Saturday, May 21, 2016

415. මානසික ආබාදිතයින්ගේ නවක වදය හෙවත් මහා උප සඟිස්කුරුත නාඩගම

Daily Mirror Cartoon - Awantha Artigala

නවක වදය පිළිබඳව මේ සටහන අඩක් ලිව්වේ සති දෙකකට හෝ තුනකට හෝ ප්‍රථමය. නවක වදය පිළිබඳ ආන්දෝලනය මදකට හෝ වියැකී යෑම සහ වෙනත් කරුණු පිළිබඳව ලිවීම නිසා මේ සටහන පළකිරීම අතපසුවිය. මේ සටහන සම්පූර්ණ කොට පළකල යුතුයැයි මට හැඟුනේ නවක වධකයින් පෙලෙන මානසික ව්‍යාධීන් සහ නවක වධයට පක්ෂපාතීව අදහස් දක්වන ඊට ගොදුරු වූවන් පෙලෙන ව්‍යාධිය පිළිබඳ ලිපියක් වෛද්‍ය රුවන් ජයතුංග මහතා දින දෙකකට පෙර ඔහුගේ වියුණුවෙහි පලකිරීමෙන් පසු ඊට ලැබී ඇති ප්‍රතිචාර කියවූ පසුවය.

*********************************************

විස්ස විජ්ජාල වලට කොල්ලෝ කෙල්ලෝ එන්නේ ඉගෙන ගන්ටය. එහෙත් එහෙම නොවෙන වෙන වෙන නියාය පත්තර ඔලුව ඇතුලේ තියාගෙන ඔතෙන්ට එන බම්මන්නලා කොටසක්ද සිටිති.එතනට එනවිටම ඔවුන්ගේ ඔලුවලට අං තට්ටු පැලඳවෙයි. සිරි ලංකාවෙ සිස්සයිංගෙං බුද්දිමත්ම සීයට අහවල් ගානට තමංද අයිතිවන බව ඔවුන්ගේ සිත්තුල මහමෙරක් වගේ පැලපදියම්ව ඇත. එනිසා ඒ මාන්නයෙන් උදම්ව සිටින ඔවුන් විස්ස විජ්ජාල තුලදී කරන්නෙ රට හදන්ට හදන එකය. නැතහොත් තමංද අඳෝ සංසාරයක් නොදන්නා නිදහස් අජ්ජාපනය රැකගන්ට පුක විකාගෙන දඟලන එකය.

ඒ නිදහස් අද්දියාපනේ රැකගන්ට රෑ නිදි නැතුව, හේනක දාගිය අලුගොඩේ පැලවුනු ලබු වැලක පලගත් දඩ ලබ්බක සයිස් රතු පාට අකුරුවලිං " නිජහස් අජාපනේ රැකගව් අම්මේ, ටාට්ටේ, මෂ්ෂිනේ, නෑනේ, බාප්පේ, මාමේ, පෙරට එන්න අප හා එක්වන්න " කියා කහ පාට උලාපු කඩදහිවල ලියා තාප්ප ගානේ අලවන මේ ජාති මාමක වීරයෝ දවල් දවසේ කරන්නේ තමං වගේම එකම විබාගෙට ලියා විස්ස විජ්ජාලයට එන්නට ළකුණක් දෙකක් මදිවී මුදල් ගෙවා හෝ ඉගෙන ගෙන අනාගතය සාර්තක කරගන්ට වලිකන තමංගෙම පංතියේ සහෝදර සහෝදරියන්ට වල කැපීමේ පරම පිවිතුරු අදිස්ටානයෙන් යුතුව ගිරිය යටිං බෙරිහං දෙමිං වෝඩ් පෙදෙසට එහෙමත් නැත්තං අරලියගහ මන්දිරයට පාගමං යන එකය. 

ඒ අතර වැඩ ඉන්නා පිස්සූන් වහන්දෑලා මාර්ග බාදක යනාදිය මත ඉර්දි බලයෙන් සක්මන් කරන්නෝය. "අහසිං වඩින පින ලැබිලද උඩ සක්මන් කරන්නේ?" කියා සුනිල් එදිරිසිංහ ඇහුවේ නම් මේ වහන්දෑලා ගෙන් වෙන්ට බැරිය.

එහෙමත් නැත්තං තමං වගේම රෑ නිදි මරා පාඩං කරලා විබාගෙං පාස් වෙලා පණ බයේ ගැහෙමිං (දෙයියනේ කියලා බොහෝවිට මුලු පවුලෙම්ම, මුලු ගමෙම්ම ඉස් ඉස්සෙල්ලාම විස්ස විජ්ජාලෙකට ආවෙ ඒ කෙලී හෝ කොලුවා විය හැක) හාපුරා කියා විස්ස විජ්ජාල දොරෙං ඇතුලුවන නවකයාට හද්ද කුණුහරුපයෙන් බැණ අඬගැහීමය.

ඉන් අනතුරුව තමන් පෙලෙන දරුණු මානසික ආබාද ප්‍රදර්සනය කරමින් අර අහිංසකයින්ට රජකාලේ දෙතිස් වද වලටත් නොදුන්නු අමානුසික දඬුවම් දීමය. ඒ ඔක්කොම කොරන්නේ නවක වදේ යන මහාර්ග වචන දෙකට මුවා වෙලාය. 

නවක වදය නතර කර නොහැක්කේ මන්ද යන ප්‍රස්නයට ඒ පිස්සන් ලඟ අපූරු උත්තරයක්ද ඇත. ...ආ..එහෙම කොහොමද? ඒක විස්ස විජ්ජාලෙ උප සයන්ස්කුරුතියෙ ප්‍රදාන අංගයක්. ඒක එහෙම තහනං කරන්ට බෑ. නවක වදෙං තමයි සිස්සයො එකිනෙකා අඳුනාගන්නෙ. අනික නවක වදෙං සිස්සයිංගෙ පවුරුසේ වර්දනේ වෙනව. ජීවිතේ ඕනම දේකට මූන දෙන්ට හැඩගැහෙනව..අරකද මේකද...නවක වදයෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන වර්නනා කෙල කෝටියකුත් තවත් එකසිය එකකි.

ඒත් ඔය හද්ද කුණු හරුප ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය කී දෙනෙක් සති අන්තේකට ගෙදර ගිය විට තමංගේ බාල සහෝදර සහෝදරියං පෙල ගස්වා උං ඉදිරියේ හද්ද කුණුහරප කියනවාදැයි හරියටම දැනගන්නට ගනං හිලව් හොයාගන්නට නැත. කුණුහරප ඇසීමෙන් නවකයිංගේ පවුරුසේ වර්දනේ වෙනවානම් අනිවාර්යයෙන්ම ඒ සන්තෑසිය තමංගේ බාල සහෝදර සහෝදරියන්ටද අදාල වියයුතුය. එහෙත් එහෙම කරන බවක් දැනගන්නට නැති එක ලොකුම අබාග්ගියකි.

අනික් විකාර කතාව නම් ඔය විදිහට දස වද දීමෙන් අඳුනාගැනීම බෝම පහසුවෙනවාය කියන කුනුහරුපයය. ඔය අඳුනා ගන්නට නවක වදය දෙන යම පල්ලන් කිසිවකු තමං රස්සාවකට ගියවිට එතන සේවය කරන අනික් උදවිය අඳුනා ගන්නටය කියා එවුංගේ කලසං ගලවා අඩ නිරුවතිං බිම බඩ ගාන්නට සැලැස්වූවාය කියා ආරංචියක් නැත. එසේත් නැතහොත් සමූහ ස්වයං වින්දනයේ යෙදෙන්නට නියම කලාය කියාත් දැනගන්නට නැත.

එසේම තමංගේ වැඩිමල් සහෝදරයාගේ මඟුල් ගෙදර දවසේ මනමාලියගේ නෑදෑ පිරිස හඳුනාගන්නටයයි කියා මනමාලිගේ මව්පියන්ගේ බෙල්ලෙං අල්ලා ඔවුංගේ ඔලුගෙඩි කකුස්සි පෝච්චි තුලට එබ්බවූ බවටද එහෙමට ආරංචියක් නැත.

ඇත්තටම නවක වදයෙන් ඔය කියන එව්වා කෙරෙනවානම් නැත්තං ලැබෙනවානං එව්වා තමංද ප්‍රයෝජනයට ගත්තාට කිසිම වරදක් තිබෙන්නට බැරිය. තමංගේ බාල සහෝදර සහෝදරියංගේ පවුරුසේ ඉල් වැස්සට පස්සෙ තෝර කොළ දළු දාන්නැහේ බලා ඉන්දැද්දි  වර්දනය වෙනවා දකින්නට අකමැති අයියෙක් අක්කෙක් මේ ලෝකේ හිටින්නට බැරිය. ඒ වගේම තමංගෙම සහෝදරයා විවාහ වූ පාර්ශ්වයේ නෑදෑයින් පිරිස අඳුනාගන්නට මෙපමණ පහසු ක්‍රමයක් තිබෙද්දී ඒ ප්‍රයෝජනයට නොගන්නේ මොන මෝඩයාද? මොන බූරුවාද?

නවක වදය යනු විස්ස විජ්ජාල උප සයන්ස්කුරුතියට අයිති අංගයකි ඒ හින්දා කට විරුද්දවිය නොහැක යන්නද නවක වදයට පක්ෂව කරුණු දක්වන්නන්ගේ ජනප්‍රිය තර්කයකි.

ඒ තර්කය අනුව උප සයන්ස්කුරුතියට අයිතිය කියන ඕන දෙයක් රටේ බල පැවැත්වෙන නීතියට සපුරා විරුද්ද වුවද ඊට එරෙහි විය නොහැක. කොටිම්ම එසේ වැරදි කරන අපරාදකාරයින් අත් අඩංගුවට හෝ ගත නොහැක. බලාගෙනයි එහෙම උනොත් මුලු මහත් සිස්ස පොරජාවම පාරට බහින්ට ලෑස්ති පිට සිටිමි. ලාංකීය සිස්ස වියාපාරය රැකගැනීමට ඔවුහු දිවි පුදා හෝ කටයුතු කිරීමට පසුබට නොවෙති. තේරුණා නේද? සෙල්ලං වෙන්නෙ නෑ ඔන්න වැඩේ...

මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක.

නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය.

නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.

78 comments:

  1. මේවට සම්බන්ධ වෙන එවුන්ගේ නම් හොයාගෙන ප්‍රසිද්ධ කරල වෙලඳ මණ්ඩල හරහා රස්සාවල් හොයා ගන්න එක බ්ලොක් කරන්න විදියක් හිතන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      අන්න ඒකනම් නියම වැඩේ.... කොහොමත් මානසික රෝගියෙකුගෙන් හරි හැටි රාජකාරි ඉටුකිරීමක් බලාපොරොත්තුවෙන්නත් බෑනෙ....:)

      Delete
  2. මම වැස්සකට වත් විස්ස විජ්ජාලෙ නොගිය අට පාස් එකෙකු බැවින් මේ ගැන අදහස් දක්වා ලාංකීය සිස්ස වියා-පාරේ උදහසට ලක්වීමට අකමැත්තෙමි.

    අනුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්න ගමන් ( උන් වෙනුවෙනුත් බදු ගෙවල ) තමුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගන්න උන්ට විරුද්ධව පාරට බහින බුද්ධිමත් සිසුන්ට අපහාස නොකරව් !!

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඔය වධකයො වෙනුවෙන් උඹල අපි ඔක්කොම කොච්චර වියදම් කරනව ඇද්ද? නිකං ගඟට කපන ඉණි වගෙ....

      Delete
  3. A big hug to u ravi for the post

    ReplyDelete
    Replies
    1. මාත් ලියන්න ඕනෙ බ්ලොග් පෝස්ට් එකක්.

      Delete
    2. ඇනෝ,

      බ්ලොග් පෝස්ට් ලිය ලිය වද වෙන්ට ඕනනෑබොල, මට මේක ඇති. අර යට හග් එක උඹ ගනිං..:)

      Delete
    3. වැදගත් ඇනෝලට බොල කියන්න එපා බොල

      Delete
    4. රවී,
      ඔහේ ඇනෝලගෙ උප සයස්කෘතියට ඇඟිලි ගහන්න යන්න එපා බොල.
      -බොල ඇනෝ-

      Delete
    5. Anonymous May 22, 2016 at 5:20 AM,

      වැදගත්ද කියල අපි දන්නෙ කොහොමෙයි? එහෙනං අඩු ගානෙ වැදගත් ඇනෝ කියලවත් නම දාන්ට එපාය. ඉංගිරිසියෙං V.I.P. Ano....හෙහ්,හෙහ්,

      ප්‍රයිවට් බස්වල ගහල තියනව දැකල තියද? අපි වැදගත් ගමන හෙමින් කියල...:)

      Delete
  4. A big hug to u ravi for the post

    ReplyDelete
    Replies
    1. My hugs and kisses too.

      Delete
    2. හා..හා..බොලා දෙන්න ඕන තරං හග්ස් ඇන්ඩ් කිසස්..මාව ගාවගන්නෙ නැතුව දෙයියංගෙ නාමෙන්...:)

      Delete
  5. "ඒත් ඔය හද්ද කුණු හරුප ඇසීමෙන් පවුරුසේ වර්දනේ වෙනවා යයි උඩ බිම ගහන උදවිය"

    මීට අවුරුදු ගණනාවකට ඉස්සර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ජෙය්ස්ත උත්තමයෝ අපිට කරන්න කියපු එක දෙයක් තමයි මේසයක් උඩ නැගලා 'අද රෑට මම අම්මට හු... වා' කියල මහා හය්යෙන් කෑගහන එක. ඒ වෙලාවේ මම හිතා ගත්ත මම මගේ අම්මා ගැන ඒ වගේ වචනයක් කීයටවත් කියන්නේ නැහැ කියල. මාව rag කර කර හිටපු උත්තමයා කෑ ගැහුවා 'උඹ මගෙන් මැරුම් කන්නද හදන්නේ කියපන් කියපන්' කියලා. ඕනෙනම් මාව මරපන් කියල හිතාගෙන මම කට වහගෙනම හිටිය. අන්තිමට අරුට එපා වෙලා යන්න ගියා. (උගේ යාලුවෝ ටික ඒ වෙලාවේ අලුත් ගැණු ළමයෙකුට බැල්ම දාගෙන හිටිය නිසාද කොහෙද මිනිහට පිරිස් බලය නැති වුන).

    ඉතින් එහෙම අලුත් ළමයින්ට කියලා අම්මව ගාවලා කුණුහරුප කියවන අය විශ්ව විද්‍යාලය ඇතුලේ නන්දා මාලිනි, සනත් නන්දසිරි වගේ කෙනෙක් ඇවිල්ල අම්මා ගැන සින්දුවක් කිව්වහම අම්මෝ හොටු පෙරාගෙන සංවේදී වෙනවා. ඔන්න ඔහොමයි ඔවුන්ගේ වැඩ. මහා සංවේදී කම.

    ReplyDelete
    Replies
    1. This is a comment I posted on Ravi's blog a few minutes back. Someone copied it here. Any way, no problem.

      Delete
    2. සිසුන් ලවා අම්ම ගැන කියන අතරෙ සිසුවියන් ලවා තාත්ත ගැන කියනවලු මේක කරන්නෙ ලැජ්ජ බය අරින්නලු.

      Delete
    3. ඇනෝ සහ මධ්‍යස්ථ,

      අවාසනාවට ඇත්ත කතාවක්!

      Delete
    4. ඇනෝ.. අපරාදේ චාන්ස් එක.. උඹට මේසේ උඩ නැගල කියන්න තිබ්බේ.. 'අද රෑට මම //උඹේ// අම්මට හු... වා' කියල.. හික්.. මට කියුවනම් අනිවා කියනවා..

      Delete
  6. විශ්ව විද්‍යාලයක අරමුන දැනුම සොයා යාම හා බුද්ධි කලම්බනයයි. මෙහිදී අන්‍ය මත ඉවසීම අනිවාර්ය වේ. එහෙත් ලංකාවේ සිසුන් ප්‍රාථමික වානරයන් ලෙස හැසිරෙන්නේ ඇයි.
    මට හිතෙන්නේ මෙයට කරුනු කිහිපයක් බලපාන බවයි.
    එකක් නම් මෙම සිසුන් අධිමානයකින් සිටිති. එනම් තමන් සෙසු සමාජයට වඩා උසස් යැයි සිතති.
    එසේම විශ්ව විද්‍යාලයේ අරමුන නොදනිති. ඔවුන් සිතන්නේ මෙය දේශපාලනය කිරීමට සහ රට හදන්නට තියන තැනක් කියාය. ඉගෙන ගන්න තැනක් නොවේ.

    සිසුන් මොනවා කලත් සමාවක් ඇත යන ආකල්පය ඇත.

    මෙම ක්‍රියාවලට පෙලබෙන බහුතරය කුල ප්‍රශ්න වැනි හේතු නිසා සමාජයෙන් කොන් වූ සිසුන්ය. මම කුලවාදියෙක් නොවුනත් බොහෝ පිළිකුල් සහගත ජරාවැඩ කරන්නෙ කුලහීන යැයි සම්මත පුද්ගලයන් ය කියා මා නිරීක්ෂනය කර ඇත.

    ලංකාවෙ විශ්ව විද්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශයි. මහා සංස්කෘතිය නිහඩව සිටින තුරු උන්මත්තකයන්ගේ උප සංස්කෘතිය වැජඹෙයි. 88 දී මුලුරටම මොවුන්ගේ උප සංස්කෘතියට යට වූ හැටි අප දනිමු. එකලද නවක වදය වැනි දේවල් උදා හරන ලෙස කට කපීම ,පාර මැද දනගසා සිටීම වැනි දේ මුන් කලහ. ආරක්ෂක අංශ සහ සමාජය මුන්ට එරෙහිව නැගී සිටිවිට මුන් වධක භූමිකාවෙන් බිල්ලාගේ භූමිකාවට මාරු විය.

    සිසුන් අඩුකුලේ උන්මත්තකයන් කීප දෙනෙකුගේ අත් අඩංගුවට පත් වීම නතර කල හැක්කේ මහා සමාජයේ ප්‍රතික්‍රියාවකිනි. නීච බලු වැඩ කරන අය සෙසු සිසුන්ගෙන් වෙන්කරගැනීමට සිසුන් දෙමාපියන් හා ජනතාව සංවිධානය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      ඔබ හා එකඟයි...

      Delete
  7. වෛද්‍ය රුවන් ජයතූංග මහතා වගෙ කෙනෙක් විද්‍යාත්මකව මුන් ගැන පැහැදිලිකලාට පස්සෙ කට උත්තර නෑ. කැම්පස් වලට ලමයි යන්නෙ ඉගෙන ගන්න වුනාට ඔතන ඉන්නව රට හදන්න දේශපාලනය කරන්න යන පිරිසක්.උන් අවුරුදු 10,15 ඕකෙ ඉන්නව.

    රැග් එකට පක්ෂ අය කියන දෙයක් තමා පෞර්ෂය වර්ධනය වෙනවය කියන එක. ඔය ලිංගික අඩන්තේට්ටම් වලින් පෞර්ෂය වර්දනය වෙනවනම් පාසල් මට්ටමින්ම සිසුන් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම නරකද
    හැම අවුරුද්දකම යම් පිරිසක් සරසවිය හැර යනව. කිසියම් පිරිසක් ආබාධිත වෙනව. අවුරුදු දෙක තුනකට සැරයක් එකෙක් මැරෙනව. ලෝකෙ කොහෙවත්ම නැති රැග් එක ලංකාවට ඕනලු.

    අන්තිමට අහනව මොකක්ද විසදුම කියල. විසදුම මුන්ව හිරේදාන එක තමා. ඊට පස්සෙ අන්තරේ පාරට බහිනව මෙන්න ආන්ඩුව ලෝක බැංකුවත් එක්ක එකතුවෙලා පිස්සු සංගම් මර්ධනය කරනෝ කියල.
    විභාග සහ අධ්‍යන ක්‍රියාකාරකම් වැඩි කරනවට මුන් විරුද්ධයි.උන් කියනව ලෝක බැංකුවත් එක්ක එකතුවෙලා ආන්ඩුව විභාග සහ අධ්‍යන ක්‍රියාකාරකම් වැඩි කරනවලු ඒ සිසුන්ගෙ නිර්මානාත්මක ක්‍රියාකාරකම් මර්ධනයටලු. මොනවද මේ නිර්මානාත්මක ක්‍රියාකාරකම් මහපාරෙ කැට හොල්ලන එක ,පෝස්ටර් ගහන එක ,රැග්කරන එක.තෙල බෙදන එක.
    මුන්ට ඉගන ගන්න වෙලාවක් තියනවද

    විශ්ව විද්‍යාල පරිපාලනය , ආන්ඩුව ,ලෝක බැංකුව ,නේටෝව ,එක්සත් ජාතීන් ඔය හැම එකාම ලංකාවෙ පිස්සු මර්ධනයට දතකට මැදගෙන ඉන්න බවට පිස්සු සංගම් කරන ප්‍රකාශ වලට සිනා සෙන්න ඕන ජාතියක් ලෙස.

    ReplyDelete
    Replies
    1. උන් අවුරුදු 10,15 ඕකෙ ඉන්නව.
      The longer they stay, the more 'mahapola' they get. It's the other way around in developed countries. Longer stay, more and more debt to govt-so they try to complete the degree the earlier they can.

      Delete
    2. sorry-someone pasted it to Ruwan's blog from here. But it's ok- no big deal.

      Delete
    3. මධ්‍යස්ථ,

      ඔබ හා එකඟයි...

      Delete
  8. අපොයි. එහෙම කොහොමද? ඒක හරි උත්කෘස්ට සුන්දර දෙයක් කියලනෙ තියෙන්නෙ. දෙන්නම ඕනෙ. නැත්නම් ගතියක් නෑ. අහුවුනාමත් මාරගති... ආණ්ඩුවේ, සමාජයේ, පරිපාලනයේ, එල් නීන්යෝ එකේ, අද්යාපන ක්‍රමයේ. ආර්ථිකයේ, ඉතිහාසයේ, බූගෝලයේ සිට පෙන්ගුයින්ලා පිටසක්වල ජීවීන් හා හිමවලසුන් දක්වා වැරදිලු. නවකයන්ට වද දීලා පැමිණිලිමත අල්ලගත්තෙ නඩු දාන්නෙ නිදහස් අද්යාපන්නයේ සිට බවුමික අකන්ඩතාවය හරහා ගුරුත්වාකර්ෂණයත් විනාස කරන්න කරන කුමණ්ත්‍රනයක්ලු.
    වධකයන් විතරක් වැරදි නෑලු.

    එය හොඳ නැති දෙයක් කියලත් සංගම් කියනවා, ඒත් කරන එවුන් අහින්සකලු.

    ReplyDelete
  9. කෝ මෙතන නවකවදයට පක්ෂ උත්තමයෝ නෑනේ,

    දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ අපුරු සංවාදයක් ගියා පසුගිය බදාදා
    එකේදී මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්ය නායකයා ගේ ළමා තර්ක දැක්කම හිනා යනවා.

    මෙහිදී නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා අපුරු දෙයක් කිව්වා, ඔහු කිව්වා කොළඹ විශ්වවිද්‍යාලයේ 1990 මුල්දශකයේ ඔහු ඉදල තියෙන්නේ නවකවදය දෙන සිසුන් සමග ඔහු කරලා තියෙන්නේ තෙල බෙදීමයි (නවකවදයට පසු සිසින් ගේ මොලසේදීම ) මගින් තම සංවිදානයට සිසුන් එකතුකිරීමේ වැඩසටහනේ, මෙහිදී සිදුවී ඇත්තේ එම යුගයේ තව ශිෂ්‍ය වියාපාරයක් කියල තියනවා අපට චන්දය දෙන්න නවකවදය අපි නතර කරනවා කියල, සිදුවී ඇත්තේ නවකවදය නතර කරන ශිෂ්යනට බලය යාමයි පුදුමයකට වගේ ඉන්පසු නවකවදය නැවතිලා තියනවා.

    මෙහිදී හරි පැහැදිලියි මේවා යටින් මෙහෙවයන්නේ මේ ශිෂ්‍ය වියාපර තමන් ගේ සංවිදානයට පිරිස් එකතු කිරීමටයි.
    පසුගිය නවකවදයට විරුද්ධ ව සිසුන් අත්අඩංගුවට ගත්විට උද්ගෝෂණය කලේ නවකවදය කරන විශ්වවිදාලයි කටුබැද්ද විශ්වවිද්‍යාලය මේ සිද්ධියට විරුද්ධව උද්ගෝෂණය කලේ නෑ කාරණය පැහැදිලියි නවකවදය නැත්නම් සිසුන්ගේ මොළ සෝදා මෙවැනි සංවිදාන වලට තර වීමට බෑ

    මේ දේ නොකියා විවිද උපමා ගෙන එම විහිලු සහගතයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ දයා පතිරණ මෙහෙයවූ ස්වාධින ශිෂ්‍ය සංගමයට. ඔවුන් නවක වාදය කලේ නැහැ. ඒ කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ බලය තිබුනේ එයාලට.

      Delete
    2. අජිත්,

      බලන්න
      https://www.youtube.com/watch?v=iHnkkUBM9EE

      මේකේ 53.30 (විනාඩි 53 කුත් ත්ප්පර 30කින් ) සිට බලන්න ආචර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි අපුරුවට පැහැදිලි කරනවා ක්ෂණිකව නවකවදය අවසාන උන හැටි.

      Delete
    3. ලාංකික,

      ඔබ හා එකඟයි. මේ නවක වදය ප්‍රචලිත වීමට පලමුවෙන්ම වගකිය යුත්තො ජෙප්පො සහ පෙරෙට්ටො කියලයි ඒ ගැන හොඳට දන්න අය කියන්නෙ...

      Delete
  10. All athority people muts take acsion to drive rag mantal students away campes. New students go there must no afrade to mad siniyer students. If there rag case imidiyatly all must compalane to campes athoriyi people and police too. Rag is wrong it is no leegal. Law must punish the this kind no human works. If there no laws garment must make laws too soon.

    ReplyDelete
    Replies
    1. Ratathota,

      full agrii you. Rag is bad and ragging guys shuld be put in jail. no two words.

      Delete
  11. මට නං අපූරු අයිඩියාවක් තියෙනවා. ඔය ආමි එකේ ඉන්න ඩිංගක් හීන්දෑරි කොල්ලො සෙට්ටෙකක් යවන්න ඕනෑ අලුත් බැජ් එකක් එක්ක ඒ විදිහට අන්දවලා විස්සවිජ්ජාලෙට. රැග් එක ගැන එයාල බලාගනියි.

    (අදහස උපුටා ගැනීම "මේ හූනා" චිත්‍රපටියෙනි)

    ReplyDelete
    Replies
    1. නියම අදහස ..මමත් බැලුවා ලස්සණ ෆිල්ම් එක

      Delete
    2. මොරටුවෙ එන්.ඩී ටී එකට බැස්සුවෙ ප්‍රභූ ආරක්ශක අංශෙන්.ගැහුවෙ ඇණ පොළු වලින්.ගුටිකාපු ළමයින්ට විරුද්ධව පොලිස් පරීක්ශන ක්‍රියාත්මක උනා. හැබැයි රැග් නැවතුනේ නෑ.බෙහෙත දෙන්න ඕනෙ රැග් එක සාධාරණ කරන්න ගන්නා හේතු නැති කරලා.කැති පොළු අරන් නෙමෙයි.

      Delete
    3. Gus,

      ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ගුටිකාල රැග දීපු එකෙක්වත් මලේ නෑනෙ ගස්, හැබැයි රැග හින්ද දැනට කී දෙනෙක් මැරිල තියනවද?

      Delete
    4. රැග අනුමත කිරීමක් නෙමෙයි අයියණ්ඩි මම කිව්වෙ.තග දාල වැඩක් නෑ..ඒක තවත් පොහොරක් වෙනවා විතරයි.ඒ ඒ ආයතන වල වෙනස් වෙනස් හේතු ඉස්සරහට දාන්නෙ.එතකොට ඒ ඒ බනිසෙට ඒ ඒ කෙසෙල් ගෙඩිය දෙන්න ඕනෙ.
      එදාට ශිෂ්‍ය සංගම් එකතු වෙලා ආපදා කලමණාකරණයට උදව් දෙයි,ළමයින්ට වඩාත් සංවිධානාත්මකව අධ්‍යාපන උපකාර වැඩසටහන් කරයි.

      Delete
    5. ගස්,

      මම කියන්නෙ කිසිම හේතුවක් නිසා බලහත්කාරකමින් කිසිම දෙයක් කරවීම වැරදියි. ජේස්ටයින්ට ආණ්ඩුවෙන් බලපෑම් කරවන එක වගේම ජේස්ටයො නවකයින්ට බලපෑම් කරවන එකත් වැරදියි. නවක වදයට හේතු හොයන්ට ඉස්සෙල්ල පලවෙනි පියවර කොන්දේසි රහිතව නවක වදය නතර කිරීම. ඒක කරුණු පැහැදිලි කරල කරන්න බෑ කියල දැන් අතැඹුලක් සේ පැහැදිලියිනෙ. එහෙමනම් තියෙන්නෙ නීත්‍යානුකූලව කටයුතු කිරීම. එච්චරයි.

      Delete
    6. සුරංග,

      මේ හූනා බලල නෑ බොල...;)

      Delete
    7. ඒකෙ ඉන්නෙත් නියම ගස් කාන් තමයි . බුවා වෙඩි තියනවා ගුරියක්ගෙ චූං ඩිංග කෙස් ගහෙන් මිස් වෙලා ගෙහුං සාරිය හිල් කරගෙන යන්න . ආං චිත්තරපටි.

      "කිස්ක හේයෙ තුංකෝ ඉන්ට සෑර් මේ හූනා. " කියලා සිංදුවක් හිට තියෙනවා. ප්‍රේමය දෝරෙ ගලා ආදරය ගංවතුර ගලා පරණ ලව් මතක් වෙලා අහියෝ අම්මෝ කියවෙනවා . බලන්නකෝ

      (අමාරු හිංදි වචන මගෙන් අහන්න)

      Delete
  12. උම්බලකඩ බෝතලේ සොයමින්.

    ReplyDelete
  13. බොලා වගේ වැස්සකටවත් විස්ව විද්‍යාලෙකට තියා ලෝක විද්‍යාලෙකටවත් ගියෙ නැති පොරක් මේ විස්ව විද්‍යාල වල තියෙන උප සයන්ස්කුරුතිය ගැන කතාකරන්නෙ මොන ලෝක බැංකුවෙ නියෝග පරිදි ද? හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අඩේ මාත් දැක්ක කවුදෝ එහෙමත් කියල තිබ්බ. ලෝක බැංකුවෙ අලුත්ම වාර්තාවෙ එහෙම තියනවලු. නවක වදය උඩිං දාල යහපාලන ආණ්ඩුව මේ හදන්නෙ සිස්න වියාපාරය මර්දනේ කොරන්ටලු. හැබැයි මොන මර්දනේ ගෙනාවත් නවක වදේ අතාරින්නෙම නැහැල්ලු. දිගටම ගෙනියනවලු. දෙයියම්පල්ලලු.

      හරක් පනින්නෙ වැටේ කපොලු තියන කොටනෙ. අන්න හරක් පැන්නා, මෙන්න හරක් පැන්නා කියල මරහඬ තියනවට වඩා හොඳ නැද්ද කපොලු වහල දැම්මනං? මේ මෝල්ලුංට වෙලා තියෙන්නෙ කපොලු වහගන්ට කිසිම උවමනාවක් නෑ. කියන්නෙ කපොලු තියන එක උප සයන්ස්කුරුතියෙ ලක්සනයක්ලු. ඒත් හරක් පනින්ටත් බෑ. හරක් කියන ජාතිය බල බල ඉන්නෙ කොහෙද කපොල්ලක් තියෙන්නෙ කියල ඇතුලට පනින්ට. හරක්ට පනින්ට නොදී කපොලු වහගන්න එක තමුන්ගෙ වගකීම. ම්හු නෑ ඒක තේරෙන්නෙම නෑ. හරක් තව හොඳයි...

      Delete
  14. අමානුෂික අන්දමින් සිද්ධ වෙන නවක වදය අනිවාර්යෙන් ම නතර විය යුතුයි.. ඒ වගෙම ඔය වදය කියන වචනෙන් වියුක්ත වෙච්ච යහපත් අන්දමේ මානව සම්බන්ධතා සීනියර්ස්ලා සහ ජූනියර්ස්ලා අතර ඇති විය යුතුයි.. රැග් එකෙන් තොරව විශ්වවිද්‍යාල සිසුන්ට එකිනෙකා හඳුනාගත නොහැකිය යන බොළඳ තර්කයෙන් පැහැදිලි වෙන්නෙ අපේ මානව සම්බන්ධතා වැටිලා තියෙන පහත් තත්ත්වය.

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      ඔබ හා එකඟයි,

      ඔබ විශ්ව විද්‍යාලයට ඇතුලුවන සමයෙහි එහි පරිසරය නවකයින්ට කිසිදු චකිතයකින් තොරව තම ඉගෙනුම් කටයුතු කිරීමට සුදුසු පරිදි සකස්වේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයයි!...:)

      Delete
  15. doctor ruwange blog eke kakka karamin yana anota me blog eka thaama ahuwelaa naha maye hithe.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ මහත්මයා එකම කමෙන්ට් එක තුන් හතර පාර දමමින් එතනම ඉන්නව වගෙ තමයි පේන්නෙ..:)

      Delete
  16. නවකවදය....වචනයෙන්ම තේරුම් යනවනෙ වදයක් කියලා ... හැබැයි අමානුෂික නවකවදය, අමානුෂික නොවන නවකවදය කියලා දෙකකුත් තියෙනවා . අමානුෂික නවකවදය අනිවා නතරවිය යුතුයි . ආපු ගමන් පණ බයට කට හෙල්ලුවෙ නෑ. හැබැයි ඊට පස්සෙ බැච් වලට නම් රැග් කරන්න නොගිය නිසා අලයෙක් වුණා . ඒත් මේ අලයව නැතුව ඒ උත්තමයන්ට ඩ්‍රාමා එකක් වත් කරගන්න බෑ.

    ඒත් පොඩි පරහක් තියෙනවා . අමානුෂික නොවන නවකවදය නතරවිය යුතුද ? රඟපෑමට පොඩි හැකියාවක් තිබුණු නිසා සීනියර්ලව අන්දලා ඒ කාලෙ මං නම් ෆන් එකක් ගත්තා . අපේ සම සෞඛ්‍ය පීඨයේ පිරිස් බලය අඩු නිසා අපිට ලොකුවට රැග් තිබුණෙ නෑ.

    ඒත් කුණුහරුප නිසා වින්ද මානසික පීඩාව අපමණයි . ඒකට පලිය ගත්තේ රිපීට් වුණු සීනියර්ස්ලා ඊලඟ පාර නෝට්ස් ඉල්ලනකොට නොදී ඉඳලා ....

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      / ඒත් පොඩි පරහක් තියෙනවා . අමානුෂික නොවන නවකවදය නතරවිය යුතුද ?  /

      විරෝධෝක්තිය ( Oxymoron ) කියල එකක් දන්නව නේද? අමානුෂික නොවන නවක වදය අන්න ඒ වගෙ Oxymoron එකක්. කොටින්ම කිව්වොත් අමානුෂිකත්වයේ තීව්‍රතාවය වෙනස් වෙනවා මිසක අමානුෂික නොවන නවක වදය කියල එකක් නෑ.

      රඟපෑම සිංදුවක් කීම වුනත් එහෙමයි. අපි ඒවා කරන්නෙ කාගෙවත් කීමකට. අපේ කැමැත්තෙන් නෙවෙයි. එතනත් තියෙන්නෙ බලහත්කාරයක්. කාටවත් මොකක්ද තියන අයිතිය අපි අකමැති දෙයක් අපි ලවා කරවන්න? ඒ වගේම අපි කැමති දෙයක් උනත් අපි අකමැති වෙලාවක කරවීමත් බලහත්කාරයක්.

      Delete
    2. අමානුෂික වෙන / නොවන රේඛාව කොතනින්ද අඳින්නේ?
      කාගේ නිර්වචනයකට, අර්ථකතනයකට, විශ්ලේශණයකට යටත්වද?

      Delete
    3. රවිතුමා ,

      //රඟපෑම සිංදුවක් කීම වුනත් එහෙමයි. අපි ඒවා කරන්නෙ කාගෙවත් කීමකට. අපේ කැමැත්තෙන් නෙවෙයි. එතනත් තියෙන්නෙ බලහත්කාරයක්.කාටවත් මොකක්ද තියන අයිතිය අපි අකමැති දෙයක් අපි ලවා කරවන්න? ඒ වගේම අපි කැමති දෙයක් උනත් අපි අකමැති වෙලාවක කරවීමත් බලහත්කාරයක්.//

      එහෙම කිව්වොත් තවත් දේවල් අමානුෂික වෙනවා නේද? ඉගැන්වීම පවා..බලෙන් අකමැති විදිහට ... තව කැම්පස් එකේ සීයට අසූව පැමිණීම බලන එක... ආචාර්යවරයට විරෝධී මත දරන සිසුන්ගේ ලකුණු කපන එක.... ශිෂ්‍යයන්ට තියෙන පරිගණක ආචාර්යවරුන්ගෙ පෞද්ගලික භාවිතයට ගන්න එක.


      රැග් එක හොඳයි කියන්නෙ නෑ . සෑහෙන මානසික පීඩාවක් වුණා .ඒකයි මං කාටවත් රැග් කරන්නෙ නැත්තෙ .

      Delete
    4. Pra Jay,

      සමහර අම්මලා තාත්තලා බලහත්කාරයෙන් ළමයින්ව ටියුෂන් අරන් යනවා. හැබැයි ඒක නිසාම සමහර ළමයි විභාග සමත් වෙනවා. ඒක අමානුෂිකයි නේද? එතකොට රේඛාව කොතනින්ද අඳින්න ඕන ?

      Delete
    5. මෙතූ,

      / එහෙම කිව්වොත් තවත් දේවල් අමානුෂික වෙනවා නේද? ඉගැන්වීම පවා..බලෙන් අකමැති විදිහට ... තව කැම්පස් එකේ සීයට අසූව පැමිණීම බලන එක... ආචාර්යවරයට විරෝධී මත දරන සිසුන්ගේ ලකුණු කපන එක.... ශිෂ්‍යයන්ට තියෙන පරිගණක ආචාර්යවරුන්ගෙ පෞද්ගලික භාවිතයට ගන්න එක./

      ඔව් බලෙන් අකමැති දෙයක් ඉගැන්වීම පැහැදිලිවම බලහත්කාර කමක්, සීයට අසූව පැමිණීම බලන එක අසාධාරණ නැහැ. ඔබේ අධ්‍යාපනය උදෙසා වියදම් කරන්නෙ රටේ සල්ලි. ඒ හින්ද ඔබට ඒ වෙනුවෙන් අවම සහභාගිත්වයක් හෝ දක්වන්නට වෙනවා. ඒ ඔබ වෙනුවෙන් වියදම්වන මහජන මුදල් ඵලදායක ලෙස යෙදවුනුබවට සහතිකවීම උදෙසා,

      ආචාර්යවරයාට විරෝධීමත දරන සිසුන්ගේ ලකුණු කැපීම සහ ශිෂ්‍යයින් උදෙසා වෙන්වූ පරිගණක ආචාර්ය වර්ය්න්ගේ පෞද්ගලික භාවිතයට ගන්න එක අමානුෂික විතරක් නෙවෙයි සාපරාධී ක්‍රියාවක්. දඬුවම් ලැබියයුතු බරපතල වරදක්.

      අනික තව කාරණයක්..මේ වගෙ දේවලුත් වෙනවා කියන එක නවක වධය ලඝු කොට සැලකීමට හේතුවක් වෙන්නෙ නෑ.

      Delete
    6. ටියුෂන් යන කාලෙ ඒක වදයක් වුණත් විභාග සමත් වුණාම ඒක සොඳුරු මතකයක් !

      ඒ වගේ රැග් එක විඳින වෙලාවෙ ඒක වදයක් ලෙස දැනුණත් නැවත මතක් කරලා බලනකොට අපිට අපි ගැනම හිනායන සොඳුරු මතකයක් නම් අන්න ඒ වගේ ඒවටයි මං අමානුෂික නොවන රැග් කිව්වේ ...

      /ඔබේ අධ්‍යාපනය උදෙසා වියදම් කරන්නෙ රටේ සල්ලි. ඒ හින්ද ඔබට ඒ වෙනුවෙන් අවම සහභාගිත්වයක් හෝ දක්වන්නට වෙනවා. ඒ ඔබ වෙනුවෙන් වියදම්වන මහජන මුදල් ඵලදායක ලෙස යෙදවුනුබවට සහතිකවීම උදෙසා, //

      සම්පූර්ණයෙන්ම එකඟයි . නමුත් සහභාගී වුණු පමණින් මුදල් වලට වටිනාකමක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් . ඒක තියෙන්නේ ආචාර්යවරු අතේ...

      Delete
    7. Methu,

      / ඒ වගේ රැග් එක විඳින වෙලාවෙ ඒක වදයක් ලෙස දැනුණත් නැවත මතක් කරලා බලනකොට අපිට අපි ගැනම හිනායන සොඳුරු මතකයක් නම් අන්න ඒ වගේ ඒවටයි මං අමානුෂික නොවන රැග් කිව්වේ …/

      ඕනම දේක වැදගත් වෙන්නෙ ඒ මොහොත. ඒ මොහොතේ ඔබ විඳින්නේ වේදනාවක් නම් පස්සෙ ඔබට ඒක කොතරම් සොඳුරු වුනත් වැඩක් තියනවද? තමන් අකමැත්තෙන් විඳි ශාරීරික හෝ මානසිකව වේදනාවක් පසු කාලීනව හෝ සොඳුරු අත්දැකීමක් කියල හඳුන්වන්න මට නම් අමාරුයි..ප්‍රශ්ණයක් නෑ..ඒ මගේ අදහස...

      / නමුත් සහභාගී වුණු පමණින් මුදල් වලට වටිනාකමක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් . ඒක තියෙන්නේ ආචාර්යවරු අතේ../

      ආචාර්ය වරුන්ටත් වගකීමක් තියනව. ඒත් මම හිතන්නෙ වැඩිපුර වගකීමක් තියෙන්නෙ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අතේ. තමන්වෙනුවෙන් කරන වියදමට උපරිම සාධාරණයක් කරන්ට ආපසු ඒ වියදම ප්‍රතිපූරණය කරනු උදෙසා මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුත්තේ තමන්මයි.

      Delete
    8. හොඳකට වඩා හානියක් වෙනවා. කොහොමවෙතත් ඕක නැතිවුනයි කියලා පාඩුවක් වෙයිද? එහෙමනම් වෙන බොහෝ රටවල නැත්තෙ ඇයි?

      Delete
    9. රවි,
      // ඒ මොහොතේ ඔබ විඳින්නේ වේදනාවක් නම් පස්සෙ ඔබට ඒක කොතරම් සොඳුරු වුනත් වැඩක් තියනවද? //

      ඔව් ඒක ඇත්ත . හරියට පුංචි කාලෙම ගෑණු ළමයින්ගේ කන විදින එක, වැඩිවිය පත් වුණාම කාමරයක හිර කරලා තියෙන එකත් ඒ වගේ අත්දැකීම් ...

      //ඒත් මම හිතන්නෙ වැඩිපුර වගකීමක් තියෙන්නෙ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අතේ. තමන්වෙනුවෙන් කරන වියදමට උපරිම සාධාරණයක් කරන්ට ආපසු ඒ වියදම ප්‍රතිපූරණය කරනු උදෙසා මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුත්තේ තමන්මයි.//

      සීයට සීයක් එකඟයි . විශ්වවිද්‍යාල ආචාර්යවරු පාසල් ගුරුවරු වගේ වචනයෙන් වචනය ඉගැන්විය යුතු නෑ. ශිෂ්‍යයන් දත යුතුයි ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව පොත් පත් කියවලා අන්තර්ජාලය මඟින් නව දැනුම සොයාගෙන එකිනෙකා සමඟ සාකච්ඡා කරලා තමන්ගේ දැනුම මුවහත් කරගන්න . විභාග ඉලක්ක කර නොගෙන සැබෑ ලෙසම අධ්‍යයනයේ යෙදෙන්න . ඒත් ආචාර්යවරු තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකරනවා නම් දේශන වලට සහභාගී වීමේ අරමුණ නිසියාකාරව ඉටු වෙනවද කියන එකෙයි ගැටලුව තියෙන්නේ ...

      Delete
  17. රවි අයියෙ.. ඕක හරියට අර පටක ජාති ඒගාර් මාධ්‍යයේ (?) වගා කරන්න ලේසියි වගේ වැඩක්.තියෙන ප්‍රශ්න දඩමීමා කරගෙන රැග් එක ප්‍රමෝට් කරන්නෙ.ඔය වර්ධනය වෙන්න තියෙන මාධ්‍යයේ පොහොර අයින් කලාම ගැටලුව ඉවරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      රැග් එක ප්‍රමෝට් කරන්න හේතුකරගන්න ප්‍රශ්න මොනවද ? ඒ කියන්නෙ වධකයො කියනවද මෙන්න මේ ප්‍රශ්න රැග් එක නිසා විසඳෙනවා කියල?

      ඔය බහුතරයක් වධකයො ගහන පවුරුස වර්දන බයිලය, සමානාත්මතා බයිලය වගෙ ඒව ඇරෙන්න තව මොනවද රැග් එකට හේතු විදිහට ඉදිරිපත් කරන්නෙ?

      සමාවෙන්න, ඇත්තටම මම එහෙම දෙයක් දන්නෙ නැති නිසයි මේ අහන්නෙ...

      Delete
    2. ඒ අය කියන දෙයක් තමයි ඉලාසිටීම හෝ සටන් කිරීම මඟින් තමයි යමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ.නැත්තම් ඒ ටිකත් පිට පාරෙ යනවා කියන එක.කැම්පස් එකක තනියෙන් සටනක් දෙන්න බෑ.සස්පෙන්ඩ් වෙලා යන්න වෙනවා අකුලගෙන.ඉතින් රංචු ගැහෙන්න ඕනෙ.මේ රංචු ගැහෙන්න ගන්න කෙවිටක් රැග් එක.
      මුලින්ම රැග් එකේ ගහන තෙල් ටික විශ්ලේශනය කරලා එතෙන්ට බෙහෙත දුන්න නම් මොනව කියල රැග් කරන්නද? එහෙම තත්වයක් යටතෙ තග දාන උන්ට යන්න වෙන්නෙ හොම්බෙන්.
      මේ ගස්ලබ්බගෙ අදහස.කාවවත් නොපෙලා නොතලා ගැටළුව විසඳේවි.

      Delete
    3. ගස්,

      ඔය ගොන් තර්ක හොඳයි උංටම....දැං ඔය ඉන්න අයියල අක්කල කියන්නෙ විශ්ව විද්‍යාල වල ඉන්නෙ ලංකාවෙ ඉහළම තරඟ විභාගයකින් සමත්වෙලා තේරුණු බුද්ධිමත්ම තරුණ තරුණියන් කියලනෙ. ඉතිං ආණ්ඩුවෙන් අසාධාරණයක් වෙනවනම් ඒකට විරුද්ධව සටන් කරන්ට එකතුවෙන්න කියල කරුණු කාරණා සහිතව තර්කානුකූලව පැහැදිලි කලොත් ඔය බුද්ධිමත් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒ සටනට එකතු නොවී ඉඳියිද? ඒකට ඔලු කක්කුස්සි පෝච්චි වල ගහන්ට, කලිසං ඇඳිල්ල තහනං කරන්ට, රබර් සෙරෙප්පු දම්මවන්ටම ඕනද? කුණු හරපනෙ මල්ලි..:)

      Delete
    4. ගස්ලබ්බ කැම්පස් ගිය එකෙකුත් නෙමෙයි.ශිෂ්‍ය සංගම් කාරයෙකුත් නෙමෙයි. හැබැයි ඔය කියන විදිහටම විකෘති ක්‍රියාත්මක කරන අයව හුදකලා කරගන්න නම් වැඩිපුර හොයලා බලලම තීරණ ගන්න ඕනෙ කියන එකයි මම කියන්නෙ. විවිධ හේතු පෙන්නගෙන ළමයින්ට වද දෙන එක වැරදියි.ඒ වැරැද්ද පිට දාල කතාකරන හැමෝවම එක සැරේටම තලලා දාන්න හදන එකත් වැරදියි.සාධාරණ අවස්ථාවක් දෙන්න හැකියාවක් තියෙන්න ඕනෙ.
      මොනව උනත් ඔය කොල්ලන්ට තියෙන සංවිධානාත්මක හැකියාවෙන් වැඩක් ගන්න විදිහට විසඳුමක් හදන එකට ඇයි මෙච්චර පරක්කු කියන එකයි මම මේ කල්පනා කරන්නෙ.

      Delete
    5. ගස්, මේක අහපං....

      / ගස්ලබ්බ කැම්පස් ගිය එකෙකුත් නෙමෙයි.ශිෂ්‍ය සංගම් කාරයෙකුත් නෙමෙයි.  /

      මමත් කැම්පස් ගිය එකෙක් නෙවෙයි. ඒත් නවක වධය ගැන මගෙ අත්දැකීමක් තියනව. ඒ මෙහෙමයි. මගෙ හොඳම යාලුවෙකුගෙ දුව යුනිවසිටි සිලෙක්ට් වෙලා සතියයි ගියේ. නවක වදේ දරාගන්ට බැරුව ආය යන්ටම බෑ කිව්ව. ඊට පස්සෙ ඒ දෙමව්පියො කලේ ඉන්න ඉඩමයි ගෙයයි උගස් තියල ලෝන් එකක් අරගෙන දුව ඉන්දියාවෙ යුනිවසිටි එකකට යැව්ව. එහෙම කරන්ට වුනේ මෙහෙ ඉන්න ජේස්ටයො කියන තිරිසන්නු හින්ද....

      / විවිධ හේතු පෙන්නගෙන ළමයින්ට වද දෙන එක වැරදියි.ඒ වැරැද්ද පිට දාල කතාකරන හැමෝවම එක සැරේටම තලලා දාන්න හදන එකත් වැරදියි.සාධාරණ අවස්ථාවක් දෙන්න හැකියාවක් තියෙන්න ඕනෙ./

      පරිපාලනයත් එක්ක ප්‍රශ්න තියනවනං තමන්ට සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ නැත්තං ඒකට ගතයුතු ක්‍රියාමාර්ග තියනව. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේ අවුරුදු ගාණක් මහන්සිවෙලා තරඟ විභාගයකින් සමත්වෙලා දාහක් බලාපොරොත්තු තියාගෙන දේවාලෙකට ඇතුල්වෙනව වගෙ භක්තියකින් විශ්ව විද්‍යාලයට පය ගහන නවකයින්ව අමානුෂික තිරිසන් විදිහට වධයට ලක් කිරීම කොහොමද හිතක් පපුවක් තියන මනුස්සයෙක් සාධාරණීකරණය කරන්නෙ?

      දැන් කියන්න හදන්න එපා මම නවක වදයට විරුද්ධයි කියල. එහෙම වචන වලින් කිව්වට උඹ අනියමින් නවක වදය අනුමත කරනව පැහැදිලිවම...;)

      අඩුම ගානෙ වධකයින් දිහා සානුකම්පිතව බලනව. අපි දෙන්නගෙ වෙනස ඒකයි. මට එහෙම සානුකම්පිතව බලන්න බෑ. කිසිම හේතුවක් හින්ද නවක වධයට ඉඩ නොදිය යුතුයි කියන එකයි මගෙ ස්ථාවරය.

      / ඉතින් රංචු ගැහෙන්න ඕනෙ.මේ රංචු ගැහෙන්න ගන්න කෙවිටක් රැග් එක. /

      ඒකත් මාර තර්කයක්නෙ බං..එතකොට කැම්පස් එන හැමෝම උංගෙ පාගමං උද්ගෝසන, සත්යග්‍රහ, උපවාස වලට අනිවාර්යයෙන් සහබාගිවෙන්ටම ඕන. තමන්ට කියල ස්වාදීන අදහසක් තියෙන්ට බෑ? මම ඔව්වට නෑ. මම ආවෙ ඉගෙන ගන්ට ..එහෙම කියල පැත්තකට වෙලා ඉන්ට බෑ? මාරයිනෙ මල්ලි ඒ තියරි එක...ඔතන බොහොම පැහැදිලියිනෙ මොකක්ද වෙන්නෙ කියල. රැග් එකෙන් කරන්නෙ නවකයො ත්‍රස්ත කරල උංගෙ දේශපාලන වැඩ වලට යොදාගන්ට පුලුවන් විදිහට කොන්ද කඩන එක. ජෙප්පො කෙලෙත් ඒක දැන් පෙරෙට්ටො කරන්නෙත් ඒක.

      අනික කෙවිටෙ තර්කය ගත්තොත් යුනිවසිටි එන නවකයො කියන්නෙ හරක් රැලක්. කෝ දැං අර ලංකාවෙ ඉහලම බුද්දිමත්ම සීයට අහවල් ගානෙ කතාව?

      Delete
    6. Gus,

      / මොනව උනත් ඔය කොල්ලන්ට තියෙන සංවිධානාත්මක හැකියාවෙන් වැඩක් ගන්න විදිහට විසඳුමක් හදන එකට ඇයි මෙච්චර පරක්කු කියන එකයි මම මේ කල්පනා කරන්නෙ. /

      මොකක්ද බං උංට තියෙන සංවිධානාත්මක හැකියාව? දැං උඹම නේද කිව්වෙ රැග් එක කියන්නෙ කෙවිටක් කියල. මල්ලි ඉස්සෙල්ලම පලවෙනි දවසෙම ඒ කෙවිට පෙන්නල මාරාන්තික පරාණ භීතියට ලක් කරපු කොඳු කඩපු උඹලගෙ බාසාවෙන් කියනව නම් හරක් රැලක් ඊට පස්සෙ තමන්ට ඕන තැනකට දක්කගෙන යන්ට ආය අහවල් සංවිධානාත්මක හැකියාවක්ද බං ඕන?

      අන්න කට්ටියම එකට ඉඳගෙන එක එක්කෙනාගෙ අදහස් විවෘතව ප්‍රකාශ කරන්ට ඉඩ දීල ඊට පස්සෙ තර්කානුකූලව තමන්ගෙ අදහසට බහුතරය එකතුකරගෙන යමක් සාමූහිකව කරන එකටයි සංවිධානාත්මක හැකියාව කියන්නෙ. නැත්තං නිජහස් අජ්ජපානයේ මලගම කියල ලේබල් එකක් ගහපු මිනී පෙට්ටියක් උස්සගෙන අර කොඳු කඩපු හරක් රැල වෝඩ් ප්ලේස් එකට දක්කගෙන යන එකට එහෙම නෙවෙයි

      Delete
    7. සානුකම්පිතව බලනවා කියන එක තමයි වචනෙ.හෙහ් හෙහ්..
      'දශක ගාණක්' පරණ සිලබස් ටික හදල අරන්,සිහිබුද්ධියක් පරිණත බවක් තියෙන පිරිසක් එක්ක මෝටිවේශන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා (එතකොට කට්ටිය අඳුනගන්න වැඩෙත් වෙනවා.)
      ජොබක් කරන්න පුළුවන් කෝස් ගාන වැඩි කරලා ගත්තාම හරි අයියෙ..
      මුළු සමාජයක් එක්ක හිටු කියලා ආපහු උන්ට වයිර කොරන එකට එකතුවෙන්න බැරිකමක් තදටම දැනෙනවා.
      ටිකක් අමාරු උනත් කරන්න පුළුවන් වැඩසටහන් තියාගෙන මානසික රෝගීන් බෝකරන එකට පොහොර දාල වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ.
      රැග් ටීම් මර්ධනය මුලින්ම ඇරඹුවාට විසඳුම් කරුවන්ගේ අවසාන තුරුම්පුව මර්ධනය විය යුතුයි.
      ඔච්චර තමයි ඉතින්... කොහෙද.. හැමදේම එක වචනෙකට දැම්මනෙ.. සානුකම්පිතව බලනවා කියලා.ඒක හරි...හෙහ් හෙහ්

      Delete
    8. ගස්,

      උඹ රැග දිහා සානුකම්පිතව බලනවා...හෙහ්,හෙහ්...ඒකෙ අවුලක් නෑ මල්ලි, උඹට රැග දිහා සානුකම්පිතව බලන්ට වගේම රැග සම්පූර්ණයෙන්ම අනුමත කරන්නත් නිදහස තියෙන්න ඕන.ඒත් බං උඹ ඔය සානුකම්පිතව බලන නවක වධකයින් ඒ නිදහස නවකයින්ට දෙනවද? නෑ....අන්න එතනයි වැරැද්ද...අන්න එතනයි බලහත්කාරය.

      අවුලක් නෑ මලේ …. එකඟ නොවීමට එකඟ වී අපි විසිර යමු...:)

      Delete
  18. මං හිතුවෙ දැන් වෙනකොට නවකවදය ගැන කතා බහ ඉවරයක් වෙලා ඇති කියලා. කිසිම මනුස්සයෙක්ට තවත් කෙනෙක්ව කායිකව හෝ මානසිකව පීඩාවට පත් කිරීමට අයිතියක් නැහැ. ඒක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කියන අයට තේරුම් ගන්න මෙච්චර අමාරු ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ.

    ඒත් ඔය නවක වදයට පක්ෂ සිසුන් සිටින් තාක්කල් ඕක නවත්තන්නත් බැහැ. අපේ බැච් එකෙන් නවක වදය කළේ නැහැ. ඒ රැග් නොවුණ කෙනෙකුට වෙන කෙනෙක් රැග් කරන්න බැහැ කියලා සම්මුතියක් පවතින නිසා අපෙන් පස්සෙ අපේ රැග් එක නවතියි කියලා හිතලා. ඒත් අපේ ජූනියර් බැච් එක බොහොම අපූරුවට රැග් එක කරගෙන ගියා. ඉතින් අපිට අපෙන් පස්සෙ රැග් එක නවත්තන්න විදියක් තිබ්බෙ නැහැ. ඒත් කැම්පස් ජීවිතය ඇතුලෙ කිසිම කෙනෙක්ට කායික හෝ මානසික පීඩාවක් දීලා නැහැ කියන සතුට විතරක් ඉතුරු වුනා.

    ReplyDelete
  19. මේ අතර සයිවර් කඩයකදී...

    -"මුදලාලි, මම PHI. මෙහෙන් ගත්ත කිරිතේ එකක මැස්සෙක් වැටිල හිටිය කියල පැමිණිල්ලක් ආවා. මොනාද මනුස්සයෝ මළජරාව විකුණන්නේ? තමුසෙට හෝටලේ වහගන්න ඕන වෙලාද?"

    -"මේ මේ මාතියා මේ... යේක ඇවිල්ලා යෙපිලගෙ උපෂංෂ්කෘතිය ෂරි? යෙපිලට කවඩහරි වයෂට ගියාම මතක් කරල ෂතුටු වෙන්න තියෙනවා මේව තමා. අනික මාතියා ජීවිතේට මැෂ්ෂෙක් එක්ක කිරිකහට බීලා නැතුව කොහොමඩ යේකෙ රෂ දන්නවා? අපි මාතියාට පොවන්ඩ ගියේ නෑනේ යේක හින්ඩා අනේ ප්ලීෂ් පවු නොඩී යන්ඩ මාතියා. ඕව ජීවිතේට ෂයිවර් කඩේකින් කාල නැටි ඊරිෂියාවට කියන කතා තමා."

    ඉස්සුවේ-අශාන රවිඳු ගෙන්
    පරක්කු වැඩිද මංද

    ReplyDelete
  20. මොරටුවේ ඉ.පි.ශි.ස. එකේ සාමාජිකයෙක් වශයෙන්, ලේකම් වශයෙන් සහ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත...
    කවදාවත් රැග් එක දීම අප සංගමය අනුමත කලේ නැහැ වගේම හොරෙන් හරි රැග දෙන එකට විරුද්ධව නැගී සිටියෙමු...
    කැම්පස් එකේ ප්‍රශ්න වෙනුවෙන් පීඨ තුනක සිසුන් සමග එක් වී පරිපාලනය සමග සාකච්චා කිරීම් සහ එසේ කල නොහැකි වූ එක අවස්ථාවක පමණක් කැම්පස් එක ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීමෙන් වසර ගණනාවක් ගැටළුවක්ව පැවතී NDT, BSc ගැටළුව විසඳීමේ මුල් අඩිතාලම දමා ගැනීමට හැකි විය...

    ප්‍රදර්ශන සංදර්ශන වැනි එකී මෙකි නොකී සියළු වැඩකටයුතු සංවිධාන කිරීම සඳහා පිරිස සොයා ගැනීමට රැග අවැසි වුයේ නැත...
    බාහිර ක්‍රියාකාරකම් සඳහා උපරිම දායකත්වයක් ලබා දීමට, ගමේ උන් සමග ෆිට් වීමට, කැලේ කොලේ රිංගීමට යන මේ කිසිවකට රැගක් ඇවැසි වුයේ නොමැත...

    සුනාමි උවදුර හමුවේ නිවෙස් අහිමි වූ විශ්ව විද්‍යාල සිසුන් හය දෙනෙකුට (6 දෙනාම වෙනත් වී.වී. වල සිසුන්ය) නිවෙස් හදා දීමේ කටයුතු, කොටි තර්ජන තිබු පළාත් වල දුෂ්කර පාසල් ළමුන් කොළඹට ගෙනවිත් පාසලට පොත් පත්, ක්‍රීඩා භාණ්ඩ, සංගීත උපකරණ සපයා දී කොළඹ වැදගත් දෑ පෙන්වා ආපසු ගෙනගොස් දැමීමේ කටයුතු සංවිධානය සඳහා අප හට රැගෙන් පන්නරයක් ලැබුනේ නැත...

    එමෙන්ම පුස්ථකාලයේ සේවක මඩුල්ලේ සහ සගයින්ගේ ඉමහත් පුදුමයට පාත්‍ර වෙමින් පුස්ථකාලය සතුව එවකට තිබු සියළුම පරිවර්ථන කෘති කියවා හමාර කිරීමටද හැකි විය...

    මේ වැඩ කටයුතු නිසාවෙන් අධ්‍යාපන කටයුතු මදක් අඩාල වුවත් ගුරුවරුන්ගේ නොමද සහය හමුවේ සියල්ල හමාර කොට හරියටම වසර හතරේදී උපාධිය හමාර කොට පන්ති සාමාර්ථයක්ද සමගින් රැකියාවක් සොයා නැවතත් මිනිසුන් අතරට, සමාජයට වම්හ...

    උපාධිය අවසන් කොට හරියටම දින 25 ක් ගත වෙද්දී රැකියාවකට යාමට හැකි විය. ඒ මා තේරී පත්වූ තුන්වන රැකියාවය. මුල් රැකියා දෙකට මම මනාප වුයේ නැත...
    මේ කිසිවක් සඳහා රැග නොතිබුනා කියා කිසිම ගැටළුවක් වුයේ නැත...

    එමෙන්ම රෙජිස්ටාර් කන්තෝරුවේ සිටියදී පහළින් කලබලයක් ඇසි ජනේලයකින් බැලු විට රැග නොඉවසු NDT නවකයකු සින්නකුගේ මුහුණ පුරා දැලි පිහි පහරක් ඇද දුව යනවා දුටිමි...
    නවකයා පාඨමාලාව හැර ගියේය, ජෙෂ්ඨයා ගේ මුණ හැදීම සඳහා ඔවුන්ගේ සගයින් ඔවුන් ඔවුන් අතරේ හොර රහසේ මෙන් සම්මාදමක් ගෙනගිය බවද ඔවුන්ගේ මෝඩ කම් වලට අප සිනාසුනාද මතකය...

    ReplyDelete
    Replies
    1. දැකපු හොන්දම කොමෙන්ට් එකක් ලොකු පුතා. අත්දැකීමෙන්ම ආපු එකක් නිසා හුගන් හොඳයි.

      Delete
    2. // NDT, BSc ගැටළුව විසඳීමේ මුල් අඩිතාලම// මේක දැන් විසඳිලා තියෙන්නේ කොහොමද? ඒ දවස් වල මට මතකයි තදට යනවා.

      Delete
    3. මලසෙක කිව්වලු!

      රැග් එක කාලා තිබේ. ශිෂ්‍ය සංගමයේත් තඩි තනතුරක සිටියෙමි. කාටවත් කඩේ ගොස් නැත. බිලීපිති ආවාට ඇම කාලාද නැත.

      රැග් වර්ග කීපයක් තිබේ. නියම රැග් එක කියන්නේ මේ කියන කිසිවක් නොවන බව පැහැදිලිවම දනිමි. මම රැග් එකට විරුද්ධ නැත්තේ ඒ නිසයි. ඉහතින් කියා ඇත්තේ රැග් නොවෙයි. ඒවා කැම්පස් වලට පමණක් සීමාවී නැත.

      අවසාන වශයෙන්.... සමහරු කෝවේ දැම්මත් මකන්නට හෝ හදන්නට නොහැකිය. එසේ හැදිය හැකියයි සිතීම තරම් මෝඩකමක් තවත් නැත.

      Delete
    4. 1999 නඩු තීන්දුවේදී තීරණය වුයේ HNDE ආරම්භ වී එයින් සිසුන් එළියට එන කාලය වන විට එනම් වසර තුනකදී NDT පාඨමාලාව නතර කලයුතු බවයි...
      එය එසේ නොවුන නිසා දැන් ඇති අවස්ථාව වනුයේ NDTය වී.වී. පරිශ්‍රයෙන් බාහිරව වී.වී.ට අයත් පාඨමාලාවක් වශයෙන් පවත්වා ගැනීමය...
      එමෙන්ම එය වී.වී. තුළ ඇති තාක් එයට බඳවා ගන්නා ළමුන් ප්‍රමාණය වැඩි කිරීම, නව විෂය ධාරා ආරම්භ කිරීම, වී.වී. අලුතින් ඉදි වන නව පර්යේෂණාගාර ආදිය භාවිත කිරීම නඩු තීන්දුව අනුව තහනම් වේ...

      නමුත් දැන් එය අහෝසි කරනවාට වඩා වී.වී. භූමියෙන් පිට හෝ වර්ධනය වී පවත්වාගෙන යාම ඉතා යෝග්‍ය වන්නේ වැඩි සිසුන් ප්‍රමාණයකට අවස්ථාව සැලසෙන නිසාය...
      කොටින්ම කිවහොත් ඔවුන් තේරුම් නොගත්තද එය විශාල අපරාධයක් වන්නේ අප වී.වී. තුළට යන විට 570 ක් පමණ වූ අපගේ කණ්ඩායම මෙන් දෙගුණයක පමණ සිසුන් ප්‍රමාණයක් අප අවසන් වසරේ සිටියදී අප පාඨමාලාවට බඳවා ගන්නා විට NDT ය 1999 බඳවා ගන්නා පිරිසම බඳවා ගනිමින් විශාල ළමුන් කොටසකට අවස්ථාව අහිමි කරන්නේ වී.වී. භුමිය තුළම රැඳී සිටිය යුතු බව පවසමිනි...

      අප සිටි කාලය ඇතුළත NDT ය වී.වී. භූමියෙන් පිටත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම මිළදී ගැනීම සිදු වූ අතර අපගේ බල කිරීම හමුවේ ඉදි කිරීම සඳහා මුදල් යම් ප්‍රමාණයක්ද වෙන් කෙරුණි...
      මේ වන විට එය පවතින්නේ කුමන අවස්ථාවකදැයි නොදනී...

      Delete
    5. ///රැග් වර්ග කීපයක් තිබේ. නියම රැග් එක කියන්නේ මේ කියන කිසිවක් නොවන බව පැහැදිලිවම දනිමි. මම රැග් එකට විරුද්ධ නැත්තේ ඒ නිසයි. ඉහතින් කියා ඇත්තේ රැග් නොවෙයි. ඒවා කැම්පස් වලට පමණක් සීමාවී නැත.///
      උපයලා ගේ කෝස් එක කැම්පස් එකෙන් පිට අළුතෙන්ම පටන් ගත්තු එකක්. එතැනදී යල් පැනගිය හණමිටි අදහස් නැතුව තමන්ගේ ක්‍රමයකට හැම දේම පටන් ගන්න පුළුවන්...
      ඒ නිසා උඹ හොඳය කියල හිතන්න පුළුවන් රැග් එකක් දැකල ඇති...

      ඒ වගේම මුල ඉඳලම උපයලගේ ලොකුම අරමුණ උනේ කැම්පස් එක ඇතුළට පනින්න...

      බොරැල්ලේ නන්නත්තාර වෙලා අනාත නාථ වෙලා හිටු උපයලව කැම්පස් එක ඇතුළට ගන්න මුලික අඩිතාලම දාන්න අපිත් සෑහෙන්න කට්ට කාපු බව දන්නේ නැතෙයි...

      88/89 කාලේ JVP බලකොටුවක් වෙලා තිබ්බ මොරටුව ඒ මට්ටමෙන් මිදිලා අද ඉන්න තත්ත්වෙන් තියා ගන්න ලැබෙන්නේ නැහැ අපෙත් රැග තිබ්බනම් සහ අපිත් අන්තරේ හිටියනම්...

      Delete
    6. //බොරැල්ලේ නන්නත්තාර වෙලා අනාත නාථ වෙලා හිටු උපයලව කැම්පස් එක ඇතුළට ගන්න මුලික අඩිතාලම දාන්න අපිත් සෑහෙන්න කට්ට කාපු බව දන්නේ නැතෙයි...

      දන්නවා. ඒ නිසයි උන් එක්ක එකට වාඩිවෙලා කතාකරන්න අපිට පුළුවන් උනේ. නමුත් ඇතුලේ තිබ්බ ගේම් දන්නේ අපි ටික දෙනා විතරයි. අපි ඒවාට එලියට පනින්නට නොදෙන්න සෑහෙන ෆයිට් එකක් දෙන්න උනා. ඒවා කරන්න ගිහින් මගේ නම්බු කටුවත් නැති උනා වගේ උනා. මොකද අපි කාගේවත් අතකොලු උනේ නැති නිසා. ඒවා වෙනම කතා.

      ශිෂ්‍ය දේශපාලනය තියෙන්න ඕනේ. එතකොට තමයි උගත් ශිෂ්‍යයින් අතුරින් හොඳ සමාජ සේවකයින් බිහිවෙන්නේ. ( දැන් අහන්න එපා ඉන්න උන් දිහාට ඇඟිල්ල උලුක් කරලා මුන්ද ඒ කියල. හි හි... නායකයින් බිහි උනාට තෝරන්න වෙන්නේ ජනතාවටනේ.. එතන තමයි ඊළඟ කඩුල්ල )

      මොරටුවේ රැග් නැත කියා පොරටෝක් දෙන්න මම කැමති නැහැ. කොටිම්ම මම සාමාන්‍යයෙන් මගේ කැම්පස් එක ගැන කියන්නෙත් නැහැ. රැග් කියන දේ මොවුන් අඳුනන්නේ නැහැ. මුළු ජිවිත කාලෙම කන්නේ රැග්ම තමයි. ඕනෙම අලුත් පරිසරයකදී රැග් වෙනවා. සමහරු ඉල්ලගෙන කනවා ,සමහරු කන්නම ඉල්ලනවා.

      ඒ අස්සේ බොරදියේ මාළු බානවා. ඒ මදිවට වල ඉහන් කනවා. ඒක තමයි භයානක.

      කොහොමත් මේක රිලේ එකක්. අපේ අතින් බැට්න් එක කොයි වෙලේක හරි දෙන්න වෙනවා. උන් වෙනුවෙන් දුවන්න බැහැ අපිට. ඒක මිත්‍යාවක්.

      Delete
  21. නවක වාදය ගැන කියවලාම දැන් වදයක් වෙලා තියෙන්නේ.
    රවී මම කියන්නේත් නවකවදය සහමුලින් තුරන් වෙන්න ඕනි දෙයක් කියල. ඒ ගැන මගේ අදහස පොස්ටුවකින්ම දාන්න ඉන්නේ . ටිකක් ඉන්ටකෝ

    ReplyDelete
  22. Ravi,sunil edirisinghehe song eke link ekak daanna berida?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...