මෙව්ව කොව්වත් ආය නෑ ටිප් ටොප් එකට තිබ්බ. වෙන එකක් ඕන නෑ මදුරු දැළ උදේට අකුළල ගැට ගැහුවම මදුරු දැළත් හරියට බැලන්ස් එකේ තියනව නිකං බබා වගෙ. " මල්ලි ජීවිතේ හැම දේකම පිළිවෙලක් තිබ්බම අපිටත් ලේසියි අපි වටේ ඉන්න අනික අයටත් ලේසියි "  වාසළ අයිය නිතරම මා එක්ක ඔහොම කියනව.

" ලොක්ක නිවාඩු ගිහිල්ල අයිය.... හෙටද කොහෙද එන්නෙ " මම කිව්ව. 

" ෂෙහ් ඒකත් එහෙමද? මේ සිරිල් උඹ බය නැතුව දාපංකො ජෙනිය. ප්‍රශ්ණයක් උනොත් මම කියන්නං මම කිව්වය කියල. පලයං බං ඉතිං තවත් බලා ඉන්නෙ නැතුව. දැං ෆයිනල් එක පටන්ගෙනද දන්නෙත් නෑ. " 

අන්තිමට මූණ නරක්කරගෙන මොනවද සුටුපුටු ගගා කියෝ කියෝ ගිහිල්ල සිරිලා ජෙනිය දැම්ම. වාසළ අයියයි මායි ෆයිනල් එක බැලුව. නවසීලන්තෙ දිනුව ප්‍රංශෙ පරදවල. ළකුණු තත්වය 29 -9 



ඊලඟ වර්ල්ඩ් කප් එක 1991 තිබ්බෙ එංගලන්තෙ. මට හැබැයි ඒක ගැන එච්චර ෆලෝ කරන්න බැරිවුනා. එංගලන්තෙයි ඕස්ට්‍රේලියාවයි ෆයිනල්ස් ඇවිල්ල ඕස්ට්‍රේලියාව දිනුව ලකුණු 12 - 6.

ඊට පස්සෙ 1995 අවුරුද්දෙ වර්ල්ඩ් කප් තිබ්බෙ දකුණු අප්‍රිකාවෙ. දකුණු අප්‍රිකාවෙ වර්ණභේදවාදය අහෝසි වෙලා නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වුනේ 1994 අවුරුද්දෙ. ඒ එක්කම 1995 අවුරුද්දෙ පැවැත්වුනු ජගත් රග්බි ශූරතා තරඟ මාලාව මැන්ඩෙලා යොදා ගත්තෙ බිහිසුණු වර්ගවාදී අරගලයකින් බෙදී වෙන්වී තිබුණු දකුණු අප්‍රිකාව එක්සත් කරනු පිණිස. 

ඩෙස්මන්ට් ටුටූ රදගුරුතුමාගෙ Rainbow Nation සංකල්පය යටතේ සියලු ජනවර්ගයන්ට අයත් දකුණු අප්‍රිකානුවන්ගේ ආශීර්වාදයෙන් දකුණු අප්‍රිකා ස්ප්‍රිංග්බොක්ස් කණ්ඩායම ( Springbok යනු ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ වසන ඉතා වේගයෙන් දිවීමට සමත් ඇන්ටිලෝප් නම් මුවෙකුට සමාන සත්වයෙකි.දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම හැඳින්වෙනුයේ ස්ප්‍රිංග්බොක්ස් යන විරුද නාමයෙනි.එළෙසම දකුණු අප්‍රිකානු  ක්‍රිකට් පිළ හැඳින්වෙන තවත් නාමයක් වනුයේ Proteas යන්නයි. ප්‍රෝටියා යනු දකුණු අප්‍රිකාවේ ජාතික පුෂ්පයයි. ) අවසාන තරඟයේදී 15 - 12 ලෙස නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ජයගත්තා. මුළු තරඟයේම උත්සාහක ළකුණු කිසිවක් වාර්තා නොවීම විශේෂයක්.පසු කලෙක මේ සිද්ධිය අලලා Invictus නමින් චිත්‍රපටයක්ද නිෂ්පාදනය වූවා. එහි මැන්ඩෙලා ලෙස රඟ පෑවේ මෝගන් ෆ්‍රීමන්.



1999 ලෝක ශූරතාවය පැවැත්වූයේ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය සහ ප්‍රංශය එකතුව. ලෝක ශූරයින් ලෙස කුසලාන දිනාගත්තේ අවසාන තරඟයෙන් 35 - 12 ලෙස ප්‍රංශය පරාජය කල ඕස්ට්‍රේලියාවයි.

ඊළඟට 2003. එහි අවසාන තරඟයේ අවසාන මිනිත්තුවේ ඩ්‍රොප් ගෝලයක් මඟින් එංගලන්තයට ජය අත්වීම පිළිබඳව මම කලින් කතාකලා ඔබට මතක ඇති. උත්තරාර්ධ ගෝලයේ පිහිටි රටක් රග්බි ලෝක ශූරයින් වූ එකම අවස්ථාවත් එයයි.



2007 වසරේ ප්‍රංශයේ පැවති තරඟාවලිය ජය ගත්තේ අවසාන තරඟයේදී 15 - 6 ලෙස එංගලන්තය පරාජය කල දකුණු අප්‍රිකාවයි. මේ තරඟයේදීද එකම උත්සාහක ලකුණක් හෝ වාර්තා වූයේ නැහැ. තරඟයේ ජය පරාජය තීරණය වුනේ දඬුවම් පහරවල් මතයි.

අවසාන වරට 2011 වසරේ නවසීලන්තයේ පැවති තරඟාවලිය ජයගත්තේ 8 -7 ලෙස අවසාන තරඟයේදී ප්‍රංශය පරාජය කල නවසීලන්තයයි.

මෙතෙක් පැවැත්වුනු තරඟාවලි හතක ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර මෙහෙමයි.


1 - 1987 - Champions - New Zealand,  Runners Up - France

2 - 1991 - Champions - Australia,  Runners Up - England

3 - 1995 - Champions - South Africa,   Runners Up - New Zealand

4 - 1999 - Champions - Australia,  Runners Up - France

5 - 2003 - Champions - England,  Runners Up - Australia

6 - 2007 - Champions - South Africa,  Runners Up - England

7 - 2011 - Champions - New Zealand,  Runners Up - France

ඉතින් ඔහොමයි මීට කලින් පැවැත්වුනු ලෝක ශූරතා තරඟාවලි හතක විස්තර. මෙවර එංගලන්තයේ අටවන තරඟාවලිය සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වෙනු ඇති.

ඉතිං මේ පාර කවුරු දිනයිද? I am not in to betting big time but if I have to make a wager, my money would be on All Blacks a.k.a. New Zealand.

56 comments:

  1. /*ඉසිපතන, රෝයල්, ශාන්ත තෝමස්, පීටර්ස්, ජෝෂප් ඒ කාලෙ රග්බි වලට සුප්‍රසිද්ධ ඉස්කෝල*/
    මම ට්‍රිනිටියන් කෙනෙක් නම් නෙවෙයි. ඒත් මෙතනට ත්‍රිත්ව විද්‍යාලයත් එන්න ඕනි..

    /*ඉතිං මේ පාර කවුරු දිනයිද?*/
    මේ පාර මමත් හිතන්නේ නවසීලන්තය දිනයි කියල. නවසීලන්තයේ ඕපන් රග්බි ස්ටයිල් එකට මම නම් මාර කැමති

    ReplyDelete
    Replies
    1. kool fire අර ඉස්සර ආණ්ඩුවේ මාද්‍යවේදියෝ වගේ කෑල්ලක් විතරක් අරන් විග්‍රහ කරන්න එපා කතෘ කියල තියෙන්නෙ "හරි ඉතින් ඉනික්බිති මම කොළඹ ආවනෙ. ඒ දවස්වල අපේ ඉස්කෝලෙ රග්බි සෙල්ලම් කලේ නෑ. ඉසිපතන, රෝයල්, ශාන්ත තෝමස්, පීටර්ස්, ජෝෂප් ඒ කාලෙ රග්බි වලට සුප්‍රසිද්ධ ඉස්කෝල" රගර් ගහපු කොළඹ ඉස්කෝල ගැනැයි කියල තියෙන්නේ.

      Delete
    2. Kool fire,

       / ඒත් මෙතනට ත්‍රිත්ව විද්‍යාලයත් එන්න ඕනි..  /

      කලෙන් කාලෙට රට රටවල්වල ක්‍රීඩා තත්වය බහිනව. පාසල්වලටත් එහෙමම තමයි. මම ඔය කියන හැත්තෑව දශකයෙ අග භාගයෙ ත්‍රිත්ව විද්‍යාලයෙ රගර් ක්‍රීඩාව බැහැලයි තිබුණෙ. ඒ නිසයි මම ත්‍රිත්ව විද්‍යාලය ගැන සඳහන් නොකළෙ.

      Delete
    3. දිනේෂ්,

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...ඔව් ට්‍රිනිටි ගැන නොකියන්ට ඔබ කියන හේතුවත් බලපාන්ට ඇති නොදැනුවත්වම.

      Delete
  2. රවී. නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකාණු ජයග්‍රහණය ගැන කරුණක්. 1995 වෙනකොටත් දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයින් රග්බි ක්‍රීඩාව සුද්දන්ගේ එනක් වර්ණ භේද කාලේ පාලනය කළ අෆ්‍රිකානා ජාතියේ ක්‍රීඩාවක් ලෙස සළකා පිලිකුල් කළා. අවසාන තරඟය දා නෙල්සන් මැන්ඩෙලා ස්ප්‍රිං බොක්ස් කණ්ඩායමේ නායකයාගේ ටී ශර්ට් එකේ නොම්මරය පැලැඳ කණ්ඩායමේ තොප්පිය පැලැඳ පිට්ටනියට ගොස් කණ්ඩායමට සුභ පැතුවේ සිතින් වෙන්වී සිටි ජාතිය එක්කිරීමට එම අවස්ථාව ප්‍රයෝජනයට ගණිමින්.

    එම මොහොත රග්බි ඉතිහාසයේ මෙන්ම දකුණු අප්‍රිකානු ඉතිහාසයේ නොමැකෙන දිනයක් වන්න එයත් හේතුවුනා. සෑම ප්‍රචාරණ අවස්ථාවක්ම තමන්ගේ ප්‍රතිරූපය පුම්බන්න යොදාගන්නා ආර්ත්මාර්ථකාමී දේශපාලකයින් ඉන්නා ලොවක නෙල්සන් මැන්ඩෙලා මහ විරුවා ඔහු දෙස ලොවම බලා සිටි අවස්ථාව රටේ සුබසිද්ධියට සහ එක් කළ නොහැකියි සිතූ ජාතීන් දෙකක් එක් කිරීමට යොදා ගැනීම ලෝක ඉතිහාසයේම උත්කෘශ්ට අවස්ථාවක්.

    ReplyDelete
    Replies
    1. Ian,

      ඔබ හරියටම හරි, මැන්ඩෙලා කියන්නෙ නායකත්වයේ සියළුම ගතිගුණ වලින් සමන්විත අංග සම්පූර්ණ නායකයෙක්.

      මැන්ඩෙලා මියගිය පසු මම ලියපු සමරු සටහනේ අවසානය මෙහෙමයි.

      Let me conclude with a catchy phrase I read somewhere but sorry I have forgotten all about from where… 

      When aliens get down here and asks us " Hey mankind , please take us to your leader… well... Nelson Mandela is the closest to that title as one would ever get… 

      Well then ...Good bye the leader of mankind ,…. until we meet again!!!!

      වෙලාවක් තියේනම් ඒ සටහන මෙතනින් කියෙව්වැහැකි. 233. Invictus - අපරාජීතෝ

      Delete
    2. No one can beat that discription, kudos Ravi

      Delete
  3. අපි කොච්චර කාලෙක ඉඳන් රග්බි ක්‍රීඩාවේ යෙදෙනවද? නමුත් මොකක්දෝ හේතුවක් නිසා අපිට ජාත්‍යන්තර තලයට යන්න අමාරුවෙලා තියනවා. අන්න ඒකට පිළියම් හොයන්නේ නැතුව අපි තවමත් ඔහේ 'රග්බි ඩ්‍රිල්' එක කරනවා.

    කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මා ඉතා කෙටි කලක් අධ්‍යාපනය ලැබුවා. එහිදී රග්බි පුහුණුවත් ලැබුවා. නමුත් මම වගේ දහ ගුණයක් විතර උස මහත එකෙක් :D උගේ දනිස්ස මගේ කොන්දට තියලා මව අනික් පැත්තට නැව්වා. සුමාන දෙකක් විතර වෙදකම් කරන්න වුනා. එතැනින්ම මගේ රග්බි ඉවරයි.

    වාසල කිව්වේ අර සේවා බලකායේ ඉඳලා ආව නිලධාරියාද? ඔහු මහනුවර සේවය කළ බවක් මතකයේ තියනවා. කුමක් හෝ හේතුවක් නිසා ඔහු ලුතිතන් හෝ කපිතන් නිලයේ සිටියදී හමුදාවෙන් ඉල්ලා අස්වුණා කියලයි මට මතක තියෙන්නේ. හමුදාවේ හිටියානම් ඉතා ඉහලට යන්න අවස්ථාව තිබුණ නිලධාරියෙක්.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය උපරිම වශයෙන් දියුණු කලත් අපට යන්න පුළුවන් ඉහලම තැන ආසියාවේ දෙක වගේ මම හිතන්නෙ. තාක්ෂණය කොතරම් තිබුනත් ශාරීරික ශක්තිය බලපානව මේ ක්‍රීඩාවට. රටේ ජනගහනය ලක්ෂයක් වන ටොංගා, ජනගහනය ලක්ෂ දෙකකට අඩු සමෝආ, ලක්ෂ අටක් ඉන්න ෆීජි ලෝක කුසලානයට එන්නෙ තනිකර ඇ‍ඟේ හයිය නිසා.

      Delete
    2. විචාරක තුමා කොයි කාලේද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලැබුවේ එහි සිසුන් ඒකාලේ රගර් ක්‍රීඩාව කලේද, කොහේ තිබුන පිට්ටනියේද , කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය කුමන පාසැල් සමගද තරඟ වැදුනේ , ඔයා බොරු නේද කියන්නේ
      .......හි හි ඔන්න මාට්ටු....
      .ඔබ කෙටි කලක් හෝ ඉගෙන ගත්තයි කියන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලට අපහාස නොකරන්න

      Delete
    3. 1974 වසරේදී තමයි මම ගියේ ඇනෝ. ඒ කාලයේදී රග්බි කණ්ඩායමක් ඇති කිරීමේ අරමුණෙන් පුහුණු කටයුතු ආරම්භ කළා. මා එම පාසලට ගියේ මාස 11 ක් පමණ. එයින් අස්වී ආවාට පසු කුමක් වුවාදැයි නොදනිමි. මට මාව පුම්බා ගැනීමට අවශ්‍ය නැත. මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමකි. පුහුණුව සඳහා යොදාගත්තේ නව පාර්ලිමේන්තු පාරේ තිබුණ කුඩා ක්‍රීඩා පිටියක්. පාසලට අපහාස කිරීමක් නැහැ. මා කියා නැහැ ඒ පාසල නරකයි කියා. එහිදී මා වේදිකා නාට්‍යයකත් රඟපෑවා. නැටුම් පුහුණු වුණා.

      Delete
    4. ඔබතුමා 1974 වසරේදී මස11 පමණක් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලට යන්න ඇති එම වසරේ කුමන ශ්‍රේණියේද ඔබ තුමා ඉගෙන ගත්තේ . මා සිතනවා එය ඔබට මතක ඇති කියලා . ඒ කාලයේදී රග්බි කණ්ඩායමක් ඇති කිරීමේ අරමුණෙන් පුහුණු කටයුතු ආරම්භ කළා .ඔබතුමා ට හොඳටම ෂුවර්ද මේක
      පුහුණුව සඳහා යොදාගත්තේ නව පාර්ලිමේන්තු පාරේ තිබුණ කුඩා ක්‍රීඩා පිටියක්.
      ඔබතුමා සදහන් කරන කාලයේදී ඔබ කියන නව පාර්ලිමේන්තු පාරේ කොහෙද ඔය පිට්ටනිය තිබුනේ බොරැල්ල, රාජගිරිය ,වැලිකඩ, ඇතුල් කෝට්ටේ, දියවන්නාව පාලම් හන්දිය නව පාර්ලිමේන්තුව අතර තුරද 1974 වසරේ දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලට තමන්ට කියා ක්‍රීඩාපිටියක් තිබුනේ නැද්ද ඔබතුමා මෙම විදුහලට දිනපතා ඇතුළු වුනේ කුමන පැත්තේ දොරටුවෙන්ද කැමති නම් පමණක් පිලිතුරු දෙන්න
      හි හි බොරු එපා
      කලකදී තව කවුද පුර සිද්ද බ්ලොග් ලිය න්නෙක් ලියුවා එතුමා මෙමෙ ක්‍රීඩාව පාසලේ පුහුණුවන්න නම් ක්‍රීඩා කරන කාලය තුලදී මැරුනොත් වගකීම තමන් විසින් බාරගතයුතු කියලා ලියුමකින් පුහුණුවට පෙර පාසලට දියයුතුයි කියා ඔබතුමා කියනවා ඔබතුමා පටන්ගන්න කොටම කෙනෙක් ඔබතුමාගේ කොන්ද අනික් පැත්තට තියලා නවපු නිසා රග්බි පුහුණුව නැවැත්තුවා කියලා සුමාන දෙකක් විතර වෙදකම් කරන්න වුනා. එතැනින්ම මගේ රග්බි ඉවරයි.......ක්‍රීඩාකරන්න භය නිසා නැවැත්තුවා එහෙමද මේක මාර පාලන් කොක්කු ටෝක් එකක්නේ

      රටට ජාත්‍යන්තර තලයට යන්න අමාරුවෙලා තියනවා. අන්න ඒකට පිළියම් හොයන්නේ නැතුව අපි තවමත් ඔහේ 'රග්බි ඩ්‍රිල්' එක කරනවා
      අනේ මන්දා මොනවද මෙ කියන්නේ කියලා

      මට මාව පුම්බා ගැනීමට අවශ්‍ය නැත. මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමකි.
      ඔබතුමා සියලුම දේවල් ඉතා සත්‍ය ගරුක ලියන බව දන්නෝ දනිති එත් අපි නොදනිති .

      Delete
    5. විචාරක.

      / වාසල කිව්වේ අර සේවා බලකායේ ඉඳලා ආව නිලධාරියාද? /

      නැහැ, නැහැ..මම කියන වාසල කලින් ඉඳල තියෙන්නෙ ගුවන් හමුදාවෙ. අනික ඔහු නිලධාරියෙකුත් නෙවෙයි.

      Delete
    6. //කැමති නම් පමණක් පිලිතුරු දෙන්න//

      මැට්ටෙක් එක්ක වාද කරන්න කැමති නැත. ඔහේ බලුකිරියේ බලුවැඩ නිසා මගෙන් පුකට පයින් පාරක් කාපු එකෙක් වගේ. එවැනි අබබ්බයන් සමග වාද නොකරමි.

      Delete
    7. රාජ්,

      / තාක්ෂණය කොතරම් තිබුනත් ශාරීරික ශක්තිය බලපානව මේ ක්‍රීඩාවට /

      ඔබ හරි රාජ්. වර්තමාන වෘත්තීය රග්බි කණ්ඩායමක ස්ක්‍රම් එහෙකදි සහභාගිවෙන Forward pack එකේ ක්‍රීඩකයො අටදෙනාගෙ බර එකතු කලාම 800 kg වගෙ වෙන්න ඕන කියලයි කියන්නෙ. ඒ කියන්නෙ එක්කෙනෙක් අවම වශයෙන් 100 kg වගෙ. එහෙම ක්‍රීඩකයො අපි කොහෙන්ද හොයන්නෙ?

      මේ Pack weight එක තරඟයක ජයග්‍රහණයට බොහොම බලපානව වගේම කණ්ඩායම් දෙකක හැකියාවන් සහ ජයගැනීමට ඇති හැකියාව ඇගයීමේදී භාවිතා කරන වැදගත් සාධකයක්

      හෙට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනව එංගලන්තය ජයගතයුතුම තරඟයක්. මේ ඒ තරඟයෙ දෙපිලේ ජයග්‍රහණය කිරීමේ හැකියාවන් ගැන විශ්ලේෂණයක්. මෙතන Pack weight එකත් සලකා බලන එක කාරණයක්

      Australia have the weight advantage in the scrum

      Weight of scrum: England 896kg - 913kg Australia.

      Rugby World Cup 2015 England v Australia preview: Six stats that could decide this Saturday's Pool A clash

      Delete
    8. රවී මැතිතුමනි පළමුව ඔබෙන් සමාව
      විචාරක ඔබට මෙතැන වාද කරන්න කියන්න දෙයක් නැත්තේ ඔබට ඔබේ කොමන්ටුවේ 80%බොරු නිසාය
      1974 වසරේ ඔබ ඔය කියන නව පාර්ලිමේන්තුව පාර සිතියමක්වත් තිබනාදැයි නොදනිමි 1977 නව රජය යටතේ 1978/79 වර්ෂවල දී නව පාර්ලිමේන්තුව ඉදිවුණේ. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලට තමන්ගේම යයි කිවහැකි ක්‍රීඩාංගනයක් තිබෙන බව එකල ඔබ නොදන්නේ ද
      ඔබ විසින් ඔබව පුම්බගෙන මන් ආමි පොරක් ආමි උණෙන් මගෙන් පුකට පයින් පාරක් කාපු එකෙක් වගේ
      චන්ඩි පාට දාන්න ඔබ ඇත්තටම ඔබ නියම රණවිරු වේකුද
      බලු කිරි කෙසේ වෙතත් සුකර කිරි බිව්වකු සේ බ්ලොග් ලෝකයේ චන්ඩි නොවන්න

      ඔබ කෙටි කලක් හෝ ඉගෙන ගත්තයි කියන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලට අපහාස නොකරන්න ඔබවැනි අයාලේ යන යාචකයන් හට ඉගැන්වීමට ඉඩ දුන්නට

      ඔබතුමා සියලුම දේවල් ඉතා සත්‍ය ගරුක ලියන බව දන්නෝ දනිති එත් අපි නොදනිති නමුත් දැන් දනිති

      Delete
    9. කොච්චර උම්බෑ කිව්වත් තමුසේ හරකෙක් මිසක් ඊට ඉහලට එන්නේ නැත.

      Delete
    10. කොච්චර උම්බෑ කිව්වත් තමුසේ හරකෙක් මිසක් ඊට ඉහලට එන්නේ නැත.

      Delete
  4. උඹේ ලිපිය එනකල් තමයි හිටියෙ නමුත් මදි වගේ.......

    උඔ කියපු අවස්ථාවලට අමතරව තවත් එකක් තියනව "පෙනල්ටි ට්‍රයි" කියල. ගෝල් ලයින් එක ආසන්නයේම පෙනල්ටියක් දෙන්න සිදුවුනොත්, ට්‍රයි එක ලබාගත හැකිව තිබුනා නම් මේ අවස්ථාව දෙනව.

    රග්බි ෆයිනල් නං බැලිල්ල ටිකක් කම්මැලි හිතෙන වැඩක්. මොකද දෙගොල්ලම ආරක්ෂාකාරීව ගේම ගෙනියන නිසා ඉඳහිට ලැබෙන පෙනල්ටියකින් තමයි ලකුණු එන්නෙ. නිදහස් ක්‍රීඩාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / උඹේ ලිපිය එනකල් තමයි හිටියෙ නමුත් මදි වගේ....... /

      හෙහ්...හෙහ්..මදි වගේද?.....:)

      /උඔ කියපු අවස්ථාවලට අමතරව තවත් එකක් තියනව "පෙනල්ටි ට්‍රයි" කියල./ ගෝල් ලයින් එක ආසන්නයේම පෙනල්ටියක් දෙන්න සිදුවුනොත්, ට්‍රයි එක ලබාගත හැකිව තිබුනා නම් මේ අවස්ථාව දෙනව. 

      ස්තූතියි රාජ්..පෙනල්ටි ට්‍රයි එක මට මඟ ඇරුනා...

      The referee can award a penalty try (five points) if a player would probably have scored a try but for foul play by an opponent. The try is said to have been scored between the posts (so the conversion kick is taken directly in front of goal).

      /රග්බි ෆයිනල් නං බැලිල්ල ටිකක් කම්මැලි හිතෙන වැඩක්. මොකද දෙගොල්ලම ආරක්ෂාකාරීව ගේම ගෙනියන නිසා ඉඳහිට ලැබෙන පෙනල්ටියකින් තමයි ලකුණු එන්නෙ. නිදහස් ක්‍රීඩාවක් නෑ./

      ඒක හරි. විශේෂයෙන්ම අවසාන තරඟෙ උනහම කවුරුත් ඇටෑක් එකට යන්නෙ නැතුව ඩිෆෙන්සිව් මෝඩ් එකේ සෙල්ලං කරන්නයි කැමති. Because there is so much at stake.

      Delete
  5. මට නම් කවදාවත් අල්ලලා ගියේ නැති සෙල්ලමක්.. එක සැරයක් ද කොහෙද ඉස්කෝලේ තිබ්බ රගර් ප්‍රැක්ටිස් එකකට ගියා පිට්ටනිය පුරා දුවලම පන යන නිසා මට එපා වුණා.

    ReplyDelete
    Replies
    1. ඔය රාජපක්ශ මහත්තය තර්ස්ටන් එකට ආපු දවස්වල රග්බි ටීම් එකේ ළමයි ඔක්කොම එක බෝලයක් පස්සෙ දුවනව දැකල ටීම් එකේ ඔක්කොටම එක බෝලෙ ගානෙ අරන් දුන්නලු. එහෙම කරල තියෙන්නේ ටීම් එකට පැනගන්න. ඒවගේ ගැහුවනන් ඔය පිට්ටනිය වටේ දුවන්න වෙන්නෙ නැහැ.

      Delete
    2. පැතුම්,

      රග්බි වලට ශාරීරික යෝග්‍යතාවය බොහොම අවශ්‍යයි. ඒකයි මල්ලි උඹව පලවෙනි දවසෙ පිටැන්න පුරා දුවවල තියෙන්නෙ. බහුතරයක් ක්‍රීඩා පුහුණුකරුවො ඔය වැඩේ කරනව අනවශ්‍ය තරමටත් මොකද එතකොට ක්‍රීඩාවට කැපවීමක් තියෙන එවුන් විතරයි ඒ රැග කාගෙන පහුවදත් එන්නෙ.

      උඹනම් යන්න ඇත්තෙ ෂුවර් ඇන්ඩ් ෂොට් එතනම එහා පැත්තෙ කෙල්ලො වොලිබෝල් ප්‍රැක්ටිස් කරන්ට ඇති..ඒකයි...:)

      Delete
  6. මමත් බලන්නෙ නැති ගේමක්.රවී කටවහරෙදී කියන්නෙ රගර් කියල නේද?ඇයි රග්බි කියල ලියන්නෙ.අපේ රටේ රගර් ජාත්‍යන්තර තලයට ගෙනියපු රජ කුමාරවරු සැට් එක රවිල බලහත්කාරයෙන් එලවාගත්තට පස්සෙ ආයෙ රගර් ජාත්‍යන්තරයට ගෙනියනවා බොරු.ඔය ක්ලබ් මැච් ගගහ ඉන්නයි තියෙන්නෙ.කරපු වැරැද්ද ආපහු හරවන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. රගර් කියන්නෙ පොදු නාමයක් මම හිතන්නෙ. නමුත් රග්බි කියන්නෙ රගර් ඇතුලෙ තියන මේ දවස්වල දකින උපකුලකයට. හෙල්මට් දාගෙන ක්‍රීඩා කරන ඇමරිකන් ෆුට්බෝල් වලටත් රගර් කියන එක භාවිතා වෙනව දන්න තරමින්.

      Delete
    2. රාජ් රග්බි ලිග් කියලා එක ක්‍රිඩාවකුත් තියනවා එක නම් බොහොම අඩු රටවල් ප්‍රමාණයක් තමයි සෙල්ලම් කරන්නේ එකෙත් ලෝක කුසලානයක් සඳහා තරග තියනවා
      ලංකාවේ එම ක්‍රීඩාව කරනවා දැයි මම දන්නේ නෑ

      රග්බි යුනිඅන් කියන ක්‍රීඩාව තමයි ලංකාවේ තියෙන්නේ

      බොහෝ යුරෝපිය සම්බවයක් ඇති රටවල සුදුපටි රැකියා කරන සමාජය ක්‍රීඩා කරන්නේ රග්බි යුනියන් ක්‍රීඩාව නිල්කරපටි සමාජය නියෝජනය කරන්නේ රග්බි ලිග් ක්‍රීඩාවයි
      පුද්ගලික පාසල් සහ ක්‍රිස්තියානි පාසල් වල ක්‍රීඩා කරන්නේ රග්බි යුනියන් පමණයි නගරයේ උසස් රජයේ පාසැල් පමණක් මෙමෙ ක්‍රිඩා කරනවා

      රජයේ අනිකුත් පාසල්වල ක්‍රීඩා කරන්නේ රග්බි ලිග් ක්‍රීඩාවයි

      මෙම ක්‍රීඩා දෙකම පෙනුමෙන් එකසමානයි නමුත් බොහෝ නීති රීති වෙනස් . බොලෙත් එකවගේ පෙනුනට ප්‍රමාණයෙන් තරමක් වෙනස්

      ඔස්ට්‍රේලියාවේ /නවසිලන්තේ රග්බි ලිග් පොදු ජනයා අතර ඉහල ප්‍රතිචාරක් පෙන්වනවා

      Delete
    3. ඇනෝ,
      විස්තරයට ස්තුතියි. ‍ෙබ්බිලාගෙ කාලෙ ඇමරිකන් ෆුට්බෝල් ආරම්ංභ කලා. (ඒකටත් හිටියෙ අපේ රග්බි ගහන එවුන්මයි). නමුත් අල්ලල ගියේ නෑ.

      මේක මම මගේ පෝස්ටුවෙදි තිසරගෙනුත් ඇහුව උත්තරයක් ලැබුනෙ නෑ.
      ක්‍රීඩකයෙක් අල්ලල බිම දැම්මම බෝලෙ බිම තියන, වැටෙන ක්‍රීඩකයගෙ පැත්තෙඅය මෝල් එකට සහභාගී නොවන ක්‍රීඩාවද රග්බි ලීග් කියන්නෙ?

      Delete
    4. Helapa,

      / රවී කටවහරෙදී කියන්නෙ රගර් කියල නේද?ඇයි රග්බි කියල ලියන්නෙ. /

      රගර් කියන්නෙ පහසුවට හදාගත්ත වචනයක්. නිල නාමය රග්බි. හරියටම කිව්වොත් රග්බි යූනියන්. මම මේ ලිපිය ලියන්ට හිතුවෙ මේ දිනවල පැවැත්වෙන අටවන ලෝක කුසලාන රග්බි තරඟාවලිය හින්ද නිසා මම රග්බි කියන වචනෙ දිගටම යෙදුව.

      / අපේ රටේ රගර් ජාත්‍යන්තර තලයට ගෙනියපු රජ කුමාරවරු සැට් එක රවිල බලහත්කාරයෙන් එලවාගත්තට පස්සෙ ආයෙ රගර් ජාත්‍යන්තරයට ගෙනියනවා බොරු.ඔය ක්ලබ් මැච් ගගහ ඉන්නයි තියෙන්නෙ.කරපු වැරැද්ද ආපහු හරවන්න බෑනෙ. /

      රග්බි ජාත්‍යන්තර තලේට ගෙන යෑම කොහොම වෙතා කුමාරවරු තුන් දෙනා රගර් ටීම් තුනක කැප්ටන්කම නම් ගත්ත බලෙන් වගේ. ඊටපස්සෙ දෙන්නෙක්ද කොහෙද ලංකා ටීම් එකටත් තේරුණා. දෙවෙනි කුමාරය ලංකා ටීම් එකේ කැප්ටන් වුනා. පියරජතුමාට ඒ දවස්වල බබානිස්ල උඩ දමන්ට තිබ්බනෙ. නැත්තං එතුමාත් එනව ලංකා ටීම් එකට සෙල්ලං කරන්ට..ආය දෙකක් නෑ ඒකෙ.

      Delete
    5. රගර් ක්‍රීඩාවේ ආරම්භය 1820 එංගලන්තයේ රග්බි නගරයේ මෙන්න මේ පාසලෙන්.
      http://www.rugbyschool.net/a-history-of-rugby-football

      Delete
    6. Kandyan,

      රග්බි ක්‍රීඩාවේ උපත ගැන මම මෙහෙම කතාවක් අහල තියනව. කොච්චර දුරට ඇත්තද කියල නම් දන්නෙ නෑ. එන්ගලන්තෙ රග්බි පාසලේ ( එන්ගලන්තෙ තියනව ඉතා ඉහල මුදලක් අය කරල වන්ශවතුන් / ධනවතුන්ගෙ දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීම සඳහා පිහිටවන ලද Public Schools කියල හැඳින්වෙන පාසල් වර්ගයක්. ඊටන්, හැරෝ, රග්බි, වින්චෙස්ටර් එයින් කීපයක්. කින්ග්ස්වුඩ් විද්‍යාලයෙ නිවාස වලට දාල තියෙන්නෙ ඔය විද්‍යාල හතරෙ නම්. ) ඉතින් ඔය රග්බි විද්‍යාලෙ නිවසාන්තර පාපන්දු තරඟයකදි එක් ක්‍රීඩකයෙක් ප්‍රතිවාදීන් වටකරගෙන පන්දුව ඉදිරියට අරන් යන්නට බැරිම වුන තැනදි පාපන්දුව අතින් අරගෙන දුවල ගෝල් එක ඇතුලෙන් තිබ්බලු.ඕක බලන් හිටපු ක්‍රීඩා භාර ගුරුතුමා ඒකත් නරකම නෑ නෙවද කියල හිතල පන්දුව අතින් අරගෙන දුවන්න පුලුවන් ක්‍රීඩාවක් හඳුන්වල දුන්නලු. ඒ ඉස්සෙල්ලම පන්දුව අරගෙන දුවල ගිය ක්‍රීඩකයහෙ නමින් තමයි ලෝක කුසලානය හැඳින්වෙන්නෙ. Web Ellis Cup

      Delete
    7. ඔබ හරි. ඒක තමයි ඉතිහාස කථාව. ඒ පාසැල ගැන තමයි මම දාපු ලින්ක් එක.

      Delete
  7. මට මහන්සි වෙන්න එච්චර හොඳ නෑ කියලා ඩොක්ටර් මාමා කිව්වා. ඉතිං මං රග්බි මැච් බලන්නෑ. ගොල්ෆ්, ස්නූකර් වගේ එව්ව විතරයි බලන්නෙ...

    ReplyDelete
    Replies
    1. මචං ඕකට කරන්න තියෙන්නෙ රග්බි වගේ දේවල් බලනකොට ස්ලෝ මෝශන් දාල බලන්න. කිසි මහන්සියක් නැහැ.

      Delete
    2. මූට හරියන්නෙ අර 56 kbps කාලෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්.

      Delete
    3. ඩ්‍රැකී,

      / මට මහන්සි වෙන්න එච්චර හොඳ නෑ කියලා ඩොක්ටර් මාමා කිව්වා. /

      මටත් ඔහොම කිව්වනෙ බන් අර හාට් ට්‍රබල් එක ආවට පස්සෙ. ඉතින් මම ගෙදර ඇවිල්ල කිව්ව " මේ දොස්තර මට කියල තියෙන්නෙ මහන්සි වෙන්ට එපයි කියල. ඒ හින්ද මීට පස්සෙ මට කරදර කරන්ට ලැහැත්ති වෙනව එහෙම නෙවෙයි හොඳද? ඕනම නම් ඉතින්...." ලැබිච්ච උත්තරේ මම ලියන්නෙ නෑ මෙතන..තම තමාගේ පරිකල්පන ශක්තිය භාවිතා කරත්වා!!!

      Delete
    4. ඩ්‍රැකී උඹ වැල බලනකොට උනත් ඔය සොෆ්ට් කෝර් ඒවා විතරක් බලාපං.

      Delete
  8. බ්‍රයන් බැප්ටිස් Tea Taster කෙනෙක් විදිහට මෑතක් වෙනකම් ලංකාවෙ වැඩකලා, දැන් කෙන්යාවෙ තේ සමාගමක වැඩ.
    මම රගර් වලට ආස උනේ රස්සාවට ආවට පස්සෙ , රස්සාව කරන තැන රගර් ටීම් එකට කට්ටිය මදි හින්ද රගර් ටීම් එකේ සාමාජිකයෙක් වෙන්න සිදු උනා.
    රගර් ගහන වෙලාවට අදින ඇදුම හොද හයිය මැස්මවල් වලින් මහන්ඩ ඕනෙ කියන එක සාමාන්‍ය දැනීමක් තියන කෙනෙකුට තේරුනාට අපේ ඇදුම් සප්ලයි කොරපු එකාට සාමාන්‍ය දැනීම නොමැතිකම නිසා බෝම්බෙකට අහුවෙච්චි එවුන් වගේ සාටර් මැච් එකක් ගැහුව හැටි සැක්....මතක් වෙනකොටත් ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. නවසීලන්තයේ canterbury සමාගම නිර්මාණය කරන රග්බි ජර්සිය තමයි වඩාත්ම ජනප්‍රිය .නමුත් එකත් දැන් නිර්මාණය වන්නේ චීනයේ නිසා උසස් තත්වය අතින් තරමක් දුරුවලයි එහෙත් මේ දිනවල ලෝක කුසලාන නිසා එහි වටිනාකම රුපියල් 15000.00 විතර වෙනවා ඒහා සමාන හොර බාල නිපැයුම් ලංකාවේ රු 1500.00 තියනවා පමුණුවේ රෙදිකඩ වල

      Delete
    2. ස්තූතියි මචං තොරතුරට, අපිට දුන්න ඒව 1500 ක් වත් වටින්නෙ නෑ. එදා අත් නැති , පිට නැති, කොලර් නැති නානා ජාති ජර්සි තමයි මැච් එක ඉවරවෙද්දි තිබුනෙ.

      Delete
    3. කම්මල,

      / බ්‍රයන් බැප්ටිස් Tea Taster කෙනෙක් විදිහට මෑතක් වෙනකම් ලංකාවෙ වැඩකලා, දැන් කෙන්යාවෙ තේ සමාගමක වැඩ./

      ඒ යුගයෙ ගොඩක් දක්ෂ රගර් ක්‍රීඩකයො තේ වතු සමාගම්වල සේවය කරපු අය. ඔය ට්‍රිනිටි ඇන්තනීස්, සේන්ට් තෝමස්. රෝයල් වගෙ ඉස්කෝලවල රගර් ගහපු අය තමයි ගොඩක් වතු සමාගම් වල එතකොට තේ අපනයන සමාගම්වල ලොක්කො. ඉතින් අනිවාර්යයෙන් Old boys network එකෙන් රගර් ගහපු කොල්ලන්ට එව්වයෙ රස්සාවල් ලැබෙනව.

      හැටගණන් වල තිබිල තියෙනව තනිකරම පෙරිය දොරේල සින්නා දොරේලගෙන් සැදුම්ලත් බොහොම සුප්‍රසිද්ධ රගර් කණ්ඩායම්. දිඹුල, දික්ඔය, රදැල්ල, කැළණි වැලි ඒ වගෙ කණ්ඩායම් කීපයක්,. අනික හැටගනන් වලට ඉස්සෙල්ල රගර් ගහල තියෙන්නෙ කට්ටිය දෙකට බෙදිල Up country league සහ Low country league කියල උඩරටට සහ පහතරටට ලීග් දෙකක් තිබිල තියනව.

      Delete
    4. කම්මල,

      / අපිට දුන්න ඒව 1500 ක් වත් වටින්නෙ නෑ. එදා අත් නැති , පිට නැති, කොලර් නැති නානා ජාති ජර්සි තමයි මැච් එක ඉවරවෙද්දි තිබුනෙ. /

      බොලාට ගේම් ටැක්ටික්ස් තේරෙන්නෙ නැතිවුනාට ඇඳුම් සප්ලයර් මක්කරන්නද බන්? දැකල තියද හූනෙක් පස්සෙ මොකෙක් හරි එලෝගෙන ඇවිල්ල වලිගෙන් එහෙම අල්ල ගත්තම ඉබේම වලිගෙ ගැලවෙනව. එතකොට අර පන්නන් ආපු එකා වලිග කෑල්ල එක්ක ඔට්ටුවෙනකොට හූණා දුවල බේරෙනව.

      බොලාගෙ සප්ලයරුත් අන්න එහෙමයි හිතල තියෙන්නෙ. උඹ පස්සෙන් දුවගෙන ඇවිල්ල එකෙක් උඹෙ කලිසමෙන් අල්ලුව කියපු. අන්න සැනෙකින් කලිසමේ පස්ස පැත්ත ගැලවිල උගෙ අතේ. ඌ තුස්නිම්බූත වෙලා කලිසන් කෑල්ල දිහා බලා ඉන්දැද්දි උඹට තියෙන්නෙ දුවල දුවල දුවල ගිහිල්ල ට්‍රයි එකක් තියන්න. කොහෙද ඉතින්?

      Delete
  9. මොකද වාසළ අයිය කෙලිං මිනිහ. එයා ෆෝස් හිටපු මිනිහනෙ. විනය, පිරිසිදු කම, රාජකාරිය, ඇඳුම් පැළඳුම් එව්ව මෙව්ව කොව්වත් ආය නෑ ටිප් ටොප් එකට තිබ්බ. වෙන එකක් ඕන නෑ මදුරු දැළ උදේට අකුළල ගැට ගැහුවම මදුරු දැළත් හරියට බැලන්ස් එකේ තියනව නිකං බබා වගෙ. " මල්ලි ජීවිතේ හැම දේකම පිළිවෙලක් තිබ්බම අපිටත් ලේසියි අපි වටේ ඉන්න අනික අයටත් ලේසියි " වාසළ අයිය නිතරම මා එක්ක ඔහොම කියනව.

    "වාසළ අයියේ. මම මේ උඹට කියන්නමයි හිටියේ. ඕක ලෙඩක්. ඕකට කියන්නේ OCD ඒ කියන්නේ Obsessive Compulsive Disorder ඕකට බේතක් ගනිං අයියේ. ඕක බලා ඉන්න හොඳ ලෙඩක් නෙවෙයි.

    මේ රවි මල්ලි. උඹ මගෙන් කුණුහබ්බ දෙකක් අහගන්නෙ උඹේ පාඩුවේ ඉන්නවද? OCD! අනේ මගෙ කට! එතකොට මේ ෆෝර්සස් වල හිටපු උන් ඔක්කොටම OCD?

    " හා අයියේ. මම මේ උදව්වක් හැටියට කිව්වේ. ඒක නෙවෙයි අයියේ.ලොක්ක නිවාඩු ගිහිල්ල අයිය.... හෙටද කොහෙද එන්නෙ " මම කිව්ව.

    ReplyDelete
    Replies
    1. Henry,

      ඔය OCD ලෙඩේ මටත් තියනව බං නොසෑහෙන්ට. දැං ඔය සමහර බ්ලොග් තියනව නේද මෙලෝ රහක් නැති ( අනේ මචං ඩෙනිම එහෙම නෙවෙයි ඔන්න හොඳේ ) ඒ වගෙ එව්වගෙ ලියවෙන්නෙ අන්තිම සවුත්තු පෝස්ට් කියල දැන දැනත් මට එව්වට ගිහිල්ල බලන්ට හිතෙනව.( අනේ මචං ඩෙනිම එහෙම නෙවෙයි ඔන්න හොඳේ ) ඕක මට හත් අට පාරක්ම වෙනව. මට හිතෙන්නෙ OCD තමයි. මොකද උඹ හිතන්නෙ? is it OCD or not?

      පලි - අනේ මචං ඩෙනිම එහෙම නෙවෙයි ඔන්න හොඳේ !

      පපලි - අනේ මචං ඩෙනිම එහෙම නෙවෙයි ඔන්න හොඳේ !!

      අඩේ එහෙම දිගිං දිගටම කරුණු පැහැදිලි කරන එකත් මචං OCD එකක්මද?

      Delete
  10. මටත් ඔය සෙල්ලම එච්චර අල්ලන එකක් නෙමෙයි. එච්චර කිවුවට කොහොමවත්ම. මම හිතන්නෙ බෝලෙ රවුං නැති නිසා වෙන්නැති.

    ඒ උනාට අර කෑම්ප් එකේ කතාවනං නියමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..බෝලෙ රවුං නැති එක උඹට අවුල් කියන්නෙ?...:)

      වාසළ අයිය ගැන තියව කතා ගොඩක්.....අවුලක් නෑනෙ හෙමිහිට කියන්නම්කො...:)

      Delete
  11. There are 2 sports whose names were originated from the birth places of it. Rugby was born in 18th century at Rugby School in England. The other one is Badminton which was born in Badminton House/Village in Gloucestershire, England in 17th century

    ReplyDelete
  12. ලනිල්, නිමල් මාලගමුව, අර්වින් හොවී (78 ක්ලිෆර්ඩ් කප් ෆයිනල් ලීඩ් කලා) ට අමතරව කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එකේ තව හිටියා හපන්කම් පෙන්නෙපු ක්‍රීඩකයො කීප දෙනෙක්. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව (1969 ක්ලිෆර්ඩ් කප් ෆයිනල් එක ලීඩ් කලා), චෑන්ග්, වයිපර් ගුණරත්න, අතුල මංචනායක, දොස්තර මකුලොලුව, දයා ජයසුන්දර ආදීන්. තව ජාතික තලයේ හිටිය අජන්ත සමරකෝන්, හේමන්ත යටවර, ඉන්ද්‍රජිත් බනඩාරනායක එහෙම රගර් පටන් ගත්තේ කැන්ඩි ස්පෝර්ස්ට්ස් ක්ලබ් එකෙන්.

    අපේ මහ ගෙදර තියෙන්නේ නිත්තවෙල ග්‍රවුන්ඩ් එක සීමාවේ. ඒ කාලෙ ගෙදර ඉන්නවාට වැඩිය හිටියේ නිත්තවෙල ග්‍රවුන්ඩ් එකේ!

    ReplyDelete
    Replies
    1. Kandyan,

      /  දයා ජයසුන්දර, අජන්ත සමරකෝන්, හේමන්ත යටවර, ඉන්ද්‍රජිත් බනඩාරනායක /

      ඒ ඔක්කොමල ධර්මරාජ නේද?......:)

      2003 කාලෙ මම මීපිළිමානෙ ප්‍රොජෙක්ට් එකක් කරද්දි නුවර එළියෙ හිටිය එච්.කිව්.අයි ගෙ නම යටවර. මගෙ යාලුවෙක් මාර්ගයෙන් මම දෙතුන් පාරක් හම්බ වුනා එයාව. මට හොඳටම ඕනකම තිබ්බ ඒ රගර් ගහපු හේමන්ත යටවරද කියල අහන්න ඒත් වෙලාවක් හම්බවුනේ නෑ, හැබැයි බොහෝවිට ඒ හේමන්ත යටවර වෙන්න බෑ වයස සහ තනතුර ගන සලකා බලද්දි. අරුණ අයියත් මම හිතන්නෙ ධර්මරාහෙ අජන්තල එක්ක රගර් ගැහුව.

      Delete
  13. ඔව්, ධර්මරාජ..
    ඒ හේමන්තගේ අයියා..සමන්!

    ReplyDelete
  14. රගර් ගැන සුට්ටි උනන්දුවක් ආවා බෝගේ මේ හෑල්ල කියවලා.බලමු පත්තුවිච්චි ටික අවුලව ගන්න.
    //අචලා අලස් ට ඒ කාලෙ අපි පිස්සු වැටිල හිටියෙ
    හ්ම් හ්ම්.ඔයි නම ධම්ම ජාගොඩ මහත්තයා දාපු නමක් කියලා බෝ දන්නවැයි

    ReplyDelete
    Replies
    1. මතක විදිහට අචලා අලස් ගේ නියම නම Grace Schrooman වගේ එකක්

      Delete
    2. Sea Breeze & Ian,

      අචලා අලස් බර්ගර්...අචලා අලස් කියල නම දැම්මෙ ධම්ම ජාගොඩ කියල මම කොහෙහරි කියෙව්ව නම් මතකයි. ඔරිජිනල් නම ගැනනම් මතකයක් නැත.

      Delete
    3. ග්‍රේස් ස්කූමන් තමයි.

      යෞවනියක කාලේ ඇගේ පියා සමග නුවරඑලිය හමුදා කඳවුරට ආවා මට මතකයි

      Delete
  15. අපිත් ඔය උඩ කියලා තියෙන සයන්ස් කොල්ලෝ හරිය.)
    පාසල් රග්බි ක්‍රීඩාවේ A කොටසේ සෙල්ලම් කරන ජනප්‍රිය පාසැල් අතරේ ජනප්‍රිය නොවන එකම පාසල තමයි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයත්.මෙවර අන්තර් පාසල් පිළිමලුන් පිටු දැකීමේ මයිලෝ ජනධිපති කුසලාන පාසල් තරගාවලියේ ශුරතාව දින්නේත් ඔවුන්.ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 21-18 විදියට.

    නවසිලන්ත ඕල්ඩ්බ්ලැක්ලාට විරුද්ධව ට්‍රයි එකක් තිබ්බ එකම පොරත් සයන්ස් එකෙන් බිහි වෙච්චි සංජිව ජයසිංහ.හැව්ලොක් එකෙත් නුවර ක්‍රීඩා සමාජයෙත් හිටපු නායකයා.

    ඒ විතරක්ය රගර් වලට අනුපමේය මෙහෙයක් කරපු රොකට් රෝහිත කුමාරයාත් පහුගිය අවුරුදු දෙකක් විතර සයන්ස් එකේ රගර් උපදේශකයෙක් වෙලා හිටියා.

    නවසීලන්ත ලෝක කුසලනය දිනු නායකයෙක් වෙච්චි රිචී ලංකාවට ආපු වෙලාවේ සයන්ස් එකටත් ආවනේ හිටං.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...