Thursday, January 28, 2016

385. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 24 - මුනිවත රැකීම සහ විකල්ප ඉතිහාසය






හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.

තරමක කැට කැබලිති වලින් යමෙකු පහර දෙන්නාක් බඳු විසල් වැහි බිඳු මා හිස මත පතිත වද්දී බිරිඳගේ ඔසරි හැකිපමණ නොතෙමී නිවෙසට රැගෙන ඒමට මම උපරිම උත්සාහ දැරුවෙමි. එහෙත් ඒ වනවිටද වර්ෂාව ඇරඹී යම් වෙලාවක් ගතවී තිබිණි. එබැවින් ඒ ධාරානිපාත වර්ෂාවේ මගේ උත්සාහය ව්‍යාර්ථවුනු බව උදක්ම පැවසිය යුතු නොවේ.

අවසන හිසේ සිට දියබත්වුවද මට අඩක් පමණ තෙතබරිතවී හෝ බේරාගත හැකිවූයේ ඇගේ ඔසරි දෙකක් පමණි. ඉතිරිය ( තුනක් හෝ හතරක් පමණ ) දිය බේරෙන පමණ තෙමී තිබිණ. 

අප විසූ ගුරු නිවසෙහි මුළුතැන්ගෙය අසල වූ නිදන කාමරය එදවස අප ප්‍රයෝජනයට ගත්තේ ගබඩා කාමරයක් ලෙස මෙන්ම අධික වර්ෂා දිනයන්හි වැල් බැඳ රෙදි වේලාගැනීම උදෙසාය. 

තෙමී බත්වූ ඔසරි මම එම කුටියෙහි කවුලුව ආවරණය කොට සවිකොට තිබූ යකඩ දැල සහ ඊට විරුද්ධ පස බිත්තියෙහි ගැසූ පරාල ඇණ දෙකක් යාකොට බැඳ තිබූ වැල් දෙකෙහි හැකි පමණ දිගහැර වැනූයෙමි. මිනිත්තු විස්සක් පමණ ලවක් දෙවක් නොමැතිව ඇද හැලුනු වර්ෂාව එක්වනම ස්විචයක් ක්‍රියාවිරහිත කලාක් මෙන් නතරවිය.

සවස තුන පමණ වනතුරු ඇය අපේක්ෂාවෙන් නිරාහාරව හුන් මම ඉන්පසු තව දුරටත් ඉවසිය නොහැකිව බත් බෙදාගතිමි. ඇගේ ජංගම දුරකථනයට කීප වරක් ඇමතීමට තැත්කල මුත් එය ක්‍රියාවිරහිත කොට තිබිණි. එදවස අප භාවිතා කල ජංගම දුරකථනයන්හි නිශ්ශබ්ද පන්නයක් ( Silent Mode ) නොවීය.ඊට අමතරව එහි නාදය අඩුකිරීමෙහි පහසුකමක්ද නොවුනු හෙයින් එබැවින් රෝහලක් වැන්නකට ඇතුලුවීමේදී ඇය දුරකථනය ක්‍රියා විරහිත කිරීමට අමතක නොකලාය.

වර්ෂාව පහව ගියද අහස පුරා පිරි වැහි වළාකුළු හේතුකොටගෙන දසත පැතිර ඇත්තේ අඳුරකි. ආහාර ගැන්මෙන් ඉක්බිති සයනයෙහි දිහාවී හුන් මට නොදැනුවත්වම නින්ද යන්නට ඇත. හදිසියේම මම අවදිවූයේ කිසිවකු නිවෙස තුල එහා මෙහා ඇවිදින හඬිනි. දොර රෙද්ද මෑත් කරමින් ඇය කාමරයට එබුණාය. 

"ආ ඔයා නැඟිට්ටද? මම එනකොට හොඳටම නිදි. ඉතින් මම කතා කලෙත් නෑ"

"ඔයා එනකල් බලා ඉඳල මම නම් කෑව……"

"හරි හරි ඒකට කමක් නෑ මටනම් කන්න බෑ. හොස්පිට්ල් එකේ කැන්ටින් එකෙන් ඔය රෝල්ස් අනම් මනම් වගයක් කෑව. ඒක නෙවෙයි මාර වැස්සක් වැස්සෙ එක පාරටම නේද?"

"ඔව්නෙ..හෙහ්..හරියට වතුර බාල්දියක් එක පාරට ඔලුවෙ හැලුව වගෙ"

"මට ඒත් ඔසරි ටික මතක් වුනා. ඔයා ගෙදර ඉන්න හින්ද ඉතින් බයක් වෙන්ට තිබ්බෙ නෑ"

"මේ.... මේ.... "

"මොකද ..මේ..මේ?"

"හරි වැඩේනෙ අනේ වුනේ..මට නින්ද ගිහිල්ල හිටියෙ..ඔසරියක්ද දෙකක්ද කොහෙද පොඩ්ඩක් ඔන්න ඔහෙ තෙමුනද කොහෙද..."

මම ඉස්තෝප්පුවෙහි කවුලුවෙන් ඔබ්බෙහි පෙනෙනා දොරකඩ එක් පසෙක පැතිරුනු සමන් පිච්ච පඳුරෙහි බට්ටිත්තකු හෝ එවන් වෙනයම් කුඩා කුරුල්ලකු මෙහා පනින අන්දම මහත් උනන්දුවෙන් නරඹමින් පැවසුවෙමි.

"හෑ??? පොඩ්ඩක් නේද? ඉන්ට මම බලන්නම්.."

ඇය මුළුතැන්ගෙය අසල වූ කාමරයෙහි දොර විවර කරන හඬ ඇසුණි. ඉක්බිති අනිවාර්යයෙන්ම මුහුණ දියයුතු අවම වශයෙන් සෆර්-සිම්සන් සුළි කුණාටු මාපාංකයෙහි අංක පහ තීව්‍රතාවයෙන් යුතු චණ්ඩ මාරුතයට මුහුණ දීම පිණිස මම ළය පුරා ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා සූදානම් වූයෙමි.

එමතුද වළාමයකි……. කිසිදු හැලහොල්මනෙක් උදක්ම නැති.

වළාමයකි යන්නෙහි අරුත පුදුමයෙකි විශ්මයෙකි යන්නයි. ඒ වනාහී ඩබ්ල්යු. ඒ. සිල්වා මහතාණන්ගේ නවකථාවන්හි බොහෝවිට හමුවන වදනකි. දෛවයෝගයෙහි මෙසේ මහානාදයන්ට පවසනුයේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කල ලක්දිව අප හමුදාවේ ප්‍රධාන සේනාධිනායකයානන් විසිනි. ඒ මහානාදයක් සතුරු හමුදාවේ අත් අඩංගුවට පත්ව නොයෙක් වධ බන්ධන විඳ අනතුරුව ඔවුන්ගෙන් මිදී පළාආ ඉක්බිති ඔහුගේ සිරුරෙහි වූ තුවාල දුටු කල්හිය.

"වළාමයකි. මෙවන් බරපතල තුවාල ලද තොප නොමැරී ජිවත්වනු මහත් පුදුමයකි. එමතුද නොව මෙසේ තුවාල සහිතව සතුරන්ගෙන් මිදී පැමිණීම ඊටද වඩා මහත්මැ පුදුමයෙකි."

මගේ මෑණියන් පාසල් ශිෂ්‍යාවකවූ සමයෙහි කණිෂ්ඨ පාඨශාලා හැරයාමේ සහතික විභාගයට ( Junior school Leaving Certificate ) මුහුණ දෙන්නන් යම් නිර්දේශිත නවකථාවක් පිළිබඳව අධ්‍යයනය කල යුතුව පැවතිණි.මේ මා සඳහන් කරනුයේ ලංකාවට නිදහස ලැබූ සමය පිළිබඳවයි. එනම් දශක හයහමාරකට ඔබ්බෙහි අතීතය පිළිබඳවය.

බ්‍රිතන්‍යයන් ලංකාවට නිදහස බන්දේසියක තබා පිරිනැමීමක් විනා භාරතයෙහි මෙන් නිදහස උදෙසා සටන් කිරීමට හෝ ලේ වැගිරවීමට ලාංකිකයින්ට සිදු නොවීය. බොහෝවිට අප රට අද පවතින දේශපාලන මෙන්ම සාමාජීය වශයෙන්ද දුක්ඛදායක වූ තත්වයට එලෙස කිසිදු ආයාසයකින් තොරව නිදහස ලැබීම ද බොහෝවිට උපස්ථම්භක වී ඇතිබව එකෙහෙලා බැහැර කල නොහැකි මතයකි. පාලකයින්ට මෙන්ම පාලිතයින්ටද පිරවුණු භාණ්ඩාගාරයක් සහ දියුණු යටිතල පද්ධතියකින් සමන්විතව ( ආසියාකරයේ සහ අප්‍රිකාවේ අවශේෂ රටවල් හා සමඟ සාපේක්ෂ වශයෙන් ) යටත් විජිත ස්වාමීන් විසින් භාරදී ගිය රට විනාශ කිරීමට ගතවූයේ දශක තුනකටත් අඩු කාලයක් පමණි. පරපුරෙන් උරුමවූ වතුපිටි යාන වාහන විකුණා සුඛ විහරණයෙහි යෙදුනු නොදැමුණු දරුවන් රැසක් හා අප අතර කිසිදු වෙනසක් වේද?

සමාවුව මැනව මාගේ සහෘදයනි.... එක් අරමුණෙක සිත රඳවා ගැන්මෙහි අසීරුව මම උපතින්ම ලද අභාග්‍යයෙකි. ඒ කරණකොටගෙන මගේ ජීවිතයෙහි අහිමිවූ දෑ බොහෝය. එහෙත් ඒ පිළිබඳව මම කිසි විටෙක නොතැවෙමි. ජීවිතය ඔබට ලබා දෙනුයේ පැකේජයකි. එහි යහපත් දෑ මෙන්ම අයහපත් දෑද තිබිය හැක. පැකේජය ඔබ පිළිගන්නේනම් යහපත් දෑ මෙන්ම අයහපත්දෑද පිළිගැන්මට ඉත සිතින් සැදී පැහැදී සීටිය යුතුමය.

"හෑ??? පොඩ්ඩක් නේද? ඉන්ට මම බලන්නම්.."

ඇය මුළුතැන්ගෙය අසල වූ කාමරයෙහි දොර විවර කරන හඬ ඇසුණි. ඉක්බිති අනිවාර්යයෙන්ම මුහුණ දියයුතු අවම වශයෙන් සෆර්-සිම්සන් සුළි කුණාටු මාපාංකයෙහි අංක පහ තීව්‍රතාවයෙන් යුතු චණ්ඩ මාරුතයට මුහුණ දීම පිණිස මම ළය පුරා ඉහළට ගත් ආශ්වාසය පහළට නොහෙලා සූදානම් වූයෙමි.

එමතුද වළාමයකි කිසිදු හැලහොල්මනෙක් උදක්ම නැති.

නිවෙස තුළින් කිසිදු හැලහොල්මනක් නොමැතිව දැඩි නිශ්ශබ්දතාවය රජකරමින් ගෙවීගිය මිනිත්තු දහයක පමණ කාලයකට අනතුරුව මම සෙමෙන් අසුනින් නැඟීසිට ගෙතුලට කරපොවා බැලුවෙමි. ඇයගේ සේයාවකද දකින්නට නැත.

සාලය හරහා ශබ්ද නොනැඟෙන සේ පා ඇඟිලි තුඩු මතින් ගොස් අපගේ නිදන කාමරයෙහි දොර රෙද්ද මෑත් කොට එබී බැලූ මට ඇය සයනයෙහි ඈත කෙළවර දිගාවී ගෙල දක්වා පොරෝණයෙන් වසාගත් වනම බිත්තිය දෙසට මුහුණ යොමා සයනයෙහි දිගාවී සිටිනු දක්නට ලැබිණි. සයනයෙහි හිඳගත් මම සෙමෙන් ඇගේ උරහිසට අතක් තැබීමි.

"මේ මම කියන එක පොඩ්ඩක්…"

"මොකවත්ම කියන්න එපා. මම කීපාරක් කිව්වද ඔසරි තෙමෙන්ට දෙන්න එහෙම එපාය කියල. ඔයාට ඉතිං කොහෙද?" 

ඇය කෝපය ආයාසයෙන් පාලනය කරගන්නට උත්සාහ දරමින් පැවසුවාය. 

"හරි හරි ඉතිං මේක අහන්......." 

එලෙස විත්ති වාචකය නොහොත් පාපෝච්චාරණය ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුදු ඇයට තර්කානුකූලව ඒත්තු ගැන්විය හැකි ලෙස කුමක් පවසන්නේදැයි මසිත පැහැදිලි හැඟීමක් උදක්ම නොවීය.

"ඔය කියන කිසිම දේකින් මට වැඩක් නෑ...දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි."

ඇය ඉතා සෙමෙන් පැවසුවාය. ශබ්ද නඟා දොස් නොපවරා ඇය සෙමෙන් වදන් උසුරුවන්නේ නම් තත්වය ඉතාම අසතුටුදායක බව මම පුරා වසර දොළසක් ඇය හා දිවි ගෙවූ පළපුරුද්ද හේතුකොටගෙන ඉතා පැහැදිලිව දැන සිටියෙමි.

එසේ හෙයින් ඇය මෙසේ බැලිස්තික මනෝභාවයට ( Ballistic Mode ) අවතීර්ණ වූ කල්හි තත්වය ( ඔන්න ඕක තමයි පුංචි අම්මෙ පුළුකුණාවෙ තත්වෙ ......ඒ කතන්දරේ දන්නව නේද? ) හැකිතාක් දුරට නියාමනය කොටගනු පිණිස මවිසින් අනුගමනය කරනා චිරාත් කාලයක් භාවිතා කොට සුබපල ගෙනදුන් ( Time Tested ) ප්‍රතිකර්මය අනුගමනය කලෙමි.එනම් මෞන ව්‍රතය රකිමින් සයනයෙන් නැඟී නිදන කාමරයෙන් පිටවූයෙමි.

විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි. "මට ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ"

ඔහොම දෙන්න දෙමාල්ලො අමනාප වෙලා නෝ කතා නෝ සිනා මෝඩ් එකේ ඉන්න සීන් ගැන බොහොම අපූරු කතා ගොඩක් තියනව. දෙන්න කතා කරන්නෙ නෑනෙ. ඉතිං බාර්යා තොමෝ කරන්නෙ බත උයල මේසෙටත් බෙදල " ඔන්න මේසෙට බත් ඇරල තියෙන්නෙ කන කෙනෙක් එහෙම කවුරුහරි මේ කිට්ටුව පාතක ඉන්නවනං කන එකයි තියෙන්නෙ" කියල පුරුස් තෙමේට ඇහෙන්ට කියාගෙන යන එක. 

මම මේ කියන්නෙ දුරාතීතයෙ හිටපු ඉවුම් පිහුම් එහෙම තනියම කරන බොහොම සුවච කීකරු බාර්යාවක් ගැන. අර මහවුසද පණ්ඩිට්ගෙ කතාවෙ ඉන්නෙ අමරාදේවී එහෙම...අන්න ඒ වගේ. මහවුසද පඬි තෙමේ ඔය අමරාදේවිගෙ ඉවසීම පරීක්සා කරන්ටෙයි කියල ඒ යෝදි උයාපු බත් මාලු ඔක්කොම අනල ඇඟ පුරා ගාල අව්වෙ හිටෝල තිබ්බයි කියනවනෙ වරුවක්. හතේ පංතියෙ විතර උම්මග්ග ජාතකේ ඉගෙන ගනිද්දි ඔය බත් මාලු ආලේප සීන්ස් එක කියවනකොට මට ආපු බරපතල ප්‍රශ්ණයක් තමයි මහවුසද අමරා දේවිගෙ සරීරෙ බත් මාලු අනල ආලේප කලේ ඇඳුම් තියෙද්දිමද නැත්තං ඇඳුං ගලෝලද කියන එක.

ස්වාමි ගහුරවේ ගැන අපෙ උන්දැට දැන මුතුකං දුන්නනෙ අපේ මංගල්ලෝත්සවේ දවසෙ තිබ්බ මංගල සබාවෙ කතාවක් කරපු එයාලගෙ පැත්තෙ වයසක අත්තෙක්. උන්දැ ඔය මහවුසද කතාවත් කිව්ව. මට හැබැයි ඒ කතාව හරියකට අහගන්ට උනේ නම් නෑ. ඒ වෙලාව වෙනකොට හවස හතර වගෙ වෙලා. මගෙ යාලුවො නස්කුඤ්ඤං වෙන්ට ගහල ඒ වෙනකොට අසබ්බිය සිංදු කියන්ට පටංගෙන. දෙන්නෙක්ද තුන්දෙනෙක්ද කොහෙද පරන යටගිය දවස බ්‍රක්මදත්ත රජ්ජුරුවං රාජ්ජිය කරන සමයේ කේස් මතක වෙලා එව්ව දෙකිං එකක් විසඳගන්ට කෝට් බෝට් එහෙම ගලවල කමිස අත් දණිස්ස ගාවට නමාගෙන සුමෝ පොර අල්ලංට සූදානං වෙනව.

මට ඉතිං ඔව්ව ගැන බලන්ට සැරිං සැරේ යන්ට වුනා. මොකද හෝන් කමින් එක තිබ්බ හෝල් එකේ එක පැත්තක් පොලවෙ ඉඳල සීලිමට යනකල්ම තනිකරම වීදුරු. අපේ බුරුස්ලීල ජිං කෙලීල කෙලගන්නකොට මගෙ පූරුවෙ අවාසනාවකටවත් ඔයිං වීදුරුවක් බිඳුනනං එහෙම මට හෝන් කමින් අහවර වෙලා යන්ට වෙන්නෙ ගෙදෙට්ට එහෙම නෙවෙයි නුවර පොලෝසියට. කරුමෙටවත් එහෙම අබග්ගයක් උනානං එහෙම ෂුවර් ඇන්ඩ් ෂොට් ආය ඒකෙ හෝදන්ට දෙයක් නෑ මම තාමත් හෝටලේට ණය ගෙවනව..දෙයියම්පල්ල.

මගෙ අතිජාත මිත්‍රය අජිතයට තමයි වලි බේරන එක බාර දීල තිබ්බෙ. ඒ කිව්වෙ සාමදාන විනිසුරු පදවිය. ( මතකනෙ අජිතය නේද? අජිතය මතක නැත්තං අසෝකා මතකයි නේද?ආන්න..හරි..අසෝකා කියන්නෙ අජිතයගෙ මාමගෙ දුව...) දෙයියන්ටම පෙනීයං..අසෝකගෙ කතන්දරේ තව ඉවරත් නෑ නෙවද? සික්..බොලා නිකමටවත් මට මතක් කරේ නෑනෙ..ෂෙහ් අම්මප...මට කියල ඉතිං සුවල්ප රාජකාරිද?...මේ දවස්වල කියවනව බ්‍රිතාන්‍ය ගත්කතුවරයකු වන රොබට් හැරිස්ගෙ පොතක්..An Officer And A Spy. 1894 අවුරුද්දෙ ප්‍රංශයෙ සිද්ද වෙච්ච ඇත්තම කතාවක්.

ප්‍රංශ හමුදාවෙ කපිතාන්වරයකු වූ ඇල්ෆ්‍රඩ් ඩ්‍රේෆස් ජර්මානුන්ට රහස් තොරතුරු සැපයීමේ වරදට දඬුවම් ලෙස දකුණු අමරිකාවේ ප්‍රංශ ගයානාව අසල අසල ප්‍රංශයට අයත් දූපතක්වූ ඩෙවිල්ස් අයිලන්ඩ් වෙත පිටුවහල් කෙරෙනවා.ඔහුගේ නිර්දෝෂිත්වය සනාථ කිරීමට ප්‍රංශ රහස් ඔත්තුසේවයේ ප්‍රධානියා වූ කර්නල් ජෝජස් පිකාර්ට් ගන්නා නොපසුබට උත්සාහය ගැනයි මේ කතන්දරේ කියවෙන්නෙ. රොබට් හැරිස්ගෙ තව අපූරු කතාවක් තියනව. ඒකෙ නම Fatherland.

ඕල්ටර්නේටිව් හිස්ටරි නැත්නම් විකල්ප ඉතිහාසය කියල එකක් අහල තියද? ඒ කියන්නෙ යම් රටක නැත්නම් මුලු ලෝකෙම ඉතිහාසය වෙනස් කල යම් සිද්ධියක් ඇත්තටම සිද්ද වෙච්ච විදිහට නොවී වෙන විදිහකට වුනා නම් කොහොම වෙයිද? කියල ඉමැජිනේෂන්කම් පාල ( ඒ වචනෙ නිර්මාතෘ ඇවිල්ල අපේ ශුරංග ළමයා ) උපකල්පනය කරල ලියන එක. 

දැං හිතන්නකො මෙහෙම. ගිය අවුරුද්දෙ ජනවාරි අටවෙනිද මොන හරි ක්‍රමේකිං මරාතුමා දිනුවය කියමු. අද රට කොහොම තියෙයිද? මම මේ දවස්වල ඒ ගැන ගැඹුරිං හිතමිං ඉන්නව. 

ඉතිං මම මේ කියන්ට ආවෙ අර රොබට් හැරිස් ලියපූ පීතෘභූමිය නැත්නම් ෆාදලන්ඩ් කතාව ලියල තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙං ජර්මනිය ජයගත්තයි කියල උපකල්පනය කරල. කතාව කියවෙන්නෙ 1964 වර්ෂයෙ. ඒ අවුරුද්දෙ තමයි හිට්ලර්ගෙ 75 වන ජන්මදිනය සමරන්නෙ. ඒ වෙනකොට බ්‍රිතාන්‍යයෙ රජකරන්නෙ අටවන එඩ්වර්ඩ් රජතුමා. එළිසබෙත් අක්කගෙ මහප්පා. එයා අර අමරිකන් වැන්දඹු කාත්තාවක් එක්ක ආස්සරයක් පටන්ගෙන රජකම දාල යන්ට වුනානෙ. ඇත්තටම නම් සිද්ද වුනේ අන්න එහෙම. 

අනික මනුස්සය රජකම් කරද්දි වුනත් හිට්ලර්ගැන බොහොම ඇල්මක් තිබ්බ කෙනෙක් කියලත් කියනව. රොබට් හැරිස්ගෙ කතාවෙ හැටියට එංගලන්තෙට සිද්ද වෙනව ජර්මනිය එක්ක සාම ගිවිසුමක් අත්සන් කරන්ට.ඊට පස්සෙ එතකොට රජවෙලා හිටපු එළිසබෙත් අක්කගෙ තාත්තා ඒ කියන්නෙ කිං ජෝර්ජ් ද සික්ස්ත්ට සිද්දවෙනව පණබේරගෙන කැනඩාවට පැනල යන්ට.අවුරුදු දහයකට වගෙ පස්සෙ එහෙදිම මනුස්සය අබාවප්‍රාප්ත වෙනව.එළිසබෙත් කුමාරි ඉන්නෙත් කැනඩාවෙ. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ගොයියත් කැනඩාවට පැනල යනව ජර්මනිය යුද්දෙ දිනාගෙන එනකොට.

විකල්ප ඉතිහාසය කියන්නෙ මම බොහොම ආස කරන විෂයයක්. 

73 comments:

  1. ජනතා ඉල්ලීම් වලට ඇහුම්කන් දීල වගේ...

    //වළාමයකි යන්නෙහි අරුත පුදුමයෙකි විශ්මයෙකි යන්නයි.//
    වළාමයකි x 7 = හත් වළාමයකි වෙන්න ඇති නේද?
    මෙතනනම් ඇත්තේ හතර වළාමයකි.

    //ඒ යෝදි උයාපු බත් මාලු ඔක්කොම අනල ඇඟ පුරා ගාල අව්වෙ හිටෝල තිබ්බයි කියනවනෙ වරුවක්//
    ෆේෂල් එකක් දාල විතරක් මදි ඇඟම සුදු කර ගන්න ඕනෑ කියල හිතෙන්න ඇති.

    //ආපේල කලේ// ආලේප කළේ කියන එක වැරදිලාද? නැත්නම් apply කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      / වළාමයකි x 7 = හත් වළාමයකි වෙන්න ඇති නේද? /

      ඇත්තට කිව්වත් වගෙ හත් වළාමයි කියන්නෙ ඒ අර්තයෙන් තමයි නේද?

      / ෆේෂල් එකක් දාල විතරක් මදි ඇඟම සුදු කර ගන්න ඕනෑ කියල හිතෙන්න ඇති. /

      ඒකනෙ දැක්කද ඒ කාලෙ රූප ලාවන්නිය සුරැකීම උනත් අදට වඩා කොච්චර දියුණුද කියල. අද බබලත්තු ගාන්නෙ මූණට ගස්ලබු, බෙල්ලට දිය හබරල, උරෙස්සට ගංසූරිය, පපුවට වටු බිත්තර සුදු මදේ, පස්සට කෙකටිය වගෙ එක ජාතියක් නැත්තං දෙකක් විතරනෙ. මහව්සද බියුටි කචල් එකේ කෙලිම්ම සමබල ආහාර වේලක්ම අනල ඇඟපුරා ගානව. ආය සමාවක් නෑ...:)

      //ආපේල කලේ// ආලේප කළේ කියන එක වැරදිලාද? නැත්නම් apply කියන එකද? /

      වැරදිලා..වැරදිලා...බයි මිස්ටේක්..මයි බිස්ටේක්...ඔන්න හැදුවා...තෑන්ක්යූ ඉකෝන්...:)

      Delete
  2. අහවල් එක්කෙනා ජාතිය ඇමතුවා වගේ... පයිට්,ජෝක්,දුක් සීන්,වීර කතා පෙන්න පෙන්න හන්ගනවා නෙව..
    අර තරහ මරහ වෙලා ඉන්න දෙමහල්ලො මෙහෙමලු නෙ..
    'උයල තියෙන්නෙ.. කන කෙනෙක් කන එකයි'
    'ඔන්න බෙලිමල් තම්බලා .. බොන කෙනෙක් බොන එකයි.'
    යනාදී වසයෙන් ගිහිලා.. රාත්තිරියට
    'රෙද්ද කඩල තියෙන්නෙ.. කරන එකක් කරගන්න එකයි'
    කියනවා 'ලු'.
    හෙහ් හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පේටන්ට් එක මගෙ හරිද.

      Delete
    2. ඔයාට කොහෙන්ද හලෝ ඒ කතාවට පේටන්ට්. ඒ කතාව ඉස්සර ඉඳලා කවුරුත් දන්නා එකක්. ඔයා ඕනනම් ඕක නෙට් එකේ ලියන්න ඇති. නමුත් එකෙන් ඔයා ඒ කතාවේ නිර්මාතෘ වෙන්නේ නෑ හරිය

      Delete
    3. ජී.එල්.,

      එහෙම යන්තමට කෑල්ලක් දැම්මෙ බං ඔව්ව උඹල දන්නවය කියල සම්බාහනය කරල අහක වෙලා. මුලු කතාවක ලිව්වොත් නිකං අපරාදෙනෙ කියල.

      Delete
    4. @හැලපයියා
      හෑ... හුටා.. බඩු මාට්ටු
      @ඇනෝ
      එක එක වර්ශන් තියෙනවානෙ බං
      @රවියයියා
      ටීචලා,අසෝකලා,අනන්න්‍යා ල ගැනත් යන්තන් දාන්නෙ එහෙම සම්බාහනේ කොරල වෙන්ටැ.. කොල්ලන්ට මල පැන්නොත් ඉතිං චාමරට කියලා සම්බාහනේ කොරයි ඔන්න..
      හෙහ් හෙහ්..

      Delete
    5. ඇනෝ,
      ඔය කතාව තිබ්බා.කවුරුත් දන්න එකක් එකත් හරි.හැබැයි රෙද්ද කඩපු කතාව මුලින්ම ලිව්වෙ මම.ඒක මුල් කතාවෙ නෑ.මට පේටන්ට් ඒකටයි.මීට කළින් ඔය කතාවෙ එහෙම වර්ෂන් එකක් කොහේ හරි ලියවිලා තියේනං ඔබ පෙන්නන්න.මම පේටන්ට් ඉල්ලපු එක ඉල්ලා අස්කරගන්නං.

      Delete
    6. හැළපෙ, මගෙ ගාව තීන ජනකතා පොතක ඔය කතාව තීනව. හැබැයි රෙද්ද කඩල කියල නෙමෙයි, පැදුරෙ ඉඩ තීනව නිදා ගන්නවනං කියල.

      Delete
  3. //විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි.//

    මාත් මේ ක්‍රියා මාර්ගයට එළඹුනාට ප්‍රතිපල ගැන පොඩ්ඩක් සිතා බැලිය යුතුයි කියලා මට හිතෙන්නේ... මම නිරීක්ෂණය කරලා තියන දෙයක් තමයි, මේ 'මුනිවත' විසඳුම එක් අතකින් කුණු එකතු කිරීමක් වගේ කියන එක... ඉඳලා හිටලා පුපුරලා ගියහම මතු වෙන්නෙ පරණ කුණුත් එක්ක... "ඔය එදත් අර ඔසරි දෙක තෙමුවා", "කලින් දවසකත් මම අහවල් දේ ගේන්න කිව්වහම අමතක කරලා ආවා". මුනිවත රැකලා ආයෙත් කතා කරන්න ගත්තහම ප්‍රශ්නය විසඳාගන්නවා නම් අවුලක් නෑ.. හැබැ‍යි එහෙම දෙයක් සිදු නොවුණා සේ ඉඳිමෙන් තමයි ඔය මම කියන ප්‍රශ්නය එන්නේ...

    //දැං හිතන්නකො මෙහෙම. ගිය අවුරුද්දෙ ජනවාරි අටවෙනිද මොන හරි ක්‍රමේකිං මරාතුමා දිනුවය කියමු. අද රට කොහොම තියෙයිද? //

    මේ තියෙන්නේ...
    මෛත්‍රිපාල සිරිසේන අඳුරු කුටියෙහි ප්‍රථම වසර අවසන් කරයි

    ReplyDelete
    Replies
    1. තිසර,

      / ඉඳලා හිටලා පුපුරලා ගියහම මතු වෙන්නෙ පරණ කුණුත් එක්ක…/

      අන්න එහෙම කරෝලිස් බුදුං කාලෙ එව්ව හිට මතක තියාගෙන ඉන්න බබලතෙක් එක්කනම් මුනිවට හරියන එකක් නෑ තමයි. කතාකරල කියන්ට තියෙන දෙයක් කියල විසඳගත්තොත් වඩා හොඳවෙයි කියල තමයි මාත් හිතන්නෙ.

      ඒත් අපෙ උන්දෙ එක්ක එහෙම අවුලක් නෑ. පස්සෙ දවසක ඔය කේස් මතක් කලත් ඒ නිකං ජොලිත්වය උදෙසා මිසක පරණ කුණු කන්දල් නැවත ඇවිස්සීමේ චේතනා බික්කවේ කම්මං වදාමී එහෙකිං එහෙම නෙවෙයි.

      ලයික් දිස්.." මේ මම ගුරුදෙගුරු සමිතියෙ රැස්වීමට යනව. වහින්ට වගෙත් තියනව. වැස්සොත් මතක ඇතුව ඇඳුං ටික ගන්ට හොඳද? "

      " ඕකේ මැඩම්..ඈස් යූ විෂ්…"

      " විෂ් නෙවෙයි….. අර එදා මගෙ ඔසරි ටික ගත්ත වගෙ නැතුව හොඳද?"

      / මේ තියෙන්නේ…/

      ස්තූතියි තිසර..සුනන්දගෙ සටහන මට මඟහැරිල තිබ්බෙ...:)

      Delete
    2. රවි සහ තන,

      එක පාරක් මිනිහෙක් දෙය්යොන්ගෙ ඇහුවලු "ඇයි දෙය්යනේ මේ ගෑණු කසාද බැන්දයින් පස්සෙ වෙනස් වෙලා, නපුරු වෙලා අපිවම කන්න හදන්නෙ? මුන්ට ඇයි බැරි බඳින්න කලින් ඉන්න හුරතල් කෙලි ගැටිස්සියො වගේ සුන්දරව හිතල ආදරෙන් ඉන්න හැමදාම?" කියල.

      එතකොට දෙය්යො කිව්වලු, මම මැව්වෙ කෙල්ලන්ව විතරයි, උන්ව බිරින්දැවරු කෙරුවෙ තොපිනෙ, ඉතින් දැන් මං ගාව අඬල වැඩක් නෑ තොපේ වැරදි වලට" කියල.

      Delete
    3. ඉන්දික,

      දෙයියො හරි...:)

      Delete
  4. Thank you Ravi. අද කථාවනම් හොඳට තේරුණා. අජිතයගෙ නෑනා අසෝකා කොස් කපල පොඩ්ඩක් ටොයිලට් එකට ගිය ටිකට හිට්ලර් ඇවිත් ඒ කොස් මදුළු කාල ඒකෙන් දෙවන ලෝක යුද්ධෙ ඇවිලිලා ජර්මනිය දිනල. ඊටපස්සේ 1964 හිට්ලර්ගෙ 75 උපන්දින සාදයට කොස් ඉල්ලපු නිසා ඒක ගෙනියන්න පපුවට ගහගෙන වෙච්ච් පොරොන්දුව නිසා ජනවාරි 8 දා මරා ඡන්දෙන් දින්න. :)

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ටුව හැක්

      Delete
    2. Ian,

      Yes, I know you are really good at writing alternative history……:)

      Delete
  5. හම්මේ........ මේ ඉස්තිරියාවෝ ඔය සාරි ඔසරි නිසා මැරෙන මැරිල්ලක්. සමහර එව්වා තියනවනේ අර කන්නාඩි කෑලි අල්ලලා, ගල් අල්ලලා. ඔව්වා පවනේ වේලන්න ඕනේ. හෝදන්න බැහැ. මට ඉතින් නියෝග ලැබුනම රෙදි හෝදන්න, දවසක් මම ඔය සරුව පිත්තල කෑලි අල්ලපු සාරියකුත් දැම්මා මැසිමට. අපූරුවට හේදිලා, සාරියේ පාට වෛවර්ණ වෙලා, අර සරුවපිත්තල කෑලි මැසිමේ අඩියේ තැන්පත්වෙලා තිබුණා.

    දවස් කීපයක් නෝ කතා නෝ සිනා.

    ReplyDelete
    Replies
    1. විචා,

      / මේ ඉස්තිරියාවෝ ඔය සාරි ඔසරි නිසා මැරෙන මැරිල්ලක්. සමහර එව්වා තියනවනේ අර කන්නාඩි කෑලි අල්ලලා, ගල් අල්ලලා. ඔව්වා පවනේ වේලන්න ඕනේ. /

      හුහ් විචාගෙ හාමිනේ තව හොඳයි...අපෙ උන්දැ ගාව තියනව පරම්පරාවෙං ආපු බෙනාරීස් සාරියක්. මම හිතන්නෙ එව්ව වියන්නෙ බරණැස ඉසිපතනාරාමෙ කිට්ටුව.

      ඕක අඳීන්නෙ ඉතාම විශේෂ මංගලෝත්සවේකට විතරයි. ඒකත් හෝදන්නෙ නෑ මද පවනේ වේලන්න ඕන. ඕක මඟුල් ගෙදරකට ඇඳගෙන ගියාය කියන්නෙ පහුවදා මම නිවාඩු දාන්න ඕන.

      ඕක වේලෙන්ට දැම්මම විනාඩි දහයෙන් දහයට සුළඟේ ප්‍රවේගය සහ පරිසර උෂ්ණත්වය මොනිටර් කොරන්න ඕන. ඒ උපකරණ උන්දැ සල්ලි දීලම ගත්ත ඔය බෙනාරීස් සාරිය හින්දම. මම ඉතිං වමතිං උස්නත්ව මානයයි දකුණතිං සුළං ප්‍රවේග මානකයයි අරගෙන මාරුවෙං මාරුවට ඒ දෙක දිහා බල බල රැකගෙන ඉන්ට ඕන..හයියෝ...කියල වැඩක් නෑ....:)

      Delete
    2. විචාමාමේ ඔය වගේ රුපියල් 5000 ක විතර අලාභයක් කරාම අපිට මාර නිදහසක් ලැබන්නේ.... අාය ලේන්සුවක්වත් හෝදන්න වෙන්නෑ....... හැබැයි හදිස්සියකටවත් අපේ යට කොටසක්වත් හේදෙන්නෙත් නැහැ.......... අත්දැකීමන් කියන්නේ.....හැක්

      Delete
    3. අනේද කියන්නේ, සෙනසුරාදට සැදෑ සිතින් උදව්වක් කරන්න හිතාන ලොන්ඩරි ජොබ් එකට බැස්සත් ඉන්ස්ට්‍ර‍්ක්ෂන් කෝටියයි, ඒවා පැය භාගෙන් භාගෙට රිපීට් කරනවා, ඒ මදිවට බැච් එකෙන් බැච් එකකට කැල්ලේන් කෑල්ල පරීක්ෂ කරනවා හැට්ට හේම මැෂිමේ අඹරනව ද කියලා. මැතකදි වික්ටෝරියා සී්‍‍ක්‍රට් කෑල්ලක් අඹරලා අහුවෙලා ස්ටෑන්ඩින් ඕඩරයක් ගැහුවා, පිරිමි ඇඳුම් සහ ඇඳ ඇතිරිලි හැර අනෙත්වාට අත තැඔීම තහනම් කියලා.

      Delete
    4. ඇණයා,

      හෙහ් හෙහ්..බොටත් වෙන වැඩ...:)

      Delete
  6. විකල්ප ඉතිහාසය තුලින් බලමින් ලංකාවේ ජනවාරි 8 වෙනිදා මහින්ද කබරයා ජයග්ග්‍රහණය කොලේ නම් අපිට පසුගිය අව්රුද්ද ගැන මොනවා ලියන්න වේවිද ?
    anna cross

    ReplyDelete
    Replies
    1. ඇනෝ හෝ ඇනා,

      උඩහ තිසර දාල තියනව ලින්ක් එකක් ඒ ගැන සුනන්ද දේශප්‍රිය ලියපු සටහනක.

      Delete
  7. හෙහ්.. ඉතුරු කොටහ කියවන්න තව සුමාන තුන හතරකිං ආව නං ඇති නේ
    හෙහ්..
    මොනා කොරන්නද පඳුරු තලන් තලන් තලන්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      මොනව කරන්නද මල්ලි...ඉතාම කාර්යබහුලයි මේ දවස්වල...:)

      Delete
  8. අනන්‍යට බබෙක් හම්බවෙලා ෂෝක් කොලු පැටියෙක්ලු. ක්‍රිෂ් වගේ නෙවෙයි කියල පොඩි අප්සෙට් එකක් තියනවලු.රවි අයියට මොනවත් ආරංචි නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මළ කෙලියයි , ලමය රවියා වගේලුද?

      Delete
    2. කම්මල,

      එක ළමයෙක් නෙවෙයි බං දෙන්නෙක්ම ඉන්නව.එක්කුසේ උපං නිවුන්නු....ආ ආ ආ.....හරි හරි උඹ කමෙන්ට් දෙකක් දාල තිබ්බෙ ඒකයි නේද? ෂිහ් මට අමතක වෙලා මම එක කමෙන්ට් එකක් මැකුවනෙ බොලේ....:)

      Delete
  9. //ඉතිං මම මේ කියන්ට ආවෙ අර රොබට් හැරිස් ලියපූ පීතෘභූමිය නැත්නම් ෆාදලන්ඩ් කතාව // ඔහේට ශුවරද ඒකමයි කියන්න ආවෙ කියල.
    එතකොට අර ෆෝන් එක ඕෆ් කරගෙන ඉඳල ගෙදර ආවට පස්සෙ තෙමිච්ච සාරි ටික දැකල ඔහෝව මරාගෙන කන්න හැදුවෙ එඝිසෙබත් කුමාරි ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අනේ මන්ද බොලාත් අහන ප්‍රශ්ණ... වකුගඩුත් නරක් වෙනවනෙ....

      Delete
  10. කවුද අජිතය කියන්නෙ‍, එතකොට උගේ මාමගෙ දුව අසෝක කියන්නෙ කවුද? අයි කාන්ට් රිමෙම්බර් මෑන්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අමතක උනාට කමක් නෑ බං..අසෝකා හදිස්සියෙ උඹෙ කඩේට ආවොත් එහෙම සල්ලි ගන්ට එපා හොඳද? පොතට දාල තියපං..මම ඔය පැත්තෙ ආපු දවසක උඹට සල්ලි දෙඤ්ඤං...:)

      Delete
    2. ඒ එනකොට මතක ඇතුව අර පිළිස්සූ කුකුළගෙ කෑල්ලකුත් ගේන්න කියන එකයි ඇත්තෙ.

      Delete
  11. //මට ආපු බරපතල ප්‍රශ්ණයක් තමයි මහවුසද අමරා දේවිගෙ සරීරෙ බත් මාලු අනල ආලේප කලේ ඇඳුම් තියෙද්දිමද නැත්තං ඇඳුං ගලෝලද කියන එක.//
    යූ ඩෝන්ට් වොරි අබවුට් දැට් රවී අයියා...

    - වලවෙට්ටුවා™ -

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      දැං එහෙම වොරියක් නෑ බොල. ඔය මම කියන්නෙ හතේ පංතියෙ විතර ඉද්දි ආපු ප්‍රශ්ණයක්....:)

      Delete
  12. නාදය අඩුකිරීමෙහි පහසුකමක්ද නොවුනු හෙයින් හැ ඉස්සර එව්වායෙත් සද්දේ අඩුකොරතහැකිනේ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ මනුස්සය කෑ ගහන කෑගැහිල්ලෙ තරමට ඒ ඔෆ්ෂන් එක වැඩක් නෑලු.

      Delete
    2. අටම්,

      මම මේ කියන්නෙ 2003 වගෙ විතර, තඩි කලු මෝටරෝලා එකක් තිබ්බෙ. ඒකෙ රිඟිං වොලියුම් එක අඩුකරන්ඩ බෑ. එක්කො එහෙම පුලුවන්කම තිබ්බ නම් ඒක වැඩ කරන්නෙ නෑ. නැත්තං ඒක ඔපරේට් කරන්න අපි දන්නෙ නෑ..ඔය දෙකෙං එකක්...:)

      Delete
    3. ප්‍රසන්න,

      Ringing Tone එක ගැන ගැන බොල මම කිව්වෙ..කෑගහන කෑගැහිල්ලක් නෙවෙයි.

      අර ගල් බෝරේ කියල කෑගහන්නෙ ගල් වෙඩි දාන්ඩ ඉස්සර.ඒ ගල්වලක වැඩ කරපු එකෙක් හිටිය මගෙ යාලුවෙක්. ඌ ඉස්සොරෝම මොබයිල් එකකිං කතා කරපු දවසෙ ටවර් එක ගිණිඅරගෙන ඩයලොග් එකෙං ඌට එව්ව බරගානක බිලක් අලාබෙ ඉල්ලල.

      Delete
    4. අපේ සජ්ජත් ඩයලොග් එකට බැන බැන හිටියෙ , ඌ ද යාළුව නැත්තං කටුස්සද ? දෙන්නම ගල් කාරයො තමයි.

      Delete
    5. හැක් ඔය ඉන්නෙ ගල් කාරයෝ ටික. අනිව ඔය පොර සජ්ජ වෙන්න ඕන. හැක්..

      Delete
  13. නාදය අඩුකිරීමෙහි පහසුකමක්ද නොවුනු හෙයින්

    ඒ කාලෙත් ඔය පහසුකම තිබුනා නේද

    ReplyDelete
    Replies
    1. අටම්,

      අපි ගාව තිබ්බ එකේ තිබ්බෙ නැද්ද කොහෙද බං...:)

      Delete
  14. අංතිමට මං 'ඉස්ටෝරි ඔෆ් මයි මැරේජ්' ඉංගිරිසියෙංම කියෝගත්තා. ඔය කුකුලාගෙ කතාව, අසෝකගෙ කතාව එහෙමත් නැද්ද වෙනයම් තැනක. ජර්මන් බාසාව හරි කමහ්නෑ. ඉගෙනගෙන හරි කියොවන්ට බැරියැ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග මමත් ඕක හිතුවා. අපේ රවියට මොනව හරි වුණොත් අපිට මැරෙන්න වෙන්නේ මේ කතා වල ඉතුරු හරිය දන්නෙ නැතුව. මේකතා ටික අහගන්න රවියාව ලංකාවට ගෙන්න ගමුද අපේ ගාණේ? අපි රුපියල ගානෙ දැම්මොත් ලගේජ් කම්පාර්ට්මන්ට් එකේ ගෙන්න ගත්ත ඇහැකි :)

      Delete
    2. ඔය මනුස්සයව ලංකාවට ගෙන්නගත්තොත් වෙන්නෙ තවත් අලුතෙන් කතා හැදෙන එක ඉතරයි. එතකොට අපිට වෙන්නෙ තව ටිකක් වයර් මාරු කරගන්න. ඊට වැඩිය හොඳයි ඉන්න දිහාම ඉන්න අරින එක.

      Delete
    3. සුරා,

      ? අංතිමට මං 'ඉස්ටෝරි ඔෆ් මයි මැරේජ්' ඉංගිරිසියෙංම කියෝගත්තා./

      හෙහ් උඹ එහෙනං ඉවසන්ටම බැරිතැන ඉට්ටෝරි ඔප් මයි මැරේජ් කියෙව්ව එහෙනං...හෙහ්..හොඳයි..හොඳයි... අනික් කතන්දරත් විගැහිං ලියන්නං බං..කොහෙද මේ දවස්වල ඉස්පාසුවක් නෑනෙ පුල් බුසී...:)

      Delete
    4. කොහෙ ගෙන්න ගන්නද ? දැන් ලියල තියන ඒවට ගෙදරට අඩියක් තියන්න දෙන්නෙ නෑලු. අහිංසකයට ඔන්න ඔහෙට වෙලා ඉන්න දෙමු.

      Delete
    5. කොහෙ ගෙන්න ගන්නද ? දැන් ලියල තියන ඒවට ගෙදරට අඩියක් තියන්න දෙන්නෙ නෑලු. අහිංසකයට ඔන්න ඔහෙට වෙලා ඉන්න දෙමු.

      Delete
    6. කියලා වැඩක් නෑ. ජිවිතේට ඉංගිරිසියෙංම කතාවක් කියෙව්වමයි ඔය. යතං කතාව ගැටගසා ගත්තැකි.

      Delete
  15. උඹ මේ කතාවෙ දිගටම පාවිච්චි කළේ ඔසරි කියන වචනෙ නේද.සාමාන්‍යයෙන් සාරි රෙද්ද තමයි සාරියටත් ඔසරියටත් දෙකටම අඳින්නෙ.ඊට අමතරව ඔය කෑලි කඩපු ඔසරි තියනව මේඩ්අප් කියල.උඹ කියන්න ඇත්තෙ එහෙම ඔසරි ගැනද?

    ReplyDelete
    Replies
    1. මෙයා මේ රෙද්දක් කතා කරනව.

      Delete
    2. හැලප,

      ඔසරි සාරි වෙනස් වෙන්නෙ අඳින ක්‍රමය අනුවනෙ. ඔසරියට නෙරියක් තියනව. සාරියට නෑ. ඊට අමතරව ඔසරියෙ පොට දිගයි. මේඩ් අප් එක අඳින්න ලේසියි. කෑලි තුනකටනෙ තියෙන්නෙ.ඒත් මෙතන තෙමුණෙ එවුන්දැගෙ ටිකක් මිල වැඩි ඔසරි වගයක්.ඒකයි වැඩේ ගොඩින් බේරගන්ට බැරිවුනේ...:)

      Delete
    3. අයි අයියෝ රවී තුමා හරි උත්තරේ දීල නැහැ නේ.
      ඔසරියයි සාරියි වෙනස් වෙන්නේ අඳින ක්‍රමේ අනුව පමණක් නිසා, ඇඳුම අඳින්නට පෙර තිබෙන යාර හයක් දිග සිල්ක් රෙද්දට අපේ පැත්තේ සාමාන්යෙන් කියන්නේ සාරිය කියල. ඇඳගෙන ඉවර උනාම සාරියක් නම් "සාරියක් ඇඳන්" කියනවා, ඔසරියක් නම් "ඔසරියක් ඇඳන්" කියනවා.
      එතකොට අපේ පැත්තේ සාරිය කිවුවට ඔබ තුමා මේ කතාව පුරාම භාවිත කලේ "ඔසරි" කියන වචනේ නේ. ඒකයි මේ හැලප තුමා අහන්නේ ඒ "මේඩ් අප් ඔසරි" ද කියල. ඔබතුමා ඒකටත් දීල තියෙන්නේ "එවුන්දැගෙ ටිකක් මිල වැඩි ඔසරි වගයක්" කියන පිළිතුර උනාම, ආයේ පැහැදිලි මදි :)
      හැබැයි මට හිතෙන්නේ පහතරට අපි සාරි කියල කිවුවට උඩරට වෙසෙන ඔබ තුමාගේ බිරිඳ හා අනිත් ලලනාවෝ මේ යාර හයක් දිග රෙද්දට ඔසරිය කියල කියනවා ඇති, මොකද ඒ පළාත් වල ලලනාවෝ සාරි අඳිනවා හරිම අඩුයි මම දන්නා විදියට :)
      එනිවේ... සාරි හරි, ඔසරි හරි බැරිනම්, කැකිරි හරි වෙච්චාවේ.. ඉක්මනට ඕන කතාව :D

      Delete
  16. ආ මේ සෑහෙන්න ගොඩක් ලියල තියෙන්නෙ, ගුරුවරී ගැන.
    අනේ අම්මප මොකට කියනවද ඉතින් ඒ ගැන. දෙවෙනි ලෝක යුද්දෙයි, මහින්ද හා මයිත්‍රී නුයි..
    ඉතුරු ටික පිළිවෙලකට දානකම් අපිත් නෝ කතා නෝ සිනා වෙනවා ඕ පාර.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      මේ උඹ එන්න එපා දන්නවද මට ඒක මේක කියන්න....මම මොනවහරි ලියනව..කෝ උඹෙ ජපං කතාව? තාම IRC හොයනව...හුහ්

      Delete
    2. සමාවෙන්ට ඕන. පොඩි සබ්මිෂන් ටිකක් තිබුණ. සඳුදට ලියන්නම්කො ඉතුරු ටික :)

      Delete
  17. කථාව නැගලම යනවා, ඉතුරු ටිකත් ඉක්මණට දාන්ඩො

    ReplyDelete
  18. ඔසරි ටිකට මොකෝ උනේ කියලා බල බල හිටියේ.හොද වෙලාවට ඔයින් ගොඩ ගියා.
    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. Dinesh,

      / මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා /

      ඔන්න බලාපං මල්ලි වැඩේ හැටි කියන්නෙ. මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියෙ නන්දක්කා කියන්නෙ " මුණිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා " කියලනෙ.

      උඹේ කමෙන්ට් එකට දිනේෂ්, දෙබසින් නෙවෙයි දෙපසින් නේද? කියල උත්තර ලියන්නත් හදල කෝකටත් ආයෙම චෙක් කරල බැලුව. හුටා...දෙබසින් නේන්නං හරි වචනෙ...හෙහ්,හෙහ්,

      Delete
    2. ඒකත් එහෙමයි.

      හොද වෙලාවට මම සිංදු සමහරක් අහන්නේ වචනත් එක්ක තියෙන වීඩියෝ වලින්. ඔය විශුවල් බලනවට වැඩිය ඒක මරු.

      Delete
  19. මගේනම් තියරිය මේකයි රවී.. උදාහරණයක් විදිහට ලංකාවේ පාරක පැයට කිලෝමීටර 61 ට ගියත් 140 ට ගියත් වදින්නේ එකම දඩය වගේ ඔසරිය යන්තම් තෙමුනත් සම්පූර්ණයෙන් තෙමුනත් අහන්න වෙන කුණු කතා සියල්ල සමාන නිසා ඔසරිය සම්පූර්ණයෙන්ම තෙමෙන්න ඇරලා වස්ස අහවර උනාම ගිහින් ඔසරිය ගෙට ගන්න එක තමයි නුවණක්කාර වැඩේ. තෙමිලා බැනුම් අහනවට වඩා සැපයිනේ බන් නොතෙමී බැනුම් අහන එක..

    ReplyDelete
    Replies
    1. අම්බලන්,

      හෙහ් ඒ තියරියත් නරකම නෑ....:)

      Delete
  20. අර drying spinner එකත් එක්ක එන ඔසින් මැසින් එකක්වත් තිබුනානම් වැඩේ ටිකක් හරි ගොඩදාගන්න තිබුණා නේද. ඔය ගෙදර නිසි බලධාරියා Ballistic Mode ගියාම අපිතුමන්ලා Silent Mode ඉන්න එක තමා මගෙත් ක්‍රමය. නැත්නම් ඉතින් තෙවන ලෝක යුද්ධය තමා. ඕක vise versa උනත් apply වෙනවා.

    මමත් ශ්‍රංග වගේ 2 States ඉංග්‍රීසි පොත කියෙව්වා. එත් රවීගේ translation එක මම හිතන්නේ ඊට වැඩිය හිතට වදිනවා.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. උදය,

      වෙලාවකට සයිලන්ට් මෝඩ් එකේ ඉන්න දෙන්නෙත් නෑනෙ. " ගල් බුද්දා වගෙ ඉන්න හැටි " ....ඔන්න ඔහොමනෙ කියන්නෙ....:)

      Delete
  21. කතා ටික ඔක්කොම ඔලුව වටේ කැරකෙනවා. :-D

    ReplyDelete
    Replies
    1. Hemamali,

      අර බුදු හාමුදුරුවංගෙ ඔලුව වටේ රැස් වලල්ල කැරකෙනව වගෙ...හෙහ් හෙහ්, දන්නවද ඒ කාලෙ තාක්ෂණය අද වගේම දියුණුයි කියල කියන්ට එක සාධකයක් ඕක. ඔය රැස් වළල්ල කැරකුවෙ කොහොමද බැටරි ඒ කාලෙ තිබ්බෙ නැත්තං?..හා කියාපං බලන්ට...:)

      Delete
  22. Hathwalamayi.. re ekata dekata ande perali perali hina wenne mokada kiyala gedara minissu balanawa..

    ReplyDelete
  23. Ravige blog ekata 1st time aawe.

    "guruwariyaka samaga" previous kotasuth kiyawanna aasa hithu me post eka kiyewwata pasu.
    22,23, post deka witharai hoyaa ganeemata pahasu une, puluwannam links tika eka thanakin denna.
    previous post keepayakma rasavinda harima agei.
    thank you..

    phone eke battery low.

    ReplyDelete
  24. වළාමයකි!
    මං මොකක්ද කියවගෙන ආවෙ :O

    ReplyDelete
  25. උඹේ කතාව කියවන එක හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. වංගු ගන්න ගැනිල්ලට, කණපිට ගැහිල්ලට කැරකිල්ල හැදිලා වමනෙත් යන්න එනවා. අන්තිමේදි fully disorient වෙනවා උතුර දකුණ මාරුවෙලා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...