Friday, June 16, 2017

512. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 38 -රෝහණ අයියා, යසෝදරා සහ දස්කොන්-ප්‍රමිලා........


විහාරස්ථානයක බෝ ගසක බෝපත් කිහිපයක්
ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - ටී.ඩී.ආර්. ලක්මාල් (Picture.lk)
"ලාදළු බෝපත් සෙමෙන් සැළෙන සේ යසෝදරා දේවී..."

මේ දවස්වල ඇඟ පතට කිසිම ගතියක් නෑ. ඒකට හේතුව මෙහෙ මේ දවස්වල බල පවත්වන දේශපාලන අස්ථිරත්වයද නැත්නම් මේ දවස්වල තියන අධික උණුසුම් කාළගුණයද එහෙමත් නැත්නම් ඔය දෙකේම සම්මිශ්‍රණයක්ද දෙයියො තමයි දන්නෙ කොහොමින් කොහොමින් හරි හවස ගෙදර ආහම ආය ලැප් එක දිහා ඇහැක් ඇරල බලන්ට හිතෙන්නෙ නෑ. 

පහුගිය සතියෙම වගේ ඕ තොමෝට ස්කයිප් එකෙන් කතා කලෙත් පොහොං එකෙං ඔන්න කොටිම්ම.

"ආ..දැං ෆෝන් එකෙන්මයි නේද කතාව?" අද ඒ අම්මණ්ඩි කතාව පටන් ගත්තෙ ඔහොම කියල. 

"ඔව් අනේ..හවස ඇවිල්ල තේ එකක් බීල ටිකක් ඇලවුනා. දන්නෙම නැතුව නින්ද ගියා. ඔයාගෙ කෝල් එකේ සද්දෙට තමයි ඇහැරුනෙ."

"මම කතා කරපු එකත් හොඳයි එහෙනං නේ?"

"එහෙනං එහෙනං මොනවද මේ කතා?..ඉතිං? ඉතිං? මොනවද තොරතුරු? අර මොකක්ද රැස්වීමකට යනව කිව්ව නේද අද හවස? ගියාද?"

"ගියා ගියා ටිකක් හවස් වුනා එනකොට…."

"ආ...ඒ මොකෝ? වෙනද හතරහමාර පහ වෙනකොට ඔයාලගෙ ඔය රැස්වීම් ඉවර වෙනව නේද?"

"ඔව් අනේ ඒත් අද මේ පොඩි ප්‍රශ්නයක් වෙලා රැස්වීම ටිකක් ඇදුන.."

"ඈ? ප්‍රශ්නයක්? ඒ මොකක්ද?"

"නෑ මේ රෝහණ අයිය පහුගිය ක්‍රීඩා උත්සවේ අයවැය හරියට පිළිවෙලට නෑ පොඩි කචල් එකක් දැම්මනෙ"

"හෙහ්,හෙහ්, ආය අහන්ඩත් දෙයක්ය? ඔය මනුස්සයට ඉතිං අයුක්තිය අසාධාරණේ කියන එක පෙන්නන්ට බෑනෙව..මම දන්නෙ නැද්ද රෝහණගෙ හැටි"

රයිට් දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕමනයි. නැත්තං ඔබ තමුන්නාන්සේලා නිකං අර වාචාල චතුරයගෙ කතන්දරයක් අහගෙන හිටිය වගෙ උතුර දකුණ මාරුවෙලා තුස්නිම්බූත වෙලා ආලකමන්දා වෙලා යන මම දන්නව. 

හරි ඒ පැහැදිලි කිරීම නොහොත් පාපෝච්චාරණේ මෙන්න මෙහෙමයි. අපේ ඔය ඕ තොමෝ ඇවිල්ල සමාජ සේවයට කප් ගහපු ලලනාවියක්. දේස දීපංකරවල පවා ඇගේ ශ්‍රී නාමය ඒ අතිං ජනාකීර්ණයි. ජනප්‍රියයි. ඇගේ ඔය සමාජ සේවා කටයුතු ගැන දවසක් මම කලිනුත් ලිව්ව. 


ඉතිං අපෙ ඔය උන්දැ සමිති සමාගම් බර ගාණක නිලතල දරනව. ඉතිං ඔව්වැයෙ රැස්සීං වලට එහාට මෙහාට දුව පනින්ට ගියාම ඔවුන්දැට දවසෙ පැය විසි හතර මදි.

දැන් මේ ඔය ළමයි හොඳ විස්වාසෙට ගන්ට පහුගිය අවුරුද්දෙ මම මාසෙක නිවාඩුවකට ඇහිල්ල ගියානෙ. ඒ මාසෙං ඔන්නං මැක්ස් දවස් පහක් නැත්තං හයක් ඔවුන්දැත් එක්ක නිවී සැනසිල්ලෙ වචන දහයක් කතා කරන්ට ඇති. අනික් හැම දවසම මෙවුන්දැ උදේම ලෑස්ති වෙලා ඔන්න දොට්ට බහිනව.

"මේ මම දවල්ටත් එක්ක උයල තියෙන්නෙ හොඳද? අර ඉඳිආප්ප තියනව පොල් මැල්ලුමත් එක්ක ඒ ටික උදේට කන්ට. දවල් මම එන්ට පරක්කු උනොත් බත් බෙදාගෙන කන්ට. මම එනකල් ඉන්ට එපා."

එහෙම කියල දොට්ටත් බැහැල ආයම ආපහු හැරෙනව.. 

"ආ..මට කියන්ටත් බැරි උනානෙ. අද අපේ ප්‍රවීණයන්ගෙ ක්‍රීඩා සංගමේ විසේස මහ සබා රැස්වීමක්. ඔයා අද කොහෙවත් යන්නෙ නෑ නේද?"

"දැනට නම් එහෙම කල්පනාවක් නෑ. ඇයි එහෙම ඇහුවෙ?"

"ඔයා මේ දවස්වල ඇවිල්ල ඉන්නෙ කියල මම කිව්වම්, රෝහණ අයියල කට්ටිය ඔයාව බලන්ට එන්ට ඕනය කියලත් කිව්ව. සම් ටයිම්ස් රැස්වීම ඉවර වෙලා එන්ට බැරිත් නෑ කට්ටියත් එක්කම හිහ්..හිහ්…"

ඔය රෝහණ අයිය කිව්වෙ අපට වැඩිය අවුරුදු පහක් හයක් වගෙ වැඩුමල් මනුස්සයෙක්. හරිම අවංක ඒ වගේම හිත හොඳ මනුස්සය. අපෙ උන්දැ නුවරට මාරුවෙලා ආපු අලුතම ඔය ප්‍රවීණයන්ගේ (Veterans) සංගමේ වැඩ කටයුතු වලට ගිහිල්ලයි ඔය රෝහණ අයියව අඳුනගත්තෙ.

පස්සෙ අපි අර ඉස්කෝලෙ ක්වාටර්ස් වල ඉන්න කාලෙ දවසක් එහෙටත් ඇවිල්ල තේකක් කාරිය බීල ගියා. ඒ කාලෙ මගෙ ඔය පොත් පත් හරියාකාරව තියන්ට තැනක් නැතුව කෑම මේසෙ උඩයි, ටී.වී. එක උඩයි, ෆ්‍රිජ් එක උඩයි. ඒ මදිවට සාලෙ මුල්ලක කඩ්බෝඩ් පෙට්ටියක් මුනිං අතට තියල ඒක උඩත් පොත් ගොඩගහල තිබ්බ කිව්වම...හෙහ්,හෙහ්

ඒක දැකල රෝහණ අයිය පොතක් දෙකක් පෙරළල එහෙමත් බැලුව…"ආ..මල්ලි ගොඩක් පොත් කියවනව වගේ.."

"දන්නෙ නැද්ද අයියෙ ඉතිං ඔය?..පොඩි කාලෙ ඉඳලම මගෙ පුරුද්දක් ඒක...හෙහ්,හෙහ්,"

"හෙහ්..හෙහ්..ඒක හොඳයි..මල්ලි කියවනව විතරද? ලියන්නෙ එහෙම නැද්ද?"

"ම්ම්ම්..ඔය කෙටිකතා කවි එහෙම නම් ඉඳහිටල ලියනව අයියෙ…" මම එහම කිව්ව.

"ආ..ඒක හොඳයි..මල්ලිට වෙලාවක මම කියන්නංකො මගෙ ජීවිත අත්දැකීම්...මල්ලිට හොඳ කතාවක් ලිව්වැකි ඒකෙං…"

"ඔව් ..ඔව්...ඔව්.. මට ආරංචියි...මට ආරංචියි" මම අපෙ ඕ තොමෝ දිහා බලල හිනාවුනා.

"ඔය රෝහණ අයිය ඔයා දන්නවද 88/89 කාලෙ ආමි එකෙන් අල්ලගෙන ගිහිල්ල මාස හයක් විතර තියාගෙන ඉඳල යන්තං බේරිල ඇවිල්ල තියෙන්නෙ" ඕ තොමෝ මට කලින් දවසක එහෙම කියල තිබ්බ.

ඊට මාස දෙහෙකට වගෙ පස්සෙ බෝගම්බර ක්‍රීඩාංගණයෙ තිබ්බ අපෙ උන්දැලගෙ සංගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල. රෝහණ අයිය කලේ මීටර් හාරසීය. හාරසීය පලමු ස්ථානය එහෙම දිනල ක්‍රීඩාගාරයෙ පිටිපස්සෙ බංකුවක ඉඳගෙන රෝහණ අයිය මට ඔහුගේ ජීවිත අත්දැකීම් ගැන කිව්ව. ඒ අනුසාරයෙන් කෙටි කතාවක් ලියන්ට මගෙ හිතේ කාලෙක ඉඳල තියනව මහ මෙරක් වගේ.....

වසර විස්සක වගෙ ඉතාම කෙටි කාලයක් තුල ඇතිවුනු තරුණ සන්නද්ධ අරගල දෙකක් ඊට අමතරව ඒ සමඟම තිස් වසරක් පුරා ඇදීගිය පසුව අති බිහිසුණු යුද්ධයක් බවට රූපාන්තරණය වූ ජනවාර්ගික අරගලයක් අත්විඳි රටක ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ කලා කෘතීන්ගේ දුර්ලභත්වය පිළිබඳව මේ පහුගිය දවස්වල මම කොහේ හෝ පුවත්පතක හෝ අන්තර් ජාලයෙ පලවූ අපූරු ලිපියක් කියෙව්ව. මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්.

"ළාදළු බෝපත් සෙමින් සැළෙනසේ යසෝදරා දේවී, 
වාවනු බැරි තැන රහසේ හැඬුවා,
පෙර සංසාරේ ඇසුර මතක්වී…"

යසෝදරාවෝ හඬා වැලපුනේ ලාදළු බෝපත් සෙමින් සැලෙනසේය. යසෝදරා ගේ හැඬුම කෙබඳුදැයි අසන්නට මද සුළඟක් සේම ඒ මද සුළඟේ සෙමෙන් සැළෙන්නට ලාදළු බෝපත්ද අත්‍යාවශ්‍යය. ලාදළු බෝපත් නොමැත්තේනම් මද සුළඟ කොපමණ හැමුවද ඒ සිලි සිලිය අසන්නට අපට නොහැකිවනු ඇත.

ජීවිත කාලයක් ඇහුවත් අපෝ නොවෙන ගීයක්..සුට්ටක් අහලම ඉම්මුකො.
 



මේකෙත් ඉන්නෙ පූජා උමාශංකර්. මේ දස්කොන්- ප්‍රමිලා කතාව...

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී............

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ..........

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ........





පලි- අපේ දයා මහත්තය දෙතුන් පාරක්ම අහල තිබ්බනෙ "කෝ රවී ගුරුවරිය ගැන ලියන්නෙ නැද්ද?" කියල...ඒ හින්දමයි අද මේ ලිව්වෙ..

අර තාපසයගෙ කතාව ගැන අහල තිබ්බ සයුරි නෝම් මහත්තය. ඒ වගේම තව කතාවකුත් එක්ක ඒක ලියන්නං එහෙනං ලබන සැරේ..හොඳේ නෝනෙ?

58 comments:

  1. //වාචාල චතුරයගෙ// - එහෙම කියනවද යකෝ වැදගත් මිනිස්සුන්ට ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      වැදගත් නේද? ඒකත් එක අතකට හරි තමයි.මොනව උනත් රාජිතයගෙ බෝක්කු කටම තමයි තියෙන්නෙ...Literally as well as metaphorically...:)

      Delete
  2. මාත් හරිම මනාප සිංදු දෙකක් තමයි ඔය.... දස්කොන් - ප්‍රමිලා සිංදුව අහද්දී මට මගේ ඉස්සර ආත්මයකුත් මතක් වෙනවා.....

    පොල් මැල්ලුම් කියන්නේ පොල් සම්බෝලද ?

    ReplyDelete
    Replies
    1. පොල්මැල්ලුම හදන්නේ කහපාටට. පොල් මලවනවා. රෙසිපි එකේ හැටියටද මන්ද මම නම් කැරට් , බෝංචි එහෙමත් දාල ගොරක වලින් තම්බනවා. වඩාත්ම ගැලපෙන්නේ ඉදිආප්ප වලට තමයි.

      Delete
    2. සූටික්කා,

      /දස්කොන් - ප්‍රමිලා සිංදුව අහද්දී මට මගේ ඉස්සර ආත්මයකුත් මතක් වෙනවා...../

      අර ගහලය නේද? උඹෙ පෙනුමත් ටිකක් වගෙ තියනව නම් තමයි...හෙහ්,හෙහ්,

      Delete
    3. ලිඛිතා කෘෂෙව්,

      ( වැදගත් - නිඛිතා කෘෂෙව් කියන්නෙ සෝවියට් දේශයෙ ස්ටාලින්ට පස්සෙ හිටපු නායකයා )

      ආන්න...හරි එහෙම තමයි පොල් මැල්ලුම හදන්නෙ...ඕකට කූනිස්සොත් දාන්ට ඕන...එතකොට තමයි නියම රහ එන්නෙ...

      ෂෙහ්..උඹත් දන්න දේවල්...මම හිටියෙ උඹට ඇහැක්කෙ "Crazy as a shithouse rat" ෂානරයෙ කවි ලියන්ට විතරයි කියල...හෙහ්,හෙහ්,

      Delete
    4. Sutikka,

      /පොල් මැල්ලුම් කියන්නේ පොල් සම්බෝලද ?/

      ඔන්න හදන විදිහත් එක්කම පින්තූරයක්...:)

      Delete
    5. පොල් මැල්ලුමට කූනිස්සෝත් දානවා.. එතකොට රහයි..

      Delete
    6. මක් කිව්වා? 'නිඛිතා' නෙවෙයි ලිඛිතා!! ඔන්න මම නොකිව්වයි කියන්ටෙපා හරිද? හුහ්

      Delete
    7. ලිඛිතා,

      හරි හරි බං උඹ ලිකිතා තමයි. මම කිව්වෙ නිකිතා කියල රුසියන් නායකයෙක් හිටියය කියල විතරයි...:)

      Delete
  3. [ "හෙහ්..හෙහ්..ඒක හොඳයි..මල්ලි කියවනව විතරද? ලියන්නෙ එහෙම නැද්ද?"

    "ම්ම්ම්..ඔය කෙටිකතා කවි එහෙම නම් ඉඳහිටල ලියනව අයියෙ…" මම එහම කිව්ව.]

    හැබෑට??? මේ මොන කාලේද අප්පා.. දැන් ඇහුවොත් ලියන මාගල් ගැන ඇත්ත කියනවද?

    [මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්.]

    මේ කොටසින් පස්සේ එකපාරටම යසෝධරා අඬන්න ගත්තේ මොකද අනේ? වට්ටක්කයි , කොණ්ඩ කටුයි වගේනේ?? එක අතකට පුදුමෙකුත් නැහැනේ. මේ වගේ කම්බිනේෂන්මනේ මේකේ ඔබතුමා ලියන්නේ.. නැද්ද?

    සින්දුව නම් ඉස්තරම්... කවදාවත් එපාවෙන්නේ නැහැ තමයි.


    දැන් බලමුකෝ මේකත් හින්දි නාට්ටියක් වගේනේ... ප්‍රධාන නිළිය ඉන්නේ මුල කොටසේ විතරයි. ඊට පස්සේ සෙසු චරිත වල අතුරු කතා වලින් තමයි දුවන්නේ. අර 'සිදූ' කියලා උලව්වක් තියෙන්නේ... ඒකෙත් සිදූ පැත්තක... අර හාමුදුරෝවොනේ ෆුල් ගේම් එක අදින්නේ...

    කමක් නැහැ ඉතින්.. කම්මැලිකම හින්දනේ... පවුනේ....

    අරෙහෙ ක්‍රිෂ් ඉන්නවා මාමණ්ඩි ෂේප් කරගන්න දැන් මාසයක් විතර බලාගෙන.. ඒ මදිවට කීදෙනෙක් එක එක තැන්වලද? යහපාලනේ නිසා බැනලත් බෑ !

    ReplyDelete
    Replies
    1. [වසර විස්සක වගෙ ඉතාම කෙටි කාලයක් තුල ඇතිවුනු තරුණ සන්නද්ධ අරගල දෙකක් ඊට අමතරව ඒ සමඟම තිස් වසරක් පුරා ඇදීගිය පසුව අති බිහිසුණු යුද්ධයක් බවට රූපාන්තරණය වූ ජනවාර්ගික අරගලයක් අත්විඳි රටක ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ කලා කෘතීන්ගේ දුර්ලභත්වය පිළිබඳව මේ පහුගිය දවස්වල මම කොහේ හෝ පුවත්පතක හෝ අන්තර් ජාලයෙ පලවූ අපූරු ලිපියක් කියෙව්ව. මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්.]

      https://kadadasikole.blogspot.com/2016/10/blog-post_89.html

      https://kadadasikole.blogspot.com/2017/03/70.html

      Delete
    2. නිල් කට්රොල් මලක් තියාගෙන සීගිරිය පැත්තෙ කෙල්ලෙක් කෝච්චියට පනින්න බලාගෙන ඉන්නවලු.

      Delete
    3. /මේ කොටසින් පස්සේ එකපාරටම යසෝධරා අඬන්න ගත්තේ මොකද අනේ? වට්ටක්කයි , කොණ්ඩ කටුයි වගේනේ?? එක අතකට පුදුමෙකුත් නැහැනේ. මේ වගේ කම්බිනේෂන්මනේ මේකේ ඔබතුමා ලියන්නේ.. නැද්ද?
      /

      ඇයි බං එතන කොනෙක්සන් එක තේරෙන්නෙ නෑ?

      /මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්./

      /යසෝදරාවෝ හඬා වැලපුනේ ලාදළු බෝපත් සෙමින් සැලෙනසේය. යසෝදරා ගේ හැඬුම කෙබඳුදැයි අසන්නට මද සුළඟක් සේම ඒ මද සුළඟේ සෙමෙන් සැළෙන්නට ලාදළු බෝපත්ද අත්‍යාවශ්‍යය. ලාදළු බෝපත් නොමැත්තේනම් මද සුළඟ කොපමණ හැමුවද ඒ සිලි සිලිය අසන්නට අපට නොහැකිවනු ඇත./

      Got it?

      Delete
    4. ප්‍රසන්න,

      /නිල් කට්රොල් මලක් තියාගෙන සීගිරිය පැත්තෙ කෙල්ලෙක් කෝච්චියට පනින්න බලාගෙන ඉන්නවලු./

      සිහි කැඳවීම පිළිබඳ මගේ බලවත් ස්තූතිය!

      කවුද බං ඒ යෝදිගෙ නම? අනසූයාද කොහෙද නේ?

      Delete
    5. [නිල් කට්රොල් මලක් තියාගෙන සීගිරිය පැත්තෙ කෙල්ලෙක් කෝච්චියට පනින්න බලාගෙන ඉන්නවලු]
      සෙල්ෆියක් නැතුව?

      දැන් යසෝධරා කම්පනය උනා කියනෙකද කියන්නේ? මම නම් ඒක අර්ථදක්වන්නේ මෙහෙම

      ලා දළු බෝපත් මොනතරම් හුළඟක් ආවත්, සැලෙන්නේ අනික් ගස් වගේ නෙවෙයි. 'සිලි සිලි' කියලා සිහින් සද්දයකින්. ඒ සද්දය බොහොම නිවිච්ච කෙනෙකු මහාමෙරක දුකක් දරාගෙන ඉන්නවා වගේ.

      අපේ බෑඟිරි ගෑවිල්ලක් වගේ නෙවෙයි කියලනේ ඔය කියන්නේ.

      Delete
    6. [කවුද බං ඒ යෝදිගෙ නම? අනසූයාද කොහෙද නේ?]

      අහල්‍යා... !

      කොහෙද ඉතින් සුජීව පොසන්නාරච්චිගෙන් නේ නම ගන්න ඇත්තේ. දිවත් උලුක් වෙනවා.

      Delete
    7. Likhitha,

      /ලා දළු බෝපත් මොනතරම් හුළඟක් ආවත්, සැලෙන්නේ අනික් ගස් වගේ නෙවෙයි. 'සිලි සිලි' කියලා සිහින් සද්දයකින්. ඒ සද්දය බොහොම නිවිච්ච කෙනෙකු මහාමෙරක දුකක් දරාගෙන ඉන්නවා වගේ. /

      Yeeeees, exactly...hitting the nail on the head...:)

      Delete
    8. Likhitha,

      /කොහෙද ඉතින් සුජීව පොසන්නාරච්චිගෙන් නේ නම ගන්න ඇත්තේ. දිවත් උලුක් වෙනවා./

      look who is talking... you think Likhitha is easy on the tongue? my foot!

      Delete
  4. හිතා බලන්නට බොහෝ දේ ලබා දුන් කදිම ලිපියක්

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි පපුව හෝස් ගාල ගියා

      Delete
    2. ඒ වගේ වෙලාවට ආර්පිකෝ හෝස් එක පාවිච්චි කිරීමෙන් අනතුරු වලක්වාගන්න පුළුවන්

      Delete
    3. මගේ යාලුවෙක් ආර්පිකෝ හෝස් පාවිච්චි කරන්ට ගිහිල්ලා මළා

      - යාලුවො මැරෙන ඇනෝ -

      Delete
    4. බුරාගෙ යාලුව හෝස් එකෙන් බෙල්ලෙ වැල දාගන්න ඇති.

      Delete
    5. /AnonymousJune 16, 2017 at 8:46 AM/

      Thanks..

      Delete
    6. පපුව හෝස් ගාල ගියපු ඇනෝ,

      මගෙත් නිතරම ඔහොම වෙනව අනේ..:)

      Delete
    7. ආර්පිකෝ ඇනෝ,

      ආර්පිකෝ සමඟ පෙරටම...:)

      Delete
    8. බූරා,

      හැබෑට යාලුවො මැරෙන ඇනෝ කාලෙකින් දැක්කෙ නෑ. ඌත් මලාද මන්ද...:)

      Delete
    9. හා හා :) රවියම ද දන්නෙත් නැහැ

      Delete
  5. මමත් පටන් ගන්නවා සීරීස් එකක්. අහවලා සමඟ මොකද්ද එක කියලා. මුල ඡේදයෙම අහවලා බයි බයී කියල කොහෙහරි යවනවා. ඊට පස්සේ වෙන දේවල්. හරි ලේසියි ඒ ඡාණරය. වැඩේ තියෙන්නේ උඹ මොනව හරි වචන ටික ඔහේ ලියාගෙන ගියත් ඒකත් කියවල රස විඳින්න පුළුවන්. අපිට කොහෙද ඒවගේ දක්ෂකමක්. ඒක නිසා ඔන්නොහෙ නොලිය ඉන්නව.

    ReplyDelete
    Replies
    1. Ian,

      /හරි ලේසියි ඒ ඡාණරය /

      නිවැරදි වචනෙ ෂානරය බොල...:)

      Delete
    2. සම්බෝල තරඟයේ පලවෙනි තෑග්ග රවියට නේද ඉයන්?

      Delete
  6. //ලැප් එක දිහා ඇහැක් ඇරල බලන්ට හිතෙන්නෙ නෑ.// හිතන්න දෙයක් නෑ බොල ඇහැක් වහගෙන බලන එකයි ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඇස් දෙකම වහගෙනවත් බලන්ට හිතෙන්නෙ නෑ බං

      Delete
  7. මහනෙනි දෙදෙනෙක් එක මග නොවඩින්න
    මුල මැද අග....
    එහෙම එකක් මතක් වුනා මේක කියවල :)

    රශ්නෙ නම් වැඩියි ඒ අස්සෙ දවල්ට කඩේකින් කිසිදෙයක් නිදහසේ කන්න බොන්නත් බෑ ගොඩක් තැන්වල මේ මාසෙ :(

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      /මහනෙනි දෙදෙනෙක් එක මග නොවඩින්න/

      ඉස්සර කාලෙ හිටියලු ගෙවල් වලටම ගිහිල්ල ඕඩර්ස් ගන්න ටේලර්ල. එහෙම ටේලර්ලටයි ඔය කියල තියෙන්නෙ...:)

      Delete
  8. අඩුම ගානෙ ගුරුවරී බොට උයල තියල ගියැයි කියපු එකම මදැයි මේ එපිසෝඩ් එකට. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අන්න ඒකනෙ අපි ඇවිල්ල කොහොම උනත් අවම පිරිවිතර ( Minimum specifications ) වලටවත් වැඩ කරනව....:)

      Delete
  9. //මල්ලි කියවනව විතරද? ලියන්නෙ එහෙම නැද්ද?// ඒ මනුස්සය මේ බ්ලොග් එක දැක්කනං එහෙම ග්ලයිපොසේට් කාල බෙල්ලෙ වැල දාගෙන කෝච්චියට පැනල මැරෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /ඒ මනුස්සය මේ බ්ලොග් එක දැක්කනං එහෙම /

      ඇයි???? දැක්කනං මොකද?

      Delete
  10. බෝපත් සැලෙන හඬකට සමවෙන්න තරම්
    ඈටත් නොදැනීම කඳුලක් වැටෙන තරම්
    කාටත් ඇහෙනවිට හදවත සැලෙන තරම්
    තාමත් ගීතයට ප්‍රියවෙමි එදා තරම්......

    ජයවේවා!!!

    ReplyDelete
  11. වෙනදා වගේම මේ ලියලා තියෙන්නේ මුල මැද අග අපූරුවට ගලපලා! මොනවා උනත් සින්දු දෙක නම් අපූරුයි. අන්න ඉයන් ලොක්කා තරඟයක් පටන් අරන් තියෙනවා. ඔහේට නම් අගේට ගැලපෙනවා ඒක.

    ReplyDelete
    Replies
    1. Udaya,

      /අන්න ඉයන් ලොක්කා තරඟයක් පටන් අරන් තියෙනවා. ඔහේට නම් අගේට ගැලපෙනවා ඒක./

      I am the Judgement there...Huh

      Delete
  12. පොත් ලිවීම?? hmmm

    ReplyDelete
  13. මාත් ආස සිංදුවක් තමා දස්කොන් ප්‍රමිලා සිංදුව...

    ReplyDelete
  14. මේ ගුරුවරී ගැන තියන මාතෘකාව අවභාවිත කරනවට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්න වෙනව දැන් :)

    වැඩිය කියන්න දෙයක් හිතා ගන්නත් බෑ මේ අරහෙන් ටිකයි මෙහෙන් ටිකයි ලිපියට...

    ReplyDelete
  15. ඔය මුලම පොටෝ එකේ තියෙන බෝ පත් ටික හරියාකාරව සැලුන නං අපට එයිට එහායිං ඉන්න බැනියමක් ඇඳි කත බලන්න තිවුනා. ඉස්ටූටියි.

    ReplyDelete
  16. මන් කතාව කියවලා ඉවර වුණා ඊට පස්සෙ මුල තිබ්බ දේ මතක් කරා ෂුවර් නෑ මුල ඉදන් ආයෙත් එන්න ඕනෙ මේ ඒ කතාවදම බලන්න. මොනා උනත් කියෙව්වා..රසවින්දා...

    ReplyDelete
  17. අර පූජා උමාශංකර් ඉන්න රූප රාමු ජැක්සන් ඇන්තනිගේ දස්කොන් එකෙන් නේද? එතකොට අනිත් එක කුස පබා එකෙන්.

    මන් නම් දැන් මෙතුමගේ ලිපිවල මාත්තුරුකා කියවන්නේ නෑ

    තාපසයගේ කතාව බලලම ඉමුකො එහෙනං

    ReplyDelete
  18. කියෙව්වා... අර සිංදුවට මමත් කැමතියි... මුල මැද අග ටොප් එකට ගලපලා ඈ...

    ReplyDelete
  19. අලේ මල්දල්ලෑ අලේ
    අදත් ලෑ
    :-D :-D :-D :-D
    පූජ ලස්සනද සුනිල් මහ්තැංට පික්ෂු තද වුණ වෙලාවක එයා දැකල තියෙම්නෙ

    ReplyDelete
  20. Sorry, කියවන්න ටිකක් ප්‍රමාද උනාට.බිරින්දෑ ගැන අපුරු විස්තරයක්නේ ලියලා තියෙන්නේ.

    /මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්./

    මේ කාරණය හරිම වැදගත්. ඒ කම්පනය ඇතිකරවන සංවේදී කෘති තවම බිහිවෙලා නැහැ. තිබෙන පොත් කිහිපයත් බොහෝ දුරට ඒක පාර්ශ්වික බවයි පෙනෙන්නේ. හැත්තෑ ගණන්වල සමාජ විෂමතා කැරැල්ලත් අසු ගණන්වලදී පටන්ගත් ජනවාර්ගික යුද්ධයත් පිලිබඳ තොරතුරු, ඔබ සඳහන් කළ ඒ කම්පනය ඇතිකරවන ආකාරයට එළිදරව් කළ හැකි blog ලියන අයත් ඇති නේද?

    ReplyDelete
  21. කුමාර කළුආරච්චි හෙවත් බ්ලොග් ලෝකයේ විකෘති කාමාතුරයා


    මල්ලේ පොල් නම් බ්ලොගය ලියන සරස හෙවත් කුමාර කළුආරච්චි වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. ඔහු සෙන්ට්‍රල් සහ ආසිරි යන රෝහල් වල පුද්ගලික සේවයේ නියැලෙන අතර රජයේ සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකි.

    මෙම කුමාර කළුආරච්චි නම් පුද්ගලයා තම බ්ලොගයෙන් සෙසු බ්ලොග්කරුවන් වන අජිත් පැරකුම් ජයසිංහ ,රසික සූරිය ආරච්චි, අජිත් ධර්මකීර්ති , අරුණි ෂැපීරෝ යනාදීන්ට අසභ්‍ය වචන පවසන අතර ඉන්ද නොනැවතී ඔවුන් ගේ ළමුන් ද සම්බන්ධ කරගෙන ගුජුප්සාජනක ලෙස ලිංගික කතාද ලියයි.

    පෙනී යන පරිදි මෙම කුමාර කළුආරච්චි නම් තැනැත්තා තදබල ලිංගික අසහනයකින් පෙලේ. මොහු දත් පුරවා ගැනීමට එන තරුණ කාන්තාවන් ගේ ඇඟට හේත්තු වන බවද සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල් වල හෙදියෝ පවසති. විශ්වාසදායක ආරංචියක් පවසන පරිදි මෙම කුමාර කළුආරච්චි නැමැත්තා තම දියණියට කරන ලද ලිංගික අපචාරයකින් පසුව ඔහුගේ බිරිඳ කුමාර කළුආරච්චිව දික්කසාද කොට දියණිය ඔහුගෙන් වෙන් කරන ලදි. තවද මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ Registered Sex Offender හෙවත් ලියාපදිංචි කරන ලද ලිංගික වරදකරුවෙකි. ඒ නිසා මොහුට ඕස්ට්‍රේලියාවට ඇතුළු විය නොහැක​.

    මෙම පුද්ගලයාගේ සාවද්‍ය ක්‍රියා සම්බන්ධයෙන් සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්ටද දන්ත වෛද්‍යවරුන් ගේ සංගමයටද ( ලිපිනය : Professional Center, 275/75, Prof.stanley Wijesundara Mawathe, Off Bauddahloka Mw, Colombo 07) දැනුම් දිය හැකිය​.

    ReplyDelete
  22. ලස්සන සිඩදු දෙකක් ගැන කියල තියෙන්නේ...

    ReplyDelete
  23. සිංදු දෙක නම් මමත් බොහොම මනාප සිංදු දෙකක්. ඒ උනාට ඒ දෙක ප්‍රස්තුතයත් එක්ක ගැලපෙන්නෙ අහවල් ආකාරයටද කියලයි මම මේ දහ අතේ කන්පනා කරන්නෙ. ඒත් ඉතිං උඹේ කතා එක්ක බැලුවම ඒකෙත් පුදුමයක් නෑ. නැද්ද මං අහන්නෙ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...