Friday, March 2, 2018

569. The Story Of My Marriage - 61 - "We Will Blow Up All Your Weddings And Funerals Too…………"

ඉතිං ඊළඟ දවස් තුනේම හවස ඔෆිස් ඇරුන ගමන්ම මම තකහනියක් දුවගෙන ආවෙ අනන්‍යාලගෙ ගෙදරට. ඔය කාල සීමාව ඇතුලත මගෙ මුලු ජීවිතේම වුනේ Next Year Business Plan - Bank of Baroda Egmore District Branch….

රෑට නිදාගන්ට ගියහමත් අර ටී.වී. එකේ චිත්‍රපටි එහෙම යනකොට යටිං යන්නෙ නිව්ස් බෙල්ට් එකක්. අන්න ඒකෙ දිගට ඇදීගෙන යන අකුරු පේළියකිං නිව්ස් යනව වගෙ මගේ ඇස් වල යටිං පේන්ට ගත්තෙ ඔය මාත්තුරුකාව...Next Year Business Plan - Bank of Baroda Egmore District Branch….

දවස් තුනෙන් වැඩේ ගොඩ දාගන්ට බැරිවෙයි කියල හිතුනම මම කලේ ඔෆිස් එකේදිත් හවසට හවසට වගෙ බාලට හොරෙන් අංකල්ස්ගෙ ප්‍රසන්ටේෂන් එකේ වැඩ කරපු එක.

"ක්‍රිෂ් මොනවද මේ ඔයා මේ දවස් ටිකේ බොහොම උනන්දුවෙන් කරන්නෙ?"

බාලව තම්බන එක ඒ හැටි ලේසි වුනේ නෑ. ප්‍රසන්ටේෂන් එකේ ප්‍රින්ට් අවුට්ස් වගයක් ගන්ට බාලගෙ කාමරේ ඉස්සරහ තියෙන ෆොටෝකොපි මෙෂින් එක ගාවට ගියාම බාලා තකහනියක් කාමරෙං එලියට ඇවිල්ල ඇහුවෙ මගෙ අතේ තිබ්බ ප්‍රින්ට් අවුට්ස් දිහාත් හොරැහින් බලන අතරෙ. බාල සක්සුදක්සේ දන්නව ඔෆිස් එකේ වැඩකට මම මේ හැටි ගැහෙන්නෙ නැති විත්තිය.

"මේ පොඩි රිසර්ච් එකක් …"

මම එහෙම කියාගෙනම A4 ෂීට්ස් ගොන්න බාලට පේන්නෙ නැතිවෙන්ට ඉස්සරහට කරගෙන අඩියට දෙකට එතනින් මාරුවුනා. 

ඇත්තටම මම මෙහෙම කිව්වම ඔහෙල විස්වාස කරන එකකුත් නෑ. අනික මමත් ඔය අද්බූත දේවල් කීයටවත් විස්වාස කරන මනුස්සයෙකුත් නෙවෙයි. එහෙත් මා මේ පවසනුයේ පරම සත්‍යයකි මා හිතවත හිතවතිය. දුරකථනය නාද වන අයුරින් ඒ අමතන්නේ අනන්‍යා බව මට එක පැහැර පැවසිය හැක.

"ආ...ඉතිං කොහොමද මගෙ සදාදරණීය ප්‍රේමවන්තයා…" මම රිසීවරය එසවූ සැණින් ඇය සිනාසෙමින් විමසුවාය.

"මේ මැඩම් ඔයා දන්නවද බැරෝඩා බැංකුවට මේ වැඩිකාලෙකට නෙවෙයි අවුරුදු හතරකට ඉස්සෙල්ල ඒටීඑම් එකක්වත් තිබ්බෙ නෑ. ඒ වුනාට මේ වෙනකොට එග්මෝර් අහල පහල විතරක් ඒටීඑම් දොළහක් තියනව."

මම එහෙම කිව්වෙ රිසීවර් එක දකුණු කණටයි උරහිසටයි හිර කරගෙන.

(මොන උරහිසටද කියල ඇහුව?...දකුණු කණටයි කිව්වම ආය දකුණු උරහිසටයි කියල අමුතුවෙන් කියන්න ඕනද? මොකෝ ආය දකුණු කණටයි වම් උරහිසටයි රීසීවරේ හිර කරගන්ට පුළුවනිය? හැබැයි එහෙම පුලුවන් මිනිස්සුත් ඇති සමහරවිට. මේ පල්ලෙහා පිංතූරෙ ඉන්නෙ එහෙම එක්කෙනෙක්. එයාලට කියන්නෙ Contortionistල කියල. මධුර නම් කිව්වෙ ඒකට සිංහලෙන් කියන්නෙ ඇඟ දඟර ගසන්නා කියල. ශරීර දඟර ශිල්පී කියලත් කිව්වැහැකි.)



Contortionist කෙනෙක් හෙවත් ශරීර දඟර ශිල්පියෙක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

"මොකක්?..." ඇය ඇසුවාය. 

"තව අවුරුදු දෙකක් යනකොට ඒටීඑම් තිහක් හයි කරන්ටයි බැරෝඩා බැංකුවෙ ඉහළ කළමණාකාරිත්වයෙ ප්ලෑන් එක.."

"මොනවද මනුස්සයො මේ කියවන විකාර? අර පිටිපස්සෙ තියන බාර් එකටවත් රිංගුවද තමා දවල් කෑම පැයේ?"

අපගේ බැංකු ව පිහිටා ඇති මහල් ගොඩනැඟිල්ල පසුපසින් ඒ හා සමාන්තරව දිවෙන්නේ නිතර දෙවේලේ ජනයාගෙන් සහ ත්‍රිරෝද රථයන්ගෙන් පිරී ඉතිරීගිය කුඩා පටු මාවතකි.  එහි අපේ ගොඩනැඟිල්ලට හරියටම විරුද්ධ පස තැනින් තැන සිමෙන්ති බදාම ගැලවුනු පඩි හත අටකින් ගොඩ විය හැකි මත්පැන්හලක් ඇත. නිතරම අවම වශයෙන් දහ පහළොස් දෙනෙක් හෝ මේ පඩි මත ඇණබාගත්වනම මත්පැන් පානයේ යෙදෙති. බොහෝවිට ඔවුහු කුඩා බෝතලයක මූඩිය විවර කොට ඒ කෙලින්ම කටට හලාගන්නෝය. ඉඳහිට කිහිප දෙනෙක් කුඩා වීදුරු භාවිතා කරන්නෝය. දිවා ආහාර විවේකයේදී අපගේ කාර්යාලයෙහි දෙවන මහළට ගොස් එහි සඳළුතලය වටා සවිකොට ඇති යකඩ ගරාදි වැටට බරදී මේ මිනිසුන් මත්පැන් පානය කරනු නැරඹීමට මම බෙහෙවින් රුචි කලෙමි. මගේ මේ පුරුද්ද පිළිබඳව මම දිනක් අනන්‍යා හා සමඟද පැවසූයෙමි.

කථාවෙන් මදක් බැහැරව මගේ පෞද්ගලික අත්දැකීමක් පිළිබඳව පැවසීමට මද ඉසුඹුවක් පතමි. 

ඒ 2006 වර්ෂයේ නොවැම්බර් මාසයයි. භාර්යා තොමෝද සමඟ මම ඉන්දියාවේ චාරිකාවක යෙදුනෙමි. අපගේ චාරිකාවේ නිමිත්ත වූයේ බැංගලෝරයෙහි පැවැත්වෙන ආසියාතික ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලට සහභාගී වීමය. අප සමඟ මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමයේ සාමාජික/සාමාජිකාවන් විස්සකට අධික සංඛ්‍යාවක් චාරිකාවට සහභාගී වූවෝය. චෙන්නයි දක්වා අඩුවියදම් ගුවන් සේවයක් (Budget Airline) වූ එයාර් සහරා ගුවන් යානයකින් ගමන් කල අපි එහි සිට බැංගලෝර් දක්වා ගමන් කලේ කලින්ම වෙන්කොටගත් බස් රථයකිනි.

ආපසු එන ගමනේදී චෙන්නයිහි දින දෙකක් නතර වූයේ කාන්තා පක්ෂයට සාප්පු සවාරියෙහි යෙදීම උදෙසාය.අප නවාතැන් ගත් කුඩා හෝටලයේ සිට මීටර තුන්සියයක පමණ මානයේ මම ඉහත පැවසූ ආකාරයේම මත්පැන් හලක් විය.

එක්දිනක බිම්කළුවර වැටීගෙන එද්දී (බිරින්දෑ තොමෝ සාප්පු සවාරියෙහි යෙදීම උදෙසා තම යෙහෙළියන් සමඟ ටී නගර් වෙත පිටත් වූයේ ඒ වනවිටත් ආපසු අප නවාතැන්ගත් හෝටලය වෙත පැමිණ නොසිටියාය.) එම චාරිකාවේදී හඳුනාගත් යහළුවන් දෙදෙනෙකුද සමඟ මම ඒ මත්පැන්හල වෙත ගොස් ඕල්ඩ් මන්ක් රම් බෝතලයක් මිලදී ගත්තෙමි. ඉනික්බිති ඕල්ඩ් මන්ක් බෝතලය දෙකක් වී දෙක දෙකහමාරක්වී එතනම උණු උණුවේ බැදෙන වඩේ කමින් මත්පැන් හලට පිවිසෙන පඩිපෙළෙහි හිඳගෙන අපි චෙන්නයි වැස්සන් හා සමඟ බොහෝ ආගිය තොරතුරු කතාකළෙමු. රාවණ රාජෝත්තමයාණන් කෙරෙහි ඔවුන් තුල ඇති මහත් ගෞරවය අපතිදෙනාට මහත්වූ භාග්‍යයක්ම විය.

එදින ඒ මධු සාදය පිළිබඳව මෙන්ම එම ඉන්දීය චාරිකාව පිළිබඳවද සංචාරක සටහන් ලිපි කීපයක් ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙමි.

"විකාරද අනේ? එහෙම බාර් ගානෙ රිංගන්ට පුලුවන්ද ඔෆිස් එකේ වැඩ කරන අස්සෙ?"

"එහෙනං?"

"මම මේ ඔයාගෙ තාත්තගෙ ප්‍රසන්ටේෂන් එක හදනව"

"ඔෆිස් එකේ ඉඳගෙන?..."

"එහෙනං ආය?"

"අනේ තෑන්ක්යූ සෝ මච් ක්‍රිෂ්, I know that you will do anything for me….. "

"ඔව්..ඔව්...ඔව්. Anything for me තමයි...දන්නවද මම මේ ඔයාලගෙ තාත්තගෙ වැඩ කලාට මට පඩි ගෙවන්නෙ සිටි බැංකුවෙන්. මම මේ කරන්නෙ බරපතල විෂමාචාර ක්‍රියාවක්. ඇත්තටම බැලුවොත් බැංකුවෙ ලොක්කන්ට පුලුවන් මාව හිරේ දාන්ට මේ වැරැද්දට…"

"අන්න නියමයි! මගේ සදාදරණීය ප්‍රේමවන්තයා මා වෙනුවෙන් බන්ධනාගාර ගතවෙයි. What more could a girl ask for? That Krish I think is the epitome of genuine love…Don't you think so? "

"මොකක්? තමන්ගෙ ප්‍රේමවන්තිය වෙනුවෙන් හිරේ යන එක තමයි උත්තරීතර ආදරයේ සංකේතය? මොන විකාර කතාවක්ද ඒ?"

"Ayiyoo…you are hopeless Krish….No romance in you at all."

"හිරේ යන එකේ මොකක්ද තියන රෝමෑන්ස් එක?"

"හරි හරි එව්වයින් වැඩක් නෑ. මම අද මංජුට කතා කලා. මංජු මට කිව්ව ඔයා ඊයෙ රෑ එකොළහ වගෙ වෙනකල් තාත්තගෙ වැඩේ කරල ඊට පස්සෙ ආයම අද උදේම ආවයි කියල මංජුට පාඩම් කියල දෙන්න. අනේ තෑන්ක්ස් සෝ මච් ක්‍රිෂ්. ඔයා හරිම හොඳ කොල්ලෙක්. පරිස්සම් වෙන්න හැබැයි හොඳේ..ඔච්චර මහන්සි වෙලා ඔයාට ආය අසනීපයක්වත් හැදෙයි.."

"නෑ නෑ බයවෙන්න එපා. මට ප්‍රශ්ණයක් නෑ. වෙලාවට මේ දවස්වල ඔෆිස් එකේ ඒ හැටි වැඩක් නෑ.. ඒ හින්ද මම ඔෆිස් එකේදි තමයි පොඩ්ඩක් රිලැක්ස් වෙන්නෙ…"

"හරි හරි මම කිව්වෙ පරිස්සම් වෙන්න කියල.."

"කොහොමත් අද මම ප්‍රසන්ටේෂන් එක ඉවර කරනව.."

"අනේ තෑන්ක්ස්..මේ..ඒක නෙවෙයි කොහොමද අපෙ තාත්ත මොකද කියන්නෙ? ඔයාව හිතට අල්ලලද?"

"ඔයාලගෙ තාත්ත එහෙම ලේසියෙන් අල්ලන්ට පුලුවන් මනුස්සයෙක් නෙවෙයි අනන්‍යා...හරිම ගල් කාස්ටකයෙක්.."

"මොකක්ද කිව්වෙ? තාත්ත මොකෙක්ය කිව්ව?"

"හරි හරි ඒක අල්ලල දන්නකො..මම මේ කියන හැදුවෙ මනුස්සය ටැකල් කරන එක ලේසි නෑ කියල. මම ආය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..තාත්ත ගැන ආය දුවට කියල දෙන්ට ඕනය?"

"හ්ම්ම්ම්...එයාගෙ හැටි එහෙම තමයි…But I know Krish, you can do it …"

"කොහොම හරි දවස් ගාණක් මෙච්චර දිව විකාගෙන වැඩ කරල   ඔන්න ඊයෙ තමයි මම මිස්ටර් ස්වාමිනාදන්ගෙ මූණෙ හිනාවක් දැක්කෙ…."

"හප්පේ ලොකු දෙයක් තාත්ත ඇත්තටම ඔයා එක්ක හිනා වුනාද ක්‍රිෂ්?..... So So tell me all about it…...හිනා වෙලා එයා මොකද ඉතිං කිව්වෙ? "

"එහෙමට මොකවත් කිව්වෙ නම් නෑ... තත්පර තුනක වගෙ වෙලාවක් කට කොණකිං හිනාවීගෙන මගෙ දිහා බලාගෙන හිටිය."

"කොහොමද ඕක උනේ? I really want to know..."

"ඊයෙ රෑට කද්දි මට තනිකර අමු මිරිස් කරලක්ම හැපුන. ආය මොනවද මගෙ කන් දෙකෙං දුම් එක්ක ගින්දර විසිවුනා. මම එහෙම්මම පුටුවත් පෙරලගෙන කුස්සියට දුවල වතුර වීදුරු දෙකක්ම බීල ආපහු මේසෙට එනකොට මෙන්න මේ මනුස්සය කට කොණකිං හිනැහීගෙන මාදිහා බලාගෙන ඉන්නව."

"හිහ්..හිහ්..ඔයා අමු මිරිස් කාල හරි කමක් නෑ තාත්ත හිනාවුනානෙ. ඒ ඇති. දන්නවද එයා අඩුගානෙ එයාගෙම වෙඩිං ෆොටෝවලවත් හිනා වෙන්නෙ නෑ. බුම්ම ගත්තු ගමන්මයි ඉන්නෙ."

"ඒක ආය අහන්ටත් දෙයක්ය. ඒ පොටෝවල එයා ලඟින් ඉන්ට ඇත්තෙ ඔයාලගෙ අම්මනෙ. ඉතිං කොහොමද ඒ මනුස්සය හිත සන්තෝසෙං හිනාවෙන්නෙ?"

"කට කට..මගෙ අම්මට අපහාස කරන්නෙ නෑ හරිද?"

අපේ කාර්යාල කාර්ය සහායක නැත්තං පියන් මේ වෙලාවෙ කාමරේට ඔලුව දැම්ම. මම රිසීවරේ කණ ගාවින් ටිකක් ඈත් කරල ඇයි කියල අභිනයෙන් පියන්ගෙන ඇහුව.

"බාලක්‍රිෂ්ණන් මහත්තය කිව්ව එයා දැං සෑහෙන වෙලාවක ඉඳල මහත්තයට කතා කරන්න හදනව ඒත් ටෙලිෆෝන් එක එන්ගේජ් කියල."

"මහත්තයට කියන්න මම අලුත් ක්ලයන්ට් කෙනෙක් එක්ක ඉතා වැදගත් සාකච්ඡාවක්ය කියල. ආ..කියන්න මම මේ එයාව අපේ කොන්සට් එකට ගෙන්න ගන්න හදනව කියල."

පියන් හා හොඳයි කියල ඔලුව වනල යන්ට ගියා.

"කොන්සර්ට් එකක්? …..මොකද්ද ක්‍රිෂ් ඒ කොන්සර්ට් කතාව?" අනන්‍යා ඇහුව.

"මේ අපේ බැංකුවෙන් ක්ලයන්ට්ල වෙනුවෙන් කරන්න යන මියුසිකල් ඉවෙන්ට් එකක්."

"හප්පා..මියුසිකල් එවෙන්ට් එකක් ආ? හොඳයි හොඳයි දැං කොහෙද ඕක තියන්න යන්නෙ? "

"ෆිෂර්මන්ස් කෝව්…. දන්නව නේද? අන්න එහෙ"

"ෂහ් නියම තැනක්නෙ..මේ…. මාත් එන්නද?"

"අපොයි නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..හැබැයි ඔයා ඊට කලින් අපේ බැංකුවෙ එකවුන්ට් එකක් ඕපන් කරල රුපියල් ලක්ෂ දහයක්වත් තැන්පත් කරන්න ඕන.."

"ආ... ඒක ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.. මගෙ හස්බන්ඩ් මම වෙනුවෙන් ලක්ෂ දහය ඩිපොසිට් කරයි…" අනන්‍යා එහෙම කියල හයියෙන් හිනාවුනා. 

"හ්ම්ම්ම්..එහෙමනම් මට කරන්න තියෙන්නෙ අපේ බැංකුවෙන්ම සල්ලි හොරකම් කරල බැංකුවෙම ආපහු තැන්පත් කරන එක. සමහරවිට එහෙම කලාට ඒක වරදක් වෙන එකකුත් නැ. පොඩ්ඩක් හොයල බලන්ට ඕන ඒ ගැන...හිහ්..හිහ්…"

"මේ ළමයා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...කාලය පිළිබඳ නම් ගැටළුවක් තියනව... මට කියන්න මේ වෙලාවෙ මොකද මම කරන්න ඕන? තාත්තගෙ ප්‍රසන්ටේෂන් වැඩේ ඉවරයක් කරල දවස් පහකට පස්සෙ ඒ මනුස්සයගෙ නම්බුව ආරක්සා කරල දෙනවද? නැත්නම් දූත් එක්ක වල්පල් දොඩව දොඩව ඉන්නවද?"

"තාත්තගෙ වැඩේ....තාත්තගෙ වැඩේ..ඒක කරන්න ඒක කරන්න..පල්හෑලි අපට පස්සෙ දොඩව දොඩව ඉන්න බැරිය..ආ...මම තව දවස් තුනකින් ආපහු එනව.."

"ෂහ්..කොච්චර හොඳද? මේ ඒක නෙවෙයි කොහොමද තන්ජෝර් පැත්තෙ තොරතුරු...?"

"You can say it in three T's. Temples, Tamilians and a Temperamental Mother…" Ananaya sighed.

"That's nice..heh,heh..."

"ආ..ඒක නෙවෙයි මොකෝ තන්ජෝර් ගැන විස්තර අහන්නෙ? එන්නද හදන්නෙ?"

"ඊලඟ පාර බලමුකො....ඒක නෙවෙයි මොකෝ අම්මගෙ අප්සෙට් එක? මොකක්ද කේස් එක?"

"ආය වෙන කවුද? මම තමයි එයාගෙ අප්සෙට් මූඩ් වලට එකම සහ පරම හේතුව…"

"නෑහ්? මේ පාර මොකෝ සීන් එක?"

"අම්ම කියන්නෙනම් මම එයාව ගණං ගන්නෙ නෑ කියල. එයාව හෝටලේ දාල මම උදේ ගියහම හවසලු එන්නෙ. හැබැයි ඒ කතාව නම් ඇත්ත. මට එක මොහොතක් විවේකයක් නෑ අම්ම වෙනුවෙන් ගතකරන්ට තියා හුස්මක් කටක් ගන්ටවත්. තන්ජෝර් දිස්ත්‍රික්කෙ පුරහම එක ඉවරවෙන කොට එකක් ප්‍රෝග්‍රස් මීටිංස්. එව්වට ගියාම දවසම ඉවරයි.."

"පව්….."

"කවුද?"

"අම්මයි ඔයයි දෙන්නම…"

"හ්ම්ම්ම්...ඒත් අම්මට මා එක්ක මල පැනල ඉන්නෙ ඔය හින්දම නෙවෙයි. එහෙම තමයි එයා කියන්නෙ. ඒත් ඇත්තම හේතුව මම හරිෂ්ට බෑ කිව එක. අම්ම හිතාගෙන ඉන්නෙ මම නොබෙල් තෑග්ගට පයිං ගැහුවයි කියල…"

"හෙහ්..හෙහ්..ඔයත් කියන කතා.."

"නෑ..ක්‍රිෂ් මම මේ ඇත්තමයි කියන්නෙ...ඉතිං ඔය හරිෂ්ට බෑ කීම තමයි ඩිනරෙකට කලින් ගන්න ඇපිටයිසර් එක. මේන් කෝස් එක තමයි ඒ ගොල්ලො මගේ කැමැත්තට ඉඩ දීල ඉහලට ඉගෙන ගන්න දුන්නම මම ඒකෙං අයුතු ප්‍රයෝජන ගන්නවයි කියල අම්ම හැමදාමත් කියන අඳෝනාව...අතුරුපස වෙනකොට අම්මට කියන්න දේවල් නෑ. ඉතිං සාමාන්‍යයෙන් අතුරුපසට තියෙන්නෙ එයා ඉකි ගගහ අඬන එක."

"හපොයි…"

"ඒකනෙ කියන්නෙ...ලබන සතියෙ විතර මට ආයෙමත් පොන්ඩිචෙරි පැත්තෙ යන්ට වෙයි. මේ පාරනම් මම අම්මව එක්ක යන්නෙ නෑ කිව්වොත් නෑම තමයි…"

"කොහෙද ඔයාට යන්න වෙනවයි කිව්වෙ? පොන්ඩිචෙරී? "

"ඔව්..එක දවසයි ක්‍රිෂ්...පාන්දර ගිහිල්ල රෑ වෙනකොට ආපිට එනව.."

"අඩේ..පොන්ඩිචෙරී යන පාරෙ නේද අර ෆිෂර්මන්ස් කෝව් රෙසෝට් එක තියෙන්නෙ? "

"ඔව්….. ඇයි?"

"අන්න නියමයි. අපි ඕගයිසිං කමිටි එක කතාවුනා කලින් ගිහිල්ල තැන කොහොමද කියල බලල ඉමුය කියල. මම මෙහෙම කරන්නම්. මම වැඩේ බාරගන්නං...ඒ කරල අපි දෙන්න යමු.."

"ඒ වැඩේ නම් නියමයි…"

බාලගෙ පියන් ඔන්න ආයෙමත් කාමරේට ඔළුව දැම්ම…

"ඔව්...ඇයි?..." 

අනන්‍යාට පොඩ්ඩක් ඉන්න කියල මම රිසීවරේ කණෙං පොඩ්ඩක් ඈතට කරල අල්ලගෙන පියන් ගෙන් ඇහුව.

"සර් අහන්න කිව්ව මොන ක්ලයන්ට් එක්කද කතා කරන්නෙ කියල…."

මම එහෙමම පුටුව කරකවල ජනේලෙන් එළිය බැලුව. ජනේලෙන් පිටත මහ පාර දිගේ දැන්වීම් බිල් බෝඩ්ස් තුන හතරක්ම තිබ්බ. ටිකක් ඈතට වෙන්ට තිබ්බ රතිඤ්ඤ, මල්වෙඩි අහස් කූරු සහ බඹර චක්‍ර හදන කොම්පැණියක බිල් බෝඩ් එකක්...

Sivakasi Fireworks…Since 1930...We will blow up your wedding or funeral....

"මොකක්? බ්ලෝ අප් යුවර් වෙඩිං ඕ ෆියුනරල්?...වට් ද හෙල් is that?…"

"මහත්තයට කියන්න සිවකාසි මල්වෙඩි නිෂ්පාදකයෝ එක්කල කතා කරන්නෙ කියල…" මම ආපහු පියන් දිහාට හැරිල එහෙම කිව්ව..

"හොඳයි සර්…" පියන් ඔළුව නවල කිව්ව..

"බායි ක්‍රිෂ්...මම කතා කරපු එක ඔයාට කරදරයක් වගෙ නේද? ඔයා බිසී වගෙ පේන්නෙ..බාධා කලානම් සමාවෙන්න…"

"බිසී නම් තමයි.. ඒත් හදවතට කිට්ටුවෙන් ඉන්න කෙනෙක් බාධා කරන එකෙත් තියනව අමුතු ගැම්මක්..කොටිම්ම කිව්වොත් ඒක වෙනමම ආතල් එකක්…" 

"Thanks and I love you …"

"Love you too" මම එහෙම කියල රිසීවරේ තිබ්බ.

රිසීවරේ තියල මම ඔලුව උස්සල බලනකොට මෙන්න පියන් කාරයා තාම මෙතන. මම අන්තිමට කිව්ව එක ඇහිලද කොහෙද මිනිහගෙ ඇස් දෙක දොට්ට පනින්ට වගෙ…

"මොකද මනුස්සයො තාම මෙතන කරන්නෙ?" මම පුටුවෙන් නැඟිට්ට.

"සොරි සර් මම යනව මම යනව." .පියන් දොරෙත් හැප්පීගෙන එළියට දිව්ව.

29 comments:

  1. //එදින ඒ මධු සාදය පිළිබඳව මෙන්ම එම ඉන්දීය චාරිකාව පිළිබඳවද සංචාරක සටහන් ලිපි කීපයක් ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙමි.//

    මරුනේ.. :)

    කාලෙකින් අන්න්යා මතක් වුනාට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. රවී වීරසිංහ මහතානෙනි, මේ අවස්ථාවේ රටේ ජනතාව තප් පුල පුලා බලා සිටින්නේ මෙරට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය කවුරුන් හට ලැබිය යුතුද යන්න පිළිබඳව ඔබගේ මතය දැනගැනීමටයි. එමෙන්ම තඹූත්තේගම ජනයාගේ වැවේ ජලය සුට්ටං කුප්පියේ පටං මහ විසාල කලගෙඩි තරම් වන බෝතල්වලට දමා රට පැටවීමේ කුමංතනය පිටිපස ඇත්තේ කාගේ බළල් අතක් ද යන්න ඔබතුමා නිරාවරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔබ වැනි අතින් කළ (කෘතහස්ත) ලේඛකයෙකුගේ සමාජ වගකීම ඉටු කළ මැන. IS2tea.

    ReplyDelete
    Replies
    1. මං බොට කිවුවයි කියල හිතාගනිං. හැක්..

      අනිවාර්යෙන් ඔතන ඇත්තෙ ටිකිරි සඳමාලිගෙ හරි තල් සූකිරි පැණියගෙ හරි බළල් අතක් තමයි. හැක්..x2

      Delete
    2. Suranga,

      / ඔබ වැනි අතින් කළ (කෘතහස්ත) ලේඛකයෙකුගේ..../

      කෑගහන්ට එපා බොල පසික්කාට්ටුවො...මෙහෙ ඉද්දි ඉතිං කෘතහස්ත තමයි..වට් ටු ඩූ..:(

      Delete
    3. ප්‍රසන්න,

      මට හිතෙන්නෙ සඳමාලිගෙ වෙන්න ඕන..

      Delete
    4. කෘතහස්ත ලේඛකයා එද්දී ඔටුවෝ දුවනවාලු දැන් !

      Delete
    5. Ano,

      Not camels my dear..Deers Deers...:)

      "Name?"

      "Abdul Aziz."

      "Sex?"

      "Three to five times a day."

      "No, no... I mean male or female?"

      "Yes, male, female, sometimes camel."

      "Holy cow!"

      "Yes, cow, sheep, animals in general."

      "But isn't that hostile?"

      "Horse style, doggy style, any style!"

      "Oh dear!"

      "No, no! Deer run too fast..."

      Delete
  3. ඔච්චර පුක™ ඉරාගෙන දඟලන්න ඕනැයි අර Sivakasi Fireworks එකට වැඩේ බාර දුන්නනං උඹල දෙන්නගෙ වෙඩිං එකයි මාමණ්ඩිගෙ ෆියුනරල් එකයි ගානට බ්ලෝ අප් කරල දෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමවත් කරන්ට වෙයි වගෙ තමයි...වෙඩිං ෆියුනරල් එකටම කරනකොට උං ඩිස්කවුන්ට් එකකුත් දෙනවද කොහෙද...

      Delete
  4. ඔල්ඩ් මන්ක් පටන් ගත්තෙත් රාවණාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      වෙන්නත් ඇති..ඕක ගැහුවම මාර නිදිමතක් එනව...හිටගෙනම නින්ද යන්නෙ..

      රාවණගෙ ලොකු මල්ලි මාස හයක් එක දිගට නිදියනව කියලනෙ කියන්නෙ..නම කුම්භකර්ණ..මම හිතන්නෙ ඒ යකා ඔය ඕල්ඩ් මන්ක් ගහල තමයි නිදාගන්නව ඇත්තෙ.

      රාමත් එක්ක යුද්දෙට යවන්ට කුම්බකර්නයා නැඟිට්ටෙව්වෙයි කියන්නෙ බෙර පන්සීයයි දවුල් පන්සීයයි තම්මැට්ටම් පන්සීයයි ගහල. ඒ පාර නැඟිටල එලුවො පන්සීයයි කුකුලො පන්සීයයි හරක් පන්සීයයි කාල රා කල පන්සීයක් බීල එහෙම තමයි යුද්දෙට ගිහිල්ල තියෙන්නෙ..

      මම රාමායණය කියෙව්වෙ ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ පරිවර්තනය..

      "වාල්මීකි රාමායණය අසංක්ෂිප්ත පරිවර්ත්නය - ඩබ්ල්යු. ඒ. සිල්වා විසිනි."

      Delete
  5. ඇති යංතං ලියල

    ReplyDelete
    Replies
    1. මද්දා,

      ලිව්ව ලිව්ව..බොලාගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන ලිව්ව..:)

      Delete
    2. යකූ මේ මිනිහා...

      Delete
  6. දේශපාලනේ ලිය ලිය ඉඳල එක පාරට රවී තුමා මේක ලියන්න ගත්තු නිසාද කොහෙද, අපූරුවට අවුව පායාගෙන ආපු එක ආපහු හිම වැටෙන්න පටන් ගත්ත කොහෙවත් හිටපු Beast from the East කෙනෙක් නිසා.

    ඔහොමම ලියමු. අපේ බුකියෙයි, පාර්ලිමේන්තුවෙයි වෙන දේවල් ගැන ලිය ලියා හිටියොත් වෙන කිසියම්ම දෙයක් ලියන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      යස්..මම දැක්ක අජිතකේසකම්බලත් එෆ්බී එකේ දාල තිබ්බ මේ දවස්වල මයිනස් 4 කියල ලන්ඩන්වල.

      හොඳට පොරෝගෙන එහෙම නිදාගං ඇහුනය?...කොහොමත් උඹල වගෙ කෘස කෙල්ලන්ට හීතල දැනෙනව වැඩියි ...හෙහ්,හෙහ්

      Delete
    2. මානවිකා කොහේ ඉන්නවද කියා මේ කල්පනා කොලේ . අද යන්තන් හොඳයි. ඒත් මේ හර්ට්ෆොර්ඩ් පැත්තේ අර කළු අයිස් ගොඩේ ඩ්‍රයිවින් කරන් යද්දී ආවේ නැත්ද මහා බ්ලොග්කරුවෙක් ගෙන් කෝල් එකක්

      Delete
    3. අජිත් තුමා,

      මම ඉන්නේ Coventry :)

      Delete
    4. වැඩි දුරක් නැහැනේ. ඔය රග්බි පැත්තේ මගේ යාළුවෙක් ඉන්නවා දෙනිපිටිය කියල. මම ඒ පැත්තේ හෙම එනවා ඉඳල හිටලා. කවෙන්ට්‍රි පැත්තේ බොස්වර්ත් වල ලස්සන වැවක් තියනවා ඒ පැත්තේ ඇවිදින්න යන්න

      Delete
  7. අදනං පෝස්ට් එක අකුරක් අකුරක් ගානේ ආසාවෙන් කියවන්න පුලුවං.. තැන්කියු වේවා! ඒක නෙවෙයි ඇත්තම කියපල්ලා ඕවා බඩවල් ද රා කල ද ඕල්ඩ් මන්ක් දෙක හමාරක් බොන්න තුං දෙනෙක් එක්ක? බුදාම්මෝ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      අපි ගත්තෙ මචං පොඩි පැතලි බෝතල්. 750ml නෙවෙයි ඩෙෆිනීට්ලි. එක්කො 500ml හෝ 375ml.

      අර මාත් එක්ක ගිය යාලුවො දෙන්න ක්‍රීඩකයො හින්ද මත්පැන් පානය කරන්න අදිමදි කලා. බලෙම්ම වගෙ ෂොට් දෙකතුනක් පෙව්ව.

      ආ තව එකක් එතනදි සෙට් වුන පොරවල් දෙකකටත් දෙන්න වුනා. අනික මමත් වැඩිය ගැහැව්වෙ නෑ. නොදන්න රටවල්...බාසාවත් හරියකට බෑ.. ඒ හින්ද ඔලුව කෙලින් තියාගන්න ගානට ගැහුවෙ...

      Delete
    2. ඒකම්මිසක්... යකඩෝ අර කළ ගෙඩි වගේ ලිටරේ බෝතල් නෙව අපි බොන්න ගන්නේ.. තුන් දෙනෙක් එක්ක පැය තුනක් වත් බොන්නොනේ ඒ කාලේ ඒවායින් එකක් හිස් කරන්න.. :)))

      Delete
    3. අද බිරින්දෑ ගෙනත් දුන්න ස්පෙසයිඩ් සිංගල් මෝල්ට් එකක්. ෂොට් එකක් දාගෙනම අනන්‍යා ගැන කියවන්න ආවේ. ඒක නෙමේ මේ රවින්ද්‍රනාත් මම මේ අද බැලුව ඔහේ එල්ල ගෙන ඉන්න බ්ලොග් සෙට් එක. කෝ මූදු අස්සයෝ මගේ බ්ලොගේ.

      Delete
    4. අජිත්,

      /ඒක නෙමේ මේ රවින්ද්‍රනාත් මම මේ අද බැලුව ඔහේ එල්ල ගෙන ඉන්න බ්ලොග් සෙට් එක. කෝ මූදු අස්සයෝ මගේ බ්ලොගේ/

      ඒකෙ සීන් එක මෙහෙමයි මල්ලි. මගෙ බ්ලොග් රෝලෙ ගොඩක් බ්ලොග්ස් නිතිපතා අප්ඩේට් වෙනව. ඒ හින්ද ඕනම බ්ලොග් පෝස්ට් එකක් බොහොම විගහට පල්ලෙහට ගිහිල්ල වැනිෂ් වෙනව.මටත් සෑහෙන්න බ්ලොග්ස් මිස්වෙනව ඒ වැඩේ හින්ද..:(

      මගෙ අලුත් ඔෆිස් එකේ FB, බ්ලොග්ස් එහෙම බ්ලොක් කරල තියෙන්නෙ. ඒ හින්ද වෙන්නෙ හවස ගෙදර ඇවිල්ල කම්පියුටර් එකේ බලනකොට එදා වැටිච්ච බ්ලොග්ස් බොහොමයක් නොපෙනී ගිහිල්ල...

      PS - අන්න අද තියනව උඹෙ අලුත් පෝස්ට් එක උඩින්ම බැබලි බැබලි..:)

      Delete
    5. තියෙනෙවා නේන්නම් , අර බලුප් වගයකුත් එල්ලලා ආන් එහෙම වරෙන් . මම මේ කටාර් ඇවිල්ලම හැගිස්ස්වන්න බැලුවේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...