Friday, July 21, 2017

518. කේරළයට පිහිනූ වන අලියා සහ වෙනත් අතුරු කථා.......


නාවික හමුදා භටයින් වන අලියා බේරාගැනීමේ
මෙහෙයුමේ යෙදී සිටින අයුරු ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පහත පළවෙන්නෙ වත්පොතේ පළවූ මෙත්මලී දිසානායක මහත්මියගේ/මෙනෙවියගේ නිර්මාණයක්. කාලෙකට පස්සෙ වත්පොතේ මම කියවපු විශිෂ්ඨයි කියල සැකයකින් තොරව නිර්දේශ කලහැකි නිර්මාණයක්. 

පුවතක් : "මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගන්නා ලදුව ගොඩබිමට ගෙන එයි."

1. ගහගෙන ගිය අලියා - තූ..නෙදකින් අඩු කුලේ පර හැත්ත. උෂ්ණ කාලෙ වෙනසකටත් එක්ක පීනන්න කියල මුහුදට බැස්ස. මුන් ඒ ටිකට මාව කුදලගෙන ආපහු හිටපු තැනටම අරන් ආවා. ඒ කාලේ නම් මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ.. ඒකට දැන් අලියෙකුට මුහුදට බැහැල අත පය දිගෑරල පීනන්නවත් නිදහසක් ලෑ.

2. කේරලයේ අලිච්චියක් - එයා මට කිව්වේ සත් සමුදුර තරණය කරලා හරි නිවාඩුවට ඔයාව බලන්න එනවා සුදෝ කියල. ඒ වුණාට සමුදුරක්තියා ඒකෙන් බාගයක්වත් තරණය කරන්න එයාට බැරි වුණා. පස්සේ කිව්වේ නම් මිනිස්සු එයාව අල්ලාගෙන ගොඩට ගෙනිච්චා කියල. මම නම් හිතන්නේ ඕකත් මගෙන් ගැලවෙන්න ගහපු කෙප්පයක්. අර කෝකිලායිවල ඉන්න අලි උඩිච්චියක් එක්ක මෙයාගේ මොකක්හරි තියෙනවා කියල මට ඒ දවස්වලම තේරුණා.

3. එහා කැලේ අලි අම්මෙක් - දැක්කනේ..අර අලිවතීගෙ කොල්ලා ගැන මේ ටිකේ මිනිස්සු හැමෝම කතා වෙනවලු. අන්න ඒකටත් එක්ක අපේ එකා. පීනන්න නෙවෙයි උක් ගහක් කඩාගෙන කන්නත් මූ නෙවෙයි කැලෙන් එළියට බහින්නේ. ඒ කාලේ අපි හැතැප්ම ගාණක් ගිහින් කන්න හොයාගත්තේ.. මුන්ට සැප වැඩියි.

4. අලි උඩිච්චි - ඇත්ත කියනවා. තමුසේ මාව අනාථ කරලා හොරෙන් රට පනින්න නේද ලෑස්ති වුණේ. නෑ..නෑ.. කට වහනවා.. පීනන්න නම් ඔච්චර දුර යන්න ඕනයි. බොරුකාරයා..මේ මගුල කෙරෙන්නේ නෑ. මං අර දළයියට අපේ අම්මලාව හම්බවෙන්න කියල පණිවිඩයක් යවල ඉවරයි. තමුසේ වෙන අතක් බලාගන්නවා..හුහ්..

5. ශ්‍රී ලංකා නාවික හමුදාව - පීනාගෙන ඔස්ට්‍රේලියාවට යන්න තියා හිතන්නවත් එපා. ඔබට කිසිදා එහි පාතැබීමට ඉඩක් ලැබෙන්නේ නෑ. අපි ඔබව කුදලාගෙන ගොඩ බිමට ගෙන එනවා සත්තයි.

6. බුකි පේජ් විශාරදයෙක් - මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන චාලි ඔස්ටින්.

හරි වත්පොත ගැන කතාව එතකින් නිමියේය.

පුදුම වැඩේ කියන්නෙ ඔය මොනවම හරි අපූරු දෙයක් සිද්ද උනහම කොහෙන් හරිම කැරකිල මටත් ඒ වගේම දෙයක් වෙලා තියනව. එහෙමත් නැත්නම් ඒ වගේ සිද්දියක් ගැන මම අහල තියනව. ආය ඉතිං පුදුම වෙන්ට දේකුත් නෑනෙ අඩ සිය වසකට අධික කාලයක් මේ දෙරණ මත ජීවත් උනහම.....:)

දෙරණ කිව්වෙ අර අදද රෙන චැනල් එක එහෙම නෙවෙයි හොඳද? මෙතන දෙරණ කිව්වෙ මිහිකතට. එහෙමත් නැත්නම් මහ පොළවට. උහුලන දෙරණ Bearing earth...මෙතන බෙයාරිං අර්ත් කිව්වෙ මහ පොළවෙ බෙයාරිං ගිහිල්ල කියල එහෙම නෙවෙයි හොඳද? උහුලනව කියන අර්තයෙන්. අපි එදවස ඔය හතර හන්දි ගලවල ආයම කෙමිෆික්ස් දාල අලවල වගෙ දෙලොවටම නැතුව ඇවිදින කෙල්ලන්ට කිව්වෙ "අන්න බං අරකිගෙ බෙයාරිං ගිහිල්ලද කොහෙද" කියල...

හරි හරි හරි එහෙනං ආයම එමු අර අලිය කේරළේට පීනන්ට මූදට බැස්ස සීන් කෝන් එක අහපුවාම මට මතක් වෙනවයි කිව්ව කතාවට. මේ ඇවිල්ල නමසිය අසූපහේ කතාවක්. හෙහ්..හෙහ්..ඒ වෙනකොට මෙලොව එළිය දැකලත් නැති උදවිය මෙතන නෑ නේද?... "No, no Nangi you can't possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.."

මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද? 

අපෙ අම්මල එස්.එස්.සී කරන කාලෙ (එස්.එස්.සී. කියන්නෙ Senior school certificate නොහොත් ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය) සිංහල සාහිත්‍යය විෂයට නියම කරල තිබිල තියනව නවකථා දෙකක්. බොහෝවිට ඒ යුගයේ ජනප්‍රිය නවකථා කරුවන්ගෙ පොත්. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ කැළෑහඳ, විජයබා කොල්ලය..එහෙම නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ගම් පෙරළිය, රෝහිණී... අන්න ඒ වගෙ පොත්...ඒ පොත්වලින් කොටසක් දීල විභාගෙට අරම අහනව.

" මිසිස් ජයපාල දන්නෙ නෑ මගෙ අත්තා. උන්දෑ එහෙමකට ප්‍රසිද්ධ මනුස්සයෙක් නම් නෙවෙයි. ඒත් මම මේ කියන්න ආවෙ මිසිස් ජයපාල දන්නවද උන්දැ මුං කිරිබත් කන විදිහ? උන්දැ කිරිබත් කන්නෙ එක්කො උණු උණුවෙන්ම එහෙම නැත්නම් හොඳටම හීල් වෙන්ට ඇරල. ඒ හින්ද මාත් හිතුව මගේ පළිය එක්කො උණු උණුවෙම ගන්ට ඕන. එහෙම නැත්නම් හොඳටම හීල් වෙලා ගන්ට ඕන කියල. ඉතිං හොඳට හිතල බලල මම තෝරගත්තෙ හොඳටම හීල් වෙලා පළිය ගන්ට..." මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

වර්තමානයෙදිත් එහෙම ප්‍රශ්ණ අහනවද නම් මන්ද..මම කිව්වෙ කොහොමද මේ වගෙ එකක් ඇහුවොත් සාපෙලට ..

"වඳුර කිව්වා..වඳුර කිව්ව..වඳුර කිව්ව..හිටපංකො XX XXX වටුවො කාලකන්නියො ටික මේ වැස්ස පායනකල්..මම තොපෙ XXXXXX ඉඳල XXXX පස්ස බලන්නෙ" මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

ඉතිං අර මම කලින් කියපු "No, no Nangi you cant possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.." කතාව නම් කියල තියෙන්නෙ අපේ නෙලුම් විලේ බින්දි නෝන මහත්තැන්ගෙ ලොකු දෝණි එයාගෙ නංගිට....

මොකක් හරි අතීත සිද්ධියක් ගැන කතා කරද්දි නංගි කිව්වලු "ඔව් මටත් ඒක මතකයි" කියල., ඒ ගමන අක්ක ඔහොම කිව්වලු. "ඒක වෙන්ට බෑ..ඔයා එතකොට ඉපදිලාවත් නෑ. ඔයාට මතක තියෙන්ට විදිහක් නෑ" කියල. ඒ කතාව හගිස්සුවන්ට තමයි අර නොට් ඊවන් ඉන් ද ප්‍රෝසස් කතාවකුත් කියල තියෙන්නෙ. 

කාලෙකට ඉස්සර බින්දි නෝන නෙළුම් විලේ ඇතිවෙච්චි සංවාදයකදි ඔය කතාව කිව්ව. මම ඕක ඒ කිට්ටුව තිබ්බ අපේ මධු සාදයකදි කියල  කට්ටිය මැරෙන්ට හිනා වුනා. ඒ වෙලාවෙ පොඩි එවුංගෙ ඔය අමර ටෝක්ස් ගැන සෑහෙන්න කතා වුනා. අර කොකෙක් චිමිනියෙං එන කතාව. එතකොට අර පුතාව පාරෙ කාර් ගනං කරන්ට යවපු කතාව එහෙම.... හෙහ්,හෙහ්,

හරි දැන්වත් කියමුකො අලි කතාව. ඒ කතාව මෙහෙමයි. ඒ කාලෙ අපි ඔය කැලේ මැද්දෑවෙ ඇලවල්, පාරවල්, පාලං, බෝක්කු එහෙම හදන කාලෙනෙ. මුලින්ම අපේ ඔෆිස්වල, කෑම්ප් වල, එතකොට බඩු ගබඩාවල එහෙම මුරට හිටියෙ ඔය චෙක් රෝලෙං ගත්තු පොඩි කොල්ලො. ටික ටික ඔෆිස් එහෙම ලොකු වෙලා ගබඩා වලින් බඩු නිකුත් කිරීමේ කටයුතු එහෙම ටිකක් සංකීර්ණ වුනාට පස්සෙ ආරක්ෂක අංශය ඒ ගැන වෙනම පුහුණුවක් ලබපු කට්ටියකට භාරදීමේ අවශ්‍යතාවයක් මතුවුන. 

ඒ පාර අපේ හෙඩ් ඔෆිස් එකෙන් කලේ විශ්‍රාමලත් අධිකාරි නොලත් හමුදා නිලධාරීන් පිරිසක් බඳවගෙන ඒ අය යටතේ අවි පුහුණුවක් එහෙම ලැබූ ආරක්ෂක නිලධාරීන් තුන් හතරදෙනා ගානෙ අපේ ඔෆිස් වලට අනුයුක්ත කලා. අර මම කලින් කියපු ප්‍රධානියා හැඳින්වුනේ සී.එස්.ඕ. යන නමින් (Chief Security Officer)

ඉතිං ඔන්න අපේ ඔෆිස් එකට සී.එස්.ඕ. වෙලා ආවෙ ගුවන් හමුදාවෙ වැඩ කරල විශ්‍රාම ගිය නිලධාරියෙක්. ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට වසර 12, වසර 18 සහ වසර 22 සේවය කලාම විශ්‍රාම යන්ට හැකියාව තියනව. නිලධාරීන්ටත් ඒ වරප්‍රසාදය තියනවද කියල නම් අයි හෑව් නෝ අයිඩියා ඇට් ඕල්. දන්න කියන කෙනෙක් ප්ලීස් ඉන්ෆෝම් මී. අනේ අපේ විචාතුමා හිටියනම් මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් උත්තරයක් දෙයි.. ආය මොනවද? එහෙම නිලධාරීන්ට ඒ වරප්‍රසාදය නැත්නම් ඒකට හේතු මොනවද? ඒ සම්ප්‍රදාය ඇතිවුනෙ ක්‍රිස්තු වර්ෂ කීවෙනි සියවසේද කියල එහෙමත් මූලාශ්‍ර සහිතව. 

ආ..විචා කියනකොට මතක් වුනේ..මම මේ කියන අපේ සී.එස්.ඕ. ඇවිල්ල ගුවන් හමුදාවෙ අධිකාරී නොලත් නිලධාරීන් (Non-commissioned Officers) අතර ඉහළම රෑන්ක් එක දැරුවයි කියල දවසක් මනුස්සයගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට ටීපෝවක් වටේ ඉඳගෙන දිඹුලාගල කන්ද ඉහලින් හඳ පායාගෙන එනව නරඹමින් ඉන්දැද්දි එයයිමයි අපි දැක්ක කිව්වෙ. 

ඔව්..ඔව්..ඉතිං ආය ටීපෝ එක වටේ හිටිය කිව්වට එහෙම නිකම්මත් හිටිය නෙවෙයි. ඇයි වදේ දිගට හරහට වටකරං කන මදුරු මාර සේනාව මැද්දෙ රෑ දෙගොඩ හරියක් පහු වෙනකල් මිදුලෙ පලු ගස් යට ටීපෝ වටේට ඉඳගෙන හඳ පායනව බලාගෙන ඉන්ට මොකෝ අපිට පිස්සුවක්වත් තිබුණයි කියල ඔහෙල හිතනවැයි? ඔව්..ඔව්..ටීපෝ එක උඩ මොනවද බෝතල් දෙක තුනකුත් ඔන්න ඔහෙ තිබ්බ තමයි. ආය මොකටෙයි බොරු කියන්නෙ?

ඉතිං කාලෙකට ඉස්සර මම ලියපු බ්ලොග් පෝස්ට් එහෙක කමෙන්ට් එහෙකටද කොහෙද කිව්ව ඔය ගැන. මෙන්න මේ විදිහට එයාෆෝස් ඔෆිසර් කෙනෙක් මට කලකට ඉස්සර මුණ ගැහුනය, මනුස්සය එයා ෆෝස් එකේ ඉහලම නන් කමිෂන්ඩ් ඔෆිසර් රෑන්ක් එක වන මේ තනතුර දැරුවය කියල. ඒ දවස්වල මට ඔය අර මනුස්සය කියාපු තනතුර මතක තිබ්බට දැන් හරියටම මතක නෑ. චීෆ් වොරන්ට් ඔෆිසර් වගෙ මොකක් හරි. හරි ඒක මොකක් හරි. වැඩේ උනේ ඕක කියවල විචා ගොඩ උනෙ නැද්ද මගෙ කරට ගෝණියකුත් නැතුවම.

"යමක් ලියනකොට නිවැරදි තොරතුරු හොයල බලල ලියන්ට ඕන නේද? දැං ඔහේ මේ ලියපුව නිවැරදිය කියල කවුරු හරි හිතුවොත් ඒ මනුස්සය අමාරුවෙ වැටෙනව නේද? ඔහෙට වෙඩි තියන්නයි වටින්නෙ මෙහෙම වැඩ කරනවට..." 

අරකද මේකද රටේ නැති එව්ව...ඒ කාලෙ මම විචාරක තුමාව ඒ හැටි අඳුනන්නෙත් නෑ. ඒ හින්ද මට ඉතිං ඇත්තම කිව්වොත් ටිකක් විතර මලත් පැන්න මුලින්ම. ඒත් පස්සෙ මට තේරුණ එතුමා මෙහෙම කියන්නෙ කිසිම යටි අරමුණක් ඇතුව නෙවෙයි හුදෙක් නිවැරදි තොරතුරු පාඨකයින්ට ලබාදීමේ එකම අරමුණ ඇතුව කියල. ඒ හින්ද මම ඉතිං වරදක් වුනානම් සමාවෙන්න කියල කිව්ව. ඊට පස්සෙ විචා මට මතක විදිහට දීර්ඝ විස්තරයක් ලිව්ව ඔය හමුදාවල Non-commissioned Officer Ranks ගැන.

මතු සම්බන්ධයි (වෙන එකක් හින්ද නෙවෙයි කතන්දරේ අද ඉවර කරනවනම් වචන 2500 වගෙ පනිනව. දැට්ස් ටූ ලෝං නෝ? )

පලි - ටූ ලෝං ගැලිය මතකද? උපකාරක පද - අයි.එම්.ආර්. ඒ. ඊරිය ගොල්ල, ජනවර්ජන සහ මනුතාපය.

54 comments:

  1. Replies
    1. Galley prisoner in Toulouse ?

      Delete
    2. Got it at last ! maybe...perhaps....I think ... You are too tricky for me to be sure, Mr W.

      The Bagne of Toulon ! Right?

      //The bagne was created by an ordinance of King Louis XV on September 27, 1748 to house the convicts who had previously been sentenced to row the galleys of the French Mediterranean fleet.//

      //The Memoirs of Francois Vidocq, published in 1828, described his experiences as a prisoner in both the bagnes of Brest and Toulon. After his criminal career, he became famous as the first chief of the Sureté, the elite branch of the French police. With various modifications, Vidocq returned as a fictional character, and is often cited as the model for Jean Valjean in Les Miserables. //

      කාලෙකින් මං ආස ඉතිහාස සහ/හෝ සාහිත්‍ය ඩිටෙක්ටිව් වැඩක් කරන්න අවස්ථාවක් දුන්නට ස්තුතියි රවි.

      Delete
    3. Pra Jay,

      Yep you are correct.. Iriyagolla refers to ජනවර්ජන as a ගැලි වහලෙක්..

      කතාවෙ අන්තිම හරියෙ ජන්තු කියනව "මම හොයන මනුස්සය ටූ ලෝං ගැලියෙ හිටපු ගැලි වහලෙක්.." කියල ඒ කියන්නෙ ජනවර්ජන ගැන...

      රෝමන් යුද නැවක වහලෙක් විදිහට අවුරුදු තුනක් හිටපු තවත් සුප්‍රසිද්ධ කල්පිත චරිතයක් මතකද?...Ben hur

      Delete
    4. Ben hur 1959 ෆිල්ම් එක මම ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා. තවමත් ඒක මගේ ළඟ තියෙනව. ඒ කාලෙ හැටියට සෑහෙන මහන්සියක් අරගෙන හදපු ෆිල්ම් එකක්. ගිය අවුරුද්දෙ අලුතෙන් හදපු බෙන් හර් ෆිලුම ගත්තට තවම බලන්න බැරිවුනා. තව මොන්ත ක්‍රිස්තො කතාවෙත් ඔය තූලොං ගැලිය ගැන සඳහනක් තියෙනවා රවී අයියට මතකද.

      විල්ෆෝර්ගෙ අවජාතක පුතා, අන්ද්‍රියාව පැරිස් සමාජයට ඇතුල් කරන්න මොන්ත ක්‍රිස්තො යොදන වැඩපිළිවෙලදි ඔහුගෙ පියා විදියට අන්ද්‍රියාට හඳුන්වල දෙන කවල්කන්ති විසින් අද්‍රියාට ඔහුගෙ උපත සහතික කරන, මවුපියන්ගෙ විවාහ සහතික වගේ ලියකියවිලි ටිකක් දෙද්දි අන්ද්‍රියා අහනව ‘එහෙනම් ඉතාලියෙ දැන් ගැලී යාත්‍රා නැතුව ඇති‘ - ‘දඬුවමක් ලබන්නෙ නැතුව මේ විදියෙ ලියකියවිලි හදාගන්න පුළුවන් නිසා. ප්‍රන්සයේදි නම් මගේ තාත්තෙ, මෙයින් බාගයක වැරැද්දක් තූලොං ගැලියෙ අවුරුදු පහකට හොඳටම ඇති‘. තවත් පසුව සඳහන් වෙනවා දාන්තෙගෙ අසල්වැසියා උනු කද්රූස්, අන්ද්‍රියාත් එක්ක එකට ගැලී යාත්‍රාවක දඬුවම් විඳපු බව.

      Delete
  2. චාලි ඔස්ටිං තනියෙන් අලියව මූදට දැම්මා වෙන්න බෑ. නෙවිල් ප්‍රනාන්දු සයිටම් එකේ පශු වයිද්‍ය පීඨයක් අරින්න කරපු සැලසුමක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔය අර උඩුවෙගෙ අලියයි කියල කතාවකුත් තියනව. ඌ අතෑරියලුනෙ ඔය පැත්තෙ කැලෑවකට. උඩුවෙ නැති සෝකෙන් මුසපත්වෙලා දිවි නහගන්ට මූදෙ පැන්නයි කියලත් කියනව..

      Delete
  3. වෙනත් කතා...
    ඉතින් වෙනත් කතාම නේන්නම්!!

    ReplyDelete
    Replies
    1. Likhitha,

      The Elephant who was swimming to Kerala & Other stories...

      I don't know when that rain will come down & Other stories...

      Delete
  4. //හෙහ්..හෙහ්..ඒ වෙනකොට මෙලොව එළිය දැකලත් නැති උදවිය මෙතන නෑ නේද?//

    නැත්තෙ කොහෙද? මේ ඉන්නේ?

    මොනවද අප්ප ඉතුරු ටිකත් ලියන්න එපාය.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      /නැත්තෙ කොහෙද? මේ ඉන්නේ?/

      හාපෝ මෙයාල තවම ළාබාල උදවියනෙ..මීට පස්සෙ නිදහස් සිතුවිලි කියවන්ට ඉස්සෙල්ල හුනස්නෙන් නැඟීසිට හිස නමා පරිගණක තිරයට ආචාර කරනු යෙහෙකි එම්බා ලාබාල දරුව...තේරුණෙයි?..

      අනික පෝස්ට් කියවනකොට කමෙන්ට් කරනකොට ඒත් හිටගෙන හොඳේ ඉඳගන්ට තහනම්...වැඩිහිටියන්ට නිසි ගෞරවය දෙන්ට ඕන නේ?...:)

      /මොනවද අප්ප ඉතුරු ටිකත් ලියන්න එපාය./

      හාප් ඕල් රෙඩි රිට්න්...:)

      Delete
    2. ඔබ තුමාල යමක් කමක් තේරෙන වැඩිහිටි උදවිය හින්ද තමයි දෙයියනේ කියල ඔය ඉස්සර සයිට් වල වෙච්ච වැදගත් දේවල්, ප්‍රශ්න කළමනාකරණය කරපු හැටි, ගුරුවරිය ගේ (ජෝක් නොවන ආදර්ශමත්) කතා වගේ දේවල් ලියන්න කියල කමෙන්ට් කලේ හැමදාම. එතකොට අපි වගේ එවුන්ට ඒවගෙන් යමක් අපේ ජීවිත වලට අහුලගන්න පුළුවන් නිසා.

      දැන් බැලුවොත් මේකේ කියල තියන ජාති,

      අලියා ගැන කතාව, déjà vu ගැන, පොළව ගැන හා බෙයාරින් ගිහිපු කෙල්ලෝ ගැන (මේක නම් අපහාසයක් හොඳේ), සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ගැන (අපි සාමාන්‍ය පෙළ කරද්දීත් 2005 දී, ඔය ප්‍රශ්න තිබුන, සිංහල ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න වල. තාම ඇති), පොඩි උන්ගේ කතා, සිකුරිටි ඔෆිසර් ලා ගැන,විචාරක තුමා ගැන, බෝතල් පාටි ගැන.

      හපොයි... කී වර්ඩ්ස් ටිකත් පොස්ට් එකක් තරම් දිගයි කියහන්කො :)

      Delete
  5. රැළි පිට රැල්ල නැගෙනා මුහුදක අස්සේ
    අලි යෙකුටවත් පීනන්නට නැහැ රිසිසේ
    සුළි පිට සුළිම නොම දමමින් හැම තිස්සේ
    අලි කතාව හෙටවත් ලියමුද රිසිසේ....

    ජයවේවා!!!

    ReplyDelete
  6. අසූපහේ අම්ම තාත්තාවත් මුනගැහිල නැ :O

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      /අසූපහේ අම්ම තාත්තාවත් මුනගැහිල නැ/

      වර්තමානයෙ නම් එහෙම පුලුවන්. තාක්ෂණය ඒ තරමට දියුණුයි. ඒත් බොලේ 85 ට කලින් වගෙත් එහෙම පුලුවන් කියල මම උඹ මේ කියනකල් දැනගෙන හිටියෙ නෑ..දෙයියම්ප...

      ඒක තමයි කියන්නෙ we learn something new everyday කියල...Thanks for the information..

      Delete
    2. හෑ... මගෙ භාෂා භාවිතය එච්චරටම අවුල්ද? මං ඇල් වතුර ඇරෙන්න වෙන මොකුත් බීවෙ නෑනෙ

      Delete
    3. නෑ නෑ ඩෝන්ට් කලබල... භාෂාවෙ කිසි අවුලක් නෑ..මේකට කියන්නෙ චේතනාන්විතව වරදවා වටහා ගැනීම ( Intentionally Misunderstanding )

      Delete
  7. මිදුලෙ පලු ගස් යට ටීපෝ වටේට ඉඳගෙන හඳ පායනව බලාගෙන ඉන්ට//

    ඇයි බං ඔය ගෙවල් ඇතුලෙ බොන්න තහනම්ද?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      බොහොමයක් වෙලාවට අපි ගෙවල් ඇතුලෙ බිව්වෙ නෑ. රස්නෙ හින්ද..

      ඒත් එලියෙ අවුල මදුරුවො. ඒකට කලේ මදුරුවන්ට කොයිල් එකක් පත්තු කරල ටීපෝ එක යට තියනව...අනික පස්සෙ ටීපෝ එක කරේ තියාගෙන නටන්ට උනත් පුලුවන්නෙ. ඒක අම්බ ආතල් එක.

      මගෙ ඔය ටීපෝ ඩාන්ස් පොටෝ තුන හතරක්ම ගෙදර තියනව. එව්ව හංගල තියෙන්නෙ. අපෙ ඕතොමෝ වෝන් කරල තියෙන්නෙ ඔන්න මට අහුවෙන්ට නම් තියන්ට එපා..පුච්චන එක පුච්චනව කියල...හෙහ්,හෙහ්,

      Delete
  8. අපි පුරුදු කාරයෝ හන්දා අපිට ගානක් නෑ. නැතිනම් මේකට දාන වත්පොත් ප්‍රතිචාරය නම් "What the F*** did I just read?"

    ReplyDelete
    Replies
    1. Dude,

      You are telling me...heh,heh,

      1. When writing a post I always think " What the F*** am I writing here?"

      2. When posting what I have written I always think " What the F*** I am posting here?"

      3. When going through my old posts always I think " What the F*** I have done here? "

      Delete
    2. @හැන්රි,

      මේ මනුස්සයා ඉස්සරනං බොහොම රසවත් විදියට කතා එහෙම ලියාගෙන හිටියා.. අපිත් ඒ කාලෙ ආසාවෙන් මෙයැයිගෙ කතා කියෙවුවා.. දැන් ඉතිං අර ගැලරිය පිනවන්ට බන්දු-ටෙනී මෝඩ ජෝක් දානවා වගේ මෙයත් සිම්පල් විහිළු, පඳුරු තැලීම් කර කර ඉන්නවා, හැකියාව නාස්ති කර කර.. අපි ඉතිං විස්සෝප වෙනවා අනේ අර ඒ කාලෙ හිටපු රවියට මොකෑ වුනේ කිය කියා..

      @රවියා,

      දැන් ඉතිං මගේ ඇඟට ගොඩවෙන්ට කාරි නෑ.. උඹට මේකෙ නිදහස් සිතුවිලි ලියාන්ට අවසර තියෙනවා වගේ මටත් අවසර තියෙනවා මගේ අදහස් පල කරන්ට.. අනික උඹේ පාඨකයන්ගෙන් මම එක්කෙනෙක් විතරයි.. මම කියන දේ හරිය කියලා වත්, ඒක පිළිගන්ට ඕනැයි කියලා වත් නියමයක් නෑ..

      Delete
    3. Bura,

      /දැන් ඉතිං මගේ ඇඟට ගොඩවෙන්ට කාරි නෑ../

      අනේ ඒ මොකටද බං ඇඟට ගොඩ වෙන්නෙ? උඹේ අවංක අදහස කියන්ට යූ හෑව් පූර්ණ අයිතිය. අනික බොරුවක්මත් නෙවෙයිනෙ කියල තියෙන්නෙ කියල මටත් හිතෙනව..හෙහ්,හෙහ්..

      මේක පාපොච්චාරණයක්මත් නෙවෙයි අපි කියමුකො හේතු දැක්වීමක්ය කියල. එහෙම තමයි බං කාලෙන් කාලෙට..

      උඹ ක්‍රිකටර් හින්ද අදාල උදාරණයක් ගත්තොත් හැමදාම එකම ෆෝර්ම් එකේ නෑනෙ බං බැට්ස්මන් කෙනෙක්..කාලෙකට පිට පිට සෙන්චරි ගහනව. ආය කාලෙකට දහයක් ගහ ගන්නෙත් බොහොම අමාරුවෙන්. මේකත් එහෙම තමයි..හෙහ්,හෙහ්...

      ආයම බලමු ෆෝම් එකට එන්ට..බොහොමත්ම ස්තූතියි කොල්ලො ප්‍රශංසාවට (ප්‍රශංසාව අදාල වනුයේ අතීතයට වුවද) හෙහ්,හෙහ්,

      Delete
  9. හරි ඉතින් ඒකත් මතුසම්බන්ධයි .. අනේ වාසනාවන්

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      ඉවසන්ට පුරුදු වෙයල්ල..ඉවසන්ට පුරුදු වෙයල්ල...:)

      Delete
  10. මෙත්මලිගේ කතාව දැක්කේ නැහැනේ බුකියේ. පෞද්ගලිකව රවියට විතරක් එව්වා එකක්ද? හැබැයි කතාව නම් එල තමයි. මේ දවස් වල අපිත් එළියේ තමයි හඳ බලන්නේ. බෝතල් ජාති දෙක තුනකුත් තියනවා කොෆි ටේබල් එකක් උඩ.. සමර් එක දවස් කිහිපයක් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ලින්ක් එකක් දෙන්න මම හෙවුව හෙවුව ඒ පෝස්ට් එක ඔහෙ නෑ හම්බවුනේ....:)

      Delete
    2. කමක් නැහැ මේකෙන් කියව්වනේ. මත්මලි දැන් බ්ලොග් ලියන්නේ නැත්ද? මුන් හැමෝම ෆේස්බුක් ගිහිල්ලද?

      Delete
    3. මෙත්මලී බ්ලොග් එකක් ලිව්වද? මම දන්නෙ නැහැනෙ ඒ ගැන...

      Delete
  11. සම්මානයට පාත්‍ර වෙච්ච අනික් උන් පහුවදා ඉඳල කාටවත් නොතේරන අපබ්‍රංශ ලියන්න ගත්තේ. ඒකට මු. ගැලරියට සොමිය දෙන්න දෙකයි පණහෙ හෑලි ලියනව. හොඳයි මේකෙ කියවන්න මොනාද තියෙන්නෙ කියල කියපං බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔහේට බ්ලොග් කෑල්ලක් තියේ කියල අමතක වෙලාද තියෙන්නෙ දැං.

      Delete
    2. නෑ නෑ හොඳට මතකයි. කොහෙද ඔහෙලත් එක්ක කොරන්න ඇහැක්යැ.

      Delete
    3. හැලප,

      1. ගැලරියේ ඉන්නේද මනුෂ්‍යයෝය.

      2. බැල්කනියටම ලියන්නන් අතර ගැලරියටද කවුරුන්හෝ ලිවිය යුතුය.

      Delete
    4. @Ravi: This comment reply of yours is one of the best I've seen.

      Delete
  12. රවී,
    හොඳ කතාවක් ලියන්නට හදන්නේ. මම අහල තියෙනවා සත්දන්ත කුලේ ඇතුන්ට ගව් සියයක් පිහිනන්ට පුළුවන්ය කියා. මෙයා ඒ ජාතියේ එකෙක්වත්ද? එයාට හිමාලය පැත්තේ ගිහින් Wooly mammoth කෙනෙක් මුණ ගැහෙන්නට හිතෙන්න ඇති.
    අර අම්මලා ඒ කාලේ ගත්ත විභාගය SSC. ඒක Senior School Certificate.ඒකේ leaving කතාවක් නැහැ. ඊට පස්සේ තමයි HSC Higher School Certificate. ඔය දෙවෙනි එකට විහිලුවට කියනවා Husband Selecting Certificate කියලත්. කලින් එක leaving උනොත් දෙවෙනි එකේ වැදගත් කාරිය හරියන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      /සත්දන්ත කුලේ ඇතුන්ට ගව් සියයක් පිහිනන්ට පුළුවන්ය කියා/

      එහෙම කතාවක් මම කලින් අහල තිබ්බෙ නෑනෙ..ස්තූතියි ඔබට...

      /අර අම්මලා ඒ කාලේ ගත්ත විභාගය SSC. ඒක Senior School Certificate.ඒකේ leaving කතාවක් නැහැ. /

      ස්තූතියි වරද පෙන්වාදීම පිළිබඳව. ඔය ලීවිං කතාව කොහෙන් හරි මගෙ ඔලුවට එන්ට ඇති..නිවැරදි කළෙමි...:)

      Delete
  13. චැහ්.. රවියගෙ මේ පෝස්ට් එක දැක්කනං අර අලිය ආයෙ පාරක් මුහුදෙ පනිනව සත්තයි.

    ReplyDelete
    Replies
    1. මේ මං කියන්නමයි හිටියේ.. ඔහෙලැයි කඩේ යෝගට් හරි රසයි...

      (ආයේ ආවම සල්ලි දෙන්නං හික්)

      Delete
    2. ප්‍රසන්න,

      Et tu Parasanna?

      Delete
    3. C.J.,

      /ඔහෙලැයි කඩේ යෝගට් හරි රසයි.../

      අඩේ මේ වලවෙට්ටුව කරන්නෙ ග්‍රොසරි එකක්ද? මම හිතගෙන හිටියෙ ප්‍රෙස් එකක්ය කියල.....:)

      Delete
    4. යෝගට් කියල හිතාගෙන සුදු පාට තීන්ත ටින් එකක් කාපු එකෙක් ගැන හිතාගත්තැකිනෙ බං.

      Delete
    5. /අඩේ මේ වලවෙට්ටුව කරන්නෙ ග්‍රොසරි එකක්ද?/

      ඒකේ නැති බඩකඩෙත්තුවක් නෑ...

      @ පුසන්න අයියා..

      ඇත්තටම එහෙමද??? හෑ...

      Delete
  14. එතකොට අලියා ඒ දන්ඩ උඩින් ගියේ කොහොමෙයි????

    ඇත්තටම රවි මහත්මයා මේක ඉතා වටිනා ආදර්ශමත් කථාවක්.. දිගටම මේ වගේ ඒවා ලියන්න ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  15. මේකට කමෙන්ට් ලියන්න මම පැහිල මදි . විචාරකතුමාගේ කටෙත් ඔය වදුරගෙයි වටුවගෙයි කතන්දරේ තිබුණා කෙසේ වෙතත් ඔහු ගැන ඇති ඔබේ මතකයට ස්තූතියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය,

      /ඔහෙට වෙඩි තියන්නයි වටින්නෙ මෙහෙම වැඩ කරනවට... /

      තාත්ත මෙහෙමනම් කිව්වෙ නෑ හොඳේ...ඒක මම අතින් දාපු කෑල්ලක්.....:)

      Delete
  16. අපි ඔය විප්‍රවාසී වෙච්ච අලුත, ටීවී ඒකේ යන මෙගා ටෙලියක් බලන්න පුරුදු වෙලා හිටියා. ඒකෙ නම 'පැෂන්'. හැමදාම ඒක බලනකොට හිතෙන්නේ ඔන්න දැන් මොකක් හරි ලොකු දෙයක් වෙන්නයි යන්නේ කියලා, ඒත් වෙන්නේ නෑ. ඊළඟ දවසෙත් එහෙම හිතාගෙන ආයෙත් බලනවා... ඒකට දෙවෙනි ඉනිම සෑහෙන්න ඉදිරියෙන්... එහෙම මොකක්වත් වෙයි කියලා හිතෙන්නෙවත් නෑ... ඒ නිසා ඉතින් කොටස් දහයකට එකක්, 100 බැලුවට පස්සෙ 60 බැලීම වගේ දේවල් වල කිසිම අවුලක් නෑ. ඔය නාට්‍ය සම්බන්ධයෙන් මට තියන එකම අවුල චාලි ඔස්ටින්, සොරි, මේ අනුහස්... කොල්ල සින්දු කියනව අහපුවහම, අපරාදේ මේ හැකියාව තියගෙන මොකද පඳුරු තලනවද, ඔහ් සොරි අගේන්, මොකට රඟපානවද කියලා හිතෙනවා.

    ReplyDelete
  17. //හෙහ්..හෙහ්..ඒ වෙනකොට මෙලොව එළිය දැකලත් නැති උදවිය මෙතන නෑ නේද?//

    මේ ඉන්නේ....
    අර අවස්ථා සම්බන්ධ ලියවිලි තාම ඔය සිංහල සාහිත්‍යට තියනවා...
    අනික් ටිකත් ලියුව නම් මක් වෙනවාද...

    ReplyDelete
  18. අම්මෝ පුදුම ලස්සන කතාවක් හෙන කාලෙකින්...

    ReplyDelete
  19. Ravi, Oya hitiye System 'B' wala, mona office ekeda, Mama 1984-2000 hitiya RPD office eke.

    ReplyDelete
    Replies
    1. අම්මට වූඩු පරා!!!!

      උඹ මාව දන්නෙ මම හිතන්නෙ රවී කියල නෙවෙයි වීරෙ කියල. එහෙ ඉන්න කාලෙ කට්ටිය මාව දන්නෙ එහෙම. මම අන්තිමට හිටියෙ අනුරලගෙ චමරියෙ. සිසිරයගෙ රූමා...

      Delete
    2. Attatama pissu hadenawa, umba dan koheda inne, mata mail ekak dapan gmail ekata.

      Delete
  20. parakramasamararatne@gmail.com

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...