මහනුවර දළඳා පෙරහැරේ දසුනක් ප්‍රති නිර්මාණය කල සිතුවමක් ඉහත දැක්වේ. - Google images |
රමසාන් උපවාසය අවසන්වුනේ ඊයෙ. ඊයෙ හඳ දැක්කට පස්සෙ. අද ඉඳල අපිට දවස් තුනක් නිවාඩුයි. මේ නිවාඩුව ඇතුලත අර තාපසයගෙ කතන්දරේ ලියනවයි කියල මම පොරොන්දු වුනානෙ. අපි ඇවිල්ල පොරොන්දුවක් උනොත් ආය නෑ බෙල්ල ගහල ගියත් ඉස්ට කරනව. යහ පාලනේ වගේම තමයි...හෙහ්,හෙහ්, අර කඩදහි කොලේ කියල බ්ලොග් එකක් ලියන ලිකිතා නෝනා මට පහුගියදා නෝන්ඩියකුත් දාල තිබ්බ. ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.
ඉතිං ඒ නෝනගෙ චෝදනාව ඇත්තක් වෙන්ටයි යන්නෙ. ඒ කිව්වෙ තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව. හරි..හරි..ඉන්ටලාකො පොඩ්ඩක් විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු ඉදිරිපත් කරන කල්. මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ඒ ඇවිල්ල මිනීමරුවෙකුගෙ අනුල්ලංඝනීය අයිතිය. ඉතිං මගේ විත්ති වාචකය මෙහෙමයි.
ජීවිතේ අපි හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ද වෙනව හදිස්සියෙම. මටත් මේ ඊයෙ එහෙම එකක් සිද්ද වුනා. හරි මෙන්න මෙහෙමයි ඒ කතාව......
70 දශකයෙ මැද භාගයෙ අපි එදවස හිටියෙ කෑගල්ලෙ හොඳද? ඔය ටී.වී. එහෙම ඒ කාලෙ නෑනෙ. රේඩියෝ එකෙත් හැටහුටහමාරක් චැනල් තිබ්බෙ නෑ. තිබ්බෙ දෙකයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ පළමුවන සේවය සහ දෙවන සේවය. පස්සෙ ඔය දෙක ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය කියල නම් මාරු කලා. මට හරියට මතකනම් නෑ ඒ නම් මාරුව කලේ මැතිණිගෙ ආණ්ඩුව කාලෙමද නැත්නම් ජේ.ආර්. ලොක්ක ඇවිල්ලද කියල. හරි කොහොමහරි ඒකෙන් වැඩක් නෑ. ඉතිං ඔය වෙළඳ සේවයෙ සතියෙ හැමදාම වගෙ රෑ 8.30 ට හඬ නළුවක් ප්‍රචාරය වුනා. ගුවන් විදුලි නාට්‍ය වලට හඬ නළුව කියල නම දැම්මෙ මට මතක විදිහට සුගතපාල ද සිල්වා මහත්තය නොහොත් සොඳුරු ආඥාදායකයා.
බ්‍රහස්පතින්දා හවස අටාමාරට විකාශය වුනේ ගජමුතු. කතාව ලිව්වෙ ධර්ම ශ්‍රී මුණසිංහ. මෙහෙමයි කතන්දරේ ඔන්න. කන්ද උඩරට මහනුවර නගරයට තදාසන්න ගම්මානයක්. කතාවෙ කියවෙන විදිහට කටුගස්තොට කිට්ටුව.
ගමේ බහුතරයක් ඉන්නෙ හීන කුළේ මිනිස්සු. බෙර වාදනය සහ නර්තනය තමයි ඔවුන්ගෙ ජීවිකාව. ගමේ කුඹුරු ඉඩම්වලින් වැඩි හරියක් අයිති ගම ඉහත්තාවෙ තියන වළව්වට. මොරපාතොට වළව්වට. ඒ කුඹුරු වල අඳේට වැඩකරනව අර හීන කුළේ මිනිස්සු.
ඒ මිනිස්සුන්ගෙ නායකය වගෙ ඉන්නෙ මට මතක විදිහට උක්කුවා වෙන්න ඕන. උක්කුවා නැටුම් සාස්තරේ සහ බෙර වාදනය පුහුණු කරනව ගමේ අනික් තරුණ තරුණියන්ට. ඒත් තරුණ වයසෙ බහුතරයක් ඒ පැරණි සාස්තර ඉගෙන ගන්ට කැමැත්තක් නෑ.
උක්කුවට ඉන්නෙ එකම දුවයි. ඇගේ නම මුතූ. මොරපාතොට නිළමෙට ඉන්නෙ දුවයි පුතයි. කතන්දරේ පටන් ගන්නෙ නිළමෙගෙ පුතා නොහොත් මොරපාතොට අප්පො ඉගෙන ගන්ට ගමෙන් පිට ගිහිල්ල ඉඳල ආපහු ගමට එන තැන ඉඳල. අප්පොට ඕන වෙනව නැටුම් සාස්තරේ ඉගෙන ගන්ට. නිළමෙයි මැණිකෙයි දෙන්නත් එහෙමට කුළ ගර්වය ඉහ උඩ තියාගත්තු උදවිය නෙවෙයි. ඒ හින්ද කලින් හොරෙං හොරෙං නැටුම් ඉගෙන ගන්ට ගියත් මොරපාතොට අප්පොට පස්සෙ නිළමෙගෙ අවසරය ලැබෙනව.
අප්පොට නැටුම් පුහුණු කරන්ට බාරවෙන්නෙ මුතූට. ඒ දෙන්න අතරෙ සෙනෙහසක් ඇතිවෙන්නෙ එයාලවත් නොදැනිම.
"අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල.
"හෙහ්.. බයවෙන්ට එපා. එහෙම උනොත් මම මුතූව කොළඹ එක්ක යනව. නිකම්ම නෙවෙයි කසාද පොතේ අත්සන් කරල…"
"අපෙ අප්පෝ විහිලුවටවත් එහෙම කියන්ට එපා මයෙ දෙයියො.."
"නෑ මුතූ බයවෙන්ට එපා. අපෙ අප්පච්චි එහෙම දරුණු තීරණයක් ගන්න එකක් නෑ. අනික එහෙම දෙයක් උනත් ඔයා බයවෙන්ට එපා. මම ඔයාට කරදරයක් වෙන්ට ඉඩ තියන්නෙ නෑ"
කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ. සෑහෙන කාලයක්නෙ දැන්. ඒත් මගේ හිතේ මෙච්චර කාලයක් නොමැකී රැඳී තියෙන කතාවක් ඕක. ප්‍රධාන චරිතවලට හඬ කැව්වෙ කරුණාරත්න අමරසිංහ (මොරපාතොට අප්පෝ) සහ නිරංජලා සරෝජිනී (මුතූ) ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ඇග්නස් සිරිසේන එහෙමත් හිටිය වගෙ මතකයි. හරි දැන් මම මේ කියන්ට ආවෙ ඉතිං ඔය වගෙ කතාවක් ලියන්ට ඕමනයි කියල කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ.
මම අර හැමදාම ලියනව කියල කියන්නෙ...අර කුමරියකට පෙම් කළෙමි.....ඒ කතාව කියවෙන්නෙ වළව්වෙ කුමාරිහාමිට පෙම් කරන සාමාන්‍ය ගැමි තරුණයෙක් ගැනනෙ. මෙතන ඒකෙ අනික් පැත්ත. වළව්වෙ අප්පො සහ කුළහීන යුවතියක්.
ඉතිං ඔය කතාවෙ මෙහෙම සීන් එකකුත් මගෙ හිතේ ඇඳිල තිබ්බ. අර අප්පො බස්නායක නිළමේ කෙනෙක් වෙලා දළඳා පෙරහැරේ යනව බොහොම ගරු ගාම්භීර තාලෙට. කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?
ඉතිං ඔන්න දැන් එනව මම අර කියපු හීනෙකින්වත් නොහිතපු සිද්ධියට. ඒ කිව්වෙ දන්නව නේද අර පොකුරු වැහි නොහොත් වත්සලා විජයලත් නෝනා. එතුමී පහුගිය දවස්වල මුහුණු පොතේ බොහොමත්ම අපූරු කවි පංති දෙකක් පළ කරල තිබ්බ.
මේ එකක්.....
කරඬුවක් හිස නොලා පෙරහැරේ දුර ආව
බොරු කකුල් ලූ පතුල් රිදුම් දෙයි හිත ගාව
දියවඩන නිළමෙ නුඹ කරද්දී තේවාව
වැටුන කඳුළක් අදත්...ඇති නුවර වැව ගාව
සංසාර පුරුදු අත හරිනු බැරි වෙන්නැතී
වෙස්සන්තර වෙලා... මාව දන් දෙන්නැතී
නා කපන වැස්සකත්...වැටුනෙ නැති දුක් ඇතී
තරුවක් මියැදුනත්...මහ පොළොව දන්නැතී
මගෙ හිතේ උඩ මළුවෙ සක්මනේ හිඳීයන්
ගව් පුරා නුඹ නමින් රන් විමන් මැවීයන්
හීනයක පේ වෙලා මං ලඟින් පිපීයන්
පාරමී පිරෙන දා....මටම මුණ ගැහීයන්...
මේ ඊට පස්සෙ එක...
රන්දෝලියේ උඹ සැඟවිලා හිත ගාව
තිස්සේම හද ගැස්මෙ ඇහෙනවා තේවාව
රඟ හලක සෙනසුනක් මවා දී අරුමැසිව
බවුන් වඩනා හිතට උඹයි සක්මන් මළුව...
කොච්චරක් ඇස් අස්සෙ තියාගත්තත් තරුව
දුර ඉන්න මට වඩා උඹට ළඟ සඳ පළුව
අසා ඉමි උඹේ දුක කියන විට වැහි කළුව
කදෝ පැණි එළියටත් ආදරෙයි මහ පොළොව...
සංසාරෙ කොහේ හරි කමටහන් බිඳෙන්ටැති
වෙස්සන්තරව හෝ මං උඹව පතන්ටැති
ප්‍රේමයේ හේවිසිය හෙටත් දියවඩනු ඇති
රන්දෝලි මං හෙටත් තේවාව කරනු ඇති...
ඉතිං ඒ නෝනා මොනව හිතාගෙන ලිව්ව උනත් කවි පංති දෙක කියවපු සැණින් මගෙ හිතේ ආයෙම ඇඳුනෙ අර මම කලින් කිව්ව පෙරහැරේ දර්ශනය. ඒ කිව්වෙ තම සෙනෙහෙවන්තයා ඉදිරියේ නටන ඒ යුවතිය. ඒ Inspiration එකත් එක්කම මගෙ අතින් ලියවුනා ඒ ප්‍රස්තුත මොහොතෙ ඒ කුලහීන යුවතියගෙ සිතුවිලි මෙහෙම වෙන්න ඇති කියල.
නුවර වැව් පතුලෙ වැලි කැටත් ඉකි බිඳීවී
රැජින හෝටලේ ලඟ සුළඟ දෙස් තියාවී
මහ මලුවෙ අතුල ගල් උනත් දුක් දරාවී
නුඹ ඉදිරිපිට රඟන මගෙ දුකට හඬාවී
ස්නේහයේ නගරයේ ඇවිදගිය වීදි දිග
ප්‍රේමයක් දැවුනු චිතකයෙ විසිරි අළු මතින
මේඝයක් වැටුනු මුත් මිහිමඬල තෙමාගෙන
ළසෝගිනි නොනිවේය වැස්සටත් කපනහන
කස්තිරම් අල්ලද්දි සිනාසුනු නුඹෙ දෑස
බිම්බරක් මේ සෙනඟ මැදත් මසිතේ මැවෙන
මැදිදුරම් තේවාවෙ රඟන අතරේ මසිත
සීවරම් දෙවියන්ට යදිමි නුඹ රකිනු මැන
සංසාරෙ පතා ආ සෙනෙහසක සුව විඳිමි
නිම්තෙරක මතු බවෙක හමුවන්ට පතන්නෙමි
පින්පුරන්නට දළඳාව ඉදිරිපිට රඟන්නෙමි
මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි
ඉතිං ඔන්න ඔයාකාරයි මගෙ විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු...............
පලි - තාපසයගෙ කතාවත් හැකි ඉක්මනින් ලියන්නං හොඳද?
හිත්කොනක කාලයක් තිබුණු ඒ පැටලිලා
ReplyDeleteපෙරහැරක යුවතියක් රඟනයුරු සිහිවෙලා
අදහසක නාමයෙන් පදවැලක දැවටිලා
නිදහසක හේතුවක් මෙන්න අද ලියවෙලා....
ජයවේවා!!!
ඔය තාපසයත් අඩු කුලේද?
ReplyDeleteඑහෙම නම් ඌ ගැන නොලිව්වට කාරි නෑ.
මට පේන්න බෑ ඔය අඩු කුලේ පර හැත්ත
[ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.]
ReplyDeleteනෑ බොලේ මම කිව්වේ පොරොන්දු කඩකරනවා කියලම නෙවෙයි. මම කිව්වේ තියෙනවා කිව්වොත් ඒක අනිවාර්යයෙන් නැහැ කියන එක. හරියටම එහෙනම් මැච් වෙන්නේ අපේ කාලගුණ දෙපාර්තමේන්තුවටද මන්ද.. හි හි හි
මම කිව්වේ..... මම කිව්වේ.... ඔය තාපසයගෙන් කාරී නැහැ... ඔන්නොහෙ ලියමු.
[මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ]
නැතුව නැතුව....! ඒ ගැනම මේ පෝස්ටුවක්ම ලියල තියෙන්නේ.. ආයේ ඉතින් අඩුවක් පාඩුවක් නෑ..
["අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල.]
ඕන්න බලහල්ලකෝ ඒකෙත් වැඩේ... ගුවන් විදුලි හඬ නළුවක්ලු... ඒ මදිවට මුතූ අප්පොගේ මුනටත් එබිලා!
[කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ.]
අපිත් මතකේ තියාගන්නේ නැහැ සරීර සවුක්යට හොඳ නැති හින්ද...
ඒ මොකක් උනත් ප්‍රස්තුතය ආපහු එලියට එන්න පාදක වෙච්ච කවිටික නම් බොහොම ලස්සනයි. සඳැස් කවි වලට මගේ විශේෂ මනාපයක් තියෙනවා. රවීගේ සඳැස් කවි බොහොම ලස්සනයි. ඒවායේ තියෙන වොකබ්ලරි එකට ආසයි.
දැන් එහෙනම් කතාව කියනවද? තාපසයා කොහොමත් එළියට එන එකක් නැහැ!
ෂාහ්.....අපුරු කවි ටික එක්ක මේ කතාන්දරය ......බැරිද නිකම් කවි ලිව්වා වගේ කතාවකුත් මෙහෙමම ලියන්න
ReplyDeleteමෙයා පිස්සුවක් කතාකරනව.
Delete//කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?// යුවතියට කොහොම වෙතත් නිළමෙටනං ඇතිවෙන්නෙ මෙහෙම හැඟීමක්.
ReplyDelete'අනික් දවස් 364 ම මම බොට ඕන හැටියට නටන එකේ අදවත් මා ඉස්සරම නටන්න වෙච්ච එකට බොට හොඳ වැඩේ.' හැක්..
මූ බලාංකො... හැක්
Deleteතාපසය ගැන....
ReplyDeleteඑක්කො ඒකතාව අතෑරල දාමු.
බනින්නේ කෝමැයි මෙහෙම පිස්සු වට්ටනකොට..
ReplyDeleteගජමුතු අපි පුංචිම කාලෙත් ගියා රේඩිවෙකේ. ඒ කියන්නේ සෑහෙන්න කාලයක්..
කවි ටිකනං මල් මසුරං.. මට ඔය සිද්දි දාමයම අල්ලලා සංබෝල කතාවක් ලියන්න හිතුනා කියහංකෝ ..
තාපස කතාව ගැන නං එදාම හිත හදාගත්ත..
අයියේ උඹ ඔය ඔක්කොම කතා නවත්තලා ලියපං දැන් ඔය හිතට ආපු කතාව... කවි ටිකකුත් යහමිං දාලා...
ReplyDeleteගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවය ආරම්බ කර තියෙන්නේ 1951 අප්‍රේල් මස. ඒ කියන්නේ ස්වදේශීය සේවය ඒ වෙද්දි තිබිලා ඇති.
ReplyDelete1972 පෙබරවාරි වලදී ස්වදේශීය සේවය පළමු සේවය ලෙසත්, වෙළෙඳ සේවය දෙවන සේවය ලෙසත් නම් කර ඇත.
1984 පෙබරවාරි වලදී නැවත පළමු සේවය සිංහල ස්වදේශීය සේවය යනුවෙනුත්, දෙවන සේවය සිංහල වෙළඳ සේවය ලෙසත් නම් කර ඇත.
ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ප්‍රාදේශීය, ප්‍රජා හා අනෙකුත් ගුවන්විදුලි සේවාවන් (කිහිපයක් විතරයි ):
ReplyDelete1978 නොවැම්බර්: මැද පෙරදිග සේවය ආරම්භ කිරීම.
1979 අප්‍රේල්: ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය අනුරාධපුරයේදී “රජරට සේවය” නමින් ආරම්භ කිරීම.
1980 පෙබරවාරි: දෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය “රුහුණු සේවය” ආරම්භ කිරීම.
1981 ඔක්තෝබර්: යුනෙස්කෝ සහ ඩෙන්මාර්ක රජයේ මුදල් ආධාර මත ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” නමින් ආරම්භ කිරීම.
1983 අප්‍රේල්: තෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය මහනුවර දී “කඳුරට සේවය” නමින් ආරම්භ කිරීම.
1986 අප්‍රේල්: “ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.
1987 සිව්වන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය යාපනය දිස්ත්‍රික්කයේ “යාපාපටුන සේවය” නමින් ආරම්භ කිරීම. 1991 දී යාපාපටුන සේවය “පලාලි සේවය” නමින් වෙන්ස කර ඇත.
1987 “මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.
1989 නොවැම්බර්: පළමුවරට එෆ්. එම්. තරංගමාලා භාවිත කරමින් ගුවන්විදුලි සේවයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “සිටි එෆ්.එම්.” නමින් ආරම්භ කිරීම.
1991 පෙබරවාරි දකුණු කොරියානු රජය කර පරිත්‍යාගයෙන් “කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය” නිල වශයෙන් ආරම්භ කිරීම.
* 1990න් පසුව ගුවන්විදුලි සම්ප්‍රේෂන බලපත්‍ර ලබාදීම ආරම්බ කර ඇත
ප.ලි: පාසැල්ද රුවෙකුගේ අධ්‍යාපන අවශ්‍යතාවයකට සොයාගත් කරුණු වලින් ලිව්වේ, වැරදි ඇතොත් සමාකරත්වා
බොහොමත්ම ස්තූතියි ඩීන් මහත්මයා..බොහොම වැදගත් තොරතුරු කීපයක්...
Deleteසිටි එෆ් එම් සේවයෙ නම පස්සෙ වෙනස් කලා නේද? මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ...:(
Eid Mubarak!
//කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ.//
ReplyDeleteඑය ඒ ගැන ලිවීමට බාධාවක් කර ගැනීම රවිඋන්නාන්සේට නුහුරු නුපුරුදු නොවේද?
පොකුරු අක්කගෙ මේ කවි දෙක බුකියෙ මමත් දැක්කා හරිම අපූරුයි ඒ කවි පන්ති. ඊට නොදෙවෙනියි නෙව ඔබේ හිතේ ඇදුන කතාවෙන් ලියපු කවි ටිකත්.
ReplyDeleteපොකුරු වැහි අක්කගෙ කවි ටික නම් අපූරුයි... රවී අය්යගෙ පබැදුමත් ඊට දෙවෙනි නෑ... හරිම ලස්සනයි...
ReplyDeleteහොඳ වෙලාවට ඒ කතාවේ අවසානෙ අමතක... නැත්තන් තව සෑහෙන කාලයක් යයි අර තාපසයගෙ කතාව පටන්ගන්න...
රවි අයිය අපූරු කවි කාරයෙක් නොවැ...
ReplyDeleteමේ වගේ හැඩට වැඩට කවි ලිව්ව කියල තාපසයව අමතක කරවන්න නම් බෑ හොඳ ද? ඒකත් ඊලඟට ලියමු. "වැඩිහිටියන්ගේ කතා, ශූටික් අයියා තාපසයා සමග" කියල හෙඩිමට දාමු.
ReplyDeleteඅන්තිම කවි පන්තියේ, අන්තිම ඡේදයේ, අන්තිම පේලිය ඊට ඉහල පේලි තුනෙන් ගේන පීක් එක පවත්වාගන්නේ නැහැ
ReplyDeleteස්තූතියි ඉයන්,
Deleteඉයන් කිව්වට පස්සෙ කවි පංතිය උඩ ඉඳල කියවගෙන එනකොට මටත් එහෙමම හිතුනනෙ...හෙහ්,හෙහ්..
සංශෝධනයක් පිලිබඳව සිතමින් පසුවෙමි. යුවර් සජෙෂන්ස් ආ මෝස්ට් වෙල්කම් ප්ලීස්!
දැං ඔහේ මේවට උත්තර දෙන්නැතුව වෙන එකක් එහෙම ලියනව නෙමෙයි.
ReplyDeleteතාපසයා අපිට එපා.... කවිම තමා ඕනා... :) :)
ReplyDelete//තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව// ඔය රටේ දවසක් කියන්නෙ ලංකාවෙ දවස්වලින් සතියක් විතර වෙන්න ඇති නෙහ්.
ReplyDeleteරාමසාන් සමරල මේ මනුස්සය තාම හරහ ද දන්නෑ.
Prasanna,
DeleteAt the moment writing "The Hermit's story"..will be published today Inshah Allah!
Today no place to cast sistem mania. We must destoy cast sistem in our cuntry for future live people goodness.
ReplyDeleteලස්සන කවි ටික
ReplyDeleteමේකෙ ලස්සන! පොකුරුගෙ කවි ටිකත් මසුරන්. ඉතිං ඇයි අයියා තවමත් මේකෙන් හිතේ ඇඳිච්ච කතාව නොලියන්නෙ?
ReplyDelete