Tuesday, December 5, 2017

550. The Story Of My Marriage - 53 - The Taste Of Her Strawberry Lip Gloss Lingered On My Lips……


ලිප් ග්ලොස් ආලේප කල යුවතියක් ඉහත ඡායාරූපයෙහි
දැක්වේ.ස්ට්‍රෝබෙරි, ඇප්‍රිකට්, දූරියන්, කටුවැල්බටු,
අසමෝදගම්, පෙරුංකායම්, පත්පාඩගම් වැනි බොහෝ
රසයන්ගෙන් යුත් ලිප් ග්ලොස් වර්ග
අද වෙළඳ පොලේ ඇත.

අද ලියන්නෙ පන්සිය පණස් වෙනි වියුණු සටහන නැත්තං සරලව කිව්වොත් බ්ලොග් පෝස්ට්ටෙක. පන්සිය පණහක් ලියන්ට අවුරුදු හතක් ගියා. සෙල්ලං නෑ. ඇවරේජ් බැලුවොත් අවුරුද්දකට දළ වශයෙන් පෝස්ට් 78.6714 වගෙ. ඒ වාක්‍යයෙ වැරැද්දක් තියනව ...හා මොකක්ද? 

බුදු හාමුදුරුවොත් පන්සිය පණහක් ආත්ම භාව වල ඉපදිල පෙරුම් පිරුවයි කියනවනෙ බුදු බව ලබන්ට. බුදු බව පතනා වෙසතුරු නිරිඳා තම සියළු ධනය දුගියට දෙමිනා...

වෙසතුරු නිරිඳා දුගියන්ට ධනය බෙදල දුන්නු එකනම් ඇත්ත. ඒත් ඒ ධනය එහෙම බෙදල දෙන්ට එව්වයෙ තනි අයිතිකාරය වෙස්සන්තර ගොයියද කියන එකනම් මට එදවස ඉඳලම තිබ්බ පස්නයක්. රජ්ජුරුවන්ට ඔහොම රන් රිදී මුතු මැණික් තියෙන්ට මොකෝ රජ්ජුරුවො කියන මනුස්සය ධනය හම්බ කරලය? නැද්ද? ඒ ඔක්කොම රටේ මහජනයගෙ සල්ලි. වෙස්සන්තර ලොක්ක තමංගෙ වගෙ බෙදල තියෙන්නෙ ඇත්තම කිව්වොත් තමංගෙ සල්ලි නෙවෙයි.....

හරි වැල්වටාරම් ඇති. බහිමු ප්‍රස්තුත කතා පුවතට. ඒ කිව්වෙ අර කිරිස් සහ අනන්නියාගෙ කතන්දරේට....

රයිට් ගහමු තරු වැට ඉස්සෙල්ලම (Okay, hit the star fence first….)

****************************************

මංජුගෙ පස්සෙං මම මංජුගෙ කාමරේට ගියා.මංජුගෙ ඇඳ උඩ ඉඳගෙන හිටියෙ අනන්‍යා…..අර එදා මම ඇයට විවාහ යෝජනාව කරපු දවසෙ ඇඳගෙන හිටිය නිල්පාට සාරිය වගේම සාරියකුත් ඇඳගෙන..ඒකමදත් මන්ද.... 

අර මතකනෙ නේද? ඇගේ රැකියා ඉන්ටර්වීව් එකෙ දවසෙ අර මම ඉන්ටවීව් බෝඩ් එක ඉස්සරහම දණ ගහල ඇගෙන් එහෙම ඇහුවෙ...."Ananaya Swaminathan, I Krish Malhothra loves you from all of my heart and would like to have you by my side all my life. So would you please marry me?" කියලනෙ මම ඇහුවෙ..ඇයි මතක නැද්ද අනේ?

"මොකෝ මෙතන කරන්නෙ? ඔයයිගෙ මනමාලය අන්න අරෙහෙ සාලෙ ඉන්නව සෝපාව උඩ පට්ටල වෙලා හරියට හම්ටි ඩම්ටි සැටොන වෝල් වගෙ. ඇයි ගිහිල්ල වනක්කම් වෙල්කම් ටු මයි හෝම් කියල කියන්නෙ නැද්ද?"

තරහ කොන්ටෝල් කරගන්ට කොච්චර මාන්සි ගත්තත් ඒ ටික මගෙ කටෙං පිටවුනෙ සබ් මැෂින් ගන් එකකින් උණ්ඩ පිටවෙනව වගෙ.

බිම බලාගෙන හිටපු අනන්‍යා ඔලුව උස්සල මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. ඒ ඇස්වල තියෙන්නෙ දුකක්ද වේදනාවක්ද නැත්නම් තරහවක්ද කියල ඈ ගැන ඔච්චර හොඳට දන්න මටත් හිතාගන්න බැරිවුනා. ඒ වෙනකොටත් මගෙ කේන්තිය අතුරුදන් වෙලා ඇයට ඒ විදිහට එකපාරටම කඩාගෙන පැනල දොස්කිව්ව එක ගැන තැවුලක් මගෙ හිතේ හෙමීට මෝදුවෙන්ට පටන්ගෙන තිබ්බ.

ඇය ඔලුව හරවල මල්ලි දිහා බැලුව. "මංජු ….මල්ලි ඔයා ටිකකට මෙතනින් යනවද?"

මේ වෙනකොටත් මංජු ආයම ප්‍රශ්නෝත්තර පොතකුත් අරගෙන මේසෙ ඉස්සරහ ඉඳගෙනත් ඉවරයි. "අයියෝ අක්කෙ..මට බෑ කොහෙවත් යන්න..මට ගණං දෙක තුනක් තියනව හදන්න"

"ඒ දෙක තුන පස්සෙ හදා ගන්න. දැන් මෙතනින් යන්න ප්ලීස්.."

"මම කොහේට යන්නද?" මංජු නහයෙන් අඬන්න ගත්ත. 

"අර සාලෙට ගිහිල්ල ඇවිල්ල ඉන්න කට්ටිය එක්ක මොනවහරි කතා කරන්න. නැත්නම් අම්ම කුස්සියෙ ඇති. එහෙට ගිහිල්ල අම්මට මොකක් හරි උදව්වක් කරන්න. ඒ මොකක් උනත් මට කමක් නෑ. දැනට මෙතනින් යන්නකො හොඳ ළමය වගෙ"

භෞතික විද්‍යා ප්‍රශ්නෝත්තර පොත කිහිලි ගහගෙන මංජු බැරි බැරි ගාතෙ නැඟිටල සාලෙට ගියා. ඒත් එහෙම ගියේ යන්ට ඉස්සෙල්ල අනන්‍යායි මායි දෙන්නම දිහා රවාගෙන වගෙ බලා ඉඳල ඊට පස්සෙ.

මංජු කාමරෙන් ගියාට පස්සෙ මම ඇඳේ වාඩිවෙලා ඉන්න අනන්‍යාට පිටුපාල ජනේලෙ ගාවට ගිහිල්ල එතනම එළියෙ තියන අඹ ගහ දිහාවෙ බලා ඉන්ට ගත්ත.

"I am sorry Krish …" අනන්‍යා හෙමිහිට කිව්ව.

ඒ වෙලාවෙ හැටියට ඈ නොකියුතුවම තිබ්බ වචනෙ ඒක....අයෑම් සොරි...කෙහෙල්මල...මේ වෙනකොට නිවිලම ගිහිල්ල තිබ්බ මගේ කේන්තිය ආයම එක පාරටම මතුවුනේ දිගු වේලාවක් තිස්සෙ දුම් ගගහ ඇතුලෙන් පත්තුවෙන කොළරොඩු ගොඩක් එකපාරටම බහ් ගාල ගිණි ගන්නව වගේ.

අන්න ඒක තමයි නියමම වචනෙ...බහ්....ඔන්න ඉතිං බහ් ගාල කොළ රොඩු ගොඩ ගිණිගත්තය කියමුකො. මම ඒ සැණෙමින් ආපහු ඈ දිහාට හැරුන. "අම්මප මට ඔය සොරි කියන වචනෙ හදපු එකා හම්බ වුනොත් එහෙම අර පේන අඹ ගහේ කකුල් දෙකෙං එල්ලල තියනව සති දෙකක් විතර වතුර උගුරක්වත් නොදී....." මම ජනේලෙං එලියෙ පේන අඹ ගහ දිහාට අත දික්කරල කිව්ව.

"හරිම ලේසියිනෙ ඕනම දෙයක් කරල සොරි කියන්න. හෙට ඔයා අර සඟාව බැඳල, අනිද්ද මට කියයි කිරිස් අයෑම් චොරි කියල..බම්බුව තමයි...සොරි..සොරි...හුහ් වෙන වැඩක් නෑ...සොරි කිව්වම ඔක්කොම හරි…"

අනන්‍යා ඒ පාර ඔලුව උස්සල බැලුව. ඒ පාරනම් ඇගේ ඇස් දිළිසෙන්ට පටන්ගෙන තිබ්බ. මම හිතන්නෙ අනිවාර්යයෙන්ම ඇයටත් කේන්ති ගිහිල්ල වෙන්න ඕන. 

"මේ ක්‍රිෂ්..නිකං මෙතන පිස්සෙක් වගෙ කෑගහන්ට ඕන නෑ. මම මේ වැඩේට කැමති වුනේම ශෝභා නැන්දගෙ කරදරෙං බේරෙන්ට. මට හැමදාම රටේ නැති බොරු කිය කිය මඟ ඇර ඇර ඉන්න බෑනෙ. ඒ හින්දයි මම කිව්වෙ ශෝභා නැන්දට එයාලට එහෙනං එන්න කියන්න කියල. ඒත් මම පැහැදිලිව කිව්ව මම කැමතිනම් විතරයි වැඩේ කෙරෙන්නෙ කියල. මෙයාල ඇවිල්ල ගියාට පස්සෙ මම කැමති නෑ කියනව. මම බෑ කියනව. එතකොට වැඩේ ඉවරයිනෙ...."

"ආ..ආ...එහෙමද ආස?.... ඔව්නෙ හැබෑටම...වැඩේ ඉවරවෙයි මේං කියල...ඔන්න බලන්නකො එහෙනං මම අද කිව්වය කියල ලියල හරි කමක් නෑ තියාගන්න...ඔයාට මේකෙං ගැලවෙන එක ලේසි වෙන්නෙ නෑ…"

"හරි හරි ඒක මගේ වැඩක්නෙ......මම ඒක බලාගන්නං…. ඔයා කරදර වෙන්න ඕන නෑ ඒ ගැන"

"හරි ඒ ඔක්කොම හරිය කියමුකො..ඒත් ඔයා ඇයි මට මෙහෙම දෙයක් ගැන නිකමටවත් කිව්වෙ නැත්තෙ?"

"කිව්වෙ නැත්තෙද? කිව්වෙ නැත්තෙ විශේෂයෙං කියන්ට තරං වැදගත්කමක් මේකෙ නැති හින්ද. අනික එහෙම බලනවනං ඔයත් අර ගියේ බූමිතෙල් කරත්ත තුන හතරක්ද කොහෙද තියන කෙල්ලෙක් බලන්ට... මොකක්ද මේ මට නම මතක නෑනෙ.."

"ඩොලී….."

"ආන්න හරි…. ඔය මතක තියෙන්නෙ යස අගේට. මම බොරුවට කිව්වෙ ඒ බූමිතෙල් කරත්තකාරිගෙ නම මතක නෑ කියල..ඔයාට මතකද කියල බලන්න" 

ඈ එහෙම කිව්වෙ ඇස් කොණකිං මා දිහා බලල. කේන්ති පිටම උනත් මට හිනහවකුත් නම්  ආව. ඒත් මම බොහොම අමාරුවෙං හිනාව ගිල ගත්ත.

"නම අමතක මොකද ආය?... හරි වැඩක්නෙ..අනික නිකම් මිනිස්සුන්ට අපහාස කරන්ට එපා හොඳද? ඩොලීට තියෙන්නෙ බූමිතෙල් කරත්ත නෙවෙයි පෙට්රල් ෂෙඩ්...දන්නවද පෙට්රල් ෂෙඩ්.."

"හරි හරි මට ඇති වැඩක් නෑ එයාගෙ කෙහෙම්මල් පෙට්රල් ෂෙඩ් එකෙං…"

"අනික් කාරණේ මම ඩොලීව බලන්ට ගියා තමයි. ඒත් ඒක කොහෙත්ම මනමාලියෙක් බලන්ට යන නිල ගමනක් නෙවෙයි. අම්මයි මායි ඔය නිකමට වගෙ පම්මි ආන්ටිලගෙ දිහා ගියේ…"

"ඉතිං ඒක තමයි මමත් මේ  කියන්නෙ. අද මේ කට්ටිය අපේ ගෙදර ආපු ගමනත් ඒ වගේම එකක් තමයි. අම්ම මට කිව්ව හරිෂ්ලගෙ කට්ටිය අද මේ නිකමට වගෙ එන්නෙ කියල"

"ඔව්..ඔව්..නිකමට තමයි...මම හිතන්නෙ අම්ම ඔයාගෙයි අර සඟාගෙයි කේන්දර බැලෙව්වෙත් නිකමට වෙන්න ඇති..මොකටද ඉතිං මම කියන්නෙ"

"ඒ කේන්දර බැලවිල්ල තනිකරම ශෝභා නැන්දගෙ වැඩක්...මට ඒකට දොස් කියන්න එහෙම ඔට්ටු නෑ ඔන්න...ආ..ඒක නෙවෙයි...මම මේ අහන්නමයි හිටියෙ..ඇයි හරිෂ්ට සඟා කියන්නෙ?"

"සඟා කියන්නෙ මේ උදේ පාන්දරත් සන්ග්ලාස් දාගෙන ඉන්න හින්ද...එහෙම සෝබන කාරයින්ට අපි කියන්නෙ සඟාල කියල තමයි…"

"ෂෝක් නම…. සඟා...හිහ්..හිහ්…" ඈ හිනාවුනා. මටත් ඉබේම හිනාගියා.

"අන්න එහෙම ඉන්නකො...මූණ බස්සෙක් වගෙ තියාගෙන ඉන්නකොට වස අජූවයි.." ඈ ඉඟිමරල කිව්ව.

"අනන්‍යා ……………" ඇගේ මෑණියන් කෑගහන හඬ කාමරය පුරා පැතිරුනා.

"මම යන්න ඕන…" ඈ ඉඳගෙන හිටපු ඇඳෙන් නැඟිට්ට.

"ඇයි ඔයා මේ තරං ලස්සන සාරියක් ඇන්දෙ අද?"

"අම්මයි මේක තේරුවෙ. මට මේක අඳින්ට බෑ කියන්ට හේතුවක් හිතාගන්ට බැරිවුනා...ඒකයි මේක ඇන්දෙ…ඇන්දෙ නෙවෙයි අඳින්ට සිද්ද වුනේ..."

"හරි හරි ඒකත් හරි තමයි එක අතකට…" මම කිව්ව.

"I love you Krish....And I know that you love me too....So don't act like a fool and  let time decide... Everything will be all right..I believe so and I know that...." ඇය එහෙම කියල දොර ගාවට ගියා. "මම යන්න ඕන දැං…"

"I love you too Ananya…So why not just get married?..You and me….Okay... what about today itself?"

"ඉවසන්න ක්‍රිෂ් ඉවසන්න...ප්ලීස්..." ඇය මගේ දෑස් වලට එබෙමින් පැවසුවා. "මේ මම දැන්නම් යන්නම ඕන..නැත්නම් තව ටිකකින් අප්පා එයි මාව හොයාගෙන මෙහාට..ඩූ යූ වෝන්ට් දැට්? අයි ඩෝන්ට් තින්ක් සෝ…."

ඈ පා ඇඟිලි තුඩු වලින් ඉස්සිල මගේ තොල් හෙමිහිට සිපගත්ත. ඇගේ තොල් ගැල්වුමේ (Lip gloss) ස්ට්රෝබෙරි රසය මගේ මුවට දැනුන.

37 comments:

  1. සාහ්... එලනෙ අයිශෙ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඉෂ්තූතියි අයිසෙ....:)

      Delete
  2. තරු වැටට කලින් ටික කියෙව්වා.. බුදුන්ට සාරසංක්‍ය කල්ප ලස්සයක් ඉතර ගියාද පන්සිය පනස් ජාතකේ ලියන්න. ඇත්තටම ජාතක තියෙන්නේ පන්සිය හතලිස් නමයයිද පනහයිද?

    ReplyDelete
    Replies
    1. 547 කොලුවෝ....

      Delete
    2. දේශක,

      තරු වැටෙන් එහා මල් පඳුරේ......

      Delete
  3. A kiss can be a comma, a question mark or an exclamation point. That’s basic spelling that every woman ought to know. ~Mistinguett (Jeanne Bourgeois)

    ReplyDelete
    Replies
    1. Pra,

      As always Pra the collector of obscure quotes...:)

      Delete
  4. මොන කෙහෙල්මලකට ඉස්ට්‍රෝබෙරි රස ඒව ගෑවද මන්ද. හරිනං ගාල ඉන්ට තිවුනෙ කටුවැල්බටු ප්ලේවර්ඩ් එක.

    550 වෙනි කඩඉමට සුබ පැතුම් !

    ReplyDelete
  5. දැං ඔහේ 320 යි 321 යි අතර ලියල තියෙන අමතර කතා තුන මේකට එකතු කරල නෑනෙ.

    අනික 550 හතෙන් බෙදුවම උත්තරේ 78.5814 ක් මිසක් 6814 ක් නෙමෙයි.
    අර තුනත් එක්කහු උනාම ඇවරිය 79 ක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔවුඔව් මේකා දශමයක් මාටිය ගහලා මෙතනිනුත්.
      ඕකා ඔය ප්‍රොජෙක්ට්ස් වල ගනන් හදනකොටත් ඔහොම දශම කනව(ලු).

      Delete
    2. ලු නෙමෙයි ඒක සහසුද්දෙන් ඇත්ත. තව කාලයක් හිටියොත් මේ මනුස්සය ඩුබායි රටත් බංකොලොත් කරල තමයි නවතින්නෙ.

      Delete
    3. ප්‍රසන්නයා,

      අන්න බං උඹටත් වැරදිච්චි තැනක්...හෙහ්,හෙහ්..ඒ කතන්දර තුන මම මේ මේ බ්ලොග් එකේම කලින් පළකරපු තුනක්. ඒ හින්දයි එව්වට අංක නොදැම්මෙ...අනික ඒ තුනෙන් දෙවෙනි එක ලිව්වෙ මම නෙවෙයි. සිත්තමී...

      මෙන්න ඒ කතා තුනේම ලින්ක් තියනව ....:)

      52. අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි........

      විශ්වය නිහඬ වූ ඉක්බිති......1

      53. විශ්වය නිහඬ වූ ඉක්බිති.....2

      පලි - ඒ මුල් කතා තුන පලවුනේ 2011 අවුරුද්දෙ...පෙසන්නය ඒ කාලෙ මම හිතන්නෙ මේ බ්ලොග් එක බලන්නෙ නෑ......හෙහ්,හෙහ්

      Delete
  6. ආපහු පොඩ්ඩක් පරණ ට්‍රැක් එකට වැටුන වගේ දැනුන.. අනන්‍යා ගෙයි ක්‍රිශ් ගෙයි කතාවට අනන්‍ය භාෂාවකුත් තිබ්බ මුල් කාලේ.. දැන් 'කිරිසා' හොඳටම නරක වෙලා.. මහා රස්තියාදු බාසාවකින් මයි කතාව ලියන්නේ.. ;)

    ReplyDelete
    Replies
    1. නැතුවයැ, ඌ දැන් ඩයලොග් ලියන්නෙ හාරකෝටියෙන් අරගෙන කොට.

      Delete
    2. කළ්‍යාණ,

      ඒ බාසාවෙන් ලියන්න තිබ්බ නම් හොඳයි බං..ඒත් ඒකට ටිකක් වෙලාව යනව..මේ දවස්වල බොහොත් බිෂී කී හේ ගුම් හේ...කර්ණාහේ කර්ණවාලා මර්ණාහේ මර්ණවාලා...

      ඕකේ..ඊලඟ කොටසවත් එහෙම ලියන්ට ට්‍රයි එකක් දෙමුකො බලන්ට...

      Delete
  7. අයියෙ මොනවද ඈපා ඇඟිලි තුඩු කියන්නෙ.
    මන්නන් දන්නෙ ඈපා ලිත විතරයි

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඈ පාලිත දන්නවද?...:)

      Delete
    2. ඈප.... කෝ???

      Delete
  8. //"ආ..ආ...එහෙමද ආස?// අහල අහල එපාවෙලා
    තව ටිකක් දිගටලියමුද?

    ReplyDelete
    Replies
    1. මද්දා,

      යස් ඒක ටිකක් ඕවර් වගෙ තමයි...:)

      Delete
    2. නරකද මේකට පටුන කියල වෙනමම පිටුවක් එල්ල කතා ටික වෙන වෙනම පිලිවලෙක් කලොත්?

      Delete
    3. ඔව් ඔව් ඒක හොඳයි. මාත් වත්ත වටේ ඇවිදලා කතා ටික කියෙව්වේ.

      Delete
    4. ඔව් මාත් ෙම් තාම අතරමං ෙවලා විං පතුල් ෙහායන්න ගිහින්.

      Delete
  9. දැන් දැන් කතාවේ රස වැඩිවී යනවා
    යන් නට හිතෙන්නෑ හිත මෙහි නවතිනවා
    දුන් ලිපි සියල්ලම බ්ලොගයේ හැඩ වෙනවා
    පන් සිය පනහ වෙත සුපැතුම් ගෙන එනවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      දුමියා කවිකාරයා,
      නාකි ඉළන්දාරියා ඕ..ඕ..ඕ..
      බංගලාවෙ බත්ම කාල...
      එන්න එන්න ලස්සනයි...

      බොට අපහාසාත්මකව කිව්ව එකක් එහෙම නෙවෙයි හොඳේ..අපි හීං එවුං සන්දියෙ කිව්ව කවියක් පොඩ්ඩක් වෙනස් කලා..

      සීයා මනමාලයා,
      නාකි ඉළන්දාරියා ඕ..ඕ..ඕ..
      බංගලාවෙ බත්ම කාල...
      එන්න එන්න ලස්සනයි..

      Thanks Dumee.......:)

      Delete
  10. පෝස්ට් එකක් පරක්කු වෙනකොට අපි දෙස් දෙවොල් තිබ්බට බලන් යනකොට ඔයා කොච්චර හොදද රවී මාමි..ඔයා හතට 550ක් ලියල. මටත් දැන් හතක් ඒත් පෝස්ට් 183 යි... බලන්න ඉතින් මම කොහෙද මාමි කොහෙද.. සුබ පැතුම් සුබ පැතුම් තව චිරාත් කාලයක් ලියන්න.

    ReplyDelete
  11. රවි අයියෙ එතකොට කස්තුරි රස තොල් ආලේපන නැතෙයි...

    ReplyDelete
  12. මං කල්පනා කොළේ, කිරිස්ගෙ තාත්ත ඇවිත් වෙඩිම සැටමෝල් කරනකොට මං නාකි වෙලා තියෙයිද, කිරිස් නාකිවෙලා තියෙයිද කියල...

    ReplyDelete
  13. ක්‍රිෂ් ට දුක හිතී තරහින් ඔරවනවා
    අනන්‍යා ඩොලී ගැන හෙම දොඩවනවා
    හිතේ තරහ හෙමිහිට වියැකී යනවා
    උණුසුම් හාදුවක් සමගින් හිනැහෙනවා

    ReplyDelete
  14. // ඒ ඔක්කොම රටේ මහජනයගෙ සල්ලි. වෙස්සන්තර ලොක්ක තමංගෙ වගෙ බෙදල තියෙන්නෙ ඇත්තම කිව්වොත් තමංගෙ සල්ලි නෙවෙයි.....// අම්මප කල්පනා කරලා බැලුවම ඇත්තනේ බන්
    ක්‍රිසා හොරෙන් පැනල යයිද අනන්‍ය එක්ක. ඕක තාත්තා දෑවැද්ද නැතුව දුව දෙන්න කරන සම්‍යක් ප්‍රයෝගයක්ද කොහෙද

    ReplyDelete
  15. උණුසුම් හාදුවකින් සියලු දුක් නිවිය හැකියි
    විචාරක දියණිය

    ReplyDelete
  16. නැවත අනන්‍යා සමග පැමිනෙන්න..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...