Saturday, May 27, 2017

509. ජීවිතේ ගඟුලක්, එලෙසම සෙනෙහසද කවියක්....


නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර

ජීවිතේ ගඟුලක්,
ගලායන නඟා රැළි සහසක්,
සෙනෙහසත් කවියක්,
ලියැවුනු ඔබ නෙතඟ රහසක්,

ප්‍රේමයේ අබිමන්,
පසක් කල රත ලවන මදහස්,
නෙතට නොව කවදත්,
සිතට දැනුනේ ඔබේ මුදු සෙනෙහස්,

පෙර බවෙක නිකැලැල්,
සිටම බැඳි පෙම් දමක අනුහස්,
ඔබේ හද පුදසුන්,
මතම පිදුවෙමි සෙනෙහෙ මල් කැකුළක්,

දසත මල් උයනක්,
විකසිත සෙනෙහසක සුවඳක්,
සසර මඟ වෙහෙසින්,
මුදවන ඔබේ සෙනෙහස……….
මහමෙරක්,
මසිත් සනහන…..
ස්නේහයේ ගඟුලක්,

කසුන් නයනජිත් සහ සත්‍යා නිර්මාණී……

මා දයාබර සොයුර, සොයුරිය…...

ඔබ දෙදෙනගේ සෙනෙහස සසර වසන තුරු නොවෙනස්ව පවතීවා යයි ඉත සිතින් පතන්නට රන්දිකා ද මා හා එක්වන්නීය!!!

22 comments:

  1. පැතු පැතුම් පිරී
    සිත් පහන් දිලී
    නව වසන්තයක් ඇරඹී
    දිවි ගමන් මගේ
    කිත් යසස් ලැබී
    නිති තුටිං ඉන්න පතමි !




    ReplyDelete
  2. සොඳුරු වූ දෙහදක්
    එකතුවන දවසක්
    දුමීගෙන් පැතුමක්
    දෙමිය සතුටින් රැඳුණු දිවියක්....

    ජයවේවා!!!

    ReplyDelete
  3. නව යුවලට ජයවේවා!!!
    මැයි මාසේ, හොඳ මාසේ

    ReplyDelete
  4. ලියමින් දෙපල එක්වී බ්ලොග් ලොව පේලී...
    අහසෙන් එන්න කියුවා මතකෙට පැමිණී...
    කසුනා සමග නිර්මාණීය හද බැඳුනී...
    ...........................

    යකෝ මේක සම්පූර්ණ කොරහල්ලකො.

    ReplyDelete
    Replies
    1. අහසින් යනව දෙන්නා ඉන් පසු පෙනුනී.

      Delete
  5. පාලොස්වක සඳ පායනු වැන්නේ
    සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
    සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා
    පුරුවේ කල පින් අපිට කොයින්දා

    සැතපෙන නින්දෙදි
    රෑ තුන්යම සීන හතක් පෙනුනා
    සඳ කිදුරෙකු ලෙසිනා
    එම සද නුබේ රුව නෙත ඇදුනා

    සිවුමැලි වත දකිනා මා
    නෙත ආල මතින් බැදුනා
    මියුරු තෙපුල් නගනා
    සවනත බිගු ගී රැවු නගනා
    සවනත බිගු ගී රැවු නගනා

    කියාගන්න බැරුවා
    හිතුදේ තොල් අතරේ රැදුනා
    මනාපදෝ මන්දා
    මා සිත ආදර මල් පිපුනා

    තුන්හිරි ගෙලට ලදේ
    රිදියෙන් මාල පොටක් දෙන්නා
    එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා
    නැකතට කැන්දාගෙන යන්නා

    ReplyDelete
    Replies
    1. එරබදු මල් මාසෙ නෙමෙයි බොල කැන්දන් යන්නෙ ජූනි මාසෙ.

      Delete
  6. //සසර මඟ වෙහෙසින්,
    මුදවන ඔබේ සෙනෙහස……….
    මහමෙරක්,
    මසිත් සනහන…..
    ස්නේහයේ ගඟුලක්,//

    අත්දැකීමෙන්ම ලියවෙන පදද?

    නිර්මාණි සහ කසුන් වෙනුවෙන් මගේ සුභ පැතුම මෙතන

    ReplyDelete
  7. දිවි රස ලැබූයේ ඔබ සිනිඳු පහසින්
    සෙනෙහස ඉතිරුණේ ඔබ මුදු කටහඬින්
    සිත නුඹේ අදරින් පිරි ඇති බව
    හැඟුනේ සවනට කොඳුළ රහසින්

    - සුපැතුම් සත්‍යා නිර්මාණි ~ කසුන්

    ReplyDelete
    Replies
    1. //සිත නුඹේ අදරින් පිරි ඇති බව
      හැඟුනේ සවනට කොඳුළ රහසින්//

      nice

      Delete
  8. උණුසුම් සුභ පැතුම්!!!!

    ReplyDelete
  9. අපි හැමෝම වෙනුවෙන් ............
    එල ද බ්‍රා

    ReplyDelete
  10. සත්‍යා ඔබටත් කසුන්ටත් සුබම සුබ අනාගතයකට ආසිරි!!!

    ReplyDelete
  11. පතා ආ ලෙස සසරින්
    බැඳුනි අත්වැල් මෙලෙස සතුටින්
    පතනෙමි සුබ පැතුම්
    දිවි මගම ජය වෙන්න නිතැතින්

    ReplyDelete
  12. සුභ පැතුම් නංගී මල්ලී

    ReplyDelete
  13. පැදි පෙළ ලස්සනයි... අපි වෙනුවෙන් කළ නිර්මාණයට බොහොම ස්තුතී...
    රවී අය්යටත්, සුභ පැතූ හැමදෙනාටමත් අපේ ස්තුතිය...

    ReplyDelete
  14. අපතේ හද පිරි උණුසුම් සුබ පැතුම්....!

    ReplyDelete
  15. සුභ පැතුම් දෙන්නාටම....
    විවාහ ජීවිතය ගෘහස්ත ප්‍රචන්ඩක් ක්‍රියා අවම මට්ටමක පවත්වා ගනිත්වා
    ජයින් ජයම වේවා

    ReplyDelete
  16. නිර්මානි නංගිට සුභපැතුම්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...