Monday, March 19, 2018

අනුර බණ්ඩාරනායක.... මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත


Lanks News Web අඩවියේ පළවූ රදිකා ගුණරත්නගේ ලිපියකි.

ගෙවී ගිය මාර්තු 16 වැනිදාට අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා මියගොස් හරියටම වසර 10 කි. ඔහු සිටියාද කියාවත් මතක නැති දේශයකට ඔහු මිය ගොස් දශකයක් පිරුණු බව අමතක වීම පුදුමයක් නොවේ.

මැණික් ගල් ගිලී ගොස් ගොම රිටි උඩ පාවෙන අද්‍යතන දේශපාලන යථාර්ථයක් තුළ අනුර බණ්ඩාරනායක යනු සාපේක්ෂව ඉතා ලිබරල් මිනිසෙක් වූ බව පවා බොහෝ දෙනෙකුට අද අමතක ය. මේ ගතවූ වසර 10 සඳහාම ඔහු පිළිබඳ කිසිදු සාධනීය විචාරයක් හෝ විශ්ලේෂණයක් සිදුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට පත්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්‍රවාදී ආස්ථානයක නොසිටීමයි. ඔහුගේ පියා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගත් ඒ මග ඔහු කිසිවිටෙක නොගත්තේය. එනම් බණ්ඩාරනායක තාත්තාගේ සිංහල බෞද්ධ ව්‍යාධිය පුතාට කිසිවිටෙක නොවැළඳුණේය. ඇත්ත වශයෙන්ම එස්ඩබ්ලිව් හෝ සිරිමා ද කිසිවිටෙක සිය දරු තිදෙනා එම ආස්ථානය වෙත ඇද නොදැමූ බවට ඉතිහාසය මෙන්ම වර්තමානය ද සාක්ෂි දරයි. කෙසේ හෝ ජාතිවාදී භූතයා බෝතලෙන් පිටතට ගත් පවට සොලමන් ඩයස් ජීවිතයෙන් වන්දි ගෙව්වේය. අවසානයේ ජාතිවාදය සිංහල ජන සමාජය සමග නින්දිත ලෙස නිදන්ගත වීම ඇරඹුණේය. නමුත් අනුරලා, සුනේත්‍රලා පමණක් නොව චන්ද්‍රිකාලා පවා ඒ සමග කිසිදා යහන්ගත නොවූහ.

77 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයෙන් මස්කෙළිය ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක අවසානයේ 2008 වසරේ අවලංගු කාසියක් සේ පෙනී ගිය නරක කාලයක අවසන් හුස්ම හෙළුවේය. ඒ අතර කාලය තුළ 2000-2001 කාලය තුළ ගරු කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. 93-94 කාලයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. 2004-2007 අතර කාලයේ සංචාරක ඇමතිවරයා වශයෙන් ද, 2007 වසරේ ජාතික උරුම අමාත්‍යවරයා වශයෙන් ද, 2005 වසරේ කෙටි කාලයකට විදේශ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය. 83-88 අතර සමයේ විපක්ෂ නායකයා වූයේ ද ඔහු ය.

අනුර බණ්ඩාරනායක යනු වියත් කථිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවේදී සිදුකළ සාරගර්භ දේශන විමසමින් ඒ පිළිබඳ දීර්ඝ ලෙස සටහන් කරන්නට මෙය අවස්ථාව නොවෙතත්, අනාගතයේදී එය යම් කිසිවෙකු විසින් කළ යුතුම කාර්යයකි. ඔහු තුළ සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ඉස්මතු කර ගන්නට එම කතා කිහිපයක් පමණක් දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කිරීම ප්‍රමාණවත් වනු ඇත. ඔහු කිසිදු විටෙක ජාතිවාදී ආස්ථානයන් අල්ලාගෙන ලකුණු දමානොගත් දේශපාලකයෙක් බව ද එවිට පැහැදිලි වනු ඇත.

අනුර බණ්ඩාරනායක දැඩි ලෙස සුරාවට ලොල් වී සිටි බව නොරහසකි. එය ද ඇතැම්විට ඔහු තුළ තිබූ ලිබරල් අංගයේම කොටසක් විය හැකිය. ලිබරල් මූලයකින් පැවත එන පවුලක් දේශපාලන උගුලට කැමැත්තෙන් හසු වී සිංහල බෞද්ධ වුවද, අනුර අප පෙර කී පරිදි කිසිම අවස්ථාවක ඊනියා සිංහල බෞද්ධකමක් කරපින්නා ගත්තේ නැත.

එදා ජනපති බවට පත්ව සිටි මහින්ද රාජපක්ෂ මරණ මංචකයේ-ගිලන් සයනයේ සිටි අනුර බණ්ඩාරනායක වෙත දුරකථන ඇමතුමක් ලබාදී සෝපහාසයෙන් යුතුව මෙසේ කෝචෝක් කළ බව ඉතිහාසගත ය. “අනුර මොකක්ද මේ කියන්නෙ...? මේ ජෙයරාජ්ල කියන්නෙ ඔයා මේ සමූපකාර ඇමතිකම ඉල්ලනව කියලා...?” කෝපයෙන් නිරුත්තර වූ අනුර බණ්ඩාරනායක දුරකථනය විසන්ධි කර එය පොළොවේ ගසා තිබිණි.

එදා මේ කෘතහස්ත දේශපාලකයා ‘සමූපකාර ඇමතිකමක් ඉල්ලන බව’ කියමින් ජීවිතයේ අසීරුම අවස්ථාවක ඔහුව සරදමට ගත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ද ඔහුට වඩා මාසයක්වත් ජීවත් වීමට වරම් ලැබුවේ නැත. අනුර බණ්ඩාරනායක 2008 මාර්තු 16 වැනිදා අසනීප වී මිය ගිය අතර ජෙයරාජ් අප්‍රේල් 6 වැනිදා බෝම්බයක් වැදී මිය ගියේය.

එයින් දස වසරක් ඉක්ම යන්නට පෙර අනුරට කෝචෝක් කළ මහින්ද රාජපක්ෂ රාජ ඌෂ්ණයේ උපරිමය වැදී ගෙදර ගොස් ඉතිහාසයේ කුප්‍රකට ලෙස කුජීත වූුණේ සමූපකාර ඇමතිකම නොව කුලියාපිටියෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම ඉල්ලන බව ප්‍රකට වීමත් සමග ය.

වයස අවුරුදු 59 දී මිය යන විට ද, අනුර බණ්ඩාරනායක හට සම කළ හැකි ‘බර තැබිය හැකි’ කථිකයෙක් ලංකා දේශපාලනය තුළ සිටියේ නැත. එසේම අනුර බණ්ඩාරනායක යනු අතිශයන්ම බරපතළ ලෙස පොත් පත් කියැවූ අයෙකි. ඔහු කුඩා කල පටන්ම පොත් ලෝලියෙකු වූ බවට පුවත් බොහොමයකි. ඔහු තුළ වූ විරල ගණයේ කථන ප්‍රතිභාවේ ද රහස එය විය යුතුය. නමුත් සැබවින්ම උත්කර්ෂයට නැංවිය යුතු මේ චරිතයේ අත් පහස ලත් පොත් පවා අද තිබෙන්නේ කොතැනකදැයි මදක් සොයා බලන්න. මෙයට වසර කිහිපයකට පෙර බුකියේ පොත් කියවන්නන් සඳහා වෙන් වූ එක් ගෲපයක පළ වූ ඡායාරූපයක දැක්වුණේ “චන්ද්‍රිකා අක්කාගෙන් අනුර මල්ලීට” ඔහුගේ උපන් දිනය දා තෑගි දුන් බව කියන පොතක පළමු පිටුවේ ඡායාරූපයකි. එම ඡායාරූපය බුකිගත කර තිබුණේ එම පොත, පරණ පොත් කඩයක දැක අහම්බෙන් ඇස ගැටී මිලදී ගත් පාඨකයෙක් විසිනි. අනුරගේ පොත් සම්භාරයටම, ඔහුගේ මුළු පුස්තකාලයටම පාහේ ඔහුගේ මරණයෙන් පසු අත් වී තිබුණේ මේ ඉරණම ය. ඉතින් අනුර බණ්ඩාරනායකගේ උරුමය රැක ගැනීම ගැන කවර කතාද...?

අනුර බණ්ඩාරනායක තුළ තිබූ ලිබරල් බව ‘පාලනයකින් තොර අසීමිත ලිබරල් බවක්’ විය. පාලනයකින් තොර අසීමිත ලිබරල් බව යනු හැමවිටම මහා විනාශයකි. එයම ඔහුට විණ කැටුවේය. ජේ්‍යෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් රචනා කළ Rendering Unto Caesar කෘතියේ එක් තැනෙක සොලමන් ඩයස් බණ්ඩාරනායක තාත්තා විසින් අනුර ප්‍රියදර්ශනයට වැරැද්දූ තවත් තැනක් ගැන මැනවින් දැක්වේ. එම ඡේදය පටන් ගන්නේ මෙසේ ය.

“අනුරට අවුරුදු හත අටක්ව සිටියදී ක්‍රිකට් ක්‍රීඩාවට මහත් උනන්දුවක් තිබිණ. ඔහු හා සෙල්ලම් කිරීමට ගමෙන් ගෙනා කොලුවා අනුරට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් විය. මේ ගැමි දරුවාගේ වේගවත් බෝලවලට අනුරගේ කඩුලු එකපිට එක බිඳ වැටුණි.” තණනිල්ලේ ක්‍රිකට් ගැසූ අනුර මේ පරාජය දරාගත නොහැකිව මේ ගැන බණ්ඩාරනායක තාත්තාට පැමිණිලි කළේය. එවිට ගෙයින් පිටතට පැමිණි බණ්ඩාරනායක මහතා ගමෙන් ගෙන ආ කොලුවාට තරවටු කර තිබුණේ ඔහුව කොළඹ කැඳවාගෙන ආවේ අනුර සමග සෙල්ලම් කරන්නට මිස අනුරව පරාජය කරන්නට නොවන බවයි.

මෙහි කදිම සමුදයර්ථයක් තිබේ. සැබෑ ජීවිතයේ දී ද අනුර, ඔහු අසල සිටි අය විසින් ඔහුව දිනවන තෙක් බලා සිටියේය. ඔහු වටේ සිටි අය ඔහු සමග සෙල්ලම් කරනවා මිස ඔහුව පරදවන්නට සෙල්ලම් කරන බව ඔහු සිතුවේ නැත. එනිසා ඔහුට කිසිවිටෙක වෙහෙස මහන්සි වී බලය අල්ලා ගැනීමට ලෝභ කමක් ඇති වුණේ නැත. මහින්ද රාජපක්ෂ යනු, ඒ අර්ථයෙන් අනුර බණ්ඩාරනායකගේ විරුද්ධ රූපකයයි. යම් හෙයකින් එදා අනුර බලය ගැන උනන්දු වී ඒ වෙනුවෙන් වෙහෙස වූවා නම් මහින්ද රාජපක්ෂ නමැති බලලෝභී, විනාශකාරී පාලකයාට ලංකාව එදා නතු වන්නේ නැත.

අනුර බණ්ඩාරනායක යනු සැබවින්ම නැවත කියවිය යුතු චරිතයකි. ලංකාවේ ලිබරල්වාදීන් වෙත් නම් ඔවුන්ට අනුර බණ්ඩාරනායක විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා, ඔහු පාර්ලිමේන්තුවේ පැවැත්වූ සාරගර්භ කථා යනාදිය විමසා බලා මේ පිළිබඳ ගැඹුරු ප්‍රවේශයක් ලබාගත හැකිය. මේ කෙටි සටහන, ඒ සඳහා පෙරවදනක් පමණි.

අනුර බණ්ඩාරනායක...

අපතේ ගිය සඳ එළිය
නොපිපීම පරව ගිය 
මදාරා කුසුම 
මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත

- ‘නිහඬ තණපතකි මම’ කාව්‍ය සංග්‍රහයෙන්.

- රදිකා ගුණරත්න

32 comments:

  1. WOW !! brilliant reading of the man. He was too nice to be a politician.

    ReplyDelete
    Replies
    1. In November 2008, Anura and Mangala moved to wrong side of the history while Wimal Weerawansa moved to the right side!

      Delete
    2. Sorry "In December 2007,...

      Delete
    3. Ian,

      Thanks my sentiments too

      Delete
    4. Ano,

      Only 10 years have gone my dear..it's really really too soon to make a statement like that... we will see..we will see..whether Modawansa was right or Anura and Mangala were right at that juncture...

      Delete
  2. අපුරු පුද්ගලයෙක් ගැන මෙතෙක් කතා නොවූ දේ කතා කරන්නට කදිම ආරම්භයක්. මේ ලිපිය ගෙනැත් දැම්මට රවී බොටත් බොහෝම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි හැලප..අනුර කියන්නෙ ඇත්තටම අපූරු චරිතයක්...:)

      Delete
  3. අනුර බණ්ඩාරනායක 2007 දෙසැම්බරයේ අය-වැය විවාදය අතරතුරදී මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි සමග විපක්ෂයේ අසුන්ගත්තේ ආණ්ඩුපක්ෂේ සිට තවත් ඇමතිවරු හා මන්ත්‍රීවරු 15කට ආසන්න පිරිසක් විපක්ෂයට එක්වේයයි මංගලදුන් සහතිකයට අනුවය. නමුත් එසේනොවූ කල අතිශයට සංවේගයටපත්ව තමාගේ ඇමතිදුරය රැකගැනීමට මහින්ද රාජපක්ෂවෙත නොයෙකුත් කන්නලව් කලබව එකල වාර්තාවිය.

    මෙලිපියේ කියා ඇතිපරිදි ජාතිවාද කෙසේවෙතත් රදලමානය ඉහලටම ගසා තිබුබව මොහුව ඇසුරුකළ අයට නොරහසකි.

    ReplyDelete
    Replies
    1. Ano,

      /නමුත් එසේනොවූ කල අතිශයට සංවේගයටපත්ව තමාගේ ඇමතිදුරය රැකගැනීමට මහින්ද රාජපක්ෂවෙත නොයෙකුත් කන්නලව් කලබව එකල වාර්තාවිය./

      එව්ව ඔක්කොම ඕපාදූපනෙ ඇනෝ...මරාගෙ පක්කලි පත්තර කාරයොනෙ ඔව්ව ලිව්වෙ..ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්...ජිවිතේ අවසාන කාලෙ අනුර එහෙම මරාගාව හෑල්ලුවුනා වෙන්නත් පුලුවන්.

      /මෙලිපියේ කියා ඇතිපරිදි ජාතිවාද කෙසේවෙතත් රදලමානය ඉහලටම ගසා තිබුබව මොහුව ඇසුරුකළ අයට නොරහසකි./

      හරි හරි එහෙම උනාමය කියමුකො. ඉතිං මොකෝ? රටේ සුප්‍රසිද්ධ උඩරට සහ පහතරට රදළ පරම්පරා දෙකකින් පැවත එන එකම පිරිමියා..සුට්ටක් මාන්නෙ තිබ්බම මොකද?...හෙහ්,හෙහ්..

      අනික එහෙම තමන්ගෙ ගෞරවය රැකගෙන ඉන්න එක නරකද කොයි මක්කරල හරි බලය ගන්ට ඕන හින්ද කුඩුකාරයොයි, ඉස්ත්‍රී දූසකයොයි, තමන්වම මරන්ට ඔත්තු දුන්න එවුනුයි, හාමුදුරුවරු මරපු ත්‍රස්තවාදීනුයි ඔක්කොමලත් එක්ක කරට අත දාගෙන එක පතේ කනවට වැඩිය? මොකෝ කියන්නෙ? ඇග්‍රීඩ් ඕ නොට්?

      Delete
  4. Replies
    1. ප්‍රසා,

      ඒක හොඳයි...:)

      Delete
  5. ඉතිහාසය නොදන්නා බුරුවන්ව මෙවැනි ලිපි වලින් අනදවිය හැකි නමුත් , ජීවිතයේ පනස්විය ඉක්මවූ අපි අනුර , චන්ද්‍රිකා , සුනේත්‍රා යනු කවුදැයි හොදටෝම දනී.
    චන්ද්‍රිකාගේ සහජීවන කෙරුවාව කෙසේද කියතොත් , කොටියා ඇයට පමණක් නොව මුළු හමුදාවටම කෙලවුයේ ඒ අවුරුදු 12 පාලන කාලයේදීය .
    එකදිපති මහින්ද නොසිටින්නට මේ බ්ලොගය් .lk නොව .eelam විය හැකිව තිබුණි.
    මොනවත්ම වැඩක් නැතිනම් , මෙවැනි බූත නොලියා ගෙවත්ත කොටනු මැනවි

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි....:)

      Delete
    2. ලොක්කා,

      මේ වගෙ කමෙන්ට් එකකට අපේ මිස්ටර් ලොක්කා වැටක් ගැහුවෙ නැත්තං තමයි පුදුමෙ...:)

      Delete
  6. Replies
    1. may be for a complete ignorant!

      Delete
    2. Ano,

      "The greatest enemy of knowledge is not ignorance, it is illusion of knowledge" - Stephen Hawking

      Delete
  7. If you think about it, this could be very well the layout for Ranil's 10-year death commemoration. Only difference would be Ranil has devised a scheme that no one could defeat him as the UNP leader.

    ReplyDelete
  8. අනුර බන්ඩාරනායක මහතා ලිබරල් වාදියෙක් දක්ෂ කථිකයෙක් (ඔහු අවුරුුදු 6ක් පමණ ශ්‍රිලනිප මන්ත්‍රීවරු 8 දෙනාගේ කණ්ඩාමක නායතත්වය දරමින් යූ එන් පී 5/6 දැවැන්ත බහුතරය හා එහි ප්‍රබල කථිකයන්ට මුහුණ දුන්නේය) විය. එහෙත් අනුර ගැන ඉතිහාසය විමසීමට නම් ලසන්ත වික්‍රමතුංග 2002- 2005 කාලයේ ලියූ දේවල්ද කියවිය යුතුය. ලසන්ත ඔහුට‍ clown prince යැයි පැවසූයේ යම් හේතුවක් ඇතුව යැයි සිතමි

    ReplyDelete
  9. නිදහස් සිතුවිලි බ්ලොග් එකත් පට්ට ලිබරල් කියල හිතුන රදීකා ගේ ලියුමක් මේකේ රී පෝස්ට් වෙලා තියෙනවා දැක්කම.. :)))

    ReplyDelete
  10. රවී සෑර්, දවසක්ද අනුර උන්නැහේ පාරලිමේන්තුවේ කතාවක්කොරනකොට මංගල උන්නැහේ ඒකට එක දිගටම බාධා කොරන්ඩ ගත්ත (ඒ කාලේ අනුර උන්නැහේ අලියාගේ පිටේ යන කාලයක් මගේ හිතේ).. බැරිම තැන අනුර උන්නැහේ පොතකුත් අරගෙන (එයා කතාකොරන්ඩ එනකොට පොත් ඔක්කොම අරගෙන සෙට් වෙලා තමා එන්නේ) කියනවා මම මංගල මන්ත්‍රීතුමාට කියන්නං ඔස්කා වයිල්ඩ්ගේ පොතකින් උපුටා අරගෙන කියල. ඉතිං දන්නෝ දනිති නේ ඒකට ඔස්කා වයිල්ඩ්ම තෝර ගත්තේ කියල හිටං. නැද්ද සෑර්.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔස්කාර් වයිල්ඩ් කසාද බැඳල දරුවො හිටියට ‍කොල්ලොත් එක්ක හැසිරෙන්න ගිහින් අහුවුන නිසා වෙන්න ඇති

      Delete
  11. අනුරට

    අඥාන
    නූගත්
    රදලයා

    කියල කිව්වෙ සූරියප්පෙරුම නේද?

    ReplyDelete
  12. කවුද මන්ද නොසන්ඩාලයෙක් එයාගේ අක්කව දාල ඇගේ වෛරය 03 ද කොහෙද ගහන කතාවක් ඉස්සර කියපු බවක්
    කවුදෝ මන්ද බුකියේ දාල තිබුනා...
    මටත් ඒ සිද්ධිය බුකියෙන් දකිනකම් අමතක වෙලා තිබුනේ...
    එහෙම කියන්න ඇත්තේ මේ වැදගත් පවුලේ ලිබරල් මහත්තය වෙන්න විදිහක් නැහැ නේද...

    ReplyDelete
  13. ඔහුගේ මත්පැන් බීම ඇර වෙන අඩුපාඩුවක් හොයන්න බැහැ. මැතිණිය හුඟක් දුක්වෙලා තිබුණා අනුර වෙනුවෙන් මනාපයක් දෙන්න බැරිවීම ගැන. ඒකයි ඇය 2010 ඡන්දය දීලා ආපහු එන ගමනෙදි පපුවේ අමාරුවක් හැදිලා මියගියේ. අනුර හැමතිස්සෙම කිවුවලු අපේ අම්මා වගේ අඳින පළඳින ගැහැනියකටයි මම කැමති කියලා ලිපියේ සඳහන් වන මහින්දගේ වචනටික ඒ වගේ මිනිහෙකුට ඇරෙන්න කියන්න බෑ. මහින්ද තමන්ගේ වාසියට ජෙයරාජ්ව අතකොලුවක් කරගත්තා ඒ වගේම චන්ද්‍රිකා සමග බිදෙවුවා. ඒවා දේශපාලන කුමන්ත්‍රණ
    විචාරක දියණිය

    ReplyDelete
  14. ම්ම් මමත් අනුර ගැන හොඳක් අහල තිබුනෙම නෑ. හොඳයි මේ දේවල් දැනගත්ත එක.

    ReplyDelete
  15. /අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට පත්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්‍රවාදී ආස්ථානයක නොසිටීමයි// ඔන්න ඕකනම් ඇත්ත

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...