Wednesday, November 8, 2017

543. පුවක් එෂැණිං 35….Current Hot Topics - පැස්ටෝල් පෝලිමේදී හමුවූ නුවණක්කාරයා......

ලංකාවේ මේ දිනවල ඉන්ධන පිරවුල්හල් අසළ
අනිවාර්යයෙන් දක්නට ලැබෙනා ඉතා දිගු පෙට්රල්
පෝලිම් උපහාසයට ලක් කරනා මුහුණු පොතෙහි
 පළවූ කාටූනයකි.

මේ දවස්වල සී ලන්කාවෙ පැස්ටෝල් නැති කේස් එක නැඟල යනවනේ? ලන්කාවෙ හැම ප්‍රස්නයක්ම වගෙ මේකෙත් අග මුල හොයාගන්න එක ලේසි නෑ. හොයන්ට හොයන්ට තව පැටලෙනව. කිසිකෙනෙක් දන්නෙ නෑ හරියටම මොකද වෙලා තියෙන්නෙ කියල. හිතාමතා කරපු කඩාකප්පල් කාරී වැඩක්ද? එහෙම නැත්නම් මොනව හරි යටි අරමුනක් ඇතුව නටපු නාඩගමක්ද? කියල එව්ව කරවපු මිනිස්සු විතරයි දන්නෙ.

බයියොත් කාලෙකිං කල එළි බැහැල. අර ඉඩෝර කාලෙක වෙලිච්ච රබර් කොළ අස්සට වෙලා හැංගිල ඉන්න කූඩැල්ලන්ට යම්තමට පිණි බිංදුවක් වැටුන වගෙ. බෝම තන්තෝසෙං එළි බැහැල එහාට මෙහාට ඉව කරනව. කාගෙද ලේ බොන්නෙ? කියල. මහ රජාගෙ කාලෙ කෝටි ගානක් අල්ලස් අරගෙන බාල තෙල් නැව් දෙකක්ද තුනක්ද ගෙනල්ල රට පුරාම වාහන කීයක එන්ජින් සවුත්තු උනාද කියල දැං මතක නෑ කාටවත්.

අපේ පෙසන්නය ඒ කිව්වෙ කො.ක.ස. ගරු සබාපති තුමාත් ඔන්න මූනුපොතේ පෝස්ට් එකක් දාල තිබ්බ උන්දැගෙ තනකොල කපන මැසිමට පැස්ටෝල් ගහගන්ට ඒක උස්සගෙන සෙඩ් එකට යන්ට උනාය කියල. ගව්වක් විතර දිග පෝලිමේ දාරානිපාත අව් පූටකේ ඉන්න ගමං පෙසන්නය පැස්ටෝල් ගහන කොලුවට ටෝක් කලාලු සෙඩ් එක ඉස්සරහ ගනසාරෙට හැදිල තිබ්බ කලාඳුරු, හීංබූටිය එහෙම මැසිමෙන් නොමිලේ කපාල දුන්නොත් පෝලිමේ නොඉඳ පැස්ටෝක් ගහල දෙන්ට බැයිද? කියල. 

කොලුවනම් අකමැත්තක් පෙන්නුවෙ නැතිලු. ඒත් පෙසන්නයට කලිං පෝලිමෙ හිටපු එවුං කෙලිම්ම ගේම ඉල්ලුවලු පෙසන්නය සහ පැස්ටෝල් කොලූ යන දෙන්නගෙන්ම. නිකම් මොකටද මේ තනකොල මැසිමක් හින්ද සහලවාල ගුටි පෝරියල් එකක් කන්නෙ කියල හිතල අපේ ගරු සබාපතිතුමා ඒ පාර වැඩේ අල්ලල දාල මැසිමත් කරගහගෙන පෝලිමේම හිටියලු.

ඉතිං පෙසන්නයගෙ මූනු පොතේ පෝස්ට් එක දැකල මටත් මතක් වුනා කියමුකො ඔය පැස්ටෝල් පෝලිමක වෙච්චි ආතල් සීන් එකක්. ඒක එහෙනං එතනම ලියමු කියල මම "අපේ පැත්තෙ" කියල පටන්ගත්ත හෑල්ල ලියන්ට. ඒ එක්කම මගෙ හිතට ආව මේක ටිකක් දිග කතාවක්නෙ ඒ හින්ද ඉංග්‍රීසි අකුරිං සිංහල ලියන එක හරි නැතය කියල. ඔය වෙලාවෙ මම ඔෆිස් එකේ හිටියෙ. මේ දවස්වල ඔෆිස් එකේ හැමෝන්ටම ඉන්ටර්නෙට් බ්ලොක් කරල. ඒ හින්ද ජාලංගත වෙන්ට තියෙන්නෙ පොහොං එක විතරයි. ඒකෙ හිංහල නෑ.ඒ හින්ද මම කලේ අර අපේ පැත්තෙ කියල සිංග්ලිෂ් වලිං ලියපු වචන දෙක මකල දාන්ට ගියාම ඒක වැරදිලා පබිලිස් වුනා.

"දැං මොකද කරන්නෙ? පොහොං එකෙං කමෙන්ට් එකක් ඩිලීට් කරන්නත් අමාරුයි. ඒ හින්ද ඔන්න ඔහෙ යන කැකිරි වත්තකිං පලච්චාවෙ" කියල මම ඒක අතෑරල දැම්ම. පස්සෙ පෙසන්නය අහල තිබ්බ "මොකද මේ අපේ පැත්තෙ කියල විතරක් කියල තියෙන්නෙ? අපේ පැත්තෙ මොකද උනේ?" කියල. ඒ ගමන මම ඔය විස්තරේ කිව්ව.

ඒ ගමන පෙසන්නය කියව්ව "එහෙනං ඒක ගැන පුවක් එෂැණිං පෝස්ට් එකක් ලියන්ටය" කියල. තිසර ගොයියත් අපේ පැත්තෙ ගං වතුරේ ඔරු පැද පැද යනවා කියල අර මාමයි බෑණයි දෙන්නගෙ සිංදුවක් තියෙන්නෙ. ඒ ගැන මතක් කරල කමෙන්ට් එකක් දාල තිබ්බ. ඉතිං පෙසන්නය කියපු ආකාරයට මම හිතුව "ඒ අයිඩියානන්ද එකත් නරකම නෑය එහෙනං එහෙම කරමුය" කියල.

ඉතිං ඔන්න එහෙනං ඒ කතාව.......

මේ සීන් එක මම කාලෙකට කලිං අහපු කතාවක්.....ඔන්න මෙහෙමලු කතාව…..

ඔන්න ඒත් ඔය නැව් පරක්කුවෙලා හරි කනිජ තෙල් සේවකයො ඉස්ටයික් කරල හරි සෙඩ් ගාව දිග පෝලිං තිබ්බ දවසක්. මේක වුනාය කියන්නෙ පේරාදෙනියෙ ටවුන් එක මැදම තියන සෙඩ් එකේ. ඔන්න සෙනඟ සෑහෙන්න ඉන්නවලු පෝලිමෙ. එදත් කොහොම හරි ඔය බෝතල්, ටිං කබල්, බූලි, කෑං, බාල්දි, ලබු කැට, කලගෙඩි,  සාස්පාං, අප්පල්ල, හට්ටි මුට්ටි, නෑබිලි කොරොස්, තැඹිලි කෝම්බ, පොල්කටු යනාදියට පැස්ටෝල් දෙන එක තහනං කරලලු තිබ්බෙ. මොකද කස්ටිය ඔව්වට පැස්ටෝල් අරගෙන ගිහිල්ල වැඩි ගානට විකුනන හින්ද.

ඔන්න ත්‍රී වීල්, මෝටර් සයිකල්, කාර් පෝලිමේ ඉන්නවලු ටිකක් දෙගොඩහරි වයසෙ මනුස්සයෙකුත්. කොන්ඩෙ එහෙමත් එහෙං මෙහෙං පැහිල. අත්කොට කමිසෙකුයි පරන කොට කලිසමකුයිත් ඇඳගෙන. මේ මනුස්සයගෙ කරේ පෝර උරේකුත් තියනවලු. දැං ඔන්න මේක දැකපු හැමෝටම මහ ලොකු ප්‍රස්නයක්ලු මේ මනුස්සය මොකද්ද මේ පැස්ටෝල් පෝලිමේ කරන්නෙ පෝර උරේකුත් කරේ එල්ලගෙන? කියල.

ඔන්න කොහොම හරි මිනිහගෙ වාරෙත් ආවය කියමුකො. 

"කෝ ලොකු උන්නැහේ මොකකට පැට්‍රෝල් ගහගන්නද ආවෙ?" පොම්පෙ කොලුව ඇහුව. 

"ආ..ඉන්ටකො පොඩ්ඩක්.." මනුස්සය පෝර උරේ බිම තියල කට ලිහන්ට ගත්ත.

දැං ඔන්න අහල පහල ඉන්න ඔක්කොමල මේ මනුස්සය දිහාවෙ බලා ඉන්නව. පෝර උරේ කට ලිහල මිනිහ ඒක ඇතුලෙං එලියට ගත්තෙ බලු නට්ටෙක්.

"ඈ... ඔය මොකද? ඔය බල්ලෙක් නේද?" පොම්ප කොලුව ඇස් ගෙඩි උඩ තියාන ඇහුව.

"ඔව්..ඔව්..බල්ලෙක් තමා…"

"ඉතිං ?"

"ඉතිං ඉස්සෙල්ල මගෙ කතාව අහනවකො…. මම තනිකඩය...අවුරුදු හත අටකට කලිං ගෑණි මලාට පස්සෙ තනියම තමයි ජීවත් වෙන්නෙ."

"ඉතිං? "

"බලනවකො...මේ වල් බල්ලෙක් පුරුදු වෙලා දැං සති දෙක තුනක ඉඳල කොහොමවත් බේරගන්ට බෑ... හැලි වලං ඔක්කොම පෙරලගෙන මම දුකසේ උයාගන්න ඔක්කොම කනව.. "

"ඉතිං?"

"ඉතිං මම කරන්නෙ පැස්ටෝල් ටිකක් බෝතලේකට අරගෙන ගෙනිහිල්ල හිට පොල් කට්ටකට දාල හෙමීට පස්සෙං ගිහිල්ල මුගෙ පුකට ගහන එක. මූ දුවනව ආත බූත කඩාගෙන. අර කතාවටත් කියන්නෙ පුකට පැස්ටෝල් ගහපු බල්ල වගෙ කියල. දවස් දෙකකට විතර ආය එන්නෙ නෑ ඕක මතක තියෙනකල්"

"ඉතිං දැං මේ බල්ල මෙහෙ ගෙනාවෙ?"

"තමුසෙලා දැන් බෝතල් වලට පැස්ටෝල් දෙන්නෙ නෑනෙ. ඉතිං මම මේ බොහොම අමාරුවෙං මූව අල්ලගෙන ආවෙ මෙතනදිම මුගෙ පුකට පැස්ටෝල් ටිකක් ගහන්ට බැරිවෙයිද කියල අහන්ට. ප්‍රස්නයක් නෑ. මම සල්ලි දෙන්නං. මොකද පුතා කියන්නෙ?. ගහමුද මුගෙ පුකට පැස්ටෝල් ඇබින්දක්? අනේ ලොකු උදව්වක් පුලුවන්නං......."

39 comments:

  1. ///මහ රජාගෙ කාලෙ කෝටි ගානක් අල්ලස් අරගෙන බාල තෙල් නැව් දෙකක්ද තුනක්ද ගෙනල්ල රට පුරාම වාහන කීයක එන්ජින් සවුත්තු උනාද කියල දැං මතක නෑ කාටවත්.///

    මහරජාගේ කාලේ වගේ නෙමෙයි නෙවෙන්නම්, දැන් ඔන්න මේ සද්ගුණවත් යහපාලනය යටතේ අල්ලසක් දී ගන්න එකෙක් හොයාගන්න නැතුව අර බාල තෙල් නැව තිරිකුණාමලය දිහාවේ කැරකෙනවලු...
    බලන්න කොච්චර හොඳ ලිච්චවී පාලනයක්ද කියල...

    හැබැයි රට්ටු කියන්නේ වෙනම කතාවක්...
    අල්ලස් ගන්න ඕනේ එවුන්ගේ නමගං හෙම දාල ඒ එක එකාට ඕනේ කරන අල්ලස් ප්‍රමාණය හෙම සඳහන් කරලා ලිස්ට් එක තාම හදනවලු ගෝරමේන්තුවට දාල අනුමැතිය අරගෙනම IOC එකට දෙන්න...
    මොක කලත් ඒවා නීතිප්‍රකාරව කරන්න මේ උන්දලා හරි දස්සයි කියල තමයි රට්ටු කියන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      උඹ හරි හොඳ එකා බං...මරාගෙ මොන මොන කුජීත වැඩ එලිවුනත් තවමත් කටේ තොලේ නොගෑවෙන්ට චේතිය බොරු දෙසා බෑවත් උඹ තාමත් ඉන්නව අන්න අර ඉන්දරකීලයක්සේ නොසැලී මරාගෙ පිටිපස්සෙ...වෙරි ගුඩ්...දාපං පහක්...හෙහ් හෙහ්..

      මෙන්න මම ගානෙ උඹට සෝක් සින්දුවක්...

      චන්ද්‍රබිම්බයුරු ඔබෙ වත පවසයි
      මුදු හදවතක තතූ
      ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
      නොකරමි දිනෙක රතූ

      අන්ද මන්ද දැඩි චණ්ඩ සිතුම් ඇති
      පුඟුලන් මැද දෙරණේ
      ඉන්ද්‍රඛීලයක්සේ මම ඉන්නෙමි
      නිරතුරු ඔබ සෙවණේ

      අදත් සිනාසී හමුවූ අයුරින්
      භින්න රුචික මෙලොවේ
      හෙටත් උදෑසන පිබිදුනු දෑසින්
      අප හමුවිය යුතුවේ

      ගේය පද -- කරුණාරත්න අබේසේකර ශූරීන්
      තනුව හා සංගීතය -- ගායනය -- නාරද දිසාසේකර

      Delete
    2. මචං අයියේ, දස්කොන් අධිකාරම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ ගැන ලියපු ශ්‍රී නාමය කියන පොතේ කවියකින් තමයි මේ සින්දුවේ එන 'චන්ද්‍රබිම්බයුරු' කියන යෙදුමයි, ඔය නෙත් රතුවෙන කතාවයි අරං තියෙන්නේ. අපේ පනාපුත්‍ර ගොයියා හදපු දස්කොන් ටෙලිනාට්‍යයේ තියනවා ඕකේ ඔරිමජිනල් කවි දෙකක් මේ චන්ද්‍රබිම්බයුරු කවියත් එක්ක.

      නාට්‍යයේ 36 කොටසේ, 13:30 ඉඳලා බලපන්කෝ. සමන්ත පෙරේරා දාලා තියන තනුව, සංගීතේ එහෙම කොහොමද? දෙවෙනි කවිය ඇහෙද්දි නම් මාර ෆීලින්ග්ස් එකක් එන්නේ...

      Delete
    3. ///උඹ හරි හොඳ එකා බං...මරාගෙ මොන මොන කුජීත වැඩ එලිවුනත් තවමත් කටේ තොලේ නොගෑවෙන්ට චේතිය බොරු දෙසා බෑවත් උඹ තාමත් ඉන්නව අන්න අර ඉන්දරකීලයක්සේ නොසැලී මරාගෙ පිටිපස්සෙ...වෙරි ගුඩ්...දාපං පහක්...හෙහ් හෙහ්.. ///

      මොන වැරැද්ද තිබ්බත් මොන හොරකම මාට්ටු උනත් රටේ මිනිස්සු මොන බැරි අමාරුකමෙන් ජීවත් උනත් ඔහෙලා ජාපාලනේ හොඳයි කියල කියන එකේ අපි උන්දෑ වෙනුවෙන් පෙනී හිටියම මක් වෙනවද...

      Delete
  2. මේ දවස්වල ඔහොම කාටුන් වැහි වහලා. ඒ අතරේ ට්‍රැෆික් එකත් වැඩි වෙලාලු. එහෙම වෙන්නේ කොහොමාද? තෙල් නැත්තම් කොහෙන්ද ට්‍රෆික්?

    ReplyDelete
    Replies
    1. සයුරි,

      එහ්? ට්‍රැෆික් වැඩි වෙලාය කියලත් කියනවද? කොහොමද බොල එහෙම වුනේ? අයි නෝ අන්ඩස්කර්ට් ඇටෝල්...

      Delete
    2. thelganna polima pare digata tiyanawane.

      Delete
  3. මොකද්ද අයියෙ ප්‍රශ්නෙ
    ඇයි ලංකාවෙ පෙට්‍රල් නැද්ද.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නෑ නෑ එහෙම කේස් එකක් නෑ.... නතිං ලයික් දැට්...

      මේ යා පාලනේ හින්ද මිනිස්සුංගෙ පිරීතිය උටුරා උටුරා ගීල්ල ගෙවල් වල ඉන්ට බැරුව බූලි, කලගෙඩි සාස්පාං බාල්දි යනාදී දේසීය සංගීත බාන්ඩ වාදනය කරමිං පාරවල් දිගේ පෝලිං ගැහිල තංතෝස වෙනව...

      Delete
  4. කෝ බන් අපි දාන කමෙන්ට්...
    ඒවා බහිරවය ගිලිනවද...

    අර ලොකු උන්නැහේට කරන්න තිබ්බේ බල්ලගේ පුකට පැස්ටෝල් ගහන්න නෙමෙයි බං...
    ඔය හොරා කන්න පුරුදු වෙච්ච බල්ලන්ව නාවන්න හරිහමන් අයිතිකාරයෝ නැති බව උඹ දන්නවා නේද...
    එහෙව් එකේ කරන්න තිබ්බේ අමාරුවෙන් අල්ලගත්තු බලු තඩියව කවරේ පිටින්ම ඔය ඇළක දොළක දාල නාවන්නයි තිබ්බේ...
    කවරේ කට ලිහෙන්නේ නැතුව වට්ඨුරේ ඔබල ගන්න ඕනේ, මොකද කවරේ ලිහුවොත් ආයේ ඌ අල්ලන්න ලේසි වෙන්නේ නැහැ...
    ඒ නෑමෙන් පස්සේ ආයේ ඉතින් බත් මුට්ටි කන්න ඒ බලු තඩියනම් එන්නේ නැහැ...
    ඕක හොඳ පුරාණ කාලේ හිට පැවතඑන බලගතු කෙම් ක්‍රමයක්...
    කවුරුවත් නැති පාළු තැනකට ගිහින් කරන්න ඕනේ, නැත්තන් බල්ලට වස් වදිනවා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      කමෙන්ට් මොඩරේෂන් දැම්ම බං...දැම්ම කියන්නෙ දාන්ට වුනා...බෝම අකමැත්තෙං...

      කරුනු දෙකක් හින්ද..එක පෞද්ගලික අපහාසාත්මක කමෙන්ට්ස් දිගින් දිගටම පලවෙන්ට ගත්ත අපේ ගරු සබාපතිතුමාට විරුද්දව...හෙහ්..හෙහ්...

      දෙක මම ලියන්ට ඕන මොනවද අයින්කලයුතු කමෙන්ට් මොනවද තියෙන්ට ඕන කමෙන්ට් මොනවද කියල නොමිලේ උපදෙස් දෙන්ට ලැහැත්තිවුනා එක්කෙනෙක් හෝ එහෙම නැත්තං කීප දෙනෙක් එකතුවෙලා...

      එහෙම එව්ව නම් මට ගානක් නෑ. ඒත් අන්තිමට වැඩේ ඕවර් ගියා..එසඳ ප්‍රතිචාර යම් නියාමනයකට යටත් කිරීමට සිදුවිණි.

      Delete
  5. ජාති/කුල/ආගම්/දේශපාලන බේද නොසලකා ඒකීය රටක් ලෙස එකත්පස්ව ඒ සොඳුරු නැව සේන්දු වෙන තෙක් අපි බලා සිටිමු මිතුර :)

    ReplyDelete
    Replies
    1. උදය,

      අන්න ඒකනෙ බං එහෙමවත් කරමු...මොකක්ද කාන්තා නමක් නේද ඔය නැවට තියෙන්නෙ? මොන ලේඩිද කියල නේද?

      ඔබ එනව කියා,
      වෙරළටම වෙලා,
      අපි හිටියා බොලේ,
      ඔබ කොහෙද ගියේ,

      Delete
    2. NEVERSKA LADY ආවා...
      තෙල් ගෙන ආවා...

      Delete
  6. හෙක්.. අන්නෙහෙම තමයි කටයුතු සිද්ද වෙන්න ඕන.

    අර සීංකෝං එකෙන් පස්සෙ තනකොල කපන වැඩේ අතෑරල ෂෙඩ් එක ඇතුලෙ බූරු පි‍ටියක් දාගත්ත. ඒකෙ තෝං වලින් ෂෙඩ් එකටත් භූමිභාගෙ දීල හොඳ ගානක් හොයාගන්න පුලුවන්. අපි එහෙමයි වල දුටු කල කළ ඉහගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අන්න එහෙමයි ඉන්න ඕන..ඕකට කියන්නෙ තීක්ෂණ ව්‍යාවසායකත්වය කියල...:)

      Delete
  7. අනික බලහංකො උපන්තේකට තප්පරයක්වත් ට්‍රැෆික් පෝලිමක ඉන්නැති ත්‍රීවීල් බයික් බුවාල කිසි අවුලක් නැතුව පැය ගණං පෝලිං වල ඉන්න ලස්සන. ඔය අපි මාර්ගනීති පිළිපැදීම ගැන උගන්න අලුතෙන්ම ක්‍රියාත්මක කරපු උපක්කෙරේමෙ.

    ReplyDelete
    Replies
    1. මොනා නැතත් මෙන්න මේ කතාවට උඹේ කටේ පැට්‍රොල් බෝතල් බාගයක් වක්කරන්න ඕනේ හෙක්.

      Delete
    2. ප්‍රසන්න,

      අඩේ කිව්වත් වගෙ ඇත්තම නෙවෙන්නං...:)

      Delete
  8. “Suffering is the fuel in the engine of civilization."
    -Vergere”
    ― Matthew Woodring Stover,

    :-DD

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔහේ ඉතිං මොකද? ඕන එහෙකට ඔහේටත් තියනව Quote එකක්...:)

      Delete
    2. අදට වෙනස් කලාම... Engine Fuel is the suffering in the civilization...

      Delete
  9. අපොයි පැස්ටෝල්.. පපුව පත්තු වෙවී දුහන්නේ මේ ටිකේ..

    මේ.. ඉතින් අර බලු නකුටගේ පුකට පැස්ටෝල් ගහලයි එදා සෙඩ්ඩෙකෙන්?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඔව් බං ඌට පැස්ටෝල් ගැහුවලු..ඌ ඒ මොහොතෙම පෝර ගෝනියත් එක්කම දිව්වලු දිවිල්ලක් පන එපා කියල.

      අපි පොඩි කාලෙ අවුරුදු කාලෙ තිරික්කල රේස් තිබ්බනෙ. එව්වයෙදිත් තිරික්කල කාරයො හරකගෙ නැට්ට උස්සල පුකේ අයිස් පලමක් ගහනව. අප්පට සෝරු අයිස් පලම දියවෙන කොට හරක දුවනව විදිල්ල වගෙ....පව් අසරණ සත්තු...

      Delete
  10. //මහ රජාගෙ කාලෙ කෝටි ගානක් අල්ලස් අරගෙන බාල තෙල් නැව් දෙකක්ද තුනක්ද ගෙනල්ල රට පුරාම වාහන කීයක එන්ජින් සවුත්තු උනාද කියල දැං මතක නෑ කාටවත්.//

    ඕව හින්ද තමයි බං අපි මහරජාව ගෙදර යවලා යහපාලනෙ ගෙනාවෙ. ඒත් ඉතින් දැන් ඒකෙනුත් වැඩක් වෙන්නෙ නැති පාටයි. මහරජත් අපිට ඇරිය... මුනුත් අපිට ඩබල් එකේ අරිනවා.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ගොන් බයියෝ ටික ජරාපස්සට කඩේ යනවා. ඊට වඩා හොදින් හිතලා ඊලග පාර මු දෙගොල්ලොම නැතුව වෙන එකෙක් ගේන්න ඕන. ඌ හරි නැතත පස්සේ ඌවත් එලවමු

      Delete
    2. ඇනෝ,

      එක පයින්ම එකඟයි..කියල වැඩක් නෑ අප්පේ...No work telling father...:)

      Delete
  11. අම්මපා...... ඒ දවස්වල නම් ලොක්ක විතරයි අපිට ඇරියේ. අපිත් හිත හදාගෙන හිටියා ඇරියත් අපේ ලොක්කනේ කියලා....
    දැන් එහෙමද, ජනාධිපති, අගමැති, මුදල් ඇමතිගෙන් පටන් ගත්තහම පෙට්රෝලියම් සභාපතියට එනකම්ම ඉන්න ඔක්කොම එවුන් අපිට අරිනවා....

    යහපාලනේ සුන්දරද මෙතරම්.......

    මීට බයියෙක්

    ReplyDelete
  12. රවී තුමා, මේ?

    ඔබතුමා නිකමට වගේ හිතා ගන්න ඔබ තුමා ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි, නිකම් මේ තව්තිසාවෙ, නැත්නම් වෙන කොහේ හරි එක පිළිවෙලකට වැඩ කටයුතු සිද්ද වෙන රටක, පුරවැසියෙක් කියල.

    ඒ හිතාගෙන එක ගැම්මටම ලියාගෙන යමු අනිත් කතා ටික. මොකෝ කියන්නෙ?

    මේ රටේ තියන ඇති පදම් ප්‍රශ්න එක්ක, ඔබතුමාගේ අර රසවත් කතා ටික අහන්න වෙනව බොරු.

    ReplyDelete
    Replies
    1. මානවී,

      හරි හරි බං එහෙම කරමුකො...:)

      Delete
  13. My pouse and I stumbled over here coming from a different website
    andd thought I might check things out. I like what
    I ssee so i am just following you. Look forward
    to looking at your wweb page yet again.

    ReplyDelete
  14. පැස්ටෝල් ගහන කොල්ලා බල්ලාගේ ..... පැත්තට ගහන කොටම ඌ පන කඩාගෙන දිව්වලු. ඊට පස්සේ කොල්ලා නිකමට සෙල්ලමට වගේ ලොක්කගේ පස්ස පැත්තටත් ඇල්ලුවලු. ලොක්කා කස කසා මර ලතෝනි දුන්න බව අපට ආරංචි උනා.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      හෙහ්,හෙහ් මරු අයිඩියාස්නෙ දයා මහත්තයටත් එන්නෙ..දෙයියම්ප රටේ නමගිය හිටපු උසස් ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගෙ චිත්තාභ්‍යන්තරයෙහි හටගන්නා කල්පනාද මෙව්ව හැබෑටම? විහිලුවට හොඳේ....

      එතන වුනාය කියන්නෙ මෙහෙමලු ඔන්න ඈ....

      බල්ලගෙ පස්සට පැස්ටෝල් ගැහුවම ඌ ආතබූත කඩාගෙන දිව්වනෙ. ඊට පස්සෙ ඔබතුමා කිව්ව වගෙ සෙඩ්ඩෙකේ කොල්ල ජොලියටත් එක්ක අර ලොක්කගෙ සෝට සුට්ටක් පාත් කරල පැස්ටෝල් ඩිංගක් මනුස්සයගෙ පස්චාත් බාගෙටත් ගැහැව්වලු.

      මෙන්න ඒ පාර ලොක්ක මරහඬ තියාගෙන දුවන්ට තියාගත්තලු අසුර විදිල්ල වගෙ. කොහොම හරි වැඩි දුරක් යන්ට ඉස්සර ලොක්ක බල්ලවත් පහුකරල ගියාලු.ගිහිල්ල කෙලිම්ම ගෙට රිංගල ඇඳේ වැටිල හති අරින්ට ගත්තලු. ඒ එක්කම බල්ලත් බෑඟිරි ගහගෙන දුවගෙන ඇවිල්ල ඇඳ යටට රිංග ගත්තලු.

      කොහොම හරි ලොක්කට ඒ වෙලාවෙ බල්ල ගැන සෑහෙන අනුකම්පාවක් ඇති උනාලු. එදයිං පස්සෙ ලොක්ක බල්ලටත් එක්කලු බත් මාලු උයන්නෙ. ඊට පස්සෙ දෙන්න චිරාත් කාලයක් සමෝසමේ බොහොම තංතෝසෙං ඒ ගෙදර වාසය කලාලු.

      Delete
    2. ඔහොම නෙමෙයිලු උණාය කියන්නේ... බල්ල දිව්වේ ආයෙත් අරුන්දැගේ ගේ පැත්තටලු... ලොක්කා බය වෙලා, "මේකා ගිහින් ගේ දෙවනත් කලොත් මමත් ගෙදර වසලා හමාරයි, ඉක්මනට ගිහින් මේකව අල්ලගන්න මටත් පෙට්‍රල් කාලක් ගහපන් කොල්ලො" කියලා සෝට පාත් කලාලු.

      Delete
  15. මොනයම්ම විදිහකිං නමුත් දඹදිව තෛල සමාගමෙං ගෙනා කල්කටාවෙ මුඩුක්කු වතුර කලවං තෛල නෞකාව බාන්ට නොදී කඩුල්ල ආරස්සා කිරීම සංබන්ධයෙන් හිටපු කපිතාන් මොටෝ රණේට අපි පහේ කෑන් මෙගා බෝතල් උස්සා ආචාර කරනවා. තෙල් ගහන්න පෝලිමේ හිටිය වගේ නෙවෙයි ටැංකි හදන්න ගැරිජ් ගානෙ යන එක.

    නමුට් අර දඹදිව තෛල නෞකාව ආපහු නොයවා තියං ඉන්නෙ ඒකත් දුවන්නෙ පැස්ටෝල් වලින්ද කියන එක හිතන්න ඕන. ඔය තෙල් ඩිංග මොනයම්ම විදිහකිං නමුත් අහකටම යනකං ඇස් දිගෑරගෙන බලා ඉන්න ඕන. ඔය ටිකම ආපහු ගෙනිහිං වෙනිං නැවක පටෝල එවන්න බැරි නෑ. කොයියම්ම විදිහකිං නමුත් මේ රටේ එවුන් ඇස් කං දල්වා බලාහිටින හිංදත්, සකරගේ බුකිය තියෙන හංදත් මහජනයෑ ඇහැට වැලිගහල බාල තෙල බාගන්න බැරිවෙච්චි එකයි උනේ. නැත්තං ලීටරෙං සත විස්ස ගානෙ අරං ඕක බාන්නෙ. හෙහ් හෙහ් හෙහ්.

    කොහොම නමුත් කාලෙකට සිපැට්කෝ මිසක් දඹදිව තෛල සමාගමේ තෛලෙ ගහන්ට නාකයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...