Sunday, December 4, 2016

460. පුවක් එෂැණිං 17 - පොලිෂ්පතිට ආයෙමත් කෝල් එකක්....


පොලිස්පති රැස්වීමක් අමතන අතර
ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙයි.

"ආ..කවුද මේ කතා කරන්නේ?" 

"අයිසෙ තමුසෙට මගෙ කටහඬත් දැං අඳුරන්ට බෑ නේද?" 

"එක පාරටම බැරි වුනා සර්...කොහෙද ඔය මලකඩ හූරනව වගෙ සද්දෙ දැං කාලෙකිං ඇහුවෙත් නෑනෙ.." 

"මොකද්ද කිව්වෙ?" 

"ආ..නෑ..නෑ..සර් මොකවත් නෑ…" 

"තමුසෙ දන්නවද මම කතා කලේ මොකටද කියල?" 

"නෑනෙ සර්.." 

"හරි ඒක කියන්ට ඉස්සෙල්ල කියනව අදත් තමුසෙ කොහෙ හරි රැස්වීමක කතා කර කරද ඉන්නෙ? " 

"නෑ..නෑ..සර් මම මේ ගෙදර ඉන්නෙ මේ වෙලාවෙ" 

"ෂුවර් නේද? බොරු කියන්ට එහෙම එපා…" 

"නෑ..නෑ..සර් බොරු නෙවෙයි...මේ ගෙදර තමයි ඉන්නෙ..මගෙ බල්ලත් මාලඟ ඉන්නව...ඕනනම් ඌට බුරන්ට කියනටද සර්ට ඇහෙන්ට…" 

"ඒක හරියන්නෙ නෑ අයිසෙ.....තමුසෙම බුරයි බල්ලෙක් වගෙ...මම දන්නවනෙ තමුසෙගෙ හැටි." 

"ඇයි සර් එහෙම කියන්නෙ?" 

"එහෙම කියන්නෙ අයිසෙ ඔය තනතුර ගන්ට තමුසෙ නොකරපු දෙයක් නෑනෙ. බෝදිපූජා, එතකොට දේවපූජා, එව්වනම් කොච්චරක් කලාද? කොටින්ම ඔය තානාන්තරේ හම්බවෙලා ඉස්සෙල්ලම තමං ඉගෙන ගත්තු ඉස්කෝලෙට ගිහිල්ල ළමයි අමතල කිව්වෙත් මට මේ තනතුර ලැබුනෙ දේවපූජා හින්දයි කියලනෙ."

"හරි හරි සර් ඒ වෙලාවෙ මම ඒ සන්තෝසෙ වැඩි කමට එහෙම කිව්වෙ...දැන් සර් කතා කලේ?" 

"අයිසෙ අර නිලමෙව කූඩුවට දාන්නෙ නෑ නේද?" 

"නෑ..නෑ..සර් නෑ... මම එදත් කිව්වනෙ...ඔය නිලමෙල මැණිකෙල කවුරුවත් ඇරෙස්ට් කරන්නෙ නෑ. එෆ්සීඅයිඩී එකට මම පැහැදිලිව කියල තියෙන්නෙ" 

"ආ..ඒක හොඳයි...මගෙ මිනිස්සු කවුරුවත් මීට පස්සෙ ඇතුලට දාන්ට බෑ හොඳද? පැහැදිලියිනෙ?" 

"--------------------------------------" 

"මොකද කතා නැත්තෙ? තමුසෙ දැනගන්නව.... මම ලබන අවුරුද්ද වෙනකොට ආපහු එනව" 

"ඒ කොහොමද සර්?" 

"ඒක තමුසෙට වැඩක් නෑනෙ. එන විදිහ මම බලාගන්නං. තමුසෙ මේ ටික මතක තියාගන්නව…..කෝ ඉන්නවද?" 

"'ඉන්නවා සර්" 

"දිගටම ඔය තනතුර තියාගන්ට ඕන නම් මම කියන විදිහට වැඩ කරනව. තේරුනාද?" 

"ඔව් සර්..තේරුණා.." 

"අන්න හොඳයි…අනික තමුසෙ වගෙ නීතිය නවන්ට ලෑස්ති මිනිහෙක්ගෙං මටත් බොහොම ප්‍රයෝජන ගන්ට පුලුවං." 

"--------------------------------------" 

"එහෙනම් මීට පස්සෙ මම කෝල් එකක් දුන්නම රැස්වීමක කතා කරකර ඉන්නව නම් මෝඩයා වගෙ එතනම ඉඳල කෝල් එකට ආන්සර් කරන්න එපා රටේ ලෝකෙ ඔක්කොටම ඇහෙන්ට. හොඳට මතක තියාගන්නව. තේරුණාද?" 

" තේරුණා සර් හොඳටම තේරුණා" 

54 comments:

  1. සර් මම යටට කීයක් අඳින්න ඕනෙද සර්

    ReplyDelete
    Replies
    1. චීයා මෙ තාත්ති කියන වල් කතා.

      -මීට විචාගෙ දුව

      Delete
    2. විචා,

      මේ මිනිහ නම් ඇත්තටම අයි.ජී.පී කියන තනතුරේ ගෞරවයත් කන ගමං ධර්මරාජෙ කීර්ති නාමයත් විනාස කලා.

      Delete
    3. මෙයා කුරුණෑගල SSP කාලේ කෙලපු පිස්සු දැකලා, මම ඒ කාලෙම කිව්වා, හරිම බොළඳයි කියලා.

      Delete
  2. ජංගම දුරකතන ඇමතුම එද්දී සැනිනේ
    උන් හිටි තැනද අමතක වෙයි දෙවියන්නේ
    මින් මතු කතා කරනායුරු දුරකතනේ
    පන්තියකට ගොසින් දැනගෙන ආ යුතුවන්නේ........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද, උඹේ කවි නම් මාරයි බං...:)

      Duminda,

      අස්සයාට අං ආවා,
      කටුසු කරේ රන් බැඳුනා,
      මේ වැදගත් තනතුරකට,
      වෙච්චි දෙයක් අනෙ අප්පේ,

      Delete
    2. තියපු අඩිය ආපස්සට ගන්න බැරී
      දැකපු ඇසුව දේ බොරුයැයි කියනු බැරී
      හිතපු තරම් දුර ගමනක් යන්න බැරී
      බැඳපු රත්තරන් ආපසු ලෙහනු බැරී

      ජයවේවා!!!

      Delete
  3. බයිට් එකක් නැතුව ශොට් එකක් දාලා වැඩක් නෑ මචෝ....බස් කේස් එකත් ඉවරනිසා පූජිතව ගමු බයිට් එකට...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි,

      පූජිත් ස්පෙෂල් බයිට්...:)

      Delete
  4. ලංකාවේ ජංගම දුරකථන තහනම් කරමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකත් නරකම නෑ...:)

      Delete
  5. කතා කරපු කෙනයි උත්තර දීපු කෙනයි දෙන්නම ලංකාවට ඕනෑ අපමන අගයන් දෙකක්

    ReplyDelete
  6. යකෝ මේක හරි වැඩක්නේ! කෝල් එක දුන්නේ යහපාලනයේ ඇමතියෙක්නම් කෝල් එක ගත්තේ පොනිල්ගේ ගොබිලේක්නම් මේකට වෙන එවුන් ගාවන්නේ මක්කටයි? මුටත් ඉයන්ගේ ලෙඩේ හැදීගෙන එනවා වගේ! බොල්ග් එක නම විතරක නිවහල් සිතුවිලි කියල දාගෙන රනිල්ට කඩේගිහිල්ල වැඩක්නෑ බන්!

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නිදහස් සිතුවිලි කියන්නෙම ඒකනෙ ගොයියෝ..වෙනස් විදිහට හිතන එක...හෙහ්,හෙහ්

      Delete
  7. අනේ මන්දා රවි උඔත් ...හැම රෙද්දටම ඒ යකාවම අල්ල ගන්නේ , ( අනික යකෝ කතාව සහසුද්දෙං එලිවෙලත් තියනකොට ) බඩ වේලුනහම පොස්ට් එකක් දාහං ...මහින්ද මගේ බඩ වේලිලා පුකට ඇගිල්ල ගහල බෙට්ට එලියට ඇදහං කියල ....තව ඕනනං බඩ යනකොටත් දාහං ...මහින්ද මගේ බඩ බුරුල් වෙලා පුකට ඇගිල්ල ගහල නවත්තපං කියල .......‍ෙ

    මේ ටික කියන්නේ ඇනෝලට ....ඉස්සර කියුවනේ අම්මා වතුරේ ගහගන යනකොට බේරගත්ත එකාට අම්මට අහවල් එක කරන්ඩ දෙනවද කියල ......දැං ටිකක් හිතහල්ලා උඹලා මේ මේ කරන්නේ අම්මව බේරගන පස්සේ අහවල් එක කරන්ඩ ආපු එකාගෙන් අම්මව බේරගත්ත එකාට අම්මට අහවල් එක කරන්ඩ දීලා තාත්තගේ කටට පාංකඩ ඔබනවා වාගේ වැඩක්

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ වහල්ලු හැංගි හැංගි වෙස් බැඳලා දැන් හෙළුවෙන් නටනවා!!!
      මැක්කාගේ කථාව වගේ නීලකාස හොරු ගැන ලියන්න අමතක වෙලා වගේ !!
      --- රනිල්ගේ වහලාගේ සිතුවිලි

      Delete
    2. රනිල්ගේ ගල සාගල නේද කෝල් කලේ !!!

      Delete
    3. මුන්වගේ ටොයි වහලුන්ට කියල වැඩක් නැහැ අටමෝ, මුන් දිවෙන් රනිල්ගේ පුක පිහින ගමන් අපි උඹලට කියනවා බය්යනේ, අපි ටෝය්යෝ වැරැද්ද කවුරු කලත් විවේචනය කරනවා කියල. ආච්චිගේ රෙද්ද තමා!

      Delete
    4. Atam,

      කොහෙද බං කතාව සහසුද්දෙං එලිවුනේ? අර සාගලයයි කෝල් එක දුන්නෙ කියල කිව්වට ඒක ඉස්තිර නෑනෙ. මරා දුන්න වෙන්නත් පුලුවන්නෙ.

      අනික සාගලය කෝල් එක දුන්නත් ඒ දෙන්න ඇත්තෙ රනිලා මරා එක්ක මොකක් හරි ඩීල් එකක් දාගෙන තියෙන හින්දනෙ.නැතුව මේ කොහෙවත් ඉන්න බස්නායක නිලමෙ කෙනෙක් කූඩු කලාම රනිල්ට මොකක්ද තියෙන පුකේ අමාරුව?

      එතකොට සාගල කෝල් එක දුන්නත් ඒකෙ මූලික වැරදිකාරය මරා.ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදකට පෙළඹවීමත් ඒ වරද කලා හා සමාන වරදක්.

      The Penal Code of Sri Lanka (1883), as amended, in Chapter V titled 'Of Abetment', lays down the law with regard to the abetment, in the following terms: On abetment of doing a thing, Section 100 of the Penal Code says, a person abets the doing of a thing who, firstly, instigates any person to do that thing; or secondly, engages in a conspiracy for the doing of that thing; or thirdly, intentionally aids by an act or illegal omission the doing of that thing.

      Delete
    5. සියලු ඇනෝ,

      කිව්වම මොකද මගෙ මරා එක්ක තියෙන කේන්තිය කවදාවත් නැතිවෙන එකක් නෑ අනේ. ඔය යකාගෙ බුරුසුවයි සාටකෙයි මතක් උනත් මගෙ බඩ දඟලනව...දෙයියම්පල්ල ඇත්ත....:)

      Delete
    6. Ravi-I have the exact same issue. Any one but MR.

      Delete
    7. "..කොහෙද බං කතාව සහසුද්දෙං එලිවුනේ?.."

      පොලිස්පති සහ 'සර්': පොලිස් කොමිසමේ විශේෂ රැස්වීමක්
      http://www.bbc.com/sinhala/sri-lanka-38201689

      ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් සිටින අතරවාරයේ, පොලිස්පති පූජිත් ජයසුන්දර 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුට දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජාතික පොලිස් කොමිසම සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
      පොලිස්පතිවරයාගේ එම දුරකතන ඇමතුම රට පුරා මහත් ආන්දෝලනයකට ලක් විය.
      ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ජාතික පොලිස් කොමිසම ඉදිරි පියවර සම්න්ධයෙන් ආණ්ඩුවට සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවත් බීබීසී සංදේශයට දැනගන්නට ලැබිණ.
      පොලිස්පතිවරයාට එම දුරකතන ඇමතුම ලබා දී තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් බව අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා පාර්ලිමේන්තුව හමුවේ පිළිගත්තේය.
      ජනපති සහ අගමැති මතය
      තමන් එහි වරදක් නොදකින බව අගමැතිවරයා සඳහන් කළත්, පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බවත්, ඒ පිළිබඳව ඔහුගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.
      ස්වාධීන පොලිස් කොමිසම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමෙන් අනතුරුවත් පොලිසියට තවමත් එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ ප්‍රසාදයක් නොමැති බවත් සංදේශයට අනාවරණය වේ.
      පොලිස්පතිවරයාගේ දුරකතන ඇමතුම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිහිපවරක්ම ප්‍රශ්න කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කැඳවන බව කතානායක කරු ජයසූරියද සඳහන් කර තිබේ

      Delete
    8. Anonymous December 5, 2016 at 4:40 PM,

      /Ravi-I have the exact same issue. Any one but MR./

      Yep, he displayed nepotism,opportunism,exhibitionism, power hungriness to the hilt.

      He had absolutely no shame whatsoever in buying opposition members to bolster his majority, stoking up ethnic feelings of gullible public to his advantage and embarking on untenable mega projects to feed his ego.

      His dream was to make Sri Lanka a "Kurakkan Republic" to rival those disreputable "Banana Republics"....:)

      Delete
    9. /Anonymous December 5, 2016 at 11:06 PM /

      මේ සටහන ලියන්නට කලින් මම ඔය බී.බී.සී. වාර්තාව දැක්කෙ නෑ...සමාවෙන්න.

      Delete
  8. ඇයි බං රවී මේකට කිං ව ගාවගත්තෙ? ගහල මරල කාර් එක පුච්චල ඇක්සිඩන්ට් කියල පොතේ සටහන් කරන්න කියල නියෝග දෙන පොඩි කෝල් එකක් දුන්නට මේවගේ නීතිය නැමුවෙ නැහැනෙ කිං හන්ටර්.

    ReplyDelete
    Replies
    1. නීතිය නැමීම වරදක්නම්, ගහල මරල කාර් එක පුච්චල ඇක්සිඩ්ස්න්ට් කියල පොතේ සඳහන් කරන්න කියල කෝල් එකක් ආවාම නැමීමත්, මේ නැමීමත් සමානයි නේද?
      කෝල් එක මොන,සුනඛයාගෙන් ආවත් කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ රාජකාරිය කරන්න ඕනි පොලීසියක් නෙවෙයිද අපේ ප්‍රාර්ථනය...?
      Be truthful man..!

      Delete
    2. ඇත්ද ඉයන් අහගත්තා! උඹලගේ රනිල් 88/89 කාලේ කෙලින්ම මරල ටයර් සැයේ යැව්වා මිසක් පොලිසියේ මෙහෙම ලියන්න කිවේ නැහැනේ!

      Delete
    3. හෙහ් හෙහ් චෙෆාකි. ඇත්ත ඇත්ත. මේ රවියා අර අහක ඉන්න හන්ටර් වෙච්ච කිං ව ඇදල අරගෙන තියෙන ප්‍රශ්ණයක්

      Delete
    4. ඒක නෙවෙයි ප්‍රශ්නේ...අපි දැන්වත් පුරුදු වෙන්න ඕනී වැරැද්ද දැක්කම අම්මා තාත්තා කලත් වැරැද්ද වැරැද්ද හැටියට දැකලා වැඩ කරන්න..ඒ නිසා මිසක් කිං කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන මම හිතුවෙ නෑ...

      Delete
    5. වලිගෙ පටලවා ගන්න එපා බොස්. මේ සංවාදය මේ ආණ්ඩුවේ දේකට හිටපු රජයේ කෙනෙක් සම්බන්ධ කරගෙන ලියපු පෝස්ට් එක ගැන මිසක් කවුරු කලදේ හරිද වැරදිද කියල නෙමෙයි

      Delete
    6. මේ වගේ නීති නැමීම මේ ආණ්ඩුවෙන් අනන්ත වෙනවා. ඒක කවදාවත් හරි කියන්නේ නැහැ. ඒක සම්පූර්ණ වැරදි වැඩක් විතරක් නෙමෙයි ජනවාරි 8 පොරොන්දු කනපිට හැරවීමක්. මේ යහපාලන ආණ්ඩුවේ වැරැද්ද නිසා තමයි රාජිත වගේ අය විතරක් නෙමෙයි ගිය ආණ්ඩුවේ නිලමෙල, රජවරු, යුවරජවරු, කුමාරයෝ අළුත්ගමගේල පංචායුධල, ඔක්කොම තාම එලියේ ඉන්නේ. මේවට අගමැති සහ ඕන ඕන වෙලාවට ඕන ඕන අය හෝදන ජනාධිපතිත් වගකියන්න ඕන. ඒව ගැන පත්කරන්න උර දුන්නු අය එළිපිට කථා කරනවා.

      රවී ගේ පෝස්ට් එකේ හිටපු ජනාධිපති ගාව ගැනීම හරිද වැරදිද කියන එක ගැන කථාකරනවනන් ඔබ කියන දේත් ඔය මම උඩ කියපු එක අදාල නැහැ.

      Delete
    7. ඉයන්,

      ඔබේ මුල් කමෙන්ටුවේ ඇති උත්ප්‍රාසය (Irony) වටහා නොගැනීම නිසා ඇතිවූ අවුලක් මම හිතන්නෙ මේක...හෙහ්,හෙහ්,

      මෙතන මරු වැඩේ කියන්නෙ මේ කෝල් එක එන්නෙ මරාගෙ ඥාතී හොර තක්කඩියෙක් අත් අඩංගුවට ගන්ට එපාය කියල. අපි හිතමුකො සාගලයයි කෝල් එක දුන්නෙ කියල. ඒත් ඒ යකා කෝල් එක දෙන්නෙ මරාගෙ හොරෙක් බේරගන්ට. එතකොට මේ කෝල් එක ගැන පුක විකාගෙන දඟලන බයියො ඒ ගැන කතාවක් නෑ.

      Delete
    8. Chef,

      /ඒක නෙවෙයි ප්‍රශ්නේ...අපි දැන්වත් පුරුදු වෙන්න ඕනී වැරැද්ද දැක්කම අම්මා තාත්තා කලත් වැරැද්ද වැරැද්ද හැටියට දැකලා වැඩ කරන්න./

      Agreed totally...:)

      Delete
  9. //" තේරුණා සර් හොඳටම තේරුණා" /// මොනවද රවී තේරුණේ :)

    ReplyDelete
    Replies
    1. පින්වතිය,

      සුවාසූ දහසක් වූ සියලු සක්වල ධර්මස්කන්ධයෝ අතැඹුලක්සේ පැහැදිලි වූහ.

      හිමිදිරි උදෑසනෙහි කෙමෙන් නැඟ එන්නාවූ ළහිරු මඬලින් නික්මෙන්නාවූ රැස් කදම්බයක්මෙන් සියල්ල සුපිරිසිදු ලෙස වැටහිණි.

      Delete
  10. ෆෙඩි සිල්වාට වඩා ආතල් දෙනවා මහත්තයෝ පුජිතයියා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      පූජිතයියගෙ තාත්ත මොනව උනත් තුන්කල් දැකල පොරට නම දාල තියෙන්නෙ.

      ශ්‍රී ලංකා නම්වූ දිවයිනෙහි පොලිස්පති තනතුර දැරූවන් අතරින් හත්පලේ ගාගැනීම, තමනට පාරා වළල්ලක් වන වාගාලාපයන් කිසිදු විලි බියකින් තොරව ප්‍රසිද්ධියේ පැවසීම එමෙන්ම තම තනතුර ලබාගැනීම උදෙසා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදියෙහි පිහිට ලැබුණු බව ප්‍රසිද්ධියේ පිළිගැනීම යනාදී අපකීර්තිමත් කාරණාවලින් මෙතුමෝ දස දෙස පූජිත වූහ.

      පලි - Bar bender කියල කියනව ඔය ගොඩනැඟිලි ඉදිකිරීම් වලදි වැරගැන්වුම් කම්බි නමන මිනිස්සුන්ට. පූජිතයියගෙ තනතුරු නාමය වෙනස් කරන්ට ඕන IGP Cum Law Bender කියල

      Delete
    2. හෙහේ,
      කොච්චර වුනත් රවීයියා අපේ පුජිතයියා පොලිස්පති වෙන්ට තිබ්බේ මහින්ද ඉන්න කාලේ.ඒ කාලේ පුජිතයියා IGP වුනා නම් අපිට නියම "ආටක-නාටක" බලන්න තිබ්බා.

      Delete
    3. Manoj,

      අම්මට වූඩු මරු බං..දෙන්න තකට තක...මරා ද කිං මුදුනා නං පූජියා කලාතයා...කොළ මඩවන්ට නියම බාන..:)

      Delete
    4. රටේ වෙලාවට එහෙම නොවුනේ. එහෙම වුනා නම් පූජිතයා මෙලහකට තුන් ලෝකෙටම ඇම්බසඩර් කරලා යවලා අර බාලසූරිය ලොක්කව යැව්වා වගේ. අම්මපා අද බොහොමයක් එවුන්ට මතක නෑනේ මෙව්වා. පොලිසිය කෙසේ වෙතත් මුලු රටම හැදෙන දිසාවට නෙමෙයි යන්නේ.

      Delete
    5. අරූ,

      ඒ තව ලෝක හොරෙක්..ඩොක්ටර් බැලුෂ්ෂූරියා....:)

      Delete
  11. ඔයවගේ කතාබහක් සර්ගෙ පැත්තෙ ඉඳන් අහන්න මට අවස්ථාවක් ලැබුණා
    ඔය සර්ව මුණගැහෙන්න ගිය වෙලාවක ගෝලයා ලව්ව කෝල් එකක් ගත්තා පූජිත්ට...
    ගෝලය කිව්ව අයිජීපී ෆන්ක්ෂන් එකකලු සර් කියල
    සර් කිව්ව කමක් නෑ කතාකරන්න කියන්න කියල
    සර් හරි අහිංසකයි....

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      අප්පා ඔව්..සර් හරිම අහිංසකයි...අරූලගෙ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකය වෙලත් ඉඳල තියනව.

      Delete
  12. කටුස්සගෙ කරේ රත්තරං බැන්දම ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. හසිත,

      යම් තනතුරක් ලබාගැනීම තම ජීවිතයේ එකම පරමාර්ථය කරගත්ත කෙනෙකුට ඒ තනතුර ලැබුනම තමන් කිවයුතු දේ මොනවද? කල යුතු දේ මොනවද කියන එක අමතක වෙනව.මේ මනුස්සයටත් වෙලා තියෙන්නෙ ඒක.

      මම මේ කියන්නෙ මේ කෝල් එකේ කේස් එක ගැන එහෙම නෙවෙයි. ඒකෙ මුන්දැගෙ වැරැද්දක් නෑ. එකම වරද රැස්වීමක් අමතන වෙලාවක කෝල් එකට ආන්සර් කරපු එක . හැබැයි ඒකෙං එක හොඳකුත් වුනා. මරාගෙ සහ ආණ්ඩුවෙ ඩීල් ගැන ඇස් පනාපිට ඔප්පු වුනා.

      Delete
  13. පූජිත මෙන්ඩිස්ට ලොකු ඇස් දෙකක් තිබුනා. පස්සේ මානසික ආබාධයක් හැදුනා. මේ පූජිතට ලොකු ඔලුවක් තියෙනවා. දැනටම මානසික ආබාධයක ඉන්නේ. පයිප්ප තියාගෙන ඇදගෙන නානවා කියන්නේ මෙව්වට තමයි මචෝ. ඉස්සර ඩී.ආර්.නානායක්කාර මහත්තයත් , ගෙදරින් නාන්න පුලුවන් වුනාට, අමුඩයක් ගහගෙන පාරේ පයිප්පෙන් තමයි නාන්නේ. ඩීආර් අන්කල්ලා මතක් කිරීමත් හිතට සතුටක් ගෙන එනවා. මුන්ව මතක් වෙනකොට £$%^&*&^%$ කියලා තමයි කියන්න හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඩී.ආර්. ගැනත් උඹ එක වතාවක ලිව්ව මතකයි. මනුස්සය හිටියෙත් දෙල්කඳද?

      ඩී.ආර්. ගෙයි හියුගෝ ප්‍රනාන්දුගෙයි මරු විහිලු වගයක් තිබුන එක පරණ කලු සුදු ෆිල්ම් එකක. නම මතක නෑ...

      Delete
    2. ඩීආර් කොලොන්නාවේ. මගේ වයිෆ්ගේ ඒරියල් එක. මරු ඒරියා එකක් බං. මම හෙන ආතල් අරන් තියෙනවා කොලොන්නාවේ.

      Delete
  14. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු විට නුසුදුස්සන් විසින් නුසුදුස්සන් ව පත් කිරීමේ විපාක රවි අයියා. මම නම් ඊට වඩා දෙයක් දකින්නෙ නෑ.

    ReplyDelete
  15. "නෑ..නෑ..සර් බොරු නෙවෙයි...මේ ගෙදර තමයි ඉන්නෙ..මගෙ බල්ලත් මාලඟ ඉන්නව...ඕනනම් ඌට බුරන්ට කියනටද සර්ට ඇහෙන්ට…"

    "ඒක හරියන්නෙ නෑ අයිසෙ.....තමුසෙම බුරයි බල්ලෙක් වගෙ...මම දන්නවනෙ තමුසෙගෙ හැටි."

    පට්ට!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...