Tuesday, December 27, 2016

468. පුවක් එෂැණිං 21 - "රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත" නොහොත් හත්පොලේ ගාගත් රණවිරුවාගේ කතාව

Bull Attack - A Painting by Dragan Petrovic Pavle 
හිස පහත්කොටගෙන තප්පු ලමින් ඉදිරියට දිව එන 
කෝපාවිෂ්ඨ වූ ගවයකුගේ සිතුවමක්

"රණමඟ ඔස්සේ කන්දිනඩාල් වෙත" කෘතිය ලියා එක රැයින් ජාතියේ අසහාය යුද වීරයා බවට පත්වූ අසමසම වීර පුරුෂයා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ පිරිමි පාසලක් සතුරන්ගෙන් මුදාගැනීම උදෙසා තවත් විරෝදාර හමුදා මෙහෙයුමකට නායකත්වය දුන් බව අපවෙත වාර්තාවේ. "Operation Scruff of the neck නොහොත් ගලග්‍රහ මෙහෙයුම" ලෙසින් නම්කොට ඇති මේ මෙහෙයුමේදී අදාල ගත් කතුවර රණශූර සෙන්පතියා මෙවර අපොස සාපෙළ විභාගයට මුහුණදෙන දරුණු ත්‍රස්තවාදියකුගේ බෙල්ලෙන් අල්ලා සොලවා ඔහු දමනය කල බව ඇසින් දුටුවෝ පවසති. මේ සඳහා මේ රණවිරුවාට සහායවී ඇත්තේ ඔහුගේ සුහුරාණන් වන යුද හමුදාවේ මේජර් වරයෙකු වන තවත් ශූරවීර රණවිරුවෙකි.

ජාතියේ සුවයිරීබාවය සහ බවුමික අකන්ඩතාව රැකගැනීමට දිවි දෙවෙනිකොට සටන්කරනා රණවිරුවන්ට සැමදා සිදුවන ලෙස මහා වීර මේජර් ජනරාල්තුමාට ද ඉන් අනතුරුව සිදුවූයේ අලිම නස්පැත්තියකි. ඒ මොකද කියනවා නම් දේස දොරෝහී එන්ජීඕ කාක්කන් සහ ඩොලර් වලට කහින්නන් රටපුරා පතල කලේ මේජර් ජනරාල් තුමා මෙවර අපොස සාපෙල ලියන කොලු කුරුට්ටෙකුගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කලා කියාය. අහෝ දුකකි! කෙදයකි!! හරියටම මේ ඊයේ පෙරෙයිදා අපේ අර ගරු කටයුතු නාවික හමුදාපති රනවිරුවානන්හට සිද්ද වුනු අලකලංචිය වාගේය. ඇරපු අතක් නැත. කපාපු පලුවය.

එම චෝදනාවන්ට පිළිතුරු ලෙස ඒ අසහාය, ජාතියේ පිනට පහලවූ රණවිරුවා ප්‍රසිද්දියේ ප්‍රකාස කලේ එම චෝදනා ආස පොලව නුහූලනා බොරු චෝදනා බවද ඔය කියන දවසේ තමන් මේ ලංකාවේවත් නොසිටි බවත්ය. එසේම තමන්ට විරුද්දව කිසිම පොලීසියකට පැමිනිල්ලක් කර නොමැති බවද එතුමෝ සිංහනාද කලෝය.

තමන් එදින උදෑසන එම විදුහලට ගියේ තමා ලියූ පොත් මිටියක්ද පොහොර උරයක දමාගෙන එම පොත් අස්සන ගසා විකිනීමට බවද සිසුන් පොත් ගැනීමට පොර කෑමේදී එක් සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා අවවාද කල බවද එසේම තමා ප්‍රබාකරන්ගේ පවා බෙල්ලෙන් අල්ලා "හොඳ මිනිහෙක් වෙයන් බොල කොල්ලෝ" කියා අවවාද කොට ඇති බවද "එහෙමයි සර්" කියා ප්‍රබාකරන් හිස නමා එම අවවාදය පිලිගත් බවත් අසහාය රණවිරුවා හැඟීම් බරව පැවසීය.

එසේ වුවද අල්ලේ පැලවෙන බොරු කිසිදු හිරිකිතයකින් තොරව ඇදබාන්නේ නම් රනවිරුවන්ටද දවසක කෙලවෙන බව ඔප්පු කරමින් අදාල ශිෂ්‍යයා විසින් කුරුඳුවත්ත පොලීසියට රණවිරුවාට විරුද්දව කල පැමිනිල්ලකට අනුව පසුගියදා එතුමා පොලීසියට කැඳවිනි.

ඒ අනුව "රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත...." යනුවෙන් නම් කෙරුනු තවත් මෙහෙයුමක් දියත් කිරීමට එතුමාට සිදුවිය. කුරුඳුවත්ත පොලීසියේදී සිසුවා සහ සිසුවාගේ මව සමඟ සමාදාන වීමට ඒ අසහාය රණවිරුවාට සිදුවිය. අහෝ දුකකි! කේදයකි!!

සමාදාන වීමෙන් පසුව පොලීසියෙන් පිටතට පැමිනි එතුමා දර්මපාල මාවතේ මාර ගහක් යට එරමිනිය ගොතා ඉඳගෙන පොත් විකිනීමට පටන් ගත්තේය. ඒ අතර එතනට පැමිනි පුවත්පත් වාර්තා කරුවන් අමතා එතුමා පැවසූයේ තමන් ජාතිය බේරාගත් රනවිරුවකු වන බවත් ඒ අනුසාරයෙන් තමන්ගේ හත්මුතු ප්‍රම්ප්‍රාවම රනවිරු ප්‍රම්ප්‍රාවක් වන බවත්ය. එසේම එම විදුහලේ ඉගෙනුම ලබන තම රනවිරු ඥාතිපුතකු හට තවත් රනවිරු නොවන සිසුවකු පහර දී ඇති බවත් ප්‍රබාකරන්ගේ බෙල්ලෙන් අල්ලා සෙලවූ තමන්ගේ ඥාති පුතෙකුට එසේ කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බවත් තමන් එදා විදුහලට ගියේ ඒ පිළිබඳව යුද හමුදා කාර්ය පටිපාටිය අනුව කටයුතු කිරීමට බවත්ය.

අදාල දිනයේ තමන් රටේවත් නොසිටි බවට කලින් පැවසූයේ සංග්‍රාමික උපක්‍රමයක් ලෙසට බවත් යුද හමුදා සංග්‍රාමික උපක්‍රම පිලිබඳව නොදන්නා පෘතග්ජනයින්ට ඒ ගැන පැහැදිලි කිරීම අපහසු බවත් පැවසූ එතුමා අවසන් වශයෙන් පැවසූයේ එසේ චේතිය ගජ බින්නයක් රටටම ඇසෙන සේ ප්‍රකාස කලද තමන්ගේ කෘතියෙහි ලියා ඇති සියලුදේ සම්පූර්න සත්‍යය බවට තමන් සහතික වන බවත්ය. එලෙසම මේ සිද්දිය පිලිබඳව නුදුරු අනාගතයේදීම "රෙණ මඟ ඔස්සේ කුරුඳුවත්ත පොලීසිය වෙත නොහොත් හත්පොලේ ගාගත් රනවිරුවාගේ කතාව" නමින් පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද එතුමා පැවසීය.

*******************************

නාවික හමුදාපතිගේ මාගම්පුර මෙහෙයුමදා මම පැවසූ "මහතුනි, කරුණාකර සවන් දෙන්න යුද මානසිකත්වයෙන් මිදීමට සුදුසු කාලය එළඹ ඇත" යන්න යලිත් පවසන්නෙමි. එලෙසම යුද ජයග්‍රහණයෙන් යම්තමට වසරක් ගෙවී ගිය කලක ටැබූ නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා වියුණුවෙහි පළවූ සටහනක සිරස්තලයද මේ අවස්ථාවේ සිහිපත් කරමි. 

"සොල්දාදුවෝ දැන් බැහැපන් කරෙන් බිමට"

40 comments:

  1. ආ, ඔහේ ඉන්නවද කෙලින්.
    මං හිතන් උන්නෙ කොහෙ හරි බීල වැටිල කියල.
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. වැටිල හිටියත් බේකිං නිවුස් එකක් එනකොට මිනිහ නැගිටිනව.

      Delete
    2. කෑගලු ඇනෝ,

      බීල වැටෙන්ට මොකෝ බොල අපි නත්තල් කාරයෝද? අපි ඇවිල්ල නිර්මල බවුද්දයො. ඔන්න වෙසක් එකට නම් ඔහොම ඇහුවත් කමක් නෑ.

      Delete
    3. ප්‍රසන්න,

      එහෙනං එහෙනං එහෙම තමයි අපි....:)

      Delete
  2. අඩේ ලංකාවෙ රණ විරුවෙක් පොතක් ලිවුවද. මං දන්නෙ නෑනෙ හිටං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ලිව්ව නේන්නං.... ගෙන්නගෙන කියවහං මතක ඇතුව ඔය කඩ බක්කියට වෙලා කුදගහගෙනම ඉන්නෙ නැතුව...

      Delete
  3. රෙන විරුවන්ට අපහාස නොකරනු.

    ReplyDelete
    Replies
    1. රසික,

      අනේ නෑ එහෙම තුන් හිතකවත් තිබ්බෙ නෑ....:)

      Delete
  4. ආණ්ඩුවක් කඩන්න අපි හදන්නේ...
    පොහොට්ටුවක් පුප්පන්නයි හදන්නේ...
    රණවිරුවන්ට ඇදකුද කිව් එවුන්නේ....
    රවී මාම ඇන ගන්නයි හදන්නේ...

    ඬෙඟ ඬෙඟ ඬෙං ඬෙඟ ඬෙඟ ඬෙං ඩකං ඩොං..

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි,
      ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි,

      Delete
  5. Replies
    1. දුමී,

      කෝ බොල කවිය?

      එම්බල දුමිය, තොපගේ කවි ගඟුලැල්ල සිඳී වියළී ගියෙහිද? අහෝ..අහෝ...අහෝ...

      Delete
    2. එම්බල රවිය,

      සතියක් දෙකක් ඔෆිසියෙ වැඩ පිරුණු නිසා
      දැනුමක් නොමැත ටීවිය නොබැලූව නිසා
      කවියක් ලියූවත් නුඹ අසරණ කෙරෙන නිසා
      ළකුණක් යෙදුවෙ මෙම ලිපියත් බැලුව නිසා.....

      දුක් නොමවන්න දරුව,

      ජයවේවා!!!

      Delete
  6. ඉන්දියාව අග්නි 5 යවන්න හදිස්සි උනේ ලංකාවෙ ගෝල්පේස් කිට්ටුව හදපු මිසයිල් එකේ ප්‍රොටෝටයිප් එක දැකල බයවෙලයි කියන එක ගැන මොකද කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අර්ජුනගෙ ගෝල්පේස් මිසයිලෙ නම ඇවිදිල්ල හිට බොල Condom - 1

      Delete
  7. නාවුක හමුදාපතිතුමා,නන්දිකඩාල් තුමා හෝ කවුරුන්හෝ උපහාසයට ලක් කිරීම ලේසියි.සරලයි.හිනා උනා...අමතක කලා.නමුත් මේ පිටිපස්සෙ තියන කතාව ගැනත් පොඩ්ඩක් හරි හිත යොමු කරන්නම වෙනවා.
    යුද්ධයට කයින් වගේම මනසින් සූදානම් කරලා,බිහිසුනු අත්දැකීම් වලට අපි වෙනුවෙන් මුහුණ දෙන්න අපි විසින් ඔවුන්ව 'පාවිච්චි' කලා.දැන් කොන්ඩම් එකක් වගේ විසිකරලා ඒකට හිනාවෙන එක ටිකක් අවුල් වගේ.
    දොස්තර රුවන් විසින් යෝජනා කරන වැඩසටහන් වැනි ඒවා ජාතික ප්රිතිපත්ති මට්ටමින් ක්රිදයාත්මක කිරීමට බලපෑම් එල්ල කිරීමට දැනටත් පරක්කු වැඩියි වගේ.ඒත්.. ඒක අපේ වගකීමක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Gus,

      /යුද්ධයට කයින් වගේම මනසින් සූදානම් කරලා,බිහිසුනු අත්දැකීම් වලට අපි වෙනුවෙන් මුහුණ දෙන්න අපි විසින් ඔවුන්ව 'පාවිච්චි' කලා.දැන් කොන්ඩම් එකක් වගේ විසිකරලා ඒකට හිනාවෙන එක ටිකක් අවුල් වගේ/

      එකඟ විය නොහැක. කවුරුවත් ඔවුන් 'පාවිච්චි' කලේ නැත.අපි කිසිවකු ඔවුන් බලෙන් යුදයට යැව්වේද නැත.

      ඔවුන් යුද නාවික හෝ ගුවන් හමුදාවන්ට බැඳෙන විට ඒ රැකියාවේ ඇති අවදානම නොදැන බැඳුනෝ නොවෙති.ඒ අවදානමට සරිලන ලෙස අනෙකුත් රජයේ සේවකයින්ට නොමැති, රට වැසියන්ට නොමැති බොහෝ වරප්‍රසාද ඔවුහු භුක්ති වින්දෝය. කිසිදු විරෝධයක් නොමැතිව අපි ඒ සියල්ලේ බරපැන දැරූවෙමු.

      යුද්ධය අවසන්විය.මම පවසන්නේ දැන් ඔවුන් යුද මානසිකත්වයෙන් බැහැරවිය යුතු බවය.

      Delete
    2. ඔව්.අපි ඔවුන්ව පාවිච්චි කලා.මුදල් ගෙවා පාවිච්චි කලා.කැමැත්තෙන් හෝ අසරණ කමකින් ඔවුන් පාවිච්චි උනා.

      අසනීප අවස්ථාවක දොස්තරව පාවිච්චි කිරීමද ගෙයක් හදන්න ඉංජෙක්ව පාවිච්චි කිරීම ද මෝල් කචල් වූ විට ගණිකාවක් පාවිච්චි කිරීම ද මේ හා සමඟාමී වේ.

      යුධ මානසිකත්වය (සිරාවටම.) ඇති කිරීම පහසුය.නමුත් යුධ මානසිකත්වය නැති කිරීම ඉතා අපහසු ය.ඒ සඳහා අනිවාර්ය සහායක් ලබාදිය යුතුම ය.මක්නිසාද යත් බිහිසුනු අත්දැකීම් වලට මුහුණ පෑ අයවළුන් ගේ මනස විශාල වශයෙන් කඩතොළු,තුවාල වලින් ගහන බැවිනි.
      තදබල රිය අනතුරකට ලක්වූ අයෙකු සුවදායී නින්දක් සඳහා කොතෙක් කල් පෙරුම් පුරනවාද?
      කෙසේ වුවත් ජීවිත අවධානම වැඩි රැකියාවක් කරන්නවුන් කෙරෙහි සල්ලි විසිකිරීමෙන් ඔබ්බට සලකා බැලිය යුතු පැතිකඩ ඇති බවත්,එය බලධාරීන් අමතක කර ඇති බවත්, ඒ නිසා සිවිල් සමාජය යම් ආතතියකට ලක්වෙමින් පවතින බවත් නම් පැහැදිලි ය.

      Delete
    3. @ ගස් ලබ්බ,

      ++++++.^Inf Mate!!

      Sad to see the keyboard heroes who were hiding under beds sending their wives to guard to school gates rises their heads to criticize everybody else!

      Delete
    4. /ඔව්.අපි ඔවුන්ව පාවිච්චි කලා.මුදල් ගෙවා පාවිච්චි කලා.කැමැත්තෙන් හෝ අසරණ කමකින් ඔවුන් පාවිච්චි උනා/

      ඉතා පැහැදිලිව පාවිච්චි වීම යන්නෙහි අර්ථ කථනය සම්බන්ධයෙන් ඔබ සහ මම සිටිනුයේ ස්ථාවර දෙකකය. නවක වදය පිළිබඳ සාකච්ඡාවේදීද නවක වදය යන වදනෙහි අර්ථකථනය සම්බන්ධයෙන් අප එකඟ නොවීමට එකඟවූ බව මට මතකය....:)

      /අසනීප අවස්ථාවක දොස්තරව පාවිච්චි කිරීමද ගෙයක් හදන්න ඉංජෙක්ව පාවිච්චි කිරීම ද මෝල් කචල් වූ විට ගණිකාවක් පාවිච්චි කිරීම ද මේ හා සමඟාමී වේ./

      සමගාමී නොවන්නේ අප අසනීපය සුවකල දොස්තර කරේ තබාගෙන නොසිටින බැවිනි.( සුළුතරයක් දොස්තරලා කරට ගැනීමට බොහෝ සේ ප්‍රියකරන බව සහ කරට නැඟීමට දොස්තරලාද බොහෝ සේ ප්‍රියකරන බව වෙනම කථාවකි. පොදු පිළිගැනීම එසේ නොවේ) එලෙසම ගෙය සෑදූ ඉංජිනේරුවාද ශාරීරික අවශ්‍යතාවය ඉටුකරදුන් ගණිකාවද අපි කරට ඔසවානොගන්නෙමු. ඔවුන්ගේ නියමිත ගාස්තුව ගෙවූ පසු ගනුදෙනුව අවසන්ය.

      /යුධ මානසිකත්වය (සිරාවටම.) ඇති කිරීම පහසුය.නමුත් යුධ මානසිකත්වය නැති කිරීම ඉතා අපහසු ය.ඒ සඳහා අනිවාර්ය සහායක් ලබාදිය යුතුම ය.මක්නිසාද යත් බිහිසුනු අත්දැකීම් වලට මුහුණ පෑ අයවළුන් ගේ මනස විශාල වශයෙන් කඩතොළු,තුවාල වලින් ගහන බැවිනි./

      සපුරා එකඟයි. එහෙත් ප්‍රතිකාර ගැන්මේ මූලික පියවර නම් තමන්ට අසනීපයක් තිබෙන බව පිළිගැනීමයි.එසේ නොමැතිවූවිට ප්‍රතිකාර කිරීම බොහෝ අපහසුය.

      /කෙසේ වුවත් ජීවිත අවධානම වැඩි රැකියාවක් කරන්නවුන් කෙරෙහි සල්ලි විසිකිරීමෙන් ඔබ්බට සලකා බැලිය යුතු පැතිකඩ ඇති බවත්,එය බලධාරීන් අමතක කර ඇති බවත්, ඒ නිසා සිවිල් සමාජය යම් ආතතියකට ලක්වෙමින් පවතින බවත් නම් පැහැදිලි ය./

      ආරක්ෂක හමුදා සාමාජිකයින්ට ප්‍රතිකාර ලබාදියයුත්තේ ඔවුන් ජීවිත අවදානම වැඩි රැකියාවක නිරතවන නිසා නොව ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය අනුවම මනුෂ්‍ය ඝාතනයෙහි අනිවාර්යෙන්ම යෙදෙන්නට ඔවුන්ට සිදුවන නිසාය. අනෙකුත් මිනිසුන් සතුන් වශයෙන් සළකා ඝාතනය කිරීමේ මානසිකත්වයෙන් ඔවුන් මුදවාගත යුතු නිසාය.

      දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රණවිරු මානසිකත්වය උඩ දමන්නන් කරනුයේ ප්‍රතිකාර අවශ්‍ය හමුදා සාමාජිකයින්ට බලවත් අවැඩකි.

      Delete
    5. Ano,

      /Sad to see the keyboard heroes who were hiding under beds sending their wives to guard to school gates/

      Well some time ago we had to send our wives to guard school gates to protect our children from terrorists. Then those terrorists were annihilated by our beloved රණවිරුවෝ.

      Now the cycle has come a full circle.Again we have to send our wives to guard school gates to prevent our රණවිරුවෝ entering school premises and attacking our children....What an Irony...:)

      Delete
    6. Well said Ravi.

      Delete
  8. රණවිරුවා යන ලේබලය දේශපාලකයන් විසින් හදාපු එකක්. අපිව කරේ තියාගෙන පලයල්ලා කියලා අපි කවදාවත් ඉල්ලුවේ නැහැ. අපිව කරේ තියා නොගත්තත් අපි සටන අතහැරියේත් නැහැ. ලැබුනේ මොනවද නොලැබුණේ මොනවද කියලා කියන්න ගියොත්, දිග කතා ගොඩක් එලියට ඇදෙනවා. රණවිරුවන් නමැති ලේබලය ගහලා, අපිව මාකට් කරලා, එයින් ප්‍රයෝජන ගත්ත කට්ටිය නිසා, අපෙන් පිරිසක්, තමන්ගේ උරහිසේ ඇඳිය යුතු තරු ඔටුණු, නළලේ ඇඳගත්තා. එයින් එක්කෙනෙක් මෙන්න මෙහෙම පොතක් ලිව්වා.

    ශ්‍රීලංකා යුද හමුදාව = ගජබා රෙජිමේන්තුව
    යුද්ධය = ගජබා රෙජිමේන්තුව
    රණවිරුවෝ = ගජබා රෙජිමේන්තුව
    සටන් කල එකම රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුව
    හොඳම රෙජිමේන්තුව = ගජබා රෙජිමේන්තුව

    තව බොහොමයි..........කියන්නට ලැජ්ජයි.............

    ඒ මංපොර මානසිකත්වය තමයි නැති කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඕන් පේනවනේ ඉතිං. අහලවලාගෙ යුද්ධය පොතේ එකක්, කලපුව ඔස්සෙ යුද්ධෙ පොතේ එකක්, අහවලාගෙ අධිෂ්ඨානය එකේ තව එකක්. මේව දැකල මමත් එකක් ලියනව කියල සද්දෙ දාපු ඇමතිතුමා ඉස්සරහට තවත් එකක් ලියයි. ලස්සනම වැඩේ ඔය පොත්වල තියෙන කවුරුත් කළේ එකම යුද්ධයක්.

      Delete
    2. විචාරක,

      ස්තූතියි ඔබට බොහෝසෙයින්ම.අපවන් හාන්සිපුටු විවේචකයින් මෙන් නොව යුද බිමෙහි සත්‍ය අත්දැකීම් අනුසාරයෙන් අදහස් දක්වන ඔබ වැන්නකුගේ කරුණු දැක්වීම ඉතාම වැදගත්බව යලි යලිත් කිවයුත්තක් නොවේ.

      /ඒ මංපොර මානසිකත්වය තමයි නැති කල යුත්තේ./

      හරියටම හරි. මට කියන්න ඕන කලෙත් ඒකම තමයි...:)

      Delete
    3. DDT,

      නෑ බං මට පේන්නෙ ඔය පොත් ලියාපු අය එක එක්කෙනා වෙන වෙනම යුද්ද කරන්ට ඇති එකත් එකටම....:)

      Delete
  9. මේ නිව්ස් එක දැක්කේ රවීගේ බ්ලොගයෙන්නේ. ඇත්තටම එහෙම වුනාද ? කෝ බන් අනිත් වෙබ්සයිට් වහලද? ඒ කිව්වේ විරුවා පොලෝසි ගිය එක.

    ReplyDelete
    Replies
    1. රෙණ මග ඔස්සේ නෝන්ඩි කඩාල් වෙලානේ. පව්. ඔය නෑදෑයෝ තමයි ගොඩක් මිනිසුන්ට හරහට හිටින්නේ. ඇයි මේ අය හැමතැන ම දොඩවනවා ඇතිනේ එයාල නෑදෑයෝ කියල.
      ලංකාවේ වීරයන් කියල සලකන අයට පස්සේ වෙන රූපාන්තරණ ඛෙද ජනකයි. අර්ජුන රණතුංග, මහින්ද. ෆොන්සේකා , රවී විජේ (නාහ), මෙයා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. වැඩේ කියන්නෙ අද ජොයින් වුන එකාටත් කියන්නෙ රණවිරුවා කියලනෙ.
    සිංහල භාෂාවෙ වචනාර්ථ දැන් සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා..
    ඕනම කෙනෙක් මැතිතුමා..
    දැන් සමහරු අනික් මිනිහට අමතන්නෙ ඔබතුමා කියල..
    මොකද නම කියල කතාකරන්න පුලුවන් කමකුත් නැහැ සර් කියන්න කැමතිත් නැහැ...
    අනිත් එක තනතුර හොබවනවා කියන එක..
    එහෙම හොබවන අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ඇති.
    අනේ මන්ද..
    හර්ෂ

    ReplyDelete
  11. යුද්ධ කරපු විරුවන්ට මෙහෙම අපහාස කරන එක වැරදියි. ඕනෙම මිනිහෙක්ගෙ අතින් වැරදි වෙනවා, එහෙමයි කියල මෙහෙම අපහාස කිරීම හෙලා දැකිය යුතුයි. අනික අර ඉස්කෝල කොල්ලට පොඩි තරවටුවක් කරල මිසක් ඌව ටයර් දාල පුච්චල නෑනෙ. අනික ඔය කොල්ල අහිංසකයෙක් වෙන්න බෑ, ඌ තක්කඩියෙක් වෙන්න ඇති. අපි ඉස්කෝලෙ යන කාලෙ කොහොම තක්කඩියොද හිටියෙ. අනික ඔය ආමි සප්ලයි යුනිට් හිටපු එවුන් පොර මානසිකත්වයෙන් බ්ලොග් ලිව්වට සැබෑ යුද්ධෙ කළ උන් එක්ක තරහයි. ඉතින් උන්ට හිත රිදෙනවා තමයි. ඒකනෙ ගජබා එක්ක ඔරොප්පු.

    ReplyDelete
    Replies
    1. මේකනේ මචං. මේ මිනිස්සු තමන්ගේ තත්වය තියාගෙන ඉන්න ඕනේ නැත්ද? ඔය බෙල්ලෙන් අල්ලපු තක්කඩි කොලුවා වුනත් මෙයාට අත් පුඩි ගහපු කෙනෙක් වෙන්න පුළුවන්නේ. නාවික හමුදාපති වගේම මෙයත් අනවශ්‍ය දේකටනේ ඇඟිලි ගහල තියෙන්නේ. තමන්ගේ ගෞරවය තමන්ම විනාශ කර ගන්න ඕනෙද?

      Delete
    2. පැහැදිලිවම

      Delete
  12. හුග දෙනෙකුට බලය (සිවිල්, දේශපාලන, මුදල්, ...) ලැබෙනකොට රටේ නීතිය අමතක වෙන රෝගය හැදෙනවනේ. මේකත් ඒ වගේ.

    ReplyDelete
  13. මිනිස්සු වීරකම් කරනවා. ඒත් වීරයෙක් වෙන්නේ ඒ වීරකම නිසාය.
    අපේ මිනිස්සු හරි ආසයි වීරයෙක් කියලා වඳින්න පුදන්න. කල වීරකම් අගය කිරීම හොඳටම ඇති නේද? ඔවුන් කරන අන් සියලුදේ කල වීරකමක් නිසා සාධාරනීයකරණය කිරීම/ සුදු හුණු ගෑම නිසා හා සදාකාලික වීරයන් ලෙස වැඳීම නිසා තමයි වීරයන් පසුව දුෂ්ඨයන් වෙන්නේ. වැදගත් කියා මිසක් පුද්ගලයින් නෙමෙයි. වීර ක්‍රියා වීරයි, දුෂ්ඨ ක්‍රියා දුෂ්ඨයි කවුරු කලත්

    ReplyDelete
  14. සදාකාලික වීරයන් නැත.

    ReplyDelete
  15. කරෙන් බැස්සුවට කමක් නැත හිතේ තැනක තියාගෙන

    ReplyDelete
  16. ඔය මම පොර පොත මමත් කියෙව්වා.පොත තුලින් ලබා ගත් ජනප්‍රිය භාවය තුලින් මිනිහා තවමත් හමුදා මානසිකත්වයේම ඉන්න බවකුයි පේන්නේ.ගිය සතියේ රාවය පත්තරේට මේ සිදුවීම ගැන "උඩුවා"ලියලා තිබුනා.පාසැල පවා පහරදුන් පුද්ගලයා වෙනුවෙන් පෙනි සිටීම කනගාටුදායකයි.රාවය පත්තරේම තව වර්තාවක තිබ්බා රාජපක්ෂ යුගයේ අවනිතික ක්‍රියා ගැන සාක්ෂි දෙන නාවික හමුදාවේ නිලධාරීයෙකුට විරුද්ධව නාවික හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක ලෙක්ම්වරයාගේ උවමනාව මත පරීක්ෂණ මණ්ඩලයකින් පරීක්ෂණයක් කරන බව.

    ReplyDelete
    Replies
    1. ඔය මිනිහා 1989 වැලිමඩ හමුදා මූලස්ථානයේ ලොක්කා වෙලා ඉන්නකොට ජේ වී පී කාරයන්ව මරලා බෙල්ල කපලා ඔලුව කෝටුවල ගහලා පාර අයිනේ හිටෙව්වා.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...