එසේ හෙයින් ඇය මෙසේ බැලිස්තික මනෝභාවයට (Ballistic Mode) අවතීර්ණ වූ කල්හි තත්වය (ඔන්න ඕක තමයි පුංචි අම්මෙ පුළුකුණාවෙ තත්වෙ ......ඒ කතන්දරේ දන්නව නේද?) හැකිතාක් දුරට නියාමනය කොටගනු පිණිස මවිසින් අනුගමනය කරනා චිරාත් කාලයක් භාවිතා කොට සුබපල ගෙනදුන් (Time Tested) ප්‍රතිකර්මය අනුගමනය කලෙමි.එනම් මෞන ව්‍රතය රකිමින් සයනයෙන් නැඟී නිදන කාමරයෙන් පිටවූයෙමි.
විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි. මට ඉවසන්න බැහැ මේ මුනිවත ඔබේ.
දැන් මේ කතන්දරේ ඉවරයක් කරල දාමු නේ? ඒ කියන්නෙ මම මේ සීන් එක ලියන්ට සෙට් වුනේ අපෙ උන්දෙගෙ බේඩ්ඩේ එකටනෙ. ඒ කිව්වෙ දෙසැම්බර් 13 වෙනිද. කොටිම්ම මාස එකාමාරක්ම ගියා. තාම කතාව ඉවරයක් නෑ.අපෙ උන්දෙ මේ ඊයෙද කොහෙද කතා කරපු වෙලාවක මට වගපලත් කියාපි. "ඔහේ අර මගෙ උපංදිනේට පටංගත්තු කතාව තවම ඇදගෙන යනව නේද? කවද්ද දැං ඕක ඉවරයක් කරන්ට හිතාගෙන ඉන්නෙ? මට පේන්නෙ මේක මගෙ ඊලඟ උපංදිනේ වෙනකල්ම අදින සයිස් එකක් තියෙන්නෙ" ඔන්න ඔහොම.
බලාගෙන ගියාම බොරුවකුත් නෙවෙයි. ඒ හින්ද මම තීරණය කලා එක දිගටම මේ කතාව ලියල ඉවරයක් කරන්ට. ඔය නඩු ගැන පත්තරේ හිටපු ගමං තියෙන්නෙ. නඩුව අවසාන වනතෙක් මේ මස 16 වනදින සිට එක දිගට නඩුව ඇසීමට විනිසුරු තුමා තීරණය කලේය. අන්න ඒ වගෙ.එහෙම තීන්දු දෙන්නෙ නඩුකාරයටත් මේ රබර් වගෙ ඇදෙන නඩු ඇහිල්ල එපාම උනහම. ඉඩං නඩු තමයි ඔය ඇදෙන එකට බොහොම ප්‍රසිද්ද. අර කතාවටත් කියන්නෙ එයා මහ ඉඩං නඩුවක් කියල.
ඉඩං නඩු ගැන කියනකොට මට මතක් වෙන්නෙ......එක්කොත් ඕන නෑ..ඒක පස්සෙ දවසක කියන්නං...නැත්තං මගෙ අදිස්ටානෙ බිඳ වැටෙනව. මොකක්ද අදිස්ටානෙ? අදිස්ටානේ වනාහී හැකි ඉක්මනට ගුරුවරීගෙ උපන්දිනේ වෙනුවෙන් පටන්ගත්ත කතන්දරේ ඉවරයක් කරල දාන එක.
ඉතිං එදා රාත්‍රියෙ නෝ කතා නෝ සිනා.අර සුප්‍රසිද්ද කතාවෙ විදිහට වෙන්නෙ බාර්යා තොමෝ උයල පිහල මේසෙටත් බෙදල "අන්න උයල මේසෙට ඇරලයි තියෙන්නෙ කන කෙනක් කන එකයි ඇත්තෙ" කියල කියන එකනෙ. අපේ ගෙදර ඔය වැඩේ වෙන්නෙ ටෝටලි ඔපසිට් ආකාරයට. ඒ කිව්වෙ සම්පූර්ණ පරස්පරය. ඒ කිව්වෙ ඔහොම තත්වයක් උනාම මම තමයි උයන්න ඕන. ඉතිං මම බොහෝවිට කරන්නෙ ගිහිල්ල කඩෙං ඔය මොනවහරි අරගෙන එනව. නූල්ඩස්, කොත්තු, බිත්තර ආප්ප ඔය අනම් මනම් තියනවනෙ. ගෙනල්ල සාලෙ ඉඳම්ම කියනව එහේට ඇහෙන්ට "මේ මෙන්න කෑම ගෙනාවා. කන කෙනෙක් කන එකයි ඇත්තෙ" කියල.
ඊගාවට අර සුප්‍රසිද්ද කතන්දරේ තව කොටසක් තියනවනෙ. රෑට නිදාගන්ට ගිහිල්ල බාර්යා තොමෝ කියනවලුනෙ මෙහෙම "ඔන්න XXXX XXX කරලයි තියෙන්නෙ. ඕනනං XXXXX එකයි ඇත්තෙ" කියල...හෙහ්,හෙහ්...දැං ඔබ තමුන්නාන්සෙලා හිතන්නෙ අපේ ගෙදර ඔය සීන් එක කොයි විදිහට වෙනව ඇතිය කියලද? කිසිවක් නොපවසමි...ඩයාබර පාටක ඔබගේ පරිකල්පන සක්තියට සපුරා ඉඩ දෙන්නෙමි...අන්ඩර්ස්කර්ට්..නෝ?
හරි එතන සීන් එක හිතාගන්න එක ඕගොල්ලන්ටම බාරදීල මම එන්ටර් වෙන්නං ආයම කතන්දරේට.පහුවදා අපි දෙන්න එයාලගෙ මහගෙදර යන්ට කතාවෙලයි හිටියෙ. අපි දෙන්න ඔය කොහොමත් මාසෙකට වගෙ සැරයක් ඒ පැත්තෙ ගිහිල්ල එනව රැයක් කාරිය ගතකරල.
පහුවදා උදේ ඔන්න ඇහැරල ගොලු මන්තරේ මතුරපු ගමරාලයි ගමහාමිනෙයි වගෙ අපි දෙන්න ලෑස්තිවෙලා දොට්ට බැස්ස එයයිලගෙ ගෙදර යන්ට.ඔය ගොලු මන්තරේ මතුරපු කතාව මට හරියට මේ වෙලාවෙ මීටර් වෙන්නෙ නෑ.මතකයට ආපු වෙලාවක කියන්නංකො..හොඳේ...( ඒකත් හොඳ වෙලාවට නේද?)
එදා එයාලගෙ ගෙදර යන ගමන යන්ටම ඕන එකක්. ඒකට හේතුව එයාලෙගෙ අප්පච්චි කරපු වැඩක්. ඔය මගෙ මාමණ්ඩි ඉන්නව නේද? (ඉන්නව නේද කියල කිව්වොත් හරියටම හරිනම් නෑ. මොකද එතුමා දැනට අවුරුදු දෙකකට වගෙ ඉහතදි අභාවප්‍රාප්ත වුනා) හරිම කෙලින් මනුස්සය. වචන දෙකක් නෑ කිව්වොත් කිව්ව. කියන්ට තියන එක ආය නෑ මූණටම කියනව දෙයියන්නාන්සෙට උනත්. ඔය ලබ්බ ගලේ ගැහුව වගෙ කියල දාන එක හින්ද සමහර වෙලාවට අසල්වැසියො, නෑදෑයො පොඩි පොඩි සිත් රිදවීම් එහෙම ඇතිකරගෙන අමනාප වෙලත් තියනව.
"අනේ මන්දා මේ අප්පච්චි මොනව කියනවද මන්ද...ඇත්ත උනත් කියන්ට ඕන ක්‍රමයක් තියනවනෙ. මේක එහෙමද? මූණට ගැහුව වගෙ ඔහොමත් කියනවද?" අපෙ උන්දැයි අක්කලයි කුණු කුණු ගානව. ඒ ඔය එකපාරක් වෙසක් එකට ආධාර එකතුකරන්ට ආපු කොල්ලො කට්ටියකට "උඹලට අරක්කු බොන්ට මම සත පහක් දෙන්නෙ නෑ" කියල මූණටම කියපු වෙලාවෙ.
අප්පච්චි කලිං අවුරුද්දෙ ඔය දන්සැලට සෑහෙන ගාණක් දුන්න. දන්සැල ඉවරවෙලා සංවිධායක මණ්ඩලය පොඩි මදුපානෝත්සවයක් පැවැත්තුවය, එතනිං ගියහම ඒක පැවැත්තුවෙ දන්සැලට එකතුවෙච්චි සල්ලි වලිංය කියල දන්සැල දීල ඊලඟ සතියෙ ගම පුරා කටකතාවක් ප්‍රචාරය වුනා. අප්පච්චි අර කොල්ලන්ට සත්තම දැම්මෙ අන්න ඒ හින්ද.
අප්පච්චිගෙ හැටි සොබාව දන්න හින්දම කොල්ලො ඒ කතාව ගණං ගත්තෙ නෑ "අනේ නෑ මාමෙ..අපි ඔය වැඩේ ඉවරවෙලා පොඩ්ඩක් ගත්ත තමයි. ඒත් සම්මාදම් එකතුවුන සල්ලි සත පහක්වත් ඒකට ගත්තෙ නෑ. අපේ අතින් සල්ලි දැම්මෙ" ඒ කොල්ලො එහෙම කියල මිදුලට බැස්ස.
මම ඒ වෙලාවෙ මිදුලෙ හිටියෙ. කොල්ලො කට්ටියට ගේට්ටුවෙං එලියට යන්ට ඇරල අපෙ උන්දැ මට කතා කලා. " මේ..අප්පච්චිට නොපෙනෙන්ට යංකො පාරට"
අපි දෙන්න ගේට්ටුවෙං එලියට බැහැල බලනකොට කොල්ලො කට්ටිය ඈත යනව. "මේ මල්ලිලා පොඩ්ඩක් ඉන්නවද?" අපේ උන්දැ අප්පුඩියක් එහෙම ගහල කතාකලා.
කොල්ලො කාණ්ඩෙ නැවතිල ආපහු හැරුන. අපෙ උන්දැයි මායි එතනට ගියා. "අනේ මල්ලිලා ඔය අප්පච්චි කියන එව්ව ගණං ගන්න එපා. දන්නවනෙ උන්දැගෙ හැටි."
"අනේ නෑ අක්කෙ අපි මාමගෙ හැටි දන්නවනෙ. අනික මාමගෙ එකක් තියෙන්නෙ කියන්ට තියන දේ මූණටම කියනව.උඩිං එකයි යටිං එකයි නෑ. මූණිච්චාවට සල්ලි කීයක් හරි දීල පස්සෙ නැති තැන පස් පඩංගුවෙ බණින්නෙ නෑ. අපි ගරු කරනව ඒකට " කොල්ලො කිව්ව.
"ඒක තමයි මම කියන්ටද?.... මල්ලිල මේක ගන්නකො මගේ නම දාල ලියන්න.." .උන්දැ අතේ ගුලිකරං හිටපු කීයක්ද දුන්න.
" ම්ම්ම්..කමක් නැද්ද අක්කා?..."
"නෑ නෑ කමක් නෑ…. ගන්න ගන්න"
"එවුංට ඔයා කීයක් දුන්නද?" ආපහු එනගමං මම ඇහුව..
"රුපියල් දෙසීයක්...නැත්තං මදිනෙ.."
"හප්පා..නරකම නෑ..ඔන්න බලන්ටකො ඔවුං මේ පාරත් ඔය සල්ලි වලං බොයි කුදාර් වෙන්ටම.."
"කෑ ගහන්ට එපා අනේ…" උන්දැ වටපිට හෝදිසි කරල ආයම මගෙ පැත්තට හැරුන. "එතන ඉන්න කොල්ලො සෙට් එකම මම අඳුනනව. ඔවුං හැමෝම වගෙ අපේ නෑදෑයොත් වෙනව. අනික ඔක්කොමල වගෙ රස්සාත් කරනව. ඔය සම්මාදං කරන සල්ලි වලිං බොන්ට උංට එහෙමට ඇති අහේනියක් නෑ."
"මම කියන්ටද? අපි මෙහෙම කරමු. අපේ සල්ලිවලිං ඔවුං බොනවද කියල පරීක්සා කරන්ට දන්සැල ඉවරවෙන වෙලාව අල්ලල මම ඒ පැත්තෙ යන්නං."
"නෑ..නෑ..නෑ..ඒ පරීක්සා කිරිල්ලෙං කමක් නෑ. ඔන්න ඔහේ මෙහෙට වෙලා ඉන්ට..යන්ට ආය පරීක්සා කරන්ට..මොකටද මම කියන්නෙ එහෙම?" ඈ අවසාන තීන්දුව ප්‍රකාසයට පත්කලා.ඉතිං ආය කාටද මේ අවනඩු කියන්නෙ හැබෑටම?
මම ඔය අපෙ උන්දැ එක්ක ආස්සරේ පටංගෙන මාස දෙකක් වගෙ යද්දි එයාලගෙ අප්පච්චි අසනීප වෙලා මාතලේ ඉස්පිරිතාලෙ නැවැත්තුවා. ඒ වෙනකොට අපෙ සම්බන්දෙ ගැන යම්තමට වගෙ ගෙදරට කියලයි තිබ්බෙ. නොට් ඔෆීෂියලි. ඉතිං සීන් එකට නිල වශයෙන්ම එන්ටර් ද ඩ්‍රැගන් වෙන්ට මේක හොඳම අවස්තාවක් කියල හිතල අතිං කටිං ඇපල්, මුද්දරප්පලං, අන්නාසි, ආනමාලු, නේත්‍රප්පලං, පුහුල් දෝසි, බූංදි, ඥාණකතා, සව්බොර, මස්කට් සහ කිරි පැණි එහෙම එල්ලගෙන මාත් උන්දැ එක්ක අප්පච්චිගෙ ලෙඩ බලන්ට විසිට් එකක් දැම්ම.
"අප්පච්චි මේ තමයි රවී ...අර මං කිව්වෙ" කියල එතුමී තොමෝ මාව අඳුන්වල එහෙම දුන්න.
අප්පච්චිත් අනේ අපරාදෙ කියන්ට බෑ බොහොම සුහදව ආගිය තොරතුරු කතාබහ කලා මා එක්ක පැය බාගයක් තරම. පස්සෙ ආපහු එන්ට සූදානම් වෙලා "එහෙනං අප්පච්චි මම ගිහිල්ල එන්නං" කියල උන්දැට නැමිල වැන්දම මෙන්න මුන්දැ කියාපි "ඔව්ව ඔහොම තමයි පුතා කරුමයක් පළදෙන්ට තියේනං ඉතිං වළක්වන්ට බෑනෙ ගෙවලම ඉවර කරන්ට එපාය ...නැද්ද මං අහන්නෙ?" කියල. මම නිකං හොල්මන්ද පොල්කොළ වුනා මේ මොකක්ද බොලේ මෙවුන්දැ මේ කිව්වෙ කියල.
පස්සෙ අපෙ උන්දැව බස් එකට දාන්ට මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එකට යද්දි මම මෙහෙම ඇහුව. "මේ..මොකක්ද අර අප්පච්චි කරුම ගෙවන කතාවක් කිව්වෙ? උන්දැගෙ අසනීපෙ ගැනද එහෙම නැත්තං....."
"දෙකටම වෙන්ටැ…." එතුමී මාදිහා බලන්නෙවත් නැතුව කියාපි.
ඉතිං ඔන්න ඔහොමයි අපෙ මාමණ්ඩිගෙ ගතිගුණ සහ ඇවතුම් පැවතුම්. එතකොට අපි දෙන්න මේ මෞන ව්‍රතය දැඩිව රකිමින් වුවද තකහණියක් එයාලගෙ මහගෙදර යන්නෙ විශේෂ කාරණේකට.ඒක කියන්ට පොඩි පසුබිම් කතාවක් කියන්ටම වෙනව. වැඩේ කියන්නෙ ඒ පසුබිං කතාව නොකිව්වොත් ප්‍රදාන කතාව හරියට වැටෙන්නෙ නෑ ඔලුවට.
අපෙ උන්දැලගෙ ගේ ඉස්සරහම පාරෙං අනික් පැත්තෙ තියනව කඩ කාමර තුනක්.ඕකෙ එලවලු, තුනපහ, හාල්, පිටි,,සීනි එහෙම සිල්ලර වෙළඳාමක් කරනව අප්පච්චිලගෙ ටිකක් විතර දුරිං නෑවෙන මනුස්සයෙක්. මිනිහ අපිට වැඩිය එහෙම සෑහෙන්ට වයසයි. ඒත් නෑ කමට ඒ මනුස්සයට අපෙ උන්දැයි, උන්දැලගෙ අක්කලයි වෙන්නෙ පුංචි අම්මල.අප්පච්චිට කියන්නෙ අත්තා. ඉතිං මනුස්සය මේ සිල්ලර වෙළඳාමෙං ඒ හැටි ලාබයක් නැති තැන අත ගැහැව්ව තව අධික ලාභ සහිත අතිරේක ව්‍යාපාරයකට. ඒ කිව්වෙ මාතලේ ගිය වෙලාවල් වල හොරාට මත්පැන් බෝතල් විස්සක් තිහක් වගෙ ගෙනල්ල වැඩිගාණට විකුණන එක.
දන්නවනෙ මත්පැන් වෙළඳාම කියන්නෙ ඉතාම අධික ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක්. හරියටම කිව්වොත් මිනිස්සුන්ගෙ ආර්තික තත්වය හොඳ වුනත් නරක්වුනත් පන්සලේ හාමුදුරුවන්ට වාසියි වගේ තමයි. මිනිස්සු දුප්පත් උනහම හිතන්නෙ "අනේ අපි මේ ආත්මෙ මෙහෙම දුප්පත් වුනේ පහුගිය ආත්මෙ පිං දහම් කරල නැතිනිසා වෙන්ට ඕන. ඒ හින්ද මේ ආත්මෙ පුලුවන් තරං හොඳට පිං කොරන්ට ඕන" කියලනෙ. ඒ කරල තමං නොකා නොබී හරි කමක් නෑ පුලුවන් උපරිම විදිහට දානෙ උයල ගෙනිහිල්ල පංසලට දෙනව. අනික් අතට මිනිස්සු පෝසත් උනාමත් එහෙමයි. "අනේ අපට මේ ආත්ම බාවයෙ මේ විදිහට වස්තු සම්බාරෙ හම්බ වෙන්නෙ ගිය ආත්මෙ පිං කරපු හින්දනෙ. ඒ හින්ද මතු ආත්ම බාවයෙහි තවත් වැඩි වැඩියෙං ලැබේවා" කියල ප්‍රාර්තනා කරල ඒත් උපරිම විදිහට දානෙ දෙනව.
මත්පැන් පානයත් එහෙමනෙ. වැලේ වැල් නැතුව ඉන්න එකා දුක තුනී කරගන්ට කියල බොනව. යමක් කමක් හම්බ කරගත්තු එකා සතුටට බොනව. ඉතිං මිනිස්සු දුප්පත් වුනත් පෝසත් වුනත් පංසලටයි බාර් එකටයි කිසිම අවුලක් නෑ. පැල්වෙහෙරගෙ බාර් එකත් බලා ඉද්දි නැඟල පලච්චි. මිනිහ කාලයක් ඔය පැල්වෙහෙරෙ (පැල්වෙහෙර තියෙන්නෙ දඹුල්ලෙ ඉඳල හබරණ පාරෙ කිලෝ මීටර් පහක් වගෙ ගියාම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ගොවිපොලක් එහෙම ඔන්න තියනව පැල්වෙහෙරෙ) ගිහිල්ල මොන මොනවද කරපු හින්ද ගමේ හැමෝම වගෙ මිනිහට කිව්වෙ පැල්වෙහෙර කියල.
පැල්වෙහෙර මත්පැන් වෙළඳාම පටංගත්තට පස්සෙ හවසට ඔතන මිනිස්සු පිරිල එක කැම්බැල්ලයයි.අප්පච්චිගෙ තිබ්බ පරණ කළුවර දික්සඟලා පුටුවක්. අර අකුලන්ට පුලුවන් බාපත කියල ලී දෙකක් එහෙම තියෙන්නෙ. ඒ බාපත දිග ඇරියම ඒ උඩ කකුල් දෙක තියාගෙන බොහොම සනීපෙට නිදාගන්ට එහෙමත් පුලුවං ඔය දික්සඟලා පුටුවෙ.
(අඩේ ඔන්න දැන් නෙව මතක් වුනේ. අප්පච්චි මට ඔය පුටුව දෑවැද්දට දෙනවයි කිය කිය හිටියෙ. මේ පාර නිවාඩුවට ගිහාම ගිහිල්ල ඕක පටෝගෙන එන්ට ඕන ලොරි බාගෙකවත්.)
ඉතිං හවස තේ එහෙම බීල ඇඳිරි වැටිල රෑට බත් කන්ට කතා කරන කල් උන්දැ ඉන්නෙ ඔය දික්සඟලාව උඩ වැතිරිල.ඔහොම ඉන්නකොට හරියටම අත දික්කලා වගෙ ඉස්සරහට පේන්නෙ පැල්වෙහෙරගෙ කඩේ ඉස්සරහ බිතක්කනේ.ඔතන ඊස් මීස් නැතුව සෙනඟ පොදි කනව පැලාගෙං බඩු ගන්ට. බඩු කිව්වෙ හාල් තුනපහ එහෙම නෙවෙයි හෙහ්..හෙහ්.
අප්පච්චි දෙතුං දවසක් මූණ විරවගෙන හිටියට පැලාට මොකවත් කියන්ට ගියේ නෑ. ඒත් වැඩේ එන්ට එන්ටම නරක් වුනේ අපේ ගෙවල් පිටිපස්සෙ වලාකුලුවල ගෑවෙන්ට තරම අහස උසට නැඟිටලා මහ යෝදයෙක් වගෙ ඉන්න හිරුවල කන්දෙ එහා බෑවුමේ තිබ්බ තේ වත්තෙ දලු කඩන දෙමළ මිනිස්සු වත්තෙ පඩි දුන්න දාට පැලාගෙ බාර් එක වැඳ පුදාගන්ට එන්ට පටං ගත්තට පස්සෙං පහු.
ඔය දෙමළ මිනිස්සු ආහම බඩු ගත්ත ගමං යන්නෙත් නෑ. කඩෙං විටකුත් අරගෙන බිත්තියට හේත්තු වෙලා පිලේ ඉඳගෙන ඔහේ කතාකරකර ඉඳල තමයි යන්නෙ.
"මුංගෙ මේ හැටි කැම්බැල්ලෙ මේකුං මෙතන ඉඳලම අරකගෙ ගොසරෑව කෙලල අරිනවද මන්දා නේද පුතා?" දවසක් අපි දෙන්න සති අන්තෙක ගෙදර ගිය වෙලාවක අප්පච්චි මා එක්ක කිව්වෙ දික්සඟලා පුටුවෙන් නැඟිටල පැලාගෙ කඩේ පැත්තට තිබ්බ උස ජනේලෙ වහන ගමං.
මම හිටියෙ ඒ එක්කම තිබ්බ වේවැල් පුටුවෙ ඉඳගෙන. "නෑ අප්පච්චි මම හිතන්නෙ නෑ ….පැල්වෙහෙර පුතා එහෙමත් කරයිද කිසිම බයක් සැකක් නැතුව."
"හුහ්..පැල්වෙහෙර පුතා තමයි..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි ඕකා..මිනිස්සුන්ට අතට කීයක් හරි එන්ට ගත්තම ලැජ්ජාව බය සැක එහෙම්මම අමතකම වෙලා යනවනෙ පුතා" අප්පච්චි එහෙම කියල ආයම දික්සඟලා පුටුවෙ ඉඳගත්ත.
දවස් කීපෙකට පස්සෙ අප්පච්චි ගිහිල්ල පැල්වෙහෙර හම්බවෙලා කෙලින්ම මෙහෙම කියල "පැල්වෙහෙර... මේ වැඩේ නැවත්තුවොත් හොඳයි. තමුන් ඕන වෙලඳාමක් කරගත්තට අපට කමක් නෑ. ඒත් අපේ ගෙදර අපිට නිදහසේ කණක් ඇහිල ඉන්ට හැටියක් තියෙන්ට ඕනෙ "
*************************************
හරි අදට කතාව ඉවරයි හොඳද? වැඩේ වෙලා තියෙන්නෙ මේකයි දැනටම වචන ගාණ 1700 ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. මම කිව්වනෙ අර එක දිගට නඩුව අහල ඉවරයක් කරනව වගෙ එක දිගටම මේ කතාව ලියනව කියල. හරි ඒ හින්ද මේ සතියෙම ඊලඟ කොටස ලියන්නම්කො.... හොඳද?

යන්තං ඇති අදවත් කතාව ඉවර කළා. (ඔන්න අප්පච්චි වගේ කියන්න තියෙන දේ කෙළින්ම කිවුවා.)
ReplyDeleteඉකෝන්,
Deleteහෙහ්..හෙහ්...
I ll come back tomorrow for ask few questions,i read the article. :D
ReplyDeleteNo sinhala.:(
Oma,
DeleteOk Madam.....see yaa...:)
මොකක්දෝ අප්පච්චියේ "මෞන ව්‍රතය" කියලා කියන්නේ?
ReplyDeleteනොතේරුනු හන්දයි ඇහැව්වේ.
මෞනව්‍රතය = "මුනිවත" ඒ කියන්නෙ "නිහඬව සිටීමේ පිළිවෙත". ඒත් තේරුන් නැත්තං "මුකුත් නොකියා හිටින එක" කියලා හිතා ගන්ටකො.
Deleteඇනෝ සහ ඇනෝ,
Deleteඒ කාලෙ හිමාලයෙ එහෙම තපස් රකින සමහර බ්‍රාහ්මණයො අවුරුදු ගානක් නිහඬව ඉන්න වතාවතක් පිළිපැද්දය කියල කියනව. ඒ තාපසයින්ට මුනිවරුන් කියලත් කියනව. නිශ්ශබ්දව ඉන්න එකට මුනිවත කියල කියන්නෙ ඒ හින්දලු.
ඔහොම මුනිවත රැකපු සෘෂිවරයෙක් කතා කරවන්න එක බබලතෙක් කරපු කපටිකමක් ගැන කතාවකුත් තියනව. මේ ඇත්ති කරල තියෙන්නෙ මුනිවරය ඉස්සරහ ලිග්ගල් දෙකක් උඩ වතුර මුට්ටියක් තියන්න උත්සාහ කරපු එක. අනිවාර්යයෙන් මුට්ටිය පෙරලෙනවනෙ. ඔහොම හත් අට වතාවක් උනාට පස්සෙ මුනිවරයට නොදැනිම කියවුනාලු " අනේ ලමයො තව ලිග්ගලක් තියන්නකො ඔතනට" කියල. ඒ කතා කරපු එකෙන්ම එතුමගෙ සිල් බිඳුනලු. ඊට පස්සෙ ඉතිං තවත් තවත් දේවල් උනාලු. එව්ව වෙනම...හෙහ්,හෙහ්,
බොහොම ස්තුතිය් ඔබ දෙදෙනාටම.
Deleteස්තූතියි රවී, කථාව ෆාස්ට් ට්‍රැක් කරනකොට හොඳ දෙබස් / සිද්ධි හැලිල වගේ. අනික් කොටස් වලට වඩා රසයෙන් අඩුයි. මොනව කරන්නද? රැවුලයි කැඳයි දෙකම බෑනෙ නේද?
ReplyDeleteඉයන්,
Deleteඅම්මප ඔහෙත් අර මරාගෙ ඇම්බැට්ටයන්ට දෙවෙනි නැහැ නෙව. මේ ඊයෙ පෙරේද වෙනකල් ලොකු ටෝක් දුන්න " කෝ රාජපස්සල පට්ට හොරු කිව්ව නේද? කෝ එකෙක්වත් ඇල්ලුවද? " කියල. මෙන්න එකෙක් කූඩුවට දැම්මම ඒ පාර විලාප තියනව " අන්න පලිගන්නව අන්න පලිගන්නව" කියල...අනේ මන්දන්නෙ නෑ...මේ ගොං තර්ක ඉතිං එවුංටම හොඳයි...:)
"විවාහ ජීවිතයේ මතුවන බහුතරයක් මත භේද සහ ගැටුම් ආදියට ප්‍රත්‍යක්ෂ විසඳුම මුනිවත රැකීම බව මම අත්දැකීමෙන් දත්තෙමි"
ReplyDeleteවැඩක් උනේ නෑ මිත්‍රයා , අවුරුදු 20ක්ම ඉවසලා බැරිම තැන ලෙහලා දැම්මා
ඇනෝ,
Deleteහපොයි....:(
අප්පොච්චියේ..........මදෑ මෙච්චර කෙටියෙන් ඉවර කොළා.
ReplyDeleteබැලස්තික කියන පරිවර්තනය කොහෙන්ද ආවේ? ඒක පිළිගත් පරිවර්තනයක්ද?
පුලුකුනාවේ කතාව හමුදාවේත් තියනවා. එක සොල්දාදුවෙක් තමන්ගේ පෙම්වතිය වන මල්කාන්තිට පෙම්පතක් ලියනවා, පුලුකුණාවේ බංකරයක රාජකාරියේ ඉන්න ගමන්. එයා මෙන්න මෙහෙම ලියනවා, හැමදාම උදේට සැමන් හොදියි පානුයි, ඔන්න ඔහොමයි මල්කාන්ති පුලුකුණාවේ තත්වේ, නාන්ඩ විදිහක් නෑ වැව බොරවෙලා, ඒ මදිවට අරුන් අපිට මෝටාර් ගහනවා, ඔන්න ඔහොමයි මල්කාන්ති පුලුකුණාවේ තත්වේ. ඔය විදිහට හැම වාක්‍යයක් අවසානයේදීම 'ඔන්න ඔහොමයි මල්කාන්ති' කෑල්ල ලියනවා. මෙහෙම ලිය ලිය ඉන්නකොට, මුරය පරීක්ෂා කරන්න ආව කෝප්‍රල්ගේ අතටම අහුවුණා, සෙබලා මුරය පැත්තක තියලා පෙම්පත් ලියන බව. පෙම්පත උදුරාගෙන ගිහින්, රස කරමින් කියවීමේ ප්‍රතිඵලයක් ලෙස, මුළු හමුදාව පුරා ඔන්න ඔහොමයි මල්කාන්ති කතාව ප්‍රචාරය වුණා.
අපේ ගෙදරනම් ඉතින් ඔය තියෙන්නේ xxx කරලා xxx කරගන්නවා නම් කිව්වට වැඩක් නැහැ. එහෙනම් ඉතින් xxx වත් xxx ගන්න කියලා තමයි කියන්න වෙන්නේ.
විචා,
Delete/ බැලස්තික කියන පරිවර්තනය කොහෙන්ද ආවේ? ඒක පිළිගත් පරිවර්තනයක්ද? /
Ballistic කියන්නෙ චලිතය , ප්‍රවේගය සම්බන්ධව කියන එකනෙ. අපි පොඩි කාලෙ බොහොම ජනප්‍රිය වචනයක් තමයි ICBM නොහොත් Inter continental ballistic missiles ( අන්තර් මහාද්වීපික බැලස්තික මිසයිල ) .
Ballistic කියන වචනෙ Slang ව්‍යාවහාරයෙ යෙදෙනවා තදින් කෝපාවිෂ්ඨ වෙනවා කියන තේරුමෙන්. All of a sudden grandma went totally ballistic….මම මෙතන යෙදුවෙ ඒ Slang තේරුමෙන්. බාසා වෙල්ලො පිළිගත් පරිවර්තනයක්නම් නෙවෙයි විචා...:)
/ පුලුකුනාවේ කතාව හමුදාවේත් තියනවා. /
හෙහ්..ඒ ආමි කතාවෙම වෙන වර්ෂන් එකක් ගැන මම කිව්වෙ. පස්සෙ දවසක ඒ කතාව ලියන්නංකො. හැබැයි මම හිතන්නෙ ඔබතුමා දන්නව ඒක. බොහොම ප්‍රසිද්ධ කතාවක්නෙ.....:)
/ අපේ ගෙදරනම් ඉතින් ඔය තියෙන්නේ xxx කරලා xxx කරගන්නවා නම් කිව්වට වැඩක් නැහැ. එහෙනම් ඉතින් xxx වත් xxx ගන්න කියලා තමයි කියන්න වෙන්නේ. /
අම්මට සිරි එච්චර දරුණුද තත්වෙ? ඉතිං බෙහෙතක්වත් ගත්තෙ නැතෙයි?
හෙහ් හෙහ්, එහෙනම් මේක බාසා වෙල්ලාවෙන් ගෙනාපු වචනයක් කියලා මම කරපු අනුමානය හරි.
DeleteICBM ගැන ලිපියක් ලියන්න කාලයක සිට හිතාගෙන හිටියත් අතපසු වුනා.
ඔය පුළුකුනාව කතාව වගේ ඒවා කාලීනව වෙනස්වෙමින් ඉදිරියට යනවා.
මැරිච්ච ගැරඬින්ට බෙහෙත් කරන වෙදමහත්තයෙන් දන්නවනම් කියන්නකෝ.
:D:D
Delete/මැරිච්ච ගැරඬින්ට බෙහෙත/ දික්සඟලා පුටුවක්
Deleteමොනාද අර xxx අකුරු ටිකෙන් කියවෙන්නෙ ? ඉස්කෝලෙ හාමිණේගෙ අප්පච්චි කියනව වගේ කෙලින්ම කියන්ඩකො.
ReplyDeleteකම්මල,
Deleteඒක කියන්ඩ බැරි හින්දනෙ බොල උගුඩුවො XXX කියල දැම්මෙ...ආයම අහනව...:)
අග එක්ස් අකුරු ටික නං ඕකේ.. මුල ටික මොකද්ද කියන්ඩ බෑ??? කණට කොරල වත්??
Deleteඅර සුප්‍රසිද්ධ කතාවෙ අනික් කොටහත් ටෝටලි ඔපසිට් ආකාරයට වෙන්ටැ ඔහේ වෙනව ඇත්තෙ. හැක්...
ReplyDeleteදංසැල පරීක්ෂා කොරන්ට ගියානං අරුංට අපරාදෙ දෙසීය ගත්තෙ කියල හිතෙන විදියට වැඩේ කොරයි අපේ රවී අයිය.
මාමණ්ඩිගෙ දෑවැද්දට දෙනව කළුවර දික්සඟලා පුටුවෙ සරමක් ගහගෙන බාපත දෙක උඩ කකුල් දෙක දිගෑරල තියාගත්තම ගැජට් එකට හුළං වැදි වැදී ආතල් එකේ හිටියැකි නෙහ්. එතකොට තව මේ වගේ කතා ටිකක් ලියවෙයි.
පැල්වෙහෙර බාර් එක ඉස්සරහ දෙමළු පඩි ගත්ත වගේ තියෙන්න ඇති.
නඩුව දිගටම අහගෙන යන්න ගත්ත තීරණය අගේ කොරනව. හැබැයි ඉතිං පඳුරු තැලිල්ලත් ඒ එක්කම ඕන. එතකල් අර DD බෝතලේට තියෙන ආශාව අත්හැර ගන්නව.
ප්‍රසන්න,
Delete/ දංසැල පරීක්ෂා කොරන්ට ගියානං අරුංට අපරාදෙ දෙසීය ගත්තෙ කියල හිතෙන විදියට වැඩේ කොරයි අපේ රවී අයිය. /
ආය මොනවද දංසැල් කියල කියනකොටත් රටෙත් නොහිට දුවන්ට එහෙනං මම වැඩේ කරන්නෙ...:)
/ ගැජට් එකට හුළං වැදි වැදී ආතල් එකේ හිටියැකි /
ආය මොනවද? අපි එයාලගෙ මහගෙදර ගියාම අප්පච්චි ඔය එහෙ මෙහෙ ගිහාම මම තමයි ඔය පුටුව අනූනම අවුරුදු බද්දට ගන්නෙ. දවල්ට කාල ගාත්‍රා යුග්මයත් බාපත උඩ තියාගෙන ඕකෙ වැතිරිල ඉන්නකොට නොදැනිම සනීපෙට නින්ද යනව. " මොකද අනේ ඔය ඉන්න විදිහ? අර ජනේලෙං පාරටත් පේනව. එක්කො යටට මොකවත් ඇඳල වත් ඉන්නව." ..අපේ උන්දැ ඔහොම කියල උරෙස්සෙං අල්ලල හොල්ලල මාව ඇහැරෝනකොට ඔන්න මම දනිපනිගාල නැගිටිනව.
/ එතකල් අර DD බෝතලේට තියෙන ආශාව අත්හැර ගන්නව. /
ඉඳපංකො ඉඳපංකො කලබල නැතුව. මේක ඉවර උන ගමං ඒක පටං ගන්නව...:)
පහල තියන නව පිටුවට ගිහිල්ලම බලමු
ReplyDeletehttp://www.news.com.au/national/western-australia/doctor-killed-husband-with-hammer-after-their-sex-with-teen/news-story/bfcfb557bf75a21eeb7473962f44eab3
Ano,
DeleteThanks...:)
ගොළු මන්තරේ මතුරපු හැටි අමතක උනේ හොඳ වෙලාවට.ඒක නෙවෙයි කතාවෙ වචන ගාන ගනින්නේ කොහොමද බං.
ReplyDeleteMS Word වල word count එක යටින් පෙන්නනවා. මෙන්න මේ වගේ
Deletewordpress එකෙත් ලියනකොටම පෙන්නනවා වචන ගාන.
Deleteමම කෙළින්ම බ්ලොගර් පේජ් එකේ ගූගල් සිංහල වලින් ලියන්නෙ.
Deleteහැලප,
Deleteඑහෙනං මල්ලි උඹට වෙන්නෙ දිව විකාගෙන වචනෙං වචනෙ ගනින්ට...:)
1700ක් ! එච්චර තිබුනද ? දැනුනේම නෑ නොවැ ... !
ReplyDeleteඉසුරු,
Deleteස්තූතියි ඉසුරු....:)
තියනව තියනව හරියටම කිව්වොත් මාතෘකාවත් එක්ක 1783ක් තියනව.
''කඩේ ඉස්සරහ බිතක්කනේ.''
ReplyDelete'
කැම්බැල්ලෙ මේකුං මෙතන ඉඳලම අරකගෙ ගොසරෑව කෙලල අරිනවද මන්දා නේද පුතා?" '
ගොඩක් වචන දැනගත්තා අලුත් ඒවා. ඒ තාත්තා නම් මං ආසකරන කෙනෙක්. ඔය පුටුවලට කියන නම අදමයි මං දැනගත්තේ.
ඔයත් හෙන පුතයා තමයි.
ඔමා,
Deleteබිතක්කනේ කියන්නෙ බිත්තිය අයින කියන එක. කැම්බැල්ලෙ කියන්නෙ නොනවතින මහ කංදොස්කිරියාවක් කියන එක.ගොසරෑව කියන්නෙ බොහෝවිට මත්පැන් වලට. ඊට අමතරව අප්‍රිය කෑම වර්ග වලටත් සමහරවිට යෙදෙනව.
විට්ටර් අයියයි සුනිල් මල්ලියි කියන සිංදුවක් එහෙම රවි අයියා දන්නවද? මම හිතන්නේ මේ තමා එකම එක සිංදුව... "බිතක්කනේ හැංගෙනවා". බලන්න අහලා තියනවද කියලා?
Deleteතිසර,
Deleteස්තූතියි මල්ලි..මම කලිං අහල තිබ්බෙ නෑ මේක..
"බිතක්කනේ රා බීවේ අපි එකට" කියල එකක් නම අහල තියනව...:)
බිතක්කනේ දන්නවා, මෙන්න මේවයේ අටුවා ටීකා ටිප්පනි ටිකත් දැම්මනම්...
ReplyDeleteකැම්බැල්ලේ, ගොසරෑව...
එයිටාමතරව දික්සඟලා කියන වචනෙත් අද තමයි දැනගත්තේ...
කතාවටනම් කියන්නේ දෙන්න දෙමාල්ලන්ගේ අඩදබර බත් මුට්ටිය ඉදෙනකල් විතරයි කියලනේ, කොහෙම මම උදේ දවල් වේල් දෙක කන්නේ සයිට් එකෙන්...
රෑට බත් කන්නේ නැහැ, ඒ නිසාද කොහෙද අපිනම් මුනිවත රැකීම දවස් කීපයක් තිස්සේ කරනවා...
මුනිවත රැකීම මටනම් කරන්න අමාරු වැඩක්, අවුරුදු පහලොවක කසාද ජීවිතේ ඕනෙනම් විනාඩි 15 මුනිවත රැකල ඇති. මම පටස් ගාල ෂේප් කරගන්න දන්නව. ඒව රහස් ලොකූ උඹට දැනගන්න ඕනෙනම් පව් බයිට් එකයි බෝතලේකුයි අරං බොරැල්ලට වරෙන්.
Deleteබයිට් දෙකකුයි බෝතල් දෙකකුයි ගේන්න වෙයි වගේ.
Deleteකවුද ඩෝ කෙමෙන්ට් මකන්නෙ. හැක්..
DeleteLokka,
Deleteකැම්බැල්ලෙ කියන්නෙ නොනවතින මහ කංදොස්කිරියාවක් කියන එක.ගොසරෑව කියන්නෙ බොහෝවිට මත්පැන් වලට. ඊට අමතරව අප්‍රිය කෑම වර්ග වලටත් සමහරවිට යෙදෙනව.
කම්මල,
Delete/ මම පටස් ගාල ෂේප් කරගන්න දන්නව. /
මම දන්නව මම දන්නව උඹ හංකිචි කවනව ඇති. ඒත් කිචි නැති අයට ඒක හරියන්නෙ නෑනෙ බං...:)
ප්‍රසන්න,
Delete/ කවුද ඩෝ කෙමෙන්ට් මකන්නෙ. හැක්../
මම ඩෝ මැකුවෙ මොකද උඹ කියන්නෙ?
බස් එකක් එකපාරට බ්‍රේක් ගහල නකතං වෙන්ට දාල එහෙ මෙහෙ වැනි වැනි හිටපු පොරක් විසිවෙලා ගිහිල්ල හතරගාතෙ දාල වැටුනලු.
" කවුද ඩෝ ඒ බ්‍රේක් ගැහුවෙ? ඔහොමත් බූරුවො වගෙ බ්‍රේක් ගහනවද? " පොර යන්තමට වගෙ සීට් එකක් අල්ලගෙන නැඟිටල සද්දයක් දැම්මලු.
" ඇයි මොකද මම ඩෝ බ්‍රේක් ගැහුවෙ? මොකද උඹ කියන්නෙ?" ඩ්‍රයිවරයත් නැඟිටල ඇහුවලු. පොරත් හෙණ මරුමුස් බුවෙක්ලු.
ඩ්‍රයිවර් දිහා දෙතුන් පාරක් උඩ ඉඳල පහලට බලල ඩෝප්සීන් පොර බොහොම ලස්සනට හිනාවෙලා සැලියුට් එකක් එහෙමත් ගහල මෙහෙම කිව්වලු. " ආ..මේ අපේ ඩැයිවර් මහත්තයනෙ. ඔබතුමානම් කිසීම අවුලක් නෑ. මම හිතුවෙ මේ වෙන මොකෙක් හරි හාල් පාරුවෙක් බ්‍රේක් ගැහුව කියලනෙ. හුහ් එව්ව කොහෙද මාත් එක්ක? එහෙම උනානං බලාගන්ට තිබ්බ...හරි හරි කිසීම අවුලක් නෑ. ඔබතුමා ඕන තරං බ්‍රේක් ගහන්ට මගෙං කිසිම බාදාවක් නෑ. "
මෙහෙ ගොසරෑව කියන්නෙ කබරය දානවට
Deleteහැක්
හරි හරි. කොමෙන්ට් එක මකල කියල පිළිඅරං තියෙන නිසා එෆ්සීඅයිඩී එකට යවන්නැතුව බේරගත්තැකි.
Deleteදැන් ඒළඟ වතාවෙ ඉවරෙටම ඉවර කරනවද...තව ටිකක් ඇදගෙන යමුද....කතා ටික මාර ජොලි. කතා ඇතුළෙ කතා වලට මාත් කැමතියි.
ReplyDeleteහෙන්රි,
Deleteහෙහ්..අම්මප හෙන්රිටත් හිතෙන දේවල්...හරි හරි ඉතිං ඔච්චරම කියනවනං බෑ කියල බෑ නෙව….
බෑ කියල බෑ කියල බෑ…..
බෑ කියල බෑ කියල බෑ…..
බෑ කියලා බැරිය මලේ…. බෑ කියලා බැරිය නඟේ ….
බෑ කියලා බෑ කියලා බෑ….
බෑ ….. බෑ …... බෑ…..
ඕං බලන්න ඔය මෘදුක්ෂුද්‍ර වචනේ අස්සෙ ලියන්න ගියපුහාම යටිං වචන ගාන වැටෙන එකෙං වෙන හරිය.
ReplyDeleteඅරකගෙ තැබාරුම අස්සෙ තමුන්නැහැ රිංගුවේ නැතෙයි? නැතුවා ඇති මාහිතේ.
නැතුව නැතුව. ඔය සාකච්චාව කැඳවන්න ප්‍රධානම හේතුවත් ඒක තමයි හිටං.
Deleteඋඹේ අර වචනෙ බිල් ගේට්ටු අංකල්ට එහෙම ඇහුනොත් මිනිහ බෙල්ලෙ වැල (වැල කිවුවට මිනිහට අතට අහුවෙන්න තියෙන්නෙ ඉතිං නෙට්වර්ක් කේබල් එකක් තමයි) දාගන්නව.
Deleteසුරංග,
Delete/ අරකගෙ තැබාරුම අස්සෙ තමුන්නැහැ රිංගුවේ නැතෙයි? /
පිස්සුද බං? ආය අහවල් රිංගිල්ලක්ද? මම ඒ පැත්ත නිකමට වගෙ බැලුවත් අපේ උන්දැ ඇවිල්ල මා ගාව හිටගන්නව ආය හෙල්ලෙන්නෙ වත් නෑ...
Prasanna,
Delete/ නැතුව නැතුව. ඔය සාකච්චාව කැඳවන්න ප්‍රධානම හේතුවත් ඒක තමයි හිටං. /
නෑ..නෑ..බං මේක මේ අප්පච්චිගෙ කේස් එකක්...හෙහ්,හෙහ්, ඉඳපංකො විස්තරේ කියනකල්...:)
Prasanna,
Deleteඅයපත් ද්වාරක මහතා.
අද නම් කතාව Highway එකේ ගියා වගේ. මගෙත් ඉන්නවා නෑකමට පුංචි අම්මා කෙනෙක්. තාම ඉස්කෝලේ 6 පන්තියේ. පුංචි අම්මේ කිව්වම කෙල්ල අඬනවා. රවීගේ මාමණ්ඩි වගේ තමා අපේ තාත්තත්. ඉක්මනටම කතාවෙ අන්තිම කොටසත් දාන්න.
ReplyDeleteඋදය,
Deleteඔව් බොලේ..ඉක්මනට ඉවර කරල දාන්නං...:)
Order.. Order..Order..!!! Me naduwa ada sita awasan wanathuru dinapatha palakala yuthuyi.
ReplyDeleteකළ්‍යාණ,
Deleteආයි ආයි යුව ඔන.......:)
මෞන වෘතය ගැන තව කතාවක්.
ReplyDeleteඑක පාරක් ඔහොම දෙන්න දෙමාල්ලො අඬදබර වෙලා, නෝ කත නෝ සිනාලු. මහත්තය ආවම, කෑම ඇරල නෝන අහකට වෙනව, මහත්තය තනියම කාල නැගිටල යනවලු.
ඉන් පස්සෙ නෝනත් ඒ ටික හෝදල, නිස්සද්දවම ඇඳෙ එහා පැත්තෙ නිදා ගන්නවලු ( එව්ව මන්දන්නෙ නෑ ).
ඉතින් ඔහොම දවසක් දෙකක් ගෙහුන්, පහුවෙන්ද මහත්තයට පාන්දර දුර ගමණක් යන්න ඕන කමක් වෙලා. වෙනදට මෙහෙම දාක පාන්දර නැගිට්ටවන්නෙ නෝනනලු. දැන් ඉතින් මෞන අහවල් එක නිසා කියන්න බෑනෙ.
ඒ හින්ද මහත්තයත් සිල් බිඳ නොගෙන තත්වෙ තියාන වැඩේ කරගන්න හිතල, පොඩි තුන්ඩු කෑල්ලක් මේඑසෙ උඩින් තිව්වලු හාමිනේට පේන්න "මට හතරට ඇහැරවන්න" කියල.
පහුවෙනිද මහත්තයට එකපාරටම වගේ හරක් අඬන සද්දෙට ඇහැරිල බලත්ද්දි හයත් පැනලලු.
මල කෙලියයි මේ ගෑණි මාව කෑව කියල හිතාන, තරහ පිටම ගිහින් බැලුවලු තුන්ඩු කෑල්ල හුළඟෙ ගෙහුන්වත්ද කියල මේකි කතා නොකලෙ.
අනෙ අපූරුවට බැබැලි බැබැලි තීන තුන්ඩුව ගාව තව එකක් තීනවලු
"දැන් හතරයි නැගිටින්න" කියල.
හිහ් හිහ්.. හොහ් හොහ්.. හැක හැක..
Deleteඉන්දික,
Deleteස්තූතියි .....අපූරු කතාව ඒක....:)
කමන් නෑ ඊළග දවසෙත් කතාව කියවමුකො හිහි
ReplyDeleteවචන 1700 තිබ්බද මංද.. හැක්...
මොකද්ද අර xxxxxxxx තියෙන්නෙ සිරාවටම තේරෙන්නෙ නෑනෙ.
දහ අතේ නෙවී විසි අතේ කම්පනා කොලත් ඔලුවට එන්නෙම නෑ
එක්කොත් ඕන නෑ
Mahesh,
Delete/ මොකද්ද අර xxxxxxxx තියෙන්නෙ සිරාවටම තේරෙන්නෙ නෑනෙ. /
පරිනිර්වාණ ශක්තිය මෙහෙයවපං බං...පරිනිර්වාණ ශක්තිය මෙහෙයවපං බං…අර සුප්‍රසිද්ධ කතාවෙ අනික් පැත්ත....:)
කොටිම්ම ජී.එල්. ගෙ මෙන්න මේ කමෙන්ට් එකේ තියන සීන් එකේ ටෝටලි ඔපසිට් එක..තේරුණෙයි?
තේරුණෙයි?/// ලු
Deleteහිහි
අපි තාම ඇච්චො නෙ...
:D:D
ReplyDeleteSenarath,
DeleteThanks...:)
රවීතුමා කතාව එක දිගටම ලියනවාලූ... :-) එතුමාට ජය වේවා !!!:-)
ReplyDeleteHemamali,
DeleteThank you...Thank you....:)
" කැම්බැල්ලෙ" "දික්සඟලා පුටුව " මේ වචන දෙක නම් ඇහුවෙත් අද තමයි .
ReplyDeleteපඳුරු තලාගෙනම යං අය මොකෝ මාතෘකාවටම කතා ලියවුණු තැනක්යෑ මේක :) :)
Kasun,
Deleteකැම්බැල්ලෙ කියන්නෙ නොනවතින මහ කංදොස්කිරියාවක් කියන එක.
දික්සඟලා පුටුව කියන්නෙ හොඳට වැතිරිලා කකුල් දෙකත් උඩ තියාගෙන නිදාගන්ට උනත් පුලුවන් ආතල් හාන්සි පුටුවක්....:)
"ඔන්න XXXX XXX කරලයි තියෙන්නෙ. ඕනනං XXXXX එකයි ඇත්තෙ"
ReplyDelete"ඔන්න ඇඳ පිළිවෙල කරලයි තියෙන්නෙ. ඕනනං නිදාගන්න එකයි ඇත්තෙ"
.......lol
ඇනෝ,
Deleteඅර කිව්වත් වගෙ එහෙම වෙන්නත් ඇහැකි තමයි...:)
හැබැයි ඉතින් කතාව ඉවරම කරන්න කියල හිතාගෙන ඉක්මනට ලිවුවමත් නිකන් අපිට මදි මදි වගේ හිතෙන්නේ මොකද මන්දා.
ReplyDeleteදිනේෂ්,
Deleteඅනේ මන්ද බොලව් ඒ පාර එහෙමත් හිතෙනවද?...:)
මම කැමතිම කැල්ල.
ReplyDelete"නෑ..නෑ..නෑ..ඒ පරීක්සා කිරිල්ලෙං කමක් නෑ. ඔන්න ඔහේ මෙහෙට වෙලා ඉන්ට..යන්ට ආය පරීක්සා කරන්ට..මොකටද මම කියන්නෙ එහෙම?"
මට නිකම් මැවිලා පේනවා ඔය ටික හි හී. ඉතින් ඕක කියපු ගමන් Ravi surrendered නේ. Pity!!! පොඩ්ඩක් පුරුෂ ශක්තිය එහෙම ඇඟට අර ගෙන සද්දයක් දල බලන්න එපැයි. (just kidding he he)
Ano,
Delete/ පොඩ්ඩක් පුරුෂ ශක්තිය එහෙම ඇඟට අර ගෙන සද්දයක් දල බලන්න එපැයි. /
බැඳපු අලුතම එහෙම සද්දෙ දාල බැලුව. සද්ද දැමීමේ පශ්චාත් ඛේදවාචකය ගැන ආයම දවසක...හොඳේ?....:)
අද ඉවර කරනවා කියල පටන් ගන්නකොටම මම නම් දැනගත්තා, තඩි පඳුරක් කියලා... මොකෑ ඉතිං හදිස්සිය... මට නම් දැන් වාන් පතුල්ද, ගුරුවරියද, සිළිස්සු කුකුලාද, කියලා කිසිම වෙනසක් නෑ...
ReplyDeleteඒක නෙමෙයි මම මෙ අහන්නමයි හිටියේ... උඹැහැ ලිව්ව අර සූට්ටං කවි හතක් ද කොහෙද එකක්... ඔය එක එක කවිය යම් යම් සිද්ධි හිතේ තියාගෙන නේද ලිව්වෙ? මම ඒ දවස් වල ඕක බැලුව තේරුම් ගන්න... වැඩේ හරි ගියේ නෑ... මට එහෙමට වෙලාවක් තිබ්බෙත් නෑ...
තිසර,
Deleteයස් මලේ..ඒ සුට්ටං කවි හතේම තියනව යං යං නිදාන කතා, පසුබිං කතා යනාදිය. ආයම දවසක ඒ කතා ලියන්නංකො. එතකොට කියන්නං ඔන්න අහවල් දවසෙ මම ලියපු සුට්ටං කවි හතේ තුන්වන කවියට පාදක වුනේ මෙන්න මේ කතාවෙයි කියල.
අර තියෙන්නෙ….." එදවස ඒ වෙළෙඳා නම් මෙදවස සැරියුත් තෙරණුවෝය. එකල බ්‍රහ්ම දත්ත රජ්ජුරුවෝ නම් සම්මා සම්බුද්ධ වූ මම්ම වේදැයි පවසා පූර්වාපර සන්ධි ගලපා වදාළෝය.." ……..අන්න එහෙම....:)
අපිත් ගුරුවරියො වුණාට ඔහොමම නං නෑ අප්පා.
ReplyDeleteකොහොම වුණත් රසවත් කතා වැළක්..
දසත,
Delete/ අපිත් ගුරුවරියො වුණාට ඔහොමම නං නෑ අප්පා. /
ඔව්..ඔව්..ඔව්..ගුරුවරියක් කිව්වට මෙයා ස්පෙෂල් කේස් එකක්....:)
මම පෙන්නුව ඔයාගෙ කමෙන්ට් එක...ඔන්න මූණ එහෙම හොඳට බලාගත්ත. ඒ කරල මෙහෙම කිව්ව " ආ..නැද්ද? මට අහුවෙද්දාවෙකො පාරකදි එහෙම..මම බලාගන්නං එහෙම නැද්ද කියල හුහ් " ඔන්න අපි දන්නෙ එහෙම නෑ..හොඳේ...:)
Thanks..Dasatha…
එක දිගට එකම කතාව ලියනවා කියන එකත් මැතිවරණ පොරොන්දුවක් වගේ වෙවිද දන්නේ නැහැ හිටං..
ReplyDeleteමනෝජ්,
Deleteනෑ බං ඒක ඇවිල්ල අර මලය ටෙලිකොම් සබාපති කරනව කියල වෙච්චි පොරොන්දුව වගෙ අනිවා ඉටුකරන එකක්.
ඔය පැල්වෙහෙර හරිය කිව්වම මට මතක්වෙන ප්ලේස් එකක් තියෙනවා. ෆාම් එකට ටිකක් ඉස්සරහට ගියාම හරිම ලස්සනයි.
ReplyDeleteදැන් ඉතින් මාමණ්ඩියා විසින් මත්පැන් අලෙවිකිරීමට බලපත් දුන්නා වගේ තියෙන්නැති රවී එහේ ගියා නම්... පව් අර මාමායි දෝණියි.
ගුරුවරියට සාතිශය සංයෝගය
රංගි,
Deleteඅර අඹ වනය හරිය වෙන්නැති ඔයා ඔය කියන්නෙ..ඒ හරිය හරිම ලස්සනයි තමයි...:)
මාස දෙකකින්වත් ඉවර කරා මැදෑ. අර වාම්පතුලට දැං කොච්චර කල් ද?
ReplyDeleteකසුන්,
Deleteවාම් පතුලටත් වෙනව අවුරුදු හතරක් විතර...:)
මෙයා දන්සල පැත්තේ ගියානම් උන් 200 ට 500ක් ගේනැත් දීල කියනව අනේ බුදු අක්කේ මොනව නැතත් කමක් නැ මේ රත්තරන් අයියව නම් එවන්න එපා චියල
ReplyDeleteදමිත්,
Deleteඑහෙමයි නේද බොලා එතකොට මා ගැන හිතාගෙන ඉන්නෙ?,..සිකේ අම්මප...ලැජ්ජහේ බෑ...:)
රවි අයියෙ, රුපියල් දෙසීයට කුදාර් වෙන්ඩම ගහයි කියල අක්කට කැපිල්ල දැම්ම නෙහ්?? අපි නං අර පුටුවට කියන්නෙ හාන්සි පුටුව කියල...
ReplyDeleteසජ්ජා,
Deleteඅඩේ හාන්සි පුටුව නෙවෙයි බං ඒක..ඒක වෙනස්...
ඔය පුළුකුනාවෙ සිද්දිය මම අහලා තියෙන්නේ පුල්මුඩේ සිද්දිය කියලා. නමුත් කතාව දැනගෙන හිටියේ නෑ. දැනගන්න කුතුහලෙන් හිටියේ. මට කියහංකෝ අම්ම ගහයි බැට් එකෙං කියන එකටත් ඔහොම පසුබිම් කතාවක් තියෙනවද කියලා.
ReplyDeleteහෙන්රි,
Deleteඅම්ම ගහයි බැට් එකෙං කතාවෙ මූලාරම්බය අර ඕස්ට්‍රේලියාවෙදි ලසිත් මාලිංගගෙ බැට් එක නැතිවෙලා ඌ හරුප කියන සිද්දිය නේද? කොහොම හරි එහෙමයි මම අහල තියෙන්නෙ...:)
මේක නම් කියල වැඩක් නැහැ. මාමණ්ඩිය මරු.//"ඔව්ව ඔහොම තමයි පුතා කරුමයක් පළදෙන්ට තියේනං ඉතිං වළක්වන්ට බෑනෙ ගෙවලම ඉවර කරන්ට එපාය ...නැද්ද මං අහන්නෙ?" කියල.//
ReplyDeleteගොසරෑව ???
වචන 1700 කියන්නෙ මේ බ්ලොගේ බොහොම පොඩි ගාණක් නෙ.. තව ජුණ්ඩක් ඇදල අරින්න ඇහැකි..
ReplyDeleteජයවේවා..!!
//"මම කියන්ටද? අපි මෙහෙම කරමු. අපේ සල්ලිවලිං ඔවුං බොනවද කියල පරීක්සා කරන්ට දන්සැල ඉවරවෙන වෙලාව අල්ලල මම ඒ පැත්තෙ යන්නං."//
ReplyDeleteෂෝක් කෑල්ල මේකනම්...