Thursday, May 18, 2017

508. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 35 - ගොපල්ලව වලව්ව සහ දිවංගත බණ්ඩාරනායක....


ජලයෙන් පිරෙමින් පවතින මොරගහකන්ද
ජලාශය...

ගුරුවරියක සමඟ මගේ ජීවිතය ගැන මම ලියනවා බොහොම හොරයි කියල චෝදනාවක් එල්ල කරනව අපේ මානවික්ස් මෙනෙවිය. බලාගෙන යනකොට ඒ කතාව බොරුමත් නෙවෙයි. ඒ හින්ද මම හිතාගත්ත මින් මනත ගුරුවරිය සම්බන්ධ කතන්දර මාසෙකට දෙකක් වගෙ තරමවත් ලියන්ට උවමනයි කියල.

හරි එහෙනම් පහුගිය සවුද ලියපු කතන්දරේටම ඈඳල අද කතන්දරෙත් ලියන්නංකො. ඉතිං ඔන්න අපි ආස්සරේ කරන්ට පටංගෙන අවුරුද්දක් තරම ගෙවිල ගියාට පස්සෙ චරිත්‍රානුකූලව යෝජිත මනාල මහත්මියගෙ ගෙවල් දොරවල් ජනෙල් ෆෑන් ලයිට් එහෙම බලන්ට යන කාලෙ උදාවුනා.

"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?"

සඳුද උදේ මාතලෙං හයට පිටත් වෙලා කදුරුවෙල යන මේල් බස් එකේ හාමුදුරු සීට් එකට පස්සෙ සීට් එකේ ඉඳගෙන යන අතරෙ ඈ ඇහුවෙ බහින්ට කිට්ටු වෙනකොට. ඈ බහින්නෙ ඈලගෙ ඉස්කෝලෙ ගාවිං. ඇලගමුව මහ විදුහලේ ඈ ඒ දවස්වල ඉගැන්නුවෙ. අද ඈ දරුවන්ට අකුරු උගන්නපු පංති කාමරවල මාළු පීනනව ඇති. ඒ කිව්වෙ ඇලගමුව මුලු ගම්මානෙම සම්පූර්ණයෙන්ම මොරගහ කන්ද ජලාශෙට යට වුනා. මෙදා නිවාඩුවට ගියහම අපි දෙන්නගෙ අංක එකේ මුදුන්පමුණුවා ගත යුතු කාර්ය භාරය නොහොත් ඉලක්කය තමයි ජලයට යට වෙච්ච ඇගේ පරණ ඉස්කෝලෙ නරඹන්නට යන එක.

නයින්ටීන් නයින්ටි පයූව් වල අපි බැඳල නයින්ටීන් නයින්ටි නයින්වල මම රස්සාවෙං අස්වෙලා ගෙදර එනකල්ම ඈ සේවය කලේ ඔය ඉස්කෝලෙ. මම අස්වෙලා ආවට පස්සෙත් මාස හයක් තරම ඈ ඒ ඉස්කෝලෙම වැඩ කලා නුවරට ස්ථාන මාරුව හදාගන්නකල්. ඒ කාලෙ එයාලගෙ මහ ගෙදර ඉඳල වැඩට ගියේ බඳින්ට කලින් කාලෙ විදිහට. 

පස්සෙ අන්තිම දවස්වල මාතලේ ටවුන් එකේ අපේ හිතවත් අක්ක කෙනෙක්ගෙ ගෙදර නැවතිලා හිටිය. දෙදාහෙ ජනවාරි මාසෙද කොහෙද නුවර ගෝතමී එකට මාරුව හදාගෙන ආව. 

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය ඇලගමුවෙ දැනට මොරගහකන්ද ජලාශයට යට වෙලා තියෙන ඉස්කොලෙ ගැන බොහොම සුන්දර මතකයන් රැසක් ඇයට වගේම මටත් තියනව. අපි එහෙ ගත කරපු අවුරුදු හතරක තරම කාල සීමාවෙදි ඒ පාසලේ විදුහල්පතිතුමා එතකොට ඇගේ සහෝදර ගුරුවර ගුරුවරියො මම එක්කත් බොහොම හිතවත් වුනා. මම ඒ කාලෙ ඇතුලත අධ්‍යාපන චාරිකා තුන හතරකටම වගෙ සහභාගිවුන ඒ ස්ටාෆ් එකේ සහෝදර ගුරුවරු ගුරුවරියො සහ සිසු දරු දැරියන් සමඟ.

ඒ ගිය එක චාරිකාවක විස්තර මම ලිව්ව සිත්තරාගේ සමාධිය කියල කාලෙකට ඉස්සෙල්ල. ඒ අපි කොළඹ ගිය චාරිකාවක්…

ඔන්න ආයම දවසක් එයාලගෙ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවය. වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්ද...ඔව්..මට මතක විදිහට දැං ඉස්කෝලවල ස්පෝට්ස් මීට් තියන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ ඒ අතරට වැටෙන අවුරුද්දෙ කරන්නෙ අධ්‍යාපන චාරිකාවක් යන එක. ඔන්න ඔහොම මොකක්ද තමයි දැං ක්‍රියා පටිපාටිය. 

ඉතිං අර මම කිව්ව ස්පෝට්ස් මීට් එක දවසෙ දහයට වගෙ එයාලගෙ ඉස්කෝලෙට ගියා. කට්ටිය ඉතිං මාව සාදරයෙන් පිළිඅරගෙන සංග්‍රහ කරල මමත් වේදිකාවෙ පිටිපස්සට වෙන්ට ඉඳගෙන හිටිය. ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ. හැමදේම හොයල බලන්ට එපාය...එහාට දුවනව මෙහාට දුවනව ඔලුවෙ කැප් එකකුත් දාගෙන පයිල් මිටියකුත් කිහිල්ලෙ ගහගෙන...හෙහ්,හෙහ්, 

ටිකකිං ඈ ඇවිල්ල මම ලඟ  අසුනෙ ඉඳගත්ත. "හප්පේ පණ යනව අප්ප..මේ කට්ට අවුවෙ එහෙ මෙහෙ දුවන්ට ගියාම…."

"ඒක නම් ඇත්ත..මමත් මොනවහරි කරන්න තියනවනම් කියන්න.."

"නෑ..දැන් ආය එහෙමට වැඩක් නෑ..ආ..මේ ඉන්ඩකො මරු වැඩක් කියන්ට.. අර අතන ළමයි උස පනින තැන ඉන්නව නේද සුදු උස පිරිමි ළමයෙක්.."

"කෝ කවුද? කොයි එක්කෙනාද? "

"අර අත්දෙක පස්සට බැඳගෙන ඉන්නෙ..අන්න..අන්න..දැං මේ පැත්තට හැරුන.."

"හරි හරි මම දැක්ක.. ඉතිං මොකක්ද ඒ ළමයගෙ විශේෂෙ? "

"හිහ්..මොකක්ද දන්නවද විශේෂෙ? විශේෂෙ ඇවිල්ල ඒ ළමයගෙ නම…"

"මොකක්ද නම?"

"දිවංගත බණ්ඩාරනායක…"

"මොකක්?" මගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා…"දිවංගත බණ්ඩාරනායක? බොරු කියන්ට එපා අනේ..එහෙමත් නං තියනවද ආය?"

"ආය බොරු කියන්නෙ මොකටද මං? ඔය ළමය මගෙ පංතියෙ ඉන්නෙ. සම්පූර්ණ නම එච්. එම්. ඩී. බණ්ඩාරනායක. හේරත් මුදියන්සේලාගේ දිවංගත බණ්ඩාරනායක…."

මම පස්සෙ විදුහල්පතිතුමාගෙන් විස්තරේ ඇහුව. එතුමාගෙ නම හේරත් අයිය. කේ.බී. හේරත්..එතුමා ඒ ගමේම කෙනෙක්. එහෙම මගෙ කුතුහලය සංසිඳව ගන්ට ඇහුව උනත් එතකොටත් මම හිතාගෙන ඉවරයි වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. හේරත් අයිය මගෙ අනුමානය තහවුරු කලා. 

"ඔව්..මල්ලි...කතාව සම්පූර්ණ ඇත්ත.... ඔය ළමයගෙ අම්ම නෑකමට මගෙ දුවෙක් වෙන්නෙ. තාත්ත නම් මෙහෙ මනුස්සයෙක් නෙවෙයි ඔන්න ඔය කළුන්දෑව පැත්තෙ…."

(කළුන්දෑව ගැනත් වචනයක් කියන්න ඕන. කළුන්දෑව තියෙන්නෙ දඹුල්ල -බකමූණ පාරෙ... ලංකාවෙ දැනට ස්ථිර සාක්ෂි සහිතව පිළිගතහැකි අඛණ්ඩව මිනිසුන් පදිංචිව සිටින පැරණිම ගම්මානයක් කියලයි කළුන්දෑව සැලකෙන්නෙ. මම කොහෙදි හරි ඔය ගැන කියෙව්ව මතකයි මොකක් හරි පර්යේෂණයක් ගැන ලියවුනු පොතක. මුළු ලෝකෙම වැඩිම කාලයක් එක දිගටම මිනිස්සු පදිංචි වෙලා හිටිය නගරය මොකක්ද කියල දන්නවද? ඒ සිරියාවෙ අගනුවර....ඩැමස්කස් නගරය. අවුරුදු 11,000 කට කලින් ඉඳල ඩැමස්කස් නගරයෙ මිනිස්සු ඉන්නවය කියල තමයි විද්වතුන්ගෙ පිළිගැනීම) 

"ඉතිං මේ මනුස්සයගෙ පරම්පරාවම ඇටුවම් බැහැපු ශ්‍රී ලංකා කාරයො. බණ්ඩාරනායක මහත්තයට තාම දෙයියන්ට වගෙ සලකන්නෙ. හැබැයි මහ මෝඩය. ඔය පත්තරවල එහෙම ලිපි පලවෙනවනෙ දිවංගත බණ්ඩාරනායක මහතා කියල. එව්ව දැකල මේ යස්සය කල්පනා කරල තියෙන්නෙ දිවංගත කියන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ මුල් නම කියල. ඉතිං කෙල්ලො තුන්දෙනෙකුට පස්සෙ කොල්ලෙක් ඉපදුනහම දැම්ම නම දිවංගත බණ්ඩාරනායක කියල ..." හේරත් අයිය සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලා.

"හෙහ්,හෙහ්, හොඳ වෙලාවට මිනිහ දැකල තියෙන්නෙ පත්තරේ ඔච්චරයි ඒ කියන්නෙ ඔය දිවංගත කෑල්ල විතරයි. කොහොමද හේරත් අයියෙ මෙහෙම නම දැම්මනං? හේරත් මුදියන්සේලාගේ පොදුජන යුගයේ නිර්මාතෘ ජනතා නායක දිවංගත බණ්ඩාරනායක කියල හෙහ්,හෙහ්," හේරත් අයියයි මායි දෙන්නම හක හක ගාල හිනාවුනා.

ඉතිං ආයම ප්‍රධාන කතාවට ආවොත්....ඒ එළඹෙන ඉරිදා අපේ කට්ටිය එයාලගෙ ගෙදර යන්ට දින යොදාගෙන තිබ්බෙ.

"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?" ඈ ඇහුව.

"ඕනෙ නැහැනෙ. මම සෙනසුරාද වරුවත් වැඩ කරලම ගෙදර යනව. සෙනසුරාද අපේ බ්ලොක් මීටිං එකත් තියනවනෙ ඒකට ඉන්නම ඕන"

පහුගිය සතියෙ වැඩ කටයුතු ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සතියේ සැලසුම් සාකච්ඡා කරන්නෙ සෑම සෙනසුරාදම උදේ වරුවෙ අපේ ප්‍රධාන කාර්යාලයෙ පැවැත්වෙන බ්ලොක් මීටිං එකේදි නැත්නම් කොට්ඨාශ රැස්වීමෙදි. ඒ ජනවාරි මාසෙ අන්තිම වගෙ. මහේ ගොයම කිරිවදින කාලෙ. කුඹුරු වලට වතුර සැපයීම බොහොම ක්‍රිටිකල්. වතුර මදිවෙලා ගොයම මැරුනොත් එහෙම ගොවි මහත්වරු අපේ ඔෆිස් වටලන්නෙ අන්තරේ කට්ටිය මෙලෝ සිහියක් නැතුව දුවගෙන ගිහිල්ල සයිටම් වහපියාව් කියල බෙරිහන් දීගෙන අධ්‍යාපන අමාත්‍යංශෙ වටලනව වාගෙ.

"මේ දවස්වල කුඹුරුවලට වතුර දෙන එක ටිකක් කේස්. අනික සම්ටයිම්ස් ලබන සතියෙ දවස් දෙක තුනක් නිවාඩු දාන්ට වෙයිද කියන්ටත් බෑනෙ.." මම ඈ දිහා හොරැහින් බලල අහල බලාගත්ත. 

"ඇයි ඒ ලබන සතියෙ නිවාඩු දාන්නෙ? "

"නෑ කියන්ට බෑනෙ ඔයාගෙ අම්ම අප්පච්චි කිව්වොත් අනේ පුතේ එහෙනං ආය තවත් බල බල ඉන්නෙ මොහොකටද? මේ එක්කම මේ යෝදිවත් එක්ක යන්ටකො කියල."

"හෙහ් හිතේ ඇති. අපෙ අම්මලට එහෙමට අහේනියක් නෑ දන්නවද?"

"හරි හරි මම කිව්වෙ එහෙම වුනොත්වත් කියලනෙ...මේ ඒක නෙවෙයි ඔයාලගෙ ගෙදර හොයාගන්න එක තමයි වැඩේ.."

"මොකද අනේ එහෙම අමාරුවක් නෑ ගේ හොයාගන්ට...අනික ඔයා හිතුවද අපි මේ ඉන්නෙ බැදි මූකලාණක කියල. එහෙම නෑ. එහෙත් ඉන්නෙ හොඳට කාල ඇඳල ඉන්න මිනිස්සු…"

"හරි හරි මම එහෙම එකක් හිතල කිව්ව නෙවෙයි ඔන්න. අනික අවුලක් වෙන එකක් නෑ සුමනෙත් අපිත් එක්ක එනවනෙ."

සුමනෙ කියන්නෙ මාත් එක්ක එකට වැඩ කරන මගෙ අතිජාත මිත්‍රය. සුමනෙ පදිංචි වෙලා හිටියෙ අළුවිහාරෙ. අළුවිහාරෙ තමයි දන්නවනෙ නේද? අර ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කලේ එහෙම.

සුමනෙ අළුවිහාරෙ ගේ හදද්දි ගෙදෙට්ට ඕන ලී අරගෙන තියෙන්නෙ ඔය අපෙ උන්දැගෙ ගමත් පහු කරල තව කන්ද උඩහට ගිහිල්ල. ඒ හින්ද ඒ හරිය ගැන සුමනෙ යමක් කමක් දන්නව. 

"දූල්ලෑව ඉස්කෝලෙ කිව්වනම් ඕන කෙනෙක් කියයි පාර. ඉස්කෝලෙට පොඩ්ඩක් එහා තමයි ගොපල්ලව මහත්තයගෙ පාරම්පරික වලව්ව තියෙන්නෙ. පාර අයිනෙම. තව හැතැම්ම බාගයක් ඇති අපේ ගෙදරට."

"හූ කීයක් විතර? "

"හූ? මොන හූද?"

"ඇයි අනේ මම හිතාගෙන හිටියෙ ඔයාලගෙ ගම් පැත්තෙ දුර මනින්නෙ හූ වලින්ය කියල"

"ඔව් ඔව්..හූ වලින් තමයි..මම කිව්වයි කියල හිතා ගන්නකො"

ගොපල්ලව මහත්තය ගැන අහල තියනව නේද? ශ්‍රී ලංකාවේ පළමුවන ජනාධිපතිතුමා. 1962 අවුරුද්දෙ මැතිණිගෙ ආණ්ඩුව බලයෙන් පහ කරන්ට කරපු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට එවකට හිටපු අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලකගෙ සහයෝගය ලැබුණයි කියන සැකය මත ඔහු ඉවත් කරල විලියම් ගොපල්ලව මහත්මයව අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කලා. විලියම් ගොපල්ලව කියන්නෙ සිරිමා මැතිණියගෙ මාම වෙන්නෙ. මැතිණිගෙ මල්ලි දොස්තර මැකී රත්වත්තගෙ භාර්යාව විලියම් ගොපල්ලවගෙ වැඩිමහල් දියණිය.

විලියම් ගොපල්ලව මහත්තය ඉපදුනෙ ඔය අපෙ ප්‍රියම්බිකා තොමෝලගෙ ගෙවල් අහල පහල තියෙන දූල්ලෑව මහ වලව්වෙ උනාට සෑහෙන කාලෙක ඉඳලම ඒ කිව්වෙ එයාලගෙ අප්පච්චි පොඩි දවස්වල වගෙ ඉඳලම ඒ වලව්වෙ ඒ පවුලෙ කවුරුවත්ම ඉඳල නෑ. වලව්ව බලාගන්ට බාරදීල හිටපු පවුලක් විතරයි ඉඳල තියෙන්නෙ. 

ජනාධිපති විලියම් ගොපල්ලව කියල එතුමාගෙ චරිතාපදානය බොහොම අපූරුවට ලියල තියනව ගුණදාස ලියනගේ මහත්මය නොහොත් ගුලි. ඒ පොතේ ඔය දූල්ලෑවෙ වලව්ව ගැන බොහොම අපූරු විස්තරයක් තියනව. පස්සෙ මම දන්න කාලෙ ඒ වලව්ව ප්‍රතිසංස්කරණය කරල තරුණ තරුණියන්ට රැකියා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියා. ඒකට මූලිකත්වය ගත්තෙ එතුමාගෙ පුතා මොන්ටි ගොපල්ලව මහතා.

"මොනවද දවල්ට උයන්න එහෙම ඕන? "

"ඔය එහෙමට විශේෂයක් නෑ. මොනවහරි ටිකක් රහට තිබ්බනං ඇති..ආ..මේ අර එක දවසක් මාළු බැදල ඔයා අරගෙන ආවෙ…"

"ආ..හරි හරි අර ඔයා රහයි කිව්වෙ.."

"අන්න හරි අන්න ඒ විදිහට මාළු බැදල තිබ්බනං ඇති...ටිකක් යහමිං බදින්ට. පහුවදා සඳුද උදේ එනකොට ඔතාගෙන එන්ටත් එක්ක ඇතිවෙන්ට."

"හාකො හාකො…" ඈ හිනාවෙලා අත වනාගෙන ඉස්කොලෙ ගාවින් බැස්ස.

ඔය මම කිව්වෙ මාළු බැදපුව එහෙම විශේෂයක් මොකවත් නෙවෙයි. මේ සාමාන්‍ය අර බිස්කට් කුඩුවල දවටල මාළු ගැඹුරු තෙලේ බදින්නෙ.අන්න එහෙම බැදපුව. 

ඔයිට මාසෙකට දෙහෙකට වගෙ කලිං සවුඳ දවසක එවුන්දැ මට දවල්ට බත් එකත් ඔතාගෙන එද්දි අර කිව්ව මාළු පෙති හත අටක් ගෙනල්ල තිබ්බ වෙනම ටිෂූ කොලේක ඔතල අයිස්ක්‍රීම් ගෙනාපු පෙට්ටියක දාල. මමයි සුමනෙයි දවල්ට එයිං අ මාළු කෑලි දෙකක් කෑව. හොඳ රසයි..

"මචං මේ ඉතුරු මාලු කෑලි හත අට නිකම්ම කන එක හරි නෑ. හවස අපි හීන්වට වගෙ මොකවත් කරමු මාලුත් එක්ක.." සුමනෙ මා දැක්ක එහෙම කිව්වෙ බත් කාල ඉවරවෙලා නැඟිටින ගමං.

එදා අපි දෙන්න ඔය සුට්ටක් ගත්ත අපේ ක්වාටර්ස් එකේ මිදුලෙ තණ බිස්සෙ වේවැල් පුටු දෙකකුත් තියාගෙන. 

"ෂෙහ්...මාර රසයි බං...දවල්ට වඩා දැන් තමයි රස…" සුමනෙ එහෙම කිව්ව දෙතුන් පාරක්ම. මම ඉතිං ඔන්න ඔය සීන් එක මතක් වෙලා තමයි අරම පොඩි බාසාවක් දාල බැලුවෙ.

ඉතිං ඒ කියපු දවසෙ ඒ කිව්වෙ ඉරිද කිසිදු අතුරු අන්තරාවක් අබග්ගයක්, කසිලියක්, හාහෝවක් විනම්බෑසයක් කැම්බැල්ලයක් නැතුව මමයි අම්මයි අප්පච්චියි සුමනෙයි එතුමීලගෙ ගෙදර ගිහිල්ල දවල්ට බැදපු මාළු පෙති හත අටක් එක්ක යහමිං බත් කාල ආපහු ගෙදර ආව. එන ගමං අළුවිහාරෙං සුමනෙව බස්සල ආව.

පහුවදා ඒ කිව්වෙ සඳුදා උදේ ඈ එනකොට බැදපු මාළු දහයක් පහළවක්ම ඔතල ගෙනල්ල මට දුන්න. රෑ වෙන්ට ඇරල සුමනෙයි මායි ගමනෙ ඊයෙ ගමනෙ විස්තරත් කතා කරමින් යංතං සංතං පදං අබිසමෙච්ච වෙන අල්ල පනල්ලෙ බැදපු මාලු සුට්ට සුට්ට හැපුව.

ඊට පස්සෙං පහු හරියටම දවස් දෙකයි ගතවුනේ. ඒ කිව්වෙ බදාදා... හීනෙං වත් නොහිතුව වැඩක් නෙව සිද්ද වුනේ. ඒ විස්තරෙත් ඇතුලුව තව ගොඩක් දේවල් කියන්ට තියනව එහෙනං ඊලඟ කතන්දරේදි ඒ විස්තර කියන්නංකො.

105 comments:

  1. අපේ ගෙවල් ළඟ ලමයෙක් ඉන්නවා ජෙනරාල් ෆොන්සේකා කියල

    ReplyDelete
    Replies
    1. Ano,

      දොඩම්පෙ මුදියන්සේලාගේ ජෙනරාල් ෆොන්සේකා කියල පන්තියෙ ටීචර් නම කතා කරනකොට ඉන්නවා කියල අත උස්සගෙන නැඟිටිනව ඇති.

      ජයසිංහ ආරච්චිලාගේ බ්‍රිගේඩියර් නානසාර ..කොහොමද ඒ නම?

      Delete
    2. ‍ Catch 22 ෆිල්ම් එකේ තියෙනවා මෙහෙම සීන් එකක්
      What's your name?
      Major, sir.
      Not your rank, I asked your name.
      No, sir. I'm a captain.
      My name is Major. Captain Major.
      Just about as clear as mud, isn't it?

      Delete
    3. ටික වෙලාවකින් මෙහෙමත් වෙනවා

      We need a new Squadron Commander.


      And you're the only major available on our headquarters staff.


      No, Major is my name, not my rank.


      That's close enough for me, Major.
      Consider yourself a major.


      I don't know anything about being a commander.


      We all have to make sacrifices, Major.

      Delete
    4. හෙනා,

      මොකක්ද බං අර මරු ආමි පැරඩි එක? අර කාලෙකට ඉස්සර අපි කතා කලේ ඒ ගැන? නියම සාජන්ට් කෙනක් එහෙම ඉන්නෙ?...:)

      Delete
    5. මොකක්ද මචං ඒ? මට මතක් වුනේ නෑනෙ.

      Delete
    6. හෙන්රි,

      මතක නෑ බං රිමෙම්බරිං ටෙලිං.... ඕකේ?

      Delete
  2. උඩ එකා ඇනෝ නෙහ් ....
    මං කියෝලා ඇවිත් කියන්නං ....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      උඹ ඔය ඇනෝව ගනං ගන්ට එපා. ඕකා පළවෙනි කමෙන්ට් එක හැටියට ඔටෝ පබ්ලිෂ් වෙන්ට ඒ කමෙන්ට් එක දාලයි තිබ්බෙ....:)

      Delete
  3. //මෙදා නිවාඩුවට ගියහම අපි දෙන්නගෙ අංක එකේ මුදුන්පමුණුවා ගත යුතු කාර්ය භාරය නොහොත් ඉලක්කය තමයි ජලයට යට වෙච්ච ඇගේ පරණ ඉස්කෝලෙ නරඹන්නට යන එක.//

    මම සති දෙහෙකට කලින් ගියා බලන්ට..... වතුර අඩි 90-100ක් විතර පිරිලා.... එතකොට දැන් පරණ ඉස්කෝලෙ බලන්ඩ පීනන්ඩද හිතං ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      මෙහෙ ලාබෙට තියනව SCUBA Diving kits. එව්ව දෙකක් අරගෙන ගිහිල්ල කිමිදෙන්ටයි හිතාගෙන ඉන්නෙ....:)

      Delete
    2. ඔය ලාබෙට තියන කිට්ස් අරගෙන පීනන්න යනවනම් අන්තිම කැමති පත්තරේ ලියල ඔක්කොම දේපල මට ලියල තියල යන්ට :) :)

      Delete
    3. මානවිකා,

      උඹට දේපල ලියල මොකටද බොල උඹ ජපනෙකුත් ලෑස්ති කරගෙන ඔහෙ පැලපදියං වෙන්ට තනනව කියලයි අපිටනං ආරංචි...:)

      Delete
    4. ඒ මානවිකාවට මොලේ තියෙනවා එහෙනම්. රවිය වගේ එකෙක් බැන්ද කියන්නේ ඉතින් මුළු ජිවිත කතාවම බ්ලොග් එහෙකනේ. අනේ අර ගුරුතුමී පව්.

      Delete
    5. හපොයි මෙහෙමත් මඩ ගැහිල්ලක් හැබෑට :D :)

      ගුරුවරී පව් වෙන්නේ මේ කතා බ්ලොග් එකේ ලියන නිසා නෙවෙයි අජිත් මහත්තයෝ, ගුරුවරී පවු උනේ අවුරුදු විසි දෙකකට උඩදි :)

      Delete
    6. නංගි ඔයා අර අහවල් රජ්ජුරුවෝ දැකල පොඩි එකා "මේන්න ...කියල කෑ ගැහුවා " වගේ වැඩක් නෙව කොලේ. ඔය වගේ ප්‍රසිද්ධ රහස් කවුරුත් දන්නවා කියන්නේ නැහැ නොව.

      Delete
  4. මගෙ යාලුවෙක් ඉන්නවා එල් සැල්වදෝරෙන් ඇවිත්.
    උගෙ නම එඩ්ගාර් මැතිතුමා, වයිෆ්ගෙ නම එලිසා මැතිතුමා.
    ලමයිනුත් එක එක මැතිතුමාල.
    මම කිව්ව වයිෆ්ගෙයි දුවලගෙයි නම් මැතිනිය කියල වෙනස් කොරාන් කියල.

    ReplyDelete
    Replies
    1. Ano,

      අපිත් එක්ක වැඩකලා ඒ කාලෙ ඒ.ජී. පොඩිමහත්මයා කියල ට්‍රැක්ටර් රියදුරෙක්. නිල ලිපි ලේඛනවල නම ලියවෙන්නෙ ඒ.ජී. පොඩි මහත්මයා මහතා කියල.

      මිනිහට පස්සෙ ප්‍රමෝෂන් හම්බවුනා. ජීප් රියදුරු. ඒත් මාසයක්වත් ජීප් රස්සාව කලේ නෑ. ආපහු ට්‍රැක්ටරේ ඉල්ලගෙන ගියා. අවුල මනුස්සයට මඩ වලක එහෙම යද්දි ඉබේම කකුල් දෙකම ඉස්සෙනව. ඉතිං ජීප් එක බහ් ගාල මඩ වල මැදම නතර වෙනව. ආය ස්ටාට් නූනොත් අපිට තමයි බැහැල තල්ලු කරන්න වෙන්නෙ. ඒ පාර වැඩේ හරියන්නෙ නෑ අම්මගෙ සරීර සවුක්කිය ගැන හිතල මිනිහ ජීප් එකෙං බැහැල ආයම ට්‍රැක්ටරේටම නැග්ග.

      Delete
    2. මොකද්ද බොල මේ කොමෙන්ට් දෙකේ සම්බන්දෙ?
      කොහෙද යන්නෙ මල්ලෙ පොල්.
      උඩ ඇනෝවත් පත බොරුවක් අත ඇරල.
      මුගෙ ටැට්ටර් කතාවත් ටොං පචයක්.
      හයියූ ඩේට

      Delete
    3. ඇනෝ,
      කමෙන්ට් දෙකේ කිසිම අන්‍යොන්‍ය සම්බන්ධයක් නෑ ඒක ඇත්ත. ඒ උනාට ට්‍රැක්ටර් කතාව බොරුවක් නෙවෙයි. ඕකා ඔය කතාව කලින් වතාවකත් කියල තියෙනව.

      Delete
    4. Ano,

      /මොකද්ද බොල මේ කොමෙන්ට් දෙකේ සම්බන්දෙ?/

      සම්බන්දෙ ඇවිල්ල කමෙන්ට්ස් දෙකම අසාමාන්‍ය නම් ගැන ලියවිලා තියෙන්නෙ....අන්න ඒකයි...:)

      Delete
    5. මගෙ යෙහෙළියක් හිටියා දිවංග කියලා

      Delete
  5. උඹ දන්නවද ඔය මනමාලියන්නෙ ගෙවල් දොරවල් බලන්න යනකොටත් යන අයගෙ ගණනක් තියෙනව. ඒක ඔත්තේ ගණනක් වෙන්න බෑ.ඉරට්ටේ ගාණක් වියයුතුයි. මම ඔය අපේ හැලපිලෑ ගෙදර යන්න ලෑස්ති වෙලා හිටිය දවසෙ ගමන යන්න හිටියෙ තුන්දෙනයි. මමයි අම්මයි අපේ මස්සිනයි. තුන්දෙනෙක් යන එකට අපේ අම්මගෙ හිත හරි නෑ. පස්සෙදී ටවුමට වෙලා එක්කයන්න කවුරුහරි ගැලපෙන කෙනෙක් එයිද කිය කියා බලා ඉන්නකොට අපේ නැන්ද කෙනෙක්ගෙ පුතෙක් ඌ සී ජී ආර් එකේ වැඩ කරන්නෙ. නයිට් ඩියුටි ඉවරවෙලා ගෙදර යන්න එනව. පස්සෙ ඌටත් කතා කරගෙන ගමන ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙම යනකොට බඳින වයසෙ(වෙන්ඩ මනමාලයගෙ) වෙන කොල්ලො එක්කන් යන්නෑ කියල අහල තියනවා මනමාලිගෙ හිත වෙනස්වෙයි කියලා.

      Delete
    2. හැලප,

      /ඒක ඔත්තේ ගණනක් වෙන්න බෑ.ඉරට්ටේ ගාණක් වියයුතුයි. /

      එහෙම කතාවක් මම කලින් අහල තිබ්බෙ නෑ බං..කොහොමහරි අපේ ගමනට ගියේ හතරදෙනයි. ඒ හින්ද අවුලක් නෑ...:)

      /නයිට් ඩියුටි ඉවරවෙලා ගෙදර යන්න එනව. පස්සෙ ඌටත් කතා කරගෙන ගමන ගියා./

      මාව එහෙම ඔය විදිහට එක්ක ගියානං මම ඒ ගෙදර ගිය ගමං ඇඳක් හොයාගෙන කට කපල නිදියනව. යනකොට ඇහැරවපල්ල එහෙනං කියල. ඒ කරල මනමලි ලව්ව බත්ගෙඩියකුත් බැඳගෙන එහෙම්මම ආපහු රෑ වැඩට යනව.

      Delete
    3. බේකර්ස් නෝට්ස්,

      එහෙමත් වෙන්ට පුලුවන් තමයි නේ?...

      ඒ එක්ක්කම ඒකෙ අනික් පැත්ත වන්ටත් පුලුවනි. මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් ඔහොම මනමාලියක් බලන්ට ගිහිල්ල ඒ ගෙදර හිටපු මනමාලිගෙ බැඳපු නැති පුංචි අම්ම කෙනෙකුට කැමතිවෙලා අන්තිමට එවුන්දැව බැන්ද..

      පුංචි අම්ම කිව්වට ඒ හැටි වයස පරතරයක් තිබ්බෙ නැතිලු. අවුරුදු පහක් හයක් විතර....:)

      Delete
  6. දිවංගත බණ්ඩාරණායක මු තාම ඉන්නවා ඇතිද

    ReplyDelete
    Replies
    1. ම්හ්හ්.. මං ෆේස් බුක් එකෙත් බැලුව.. ගුගල් කරලත් බැලුව ඔහේ නෑ බං.. (මුගේ කෙබරයක් ද කොහෙද..:))) නැහ්නන් උන්ගේ අප්පට මොලේ නැති උනාට ඌට මොලේ ඇති ඒ නම පාවිච්චි නොකර ඉන්න හරි වෙනස් කරන්න හරි.. හැක්.

      Delete
    2. නලීන්,

      ඉන්නව ඇති ඉන්නව ඇති..මම ඔය කියන සීන් එක වුනේ 1997/98 වගේ ඒ කාලෙ දිවංගතය හිටියෙ අටේ පන්තියෙ වෙන්න ඕන. මොකද අපෙ උන්දැ අටේ පන්තිය තමයි බාරව හිටියෙ . අටේ පන්තියෙ කියන්නෙ වයස 13/14 වගෙනෙ. ඒ කියන්නෙ දැං ඌට ඇති 33 හෝ 34 වගෙ. දිවංගත වෙන්ට කාලයක් නෑ...:)

      Delete
    3. කල්‍යාණ,

      / (මුගේ කෙබරයක් ද කොහෙද..:))) /

      නෑ බං ඇත්තම කතාවක්..ෂික් තොපි වගෙ සැකසහිත තෝමසුවන් (Doubting Thomas) අනාගතයෙදි මුන ගැහෙයි කියල නිකමට වත් හිතුවනම් මම දිවංගතයගෙ නම තියෙන පංතියෙ රෙජිස්ටරේ පොටෝ කොපියක් ගහල තියාගන්නව. අච්චර අඩු වයසිං ඌට අයිඩී එකක් තියෙන්නෙ බෑනෙ.

      /නැහ්නන් උන්ගේ අප්පට මොලේ නැති උනාට ඌට මොලේ ඇති ඒ නම පාවිච්චි නොකර ඉන්න හරි වෙනස් කරන්න හරි.. /

      කොල්ල ලොකුවෙලා නමේ තේරුම දැනගත්තම බොහෝ විට නම වෙනස් කරගන්න ඇති. හැබැයි ඒ කාලෙ නම් නමේ අවුලක් තිබ්බෙ නෑ. පංතියෙ කොල්ලො විතරක් නෙවෙයි උංගෙ අප්පල අම්මල උනත් දිවංගත කියන එකේ තේරුම අඳෝ සංසාරයක් දැනගෙන ඉඳල නෑ. උනුත් අර කොල්ලගෙ මහ එකා වගේම තමා.

      උගෙ අම්ම ඌට කතා කරනව කියන්නෙ ඇදල පැදල ගමටම ඇහෙන්ට...." දි..වෝ...දිවංගතෝ...බොල කෝමේ දිවා?..." ඔන්න ඔහොම...;)

      Delete
  7. අද කතාවෙ ඉතිහාසය, ප්‍රේමය ,බොන සීන් අරව මේව ඔක්කොම තියනවා නියමයි.සින්දුවකුයි,ෆයිට් එකකුත් ආවනම් ෆිල්ම් එකක් හදන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. බේකර්ස්,

      අන්න එහෙමයි අපි..... සියළු රස කළතා...:)

      Delete
  8. //ඉතිං ඒ කියපු දවසෙ ඒ කිව්වෙ ඉරිද කිසිදු අතුරු අන්තරාවක් අබග්ගයක්, කසිලියක්, හාහෝවක් විනම්බෑසයක් කැම්බැල්ලයක් නැතුව මමයි අම්මයි අප්පච්චියි සුමනෙයි එතුමීලගෙ ගෙදර ගිහිල්ල දවල්ට බැදපු මාළු පෙති හත අටක් එක්ක යහමිං බත් කාල ආපහු ගෙදර ආව. එන ගමං අළුවිහාරෙං සුමනෙව බස්සල ආව//

    මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොකර මේ ටිකට වෙනම එකක් ලියපං!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      එහෙමත් එකක්ද? එහෙනං මොකද ඉතිං කරන්නෙ? ඒකත් ලියඤ්ඤා...:)

      Delete
  9. Ravi +++++++++++++

    BTW //අර ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කලේ එහෙම//

    ත්‍රිපිටකය දෙවෙනි පාරට ග්‍රන්ථාරූඪ කලේ කොහෙදිද බං. දන්නෙ නැති නිසා අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      දෙවෙනි පාරට නම් එහෙම එකක් කරල නෑ.ඒත් පළමු වරට කියල කියන්ට යම් සිද්ධියක් දෙවෙනි පාරටත් වෙන්ට ඕනම නෑනෙ නේද?

      දැං ඔන්න බලමු උදාහරණ......

      1. පළමු වරට බලයේ සිටි ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයකින් පරාජය වුනේ අපේ නීලකාස මරා. එහෙම පළමු වරට කියල කිව්වට තවම කවුරුත් දෙවෙනි පාරට එහෙම පැරදිල නෑනෙ නේද?

      2. ලෝකයේ පළමු වරට ඉගෙනගත් නීති පීඨයක/නීති විද්‍යාලයක නමක් කවුරුත්ම නොදැන නීතිඥයකු විදිහට දිවුරුම් දුන්නෙ නාමෝල් කොලුව. ඒත් එහෙම කරපු දෙවැන්නෙක් නෑනෙ නේ?

      3. ලෝකයේ පළමු වරට බල්ලෙක් ගේන්ට රජයේ වියදමින් වෙනම ගුවන් යානයක් යැව්වෙ අතිගරු ගොට්ටා තුමා... එහෙම කරපු දෙවැන්නෙක් නැතිවුනාට අපි ගොට්ට එහෙම කලේ පලමුවරට කියල කියනවනෙ...

      4.ලෝකයේ පළමුවරට ගත්ත මිනිහෙක්වත් විකුනපු මිනිහෙක්වත් නැතුව මහා මන්දිරයක් පහල වුනේ මල්වානෙ...ඒකෙත් එහෙම වෙච්චි දෙවෙනි අවස්තාවක් නෑ...

      5.ලෝකයේ පලමු වරට රටක ජාතික ක්‍රීඩා කණ්ඩායමක නායකය රටේ නායකයගෙ වැඩිමල් පුතා වෙනකොට අනික් පුත්තු දෙන්නත් ඒ කණ්ඩායමේ සාමාජිකයො. එහෙම උනේ මෙ අපේ සිරි ලංකාවෙ රග්බි ටීම් එකේ. නාමෝලා කැප්ටන්, යෝ පුතු සහ චිචී පුතු කණ්ඩායමේ සාමාජිකයො.

      රෙෆ්‍රීලට අම්බානක නෙලල එහෙම ලංකාවෙ රග්බි ක්‍රීඩාව දියුණු කරන්ට ඒ තුන්බෑ ජටිලයින් (සමාවෙන්න් තුන් බෑ රජ පැටව්) මහත් වෙහෙසක් ගත්ත. ඒක නෑ කියනවනම් ඒ කලගුණ දන්නෙනැති පිංගුත්තරයෙක් වෙන්න ඕන..

      හරි ඉයන්ගෙ ප්‍රස්නෙට ප්‍රමානවත් පිලිතුරක් ලැබුනයි කියල මම හිතනව. තවත් කරුණු අවශ්‍යයයි කියල හිතෙනවනම් කියන්ට.... ලැජ්ජ වෙන්ට එපා...:)

      Delete
  10. පෙම්කං එක්කං ඉතිං ළඟ හිඳිච්ච
    ඇයගෙං සතුටිං මසුං නිතිලැබිච්ච
    යන්තං බැදදුං හොඳිං රසය වෙච්ච
    යන්තං සන්තං පදං අබිසමිච්ච....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Dumee,

      කංකූං තෙලට මලවපුවම හරිම සෝක්,
      සංසුං විලස ඉඳගෙන බොත හැකිය කෝක්,
      ඩංඩුං බෙරේ හඬ අහමින් කමුකො පෝක්,
      වංහුං දන්නවද වාහනෙ මිනී මෝක්,

      Delete
  11. නුවර පැත්තේ ගමක මනුස්සයෙක් ඉන්නවාලු නම යරලව රත්නායක වගේ එකක්. නම දාන්න හොඳ අකුරු ලියා දුන්නාම, ඒ සෙට් එක නමට දාලා!

    ReplyDelete
    Replies
    1. රසික,

      ඒකත් මරු වැඩේ තමයි...අහුබුදු දාපු නමක්ලු "යෝනිදානී නෙතුපියා"...:)

      Delete
  12. මං වතාවක් අත කැඩිලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා ඉද්දි ඒ ළඟ කොල්ලෙක් උන්න අපිට වඩා දෑවුරුද්දක් විතර වැඩිමල්.. උගේ නම 'ශ්‍රීමත් අලංකාර'.. මට හෙන කිචි ඒ දවස්වල ඒ නම ඇහෙනකොට.. අපේ බැච් එකෙත් එකෙක් ඉන්නවා උගේ නම 'ලස්සන කුමාර'.. අම්මප ඌ නම් නිලියක් වගේ ලස්සනයි.. හැක්.

    ReplyDelete
    Replies
    1. කුල කුමාර කියල කෙනෙකුත් කෑගල්ලෙ සිංහල පන්ති කරනවා.
      ..

      Delete
    2. Kalyana,

      කූපමණ්ඩුක උදකච්ඡර කියල මම දන්න ළමයෙක් හිටිය....:)

      Delete
    3. මොකක්ද බං ඒකෙ තේරුම - බඩ ලොකු මණ්ඩුක ද?

      Delete
    4. අජිත්,

      කූපමණ්ඩුක කියන්නෙ ළිඳේ ඉන්න ගෙම්බට. උදකච්ඡර කියන්නෙ ජලය මත සරන නැත්නම් හැසිරෙන.... ඔය හංසයින්ට, තාරාවන්ට කොරවක්කන්ට එහෙම ඒ නම කිව්වැහැකි. උදක කියල කියන්නෙ වතුරට..නිරුදක කතර කියන්නෙ වතුර නැති කාන්තාරෙට..

      Delete
    5. රවී කොහොමද ඔච්චර හොඳට සිංහල/ පාලි ඉගෙනගත්තේ . ගුරිවරියක සමග ජිවිතෙන් ලැබෙන වරප්‍රසාද වලින් කොටසක්ද

      Delete
    6. යසකුල කියල නම තියන කෙනෙක් ඉන්නව

      Delete
  13. අපේ ඉස්කෝලෙ ගුරුතුමියකුත් දවසක් කියුවා එයා වැඩකරපු ඉස්කෝලෙක දිවංගත බණ්ඩාරනායක කියලා නම තියන ළමයෙක් හිටියා කියලා... එහෙම නම් ඒ ගුරුතුමියත් වැඩ කලේ ඔය කියපු ඉස්කෝලෙමද දන්නෑ...
    තවත් ඔය වගේ නමක් ගැන එයාම කියුව... ඒත් දැන් මතක් වෙන්නෙ නෑ...


    මාලු රසයි, ගෙන්න කියපු ඇත්ත හේතුව දන්නවා නම් මාලු කවයි:D

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මේ ගුරුතුමියමද කවුද දන්නේ..පොඩ්ඩක් හොයල බලාන්.. එහෙං මාරු වෙලා ආවේ නුවරට තමයි.. :)

      Delete
    2. මං කියන ගුරුතුමියට දැන් වයසයි... විස්ශ්‍රාම ගිහින් ඉන්නේ... හැබැයි අදුනනවා වෙන්න පුලුවන්... ඒ පැත්තෙ තමයි...

      Delete
    3. ///මං කියන ගුරුතුමියට දැන් වයසයි... විස්ශ්‍රාම ගිහින් ඉන්නේ... ///

      එහෙනම් හරි, මේ එයා තමයි...

      Delete
    4. නිර්මාණි,

      අඩෙහ් අපේ උන්දැත් දැන් විශ්‍රාමිකයි නම් තමයි. ඒත් එහෙම විශ්‍රාම ගියේ කලින් ඉල්ලල....:)

      Delete
    5. ඈ එහෙමද... ඉගැන්නුව සබ්ජෙට් එක මොකක්ද අය්යේ....

      Delete
    6. නිර්මාණි,

      /ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ./

      විෂයය ඇවිල්ල සෞඛ්‍යය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය...

      එතුමිය නුවර හිටියෙ හැබැයි ගෝතමියෙ මට මතක විදිහට මාස 9 ක්වගෙ. ඒ 2000 අවුරුද්දෙ. ඊට පස්සෙ උඩුනුවර කලාපයට ආව.

      පලි- මම ඊයෙ රෑ කතා කරපු වෙලාවෙ ඔය ගැන ඇහුව.

      "මේ අර දිවංගත බණ්ඩාරනායක කතාව මතකද?"

      " ඔව්..ඔව්..මොකද අමතක? ඇයි ඒ ගැනත් අර බ්ලොග් එකේ ලියන්ටද යන්නෙ?"

      "ලියන්ට යනව නෙවෙයි දැනටම ලියල තියෙන්නෙ..."

      "අයියෝ ඒකත් ලිව්වද? අනේ මන්දන්නෙ නෑ ඔයත් කරන වැඩ.."

      "හරි ඉතිං ලිව්වම මොකක් වෙනවද? බොරුවක් නෙවෙයිනෙ...ඒක නෙවෙයි..ඔයා අර ගෝතමියෙ උගන්නපු කාලෙ ඔය දිවංගත කතාව එහෙදි කිව්වද?"

      "ඔව්නෙ...දවසක් ස්ටාෆ් රූම් එකේදි මම ඔය කතාව කිව්ව.ඊට පස්සෙ කොහොමහරි ඕක ආරංචි වෙලා එක පංතියකද කොහෙද ළමයි මගෙං ඔය ගැන ඇහුව. ඒ පාර ඒ ලමයින්ටත් මම කිව්ව ඇයි එහෙම ඇහුවෙ?...."

      Delete
    7. මම ඉගෙන ගත්තේ පුෂ්පදානෙ අය්යෙ.. මං හිතන්නේ අපේ ගුරුතුමිය අර ඉස්කෝලේ ඉන්න ඇති... එතුමිය හම්බුනාම අහන්නම්කෝ...

      Delete
  14. කතාව අපුරුයි. ඔහොම නමක් තිබෙන බව මම කළුතර පැත්තෙත් අහලා තියෙනවා. ඒත් එයා ගැනමද දන්නේ නැහැ. ඔය 'දිවංගත' උන්නැහේට දැන් වයස අවුරුදු හැටක් විතර ඇති. ළඟදීම එයාට නමට පස්සෙනුත් 'දිවංගත විය' කියා දාන්නත් වෙයිද?

    ReplyDelete
    Replies
    1. දයාවී මහත්මා,

      /ඔහොම නමක් තිබෙන බව මම කළුතර පැත්තෙත් අහලා තියෙනවා. ඒත් එයා ගැනමද දන්නේ නැහැ./

      මම කියන කතාවෙම දිගුවක් වෙන්න ඇති ඔබතුමාට කළුතරදි අහන්න ලැබෙන්න ඇත්තෙ. ඔය වගෙ කතා වැටෙන්නෙ නාගරික ජනකතා නොහොත් Urban legends ගණයට. කොහෙ හරි ඇත්තටම ඔහොම සිද්ධියක් උනහම ඒක රටපුරා පැතිරෙනව අරෙහෙ මෙහෙම උනානෙ. මෙහෙ අරහෙම උනානෙ කියල.

      අර ඉංග්‍රීසි ගුරුතුමා සහ කුල්ල කතාව, දශරථගේ දුන්න කැඩුවේ කවුද? කියල පාඨශාලා පරීක්ෂකතුමා අහපු කතාව වගෙ කතා වැටෙන්නෙත් මම හිතන්නෙ ඒ ගණයට.

      /ඔය 'දිවංගත' උන්නැහේට දැන් වයස අවුරුදු හැටක් විතර ඇති/

      නෑනෙ වැඩිම උනොත් ඒ ළමයට දැන් 33/34 වගේ ඇති...ඒ වයස ගණනය කරපු විදිහ මම උඩහ නලීන්ට ලියපු ප්‍රතිචාරයෙදි ලිව්ව...:)

      Delete
  15. චහ් අර මගුල් බලන්න ගිය කථාව තව ටිකක් ඇද්ද නම් හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      හරි හරි අදින්න ඕනම නම් අදින්නං..අයෑම් එවර් රෙඩි...:)

      Delete
  16. "දිවංගත බණ්ඩාරනායක"මරු නම. පත්තරවල නැසීගිය/අභාවප්‍රාප්ත වගේ එකක් තිබ්නම් :)

    ඔය මොරගහකන්දට යන පාරෙ කොන්දොස්තර කෙනෙක් නේද අඹන කට්ටිය බැහැගන්න කියල තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. °•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔව්..ඔව්...ඔය යන පාරෙ හම්බ වෙනව අඹන හන්දිය කියල තැනක්. එතන වෙන්ටැ ඔහොම කියන්න ඇත්තෙ...

      Delete
  17. මාෂල් ජනතා කියල ගායකයෙක් හිටිය නේද? ජාවා එකෙක්ගේ නමක් තියනවා බැට්මන් බින් සුපමෑන් කියල. සුද්දෙක් ඉන්නවලු ක්‍රිස් පී. බේකන් කියල.

    ReplyDelete
    Replies
    1. මාෂල් ජනතා තරුණ සේවා සභාවෙන් ඔය චන්ද්‍රලේඛා ලත් එක්ක බිහිවුන සමකාලීන ගායකයෙක්.

      Delete
    2. අජිත්,

      මාෂල් ජනතා තරුණ සේවා එකෙන් අයින් කලා මට මතක විදිහට. ඒ කාලෙ කතාව පැතිරුනෙ චන්ද්‍රලේඛා එක්ක සෙට් වෙච්ච හින්ද බලධාරීන් මිනිහව අයින් කලාය කියල.

      පස්සෙ මනුස්සය හබරණ හන්දියෙ පොළොන්නරුව යන බස් තේ බොන්ඩ නවත්තන තේ කඩේක තේ හදන රස්සාවක් කලාලු. දැන් හබරණ පොලීසිය තියෙන්නෙ ඒ තේ කඩේ තිබ්බ තැන...

      තරුණසේවා සංගීත කණ්ඩායමේ නායකය හිටියෙ ෂර්ලි වෛජයන්ත. තව හිටිය සෝමසිරි මැදගෙදර කියල දක්ෂ ගායකයෙක්.

      Delete
    3. ෂර්ලි වෛජයන්ත ගේ සින්දු අහල තියනවා

      Delete
  18. මම අහල තියන සිරාම නමක් තමයි "දෝනි දේශාභිමානී". ඒක අහුබුදු සූරීන්ගේ වැඩක්. මමත් කාටහරි නමක් තියන්ට බලාගෙන ඉන්නවා පූටිකා උත්ස්වේදනී කියලා, තාම චෑන්ස් එකක් ආවේ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ආය අර අහවල් දේකටද කාටවත් තියන්නෙ ඒ වගෙ අපූරු නම්? උඹේ දුවෙකුට තියාගං...:)

      Delete
  19. මේක කියවන ගමං බට්ටික කාගත්තා. අනේ සාලේ මුන්නැහැ ගුරුවරීට කියල අවුලුපත්හදෝගෙන තියෙන හැටි. මාත් එකගමනක් අපේ අම්මගෙ අත්තඩංගුවෙ තිවිච්චි වයිට් ඩයමන් කොටෙයක් ගත්තා ඔයාකාරම සම්‍යක් ප්‍රයෝගයකිං.

    ReplyDelete
    Replies
    1. Suranga,

      අපේ ගෙදර ඒ කාලෙ උනේ ඕකෙ අනික් පැත්ත. ඉතුරුවෙන කොට අම්ම යටි මඩි ගහගන්නව හීතලකට බඩේ අමාරුවකට එහෙම සුට්ටක් ගත්තම හොඳයි කියල...;)

      Delete
  20. ඔය කියන කාලේ දුල්ලෑව වලව්වේ ගෙදරක හිටිය නසරාණි අම්ඩෙක්, දිවංගත ගොපල්ලව මෑන් ගේ සීය කියල තමා කීවේ නම්.

    ReplyDelete
    Replies
    1. Nut,

      වෙන්න ඇති ඔය විලියම් ගොපල්ලව මහත්තයගෙ අම්මගෙ ගම. අම්මගෙ නෑදැයො තාමත් එහෙ ඉන්නව. ඒ කවුරුහරි වෙන්න ඇති...:)

      Delete
  21. දිවංගත බණ්ඩාරනායක කතාව රවී මීට කලින් කිව්වා වගේ මතකයි. 2014 සුනාමි වලින් කාලෙකට පස්සේ කවුරු හරි ළමයට සුනාමි කියල නම තියල තිබුනා, තායිලන්තේද කොහෙද.

    බිස්කට් කුඩුවල දවටලා ගැඹුරු තෙලේ බැදපු මාළු කියන්නේ දිව්‍ය ලෝකේ කන කෑමක්. හැබැයි තෝර මාලුනම් තමා ගොඩක් රස. විනම්බෑසයක් සහ කැම්බැල්ලයක් වචන දෙක ඉගෙන ගත්තේ අද :)

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ ත් කතාවක් ගියා මහමෝදර ඉස්පිරිතාලෙ සුනාමි දවසේ උදේ ඉපදිච්ච ගෑනු දරුවෙකුට 'සුනාමි වාසනා' කියල නම තිබ්බ කියල ඇත්තද නං දන්නේ නෑ..

      Delete
    2. උදය,

      යස් මටත් මතකයි ඔය කමෙන්ට් එකකදිද කොහෙද කිව්ව ඔය කතාව...:)

      Delete
  22. හි හී ඒකනම් මරු.. දිවංගත බණ්ඩාරනායක....එහකොට දැණ් අර ඉස්කෝලෙ බලන්න කොහොමෙයි එතන්ට යන්න හිතන් ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      එහෙම කිට්ටුවටම යන්ට නම් වෙන එකක් නෑ. ඕනනම් බෝට්ටුවක වගෙ ගිහෑකිද මන්ද..ඒත් එහෙම යන එකේ තේරුමක් තියෙයිද මන්ද..

      වේල්ල උඩට ගිහිල්ල ආන්න අර හරියෙ තමයි අපේ ඉස්කෝලෙ තිබ්බෙ කියල අත දික්කරල කියන්නයි තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  23. අනේ මේ ලියල තියෙන්නේ.. මම හිතන්නේ මම කියපු දෙයක්, කෙනෙක් කණකට ගත්තු පළමු අවස්ථාව මේක. :)

    මම මේක කියවන්න අරන් දවස් දෙකක් විතර, ටැබ් එක තාම ලැප්ටොප් එකේ ඕපන් වෙලා ඇති. මම එහෙමම ඒක දෙකට නවලා නිදියගත්ත, ගොඩක් පස්සෙ තමයි දැක්කේ ඔබතුමා මාව සයිට් කරල තියනව කියල :)

    ඔය මාළු බදිනකොට, ලුණු, ගම්මිරිස් දාල ටිකක් වෙලා තියල බැද්දම හරි මං හිතන්නේ. දවසක හදල බලන්න ඕන, ඒත් මෙහෙ තියන මාළු මට හිතට හරි යන්නේ නෑ, පොඩි මාළු වල එහෙම හමේ හරියට තෙල්.

    ReplyDelete
    Replies
    1. කොහේ තියෙන මාළුද ඒ

      Delete
    2. අජිත්,

      ඔය යෝදි ඉන්නෙ ජැපනීස් එන්සෙපලයිටිස්...:)

      Delete
    3. ඒ ගොල්ලෝ අමු මාලු ඇරුනම බැදලත් කනවා.

      Delete
    4. තෙල් කිවුවට මේ පෝක් වගේ ගනකම් තෙල් තට්ටුවක් නෙවෙයි. පොඩි මාළු හොද්දක් කන්න ආස හිතිලා අරන් ගිහින් බැලුවම, මාළුවල හමේ තෙල් ගතිය වැඩියි. (හරියට නිකම් තෙල් සහිත වතුරක පීනලා/ බෝට්ටුවේ මාළු දාපු කන්ටේනර් එකේ තෙල් තිබිලා වගේ) හේදුවාට ගියෙත් නෑ. එදායින් පස්සේ ඒ මාළු ගත්තේ නැතුව හිටිය.

      Delete
    5. මානවිකා,

      /අනේ මේ ලියල තියෙන්නේ.. මම හිතන්නේ මම කියපු දෙයක්, කෙනෙක් කණකට ගත්තු පළමු අවස්ථාව මේක. :)/

      කිසිම කෙනෙක් ඔහෙ කියන දෙයක් සත පහකට ගණං ගන්නෙ නෑ කියන එකනෙ ඔය කියන්නෙ...හෙහ්,හෙහ්... ඒකෙන්ම පේනව ඔහෙගෙ කල්ක්‍රියාවෙ හොඳකම..:)

      Delete
  24. හොඳ පෝස්ට් එකක්, එන්. එස්. වීරසිංහ මහතාණනි

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      එන්.එස්.? එන්නා එන්.එස්.? Free thoughts?

      Delete
  25. අපේ ඩොක්ටර් මාම සෑහෙන කාලෙයක් උන්නෙ දකුණු අප්‍රිකාවෙ. එයා දවසක් කිව්ව, අප්‍රිකානුවො සමහරක් ගෙ නං පටං ගන්නෙ "නෝ" කියලලු. ඊට පස්සෙ ඉංග්‍රීසි නමක් එනවලු. එහෙම සමහර ලෙඩ්ඩු ආවලු, නම ඇහුවම කියනවලු, "නෝ එන්ජින්", "නෝ ගියර්බොක්ස්", "නෝ හෙල්මට්" වගෙ නං. තව එකෙක් දවසක් කිව්වලු, "නෝ ටෙස්ටිකල්ස්" කියල...

    ReplyDelete
    Replies
    1. මේ නම් අර ගජබින්නාලංකාරයේ තවත් දිගුවක් වෙන්න ඇති. බාප්ප මොකෝ මාම මොකෝ.

      Delete
    2. ඩ්‍රැකී එක්තරා ඉස්කෝලෙක උද්භිද විද්‍යාව ගුරුවරයෙක් හිටියා පී.නෝනිස් කියල. වැඩි දෙනෙක් ඒ නම කියන්නෙ අනික් පැත්ත හරවලා. සත්ත්ව විද්‍යා ටියුෂන් වලට ප්‍රසිද්ධ එච්.ආර් නෝනිස් ගේ මල්ලි.

      Delete
    3. ඉයන්,

      නෝනිස් ලොක්ක ගාවට මමත් ටියුෂන් ගියා පුනරීක්ෂණ වලට. ෆිසික්ස් ගියේ සේනාරත්න....අශෝකාරාමෙ සහ ඊට පස්සෙ සුභද්‍රාරාමෙ....

      Delete
  26. හැම පාරක්ම රෝමෙට වැටෙනවා කිව්වා වගෙ, අර මොන මාතෘකාව කතා කලත් අන්තිමට මැක්කගෙන් කතාව ඉවරවෙනවා වගේ, උඹේ කොයි කතාවක් කිසිම ක්වෙස්ෂන්, ට්‍රබල්, ප්‍රොබ්ලම් කචල් එකක් නැතුව අරක්කු බෝතලේකටම සෙට් වෙන අපූරුව!

    දැන් අර දිවංගත බණ්ඩාරනායක කියන එක ඉංගිරිස් වලින් කිව්වොත් Late Bandaranaike නේද? නමුත් එහෙම කිව්වගමන් මතක් වෙන්නෙ තාත්තව නෙවේ දුවව. නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. දැන් අර දිවංගත බණ්ඩාරනායක කියන එක ඉංගිරිස් වලින් කිව්වොත් Late Bandaranaike නේද? නමුත් එහෙම කිව්වගමන් මතක් වෙන්නෙ තාත්තව නෙවේ දුවව. නැද්ද හා?

      ++++

      Delete
    2. Dude,

      /උඹේ කොයි කතාවක් කිසිම ක්වෙස්ෂන්, ට්‍රබල්, ප්‍රොබ්ලම් කචල් එකක් නැතුව අරක්කු බෝතලේකටම සෙට් වෙන අපූරුව!/

      මොකද කරන්නෙ බං ඉතිං? ඇත්ත ඇති සැටියේ කියන්ට ගියාම එහෙම තමයි...:)

      Delete
  27. නියමයි..පෝස්ට් එකත් එක්ක කොමෙන්ට් ටික

    ReplyDelete
    Replies
    1. මමත් මේ උදේ පාන්දරම හිනාවෙවී ඉන්නවා.

      Delete
  28. ජැකාගේ ලක්බිමට ලියපු කොලමක තිබුන මෑන්ගෙ තාත්තා කාටද දාපු නමක්,ලමය ඉපදිලා තියෙන්නෙ ආම්ස්ට්‍රෝන් හඳට පය ගහපු දවසෙ,ලමයගෙ නම 'මනුපා සඳදිනුදා'

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෑ..ඔබ සාදරයෙන් පිළිගනිමි....:)

      Delete
    2. කුණු කන්ද වැටිච්ච දා නමක් දැම්මලු කුණුමුලී කියල හැක්

      Delete

  29. "ජනාධිපති විලියම් ගොපල්ලව කියල එතුමාගෙ චරිතාපදානය බොහොම අපූරුවට ලියල තියනව ගුණදාස ලියනගේ මහත්මය නොහොත් ගුලි. ඒ පොතේ ඔය දූල්ලෑවෙ වලව්ව ගැන බොහොම අපූරු විස්තරයක් තියනව. පස්සෙ මම දන්න කාලෙ ඒ වලව්ව ප්‍රතිසංස්කරණය කරල තරුණ තරුණියන්ට රැකියා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියා. ඒකට මූලිකත්වය ගත්තෙ එතුමාගෙ පුතා මොන්ටි ගොපල්ලව මහතා."

    ඔබගේ ඉහත සටහන සාවද්‍යි. එම පුහුණු මධ්‍යස්ථානයක ඇත්තේ වලවවේ නොවේ. එම ඉඩමේම වෙනත් බිම් කොටසකය. එහෙත් එය ඉදිකිරීමට අදිකාරිය හෝ මොන්ටි මහතා නිසි අවසරයක් වලව්වේ හීමිකරුවන්ගෙන් ලබා නොගෙන එය ඉදිකර ඇති බව පමණක් පැහැදිලිවම කිව හැකිය.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...