Wednesday, December 23, 2015

Denying Education Rights Of Others - Dr. Chandima Gomes



පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩ දීම නිසා නිදහස් අධ්‍යාපනයේ මළගම සිදුවෙනවයි කියල රට පුරා උද්ඝෝෂණ මේ දවස්වල. ඒ ගැන ලොකු කතිකාවතක් සංවාදයක් වියුණු අවකාශය තුලත් සිදුවෙනව.

මේ ඒ ගැන ආචාර්ය චන්දිම ගෝමස් මහතා ලියාපු ඉතාම තාර්කික සහ විශ්ලේෂණාත්මක සටහනක්. කරුණාකර කියවනු මැන. කියවා වටහාගනු මැන.

15 comments:

  1. නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනය අතර වෙනස. මේක නොතේරෙන එකනම් මහම මහා ගොන් කමක්. වැදගත් ලිපියකට පාර කිව්වාට තුති රවී.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකට ආවේ මහාචාර්ය චන්දිම ගෝමස් ගේ බ්ලොග් එකෙන්. මේක බොහොම රසවත් බ්ලොග් එකක්.

      චන්දිම ගෝමස් බ්ලොග් එකට යන අය පහත කෙටි ලිපියත් කියෙව නම් තේරේවි ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය. අපි දකින ලෝකයට වඩා සැබෑ ලෝකය හුඟක් වෙනස්.

      http://chandimagomes.blogspot.my/2015/11/blog-post.html

      හැකි නම් මේ කතිකාවත ඉදිරියට ගෙනියන්න.

      Delete
  2. සමහරුන් ....
    1.නොතේරෙන නිසා
    2.බය නිසා
    3.තම වාසියට
    4.ඊරිසියාවට

    ඉඩම් විකුණා ගන්න සල්ලි නේපාලෙට දීලා ඉගනීමෙන් අපේ රටේ සල්ලි නාස්තිය පමණක් නොව නේපාලේ එවුනුත් මෙහෙ ඉගනගෙන අපේ රටට සල්ලි ගන්න තියන චාන්ස් එකත් නැතිවෙනවා කියන එක නොසලකා හරිනවා.


    ReplyDelete
  3. වටිනා ලිපියක. ස්තූතියි පාර පෙන්නුවට.

    ReplyDelete
  4. දුටිමි. කියවුයෙමි. අන් අය හා තොරතුරු බෙදා හදා ගැනීම වටිනා ක්‍රියාවකි. :)

    ReplyDelete
  5. ඉතා වටිනා ලිපියක්. රවී අයියා බොහොමත්ම ස්තුතියි... "රවී අයියාගේ පොස්ටුවක්" වැයකොට ඒ ලිපියට පාර පෙන්නිමෙන් කිසිම පාඩුවක් වෙලා නැහැ...

    ReplyDelete
  6. මම ලියන්න ආව ටික මෙන්න මේ කල්‍යාණ කොපි පේස්ට් කර ඇත.
    හැබෑවටම මේ වගේ වටින යමක් බොහෝ දෙනෙකුගෙ ඇහැ නොගැටෙන තැනක දැක්කම මෙහෙම පාර පෙන්වීම අගය කල යුතුමයි.

    ReplyDelete
  7. බොහොම ස්තූතියි !!!

    ReplyDelete
  8. Excellent, unbiased analysis. Thanks for the directions Ravi.

    ReplyDelete
  9. ඉස්කෝතුයි අයියා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  10. ඔබ සියලු දෙනාටම දැක වූ අදහස් වලටත්, මෙම ලිපියෙහි link එක මෙම බ්ලොග් අඩවියේ පළ කල රවීටත් බොහෝ සෙයින් තුති පුදමි. ලිපියෙහි සුළු වෙනස්කම් කිහිපයක් කලෙමි.

    ReplyDelete
  11. අපිව කාලයක් තිස්සේ හුරු කරලා තියන, විභාග පාස්වීම තමයි එකම මග කියන මානසිකත්වය තමයි මේ විරුද්ධවීමට හේතු. පුද්ගලයෙකුගේ හැකියාවන් නිර්ණය කිරීමේ එකම මග විදිහට විභාගය දක්වනකොට, එයින් සමත් වෙන කෙනා කිසිම විදිහකින් කැමති නෑ, සමත් නොවුන කෙනෙක් තමන්ගේ තත්වය සමීපයට එනවටවත්.

    ReplyDelete
  12. මෙය ආචාර්යතුමාගේ බ්ලොග් එකෙත් දැම්මා.

    දිගට ලියන්නට කලින් පසුබිම ගැන ලියා පටන් ගන්නම්.

    ප්‍රධාන වශයෙන්ම උපාධි ලබාදෙන ආයතන වර්ග තුනක් ලෝකයේ ඇත.

    ඒවානම්,
    1. Public / National University හෙවත් මහජන / ජාතික විශ්ව විද්‍යාල
    මහජන වි.වි. යනු බොහෝ විට රජයේ (මහජන ) මුදල් මඟින් නඩත්තු කරනු ලබන අතර ජාතික වි.වි. යනු මහජන මුදලින් නඩත්තු කරන අතරම රජයේ සෑහෙන කොට මැදිහත්වීම් ඇති වි.වි. වේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස University of California (Berkeley), University of Illinois at Urbana–Champaign, National University of Singapore ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (academic ranking) වල ඇති මහජන / ජාතික විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාලතිබේ.

    2. Private University හෙවත් පුද්ගලික විශ්ව විද්‍යාල

    මේවා ලාභ නොලබන පුද්ගලික ආයතන වේ. ඒවාට අයිතිකාරයෙක් නැත. කොටස් හිමියන්ද නැත. ලබන ආදයම එම ආයතයේ ඉදිරියට මිස කිසිවෙකුටත් ආදයමක් නොවේ. ලෝකයේ මේවාට උදාහරන ලෙස MIT, Harvard, Stanford University ආදිය හැඳින්විය හැක. ඉතා ඉහල අධ්‍යාපන ශේණි ගතකිරීම (academic ranking) වල ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තිබේ.

    3. For-profit/proprietary university හෙවත් ලාභ උදෙසා (ලබන) විශ්ව විද්‍යාල

    මේවා ලාභ ලබන ව්‍යාපාරික ආයතන වේ. උදාහරනයක් ලෙස University of Phoenix ගත හැක මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වේ .

    මේවායේ අධ්‍යාපන ශේණි ගතකිරීම (academic ranking) තිබේනම් ඒවා පහල මට්ටමක ඇත. උදාහරනයක් ලෙස University of Phoenix යන්න QS, ARWU, Times Higher Education World University Rankings යන අධ්‍යාපන ශේණි ගතකිරීමේ පද්ධති තුල විශ්ව විද්‍යාලයක් ලෙසවත් නොපෙන්වයි. මෙය සිසුන් 300, 000 පමන ඇති ආයතනයක් වන අතර එහි අයිතිය Apollo Group Inc. නැමැති පොදු සමාගමට (PLC) අයත් වේ .

    **මීට අමතර කිසිම සොයා බැලීමකින් තොරව උපාධි විකුනන ආයතන තිබෙනවා. Diploma Mill යනුවෙන් හඳුන්වන්නේ මේවා.

    ReplyDelete
  13. ඇමරිකාවේ හෝ එක්සත් රාජධානියේ හෝ සාමාන්‍ය අර්ථයෙන් පුද්ගලික විශ්ව විද්‍යාලය (private university) ලෙස හැඳින්විය හැකි ආයතන මා දන්නා තරමට ලංකාවේ නැත. නමුත් ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය ආයතන වලින් ලබා දෙන උපාධි බොහෝ විට බටහිර රටක (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හෝ ඔස්ට්‍රේලියාව වැනි) private or public වි.වි. මඟින් ලබාදෙන උපාධි නිසා ඒවායේ ප්‍රමිතිය සාමාන්‍යෙන් දැඩිව පරීක්ෂා කෙරේ.

    මා දන්නා තරමට බටහිර රටක ඇති for-profit වි.වි. උපාධි ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන මඟින් ලබා නොදේ. ප්‍රමිතිය නැති කල උපාධි ලබා දීමේ හැකියාව නැති කල අවස්ථා අසා ඇත.


    ඉන්දියාව දුර්වල මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන (වෛද්‍ය විද්‍යාලද ඇතුලුව ) වලට ප්‍රසිද්ද රටක්.

    මා දන්නා තරමින් මෙහි සඳහන් තුන්වන කාණ්ඩයේ ලාභ උදෙසා විශ්ව විද්‍යාල (for-profit university) විශාල ප්‍රමානයක් තිබීම මඟින් දියුනු වූ රටක් නැත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව ආදී දියුනුයි කියන සෑම රටකම පාහේ තිබෙන සියලුම හොඳ වි.වි. මා කිව් පලමු (Public / National University) හෝ දෙවන කාන්ඩයේ (Private University) වි.වි.

    ලංකාවත් තමන්ගේ වි.වි. දියුනු කරන්න බලා පොරොත්තු වෙනවානම් කල යුත්තේ මේ රටවල් ගත් මඟ මිස ඒ රටවලත් සාර්ථක නොවී තිබෙන දේවල් කිරීම නොවේ.

    ලංකාවේ රජයේ වි.වි. ගතහොත් ඒවායේ මුදල් වෙන් කිරීම පිලිබඳ ගැටළු තිබෙනවා. රැකියා වෙළඳපොල ඉලක්ක නොකල පාඨමාලා නිසා විශාල මුදල් ප්‍රමානයක් අපතේ යනවා. ඒ වගේම විවිධ පීඨ හා උපාධි පාඨමාලා විශාල ලෙස පටන් ගැනුනත් ඒ සඳහා අචාර්ය වරු සොයා ගැණීමට ලොකු උනන්දුවක් නෑ. සමහර වෛද්‍ය පීඨ හා දැනට කතාබහවන ඉංජිනේරු පීඨය මෙයට සියලු දෙනා දන්නා උදාහරන.

    තව උදාහරනයක් ගතහොත් සියලු වි.වි. වල කුමන විෂය පථයක උනත් බොහෝ විට වැටුප් සමානයි. වෙනස් තැන් ඇත්තේ සුලු ප්‍රමානයක පමනයි.

    ඒ වගේම පර්යේෂණ සඳහා හොඳ උනන්දු කිරීමක් නැහැ (මේ ගැන් ඉතා දීර්ඝව ලිවිය හැකියි ). උදාහරනයක් ලෙස ඒ සඳහා මුදල් ලබා ගැනීම අසීරුයි. ලෙස හොඳ h-ඉන්ඩෙක්ස් එකක් ලබා ගැනීම සඳහා බොහෝ විට හොඳ පිලිගැනීමක් සහිත conference එකක හෝ journal එකක පත්‍රිකාව පලකල යුතුයි. නමුත් එවැන්නක් සඳහා වියදම් සොයා ගැනීම අසීරුයි.

    නිසි ලෙස මුදල් වෙන් නොකිරීම ගැන හොඳම උදාහරනය මෘදුකාංග කර්මාන්තය ලෙස ගත හැකියි. මෙය 2015 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 700 වඩා වැඩි ඇස්තමේන්තුගත අපනයන ආදායමක් උපයාවි යැයි බලාපොරොත්තු වන කර්මාන්තයක්. එසේම මේ ක්ෂේත්‍රයේ රැකියා කරන්නගෙන් (80, 000 පමන අයගෙන්) බහුතරය උපාධි තිබෙන අය.

    නමුත් මේ විෂය සම්බන්ධයෙන් ආචාර්ය උපාධි ලබා ලංකාව තුල ඉගැන්වීම කටයුතු වල යෙදෙන සාපේක්ෂව සුලු පිරිසක්.

    මේ විෂයේ පර්යේෂන කරන්නත් අමුතුවෙන් මහා අනුග්‍රහයක් ලැබෙන්නේ නෑ. නමුත් මෘදුකාංග කර්මාන්තය ගතහොත් මේ වනවිට ඇත්තේ පර්යේෂන අවශ්‍ය යුගයක.මොකද මේ කර්මාන්තය ගතහොත් අප සිටින්නේ නව අදහස්/ නව නිශ්පාදන (Innovation) තුලින් ඉදිරියට යා යුතු තැනක. නමුත් ඒ ගැන රජයේ තිබෙන උනන්දුව දුර්වලයි. මෙය පුද්ගලික අංශය මත රඳා පැවතී කල හැකි දෙයක් නොවේ. එක්සත් ජනපදය, සිංගප්පූරුව වැනි රටවලත් පර්යේෂන සඳහා මූලික ලෙස වියදම් කරන්නේ රජය විසින්.

    ReplyDelete
  14. ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි. මෙය ඇත්තෙම්ම ඔබේ අදහසට දක්වන පිළිතුරකට වඩා එය ආශ්‍රය කරගනිමින් මගේ අදහස පුළුල් කිරීමකි. එබැවින්, සමහර විට මෙම පිළිතුරෙහි ඔබගේ කොමෙන්ටුව හා නොගැලපීමක් තිබිය හැක.

    ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

    http://admissions.berkeley.edu/costofattendance

    මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

    මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

    මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි.

    නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

    හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.

    ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...