Monday, May 15, 2017

507. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 34 - සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ........



ජලාශයක් මත පායා දිලෙන පුන් සඳ
Google Images

පහුගිය බදාදනෙ වෙසක් පෝය. අපේ වහළෙ ස්ලැබ් එක උඩට නැග්ගම වෙසක් හඳ පේන්නෙ කරත්ත රෝදයක් තරමට. ලංකාවෙදි මම කවදාවත්ම එච්චර ලොකු හඳක් දැකපු බවක්නම් මට මතක නෑ. මට හිතෙන්නෙ කාන්තාර ප්‍රදේශවලට පුරා හඳ ලොකුවට පේනවද මන්ද. අපේ ඉකෝන් බොහෝවිට දන්නව ඇති ඒ ප්‍රශ්නෙට පිළිතුර. පහුගිය ටිකේ තාරකා විද්‍යාව ගැන බොහොම අපූරු පිලිපෙලක්ම ඉකෝන් ලියල තිබ්බ. 

අප්පටසිරි ඒක කිව්වම මතක් වුනේ. බ්ලොග් වසන්තෙට ඡන්දෙ දාන්නත් එපාය.අදද මන්ද අන්තිම දවස. කමෙන්ටර්ට නම් ඊයෙද පෙරේදද කොහෙද මනාපෙ ප්‍රකාශ කලා.

හඳ දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුනේ ඒත් මේ වගෙ වෙසක් කාලෙක වෙච්චි පරණ කතන්දරයක්. 

"හරි දැං මොකද ඔයා කියන්නෙ?" මම ඇගෙන් ඇහුව.

"හරියටම වෙසක් පෝය දවසෙ ...ඔය වැඩේට නම් මගෙ මෙහෙමයි කියල කැමැත්තක් නෑ ඔන්න.." ඈ සුරතේ මැදගිල්ලෙ අන්තිම පුරුකට මාපට ඇඟිල්ල තියල පෙන්නුව. 

"ඒ වුනාට අනේ පොඩ්ඩක් කල්පනා කරල බලන්ටකො මම කියන එක."

"මොකක්ද දැං ඔය ඔයා කියන එක?" ඈ අපි ඉඳගෙන හිටපු සෝපාවෙ මා දිහාට හැරිල හරි බරි ගැහුන.

පළමෝත අත්දැකීමෙන් මම දන්නව ඔහොම ඔය ලෑස්ති වෙන්නෙ Full frontal assault එකකටය කියල. ඒ කිව්වෙ මුහුණට මුහුණ ලා කරන දරුණු ප්‍රහාරයකට. 

අපේ විචා මහත්තය දිවිය ලෝකෙ ගිහිල්ල හින්ද දැං බය නැතුව ඔය පළමෝත කියන වචනෙ ලියන්ට පුලුවනි. විචා ඉන්දැද්දි මම එක පාරක් ඔය පළමෝත කියන වචනෙ පාවිච්චි කරල ඒ යෝදය මගෙ ඇඟට ගොඩවුනෙ නැද්ද? 

"රවී කිව්වට තරහ වෙන්න එපා. හොඳද? අපිට නිකම් මේ ආවට ගියාට වචන හදන්න බෑ. සිංහල භාෂාවෙ වචන වර නැඟෙන සම්මත ක්‍රමයක් තියනව.ඒකට පිටිං මටවත් ඔයාටවත් ඕන විදිහට වචන හදන්ට බෑ. ඔය පළමෝත කියන වචනෙ සම්මත ක්‍රමයට වර නැඟෙන්නෙ නෑ. ඒ හින්ද මීට පස්සෙ ඒ වචනෙ පාවිච්චි කරල මං නරක මිනිහයි කියල කියන්න එහෙම එපා හොඳද? "

අන්න එහෙමයි විචාරක තුමා මට සුහද තර්ජනයක් කලේ. (සුහද තර්ජනයක් කියල කියල වචනයක් ස්වභාවිකව පවතින්න පුලුවන්ද කියල නම් මටත් සැකයි කිව්වම මොකද? හෙහ්,හෙහ් ඒක බොහෝවිට මට හිතෙන්නෙ Oxymoron එකක්. සිංහලෙන් කිව්වොත් විරෝධෝක්තියක් )

ඒ පාර මම විත්ති වාචකය වශයෙන් ඉදිරිපත් කලේ ඔය පළමෝත කියන වචනෙ ඇවිල්ල හිට මගෙ නිර්මාණයක් නෙවෙයිය ඔය වචනෙ නිර්මාතෘ නොහොත් වර්ඩ්ස්මිත් ඇවිල්ල ටැබූ මහත්මයාය කියල. ටැබූ ගැන අහල තියනවනෙ නේද? ටැබූ සබ්ජෙක්ට්ස් නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා.......

විචා මගෙ කරුණු දැක්වීම තඹ සතේකට ගණං ගත්තෙ නෑ. "ටැබූ නෙවෙයි කවුරු කිව්වත් වැරදි වැඩේ වැරදිමයි.." අන්න එහෙමයි එතුමා කිව්වෙ...

හරි අපේ ගරු කටයුතු විචා තුමා පිළිබඳ ඒ ඉතා සොඳුරු මතක සටහනින් පසු ආයෙම එමු කතාවට...බෑක් ටු ද ස්ටෝරි නව්….

"මොකක්ද දැං ඔය ඔයා කියන එක?" ඈ අපි ඉඳගෙන හිටපු සෝපාවෙ මා දිහාට හැරිල හරි බරි ගැහුන.

පළමෝත අත්දැකීමෙන් මම දන්නව ඔහොම ඔය ලෑස්ති වෙන්නෙ ෆුල් ෆ්‍රන්ටල් ඇසෝල්ට් එකකටය කියල. ඒ කිව්වෙ මුහුණට මුහුණ ලා කරන දරුණු ප්‍රහාරයකට. 

"නෑ ඒයි මේකනෙ වැඩේ..මගේ ඔය එන යාලුවො ඉන්නවනෙ. උන්ට ඔය මොකවත් පොඩ්ඩක් හරි දුන්නෙ නැත්තං මටයි නරක නාමෙ" 

"හුහ්..ඒක පුදුම කතාවක්නෙ...නරක නාමයක් එන්නෙ කොහොමද හොඳ දෙයක් කරල.."

"හරි හරි ඒක අල්ලල දාමුකො...කොහොමත් මගෙ කිට්ටුම යාලුවො හත් අට දෙනෙකුට විතරයි මම මඟුලට කිව්වෙ. අනික් ඔක්කෝටම මම කිව්වෙ හෝම් කමිං එකට. ඔන්න ඒකට එහෙම තහනම් නියෝග නිකුත් කරන්ට ලැහැත්ති වෙනව නෙවෙයි තේරුණාද?"

"හරි හරි හෝම්කමිං එක ඔයගොල්ලන්ගෙනෙ. ඒක කැමති විදිහකට කරගන්ට. මම මොකවත් කියන්නෙ නෑ ඒ ගැන"

ඔන්න ඈයි මායි අවසාන වශයෙන් එකඟතාවයකට ආවෙ අන්න ඒ විදිහට. ඒකට කියන්නෙ Solving issues by using the three Cs කියල. එතන ත්‍රී සීස් කියන්නෙ ඉංගිරිසි හෝඩියෙ සී අකුර ගැන. ඒ කියන ත්‍රී සීස් තමයි Consultation, Compromise & Consensus.... සාකච්ඡාව, සම්මුතිය සහ එකඟතාව..

ඔය ත්‍රී සීස් ගැන ඒ දවස්වල කකුලෙ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි ස්ටේජ්වල කෑගැහැව්වෙ අපෙ පේමදාස මහත්තය.

අර "උස කොල්ලෝ පේළියයි, මිටි කොල්ලෝ පේළියයි, උස කොල්ලෝ සිකුරුටී, මිටි කොල්ලෝ කංකරූ" කියන අලුත් රබන් පදේ නිර්මාතෘ ගරු එස්. පේමදාස නියෝජ්‍ය නායක තුමාගෙ පියාණෝ.

ඉතිං ආයම කතාවට ආවොත් ඒ විදිහටම වැඩේ වුනා. වෙඩිං එක දවසෙ නෝ මත්පැන්. හෝම් කමිං එක දවසෙ ...හෙහ්,හෙහ්,

ඉතිං දැන් මේ යස්සය මොකද මේ හිටපු ගමං වෙසක් කාලෙක වෙච්චි මංගලෝත්සවයක් ගැන මෙලෝ සිහියක් නැතුව කියවන්ට ගත්තෙ කියල ඔබ තමුන්නාංසෙලගෙ හිත්තුල යං කුකුසක්, කුතුහලයක්, විචිකිච්ඡාවක්, අත්තකිලමතානු යෝගයක් එහෙමත් නැත්තං පරචිත්ත විජාණන ඥාණයක් එහෙම ඇතිවෙලා නිකං වැලි කැටයක් ඇහේ වැටිල කෙවෙනව වගෙ දැනෙනවනම් එහෙම සමාවෙන්ට ඕමනයි. ඒ පිළිබඳව මම පැහැදිලි කරල දෙඤ්ඤම්. 

ඈයි මායි සරණ බන්ධනගත වෙලා අදට ඒ කිව්වෙ මැයි පාළොස්වෙනිදට අවුරුදු විසි දෙකයි. ඉංගිරිසියෙන් කිව්වොත් එහෙම A  score and two years….

අදත් හඳ පායල තියනව. පාළොස්වක තරම්ම නැතුවට රන් තැටිය වගේ තියනව. මම ඈට කතා කලා. 

"මට මෙතෙන්ට අපූරුවට හඳ පේනව. ඔයාටත් පේනවද?" මම ඇහුව. 

"මෙතනට නම් පේන්නෙ නෑ..ඉන්න බලමු එළියට ගිහාම සමහරවිට පෙනෙයි…"

තත්පර තිහක් වගෙ ගත වුනා.....

"ඔව්..අනේ ෂෝක් එකට පේනව හන්තාන කන්ද උඩිං පායල තියනව…"

"හ්ම්ම්ම්..හෙටත් තියෙයිද දන්නෙ නෑ නේද හඳ?"

"තියෙයි මම හිතන්නෙ..මේ ටිකේම වැස්සෙ නෑනෙ. මම හෙටත් බලල ඔයාට කියන්නම්කො.."

"හරි එහෙම කරමු එහෙනම්... සුබ රාත්‍රියක්............"

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න, 

සඳ නිදන්න ……..

සඳ සීත ගෙන එන්නෙ ආදරේ,
දඟකාර නිල් දෑස මානයේ,
ගුලි වෙන්න රතු රෝස හීනයේ,
ලඟ උන්න තුරුලේම මා ළයේ.,

අඩවන් දෑස කීවේ,
ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ.....

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න,

සමණලිය තටු සලන යාමයේ,
මල් සුවඳ මකරන්ද මාරුතේ,
දෙතොලතර සුසුමින්ද මේ රැයේ,
නිල්මල් විලෙන් හීන වෑහුනේ,

මුසපත් සේද යායේ,
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ....

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ,
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා,
මට සිඹින්න ඇස් පියන්න,
මගෙ ආදරේ හංගන්න,

සඳ නිදන්න ……..

Artist : Raween Kanishka
Music : Raween Kanishka
Lyrics : Gihan Chamika Rodrigo




79 comments:

  1. Replies
    1. සූටික්කා,

      හෙහ් මට මතක්වුනේ අර මේ දවස්වල යන මුතුමලී ටෙලි ෆිල්ම් එකේ මිහිර සිරිතිලක රඟපාන චරිතෙ.

      මිහිර සිරිතිලක දන්නවනේද අර හිරු එෆ් එම් එකෙන්ද කොහෙද ගොන් පාට් එකක් දැම්මෙ ඒ මනුස්සයව කප්පම් ගන්ට පැහැරගෙන යන සීන්ස් එකක් ඇක්ට් කරල..අන්න ඒ පොර...

      මිනිහගෙ බොස්ට ඉන්නෙ ජනක් ප්‍රේමලාල්. ජනක්ගෙ කාමරේට එනකොට අනිවාර්යයෙන් දොරට තට්ටු කරල එන්ට කියල අණකරල තියෙන්නෙ. අර මනුස්සයට ඕක කොයි වෙලෙත් අමතක වෙනව.

      ඉතිං මිනිහ කරන්නෙ කඩාගෙන ඇතුලට ඇවිල්ල සර් මේ..කියල කතාව පටන් අරගෙන ඔය කොලේ ඔන්න මට අමතක උනානෙ කියල නලළටත් ගහගෙන එහෙම ආපහු කාමරෙන් එලියට ගිහිල්ල දොරට තට්ටු කරල එක්ස්කියුස්මී සර් මම ඇතුලට එන්නද කියල අහල ආපහු එන එක...:)

      Delete
    2. ඈ බොළ .... මාව ඒ ගානට දැම්ම එහෙනං.....

      මේ වගේ අපි ඉන්න එක ගැන තන්තෝස වෙයං ... පුහ් ....

      Delete
    3. හුටා ... මට මිස් වෙලා....

      සුබම සුබ විවාහ සංවත්සයක් වේවා ඈ .....

      Delete
    4. සූටියා,

      ගණං ගන්න එපා බං...හෙහ්,හෙහ්,

      ස්තූතියි සුබ පැතුමට!

      Delete
    5. යකෝ ..ටක්කෙටම මුගෙ හැඩරුවයි ගති ස්බාවෙයි කිවුව හැටි. හැක් ..පට්ට කාඩ් එක .. මිහිර

      Delete
  2. ලියලා තියෙන්නේ පොඩ්ඩයි නෙහ් ?

    //ඈ සුරතේ මැදගිල්ලෙ අන්තිම පුරුකට මාපට ඇඟිල්ල තියල පෙන්නුව// මේ මොකද්ද බොලේ මේ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වුණේ අනික් ඇඟිලි නමල මැඳ ඇඟිල්ල විතරක් උස්සල පෙන්නුව එකයි. රවිය බය වෙච්ච පාර වෙඩිං එකට ආපු වුන්ට ඇල් වතුරලු දුන්නෙ.

      Delete
    2. මං හිතන්නේ ඇල්ටොත් නෑ .....

      Delete
    3. සූටික්කා,

      මොනවද බං ආය පොඩ්ඩයි කියන්නෙ? ඔය මදෑ..

      එහෙම දැකල නැද්ද මොකක් හරි දෙයක් බොහොම පොඩ්ඩක් කියල කියන්ට සමහරු මැද ඇඟිල්ලෙ අන්තිම පුරුකෙ දිග පෙන්නනව.....

      Delete
    4. Ian,

      Yeah mate, You can put it in where the sun will never shine...:)

      Delete
  3. //අපේ වහළෙ ස්ලැබ් එක උඩට නැග්ගම වෙසක් හඳ පේන්නෙ කරත්ත රෝදයක් තරමට. ලංකාවෙදි මම කවදාවත්ම එච්චර ලොකු හඳක් දැකපු බවක්නම් මට මතක නෑ.//

    පළමු කාරණාව හඳ බලන තැනට සම්බන්ධ නැති එකක්. හඳ පොළොව වටා යන පථය ඉලිප්සාකාර එකක් නිසා පොළොවේ සිට හඳට තිබෙන දුර සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. ඉලිප්සයේ දිග අක්ෂයේ ඇති විට හඳ කුඩාවට පෙනෙන අතර පොළොවට ලඟින් ඇති විට ලොකුවට පෙනෙනවා. පොළොවට පෙනෙන කුඩාම හඳට වඩා ලොකුම හඳ 13%ක් විශාලයි. මෙය සැලකිය යුතු වෙනසක්. මේ දවස්වල හඳ තිබෙන්නේ පොළොවට වඩාත්ම ආසන්නව නිසා වෙසක් හඳ කොහොමටත් මේ අවුරුද්දේ ලොකුම හඳ. ලංකාවේ සිට බැලුවත් එය එහෙමයි.

    දෙවනුව කාන්තාරයක් හෝ මුහුද අයිනේ සිට බලන විට පොන්සෝ මායාව කියන දෘෂ්ඨි මායාව නිසා හඳ ලොකුවට පේනවා.
    https://en.wikipedia.org/wiki/Ponzo_illusion
    මෙතැනදීනම් වෙන්නේ ඇස සහ මොළය එකතුවී අපේ මනස රැවටීමක්.

    //විචා ඉන්දැද්දි මම එක පාරක් ඔය පළමෝත කියන වචනෙ පාවිච්චි කරල ඒ යෝදය මගෙ ඇඟට ගොඩවුනෙ නැද්ද?//
    විචා ඔය ගැන මාවත් ප්‍රශ්න කළා. විචා කියපු කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා.

    දෙවෙනි ඉනිමේ සින්දුවනම් මටත් අල්ලල ගියා.

    ReplyDelete
    Replies
    1. අන්තිමට අවයවේ අමතක වෙලානේ! සුබ විවාහ සංවත්සරයක්!

      Delete
    2. ඉකෝන්,

      බොහොම ස්තූතියි සවිස්තර පැහැදිලි කිරීමට...

      පොන්සෝ කියනකොට මතක් වුනා අපෙ අත්තම්මගෙ වචනයක්. "පොන්ස.." උන්දැ දෙහි යුෂ දොඩම් යුෂ වලට කිව්වෙ පොන්ස කියල.

      "හපෝ පුදුම ගිරීස්මයක්නෙ..පොන්ස ටිකක් හදල බිව්ව නං අමුර්තෙ වගෙ තියෙයි"

      ඔය වචනෙ හැදුනු හැටි ගැන මටත් පැහැදිලි අදහසක් තිබ්බෙ නෑ. පස්සෙ දැනට අවුරුදු දෙක තුනකට වගෙ ඉස්සර අපෙ මිස්ටර් අරුණ පෙරේරා නොහොත් අරූ ඒත් මම ඔය පොන්ස ගැන ලියපු වෙලාවක "මචං ඔය වචනෙ ඇවිල්ල තියෙන්නෙ Punch කියන ඉංග්‍රීසි වචනෙන්ය කියල පැහැදිලි කලා.අරූලගෙ ගෙදර "පොන්ස බෝල් එක" කියල වීදුරු භාජනයකුත් තිබ්බලු ඒ කාලෙ.

      /අන්තිමට අවයවේ අමතක වෙලානේ! සුබ විවාහ සංවත්සරයක්!/

      ස්තූතියි ඉකෝන්..හප්පේ අපෙ මාමණ්ඩි හිටියනම් පස්වණක් ප්‍රීතියෙන් පිනායයි උන්දැගෙ වචන ඇමරිකාවෙ හිටං ප්‍රසිද්ධ වෙලාය කියල දැනගත්තම.

      උන්දැ ආයම කියනව " හුහ්..ඇයි ඒ මිනිහ මට මක් කරන්ටද? මොකෝ මගෙ ඉන්ක්‍රිමන්ට් නතර කරන්ටය? " කියල.....:)

      Delete
  4. දිසි රවි ගුවන හැඩ වැඩින් නිති අර්ථවත් කෙරු පුන් සඳයි
    සිසි ලසක දිවි මිහිර තවරා සතුට දල්වපු රූ මලයි
    නිසි පරිදි පෙම සුගන්ධේ සුව විඳ දරාගත් සිත් දෙකයි
    විසි දෙකෙන් පසු ඉදිරි ගමනට සොයුර දුමියත් සුභ පතයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      බ්ලොග් වසන්තේ,
      මොකද නවතම ලකුණු තත්තේ?
      ගහල හරි ගං කොල්ලො ඔය සම්මානේ,
      මරා ලොක්කට අර කවුද කිව්වාසේ,

      Thanks Dumee!

      Delete
    2. හැ ගහල ගන්ඩ එව්වා හදේ

      Delete
  5. මෙවැනි පිස්සු විකාර මැද ඔලුව හොඳිං තියාගෙන අවුරුදු විශි ධෙඛක් හිටි එටුමිය දිරිමත් කාංතාවක්.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඇයි බොල එහෙම දිරිමත් කාංතාවක් එක්ක වසර විසිදෙකක් ඉහ ගහගෙන හිටිය එකට මට වෙනම සම්මානයක් දෙන්ට වටින්නෙ නෑද?

      ඩිරිය කට...:)

      Delete
  6. හැපි ඇනිවර්සරි ටු මිස්ට ඇන්ඩ් මිසිස් වීරසිංහ.

    ReplyDelete
  7. ඔන්නඉතින් දෙන්නටම අපෙනුත් සුභපැතුම්... විශේෂයෙන්රවිඅය්යගෙ අක්කට... මොකද මේ වගේ පිස්සු හුටන් කෙනෙක් එක්ක මෙතුවක් කල් යෙහෙන් උන්නට...

    ඒ සිංදුව න් හරිම ලස්සනයි... අහපු පළවෙනි වතාවෙම හිතටවැදුන...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි දන්නවද ගුරුවරියෝ හැමදාමත් කියන්නේ අපි ඊයේ නවත්තපු තැනින් පටන් ගම්මු කියලලු. ඉතින් හැමදාමත් හැම දේම අලුත් ලු.

      Delete
    2. නිර්මාණි,

      හොඳ සිංදුව නේද? ස්තූතියි ඔබටත් නිර්මාණි...:)

      Delete
  8. සුබ ඇනවසරියක් වේවා දෙන්නටම ඈ....... හර හඳ බැලුවැයින් පස්සේ වෙච්චි දේවලුත් මේ විදියටම රහ කොරලා ලියන්න බැයිද රවී.

    ReplyDelete
    Replies
    1. නලින්,

      හඳ බැලුවට පස්සෙ ඉතිං මක් වෙන්ටද? යං තං සංතං පදං අභිසමෙච්ච වෙලා ඊට පස්සෙ සැතපුණා...:)

      Thanks Naleen...:)

      Delete
  9. ජයවේවා රවි අයියටයි... ගුරුතුමීටයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ෂාන්...:)

      Delete
  10. හැපි ඇනිවසරි !
    ඉදිරියටත් සතුටින් සැපෙන් ජොලියේ ඉන්න ලැබේවා ..!

    ReplyDelete
  11. හපෙ අප්පේ අවු 22ක් එක ඉන්නව කියන්නෙම කොයිතරම් අමාරු දෙයක්ද, මටනම් බෑනෙ.
    පලවෙනි පාර අවු 3යි, දෙවෙනි එක 4යි, යාන්තම් 3න් වෙනි එකනම් අම්මරුවෙන් සාර්තක 6 වෙනි අවුරුද්ද ගෙවෙනවා.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. දැං ඔය තුන් වෙනි එක මදැ .... සිසන් ෆෝ වලට කාලේ හරි

      Delete
    2. ඇනෝ,

      හපොයි කාටද බං ඔහොම තුන් හතර පාර ඔය වැඩේ කොරන්ට පුලුවං?

      එක යෝදියක් එක්ක අවුරුදු අඩුගානෙ තුන හතරක්වත් ඉන්න ඕන ජීවිතේ එක රිද්මයකට සෙට්ල් ඩවුන් වෙන්න. ඔය විදිහට යාංතමට සෙට්ල් ඩවුන් වෙනකොට උඹ ඒක අතෑරල වෙන එකක් කරගහ ගන්නවනෙ...ආයම මුල ඉඳල පටං ගන්ට එපාය එතකොට...හෙහ්,හෙහ්,

      Delete
    3. //එක යෝදියක් එක්ක අවුරුදු අඩුගානෙ තුන හතරක්වත් ඉන්න ඕන ජීවිතේ එක රිද්මයකට සෙට්ල් ඩවුන් වෙන්න. //
      අපේ බල්ල ඉන්නෙ , අන්න ඌ වගේ ඉන්නනම් අඩුම අවුරුදු පාලොවක්වත් ඉන්න ඕනෙ

      Delete
  12. සුභ විවාහ සංවත්සරයක් වේවා!

    මේ ගුරුවරියක් සමග සීරීස් එකේ සංඛ්‍යාතය දැන් තියෙන්නේ, අවුරුද්දකට 2ක් බැගින්. මධ්‍යන්‍යය ගත්තොත් මාස 6 කට එකයි.

    ගුරුවරී ගේ උපන් දිනේට එකයි.
    අනිවසරි එකට එකයි.

    අර ලඟම යාළුවන්ට ඉතින් හෝම් කමින් එකේ බොන්න දුන්නම මදිද? අනේ මන්ද මෙහෙමත් බේබදුකමක් හැබෑට!

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      /මේ ගුරුවරියක් සමග සීරීස් එකේ සංඛ්‍යාතය දැන් තියෙන්නේ, අවුරුද්දකට 2ක් බැගින්. මධ්‍යන්‍යය ගත්තොත් මාස 6 කට එකයි./

      ඇත්ත ඇත්ත කතාව ඇත්ත. ගුරුවරියක සමඟ කතන්දර ලොයවෙනව බොහොම අඩුයි නම් තමයි. ඒ හින්ද මම ඔන්න තව කොටසක් ලියන්න කියල හිතුව....ඔය ළමයගෙ කන්කෙඳිරිය හින්දම...:)

      /අර ලඟම යාළුවන්ට ඉතින් හෝම් කමින් එකේ බොන්න දුන්නම මදිද?/

      අන්තිමට කොහොමත් එහෙම තමයි වුනේ... හෝම් කමිං එකේ විතරයි එව්ව කෙරුනෙ...:)

      Delete
  13. අවුරුදු 20 ක පවුල් කෑමක්. හප්පේ මේ කාලේ හැටියට සෑහෙන ජයග්‍රහණයක් බං රවි අය්යේ

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      අපොයි කියල වැඩක් නෑ බං...මං හින්දම සහ උන්දැ හින්දම වැඩේ කෙරුන මිසක...:)

      Delete
  14. හැපී ඇනිවසරියක් වේවා රවී.

    Solving issues by using the three Cs කියන එක “Consultation, Compromise & Consensus“ වෙන්නෙ ගෑනියෙක් මුණගැහෙන කල් විතරයි. ඊට පස්සෙ ඉතිං එයා කියන දෙයක් තමයි!

    ReplyDelete
    Replies
    1. ගැටේට අහුවෙලා බඳිනකම් පුළුවන්.

      Delete
    2. රාජ්,

      අපේ යෝදිනං ඉතිං බඳින්ට කලින් කියල වෙනසක් නෑ කිව්වම මොකද?

      Delete
  15. අද අපේ සුදුගේ අක්කාගේත් විවහා සංවත්සරය.
    අනිත් එක වෙසක් මාසේ වෙන්න ඇති වැඩියෙන්ම අරක්කු පරිභෝජනය වෙන්නෙත් ඇයි ඉතින් "මැයි" මාසේ පුරාවටම මගුල්නේ.

    සුබ විවහා සංවත්සරයක් දෙන්නාටම.!

    ReplyDelete
    Replies
    1. මචං
      සුදුගෙ නංගිලා නැද්ද

      Delete
    2. අනේ නැහැ බං.

      Delete
    3. මනෝජ්,

      කොහොමත් මැයි ජූනි මාස දෙකේ මඟුල් වැඩියි...:)

      Delete
  16. හැප්පි හැප්පි ඇනිමල්සරි එකක් වේවා...!
    යකඩෝ 22 ක් කියන්නේ සුළුපටු කාරියක්ද...

    ReplyDelete
  17. 22යි කියන්නෙ රවිය බැන්දෙ 33දි.
    ඇයි එච්චර පරක්කු උනේ.
    එහෙ මෙහෙ වැල කකා හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. අසෝක, ක්ලියෝපැට්‍රා, අනන්‍යා , නෑ ඒ ක්‍රිශ්නෙ අන්න්‍යා නැතුව තව දුසිමක් විතර ගැන කථා කියල තියෙනවනෙ. ඉතින් 33 ගණක්ද? මම හිතන්නේ 31 දි රවිය බැඳල තියෙන්නෙ.

      Delete
    2. ඇනෝ,

      ඔය එහෙමට කියල වැදගත් දෙයක් කලෙත් නෑ බලාගෙන ගියාම..එහාට මෙහාට කැරකි කැරකි ජීවිතේ ගෙවල දැම්ම...:)

      Delete
    3. ඉයන්,

      ඔබ හරි...31 1/2 දි තමයි බැන්දෙ...:)

      Delete
  18. රවී අය්යගෙ අක්කට සම්මානයක් දෙන්න වටිනව. අවුරුදු 22 මෙ වගෙ කලෙ මොචල් ඩයල් 1 එක්ක ජිවත් වුනාට. anyway Happy Happy wedding anniversary........

    ReplyDelete
    Replies
    1. Latta,

      කලේ මොචල් වුනේ බැන්දට පස්සෙනෙ බං...:)

      Delete
  19. සුභ ඇනවසරියක් වේවා අක්කේ... රවී තුමා නං ජොනී අංකල් එක්ක සමරයි.
    ජයවේවා..!!

    ReplyDelete
  20. සලාලා පැත්තෙන් මුහුදෙන් නාගෙන උඩට මතුවෙන පුරා හඳ බොහොම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. SDC,

      මාත් අහල තියනව එහෙම කතාවක්...

      Delete
  21. සුබ පැතුම් රවීට හා රවිච්චිට . වෙසක් හඳවල විසි දෙකක්ම දැක්කා එහෙනම් දෙන්නත්තෙක්ක

    ReplyDelete
  22. මේ ගීතයනම් අහපු පලවෙනි පාරම හිත හොරා ගත්තා.අවුරුදු 22ට ජය වේවා.. තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... හැපි ඇනවර්සරියක් වේවා...

    ReplyDelete
  23. එහෙ හඳේ හාවද? මිනිහද?

    Happy Anniversary Mr & Mrs W !

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      මට නම් පේන්නෙ හාවම තමයි...එදා අර මඟුල් මඩුවෙ ආස්චරිය සිද්ද වෙච්චි දවසෙ මම පැය ගානක් හඳ දිහාවෙ බලා හිටිය කැප්පෙටිපොල නිලමෙගෙ මූණ මතුවෙයි වත්දෝහෝයි කියල...කොහෙද ඔහෙ නෑ...:)

      Delete
  24. ඇනිවසරියට සුභ පැතුම් !!
    අපේ 17 වෙනි ඇනිවසරිය හරියටම තව සතියකින්.

    ReplyDelete
    Replies
    1. Thanks Kammala and my best wishes in advance...:)

      Delete
  25. අවුරුදු විසි දෙකයි. ඉංගිරිසියෙන් කිව්වොත් එහෙමTwo scores and two years…. මේක හරිද බං?

    Very happy anniversary.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හුටා වැරදියි නේන්නං Two scores and two කිව්වම විස්සෙ දෙකයි + දෙකයි කියන්නෙ හතළිස් දෙකක් වෙනවනෙ.

      it should have been A score and two years..

      Thanks again Machang both for pointing out the mistake and for your wishes...:)

      Delete
  26. පරක්කු උනාට ෂොරි වෙන්නොනි බොස්... අනිත්වා අමතක වෙන්න කලින් හැපී ඇනිවසරියක් දෙන්නටම.. අපිත් හෙටානිද්දට 14 වෙනි පොසොන් හඳ බලන්න ඉන්නේ එකට.. හෙහ්..

    මේක පට්ට සින්දුවනේ.. පහුගිය 13 රෑ අපේ අයියල ගෙදර පුරුදු පරිදි රෑ කෑමෙන් පස්සේ පවුලේ උන්ගේ පැදුරු සාජ්ජේ වෙලේ කීප දෙනෙක්ගේම රික්වෙස්ට් එකක් මැද අපේ අක්කගේ දුව මේ සිංදුව කියුව කියාන්කෝ.. හැමෝම කියුවේ දෙවෙනි ඉනිමේ සින්දුව කියල උනාට මං ඔය දෙවෙනි ඉනිමක් ගැන හාංකවිසියක් දන්නේ නෑ.. මොනවා උනත් සිංදුවත් ඒ සිංදුව තෝරා ගැනීමත් සුපිරි!

    ReplyDelete
  27. හෙහ් අපේ අක්කගේ වෙඩින් අනිවසරිය මැයි 16. රවී අයියට සහ අක්කට සුබ අනිවසරියක්.

    ReplyDelete
  28. සුභ පැතුම් මම වගෙයි කියන අනිත් එකාට. කවද හරි හම්බ වෙයිනෙ

    ReplyDelete
  29. අඩේ ඔය දෙවැනි ඉනිමේ සින්දු වලට මම හරිම ආසයි.
    ඒක නෙමේ හැපී අනිවර්සරි ඔබ තුමාටයි තුමීටයි.
    දවසක් මම කිව්වා මතකද මෙහෙදී දකින හඳ ලංකාවේ දැක්ක එකට වඩා ලොකුයි කියලා. ඒකෙ ඇත්තක් තියනවා. බලමුකෝ පෝස්ට් එකක්වත් දාන්න.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...