Thursday, November 2, 2017

542. පුවක් එෂැණිං 34….Current Hot Topics - ගංගා මෑණියන්ගේ පිහිට.....



"හම්මේ මේ ඉන්නෙ ඉතිං...හෙහ්,හෙහ්..."
ඉතා අගනා ඓතිහාසික ඡායාරූපයකි.
හිජකුපාම නීලකාස ජාතියේ අප්පොච්චී
සහ
ක්‍රිකට් ක්‍රීඩාවේ මෑණියෝ
මුහුණට මුහුණ හමුවූ
ඒ අසිරිමත් මොහොත
චිරාත් කාලයක් හුදී ජන පහන් සංවේගය උදෙසා
අප මෙසේ ප්‍රසිද්ධ කොට සිටුම්හ. 
සිද්ධි රස්තු!!!
පාකිස්තාන් කණ්ඩායම සමඟ අබුඩාබි සහ ඩුබායිහිදී පසුගියදා පැවති ටෙස්ට් තරඟ දෙක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලේ තම කණ්ඩායමේ දක්ෂතාවයක් නිසා නොව හුදෙක් ගංගා මෑණියන්ගේ අධිෂ්ඨාන බලය සහ ආශීර්වාදය නිසා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මහතා පැවසීය. 

මෙහිදී ඉතා හැඟුම් බරව සහ හැඬුම්බරව අදහස් පලකල ඒ මහතා මෙසේද පැවසීය. 

"ඔබලාට මතක ඇති පළවෙනි ටෙස්ට් තරඟයෙ මම නොදැවී ලකුණු 155ක් ගත්ත. ඒ ඉනිමෙදි මම දුන්නු කැච් හතරක් පකිස්තාන ෆීල්ඩර්ස්ල අතඇරිය. මුල් දෙක නම් ජෙනුවින් මිස්ටේක්ස්. ඒත් එක්කම බොහොම ලේසි කැචස්. පලවෙනි එක ගියේ සකන්ඩ් ස්ලිප් හිටපු බබර් අසාම්ට. ඒක බොහොම පහසු උඩ පන්දුවක්. දැන් ඔන්න මම බලාගෙන ඉන්නව බෝලෙ අසාම්ගෙ අතටම යනව. මිනිහ ලැහැත්ති වෙනව කැච් එක ගන්න. මට ෂුවර් බඩුම තමයි මම අවුට්මයි කියල"

"ඔන්න ඔය වෙලාවෙ මට මතක් වුනා මේ ටුවර් එක එන්න ඉස්සෙල්ල මම මෑණියො හම්බ වෙන්ට ගිය වෙලාවෙ එතුමිය කිව්ව ....දිනේස් පුතා බය වෙන්ට එපා. පිට්ටනියෙදි මොකක් හරි නරක දෙයක් වෙන්ට යනවනම් මගෙ නම සිහි කරන්ට ඒ සෙනේකිං මම එනව ඔබට පිහිට වෙන්ට..... මට ඔන්න ඔය කතාව එක පාරටම මතක් වුනා. දැං බෝලෙ අසාම්ගෙ අතට යන්ට ඔන්න මෙන්න. මට එක පාරටම ඉබේම කියවුනා බුදු ගංගා මෑණියනේ කියල"

"මගේ ප්‍රිය ක්‍රීඩා ලෝලී හිතවතුනි...කිව්වට හොඳ විස්වාසෙට ගන්ට ඔයාල. මෙන්න සෙනිකව ගංගා මෑණියෝ අසාම්ගෙ පිටිපස්සෙ ප්‍රාදුර්භූත වී වදාල සේක. අර සුදු සාරියෙන් සැරසිල. දිවියාංගනාවක්සේ බැබලෙමිං. එතුමී මා දිහා බලල ඇහැක් ගැහුව. ඒ කරල දන්නවද මගේ හිතවතුනි ඒ උත්තමාවිය කරපු දේ? ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ. එක පාරටම එතුමී පාත්වෙලා අසාම්ගෙ කිරිපල්ල දෑතිම්ම මිරිකුවා. යස් කිරිපල්ල මිරිකුවා. ස්ක්වීස්ඩ් ද මිල්ක් බොටම් ඔෆ් අසාම්.. යස් දැට්ස් වට් ෂී ඩිඩ්. අසාම්ගෙ දකුණු කිරිපල්ල වාමාවුර්තවද වම් කිරිපල්ල දක්සිනාවුර්තවද අඹරා පියා වදාල සේක."

"ආය ඉතිං අහන්ටත් දෙයක්ය මොකද ඊලඟට උනේ කියල. අසාම් බුදාම්මෝයි කියල දෙකට නැමිල කිරිපල්ල බදා ගත්ත..නෑ..නෑ...සිංහලෙං නෙවෙයි බොල කෑගැහුවෙ...ඒක කියන්ටත් දෙයක්ය..සිංහලෙං කෑ ගහන්ට මොකෝ අසාම්කාරය සිංහල දන්න එකක්ය. මිනිහ බෑඟිරි ගැහුවෙ එයාලගෙ බාසාවෙං...ඒ කිව්වෙ උරුදු බාසාවෙං..."

"ඒ අතර බෝලෙ එතනම බිම පතිත වුනා. මෑණියෝ කලේ ආපහු හැරිල සුදු සාරිය දෑතිම්ම දණිස් ගාවට විතර උස්සල දුන්න බෝලෙට පයිං පාරක් ආය නෑ බෝලෙ නැවතුනේ බවුන්ඩරි එකේ. හරිනම් අවුට් වෙන්ඩ ගිය මට ලකුණු හතරකුත් ලැබුන කියපල්ලකො. ආතල් ද බ්‍රේව්.....සයින් ද පීස් සකබෝනා......"

"ඉතිං නැචුරලි මම නිකං අන්දුංකුංදුමයිස්ඩ් වෙලා හිටියෙ. මොකද මෑණියෝ පිහිට වෙන්නංය කියල කිව්වට මම හීනෙකිංවත් හිතුවෙ නෑ මෙහෙම ප්‍රාතිහාර්යයක් කරාවිය කියල. ඔහොම තුස්නිම්බූතයිස්ඩ් වෙලා ඉන්නකොට අහන්ටත් දෙයක්ද මගෙ අතිං අතිංය කිව්වට ඇත්තටම කිව්වොත් බැට් එකෙං ආයම කැච් එකක් ගියා මිඩ් ඕෆ් එකට. 

"ඒ වෙලාවෙත් මම තොල මැතුරුව මෑණියනී මට පිහිටවනු මැනවි!!! ...කියල. එතනදි මොකක් උනාය කියලද ඔහෙල හිතන්නෙ? අනා...මෑණියෝ ආවනෙ ඒ පාරත්. ඒත් කිරිපල්ල මිරිකුවෙ නෑ. ඒ ගමන මෑණියෝ කලේ ඒ පකිස්තාන් ෆීල්ඩර්ගෙ කරට නැඟල ඇති වීරියෙං බෙල්ල මිරිකපු ඒක. ඒ කැච් එකත් බිම..."

"ඊට පස්සෙ මට මාර ගටක් ආව. මම ඒ වෙලාවෙ දැනගත්ත මට කොහොමවත් වරදින්නෙ නෑ කියල. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ ඉඳල පිට්ටනිය මැද බැට් කලේ මම නෙවෙයි මෑණියො. ඇත්තම කිව්වොත් මම කලේ පැත්තකට වෙලා බලා ඉඳපු එක. මෑණියො හතරෙ පාරවල් ගැහැව්වෙ නිකං කජු කනව වගෙ."

"තව සෝක් කාරනයක් කියන්ට ඕන. ඊලඟට මම දුන්නු කැච් දෙකම මම හිතලමයි දුන්නෙ. මොකද පිට්ටනිය මැද්දෙ අර පට්ට අව්වෙ එක දිගටම බැට් කරනකොට එපා වෙනව. එහෙම වෙලාවට පොඩි ආතල් එකක් ගන්ට කියල හිතලයි මම තුන්වෙනි සහ හතරවෙනි කැච් දුන්නෙ. මට තිබ්බෙ කැච් එක දීල මෑණියනේ!!! කියල කියන එක විතරයි. ආතල් කියන්නෙ...ආය කියල වැඩක් නෑ."

"ඊලඟට අපේ අයට ෆීල්ඩ් කරද්දි මිස් වෙච්චි කීයක් නම් බෝල මෑණියො බිම පෙරළිල බවුන්ඩරීස් යන්ට නොදී නවත්තල දුන්නද? ඊලඟට අර හේරත්. මිනිහ විකට් එකොලහක් ගත්ත තමයි. ඒත් ඒ හැම විකට් එකක්ම අරං දුන්නෙ මෑණියො. බැට්ස්මන්ල ඉස්සරහ පැනල බෝලෙ මිස් උනහම උංට ආපහු හැරිල බැට් එක ක්‍රීස් එකේ තියන්ට බැරිවෙන්ට මෑණියො බැට් එක අල්ලං හිටිය. මගෙ දෑහිම්ම දැක්ක හින්ද මේ කියන්නෙ. ආය නැතුව වෙන කවුරුවත් කියපුව එහෙම නෙවෙයි."

"එතනින් ගිහාම මෑණියො සිලි මිඩ් ඕෆ් වල ඉඳල දිග කෙක්කක් දාල ස්ට්‍රෝක් එකේ අන්තිම මොහොතෙ බැට් එක පැත්තකට අදිනව. බෝලෙ එක්කො පෑඩ්ස් වල වදිනව. එතකොට එල්.බී.ඩබ්ලිව්. නැත්තං කෙලින්ම විකට්......"

"ඊගාවට අපි එමු දෙවෙනි ටෙස්ට් එකට. ඒකෙදි දිමුත් 196 ගැහුවෙ තනිකරම මෑණියො ආවේස වෙලා. ඒ ඉනිම අතරතුර මට දෙතුන් පාරක්ම පැවිලියන් එකේදි දිමුත් කිව්ව... චන්දි අයියෙ බැට් කරන්ට ගියාම මට නිකං කවුද ආවේස වෙනව වගෙ හිතෙනවනෙ. වෙනද කවදාවත් මට එහෙම හිතිල නෑ. අසනීපයක්වත් ද මන්ද... මට බයකුත් දැනෙනව.... "

"මම ඉතිං යන්තමට හිනා වෙලා කිව්ව ආ..ඒක ගණං ගන්ට එපා මල්ලි ඔව්ව ඇරිල යාවි කියල. ඉතිං ඇත්තම කිව්වොත් හේරත්ටයි දිමුත්ටයි හම්බ වෙච්චි මෑන් ඔෆ් ද මැච් එවෝඩ්ස් දෙකම අයිති වෙන්න ඕන මෑණියන්ට."

"මම ඒ දෙන්නට කිව්ව ඔය එවෝඩ්ස් දෙකත් අරගෙන අපි කට්ටියම යමු කියල මෑණියො බැහැදකින්ට කියල. කට්ටිය එක පයිම්ම කැමති වුනා. හරියටම 1996 වර්ල්ඩ් කප් එක දිනල කප් එකත් අරගෙන ලංකාවට ඇවිල්ල එයා පෝට් එකේ ඉඳල කෙලින්ම අර්ජුන අයියයි ටීම් එකයි ගාමිණී දිසානායක මහත්තයගෙ ගෙදර ගියා වගෙ."

"ඒ වෙනකොට ගාමිණී මහත්තය මැරිල. එයාල ගිහිල්ල කප් එක දුන්නෙ ශ්‍රීමා නෝනගෙ අතට. අන්න ඒ වගේ තමයි අපිත් කරන්ට හිතාගෙන ඉන්නෙ. රත පෙරහරකිං ගිහිල්ල මෑණියන්ගෙ දෙපාමුල එවෝඩ්ස් තියල අපේ ගෞරව පූර්වක ස්තූතිය පලකරනව."

"එතකොට ඔබ තමුන්නාන්සෙලට ප්‍රශ්ණයක් ඇති එහෙමනම් වන්ඩේ සීරීස් එකයි ටී ටුවෙන්ටි සීරීස් එකයි දෙකම අපි කැතට පැරදුනෙ මොකද කියල. ආ...ඒකට හේතුව මේකයි. අපේ මෑණියන්ට තවම තව්තිසාවෙ දේව සභාවෙන් දීල තියෙන්නෙ ටෙස්ට් ආවේශ වරම විතරයි."

"වන්ඩේ සහ ටී ටුවෙන්ටි ආවේශ වරම් දෙන්නෙයි කියල මෑණියො අයදුම්පත් ඉදිරිපත් කරල තියෙන්නෙ. තාම දේව සභාවෙ ක්‍රිකට් ආවේශ/ආශිර්වාද අනු කමිටුවෙ අනුමැතිය ලැබිල නැහැ අයදුම්පතට. ඒත් බඩු ෂුවර් ඇන්ඩ් ෂොට් ..තව සතියක් වගෙ ඇතුලත අනුමැතිය ලැබෙයි කියල මෑණියන්ට දැඩි විස්වාසයක් තියනව. හෙහ් හෙහ්...ඒ අනුමැතියත් ලැබුනම කිසි අවුලක් නෑ අපි ලබන පාර වර්ල්ඩ් කප් එක තනි අතිං උස්සන්නෙ..තනි අතිං...ආය කිසිම සැකයක් තියාගන්න එපා... බඩේ බත් වගෙ තමයි..."





This is a news item just received…...

The anti-corruption investigating unit (ACIU) of International cricket council (ICC) has just announced that they are initiating a comprehensive inquiry in to the conduct of Sri Lankan team during their just concluded test series against Pakistan held in Abu Dhabi & Dubai. 

A spokesman for ACIU said the a charge sheet is to be served to Sri Lankan captain Dinesh Chandimal under clause 14.1 of ICC code of conduct for international players which explicitly prohibits seeking undue external help from outsiders when playing cricket. 

In a recent public interview which was given wide publicity, Chandimal claimed he seeked and received unfair assistance from a Sri Lankan Shaman called "Maniyo" which helped his team to win the test series against Pakistan by a margin of 2-0.

The spokesman further added that Chandimal has even given explicit details about how the Shaman interfered while the game was in progress hindering Pakistan players while aiding and abetting Sri Lankan players.

Even a sexual harassment charge could be brought against the Shaman based on Chandimal's disclosure, legal experts say.

If the allegations are proven the results of the 2 tests played between Sri Lanka & Pakistan could be declared null & void, the Spokesman further added.

37 comments:

  1. වරේවා....
    මෙන්න මෙව්ව තමයි අපට ඕනෑ.

    අර පොටෝ එක නං මරු. ලොක්කා අරුන්දැට තට්ටුවක් දාන්න යනව වගේ. කෙල්ලට ලැජ්ජා හිතිල ඇඹරෙනවා.

    "ඉහිහ් හික් හික්. නිකා ඉන්ට අනේ. ඕ... කෝලං ඔන්න"

    බයිද වේ .. o. Sorry, ටොයිද වේ, ලොක්කා සරොමට යටින් දනිහ කිට්ටුවට විතර දිග මාගලක් ඇඳලා වගේ. ඒක නැත්නම් ඝාන්ටාර මාක් වෙන්ට එපෑයි. ඔයිකි හැමෝගෙම මිල්ක් බොටම මිරිකණවා ඇති කියල ආරක්ෂාවට වෙනටැ.

    ReplyDelete
    Replies
    1. Ano,

      / ලොක්කා අරුන්දැට තට්ටුවක් දාන්න යනව වගේ. කෙල්ලට ලැජ්ජා හිතිල ඇඹරෙනවා. /

      හෙහ්..හෙහ්..කියල වැඩක් නෑ..හිජකුපාමය හතරවරං ගැහිල්ලට වගේම ඔය මහිලා තට්ටු බට්ටු වැඩේටත් කප් ගහපු පොරය කියනවනෙ...මෑනියො විලියෙං ඇඹරෙනව වගෙ තමයි පේන්ට තියෙන්නෙ..:)

      Delete
  2. ඕන්න ඉතින් පටන් ගත්ත පුවක් ලෙලි ගහන්ට!!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      හරි හරි බං මොනව කොරන්ටද? මේ කේවට්ටයො මෙහෙම තුං ලෝකෙම නැති ආතල් දෙනකොට කොහොමද බොල දැක්කෙ නෑ වගෙ ඉන්නෙ?

      Delete
    2. මේ අපි ඉන්නේ.. ආයේ අහවල් එකක්ද??? ඒ විදියට අර කිරිස් ළමයාගේ හුටපටේ ඉක්මනට අහවරක් කරනවා හොඳයි. මේ රට ජාතිය නම් මොනවා කරගන්න බැරිද, ඒ වගේද ඒ වැඩේ??

      Delete
  3. ඈස් යූ සේ ඔය ගංගා මෑණියන්ට මිරිකන්න හොඳ පළපුරුද්දක් තියෙනව වගේ නෙහ්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එතුමී ඒකට නම් දරාපු ඉස්තිරියාවක්...:)

      Delete
  4. "දකුණු කිරිපල්ල වාමාවෘතවද වම් කිරිපල්ල දක්සිනාවුර්තවද අඹරා"
    ගෙදර ගිහින් තනියම කොරල බලන්ට ඕනැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අම්මට වූඩු ඔහේ තාම එහෙම කරල නැද්ද? අදම කොරන්ට අදම කොරන්ට...

      මාර ආතල් බොලේ ඒ වැඩේ..අකනිටා බ්‍රහ්ම ලෝකෙ සැප මොහොතකිං ලැබෙනව. හැබැයි කරකෝන රවුං ගාන හරියට දැනගන්ට ඕන. නැත්තං පොට යන්ට පුලුවනි.

      ආ..තව වැදගත් උපදෙසක්...ඔය වැඩේ කොරන්ට ඕන පූර්න නිරිවස්තරෙං ඉඳල..ඒ වගේම දෙපරැන්ද ඇහැක් තරං ඈත් කරන්ටත් ඕන (ඒ කිව්වෙ තලගොයා පොලේ ගැහැව්ව වගෙ තුම්මුනිං ඇදගෙන වැටෙන නොවැටෙන ගාන දක්වා වගෙ)

      එහෙම ඈත් කරන්ට ඕන ඇයිදැයි කියල දන්නවය?

      කරකෝල කරකෝල අතෑරියම ඔව්ව ආයම ආපහු කැරකෙනව ලෝක බෝලෙ තම අක්සය වටා කැරකෙනවටත් වඩා වේගෙං. අන්න ඒ කැරකිල්ලට ඉඩ ලබා දෙන්ටයි දෙපරැන්ද ඈත් කොරන්ට ඕමනා වෙන්නෙ.

      Delete
  5. අප්පට හුටුද බුල්ඩෝසර වැල කපුටූ...
    කෙලියට ක්‍රිකටු ආ උන් කිරිපලු මිරිකූ...
    මෑණිට ගඟනි මෙලෙසට අඩපලි කියපු..
    රවියන් කිරිජි පලු මිරිකනු හැකි කවුරූ...


    ආ.... ලොක්කා.. කෝමද ඒක ඈ.....

    ReplyDelete
    Replies
    1. Suranga,

      මුලු ලොව ඉදිරිපිට ලෙසටම ගම කාපූ,
      දීනෙස් මල්ලි රිළවෙකුසේ XX කාපූ,
      කිරිපලු ඇඹරීම සොමියකි උඹ නෑසූ,
      හෙට ඉල් පෝය අඹරමු සොමි වෑහේලූ,

      Delete
  6. අනිත් ටීම් දැන් ඇල, දොල, ආරු, කාණු මෑණියන්ලා හොයාගෙන යනව ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ෂෙහ් කියල වැඩක් නෑ ප්‍රා..

      දැන් හෙට අනිද්ද ඉන්දියාව එක්ක මැචස් ගහද්දි කෝලිය හතර අතේ හතරෙ හයේ එව්ව ගහනකොට ඉන්ඩියන් ෆෑන්ස් ල බෝඩ් උස්සගෙන ඉඳියි " Where is your Maniyo" කියල..කොහොමද හතර විළි ලැජ්ජාව එතකොට?

      Delete
  7. ඔය කිව්වට වන් ඩේ මැච් එකේ උපුල් තරංග දුන්න ආප්ප වගේ කැච් හතරක්ද කොහෙද මිස් කලාට පස්සෙ පොර සෙන්චරියක් දැම්මෙ. ෂුවර් එකටම හොරාට හරි පොරත් ගංගා මෑණියෝ හම්බෙන්න යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැලප,

      නෑ බං තවම වන්ඩේ වලට ආශිර්වාද කරන්ට මෑණියන්ට ඔතෝරිටි එක ලැබිල නෑ. ඒ හින්ද තරංග මෑණියො හම්බ වෙන්ට ගියාට වැඩක් නෑ..

      ආ..සම් ටයිම්ස්..මේ බී ලයික් දිස්...තව්තිසාවෙ ක්‍රිකට් අනු කමිටුව මෑණියන්ගෙ ඇප්ලිකේෂන් එක සාකච්ඡාවට ගන්ට ඇති . අනුමැතිය ලැබෙන්ටත් ඔන්න මෙන්න තියෙන්න ඇති. ඒ වෙලාවෙ තමයි උපුල් තරංගගෙ අර කැච් අරුංට මිස් උනේ.

      ඒත් අන්තිමට ෆයිනල් ඩිසිෂන් එකක් නොගෙන කමිටුවෙ රැස්වීම ඉවර වෙන්න ඇති. ඒ හින්දයි අන්තිමට අපි පැරදුනෙ...යස් බොහෝවිට එහෙම තමයි වෙන්න ඇත්තෙ...

      Delete
  8. පොටෝ එකට දාපු කැප්ෂන් එක තමයි හොඳම

    ReplyDelete
  9. අන්දුංකුංදුමයිස්ඩ් and තුස්නිම්බූතයිස්ඩ් ! අද ඉගෙන ගත්තේ ඕක තමා.

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      ආන්න බලපං ..ආනන්දෙං පග්නාවට කියන්නෙ ඔන්න ඕක තමයි....

      උඹ ඔය වචන උඹ ලියන රිපෝට්වල එහෙම පාවිච්චි කරනව නම් මට ලැබිය යුතු ක්‍රෙඩිට් එක දීපං හොඳේ මලේ?

      Delete
  10. මට නම් හිතුනේ අයියෝ සුමනේ කියලා...

    ReplyDelete
    Replies
    1. Udaya,

      දැං සුමනෙලා ඉන්දිකල මංජුලල ඔක්කොම ඉවරයි..

      Lo and behold here comes the Almighty Ganga Meniyo....resplendent in her white saree & enchanting smile....:)

      Delete
  11. පව් අප්පා....

    දැන් එතකොට ජිජකුපාම නීලකාස ජාතියේ අප්පොච්චී, ඔය මෑණියෝ හම්බවෙන්ඩ ගියේ මොකටද ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      හතර අතේ පැරදිච්චි අපේ ක්‍රිකට් ටීම් එක දිනවල දුන්න වගෙ අප්පච්චිත් දිනවල දෙන්ට බැරිද කියල බැගෑපත්ව විමසල බලන්ට..නැතුව වෙන අහවල් දේකටද?

      Delete
    2. ඔහේගේ රනිල් හාමු නාන නෑමට උන්නැහේ හාමුගේ මෑණියන්ට ස්තූතිය ගංගා මෑණියෝ හරහා සන්නිවේදනයෙ කරන්නලු ගිහින් තියෙන්නේ !

      Delete
  12. Home තමන් මේ කරන්නෙ උඩ බලාගෙන කෙලගහගැනීමක් වගේම
    තමන්ගෙම දක්ෂතා අවතක්සේරු කරගැනීමක් බව තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ මනුස්සයට.

    ReplyDelete
    Replies
    1. Hasitha,

      කියල වැඩක් නෑ බං..මෝඩය කියල මරන්ඩයැ?...අපි බහුතරයක් මිත්‍යා විස්වාස පස්සෙ දුවනව. එව්ව විස්වාස කරනව. ඒත් රටක ක්‍රිකට් කණ්ඩායමේ නායකය හැටියට කතා කරද්දි පොඩ්ඩක් ඩිප්ලොමැටික් වෙන්න ඕන. කියනදේ ගැන දෙපාරක් හිතන්න ඕන.තමන් පෞද්ගලිකව විශ්වාස කරන දේවල් ප්‍රසිද්ධියෙ ගෙඩි පිටින් වැමෑරුවම ඒක ලෝකයා පිළිගන්නෙ රටේ ප්‍රතිපත්තිය විදිහට. ඒකයි මෙතන තියන අවුල.

      Delete
    2. සහතික ඇත්ත. රංගනගෙ දිල්රුවන්ගෙ දිමුත්ගෙ දක්ෂතාත්(මේ තුන්දෙනා නැත්තං ටෙස්ට් දෙකත් හබක්)
      දෙකේ කොලේට දැම්ම වගේ වැඩක්නෙ මේක.

      Delete
  13. රවී මහත්මයා,

    ඔබගේ ලිපි මගින් අපට පෙනී යන්නේ ඔබ අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් අගමැතිගේ සහය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනා අයෙක් බවයි.

    අගමැති රනිල් ප්‍රමුක මෙම රජය පැමිණුන දා සිට ධනපති පන්තියේ අයට සිය ධනය වැඩි කරගැනීමට සහය දැක්වුවා මිසක සාමාන්‍ය පොදු ජනයා ගැන බැලුවේ නැත. හිටපු ජනාධිපති මහින්ද මහතා ගැන ඔබ බොහෝ විට උපහාසයෙන් කතා කරත් එම පාලන කාලය තුල සාමාන්‍ය පන්තියේ පිරිසක් ධනය උපයා ගෙන අන් අයටත් රැකියා ආදිය සපයමින් ගොඩ නැගුණි. එවිට ඔබ වැනි උදවිය පැවසුවේ ඔවුන් මහින්ද මහතාට කඩේ යන නිසා රටේ ධනය හොරකම් කරමින් දියුණු වන බවයි.

    ඒ කාරණය කෙසේ වුවත් දැන් රටේ ධනය බැදුම්කර මගින් හොරකම් කරන්නේ ධනපති කිහිප දෙනෙක් නොවේද? ඔවුන් මේ රටේවත් පුරවැසියන් නොවේ.

    ඔබතුමා තවමත් මහින්ද මහතාට අපහාසාත්මක දෑ ලියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      /ඔබගේ ලිපි මගින් අපට පෙනී යන්නේ ඔබ අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් අගමැතිගේ සහය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනා අයෙක් බවයි./

      ඔබ නොවැරදීම මගේ දීර්ඝකාලීන පාඨකයෙක් නොවෙයි වෙන්න ඕන. එහෙම නොවේනම් නම් බැඳුම්කර මගඩිය පිළිබඳව මම මීට කලින් ලියපු මේ සටහන් ඔබට මඟ හැරිලා වෙන්න ඕන.

      453. අසූචි හත්පොලේ පමණක් නොව හිස්මුදුනෙහිද සියතින්ම ආලේප කොටගත් සුපිරිසිදු මහතාගේ කථාව

      454. මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව...හෙළයේ මහා ගාන්ධර්වයාගේ නික්මයාම

      465. පුවක් එෂැණිං 20 - ජනාධිපතිගේ පත්තර කොල්ලා, නාවික හමුදා ප්‍රඥප්ති සංශෝධනය, අගමැතිගේ සමාව ගැනීම සහ කාඩිනල්ගේ නින්දෙන් ඇහැරීම

      476. පුවක් එෂැණිං 24 - Sri Lanka Goes down on Global Corruption Index. Government Vehemently Protests....

      බැඳුම්කර හොරකම ගැන ටිකක් පැහැදිලි කරගමු

      490. පුවක් එෂැණිං 26 - බැඳුම්කර වංචා නාඩගමේ නවතම ජවනිකාව…

      /ඔබතුමා තවමත් මහින්ද මහතාට අපහාසාත්මක දෑ ලියන්නේ ඇයි?/

      අපහාසාත්මක කියන වචනෙ නම් මම පිළිගන්නෙ නෑ මහත්මයා. මහින්ද මහතා කරපු, දරුවන්, සහෝදරයින්, හෙංචයියන්, හිත මිතුරන් ලවා කරවපු එහෙමත් නැත්නම් තමන්ගෙ වාසිය සඳහා නොදැක්කාසේ අහක බලාගෙන හිටපු මහජන මුදල් වංචා සහ හොර මැරකම් අනන්තයි අප්‍රමාණයි.ඒවයින් බොහොමත්ම සේසයයි තාම එළියට ආවෙ.

      එහෙම වෙන්ට හේතු තියනව.ඡන්ද කාලෙ මොනව කිව්වත් එක පාරට කට්ටියම කූඩුවට දාන්ට බෑ.දන්නවනෙ අපේ රටේ මහජනයා කියන්නෙ මොනතරම් මෝඩ අන්තවාදී මිනිස්සුද කියන එක.ඒ හින්ද අතුරේ යනව වගෙයි ඒ වැඩේ කරන්ට වෙලා තියෙන්නෙ. ඒක පිළිගන්ට වෙනව. ඒ වගේම බැඳුම්කර මගඩිය හින්ද ආණ්ඩුව තමන්ට තිබ්බ ජන ප්‍රසාදයට සෑහෙන හානියක් කරගත්ත. ඒ හින්ද කොහොමත් දැන් වැඩ කරන්ට වෙලා තියෙන්නෙ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය වගේ තමයි.

      ඒත් ඒ මොනව උනත් මහින්ද මහත්තය ආපහු බලයට එනව කියන්නෙ නම් හිතනකොටත් මයිල් කෙලින් වෙන තරම් භයංකාර සිද්ධියක්...මහින්ද කියන්නෙ කිසිම හිරිකිතයක් විලි ලැජ්ජාවක් නැතුව තමන්ගෙ වාසිය උදෙසා ඕනෑම පහත් නින්දිත වැඩක් කරන්නට දෙපාරක් නොසිතන, බල ලෝභී, කිසිම ප්‍රතිපත්තියක් නැති, දරුණු ඒ වගේම අත්තනෝමතික පාලකයෙක්...

      ඒ හින්ද මොන දේ වුනත් එහෙම තත්වයක් වළක්වන්නටම ඕන.මම හිතන්නෙ නෑ පවතින ආණ්ඩුව මොනතරම් ජන අප්‍රසාදයට පත්වුනා වුනත් මහින්ද ආපහු බලයට ගේන්ට තරම් පොදු මහජනයා මෝඩ වෙයි කියල. රනිල් ඔය විදිහට කිසි ගනිච්චියක් නැතුව පිස්සු කෙලින්නෙත් ඒක දන්න හින්ද.

      කොහොම උනත් මේ රටේ අනාගත නායකත්වයට රනිල් සුදුසු නෑ කියලයි මගේ කල්පනාව. රනිල් බැඳුම්කර කේස් එක හින්ද තනිකරම නාගත්ත. දැනට ඉන්න කට්ටියෙන් මගේ තේරීම ඇවිල්ල මංගල. ඒත් අපේ රටේ මිනිස්සුන්ගෙ පසුගාමී, අන්තවාදී ගෝත්‍රික සංකල්ප අනුව මම හිතන්නෙ නෑ මංගලට කිසි දිනක රටේ නායකත්වය ලැබේවිය කියල...:)

      Delete
    2. රනිල්ට අගමැටිකම හම්බ වෙන්න කලින් කිව්වේ පට්ට මොලේ ආර්ථිකය හදයි කියලනේ. අන්න ඒවගේ මේකත්. එළුවගේ ඇට දෙක වැටෙනකම් පස්සෙන් ගිය නරියව මතක් වුනා. ඒ එළුවව අතැරල අළුත් එළුවෙක් පස්සෙන් යන්න පටන් අරන් වගේ.

      Delete
  14. /එක පාරටම එතුමී පාත්වෙලා අසාම්ගෙ කිරිපල්ල දෑතිම්ම මිරිකුවා. යස් කිරිපල්ල මිරිකුවා. ස්ක්වීස්ඩ් ද මිල්ක් බොටම් ඔෆ් අසාම්.. යස් දැට්ස් වට් ෂී ඩිඩ්. අසාම්ගෙ දකුණු කිරිපල්ල වාමාවුර්තවද වම් කිරිපල්ල දක්සිනාවුර්තවද අඹරා පියා වදාල සේක."/

    මේ ප්‍රකාශයම ඇති බබර් අසාම්ට විරුද්ධව තහනම් උත්තේජක චෝදනාවක් දාල තරඟ තහනමක් පනව ගන්ඩ

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      යකෝ කිව්වත් වාගෙ එහෙම චෝදනාවක් ගේන්ටත් පුලුවන් නේද?

      ඒත් මට හිතෙන්නෙ වැඩේ හරියන එකක් නෑ බං..බබරය කියයි ඌව බලෙං උත්තේජනය කලේ උගේ කිසිම කැමැත්තකින් තොරවය කියල.අනික ඔය තහනම් කරල තියෙන්නෙ දක්ෂතා වැඩිදියුණු කරන උත්තේජක (Performance enhancing stimulants)

      මේක ඇවිල්ල ඇත්තටම බැලුවොත් දක්ෂතා අඩුකරන උත්තේජකයක් (Performance diminishing stimulant)... මොකද උත්තේජනය හින්ද බබරයට උඩ පන්දුව රැකගන්ට බැරිවුනානෙ.

      Delete
  15. මහින්ද රාජපක්ෂ නමැති ඒකාධිපති පර බල්ලාගෙන් රට බේරාගත් ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩරනායක කුමාරතුංග මැතිණියට අපගේ ආචාරය මෙසේ පුද කර සිටිමු...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මහින්ද මොනව කලා වුනත් පර බල්ලයි කියල කියන එක නම් සුදුසු නෑ ඇනෝ...ඒකාධිපතිය කිව්වම ඇති.

      ඒ ඇර ඔබේ අදහසට එකඟයි. මේ මම චන්ද්‍රිකා ගැන පළකරපු සටහන් දෙකක්...

      303. තමන් මියගිය බව නොදන්නා මළගිය ප්‍රාණකාරයින් වහාම දුරීභූත කොට දැමීමෙහි වැදගත්කම සමඟ Thank You So Much Ma'am!!!

      “නිහඬ විප්ලවයේ” ඇතුළත කථාව

      Delete
  16. ඕන්න ඉතින් පටන් ගත්ත පුවක් ලෙලි ගහන්ට!! x2

    කව්ද මෙව්වට වගකියන්නෙ? අර සුරංග තමයි මේ Story of my marriage අස්සෙ වර්තමාන තොරතුරු ගැන කියවල Track පැන්නුවෙ!

    ReplyDelete
  17. චන්දිමාල් නාල අනිත් උන්වත් නාවනවා.. සේහ්.. හරි හමං නායකයෙක් නැති උනානේ කිසිම වැදගත් තැනකට ලංකාවේ..

    ReplyDelete
    Replies
    1. අර බිබිසි කතාව අහල ඔක්කාරෙට ආව . අඇන්ද ආකාසේ බොලේ දාන්න කලින්. මූ ඊටත් එහා ගියා

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...