Sunday, November 27, 2016

459. එෂැණිං පුවක් 16 - ඉන්ටපෝල්, යන්ටපෝල් සහ ඇමති ලොන්තපෝල්…


මම ප්‍රකාශ කල  අදහස් ඔබ නුරුස්නා බවක් මට පෙනේ.
අහෝ හිතවත! මම ප්‍රකාශ නොකොට සිතෙහි
සඟවාගත් අදහස් ඔබ දන්නේ නම්?

හිටපු මහරජතුමාගේ ආණ්ඩුව කාලේ රාජපස්සලා බොහෝසේ පික්සු කෙලියෝය. බැසිලානෝ ගෙන් පටන්ගත්විට ගොට්ටානෝ නාමෝලයෝ සහ යෝෂිටයානෝද කෙලිය තරමක් කෙලියේ පිස්සුය. රාජපස්සලා පෂ්ෂට පයිං ගසා පන්නා දැමූ දෙදාස් පාලහේ ජැනුවාරි අටවෙනිදායිං පසු රාජපස්සලාගේ පික්ෂු කෙලි මෙන්ම ගොං කතා වලින්ද නිදහස්වුනෙමු යයි අපි සකල ප්‍රීතියෙං පිනා ගියෙමු.

අහෝ තුකකි ඉරකි තිතකි. දැං මැදමුලන රාජපස්සලාගේ හයිරං පාට් එක හිතට අරගෙන ඒ අං තට්ටුව පලඳාගෙන ගොං කතා කියන කාර්ය බාරය බාරගෙන ඇත්තේ තවත් රාජපස්ස ගොබිලෙකි. ඒ නම් අපේ අතිගවුරවාර්හ අදිකරන ඇමති තුමෝ මිසක අං කිසිවකු නොවම්හ. එතුමෝ සෙල්ලම් පුරුසයෙක් නොවන්නෝය. ආචාර්ය උපාදිදාරියෙක්ම වන්නෝය.

අදිකරන සුවාදීනත්වය ගැන එතුමෝ බොහෝසේ විස්සෝප වන්නෝය. මහ දවල් මිනී මරා මරන දඬුවම් ලැබ හිරේ ලැග සිටින කුඩු ජාවාරම් කරුවෙකු බලන්නට නඩුකාරියක් ගිය විස්තරේ වෙබ් අඩවියක ලියූ වරදට, කාගේදෝ සාක්කිකාරයෙකුගෙ පොටෝ එකක් පලකල වරදට ඒකෙ සංස්කාරකවරයා ලංකාවට ගෙන්නා නඩු අසා හිරේ විලංගුවේ දමන්නට එතුමෝ පිට පොට ගසන්නෝය.

හැබැයි අපූරුම වැඩේ නම් මේකය. එතුමා අමුඩේ එහෙම තද කරගෙන අර අසමජ්ජාති වැඩේ කරපු වෙබ් අඩවිකාරයා ලංකාවට ගෙන්නාගෙන උගේ මාලු කන්නට දඟලන්නෝය. ඒ මනුස්සයා ලංකාවේ නැත්තේය. ඔන්න ඔය කොහෙද පිටරටක සිටිති. ඉන්ටපෝල් එක ලව්වා මේ වසවර්තියා ගෙන්නවා ගන්නට රාජපස්ස ඇමැත්තා සූජානං වන්නෝය. 

ඉන්ටපෝල් යනු යන්ටපෝල්ගේ ලොකු අයියාය.දොස්තර පී.ඩබ්ලිව්. ඒ පෝල් මහතා යනු මේ දෙන්නාගේම බාප්පොච්චීය. දොස්තර පෝල් ගැන මේ අද කාලේ බොහොම දෙනෙක් දන්නේ නැත. දොස්තර පෝල් යනු හැත්තෑව දසකයේ මේ මුලු සිරි ලංකාවේම ප්‍රසිද්ද වෙදදුරෙකි.

ඉන්ට පෝල් යන්ට පෝල් කොහොම වෙතා මේ කාලයේ ලොම් පෝල් ලා සහ ලොන්ත පෝල්ලා නම් මදි නොකියන්ට වකාරෙට ඉන්නෝය. මේ ලොන්තපෝල් ඇමති ඉන්ට පෝල් එකට කියා අර මනුස්සයා ගෙන්නන්ට යනකොට එටුමා යටතේම තියන අදිකරන සේවා කොමිසම අර මිනීමරු කුඩ්ඩා බැහැදකින්නට හිරේට ගිය නඩුකාරිය අනිවාර්ය නිවාඩු යවා ඇත. ඒ අර ලොන්ත පෝල් ඇමතියා අතපය හතර බැඳලා ලංකාවට ගෙන්නන්ට දත කන අපරාද කාරයා නඩුකාරියට කරපු චෝදනාව ගැනමය. 

ලොම් ද පෝල් ලෝම් පෝල්, සයින් ද පීස් සකබෝනා අනේ සකෝ බල ලෝ , දෙන්ඩ පටන්ගති දෙන්ඩ පටන්ගති XX XX XXXX කියාලා හිටං පුරාන ඉරිසි ගොල්ල කියන්ට ඇත්තේ මෙව්වගෙ දහවිහිලි වලට වෙන්ට ඕනෑය.

එක පාරක් මං ඉන්නකල් ගොට්ටා කූඩු කරන්නට ඉඩ දෙන්නේ නෑම නෑම නෑමය. අත්තාපල් මුත්තාපල් නෑමය කියා ගලනාලය අතේ අරං ගිරිය යටිං සිංහනාද කලේද ඔය ලොම් පෝල් ඇමතියාමය. ඒ ඇවිල්ලා සෙසුපටු තැනක නොව උට්ටරීටර පාරලිමේංතුවේදීමය.

අනික් දෙකොණිං හිනායන කාරණේනං මේ ලොම්පෝලා අදිකරනයේ සුවාදීනත්වය සහ ගහුරවයක් ගැන කතා කිරීමය. අනේ යකෝ අපි නොදන්න ලංකාවෙ අදිකරනේය.

මරා සුනාමි නඩුවෙං හිරේ යන්ට හිටපු එකෙං බේරුවේ තමං බව සොයං පාපෝච්චාරනයක් කලේ හිටපු මහ නඩුකාරයාය. එහෙමත් නැත්තං චීප් ජස්ටිස්ය. වැඩ ඇරිලා ගෙදර යන ගමං පාරලිමේන්තුවට යන පාරේ බබලතෙක් එක්ක කාර් එකේ ඉඳලා අහුවුනෙත් ඒ කියන උටුමාමය. ඒ කාලෙ එතුමාට රටේ ලෝකේ මිනිස්සු කිව්වේ "ගෙදර යන ගමං" කියලාය. පස්සෙ කාලෙක කාගිල්ස් කාරයින් ඒ නමිං සුපර් මාකට් ජාලයක් අරින්ට යද්දී බර ගානක් ගෙවා එතුමාගෙං ඒ නමේ අයිතිය ලබා ගන්නට සිද්ද උනෙමි.

එතකොට නැති බැරි කමට ගෙදර වැඩට ආපු බබලතා කිසි ලැජ්ජාවක් බයක් නැතුව දූසනය කලෙත් මේ සිරි ලංකාවේ අදිකරනයේම නඩුකාරයෙකි. හංවැල්ල පැත්තේ නීති විරෝදීව හදපු හෝටලය කේස් එකක් ෂේප් කරලා දෙන්නට බර ගානක අල්ලසක් ගද්දී අල්ලස් නිලදාරීන්ට අතේ කෝට් වුනේ ඒත් මේ ලොම්පෝලා කියන ජාතියේ ගවුරවනීය නඩුකාරයෙකි. අර ලෙනින් ද ස්ටාලින්ද කියන තක්කඩියා ගැන කතා කරන එකත් නිකං යසට තියෙන ලේ දාතුව කෝප කර ගැනීමකි. ඒ අතර අලි හුරතල් කරන නඩුකාරයෝද සිටින්නෝය.

දැන්මේ ලොම්පෝලා කියන්නේ මේ දහජරා, බල්ලො බත් කන්නෙ නැති ජාතියෙ වැඩ අතටම අහුවුනත් පත්තර කාරයෝ සහ ඉන්ටනැට් ප්‍රවෘත්ති වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් කටයි පුකයි වහගෙන ඉන්ට ඕනෑය. නැත්තං අදිකරනේ ගහුරවේට හානිවෙනවාය. සුවාදීනත්වයටද බරපතල හානි වෙනවාය.

අනේ  XXය. ඊට වැඩිමනත් වසයෙං නන්නානේ!

33 comments:

  1. කුමට එරට අධිකරණ, නීතිය සහ විනිසුරන්?

    ReplyDelete
    Replies
    1. Rasika,

      සාධාරණ සමාජයක නීතිය ක්‍රියාත්මක විය නොයුත්තේ කෙසේද යන්නට පිල් ලකුණක් (Bench mark) ලෙසටය.

      Delete
  2. මම මේ නොදන්නා කමට අහන්නේ ඔය අනිවාර්ය නිවාඩු යවනවා කියන්නේ මොකක් ද? පඩි රහිත නිවාඩු ද? ඒ කියන්නේ ජොබ් එක තියෙනවා පඩි නෑ ද?

    ReplyDelete
    Replies
    1. ජොබ ඇත. පඩි ඇත. වැඩ නැත. නිවාඩුය. නිවැරදිකරු නම් යලි සේවය කල හැක. නැතිනම් පරීක්ෂණ අවසානයේ ගෙදර යා හැක.

      Delete
    2. ස්තුතියි රාජ්, ආතල් නෙ බන්.. හෙහ් හෙහ්... ගෙදරට වෙලා වෙන ජොබ් එකක් කරන්නත් පුළුවන්.. හෙහ් හෙහ්

      Delete
    3. රාජ්,

      ස්තූතියි පැහැදිලි කිරීමට...විශ්‍රාම පූර්ව නිවාඩු කියන්නෙ මොනවද කියලත් කියනවද? එතකොට උපවේෂණ දීමනා ගැනත් හොඳද?..:)

      Delete
    4. පැතුම්,

      ඔව් බං ඔය අනිවාර්ය නිවාඩු සහ විනය පරීක්ෂණ වලින් ඒ ගැන හොඳ දැනුමක් තියන උදවිය අයුතු ප්‍රයෝජන ගන්නව හරියට.

      රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ හිටියලු ඔය වැඩේට කප් ගහපු නිලධාරියෙක්. මම 2005 අවුරුද්දෙ ට්‍රිනිටි එකේ බිල්ඩිං ප්‍රොජෙක්ට් එකක වැඩ කරද්දි මගෙ බොස් හිටියෙ කලින් ඉංජිනේරු සංස්ථාවෙ වැඩ කරපු මහත්මයෙක්.

      එතුමා මට ඒ කාලෙ පරණ කතන්දර බොහොමයක් කිව්ව අපි දෙන්න ඔය දවස් දෙක තුනකට සැරයක් පොඩි කර්මාන්තයක් කරද්දි. එව්වයිං එක කතාවක් අර මම කලින් කිව්ව නිලධාරියගෙ කතාව මිනිහ ස්ටෝ කීපර් කෙනෙක්.සවිස්තරව ලියන්නං ඒ ගැන ලඟදීම...:)

      Delete
  3. Where were you when ranil threatned Financial-Times?

    ReplyDelete
    Replies
    1. Ano,

      you know what? After RW 's outburst comparing FT to toilet papers the sale of FT has increased by approximately 13% over the sales records of previous week. rather not so surprising considering the current price of toilet papers.

      FT publishers should be seriously thinking about awarding RW an award for being the best brand ambassador for FT or something like that. Or else they can launch an advertising campaign like "Even the PM is using FT for wiping his arse why not you?"

      Ok, jokes apart what RW did was voicing his frank opinion of FT. he is definitely entitled to speak his mind. But no one who reads FT will take his words seriously.

      What he has actually done is getting his reputation tarnished furthermore. Anyway in my opinion he has come down significantly after the Bond issue fiasco and this FT toilet paper issue, not only politically but hygienically too...:)

      Delete
  4. ඕවා ඉතිං කතාකොරලා වැඩක් නැතිය... දැං මේ ආණ්ඩුවේ ඒවා කතාකොරන්න වෙන හින්ද ඕව කතාකරන්ඩ ඉහවහක් නැතිය

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      එහෙම කොහොමද බං එක පාරට අතීතය අමතක කරන්නෙ? අපි ඇවිල්ල අතීත සිරී විබූතිය මතම ජීවත්වෙන ජාතියක්නෙ. ඒ හින්ද සතියකට සැරයක් වත් ඒ මනරම් අතීතෙ මතක් කරල පොඩි ආතල් එකක් ගත්තට කිසි අවුලක් නැත්තේමය.

      Delete
  5. කාවින්ද්‍රා නානායක්කාර ගැන තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය අධිකරන සේවා කොමිසමට පැමිණිල්ලක් අද කළා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බිඟුන් ඔබට සහ තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට.

      මේ වගෙ අත්තනෝමතික වැඩවලට ඉඩ දුන්නා හොඳටෝම ඇති. රටේ අනාගතය භාර ගන්නට සිටින ඔබවන් තරුණයින් තමයි මේ සටන් වලදි පෙරමුණ ගන්න ඕන...:)

      ගම්පහ නඩුකාරිය ඊ නිව්ස් ඇතුළු ජනමාධ්‍යයට එරෙහිව කළ කුමන්ත්‍රණය ගැන දීර්ඝ හෙලිදරව්වක්..! ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

      2016 නොවැම්බර් මස 28 වැනිදා

      ජී එම් ඩබ්ලිව් පී ජයතිලක මහතා,
      ලේකම්,
      අධිකරණ සේවා කොමිෂන් සභාව
      තැපැල් පෙට්ටිය 573, අලුත්කඩේ,
      කොළඹ 12.

      ලේකම්තුමනි,

      උපාලි තෙන්නකොන් නඩුවේදී ගම්පහ මහේස්ත්‍රාත්වරිය දුන් නියෝග සම්බන්ධවයි

      රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009 ජනවාරි 23 වැනි දා පහර දී ඝාතනයට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල කාලයක් තිස්සේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙයි.

      වර්තමාන රජය බලයට පත්වූ පසු එහි පරීක්ෂණ රහස් පොලිසිය මගින් විධිමත් කළ අතර ඒ අනුව මෙම සිද්ධියට සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම අත්අඩංගුවට ගනු ලැබීය.

      මෙම පැමිණිල්ල විභාග කරමින් සිටියේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන කාවින්ද්‍රා නානායක්කාර මෙනවියයි. 2016 ජූලි 31 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මෙම මහේස්ත්‍රාත්වරිය ගැන කරුණු කිහිපයක් ගෙනහැරපාමින් ප්‍රවෘත්තියක් පළ කළේය. නීති විරෝධීව අලි පැටියකු ළඟ තබා ගත්තේයැයි තිලිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරාය නීතිපතිවරයා විවේචනය කරමින් තම ෆේස්බුක් වෙබ් ගිණුමේ සටහනක් යොදා ඇති බවත්, මහේස්ත්‍රාත්වරිය නිරූපිකාවක ලෙස මහේස්ත්‍රාත්වරියකට නොගැලපෙන ආකාරයේ ඡායාරූප ෆේස්බුක්හි පළ කර ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

      2016 අගෝස්තු 26 වැනි දා උපාලි තෙන්නකොන් නඩුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැති අතර එහිදී උපාලි තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකාර ප්‍රේම් ආනන්ද උදලාගම හඳුනා ගත්හ.

      ප්‍රේම් ආනන්ද උදලාගම නම් සැකකරුගේ ඡායාරූපය ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සහ දිවයින පුවත්පත මීට පෙර පළ කර තිබූ නිසා තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකරු හඳුනා ගත් බව පසු නඩු දිනයේ දී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය. සැකකරුගේ ඡායාරූප පළ නොකරන ලෙස කිසිම අධිකරණයකින් නියෝගයක් ලබා දී නොතිබිණි. සැකකරුගේ ඡායාරූපය මාධ්‍ය පළ කළ නිසා තෙන්නකෝන් මහතා සහ බිරිය සැකකරු හඳුනා ගත් බවට මහේස්ත්‍රාත්වරිය පූර්ව නිගමනයකට පැමිණියේ කෙසේද යන්න අපි නොදනිමු.

      ‘ලසන්ත ඝාතනයට කණ්ඩායම් දෙකක් යොදවලා‘ යන සිරස්තලයෙන් යුක්තවය 2016 ජූලි 18 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පළ කළ ලිපියක සැකකාර ප්‍රේම් ආනන්ද උදලාගමගේ ඡායාරූපයක් පළ කර තිබුණු අතර ඉන් පසු 2016 අගෝස්තු හත් වැනි දා දිවයින පුවත්පත ‘හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතුම ගේම‘ යන සිරස්තලයෙන් සමන් ගමගේ මාධ්‍යවේදියා ලියූ ලිපියක ද සැකකරුගේ ඡායාරූපය පළ කර තිබිණි.

      මෙම සැකකරු සිටින ඡායාරූපය තානාපති කාර්යාලයයකට සම්බන්ධ වෙබ් අඩවියක පළ කර තිබූ එකක් බව අපට වාර්තා විය. එනම් එය මුලින්ම පළ කළේ සමන් ගමගේ මාධ්‍යවේදියා හෝ ලංකා ඊනිවුස් වෙබ් අඩවිය නොවේ. පොලිසියට අල්ලා ගැනීමට අවශ්‍ය සැකකරුවන්ගේ ඡායාරූප පොලිසිය කොතෙකුත් මාධ්‍යවලට නිකුත් කළත් ඒ කිසිදු අවස්ථාවක මෙවන් තත්ත්වයක් උද්ගත වී නැත. පොලිසියට සැකකරු අල්ලා ගැනීමට නොහැකි නම් එම සිදුවීම මහජන කුතුහලයට හා සුබ සිද්ධියට හේතුවන ආන්දෝලනාත්මක සිදුවීමක් නම් ඡායාරූපය පළ කිරීමේ ගැටළුවක් ඇතැයි නොසිතන්නෙමු.

      කෙසේ වෙතත් දිවයින පුවත්පතේ සමන් ගමගේ මාධ්‍යවේදියාගෙන් මේ ගැන ප්‍රකාශයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය කළ නියෝග අනුව ඔහු රහස් පොලිසියට කැඳවා තිබුණත් සමන් ගමගේ මහතා රහස් පොලිසියට පැමිණ තිබුණේ නැත. සමන් ගමගේ මහතා රහස් පොලිසියට නොපැමිණීම මෙම නඩුවට අදාළ නැති බැවින් ඒ ගැන බී වාර්තාවක් මගින් වෙනම නඩුවක් පවරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිගේ නියෝග අනුව රහස් පොලිසිය සමන් ගමගේ මහතාට නඩු පැවරීය.

      Delete
    2. ඉන් පසු නඩු දිනයක ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන අධිකරණයට ලැබුණු නිර්නාමික පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය. උපාලි තෙන්නකෝන් නඩුව විභාගයට ගත් සෑම අවස්ථාවකම පාහේ ඉන් පසු මුල් තැන ලැබුණේ මෙම පහරදීම ගැන විමර්ශනයට නොව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන පැවැත්වෙන විමර්ශනයටය.

      ලංකා ඊ නිවුස් ආයතනයට මුදල් ලැබෙන ආකාරය, එහි ලිපිනය, එහි කතුවරයා, එම වෙබ් අඩවියේ ලියාපදිංචිය, වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීම් ආදී විස්තර උපාලි තෙන්නකෝන් ඝාතන විමර්ශනයට අදාළ නැති වුවද ඒ ගැන විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සමන් ගමගේ මහතාගේ සිදුවීමේ දී වෙනම නඩුවක් පවරන ලෙස රහස් පොලිසියට උපදෙස් දුන් මහේස්ත්‍රාත්වරිය ලංකා ඊ නිවුස් සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙනී යයි. රහස් පොලිසිය ලංකා ඊ නිවුස් ගැන නිසි ආකාරව විමර්ශනය නොකරන බව කියමින් අවස්ථා කිහිපයකදීම මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දොස් නැගුවාය.

      උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. එලෙස තිබියදී විමර්ශනයට අදාල එවැනි පුද්ගලයන්ගේ දුරකතන වාර්තා, බැංකු ගිනුම් ආදිය පරීක්ෂා කරනවා වෙනුවට කිසිදු සම්බන්ධයක් නැති ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විස්තර සොයන ලෙස රහස් පොලිසියට නියෝග කිරීම බරපතල ගැටළු මතු කරයි.

      ගරු ලේකම්තුමනි,

      කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර ඇති පසුබිමක එම වෙබ් අඩවිය සම්බන්ධයෙන් කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය ම නියෝග නිකුත් කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි නීතිය ගැන කුඩා හෝ දැනුමක් ඇති ඕනෑම අයකුට මතුවන ගැටළුවකි. සැබැවින්ම එය ළබැඳියාවන් අතර ගැටුමකි.

      නඩුවට කිසිසේත්ම අදාළ නැති සිදුවීම් ඔස්සේ මෙම නඩුව ගෙන යෑමට මහේස්ත්‍රාත්වරිය උත්සාහ කිරීම මගින් උපාලි තෙන්නකෝන් මහතාට ද බරපතල අසාධාරණයක් සිදු වූ බව අපේ අදහසයි. රහස් පොලිසියට ද අනවශ්‍ය පීඩනයක් එල්ල වී ඇති බව පෙනී යයි.

      උපාලි තෙන්නකෝන්ට මහතාට පහරදීමේ නඩුවේ පැමිණිල්ල රහස් පොලිසියයි. විමර්ශන පවත්වන්නේ ද රහස් පොලිසියයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් කර්තෘ අත්අඩංගුවට ගැනීමට තබා ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය බව පවා රහස් පොලිසිය අධිකරණයට දන්වා නැත. අධිකරණය වරෙන්තු නිකුත් කළ දිනයේ හෝ රහස් පොලිසිය එවැනි ඉල්ලීමක් කර නැත.

      විමර්ශන පවත්වන රහස් පොලිසිය හෝ නීතිපතිවරයා හෝ ලංකා ඊ නිවුස් කර්තෘවරයා සැකකරුවකු කර මේ වන තෙක් නඩු පවරා නැති පසුබිමක ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අන්තර්ජාතික වරෙන්තු නිකුත් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මහත්මිය නියෝග කළේ කෙසේදැයි ප්‍රශ්න සහගතය.

      අධිකරණවල නඩු ප්‍රමාදය ගැන අපට බරපතල විවේචන පවතී. මෙම අධිකරණයේ ද අනෙක් නඩු එලෙස දීර්ඝ කාලයකට කල් තබද්දී මෙම නඩුව පමණක් කෙටි දින ලබා දෙමින් කඩි මුඩියේ ගැනීමද තවත් සැකයට කරුණකි. සැකකරුගේ ඡායාරූප පළ කිරීමෙන් විමර්ශනයට බාධා වී නම් සැකකරුට එරෙහිව නඩු පැවරීමේදී නීතිපතිවරයා ඒ ගැන සැලකිල්ලක් දක්වනු ඇත. ඇත්තටම එවැන්නක් වී නම් අධිකරණයට අපහාසයන් නොවන අතර එමගින් වන්නේ සැකකරුට වාසියක් අත්වීම පමණි. එසේ තිබිය දී මහේස්ත්‍රාත්වරිය ඒ ගැන කටයුතු කළේ කුමන නීති ප්‍රතිපාදනයක් අනුවදැයි දැන ගැනීමට කැමැත්තෙමු.

      අධිකරණය යනු කිසිවකුගේ පෞද්ගලික උවමනා එපාකම් පිරි මහන ස්ථානයක් හෝ කිසිවකුගේ හෙළුව වසා ගැනීමට පාවිච්චි කරන අමුඩ ලේන්සුවක් හෝ නොවේ. අධිකරණයේ ගෞරවය තීරණය වන්නේ ඒ ගැන පළ වන මාධ්‍යවාර්තා මත නොව අධිකරණයේ ක්‍රියාකාරීත්වය මතයි. එබැවින් උපාලි තෙන්නකෝන් නඩුවේ දී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මෙනවියගේ ක්‍රියාකලාපය ගැන වහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

      දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන් සමන් ගමගේට එරෙහිව පැවරූ නඩුව ඉවත් කර ගන්නා ලෙස හා ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව නිකුත් කළ අන්තර් ජාතික වරෙන්තු ආපසු කැඳවන ලෙසත් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ද අපි බලාපොරොත්තු වෙමු.

      ස්තුතියි.
      මෙයට
      විශ්වාසී,

      ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

      Delete
  6. මෙක වුනෙ මොන රටේද????

    ReplyDelete
    Replies
    1. Damith,

      ඔළුව තදින් නරක් වෙච්ච
      මිනිසුන් පිරිසක් හැදිච්ච
      අරුම පුදුම රටක් තියෙනවා ඕයි
      මහ මුහුදින් වට කෙරිච්ච
      අඹ ගෙඩියක හැඩය ගත්ත
      ඒකට මරු නමක් කියනවා ඕයි
      ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

      අන්න ඒ රටේ බොල අන්න ඒ රටේ...:)

      Delete
  7. චැඃ........සඳරුවන් සේනාධීරගේ හීන් තැනින් අල්ලගන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. විචා,

      අනේ මන්ද බං ලොන්තපෝල් ඇමතියානම් වැඩේ අතාරින පාටක් නෑ....:)

      Delete
  8. පොඩි පහේ කරුමාන්තයක් කරලා වගේ මේක ලියල තියෙන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      අනේ නෑ බං නොට් ඊවන් අ ස්මෝල් ඉන්ඩස්ට්‍රි.

      කර්මාන්තයක් කලාම මෙව්ව ඔක්කොම අමතක වෙලා හිත අකර්මණ්‍ය වෙනව. ඒ හින්ද මෙව්ව ගැන ලියන්ට ඕන කර්මාන්ත කිරීමට පෙර...:)

      Delete
    2. ////////කර්මාන්තයක් කලාම මෙව්ව ඔක්කොම අමතක වෙලා හිත අකර්මණ්‍ය වෙනව. ඒ හින්ද මෙව්ව ගැන ලියන්ට ඕන කර්මාන්ත කිරීමට පෙර...://///////////////////

      කර්මාන්තයෙන් පසු ලියන්නේ මොන වගේ එව්වද රවි කුමරුණි........

      Delete
  9. දේශපාලනයේ ක්ෂත්‍රීය න්‍යායන්. අවසානයේ විජේදාස සහ සඳරුවන් යන දෙදෙනාම ජයග්‍රහණය කර ඇත.

    ReplyDelete
    Replies
    1. මල්,

      එහෙමත් වෙන්න පුලුවන් තමයි...:)

      Delete
  10. මම හිතන්නේ රවීයියා ඕක නමේ කේස් එකක්.වහාම ගැසට් නිවේදනයක් ගෙනල්ලා තහනම් කරන්න තියෙන්නේ "රාජපක්‍ෂ"කියන නම භාවිතය.

    ReplyDelete
  11. අපිට පිස්සු ඕයි....මට නම් හොඳටම පිස්සු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...