මගෙ අත්තම්මගෙ මූණ බොහෝදුරට මෙන්න මේ වගෙ...Google images |
මදැයි වෙච්චි දෙයක්. අපෙ විවාහ සංවත්සරේට ඔය පොඩ්ඩක් මොනවහරි ලියල ජාම් බේරගන්නං කියලයි මම හිතුවෙ. හෙහ්,හෙහ්....ඔන්න නොහිතූ විදිහට වැඩේ දිග්ගැස්සිල පොඩි ප්‍රොජෙක්ට් එකක් සයිස් එකට ආව. මේ ලියන්නෙ තුන්වෙනි පෝස්ට් එක. තව දෙක තුනක්වත් ලියන්ට වෙයිද මන්ද..හරි හරි අවුලක් නෑ..මක් කොරන්ටද? ලියන්ට උනොත් ලියනව. අපි එහෙමයි.
ඔය ප්‍රොජෙක්ට් කියන ඉංගිරිසි වචනෙට කියන්නෙ ව්‍යාපෘතිය කියලනෙ. ඔය වචනෙ භාවිතයට ඇවිදිං වැඩි දවසක් නෑ මම දන්න විදිහට. ඔන්නම් වැඩිම උනොත් අවුරුදු තිහක් තිස්පහක් වගෙ ඇති. මම ඉතිං එහෙම කියන්නෙ මගෙ වයසත් එක්ක සසඳල. අවුරුදු තිහක් වගෙ වයස පුඟුලෙකුට නම් ඉතිං අවුරුදු තිහයි කියන්නෙ මහ දිග කාලයක්.
නමසිය අසූ ගණංවල මහවැලි ප්‍රොජෙක්ට් එක හැඳින්වුනෙ මහවැලි ව්‍යාපෘතිය කියල නෙවෙයි මහවැලි ව්‍යාපාරය කියල. අපේ බොස් Resident Project Director ඇවිල්ල නේ.ව්‍ය.අ. ඒ කිව්වෙ නේවාසික ව්‍යාපාර අධ්‍යක්ෂ.
හැබැයි ඊට කලින් මම සේවය කරපු අභයගිරි ප්‍රොජෙක්ට් එක නම් හැඳින්වුනෙ අභයගිරි ව්‍යාපෘතිය කියල. සමහරවිට අපේ අධ්‍යක්ෂවරු විදිහට හිටියෙ බොහෝවිට සිංහල මහාචාර්යවරු හින්ද වෙන්න ඇති. මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය වික්‍රමගමගේ, මහාචාර්ය රත්න විජේතුංග, මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු ඒ විද්වතුන් අතරින් කීප දෙනෙක්. වාස්තු විද්‍යාව සම්බන්ධ උපදේශක කටයුතු භාරව හිටියෙ සුරත් වික්‍රමසිංහ සමාගම.
හරි දැං එමු ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවට. පහුගිය බෘහස්පතින්ද කොටසක් ලිව්වට පස්සෙ දවස් දෙක තුනකින් ආයම ලියන්නම්ය කියල හිතුවට කොහෙද?....මේ දවස්වල ඇඟට හරිම අමාරුයි. රස්නෙ ඇවිල්ල හිටපු ගමං සෙන්ටි 44 /45 ටත් යනව.
ඊට අමතරව මේ පහුගිය ටිකේ ලංකාවෙ ඇතිවෙච්චි ගංවතුර කේස් එක හින්දත් හිත ටිකක් හෝන්දු මාන්දු වෙලා තිබ්බෙ. ඇයි අප්පේ ලක්ස ගාණක් අනාත වුනානෙ. අපෙ අප්පේ ඉතිං දහදුක විඳල ණය තුරුස් වෙලා හම්බ කරගත්තු සබ්බ සකල මනාවම ගංවතුරට ගහගෙන ගියාම මිනිස්සු මොන හිතකිං ඒ දුක් ගින්දර උහුලන්ටද නේද? හිතන කොටත් හිත අකම්පාල වෙලා යනව.
අපේ ශ්‍රංග කොලුව මීට කාලෙකට ඉස්සරවෙලා ගංවතුර ගැන ලියපු පෝස්ට් එකකට මම ලියපු කමෙන්ට් එකක් මේ. මේ දිනවල අදාලත්වය කරණ කොටගෙන නැවත පළකරන ලදී.
ඔය ගංවතුරට පාර යට උනාම නිකං අතපොරෝගෙන ඉන්ට එපල්ල බොල. කොල්ලො උනහම ව්‍යාවසායකත්වය ප්‍රදර්සනේ කොරන්ට ඕන. ඒ කියන්නෙ Entrepreneurship කොටිම්ම කිව්වොත් බිස්නස් මයින්ඩඩ් වෙන්ට ඕන. ගංවතුරෙ වලවල්වල වැටිල නැවතිල තියෙන වාහන තල්ලු කරල ගතමන්ට් එකක් හොයාගන්ට තිබ්බනෙ බොලාට ඔය කාලෙට.
ඒ කාලෙ මනම්පිටිය පාර අනිවා දෙසැම්බර් මාසෙ යට වෙනව. ඒ වැස්සට කියන්නෙ හත්දා වැස්ස කියල . දවස් හතක් එක දිගට වහිනව. අපිත් ඒ කාලෙ යනව ගංවතුර ආතල් එක බලන්ට.
මෙන්න බලනකොට අපෙ චෙක් රෝලෙ අබූබකර්ගෙ මල්ලිත් ඉන්නව කොල්ලො රෑනත් එක්ක වාහන තල්ලු කරන වැඩේට බැහැල. ඕකගෙ නම මුස්තාපා. අබූබකර් වෙනුවට සමහර දවස් වලට වැඩට ඇවිල්ල මම ඕකව අඳුනනව.
"මුස්තා..උඹලටනම් ගංවතුරෙං වාසියි නේද බං?"
එතන ඇළ කණ්ඩිය උඩ ට නැඟල ගල් තලාවෙ වාඩිවෙන ගමං මම ඇහුව. ඔය පාරෙ තමයි පාසිකුඩා එහෙම යන්නෙ. කොළඹ පැත්තෙ හොඳ ඇහැට කණට පේන කෙල්ලො ජීන්ස් එහෙම උඩටම නමාගෙන සෙරෙප්පු සපත්තු අතේ අරගෙන " බ්ලඩි ෂිට්..වට් ද හෙල් සිස්. බිස්.." .කියකිය මූණු රතු කරගෙන යනහැටි බලන්ට ලස්සනයි. ඒ හින්ද අපිත් නිතර දෙවේලෙ ඔතනම තමයි.
" ඔව් මහත්තය දන්නෙ නැද්ද ඉතිං? මිනිස්සුන්ටත් උදව්වක් කරල කියක් හරි හොයාගන්නව අපිත් ඉතිං….." මුස්තා හිනාවෙලා කිව්ව.
ටිකකිං මම දැක්ක එතනම එහා පැත්තෙ පලු ගහට හේත්තු කරල තියනව අලවංගු දෙකකුයි උදැල්ලකුයි.
"මුස්තා මොකටද බං මේ අලවංගුයි උදැල්ලකුයි?" මම ඇහුව. "වාහනේ ගොඩගන්ඩම බැරිවුනොත් රෝදෙට තියල අල්ලන්ටද?"
"නෑ මහත්තය….. වාහන එන්නෙ නැතිවෙලාව බලල අපි ඔව්වයින් වලවල් නැති හරියෙ වලවල් කපනව" මුස්තා කිසි ගාණක් නැතුව කිව්ව.
ඉතිං එහෙනං ආයම එමු වර්තමානයට....
ඔෆිස් එකේ එක දිගට පැය 10 1/2 ක් වැඩ කරල එළියට බැහැපු ගමං රස්නෙ කණ හරහා වදින්නෙ හරියට නමසිය හැත්තෑවෙ දශකයෙ (යස් ඔෆ් කෝස්... දෝස් ගුඩ් ඕල්ඩ් ස්වීට් සෙවන්ටීස්.....වට් එල්ස්?...හෙහ්...හෙහ්...හෙහ්...) කෑගල්ලෙ මිරන්ඩාස් බේකරියෙ පාන් පෝරණුව ඉස්සරහ පංකොළ මල්ලත් කිහිල්ලෙ ගහගෙන උණු උණු පාං රාත්තල් තුනක් ගන්ට නොඉවසිල්ලෙං බලා ඉන්න මගේ මූණට පෝරණුවෙ යකඩ දොර ඇරිය ගමං හාෂ් ගාල හොට් එයාර් බ්ලාස්ට් එක වදිනව වාගෙ.
ඉතිං ඔහොම ඇඟපත තලා දැම්මහේ අතානාත්තු උනහම අපෙ අත්තම්ම ඒ දවස්වල කියන්නෙ.."අනේ සුට්ටි පුතේ අද මගෙ ඇඟපොත රා මටුල්ලෙං ඇදල පෙරුව වගෙ රිදෙනව අප්පා…" කියල.
ඔය රා මටුල්ල කියන්නෙ හරියටම මොකක්ද කියල උන්දැ මියෑදෙනකනුත් මට අහගන්ට බැරිවුනා නෙව. මම හිතන්නෙ ඔය රා බොන්ට කලිං පෙරනවනෙ. මී මැස්සො එහෙම අයිං කරන්ට. එහෙම පෙරන්ට ගන්න මොකක් හරි දෙයක් තමයි මටුල්ල කියන්නෙ.
අපෙ අත්තම්මගෙ තිබ්බ ඔය වගෙ අපූරු වචන මහ ගොඩක්.
පොළොස් හෝ කොස් හෝ මැල්ලුමට උයන්ට සුට්ටං කෑලි වලට කපන හැටි දැකල තියද? ඔය වැඩේට අපේ ගෙවල්වල තිබ්බ විශේෂ කැත්තක්. ඒ කැත්තෙ කැපෙන පැත්ත නෙවෙයි අනික් පැත්තෙ කකුල් තුනක පොඩි ආධාරකයක් යකඩෙන්ම හදල පාස්සල තිබ්බ. ඒ ආධාරකය පොළවට තිබ්බම කැති තලේ කෙලිං හිටිනව උඩ බලාගෙන. අත්තම්ම කරන්නෙ කොළොම්බක රෙද්ද එහෙම හදාගෙන පට්ටල වෙලා වාඩිවෙලා අර කැත්තෙ මිට මැදක් හරියෙං පාගගන්නව දකුණු කකුලෙං. අය නෑ කැත්ත නෝ හෙල්ලුං පොල් මැල්ලුං...
ඊට පස්සෙ දෙකට හෝ හතරට කපපු කොසේ හෝ පොළස (කපන්නෙ දෙකටද හතරටද කියල තීරණය වෙන්නෙ කොසේ හෝ පොළසෙ සයිස් එක අනුව) අරගෙන පරිස්සමට අර කැති තලේ ගහනව එක එක පැත්තට හරව හරව. එතකොට වෙන්නෙ පොළොස් හෝ කොස් සුට්ටං කෑළි කැපි කැපි වට්ටියට වැටෙනව. ආ ඒක කියන්ට බැරි වුනානෙ. ඔය කැත්ත තියන්නෙ තරමක් විසාල පං හෝ පොල්කොළ වට්ටියක් උඩ.ඉතිං කැපෙන කොස් හෝ පොළොස් කෑලි කෙලිම්ම වැටෙන්නෙ ඒ වට්ටියට.
මම පොඩි එකා කාලෙ හරිම ආසයි ඔය වැඩේ බලා ඉන්ට. ඉතිං අත්තම්ම දුම එහා පැත්තෙ ගහල තියෙන මහ විසාල පරාළ ඇණේ රඳවල තියෙන වට්ටියකුයි, දොර මුල්ලෙං කැත්තයි ගත්තු ගමං මමත් එනව මගෙ පුංචි කොළොම්බත් කරගහගෙන.
"හා..හා..සුට්ටි පුතේ කිට්ටුවට එහෙම එන්නෙ නෑ හොඳද? මේ කැති කොටේ උඩට එහෙම වැටුනොත් මොන දෙයියන්ට කියන්ටද ආය?"
අත්තම්ම එහෙම කිව්වෙ මොකද දන්නවද? පොඩි එකා කාලෙ මගෙ තිබ්බ පොඩි Accident prone ගතියක්. ඒ කියන්නෙ හදිසි අනතුරු සිදුවන සුළු….
"නෑ නෑ අත්තම්මෙ මම පරිස්සං වෙන්නංකො…" කොළොම්බ බිම තියල ඒක උඩ පට්ටල වෙලා ඉඳගන්න ගමං මම කියනව.
"ඔන්න සූටි කයියත් එළියට පැනල හිහ්..හිහ්.." අත්තම්ම බඩත් හොල්ල හොල්ල හිනාවෙනව.
මම ඇඳගෙන ඉන්න බාජු කොට කලිසමෙං කොයි වෙලෙත් මයෙ සූටි කයිය එළියට පයිනව. "සික් මේ අත්තම්මත් කියන එව්ව…" ලැජ්ජාවෙං රතු වූ මුහුණින් යුතුව මම කළිසම හදාගෙන සූටි කයිය හංග ගන්නව.
සූටි කයිය කිව්වම සෝක් කතාවක් මතක් වුනා..අර අර..අර තාපසයගෙ කතාව..මම හිතන්නෙ කට්ටිය දන්නව....
ඔහොම කොස් හෝ පොළොස් කපනවට අපෙ අත්තම්ම කියන්නෙ හැත් ගහනව කියල.
"දුව.... දැං පුතා එනවත් ඇති කෑමට... මම විගැහිං මේ පොළොස් කෑල්ල හැත් ගහල ගන්නංකො..දුව අනික් එව්ව බලන්ටකො…"
අත්තම්ම එහෙම කියන්නෙ අපෙ අම්මට. පුතා කියල කිව්වෙ අපෙ අප්පච්චිට. අත්තම්මගෙ පුදුම ආදරයක් ඒ වගේම ගෞරවයක් තිබුනෙ අපෙ අප්පච්චිට.
" මේ ගෙදරට එන ඕනම කෙනෙක් හිතන්නෙ මම අම්මගෙ ලේලි...අර ඉන්නෙ අම්ම ගෙ පුතා කියල.." අම්ම සමහරවෙලාවට අප්පච්චිව පෙන්නල එහෙම කියනව හිනා වෙවී.
කවදකහරි මගෙ නැන්දම්මගෙනුත් මට එහෙම ආදරයක් ගෞරවයක් ලබාගන්ට පුලුවන් වෙයිද කියල මම ටිකක් විතර ලොකු වෙලා ඔය වගෙ දේවල් ගැන දැනුම් තේරුම් වෙන කාලෙ හිතල ඇති අනන්ත. හැබැයි ඇස් වහක් කටවහක් නෑ මගෙ නැන්දම්මගෙනුත් ඒ වගේම සැළකුම් ගන්ට මට වාසනාව තිබ්බ.
ඉතිං ඔය අත්තම්ම කියන හැත් ගහන කතාව ගැන සෑහෙන දුරට කල්පනා කලාට මට ඒ කාලෙ ඒක මීටර් වුනේ නෑ. පස්සෙ කාලෙක තමයි මට හිතුනෙ අත්තම්ම මේ හැත් ගහනව කියන්නෙ "Hacking" කියන එකට නේද කියල. වර්තමානෙදි සපුරාම වෙනත් අර්ථයකින් භාවිතා කෙරුනත් හැකිං කියන වචනෙ මුල්ම තේරුම කපා කොටා දානව පෙති ගහනව වගෙ දෙයක්.
පරිගණක වලට අනවසරයෙන් ඇතුළු වීමට හැකිං කියන වචනෙ යොදාගත්තෙ මේ බොහොම පස්සෙ කාලෙක. ඇත්තම කිව්වොත් ඊයෙ පෙරෙයිද.
අපෙ අත්තම්ම ගැන ලිව්වැහැකි පෝස්ට් එකක් නෙවෙයි පෝස්ට් තිහ හතළිහක්. උන්දැ ඒ තරමට සුවිශේෂී ගැහැණියක්.
1897 අවුරුද්දෙ රඹුක්කන කංසල ගමුවෙ ඉපදිල වයසදහසයක් වගෙ වෙද්දිම තමන්ට වසර පහළවක වගෙ වැඩිමල් කලින් විවාහවී බිරිඳ මියගිය පුරුෂයකු හා දීගගොස් තම ජීවිතය කෙසේ හෝ සාර්ථක කරගත් දිරිය ගැහැණියක පිළිබඳව නොහොත් මගේ අත්තම්මා පිළිබඳව කථාව මම අනිවාර්යයෙන් දවසක ලියනව.
මේ එතෙක් ඇය පිළිබඳව හැඳින්වීමක් වශයෙන් මම කලකට ඉස්සර ලියපු සටහනක්....
ගිහිං එන්ඩද ?
ReplyDeleteSutikka,
DeleteNo pobbom, Go and cum please....:)
Ravi, we all have seen so many T-shirt slogans. But have you heard about the panty slogan which says, "If you have all this way, why not cum inside?"
Deleteමාර වචන සෙට් එකක්නේ බං අයියේ අත්තම්මගේ තිබිලා තියෙන්නේ.....
ReplyDeleteSutikka,
Deleteහපොයි ඔය වගෙ තව වචන මහ හුඟක් පාවිච්චි කලා උන්දෑ..බොහොමයක් මට දැන් මතක නෑ... දෙහි යුෂ මිරිකල බොන එකට කිව්වෙ දෙහි පොන්සා බොනව කියල. . හාල් වලට කිව්වෙ හාට ගෙඩි....වී වලට වියට ගෙඩි...:)
අර සූටි කයියගෙ සෙල්ෆියකුත් දැම්මනම් කොච්චර අගේද.
ReplyDeleteAno,
Deleteඒ කාලෙ සෙල්පි තියා කැමරා තිබ්බෙත් අර කොඩැක් බොක්ස් ටයිප් එව්ව. අනික පෞද්ගලික කැමරාවක් තිබ්බෙ එහෙමත් කෙනෙක් ගාව. අපේ හත්මුතු පරම්පරාවෙම මම දන්න කෙනෙක් ගාව කැමරාවක් තිබ්බෙ අප්පච්චිගෙ මාමා කෙනෙක් ගාව. අර මම කලින් කියපු කොඩැක් බොක්ස් ටයිප් එකක්.
මට මතක විදිහට මෙන්න මේ වගෙ එකක්.
ඇන්ටික් උනාට හැබැයි මරු බඩුව. ඒකෙන් ගත්ත ෆොටෝස් අපෙ මහ ගෙදර තාම යස අපූරුවට තියනව.
'අත්තම්මෙකු සමඟ මගේ ජීවිතය' කථාවක් වැරදිල 'ගුරුවරියක සමඟ මගේ ජීවිතය' එක යටතේ ලියවිල වගේ.
ReplyDeleteඉයන්,
Deleteහෙහ්..හෙහ්..ඒක ගණං ගන්න එපා. ඒව එහෙම තමයි.."අයාලේ ගිය සිතක සටහන්" කියල තිස්ස අබේසේකරගෙ පොතක් ඉයන් කියවල තියනවද? මල් හතයි...ඊටම සමානව වගෙ තිස්ස පස්සෙ ඉංග්‍රීසියෙනුත් ලිව්ව පොතක්. Roots & reflections....ඔන්න ඔය වගෙ නමක් තිබ්බෙ.
අන්න ඒ ෂානරයෙන් තමයි මම ලියන්නෙ.ඒ කිව්වෙ අයාලේ යන ෂානරයෙන්...:)
මටුල්ල කියන්නේ පොල් ගස්වල හැදිලා තියෙන දැල් කැල්ලක් වගේ එකක් නේද? රා පෙරන්න පාවිච්චි කරනවා.
ReplyDeleteThanks Asanga....මම ඔය මටුල්ල කියන එක දැනගෙන හිටියෙ නෑ ...:)
Delete//මම ඔය මටුල්ල කියන එක දැනගෙන හිටියෙ නෑ ...:)// හෑ! පුදුමයි නෙව.. මේ සින්දුව වත් අහලා තිබ්බේ නැද්ද?
Deleteහනසු දෙන්නා.. මටළු දෙන්නා.. පොල්ගෙඩි දෙනාන්.. ප්‍රේමියේ..//
මාව දමා යන්නත් එපා.. මට පිටුපා ඉන්නත් එපා..
ගියොත් මගේ ප්‍රාණේත් එපා..
සුන්දරී මට ලැබුනේ දාදු දමාලා.. මම පනිමි නටාලා.. :))
කළ්‍යාණ,
Deleteඔය සිංදුව අහල තියනව. ඒත් ඒකෙ ඔය මටලු කෑල්ලක් තියනව කියල මතක තිබ්බෙ නෑ.
ඔය මොකක් හරි ටීටර් එකක සිංදුවක් නේද? අර ජාතක කතාවක එන සීන් එකක්නෙ ඔය කියන්නෙ නේද? දාදු කෙළියෙන් කුමාරිකාවක් දිනාගත්තු එකක්...නේ බං?
බම්බුව. මෙහෙමයි සින්දුව.
Deleteහනසු මටුල්ලක් හැඳගෙන අපි දෙන්නා
යමු ඉතිං ළඳේ කුමටද ආරාධනා.
@Dude ලොක්කා...කොමෙන්ට් කොට කොට ඉන්න වෙලාවේ අර හම්පඩ ඩෙනිමේ මොනාහරි ලියුවානම් නාකද?
Deleteමේ දවස්ඔල තියෙන රස්නෙ ගැන මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනව බොලල්ලා. දැන් මේ පැත්තට නං කඩින්කඩ වහිනවා.
ReplyDeleteහැලප,
Deleteආපහු ආවද ඒ කියන්නෙ?
රවී අයිය ඒ කාලෙ ඉඳලම හරීඊඊඊඊඊඊඊඊ ම වල් නෙ බලාගෙන යනකොට. හැක්..
ReplyDeleteප්‍රසන්න,
Deleteමං නෙවෙයි බං මයෙ සූටි කයිය තමයි වල්. කොයි වෙලෙත් එලියට පයිනව...
ආ තව එකක් සූටි කයිය ගැන. මම පොඩි කාලෙ මොහොකට හරි මැක්ස් මල පැන්නම විලාප තිය තිය අඬන ගමං කයිසම අස්සට අත දාල ඇති වීරියෙං සූටි කයිය උඩට අදිනවලු.
එතකොට අත්තම්ම අහල ගං හතකට ඇහෙන්ට කැක්ගහනවලු. "ඊයෝ සාලේ (අත්තම්ම දෙයියෝ සාක්කි කියල කියන්නෙ එහෙමයි) සුට්ටි පුතේ දැං ඕකා කැඩිල අතට එනව මං දන්නව" කියල...:)
හැබෑවටම අර සූටි කයිය ගැනත් බ්ලොග් පෝස්ට් එකක් ලිව්ව නම්.
ReplyDelete"සූටි කයියා සමග මගේ ජීවිතය" වගේ.
ඇනෝ,
Deleteඔන්න ඉතිං උඹලත් දෙන අයිඩියාස්...ඒක ගැන අහවල් එකක් ලියන්ටද බොල?...හෙහ්,හෙහ්,
///මේ දවස්වල ඇඟට හරිම අමාරුයි. රස්නෙ ඇවිල්ල හිටපු ගමං සෙන්ටි 44 /45 ටත් යනව.///
ReplyDeleteමගේ කාන්තාර දිවිය මතක් උනා මේක දැකලා...
රස්නේ කාලෙක කොච්චර AC තිබුනත් අපි වැඩ කරපු ලැබ් එක පට්ට රස්නෙයි, ඒකට හේතුව අංශක 280 ක් රස්නේ එක අවන් එකක් සහ අංශක 350 ක් රස්නේ තව අවන් එකක් මාරුවෙන් මාරුවට ඇර ඇර වහල සාම්පල් ඒවාට දදා විනාඩි එකෙන් දෙකෙන් එළියට ගන්න සිද්ධ වෙන නිසා...
ඒ නිසා එළියට බැස්ස කියල ලොකු වෙනසක් දැනුනේ නැහැ...
වතාවක් මම අපි ගාව තිබ්බ උෂ්ණත්වමානෙකින් එළියේ රස්නේ බැලුවා, ඒ වෙලාවේ සෙල්සියස් 55 ක්...
හැබැයි ආණ්ඩුවෙන් හැම තැනම හයි කරලා තියෙන එව්වයේ කවදාවත් 50 පනින්නේ නැහැ, ඒකට හේතුව සෞදියේ නීති අනුව 50 පැන්නොත් මිනිස්සුන්ව එළියේ වැඩ කරන්න යොදවන්න තහනම් නිසා බව තමයි තතු දත්තෝ කිව්වේ...
හැබැයි අර අවන් දෙකෙන් වෙච්ච හොඳකුත් තිබ්බා, ඒ සීතල කාලෙට...
වැඩ අඩු වෙලාවට අපි එකක දොර අඟලක් දෙකක් ඇරලා තියනවා ශේප් එකේ...
ඒක නෙමේ, අත්තම්මගේ සීරියස් එකත් ලියහන් ඉක්මණට, කියවන්න මෙලෝ දහමක් නැහැ මේ දවස් වල...
ලොක්කා,
Delete/ඒකට හේතුව සෞදියේ නීති අනුව 50 පැන්නොත් මිනිස්සුන්ව එළියේ වැඩ කරන්න යොදවන්න තහනම් නිසා බව තමයි තතු දත්තෝ කිව්වේ.../
මෙහෙත් අංශක 50 තමයි උපරිම. ඊට වඩා ගියොත් එළිමහනෙ වැඩ නවත්වන්ට ඕන. ඊට අමතරව ජූනි 15 ඉඳල අගෝස්තු 31 වෙනකල් උදේ ෂිෆ්ට් එක 11.30 ට ඉවරයි. උපරිම පැය පහයි. හවස ෂිෆ්ට් එක පටන් ගන්නෙ 3.30 න් පස්සෙ . ඒත් පැය පහයි.
//අත්තම්මගේ සීරියස් එකත් ලියහන් ඉක්මණට, කියවන්න මෙලෝ දහමක් නැහැ මේ දවස් වල...// අම්මප.. දවසට පැය බාගයක් කියවන්න බ්ලොග් ලියවෙන්නේ නෑ.. සෙහ්..
Deleteකළ්‍යාණ,
Deleteලියන්නො ඔක්කොම ගංවතුරට බැහැල...හෙහ්,හෙහ්,
ග්‍රැජු ග්‍රැජුවලි ද සිටුවේෂන් විල් බිකම් නෝමල්...:)
අපේ අත්තම්මත් මේ වගේද මන්දා. මම හිතන්නේ එක nostalgic දෙයක් වෙන්න ඕනේ.
ReplyDeleteමටුල්ල කියන්නේ පොල් ගස්වල අතු පාමුල හැදෙන අර දැල වගේ කෑල්ලට. සමහර පළාත්වල තවත් නමක් කියනවා මතකෙට එන්නේ නෑ. ඕකෙන් කොටසක් අරගෙන පිරිසිදු කරලා රා පෙරනවා මම දැකල තියෙනවා. මෙන්න පින්තුරයක්
Udaya,
Delete/අපේ අත්තම්මත් මේ වගේද මන්දා. මම හිතන්නේ එක nostalgic දෙයක් වෙන්න ඕනේ./
එතන වෙලා තියෙන්නෙ උදය මම හිතන්නෙ යුගයක වෙනස..අපි පොඩි එවුන් කාලෙ හැමෝගෙම අත්තම්මල මම හිතන්නෙ ඔය වගෙ.
කතන්දර කියල දෙන කවි සිංදු කියල දෙන තමංගෙ මුණුබුරෝ මිණිබිරියෝ එක්ක ගත කරන්ට ප්‍රමාණවත් කාලයක් තිබ්බ ඒ වගේම එහෙම ගත කරන එක වදයක් කියල නොසළකපු අත්තල සහ අත්තම්මල ඒ කාලෙ බහුතරයක් හිටියෙ.
ඒ වගේම ඒ කාලෙ හිටපු මුණුබුරු මිණිබිරියන්ටත් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම යන්ට ස්විමිං ක්ලාස්, එලකියුෂන් ක්ලාස්, මියුසික් ක්ලාස් එහෙම තිබ්බෙ නෑ.එතකොට ගේම්ස් ගහන්ට ඇයි පෑඩ්, ටැබ්ස් හෝ ලැප් ටොප් තිබුනෙ නෑ.
ඒහින්ද එයාල කලේ අත්තම්ම ගෙං අත්තගෙං කතන්දර කවි එහෙම අහගත්තු එක.නැත්තං අත්තම්මගෙ අත්තගෙ වගාවකට උදව් කරපු එක. වතුර එහෙම ඇදල දීල...
මම මේ ඒ කාලෙ හොඳයි දැං නරකයි කියල කියනව එහෙම නෙවෙයි හොඳද? මම එහෙම හිතන්නෙ නෑ..You cant say it's good during our time and it's bad now. it's just different. that's all. nothing more . nothing less....:)
Udaya,
DeleteSorry ...forgot to thank you for that image of "Matulla" ...thanks...:)
රවී තුමාගේ කතා කොහෙන් පටන් ගත්තත් බෝතලේකින් හෝ හිටපු ජනාධිපති තුමාගෙන් ඉවර වෙනව වගේ, මේ කොමෙන්ට් බහුතරය ඉවර වෙලා තියෙන්නේ එකම මාතෘකාවකින්.. :)
ReplyDeleteඅද පෝස්ට් එකේ මට ලොකු අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා, ඒ කියන්නේ කාලෙක ඉඳන් තිබුණු කුහුලක් විසඳුනා වගේ දෙයක්. අපි මුලින්ම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ගිහින් අදාළ අර්ධ රාජ්‍ය සමාගමේ සහය සාමාන්‍යාධිකාරි වරයා මුණගැහිල ඉවර උනාම, ඔහු අපිට අදාළ වැඩබිම් බෙදල දීලා, ඊට අදාළ පත්වීම් ලිපි ලබාගන්නට යුවතියක් වෙත යොමු කළා.
ඇය අපට ලබා දුන් ලිපියේ තිබුනේ, අදාළ වැඩබිමේ "ව්‍යාපාර ඉංජිනේරු" වරයාව මුණගැහෙන ලෙසට. අපි ඒ වෙලාවේ හිතුවේ ප්‍රොජෙක්ට් මැනේජර් කියන එකට, "ව්‍යාපෘති ඉංජිනේරු" කියල ලියන්න ගිහින් සිදු වුනු අත්වැරදීමක් ලෙස. අද තමයි මේ අවුල ලිහුනේ ඇත්තටම. මේක හරිම විශේෂ අවස්තාවක්. 2012 මැයි සිට අද දක්වා වසර 5කට ටිකක් වැඩි කාලයක් හිතේ තිබුණු කුහුලක් විසඳුනා කියන්නේ, සමරන්න වටින හේතුවක් :)
සොරෙ ජා නොමිනි ඉකිමෂෝකා
DeleteAno,
Delete誘って下さってありがとうございます。でも、お酒は飲みませんので宜しくお願い致します。
:)
මානවිකා,
Delete/2012 මැයි සිට අද දක්වා වසර 5කට ටිකක් වැඩි කාලයක් හිතේ තිබුණු කුහුලක් විසඳුනා කියන්නේ, සමරන්න වටින හේතුවක් :)/
මහවැලියෙන් මම අයින් වෙනකල්ම (1999) එයාල පාවිච්චි කලේ ඔය ව්‍යාපාර කියන වචනෙ.
අපි ඒ කාලෙ ඔය රැකියාවට අමතරව සයිඩ් බිස්නස් (කොන්ත්‍රාත් එතකොට මෙටීරියල් සප්ලයිස් වගෙ) කරපු ඉංජිනේරුවන්ට කිව්වෙ "ඔව් ඉතිං වැරැද්දකුත් නෑ තමයි. ආණ්ඩුවෙන්ම ව්‍යාපාර ඉංජිනේරු කියල ඩෙසිග්නේෂන් එක දුන්නම ඒ මිනිස්සු බිස්නස් එකක් කරගත්තම මොකද වෙන්නෙ?" කියල.
සුරංගයගෙ පහල කමෙන්ට් එක අනුව තවමත් ව්‍යාපාර කියන වචනෙ තමයි මට හිතෙන්නෙ භාවිතා වෙනව ඇත්තෙ.
අඩේ අර කුකුස විසඳුනා ය කියන්නෙ එහෙනන් සකේ බාගයක් ගහල සමරමු ...හෙහ්,හෙහ්,
පලි - මම මේ කියන්නමයි හිටියෙ. උඹ එනකොට මට සකේ බෝතල් දොළහක පෙට්ටියක් අරං වරෙං..හොඳේ....
මානවිකා,
Deleteකවුද බං අර ඇනෝ ඇවිල්ල ඉන්න ජපනා? අර උඹ සැට් කරගත්ත ජපනද?
අම්මල තාත්තල වලි දානවනං කියපං අපි ඇවිල්ල ෂේප් කරල දෙන්නං...
අද්දුටුවයි සත්තයි ප්‍රත්‍යාක්ෂයි, අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත. වැඩේ හරි ගිය පසු ගාස්තු මාස්පතා ගෙවන්න.
マーナヴィカーちゃん、
Deleteもう飲みに行ってきたよ。
ඇනෝ,
Delete/マーナヴィカーちゃん、
もう飲みに行ってきたよ。/
හරි හරි බං මට සල්ලි ඕන නෑ...වැඩේ කරල දෙන්නංකො...
වැඩේ හැබැයි කොල්ලො ලේසි වෙන්නෙ නෑ. ඔය මානවික්ස්ගෙ තාත්ත හරි හතර රියං පුරුසය. අර පරණ පොත්වල තියෙන්නෙ ආරෝහ පරිණාහ දේහයෙන් යුතු කියල. අන්න ඒ ඒ.පී.ඩී. මොඩල් එක.
ඒ වගේම තමා මල පැන්නම වසවර්තියගෙ පිට උඩ යම රජ්ජුරුවො නැග්ග වගෙ. ඒත් අවුලක් නෑ..මම වැඩේ කරල දෙන්නම්...ආන්න එහෙමයි අපි..හයිද?
Ano,
Deleteそれは金曜日の夜だった
楽しんでいただけましたか
:)
රවී තුමා,
Deleteදැන් අපේ ගෙදර කට්ටිය එහෙම වලි දාන්නේ නෑ.. :) ඒ මිනිස්සුන්ටත් එපා වෙලා ඉන්නෙ..
කොටින්ම මම චතුර සේනාරත්න එක්ක සෙට් උනත් දැන් නම්, "අනේ ඇති යන්තම්, ලොකු දෙයක්" කියලා, සතුටු වෙන පරිසරයක් තමයි ගෙදර ඇති වෙලා තියෙන්නේ :)
ඒ නිසා රවී තුමාට එහෙම අමතර වෙහෙසක් ගන්න නම් දෙයක් නෑ.
හැබැයි අර ජපනෙක් සෙට් කරගත්ත කතාව නම් ඔබතුමාට කවුරු කිවුවද මන්ද, අමූලික බොරු :)
බෝනික්කො වගේ ලස්සන ජපන් කෙල්ලො ඉන්නකොට, මේ කරවල වගේ දුඹුරු පාට අපි දිහා ජපන් කොල්ලෝ බලයිද? :)
යකෝ මේ කමෙන්ට් පේලිය දැක්කෙ දැන්නේ.
Deleteඇනෝ උඹට වැඩිහිටියෙක් හැටියට එක අවවාදයක් දෙන්නං හැබැයි එෆ්බී එකෙන් දැක්කෙ. "පුතේ, කසාදයක් බඳිනකොට රූපෙ විතරක් නෙවෙයි කොල්ලෝ, කටහඬත් බලපං. මොකෝ ජීවිත කාලයක්ම අහගෙන ඉන්නත් එපායැ. මීට සීයා."
ඩුඩ් දැන් මගේ කටහඬ කැතයි කියලද කියන්නේ එතකොට ? :'(
Deleteබලන්න ඉතින් මේ මෙච්චර දන්න මට වඩා මේ අළුත් ඇනෝ ට මේගොල්ලො ආදරේ උනු හැටි :(
රවී,
ReplyDeleteකෝ අද ගුරුවරිය (බිරිඳ) ගැන මොකවත් ලියලා නැහැනෙ. අමතක උනාද?
අර බූ මටුල්ල ගැන ටිකක් කියන්න හිතුනා. පොල් ගස් වල ගොප් අත්ත, ඒ කියන්නේ අග්‍රස්ථ අන්කුරයෙන් වැඩෙන ලපටි පත්‍රය (එයට කියන්නේ අත්ත කියලා) ලපටි කාලේදී ආරක්ෂා කිරීමට ආවරණයක් හැදෙනවා.මෙය දුඹුරු පැහැති දැලක් වගෙයි.පොල් පිත්ත හැදුනාට පසුවත් මෙය ගසේ කරඬුව බදාගෙන තිබෙනවා. රා පෙරීමට ගන්නේ මේ බූ මටුල්ලයි.මේකට විද්‍යාත්මකව modified leaf base කියා කියනවා.
දයා මහත්මා,
Delete/කෝ අද ගුරුවරිය (බිරිඳ) ගැන මොකවත් ලියලා නැහැනෙ. අමතක උනාද?/
දයා මහත්මා,
හපොයි නැහැ..ඒ යෝදි කොහේ අමතක වෙන්ටද? හෙහ්..හෙහ්...
මම මේ ලියන ශෛලිය එහෙමයි දයා මහත්තයා..."අයාළේ ගිය සිතක සටහන්" ඉංග්‍රීසියෙන් කිව්වොත් "About this, that and every other thing under the sky..."
මටුල්ල විස්තර කලාට බොහොමත්ම ස්තූතියි. උඩහ උදය පින්තූරෙකුත් දාල තියනව. දැන් පැහැදිලියි සක්සුදක්සේ...:)
බූ මටුල්ලෙන් තමයි රා පෙරන්නෙ.
ReplyDeleteපැනි හකුරු හදනවනම් උනු කරන්න කලින් තෙලිජ්ජ පෙරන්නෙත් ඕකෙන් තමයි.
Thanks Ano...:)
Deleteරවී ගේ පරණ පොස්ට් කියවන ගිහිල්ලා ආණ්ඩු කරන හැටි කියන රන්දිල් නෝනගෙ මෙන්න මේ පෝස්ට් එක හම්බුවුණා. ඒක නම් මරු. හුදී ජන පහන් සංවේගය උදෙසා ඒක නැවත පල කරා ලෙස ඉල්ලා සිටිනවා.
ReplyDeleteඉයන්,
Deleteඔය අම්මණ්ඩිට මාර නිර්මාණාත්මක හැකියාවක් තියෙන්නෙ ඇත්තම කිව්වොත්.
ඒත් අර නානසාරගෙ බණ අහල සිංහල ජාතිය නඟාහිටවනවයි කියල අදිස්ටාන කරගෙන අනික් සියලු කටයුතු ඒ වෙනුවෙන් කැප කරලයි ඔය ඉන්නෙ.
එහෙම නැත්තං එහෙම ආය දෙකක් නෑ හොඳම බ්ලොගර් සම්මානෙ ඔය යෝදිට හම්බවෙන්නෙ මීට සෑහෙන කලකට ඉස්සෙල්ල...හෙහ්,හෙහ්,
රවි උන්නාන්සෙ මටුල්ල දන්නෙ නෑ???????????
ReplyDeleteඑහෙම නැත්නම් අපේ දැනුම ටැස් කොරනවද?
ප්‍රා,
Deleteඅනේ නෑ බොලේ...ගෝඩ් ප්‍රොමිස්..අයි ඩිඩ්න්ට් නෝ...:)
ඔය නේවාසික ව්‍යාපාර කලමනාකරු තාම ඉන්නව මහවැලියෙ. ඔය ලියුං එහෙම එවන්නෙ හිටිගමං. මට නං ඒ නම දැක්කම මැවෙන්නෙ කාගෙ හරි මුදලාලියෙක්ගෙ ගෙදරක බෝඩිං වෙලා ඒ මුදලාලිගෙ වෙළහෙලඳං බලා කියාගෙන පොත්පත්වල ගනං හිලවු ලියාගෙන ඉන්න මැනිජර් මහත්තයෙක්. ඔය නේවාසික ව්‍යාපාර කලමනාකරු තමුං නේවාසිකව ඉන්න ඉස්තෝප්පු කාමරේ කෙලිං සාලෙ කනප්පුවක් තියාගෙන දවසෙ ගනං හිලව් ලියනව. ඔය අල්ල පනල්ලෙ මුදලාලිගෙ දුවෙක් එහෙම හිටියොත් ආං ඒකිත් චීත්ත ගවුං ඇඳං කොණ්ඩ කරල් දෙකට ගොතං ඇවිල්ලා ඔය මැනිජර් මහත්තයා ලියුං කියුං කරන තැන කැරකිලා අහක්කවෙලා ඒකව දැපනෙ දමාගන්නව. අන්තිමට ඔය මංගල්ලෙ මුදලාලිගෙ කනට ගෙහුං මුදලාලි ඒකව ගමෙම්ම එලෝ දානව. එහෙම කරාට ඇත්ත හේතුව ගමට රටට කියන්න බැරි හංදා ගමේ එවුං අහද්දි "ඒකා ගානිං ගානිං මගෙ සෑහෙන සල්ලියකට විදලයි ඔය පැනල ගියෙ. මාත් ඉතිං විස්සාස කොලා. අන්තිමට මයෙ හොඳවෙලාවට මේකගෙ මගඩි අහුවුනේ" කියල කියනව. ඒ අතරෙ මුදලාලිගෙ දුව තමුංගෙ කාමරෙං එලිය බලන්න තියෙන කෙලිං අතට පොලු හයිකරාපු ජනේලෙ පහල බාගෙ වැහෙන්න තියෙන තිර බාගෙට උඩිං ඈත බලාගෙන ඉකි ගගහ අඬනව. මූන දිගේ ඇහැට දෙපැත්තෙං හංගොල්ලෙක් ගියා වගේ කඳුළු පාර දිලිසෙනව. ආං එතකොට මුදලාලිගෙ ගෙදර වත්ත මායිමෙං අර නේවාසික ව්‍යාපාර කළමනාකරු මතුවෙනව. ඉතිං කෙල්ලට සංතෝසෙ බැරුව කෑගැස්සෙනව. "නේව්‍යාක අයියා...." ආං එ් බෑඟිරිගෑමට මුදලාලිගෙ ගෝලබාලයො ටික එතැනට කඩා පයිනව. ආයි ඉතිං නේවාසික ව්‍යාපාර කළමනාකරුට ඉස්පිරිතාලෙ නේවාසික වෙන්න වදිනව ලාඩප්ප පොලු, උදලු මිටි, පොල් පිති පාරවල්. "බුහා... ඉජා..... අහුග්.... බුහා....."
ReplyDeleteමේක මෙච්චර දුර යන්න බෑ නේ. නවත්තන්නං
ඒ කාලේ මහවැලියට කියුවේ කඩිනම් මහවැලි ව්‍යාපාරය කියල.. ඒකෙන් තමයි ඔක්කොම ඇපොයින්ට්මන්ට් වලට ව්‍යාපාර කෑල්ල ආවේ.. මහවැලියට සම්භන්ද වෙච්චි ගොඩක් උන් නම් ඔය ව්‍යාපාර වලින් ගොඩ ගියා.. රවියා ව්‍යාපාරේ හරියට කරලා නෑ වගේ.. :)))
DeleteSuranga,
Deleteඑලද බ්‍රා..අම්මට වූඩු තාත්තට ගෝයා...බොලේ ටෙලියකට මරු කතාව....
ඊට පස්සෙ ඔන්න මෙහෙමලු හොඳේ.... ඔන්න අරූට හොඳටම තඩි බාල ඌ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කොරලලු. කෙල්ල ඇඬූ කඳුලිං වත්ත පල්ලෙහා තියන පරන වල කකුස්සට හේත්තු වෙලා විරහ ගීයක් කියනව මෙහෙම....
අහෝ මගේ නේ.ව්‍යා.ක. පෙම්බරා,
අද සයනයෙ දපලා උඩුකුරා,
ඉන්නේ මා නිසා නේදෝ අංකූරා,
මගෙ දුක ඔහුට කියන්නකො බත්කූරා,
අහෝ මේ ලොව හරිම කූරයි කූරයිනේ,
නේව්‍යාක අයියට ගැහුවේ කලුවයි බූරයිනේ,
බළල් තඩියගේ නැට්ට පෑගුනොත් සූරයිනේ,
අහෝ මේ ලොව හරිම කූරයි කූරයිනේ,
සූරූ...ස්...සූ...රූ...ස්...හාක්ස් තුහ්ප්..(ඒ ඇවිල්ල කෙල්ල හොටු හූරල උගුර පාදල කෙළ ගහන සද්දෙ )
කළ්‍යාණ,
Deleteමුලින්ම පටන් ගත්තු දවස්වල (1970 විතර) කිව්වයි කියන්නෙ මහවැලි සංවර්ධන මණ්ඩලය කියල. කෙටියෙන් ම.ස.ම. ඕකට ඒ කාලෙම කියන්ට ගත්තලු මහා සල්ලි මංකොල්ලය/මහජන සල්ලි මංකොල්ලය කියල...හෙහ්,හෙහ්,
1979 විතර තමයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියල නම් කරල තියෙන්නෙ...
// අහෝ මේ ලොව හරිම කූරයි කූරයිනේ,
Deleteනේව්‍යාක අයියට ගැහුවේ කලුවයි බූරයිනේ //
අඩෝ මේ, ඔවුවට එන්ට එපා හරිය.. මේ පැත්තක හිටපු මාව අල්ලගන්ට එපා, නේව්‍යාක අයියට ගහලා තියෙන්නෙ කමියයි, ඉවානයයි කියලා ඇසින් දුටු සාක්ෂි තියෙනවා..
//
Deleteඅහෝ මගේ නේ.ව්‍යා.ක. පෙම්බරා,
අද සයනයෙ දපලා උඩුකුරා,
ඉන්නේ මා නිසා නේදෝ අංකූරා,
මගෙ දුක ඔහුට කියන්නකො බත්කූරා,
අහෝ මේ ලොව හරිම කූරයි කූරයිනේ,
නේව්‍යාක අයියට ගැහුවේ කලුවයි බූරයිනේ,
බළල් තඩියගේ නැට්ට පෑගුනොත් සූරයිනේ,
අහෝ මේ ලොව හරිම කූරයි කූරයිනේ,
//
කවුරුහරි වැදගත් කෙනෙක් මේක දැක්කොත් ඊළඟ චිත්‍රපටියට ගී ලියන්න රවී තුමාට ආරාධනා කරනවා, ෂුවර්.
අනේ අම්මේ,, මේ කොමෙන්ට් කියවලම හිනාවුණා. බොහොම ස්තූතියි මචන්ලා
Deleteඔය සූටි කයියට අපේ ගමේ කියන්නෙ හචුං කූල්ලා. වැද්දො නං කියන්නෙ හාතානං පොල්ල කියලනෙ.
ReplyDeleteආ ඇත්තද අපේ පලාතෙනම් කියන්නෙ Xයිය කියල.
Deleteසුරංග,
Deleteහේන් කුරුල්ලා කියලත් කියනව....
අඩේ සිරාවටම? වැද්දො කියන්නෙ හාතානං පොල්ල කියලද?..මරු නම...:)
Ano,
Deleteකොහෙද අප්පා ඔය පළාත?...:)
කිරිඅම්මත් හැකර්වරියක් නෙවැ.
ReplyDeleteසුරංග,
Deleteආය මොනවද?....:)
හරිම ආසාවෙන් කියෙව්වා...අතීත මතක අවුස්සන එක නම් කියල වැඩක් නෑ නේද
ReplyDeleteවිසිරි,
Deleteමොනව කියනවද අප්පේ... ඒ වගෙ සුන්දරදෙයක් තවත් තියනවද? "Ambling down memory lane"...:)
Surath Wickramasinghe kiwwahama mathak une, Mr. Edmond nethi unane, kiyanna amatha una
ReplyDeleteරන්දිල්,
Deleteහප්පච්චියේ ඒ කවද්ද? පහුගිය පාර ආවම මට එඩ්වින් මහත්තය මුණ ගැහුනෙ නෑනෙ. මට ඒ වෙලාවෙ නිකමට හිතුන ආයම එතුමා මුණගැහෙන එකක් නැත්දෝ කියල...අන්තිමට කොහොම හරි ඒ සිතුවිල්ල ඇත්තක්ම උනා එහෙනං...
Randil,
Deleteසොරි සොරි මේ කියන්නෙ එඩ්මන්ඩ් මහත්තය ගැන නේද?...අයි වෝස් මිස් අන්ඩස් කර්ටඩ්. So sorry.
දැන් ඔය සූටි කයියායි ගුරුවරියගේ මතකයයි සම්භන්ද වෙන්නේ කොහොමද.. ආ.. එක්කෝ ඒවා ඕනි නෑ.. හැක්. ආච්චි අම්මගේ සීරිස් එක කියවන්න බලාගෙන ඉන්නවා.. පොරොන්දු උනානං ඉතිං ලියන්නම වෙනවා.. :)
ReplyDeleteකළ්‍යාණ,
Delete/දැන් ඔය සූටි කයියායි ගුරුවරියගේ මතකයයි සම්භන්ද වෙන්නේ කොහොමද./
උඹත් බං මේ යහපාලන ටොයියො වගේනෙ.ඕන නැති එව්වමයි අහන්නෙ...දැං බලපං අර ගොමා සංගමේ දහ අතේ දිවුරනවනෙ සයිටම් එකේ ඉන්නෙම යංතං ඒ ලෙවල් පාස් කොල්ලො කෙල්ලො කියල.
එහෙයි එහෙයි ජොස්තර හාංදුරුවනේ කියල ඒ කතාව පිළිගන්නෙ නැතුව අහනව ගොමා එකේ ලේකමාගෙ ඒ ලෙවල් රිසල්ට්ස් මොනවද කියල? ඕන ඇති දෙයක්ද ඒ ඇහුවෙ?
හොඳ වෙලාවට එතුමාට ඒ එල් රිසල්ට්ස් මතක තිබ්බෙ නෑ. මතක තිබ්බනං එහෙම කොහොමද? ජාතික අර්බුදයක් දක්වා මේ තත්වය වර්දනය වෙන්ට තිබ්බ නේද? ඒ හින්ද ඔය වගෙ නොහොබිනා ප්‍රස්න අහන්ට එපල්ල.
ගිය අතීතෙක හිටිය මාගේ ආත්තම්මා සිහිවුණා
ReplyDeleteබිය ක් නැත ඈ ගැන ලියන්නට කාරුණිකබව ඉතිරුණා
සිය මුණුබුරන් වෙණුවෙන් ඇගෙ ආදරේ හිත බරවුණා
මෙය බැලූවිට මගේ නෙතඟට කඳුලු බිඳුවක් මතුවුණා......
ජයවේවා!!!
Thanks Dumee,
Deleteකවි පිළිතුර පසුව.....:)
Ravige aththammaa red indianda? Tab eke sinhala awul.
ReplyDeleteකුමාර,
Deleteකිව්වත් වගෙ මේ රූපෙ රතු ඉන්දියානු පෙනුමකුත් තියනව නේද? මම සර්ච් කලේ "'Old woman with wrinkles" කියල. මේ වගෙ එව්ව තමයි ආවෙ...:)
සූටි කයියා ඒක මරු නම
ReplyDeleteආවෙ නැති නිසා හුඟ දවසකින් සෑහෙන්න කියෙව්ව මහන්සී..
නැත්ත සීතල වතුර වීදුරුවක් එහෙම
ගිහිං එඤ්ඤාං...
Thanks Mahesh,
Deleteදැක්කෙ නම් නෑ තමයි හුඟ දවසකින්...:)
පුඟුලා? ඒ වචනේ ගැන විග්‍රහයකුත් කොරා නම් තමයි හොඳ.
ReplyDeleteඅර තාපසයාගේ කතාව අපි දන්නේ නෑ හොඳේ. ඒ ගැනත් සලකා බලනු මැනවි. මේ අත්තම්මා ගැන කලිනුත් කිව්වා මටත් මතකයි. අර රතු කෙල්ලෙක් හොයාගන්නෙයි කියල තිබුනේ. එතකොට ඔහේ කියලා තිබුනේ හම ගහලා ගන්න වෙනවයි කියලා
Sayuri,
Delete/පුඟුලා? ඒ වචනේ ගැන විග්‍රහයකුත් කොරා නම් තමයි හොඳ. /
පුඟුලා කියන්නෙ පුද්ගලයා කියන එක.
"එකල්හි ඒ සැදැහැතිවූ පුඟුල් තෙම ඉස්සෝදා නහා පියා සුදු වතින් සැරසුණේ බුදුන් වහන්සේ බැහැ දකිණු වස්......."
/අර තාපසයාගේ කතාව අපි දන්නේ නෑ හොඳේ./
තාපස කතාව ඇවිල්ල ටිකක් Soft porn වගේ . ඒ නිසා ලියම්දෝ නොලියම්දෝ යන දෙගිඩියාවෙන් පසුවන්නේ වම්හ....:)
ආච්චි අම්මාගේ කතා සැට් එක් කියවන්න බලන් ඉන්නේ, ඉක්මනින් ලියන්ට රවි මහත්තයෝ....
ReplyDeleteරවි ලොක්ක මේක දැක්කද ? http://economatta.blogspot.com/2017/06/blog-post_3.html
ReplyDelete***
"සර්, තව මොනව හරි ඕනැද? නැත්නම් බිල ගේන්නද?"
"බිල ගේන්න. හැබැයි ඊට කලින් මට තව එක දෙයක් අහන්න තියෙනවා..."
"අහන්න, සර්!"
"තමුසෙ කාගෙන්ද අර සූටි කයියා වචනේ අල්ල ගත්තේ?"
"ඒකද , සර්? ඒක ටිකක් පරණ කතාවක්. මෙතන වැඩට එන්න කලින් ඉලන්දාරියා කාලේ මං අභයගිරි ප්‍රොජෙට්ටේකේ වැඩ කළා. ඕක එතැන වැඩ කරපු මහත්තේක්ගේ වචනයක්!"
"මරු වචනයක්නේ ඕයි!"
"අපෝ, ඔය මනුස්සයාගේ වචන ගැනනං කියල වැඩක් නෑ. ඔන්න දැන් ටික කාලෙක ඉඳල නිදහස් සිතුවිලි කියල බ්ලොග් එකකුත් ලියනවා.."
"එතකොට තමුසේ බ්ලොග් පාඨකයෙක්?"
"ඉස්සර කියෙවුවා. පස්සේ නැවැත්තුවා. අර කන්සල්ටන්ට් උන්නැහේ අපේ මුදලාලිට කියලනේ වැඩ කරන අය බ්ලොග් කියෝන එක නවත්ත ගත්තොත් සේවකයො බාගයක්ම අයින් කරල රෙස්ටෝරන්ට් එක අමාරුවක් නැතුව දුවවන්න පුළුවන් කියල.."
Latta,
Deleteදැක්ක, දැක්ක..මම කමෙන්ට් එකකුත් දැම්ම ...:)
RaviJune 3, 2017 at 2:47 PM
ඉකෝන් බඩදිය බෑවට පස්සෙ අත විතරය හෝදන්නෙ? සෙක්..සූටි කයියගෙ තොංගලත් හෝදන්ට එපාය...
මම ඒ වැඩේ කරන්නෙ මෙහෙමයි...බඩදිය බාල අහක වෙලා යුරිනල් එකෙන් අඩියක් පස්සට වෙනව. යුරිනල් එකට වතුර එන්නෙ එතකොට (ඒකෙ තියනව මූව්මන්ට් සෙන්සර් එකක්) වතුර එනකොටම ඉස්සරහට පැනල සූටි කයිය හෝද ගන්නව. ඉකෝනුත් එහෙම කරල බලන්ටකො...සෝක් වැඩේ...:)
අපෙ අත්තම්ම හිටියනං උන්දැගෙ ඉහේ මලක් පිපෙයි මං මෙහෙම කිව්වම.."ආං අත්තම්මෙ අත්තම්මගෙ වචනයක් ඇමරිකාවටත් ගිහිල්ල" ඒත් එහෙම කිව්වම මගෙ ඔලුව නරක්වෙනව අත්තම්මට ඇමරිකාව කොහෙද තියෙන්නෙ කියල තේරුං කරන්ට ගියාම...උන්දැ දන්නෙ දඹදිවයි ඒරොප්පෙයි විතරයි.
ඒ කාලෙ මම ඔය මහ රෑ ඇහැරගෙන ක්‍රිකට් මැච් අහනවනෙ. වෙස්ට් ඉන්ඩීස් වල මැච් පටංගන්නෙ ලංකාවෙ වෙලාවෙං රෑ දහයට වගෙ. ඉතිං මට නිවනක් නෑ උන්දැට විස්තර කරල දීල වෙස්ට් ඉන්ඩීස් තියෙන්නෙ කොහෙද? මේ මහ රෑ එහෙ ක්‍රිකට් ගහන්නෙ කොහොමද කියල...හෙහ්,හෙහ්,
මම ඔය වෙලාවට කරන්නෙ මා ගාව තිබ්බ ලෝක බෝලෙ ගෙනල්ල විස්තර කරල දෙනව. එකක් තියෙන්නෙ උන්දැගෙ මීටරේ නියමයි.ටක් ගාල අල්ල ගන්නව.හෙහ්,හෙහ්..මම හිතන්නෙ ඉස්කොලෙ එහෙම ගියානං හොඳ තැනකට එයි ආය දෙකක් නැතුව...ඒ විස්තරේ ආයම ලියන්නං.....:)
Replies
ඉකොනොමැට්ටා EconomattaJune 3, 2017 at 10:13 PM
සනීපාරක්ෂාව අතින් ඉස්ලාම් ලබ්ධිකයින් හා මුස්ලිම් රටවල් මුල සිටම ටිකක් ඉදිරියෙනුයි හිටියේ.
මෙතඩ් එක නරක නෑ. :)
සුටයියා එහෙනම් අත්තම්මගේ සීරිස් එකත් හීං සීරුවේ පටන් ගත්ත නේද
ReplyDelete