Friday, December 9, 2016

462. පුවක් එෂැණිං 18 - ලෝක ක්‍රිකට් කුසලානය සහ ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගය……


ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගය
ගෝල්පීස් පිටැන්නේ වැජබෙන අයුරු...
.

ගෝල්පීස් පිටැන්න පැත්තේ හෙට අනිද්දා රෑජාමේ ඉබාගාතේ ඇවිද යන නගර සෝබිණියන්, කුඩු කාරයින් සහ මල් කාරයින් එක් වරම තමං ඉදිරියේ දිස්වන යෝද අටමගලකට බය වී දත කට පූට්ටුවී හතර ගාතේ දමා පොලෝ මහී කාන්තාව මත පත බෑවීමට ඉඩ ඇති නිසා වරාය අදිකාරිය පූර්ව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කිසිසේත් බියවිය යුතු නැති බවත් ගෝල්පීස් පිටැන්නේ ඇත්තේ ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගය බවත්ය.

මේ අතර රෑජාමේ පදම සුට්ටක් වැඩිවී හුලං පොදක් වද්දවා ගන්නට ගෝල්පීස් හෝටලෙං එලියට පැමිණි වයසක සුද්දෙක් එක්වරම තමා ඉදිරියේ අඩ අඳුරේ දර්සනය වන මේ දරහැව පිටසක්වලිං පැමින ගෝල්පීස් එකට ගොඩබෑ සටපික්වලයිංගේ යානාවක් යයි අනුමාන කොට වහාම බී.බී.සී. එකට කතාකර ඒ බව පවසා මහා ජංජාලයක් විය හැකි බැවින් ලංකාවට පැමිනෙන සියලු විදේසිකයින් කටුනායක ආසියාන්තරා බාන පිටැන්නේදීම මේ යෝද නත්තල් ගස් බාගය පිලිබඳව දැනුවත් කිරීමට විදේස අමාත්තියාංසය කටයුතු යොදා ඇත.

ගෝල්පීස් එකේ මේ යානාව වනාහී එකත් එකටම ඈත අබ්බියාවකාසයේ සිට පොලවට පැමිනෙන සටපික්වල යානා වලට මාර්ග නීති කඩකිරීම නිසා ගහන දඩේ උන්හිටි හැටියේ වැඩි කිරීම නිසා ඊට බලවත් විරෝදය පලකරනු වස් අබ්බියාවකාස ගමන් වර්ජනය කොට ගෝල්පීස් පිටැන්නට බාපු යානාවක් ලෙසද සමහරු සැක කිරීමට ඉඩ ඇත.

කරුනු කාරනා වරදවා වටහා ගැනීම නිසා ඇතිවිය හැකි මෙවන් මහා අන්තර්ජාතික අලකලංචි වලක්වා ගැනීම සඳහා වරාය අදිකාරිය මේ පිලිබඳව නිල නිවේදනයක් නිකුත් කොට ඇත.

සකල ලෝක වාසී කතෝලික බැතිමතුන් වෙත කරන විසේස නිවේදනයයි. සිරි ලංකා වරාය අදිකාරියේ සුබ සාදක සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතුනු ලෝකයේ ලොකුම නත්තල් ගහ ඉදිකිරීමේ වැඩ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇත. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපානන් ගේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බව වරාය අදිකාරියේ උසස් නිලදාරියෙක් පැවසීය. ඔහු උසස් නිලදාරියෙක් වනුයේ එසේ පැවසූ අවස්තාවේ ඉදිකරන නත්තල් ගස මුදුනේ පොලවේ සිට අඩි හැටහයක් උසින් කුකුල් දැල් වල ෆයිනස් ගෙඩි සවිකරමින් සිටි නිසාය.

ඒ යෝද නත්තල් ගහට රුපියල් ලක්ස 120 ක් වැයවන නමුත් ඒ සියල්ල වරාය ඇමතිතුමාගේ හිතමිතුරන් සහ ආදාර කරුවන්ගේ දන පරිත්තියාග බවත් දැනට වැයකර ඇති රුපියල් ලක්ස 60 න් රජයේ මුදලින් වියදම්ව ඇත්තේ රුපියල් විසිපහක් පමනක් බවත් එම ප්‍රකාසකයා වැඩි දුරටත් පැවසීය.

එසේ ආදාරකල හිතවතුන්ගේ නම් විමසූ විට ප්‍රකාසකයා පැවසූයේ සිරි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන තනතුරක් දරන බුකී හිමියකු මේ සඳහා වැඩිම මුදල පරිත්‍යාග කල බවකි. ඊට අමතරව අටෝරාසියක් කුකුල් කොටු හිමියන් කුකුලන්ට ඕන කෙහෙල්මලක් වෙච්චාවේ අපි මේ ඇමතිතුමාගේ සමාජ සත් කාර්යයට උදව් කල යුතු නොවේදැයි එක් හිත් හිතාලා පියා තම කුකුල් කූඩු වල ගසා තිබූ කුකුල් දැල් ගලවා පරිත්‍යාග කල බවත්, ලී මෝල් හිමියන් සිය දහස් ගනනින් පිටපලු පරිත්‍යාග කල බවත්ය.

වරාය අදිකාරියේ සියලු සේවක සේවිකාවන් තම දුවා දරුවන් හා ගතකිරීමට ඇති සති අන්තයන් කැපකොට තම පෞද්ගලික රත වාහන වලට පෞද්ගලික වියදමින් තෙල් ගසා නුවරඑළිය, වැලිමඩ, හපුතලේ බන්ඩාරවෙල ආදී ප්‍රදේසවල සැරි සරමින් ෆයිනස් ගස් යට වැටී ඇති ෆයිනස් ගෙඩි එකතු කරන්නෝය. 

එසේ ෆයිනස් ගෙඩි එකතුකරමින් සිටි එක් සේවිකාවක් විසාල කූඩැල්ලකු තම කකුලකට නඟිනු දැක බියවී කෑගසමින් දිව යද්දී බිම වැටී තිබුනු ෆයිනස් කොල උඩ ලිස්සාගොස් ඇද වැටී ඇගේ කලසං සාක්කුවේ තිබූ වරාය අදිකාරියෙන් නිකුත් කල බෝල් පොයින්ට් පෑන නැතිවිය. මහජන මුදලින් මේ යෝද නත්තල් ගහට මෙතෙක් වියදම්ව ඇත්තේ ඒ පෑනේ වටිනාකම වන රුපියල් විසිපහ පමනක්ම බවද එම උසස් නිලදාරියා නත්තල් ගහ උඩ සිටිමින්ම වැඩි දුරටත් ප්‍රකාස කලේය.

එලෙසම උඩ රට පලාත්වල සේවය කරන වරාය අදිකාරියේ සේවක සේවිකාවන් සේවයට පැමිනීමේදී වෙනදා ගෙනෙන බත් පත වෙනුවට පිරිමින් තම බ්‍රීෆ් කේසයේ සහ කාන්තාවන් තම හෑන්ඩ් බෑගයේ ෆයිනස් ගෙඩි පුරවාගෙන පැමිනෙන බවත් දිවා ආහාරය වෙනුවට පුස්නාම්බුවක් හා පෙලේන්ටියකින් සැනහී වරාය ඇමතිතුමාගේ මේ සමාජ සත්කාර්යයට ඔවුන් ඉත සිතින් උර දෙන බවත් ප්‍රකාසකයා වැඩි දුරටත් පැවසීය.

අතිගරුකටයුතු වරාය ඇමතිතුමා මේ අතර පුවත්පත් සාකච්චාවක් කැඳවමින් ප්‍රකාස කලේ සුට්ටං එකා කාලේ සිටම තමංගේ ජීවිතේ කවදා හෝ ඉටුකරගතයුතු හීන තුනක් තිබුනු බවය.

ඉන් නොම්මර එක වන සිරී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ඒම තමන් ඉටුකරගත් බවත් අංක දෙක වන තමංගේ මවට හා සහෝදරයිං හැමෝටම හොඳ රස්සා ලබාදීමේ හීනය මේ වනවිට බොහෝදුරට සාර්තක කරගෙන ඇති බවත් අවසාන හීනය වන ලෝකයේ ලොකුම නත්තල් ගහ ලංකාවේ ඉදි කිරීමේ හීනය ද හැබෑ කර ගැනීමට ඉතාමත් ආසන්නයට පැමිනිමුත් එය කන කොනින් ගහලා ගිය බවත්ය.

එහෙත් මෙතෙක් ලෝකයේ ඉදිවී ඇති ලොකුම නත්තල් ගස් බාගයේ උස කොපමනද කියා සොයා බැලීමට තමං වහාම කමිටුවක් පත්කල බවත් ඒ කමිටු වාර්තාව අනුව ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගයේ වාර්තාව සඳහා ගිනස් කමිටුවට අයදුම් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇමතිතුමා වැඩිදුරටත් පැවසීය.

ලෝකයේ ලොකුම නත්තල් ගහ ඉදි කිරීමේ සිහිනය සැබෑ නොවුනද ගරු ඇමතිතුමා පසුබට නොවන බවත් ලබන වෙසක් පොහොයට ලෝකයේ ලොකුම ධර්ම චක්‍රයත් මහා ශිව රාත්‍රි දිනට ලෝකයේ ලොකුම ශිව ලිංගයත් ඉදිකිරීමට තමන් දැනටමත් සැලසුම් සකස් කිරීම අරඹා ඇති බවත් වරාය අධිකාරියේ ප්‍රකාශකයා අවසාන වශයෙන් පැවසීය.

මේ අතර ලංකාවේ කතෝලික ආගමේ ප්‍රධානියා වන කාඩිනල්තුමා යෝද නත්තල් ගසට විරෝදය පලකොට පැය විසිහතරක් ඇතුලත රජය නත්තල් ගස ඉදිකිරීම නවතා දැමීමට තීරනය කිරීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත.

සිරී ලංකාවේ ප්‍රදාන ආගම වන බුද්දාගමේ ප්‍රදානීන් වන මහානායක හාමුදුරුවරුන් ගේ ඉල්ලීම් වලට රජය දක්වන ප්‍රතිචාර හා සසඳන විට මේ තත්වය කැපී පෙනෙන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. 

සරත් පොන්සේකා මහතා සිරගත නොකරන ලෙස සහ නුවර වැව වටේ රේස් නොතියන ලෙස මහානායක හිමිවරුන් හිටපු ජනාදිපති මරා මහතාගෙන් කල ඉල්ලීමට ලැබුනු ප්‍රතිචාර පිලිබඳව විචාරකයෝ සිහිපත් කරති. 

මෙසේ පැය විසිහතරෙන් ඉල්ලීම් දිනාගැනීමට කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කලයුතු දැයි විමසීමට බවුද්ද බික්සූන් ප්‍රදාන දූත පිරිසක් කාඩිනල්තුමා හමුවීමට යාමට සූදානම්ව සිටින බවද මේ අතර වාර්තා වේ.

ටං....ටිං....ටුං....

36 comments:

  1. අපිට හොරෙන් අපි විකිනෙණ අමුතු රටක් මේක....

    ReplyDelete
    Replies
    1. කටුසු,

      ඒකනෙ බං පිස්සු නැත්තං ෂෝක්...:)

      Delete
  2. ඇඟේ තරමට මොළේ නැති
    වයසෙ තරමට වැඩී නැති
    බවක් පෙන්නුම් කරයි නිති
    අනේ කිචවෙයි ක්‍රිකට් තරුපති

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අප දිවයින වනාහී හරිම අමුතුය. වෙනත් රටවල ගායකයෝ, නළුවෝ ක්‍රීඩකයෝ සහ මහාචාර්යවරු වනාහී තම විෂය ක්ෂේත්‍රයෙන් බැහැරව නොයන්නෝය. ඔවුහු තම හැකියාවන්ගෙන් ලබාගත් ජන ප්‍රසාදය ආරක්ෂා කොට ගනිමින් ජන හදවත් තුල චිරාත් කාලයක් වැජඹෙන්නෝය.

      එහෙත් අප වසනා මේ දහම් දිවයින වනාහී හරිම වෙනස්ය. නළු නිලියන්, ගායක ගායිකාවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ආචාර්ය මහාචාර්යවරු තමන් උපයාගත් ජන ප්‍රසාදය, කීර්ති නාමය උපයෝගී කොටගෙන අවස්ථාවක් ලද විගස දේශපාලනයට පිවිසෙති. පිවිස හත් පලේ මතු නොව හිස් මුදුනේද අසූචි ආලේප කොට ගනිති.

      Delete
  3. අපි හරි වෙනස් ජාතියක්!

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      එහෙනං එහෙනං මොනවද ලතා මේ කතා?

      වී ආර් වෙරි...වී ආර් වෙරි..වී ආර් වෙරි වෙරි ඩිෆරන්ෂල්....ඕ හෝ...හෝ...හෝ...

      Delete
  4. ලියවිල්ල අද හරිම ලස්සනයි. දැන් ඔය පස්සේ කීව විශාල දේවල් බලන්න දැන්ම ඉඳන් කට්ටිය ලෑස්ති වෙනවලු. :P

    ලොකුම නත්තල් ගහ? කාඩිනල්තුමාට ඔලුව තිබ්බ හන්දා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෙඩූසා,

      ස්තූතියි...:)

      කාඩිනල් ගොයියත් බාල්දිය පෙරලන්ට අන්තිම මොහොත වෙනකල් හිටිය...හෙහ්,හෙහ්..කල් තිබ්බනෙ ඕන හැටියෙ..නත්තල් ගහ හදන එක ගැන ඉස්සෙල්ලාම කිව්වෙ අගෝස්තු මාසෙ විතර.

      සමහර විට එතුමාගෙන් අවසර ගත්තනං අවුලක් වෙන එකකුත් නෑ. ඒත් අනික් අතට කාඩිනල්ගෙන් අවසර ගන්ට ඕනද නත්තල් ගහක් හදන්ට..මොකෝ එයා දෙවියන් වහන්සේයැ?

      ආණ්ඩුවට තිබ්බෙ අනේ පලයං කාඩිනල් යන්ට කියල වැඩේ කරගෙන යන්ට..කොහෙද එහෙම කොන්දක් තියනවය මේ ආන්ඩුවට?...මම මේ කියන්නෙ මේ නත්තල්ක් ගස් නාඩගම හරියි කියල එහෙම නෙවෙයි. නිස්කාරනේ කරන බොරු වියදමක්.

      Delete
    2. ////.මම මේ කියන්නෙ මේ නත්තල්ක් ගස් නාඩගම හරියි කියල එහෙම නෙවෙයි. නිස්කාරනේ කරන බොරු වියදමක්.////////
      ++++++++++++++

      Delete
  5. තැනක් බලා තෑග්ග ලෙස දෙන්නට හිතුවාලූ
    ගසක් හැදුවමුත් බාගෙට නවතා දැමුවාලූ
    ලොවක් ඉදිරියේ නත්තල සමරන්නට බෑලූ
    අඩක් සැදූ ගහ මතටම අකුණක් වැදුනාලූ..........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      ගෝල් පීස් ගිහිල්ල ගස් බාගේ යට ඉඳගෙන, ගල් බාගයක් ගැහුවනං කොහොමද නත්තලට ?...:)

      Delete
    2. නොවී පමා පහුකරගෙන මහබාගේ
      නැමී බලා ගන්නට එම ගස් බාගේ
      වෙවී සතුටු සිහිකර පිමි ගෙම්බාගේ
      රවී නොදුටු මම එමි ගෙන ගල්බාගේ.....

      ජයවේවා!!!

      Delete
  6. අපරාදේ මේක නැවැත්තුවේ. නත්තලට කොළඹ එන මිනිස්සුන්ට බලන්න දෙයක් හරි තියෙනවා මේ වගේ දෙයක් හැදුවානම්. වෙසක් පොසොන් වලට කොච්චර තොරන් හදනවද. වෙසක් කූඩු හදනවද. මම කලානම් මේක නවත්වන්නේ නෑ. හැබැයි මුලින්ම කාදිනල් තුමාව දැනුවත් කරලා එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේක පටන් ගන්නේ. විවෘත කරන දවසට දුප්පත් මිනිස්සු 1000 ට විතර කන්න බොන්නදීලා වියලා ආහාරත් බෙදනවා. දුප්පත් පොඩි උන් 1000 ක් විතර ගෙන්නලා පාසැල් උපකරණත් දෙනවා.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලී,

      මල්ලිගෙ කතාවෙත් ඇත්තක් තියනව. ඒකයි මම කිව්වෙ කාඩිනල්ට කුද ගහගන්ට කියල එක්කො වැඩේ කරගෙන යන්ට තිබ්බෙ කියල.

      වෙසක් කූඩු තොරං වැඩේ මල්ලි හැබැයි වෙනස්. එව්ව කරන්නෙ එක එක්කෙනා නැත්නං සමිති සමාගම් ආධාර එකතු කරල.මේක තනිකරම ආන්ඩුවෙ ඒ කියන්නෙ මහජනයගෙ සල්ලිනෙ. ඔය සත පහක් ආණ්ඩුවෙ සල්ලි යන්නෙනෑ කිව්වට අපි දන්නෙ නැද්ද වැඩේ කෙරෙන විදිහ...:)

      Delete
  7. අර නැතිඋනයි කිවුව රුපියල් හතලිහෙ පෑන ගැන සොයන්න විසේස කොමිටියක් පත් කළ යුතුයි. මොකද මම දන්න තරමින් රුපියල් 25 ‍ට වඩා ගනං බෝල්පොයින්ට් පෑං තියෙන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හරි බෝල් පොයින්ට් පෑනෙ මිල ගැන උඹ කියන කතාව පිළිගන්නෙමි. ඒ අනුව සුදුසු සංශෝධන කලෙමි.මම ඔය හතළිහේ ගාණ දැම්මෙ උපකල්පනය කරල....:)

      Delete
  8. ලොකුම මොනව එක නැවැත්තුවත් ලොකුම සිව ලිංගෙ හදන එකනං නවත්තන්න දෙන්න හොඳ නෑ. ඔවු ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙනං එහෙනං...:)

      Delete
  9. රවියට මලක් හම්බුවෙලා. කොලිටිය කොහොමද?

    ReplyDelete
    Replies
    1. රවියට මලක් හම්බුවෙලා. කොලිටිය කොහොමද?X2

      Delete
    2. ඉයන් සහ පැතුම්,

      කේ.ජී...ළමයි... කේ.ජී....:)

      Delete
  10. කාඩිනල්තුමා තමයි කාඩිනල්තුමා!! 

    ReplyDelete
    Replies
    1. තරිඳු,

      කාඩිනල්ගෙ සීන් කෝන් එක ගැන කියෙව්වම මට මතක් උනේ හැත්තැ සහ අසූ ගණංවල ලංකාවෙ සුප්‍රසිද්ධ බෑන්ඩ් එකක් "Cardinal's Outburst " ...:)

      Delete
    2. රවී....මට ඔය කාඩිනල්ස් අවුට්බර්ස්ට් යාන්තමට මතකයි. බ්ලු එලිෆන්ට් වගේ ක්ලබ්ස් වල ප්ලේ කරා. රිකි බහාර්, ජෑන්ස්, ඕල්ඩ්‍රින් ගමගේ වගේ සෙට් එකක් යාන්තමට මතකයි.

      Delete
  11. අර නෙලුං කනුව නවත්තන්ඩ කියලා මෝදි තුමා කිව්වොත් අම්මපා නවත්තයි නේද?

    ඔය බාගෙට හදලා ඉතුරුවෙච්චි ටික යෝද බිම්මලක් කරලා ලංකාවේ බිම්මල් වගාව ප්‍රවර්ධනය කොරන්නවත් පොරෝජනයට ගනිමු නේද?

    ReplyDelete
    Replies
    1. විචා,

      අම්මප ඇත්ත තමයි. ලෝකෙ ලොකුම නත්තල් ගස් බාගෙ විදිහට පිලිගන්ට බෑමය කියල ගිනෙස් කාරයො කිව්වොත් ලෝමෙ ලොකුම හත්ත කියල පිලිගන්ටෙයි කියල ඇප්ලිකේසන් එකක් දාන්ටයි තියෙන්නෙ...:)

      Delete
  12. හෙණ ගහන්න වගේ ඇත්තම කියා තිබේ... හික්ස්
    කයියක් කියවා කූල්ඩවුන් වෙන්න මේ පැත්තට එන්න
    https://dirtykavi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඩර්ටි,

      කියෙව්ව කියෙව්ව... මරු...:)

      Delete
  13. දැ මක්ක කරන්ද අර අප්පොච්චි හදන්න පටන්ගත්ත කුළුනෙවත් කුකුල් දැල් එල්ලල එක්කාසු කරගත්තු පයිනස් ගෙඩි එල්ලමු.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      වරාය අදිකාරියෙං ලෑස්තිවෙනවය කියන්නෙ කොළඹ වරායට එන ඔක්කොම නැව් වල කුකුල් දැල් ඇදල ඒ දැල්වල පාට පාට පයිනස් ගෙඩි එල්ලන්ට....

      Delete
  14. ඔය නට්ටල් ගහ කියන්නෙ ආණ්ඩුවට උදාහරණයක් ලු නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      එහෙමත් එකක්ද? ඒ කිව්වෙ වැඩේ බාගෙට කියන එකද?

      Delete
  15. නියමෙට ලියලා තියෙනවා රවී. කාඩිනල්ට මාස හතරක් ගියාද බං ඕක දකින්න. එයත් දැන් යමක් දකින්නේ පත්තර වලින් විතරද දන්නෑ.. මුන් ඔක්කොටමයි...අපි ඔක්කොටමයි..බාගෙට පිස්සු. බාගයක් ගහලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
  16. ඕකෙ පිටපලු ටික ඔහොම්ම ඩිංගක් ඇලකොරලා මාරක ලිඳක් හදන්න බැරිවෙයිද?

    ReplyDelete
  17. මන් දන්නේ නැහැ බං මේවට මොනවා කියනන්ද කියල. කියලත් බැහැ . නොකියත් බැහැ .

    ReplyDelete
  18. මටනමි මේකේ දෙපැත්තක් පේනවා
    1 පස්ස පැත්ත- මේකට සල්ලි ආපු හැටි කචල් ය. ඒ වගේම විසාල නාස්තියයකුත් වෙනවා මේ මුදලින් විසාල සමාජ සේවයක් කොරන්න පුලුවන් (මේක කන්න නැතිවුනත් ලංකාවේ එවුන් පෝන් එකට කාඩි දමනවා වගේ වැඩක්)
    2 ඉස්සරහ පැත්ත- මේක ඇත්තටම ලෝකේ ලොකුම නත්තල් ගහනං ලංකාවට විසාල පබ්ලිසිටියක් ගැනීමට චෑන්ස් එක තිබිනි.(කිස්තියානි කස්ටිය ගොඩාාාාක් ලෝකේ ඉන්න නිසා) ටුවරිස් කරැමාන්තෙටත් හොදයි(මාතෙට එහෙමත් හොදා ඒ කියන්නෙ)
    ඔබේ නිදහස් අදහසත් නරකම නැත. ජය එම්.ආර්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...