Thursday, May 19, 2016

414. සම්භාව්‍ය කවි ලිවීමට උපදෙස්........


කවි ලියන එක අමාරුයි කියල කවුද කියන්නෙ? මොන විකාරද? විශේෂයෙන්ම සම්භාව්‍ය කවියක් ලියන එක හරියට ජාපාල කසාය බිව්වම බඩ බුරුල් වෙනව වගෙ ලේසියි පහසුයි.

දැන් ඔන්න මෙහෙමනෙ සම්භාව්‍ය කවි ලියන්නෙ. ඉස්සෙල්ලම ඔය මොනවහරි වාක්‍යයක් ලියනව. ඔය එදිනෙදා සිද්ද වෙන බොහොම සාමාන්‍ය සිද්දියක් හොඳටම ඇති නොහොත් මෝ දෑන් ඉනෆ්.

ඉන්ටලාකො ඉස්සෙල්ලම මම කවි ලියන විදිහ කියල දෙන්ට ඉට්ටෙප් බයි ඉට්ටෙප්…

මෙන්න මෙහෙමයි. ඔන්න දවල්ට කාල එහෙම මම සරමත් වළාපොට ගහගෙන දොරකොඩින් මිදුලට බැහැල බඩත් අත ගගා පොඩි සක්මන් පාරක් දානව කියල හිතමු. වැට මුල්ලෙ තියෙන වැල ගහෙන් ඉදිච්චි වැල ගෙඩියක් තපෝස් කියල මගෙ ඉස්සරහට වැටිච්චි.වැලේ චොප්ප චොර වෙලා හතර අතට වැල මදුලුත් විසික්ක වෙච්චි.

දැන් පටගාල පොඩි කෝට්ටක් ඇන්න එතනම වැල්ලෙ ලියනව මෙහෙම "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි." රායිට් කවියක් ලිවීමේ මුල්ම පියවර අති සාර්තකව අවසානයි. දැං අවුලක් නෑ ඕන නං සරම බඩ මැදිං ඇඳගෙන ගෙට ගිහිල්ල බූරු ඇඳ කරේ තියාගෙන ගෙනිහිල්ල මිදුලෙ හීල් හෙවණක දිගෑරගෙන ඒකෙ උඩු බැල්ලෙං පත බෑවිල ආතල් එකේ සූට්ටං නින්දත් එහෙම ගහල උනත් කවි ලිවීමේ දෙවෙනි පියවරට ගිහෑකි. 

ඒත් එකක් මතක තියාගන්ට ඕමනයි. අපි දාරානිපාතව බුදියන අව් අස්සෙ අල්ලපු ගෙදර බළල් තඩිය එහෙම ඇවිදිල්ල කවිය උඩ රීල ඒක වහන්ට හතර අත පහුරු ගාල කවිය මකල දැම්මොත් ජලා හුටා. ඒ හින්ද කෝකටත් තෛලය කියල පිළි කන්නෙ හේත්තු කරල තියෙන අර පරණ ටකරම ගෙනල්ල කවිය වැහෙන්ට ඊට උඩිං නමලා තිබ්බනං වැඩේ කෝකටත් හොඳය. සූදානං සරීරේය කියල අර කවුද මූද හත් ගව්වක් තියල කවුද යකෝ මගේ අමුඩෙ රුන්නෙ?

එනිසාවෙන් එහෙමත් කරල, බැරිවෙලාවත් මහ හුලඟක් ඇවිල්ල ටකරම හුලඟෙ ගියොත් එහෙම කියල ගඩොල් බාගා දෙකකුත් දෙපැත්තෙං බරට තියලම ආවනං වැඩේ සුද්දය. එහෙම කරල ඔන්න ඇවිදිල්ල පැය දෙකක වගෙ ෂපාන් නින්දක් එහෙම ගහල ආයම ඇහැරිනකොට හවස හතර වගෙ පහු වෙලාය.

අල්ල ලෙව කාල කහට ඩිංගක් එහෙම බීල හිට අපේ වැඩේට සූජානං වෙන්ට ඕනෑය. මොකක්ද වැඩේ? හරි..මහා කලා නිර්මාණයක් වූ සංබාවිය කවියක් ලිවීමය. ඒ වැඩේට සරම වලාපොට එහෙම ගහගෙන කවිය ලඟ ඉස්සෙල්ලාම වාඩි වෙන්ට ඕනෑය. ආ..ඊට කලිං අර ටකරම අයිං කරල උස්සං ගිහිල්ල පිළිකන්නෙ තිබ්බ තැනම හේත්තු කරන්ටත් ඕනෑය.

මොකක්ද ඇහුවෙ? ඇහුනෙ නෑ හරියට ..ටිකක් සද්දෙට කියන්ටකො කට ඇතුලෙ තියාගෙන සුටුපුටු ගාන්නෙ නැතුව...ගඩොල් බාග දෙකට මොකද කරන්නෙ කියල ඇහුව? ඒකට කැමති දෙයක් කරන්ට. ............ඒකට කරන්ටම දෙයක් හිතාගන්ට බැරිමනං එල්ලගං උඹෙ...හෙහ්,...හෙහ්,...ඒ ගඩොල් බාග දෙකෙයි කවි ලිවිල්ලෙයි සම්බන්ධයක් නෑ. හරි දැං ඉඳගත්ත උක්කුටිකයෙං කවිය ලඟ..දන්නවනෙ උක්කුටිකයෙං ඉඳගන්ට නේද? අන්න හරි අර උක්කුටික පෝච්චියෙ ඉඳගන්නෙ ..අන්න ඒ විදිහට.

දැං ඔන්න ඉස්සරහ තියනව අර කලින් ලියාපු වාක්කිය. මතකෙයි? "වැලය වැටී හතර අත චොරවී මදුලු විසි විය. ඇට ද එහෙ මෙහෙ දසත විසිරිණි." 

ඔන්න දැන් නියම ආතල් පහේ කවියක් හදාගන්ට කොරන්ට තියෙන්නෙ බෝම ලේසි වැඩක්. අර වාක්කියෙ වචන එහා මෙහා කරල ආයම ලියනව. මේ බී ලයික් දිස් එහ්?

චොරවී හතර අත,
විසිවී මදුලු වැටී වැලය,
විසිරිනි දසත, 
එහෙ මෙහෙ ඇටද,

එහෙම නැත්තං මෙහෙම උනත් ඒ හැටි අවුලක්මත් නෑ....

මදුලු චොරවී වැටී වැලය,
විසිවී හතර අත,
ඇටද විසිරිනි,
දසත එහෙ මෙහෙ,

ආන්න දැක්කද? මගේ දයාබර සහෘදයිනි, ඔය තියෙන්නෙ සම්භාව්‍ය ගණයේ කවියකි. අද්දුටුවයි. සත්තයි. ප්‍රත්තියාක්සයි. හරි නොගියොත් මුදල් ආපසු. කවීශ්වර තිස්ස, බදුරුලෙන, පත්තලගෙදර වේයන්ගොඩ. වී.පී.පී. නැත. ඉරිදාට මා හමුවිය හැක්කේ කොට්ටුකච්චියේ එළුමස් කඩය පිටුපස අබිලිංගේ තිප්පොලේදී පමණි.

හරි හරි ඒ කවීශ්වර තිස්ස කතන්දරේ නිකං බූරුවා උඩ හකුරු පටවනව නැත්තං හරකා කෝච්චිය දිහා බලා ඉන්නව වගේ නං ඒ ගැන විස්සෝප වෙන්ට එපල්ල. ඒක මේ අපේ කාලෙ කතාවක්. මයෙ හිතේ ඔය අරූට, හෙන්රිට, ඉයන්ට සහ හැලපෙට එහෙම මතක ඇති. 

තව සුරා සූදූ අතහැර කියලත් ඒ වෙළඳ දැන්වීමෙ පොල් අකුරින් තිබ්බ උඩිම්ම. තව තිබ්බ ඔය නිතරම ගිය ඇඩ් එකක්. ඩී.ඩී. ජයසේකර වෙද මහතා, වෙද ගෙදර, මීගමුව. ඒ මහත්තය බේත් දුන්නෙ පීනසට. නාසානන්ද තෛලය තමයි බෙහෙතෙ නම.පස්සෙ ඒ වෙද මහත්තයගෙ නෝනත් පීනසට වෙදකං කලා. නම හැරියට් ඊ. ජයසේකර.

අපි හිච්චි එවුං කාලෙ...ඉච්චි නඟේ පාලේ ඉඳ ඇංගි ඔරා. ලෆටි සිතිම් මට මතකල් වීලු කලා....හරි ඒ සංගීත අන්තස්ථයෙන් පස්සෙ ආයම කතාවට. (සංගීත අන්තස්ථය = මියුසිකල් ඉන්ටර්ලූඩ්) ඉතිං අපි ඉච්චි එවුං කාලෙ හැමදාම වගෙ පත්තරේ යන ඇඩ් එකක් ඕක. මන්තර ගුරුකං එහෙම කරපු හාමුදුරුවො කෙනෙක් ඔය කවීශ්වර තිස්ස.

හරි ඉතිං ආපහු කවියට. ඕක අර පේස් භුක් එකේ දැම්මනං එක අඩ හෝරා අඩක් යන්ට ඉස්සෙල්ල ලයික් පණහක්වත් වැටිල. අද්දුටුවයි සත්තයි, ප්‍රත්තියාක්සයි. ආ..නෑ..නෑ..නෑ..තේරුං ගැන කවුරුවත් අහන්නෙ නෑ. එහෙම අහන එක මදිකමක් කියලයි සාමාන්ය පිළිගැනීම. එහෙම අහනව කියන්නෙ කවිය තේරෙන්නෙ නෑ කියන එකනෙ. ඒ හින්ද එහෙම අහන්නෙ නෑ මැරූකොට.සක්සුදක්සේ තේරුණා වගේ ඉන්නව අර ඇටිකෙහෙල් කාපු ගල් බමුණා වාගෙ.

එහෙමත් නැත්තං සමහරු මෙහෙමත් කියනව." තේරුණේ නං නෑ. ඒත් මේක ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියනව කියල නිකං ලාවට ලාවට වගෙ තේරෙනව" ඔන්න ඔහොමත් කියනව. 

එතනිං ගියාම තවත් කස්ටිය ඕකට රටේ නැති තේරුං දෙනව. 

"ආ..ඔතන වැලයක් කිව්වට ඕක වැලයක්මත් නෙවෙයි."

"ඒ කිව්වෙ? වැලයක් නෙවෙයි නං වෙන මොකද්ද?"

"ඔතන ඔය වැලයක් වැටුනයි කියන්නෙ සසර ගමනෙ පාරමිතා පුරනවනෙ. ඒ පාරමිතා බිඳ වැටුනයි කියන එක."

"හැබෑද? කවුද දන්නෙ?..... කලිං කියන්ට එපාය නිකමට වගෙ…"

සම්භාව්‍ය කෙටිකතාවක් ලියන එක ඔයිටත් ඉතාම ලේසියි. ඉන්ටලාකො ඒ ගැනත් උපදෙස් දෙන්නං..අනික මම එහෙම ලියපු ආදර්ශ සම්භාව්‍ය කෙටිකතාවකුත් තියනව. ඒකත් දාඤ්ඤංකො හෙට අනිද්දම.

132 comments:

  1. ඕක ලිව්වෙ මහින්දනෙ.
    ඕක වැල ගෙඩියක් කිව්වට යටි අදහස "බටහිර කුමන්ත්‍රනයක්".
    එතුම ඒක චොර කොලා නොවැ.
    ඒක නෙවේ දූරියන් ගෙඩිය සම්බාව්‍ය විදිය ගහෙන් වැටෙන විදිය ලිහයන්කො බන්

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      " භුධ්ධු අම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මෝ..හ් "

      දූරියං ගෙඩියක් සම්භාව්‍ය විදිහට ගහෙං වැටෙන්නෙ අන්න එහෙමයි..

      Delete
    2. තව තිබ්බ ඔය නිතරම ගිය ඇඩ් එකක්. ඩී.ඩී. ජයසේකර වෙද මහතා, වෙද ගෙදර, මීගමුව. ඒ මහත්තය බේත් දුන්නෙ පීනසට. නාසානන්ද තෛලය තමයි බෙහෙතෙ නම.පස්සෙ ඒ වෙද මහත්තයගෙ නෝනත් පීනසට වෙදකං කලා. නම හැරියට් ඊ. ජයසේකර.
      .........................
      ඉහත උපුටා ගැනිම...
      හැරියට් ඊ.ජයසේකර මා මිත්තනිය පිනස් රෝගයට ප්‍රතිකාර කල බවට වැරදි මත සමාජගත නොකරන මෙන් දන්වනු කැමැත්තෙමී.

      Delete
  2. බොග් ටයිටයක් දැනී
    වැසිකිලියට යට ගියවිට
    වාතයක් පමනක් පිටවිය
    ඇතිකරමින් මිශ්‍ර හැඟීමක්

    ඒ සතුටදැයි දුකදැයි
    බලාපොරොත්තු කඩවීමක්දැයි
    අපේක්ෂා භංගත්වයක්දැයි
    සිතාගත නොහැකිව

    වාතදුමාරයට ඇතිවූ කැස්සත් සමග
    ඇතිවූ වික්ෂිත්තභාවය අතරෛන්
    පස්සත් සෝදාගෙන
    එලියට ආ කල

    යකෝ වාතයක් යවා
    පස්සත් සෝදාගත්තා නේද මං
    යයි සිතාමද සිනා
    පහල විය මා හට

    මචංලා මේක තව සම්භාව්‍ය කොලෑකිද බලාපල්ලා

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන බොග ටයිට කියන සංසාරික බැදීම නිසා ඇතිවන බර.........කියල දාල හිතුවොත් මේක පට්ට සම්භාව්‍ය කාව්‍යයක්

      Reply

      Delete
    2. අනිත් එක, පස්ස හේදුවට පස්සෙ අත හේදුවද නැද්ද කියන එක හරියටම පැහැදිලිව කියලා නැති නිසා ඒක තවත් සම්භාව්‍ය වෙනවා...

      Delete
    3. හෙන්රි,

      මල කෙලියයි, අඩේ බං බොග ටයිට් වගෙ දැනිල රෙන්ට ගියහම බඩු වැඩ නැත්තං සම්බාවිය කයි ලිය ලිය ඉන්ට නෙවෙයි තියෙන්නෙ වහාම හොඳ ඉස්පිරිතාලෙකට ගිහිල්ල ඊ.සී.ජී. එකක් ගනිං.

      ඒ කිව්වෙ ඔය බොග ටයිට් බට් නෝ බොගිං කියන්නෙ හාට් ඇට්‍රෑක්ෂන් එහෙක මූලික ලක්සනයක් වෙන්ට පුලුවනි. පළමෝත අත්දැකීමෙං මම මේ කියන්නෙ.

      Delete
    4. කම්මල,

      හප්පටසිරි එහෙම හිතුවොත් ඒක මාරම සම්බාවියයිනේ...හෙහ්,හෙහ්,

      හැබැයි ඉතිං ඔහොම හිතුවොත් බොගට තමයි කචල් එක. ගිහිල්ල ඉඳගත්තම අඩේ මම මේ සංසාරික බැඳීමක් නේද මේ පහ කරන්ට යන්නෙ කියල හිතුනම මට නම් ඉබේම බොග අවශ්‍යතාවය නැතුව යයි. ආය ඒකෙ දෙකක් නෑ….:)

      Delete
    5. //ඇතිකරමින් මිශ්‍ර හැඟීමක්//

      උඹට කවි ලියන්න බැහැ, තේරෙන්නෙ නැහැ කියන්නෙ බොරුවටනෙ... මේ කැල්ලෙන් තමයි මචං මේක පට්ට සම්භාව්‍ය වෙන්නේ.. :)

      Delete
    6. ව්හ්ඃ..!ව්හ්ඃ..! ක්ය්‍යා සූරත් හේ...ක්‍යා ගානා හේ.. ව්හ්ඃ..!ව්හ්ඃ..!

      Delete
    7. ඔය වාතය පිටවෙනකොට සද්දයක් ආවද නැද්ද කියන තැන තමයි සෑහෙන්න සම්භාව්‍ය මෙවුව එකක් තියෙන්නෙ.

      Delete
    8. ඕකේ කිසිම සම්භාව්‍ය ගතියක් නැහැ. සම්භාව්‍ය වෙන්න නම් පස්ස සෝදාගත්තා වෙනුවට පස්ස පිසදාගත්තා වෙන්න ඕන. බටහිර කාව්‍ය ගති ලක්ශනයක් යාන්තම්වත් ගෑවිලා නැත්නම් ඒක සම්භාව්‍ය වීමේ යෝග්‍යතාවය අඩුයි.

      Delete
    9. එහෙම බලපුවාම 'සාදු නද', 'කහ සිවුර',සිංහ ලේ වගේ වචනෙකුත් තිබ්බ නම් සම්භාව්ය්‍ය රැඩිකල් නිර්මාණ කෘතියක් කොරගන්න තිබ්බා..

      Delete
    10. බූරා,

      ඇත්තට මේකා අත හේදුවද කියල පැහැදිලිව කියල නෑ නේන්නං

      Delete
    11. තිසර,

      මොකක්ද බං මේ පොළොස් කොට්ටෝරුව ඌට මිශ්‍ර හැඟීමක් ඇතිවුනාය කියල කියන්නෙ? අර කවුද පසේ නදී කොසොල් රජ්ජුරුවොද කොහෙද ඉස්සෙල්ල අඬල පස්සෙ හිනාවුනාය කියන්නෙ. අන්න ඒ වගෙ මොරෙඤ්ඤං සීන්ස් එකක්ද දන්නෙ නෑ..නැද්ද?

      Delete
    12. Gus,

      / ව්හ්ඃ..!ව්හ්ඃ..! ක්ය්‍යා සූරත් හේ...ක්‍යා ගානා හේ.. ව්හ්ඃ..!ව්හ්ඃ..! /

      What did you say?

      Delete
    13. Prasanna,

      / ඔය වාතය පිටවෙනකොට සද්දයක් ආවද නැද්ද කියන තැන තමයි සෑහෙන්න සම්භාව්‍ය මෙවුව එකක් තියෙන්නෙ. /

      ඒ සම්භාවනීයත්වය පිලිබඳ අතිගරු ප්‍රසන්න විද්වතානන්ගේ අර්ථ කථනයයි...:)

      Delete
    14. අරූ,

      මෙන්න තවත් අර්ථ විවරණහක්..සම්භාව්‍ය යනු කුමක්ද?

      Delete
    15. Gus,

      / එහෙම බලපුවාම 'සාදු නද', 'කහ සිවුර',සිංහ ලේ වගේ වචනෙකුත් තිබ්බ නම් සම්භාව්ය්‍ය රැඩිකල් නිර්මාණ කෘතියක් කොරගන්න තිබ්බා../

      "සිවුර කරට"…. ඒක කොහොමද? එහෙම නැත්තං "අඳන කඩේ" තවත් පුලුවන් "පඬු හැලියේ බලේ"

      Delete
    16. අත හේදුවෙ නෑ මචංලා මොකද එයා රිලීස් එකක් විතරක් නිසා හයි ප්‍රෙෂර් විතුර පාරක් විතරක් අල්ලපු හන්දා. නමුත් උඹලගෙ බලකිරීම මත දැන් ගිහිල්ලා අත හෝදගෙන ආවා. ඈ බං. දැන් කවියක් ලියන්නත ඕනෙ සත්‍ය සිද්දියක් ගැන විතරමද?

      Delete
  3. මගේ දන්නා සාස්තරේ ගුරු මුෂ්ඨි නැතුව මෙහෙම කියල දීම ගැන මගේ බලවත් විරෝධය!!!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      අඩේ..සමාවන සේක්වා ගරු උතුමියනි!

      Delete
  4. උත්තරයක් දෙන්නත් බයයි.. මේකා මහ නහරයා නිසා.. හැාක්

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      අඩේ මට නොයෙක් නං වනං පටබැඳල තිබ්බ එක නම් ඇත්ත. ඒත් නහරයාය කියල කවුරුහරි ඔය කිව්වමයි ඔන්න...:)

      Delete
  5. "පාඨකයින්ට බලාපොරොත්තු තොගයක් ලබා දෙමින්, වසර ගනනාවකට එපිටදී පටන් ගත්තත් තවමත් අවසන් කර නැති කතන්දර ලිවිමට තමාට කාලය නොමැති බව හඟවා ඒවා මගහරිමින්, පාඨකයින් මුලා කරමින්, වෙන වෙන බහුභූත සදහා කාලය වෙන්කර ගැනීමට හිතා හදාගන්නා ආකාරය".....කියලා දෙන්න බැරි වෙයිද දන්නෑ මේ විදිහටම

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      සමාවන සේක්වා, සමාවන සේක්වා. එවන් අතපසුවීම් කිසිසේත් මවිසින් චේතනාන්විතව නොකල බවටද හුදු නොවැළැක්විය හැකි හේතූන් කරනකොටගෙන සිදුවූවන් බවටද ශපථ කොට පවසන අතර හැකි විගස එම වරද නිවරද කිරීමට නිසි පියවර ගන්නා බවටද මෙයින් පොරොන්දු වෙමි.

      Delete
    2. තමාට කාලය නොමැති බව හඟවා ඒවා මගහරිමින්, පාඨකයින් මුලා කරමින්, වෙන වෙන බහුභූත සදහා කාලය වෙන්කර ගැනීමට හිතා හදාගන්නා ආකාරය++++
      Absolutely correct. Ravi the cheeky monkey.

      Delete
  6. විදුලිය ඇනහිට ඇත.
    කවුලු විවර කල බැවින් කාර්‍යාලය දූවිල්ලෙන් පිරී ඇත.

    කරන්ට් එක ආවම එන්නම් මේක සම්බාව්‍ය කරන්ඩ පුලුවන්ද බලන්ඩ

    ReplyDelete
    Replies
    1. නැතුව ලිය විදු
      කර වි වර කවුලු
      අංශු දූවිලි
      හා..ච්..චිං
      මුංගේ ....

      මේක හරිගිහිං නම් මං ලියනව කවි ලොවෙත් නැති වෙන්ඩ :)

      Delete
    2. that not poem kasun. that like 'high khu' හැක්..

      Delete
    3. @ Praසන්ன
      කවද කාපු ටකරං ද :)

      Delete
    4. කසුන්,

      අප්පටසිරි අපූරු කවිය...ප්‍රසන්නය කිව්ව වගෙ හයිකුවකට තමයි වඩාත් සමාන..ලියපං මල්ලි දිගටම..

      හයිකු හෝ කවි හෝ,
      ලියත හැක රසවත්ව බෝ,
      පිනායන්නට සියල් වැසි ලෝ,
      කසුන් ලියපං මල්ලි සම් මෝ,

      Delete
  7. ගුරු මුස්ටියක් නැතිව ඉට්ටෙප් බයි ඉට්ටෙප් කියා දීම අගෙයි..
    අත්හදා බලා කවියක් ලියා දාන්නම්කෝ රවී අයියේ...

    ReplyDelete
    Replies
    1. මැඩම් ඒ කවුද ඈ???? හික් හික් හික්...


      ඇත්තටම මේ පෝස්ටුවනම් මරු ඈ.. අර අන්තිමට කියල තියන එකත් එහෙනම් ඉක්මනින් දාමු...

      Delete
  8. රවියො, ඔය ඉච්චි නඟේ පාලේ ඉඳ කවිය ඒ ඩබල රී මික්ස් කලා මතකද?
    "ඉච්චි නඟේ පාලේ ඉඳ ඩිශ්ටි ඩ්ඩිං"

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙනං එහෙනං රී-මික්ස් කලා නෙවෙන්නං

      Re-mixed song going like this OK?

      ඉච්චි නගේ පාලෙ ඉඳ ඇන්ගි ඔරා…
      ජිකතං ජිංක තකං ජිකතං ජිංක තකං..
      ආ..ආ..ආ....අහා..අහා...ආ...ආ...ආ....අහා..අහා..
      ලෆටි ෂිතින් මට මතකයි වීලු කලා…
      ජිකතං ජිංක තකං ජිකතං ජිංක තකං.
      ඉතට ඔරා මල් ෆිෆුනා ආල නුරා..
      අද මොකදෝ මං දුටුවම ඩුරෂ් වෙලා…
      ජිකතං ජිංක තකං ජිකතං ජිංක තකං..
      ආ..ආ..ආ....අහා..අහා...ආ...ආ...ආ....අහා..අහා..

      Delete
  9. කවීශ්වර තිස්ස මොකද බං දන්නෙ නැත්තෙ අපේ එරියල්ල් එකේ පොර වෙච්චි කොට.
    ඉස්සෙල්ලම කවීශ්වර තිස්ස හිමි පින්තුරෙ තට්ටෙ.ඊට පස්සෙ ටික ටික ඒ තට්ටෙ කෙස් ආවා(ගුරුකම් බලේට වෙන්න ඇති) නමෙත් හිමි කැපිල කවීශ්වර තිස්ස උනා.
    දැන් නං පේන්න නෑ මැරිල ඇති.ඒ ගැනත් සංභාවිය කවියක් ලියන්න ඇහැකි ඕන්නං.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරියට අර 'අලවතුරේ විජිතවංශ හිමි' පස්සෙ කාලෙක 'විජිත අලවතුර' වුනා වගේ සීන්ස් එකක් නෙවැ..

      Delete
    2. බූරා,

      නානා සිවුරු ඇරියම - ඥාණ ගලබොඩ අත්ත.
      අර හෝවාං වෙච්චි උන්නැහැ - සිරී පිටිදූව
      ඊගාවට බ්‍රිගේඩියර් නාලක බෙංගමුව.

      Delete
    3. හැලප,

      ඔය ඕලෙවල් හරි ඒ ලෙවල් හරි කරල ගෙදර ඉන්න කාලෙ උඹ කවීස්වරයා ගාව වැඩ කලාද කොහෙද කියල මට මතකයක් තියනව.

      Delete
  10. /*මෙන්න මෙහෙමයි. ඔන්න දවල්ට කාල එහෙම මම සරමත් වළාපොට ගහගෙන දොරකොඩින් මිදුලට බැහැල බඩත් අත ගගා පොඩි සක්මන් පාරක් දානව කියල හිතමු. වැට මුල්ලෙ තියෙන වැල ගහෙන් ඉදිච්චි වැල ගෙඩියක් තපෝස් කියල මගෙ...*/

    ඔතනින් පස්සෙ හැබෑවටම වුනේ මෙන්න මෙහෙම දෙයක්ලු.

    ... තට්ට ගෙඩිය උඩට පතබෑවිච්චි. වැලේ චොප්ප චොර වෙලා හතර අතට වැල මදුලුත් විසික්ක වෙච්චි. හෙල්ලුංකාපු මොළ ගෙඩියත් අල්ලගෙන ඩිංගක් එහෙට මෙහෙට වැනි වැනී ඉඳලා මාත් ඒ වැල ගෙඩිය උඩටම පත බෑවිච්චි.

    ඕන්න ඔය සිද්දියෙන් පස්සෙ තමයිලු මේ සම්බාව්ය කවි ඇංජිම ඉස්ටාර්ට් උනේ. :D :D :D

    මාත් අහලා තියෙන ඔය වාගෙ කවියක් තියෙනවා. පොඩි කාලෙ කියවපු කතන්දර පොතක තිබ්බෙ.

    ඇටිකිති චූස්
    කකුළු චරාස්
    හාවා කළ එකල මෙකල
    මේ මරණින්
    බේරුණොතින්
    ආයිත් නොකමි හීල්බත් දංකුඩ

    මේක මරු පෝස්ට් එක අයියෙ. සම්බාව්ය කතන්දර ගැනත් විගහිං ලියන්ටකෝ එහෙනං.

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන්නේ මෙහෙම
      ඇටිකිටි චූස්
      කකුල චුරුස්
      හාවා කල
      එකල මෙකල
      මේ මරණින්
      ගැලවුනිනම්
      හීල් බතට
      අත නොතියන්

      තව එකක් තියෙනවා චූස් කියලා
      අර
      ආනා රූනා
      රූන ක‍ටුස්සා
      ඒ ගෙඩි මේ ගෙඩි
      අතරිං පතරිං
      පාන් _ _ න්

      Delete
    2. Ooops parts missing:
      ආනා රූනා
      රූන ක‍ටුස්සා
      ඒ ගෙඩි මේ ගෙඩි
      අතරිං පතරිං
      පාන් _ _ න්
      චූස්

      Delete
    3. මෙතන -- කියන්නෙ පුක නේද

      Delete
    4. පුක යනු කුණුහරුපයක් නොවේ. කකා නොහොත් රසිකොලොජිස්ට්

      Delete
    5. මෙහෙම නරකද...

      ආනා රූනා
      රූන ක‍ටුස්සා
      ඇළගෙඩි පැළගෙඩි
      කැලයට පිම්බා
      ආන් බාන්
      මදුරු පුකෙන් චුස්...

      Delete
    6. ආනා රූනා
      රූන කටුස්සා
      වේ ගෙඩි වේ පලු
      ආං බාං
      බුරුයෙන්
      බුශ්..

      Delete
    7. සිත්තමී,

      / ඕන්න ඔය සිද්දියෙන් පස්සෙ තමයිලු මේ සම්බාව්ය කවි ඇංජිම ඉස්ටාර්ට් උනේ. :D :D :D /

      අනේ කවුද්දං..එහෙමත් වෙන්ට ඇති සම්ටයිම්ස්..( කවුද්දං = කවුදෑ බං දන්නෙ? )

      ඇටිකිති චූස් කවිය නම් කලින් අහල නෑනෙ...:(

      / මේක මරු පෝස්ට් එක අයියෙ. සම්බාව්ය කතන්දර ගැනත් විගහිං ලියන්ටකෝ එහෙනං. /

      හෙහ්,හෙහ්, තෑන්ක්යූ..තෑන්ක් යූ..හරි හරි ඒකත් දාන්නංකො හැකි විගස...:)

      Delete
    8. හෙන්රි,

      ඔය ආනා රූනා කවිය කියන්නෙ පොඩි කාලෙ ගඳක් එහෙම ආහම පැඩ්ඩෙ කවුද කියල හොයාගන්ට නේද?

      මට මතක මෙහෙම…………

      ආනා රූනා,
      රූන කටුස්සා,
      ඒ ගෙඩි වේගෙඩි
      ආං බාං බුරියං බුස්

      අන්තිමට බුස් කියනකොට ඇඟිල්ල දික්වෙච්චි එකා හෝ එකී තමයි වැරදි කාරි.

      Delete
    9. චැහ්, චූස් වෙච්ච ඇටිකිච්චාගෙ කවිය ගිහිං තියෙන දුරක්!

      ඩූඩයියා කියලා තියෙන වර්ශන් එක මට මතක එකට වඩා හොඳට රයිම් වෙනවනේ. ඒකෙ වර්ශන් කීපයක් ඇති සමහරවිට. මම කියවලා තිබ්බ කතාව මෙන්න මෙහෙමයි (ඒකත් මට මතක හැටියට තමයි ).

      එකෝමත් එක රටක රජ පවුලක කුමාරිකාවක් හිටියා. මෙයාට තිබුණා හිනා යන්නෙ නැති ලෙඩක්. කොයිතරං වෙදකං කළත්, ගුරුකං කළත් හරි ගියෙ නෑ. ඉතින් ඒ කුමාරිකාවගෙ පිය රජ්ජුරුවො අණ බෙරයක් නිකුත් කළා කුමාරිකාවව හිනස්සන්න පුළුවන් කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. ඉතින් ඔය රටේම හිටියා ගමරාළ කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි. මේ දෙන්නම හරිම ආසයි හීල් බත් දංකුඩ කන්න. එක දවසක් ගමරාළ ගම මහගේට නොතියා හීල්බත් දංකුඩ ටික ඔක්කොම කාලා තිබ්බා. ඒකට කේන්තියෙන් පිපිරි පිපිරි ඉන්න අතරෙදි ගම මහගෙට ඇහුණා අර අණ බෙරේ. එයා අණ බෙරේ නවත්තලා කිව්වා ගමරාළට කුමාරිකාවව හිනස්සන්න පුළුවන් කියලා. දැන් ඉතින් අණ බෙරේ නැවැත්තුවාට පස්සේ ඒ කියාපු දේට ඉදිරිපත් වුනේ නැත්තං රාජ උදහසට ලක් වෙන්ඩ වෙනවනේ. අනේ ඉතිං මේ අහිංසක ගමරාළත් අණ බෙර කාරයා පස්සෙන් මාළිගාවට යන්ඩ පිටත් වුනා. එයා සහසුද්දෙන්ම දන්නවා අච්චර වැඩ දන්න වෙද්දුන්ටත් හොඳ කරන්ඩ බැරි වෙච්ච ලෙඩේ එයාට හොඳ කරන්න වෙන්නෙ නෑ, එයාට කුමාරිකාවව හිනස්සන්න වෙන්නෙ නෑ, ඉන්තේරුවෙන්ම මැරුංකන්ඩ වෙනවා කියලා. ඉතිං ඔහොම හිත හිත අඬ අඬ යනකොට එයාගෙ කකුළට පෑගිලා ඇටිකිච්චෙක් 'චූස්' ගාලා චප්ප වුනා. ආයෙ ටික දුරක් යද්දි කකුළුවෙක් පෑගිලා 'චරස්' ගාලා චප්ප වුනා. තව ටික දුරක් යද්දි පාර අයිනෙ හිටපු හාවෙක් කලබල වෙලා ඒ පැත්ත මේ පැත්ත බලලා පඳුරක් අස්සට රිංගුවා. ඔහොම ගිහින් මේ ගමරාළ මාළිගාවටත් ආවා. කුමාරිකාව ඉස්සරහට ගිහිල්ලා දන්න සෙල්ලං ඔක්කොම දැම්මා. ම්හු! හරි ගියෙ නෑ. කුමාරිකාව ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නවා. දැන් ඉතිං නොවැරදීම දංගෙඩියට බෙල්ල තියන්න වෙන බව දැනගෙන ගමරාළ ඔන්න ඔය කවිය කිව්වලු. ඒක අහපු ගමන් කුමාරිකාවට හිනා ගියාලු. ගමරාළට ඇතෙක් බරට වස්තුව ලැබුණලු. එයා ඒකත් අරන් ගෙදර ගිහින් ගම මහගේත් එක්ක සතුටින් ජීවත් වුනාලු. :)

      Delete
    10. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
      මේ කතාව ඉස්සර අපේ ආච්චි කියල දුන්න, දැන් තමයි මතක් උනේ...
      තැන්කු වේවා කතාව මතක් කලාට...

      Delete
    11. ලොකු පුතාගෙ ආච්චි එහෙනං තව ලස්සන කතන්දර කියලා දීලා ඇති. :)

      මේක මම කියෙව්වේ පොඩි කාලෙදි තාත්තා මට ගෙනත් දීපු 'කපුටු බේත්' කියන පොතෙන්. ලියලා තිබ්බේ ඒ. පී. ගුණරත්න මහත්මයා. ලස්සන ජනකතා ගොඩාක් තිබ්බා ඒ පොතේ. කොළ පාට කවරයක් තියෙන පොඩි පොතක්. ටික ටික ලොකු වෙද්දි පොඩි කාලෙදි කියවපු හුඟක් පොත් එහෙට මෙහෙට බෙදලා දුන්නත් මේ පොත එහෙම කාටවත් නොදී ලෝබකමට ලඟ තියාගෙන ඉන්න පොත් වලින් එකක්. ආයෙ අරගෙන කියවන්න ඕනේ.

      Delete
    12. බොහොම ස්තූතියි සිත්තමී,

      ඔන්න ඇටිකිති චූස් කතාව ඇහුවම මටත් කලින් ඒ කතාව අහල තියනව වගෙ හිතෙනව.

      මගෙ හුඟක් පුංචිම කාලෙ මතක එහෙමයි. මට හිතාගන්න බෑ එව්ව ඇත්තටම මගේම මතකද එහෙම නැත්තං වැඩිහිටියො පස්සෙ කාලෙක ඔයා පොඩි කාලෙ මෙහෙම දෙයක් උනා කියල කිව්වම ඒ අනුසාරයෙන් ඇතිවෙන මතකයක්ද කියල.

      මෙහෙම දේකුත් තියනව. ඒ මතකවල වැඩි විස්තරත් මට බොහොම පැහැදිලිව මතකයි. දැන් උදාහරනයක් විදිහට මට අවුරුදු තුනක් විතර කාලෙ එතකොට අපි හිටියෙ මාතර. අපේ ගෙදර වත්තෙ හරියට හොටිය තලගොයි. ඉතිං අපෙ අත්තම්ම අපෙ නංගිව වඩාගෙන ගේ ඉස්සරහ පොල් ගහක් ගාව හිටගෙන හිටියලු. මමත් ඒ ලඟම හිටියලු. ඒ වෙලාවෙ බල්ලෙක් පන්නගෙන ඇවිල්ල තියනව තලගොයෙක්ව. තලගොයා කලබල වෙච්චි පාර අත්තම්මගෙ ඇඟ දේගේ උඩට නැඟල ඔලුවට ගොඩ වෙලා එතනිං පොල් ගහට පැනල පොල්ගහ දිගේ උඩට ගිහිල්ල පණ බේරගත්තලු.

      දැං ඔය සිද්ධිය මට බොහොම පැහැදිලිව මතකයි. ඒ කියන්නෙ ඒ තලගොයා නැඟපු පොල් ගහ උඩ හුලඟට ඇවිල්ල රැඳිච්චි නිල්පාට සරුංගලේකුත් තිබ්බ. ඒත් මට ෂුවර් නැත්තෙ ඒ ඇත්තටම මගෙ මතකයක්ද නත්තං වැඩිහිටියො කියන විස්තර අනුව මගේ පරිකල්පනය ක්‍රියාවේ යොදවල මම හිතාගත්තු ව්ස්තරද කියල.

      ඔයාල නිකං ඉන්න වෙලාවට කල්පනා කරන්නෙ නැද්ද ජීවිතේ ඉස්සෙල්ලාම මතක මොන වගේ සිද්ධියක්ද කියල? මගේ නම් එහෙම මතක ගොඩක් තියනව. වෙලාවක පෝස්ට් එකක් ( දෙකක්, තුනක්, හතරක් හෝ පහක්...හෙහ්,හෙහ් ) ඒ ගැන ලියන්නයි හිතාගෙන ඉන්නෙ.

      Delete
    13. සිත්තමී,
      මට යකා වැහෙන්නේ, දංකුඩ කන්න මිනිහව මරන්න හදපු අහවලීත් එක්ක ආපහු සතුටින් ජීවත් වුනේ කොහොමද කියලා අර ගොං වහංසේ.

      Delete
    14. //සිත්තමී,
      මට යකා වැහෙන්නේ, දංකුඩ කන්න මිනිහව මරන්න හදපු අහවලීත් එක්ක ආපහු සතුටින් ජීවත් වුනේ කොහොමද කියලා අර ගොං වහංසේ// මටත් යකෝ..

      Delete
  11. ඇයි රවි රේඩියෝ එකේ හිටිය ජාඇල ජිනපාල ද සිල්වා වෙද මහත්තයා?

    ReplyDelete
    Replies
    1. කුමාර

      මතකයි මතකයි ජා ඇළ බෙහෙත් ශාලාව……..

      " ඔබට වැළඳී ඇති රෝගය වාතය හා පිත එකට කිපීමයි. දත් මැදීම , මුහුණ සේදීම , නියපොතු කැපීම, බල මාලු කෑම, ඇඳක් උඩ නිදා ගැනීම අගුණයි."

      Delete
    2. කොල්ලෝ කිව්වේ නෑම,පිනීබෑම,මාලුබෑම අගුනයි කියල

      Delete
  12. මේක කියවද්දි ගෙදර මිනිස්සු අහනව තනියෙන් හිනැහෙන්නෙ මොකද කියල...))

    අපරාදෙ කියන්න බෑ ගුරුමුෂ්ටි තියාගන්නැතුව හයිකු ලියන්න කියා දෙන කවි ඇත්තෙක් මේ දැක්කමයි.. ඇත්තමයි රවි මාමෙ ඔහේ වගෙ අනිත් කවි කිවිඳියො පරාර්ථකාමී ඇත්තො වුණා නං මේ මුුළු ලෝකෙම කවිකාරයන්ගෙන් පිරීතිරී ගිහිල්ලා මේ වෙද්දි..))

    ReplyDelete
    Replies
    1. Warsha,

      / මේක කියවද්දි ගෙදර මිනිස්සු අහනව තනියෙන් හිනැහෙන්නෙ මොකද කියල...)) /

      " නෑ තාත්තෙ මේ මාමට පිස්සුද කොහෙද? ...මොකක්? තාත්තටත් බලන්ට ඕන කිව්වා? නෑ...නෑ..ඕනන්නෑ..තාත්තගෙත් ඔලුව නරක්වෙයි මෙව්ව කියවල " …... අන්න එහෙම කිව්වෙ නැත?

      / අපරාදෙ කියන්න බෑ ගුරුමුෂ්ටි තියාගන්නැතුව හයිකු ලියන්න කියා දෙන කවි ඇත්තෙක් මේ දැක්කමයි.. /

      අන්න අපි එහෙමයි..දන්නවැයි? පරාර්තකාමිත්වයේ තෝතැන්න, නිහතමානිත්වයේ නිජ බූමිය, ප්‍රජා සංවර්ධනයේ තිඹිරිගෙය එතනිං ගිහාම අත්තකිලමතානු යෝගයේ අපගමනය...ඒ ඇතිනෙ..I think you get what I mean? Eh madam?

      Delete
  13. කවි
    ****

    බෑ කිව්වට
    ලියන්න පුළුවන්
    ඕන ගොනෙකුට.

    ReplyDelete
    Replies
    1. ඔහොම එක පාරටම ගොනා කිව්වහම හරි නෑ නේද ? පොඩ්ඩක් සම්භාව්‍ය විදිහට කියපන්කො .

      Delete
    2. ඔය ගොනා කියන්නෙ පුල්ලි ගොනෙක්ද, මී ගොනෙක් ද, එළ ගොනෙක් ද, ප්‍රීෂියන් එකෙක්ද කියල හිතනකොට මා තලං ගෙ කොමෙන්ට් එක සෑහෙන්න සම් බාවය වෙනව.

      Delete
    3. මාතලන්,

      එහෙනං එහෙනං...:)

      Delete
    4. ගොනෙකුට පුළුවන්
      කවි ලියන්න
      බෑ කිවුවට
      උම්බෑ

      Delete
    5. Pra Jay,

      Must be a කේප්ප ගොනා ( Cape Buffalo )

      Delete
    6. කටුසු හදවත,

      ගොනෙකුට පුලුවනි කවි ලියන්න,
      බෑ කියල බෑ.......
      බෑ කියලා බැරිය ගොනෝ,
      බෑ කියලා බැරිය ගොනෝ,
      බෑ කියල බෑ කියල බෑ....

      Delete
    7. Actually Ravi, although you would prefer to attain the rarified status of a Cape Buffalo (very impressive animals - without jokes), කේප්ප ගොනා would be bull of the domestic Cape cattle- a breed much valued and admired in SL in British times and even during our childhood. (කේප්ප එලදෙන/වැස්සි)

      http://www.saguernsey.co.za/

      Delete
  14. ඔන්න ඔයාකාරයට කයියක් පද බඳින ආකාරය දක්වා රවියාණන් අත සෝදාගත් වග සටහන් වින..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      එහෙම අත හෝදාගන්නෙ නෑ බං..හෙහ්,හෙහ්..

      ඔය අත හෝදගත්තයි කියන කතාව ( ඒකෙන් අදහස් වෙන්නෙ වගකීමෙන් නිදහස් වෙනවයි කියන එක ) හැදුන හැටි දන්නවද? යේසුස් වහන්සෙ යුදෙව් පූජකයින්ගෙ දැඩි බලකිරීම මත කුරුසියේ ඇණ ගහන්ට නියම කරල පොන්ටියස් පිලාත් ( රෝමන් ආණ්ඩුකාරයා ) වතුර භාජනයක් ගෙන්නල අත්දෙක හෝදගෙන කිව්වලු මේ මනුස්සයගෙ මරනයේ වගකීමෙන් මම නිදහස් කියල. එතන තමයි ඔය අත හෝදගත්තයි අත හෝදගන්නවයි කියන කතාවෙ මූලාරම්භය.

      Delete
  15. මටනං මෙතන සම්බාවය විදියට ‍වෙන්න පුලුවං කියල හිතෙන්නෙ එක දෙයයි.
    සරම වලාපොට එහෙම ගහගෙන කවිය ලඟ උක්කුටිකයෙං ඉඳගත්තට පස්සෙ සරම පොඩ්ඩක් එහා මෙහා උනොත් වැටෙන් එහාපැත්තෙ ඉන්න ගෑනු කෙනෙකුට රවී අයියගෙ සම්බාවය තුන ඩී දර්ශනයක් බලාගන්න පුලුවන් වෙයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔන්න ඉතිං..ඔය කිව්වෙ..ඔය කිව්වෙ..

      සම්භාව්‍ය කාව්‍යකරණය ගැන මෙපමණ අනර්ඝ උපදෙස් කිසිදු අයකිරීමකින් තොරව මවිසින් ලබා දෙද්දී ඉන් උපරිම ප්‍රයෝජන ගනු වෙනුවට පෙනේද මේ නුවණ මඳ දුර්ජනයා මා උපහාසයට ලක් කරනා අයුරු..අහෝ අහෝ..අහෝ..ගරු ජනාධිපතිතුමාණන් ගෙන මාධූ වාලධියක් හෝ ලබාගෙන මගේම පශ්චාත් භාගයට තලවා ගන්නට සිතෙනුයේ මෙවන් අවස්ථාවන්හිදීය.

      Delete
    2. ඔය මාධූ වාලධිය ගන්නෙ දැං ඉන්න කෙනාගෙන්ද නැත්තං අප්පච්චිගෙන්ද?

      Delete
    3. කළගුණ දන්නේ නැති ජනතාව රවී. නැත්තම් අප්පච්චි ගෙදර යවයිද උම්මා ....

      Delete
    4. ප්‍රසන්න,

      / ඔය මාධූ වාලධිය ගන්නෙ දැං ඉන්න කෙනාගෙන්ද නැත්තං අප්පච්චිගෙන්ද? /

      සිරාගෙන් සිරාගෙන් සිරාගාවනෙ එව්ව තියෙන්නෙ. ඇයි අර සංගවයි මහේලවයි ගෝල්පීස් එකේ තියල ප්‍රසිද්දියේ කසපහර දෙන්ට ඕමනයි කියල එවුන්දැ ගෙන්නුවනෙ මාධූ වාලධීන් දෙකක් ඒ දවස්වල. එයිං එකක් ඉල්ල ගත්තනං හරි...

      Delete
    5. Ano,

      / කළගුණ දන්නේ නැති ජනතාව රවී. නැත්තම් අප්පච්චි ගෙදර යවයිද උම්මා /

      කලගුණ දන්න හින්ද තමයි ගෙදර යැව්වෙ...නැත්තං යවන්ට තිබ්බෙ ගෙදර නෙවෙයි වැලිකඩ....:)

      Delete
  16. ඔහේට අද ඇදපු සුරුට්ටු පාර සැර වැඩි උනා නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හැබෑට එහෙම දෙයක්වත්දත් මංදා බං?

      Delete
  17. හා හා කියන්ටකො එහෙනම් කතාත් ලියන හැටි.

    ඔය කිව්වට ඕව කාටද විෂ්වාස කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එහෙමයි අපි ගැන හිතාගෙන ඉන්නෙ එතකොට නේද?

      Delete
  18. කවීශ්වර තිස්ස හැම පත්තරේකම ඇඩ්ස් දැම්මා. අන්තිමට මොකක් උනාද දන්නේ නැහැ. ජයසේකර වෙද මැදුර ඇඩ්ස් රේඩියෝ එකෙත් ගියා. මිනිහා මැරුනටා පස්සේ වයිෆ්ද කොහෙද ඒ ඇඩ්ස්ම දැම්මා හැරියට් ජයසේකර කියලා. පී.ඩබ්ලිව්.පෝල්, ජිනපාල සිල්වා, ඇඩ්ස් මතකද?

    මම මේ වැල ගෙඩියක් වැටෙනකම් බලන් ඉන්නවා සම්භාව්‍ය එකක් ලියන්න. ටකරමයි ගඩොලුයි සෙට්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඔය ටකරම උඩට වැලේ වැටුනොත් එහෙම ගඩොල් බාගෙන් ඇරල දාපං ටකරමට. එතකොට සෑහෙන්න සම්භාව්‍ය රසාස්වාදයක් ඇතිකරගන්න පුලුවං.

      Delete
    2. Aruna,

      පී.ඩබ්ලිව්. ඒ. පෝල් මහතා නේද? මතකයි මතකයි..

      ජිනපාල ද සිල්වා මහතා, ජා ඇල බෙහෙත් ශාලාව........ මුවන් පැලැස්ස පටන් ගන්ට කලින් ( සඳුදා රෑ 8.15-8.30 )තමයි මිනිහගෙ ප්‍රෝග්‍රම් එක ගියේ. ඒ වෙලාවෙ හැමෝම රේඩියෝ එක අහනවනෙ. ඒ හින්ද මිනිහ ඒකෙං උපරිම ප්‍රයෝජන ගත්තා. " දැල්ලන් අමුවෙන් කෑම., නිරුවතින් ස්නානය කිරීම, බුරුසුවකින් දත් මැදීම, හිටගෙන XXXXXX යෙදීම ඔබට අගුණ බව සලකන්න "

      වැලයක් වැටෙන සයිස් එකක් නැත්තං ගහට නැඟල වැලයක් කඩල වත් දාපං බං..කවද වෙනකල් ඔහොම බලාගෙන ඉන්ටද?

      Delete
    3. කාන්තාවන්ගේ සියළුම ලෙඩ සඳහා වෛද්‍ය ශීලා සිංහාරගේ හමුවන්න

      Delete
    4. ඉයන්,

      අඩේ ශීලා සිංහාරගේ අමතකම උනානෙ..සොරි ශීලක්කේ වෙරි සොරි..

      ශීලා සිංහාරගේ මට මතක විදිහට මොකක් හරි මිනීමැරුම් නඩුවකට සම්බන්ධ වුනා පස්සෙ 1982/83 වගෙ.මට හරියට මතක නෑ විස්තර.

      Delete
    5. තක්කාලි, ඉස්සෝ, අන්නාසි, අච්චාරු අගුණයි
      පතෝල, වැටකොලු, සාරණ, කැකිරි ගුණයි....දිනපාල ද සිල්වා...

      "ඔසප් ප්‍රමාදවීම කොතරක් කල් ගියත් කමක් නැත". මතකද ඇඩ් එක/
      ශීලා සිංහාරගේ බෙහෙත් කරාට වඩා කරේ ඇබෝශන්ස් . එහෙම කෙනෙක් මැරිලා තමයි කේස් එකක් ෆයිල් වුනේ. අන්තිමට මොනවා වුනාද මන්දා. පෝල් කරෙත් ඕඅවා තමා.

      Delete
    6. අරූ,

      ඔසප්! ඔසප්!! ඔසප්!!!

      කාන්තාවනි ඔබගේ ඔසප් කොපමණ ප්‍රමාද වුවද ක්ෂණිකව ඇතිකර දෙමි. ඇඟ උණු කරවා යෑම, ස්වප්න දෝෂ සහ වෙනත් නොයෙක් රහසිගත කාන්තා රෝග වලටද නොවරදින ප්‍රතිකාර……

      නුගේගොඩ දෙල්කඳ හන්දියෙන් බැස පී.ඒ පෙරේරා බෙහෙත් ශාලාවට පැමිණෙන්න. වෛද්‍ය ශිරෝමණී, ආයුර්වේද කලිකාල පණ්ඩිත, ශ්‍රී ලංකා අභූත සහ බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් බී. එෆ්. ජේ. නාමධාරී පී.ඒ. පෙරේරා වෛද්‍යතුමා, පී.ඒ.පෙරේරා බෙහෙත් ශාලාව, දෙල්කඳ හන්දිය, නුගේගොඩ.

      Delete
    7. නැවතීමේ පහසුකම්ද ඇත...අදම දිනයක් වෙන්කරවා ගන්න..ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ...

      Delete
    8. මීගමුවේ වෙදගෙදර -ඩී.ඩී. ජයශෙඛර
      නාසයේ මස්දළු

      ඔබ කැමතිද විවාහවෙන්න - මටපුළුවනි සලස්වන්න
      පී.ඇම්.දිසානායක මධ්‍යම බස් නැවතුම්පොල පිටකොටුව.

      වාසනා උදාව සුගන්ධ ධුපය

      අනංගරංගය ගේකුරුලු බල 12


      හර්ෂ

      Delete
    9. අප්පේ හර්ෂව දැකපු කල්.....

      Delete
    10. පුන්කලස ලකුණ දරණ පුන්සඳ ශ්‍රීමත් නිදන් වස්තු- පුන්සඳ ඖෂධාලය - හඳපාන්විල

      Delete
    11. ඉස්සර පත්තරවල ඔය පුන්කලස එක්ක ඇඩ් එකක් දැම්මා මුල් පිටුවේ උඩ දෙපැත්තේ.

      Delete
    12. පුරුද්දට හැමදාම බලනවා..

      ඇයි අරුණ දැන් ලියන්නෙ නැත්තෙ..?

      Delete
    13. ///ඇයි අරුණ දැන් ලියන්නෙ නැත්තෙ..?////
      “The best thing is to write anything, anything at all that comes into your head until gradually there is a calm and creative day.”
      -- Stephen Spender////////

      හර්ෂ......ඕක තමයි ගැලවීමේ වාක්‍යය. :D

      Delete
    14. අර උඩින් සඳහන් කර තිබෙන පුන්සඳ නිදන් වස්තු ඇත්තේ හන්දපාන්විල නොවෙයි කොළඹ ඉංගිරිය පාරේ හඳපාන්ගොඩ කියා සංශෝධනය විය යුතුයි

      Delete
  19. මේ තියෙන්නේ කවි ලිියන විධික්‍රමය. දැන් ඉතිං හැමෝම මේ විධීහට කවි ලියන්න පටන් ගන්න එකයි කරන්න තියෙන්නේ. ජය වේවා රවී තුමා !!!
    කතා ලියන විධිත්‍රම ඉක්මනින් බලාපොරොත්තු වෙමි. හිහ්..

    ReplyDelete
    Replies
    1. හේමමාලි,

      ජයවේවා කියල කියාගන්ට කවදා බැරුවය බොල..දැං කුඹුරු වැඩත් අහවර එකේ ලියාපිය මම කියල දුන්නු විදිහට කවියක්....:)

      Delete
  20. අපිව හිනා ගස්සල මැරුණම මොකාද මේකේ කමෙන්ට් එකක්වත් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔහේ මේ සම්භාව්‍ය දේවල් ජෝක් එකට ගන්නවද? ඉතිං කොහොමද අපි ලෝකෙ ඉස්සරහට යන්නෙ.

      Delete
    2. බින්දි,

      අර කිව්වත් වාගෙ එහෙම හොඳද බොල සම්භාව්‍ය දේවල් වලට කෝචොක් කරන එක....:(

      Delete
    3. සම්බාවයක් මම දන්නේ නැහැ. මගේ හක්ක පන්නිනේ නැතුව බෙර ගත්තේ අමාරුවෙන්.
      බොරුවක් මුසාවක් නෙමේ ..කට රිදෙනවා

      Delete
  21. හිනා නොවි මේක කියවන්නම බැනේ.. මෙන්න මෙහෙම තැනක් හොය ගන්න පුලුවන් දැන් ලංකාවේ ලෙසියෙන් මේ වගේ සම්බාව්ය කවියක් ලියන්න... :) :)

    ///බූරු ඇඳ කරේ තියාගෙන ගෙනිහිල්ල මිදුලෙ හීල් හෙවණක දි//

    ReplyDelete
    Replies
    1. Dreamer in a Valley,

      ඔන්න ඉතිං ඔහෙත් පටන් ගත්තද ඒ පාර? මට පේන්නෙ සම්භාව්‍ය දේවල් උපහාසයට ලක් කරන එක දැන් පුරුද්දකට ගිහිල්ල වගේ..සික්..සෝ සෑඩ්...සෝ සෑඩ්...අයෑම් රියලි ඩිසපොයින්ටඩ්..

      Delete
  22. හරිම සම්බාවයයි

    ReplyDelete
    Replies
    1. Pra,

      ආය මොනවද ප්‍රා? දන්නවනෙ අපි වැඩක් කලොත්....මර්වින් සිල්ව රූපවාහිනියට සත්තම දාන්ට ගියා වගේ තමයි...:)

      Delete
  23. රවියාගේ වැලය
    කවියාට විසය
    එනමුදු ඉතිං
    මාර සම්භාව්‍යය.....


    අන්න කතා ලියන විදිය සමඟ කතාව දාන්ඩෝ..... එතකං බලං උන්නෙ .

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඔව්..ඔව්..කතාව දාන්නං ලඟදීම..මතකනෙ? ඒක මං ලිව්වෙ අර ඔහේගෙ නතාලියා කතාව කියවල ඒකෙං කූල්මට් සහ රෝමෝද්ගමනය වෙලා...:)

      Delete
  24. ඒදන්ඩෙන් කොටා
    එගොඩට යන කලටා
    කොටා වැටුන ඇලටා
    හුටා...හුටා...හුටා....

    එක දවසක් යාලුවෝ හතරදෙනෙක් ගමන්ක් යනකොට කොට මන්ස්සයෙක් ඒ දන්ඩෙන් ඇලට වැටෙනවා දැකලාඒකගැන කවි තරගයක් තිබ්බලු. පළවෙනි තුන්දෙනා ක්වුවට අන්තිමයට එළිසමයම රැකලා කවි කියන්න පදයක් මතකෙට එන්නෙම නෑලූ.ඌ තමයි හිතලා හිතලා අන්තිම පදේ කියලා තියෙන්නේ ඔය විදිහට.

    ReplyDelete
    Replies
    1. කටුසු,

      අංගම්මන සුමන කවිය ඕකෙ අනික් පැත්ත. ඒ කතාව දන්නව නේද?

      අංගම්මන සුමන අංගම්මන සුමන,
      අංගම්මන සුමන අංගම්මන සුමන,
      අංගම්මන සුමන අංගම්මන සුමන,

      අන්තිමට.....

      අංගම්මන සුමන උඹෙ XXXX XXX

      Delete
  25. ඔය සම්භාව්‍ය කෙටි කතා ලියන හැටි ගැන පෝස්ට් එක දැම්මනම් ඉක්මනටම. අපිට අන්න එවුවා තමා වැඩියෙන් වැදගත්.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      උඹට එහෙම උපදෙස් ඕන වෙන්නෙ නෑ බොල....:)

      Delete
  26. Raviට පිස්සු කියල දැනගෙන හිටියට මෙච්චර පිස්සු කියල තේරුනේ අද.
    I know you mad but no know you this mad mad (thank you Ratathota)

    ReplyDelete
    Replies
    1. Ano,

      Navu yuu no...i mor mad than you think. may be mor mad than yuu can ever think ...:)

      Delete
  27. මේක ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියනව කියල නිකං ලාවට ලාවට වගෙ තේරෙනව

    ReplyDelete
    Replies
    1. අභ්‍යන්තරය ඇතුලෙ නැතුව පිට තිබ්බනන් තමයි කේස් එක lol

      Delete
    2. Pra,

      Olways inside is impotent not outside.May be you outside good inside bad it is no good. But outside bad inside good little good. But but outside good inside good very very good good. Yuu underskirt Pra?

      Delete
    3. Ian,

      Inside is outside very bad. Out side is inside also bad. But inside is inside and out side is outside is good.

      Delete
  28. බලන්ට ඉතින් මේවා මෙහෙම ප්‍රසිද්ධියේ කියල දාන එකෙන් අපි වගේ කවි ලියන එව්වොන්ට වැලේ වැල් නැතිවෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. බස්සි,

      අයියෝ එහෙම වෙන්නෙ නෑ බොලේ...:)

      Delete
  29. පට්ට ගැබුරු කවියක්..
    සන්නාට හම්බුනා නම් කවිය මරු විචාරයක් දෙනවා බම්..

    මරු පෝස්ටුවට ජය..

    ReplyDelete
    Replies
    1. සෑම්,

      සන්නා කියයි "මම මේ කතාවට එකඟ වන්නේද නොවෙමි. එකඟ නොවන්නේද නොවෙමි" කියල

      Delete
  30. ඉස්තූතියි ගුරුතුමා. ඔබතුමා උදාහරණෙට දීල තියෙන කයිය, මගෙ සම්බාවිය කයි වාගෙමයි. මෙතැන් සිට මේ පියවර පිලිපදිමි. අම්මප ආයෙ බොගේ කයිම දානව.

    ReplyDelete
  31. විසිරුණු ඇට වලට තවත් දෙකක් එකතුවිය කියා ලිව්වම සම්බාවිය ඩබොල් වෙනවා. අම්මපා.

    ReplyDelete
  32. මදැයි,අපි මේ යන්තම් පදයක් දෙකක් ගැටගහගන්න ක්‍රමේ රවී ප්‍රසිද්ධියේම ලියලා!:) (ඔෆිස් එකේදී කියවන්න අරගෙන එන පොට හොඳ නැති නිසා ගෙදරදීම කියවන්න කල් දැම්මා. මේවා රස්සාවල් නැතිවෙන පෝස්ට්!)

    මීගමුවේ ඩී. ඩී. ජයසේකර වෙද මහත්තයා අපේ ආච්චිගේ අයියා. මීගමුවේ ඇළ අයිනෙමයි ගේ තියෙන්නේ. බොහොම පුංචි කාලේ අපි එහෙ යනවා මතකයි. බලාගෙන ගියහම රවිත් නොදන්නා කෙනෙක් නැහැනේ!

    ReplyDelete
  33. කොළ කෑල්ලක් පැන්සලක් අරං වාඩි වුනා.
    මේ ක්‍රමයත් නරක නෑ.

    ReplyDelete
  34. අද වෙසක්
    බැස්සා පාරට
    කන්න දන්සැල්
    නැහැ එකක්වත් ගිහින් ගන්වතුරට එව්වාත්

    දන්සලුත් නැති නිසා
    ගියා ගන්වතුර බලන්ටා
    නාගලම් විදියත්
    කරවටක් යටවෙලා

    තවත් වැසි වහිද
    නැතිනම් හොඳට පායයිද
    කලගුණයට බැහැ කියන්න
    කියපන් සුමනේ අයියේ ඒ ගැන.

    ReplyDelete
  35. රවිගේ සම්භාව්‍ය කතාවට යමක් කියන්නට ඉස්සෙල්ලා අර ප්‍රසිද්ධ Ads ගැන කියන්නට ඕනෑ. ඔය මීගමුවේ ඩි.ඩි.ජයසේකර වෛද්‍යවරයා මලී කියලා තියෙනවා එයාගේ ආච්චිගේ අයියා කියල.මටත් එයාට කිට්ටු නෑ කමක් තිබෙනවා. වේද මහතා මගේ නැන්දම්මාගේ අයියා.(මලිගෙ සහ මගේ නෑකම විග්‍රහ කර ගන්න) ඒ වෙද මාමගේ තෛලය 'නාසානන්දය'. අපී ඉස්සර එහෙ ගියහම් අපේ නාස් වලටත් නස්න කරනවා. දෑවිල්ලේ ඉන්න බැහැ. ඒ උනාට කිඹුහුම් විස්සක් විතර ගියහම සෙම බාල්දියක් විතර කැඩිලා යනවා. නාස් පුඩු දෙකට තෙල් දැමීම සඳහා තල දෙකක් තිබෙන රිදී හැන්දක් තිබුණා. මාමාත් නැන්දාත් දෙදෙනාම මරුණා. පස්සේ ගෝලයෙක් කරගෙන ගියා. එයත් මැරුණා. පුතා අකාලයේ මැරුණා. සියළුම දේවල් නැතිවී ගිහින්. ඒ කාලයේ තෙල් හිඳිම සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග ගෙනෙන්නේ ලොරි ගණන්. ඒ කාලේ සිළුමිණ පත්‍රයේ මුල පිටුවේ පහල දකුණු පැත්තේ add එක හැමදාම නාසානන්දය ගැන.
    තවත් කාටත් අමතක වී තිබෙන වේද ගෙදරක් තමයි හොරණ 'සුගත රසායනාගාරය' එතන හදන බෙහෙත තමයි 'suansau' 'සුඑන්සු'. ඒ නම හැදිලා තිබෙන ආකාරයත් දැනගන්න ඒකත් හොඳයි.වේද මහතාගේ නම එන්. සුගතදාස්. නමේ මුල අකුරු දෙකෙන් 'එන්සු' කිව්වට කිසි ලකයක් නැති නිසාත් 'ස' ශබ්දයට ගණ පිහිටවිය යුතු නිසාත් මුලටත් 'සු' අකුරක් දාලා. ඒකත් ඔය කාන්තා රෝග වලට අත්දුටුවයි කියන නිසා ඕන තරම් ලෙඩ්ඩු එනවා. තව හිටියා ජි.හැන්රි, ඩබ්ලිව්.කේ.ජිනදාස, ඔවිටිගල වේද මහතා වැනි අය කිහිප දෙනෙක්ම.
    සම්භාව්‍ය මයි ගැන ගොඩක් විස්තර තිබෙන නිසා මම මොකුත් ලියන්නේ නැහැ, කොහොමත් වැඩේ ඉස්තරම්. තව රසවත් දේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...