Monday, December 28, 2015

378. තිසරපට වීසිකිරීමේ මහෝත්සවය නොහොත් The Girl Who Hurled Her Bra

Enrique Iglesias  And  The Bra

එන්රීක් ද එන්රිකේද කියන ගොබිලෙක් ඊයෙ පෙරේදා දර්මද්දීපයට ආවේය. ඒ ආවේ සිංදු කියන්නටය.ඒ කියන්නේ ඒ මනුස්සයා ගායකයෙකි. ගායකයෝ කරන්නේ සිංදු කියන එකය. ඒ සිංදු කියන අතර තමංගෙ ජනප්‍රියතාව තියාගන්ට ගායක ගායිකාවන් නොයෙක් අඟර දඟර විගඩං ද කරන එක සාමාන්‍ය දෙයකි.එව්ව දැක්කාම පෙර යොවුන් වියේ ගැටවුන් ගැටිස්සියන්ට උන් හිටි තැන් අමතක වෙනවාය. ඒකත් සාමාන්‍ය දෙයකි.

අපේ කාලේ අපි ඔහොම කලේ නැතේ කියන එක වලංගු තර්කයක් නොවේය.ඒ ඒ කාලේ එහෙමය. මේ මේ කාලේ මෙහෙමය.සංගීතය රස විඳින ක්‍රම කීපයක් ඇත.අමරදේවගේ, වික්ටර්ගේ, කපුගේගේ ප්‍රසංගයකදී හැසිරෙන්නේ එක විදිහකටය.

අමරදේවට කවුරු හෝ ලලනාවක් තිසර පටයකින් දමා ගැසූ බවට ආරංචියක් නැත. එහෙම දෙයක් සිද්ද වුනත් මාස්ටර් කිසිම ගාණක් නැතුව මෙහෙම සිංදුවක් කියන්නට බොහෝවිට ඉඩ ඇත."වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිසර පැටව් උඩ පැන නැටුවා." වික්ටර්ට එහෙම අලකලංචියක් වුනොත් මෙහෙම කියන්නට බැරි නැත. "ළැම විල පියකරු හසුන් දරන්නී ඊ...ඊ...ඊ...තනපට ගලවා වීසි කරන්නී..ඊ...ඊ...ඊ "

සමන් ජයනාත් තනිකරම ඔහොම සීන් කෝන් එකක් ගැන සිංදුවක්ද කියා ඇත. එතන ඒ මගෝඩියා නම් කියන්නේ තිසර පට තදයි වගේනම් ගලවලා වීසි කරපං කියාය.

"විපුළිත ළැම රණ හංස තුඩට කිම 
දුහුල් සළුව හිරිහැර දෙන්නේ
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ 
මගේ සරාගී සෝතාපා
නුඹ රන් බඳ මා හා සයනිත රෑ යාමේ..."

රණ හංස තුඩට හිරිහැරයි වගේනම් වියැකී යද්දෙන් ඒ සළුපට කියන්නේ ඒකය. 

මේ ඊයෙ පෙරෙයිදා මම අර කලිං කියාපු එන්රීකේගේ සෝ එක වෙලාවෙ එක ගැටිස්සියක් තිසර පට ගලවලා එන්රිකේ ගොයියට දමා ගහලා එක ගිණි විජ්ජුම්බරයක් වෙලාය.එහෙම දමා ගැහුවේ ඇයි කියන එක ගැන හරි ආරංචියක් නම් නැත. ඔය සෝ එකට ටිකට් එකක් අඩුම රුපියල් 5000 වගෙ වුනා කියලා කියන්නේය. සම්ටයිම්ස් ඇන්රිකේ ගොයියගෙ සිංදු අර ගෑණු ළමයට අල්ලලා ගියේ නැතුව වෙන්නත් පුලුවන්ය. එහෙම මල පැන්නම ඔය බබලත්තු අතට අහුවෙන එකෙං දමලා ගහනවාය.මට ඒ ගැන පලමෝත අත්දැකීම් ( First hand experience ) තියන නිසා ඔය කවුරුවත් ඒක එහෙම නෙවෙයි කියල මට ගහ පහ දෙන්ට එන්ට එපාය. ( පළමෝත වචනයේ නිර්මාතෘ ටැබූට මේ අවස්තාවේ මගේ ස්තූතිය )

ඔය බබලත්තු අතට අහුවෙන එකෙන් දමාගහන එක ගැන සුට්ටං කතාවක් මතක් උනෙමි. එක්කො ඒකත් කියලම ඉන්නම්ය.

"මොකද ළමයො මේ ගේ හැමතැනම පිඟං කෑලි?" සැපසනීප බලාගෙන යන්නට අලුත බැඳපු දුවගෙ ගෙදර ආපු අම්මා කම්මුලේ අතකුත් තියාගෙන ඇහුවාය.

"ඔය අර මිනිහගෙ වැඩ තමයි" දුව මූණ කොරහක් වගෙ කරගෙන කිව්වාය. 

"ඈ? අනේ අප්පේ ඒ පුතා දිහා බැලුවාම නං හරිම අහිංසකයි වගේනෙ. කවුද හිතුවෙ පිඟං පොළවෙ ගහන ජාතියෙ කෙනෙක් කියල." 

"හහ්, අම්ම දන්නෙ නෑ ඒ මිනිහගෙ හැටි..හෙමිජ්ජ වගෙ හිටියට බලන්ට එපාය..." 

"එතකොට ඇයි එයා මේ පිඟං පොළවෙ ගැහුවෙ?" 

"නෑ..නෑ...එහෙම දෙයක් වුනේ නෑ.."

"එතකොට කොහොමද මේ පිඟං කැඩුනෙ?"

"මම පිඟං වලිං දමල ගහන කොට ඒ මිනිහ එහාට මෙහාට පනිනවනෙ....." 

හරි ආයම එන්රිකේ සහ මහා තිසරපට අර්භූධය ගැන.එතන හිටපු බබලත්තු දාස් ගාණක් අතරෙ තිසර පටක් ඇඳං හිටියෙ ඔය බ්‍රා ත්‍රෝයිං ගර්ල් විතරක්ය කියලත් කොහෙද ගොසිප් අඩවියක තිබ්බ වගෙ මතකයක් තියෙනවාය. සම්ටයිම්ස් එහෙම වෙන්ටත් පුලුවනිය. ඒ B.T.G. ඇවිල්ලා ඇමති කෙනෙක්ගෙ දුවක්ය කියලත් හාහෝවක් පැතිරෙනවාය. දේසපාලන විස්ලේසකයෝ කියන්නෙ දැං ඉන්න ඇමතිල හැත්ත බුරුත්තෙ හැටියට ඇමති කෙනෙක්ගෙ දුවෙක් හෝ පුතෙක් නොවෙන ගැටයෙක් ගැටිස්සියෙක් හොයාගන්න එකත් ඒ හැටි ලේසි කෙලියක් නොවෙන නිසා ඒ කතාවෙ ඇත්තකුත් තියෙන්න පුලුවන් කියලාය.

මේ තිසර පට අර්බුදය කොච්චර දුර දිග ගියාද කිව්වොත් අපේ ගරු ජනාදිපතිතුමාටත් ඒ ගැන විසේස නිවේදනයක් නිකුත් කරන්නට සිද්ද වුනාය. එතුමා එක හෙලාම කියාසිටියේ අවුරුදු දෙදාස් පංසීයක් ආරස්සා කරගෙන ආ අපේ බවුද්ද සබ්බියත්තය මේ චිංචි මානවිකාවගේ තනපට වීසි කිරිල්ලෙං එක මොහොතිං නැතිබංගස්තාන වෙලා ගිය බවය. නැවත එවං අසමජ්ජාති වැඩවලට ඉඩ නොදෙන බවට එතුමා දහ අතේ දිවුරා පොරොන්දු වුනාය. 

මිං මනත ඔය එන්රිකේල බෙන්රිකේල ඇවිල්ල සංගීත සාජ්ජ දානකොට නහයට අහන්නෙ නැති කෙල්ලො තනපට ඉස්ටේජ් එකට වීසි කොරන එක වලක්වන්නට පී. ඇස්. ඩී. එකෙං ඉස්ටේජ් එක වටේටම හිටවලා උඩිං එන තනපට අල්ලන්ට කටයුතු කරන බවට එතුමා ප්‍රකාස කලාය. එහෙමත් නැත්තං සාජ්ජයට ඇතුල්වෙන දොරටුවේ පී.එස්.ඩී. එක හිටවලා ඇතුල්වෙන ගැටිස්සියං ඔක්කෝගෙම තන පට ගලවා එකතු කර ගැනීමට කටයුතු කරන්ටත් පුලුවනිය. 

සෝ එක ඉවර වෙලා ආපහු යනකොට ඒ ඒ අදාල ගෑණු ළමයාට අදාල බ්‍රා එක ආපසු දෙන්ට කටයුතු යොදනවා ඇත. පහුගිය මරාන්ඩුව කාලෙ වගෙ දැං පී.එස්. ඩී. එකට එහෙමට වැඩකුත් නැති නිසා ඔය වගෙ මොන මොනවහරි බාරදෙන එකත් හොඳය. මහජන මුදලිං නිකම්ම පඩි ගෙවන එකත් එච්චරම හරි නැති හින්දාය. 

ඊට අමතරව එන්රිකේ සාජ්ජෙ සංවිදායකවරුං ගෙනල්ල ගෝල් පේස් එකේ තියලා මඩු වලිගවලිං තලන්ටත් එතුමා ගේ අදහසක් ඇත.ඒ සඳහා මඩු වලිග මිලදී ගැනීමට වහාම ටෙන්ඩර් කැඳවීමට එතුමා උපදෙස් දී ඇත.ඒත් පොඩි අවුලකට ඇත්තේ මේ එන්රිකේ ගොයියා ගෙන්නල තියෙන්නෙ සංගක්කාර සහ මහේල දෙන්නා එකතු වෙලාය. 

සංගක්කාර කිරිකට් ගැහිල්ලෙං අයිං වෙන කොටම කොටිම්ම අන්තිම පාරට අවුට් වෙලා පැවිලියං එකට ඇවිල්ල බෝල් ගාඩ් එක කාරිය ගලෝල හිට ආසික් එකේ පොඩි හුලං පොදක් වද්ද ගන්ටත් ඉස්සර ජනාදිපතිතුමා රෙද්දත් උස්සගෙන දුවගෙන ගිහිල්ලා එංගලන්තෙ මහ කොමසාරිස්කොම සංගාට දෙන්ට ලැහැත්ති වුනාය. 

සංගා ඒ වෙලාවෙ හා, හොඳයිය කියලා ඒක බාරගත්තානම් වෙන්නේ මල කෙලියකි. ගෝල් පේස් එකට ගෙනල්ල කලිසම පාත් කරල මඩු වලිගෙං තලන්ට වෙන්නෙ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමාගේ පස්චාත් බාගයටය. එහෙම උනානං ඒක අපේ දර්මද්දීපයට මහ විසාල අවනම්බුවකි. සංගා කොමසාරිස්කම එපා කියපු හින්දා යන්තං ඒ නව නිංගිරාවෙං අපි ගැලවුනෙමු. 

දැං වුනත් හැබැයි ගෝල් පේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ සංගා සහ මහේල දෙන්නගෙ පස්චාත් බාග වලට මඩු වලිගෙං තලනවය කිව්වොත් රුපියල් පන්දාහ නෙවෙයි දහදාහකට උනත් ටිකට් විකුනන එක ඒ හැටි කජ්ජක් නෙවෙයි කියලා මට හිතෙනවාය. අපේ ගරු ජනාදිපතිතුමා මේ වගෙ මඩු වලිග යෝජනාවක් ගෙනාවෙ එහෙම හිතලා වෙන්ටත් බැරි නැතිය.එතුමා එහෙම හීන් නූල් ගේම් කාරයා බව අපි කවුරුත් දන්නවාය.

78 comments:

  1. මේ අපේ බ්ලොග් ලියූ බුවා ගේ තනපට කොමිසමේ වාර්ථාවයි.

    තන පට විසි නොකරන සමාජයක් උදෙසා වූ ජනපති කොමිසමේ වාර්ථාව

    පහත යෝජනා වෙන් වෙන් වශයෙන් හෝ කිහිපයක් අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමෙන් සංදර්ශන වලදි තන පට විසිකිරීම සම්පූර්නයෙන් නවතා දැමිය හැකි බව කමිටුව යෝජනා කර සිටියි

    01) තණ පට ඇඳ විදේස් ගායකයින් සහභාගි වන සංදර්ශන සඳහා සහභාගි වීම තහනම් කිරීම - ටිකට් පත් කවුලුවේ තණ පට පරීක්ශා කිරීම සඳහා වෙනම කවුන්ටරයක් ස්ථාපිත කරන අතර ඒ සඳහා වන සියලු වියදම් සංවිධායකයින් විසින් දැරිය යුතුය . තණ පටක් හැඳ සංදර්ශන භුමියට ඇතුම් වීමට තැත් කලහොත් රුපියල් 5000ක ස්ථානිය දඩයක් අය කරන අතර තණ පටද රාජ සන්තක වේ ! . විදේස් ගායිකාවන් හෝ වයස 65ට වැඩි ගායකයින් සහභාගි වන සංදර්ශන සඳහා මේ නිතිය වලංගු නොවේ

    02) අඟුලු දැමිය හැකි තණ පට නිශ්පාදනය දිරිමත් කිරීම - අවශ්‍ය විටක අගුලු දැමිය හැකි තණ පට නිශ්පාදන ය කරන්නන් සඳහා වසර 10ක බදු සහනයක් ලබා දෙන අතර , එවන් තණ පට ආනයනයන්ද රේගු බදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ . සංදර්ශනකට සහභාගි වන විවාහක කාන්තාවක් නම් සැමියා ද , අවිවාහක කාන්තාවක් නම් පියා / මවගේ හෝ පියාගේ සහෝදරයෙක් විසින් "තණ පට අගුලේ යතුර තමන් සතු බවට වන සහතික පතක් " රැගෙන ආය යුතු අතර , මෙම සහතික පත්‍රය ප්‍රදේශයේ ග්‍රාම සේවක හෝ පූජ්‍යපක්ශයේ අයෙකු විසින් තහවුරු කල යුතුය . මෙම සහිතික පත්‍රය හෝ අගුලු රහිත තණ පට සමඟ සංදර්ශන භුමියට ඇතුල් වීමට තැත් කරන්නන්ගේන් රුපියල් 5000ක ස්ථානීය දඩයක් අය කල යුතු අතර , අතිරේක රුපියල් 10,000 ක මුදලක් ගෙවා තාවකාලික අගුල් තණපටක් ලබාගෙන සංදර්ශන භුමියට ඇතුල් විය හැක . මේවායේ අගුල් ආරක්ශක නිලධාරින් සතුව පවති !

    03) තණ පට නියාමන පනතක් බලාත්මක කිරීම - රිසි සේ අඩු මුදලට තණ පට මිලදී ගන්නට ලැබීම ඒවා විසි කිරීමට ඒක් ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන ඇත . එබැවින් වෙලඳ පොලේ ඇති සියලුම තණපට ඉවත් කර රජයේ ලියාපදිංචි වෙලෙන්දන් හරහා පමණක් තණ පට නිකුත් කිරීමට කටයුතු යොදනු ඇත . සැම කාන්තාවක්ම කොට්ටාශයේ ග්‍රාම සේවක මාර්ගයෙන් තණ පට ලබා ගැනීම සඳහා වාර්ශිකව ලියා පදිංචි විය යුතු අතර , වසරකට එක් කාන්තාවකට තණ පට වවුචර 5ක් පමනක් , එක් වරකදි ද්කකට නොවැඩි වෙන සේ නිකුත් කරනු ඇත . මෙම වවුචර හුදෙක් අවසර පත්‍රයක් පමණක් වන අතර අදාල කාන්තාව විසින් තණ පටයේ බර පැණ දැරිය යුතුය . අතිරේක තණ පට වවුචර ලබා ගැනීමක් සිදුවන්නේ නම් එක් තණ පටයක් සඳහා රුපියල් 100,000 ක බදු මුදලක් අය කරන අතර , අතිරේක තණ පටයක් ලබා ගැනීමට නම් කලින් භාවිතා කල තණ පටය ප්‍රදේශයේ ග්‍රාම සේවක වෙත ලබා දිය යුතුය

    ReplyDelete
    Replies
    1. ගැසට් එකත් ගහල ඉවරයි...

      Delete
    2. ඉන්දික,

      තනපට කොමිසමේ වාර්තාව නම් මරු...හෙහ්,හෙහ්, තෑන්ක්යූ..තෑන්ක්යූ...:)

      Delete
    3. කෝ අර හැල පයිය ඇවිල්ල නෑනෙ මේ කමෙන්ට් එකේ න ණ ල ළ හදන්න

      Delete
    4. හුකෑස්! මරු කොමෙන්ටුව!

      Delete
    5. කියෝපු පට්ට කොමෙන්ටුවක්.

      Delete
  2. එන්රිකේ පැත්තක දාමුකො, දැං රවී අයියට නෝන මහත්තය දමල ගැහුවෙ මොකකින්ද කියල අපිට දැනගන්න පුලුවංද?
    එතකොට අපිට ඒ පිළිබඳ විසේස කොමිසමක් එහෙම පත්කරල හොයා බලන්න පුලුවං හිටං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      දමල නොගැහුවෙ මොකකින්ද කියල අහපං බං.. ඒක ලේසියි...:)

      Delete
  3. ටික ටික සියල්ල දත්, සියළු දෙනාම ජීවත් විය යුත්තේ මා මා කියන ආකාරයටය වැනි රාජපක්ෂ ලෙඩ හැදී ගෙන එනව වගේ. මිනිසුම් භේද කරන්න දඟලන ඕ පොසිටිව් ලේ වගේ දේවල් ගැන උන්නැහේ නෝ කථා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇනෝ,

      බොහොම කණගාටුයි. ඔබේ අදහස අසභ්‍ය යයි සම්මත වචන භාවිතා නොකොට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඔබට නැතිනම් කමෙන්ටුව ඉවත් කිරීමට සිදුවේ.

      Delete
    3. ඉයන්,

      කරන්න ඕන දේවල් තියෙද්දි මේ මනුස්සය මේ ඕන නැති මඟුල්නෙ අල්ලගෙන දඟලන්නෙ...:)

      Delete
  4. ගම් හා නගරවල මියුසිකල් ෂෝ තිබුනට පස්සෙ උදේට ග්‍රවුන්ඩ් එකේ අයිනෙ තිබිල හම්බවෙන ඒවා?

    ReplyDelete
    Replies
    1. එව්ව දකින්න පොලොවට බැහැලා ඉන්න එපැයි..

      Delete
    2. ආ, ඔව් නේද?
      2500 සබ්යත්වය තියෙන්නෙ ඔලුවට උඩින්නෙ. රියැලිටි එකේ නෙමේනෙ

      Delete
    3. ප්‍රා ++++++++

      අනේද කියන්නේ. ගමේ මියුසිකල් ෂෝ වල ඔය අත්දැකීම මටත් තියෙනවා. කියුවත් වගේ සබ්යත්වය තියෙන්නෙ ඔලුවට උඩින්.

      ජය වේවා !!!

      Delete
    4. ප්‍රා,

      හෙහ්..ඒකනෙ කියන්නෙ...:)

      Delete
  5. දහං බේබිට නිසි තැන නොලැබීම නිසා හද ගිණිගත් පියෙකුගේ ශෝකාලාපය.සල්මන්/ශාරුක් ඛාන් ලංකාවට ආවාම ඒ බේබිගෙ කරේ අත දාගෙන ෆිට් එකේ කැමරාවට ටටා කිව්වාය.චිකේ අග්ගුලියා අපේ බේබිට සැලකුවේ නැතිය.නයිට් ක්ලබ් ගිය කතා මෙතෙන්ට අදාල නැතිය.
    අන්තිමට මම දන්නේත් නැතිය.. මට මතකත් නැතිය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජී.එල්.,

      එහෙමද දන්නෙත් නෑ කේස් එක...:)

      Delete
  6. හැමදාම වගේ උපහාසය උපරිමයි...

    ජය වේවා !!!

    ReplyDelete
  7. තවත් වරක් අපි ගෝත්‍රික මානසිකත්වයෙන් පිරුණු දූපතක ජීවත් වන්නවුන් බවට ඔප්පු කළ ජනපති තුමාට -

    ජයවේවා!!!

    ReplyDelete
  8. ඕක ගැන කතා කරලා වැඩක් නෑ කියල හිතෙන්නේ නැද්ද ?

    අනික ඕක එච්චර ගනන් ගන්න ඕනෙ එකකුත් නෙමෙයිනේ..... ඕක මේ පිරිමියෙක් perform කරලා, කෙල්ලෙක් බ්‍ර එක විසිකරපු කරපු හින්දනෙ කියවන්නේ....
    ඕකට Nicki Minaj වගේ කෑල්ලක් ආවනම් ඔතන හිටපු කොල්ලො මොනතරම් දේවල් කරයිද ? මොනතරම් දේවල් කියලා කෑ ගහයිද ?

    ඕක අපේ බහුතර පිරිමින්ගේ ලිංගික ඊරිසියාව කියලා හිතෙන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. කට ඇරපන් හකුරු කැටයක් දාන්න. කියලා වැඩක් නෑ බං. අවිඥානික මනසේ හැංගී ඇති ලිංගික ඉරිසියාව මිස වෙන මොකද්ද. ඒකනෙ තිත්ත ඇත්ත. බ්‍රා ගැන සිංදු ලියාගෙන, බ්ලොග් පෝස්ටු දාගෙන, බුකියේ ට්විටරයේ කරණම් ගහගෙන දඟලන අපේ ලිංගික කුහකයෝ... අයියෝ !

      Delete
    2. සූටික්කා,

      ලිංගික මාත්සර්යය.....එකඟයි...:)

      Delete
    3. //ලිංගික මාත්සර්යය / කියන්නේ මොකක්ද දෙයියෝ ? කියල දීපං අයියේ, නැත්තම් ඉංගිරිස් වචනේ දාපන්

      Delete
    4. සූටික්කා,

      මාත්සර්යය කියන්නෙ ඊර්ෂ්‍යාවටමයි බං. මධුර ඩික්ෂනරි එකේ තියෙන්නෙ Envy කියල.....:)

      Delete
  9. 1. ලිංගික කුහකත්වය.....
    2.අටෝ රාසියක් ප්‍රශ්න ඇති මොහොතක ගොනුන්ව ගොනාට ඇන්ඳවීමේ ඒ අසිරිමත් කලාව

    බොඩිය විසික්ක කිරීමෙං ගිනි ගත්ත බවුද්ද සබ්බ්බයත්වයෙන් පිරුනු අපේ සිත් ස-තං හුටංගෙ කතාවෙං නිවී සැනහී නැලවී ගිය අයුරු..... ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ... ලෝවැඩ සඟරාවෙත් නෑ චාමර....

    ReplyDelete
    Replies
    1. x- Porter,

      ඔබ හරි...ප්‍රශ්ණ යට ගැසීමට දේශීය සභ්‍යත්වය දිවි දෙවෙනිකොට රැකීමේ තුරුම්පුව ගැසීම......

      Delete
  10. දැන් මේක ලෝකෙටම පුරස්නයක් වෙලාද? මළ කෙළියයි, අපේ සභ්‍යත්වය, සංස්කෘතිය ඉවරයි. සේරම ඉන්ටර්නැසොනල් මීඩියාවල ගිහිංද? විනාසයි!

    ReplyDelete
    Replies
    1. මධු,

      ඒකනෙ බං අපේ ලොක්ක මේ සීන් එක ලෝකෙටම ඇහෙන්ට කිව්ව නෙව...හතර විලිලැජ්ජාවයි...:)

      Delete
  11. ඔහොම කියන්න එපා රවියෝ අපි මහ විප්ලවයක් කරලා පත්කරගත්තු අපේ අතිශ්‍රේෂ්ඨ ජනපතිතුමානෝට.... උන්දැ හිතන් ඉන්නේ උන්දැ එතනට ආවේ ඔය සඟිස්කෘතියයි සභ්්යත්වයයි හින්දා කියලා වෙන්න ඕනේ නෙව.
    නැත්නම් අහවල් එහෙකටද මෙච්චර දැවෙන ප්‍රශ්න තියෙන රටේ ඕඅවා පස්සේ රිංගන්නේ?
    ඒත් කමක් නෑ. අපිට කියන්න බැරියැ බ්‍රා එකක් හින්දා කෙළවුනු ජනපතිකම කියලා...

    ශ්‍රේශ්ඨයි රවී තුමෝ ලිවීම...

    ReplyDelete
  12. 'සංස්කෘතික තලේබාන් නීති' හැදීමෙන් වෙන්නේ, එහි කෙළවරක් දකින්නට බැරිවනතුරු, දිගටම නීති හදමින් ඉන්නට වීම පමණකි. ප්‍රතිඵලය නැවත්වීමට නම්, හේතුව නැවැත්විය යුතුයි. එසේ නොකොට, ප්‍රතිඵලය පමණක් නවත්වන්නට උත්සාහ ගැනීම, හුදු විප්‍රකාරයකි.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඔබ හා එකඟයි....:)

      Delete
  13. Looks like everything is upside-down for MS. He came to power with UNP votes but he is trying his level best to protect SLFP; he was supported by toyyas who are more open minded but he is trying to please tribal, small minded bayyas. What a pity. I think he should try the infamous upside down yoga posture with MR.

    ReplyDelete
    Replies
    1. Ano,

      I can agree totally. MS is trying to woo MRs support base which is mostly made of chauvinistic backward xenophobic frogs in the well. His hunting with the dogs and running with the hares game is bound to fail. He must rise above petty nationalism and addressing the gallery.

      Delete
  14. මඩු වලිග ආනයනය කර විකිණිය හැකිනම් ගොඩක් විකිණෙයි. දැන් ගොඩක් අයට තමන්ටම තලා ගන්න වෙලා තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      " අන්තර්ජාතික මඩු වලිග වෙළඳාම සහ එහි අනාගත ප්‍රවණතා පිළිබඳ පුරෝකථනය "

      මේක කොහොමද ඔහෙගෙ ඊලඟ ලිපියෙ මාතෘකාව විදිහට?

      Delete
  15. උඹලා ඔක්කෝටම පිස්සු බං... බැසියරේ උසික්ක කොරලා තියෙන්නේ ඩුප්ලිකේසොන් රෝඩ් එකේ පොන්නයෙක්.. සෝ එක ඉවර උන ගමන් ඌ ඉස්ටේජ් එක පිටිපස්සට දිව්වලු...

    අයි ලව් බොටම් ඔප් මයි හාට් එන්‍රිකේ
    ප්ලීස් ඩූ සම්තින්ග් ටු මයි බොටම් කියාගෙන...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමුකො ඒකෙත් හැටි. ඒ පොන්නය පාපෝච්චාරනේ කොරන කල්ම අපිට දැන ගන්න බැරි වුනානෙ ඒක.

      Delete
    2. මාතලන්,

      ..හෙහ්..එහෙමත් එකක්ද? කවුද බොලේ දන්නෙ?

      Delete
  16. අනෙත් ඕනේ එකෙකුට මඩු වලිගෙන් තලා ගනිල්ලා....සංගාට ඔය සීන් දාන්ඩ ආව දවසට තමා Power of the common man ගැන දැනගන්නේ!

    ReplyDelete
    Replies
    1. redda thamayi. uba hithanawada sangawa pare dagena gahuwoth sapot ekata kawuruwda eyi kiyala ballekwath enne naha.

      Delete
    2. රූපේ,

      / Power of the common man /

      ආහ්..එහෙම එකකුත් තියනවද?

      Delete
  17. උණුසුම අඩුවීගෙන ගිය සිද්දිය ආයි ෆෝම් කරලා ගත්ත ජනාධිපති තුමාට ජය වේවා.

    අපි අන්න ඒ වෙනසට ගරු කරන්න ඕන. හා නැද්ද?

    ReplyDelete
  18. ඇයි බං ඕකට තිසර පට කියන්නේ, වෙන මොනව හරි නමක් කියපංකෝ...

    ReplyDelete
    Replies
    1. ඒක ඔයාගේ පට නිසානේ :p

      Delete
  19. මට හිතෙන අන්දමට මේ හෙන්දිරික් කියන හාදෙයාට දමා ගසා ඇති බොඩිය එම අවස්ථාවේදී ගලවා ගන්නා ලද්දක් නොවේ. බොඩිය ගලවන්නට නං ඊට උඩිං ඇති හැට්ටේ ගලවන්ටද උවමනා බව පෙනේ. එහෙම හැට්ටෙත් ගලවා බොඩියත් ගැලෙව්වානං ඒ වෙලාවේ එතන හිටි කඩවසම් දුරකථන(smart phone) මාධ්‍ය නඩේට අනිවාරෙං අහුවෙනවාය. ඒ වීඩියෝව පහුවදාට බුකිය පුරා වපුරා හානවා ඇත. ගොසිප් මාධ්‍ය වලත්
    “එන්රික්ට දමා ගැසූ බොඩියේ අයිතිකාරිය හමුවුනා.“
    “බොඩිය ගැලවූ ආකාරය දුටුවොත් ඔබ පුදුමයට පත්වෙනවා ඇත“
    ආදී විදිහට පට්ට ගහනවා ඇත.
    අනික මේ බොඩිය කාංතාවක් එවෙල ඇඳං උන්නු එකක්නං ඒක අතට ගත්ත සැනිං හෙන්දිරික් අයියා දබර කලන්තෙ දමා ඇදවැටිලා සිහිය ගන්ට මූනට වතුර ඉහලා දෙහිත් කපන්න වෙනවාය. ඒ හිංදා මාගේ නිගමනය වන්නේ මෙය හෙන්දිරික් අයියාට අපහාස කිරීමට තැත්කල දුටුගැමුණු පරපුරේ (අර තාත්තට ගෑනු ඇඳුං ඇරපු කෙනා තමා) කොල්ලෙක්ගේ වීර ක්‍රියාවක් බවයි.

    මේ ජනාධිපති තුමාටනං ඇහැ ඇරිලා තියෙන්නේ දැංය. අපේ ආච්චම්මාත් ඉස්සර ඔය විදිහෙ ඇහැරිච්ච ගමං සිද්දියක් මැදට පැන මැටි කතා කියා ඕඩියන්සෙක පිස්සු පීකුදු කරනවාය. ඒ නිසා මට මේවයෙ ගානක් නැත.

    බොඩි පිලිබඳ වැඩි විස්තර සඳහා මෙන්ඩයියා විමසනු යහපති

    ReplyDelete
    Replies
    1. එහෙනං ඕකට මේම කෑල්ලක් වුණත් එක්කහු වෙන්න පුලුවං

      එන්රික්ට දමා ගැසූ බොඩියේ අයිතිකාරිය හමුවුනා වීඩියෝ සහිතයි

      හුකැස්

      Delete
    2. සුරංග බැඳපු කොළු ගැටයෙක් වෙලත් දන්නැද්ද, බ්‍රා එකක් ගළවන්න පුළුවං හැට්ටෙ එහෙමම තියෙද්දි. (අපේ ඔපිස්සෙකේ සුවිට් ගෑලළමේකුත් මේක කන්ෆර්ම් කළා). එක්කො ඒ ටෙක්නික් එක චූටි මැණිකෙත් දන් නැතුව ඇති.

      Delete
  20. මෙන්න මේම එක්කුත් අද දැක්කලු අෑ
    http://chakhkare.blogspot.com/2015/12/blog-post_28.html?

    මේ අවුරුද්ද මාරු අවුරුද්දක්...
    ජංගියක් ඇන්ද කියල කෙල්ලෙට්ට පොරසිද්දියෙ සමාව ගන්න වුණා
    බොඩියක් උසික්ක කොලා කියල සෝ තියන එක තහ නං වුනා

    තව තව ඒව වුණා බුහැක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ලිංක් එකට මහේෂ්...

      Delete
    2. මාත් මේ ගප්පියාගෙ පින්තූරෙ ගෙනල්ලා දාන්න හිතුවා විතරයි. කාශ්‍යප රජ්ජුරුවන්ට ඉස්සෙල්ලම බ්‍රා එක ගලවලා විසි කලේ මේ අප්සරාවලු නේද?

      Delete
  21. මහා අසික්කිත වැඩ!

    ReplyDelete
  22. රවී තුමා මේක දැක්කද? බලන්න එහි සැඟවුණු සෝපහාසය!

    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails?bffbnews&utm_term=.neVbwAbq5D#.elnr0MrBEz

    මට හිතෙන විදියට අපි ලජ්ජා වෙන්න ඕන තිසර පටයකින් ගායකයාට දමල ගහපු එක ගැන නෙවෙයි.. ජනාධිපති තුමාගේ මේ කතාව නිසා ජාත්‍යන්තරය අපේ රට ගැන හිතන විදිය ගැන. දැන් අපේ රට කිසිම නිදහසක් නැති, දරුණු දඬුවම් සහිත තැනක් විදියට ප්‍රචාරය වෙනවා. එතුමා ඔය ගැන කතා නොකළ නම් ඕක කවුරුවත් දැනගන්නේ නැහැ.

    ගොසිප් සහ වෙනත් මාද්‍ය විසින් මෙය වාර්තා නොකලා නම්, එම ප්‍රසංගයට ගිහිපු සමාජය ඇරෙන්න වෙනින් කිසිවෙක් එය දැනගන්නෙත් නැහැ.

    දැන් මේක නිකන් අසූචි ගොඩක් වගේ වෙලා. අපිම ඇඟ පුරාම ගාගෙන ගඳයි ගඳයි කියනව වගේ, කිසිම විදියකින් වැදගත් කමක් දෙන්න ඕන නැති දෙයක්, රටවැසියන් වන අපි විසින්ම ප්‍රචාරය කරගෙන, අපිම කෑගහනවා සංස්කෘතිය විනාස වෙනව කියල.

    නියම සංස්කෘතියක් සහිතයි නම් අපිට පුළුවන් වෙන්න ඕන නොවැදගත් මගුල් ගැන හොයන්නේ නැතුව අපේ වැඩක් බලාගන්න. මුළු රටටම වගේම ජනාධිපති තුමාටත්, මේ පොස්ට් එක ලියපු රවී තුමාට වගේම මේ කොමෙන්ටුව දමන මටත්, ඒ අතින් බැලුවම හැදියාවක් නැහැ. හරි ලොකු සංස්කෘතියකින් පැවතගෙන ආව කියල ලෝකෙට ඇහෙන්න කිවුවට, අපේ හැටි එහෙම තමයි..

    ReplyDelete
  23. 'සිරි ලංකා ඉල්ලං කා' නොනැවතී ඉදිරියට, මරාට පසු සිරා :)

    ReplyDelete
  24. http://s12.postimg.org/xi7sybnul/Mara.jpg

    ReplyDelete
  25. මේකට මේතරම් ප්‍රචාරයක් දුන්න එතුමට ඔයි කියන ගායකයා යටින් ගානක් දුන්නද දන්නෑ..අපේ රටේ පොරසිද්ද වෙන්ට ඕන කියල...
    ඔය වැඩේ කොලේ ගෑනු පරානයක්ම නං මං ඒක අනුමත කරන්නෑ...මෙතන අවුල ඔයි බොඩිය නෙමෙයි..ඒක දකින උන්ගෙ ආකල්ප.විශේෂයෙන් දරුවන්ගෙ.
    හැමෝගෙම යහපත වෙනුවෙන් තමන්ගේ නිදහස සීමා කිරීම සුදුසුයි කියලයි මං නං හිතන්නේ.හැමෝම ඔය බොඩිය දිහා සාමාන්‍ය තරමට දකින්න තරං දියුණු මනසක් නැති බව අපි දන්නව.ඒවගෙන් හැඟිම් ඇවිස්සිලා කිරිසප්පයො දූෂණය කරන උන් ගැන මොනවද හිතන්නෙ ඔයාල.
    ඇයි ඔය විවාහක ජෝඩු මහ දවල් තමංගෙ මිදුලෙ ලිංගිකව එකතු වෙන්නෙ නැත්තෙ.ඒ සිද්ධිය පුද්ගලික අහල පහල උදවියටත් ඇවිත් බලන්න පුළුවන් වෙන විදියට.
    එකත් ලිංගික ඉරිසියාව නෙමෙයිද එහෙනං.
    තමන්ට තමන්ගෙ සමීපිකයන්ට විතරක් හෙලිදරවු විය යුතු පුද්ගලික සුන්දර අත්දැකීම් හැම ජීවිතයකටම තියෙන්න ඕන.ඒවා ප්‍රසිද්ධ වෙනකොට එකිනෙකා ගැන තියන ගෞරවය අඩු වෙලා බැඳීම් ලිහිල් වෙනවා.ඒ ඔස්සේ සමාජ ගැටළු ඇතිවෙනවා..
    රටක නායකයා මේක ගැන කතාකරපු එක මං කියන්නේ හොඳයි.
    හැබැයි ටීචගෙ බුරියයි..ඔය බොඩියටයි වඩා ප්‍රශ්න රටේ තියනව.එවුවටත් මෙහෙම අවධානය දෙනවනං හොඳයි

    ඒ වගේම ලියවිල්ල නං පට්ට..මං සිද්ධිය ගැන කිවුවේ..ඒ ඇතුලාන්තයේ තියනඅනිත් දේවල් ගැන මං හිතන් නෑ.

    හොඳයි ඔයා එතන හිටියා කියල නිකමට හිතන්න...ඔයත් එක්ක එතන ඉන්න ඔයාගෙ දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ගැන හිතන්න.එයා ඔයාගෙන් අහන්න ලැජ්ජාවෙ කට පියං හිටියට එයාගෙ හිතට නගින කුතුහලය ගැන හිතන්න
    ප්‍රසිද්ධියේ බ්‍රා ගලවන එක සාමාන්‍ය සිද්ධියක් කියන හැඟීම එක්ක ලොකු මහත් වෙ දරුවා ගේ යොවුන් විය ගැන හිතන්න

    ReplyDelete
    Replies
    1. //හැමෝගෙම යහපත වෙනුවෙන් තමන්ගේ නිදහස සීමා කිරීම සුදුසුයි කියලයි මං නං හිතන්නේ.//

      මෙහෙම කරන්න ඕනෙ කාගේ හ‍රි නිදහසින් තවත් කෙනෙකුට කරදරයක් වෙනව නම් විතරයි. එහෙම නැතිනම් එකෙ අදහස මට ඕනෙ විදිහට අනෙකා හැසිරිය යුතුයි කියන එකමයි.

      උදා: ඔන්න ඔබ ඔය ප්‍රසංගය බලන්න යනවා. කරුමෙට ඉන්නෙ බ්‍රා ත්‍රෝයිං ගර්ල්ට ලඟින්මයි, ඒ ගෑල්ලමය ඕක ගලවල වීසි කරනව වෙනුවට පුර්ව අවසරයකින් තොරව ඔබ තුමාගෙ බෙල්ලේ ඔතන්න හදනවා, පැහැදිලිවම තමන්ගෙ නිදහසින් අනුන්ට කරදර කිරීමක්. එහෙම නැතුව වීසි කරපු ගෑල්ලමයට ප්‍රශ්නෙකුත් නැත්තං, Enrique Iglesias ට ප්‍රශ්නෙකුත් නැත්තං, ඔබ හෝ ඔබගේ දරුවා ඒක ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි? ඔබ හොඳයි කියල විශ්වාස කරන හෝ ඔබ කැමති සදාචාරාත්මක රාමුව ඇතුලෙ හැමෝම හැසිරිය යුතුයි කියල ඔබ හිතන්නෙ ඇයි?

      //මෙතන අවුල ඔයි බොඩිය නෙමෙයි..ඒක දකින උන්ගෙ ආකල්ප.විශේෂයෙන් දරුවන්ගෙ.//
      //හැමෝම ඔය බොඩිය දිහා සාමාන්‍ය තරමට දකින්න තරං දියුණු මනසක් නැති බව අපි දන්නව.ඒවගෙන් හැඟිම් ඇවිස්සිලා කිරිසප්පයො දූෂණය කරන උන් ගැන මොනවද හිතන්නෙ ඔයාල.//

      මේකට කරන්න ඕනෙ නීති දාල නිදහස සීමා කිරීම නෙමේ, ආකල්ප දියුණු කිරීම. දැන් ඔබ තුමා හිතන විදිහට කවද විතර අපිට මේ වගේ ප්‍රසංගයක් තියන්න පුලුවන් වෙයි ද? අපේ/අපේ දරුවන්ගෙ අකල්ප/මනස අවශ්‍ය තරම් දියුණු මට්ටමට කවද එයි ද? එහෙම දැනටමත් ඇවිත් තියන අය, අනිත් අය ඒ මට්ටමට එනකල් කවද වෙනකල් බලාගෙන ඉන්න ඕනෙ ද?

      //ඇයි ඔය විවාහක ජෝඩු මහ දවල් තමංගෙ මිදුලෙ ලිංගිකව එකතු වෙන්නෙ නැත්තෙ.ඒ සිද්ධිය පුද්ගලික අහල පහල උදවියටත් ඇවිත් බලන්න පුළුවන් වෙන විදියට.
      එකත් ලිංගික ඉරිසියාව නෙමෙයිද එහෙනං.//

      මට ලිංගික ඉරිසියාව සහ ඉහත උදාහරනය අතර සම්බන්ධතාවයක් නොපෙනේ (මගේ නොදැනුවත් කම නිසා විය හැක)

      //තමන්ට තමන්ගෙ සමීපිකයන්ට විතරක් හෙලිදරවු විය යුතු පුද්ගලික සුන්දර අත්දැකීම් හැම ජීවිතයකටම තියෙන්න ඕන.ඒවා ප්‍රසිද්ධ වෙනකොට එකිනෙකා ගැන තියන ගෞරවය අඩු වෙලා බැඳීම් ලිහිල් වෙනවා.ඒ ඔස්සේ සමාජ ගැටළු ඇතිවෙනවා.//

      ඔබට එසේ විය හැක, මටද එසේ විය හැක, නමුත් අනෙක් සියලු දෙනාට එලෙසෙම වේ යැයි සිතීම විහිළුවකි.

      //රටක නායකයා මේක ගැන කතාකරපු එක මං කියන්නේ හොඳයි.//

      රටක නායකයකුට කිසි සේත්ම අදාල නැති දෙයකි.

      //හොඳයි ඔයා එතන හිටියා කියල නිකමට හිතන්න...ඔයත් එක්ක එතන ඉන්න ඔයාගෙ දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ගැන හිතන්න.//

      අහන ප්‍රශ්න මොනාද කියල කියුවොත් දෙන උත්තර කියන්න පුළුවන්.

      //එයා ඔයාගෙන් අහන්න ලැජ්ජාවෙ කට පියං හිටියට එයාගෙ හිතට නගින කුතුහලය ගැන හිතන්න//

      මේ Enrique ගේ, ලොව පළමු ප්‍රසංගය හෙවත් කල එළි බැසීමේ මංගල්‍යය නොවේ, මීට වඩා දේවල් වෙනත් ප්‍රසංගය වලදී සිදු වී ඇත, ඒ බව නොදන්නා ඔබ සහ ඔබේ අත දරුවා, විශාල මුදලක් ගෙවා, ඔබට නොගැලපෙන මෙවැනි ප්‍රසංගයකට ගියේ මොන මගුලකට ද?

      Delete
  26. අදහස් වලට ස්තූතියි.මිනිස්සු හිතන්නේ එක එක විදියට නොවැ.ඇනෝ විදියට නෑවිත් නමිංම ආවනං සතුටුයි.අදහස් හැප්පුනත් මිනිස්සු එක්ක හැප්පෙන්න අදහසක් මට නෑ

    //ඔන්න ඔබ ඔය ප්‍රසංගය බලන්න යනවා. කරුමෙට ඉන්නෙ බ්‍රා ත්‍රෝයිං ගර්ල්ට ලඟින්මයි, ඒ ගෑල්ලමය ඕක ගලවල වීසි කරනව වෙනුවට පුර්ව අවසරයකින් තොරව ඔබ තුමාගෙ බෙල්ලේ ඔතන්න හදනවා, පැහැදිලිවම තමන්ගෙ නිදහසින් අනුන්ට කරදර කිරීමක්. එහෙම නැතුව වීසි කරපු ගෑල්ලමයට ප්‍රශ්නෙකුත් නැත්තං, Enrique Iglesias ට ප්‍රශ්නෙකුත් නැත්තං, ඔබ හෝ ඔබගේ දරුවා ඒක ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි? ඔබ හොඳයි කියල විශ්වාස කරන හෝ ඔබ කැමති සදාචාරාත්මක රාමුව ඇතුලෙ හැමෝම හැසිරිය යුතුයි කියල ඔබ හිතන්නෙ ඇයි?//
    මං කතා කලේ මගේ රාමුව නොවේයි.ඉතිහාසයේ පැවත ගෙන එන මල ඉලවු නෙමෙයි.ඒත් ඔයා හිතන්න නයිටිය පිටින් ඔෆිස් එකට යන නිලධාරිනියක් ගැන.මේ ප්‍රසංගය ලංකාවෙදි තියන කොට බ්‍රා සිද්ධිය නොගැලපෙනව කිව්වෙ ඒකයි.

    //හොඳයි ඔයා එතන හිටියා කියල නිකමට හිතන්න...ඔයත් එක්ක එතන ඉන්න ඔයාගෙ දරුවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ගැන හිතන්න.//

    අහන ප්‍රශ්න මොනාද කියල කියුවොත් දෙන උත්තර කියන්න පුළුවන්.//

    ඒක අර මාමට දුන්නෙ ඇයි?එවුව අඳින්නෙ ගෑනු අය විතරනේ
    ඇයි අපේ අම්මත් මාමට ඒක දුන්නෙ නැත්තෙ
    ඒකෙන් මාම මොනවද කරන්ඩ යන්නේ.
    ඇයි අපේ ටීචර් අපි පංතියේදි සිංදුවක් කීවම එහෙම නොකරන්නෙ..අපි සිංදු කියනවා කැතද?

    අපිත් ලොකු වුනාම එහෙම කරන්න ඕනද?(ගෑනු දරුවෝ)

    මාත් සිංදුවක් කීවාම මටත් ඒකක් දෙයිද(පිරිමි දරුයෝ)

    ReplyDelete
    Replies
    1. //නමිංම ආවනං සතුටුයි.අදහස් හැප්පුනත් මිනිස්සු එක්ක හැප්පෙන්න අදහසක් මට නෑ //

      කිසිම විදිහකින් මෙමෙ සංවාදය සඳහා අදාල නැත.

      //මං කතා කලේ මගේ රාමුව නොවේයි.ඉතිහාසයේ පැවත ගෙන එන මල ඉලවු නෙමෙයි.ඒත් ඔයා හිතන්න නයිටිය පිටින් ඔෆිස් එකට යන නිලධාරිනියක් ගැන.මේ ප්‍රසංගය ලංකාවෙදි තියන කොට බ්‍රා සිද්ධිය නොගැලපෙනව කිව්වෙ ඒකයි.//

      ඔබ කියන විදිහට ලංකාව කියන්නෙ පාලනය කල තත්වයක් යටතෙ තියන office එකක් වගේ, එහෙම ද? නිලධාරිනියක් නයිටිය පිටින් ඔෆිස් ගියොත් ඒක වැරදී, මොකද ඕනෙම ආයතනයක අවම මට්ටමේ dress code එක මොකක් ද කියල පැහැදිලිව කියනව. ආයතනයට අවශය විදිහට හැසිරීම ඇතුළුව අනෙක් සියලුම ආයතනික කටයුතු සඳහා අපිට වැටුපක් ගෙවනව. ඒ වගේම, ඔය නිලධාරිනියම office dress එකෙන් මුහුදේ හෝ නාන තටාකයක නෑම අවශ්‍ය නැත.
      මේ ප්‍රසංගය ලංකාවෙදි තියන කොට හැසිරෙන්න ඕනෙ මෙහෙමයි කියල හැමෝටම පොදු රාමුවක් හදන්නෙ මොකක් පදනම් කරගෙන ද?

      //ඒක අර මාමට දුන්නෙ ඇයි?එවුව අඳින්නෙ ගෑනු අය විතරනේ
      ඇයි අපේ අම්මත් මාමට ඒක දුන්නෙ නැත්තෙ
      ඒකෙන් මාම මොනවද කරන්ඩ යන්නේ.
      ඇයි අපේ ටීචර් අපි පංතියේදි සිංදුවක් කීවම එහෙම නොකරන්නෙ..අපි සිංදු කියනවා කැතද?
      අපිත් ලොකු වුනාම එහෙම කරන්න ඕනද?(ගෑනු දරුවෝ)
      මාත් සිංදුවක් කීවාම මටත් ඒකක් දෙයිද(පිරිමි දරුයෝ)//

      අහෝ ඔබ මෙම ප්‍රසංගය සඳහා රැගෙන ගොස් ඇත්තේ මොන්ටිසෝරි දරුවෙකි. එවැනි දරුවෙක් සඳහා මෙම ප්‍රසංගය කිසි සේත් සුදුසු නොවේ.

      "ළැම විල පියකරු හසුන් දරන්නී ඊ...ඊ...ඊ...තනපට ගලවා වීසි කරන්නී..ඊ...ඊ...ඊ "

      ඔය පොඩි බබාම වික්ටර් රත්නායක මහත්මයගෙ ප්‍රසංගයකට ගිහිං ඇහුවොත්, ඇයි අර මාම "තනපට ගලවා වීසි කරන්න" කියන්නෙ කියල, ඔබ මොකක් ද දෙන පිළිතුර?

      අනෙක් කරුණ නම් මෙය ලංකාවාසී සියලු දෙනාම පවුලේ සියලු දෙනා සමග සහභාගි විය යුතුමයි කියා රජයෙන් නියම කරන ලද ප්‍රසංගයක් නොවේ, ඔබට එය නොගැලපේ නම්, කරන්නට වෙන වැඩකුත් නැත්නම් ගෙදරට වී නිදා ගත හැක. කාලයත්, මුදලුත් ඉතිරි වේ.

      Delete
    2. මොකක් ....??? තනපට ගලවා වීසි කරන්නී..ඊ...ඊ...ඊ...??????
      යකෝ... කේ. ඩී. කේ. ට අපහාස කොරන්න එපා...

      "ළැමවිල පියකරු හසුන් රකින්නී
      සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී"
      ..........................

      හෝපලු වනපෙත කම්පිත කරවන
      මන්මද නර්තන රංගන කළ මැන

      ළැමවිල පියකරු හසුන් රකින්නී
      සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
      මන්මද නර්තන රංගන කළ මැන

      අංජන ගල්වන පංකජ නයනී
      වෙණ චංචල කළ සත්සර දියණී
      මන්මද නර්තන රංගන කළ මැන

      ගේය පද : කේ. ඩී. කේ. ධරමවර්ධන
      තනුව සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක

      Delete
    3. ඇනෝ,

      / ඔය පොඩි බබාම වික්ටර් රත්නායක මහත්මයගෙ ප්‍රසංගයකට ගිහිං ඇහුවොත්, ඇයි අර මාම "තනපට ගලවා වීසි කරන්න" කියන්නෙ කියල, ඔබ මොකක් ද දෙන පිළිතුර? /

      හප්පච්චියේ...අර තනපට ගලවා වීසි කරන්නී කියල වික්ටර් රත්නායක මහත්තය කියන්නෙ නෑ බොලේ..මම එහෙම කිව්වෙ අරම සීන් එකක් වුනොත් එතුමා එහෙමත් කියාවි සමහරවිට කියල. වරදවා වටහා නොගනු මැන..ඔය උඩින් X-Porter දාල තියෙන්නෙ නියම පදමාලාව...:)

      Delete
    4. ඔහ් සමාවෙන්න, වැරදීමක්. එත් අදාල තර්කයට ගැලපෙන, සුභාවිතයැයි සැලකෙන වචන වලින් ලියපු ඕනෙම සින්දුවක් ආදේශ කරගන්න පුළුවන්.

      Delete
  27. මං ඉතින් ගමේ ගෑල්ලමයෙක්නේ.මං තාමත් මගේ මුල් අදහසේමයි

    ReplyDelete
    Replies
    1. ඔබට කැමති අදහසක් දැරීම සඳහා ඔබට පුර්ණ අයිතිය ඇත. ඔබගේ අදහස මෙසේ වෙනස් විය යුතුය කියා මම ඉඟියක්වත් දී නැත.

      ඇය බ්‍රා එක Enrique ට දමා ගැසූ පමණින් පොෂ් හෝ රැඩිකල් වෙන්නෙවත්, ඔබ එය නුසුදුසු දෙයක් යැයි අදහසක් දරන ගමේ ගෑල්ලමයෙක් නිසා එසේ නොවන්නෙවත් නැත.

      ඔබගේ අදහස් අනුව, ඇය බ්‍රා එක Enrique ට වීසි කිරීම අසීලාචාර හෝ අවස්ථාවට නොගැලපෙන දෙයකි, එවැනි අදහසක් ඇතිවීමේ අවුලක් කිසිසේත්ම නැත. නමුත් ඒ අදහස සියලුම දෙනාට පොදු නීතියක් යැයි සලකා ඇයට එසේ කිරීමට ඇති නිදහස සීමා කල යුතුයි කියන අදහසට මම එක හෙලාම විරුද්ධ වෙමි.

      Delete
  28. එන්රිකේ ... තනපට අහසට.... මේක මාර මර්කට් උනානෙ....මේක කොදෙවු මානසිකත්වයට මාර දෙයක්..... මේකෙන් නැවත නැවතත් ප්‍රත්යක්ෂ කරන්නෙ මොකද්ද..... ධනේශවර පාරිභෝජන වාදයේ කුනු කූජිතත්වය....එන්රික්.... මාර කලා කාරයෙක්.... උගෙ සින්දු පට්ටයි.... ඒක එහෙමද....? (සින්දු අහල නැති උන්ට හොඳයි) ...ඌට විසික් කොරන්නෙ බ්‍රෙසියර් ... ජන්ගි....(පට්ට ලකා කාරයෙක්..??? ජංගි විසික් වෙන්නෙ.. හක.. හක..) ඌ ස්ටේජ් එකේ කෙල්ලොන්න්ට කිස් කරනව..කෙල්ලො ඌට ආසක්ත වෙනව..... මාරයි නේ...(ස්ත්‍රී නිමිත්ත වැඩිපුරම අලෙවි වෙන වෙලඳ භාඩයක්)..ඒකෙන් ලිංගික කුහකත්වයෙන් පිරිච්ච පට්ට ඉතිආසයක් තියෙන වැඩවසම් කොදෙව්වොන්ගෙ ලිංගෙ කෙලින් වෙලා උන්ට ඒ චැන්ස් එක නොලැබුනාට ගේම ඉල්ලනව....එන්රිකේ පට්ට බුවෙක් වෙනව...මේ කොදෙවුවෙන් ඒලියට ගිය උන් ( ඒත් උන් කොදෙව් මානසිකත්ව ‍රැහැන් වලින් අත්‍යන්තයෙන්ම බැඳිල ඉන්නෙ) එලියෙ තියෙන ගිනි විජ්ජුම්බර වලින් ගිනි කන වැටිල අම්මට උඩු මේකනෙ ලෝකෙ කියල විපරීතවෙනව. එන්රිකෙගෙනුයි ඌට බ්‍රා ජංගි විසිකරන උන්ගෙනුයි පෙන්නුම් කරන්නෙ මොකද්ද... කුනු කූජිත ධනේශ්වර පාරිභ්හෝජන වාදය තුල කලාවටයි කලාත්මක රසිකත්වයටයි යන කල දසාව...ඓඉතිහාසිකව ගත්තහම එන්රිකේ ඇවිල්ල පට්ට ගායකුත්නෙමෙයි බ්‍රා ජංගි විසි කරන උන් පට්ට ෆෝවර්ඩ් චරිතත් නෙමෙයි... නන්නත්තාර වෙලා කුනු කූජිත වෙලා ඕජස් ගලන දනේශ්වර පාරිභෝජනවාදි සමාජය විසින් බිහිකරපු සැරව බිබිලි.....මෙහෙ උඩ පනින උන් ඒ කුනු බිබිලි ඇතුලෙ දඟලන ඕජස් ගලන වැඩවසම් ‍රැහැන් වලින් බැඳුනු ගෝත්‍රිකත්වය උඩු දුවපු කඳ පනුවො....

    ReplyDelete
  29. මඩුවලිගෙන් S & M කමක් නැද්ද?

    ReplyDelete
  30. බ්‍රා එකෙන් කුලප්පු වෙලා වලිප්පුව හදා ගත්තු එකට ලියපු හොඳම ලියවිල්ල.
    ඔය බ්‍රා තහනම් කරන අස්සෙ තව යෝජනාවක් කරමුද...
    ගමේ රෑට තියෙන මෙගා බ්ලාස්ට් සංගීත ඉවර වුණාම අහුමුලු වල තියෙන කොංඩොම් එකතු නොකර සංගීතෙ බලන්න එන උදවිය කොඩොම් පැකට් ගේනවද කියලත් PSD දාල චෙක් කොරමුද..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...