Sunday, July 2, 2017

515. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා ...... 2 ( අවසාන කොටස )


හිමාල වනයේ තපස් රකිනා යෝගී තාපස තුමෙක්
ඉහත දැක්වේ. ඡායාරූපය - Google Images


පළමුවෙන්ම අපේ කමෙන්ට් කරුවන්ගේ සංගමයෙ ගරු සභාපති තුමාට ස්තූතිවන්ත වෙලා ඉන්ට ඕන. මොකද එතුමා තමයි මට මේ තාපසයගෙ කතාව ගැන නිතර දෙවේලේ මතක් කලේ..කෝ? කෝ?..කෝ? කියල. ඊයෙත් උදේ මතක් කරල තිබ්බ. ඒත් වැඩේ කියන්නෙ ඊයෙ සහ අද අපේ එපාට්මන්ට් එකේ අන්තර්ජාලය ෆුල්ම අබ්ලික්. හිටපු ගමං එනව. ඒ එක්කම යනව. සිකුරාද සෙනසුරාද නිවාඩු දවස් හින්ද හදන කට්ටියත් එන්නෙ නෑ. අන්න ඒකයි තාපසයගෙ කතාව පරක්කු වුනේ. 

අර බයියන්ට තාමත් ලංකාවෙ ජනාදිපති නීලකාසය වගේ ඔය වෙන කාට කමෙන්ට්ස් වලට තෑගි හම්බ උනත් මට නම් අදටත් ප්‍රසන්නයම තමයි සංගමයෙ ගරු සබාපතිතුමා...ඒක හෙටත් එහෙමයි..අනිද්දටත් එහෙමයි...හෙහ්,හෙහ්,

දැම්මේ තාපසයගෙ කතන්දරේ ඇදුන බොහොම වැඩියි. ඒ හින්ද අද මම මේ කොම්පීටරේ ඉස්සරහ ඉඳගත්තෙ එක හිත් හිතාගෙන. අර බුදු හාමුදුරුවො ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදුබවට පත්වී මිස මම මෙතැනින් නොනැඟිටිමි කියල අදිස්ටාන කරල. "මාගේ සම්මස් ඇට නහර වියලේවා..එහෙත් බුදුබව නොලැබ මෙතැනින් නොනැඟිටිමි" කියලනෙ කිව්වයි කියන්නෙ. හපොයි...ඇස්ට්‍රීම්ලි සොරි හොඳේ.........ටෙක්නිකලි පොඩි වැරැද්දක් තියනවනෙ. ඒ කිව්වෙ මෙහෙමයි. ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදු හාමුදුරුවො නෙවෙයිනෙ. බුදු හාමුදුරුවො කියන්ට බුදු වෙලා ඉන්ට එපාය. එතන ඉඳගත්තෙ සිධාර්ථ තාපසය..

මෙතන ඉඳල මම ඔන්න සිද්ධාර්ථ තාපසය ගැනයි, සුජාතා සිටුදුව ගැනයි, බුද්ධත්වයට පත්වීම ගැනයි මෙලෝ සිහියක් නැතුව ලියා ගෙන ලියාගෙන ගියා කියමුකො. අන්තිමට නතර වෙලා බැලින්නං ඒ ලියපු ටික කොහොමටවත් අද මාතෘකාවටනම් ගැලපෙන්නෙම නෑ. ඔබ තමුන්නාන්සෙල හොඳාකාරවම දන්නව ඕක ඉතිං මට කොහොමටවත් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒත් ඇත්තම කිව්වොත් අදනම් මටම හිතුන මේක හරියන්නෙ නෑ කියල. ඒ හින්ද මම තීරණය කලා මෙහෙම කොරන්ට. කොහොම කොරන්ටද? ඒ ලියපු ටික හෙට අනිද්ද දිහාට වෙනම පෝස්ට් එකක් හැටියට පලකරන්ට. එහෙම හොඳයි නේද? ඒ හින්ද එහෙනං ආයම වැල් වටාරං නැතුව බහිමු තාපසයගෙ කතන්දරේට.......

තාපසයගෙ කතාව ලියන්ට ඉස්සරවෙලා මම කිව්ව මතකද ඒ වගේම ඇලික් හා සම්බන්ධ කතාවක් තියනවය කියල. මම එන්න ඒ කතාව බාගෙට කියල තමයි අන්තිමට නැවැත්තුවෙ. එහෙනං ඔන්න අද එතැන් සිට....

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්. පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඒ කාලෙ මාතලේ ආසනයෙ මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. "පුංචි නිලමේ එළියට දමනු" කියල. අන්න ඒකයි මාතෘකාව.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං.."පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්" කියල. මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ට වගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න ඔතනින් තමයි මම ට්‍රැක් පැනල අර නිරුවත් යම පල්ලෙක් ගැන කියන්ට තියාගත්තෙ…. මතකෙයි? අද ට්‍රැක් පනින්නෙ නෑ ඔන්න. කෙලින්ම කතන්දරේ...

ඉතිං පළාපත්වල හන්දියෙ වාහන නවත්තල එතන කඩ මණ්ඩියට සිගරට් එකක් බුලත් විටක් නැත්තං සීනි දෙසිය පණහක් ගන්ට ආපු මිනිස්සුන්ට "පුංචි නිලමේ දියව් දියව්" කියල පැය කාලක් විතර වෙලා සත්තම දාල අපේ වීරෝදාර කාන්තා පිරිස වාහන වලට නැඟල ආපහු පිටත්වුනා මාතලේට. ඒ එන්නෙත් ආයම ඇලික්ගෙ ගෙදර ඉස්සරහින්නෙ. එහෙම වෙන්ටම එපාය නැද්ද?

ඉතිං යන ගමනත් කිසි ගින්නක් නැතුව ඇලික්ගෙ ගේ ගාවම සත්තම දාල ගිය එකේ බබලත් කට්ටිය හිතුව ආයම එන ගමනත් එහෙම කරල ආතල් එක තවත් වැඩි කරගත්තොත් මොකද කියල. එහෙම හිතල එන ගමනත් ඇලික්ගෙ ගේ ඉස්සරහ වාහන ඔක්කොම නැවැත්තුව. නවත්තල බබලත් කට්ටියම බැහැල ආයම පටං ගත්ත අර සටන් පාට කියවිල්ල. "පුංචි නිලමෙ දියව් දියව්.. පුංචි නිලමෙ දියව් දියව්.."

හැබැයි මේ පාර වැඩි වෙලා කෑගහන්ට වුනේ නෑ. මේ බබලත්තුන්ට හෝදිසියක් නැතිඋනාට ඇලික් ඉඳල තියනව ඒ ළඟම. 

ඇලික්ට මාරාවේස වුනේ නැද්ද? ආව ගේට්ටුව ගාවට.."ආ...පුංචි නිලමෙද උඹලට ඕන? ඉඳා මේ ඉන්නෙ පුංචි නිළමෙ" කියල සරම උස්සල පෙන්නුව.........හෙහ්..හෙහ්..ආය මොනවද බබලත්තු කට්ටිය දනි පනිගාල පොර කකා වාහන වලට නැග්ගයි කියන්නෙ. එහෙම කරල වහාම ක්‍රියාත්මක වන පරිදි එතනින් පලාගියේල.

එසඳ "තාපස තෙමේගේ අන්දරය ලිවීමට පෙර එවන් තවත් අන්දරයක්වේමැයි සබඳ එබැවින් ඒ අතුරු අන්දරය පළමුව ලියනු උදෙසා මාහට අවසර" යනුවෙන් ඔබගෙන් අවසර ගෙන ලියන්නට යෙදුනු ඇලික් සහ පුංචි නිලමේ පිළිබඳ අන්දරය මෙතෙකින් නිමියේය. එසේ හෙයින් ප්‍රස්තුත ප්‍රධාන කථා පුවත එනම් තාපස තෙමේගේ අන්දරය ලියන්නට මට අවසර...

අන්න දැක්කනේ? අපි ඇවිල්ල අන්න එහෙමයි. ආචාරසීලීත්වය දෙකංසෙං පෙරෙනව. නිහතමානී කම කිව්වැහැකි ගමං කරන විලාසයෙං. ඕනම කතාවක් කියන්ට ඉස්සර වෙලා ඔබ තමුන්නාන්සේලාගෙන් අවසර ගන්නව. ආඩම්බරයි නම් ෂෙයාර් කරන්න...

රයිට් දැං ඔය තාපස තුමාගෙ කතන්දරේ මෙහෙමයි.

බොහෝම ඉස්සර කාලෙක හිමාල වනයේ ගල් ගුහාවක තාපසයෙක් වාසය කලාලු. මොකද එතුමා ගල් ගුහාවෙ කලේ කියල ඇහුව? තාපසයො ආය වෙන අහවල් දෙයක් කරන්නද කැළේ ගල්ගුහා වලට වෙලා තපස් රකිනව ඇරෙන්ට. අනේ ඉතින් අපේ මේ කතා නායක තාපස තුමාත් කලේ තට්ට තනියම ගල් ගුහාවට තපස් රකින එක. එතුමා හොඳ කඩවසම් තරුණය. තරුණ කාලෙම ජීවිතේ ගැන කළකිරිලයි මේ ඇවිදිල්ල හිට තපස් රකින්නෙ. එහෙම දේවල් වෙනව මේ ලෝකෙ.

මේ ගල් ගුහාව පිහිටි මහ වනේ ඉවර වෙච්චි හැටියෙම තියනවලු ගම්මානයක්. ඔය කියන ගම්මානෙ උදවිය මේ අපේ කතානායක තාපස තුමාට බොහොම ගෞරවයෙන් සැලකුවාලු. පුද සත්කාර කලාලු. ගමේ කට්ටිය අර අපේ තියෙන්නෙ ගම්වල සිරිතක් සළාක දානෙ දෙනව කියල, අන්න ඒ විදිහට මාසෙ දවස් බෙදාගෙන තාපස තුමාට දානෙ ගිහිල්ල දුන්නලු.

අපේ ගම්වල ඔය සළාක දානෙ කෙරෙන්නෙ මෙහෙමයි. ඕකට සීට්ටු දානෙ කියලත් කියනව පමණක් පළාත්වල. ඒ කියන්නෙ මාසෙ දවස් තිහ ගමේ ගෙවල් වලට බෙදල දීල තියෙන්නෙ සම්මුතියෙන්. ඒ දවසට පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට දානෙ ඒ ගෙදරින් දෙන්න ඕන. 

ඔය සලාක දානෙ දෙනව කියන එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි. කලිං දවසෙ රෑ බෝ වෙන්ට ඇරල පන්සලට ගිහිල්ල පහුවදා හීල් දානෙ අරං යන්ට ඕන කරන බාස්කට් බාජන අරව මෙව්ව අරගෙන එන්ට ඕන. පන්සලේ ඇබිත්තයෙක් ඉන්නවනම් උන්දැ එව්ව ගෙනත් දෙනව. එහෙම නැත්නම් සළාක දානෙ බාර ගෙදරින් කවුරු හරි ගිහිල්ල එව්ව අරගෙන එන්ට ඕන. 

ඊට පස්සෙ පහුවෙනිද උදේම හීල් දානෙ උයල කරල ගිහිල්ල දෙන්ට ඕන පන්සලට. ආපහු එනකොට දවල් දානෙ ගෙනියන්ට ඕන කරන ආම්පන්නත් ඒ එක්කම අරගෙන එනව. ඊලඟට දවල් එකොලහ වෙනකොට දවල් දානෙ ලෑස්ති කරල බුද්ධ පූජාවයි දැහැත් වට්ටියයි එක්ක ගිහිල්ල පූජා කරන්ට ඕන. අපෙ එතුමීලගෙ ගමේ පන්සලට ඔය සළාක දානෙ මමත් හත් අට සැරයක්ම අරගෙන ගිහිල්ල තියනව. හෙහ්..හෙහ්...

ඉතිං තාපස තුමාගෙ කතාවට ආයම ආවොත් ඔන්න දවසක්දා හවසක මහ අනෝරා වැස්සක් කඩා හැලුනලු. ඔය වෙලාවෙ ගමේ ගැටිස්සියො හතර පස් දෙනෙක් ඔය ගල් ගුහාව අහල පහල කැළේට දරකඩන්ට ගිහිල්ලලු හිටියෙ. එක පාරටම ආත බූත නැතුව වරුසාව කඩා වැටුනම ඒ කෙල්ලියො හිස් ලූලූ අත දිව්වලු. එයිං එක ගැටිස්සියක් කලබලේම දුවල තියෙන්නෙ ගල්ගුහාව පැත්තට. වෙන කරන්ට දෙයක් නෑනෙ වරුසාවත් කඩා වැටෙනව කල්පාන්තෙට වහින වැස්ස වගේ. ඕන දෙයක් වෙච්චාවෙ කියල කෙල්ල රිංගුවලු තාපසයාණෝ ඉන්න ගල් ගුහාවට.

මේ අනෝරා වැස්සෙ ඇහැට කණට පේන ගැටිස්සියක් එක පාරට තමං වැඩ වාසය කරන ගල්ගුහාවට කඩාපාත් උනහම අපේ ගරු කටයුතු තාපස තුමත් එක පාරටම නිකං කරකවල අතෑරිය වගෙ උනාලු. ඒත් එතුමා ඒ බවක් පෙන්නන්නෙ නැතුව ඒ තරුණියට ඇඟපත පිහිදාගන්ට පරණ රෙද්දක් එහෙම දීල සත්කාර කලාලු. දැං ඔන්න තාපසය ගුහාව ඇතුලෙ බද්ධ පර්යංකයෙන් වැඩ ඉන්නව. තරුණිය ගල් ගුහාවෙ දොර අබියසට වෙලා බලා ඉන්නව කොයි වෙලේ වැස්ස පායයිද කියල. මොන පෑවිල්ලක්ද? වැස්ස එක සීරුවට වහිනව. ඇඟ පත පිහගත්තට තරුණියගෙ ඇඳුම් තවමත් තෙතයි. ඇඟටම ඇලිල. ඔන්න අපේ තාපස තුමාටත් කාමාසක්ත සිතුවිලි පහල වෙන්ට ගත්තය කියමුකො. ඒත් එතුමා ඒ පාපී සිතුවිලි යටපත් කරගත්ත.

දැං හොඳටම රෑත් වෙලා. තාමත් එක සීරුවට වහිනව. කොහොමත් අර තරුණියට දැන් මේ වෙලාවෙ ගම්මානෙට යාගන්ට විදිහක් නෑ. තාපසය ඒ පාර ඒ තරුණියට අතින් සංඥා කාල ඇතුලට ඇවිල්ල වාඩි වෙන්ට කියල. තරුණියත් ඇවිල්ල තාපස තුමා ලඟින්ම වාඩිවෙලා ගල්ලෙනේ බිත්තිය හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත. 

දැං තමං ලඟින්ම ඉන්න තරුණියගෙ රූපය දැකල තාපස තුමාගෙ කාම සිතුවිලි ආයම අවදිවෙන්ට ගත්ත. හැබැයි වැඩේ කියන්නෙ තාපස තුමාගෙ සූටි කයිය කිසිම ප්‍රතිචාරයක් නෑ. හිටිය වගේම සලුව අස්සට වෙලා ඉන්නව වගේ වගක් නැතුව. ඒ අතරේ මේ ගල්ගුහාම ඇතුලෙ අඩ අඳුරයි එළියෙ ධාරානිපාත වැස්සයි හීතළ හුළඟයි එක්ක අර තරුණියගෙත් ආසාවන් අවදිවෙන්ට ගත්ත. ඈ ඇස් ඇරල යටැසින් තාපසතුමා දිහා බලල යම්තමට හිනාවුනා. ඒ වනාහී නිසැකවම තමන්ට කෙරුනු ආරාධනාවක් කියල දන්න තාපස තුමාගෙ හිත ආයමත් කුල්මත්වුනා. මේ වගෙ අවස්ථාවක් ආය කවදාකවත් ලැබෙන එකක් නෑ. එහෙම හිතල එතුමා සූටි කයිය අවදි කරවගන්ට ෆුල් ට්‍රයි එකක් දුන්න. දන්න සෙල්ලං දැම්ම. මොන? සූටි කයිය එහෙම්මමයි.

ඉතිං කොහොමහරි එළිවෙනකල්ම තාපස තුමා සූටි කයිය නැඟිට්ටවගන්ට ඒකා එක්කලා දැඟලුවට සූටි කයිය නෙවෙයි ඔලුව උස්සල බැලුවෙ. බාම් එකේ වේලෙන්ට එල්ලල තියන දුංකොළයක් වගෙ ඔහෙ හිටිය කරබාගෙන. 

(Note - දුම්කොළ වේලන්ට හදනව අඩි තිහක් හතලිහක් වගෙ දිග ගොඩනැඟිලි. එව්වයෙ ඇතුලෙ ළණු බැඳල දුම්කොළ එල්ලල තමයි වේලන්නෙ. ඔව්වට කියන්නෙ Tobacco Barns කියල. අපේ මිනිස්සු කියන්නෙ දුංකොළ බාම් කියල, ඔය පල්ලෙහ පින්තූරෙ තියෙන්නෙ අන්න ඒ බාන් එකක්. මෙහෙ නම් නෙවෙයි ඇමරිකාවෙ...)

ඔය පෝටොස් එකේ තියෙන්නෙ ඇමරිකාවෙ දුම්කොළ බාන් එකක්.
අර පේනව නේද දුම්කොළ එල්ලල තියෙනව වේලෙන්ට?
අර තාපසතුමාගෙ සූටි කයියත් රෑ තිස්සෙ හිටියෙ
ඔහොම තමයි. Google Images

ඔයිංමෙයිං ඔන්න වටිං ගොඩිං එළියත් වැටීගෙන ආව. රෑ පුරා වැහැපු වැස්සත් තුරල් කරල. අර තරුණිය තාපසය දිහාවෙ දෙතුන් පාරක් නෝන්ඩියට වගෙ බලල ගල් ගුහාවෙං පිටවෙලා යන්ට ගියා. තාපසයට නේද? සූටි කයියව මරාගෙන කන්ට තරං කේන්තිය. ඇයි දෙයියෝ සාක්කි. දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්නු අවස්ථාවනෙ මේ මඟ ඇරුනෙ...

"හපොයි මට එන කේන්තියක්. මූව හම ගැහුවට හිත් වදීද?" ඔහොම තොල මතුර මතුර තාපස් තෙමේ ඔන්න ගියා ඔය ගල් ගුහාව කිට්ටුවෙන්ම ගලාගෙන යන දොළපාර අයිනට උදෑසන සිරුරු කිස උදෙසා. දන්නවනෙ සිරුරු කිස කියන්නෙ මොකක්ද කියල නේද? ශරීර කෘත්‍යය නොහොත් මළපහ කිරීම. 

ඉතිං ඔන්න දොළ පාර අයිනෙ වැල්ලෙ උක්කුටිකයෙන් ඉඳගෙන තාපසය වැඩේ කරනව. බෝම හිත කනස්සලෙං ඉන්නෙ. ඊයෙ රාත්තිරියෙ වෙච්චි වැඩේට.

වේලිච්ච දර කෝටුවකුත්කඩාගෙන ඒකෙං වැල්ලෙ ඉරි ඇඳ ඇඳ ඔහොම වැඩේ කරගෙන යද්දි අප්පද බොල..මෙන්න එක පාරටම සූටි කයියා තෙමේ මොහොල් ගසක්සේ ප්‍රාණවත්ව නැඟීසිටි සේක. තාපසයගෙ කටත් එක්ක ඇරුන පුදුමෙං. ඇයි දෙයියෝ සාක්කි ඊයෙ රෑ අච්චර දඟලල වගක් වත් නැතුව හිටපු එකා මෙන්න බලමුකො. 

ඒත් එක්කම තාපසයගෙ හිතට ආවෙ දරාගන්ට බැරි මහ විසාල කේන්තියක් අර කියන්නෙ මාරාවේස වුනා කියල. අන්න ඒ ජාතියෙ කේන්තියක්. 

ඒ කේන්තියෙම්ම අතදාල සූටි කයියගෙ ඔලුවෙන් අල්ලගත්ත තාපසය "ආ..උඹට ඊයෙ රෑ මම වැඳපු නැති එක විතරයි. ඒත් උඹ වගෙ වගක් නැතුව හිටිය. දැං වැඩ පෙන්නල මක් කරන්ටද? දැං තෝ කාපිය මෙව්ව...කාපිය මෙව්ව" කියල සූටි කයියව අර තමංගෙම මලපහ ගොඩේ අතුල්ලගෙන අතුල්ලගෙන ගියා.

Thought for the day - When one of your own appendages conspire to thwart fulfilling your desire, there is nothing else but to rub it in your own shit…..

55 comments:

  1. Replies
    1. BEJ,

      ඇයි මොකෝ? දැං තාපසය ගැන ලියපු එකත් බොට මහ පුදුමයක්ද?

      Delete
    2. :) :) :) පුදුමදත් අහනවා... ඊටත් පුදුම අයියා මේක පෝස්ට් කරනවත් එක්කම වගේ මං මේක දැකපු එක.. කෝපි එකකුත් හදාගෙන ඇවිත් කියවලා පළවෙනි කමෙන්ට් එක දානකං කවුරුත් නොදැකපු එක... ඉතිං පුදුම නැද්ද අයියේ... :) :)

      Delete
  2. තාපස කතාව නම් හොඳයි. ඒ උනාට සුටි කයියගේ අවාසනාවන්ත ඉරණම ගැන නම් කනගාටු හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      එව්ව එහෙම තමයි ගණං ගන්ට එපා...:)

      ඔය කතන්දර දයා මහත්මයා අපි අර කැළේ මැද ඉන්න කාලෙ රෑට මිදුලෙ ගිණි මැලයක් එහෙම ගහගෙන පොඩ්ඩක් ඔහෙ කර්මාන්තයක් එහෙම කරන අතරෙ එක එක්කෙනා කියන එව්වනෙ.

      ඒ කාලෙ ඉන්ටනැට්ට ගැන අපි අහලවත් නෑ. පත්තරත් එහාට එන්නෙ නෑ. රේඩියෝ සහ පස්සෙ කාලෙ ටී.වී. තමයි. ඉතිං ඔය කතන්දර තමයි අපේ ප්‍රධාන විනෝදාස්වාදය.

      කවුරු හෝ ගෙදර ගිහිල්ල එන අය කතන්දර හත අටක් අරගෙන තමයි එන්නෙ. "මචං..මේක අහපංකො..මේ පාර පෝයට අපේ පන්සලේ බණට වැඩියෙ කොහෙද පිට පන්සලකින් හාමුදුරු නමක්. මචං තාපසයගෙ කතාව කියල බණක් කිව්ව මචං උපාසක උපාසිකාවො එක දිගට විනාඩි පහක් විතර සාදුකාර දුන්න ඔන්න කොටිම්ම. අහපල්ලකො උඹලත් එහෙනං..ඔන්න එක කැළෑවක ගල් ගුහාවක තාපසයෙක් හිටියලු හොඳද?" ඔන්න ඔහොම කියල මගෙ අතිජාත මිත්‍රයෙක් වන චන්දරේ තමයි මේ කතන්දරේ කිව්වෙ...

      ඕක අහල මගෙ තවත් යාලුවෙක් ඕක මිනිහගෙ අයියට කියල. අයිය දහම්පාසල් ගුරුවරයෙක්. ඒ මනුස්සය ඊලඟ දවසෙ ඕක දහම් පාසලේ ළමයිටත් කියල දීල....ළමයිත් බෝම සතුටු වුනාලු. ඊළඟ දවසෙ ගමේ ඉන්න ඔක්කොම ළමයි දහම් පාසල් ඇවිල්ල බණමඩුව ඉඩත් මදි වුනාලු ඔන්න කොටිම්ම කිව්වොත්...හෙහ්,හෙහ්,

      Delete
  3. පුංචිනිළමේ ඊට පස්සේ මරාගේ දෑත් ශක්තිමත් කරන්න ආවා නේද?

    ReplyDelete
    Replies
    1. රසික,

      ආව නේන්නං..ඒ කාලෙ නාලන්ද එල්ලාවලගෙ අතිජාත මිත්‍රයනෙ ඩිලාන් පෙරේරා..ඔය යකා ඒ කාලේ පොළවෙ පස් කෑව නාලන්ද මරපු මිනීමරුවන්ට යහතින් ඉන්ට දෙන්නෙ නෑ කියල. අනේ අප්පේ පස්සෙ පුංචි නිලමෙත් එක්ක බොහොම අපූරුවට ආණ්ඩු පක්ෂෙ ඔය එකට වාඩි වෙලා හිටියෙ.

      මරා කියන මනුස්සයත් ආය කිසිම විලි ලැජ්ජාවක් ඇති මිනිහෙක් නෙවෙයිනෙ. තමන්ගෙ බලය වැඩිකරගන්ට ඕනම අලුගුත්තේරු වැඩක් කරයි කිසිම ගානක් නැතුව. ඔය වගෙ කීදෙනෙක් ගත්තද ආණ්ඩුවට....

      Delete
    2. පුංචිනිළමෙ ආවෙ මරාගෙ නෙමෙයි චන්ද්‍රිකාගෙ දෑත් ශක්තිමත් කරන්ඩ...

      Delete
    3. අයිෂේ, පුංචි නිලමේ හිටියේ ඇලික් ගාව. පොඩ්ඩක් කතාව කියවනවලකෝ නිකන් පයින්නේ නැතුව.
      මරාගේ දෑත් ශක්තිමත් කළේ වෙන එකක්.

      Delete
  4. විජය මැරුණේ, ලලිත් මැරුණේ චන්ද්‍රිකා ගේ කේන්දරේ බලගතු නිසා ය කියන කතාව ජේවීපීකාරයින් සහ ඇල්ටීටීඊකාරයින් පතුරවපු කතාවක්

    ReplyDelete
    Replies
    1. රසික,

      මොකක්ද එහෙම කතාවක් ප්‍රචාරය කරල ජේ.වී.පී. එක සහ එල්.ටී.ටී.ඊ එක බලාපොරොත්තු වුනේ? ඒ දෙන්න අපි කැමැත්තෙං මැරුව නෙවෙයි චන්ද්‍රිකාගෙ කේන්දරේ බලගතු හින්ද අපිට මරන්ට සිද්ද වුනා වගෙ දෙයක් කියන්ටද? මම හිතන්නෙ නෑ ඒ කතාවට ඔය දෙපක්ෂයෙම සම්බන්ධයක් ඇතිය කියල.

      මට අමතක වුනා ගාමිණී...94 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා අනිවාර්යයෙන් දිනනව ගාමිණී ජීවත්වෙලා හිටියත්. ඒත් චන්ද්‍රිකා කරපු විදිහට එක ආසනයෙන් ආණ්ඩුව පවත්වාගෙන යන්ට ගාමිණී ඉඩ දෙන්නෙ නෑ වැඩිකාලයක්. වැඩිම උනොත් අවුරුදු දෙකයි නැත්නම් තුනයි ගාමිණී පාර්ලිමේන්තුවෙ බලය ගන්නව..ඒ හින්ද ගාමිණීගෙ හදිසි මරණයත් චන්ද්‍රිකාට ලොකු වාසියක් වුනා...

      Delete
    2. මා එය කීවේ උපකල්පිතයක් ලෙසයි. ඔවුන් නිල වශයෙන් හෝ අනියමින් හෝ එසේ කීවා ය කියන්නට සාක්‍ෂි නෑ.

      දැන් ජේවීපීය සහ ඇල්ටීටීය විසින් මරා දමන ලද අය "මිය ගියේ" ඔවුන් ගේ කේන්දරවල තිබුණු අපලයක් නිසා හෝ ඔවුන් ගේ සහකරුවන් ගේ හෝ සතුරන් ගේ කේන්දරවල ඇති රාජ යෝග නිසා හෝ කියා ජනතාව කියන විට එයින් දේශපාලන වාසිය එන්නේ කාට ද?

      මුලින් ම මැරුවා වෙනුවට මිය ගියා කියා වැඩේ තනුක වෙනවා. ඊළඟට ග්‍රහ තරුවලට වරද පැටවෙනවා. සමහරවිට චන්ද්‍රිකා ගේ තරහකාර අමන මිනිසුන් ඇයට බනිනවා විය හැකියි ඕකී තමයි අපේ මහත්තායාව මරා ගත්තේ කියලාත්.

      මේ වගේ ම කතාවක් ගැන මා ළඟදී රුවන් ජයතුංග ගේ බ්ලොගයේ කමෙන්ටුවක් ලිව්වා. එහි පළ කර තිබුණු ලිපියක තිබුණා පිළිකා රෝහලේ ඩොකෙකු කියූ කතාවක්. ඒ පුද්ගලයාට අනුව, ඔහුට බොරු චෝදනා නගා විරුද්ධව කටයුතු කළ තිදෙනෙකුට හදවත් රෝග, පිළිකා යනාදී විවිධ රෝග සෑදී පල දී තියෙනවා.

      ඒ අනුව, ඒ රෝග සැදී ඇත්තේ රෝග කාරක සෞඛ්‍ය හේතු නිසා නොවෙයි.

      තවත් උදාහරණයක්.

      මා දන්නා අයෙකු මුදල් පසුම්බියක් ඇහිඳලා අපේ සමාගමේ ම සහෝදර සේවකයෙකු වූ එහි අයිතිකරු සොයා එය බාර දුන්නා. ඌ කර තියෙන්නේ තෑන්ක්ස් ගෝඩ් කියා පර්ස් එක සාක්කුවේ දා ගැනීමයි. (මේ පුද්ගලයා ක්‍රිස්තියානුවෙකු හෝ වෙනත් දේව ආගමක් අදහන අයෙකු හෝ නොවෙයි).

      කොහොම ද ඒක?

      Delete
    3. උපකල්පිත කියා කියා කට කතා පතුරුවන එක නම් බොහොම වැරදි දෙයක්.

      Delete
  5. පළමුව මම ගන්නෙමි වැඳ අවසරයක් හිරු දෙයියා
    දෙවනුව කියනව පව්නේ තාපසයගෙ සූටි කයියා
    තෙවනුව නිම කෙරුවට දෙමි තුති මල්ලක් රවි අයියා
    ලියනව නම් හොඳයිනෙ අර අනන්‍යාගෙ ක්‍රිශ් ගොයියා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      මතක් කෙරුවට බොට තුතී, ඒකත් ලියන්ට එපාය නේ?

      Delete
  6. ඊඩ් මුබාරක්ට පිං සිද්ධ වෙන්ඩ පෝස්ට ගානක් මිස් වෙලා :D ඒකත් මරු එකදිගට කියවගෙන ආවැකි. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. °•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඊද් මුබාරක් කාලෙ උඹ කොහෙද ගිහිල්ල උන්නෙ?

      Delete
  7. බයිද වේ ලොක්කා රන්දිල් නෝනගෙ අලුත්ම දරු සම්පත්තිය වෙනුවෙන් සුබ පතන්නෙ නැද්ද බොලල්ලා. ඒ ඇත්ති මෙව්ව ගැන බලං ඇත්තෙ. ආයි දෝස්මුරේ වැටෙන්න ඇහැකි.

    ඒ කාලෙ ඔය පුංචි නිලමෙ කියන්නෙ අපේ පවුලෙ අයට දෙයියෙක් වගේ. ඔය නාලන්ද එල්ලාවල මරාපු එකට "මහින්ද රත්නතිලක" හරි ඒ වගේ නමක් තියෙන මන්තිරි කෙනෙකුත් සම්බන්ධයි. ඔව් එහෙම තමා මගෙ මොලේට මතක. ඒ කාලෙ ඉතිං අපි කිරිසප්පයොනෙ.

    පන්සලට දානෙ ගෙනියන දවස් සඳහන් කරල පොඩි චිට්ටෙකක් එවනව පන්සලෙං. ඒකට කියන්නෙ දන් සීට්ටුව. අපේ ගමේ නං උදේ වේල එක ගෙදරකිං දවල් වේල තව ගෙදරකිං. සමහර කාලවලට දෙවේලම සෙට් වෙනව. දං සීට්ටුව ආපු ගමං අපි ඒක අලෝනව බිත්තියෙ.
    දං සීට්ටුවයි
    අසුවල් ගම අසුවල් රුක්කාරාමයේ වැඩ වසන 2 නමකට 1994 ක්වූ ජනවාරි මස 12 වැනි දින හීල/දහවල දානය පිරිනැමීමෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නා ලෙස දන්වමු

    දායක සභාව
    (විදුලි ආධාර රු.20 ක් රැගෙන එන්න)

    විදුලි ආධාර කතාව ආවෙ පස්සෙ කාලෙක. කරන්ටෙක නැති කාලෙ ඒක තිබුනෙ නෑ. අපේ ගෙදරිනුත් අම්මයි මමයි හවසට පන්සලට යනව ගිලංපස අරං. ඒ කියන්නෙ තේකොල පනහයි, සීනි දෙසිය පනහයි දාපු ගොටු දෙකයි, ලාම්පුතෙල් බෝතලෙයයි, පස්පංගුව පැකැට්ටෙකයි, හකුරු ඇස්සක් නැත්තං ඉරුවක්, දුංකල ඉරුවයි, බුලත් කොල විස්සයි, හුනු පැකැට්ටෙකයි, පුවක් ගෙඩි දෙක තුනක් වගේ තමයි ගිලංපස ලැයිස්තුව. ඔය ටික ගිහිං හාමුදුරුවන්ට දුන්නම හාමුදුරුවො අපිට දානෙ ගැන උපදෙස් දෙනව.

    "හාල්මැස්සො මැල්ලුමක් හදං එන්නකො දයක්කෙ පුලුවංනං. කාලෙකිං වළඳන්න ලැබුන්නෑ. ගිය පාර එහෙං දානෙ වේලට හම්බුවෙච්චි හාල්මැස්සං මැල්ලුමනං පංකාදු පහයි."

    අපි දානෙ සාලාවට ගිහිං දානෙ බෙදන බාජන එක උඩ එක තියලා එල්ලං යන්න පුලුවං "දං සැට් එක (මේක මගෙම වචනයක්)යි" බත් බෙදන පනිට්ටුවයි අරං එන්න යනකොට

    "ආ මේ අද දවල් දානෙට ගිහිං හම්බෙච්චා වගෙයක්."

    කියලා හාමුදුරුවෝ මුද්දරප්පලං ගෙඩි දෙක තුනක්, කෙහෙල් ගෙඩි දෙක තුනක්, ගහ්ලබු පලුවක් එහෙම මට දෙනවා. මං ඒකත් ඇරං අම්ම එක්ක ගෙදර එනවා.

    අර තිලකසිරි මහත්තයා ඔය රටිං ආවත් හරි රවියන්නාන්සෙ ලියන්නෙම බහුබූත. තිලකසිරි මහත්තයා ඉන්න කාලෙ වේල නොවරදවා බෙහෙත් ටික එහෙම ගෙනැත්දීලා දුක සැප බැලුවට දැං බලන්න කෙනෙක් නැද්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය නාලන්ද කේස් එකෙං පස්සෙ මුළු රත්නපුරේම ගිනි තිබ්බ බොට මතක නැද්ද?

      Delete
    2. ඒ කාලෙ අපි පොඩියිනෙ. චූටි කයියා අවදි නොවන කාලෙනෙ.

      Delete
    3. Surangamlr,

      /බයිද වේ ලොක්කා රන්දිල් නෝනගෙ අලුත්ම දරු සම්පත්තිය වෙනුවෙන් සුබ පතන්නෙ නැද්ද බොලල්ලා. /

      සුබ පතලම මට ඇති වෙලයි තියෙන්නෙ..තව දෙක තුනක්ම අල්ලල එක පාරම සුබ පතනවයි කියලයි මම හිතාගෙන ඉන්නෙ...

      /ඔය නාලන්ද එල්ලාවල මරාපු එකට "මහින්ද රත්නතිලක" හරි ඒ වගේ නමක් තියෙන මන්තිරි කෙනෙකුත් සම්බන්ධයි./

      ඔව්..ඔව්..මහින්ද රත්නතිලක තමයි..ඒ කලෙ රත්නපුර නගරාධිපතිද කොහෙද මට මතක විදිහට. පස්සෙ මනුස්සයත් කලේ ඒ නඩුවෙන් බේරෙන්නමද කොහෙද Bluecashගෙ දෑත් සක්තිමත් කරන්ට ආව.

      /(විදුලි ආධාර රු.20 ක් රැගෙන එන්න)/

      අපේ පන්සලේ ඔය ටික පත්‍රිකාවෙ තියෙන්නෙ "සසර වසන තුරු නැණැස පෑදීමට සහ දිවනෙත් ලැබීමට හේතුවන මහා ආලෝක පූජාව උදෙසා බරපැන ලබාදී සම්මාදන් වනු මැනව!" කියල

      /අර තිලකසිරි මහත්තයා ඔය රටිං ආවත් හරි රවියන්නාන්සෙ ලියන්නෙම බහුබූත. තිලකසිරි මහත්තයා ඉන්න කාලෙ වේල නොවරදවා බෙහෙත් ටික එහෙම ගෙනැත්දීලා දුක සැප බැලුවට දැං බලන්න කෙනෙක් නැද්ද කොහෙද?/

      අන්න මිනිස්සු... හප්පා...මතක් උනත් සිත පහන් වෙනව. බඩ බුරුල් වෙනව... එතනිං ගිහාම මයිල් කොයිල් වෙනව...

      Delete
    4. Prasanna,

      /ඇයි ඔය නාලන්ද කේස් එකෙං පස්සෙ මුළු රත්නපුරේම ගිනි තිබ්බ බොට මතක නැද්ද?/

      ඇත්තටම? එහෙම දෙයක් උනාද? ඒ කියන්නෙ යූ.එන්.පී. අයට හිරිහැර කලාද? මට එහෙම එකක් මතක නෑනෙ බොලේ...

      Delete
    5. Suranga,

      /ඒ කාලෙ අපි පොඩියිනෙ. චූටි කයියා අවදි නොවන කාලෙනෙ./

      දැං උනත් අවදිඋනාට වැඩක් නැත කියල තමයි තතු දන්නා උදවියගෙන් මට ආරංචි වුනේ. අවදිවෙච්ච සූටි කයියගෙන් ගහල අර ටිකිරි සඳමාලිව ඇඳෙන් පන්නල ඉවරවෙන කොට උදේ වැඩට යන්ට වෙලාව හරිලු.ඉඳපන් ඒ ගැනත් සවිස්තරව ලියන්නං වෙලාවක.."සුරං ළමයාගේ සූටි කයියා පිළිබඳ වැඩිහිටියන්ගේ කතා" ඒක තමයි මාතෘකාව...:)

      Delete
    6. එහෙම එකක් උනා තමයි. S&S කලර් ලැබ් එක, ස්ටුඩියෝ එක, ලලිතා ගෝල්ඩ් හවුස් එක, යෙහියා එක තව චයිනීස් එකක් වගේ ගොඩක් ඒව ගිනි තිබ්බ. ලලිතා එකනං ඊටපස්සෙ හැදුවෙම නෑ. දැන්නං ඒක විකුණලද කොහෙද. ඒ මදිවට මේ පැත්තෙ ප්‍ර.ස. මංත්‍රී ‍ගේකත් බඩු පොඩි කරල තිබුණ.

      Delete
  8. නි.සි. පාඨකයින් වෙනුවෙන් දැනුම් දීමයි.
    මා වෙනුවෙන් ගුණ කථන කෙරීම සඳහා චූටි කයියා තැන්පත් සත්ගුණවත් මහා දානපති රවී වීරසිංහයන් වෙත කිසිදු පගා මුදලක් ලබා නොදුන් බව හෘද සාක්කියට එකඟව ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. සියළුම පාඨකයින් වෙත,

      ඉහත ප්‍රකාශය පරණ සත්‍යයක් බවට දිවුරා පොරොන්දුවෙමි.

      Delete
  9. ඕක තමයි බොල කියන්නෙ වැඩක් ගන්නැති මැසිමක් උනත් තෙල් දාල සුද්ද කරල පීරියෝඩිකලි මේන්ටේන් කරල තියාගෙන ඉන්න ඕන කියල. නැත්තං ඉතිං වැඩකට ඕන වෙලා හදිස්සියෙ ස්ටාට් කරන්න ගියාම මොන කපේකටවත් වැඩේ සිද්දවෙන්නෙ නැති උනාට ඔන නැති වෙලාවට යසට ස්ටාට් වෙනව. හැක්..

    ReplyDelete
    Replies
    1. Prassana,

      True true true..yeah..yeah...:)

      Delete
  10. ඇලික් සරම උස්සනකොට සූටි කයිය අවදිවෙලාද දන්නෑ තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      Can't say ...may be may be...:)

      Delete
  11. මිසිස් ශ්‍රීනිවාස් ගෑණි අර මනුස්සයගෙ බෙල්ල මිරිකලද කියල පොඩ්ඩක් හොයල බලහං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හප්පේ ඔව්..ඔව්..ඔව්..උඩහ අර දුමියා කවියෙන්ම මතක කරල තියෙන්නෙ...හරි හරි ඇසැප් ඇසැප්

      Delete
  12. හත්වලාවේ... මේකද මේ 'මහ ලොකු' කතාව! අම්මප මට දැන් කට ගලක අතුල්ලගන්න හිතෙනවා ගර්ර්ර්.............

    යහපාලනේටම තමයි හලෝ හොඳ.. කියල වැඩක් නැහැ!!!!

    සලාක දානේ ගැන නම් ගොඩක් කතා තියෙනවා අපේ අත්තම්ම එක්ක. හම්මේ එයාගේ 'අණසක' යටතේ තමයි ඔක්කොම කෙරුනේ.. කොටිම්ම හාමුදුරුවෝ වත් 'මීක්' කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. Likhitha,

      /හත්වලාවේ... මේකද මේ 'මහ ලොකු' කතාව! අම්මප මට දැන් කට ගලක අතුල්ලගන්න හිතෙනවා ගර්ර්ර්............. /

      කවුද බොල ලොකු කතාවක් කියල කිව්වෙ? මං කිව්වද එහෙම එකක්? නිකං පලයන් යන්ට..

      ඔය කට අතුල්ල ගන්න ඕන ඕනම ගලකමත් නෙවෙයි මිරිස් ගලේ...

      අපෙ උන්දැ අපි කසාද බැඳල ඉස්සොරෝම කුවාටස් එනකොට තඩි මිරිස් ගලකුත් පටවගෙන ආපි. මම බෝම තන්තෝස වුනා...

      "ආ..ඔයා මිරිස් අඹරන්ටයි හදන්නෙ එහෙනං ඉවුම් පිහුම් වලට නියමයි.."

      "පිස්සුද මනුස්සයෝ මට වෙලාවක් නෑ ඔය මිරිස් ගල් එක්ක ඔට්ටු වෙන්ට."

      "එහෙනං මේ මිරිස් ගලක් ගෙනෑවෙ?"

      "ඒ මේ වෙන වැඩකට"


      /සලාක දානේ ගැන නම් ගොඩක් කතා තියෙනවා අපේ අත්තම්ම එක්ක. /

      අන්න ලියහංකො අත්තම්මගෙ කතා දෙක තුනක්..මේ දහංගැට ලියන වෙලාවෙ..:)

      Delete
    2. මිරිස් අඹරන්න නෙවේ නම්, මිරිස් ගල ගෙනාවෙ රවියගෙ සූටි කයියව අඹරන්නද දන්නෙ නෑ......

      Delete
  13. සූටි කයියට ඔහොම ලිහිල් දඬුවමක් ලැබුනෙ අයිතිකාරයා හොඳ පුද්ගලයෙක් නිසා.

    අපි බලන්න ඕනෙ තව පැති මචං.

    ඔතනට උදේ ඔය වැඩේම කරන්න කොල්ලෙක් හෙම ඇවිත් හිටියද දන්නෑ එහා ඉවුරට?
    නැතිනං එළිච්චියක්වත් තණ කකා හිටියද දන්නෙත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අර ඇන්ඩ වගේ බුවෙක් හිටියනං 'ලැජ්ජ බිල්ලට' තියල.

      Delete
    2. Dude,

      /නැතිනං එළිච්චියක්වත් තණ කකා හිටියද දන්නෙත් නෑනෙ./

      Yep, Machang Somethings you just can't explain......

      A farmer was in a bar drinking and looking all depressed.

      His friend asked him why he was looking depressed and he replied, "Some things you just can't explain. This morning I was outside milking. As soon as the bucket was fill the cow kicked it down with his left foot so I tied up his left to a pole.

      I began to fill up the bucket again and he kicked it down with his right foot, so I tied his right to a pole too.

      As soon as I finished milkin'' him again he knocked down the bucket with his with his tail and I took off my belt and tied up his tail with my belt.

      As I was tying up his tail, my pants dropped down, then my wife came out and well, trust me, some things you just can't explain!

      Delete
    3. 'his' left foot? need a gender check on the story, Ravi! :D

      Delete
  14. මුල ටික කියවගෙන අයනකොට හිතුනා මම මේ ආපහු 1 වෙනි කොටස බලනවාවද්ද කියල ඇයි වදේ මුල කොටසෙ බාගයක්ම මේකත් තියෙනවනෙ.අන්තිමට ඉතින් ඔන්න ඔහොමලු උනයි කියන්නෙ පව් අප්පා අර තාපස් උන්නැහෙ.

    ReplyDelete
    Replies
    1. Sonduru,

      /මුල ටික කියවගෙන අයනකොට හිතුනා මම මේ ආපහු 1 වෙනි කොටස බලනවාවද්ද කියල /

      මෙතෙක් කතාව කියල පාටකයබ්ගෙ මතකය අලුත් කරවන්ටයි එහෙම කලේ...

      /පව් අප්පා අර තාපස් උන්නැහෙ./

      මොකටද පව් කියන්නෙ? තපස් රකින්ට ආවනං ඒක කරගන්නෙ නැතුව ලෑස්තිවුනා මෙතන..හුහ්...හොඳ වැඩේ...

      Delete
  15. කටාර් කියන්නෙ ගල්ගුහාව සහ තාපසය කියන්නෙ රවියා කියල හිතාගෙන මෙම කථාව කියවනව නෙමෙයි ඔන්න

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      එහෙම හිතාගෙන කියෙව්වම තමයි ආතල් එක වැඩි...:)

      Delete
  16. වැඩිහිටියන්ගේ කතා කිවුවම බයෙන් බයෙන් කියෙව්වෙ. බැලුවම මේක මේ ලොකු අභ්‍යන්තරයක් තියන කතාවක් නෙ. ඒ තරම් අසභ්‍ය කතාවක් නෙවෙයි.

    ඇලික් හා පුංචි නිලමේගේ කතාව නම් අර "ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි" කතාවේම දිගුවක් වගේ. පිරිමි අය නිරුවත ප්‍රදර්ශනය කරනකොට ගෑනු අය දුවනවා වගේ, ගෑනු කෙනෙක් නිරුවත පෙන්නුවොත් පිරිමි අය දුවනවද? ලෝකේ සමබර නෑ කියන්නේ ඕක තමයි.

    ඔය වගේ සමබර නැති තව කතාවක් අපට ප්‍රථමාදාර උගන්නපු මාස්ටර් නුත් කිවුව. කෙටියෙන් කිවුවොත් මෙහෙමයි.

    "ළමයි, දැන් අපි මේ කෘතීම ශ්වසනය දෙන හැටි, රෝගියා පිරික්සන හැටි ඉගෙන ගත්ත නේ. හැබැයි, මේක කවදාහරි ජීවිතේ ඇත්තටම කරන්නට වුනොත් පිළිපදින්න එතිකල් ගයිඩ්ලයින් එකක් තියනව.

    කෙනෙක් තුවාල වෙලා, සිහි නැතිව ඉඳල, සිහිය එනකොටම ඔබ විසින් ඔවුන් ස්පර්ශ කරමින් නිරීක්ෂණය කරන බව දැනුනොත් ඔවුන් කලබල වෙන්න පුළුවන්. ඔබ ප්‍රථමාධාර නිලධාරියෙක් බව ඔවුන් දන්නේ නැහැ නේ. ඉතින් අනතුරු දායක දෙයක් ලෙසට වරදවා වටහාගෙන, තත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබ සිහි නැති කෙනෙකුට උනත්, මේ පරීක්ෂාව කරන්නට ඕනේ, කතා කරන ගමන්.

    'මම දැන් ඔබේ අත අරන් නාඩි බලනවා'
    'මම දැන් ඔබේ හුස්ම වැටෙනවාදැයි පරීක්ෂා කරනවා'

    මෙන්න මේ විදියට කතා කර කර පරීක්ෂා කරන්න ඕනේ. විශේෂයෙන්ම පිරිමි කෙනෙක් පිරිමි කෙනෙකුව පරීක්ෂා කරනකොට, පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුව පරීක්ෂා කරනකොට, මෙහෙම කියන්නම ඕනේ.

    හැබැයි ඉතින් ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙකුව පරීක්ෂා කරද්දී නම් ඔහොම නොකිවුවත් කමක් නෑ.. මොකද එහෙම වෙලාවක පිරිමි කෙනාට සිහිය ආවත්, සිහිය ආවේ ආවෙ නෑ වගේ ඉඳීවි"

    ReplyDelete
  17. ඇති යන්තම් අද ලියලා. ඔන්න ඔහොමලු එහෙනං උනේ ඈ...තෑන්ක්ස් රවී ෆො ද නයිස් ස්ටෝරි :)

    ReplyDelete
  18. :D
    වෙනමොනවා කියන්නද....

    තව කතාක් අතඇරලම දාලනේ... ඒකත් ලියමු..

    ReplyDelete
  19. හොඳම වැඩේ ඕකට. ඔහොම වෙලා මදි. පව් නෙ අර ශූටික් අයිය. ඇලික කරපු වැඩේ අපේ ගමේ ආච්චි කෙනෙක් දවසක් වෙලක් මැද්දෙදි කරානෙ රවි අයියෙ. මිනිස්සු සෙට් එකක් එක්ක රන්ඩු වෙලා මේ උන්දැ කැඩුවෙ නැද්ද රෙද්ද. කොල්ලො මුලු ගම දෙක වෙන්ට දුන්නෙ නැද්ද හූවක් ආයෙ. අර සංගීත සන්දර්ෂනවල සින්දු කියන්න බැරි ගායකයො කොල්ලො හූ කියනවට බයේ දෙන්න මල්ලි හූවක් කියනකොටම මුලු පිට්ටනිය ම දෙන්නෙ හූවක් අන්න ඒ වගේ.

    ReplyDelete
  20. අනිත් කතාවත් ලියමු නේද ඉක්මනටම. අනන්‍යටයි ක්‍රිෂ් ටයි දැන් මොනව වෙලාද දන්නැහැ.

    ReplyDelete
  21. අන්තිමේ තාපසය සූටිකයියට ගුණකථනය කළේ මෙහෙමයි කියලයි මං අහල තියෙන්නෙ.

    “මං තොට ඊයෙ රෑ ගං කුකුල්මස් දෙන්ඩ හැදුව ඇහැරවල. ඇහැක් අැරියෙ නෑ තෝ. දැං කාපිය ### !!!!“

    ReplyDelete
  22. විජේ ගෙ මරණය ගැන යාං හෑල්ලක් තිබ්බ යුක්තිය පත්තරේ. මට මතක හැටියට මෙහෙමයි.

    ප්‍රේමදාස ජනාධිපති ගෙ අත බලපු මලයාලි ගුරෙක් කියනව,

    “තමුන්නාන්සෙට අකල් මරණයක් තියෙන්නෙ. විජේ කියල කෙනෙක්ගෙං අපලයි...“ කියල.

    ඊට පස්සෙ තමා විජය කුමාරතුංග නාඳුනන තුවක්කුකරුවෙක් අතිං මැරෙන්නෙ.

    ඊට පස්සෙ ප්‍රේමදාස මාම ආයි යනව අත බලල සාත්තරයක් අහන්න.

    “ම්හු. තාම අර අපලෙ තියෙනව...“

    ඊට පස්සෙ විජේවීර අල්ලල මරණව

    ඒත් මලයාලම් සාත්තරේට සැටිස් නෑ.

    ඊට පස්සෙ රන්ජන් විජේරරත්න ඝාතනය...

    ඊටත් පස්සෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව එක්ක විජය විමලරත්න...

    ඊට පස්සෙ අන්තිමේ ආමර් වීදියෙදි ප්‍රේමදාස යනව සුදු කොඩියත් වනාගෙන. ආන්න එතකොට තමයි හැබෑ අපල කාරෙය මතුවෙන්නෙ. ඔටෝ ජනාධිපති විජේතුංග...

    ReplyDelete
  23. Thought for the day - When one of your own appendages conspire to thwart fulfilling your desire, there is nothing else but to rub it in your own shit…..

    After-thought for the day - When one of your own appendages conspire to thwart fulfilling your desire, use another appendage to fulfill the desire of the other person.

    ReplyDelete
    Replies
    1. ...so that your formally appointed appendage will co-operate accordingly...

      Delete
  24. මොකුත් කියන්න ලැජ්ජයි වගෙ මෙයා..

    ReplyDelete
  25. බබලත් අයගේ හැසිරීමෙන් පෙනෙනුයේ ඇලික්ගේ සුටි කයියාද අවදි වී නොසිටි බවයි.

    තාපස තෙමේ කුජීත කළ සූටි කයියා හෙලා දකිමු.. ඇබොලිෂ් සූටි කයියා....!

    ReplyDelete
  26. මේකද කතාව? මේක මතු සම්බන්ධයි එකක් නේද? මට හිතෙන්නෙම මේකේ තව කෑල්ලක් තියනවා කියලා. ඔය කියපු තරම් දෙයක් නැහැනේ කතාවේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...