The Story Of My Marriage - 17
" ආ..ඒ කියන්නෙ එතකොට අම්ම ඔය කියන ළමයා විශ්ව විද්‍යාලයක පළාතෙවත් ගිහිල්ල නෑ..එහෙමද?"
"ඒක තමයි ළමයො මම කිව්වෙ. උපාධියක් ගන්න එක එයාලට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ ළමයගෙ තාත්තට සල්ලි තියාගන්ට තැනක් නැතුව ඉන්නෙ ඔන්න කොටින්ම කිව්වොත්.."
මගේ මව පැවසූයේ හඬනඟා සිනාසෙමිනි.
"සල්ලි තියාගන්ට තැනක් නැති මිනිස්සු එක්ක පෑහෙන්ට මගෙ කිසිම ආසාවක් නෑ. හරි ඒ ගැන කතාව දැන් හොඳටම ඇති. ඔය රොටි පිච්චිල ඉවරද? මට පුදුම බඩගින්නක් තියෙන්නෙ. එක පාරට කකුල් දෙකත් එක්ක පණ නැතිවුනා වගෙද කොහෙද...."
"හරි හරි ඔයාට ඔය විස්ව විද්‍යාලෙ ගියයි කියන එක ඔය හැටි වටිනවනම් අපි බලමු ඩිග්‍රි එකක් තියෙන උගත් පන්ජාබි ගෑණු ළමයෙක්..එහෙම කෙනෙක් මම හොයන්නම්කො" කබල මත පිච්චෙන රොටිය ලී අල්ලුවෙන් පරිස්සමින් අනෙක් පස හරවමින් මව පැවසුවාය.
"මම කිව්වනෙ සැරයක්. මට පන්ජාබ් ගෑණු ළමයි ඕන නෑ…" මම කෝපය පාලනය කොට ගැනීමට උත්සාහයක් නොදරාම පැවසුයෙමි.
"එතකොට මමත් පන්ජාබි නෙ..ක්‍රිෂ් ඔයාගෙ අම්මා පන්ජාබි..ඔයා කවදාකවත්ම ඒක අමතක කරන්න එහෙම එපා" මගේ මවගේ ස්වරය වේදනාත්මකය.
"අම්මට මම මේ කියන එක තේරෙන්නෙ නැති එකනෙ වෙලා තියෙන්නෙ. කියන්නෙ මොකක්ද කියල තේරුම් නොගෙන වැරදි කොණෙං අල්ලගෙන එක එක බූත හිතනව. මම කිව්වෙ විශේෂයෙන් පන්ජාබි ගෑණු ළමෙක්ට අකමැතියි කියල නෙවෙයි. මට මොනම ගෑණු ළමෙක්වත් ඕන නෑ කියලයි ...මට ගෑණු ළමෙක් ඉන්න එකේ ආය මොන කෙහෙල්මලකටද තව ගෑණු ළමයි? " ශීතකරණයේ දොර විවරකොට මෝරු සහ මුදවන ලද කිරි මිශ්‍රණය පිරවූ බඳුනක් පිටතට ගන්නා අතර පැවසුවෙමි.
සෑම පන්ජාබි ආහාර වේලකම පාහේ කිරි මුදවා සාදාගන්නා නොයෙක් අතුරු ආහාර වර්ගයයන්ගෙන් අවම වශයෙන් එකක් හෝ අඩංගුවීම අනිවාර්යය වේ.
"ඒ කියන්නෙ ඔයා අර මැඩ්රාසී කෙල්ලවම තමයි බඳින්නෙ ?" මගේ මව ඇසූයේ ඇයටම සුවිශේෂී වූ සාත්වික අභිනයන් ප්‍රදර්ශනය කරමිනි.
"ඔව්..ඒත් දැන්ම නෙවෙයි, සුදුසු කාලෙ ආහම ස්ථිරවම එහෙම තමයි වෙන්නෙ" මම කිරි ආහාර බඳුන වැසුම් හැර ශීතල මැකීයනු වස් මේසය මත තැබුවෙමි.
"අයියෝ මට තේරෙන්නෙ නෑ ක්‍රිෂ් ඔයාට මොනවද වෙලා තියෙන්නෙ කියල...."
මව දැවමුවා පිඟානක් මත තබා තුනීකල රොටියක් දකුණතට ගෙන උදුන මත රත්වෙමින් තිබූ පැතලි තැටිය මතට වේගයෙන් දමා ගසමින්ම වමතින් තම නළලට පහරක් ගසා ගත්තීය. අත්ල සහ ඇඟිලි පුරා දැවටී තුබූ සුදු පැහැ පිටි ඇගේ නළලෙහි තැවරිණි. එදෙස හොරැහින් බැලූ මට මුවඟට නැඟි සිනහව සඟවා ගත නොහැකි විය. මම සිනහසෙනු දුටු මව යලි කෝපාන්විත වූවාය.
"ඔය ඔය….. දැන් මට හිනාවෙන්නත් පටන්ගෙන...කමක් නෑ ක්‍රිෂ්...ඔයාට හොඳ නම් මට කමක් නෑ..ඒත් පුතේ…" මම ඇයට බාධාකරමින් නැඟී සිටියෙමි.
"නිකං පිස්සු කියවන්න එපා අම්මෙ..මම අම්මට හිනා වුන එකක් නෑ..අර නළලට ගහගත්තු පාර ඔයාගෙ නලල පුරාම පිටි. ඒක දැකලයි මට හිනා ගියේ…..කෝ ඉන්න මම ඒ පිටි පිහල දාන්න" ශීතකරණය අසල බිත්තියේ එල්ලා තිබූ අතපිස්නාවක් ගෙන මම ඇගේ නළල පිසදැමීමි.
"හරි හරි ඔය ඔක්කොම හරි යයි ...එන්නකො අපි දෙන්න ගිහිල්ල කෑම කමු." මම ඇය සුරතගෙන සාලයට කැඳවාගෙන ගියෙමි.
සාලය මධ්‍යයෙහිවූ දිගැති ටීපෝව මත රැගෙන ආ ආහාර අඩංගු බඳුන් තබා මම රූපවාහිනිය ක්‍රියාත්මක කළෙමි. අධික කුසගින්නෙන් පෙලුනු බැවින් මම වහා ආහාර අනුභවය ආරම්භ කළෙමි. මවද දැඩි කල්පනාවක නිරතවුවද ආහාර ගැනීමේද අනලස්ව නිරතවන බව ඇය දෙස ඇස් කොණින් විපරම් කල මම දුටිමි.
කවුරුන් හෝ පැමිණ ඇතිබව හඟවන සීනුව දෙවරක් නාදවූයේ තවත් රොටී ගෙන ඒම උදෙසා මුළුතැන් ගෙට යනු පිණිස මම නැඟී සිටි මොහොතේය. මම ආපසු හැරී ප්‍රධාන දොරටුව දෙස බැලීමි.
"ඒ නම් තාත්තා වෙන්න ඕන….ඔව්..ඔව්..තාත්තම තමයි….ටී.වී එක ඕෆ් කරන්න...ටී.වී.එක ඕෆ් කරන්න" මගේ මව මහත්සේ කලබලයට පත්ව නැඟී සිටිමින් පැවසුවාය.
"හරි හරි ඉතිං අම්ම කලබල වෙන්නෙ නැතුව ඉන්නකො.දැන් ඔය හොදිත් එක්ක හලාගන්නව හැමතැනම... "
මා දෙස නොපහන් බැල්මක් හෙලූ ඇය ඉක්මන් ගමනින් දොර වෙත ගොස් නැවතී ආපසු හැරුනාය. ගොළු බසින් ඉඟි කරමින් ඇය දොර අසල සිට ද පැවසූයේ රූපවාහිනිය ක්‍රියාවිරහිත කරන ලෙසය. උරහිස් හකුලමින් රූපවාහිනිය වෙත ගිය මම එය ක්‍රියා විරහිත කළෙමි.
මගේ මව දොර විවර කලාය. ගෙතුලට පිවිසි මපියා ඇය දෙස ඉක්මන් බැල්මක් හෙලා හිටි පියවරම නැවතුනේ හිස ඔසවා මදෙස බලා සිටින්නට විය.මම වහා ආපසු හැරී ඔහුට පිටුපා මුළුතැන්ගෙයට පිවිසෙනා දොර අසලට පැමිණියෙමි.
"ඔයා කෑම කනවද?" මගේ මව සෙමෙන් ඇසුවාය. කිසිදු පිළිතුරක් නොදුන් මපියා කෑම මේසය වෙත පැමිණ එදෙස එක් බැල්මක් හෙලා යලි මව වෙත හැරුණේය.
"මොනවද මේ උයල තියෙන්නෙ? මෙව්ව කන්න පුලුවන්ද මෙලෝ මිනිහෙකුට….."
මම ඔහු දෙස රවා බැලුවෙමි. "අම්ම උදේ ඉඳල මහන්සි වෙලයි මෙව්ව ඉව්වෙ...කන්න බැරිනම් නිකං ඉන්න. නිකං කට කැඩිච්ච කතා නොකිය."
මව කුස්සියේ වූ කබඩයෙන් ඔහු වෙනුවෙන් පිඟානක් පිටතට ගත්තාය.
"මට මේ ගොසරෑව කන්න බෑ...." පියා පැවසූයේ මව දෙස රවා බලමිනි.
"කොහෙං හරි කාල ආවම ආය කන්න පුලුවන්ය.. ඉතිං ඕක කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ. වෙන අනම් මනම් කියවන්නෙ නැතුව…" මම ඉවත බලාගෙනම පැවසීමි.
වහා හැරී මදෙස ටික වේලාවක් බලාසිටි මපියා ඉක්බිති මව දෙසට හැරුනේය. "දැක්ක නේද තමුංගෙ මහ ලොකු පුතංඩියගෙ හැදිච්ච කම. මොකටද ඔය උපාදි දෙක තුන තිබ්බට? . අර බල්ලගෙ කොහෙද මොකක්ද බැන්ද වගේ... තමන්ගෙ තාත්තට කතාකරන්න වත් දන්නෙ නෑ ඉතිං තව මොනවද?"
"ඇත්ත වෙන්නැති. ඒත් හෙට අනිද්ද මම සිටි බැංකුවෙ මගෙ පලවෙනි රස්සාවෙන් ගන්න පඩිය ගන්ට ඔහේට අවුරුදු තිහක් ආමි එකේ රස්සාව කරලත් බැරිවුනා" එසේ පැවසීමට මට කොතෙක් අවශ්‍ය වුවද මම තොල් සපාගත්වනම මුනිවත රැකීමි. ඒ හා සමඟම උඩ සාක්කුවට අත දමා එහි වූ සිටි බැංකුවෙන් එවන ලද විස්තර පිරවිය යුතු පත්‍රිකාව නිරුපද්‍රිතව ඇතිබව සැකහැර ගතිමි.
මපියා ඉක්බිති රූපවාහිනිය වෙතට තම සුපුරුදු උදාර ලීලාවෙන් ගොස් එහි මතුපිටට සුරත තබා ආපසු හැරී මව අමතා බිරුසන් දුන්නේය.
"ටී.වී. එක හොඳටම රස්නෙයි. කවුද දැං මෙතන ටී.වී. බැලුවෙ? මම කියල තියනව නේද........"
"මමයි ටී.වී. බැලුවෙ..ඇයි... ඒකෙ…. මොකවත්…. අවුලක් ….ප්‍රශ්ණයක් ….එහෙම ….තියනවද?" මම වදනින් වදන බරකරමින් ඇසූයෙමි.
"තමුන් මේ ගෙදර ඉන්නවට මම කොහෙත්ම කැමති නෑ..තේරුණාද? ඒ ….හින්ද…. කරුණාකරල…. පුළුවන්…. ඉක්මනට ….මෙහෙන් ….ගියොත්….. ඒක ...අපි ...දෙන්නටම... ලොකු….. පහසුවක්….." මට දෙවැනිවන්නට කිසිසේත්ම කැමති නොවූ ඔහුද පැවසූයේ එලෙසම වදනින් වදන උසුරුවමිනි.
"මකබෑවිලම ගියාදෙං... උද්දච්ච මෝඩයා" තොල්මතුරමින් මම රොටි කැබැලි කීපයක් ඉතිරිවූ මගේ පිඟානද රැගෙන සාලයෙන් පිටවුණෙමි.
එදින මධ්‍යම රාත්‍රිය ආසන්නවනතුරු මම නිදිවර්ජිතව සයනයෙහි වැතිර කල්පනාවේ යෙදී ගත කලෙමි. මසිත වරෙක අහ්මදාබාද්හි මගේ කුටියෙහි මා සයනයෙහි පසෙක නිදන අනන්‍යාගේ කාලවර්ණ දිගු කෙස්වැටිය මගේ වතෙහි දැවටෙන කල්හි නාස්පුඩු පුරා විහිද ඉක්බිති පපුව පුරාගන්නා සඳුන් සුවඳෙන් එදවස මා මන්මත්වූ අයුරු සිහිකොට නිම්හිම් නොමැති ආනන්දයකට පත්වන්නේය. ඒ සැණින් අදදින මධ්‍යාහ්නයේදී මපියා සමඟ වූ බහින්බස්වීම සිහිව ශෝකයෙන් ආතුර වන්නේය.
අඩවල් කොට තිබූ දොර විවරකොට එක්වනම කුටියට ඇතුලුවූ මව විදුලි බුබුල දල්වා මගේ සයනයේ පසෙක හිඳගත්තාය.
"ක්‍රිෂ් බොහොම සතුටුදායක ආරංචියක් මට තියනව ඔයාට කියන්ට."
මගේ මවගේ සතුටුදායක ආරංචි පිළිබඳව දශක දෙකහමාරකට අධික කාලයක පළපුරුද්දක් ඇතිහෙයින් මම කිසිවක් නොපවසා නිහඬ වූයෙමි. මගේ උරහිසට අතක් තබා ඇය ඉක්බිති කතාකලේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.
"මම හවස පම්මි ආන්ටිට කෝල් එකක් දුන්න….."
"කාට? "
"ඇයි අනේ ඔච්චරම මතක නැද්ද? මම දවල් කිව්වෙ අර ...පම්මි ආන්ටි..අර අර මම ඔයාට පෙන්නුවෙ...ඇල්බම් එකේ අර ලස්සන ගෑණු ළමයා......."
මව කෙරෙහි මගේ සිතෙහි හදිසියේම බලවත් අනුකම්පාවක් හටගැණිනි."හරි හරි මට මතකයි අර නටන්ට පුලුවන් ගෑණු ළමය නේද? තව අර පෙට්රල් ස්ටේෂන් හයක්ද කොහෙදත්....."
"අන්න හරි අන්න හරි...ඒ ළමය තමයි...හෙහ්..මාත් එක්ක බොරුවට අකමැතියි කියල කෑගැහුවට මම දන්නව දැන් මම එද්දිත් ඔයා කල්පනා කර කර හිටියෙ ඒ ළමය ගැන නේද?"
"පිස්සුද අම්මට?.... මොනව කියවනවද මන්ද...."
"හරි හරි ක්‍රිෂ් මම දන්නව...ඒත් පෙට්රල් ස්ටේෂන් හයක්ම නෙවෙයි. එයාලගෙ තාත්තට පෙට්රල් ස්ටේෂන් හයක් තිබ්බට මේ ළමයට අයිති වෙන්නෙ තුනක් විතරයි. ඉතුරු තුන එයාගෙ නංගිට….."
"ෂිහ් අපරාදෙ…පෙට්රල් ස්ටේෂන් හයම තිබ්බ නම් තමයි මරු" මම මුවඟට නැඟි සිනහව ඇයට නොපෙනෙනුවස් ඉවත බලාගතිමි.
"මේ මම එහෙනම් පම්මි ආන්ටි එක්ක ඒ ගැන කතා කරන්නද?"
"මොනව ගැනද?" මම විමසුම් දෑසින් ඇය දෙස බැලීමි.
"මොනව ගැනද කියන්නෙ? පෙට්රල් ස්ටේෂන් හයම දෙනවනම් ඔයා කැමතියි කියල...ඔයාගෙ විස්තර ඇහුවම ඒ ගොල්ල ඒකට නොවැරදීම කැමති වෙයි. ඩොලීගෙ නංගි තවම ඉස්කෝලෙ යනව. එයා ලොකු වෙලා බඳින වයස එනකොට එයාලට තව පෙට්රල් ස්ටේෂන් තුන හතරක් හදාගන්ට බැරිය...නැද්ද?" ඇය මගේ ඇලපතට පහරක් ගසා කුඩා දැරියක් මෙන් හඬනඟා සිනාසුනාය.
අයි අයි. ටී. අයි. ආයතනයෙහි ඉගෙනුම ලබද්දී දෙවන වසරේ මගේ කුටි සගයා වූ ශ්‍රී ලංකාවෙන් පැමිණි ප්‍රසන්න නිතර ඔහුගේ මව් බසවූ සිංහලෙන් පැවසූ කියමනක් මට හදිසියේ මතකයට පැමිණියේය. වඳින්ට ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවා ලෙස ඔහුගේ මව්බසින් ඔහු පැවසූ එම කියමනෙහි අර්ථය වූයේ සත්කාර්යයක් කිරීමට ගොස් අනර්ථයක වැටීම යනුයි. "ෂික් මටත් වෙන එව්ව..අර ප්‍රසන්නය නිතරම කියපු එක තමයි මටත් වුනේ ...මෙතන අම්ම පව් කියල සන්තෝස කරන්න ගිහිල්ල ඒක ආපිට මටම කැරකිච්ච හැටි" මම තොල මතුරමින් සයනයෙන් නැඟී සිටියෙමි.
"මොනවද ඔයා ඔය හෙමිහිට කියවන්නෙ? මට බණිනව නේද?" මව හිස ඔසවා මදෙස බලා ඇසුවාය.
"පිස්සුද? මම මොකටද අම්මට බණින්නෙ?.....මේ...ඔය පෙට්රල් පොම්ප ගැන එහෙම එක වචනයක්වත් ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ ඔන්න...මම නොකිව්වයි කියන්න එපා...."
"හරි හරි...මම කිසිදෙයක් කියන්නෙ නෑ...අපි අනිද්ද හවස එහෙ යනවනෙ...ඔයාම ඒ ගැන කතා කරගන්නකො....හිහ්...හිහ්" මගේ මව මහත් ප්‍රමෝදයට පත්ව සිනාසෙමින් පැවසුවාය...
"My goodness..You are simply impossible….." මම හිස දෙපසට සොලවමින් පැවසුවෙමි.
"හරි හරි එහෙනං අනිද්ද හවස යමු තේ වලට එහෙම හොඳයි නේද?"
"මට කොහෙවත් යන්න ඕන කමක් නෑ අම්මෙ.... "
"යමුකො මම කිව්වට...එයාල පුදුම විදිහට පෝසත්..සල්ලි උතුරනව...කොහෙ හරි පාරක් වැරදිලා ඇඩ්රස් එකක් අහගෙන ගෙදරට එන කෙනෙකුට වුනත් වෑංජන හත අටක් එක්ක කෑම වේලක් දෙනව."
"මට වෑංජන හත අටක් එක්ක කෑම වේලක් ඕන නෑ..අම්මෙ මේ ...මම එහෙ එන්නෙ නෑ"
"ක්‍රිෂ්..මම වෙනුවෙන් වත් ඔයාට මේ ගමන යන්න එන්න බැරිද පුතේ?... මගේ සතුට වෙනුවෙන්....ඒ හේතුව මදිද ඔයාට.."
මගේ මවගේ ආයාචනාත්මක ස්වරය මා නෙත් තෙත් කිරීමට සමත්වූයේ නිතැණිනි. කඳුලු වලකා ගැන්මට හිස පහතට හැරවූ මා දුටුයේ වෙලුම් පටියකින් වෙලා ඇති ඇගේ සුරතයි.
"හරි හරි මම එන්නම් මම එන්නම්....දැන් යන්නකො හොඳ අම්ම වගේ එළියට..මට නිදාගන්න ඕන…"
"අන්න හොඳයි..මම දන්නවනෙ...අන්තිමට මගෙ පුතා මම කියන එකට... ……"
"මේ අම්මෙ ...තවත් ඔහොම කිසිම තේරුමක් නැති විකාර කියවන්න ගියොත් මම ඔන්න තීරණේ ආයම වෙනස් කරනව...නොකිව්වයි කියන්න එහෙම එපා.."
"හරි හරි මේ ගියා ගියා..ගුඩ් නයිට්, ස්වීට් ඩ්‍රීම්ස්…" විදුලි බුබුල නිවාදැමූ ඇය වහා කුටියෙන් පිටවූවාය.
යලි සයනයේ දිගාවී පොරෝණයෙන් හිසේ සිට දෙපතුල තෙක් වසාගත් මම මගේ දකුණු ඉන්දියානු පෙම්වතිය හමුවීමේ අපේක්ෂාවෙන් සිහින ලොවට පිවිසියෙමි.
අය්යා... රවි අය්යා, ඔබ කුමක් හෙයින් නැවතත් ප්‍රවීණා, මහගෙදර වැනි දෙකයි පනහේ ඉන්දියානු ටෙලිනාට්‍ය නැරඹූ කාලය වෙත අප රැගෙන යන්නෙහිද අයියා?
ReplyDeleteThank you Sir ! Nice to see again Krish and Ananya after a while.
ඇනෝ,
Delete" අයියා..ඔබ මා රැගෙන යන්නේ ඔබ වසන ලෝකයටද අයියා? "………...රුක්මණී දේවි නේද එහෙම කියන්නෙ? මට ෆිල්ම් එක නම් මතක නෑ...:)
You are welcome!!!
ගීතය:- පින්සර මාගේ සොහොයුරා
Deleteචිත්‍රපටිය:- කපටි ආරක්‍ෂකයා
ගායනය:- රුක්මණී දේවී
වාක්‍යය:- "අයියා, ඔබ මා කැඳවාගෙන යන්නේ ඔබ සිටින රාජ්‍යයටද? යන්ට එපා අයියා, යන්ට එපා"
ස්තූතියි රවී අපේ රසවින්ඳනය වෙනුවෙන් ඔබගේ වෙහෙසට. අර ලංකාවේ ප්‍රසන්න කෑල්ල ඇත්තටම පොතේ තිබුණද?
ReplyDeleteඔවු, ඇයි බොලාට ඒක විස්වාස නැද්ද?
Deleteඅපේ මේ රවී මහතැන් ඉතින් බොරුවක් කියයිද? මගේ කරුමෙර ඔරිජිනල් පොතේ කවුදෝ එකෙක් බලිගාල තිබ්බ නෙව.. මම බැලුවේ ඩිජිටල් කොපිය හැබැයි. මොකක් උනාම මොකද නේද?
Deleteඉයන්,
Delete/ අර ලංකාවේ ප්‍රසන්න කෑල්ල ඇත්තටම පොතේ තිබුණද? /
එහෙම එකක් බගට්ගේ පොතේ නෑ.....ඒක මගේ ඇඩිෂන් එකක්....:)
එතන ඔය ප්‍රසන්න කියන්නෙ අපේ කොන්ක්‍රීට් බලකායෙ ප්‍රසන්නයා. මගෙ කම්පනාවක් තියනව මේ කතාව කියවන බොලා ඔක්කෝම මේ කතාවෙ චරිත විදිහට ඇතුල් කරන්න. ඒක වෙන්නෙ මෙහෙමයි.
මෙවුං දෙන්න (ක්‍රිෂ් සහ අනන්‍යා) බැඳල හොනිමෝං එන්නෙ ලංකාවට (ඇත්තම කිව්වොත් එවුං දෙන්නට හොනිමෝං යන්ට කියල ඇති කෙංගෙඩියක් නෑ. උං දෙන්න ටූ ඉයර්ස් ලිවිං ටුගෙදර් කරපු එකේ ආය අහවල්.....හෙහ් හෙහ්) කොහොමහරි චේන්ජ් එකකට කියමුකො..ඔන්න එනව ලංකාවට. සති දෙකක සංචාරයකට. කාර් එකක් එහෙම හයර් එකට අරගෙන දෙන්න ඔන්න ඉස්සෙල්ලම කොළඹ ඇවිදිනව.
මහවැලි හොරස්කෝප් එක ඉස්සරහින් යනකොට අනන්‍යා දකිනව ඒකෙ වැටේ එල්ලපු බැනර් එකක්. " දෙමළ ව්‍යාප්ති වාදය තමිල් නාඩුවේ බිහිවූ අන්දම හා එයින් ශ්‍රී ලංකාවට වූ බලපෑම - ඡායාරූප ප්‍රදර්ශණය "
" ක්‍රිෂ් නවත්වන්න නවත්වන්න අපි යමු මේක බලන්න. මට මේ වගෙ එකක් බලන්න එදා ඉඳලම ඕනකම තිබ්බ " අනන්‍යා කෑගහනව. ඔන්න දෙන්නම හොරස්කෝප් එකේ ඇතුලට යනව. එතනදි හම්බ වෙනව ප්‍රදර්ශනයෙ සංවිධායක තුමා. බොහොම ප්‍රසිද්ද පුද්ගලයෙක්. සංවිධායක තුමා එක්ක අනන්‍යා පොඩි වාදෙකටත් පැටලෙනව.මතකනෙ.... අනන්‍යා ටැමිල්...:)
දෙන්න එලියට එනකොට තව දැන්වීමක් දකිනව..ඒක මේ ඊට පස්සෙන්ද තියන දේශනයක්...." ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය උදා කල හැක්කේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහට පමණි.- විශ්ලේෂණයක් " දේශකයා කවුද කියල අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ නේද? හෙහ්,හෙහ්,
ඔන්න ඊලඟට මේ දෙන්න ගේට්ටුවෙන් පිටවෙලා පේව්මන්ට් එකට බහිනකොටම හැටට හැටේ නිකං ගාල කඩා ගත්ත ජර්සි වර්ගයේ දෙමුහුං වැස්සියක් වගෙ දුවගෙන යන බබලතෙක්ගෙ ඇඟේ හැප්පිලා අනන්‍යා විසිවෙලා වැටෙනව.." අනේ අයෑම් වෙරි සොරී " බබලතා එහෙම කියල සමාව ඉල්ලනව. හයි හීල්ස් එහෙම දාල ඉන්න කාලවර්ණ මේ බබලතා කොට ජීවිතයක්. Any bets on who that might be?...heh,heh,
දවස් දෙකකට වගෙ පස්සෙ ක්‍රිෂ් අනන්‍යාට මෙහෙම කියනව. " ආ...ඔයාට කියන්ට බැරි වුනානෙ..මගෙ අයි අයි ටී යාලුවෙක් ඉන්නව He is a Sri Lankan. මිනිහ අයි. අයි. ටී. කලාට එව්ව ඔක්කොම අතෑරල දාල දැන් මේ ඔන්න ඔය ගොඩකවෙලද කොහෙද කියන දිහා බිස්නස් එකක් කරගෙන ඉන්නෙ. අපි යමු මිනිහව බලන්ට. මිනිහ දැක්කම බයවෙන්ට එහෙම එපා. අර වීරප්පන් හිටියෙ. අන්න ඒ වගෙ ඩයල් එක. අපි මිනිහට ඒ කාලෙ කිව්වෙත් වීරප්පන් කියල.
ගොඩකවෙල ගිහිල්ල මේ දෙන්න ආපහු එන්නෙ බදුල්ල පැත්තෙන්. ඔන්න පාලු හරියක පාර අයිනෙ නවත්තල තියනව පරණ කාර් කටුවක්. කෙට්ටු උස බුවෙක් ඒකෙ බොනට් එක ඇරල ඇතුලට එබීගෙන ඉන්නව. ඒ හැටි වයසක් එහෙම නෑ බුවාට.
එතනම කාර් එකේ දොරට හේත්තුවෙලා පපුවට අත්දෙකත් බැඳගෙන මූණත් රකුසු කරගෙන ඉන්නව ලලනාවියක්. " මම ඔහෙට කිව්වනෙ මේ ලදරම ගන්නකොට ඕක වෙයි කියල කොහෙද අපි කියන එකක් අහනවය? අර පොත් පැන්සල් පාර්සල් කරගන්ට ඕන උනහම තමයි ඔන්න අපෙං අහන්නෙ..අරක කොහොමද? මේක කොහොමද කියල.හුහ්, "
අර යං බුවා බොනට් ඇරල ඇන්ජිමට එබීගෙන ඉන්නෙ ලෙඩේ මොකක්ද කියල හොයන්ට එහෙම නෙවෙයි. ඌ එව්ව ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. එහෙම ඉන්නෙ මූන හංගගෙන ඉන්න එක දාහෙං ස්මපතයි කියල හිතල..කාර් කටුවෙ පස්ස සීට් එකේ සනීපෙට ගුලිවෙලා පුලුං බෝලයක් වගෙ බුදියගෙන ඉන්න බළලි තඩිච්චියක් මේ කිසි දෙයක් ගැන වගේ වගක් නැතුව.
මේ හතර දෙනෙක් ගැන විතරයි...හොඳද?
මරු.. ඒවා මේ කමෙන්ට් අස්සේ නොදා වෙනම දාහං රවියා..
DeleteRavi's talent (one among many) is seamless (almost undetectable, even if detected still not certain) addition.
Deleteයකෝ රවී අයියෙ බගට්ගෙ උලව්ව මොකක්ද මේවනෙ කතා. හැක්....
Deleteරජයේ අවවාදය: කිසි දෙයක් තේරුණේ නැති විදිහට සිටීම ඇඟට ගුණ වන්න පුළුවන.
Deleteශැහ්ඃ... ශෝක් මඩ ජුණ්ඩ..
Deleteඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඔය කිව්වේ... ඕන්න කිව්ව
Deleteතාක්ශණික ප්‍රශ්ණයක්! 'ජර්සි වර්ගයේ දෙමුහුං වැස්සියක්'කියන එක හරිද? දෙමුහුං නම් ජර්සි සහ තව වර්ගයක් දෙමුහුං වෙන්න ඕනනෙ. එතකොට ජර්සි විතරක් කියන්නෙ නැහැ නේද?
Deleteමෙන්න මේකනම් මටත් අල්ලලා ගියා...
Deleteදේශක, ප්‍රා ජේ, ප්‍රසන්න, ගස්, උපේක්ෂා,
Deleteස්තූතියි...:)
ඉයන්,
Delete/ තාක්ශණික ප්‍රශ්ණයක්! 'ජර්සි වර්ගයේ දෙමුහුං වැස්සියක්'කියන එක හරිද? /
වරද පිළිගනිමි…" ජර්සි සහ අයර්ෂයර් දෙමුහුන් වැස්සියක් වගෙ " ලෙස නිවැරදි විය යුතුය.
කමෙන්ටුවේ මා සඳහන් කල යුවතියට,
අන්න බං මම උඹට කිව්වෙ ජර්සි කියල විතරයි. ඉයන් කියනව එහෙම බැරිලු අයර්ෂයර් කියලත් කියන්න ඕනලු...
ලොක්කා,
Deleteමොකක්ද බං අල්ලල ගියේ? දෙමුහුං වැස්සියංගේ සීන් එකද?
//මහවැලි හොරස්කොප් එක//
Delete:D
හෙහ් හේ. මේ අතුරු කතාව ලස්සනයි මටනම් ටිකක් පතෝල වගේ ඇදෙන පොතේ මේ කොටසට වඩා
Deleteපොරොන්දු ඉටුකරන අපේ කාලෙ වීරයා. ඔබට අපගේ ප්‍රමාණය. පුලුවන්නං අර කොස් කපනා කෙල්ල සහ අනික් චරිත ටිකත් මේකටම අමුණමු.
ReplyDeleteසුරංග,
Deleteහරි බං අලුත් අවුරුද්දෙ ඒ ඔක්කොම ගෑණු ළමයි හැමෝම ගැන එක වාගෙ හොයා බලන්ට ඕන කාටවත්ම අසාධාරනයක් නොකර කියල මම අදිස්ටාන කරගතිමි.
Not just his father, I too have wondered many times how some Indians could eat that kind of food. They can eat a plate full of rice with iust curd or a brinjal curry.
ReplyDeleteAno,
DeleteI think its very obvious . We all have vastly different food habits. Both what you eat and how you eat. Let alone between people of two countries just think about how diverse eating habits are in Sri Lanka itself depending on where you live and what you believe in.
I have so many Philipino friends and despite being a major rice producing country they eat so little rice compared to us. more often than not Just one cupful .that’s all. They prefer to eat a lot of meat and vegetables. When we eat together in our common dining hall they ask " Oh god you are eating so much rice. how do you manage that? we can never do that..."
My answer is " yes sir, that's how we do it in Sri Lanka…" …...:)
ඉස්කෝතුයි කිව්වා......... අර කිවුවා වගේ ඉතුරු ටික ගැනයි දැං බලං ඉන්නේ....
ReplyDeleteඉන්දික,
Deleteස්තූතියි ජෙනරල්....හරි හරි වැඩේ කරමු වැඩේ කරමු..:)
//අර ප්‍රසන්නය නිතරම කියපු එක තමයි මටත් වුනේ .// ඕකනෙ අපි කියූ දෙයක් වැරදිලා නැත. හැක්...
ReplyDeleteබණ්ඩක්ක ඇතිලියට මොකද උනේ එතකොට.
ප්‍රසන්න,
Deleteඇයි බං අම්මා ආපහු ඇවිල්ල " අනේ මේ ඔයයි මායි උයන බණ්ඩක්ක කෝ එහට වෙන්ට මම ඕක කරන්නං" කියල වැඩේ බාරගත්තනෙ...ඊට පස්සෙ ඒ බණ්ඩක්කා එක එක්ක තමයි අම්මයි පුතයි රොටි කෑවෙ
අර ලංකාවේ ප්‍රසන්න කෑල්ල ඇත්තටම පොතේ තිබුණද?
ReplyDeleteඇනෝ,
Deleteනෑ..නෑ..එහෙම එකක් පොතේ තිබ්බෙ නෑ...:)
පොරොන්දු ඉටු කිරීම පිලිබඳව දැඩි ස්තුතිය සහ ප්‍රසාදය පලකර සිටිමි :)
ReplyDeleteඅද උදේම ඉන්දියාවේ ඩබලකට ශුද්ධ සිංහලෙන් අමතලා තමයි මේක බලන්න වුනේ :(
කසුන්,
Deleteඔබටත් මාගේ බලවත් ස්තූතිය...:)
අඩේ ඒ මොකද ඒ අප්සෙට් එක? සුද්ද සිංහලෙං කිව්වනං බං උන්ට තේරෙන්නෙ නැතුව ඇතිනෙ ඒ හින්ද මොනව කිව්වත් අවුලක් නෑ...:)
වචනයක් ගානේ තේරෙන්න බැනල, තනි මං ආයේ මේකෙ යහතිං ඉන්නයෑ... :)
Deleteවෙහෙසකර කාර්යයක්.. ජය වේවා රවියෝ..
ReplyDeleteThank you so much Desha...:)
Deleteකතාව වෙනදා වාගෙම රස වින්දා. :)
ReplyDeleteඅයියෙ, මේ කතා අයියා මාරුවෙන් මාරුවට ලියන හින්දා, එක කොටසක් දාද්දි ඊට කළින් කොටසට ලින්ක් එකක් දාන්න පුළුවන්නම් හොඳයි. පුළුවන් වෙයිද?
එහෙම දාන්න රවියට ඔය කතා මතක තියෙන්න එපැයි. අපි මතක් කරල දුන්නොත් මිසක මෙයාට ඕවයෙ අග මුල මතක නෑ. හැක්...
Deleteසිත්තමී,
Deleteබොහොම ස්තූතියි....:)
ඔයාගෙ අයිඩියානන්ද එක එක්සලන්ට්...මට ඕක කල්පනා උනේම නෑ නෙව..මින් පස්සෙ එහෙම කරන්නම්..ඔන්න ආය මොකටද එකක් කියල පහුගිය කොටස් තුනේම ලින්ක් දැම්ම ...:)
එහෙම නෙමෙයි අයියේ... මතකද ඉස්සර පත්තර වල කොටස් වශයෙන් යන කතාවල 'මෙතෙක් කතාව' කියලා එකක් තියනවා... අන්න එහෙම මෙතෙක් කතාවක් දාමු... ගොඩක් වෙලාවට ඉතිං ඕක ලියන්න ගියාම අලුතෙන් යමක් ලියන්න වෙලාව නැති වෙන්න පුළුවන්... ඒකට අගට එකතු කරනවා 'මිළඟ කොටසින්' කියලා පොඩි කෑල්ලක්... ඊලඟ කොටසේ ලියන්න හිතන් ඉන්න දෙයක් මොනවා හරි...
Deleteඅර අපේ ජැක්සන් ගෙ දස්කොන් බලනවනේ මෙ දවස් වල... කොටසක් ගත්තහම විනාඩි 5 විතර පහු ගිය කොටසෙන්... ඊට පස්සේ එක දෙබසක් කිව්වහම දෙනවා විවේකයක්... ඊට පස්සේ සින්දුවක් කියලා තව විවේකයක්.... ඒකෙන් පස්සෙ තව දෙබසක් කියන්න හදනකොටම දානවා 'හුදී ජන පහන් සංවේගය පිණිසයි'. ඊට පස්සේ ලබන සතියේ කොටස් වලින් කමිං කෑල්ලක්... කොටස් 25කින් විතර කරන්න තිබ්බ නාටිටියක් පොර 72 කට ඇදලා තියෙන්නේ ඔහොමයි... හැබැයි මොනා වුණත් වැඩේ සෑහෙන කොලිටියි.. ඒකත් කියන්න එපැයි...
තිසර,
Deleteමෙතෙක් කතාව.....හෙහ්, මට මතකයි...මෙහෙම එව්වනෙ ඔය මෙතෙක් කතාවෙ තියෙන්නෙ…
මෙතෙක් කතාව……..
ඉරගල තැන්න රටේ මහත්තයාගේ වැඩිමහල් දියණිය නීලමණී මීවනපලාන විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවියකි. ඇගේ සුහුරාණන් වූ සංකප්ප තෙළඹුකොළගෙදර ඇය පිළිබඳව සිතැතිව පසුවුවද ඇගේ නොඉඳුල් සිතෙහි ප්‍රේමණීය හැඟුමන් ජනිත කලේ වලව්ව අසල වනරොදෙහි තවුස්දම් පිරීමෙහි යෙදී සිටි විදේශික තරුණයෙකි. ලැට්වියානු ජාතිකයකුවූ ඔහු නමින් සර්ජී ලිවිනියස් විය. දිනෙක ඔහුට දහවල් දානයද රැගෙන ගිය නීලමණී වනයෙහි අතරමං වෙයි.
අද එතැන් සිට....
වෑරලස් එකේ නාට්ටි පට්ටාං ගන්ට කලිනුත් ඔය වගේ පොඩි විස්තරයක් කරනවා නේද ඒ කාලෙ.. ඒක හැබැයි මෙතෙක් කතාව නෙවෙයි, නිකං එදා දවසට පෙර වදනක් වගේ එකක්..
Delete//ඉරගල තැන්න රටේ මහත්තයාගේ වැඩිමහල් දියණිය නීලමණී මීවනපලාන විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවියකි....ලැට්වියානු ජාතිකයකුවූ ඔහු නමින් සර්ජී ලිවිනියස් විය.//
Deleteකොහෙන් එනවද රවී මේ කෑලි. උඹ ගංජ ගහල ලියනවද කියලත් සැකයි. නිර්මාණශීලීත්වයේ ඉහලම එක.
ඉයන්,
Deleteමලක් ගහපු කාලයක් මතක නෑ බං...මම හිතන්නෙ අවුරුදු දහයකින් විතර....
බූරා,
Delete/ වෑරලස් එකේ නාට්ටි පට්ටාං ගන්ට කලිනුත් ඔය වගේ පොඩි විස්තරයක් කරනවා නේද ඒ කාලෙ.. /
මුවන්පැලැස්සෙ, මොණරතැන්නෙ එහෙම පටන්ගන්ට කලින් එහෙම පොඩි විස්තරයක් කිව්වද? මට මතක නෑනෙ. ඒත් ගුවන් විදුලි රඟමඬලෙ නම් එහෙම සීන් එකක් මතකයි. විශ්ව මිත්‍ර 2500 කියල විද්‍යාප්‍රබන්ධයක් ගියා ගු.වි. රඟමඬලෙ. ඒකෙ ඔය පෙරවදන මට හොඳටම මතකයි.
" ඒ වසර දෙදහස් පන්සීයයි. ඈත අභ්‍යාවකාශයෙහි තරු අතරද ජනාවාස පිහිටවූ මිනිස් වර්ගයාගේ තොටිල්ල වූ පෘථිවිය පාලනය කෙරුනේ කෘත්‍රිම බුද්ධියක් මඟිනි. ඒ විශ්වමිත්‍ර 2500 යි."
ඒ කාලෙ පරිගණක කියන වචනෙවත් අපි අහල තිබුනෙ නෑ. ඔහොම කතාවක් ඇහුවම මට ඉතිං රෑට නින්ද යන්නෙ නෑ. ඒ ගැනම හිතල….:)
එළ එල... අම්මලාගෙ වචන කියන ආයුධේ හැසිරීම නම් නියමෙටම දීල තියෙනවා... ලෙසටම..
ReplyDeleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
ගස්,
Deleteඅම්මල එහෙම තමයි බං නියම තැනේට ඇණේ ගහන්ට, වෙලාවට කඳුලු හලල පුත්තුන්ගෙ පපු කීරි ගස්සවන්ට හොඳට දන්නව...:)
හම්මේ ඇති යන්තම් එක කතාවක් නම් ලියලා.
ReplyDeleteකොල්ලා අම්ම එක්ක රණ්ඬු උනාට මොකද වැඩේට පොඩි හරි කැමැත්තකුත් තියෙනවා වගේ.
දැන් මේ හීන ලෝකේ අපිව වැඩි කල් තියන්න එපා අයියේ.
දිනේෂ්,
Deleteඔන්න ඔහෙ යන්තම් ලිව්ව බන්....:)
උඹට ලේසි වැඩක් තියනවා කරනවා නං උඹේ පාඨකයංගෙ කං කරච්චලෙන් බේරෙන්න.... අසෝකා, ගුරුවරී, ක්ලියෝපැට්‍රා, කුකුලා, අබයාරාමය, වාං පතුල් ඔක්කොම කැරැක්ටර්ස් එකතු කරලා සලාදයක් හදන එක....
ReplyDeleteතිසර,
Deleteඅන්න මල්ලි අයිඩියාස්.......තැන්කිවු...:)
Ravi…Man what the hell you’re doing out there in that construction field wasting your time? You should definitely focus on becoming a full-time writer like Chetan did. Just don’t waste this much of a talent and imagination. You’re definitely the most imaginative blogger I’ve ever read. What a pleasure to read this much of a creativeness, especially when it comes to the sub-stories written as replies to the comments. I’m neither the first person to say this nor the last so think this seriously.
ReplyDeleteLike many had already said, thanks for keeping up with the promise and bringing back the ladies. Enough for the praising and now get back to writing :-)
Sorry for the English, the transliterator has gone crazy.
Cheers,
Udaya
+++++++++++++++++++++++
Deleteඑක ප්‍රශ්නයයි තියෙන්නේ.. ඒ යකාගේ ටීචර්ටයි පනිතියේ ලමයින්ටයි කන්න දෙන්නෙ කෝමද ලංකාවේ රයිටරයෙක් වෙලා.. හැක්..
Udaya,
DeleteI am definitely not wasting my time here…heh,heh…
Would you believe if I say may be this writing ability ( if there is any ) most probably came from writing narratives for contractor's claims. When asking for more money from clients we have to make our imagination go over drive and create really fanciful scenarios to justify what we are claiming. So be assured that I am fully utilizing what ever ability I have. ...:)
Thanks so much Udaya for your very kind words. I really value your appreciation….:)
දේශා,
Deleteඅන්න ඒකනෙ පුස්නේ...:)
Lalith,
ReplyDeleteThanks...:)
මැදින් පැනල වැඩක් නැහැනේ..මුල ඉඳන් කියවගෙන එන්නං ...
ReplyDeleteAmbalan,
DeleteOK...:)
හරිම ලස්සනයි!
ReplyDeleteබලන්න ලස්සනයි මේ අම්ම පුතාගේ හිත වෙනස් කරන්න දාන එක එක විදියේ උපක්‍රම!
රවි අයියව බලන්න කාලේකින් ආවේ.පරන ඒව ටිකක් කියේවුච. අනික්චත් කියවමු.ජය
ReplyDelete