"City that never sleeps"නොහොත් "කිසිදා නොනිදන නගරය" යනුවෙන් විරුදාවලි ලබා ඇත්තේ අමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයයි. එය "The big apple" යනුවෙන්ද හැඳින්වේ. |
"ඔය ළමය නිතරම අනන්‍යාව හම්බ වෙන්ට එන්නෙ නැත්නම් මම කැමතියි. අපි වැඩිය කතා නොකරන බොහොම සරල මිනිස්සු. ඒත් අපේ නෑදෑ පරපුර අතර හොඳ පිළිගැනීමක් ගෞරවයක් අපිට එදත් තිබ්බ. අදත් තියනව"
"අංකල් මම මේ…"
අංකල් සුරත උස්සල මාව වැළැක්කුව. "ඉන්න මම කතා කරල ඉවර වනකල්...අර මම කිව්ව ගෞරවය පිළිගැනීම හෙටත් තියෙන්න ඕන. විශේෂයෙන්ම අනන්‍යාගෙ ගෞරවය කරුනාකරල ඒක නැතිකරන්න හදන්න එපා...මම දන්නව අනන්‍යයයි ඔය ළමයයි යුනිවර්සිටි එකේ බැච් මේට්ස්ල. එතකොට ඔයා අපේ මංජුට උදව්කරනව ඉගෙනීමට. මම එව්ව ඔක්කොම දන්නව. අපි කලගුන නොදන්න මිනිස්සු නෙවෙයි. අපිට ඔය ළමයට ඕනනම් තුන්වේලම කන්න දෙන්න උනත් පුලුවන් එක රුපියලක්වත් අය කරන්නෙ නැතුව. ඒක අපිට කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් මම මේ ඔය ළමයට බොහොම කරුණාවෙන් කියන්නෙ අපිට අනන්‍යාට ඔය ළමයව කසාද බඳින්න නම් කොහොමටවත් ඉඩ දෙන්න විදිහක් නෑ"
"අංකල් මම මේ කියන එක…." මට එච්චරයි කියන්ට වුනේ. අංකල් දෑත් එක්කරල ඔලුව එහෙම නවල මට ආචාර කලා. ඊට පස්සෙ ගියර් එක ෆස්ට් එකට දාල කාරෙක හෙමීට පාරට අරගෙන යන්ට ගියා.
ඈත වාහන අතරෙ අංකල්ගෙ ෆියට් එක නොපෙනී යනකල්ම මම එතනට වෙලා ගල් පිළිමයක් වගෙ බලාගෙන හිටිය. "දෙයියෝ සාක්කි ඉතිං මොකද කරන්නෙ? අත් දෙක එකතුකරල වැඳල තාත්ත කෙනෙක් තමන්ගෙ දුව එක්ක ආශ්‍රය කරන්න එපා කිව්වම මොකද කරන්නෙ?" මට ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නෑ. මගෙ බ්‍රීෆ් කේස් එකත් උස්සගෙන මම ඈත පේන සිටි බැංකුව දිහාට ඇවිදගෙන යන්ට වුනේ හීනෙං ඇවිදිනව වගේ.
"සුබ උදෑසනක් ගරු කටයුතු මහතාණනි, ඔබට සුබ ම සුබ උදෑසනක්!"
බාලට කොච්චර උත්සාහ කලත් එයාගෙ කේන්තිය සඟවා ගන්ට පුලුවන් උනේ නෑ. ඒ බව මිනිහගෙ ස්වරයෙන් බොහොම පැහැදිලිව පෙනුන. ඒ හින්ද මනුස්සයගෙ සෝපහාසය (Sarcasm) කොහොමවත්ම සාර්තක වුනේ නෑ. ආ..මට කියන්න අමතක වුනානෙ. බාලා එහෙම කිව්වෙ මගෙ පුටුවෙ හොඳට හරි බරි ගැහිල පට්ටල වෙලා එහෙම ඉඳගෙන.
"සමාවෙන්න මම ආපු ත්‍රී වීලර් එක ඇක්සිඩන්ට් වුනා. ඒකයි පරක්කු වුනේ.."
"ආ...ආ..එහෙමද? හැබැයි මම ටෙලිෆෝන් කරල ඇහුවම තමුංගෙ චමරියෙ ගෝලය නම් කිව්වෙ පාන්දර පහටත් ඉස්සර තමුං එහෙං පිටත්වුනාය කියල…"
"මොකක්?...මේ පොඩ්ඩට මිස්ටර් බාලා අපෙ චමරියටත් කෝල් කලාද? ඒත් දැන්නෙ යන්තං නමය වුනේ. අනික නමය නේද කොහොමත් නිල වශයෙන් මෙහෙ වැඩ පටන් ගන්න වෙලාව?"
"නෑ මේක ඇවිල්ල සිටි බැංකුව. තමුං ඔය කියන්නෙ ආණ්ඩුවෙ බැංකුවල වැඩ පටං ගන්න වෙලාව. අපිට ඒ වෙලාවල් අදාල නෑ. මට මතක විදිහට තමුං මෙහෙට ආපු මුල්ම දවසෙ මම ඒ ගැන හොඳටම පැහැදිලි කලා"
"ඒ කියන්නෙ සිටි බැංකුවෙ වැඩ කරනවනං ඉතිං වහල්ලු වගෙ වැඩ කරන්ට ඕන කියන එකනෙ" මම මටම කියාගත්ත.
"මොකක්ද කිව්වෙ?" බාලා ඒත් එක්කම ඇහුව.
"නෑ මොකවත් නෑ. අද දහයට මිසිස් ශ්‍රීනිවාස් එනව මාව හම්බවෙන්ට"
"මම ඒක දන්නව. ඒ එක්කම මට කියනවද ශ්‍රීනිවාස් නෝනත් එක්ක මොනවද තමා කතා කරන්න හිතාගෙන ඉන්නෙ කියල?...මම අර ඊයෙ කියවන්ට කියල දුන්නු රිපෝට්ස් එහෙම කියවන්ට වෙලාවක් තිබුනද? එහෙම නැත්තං එව්ව කියවන්ට ලෑස්ති වෙන්නෙත් දැන්ද?"
"ඒ රිපෝට් නම් මම කියෙව්ව. ඒත් මිස්ටර් බාලා එව්ව මේ කිසිම වැදගැම්මකට ඇති එව්ව නෙවෙයි"
බාලාගේ ඇස් උඩ යනවත් එක්කම කටත් ඇරුන. "වචන පාවිච්චි කරනකොට ඔයිට වඩා ටිකක් පරිස්සම් උනොත් හොඳයි කියල මම තමුන්ට අවවාද කරන්න කැමතියි. ඔය තමා කිසිම වැදගැම්මකට නෑ කියල දෙකේ කොලේට දාල කතා කරන්නෙ අපේ බැංකුවෙ පර්යේෂණ අංශය පිළියෙල කරපු වාර්තා ගැන. අන්න ඒක මතක තියාගන්න එක තමුංගෙ අනාගතයට හුඟක් හොඳවෙයි මම හිතන්නෙ........"
මට මේ විකාරෙ දැං ඇතිවෙලයි තියෙන්නෙ. අනන්‍යාගෙ තාත්ත උදේ මගෙ බලාපොරොත්තු ඔක්කොම විනාස කරල දැම්ම. ඒ අස්සෙ මේ මනුස්සය මගෙ පුටුවෙම තප්පලං ගහගෙන ඉඳගෙන රටේ නැති විකාර කියවනව. මගේ ඉවසීමෙ සීමාව පැන්න. "ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නා.." දෙකේ පන්තියෙදිද කොහෙද කියවලු ළමා කවි පොතක ඔහොම කවියක් තිබ්බ නේද කියලත් මට එක පාරටම මතක් වුනා. මේසෙට අත්දෙක තියල මම බාලා දිහාට පාත්වුනා.
"මේ මිස්ටර් බාලා අපි මේ පිස්සු විකාර කියවන එක නතර කරල වැඩකට ඇති දෙයක් කතා කරමුද? තව පැයක් යනකොට මිසිස් ශ්‍රීනිවාස් මෙතනට එනව. ඒ එන්නෙ යස්සාරූඩ වෙලා. අපි ඒ තත්වෙට මූන දෙන්නෙ කොහොමද කියල කතා කලොත් හොඳ නැද්ද? ආ..ඒ ඔක්කෝටම කලින් කරුණා කරල මට මගෙ සීට් එක දෙනවද? හිටගෙනම කතාකරල මට දැං ඇති වෙලයි තියෙන්නෙ"
බාලාගෙ කට ආයෙම ඇරුන. මම හිතන්නෙ මිනිහ කවදාකවත් හිතන්න නැතුව ඇති මිනිහගෙ යටතෙ වැඩ කරන සේවකයෙක් මිනිහගෙ මූණටම එහෙම කියයි කියල. "අනෙහ්..මගෙ මොකද? කෙහෙම්මල් බැංකු රස්සාව..හිතුනොත් දමල ගහල අදම යනව ආපහු...අනික අනන්‍යාගෙ තාත්ත අත්දෙක එකතු කරල වැඳලම කිව්වනෙ අනන්‍යා ගැන බලාපොරොත්තු තියාගන්න එපාය කියල. ඉතිං තවත් අහවල් දේකටද මම චෙන්නයිවල ඉන්නෙ?"
බාලගෙ ඇරිච්ච කට මනුස්සයම ඒ එක්කම ආයම වහගත්ත. වහගෙන පුටුවෙනුත් නැඟිට්ට. මම මේසෙ වටෙන් ගිහිල්ල මගෙ සීට් එකේ ඉඳගත්ත. බාලා මගෙ මේසේ ඉස්සරහ තිබ්බ සීට් එකේ ඉඳගත්ත. මේ උගුරට හොරා බේත් කන එක මට ඇති වෙලයි තිබ්බෙ. මම අත් දෙක මේසෙට බර කරල ඉස්සරහට නැවිල කෙලින්ම බාලගෙ ඇස් දෙක දිහාබලාගෙන කතාකලා.
"මිස්ටර් බාල ක්‍රිෂ්ණන් අපි ඇත්ත කතා කරමු. එහෙම නැතුව අපි අපිවම රවට්ටගෙන වටේ යන්ට ගියොත් වෙන්නෙ තත්ත්වය තව දුරටත් නරක් වෙන එක"
බාල එක වචනයක්වත් කිව්වෙ නෑ. හත් අට පාරක් වේගයෙන් ඇසිපිය ගහල මගෙ මූණ දිහාම බලාගෙන හිටිය.
"හරි... ඇත්ත ඇති සැටියෙන්ම කිව්වොත් එහෙම මිස්ටර් බාලක්‍රිෂ්ණන් තමයි මට බල කලේ කොහොමහරි මේ ඉන්ටර්නෙට් කම්පනීස්වල ස්ටොක්ස් අපේ පාරිබෝගිකයින්ගෙ ඇඟේ ගහන්ටෙයි කියල. හරි... ඇත්තම කියන්න... එහෙම කිව්වද නැද්ද? එහෙම මට බල කලාද නැද්ද?"
බාලා කිසිදෙයක් කිව්වෙ නෑ. උගුරෙ මනි පිට්ටු හිරවෙලා වගෙ දිගටම මාදිහාවෙ බලා හිටිය.
මම දන්නව මලාට මේ මනුස්සය වැරැද්ද පිළිගන්නෙ නම් නෑ. ඒත් සද්ද නැතුව මූකළං බස්ස වගෙ ඉන්න එකත් මදැයි. ඒකට කියන්නෙ "Admission of guilt by being silent" කියල. "නිශ්ශබ්දව සිටීමෙන් ඔබ වරද පිළිගත් බව සැළකේ" ඒ හින්ද මම දිගටම කතාකරගෙන ගියා.
"ඉතිං මිස්ටර් බාලක්‍රිෂ්ණන්ගෙ උපදෙස් පරිදි මම උපරිම උත්සාහ අරගෙන ඒ සමාගම්වල කොටස් අපේ ගණුදෙනු කරුවන් කීප දෙනෙකුට විකුණුව. මිසිස් ශ්‍රීනිවාස් එයින් එක්කෙනෙක්. කොහොමහරි අපි බලාපොරොත්තු වුනදේ නැත්නම් අපි අපේ ගණුදෙනුකරුවන් ඉදිරියේ මවල පෙන්නපු සුන්දර සිහිනය සැබෑ වුනේ නෑ. කොටස් මිල බොහොම දරුණු විදිහට පහළ ගිහිල්ල අපේ ගණුදෙනු කාරයින්ට සෑහෙන පාඩුවක් වුනා. විශේෂයෙන්ම මිසිස් ශ්‍රීනිවාසන්ට. ඒ මනුස්සයගෙ මම හිතන්නෙ මිලියනයක් වගෙ සල්ලි එක දවස් දෙක තුනකින් නැතිවුනා"
බාලා අත උස්සල මගෙ කතාව නැවැත්තුව. "හරි හරි ක්‍රිෂ් අපි ඔය ඔක්කොම දන්නවනෙ. ආයම ආයම ඕක කියන්න ඕන නෑනෙ"
"නෑ මිස්ටර් බාලක්‍රිෂ්ණන් මම මුල ඉඳලම මේ විස්තරේ කියන්නෙ වෙන මොකවත් හින්ද නෙවෙයි. මොකක්ද වුනේ කියල අපි දෙන්නම පැහැදිලිව එකඟතාවයකට එන්ට ඕන හින්ද"
"හරි හරි කියන්ටකො එහෙනං….." බාලා කලිසං සාක්කුවෙන් සුදු ලේන්සුවක් අරගෙන නලල පුරා මතුවෙලා තිබ්බ දාඩිය බිංදු පිහල දැම්ම.
"මිසිස් ශ්‍රීනිවාස් කියන්නෙ වයසක ගෑණු කෙනෙක්. බොහොම ලේසියෙන් කලබල වෙනව. එක අතකට ඒ මනුස්සයට වැරැද්දක් කියන්ටත් බෑ. ඒ මනුස්සය ඔය නොදන්න අටමගලෙකට අත ගැහුවෙ තනිකරම අපේ බල කිරීමට. දැන් අන්තිමට වුනේ ඒ මනුස්සයගෙ සල්ලි නැතිවුන එක. කවුද දැං ඒ මනුස්සයගෙ පාඩුව පියවල දෙන්නෙ?"
මම එහෙම අහල බාල දිහාම බලාගෙන හිටිය. බාල සුපුරුදු පරිදි ගල් ගිල්ල වගෙ බලාගෙන හිටිය මිසක එක වචනයක් කතා කලේ නෑ.
"ඒ හින්ද මිස්ටර් බාලක්‍රිෂ්ණන් මට ඔයාට කියන්ට තියෙන්නෙ ඕනෑම දරුණු තත්වයකට මුහුණ දෙන්ට ලෑස්ති වෙලා ඉන්න කියල තමයි"
"ඒ කිව්වෙ? ඕනෑම දරුණු තත්ත්වයක් කිව්වෙ මොන වගෙ එකක්ද ක්‍රිෂ්?..." බාල දිවෙන් තොල් තෙමාගෙන ඇහුව.
"නෑ නෑ ඒ තරමට බයවෙන්ට දෙයක් නෑ මිස්ටර් බාලා. මිසිස් ශ්‍රීනිවාස් හැට්ටෙ අස්සෙ පිහියක් හංගගෙන ඇවිල්ල යටිගිරියෙං හූ තියාගෙන ඔහෙට දමල අනින එකක් නෑ මම හිතන්නෙ ...හෙහ්,හෙහ්….."
මම ඕනවටත් වඩා හයියෙන් හිනාවුනේ බාලගෙ හිත ටිකක් සැහැල්ලු කරන්ට කියල හිතාගෙන. මොන? මම හිතන්නෙ ඒ මනුස්සය හිටියටත් වැඩිය බය උනාද කොහෙද...
අනික බාලා දැක්ක එහෙම කිව්වට මිසිස් ශ්‍රීනිවාස් පිහියකිං අනිනවනං අනින්නෙ බාලට නෙවෙයි මට කියලත් මම හොඳාකාරව දැනගෙන හිටිය. මොකද බාලා පිටිපස්සෙං ඉඳගෙන උපදෙස් දුන්නට කුත්තු කලාට අවසාන වශයෙන් මිසිස් ශ්‍රීනිවාස් එක්ක කතා කරල එයාව ඔය මෝඩ වැඩේට පොළඹව ගත්තෙ මමනෙ. එහෙම බලනකොට මට කිසිම ගැලවුමක් නෑ.
"හරි ඕනම දරුණු තත්වයක් කියල මම අදහස් කලේ මිසිස් ශ්‍රීනිවාස් ඇතුලු ඔය සල්ලි ලොස් වෙච්චි කට්ටියම එක පොදියට මෙහෙ තියන එකවුන්ට්ස් වහල සල්ලි අරගෙන යාවි වෙන මොකක් හරි බැංකුවකට. අන්න ඒ වගේ එකක්. ඒ ඇර එයාලට වෙන නඩු දාන්න වගෙ දෙයක් නම් කරන්න බෑ මම දන්න විදිහට. මෙතන වංචාවක් හෝ හිතා මතා අමාරුවෙ දැමීමක් වෙලා නෑනෙ"
"වංචාකලානම් ඒක තව නම්බුයි. මෙතන තනිකරම වෙලා තියෙන්නෙ මරි මෝල් කමනෙ" මම ඒ ටික තොල මැතුරුවෙ මට විතරක් ඇහෙන්ට.
"ක්‍රිෂ් මොකක්ද කිව්වෙ?............" ඔලුව පාත් කරගෙන මේසෙ දිහාවෙ බලාගෙන හිටපු බාල ඔලුව උස්සල බලල ඇහුව.
"නෑ නෑ මොකවත් කිව්වෙ නෑ. අර මම කලින් කිව්වවගෙ මිස්ටර් බාලා එහෙනම් හොඳ ගණුදෙනු කාරයො දහ දොළොස් දෙනෙක්වත් නැති වෙන තත්ත්වෙකට මූණ දෙන්ට හිත හදා ගන්ට"
"එහෙම කොහොමද ඒ ගොල්ල අපිත් එක්ක තියෙන එකවුන්ට්ස් ක්ලෝස් කරන්නෙ? සිටි බැංකුව තමයි ඉන්දියාවෙ හොඳම බැංකුව.."
"අනේ මන්ද මම මෙච්චර වෙලා කිව්ව එව්ව මේ මිනිහගෙ එක කණකින් ඇතුලට ගිහිල්ල අනික් කණෙං පිටවෙලා ගිහිල්ලද කොහෙද එක වචනයක්වත් මඟ රඳන්නෙ නැතුව..."
"හරි හරි දැං තව විනාඩි දහයකින් වගෙ මිසිස් ශ්‍රීනිවාස් මෙතනට එයි අර කොහාටද මොනවද ගහපු මොකාද වගෙ. මිස්ටර් බාලා ඔය කතාව එයාටම කියන්ටකො"
මේ පහුගිය මාසෙ වගෙ ඉඳල සිටි බැංකුව අලුත් මොටෝ එකක් නැත්නම් ආදර්ශ පාඨයක් පාවිච්චි කරන්ට ගත්ත. ඒ තමයි "City never sleeps"
"City never sleeps…yeah..absolutely right....but we also make our customer weeps" පුටුවෙන් නැඟිටල වතුර එකක් බොන්ට පෑන්ට්‍රියට යන අතරෙ මම මටම කියාගත්ත.
වදන් හරඹයෙන් බාලා නැවීම යසයි...
ReplyDeleteනලින්,
Deleteබාලා වගෙ මිනිස්සු එක්ක එහෙම නැතුව බෑ බං...;)
ගහෙන් වැටිලා රිදුණු මිනිහට ගොනෙක් ඇන ඇන යන වැනී
ReplyDeleteසැරෙන් බාලගෙ විවේචන ළඟ ක්‍රිෂ්ට සැනෙකින් මල පනී
දොරෙන් එන මිස් ශ්‍රීණිවාසට බෙල්ල දෙන හැටි පෙනි පෙනී
බයෙන් නොගැසෙන ක්‍රිෂ්ව දුටුවම බැංකුවේ ඔහු බොස් වැනී....
ජයවේවා!!!
Dumee,
Deleteපතා ඉන්නේ ක්‍රිෂා අර අනනියා අම්මණ්ඩිම තමයි,
සතා බාලා මොන විදිහෙදැයි අඳුනගත් එක හරි හොඳයි,
සිතා බැලුවම ආදරේයයි කියන්නෙම වදයක් වගෙයි,
ඉතා මනරම් කවි කියාගෙන දුමී කොලු සබයට බසියි,
Thanks Malli...:)
ඔහේට අර කෙල්ල දෙන්න බෑ කියල කිවුව එකට බාල කාරයගෙන් පලිගන්නෙ නැතුව මාමණ්ඩියටමනෙ බනින්න තිබුණෙ. හැක්..
ReplyDeleteකොටන පරක්කුවට උඹ මගේ කමෙන්ට් එක ලියල
Deleteඉයන්,
Deleteඔය පෙසන්නයට අර හෝමියෝපති (අර අනුංගෙ හිත් කියවීමේ හැකියාව..අන්න ඒක) බලේ තියනව.
ප්‍රසන්න,
Deleteහුහ් මාමට බනින්න?
බලාගෙන ඉඳපංකො, අන්තිමට මාමට ඉකිගහල අඬන්ඩ දෙකක් කියලයි කිරිසා ආපහු දිල්ලි යන්ට පෙලේං එකට නඟින්නෙ...දන්නවද?
රවි, හෝමියෝපති කියන්නෙ අද්භූත බලයක්වත් එහෙම නැත්තන් මැජික් එකක් වත් නෙවෙයි... ඒක තවත් එක් අති සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් විතරයි....
DeleteiGnEoUs ravi ගැන දන්නේ නැතුව වගේ
Deleteබාලට දාපු ගෙම්බර් එක රවී , නෑ මේ ක්‍රිෂ්, අංකල්ට දැම්ම නම් !!
ReplyDeleteඉයන්,
Deleteදානව දානව මාමටත් ගෙම්බර් දානව ඕකා...හෙහ්,හෙහ්,
EPF ඒකේ සල්ලි බැදුම්කරේ ආයොජනය කෙරුවා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ.
ReplyDeleteමනෝජ්,
Deleteඒ දෙක වෙනස් කියලයි මම දන්න විදිහට මට හිතෙන්නෙ...බැඳුම්කරයක්ය කියන්නෙ යම් නිශ්චිත පොලියක් සහිතව යම් නිශ්චිත කාලසීමාවක් අවසානයේ ආපසු මුදල් ගෙවීමේ සහතිකය මත කරන යම් ආයෝජනයක් නේද? කොටස් වෙළඳ පොලේ වගෙ අවදානමක් බැඳුම්කර වල නෑ නේද?
මේකෙත් අතින් දාපු කෑලි එහෙම තියනවද?
ReplyDeleteසයුරි,
Deleteතියනව තියනව තියනව අතින් දාපු කෑලි එමටයි...එමටයි...:)
අර ක්‍රිෂ් දෙන්නෙ බාලගෙ රෙද්ද හැලෙන්ට ටොල්ක්ස් එකක්. එහෙම එකක් බගට් ලිව්වෙ නෑ...හෙහ්,හෙහ්,
හනේ හනේ....
ReplyDelete"ඉවසීමේ සීමාවත් පැන්නා
වලහා කිඹුලගෙ හොම්බට ඇන්නා"
කියලා තියෙන්නේ හෝඩියේ පොතක නෙවෙයි අනේ 'නැතිවුණු හිරු' කියන රුසියන් කෙටි කතාවේ. රාදුගා ප්‍රකාශකයෝ... අර ඉර ගිලලා කිඹුල් තඩියා, තමන්ගේ ළමයින් හොයාගන්න බැරිවෙච්ච වියරු වැටිච්ච වලස් අම්මෙක් තමයි කිඹුල් තඩියාගේ හොම්බට අනින්නේ...
වෙලාවකට රවියාගේ හෝම්බටත් අනින්නේ ඒ වගේ වලස් හාමිනේ කෙනෙක්ම තමයි, ඔන්න මම නොකිව්වයි කියන්න එපා
Likhitha,
Delete/කියලා තියෙන්නේ හෝඩියේ පොතක නෙවෙයි අනේ /
කවුද බොල එහෙම හෝඩි පොතක කතාවක් කිව්වෙ?
මම කිව්වෙ දෙකේ පන්තියෙදි විතර කියවපු කතා පොතක කියල. හරි හරි කොහොම හරි ඒ දෙකේ පන්තියෙ කතාවත් වැරදියි.ඔය වළහ කිඹුලගෙ හොම්බට ඇන්න කතාව මට දවසක් කිව්වෙ අපේ රන්දිල් නෝන මහත්තය. මට පස්සෙ මතක්වුනා.
/වෙලාවකට රවියාගේ හෝම්බටත් අනින්නේ ඒ වගේ වලස් හාමිනේ කෙනෙක්ම තමයි, ඔන්න මම නොකිව්වයි කියන්න එපා/
ඔන්න නොකිව්වයි කියන්න නම් එපා හාමිනේ,
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ
රෝහණ බැද්දගේගෙ එහෙම සිංදුවක් අහල තියනවද?
මිනිහ මේ ඊයෙ පෙරෙයිද අඬනව දැක්කද දැං අවුරුදු විස්සකිං විතර සිංහල අවුරුදු දවසට ගෙදර ඉන්ට ලැබුනේ නැතය. ටී.වී. නාලිකා වලිං ඇවිල්ල මිනිහට බතික් සේට් සරං අන්දල කුදලගෙන යනවය කියල...හෙහ්,හෙහ්..
මට මැරෙන්ට හිනා ඒ කතාව අහල...අපි නොදන්න ලයිව් කිව්වලු...
පලි - ලිඛිතා කිව්වම මට මතක් වෙන්නෙ අපි පොඩි කාලෙ හිටපු සෝවියට් නායකයෙක්...නිඛිතා කෘෂේව්....
ඔහෙට නංගි කෙනෙක් ඉන්නව නම් නම දාපං වාචිකා කියල...:)
මමත් අද ඉඳලා බ්ලොග් එක කියවන්න එකතු වුණා .... බොහොම රසවත් ....
ReplyDeleteසඳවතිය,
Deleteබොහොම ස්තූතියි සහ සාදරයෙන් පිළිගනිමි!
වෙනදට වඩා ඉක්මනට කියවල ඉවර උනා...කොට කරලද මන්දා
ReplyDeleteකතාව රහයි..එත් පොඩ්ඩයි නෙ...මෙකත් මෙගා එකක් කරන්නද හදන්නෙ..
ReplyDeleteසොදයි සොදයි
ReplyDeleteඊළඟ කෑල්ල ඉක්මනට දෙන්න පීස්
ReplyDeleteමාමගෙන් ගන්න බැරි වාඩුව බාලගෙන් ගන්නවා නේද ක්‍රිෂ්...
ReplyDeleteලියල තියෙන විදිය චේතන් භගත්ටත් වඩා හොඳයිද මන්ද.... මට පොත කියවකොට නම් පොඩි ඒකාකාරී ගතියක් තිබුන... මෙකෙ ඒ ගතිය ටිකක් අඩුයි... මොනා උනත් හොඳ උත්සහයක්.....
ReplyDeleteමග ඇරිච්ච ටික යාන්තන් කියව ගත්ත. ක්‍රිෂ් ට පව්නේ. රවිය වගේ හොරෙන් පැනල යයිද අනන්‍යා එක්ක?
ReplyDeleteකිරිස් කාරය ඔන්න අදනම් මගෙන් බැනුම් අහන්නේ නැහැ...
ReplyDeleteඅර "හොර බාල" ට කරපු වැඩේනම් මරු...
ඌට මම කලින් බැන්නේ නැති උනාට බුවා ගැනත් මම ඇහැ ගහගෙන හිටියේ... ;)