Friday, May 27, 2016

417. වැස්සට කලින් කැම්පස් ගිය බුද්ධිමත් මහත්වරුන් ගැන පශු වදනක්


සමාවෙන්ට උවමනයි.අර ඊයෙ ප්‍රවේශ කතාවක් ලියපු එකේ ප්‍රධාන කතාව අද ලියන්ටයි හිටියෙ. ඒත් මේ ඊයෙ හවස සිද්දවෙච්චි දෙයක් හින්ද ඒක තව දවසකට කල් දැම්ම. මොකද මට හිතුන මේ කතාව අදම ලියල දාන්ට ඕනය කියල.

*********************************

මෙහෙ සති අන්තෙ සිකුරාදයි සෙනසුරාදයිනෙ. ඉතිං බෘහස්පතින්ද හවස කන බොන අය කවුරුත් පොඩි ආතල් එකක් ගන්නව. මගෙත් යාලුවො හත් අට දෙනෙක් ඇවිල්ල ඊයෙ පොඩ්ඩක් වගෙ වෙන්ට කර්මාන්තයක් කලා. ගාණට වගෙ වැදීගෙන එනකොට වැඩේ නැවැත්තුව. මොකද එතන හිටපු තුන්දෙනෙක් කිලෝ මීටර් හතළිහක් වගෙ දුර බැහැරක ඉන්නෙ. යන්තමටවත් වැඩිවෙලා ඇක්සිඩන්ට් එකක් උනොත් දඩේ ගෙවන්ට ලංකාවෙ තියන ගේ උගස් තියන්ට වෙනව.

ඉතිං කන්ට ලෑස්තිවෙලා බලනකොටයි දැක්කෙ පිඟං තුනක් අඩුයි. ඒක ඇවිල්ල තනිකරම මගේ වැරැද්ද. සත්කාරක නොහොත් Host හැටියට වැඩේ පටන්ගන්ට ඉස්සරවෙලා අවශ්‍ය ප්‍රමාණයට සියලුම භාණ්ඩ සහ උපකරණ තියනවද කියල හොයල බලන එක මගෙ වගකීම. මේක වුනේ බොන්ට තියෙන හදිස්සියට එව්ව අමතක වුනානෙ. අනේ අනිච්චං කණේ කඩුක්කං

"අනේ බං සමාදිය බජනය කරන්ටලා..පිඟං තුනක් නම් අඩුයි....අල්ලපු ගෙදරින් වත් මම ඉල්ලගෙන එන්ටද?"

"පිස්සුද බං? මෙන්න මෙහෙ ඉඳහං...ආය ඔක්කොම එකටම කන්ට ඕනය කියල නීතියක් තියනවය? කවුරුහරි කාල ඉවර උනහම ඒ පිඟාන ගමු. නෝ ප්‍රොබ්ලම්" වසන්ත එහෙම කිව්ව.

ඉතිං ඔන්න පස් දෙනෙක් කනව . අපි තුන් දෙනෙක් එතකල් දුමක් එහෙම ගහගෙන හිටිය පැත්තකට වෙලා.

ඔන්න අසිත කාල ඉවර වුනා. "මචං සරතා උඹ කාපං එහෙනං ඒ පිඟානෙ. උඹ දුර යන්ටත් තියනවනෙ." මම කිව්ව. සරතා අර මම කිව්වෙ කිලෝ මීටර් හතළිහක් වගෙ දුර ඉන්නවය කියල. එයිං එකෙක්.

" කෝ දීපංකො එහෙනං පිඟාන" සරතා නැඟිට්ට. 

"ඉඳහං බං මම පිඟාන හෝදල දෙන්නං" අසිත පිඟානත් අරගෙන කුස්සියට යන්ට ලෑස්තිවුනා. 

"පිස්සුද බං මෙන්න මෙහෙ දීපං මම ඕකට බෙදාගෙන කන්නං" සරතා අසිතයගෙන් පිඟාන ගන්ට හැදුවා.

"බෑ..බෑ...බං මේකෙ මේ ඉඳුලුත් එක්ක." 

"නෑ..නෑ..එව්ව මොනවද බං..මෙන්න මෙහෙ දීහං" සරතා අසිතයගෙන් බලෙන්ම පිඟාන අරගෙන අර ඉඳුල් උඩටම බත් බෙදාගත්ත.

මගේ ඇස් ලොකුවුනා."ඒයි බං මොන ජරා වැඩක් ද ඕක? අනුංගෙ ඉඳුල් උඩට බත් දාගෙන කන්නෙ?" 

"ආය මට ඔව්වයෙ ගානක් නෑ බං…"

"මේ සරතා උඹ මට බොරුනේද කිව්වෙ?" පොල්කටු හැන්දෙන් අලහොද්ද බෙදාගන්න සරතගෙන් මම ඇහුව. 

"ඈ?....මොකක්ද මම කියාපු බොරුව?" ඌ මා දිහාට හැරිල ඇහුව.

"උඹ මට දවසක් කිව්වනෙ උඹ කැම්පස් ගිහිල්ල නෑ කියල. "

"නෑ තමයි බං..ආය මොකටද බොරු කියන්නෙ?...මට කැම්පස් යන්ට වුනේ නෑ. "

"එතකොට ඔහොම කැත නැතුව ඉඳුල් පිඟංවල බත් දාගෙන කන්ට පුරුදුවුනේ කොහෙන්ද? "

"මම මෙහෙම පුරුදු වුනේ බං හිච්චි එකා කාලෙමයි. අපෙ පවුලෙ කොල්ලො කෙල්ලොම අටක්. අනික තාත්තා කලේ කුලී වැඩ.ඉතිං ඔය හැමෝටම එක පාර බත් බෙදන්ට ගෙදර පිඟන් තිබ්බෙ නෑ. මම පවුලෙ වැඩිමලා. ඉතිං අම්මයි මායි ලොකු නංගියි කරන්නෙ පොඩි එවුං කාල ඉවර උනහම ඒ ඉඳුල් පිඟානටම බත් බෙදාගෙන කනව."

"ඒක වෙන්ට බෑ බං..නෑ..නෑ..කොහෙත්ම වෙන්ට බෑ.."

"මොකද්ද? මොකද්ද වෙන්ට බැරි?" සරතයට ඔන්න තද වුනාද කොහෙද? පිඟානත් පැත්තක තියල මා දිහාට හැරුන.

"හරි හරි කලබල වෙන්ට එපා..මම මේ කිව්වෙ ඉඳුල් පිඟානටම බත් දාල කන එක ගැන. එහෙම අති ශ්‍රේෂ්ඨ සමානාත්මතාවයක් ගෙදරදි පුරුදු උනාය කියල මට විස්වාස කරන්ට අමාරුයි."

"එතකොට කොහෙදිද එහෙම දේවල් පුරුදු වෙන්නෙ?"

"එහෙම ඉතාම උසස් මානුෂික අති ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම පුරුදු වෙන්ට තියෙන්නෙ එකම තැනයි" මම කෑගහල කිව්ව.ඔක්කොමල කන එකත් නවත්තල මගේදිහාට හැරිල දැං කටවලුත් ඇරගෙන බලා ඉන්නව. 

"පපර පපර පපර පෑං පෑං පෑං ....ඔව්..ඒ එකම තැන නම් ශ්‍රී ලංකාවේ විස්ව විද්‍යාලවල රැග් එකේදී පමණයි. වෙන කොහේවත් එහෙම බෑ. ඒකයි සරතා මම කිව්වෙ මට උඹේ කතාව විස්වාස කරන්ට බෑ කියල. ඇත්ත කියපං..හොඳට මතක් කරපං..බොට සමහරවිට අමතක වෙලා තිබ්බට උඹ ඇත්තටම කැම්පස් ගිය එකෙක් වෙන්න ඇති"

"පිස්සුද බං..මේ මඟුලක් කතා කරනව. ඒ වගෙ අපායකට ගියා නං එහෙමත් අමතක වෙනවද? ඒක නෙවෙයි කවුද දැං ඔය ඒ වගෙ සමානත්මතාව ඉගෙන ගන්ට පුලුවන් රැග් එකෙං විතරක්මය කියල කියන පොර?"

"හප්පා එතුමා බොහොම උගතෙක්, බුද්ධිමතෙක්. වැස්සට කැම්පස් ගිය කෙනෙක් එහෙම නෙවෙයි ඔන්න. වහින්ඩ ඉස්සෙල්ලම කැම්පස් ගිහිල්ල එහෙදිම නාගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් කියපු දෙයක් කොහොමවත් බොරු වෙන්ට බෑනෙ ඒකයි මට තාම උඹේ කතාව විස්වාස නැත්තෙ.."

"අනේ මෙහ්..මගෙං මොකවත් අහගන්නෙ නැතුව හිටහං…" සරත මං දිහා රවාගෙන කිව්ව.

"ඉතිං තව මොනවද එතුමා කියල තියෙන්නෙ?" එහෙම ඇහුවෙ වසන්තය. 

"ආ..දැං ඔය කොල්ලො කොලු කමට අනික් එවුංගෙ සරං කඩනවනෙ …"

"ඉතිං? "

"ඉතිං එහෙම වෙලාවට රැග් එක කාල පලපුරුදු එකෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම සරම කඩපු එකාට පිහියෙං අනිනවලු."

"මොන විකාරද බං? මගෙ රූම් එකේ අනික් එකා කේරල බුවෙක්. මම මේ ඊයෙත් ජෝක් එකට උගෙ සරම කැඩුව.."

"නෑහ්හ්හ්?..." මගෙ ඇස් ගෙඩි දෙක ලොකු වුනේ රැග් එකේ දි සුහදව අඳුනාගන්ටය කියල සින්නොද මක්කුන්ද කියන යමපල්ලො නවකයෙක්ගෙ ඔලුව කකුස්සි පෝච්චියට එබුවම ඒ අහිංසකයගෙ ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් වෙනව වගෙ. 

"කෝ ඉඳහං බලන්ට..ඔය ෂර්ට් එක ගලවපං.." මම වසන්තයට කිව්ව.

"ඒ මොකටද? "

" ගලවපංකො කියන්ට.."

වසන්තය "මොකටද බං?...මොකටද බං?" කිය කිය ෂර්ට් එක ගැලෙව්ව. 

මම උගෙ වටේට ගිහිල්ල හොඳට පරීක්සා කරල බැලුව. "අඩේ නෑනෙ.."

"මොනවද යකෝ නැත්තෙ?" වසන්තය ඇහුව ෂර්ට් එක ආපහු අඳින ගමං.

"මම මේ බැලුවෙ උඹේ බඩේ හරි පිටේ හරි පිහි පාරක් තියනවද කියල..ඒත් නෑනෙ එකක්වත්.."

"මොකක්ද ඒ පිහි පාරෙ කතාව?" තව එකෙක් ඇහුව. 

"නෑ..ඔහොම සරම කැඩුවම රැග කාල නැති එකෙක් නම් අනිවාර්යයෙන්ම පිහියකිං අනින්ට ඕන. ඒත් මුගේ ඇඟේ නෑනෙ එක පිහි පාරක්වත්."

"කේරළය මුගෙ පුකටවත් පිහියෙන් ඇන්නද දන්නෙ නෑ." එකෙක් එහෙම කියල බක බක ගාල හිනා වුනා. 

"ඇන්නා පුකට නෙවෙයි උඹෙ…" වසන්තය ඌ දිහා රවාගෙන කිව්ව. 

"නෑ ඒක වෙන්න බෑ....." මම අත් දෙක පපුවෙ බැඳගෙන කල්පනා කලා. "එහෙම පුකට පිහියෙං අනිනව නං අර බුද්ධිමත් මහත්තය එහෙම කියනව. එහෙම කියල තිබ්බෙ නෑ. ඒ හින්ද එහෙම වෙන්න බෑ......හරිනෙ.." මට එක පාරට කෑගැස්සුනා.."දැන්නෙ මට වැඩේ තේරුණෙ. උඹේ ඔය රූමා කේරළය අනිවා ලංකාවෙ කැම්පස් එකක ඉගෙන ගත්ත පොරක්. එහෙදි රැගත් කාල අංගජාත ප්‍රදර්ශණ ක්‍රියාවලියටත් සහබාගි වෙලා පලපුරුදු පොරක්. ඒකයි මචං උඹට පිහියෙං ඇන්නෙ නැත්තෙ. ආය ඒකෙ දෙකක් නෑ බඩු ෂුවර්."

"පිස්සුද බං? ඌ එහෙම ලංකාවෙ ඉගෙන ගත්තු එකෙක්නං මට කියනවනෙ…"

"නෑ..නෑ..එහෙමම තමයි වෙලා ඇත්තෙ. මම මේ කියන මහත්තයට කොහොමත් වරදින්ට බෑ. සමහරවිට කේරල බුවාට උඹට කියන්ට අමතක වෙන්ට ඇති. නැත්තං ඌ කියන්ට ඇති. ඌ කිව්වයි කියල උඹට අමතක ඇති. "

"තොට පිස්සුද XXXXX?... මට එහෙම අමතක වෙන්ට මොකෝ මම දුමින්ද සිල්වද? අනික ඌ මගෙ ගජ යාලුව. ඌ මට නොකිය ඉන්නෙ නෑ කොහොමවත් ඔහොම එකක්. " 

"නෑ..බං අපි හරියටම දන්නෙ නෑනෙ..මම කියන්ටද? උඹ ගනිං ඌට කෝල් එකක්..අරගෙන අහපං ලංකාවෙ කැම්පස් එකෙක ඉගෙන ගත්ත නේද කියල" 

"උඹෙ ඔලුව නරක් වෙලාද? ඌ හිතයි මට පිස්සුය කියල.."

"අනේ බං මම කියනවට කෝල් එකක් ගනිං..හරි හරි මෙන්න මගෙ ෆෝන් එක.මේකෙං ගනිං.."

"ආය මට උඹේ ෆෝන් එක ඕන නෑ...මට බය මූ මට පිස්සුය කියල හිතල ගෙවල් අයිතිකාරයට කියල මාව කාමරෙනුත් දොට්ට දායිද කියල..ඔය හරියෙ ඒ ගාණට කාමරයක් හොයාගන්න එක ලේසි නෑ…." වසන්තය අඬන්නෙ නැති එක විතරයි.

"හරි හරි නාඬ ඉඳිං..ඌ උඹව එලවල දැම්මොත් උඹ මෙහෙ ඇවිල්ල නතර වෙයංකො. හරි දැං ගනිංකො කෝල් එක.."

වසන්තයට හින්දිත් පුලුවන් ටික ටික...ඌ ගත්ත අරූට කෝල් එක. "නමස්තේ ජායි කීහේ මෙරේ බින්ද ගීහේ ජෝකිම්"

ජෝකිම් කියන්නෙ කේරලයගෙ නම. ඔය කේරල්ලු බාගෙට බාගයක් කතෝලික. ඒ හින්ද උංගෙ නං උනත් ඒ ආබාසෙටයි යන්නෙ. ජෝන් තෝමස්, කිෂූ ජෝර්ජ්, මැතිව් ජෝසප් ඔන්න ඔය වගෙ.

"නහී, නහී, නහී, එක්ස්ට්‍රීම්ලි සොරී ජෝකිම්…" වසන්තය මූනත් බෙරිකරගෙන ෆෝන් එක තිබ්බ…. "ඌ බැන්න බං මට පස් පඩංගුවෙ මොන පිස්සු කියවනවද කියල.."

"හරි හරි ඒක අමතක කරපං දැං ඌ මොනවද කිව්වෙ? ඕක පේරාදෙණියෙ ඉගෙන ගෙන තියනව නේද? මම හිතන්නෙ මේ අනූවෙ වගෙ කාලෙ. "

"පිස්සුද බං? ඌ ඉගෙන ගත්තු පේරාදෙණියක් නෑ. උඹටනම් පිස්සු.. "

"ඈ?.... එහෙමද? කොහොමද බං එහෙම වෙන්නෙ? අපේ අර වධක ප්‍රවර්ධක මහත්මයා එහෙම බොරු කියන මනුස්සයෙක් නෙවෙයි. මට හිතාගන්නත් බෑ බං…" මම එහෙම කිව්වෙ ඔලු ගෙඩියත් හොල්ල හොල්ල. ඇත්තම කියනවනං මට මේක හිතාගන්නවත් බෑම තමයි.

ටිකකට පස්සෙ සරතා වසන්තය එහෙම GN & BS කියල යන්ට පිටත් වුනා. මමත් උං එක්කලා පල්ලෙහා කා පාක් එකටම ගියා. උං යන්ට පිටත් වෙනකොටත් මම ජනේලෙං ඔලුව දාල සරතට කිව්වෙ "අනේ මචං හෙට උදේ නිවී සැනසිල්ලෙ කල්පනා කරල බලපං බැරිවෙලාවත් උඹ කැම්පස් ගියාද කියල.මොකද අර වැස්සට කලින් කැම්පස් ගිය මහත්තයට වරදින්ට බෑ. ඒ හින්ද මොකක් හරි මතක් උනොත් මට වහාම කෝල් එකක් දීපං හොඳේ.."

"අනේ උඹෙ XXXXX " එහෙම කියල වමතෙ මහපට ඇඟිල්ලයි දබරැඟිල්ලයි රවුමක් හැදෙන්ට එකට ගාවල දකුණතේ දබරැඟිල්ලත් යොදාගෙන මොකක්දෝ සංඥාවක් කරගෙනම උං යන්ට ගියා.

ඔන්න හොඳක් කරන්ට ගිහිල්ල මට වෙන වැඩ ඔව්ව තමයි.

ඉස්සර අපි පොඩි කාලෙ පාඩම් පොත්වල කතාවක් අන්තිමට තිබ්බ ඒ කතාවෙන් ලබාගත හැකි පාඩම ගැන ලියවුනු සාරාංශයක් වගෙ එකක්.මෙන්න මේ වගෙ,

ආදර්ශය - නුවණැත්තා සියලු බාධා ජය ගනියි.. 

ඒ වගෙ මේ කතාවෙන් ගත හැකි ආදර්ශය මම හිතන විදිහට මෙහෙමයි. 

ආදර්ශය - වැස්සට පෙර කැම්පස් යාමෙන් සිසු සිසුවියන්ට ඉඳුල් පිඟන්වල බත් කෑමට සහ එකිනෙකාගේ අංගජාතයන්ගේ දිග පළල දැක ගැනීමට හැකිවේ. අංගජාත ප්‍රදර්ශනයේ ආනුභාවයෙන් ජීවිතයේ ඉදිරි දිනක කිසිවකු හදිසියේ සරම කැඩුවොත් ඒ කැඩූ එකාට පිහියෙන් ඇනීමෙන් වැලකිය හැක.

වැස්සට කලිං කැම්පස් ගිය හින්දනෙ ඉතිං ඔය ටිකවත් ඉගෙන ගත්තෙ ....නැද්ද?... වෙන මොනව නැතත් ඒත් මදැයි එක අතකට බලාගෙන යනකොට...හෙහ්..හෙහ්…

71 comments:

  1. Shaa!Maru post eka!Upahasaya isma yanna thiyanawa.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සරත්...:)

      Delete
  2. http://nokieekatha.blogspot.com/2016/05/blog-post_24.html

    ReplyDelete
  3. රැග් එක කාලා තියෙන පුග්ගයෙක් විදියට මං කියන්නෙත් එතුමා කියන විදියට මේ සමානතාව ඇති කරන්න තියෙන එකම දේ රැගම පමණයි කියලයි.. ඔව් ඉදගෙන.. හැක්

    අනේ මන්දා මේ පුගුලන්ගේ මොලේ ගං වතුරට අහුවෙලාද කොහේද??

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං, හොඳට වදින්න ෂොට් එකක් ගැහුවට පස්සෙ ඔය මොන කැම් පස් වත් යන්න ඕන නෑ සමානතාවය ඇතිවෙන්න. හැක්.. හිටගෙන.

      Delete
    2. දේශක,

      අහෝ ගත් කතුවර පකට පුඟුලන් පවා මෙවන් පසුගාමී අදහස් දරනු ඇසීම පවා සිත් කම්පාකරවන සුලුය, අහෝ! අහෝ!! අහෝ!!!

      Delete
    3. ප්‍රසන්න,

      / හොඳට වදින්න ෂොට් එකක් ගැහුවට පස්සෙ ඔය මොන කැම් පස් වත් යන්න ඕන නෑ සමානතාවය ඇතිවෙන්න. /

      ආය මොනවද? කියල වැඩක් නෑ....අපේ එකෙක් එක පාරක් පාටියකදි අපේ ලොකුම ලොක්කගෙ කරේ එල්ලිල නැටුව අම්බානක වැදිල. අමුවෙන් ඉන්න වෙලාවට ලොක්ක හම්බවෙන්ට ගිහිල්ල අපි ආපහු එන්නෙ පස්සෙන් පස්සට . එච්චරට පොරගෙ තේජස. ඒත් නකතං වෙන්ට වැදුනම මොන රෙද්දෙ තේජසද නැද්ද?

      පලි - අර කරේ ඩාන්ස් පොර දවස් දෙකක් යන්ට කලිං හෙණ දුරකට මාරු කරල දැම්ම. ඒත් ඒක වෙනම කතාවක්නෙ නැද්ද? එහෙම මාරු කලයි කියල කරේ ඩාන්ස් එක නැතිවෙන්නෙ නෑනෙ නේ? ඒක එහෙමමයි…

      තැන්කියු මලේ...තව කතාවක් උඹ මට මතක් කරල දුන්න. ඒකත් දාගන්ට ඕන නොකී කතා ලිස්ට් එකට….:)

      Delete
  4. කැම්පස් ගියේ නැති හන්දා ඒකට කමෙන්ට් කලේ නැ , මේකට කලාට කමක් නැ නේද

    ReplyDelete
    Replies
    1. අටම්,

      අර මහත්තය අකම්පාල වුනේ එතන කමෙන්ට්ස් දාන්නෙ වැස්සකටවත් කැම්පස් නොගිය එවුං කියලනෙ. ඒ කියන්නෙ වැස්සකට හරි කැම්පස් එකකට ගියානම් අවුලක් නෑ.

      එනිසාවෙන් එතන කමෙන්ට් එකක් දාන්න බොට ඕනම නං අහස කලුකරගෙන එන වෙලාවක් අල්ලල ඔය කොහෙහරි කැම්පස් එකක් ගාවට වෙලා ඉඳල වහිනකොට ඒකට පලයං. හැබැයි පුතෝ එහෙම හිටියයි කියල සහතික කරල අඩුගානෙ සිකුරිටිගෙන් වත් ලියුමක් ඉල්ලගනිං. ඒ සැටිපිකට් එක ස්කෑන් කරල කමෙන්ට් එකත් එක්ක අමුණල දාපං. එතකොට අර මහත්තයට අකම්පාල වෙන්න දෙයක් නෑනෙ.

      Delete
    2. ha ha ha aha ha ahahhhhhahhahhahahahahhahahahahahahahhahah
      මට හති

      Delete
  5. මේකනං එල...ඔය කියන ඒක මොකක්ද කියල ඔත්තුවක් දීහල්ලකො..?

    ReplyDelete
    Replies
    1. http://nokieekatha.blogspot.com.au/2016/05/blog-post_24.html?_sm_au_=iRV6vWJMwD241H6H

      Delete
  6. ඇත්තම කියනවනම් අනුන්ගෙ ඉදුල් පිගන් වල බත් කනව කියන්නෙ මට නම් හරිම අප්පිරියයි.නිගමනය වෙන්නෙ මට තියෙන්නෙ බාහිර උපාධියක් කියන එක. මගෙ දුර්වලකමක්ද මන්ද. මේව කියනකොටත් මගෙ බඩ දගලනව වගෙ. මමත් මගෙ පිගානක් කවදාවත් කාටවත් හෝදන්න දෙන්නෙ නෑ. ඒක ඒ කෙනාට කරන මදිකමක් වගෙ මට දැනෙනව. මම හරි අකමැතියි කෑම කීප දෙනෙක් එකට කටේ දාගෙන කන්න. කටින් කඩල දෙන කෑම කන්න මම අකමැතියි වගේම මම කාටවත් එහෙම දෙන්නෙත් නෑ. එකට බත් කනකොට මාලුපිනි හුවමාරු කරගන්න එකටත් මගෙ කැමැත්තක් නෑ.ඒ මගෙ හැටි

    ReplyDelete
    Replies
    1. හබැයි යකෝ යකින්නි එක්කනම් ඔය සෙල්ලම් බෑ.

      Delete
    2. මධ්‍යස්ථ,

      ඔතන වෙලා තියන හෙණේත් ඕකනෙ. සමාජවාදයට වැරදුනෙත් ඔතන මට හිතෙන හැටියට.මිනිස්සු කියන ජාතිය එකිනෙකාගෙන් වෙනස්. මම කැමතිදේවල් වලට ඔබ කැමති නෑ. ඔබ කැමති දේවල්වලට මම කැමති නෑ.

      දැන් ඔබට ඉඳුල් පිඟානක කන එක අප්‍රියයි. මම ගත්තොත් මට ඒක එච්චර අවුලක් නෑ පවුලෙ කෙනෙක් නම්. බිරිඳ, මගෙ නංගිගෙ දරුවන් ඒ වගෙ අය කාපු පිඟානක මට කන එක ප්‍රශ්නයක් නෑ. ඒත් නාඳුනන කෙනෙක් කාපු පිඟානක මට කොහොමවත් කන්න බෑ. එහෙම පුලුවන් අයත් අනන්ත ඇති. ඒකයි මම කිව්වෙ මිනිස්සු එකිනෙකාගෙන් බොහොම වෙනස් කියල. මේ රැග් කාරයො මොකක්ද කරන්නෙ අර ඔක්කොම එක ගොඩට දාල ඔක්කෝටම ඉඳුල් පිඟන් වලින් කන්න කියනව. ඒ පජාති වැඩේ මොන විදිහට සාධාරණීකරණය කරනවද කියල උඩ ඉන්න දෙයියොම තමයි දන්නෙ..

      මේ යක්කු මෙතන කරන වැඩේ බොහොම පැහැදිලියිනෙ. නවකයින්ට තමන්ගෙ නිවහල් අදහස් තියාගෙන ස්වාධීනව ඉන්ට දුන්නොත් හරියන්නෙ නෑ. තමංගෙ දේශපාලන ව්‍යාපාරවලට හරක් වගෙ දක්කගෙන යන්ට බෑ. උං ප්‍රශ්න කරන්ට ගන්නව ඇයි අපි එහෙම කරන්න ඕන? ඕක වැරදියි නේද? අන්න එහෙම. මුංගෙ තියරි එක අනුව එහෙම ප්‍රශ්න කරන්ට ඉඩ දීල බෑ. කලින්ම කොඳු කඩල දාන්ට ඕන. ඒකයි මේ මඟුල් රැග් එකක් පිටදාල කරන්නෙ. ඒකයි මේ රැග් එකේ එකම පරමාර්ථය. එහෙම නැතුව අර කියනව වගෙ නවකයින්ට සමානාත්මතාවය පුරුදු කරන කෙහෙල්මලක් ඔතන නෑ.

      Delete
    3. ඔය කට්ටිය සමාජවාදේ තිබ්බ රටක හිටිය නම්.

      Delete
  7. රවි කියන කතාවට එකඟයි. රැග් එකෙන් සමානාත්මතාවයක් ඇතිවෙන්නෙ නෑ. අපිත් මේ සමාජයෙ ඉන්න අයනෙ. නමුත් කැම්පස් ජීවිතේදි හුවමාරු කරගැනීම් වගෙ දේවල් වෙනව.
    මම අභ්‍යන්තර සිසුවෙක් ලෙස කැම්පස් නොගියත් මම සමානාත්මතාවය ඉතා ඉහලින් අගය කරන කෙනෙක්. මට තරාතිරම් නෑ. හැමෝටම මනුස්සකමින් සලකනව .වෙන මොනවද.
    නමුත් කැම්පස් වල ඔය සමානාත්මතාව නෑ. සමහර ෆැකල්ටි වල සිසුන් තමන්ට වඩා පහල අය සමග එක්ක එකට තේබොන්නත් අකමැතිලු.තම උපාධිය ගැන හිස උදුම්මාගෙන ඉන්න ඔවුන් ගමේ මිනිහව ගනන් ගන්නෙත් නෑ. තාප්පයක් ගහල ගමෙන් හුදකලාවෙන්නයි බලන්නෙ.අනික ඔවුන් රැකියාවලට ආවම මොනතරම් උද්ධච්චකමෙන් ඉන්නවද කියල හැමෝම දන්නවනෙ.
    එතකොට සමානාත්මතාවය තියෙන්නෙ රැග් සීසන් එකේ විතරද.
    රැග් එකෙන් ඔය මොනවත් වෙන්නෙ නෑ. වෙන්නෙ එකම දෙයයි විකෘතිකාම රෝගීන්ට ආතල් සීසන් එකක්. ප්‍රදර්ශනකාමීන්ට තමන්ගෙ ඒව පෙන්න ගන්න පුලුවන්. අනුන්ගෙ ඒව බලන්න ආස අයට සිත් සේ බලන්න පුලුවන්. මේ වගෙ මහ ජාති ගොඩයි.

    සරම කැඩුවට පිහියෙන් අනිනව කියන එක අනික් මරිමෝඩ කතාව. කැම්පස් ගියා නොගිය කියල නෑ සමහරුන්ට ආවේග පාලනය කරගන්න අමාරුයි.ආවේග පාලනය කරගන්න නම් භාවනාව වගෙ අභ්‍යාසයක් හොදයි.

    රැග් සීසන් එකේ ගුනධර්ම එලියට ආවට පස්සෙ නැතිවෙනවනම් ඇති වැඩක් නෑනෙ.රැග් සීසන් එකේදි විතරක් ඒව තියනවනම් එහෙනම් මෙහෙම දෙයක් කරන්න පුලුවන්. රැග් එක සමාජයට හදුන්වාදී මේ සමාජයේ ප්‍රශ්න බොහොමයක් විසදාගත හැකියි.හැමෝම එකිනෙකාට රැග් කරන්න කියමු. ආර්ථික සමානාත්මතාව සදහා පෝසත් අය දුප්පත් අයට රැග් කිරීම වගෙ දේවල් හදුන්වා දෙන එක හොදයි.

    මට තියෙන ගැටළුව බ්ලොග් අවකාශයේ අප ගරු කරන චරිත පවා ලැජ්ජාවක් නැතිව රැග් එක වෙනුවෙන් පෙනී සිටීමයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      ඔබ හා එකහෙලාම එකඟයි. මට එහෙම ඔහොම අමානුෂික රැගක් දුන්න නම් ඔය කියන සමානාත්මතාවය කොහොම වෙතත් මට රැග දුන්නු අමනුස්සයො එක්ක ජම්මාන්තර වෛරයක්නම් මගෙ හිතේ තියෙයි සදාකාලිකව.තමන්ගෙ ආත්ම ගරුත්වය කියන එක හැම මිනිහටම වැදගත්. ඒක බිංදුවට දාල තව කවුරුහරි බලහත්කාරකම් කරනව කියන්නෙ අන්තිම අසික්කිත වැඩක්.

      Delete
  8. මගෙ යාලුවෙක් කැම්පස් ගිහිල්ල මලා

    ReplyDelete
    Replies
    1. රැග් එක දිරෝගන්න බැරි වෙන්න ඇති.

      Delete
  9. Ravi- thank you. I have no words to express my thanks for your creative reply for that stupid post. A few of us commented on these very same points and the replies from the intelligent blog owner were all 'malle pol'type. Well done Ravi.Cheers.

    ReplyDelete
  10. ඔය මොන රෑග්කාල ආවත් ජන්ම ගතිය වෙනස් වෙන්නේ නෑ !. රස්සාවකට ගහිල්ල බලන්න ඕනෑ . එකට අඩු කාල එක ඇඳේ නිදියගත්ත එකා අනිකාගේ බෙලි කපන හැටි. අනේද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. serendipity,

      ඒක තමයි මම අර කලින් කිව්වෙ මිනිස්සු විවිධයි විෂමයි කියල. කහමද කටින් කටට යැව්වට, හෙලුවෙන් ඩිප්ස් ගැස්සෙව්වට,ඔලු කකුස්සි පෝච්චිවල එබුවට මිනිස්සුන්ගෙ විවිධත්වය නැතිකරන්න බෑ...:)

      Delete
  11. දැං ඉතිං අපි සරං කඩල අපිට පිහියෙන් ඇනපු නැති එවුවො ඔක්කොටම කෝල් කරල උං කැම්පස් ගිහිල්ලද කියල අහන්න ඕන. මම දන්න තරමින්නං උං එහෙම ගිහිල්ල නෑ. ඒත් වසන්තයට වගේ මටත් මොනවහරි අමතක වෙලාද දන්නෑනෙ.

    මම දන්න තරමින්නං සරං කැඩුවොත් වෙන්නෙ උඹ කැඩුවනං උඹම අන්දපං කියල එහෙමම ඉන්න එක තමයි. ඒක උප සගිස්කෘතියක් වෙන්නැති. හැක්..

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනයට ඇති බාධක , කුමණ්ත්‍රන, කටු අකුල් ඉවත් කිරීමේ සුන්දර ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයකි.
      ෆුලි ෆ්‍රී එඩියුකේෂන් ,අන්ඩර්ස්කර්ට්? .....සොරි සොරි ඒකත් ඉවත් කරනවනෙ

      Delete
    2. ප්‍රසන්න,

      අන්න වැඩේ අදම පටං ගනිං ඒ වැඩේ…

      " හලෝ ...හලෝ මේ මචං මම මේ ප්‍රසන්න, "

      " ප්‍රසන්න කිව්වෙ? "

      " ප්‍රසන්න බං අර ගොඩකවෙල …."

      " අම්මට උඩු නයා...මේ අපේ ප්‍රසා නේද? යකෝ කොච්චර කාලෙකින්ද? ඉතිං ඉතිං මොකද මේ හදිස්සියෙ? "

      "මේ උඹට මතකද එක දවසක් අපි අර කතරගම ගියා? "

      "හ්ම්ම්..ඔව්..ඔව්..ඒ කොයි කාලෙද බං? දැං අවුරුදු දහයකටත් වැඩියිද කොහෙද.."

      "හරි හරි ඒ අවුරුදු ගානෙන් වැඩක් නෑ..දැං කියපං උඹට මතකද අර මැණික් ගඟේ නාද්දි මම උඹෙ සරම කැඩුවා?"

      "ඔව්..ඔව්...මතකයි..මම අර කුණුහරපෙකුත් කියාගෙන උඹෙ පස්සෙ පැන්නුවෙ…"

      "අන්න හරි..මේ මට කියපං උඹ මට ඒ වෙලාවෙ පිහියෙං ඇන්නද?"

      "මොකක්? තොට පිස්සුද XXXX ? නැත්තං මලක් වත් ගහලය ඉන්නෙ? "

      "නෑ..නෑ..මොන මලක්වත් ගහල නෑ..මට කියපං හොඳට මතක් කරල උඹ මට ඒ වෙලාවෙ පිහියෙං ඇන්නෙ නෑ නේද?"

      "මඟුලක් කතා කරනව.. ඒ වෙලාවෙ පිහියෙං අනින්ට පිහියක් තිබිල එපාය..අනික නාන්ට ගඟට බහිනකොට පිහියකුත් අරගෙන බහින්නෙ කවුද බං? අනිනවනං ඉතිං අනින්ට තිබ්බෙ මගෙ...හෙහ්,හෙහ්...."

      "හරි හරි..ඒ කියන්නෙ උඹ මට පිහියෙන් ඇන්නෙ නෑනෙ..රායිට්..දැං කියපං...උඹ කොයි කැම්පස් එකටද ගියේ? අනේ බං ඇත්තම කියපං...කැම්පස් ගියයි කියල කියන්ට ලැජ්ජයි කියල බොරු එහෙම කියන්ට එපා ඔන්න. මම මේ බොහොම වැදගත් සමීක්ෂණයකට මේ තොරතුරු හොයන්නෙ…"

      "තොට නම් පිස්සුම තමයි..කලිං පිහියෙං ඇන්නද කියල ඇහුව..දැං මේ කැම්පස් ගිය කතාවක් අහනව...මේ කාලෙකට පස්සෙ කතා කරල මාව ඔල්මොරොංදං කරන්නෙ නැතුව ඉඳහං පිං සිද්ද වෙයි."

      Delete
    3. හැක්.. හැක්.. ඔයිට පස්සෙනං අනිවාර්යෙන් උෘ මාව ඉන්න තැනකට හොයාගෙන ඇවිත් පිහියෙන් අනිනව ශුවර්.

      Delete
  12. මේ.. ඔහේ වැස්සට පස්සෙ කැම්පස් ගියානං ගිය පෝස්ට් එකේ කොමෙන්ට් වලට රිප්ලයි කරල එනවද. නැත්තං ඉතිං අපි වගේ කැම්පස් නොගිය එකෙක්ගෙ පිහි පාරක් ශුවර් ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි හරි බං ඉවසපං ඉවසපං…" ඉවසන්න මම චන්න ඇමතී වෙමී, මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී, '

      මේක වුනේ මේකනෙ බං..කොහෙද මේ එක දිගට පෝස්ට් ලියන්ට ගිහාම කමෙන්ට් වලට උත්තර දෙන්ට වෙලාවක් නැති වෙනව. ඒ අස්සෙ රාජකාරියත් කරන්ට එපාය. ඒ හින්දයි මේ සුලු ප්‍රමාදය..සමාව දෙන සේක්වා!

      Delete
    2. සමාව ග්‍රාන්ටඩ්. හැක්..

      Delete
  13. මම ඉස්සල්ලම කැම්පස් ගියේ පේරාදෙණිට, 11 වසරෙදි හන්තානෙ නගින්න . ඇත්තටම පුදුම සාමුහිකත්වයක් ඇති අංගජාත එලියෙ දාගෙන නැටුව නේන්නම් කැලේට වෙලා ඉදුල් පිගන්නම් මොනාද ඉතිං,
    ඊට පස්සෙ රාගම මෙඩිකල් ෆැකල්ටියට ගියා , සාමූහිකත්ව අන්‍යෝන්‍ය බැදීම කොටින්ම මම රැවුල බාපු රේසරෙන් පහුවදාට මූණෙ කාණු කැපෙනව , අර වීට් ක්‍රීම් එක ගේන්ඩ අමතක වෙලා. ඕං ඔහොමයි ඕව කවුරු කිවුවත් කතාව ඇත්ත මම මේ කියන්නෙ අත්දැකීමෙන්

    ReplyDelete
  14. රවී වගේ පුඟුලන් ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනගත් rag චක්රවර්තින්ට පහර ගැසීම හෙළා දකිමු. රවිව ලංකාවට ගෙනල්ල හැමෝම ඉස්සරහ සරම කඩා දමා අංග ජාත්‍ය ප්‍රදර්ශනය කර යුතුයි.
    Superb sarcasm Ravi.

    ReplyDelete
  15. මට නවක වදය පිලිබදව අත්දැකිමක් නොමැත, මාධ්‍යවලින් පවසන තත්වයන් සැබවින්ම විශ්ව විද්‍යාලවල වෙනවානම් එය ඉතාමත් කුඩා තරමේ ප්‍රමාණයක් බව මම විශ්වාස කරමි, සියලුම විශ්ව විද්‍යාලවල අංගජාත ප්‍රදර්ශනය කිරිමක් සිදුවන්නේ නැත, එලෙස වනවානම් සිදුවන්නේ ඉතා සිමිත පරිසරයකය, එහෙත් සිංදු කියන්න, බැනුම් අහන්න සහ එක එකාගේ නම් කටපාඩම් කරන්න සහ එවැනි ජෝක් වැඩනම් බහුතරයක් විශ්ව විද්‍යාලවල සිදුවනවාය (මෙය විශ්වවිද්‍යාල තුල පමණක් නොව සමාජයේ බොහෝ තැන්වල සිදුවනවාය)

    නවක වදය තුලින් විශ්ව විද්‍යාලවල ළමුන්ගේ සාමුහිකත්වයක් ඇතිවෙනවායැයි මමනම් විශ්වාස කරන්නේ නැත. එමෙන්ම එයින් ළමුන් අනවශ්‍ය පිඩනයකට ලක්වෙනවායැයිද මම විශ්වාස කරන්නේ නැත. විශ්ව විද්‍යාලවල නවක වදයට ලක්නොවි සිටිමේ හැකියාවක් තිබෙන බවක් මම අසා තියෙනවාය, එයින් ඔවුන් පළමුකාලයේදි කොන් වුවද පසුකාලීනව කණ්ඩායම සමග එකතුවීමේ ගැටලුවක්ද නැත.

    නවක වදය හෝ දැනට පවතින නවකයින් සහ ජේෂ්ඨයින් මුසුවන ක්‍රමය වෙනස්කරවා ගැනිම ශිෂ්‍ය ව්‍යාපාරවල සිටින පුද්ගලයින්ගේ වගකීමක්ය. එහෙත් විශ්ව විද්‍යාලවල නවක වදයට එරෙහිව ලියන බොහෝ දෙනා එසේ ලියන්නේ නොකිකතා ගේ කාණ්ඩයන් අනුව ඔවුන් 6වන කාණ්ඩයේ සිටින නිසා නොවේය, නිදහස් සිතුවිලි ලියන රවි ඉන්නේ 6වන කාණ්ඩයේද වෙනත් කාණ්ඩයකද යන්න තිරණය කර ගතයුත්තේ ඔහුමය

    තමන්ගේ නිවසට විදුලිය ලබාගත්පසු මාස 6කින් අසල් වැසියන් අමතර පිරිවැයකින් තොරව විදුලිය ලබා ගනියැයි යන නිදහස් සිතුවිල්ලක් සහිත සහ එය අලංකාරකොට ලියන(ගමේ අනිත් කට්ටිය බබ්බු නොවේය, මමද එලෙස වීමට හැකිය)පුරවැසියකුට නවක වදය නිසා අනෙක් පුද්ගලයින් ලක්වන පිඩාව පිලිබදව දැනෙන්නේ ඇයිද යන්න පිලිබදව සහ එවැනිම පිඩාවක් දිනපතා දුම්රියේ පාරේ බස්රථවල තෙරපෙමින් ගමන් කරන මිනිසුන් පිලිබදවද , පාරවල්වල හා ජිවත්වීමට නුසුදුසු තරමේ පරිසරයන්වල ජිවත්වන පුද්ගලයින් සම්බන්ධවද, අද තියෙන අධ්‍යාපන තත්වයන් සමග මුදල් වියදම්කිරීමට නොහැකි නිසා පිඩාවට පත්වන ළමුන් පිලිබදවද, තමන්ට වියදම් කිරිමට ප්‍රමණවත් තරමේ මුදලක් නොමැතිනිසා විදුලිය ලබාගැනිමට හැකියාවක් නොමැති මිනිසුන් පිලිබදවද නොදැනෙන්නේ හෝ ඒ පිලිබදව ලස්සනට කතාන්දර නොලියවෙන්නේ ඇයිද යන්න පිලිබදව තේරුම් ගැනීමට තරමේ දැනුමක් මා සතුව නැතිය....ඔබට හැකියාවක් තිබේනම් දිනපතාම ඉහල නිලයන් වලින් පිඩාවට පත්වන සහ දිනපතා ආචාර කරමින් සිටින ආරක්ෂක අංශවල නිලතල අනුව ආචාර කිරිමේ සහ පිඩනයට පත්කිරීමේ ක්‍රමවේදය වැලැක්වීම සදහා ලිපියක්ද ලියන මෙන් ආරාධනා කරමි....

    බලය සහ හැකියාව සහිත පුද්ගලයින් විසින් දිනපතා දුබලයා හා නවකයා පිඩාවට හා අපහසුතාවයට පත්කර ඇති සමාජ තත්වයක විශ්ව විද්‍යාල තුලින් හෝ සමාජයේ වෙනත් තැනකින් නවකයින්ට වන පිඩනය සම්පුර්ණයෙන් නවතා දැමිමට නොහැකිය. එහෙත් එය අවම කඑරවිම වෙනුවෙන් අප සක්‍රියව මැදිහත්විය යුතුය, එමෙන්ම එයට වැඩි පිඩාවන් සමාජයතුල පවතින බව මාධ්‍යට හා සාමාන්‍ය ජනතාවට එත්තු ගැන්විය යුතුය, එවා වෙනස් කරවා ගැනීම සදහා මිනිසුන් එකතු කරවා ගැනීමටද කටයුතු කිරීම අප සැමගේම කාර්යයක්ය....

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මංගල,

      / මට නවක වදය පිලිබදව අත්දැකිමක් නොමැත, මාධ්‍යවලින් පවසන තත්වයන් සැබවින්ම විශ්ව විද්‍යාලවල වෙනවානම් එය ඉතාමත් කුඩා තරමේ ප්‍රමාණයක් බව මම විශ්වාස කරමි, සියලුම විශ්ව විද්‍යාලවල අංගජාත ප්‍රදර්ශනය කිරිමක් සිදුවන්නේ නැත, එලෙස වනවානම් සිදුවන්නේ ඉතා සිමිත පරිසරයකය, එහෙත් සිංදු කියන්න, බැනුම් අහන්න සහ එක එකාගේ නම් කටපාඩම් කරන්න සහ එවැනි ජෝක් වැඩනම් බහුතරයක් විශ්ව විද්‍යාලවල සිදුවනවාය (මෙය විශ්වවිද්‍යාල තුල පමණක් නොව සමාජයේ බොහෝ තැන්වල සිදුවනවාය) /

      නවක වදය පිළිබඳව කිසිදු අත්දැකීමක් නොමැතිබව පවසන ඔබ ඒ සමඟම නවක වදය පිළිබඳ කාලයක් අධ්‍යයනය කොට එළඹිය යුතු නිගමන කීපයකට එළඹේ. ඔබට අනුව මාධ්‍යයන් පවසන නවක වදය තිබුනද ඒ ඉතා සුලු වශයෙනි. එලෙසම සියලුම විශ්ව විද්‍යාලවල අංගජාත ප්‍රදර්ශනය කීරිමක්ද සිදු නොවේ.එසේම බහුතරයක් සිදුවන්නෙ පොඩි පොඩි ජෝක් වැඩ බවද ඔබ නිගමනය කරයි.

      / තමන්ගේ නිවසට විදුලිය ලබාගත්පසු මාස 6කින් අසල් වැසියන් අමතර පිරිවැයකින් තොරව විදුලිය ලබා ගනියැයි යන නිදහස් සිතුවිල්ලක් සහිත සහ එය අලංකාරකොට ලියන../

      විදුලිය ලබාගැනීමට අවශ්‍ය මුදල් අසල්වාසීන් සතුව නොපැවතීම මගේ වරදක් නොවේ. එළෙසම මා සඳහන් කලේ ඒ සත්‍ය තත්වය සඟවා ඔවුන් කල රැවටීම පිළිබඳවය. ඒ කෙසේ වුවද එකල බල පැවති මාස හයක තහනම වුවද අර්ථ විරහිත ක්‍රියාවක් බව මගේ විශ්වාසයයි.

      / නවක වදය නිසා අනෙක් පුද්ගලයින් ලක්වන පිඩාව පිලිබදව දැනෙන්නේ ඇයිද යන්න පිලිබදව සහ එවැනිම පිඩාවක් දිනපතා දුම්රියේ පාරේ බස්රථවල තෙරපෙමින් ගමන් කරන මිනිසුන් පිලිබදවද , පාරවල්වල හා ජිවත්වීමට නුසුදුසු තරමේ පරිසරයන්වල ජිවත්වන පුද්ගලයින් සම්බන්ධවද, අද තියෙන අධ්‍යාපන තත්වයන් සමග මුදල් වියදම්කිරීමට නොහැකි නිසා පිඩාවට පත්වන ළමුන් පිලිබදවද, තමන්ට වියදම් කිරිමට ප්‍රමණවත් තරමේ මුදලක් නොමැතිනිසා විදුලිය ලබාගැනිමට හැකියාවක් නොමැති මිනිසුන් පිලිබදවද නොදැනෙන්නේ හෝ ඒ පිලිබදව ලස්සනට කතාන්දර නොලියවෙන්නේ ඇයිද යන්න පිලිබදව තේරුම් ගැනීමට තරමේ දැනුමක් මා සතුව නැතිය../

      මෙහි වටහා ගැන්මට අසීරු දෙයක් කොහෙත්ම නැත. ලෝකය යනු සර්ව සාධාරණ තැනක් නොවේ. සියලු මිනිසුන්හට සියලු සම්පත් සමසේ බෙදී යායුතුය යන්න මනෝරාජික සිතුවිල්ලක් පමණි. අනාදිමත් කාලයක සිට එවන් සාධාරණ සමාජයක් මෙලොව කිසිදිනක නොපැවතියා පමණක් නොව කිසිදිනක ඇතිවීමටද හැකියාවක් නැත. එසේ හෙයින් සියලු මිනිසුන් සැප පහසුව ගමන් ගන්නා, සියල්ලන් මූලික මිනිස් අවශ්‍යතා සපිරුනු වාසස්ථාන වල ජීවත්වන ලෝකයක් යනු තවත් හිතලුවක් පමණි. ඒ සනාතන ධර්මය වෙනස් කිරීම ඉතා අපහසුය. එහෙත් නවක වධය එසේ නොවේ. ජේස්ටයින් එකතුව මින් මතු අපි නවක වදය නොදෙන්නෙමුයි ගන්නා තීරණයකින් නවක වදය අහෝසි කල හැක. ඔවුන් එවන් තීරණයක් නොගන්නේ නම් රජයට පවත්නා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කොට නවක වදය වැලැක්වීමට පියවර ගත හැක.මම නවක වදය ගැන ලියූවේ එහෙයිනි.

      එලෙසම ඉගෙන ගැනීමට මුදල් නොමැති සිසුන් සමඟම වියදම් කිරීමට මුදල් කෙසේ හෝ සොයාගත හැකි වුවද ( ඉඩකඩම් උගස්තබා හෝ ) මේ නිදහස් අධ්‍යාපනයේ පොල්මහ්කාර උරුමක්කාරයින් නිසා ඊට අවස්තාව නොලැබෙන සිසුන්ද දහස් ගණනක් සිටිති.

      / ඔබට හැකියාවක් තිබේනම් දිනපතාම ඉහල නිලයන් වලින් පිඩාවට පත්වන සහ දිනපතා ආචාර කරමින් සිටින ආරක්ෂක අංශවල නිලතල අනුව ආචාර කිරිමේ සහ පිඩනයට පත්කිරීමේ ක්‍රමවේදය වැලැක්වීම සදහා ලිපියක්ද ලියන මෙන් ආරාධනා කරමි..../

      ආරක්ෂක අංශයකට අයදුම් කිරීමේදී එහි බලපැවැත්වෙන රෙගුලාසි පිළිබඳව දැන සිටිය යුතුය. උසස් නිලධාරීන්ට ආචාර කිරීම ආරක්ෂක හමුදාවල සම්ප්‍රදායකි.ලොවේ කුමන හමුදාවක හෝ ඒ එසේය. එබැවින් ඒ පිළිබඳව ලිවීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇතිබවක් මට නොපෙනේ.

      /  එමෙන්ම එයට වැඩි පිඩාවන් සමාජයතුල පවතින බව මාධ්‍යට හා සාමාන්‍ය ජනතාවට එත්තු ගැන්විය යුතුය, එවා වෙනස් කරවා ගැනීම සදහා මිනිසුන් එකතු කරවා ගැනීමටද කටයුතු කිරීම අප සැමගේම කාර්යයක්ය.... /

      අම්මේ, තාත්තේ, බාප්පේ මාමේ කියා අමතා පීඩනය පිළිබඳව සමස්ත සමාජයට ඒත්තුගැන්වීම පසෙක තිබියදී අපට පහසුවෙන් කලහැකි යමක් කිරීමට මූලිකත්වය ගන්නේ නම් වඩා වැදගත්බව මගේ හැඟීමයි. ජෙප්පන් හෝ පෙරෙට්ටන් හෝ වෙන කවුරු හෝ ජේෂ්ඨ ශිෂ්‍යයින් මෙහෙයවන්නන්ට නවක වදය වහාම කොන්දේසි විරහිතව නවත්වන ලෙස බලකල යුතුය.

      කරුණාකර පළමුව එය කරන්න. ඉන්පසු ඔබ පවසන අනෙකුත් පීඩාවන්ට එරෙහිව සටන් කිරීමට මිනිසුන් ඔබ වටා එක්වනු ඇත.

      Delete
    2. නවක වදය පිලිබදව මට අත්දැකිමක් නැතය කියුවේ මම මාධ්‍යයෙන් පවසන ආකාරයේ කිසිදු නවක වදයට මුහුණ දී නොමැති බැවින්ය (අංගජාත ප්‍රදර්ශනයකට හෝ ගොන්පාටි ප්‍රශ්නවලට උත්තර දීමට මට සිදුවී නොමැත). එහෙත් මම විශ්ව විද්‍යාල කිහිපයකටම ගොස් ඇති බැවින් සහ ඒවායේ ශිෂ්‍යයින් ආශ්‍රයකර ඇති බැවින් ඔවැනි තත්වයක් බොහෝ ස්ථානවල නොමැතිබව දනිමි...

      ආරක්ෂක අංශවල සිදුවන පිඩනයන් පිලිබදව ඔබට ලිවිය නොහැක්කේ එය සම්ප්‍රදායක් නිසානම් ඒ පිලිබදව මාහට කිසිදු ගැටලුවක් නොමැත...

      මා නිදහස් අධ්‍යාපනයක් පිලිබදව කිසිවක් පවසා නොමැති අතර සියලු දෙනාටම අධ්‍යාපනයට ප්‍රෙව්ශවිය හැකි සැකසීම පිලිබදව මාගේ කිසිදු පෞද්ගලික විරෝධයක් නොමැත. මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිමට ඉඩක් තිබිය යුතු බවත් දැනට පවතින්නේ නිදහස් අධ්‍යාපනයක් නොවන බවත් මම විශ්වාස කරමි....

      මා කියුවේ ලෝකය සර්ව සාධාරණ තැනක් නොවන බැවින් එවැනි තැනත් කිරීම සදහා අප උත්සහකල යුතු බව පමණි

      බලය සහ හැකියාව සහිත පුද්ගලයින් විසින් දිනපතා දුබලයා හා නවකයා පිඩාවට හා අපහසුතාවයට පත්කර ඇති සමාජ තත්වයක විශ්ව විද්‍යාල තුලින් හෝ සමාජයේ වෙනත් තැනකින් නවකයින්ට හෝ දුර්වලයාට වන පිඩනය සම්පුර්ණයෙන් නවතා දැමිමට නොහැකි බවත් එය අවම කිරීම වෙනුවෙන් අප සක්‍රියව මැදිහත්විය යුතුය....

      අසල්වාසින්ට මුදල් තිබේද නැතිද ඔවුන් ඔබව රවටයිද යන්න වෙනුවට මට කීමට අවශ්‍යවුයේ ඔබට කිසිදු හානියක් නොවේනම් (අනිත් නිවාසවලට විදුලිය ගැනිම නිසා ඔබට ලැබෙන විදුලිය අඩුවන්නේ නැත) අසල්වාසින් ඔබගේ සම්පත් භාවිතාකරවියැයි යන ...() නිදහස් සිතුවිල්ල ඉතාමත් හොද බවය.... (ගෙවන මුදලින් කොටසක් ඔබට නැවත අනෙක් පුද්ගලයින්ගෙන් එකතුකර ලැබෙන ක්‍රමවේදයක් තිබුනානම් හොදය) ...

      එහෙත් ඔබගේ සිතුවිල්ල මට අවශ්‍යවුනත් අනෙකා එයින් ප්‍රයෝජනයක් ලබයිනම් මටද අවශ්‍ය නැත වැන්නක්ය... අනෙක් කරුණු සම්බන්ධයෙන්ද ඔබ එයින් වෙනස් නොවනවාද ය්න මමනම් දන්නේ නැත....

      Delete
    3. මා නවක වදයට කිසිසේත්ම පක්ශ නොමැති අතර එවැනි නවකයන් පිඩාවට පත්විමේ ක්‍රමවේදය වෙනස්වියයුතුබව සහ ඒ වෙනුවෙන් බලපැමක් කලයුතුබව මම පිලිගනිමි, ආරක්ශක අංශවලින් ලබාදුන් පුහුනුවට මෙන්ම නවකවදයටද ශිස්‍ය ක්‍රියාකාරිකයින් විරුද්දවිය යුතුය.

      මංගල

      Delete
    4. ප්‍රදීප් මංගල,

      / එහෙත් ඔබගේ සිතුවිල්ල මට අවශ්‍යවුනත් අනෙකා එයින් ප්‍රයෝජනයක් ලබයිනම් මටද අවශ්‍ය නැත වැන්නක්ය... /

      ඔබ එහිදී මා පලකල අදහස සම්පූර්ණයෙන්ම වරදවා වටහාගෙන ඇත. අසල්වාසීන්ගේ සටකපට ක්‍රියාව නිසා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය නොවන බවට දැඩි ස්ථාවරයක සිටියේ මගේ මෑණියන්ය. ඇය පවා එලෙස පැවසූයේ අපේ අසල්වාසීන් සිතාමතා කල රැවටීම නිසාය. මම උත්සාහ කලේ සම්පූර්ණ මුදල අප විසින් ගෙවා විදුලිය ලබා ගැනීමටය. එවිට මාස හයකට පසු අසල්වාසීන් එයින් නොමිලේ ප්‍රයෝජන ගැනීම මම ප්‍රශ්නයක් කරගත්තේ නැත. එලෙසම ඒ මාස හයක තහනම ද කිසිදු අර්ථයක් නොමැත්තක් බව මගේ අදහස විය.එසේ තහනමක් නොමැතිව පසුවදා සිටම අසල්වාසීන් විදුලිය ලබාගත්තද ඒ මට ප්‍රශ්නයක් නොවේ.

      Delete
    5. ප්‍රදීප් මංගල, යම් කිසි කෙනෙක් කුමක් හෝ දෙයක් ලියූ විට ඇයි එහෙනම් අරවා ගැන ලියන්නේ නැත්තේ යනුවෙන් ඇසීම යම්කිසි අදහසකට හෝ පුද්ගලයෙකුට විරෝධය පෑම සඳහා පාවිච්චි කලහැකි ඉතා මුග්ධ ආකාරයකි. ඕනෑම පුද්ගලයෙක් ලියන්නේ සහ ප්‍රායෝගිකව ලිවීමට හැකිවන්නේ තමන් තෝරාගත් සීමිත වපසරියක මාතෘකා ගැන පමණකි.

      මේ ආකාරයට ලේසියෙන් ඔබට සියළුම බ්ලොග් වලට ගොස් ඔවුන් ලියා තිබෙන මාතෘකා හැරුණු කොට අනෙකුත් මාතෘකා ගැන නොලියන්නේ මන්දැයි ප්‍රශ්න කල හැක. එසේ නැතිනම් ඔබටම බ්ලොගයක් තිබේනම් මේ සියලු ප්‍රශ්න පිළිබඳ එහි ලිවිය හැක. මා දැක ඇති තරමින් අනෙක් අය අහවල් දේ නොලියන්නේ ඇයි අසමින් දීර්ඝ කමෙන්ටු දමන අයවත් ඔවුන් ප්‍රශ්න කරන මාතෘකා ගැන කිසිවක් ලියන්නේ නැත. මන්ද ඒ ඔවුන් විරුද්ධත්වය දැක්වීමට භාවිතා කරන අතිශය බොළඳ ප්‍රශ්නයක් පමණක්ම බැවිනි.

      Delete
    6. මා මෙහි එලෙස අනිකුත් මාතෘකාවන් පිලිබදව අදහස විමසමින් ලියුවේ මොවුන්ගේ සිමාවන් මාහට දැනගැනීම සදහායි, එයට දී ඇති පිලිතුරින් ඒ පිලිබදව අදහසක් මම ලබාගත්තා, මා තේරුම්ගත් පමණින් මොවුනට අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාලතුල පවතින නවක වදය නැතිකිරීම සදහා වන බලපෑමක් සිදුකිරිමට වුවත් එලෙස කිරීමට අවශ්‍යවන හේතුව වනුයේ එයින් මිනිසුන් පිඩාවට පත්වෙනවාය යන අර්ථයකින් නොවෙයි, වෙනත් ඔහුගේ පෞද්ගලිනක හෝ දේශපාලනික අවශ්‍යතාවයක් සදහා පමණයි ඔවුන් මෙයට විරුද්ධ වන්නේ. මෙය මා නිරික්ෂණය කරන ලද දෙයයි. මාගේ නිරික්ෂණය ඔබට අනුව සමහරවිටකදී වැරදිවීමට ඉඩ තියෙනවා. මගේ අදහස් දැක්වීමට අවශ්‍යනම් ඕනෑම අයෙකුට ප්‍රතිචාර නොදක්වා සිටිය හැකියි,

      මට යම් ක්ෂෙත්‍රයක් හෝ මාතෘකාවක් පිලිබදව ලිවිමට තරම් හැකියාවක් නොමැතියැයි මා සිතන බැවින් මම බොලොග් කියවමින් එවා සම්බන්ධවවන මාගේ අදහස ලියනවා, එහිදි මම කිසිවකුව හෝ විවේචනය කිරීම හෝ ප්‍රශ්න කිරීම බලාසිටින්නකුට මා පිලිබදව ගැටලුවක් මාහට ඒ සම්බන්ධව කල හැක්කක් මේ මොහොතේදී නැහැ. සමහරවිටක ඉදිරියේදී මම බොලොග් එකක් ලියන කාලයකදී ඒ පිලිබදව ඔබට ප්‍රශන්කල හැකියි. එතෙක් මාහට කල හැක්කක් නොමැත.....

      මම මතුකරන මාතෘකාවන් පිලිබදවද මට ලිවිමට නොහැකි බැවින් සහ මාහට එවැනි හැකියාවක් නොමැති බැවින් හැකියාවක් සහිත පුද්ගලයින් එවා පිලිබදවත් ලියනවානම් මම කැමතිය, ....

      එමෙන්ම නවකවදයට විරුද්ධවන ගමන් අප සියලු දෙනාම බලය සහ හැකියාව ඇති තැන්වලදී දුබලයින්ට (ළමුන්ට, බිරිදට, අපෙන් පහල මට්ටමේ සේවකයින්ට, අසල්වාසින්ට...) ඇතිකරන පිඩනය වැලක්වීම සදහාද ලස්සනට ලියනවානම් කොයිතරම් හොදද...????

      Delete
  16. ඒ උත්තමයෝ ටික වැස්සකට කලියෙං කැම්පස් නොගිය නම් ඉංතේරුවෙංම කිරිමෙල් :O

    ReplyDelete
  17. ඔය කිව්වට අරූ කැම්පස් ගොහින් ඇති... දැන් වෙන දේවල් වල හැටියට, ඔව් කියන්න ඌට ලෑජ්ජ ඇති...

    ReplyDelete
  18. මා ජීවිතයේදී කල වෘත්තීන් දෙකෙහිදීම රැග් එක ලැබී ඇත. එය අමිහිරිය, පිළිකුල් සහගතය, විස්තර කල නොහැකි තරම් ලැජ්ජාශීලීය. මගේ හමුදා ඒකකයට අලුතෙන් පැමිණි නිලධාරීන් තුන් දෙනෙකුට, රැග් එක සඳහා හොඳට මත්පැන් පොවා, වැවකට දමා පිහිනීමට අණ කරන්න සූදානම් වුනා, මගේ සහෝදර නිලධාරීන් පිරිසක්. එවකට සිටි අණදෙන නිලධාරි තුමා කිව්වේ, ඒ රැග් එක දෙන අවස්ථාවේදී, රැග් එකට නියෝග දුන් නිලධාරීන්, ජීවිතාරක්ෂක නිලධාරීන් ලෙස, වැවේ බැස සිටිය යුතු බවයි. රැග් එක එතැනින්ම ලොප් වුණා.

    මේ ලිපියේ මාතෘකාවේ, පසු වදනක් නොකියා පශු වදනක් කියා කිව්වේ ඇයිද යන්න, සමහර කමෙන්ට්ස් වලට ඔබ දී තිබෙන පිළිතුරු වලින් පැහැදිළි වෙනවා.

    ReplyDelete
  19. ඔය මාතලං ගොයියා කියනවා වගේ ඕකා අනිවා කැම්පස් ගිහිං ඇති. ඕකා එකත් එකටම ලංකාවෙ වෙන දේවල් ගැන අවබෝදයෙන් ඉන්න එකෙක් වෙන්න ඇති. ඕක දැනගන්න පුලුවං ටක්කෙටම උඹ සුදුසු ක්‍රමවේදය පාවිච්චි කරලා ප්‍රශ්ණ කලා නං. ක්‍රමවේදය ගැන නං ඉතිං එක්කෝ ආරක්ෂක අංසෙක, එහෙමත් නැතිනං ඔය ‍රැග් මෙහෙයවන සින්නෙකුගෙන් අහගත්තෑකි. නමුත් උඹේ අප්‍රෝච් එක නිසා උං ඒවා කියයිද කියලා මට හැකයි.

    ReplyDelete
  20. අපේ ගෙවල් පැත්තේ පොල් කඩපු ගස් උක්කුංගේ සරම කැඩුවාම ඌ හිනාවෙලා ජුන්ඩා පෙන්නනවා. ලංකාවට ගිය වෙලාවක අහන්න ඕන කැළණියෙද, පේරාදෙනියෙද කියලා. ඕක ඇහුවොතින් නම් උක්කුවා ඉස්සරහ පැත්ත නෙමේ පස්ස පැත්තත් පෙන්නලා මෙතෙක් නොකී කතා ටිකකුත් අහගන්න තිබුනා.

    මචං මඩුවලිගෙට උඹ කියන වචනේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. //පස්ස පැත්තත් පෙන්නලා මෙතෙක් නොකී කතා ටිකකුත් අහගන්න තිබුනා. //
      හෙහ් හෙහ් අරූ

      Delete
  21. වැඩිහිටියා කියල බලන්නේ නෑ.. අආයි උඹ මේ වගේ අපේ සරම කැඩුවොත් අනිනවා පිහියන් බඩ බොකු එලියට එන්න.. හැක්..

    ReplyDelete
  22. මීට පස්සෙ අර ඩිස්පෝසබල් කඩදහි පිඟන් සැට් එකක් අරගෙන ගෙයි තියාගනින්. කෑවා ඉඳුල් පිඟාන දෙකට තුනට නමල ඩස්ට්බින් එකට දැම්ම වැඩේ ඉවරයි.දැන් බලපන් ඔය පිඟන් නොතිබුණ හේතුවෙන් වැඩේ මොන තරං දිගදුර ගියාද.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත තමයි. තව පොඩ්ඩෙං පිහි ඇනුමකුත් වෙලා තමයි නවතින්නෙ.

      Delete
  23. උඹ දන්නවද අර සත්තුන්ව එහෙම එක එක වැඩ කරන්න පුහුණු කරවනකොට මෙහෙම දේවල් කරනවා. කෑම පිඟාන තියලා බෙල් එකක් ගහනවා. ඕක හැමදාම කරනකොට සතා හිතනවා අර කෑම පිඟානයි බෙල් එකයි අතර මාර සම්බන්ධයක් තියනවා කියලා. කොටින්ම ඌට කෑම දුන්නත් බෙල් එක ගැහුවේ නැත්නම් කන්නේ නෑ. හරියට නිකං බෙල් එකෙන් තමා ඌට බඩගිනි වෙන්නේ වගේ.

    දුක කියන්නේ ඉතින් හොඳටම ඉගෙනගෙන කැම්පස් ගිහින් රැග් එක හොඳයි කියන සුළු පිරිසත් අර වගේ සත්තුත් අතර වෙනසක් නැති එක. උඹට නිකං බය හිතෙන්නෙ නැද්ද උන් සමානාත්මතාවය වගේ දේවල් ඉගෙන ගන්නේ සාමූහික ස්වයංවින්දනයෙන් කිව්වම. හැබැයි මම මේකෙන් මගේ අදහසක් වෙනස් කරගත්තා... මෙච්චරකල් කැම්පස් ගිය උගත් මිනිස්සු ලංකාවේ දේශපාලනයට එන්නේ නෑ, ඉන්නේ ඔක්කොම යන්තං අට පාස් එවුන්ය කියලා නහයෙං අඬ අඬ හිටියෙ මම.

    මට අද හිතුනා යකෝ මෙහෙම හිතන බුද්ධිමතුන් රට පාලනය කරන්න අරගෙන රටේ සමානාත්මතාවය ඇතිකරලා කලාව දියුණු කරලා, දුප්පත් පොහොසත් භේදය නැති කරන්න ගත්තොත් උන් දන්න සිස්ටම් එකට....

    ReplyDelete
    Replies
    1. /////කොටින්ම ඌට කෑම දුන්නත් බෙල් එක ගැහුවේ නැත්නම් කන්නේ නෑ. හරියට නිකං බෙල් එකෙන් තමා ඌට බඩගිනි වෙන්නේ වගේ. ///////

      +++++++++++++++++++++++++++

      Delete
    2. ඔය අතරින් මට හිතෙනවා මානසිකව අපිවත් රැග් වෙනවා කියලා.
      ඔය එක මිනිහෙක් ඉන්නවා ඒ මිනිහා කරන්නේ කතාවක් බාගයක් කියලා නවත්තා වෙනිං කතාවක් පටං ගන්න එක . අන්තිමට අර කතාවල චරිත ටිකයි, කියවන පාටකටකයොයි සේරම රැග් වෙලා .

      Delete
    3. සුරංග සිරාවටම එහෙමත් රැග් කරන සින්නො ඉන්නවා නේද? පටන් ගමුද කැම්පේන් එකක් "පාඨකවදය" වහා නවතනු කියලා?

      Delete
    4. පාඨකවදයට එරෙහි වෙමු !
      බ්ලොග් කොමෙන්ටංගේ සංගමය

      Delete
    5. ගැරෙජ් බාස් අපිට එපා..
      ඇරපු බොනට් වහාම වහනු....
      මෙන්න අපේ සටන් පාඨ.

      බ්ලොග් කොමෙන්ටංගේ සංගමය (බ්ලොකොස )

      Delete
    6. අරූ,

      ආ..උඹත් දැන් කොමෙන්ට්කරුවන්ගේ සංගමයෙද? අම්මාපල්ල කලක් සිහල වියුණු අවකාශයෙහි ජයකෙහෙලි නැංවූ එහි මුදුන් මල්කඩක් බඳුවූ අග්‍රගන්‍ය වියුණු රචකයෙකුට ගිය කල....:)

      එක අතකට ඔව්ව ඔහොම තමයි නැද්ද බාං? සර්ව බල සම්පන්න විධායක ජනාධිපතිත් නිකම්ම නිකං මංත්‍රී කට්ටෙක් වෙලා ඔය යස අගේට ඉන්නෙ රෙදිත් ඇඳගෙන..නැද්ද?

      Delete
    7. ////ජනාධිපතිත් නිකම්ම නිකං මංත්‍රී කට්ටෙක් වෙලා ඔය යස අගේට ඉන්නෙ රෙදිත් ඇඳගෙන..නැද්ද?////////

      මං හැම එකකටම කමෙන්ට් දානවා වගේ පොරත් හැම එකටම උදැල්ල දානව.

      Delete
    8. අරූ තෝ ඒ පාර සංගමයක් පිහිටුවා ගත්තද? එන්න එපා ඕවට. වැස්සකටත් සනගමෙකට ගිය එකෙක්ද උඹ. අදාළ නැති වැඩක් නේ උඹට.

      Delete
    9. ඔය බ්ලොකොස ප්‍රසාගේ වැඩක් :D විකොසට වඩා වෙනස්....

      Delete
  24. මම එතුමාට කිව්වා "ඔයාගේ ළමයට ඔහොම වුනොත් කොහොමද" කියල. එයාල පොර ටෝක්ස් දෙන්නේ ළමය පිට රට ඉගෙන ගත්ත නිසා. ඔය රැග් එක ගැන පොර ටෝක් දෙන අය කොහොම හරි ලමයව රට යවනවා , නැත්තම් පුද්ගලික විශ්ව විද්යාලෙකට යවනවා.

    අනික වැස්සකටවත් කැම්පස් ගිය කතාවට මෙන්න උත්තරේ

    "වැස්සකටවත් කැම්පස් ගියේ නැති උන්" කියල කින්ඩි දාන වාසුදෙවල ට කියන්න තියෙන්නේ -- වැස්සට කැම්පස් ගියා නම් හෙන මෝඩයි තොපි. අපි ඒ කාලේ තව සතියකින් හරි වහිනව කියල හිතුනොත් එවෙලේම බෝඩිමට වෙලා නිදා ගත්තා, නැත්තම් මොකක් හරි බැලුවා. වැස්සට හරි කැම්පස් ගියාම ලොකු ද?

    ReplyDelete
  25. දැනුයි තේරුනේ.අපේ රටේ කැම්පස් යන්න වෙන්නේ කලාතුරකින් එකෙකුට නිසයි මෙච්චර පිහි ඇනුම් වැඩි.
    උදේ පාන්දර මෙච්චර හිනා මදැයි

    ReplyDelete
    Replies
    1. මේ බින්දි නෝනට විතරයි මේකෙ ඇත්ත තේරුනේ

      Delete
  26. ඔය රැග් කතන්දරේට මම මුකුත් නොලිය හිටියේ, මෝඩයො එක්ක කතා කරල වැඩක් නැති නිසා.

    මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ, අපට කිසිම රැග් එකක් තිබුනේ නැහැ, මොරටුවේ රැග් නැති එක හරි ප්‍රසිද්ධයි නේ. ඒ උනාට මේ රැග් කතන්දරේ ඇදිල යනකොට, හැමෝම රාජ්‍ය විශ්වවිද්‍යාල වල වටිනාකම ගැන කතා කරන්න අරන් උදාහරණෙට ගත්තේ මොරටුව. රැග් නැති මොරටුව ඒ කතාවට ගැනීම ගැන මම පුද්ගලිකව කැමති නැහැ.

    අනික ඔය සමගියයි එක බත් පාර්සලේ කන එකයි හිතමු. අපිට රැග් හම්බුනේ නැති උනාට, එකමුතුකමේ එහෙම අඩුවක් නම් මම දැක්කේ නැහැ. අනික් ප්‍රධානම දේ තමයි, ඕනවට වඩා යාළුවො මත උනත් depend වෙන්නේ නැතුව නිදහස් අදහස් සහිතව ස්වාධීනව ජීවත් වෙන්න ඉඩ ලැබුණු එක.

    ඔය සරම කැඩුනම පිහියෙන් අනින කතා නම් අනේ මන්ද. ඕනෑම නම් ජීවිතේටම එක පාරක් ඔහොම යාලුවෙක් ගේ සරම වැටේවි. මොකද කැම්පස් ඉන්න අවුරුදු කිහිපයේ බෝඩිම් වල එකට හිටියට, ඊට පස්සේ රස්සාවක් කරනකොට තනියම ජීවත් වෙන අපිට, ඔය තරම් දරුණුවට අනිකාගේ නිරුවත දැකීම ඉවසන්නට ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ ඇයි? ඒ තරම් අනුන්ගේ නිරුවට ඉවසන්න පුරුදු වුනු පිරිමින්ට, ෆිල්ම් එකක හෝ කොහේ හෝ ගැහැණියකගේ නිරුවට දැක්කම ඒක නොදැක්ක වගේ ඉන්න බැරි ඇයි? (දැන් කියයිද දන්නේ නැහැ එහෙම දියුණු මානසික තත්වයක් ලබන්න නම් ගෑනු පිරිමි එකට රැග් කරවන්න ඕන කියල)

    මේ ලිපියේ රවී තුමා දක්වපු උපහාසයට මම කැමතියි.

    තව දෙයක් කියන්නම්. ඔය වගේ අදහස් දරන අය අපේ බැච් වලත් හිටිය. ඒ කියන්නේ එකමුතුකම වැඩි කරන්න විශේෂ වැඩසටහන් අවශ්‍යයි වගේ කතා කියපු අය. ඒ උනාට, බැච් එකට ලැබුණු ස්කොලර්ෂිප් තමන්ගේ ගැහැණු ලමයටයි තමන්ටයි ලබාගෙන අහු උනේ, past papers හංගගෙන හිටියේ, ජොබ්ස් හොයනකොට හරිම ආත්මාර්ථකාමී විදියට වැඩකලේ, එකමුතුකම ගැන පන දුන්නු කට්ටිය තමයි.

    කෙටියෙන් කියන්නම්. විශ්ව විද්‍යාල කියන්නේ අපේ සමාජයේම පැතිකඩක්. අපේ සමාජයේ පසුගාමී බව, එහිත් අඩුවක් නැහැ. ඉතින් සුදු, කළු, අළු, ලා අළු, අඳුරු සුදු, හැමෝම එහිත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එමා දැන් ලියන්නෙ නැත්තෙ බ්ලොග් එක එක්ක තරහ වෙලාද.

      Delete
  27. Hi Ravi

    Just to say hi.We went to sovereign restaurant for lunch yesterday and remembered you as you have mentioned about it in your writings

    Take care

    Thusitha

    ReplyDelete
  28. Hinsanayata paksha Wuwan warjanaya karanna, noki katha blogaya warjanaya karanna. Munta budddhimathun kiya uda thabanna epa.. Munuth buddhimathun nam me rata singappuruwak wela bohoma kal.. Me rata agadhayata danna hawul wechha ape iniya buddhimathunge sampalayak me

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...