Wednesday, April 4, 2018

574. The Story Of My Marriage - 63 - A Walk To Remember And How To Make Tomato Rice ……


නිකලස් ස්පාක්ස්ගේ එනමින්ම යුත් ජනප්‍රිය නවකථාව
ඇසුරින් නිමවූ "A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සලිවන්
ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කලේ මැන්ඩි මුවර්ය.

ඒ කියන්නෙ කොටිම්ම කිව්වොත් මෙතන මේ දිලිසි දිලිසි තියෙන්නෙ කඩපුවත් නැති වන් ලීටර් ෂිවස් රීගල් විස්කි බෝතලයක්!!!

හෙහ්..කොහොමද ඒක?

ඊලඟට මට ආව ප්‍රස්නෙ තමයි විස්කි බෝතලේ ගැන අංකල්ගෙන් අහනවද නැද්ද කියන එක. ඇයි දෙයියෝ සාක්කි අනන්‍යාල ඇවිල්ල පිරිසිදු දමිළ උභය කුල පාරිශුද්ධ බ්‍රාහ්මණ වංශිකයොනෙ. ඉතිං එහෙම කට්ටියගෙ අහවල් විස්කි පාවිච්චියක්ද? එහෙම අහන එකත් අපහාසයක් වෙයිද මන්ද. 

ඒත් අනික් අතට මේ මගේ ඇස් ඉස්සරහ දිලිසි දිලිසි තියෙන්නෙ විස්කි බෝතලයක් නැතුව ආය වෙන අහවල් දෙයක්ය? ඒ හින්ද ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල කෙලින්ම අංකල්ගෙන් මේ ගැන අහනවයි කියල මම හිතාගත්ත.

"මේ..මේ...මේ..අංකල් විස්කි බෝතලයක් තියෙන්නෙ මෙතන...."

අංකල් නිස්සද්දව මා දිහා බලා හිටිය. හරියට ඉතිං?...විස්කි බෝතලයක් තියනව තමයි...ඉතිං මොකද? කියල අහන්නා වගේ.

"නෑ..මේ මම අහන්ට ගියේ..අංකල් විස්කි බොනවද කියල…" මම වදෙං පොරෙං එහෙම කියාගත්ත.

"එහෙමටම කියල බොන්නෙත් නම් නෑ. ඔය හීතලක් හෙම්බිරිස්සාවක් වගෙ හැදුන බොහොම සුට්ටක් විතර මේ...මේ හැඳි දෙක තුනක් වගෙ ගන්නව..ආ...මේ ලීටරේ බෝතලේ මට දුන්නෙ හරිෂ්....හප්පේ මට මේක ඇතිවෙයි තව අවුරුදු තුන හතරකටවත්"

මම කිසිදෙයක් කිව්වෙ නෑ. මුනිවත රැක්ක.

"හරිෂ්…. මතකනෙ හරිෂ්ව නේද? අර සති දෙක තුනකට වගෙ ඉස්සර වෙලා අනන්‍යාව බලන්න ආව ළමයා…"

මම යන්තමට ඔලුව හෙල්ලුව. හ්ම්ම්ම් මොකද මතක නැත්තෙ? මතකයි මතකයි...සුටු පුටු ගාල මටම කියාගත්ත

"ෂහ්..හරි අපූරු ඉලන්දාරියා.." එහෙම කියල අංකල් ස්ටීරියෝ සෙට් එක ක්‍රියාත්මක කලා. මම හදවතක හැඩයගත් කවරෙත් එක්කම පැරණි හින්දි ආදර ගීත තියන සී.ඩී. එක අංකල් අතට දුන්න.

අංකල් දෙතුන් පාරක්ම සී.ඩී. එක හරව හරව බැලුව. ඒ අතර එක පාරක්ද දෙපාරක්ද කොහෙද ඔලුව උස්සල මගෙ දිහාත් බැලුව.

"අර මයිලපෝර්වල සී.ඩී. කඩේ ඔච්චරමයි ටිකක්වත් හොඳ එකකට තිබ්බෙ.." මම බිම බලාගෙන හෙමිහිට කිව්ව. ෂිහ් වසම ලැජ්ජාව...

"තව සී.ඩී. තියනව නේද?" අංකල් අත දික්කලා. මම අනික් සී.ඩී. දෙකත් අංකල් අතට දුන්න.

"ටී.ආර්.සුබ්‍රමනියම්..එම්.එස්.ශීලා..ක්‍රිෂ් කාට දෙන්නද මේ සී.ඩී. ගත්තෙ?"

"කාටවත් දෙන්න නෙවෙයි අංකල් මේව ගත්තෙ මට.."

"ඔයාට කර්ණාටක සංගීතය තේරුම් ගන්න පුළුවන්ද?" අංකල් ඇස් උඩ තියාගෙන ඇහුව…

"තවම හරියකට බෑ. ඒත් මට කර්ණාටක සංගීතය රස විඳින්න ඉගෙන ගන්න ඕන. මම අහල තියනව කර්ණාටක සංගීතය කියන්නෙ මේ ලෝකෙ තියන ඉහළම ගණයෙ ශාස්ත්‍රීය සංගීතයෙයි කියල"

අංකල් දිග සුසුමක් හෙලල ඔලුව හෙමිහිට දෙපැත්තට වැනුව. මම කිව්වෙ පල් බොරුවක් කියල අංකල් හිතුවද මන්ද. ඇත්තම කිව්වොත් කර්ණාටක සංගීතය ගැන මගෙ කිසිම කැමැත්තක් නැහැ. ඒත් ඒ එක්කම මම අංකල්ට කිව්වෙ තනිකර බොරුවක්මත් නෙවෙයි. මට කර්ණාටක සංගීතය ඉගෙන ගන්න ඕන.. Ananya ...Ananaya ..My goodness what I won't do for you my dear?

අංකල් මගෙ බෑග් එක ඇරල සී.ඩී. ආපහු ඒක ඇතුලට දැම්ම.

"මම කර්ණාටක සංගීතය බොහොම ප්‍රියකරනව. මටත් වැඩිය රාධා. මම තමයි කර්ණාටක සංගීතය ශාස්ත්‍රීයව පිළිවෙලකට ඉගෙන ගෙන ඉස්සරහට යන්න කියල ඇයව උනන්දු කලේ. ඒත් මම එහෙම කරපු එක වැරදිද කියල වෙලාවකට මගෙ හිත මට වද දෙනව. මොකද මේ සංගීතය ඉගෙන ගැනිල්ල හින්ද රාධට ඇතිවුනේ හිත් වේදනාම විතරයි"

අංකල් බාගෙට ඇස් පියාගෙන එහෙම කිව්වෙ දැඩි සිත් තැවුලකින්ය කියල මට තේරුණා.

මොනව කියන්නද කියල හිතා ගන්ට බැරුව මම ඔලුව හෙල්ලුව. ඕනම ගැටළු අවස්තාවකදි ඔලුව හොල්ලන එකේ අවුලක් නෑනෙ. එහාටත් හරි මෙහාටත් හරි...

මට ඇත්තටම අවුලක් වුනේ අංකල් ඔය මා එක්ක එයාගෙ පෞද්ගලික විස්තරයක් කතා කලාමයි. එකම ලැප්ටොප් එකට එබීගෙන දවස් පහක් තිස්සෙ දවසට පැය හතර පහක් වගෙ එක ළඟ ඉඳගෙන ඉන්නකොට මට හිතෙන්නෙ රාම රාවණ අතරෙ උනත් අඩුගානෙ යන්තමටවත් සුහදත්වයක් ඇතිවෙනව.

මම මේ වෙනකොට හයවෙනි ස්ලයිඩ් එකේ වැඩ කරමින් හිටියෙ. මැන්ඩි මුවර්ගෙ ලයාන්විත ගී හඬ සාලය පුරා පැතිර යන්නෙ හරියට සිහිල් සුළඟක් හමායනව වගේ.

I wanna be with you ……….
If only for the night………….

ඇත්තම කිව්වොත් ඒ වචන මේ වගෙ අවස්තාවකට කොහෙත්ම ගැලපෙන්නෙනම් නෑ. පණස් වියේ පමණ පසුවන මැදිවියේ ද්‍රවිඩයෙක් සහ විසි හතර වියැති පන්ජාබි තරුණයෙක් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් සකස් කරමින් ඉන්දැද්දි පසුබිමින් වාදනය වෙන්න ඒ ගීතය ටිකක් විතර සුදුසු මදියි නම් තමයි. මම පිළිගන්නව. ඒත් අපි වැඩ කරද්දි පවතින දැඩි නිශ්ශබ්දතාවය මට එපාම වෙලයි තිබුනෙ. ඒහින්ද අර වගෙ ගීතයක් උනත් ඇත්තටම හොඳයි කිසිම සද්දයක් බද්දයක් නැතුවට නම් වඩා.

To be one in your arms….
Who holds you tight…

(සටහන - Mandy Moore කියන්නෙ අමරිකානු ගායිකාවක් සහ නිළියක්. ඇය සතළොස්වන වියේදී "A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සලිවන්ගේ චරිතය රඟපා මහත් ජනාදරයට පත් වූවා. එම චිත්‍රපටය නිපදවූයේ නිකලස් ස්පාක්ස් නම් අමරිකානු ලේඛකයාගේ එම නමින්ම පළවූ ජනප්‍රිය නවකථාව ආශ්‍රයෙන්.)



"A Walk To Remember" චිත්‍රපටයේ ජේමී සහ ලැන්ඩන් විවාහ වන අවස්ථාව....


මගෙ ස්ලයිඩ් ෆෝමැට් කිරිල්ලෙ වැඩේ බාගයක් වගෙ ඉවරයක් වෙනකොට සී.ඩී. එක තුන්පාරක් විතර රී ප්ලේ වෙලා. දහයට කිට්ටුවෙලා වගෙ අපි රෑ කෑමට වැඩ නැවැත්තුව. 

මම පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල ඇඟමැලි කඩන අතරෙ අංකල් කුස්සියට ගිහිල්ල කෑම පිඟන් දෙක අරගෙන ආව. රෑ කෑමට තිබ්බෙ Tomato rice නොහොත් තක්කාලි බත් South Indian style of course.......



Tomato rice පිළියෙල කරගන්නා අන්දම....


"ඔය ළමයට දැන් මේ අපේ කෑම එපාම වෙලා ඇති නේද?" අංකල් ෆයිල් එහාට මෙහාට කරල පිඟන් දෙක මේසෙ උඩ තිබ්බ. 

"ආ...නෑ..නෑ....මට දැන් මෙහෙ කෑම හොඳට හුරුයි.....කොටිම්ම අපේ කෑම වලයි මෙහෙ කෑම වලයි මට දැන් ඒ හැටි වෙනසක් නෑ....." මම කටේ තොලේ නොගෑවී කියල දැම්ම.

"Good... that's really good.." අංකල් එහෙම කියල කැබිනට් එක ගාවට ගියා. 

ඒ කියන්නෙ මම මේ වෙනකොට ගුඩ් කැටගරි එකට ප්‍රමෝට් වෙලා. ඒත් රියලි ගුඩ් කැටගරි එකට උසස්වෙන්ට තව කල්යයි වගේ. හරිෂ් අර හොර මනමාලය ඕකානම් කෙලින්ම වැඩ පටන්ගත්තෙම රියලි ගුඩ් කැටගරි එකේ..හුහ්…ඉඳපංකො ඕකට මට... පොළොස් කොට්ටෝරුව...

"මම හිතන්නෙ ක්‍රිෂ් දැන් අපෙ වැඩේ Smoothly යනව. කිසිම අවුලක් වෙන එකක් නෑ. මොකද කියන්නෙ පොඩි එකක්?" අංකල් මා දිහාට ඔලුව හරවල යම්තමට හිනාවෙල ඇහැව්ව. 

"ප්‍රශ්නයක් නෑ මිස්ට ස්වාමිනාදන් ගන්නවනම් ගමු" මම දෙපැත්තටම නැති උත්තරයක් දුන්න.

අංකල් කැබිනට් එකේ වම් පැත්ත ඇරල පොඩි වීදුරු තුනක් එළියට ගත්ත. ඈ? අර මොටද වීදුරු තුනක්? සමහරවිට මංජුටත් පොඩි එකක් දෙන්නද දන්නෙ නෑ...මට හිනා ගියා.

"ක්‍රිෂ් කුස්සියෙන් මේස හැන්දකුයි ෆ්‍රිජ් එකෙන් අයිස් කැට ට්‍රේ එකයි අරගෙන එන්නකො…" අංකල් මට කිව්ව. 

අයිස් කැට ට්‍රේ එකනම් හරි ඒත් මේස හැන්දක් ? අර අහවල් දේකටද මේස හැන්දක්? හ්ම්ම්ම්....සමහරවිට අයිස් දියකරන්ට වෙන්ට ඇති කවුරු දන්නවද තමිල් නාඩුවෙ වැඩ..එහෙම හිත හිත මම කුස්සියට ගිහිල්ල ෆ්‍රිජ් එකෙන් අයිසුයි පෑන්ට්‍රි කබඩ් එකේ ලාච්චුවකින් මේස හැන්දකුයි අරගෙන ආව. මම ආපහු එන අල්ල පනල්ලෙ අංකල් බෝතලේ කඩල.

වීදුරු තුනක් එළියට ගත්තු සීන් එක මට තේරුණේ ඔන්න දැනුයි. අංකල් ඉස්සෙල්ලම බෝතලේ ඇලකරල එක වීදුරුවකට විස්කි අඟලක් දෙකක් විතර  වැක්කෙරුව. ඊට පස්සෙ අර මම ගෙනාපු මේස හැන්දට විස්කි පුරව පුරව අනික් වීදුරුවට දාන්ට පටන් ගත්ත. 

මේ මොකක්ද බොලේ මේ නාඩගම? මම ඇස් කන් කට තුනම ඇරගෙන ඒ දිහා බලා හිටිය. අංකල් හරියටම දසමෙටම කිරල මැනල හැන්දෙන් පහක් අනික් වීදුරුවට දාල තුන්වෙනි වීදුරුව මා දිහාට තල්ලු කලා.

"මේස හැඳි පහ තමයි මගේ ගාන..මට ඒ ඇති..ඔයා කොච්චර ගන්නවද?"

"මේස හැන්දෙන් මැනල විස්කි බොනව මම ඔය දැක්කමයි…." මම එහෙම කියල බෝතලේ අරගෙන මගෙ වීදුරුවෙ තුන්කාලක් පිරෙන්න රන්වන් පාට මත් වතුර වක්කරගත්ත.

"My goodness..what are you doing?..." අංකල් ඇස් උඩ තියාගෙන කෑගැහැව්ව.

"Making myself a real drink... what else?" මම විස්කි පුරවපු වීදුරුවට අයිස් කැට දෙක තුනක් දාගෙන උඩට ඉස්සුව. "Cheers..."

"ඇත්තම කිව්වොත් ඔය මේස හැඳි පහේ නීතිය මට පැනෙව්වෙ රාධා…." අංකල් කටකොණකින් හිනා වෙලා මා දිහාට අත දික්කලා. 

"No problem..she is not here now... is she?" මම බෝතලේ අංකල්ගෙ අතේ තිබ්බ. 

අංකල් බෝතලේ ඇලකරල මගෙ වීදුරුවෙ ලෙවල් එකට එනකල් වගෙ විස්කි පුරව ගත්ත. "Cheers..."

අපි දෙන්නම වීදුරුවෙ බාගයක් වගෙ ඇදල ඇරිය එක හුස්මට. අංකල් ලඟ තිබ්බ ටිෂූ බොක්ස් එකකින් ටිෂූ එකක් අරගෙන තොල කට පිහදා ගත්ත.

"බොහොම ස්තූතියි ක්‍රිෂ්. ඔයාල..මම කිව්වෙ මේ අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්තු කට්ටිය..You all are really smart...ඔයාගෙ ප්‍රසන්ටේෂන් එක අන්තිම ඉහළයි. මම හිතන්නෙ නෑ අපේ බැංකුවෙ කිසිම කෙනෙකුට ඒ වගෙ ටොප් ක්ලාස් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න පුලුවන් වෙයි කියල. Thanks again…"

"You are welcome "

මම වීදුරුවෙ ඉතිරි විස්කි වඩිය උගුරට හලාගත්ත. තව එක ෂොට් එකක් අරගෙන අපි දෙන්න බත් කෑව. ඒ වෙනකොට වෙලාව දහයයි තිස්පහයි.

කෑමෙන් පස්සෙ වැඩ පටන් ගනිද්දි මම විස්කි බෝතලෙයි වීදුරු දෙකයි ගෙනල්ල ලැප් ටොප් එක ගාවින්ම තියාගත්ත. අංකල් මා දිහා එක පාරක් බලල අහක බලාගත්ත මිසක මොකවත්ම කිව්වෙ නෑ. තව ස්ලයිඩ්ස් තුන හතරක් ඉවර කරල මම තව පාරක් වීදුරුව පුරවගෙන අංකල්ට බෝතලේ දික්කලා. Mr. Swaminathan didn't refuse at all...Heh..heh...

තවම මැන්ඩි නංගි සිංදු කියනව. අංකල් නැඟිටල කැබිනට් එක ලඟට ගිහිල්ල සද්දෙ වැඩිකලා.

I gave you my heart..my heart…
When you didn't even ask for it..oh..oh..ho…ho…

අංකල් අත්දෙක උස්සල අසුර ගසමින් මැන්ඩිත් එක්කම ටික වෙලාවක් සිංදුව කිව්ව. ඊට පස්සෙ ඒ තාලෙටම ඔලුව වන වන ඇවිල්ල ආපහු ඉඳගෙන ලැප් එකට එබුන. මම කටත් බාගෙට ඇරගෙන අංකල් දිහා බලා හිටිය ටික වෙලාවක්. 

ඇත්තටම මම එතන දැක්කෙ විස්මය ජනක දර්ශනයක්. ද්‍රවිඩ බ්‍රාහ්මණවංශිකයෙක් මත්පැන් වඩි දෙක තුනක් පානය කරල (එයාම කියාපු දේ ඇත්තනම්) ජීවිතේ පළවෙනි වතාවට ආශ්වාදයක් සන්තෝෂයක් කියල එකක් විඳිනව මම දැක්කා. ඇත්තටම මට මේ කෙහෙල්මල් ප්‍රසන්ටේෂන් එක ඉවරයක් කරන්න නැත්තං මේ මනුස්සය දිහා බලා ඉන්න එක තරම් ආතල් එකක් තවත් නැතිවෙයි කිසිම සැකයකින් තොරව. 

කොහොම හරි මට මතක තියෙන්නෙ මෙච්චරයි. තව පැය දෙකක් වගෙ ගත වෙද්දි මම ප්‍රසන්ටේෂන් එක ඉවර කලා. ඒත් එක්කම අපරාදෙ කියන්න බෑ ෂිවස් රීගල් එකෙනුත් තුනෙං දෙකක් විතර අපි දෙන්න සයයෝගෙං හින්දෙව්ව.

"And Thank you all who are present here today for your valuable time…."

මම අන්තිම ස්ලයිඩ් එකේ අන්තිම වාක්‍යය කියවල ෆයිල් එක සේව් කරල වැඩේ ඉවරයක් කරල දැම්ම.

"හරි අංකල් ඔන්න වැඩේ නම් ඉවරයි.."

"සෙස්.. සෙස්... සේව් කලාද?" අංකල් ඇහුව 

"ඔව් ඔව්.."

"තව්වත් පාරක් සේව් ක….ර්... රන්නකො කෝකටත්…"

මම ආයෙමත් ෆයිල් එක සේව් කලා.

37 comments:

  1. Replies
    1. Ano,

      ඔය ඇර සොයිසා කතාවට මම අහල තියන විදිහට දැං අවුරුදු හැටකටත් වැඩියි.

      1953/54 කාලෙ නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ආනන්ද ද සොයිසා මහත්මයා තමයි ඔය ඇර සොයිසා.එයා ඇවිල්ල වේග පන්දු යවන්නෙක් ඒ වගේම හතර අතට නෙලන පොල් අඩි කාරයෙක්.

      නාලන්දෙ අවසාන වතාවට සුලෝහිත සංග්‍රාමය දිනල තියෙන්නෙ 1953 අවුරුද්දෙ. ඒ වෙලාවෙ තරඟයෙ අවසාන පන්දුවට හතරෙ පහරක් ගහල ජයග්‍රහණයෙ නියමුවා වෙලා තියෙන්නෙ ඔය මිස්ටර් ඇර සොයිසා ...:)

      Delete
    2. Thanks for the reply, Ravi. That was an outcome after reading your post. Thoroughly enjoyed. I never knew the origin of "ara Soyza" even though I am a Nalandian.... :)
      Keep up the good work.

      Delete
    3. Ano,

      /even though I am a Nalandian.... :)/

      Me too...me too...:)

      Delete
  2. පංජාර විච්චුද නන්ද කුංජූ

    ReplyDelete
  3. ක්‍රිෂ් කොහොමහරි මාමාණ්ඩියාට විස්කිත් පෙව්වා... නියම වැඩේ මාමයි, බෑනයි එකට බියුව එක...

    ආ ඒක නෙවෙයි... මේ කතාව සම්පූර්නෙන් කියවන්න තිබුණු උන නිසා පොත අරගෙන රෙකෝඩ් කරල සම්පූර්නෙන් කියවලා ඉවර කළා... ඇත්තටම මරු කතාව... ඒත් මේක කියවන එක නවතින්නෑ... මේක වෙනම ඉට්ටයිල් එකක්නේ:D

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      /මේ කතාව සම්පූර්නෙන් කියවන්න තිබුණු උන නිසා පොත අරගෙන රෙකෝඩ් කරල සම්පූර්නෙන් කියවලා ඉවර කළා./

      පොත කියෙව්වෙ එහෙනං ඈ? බෝම සන්තෝසයි බෝම සන්තෝසයි..

      /ඒත් මේක කියවන එක නවතින්නෑ... මේක වෙනම ඉට්ටයිල් එකක්නේ:D/

      ඇත්ත ඇත්ත..ජෙහාන් ප්‍රනාන්දු කියනව වගෙ මගෙ කතාව වෙනම ආතල් එකක්...හෙහ්..හෙහ්...

      Delete
    2. මාත් පොත නම් අරගත්තා. පිටු දෙකක කියවල අරන් තිබ්බ. මේක ඊට වැඩිය සොමි. මට පෙන්නේ රවිගෙන් කොපි කරලද කොහෙද

      Delete
  4. හැක්.. ඒකත් නරකම නෑ බලාන ගියාම. මත්පැන් ඉදිරියේ ඕනෑම ආලවකයෙක් දමනය කළ හැක කියනවනෙ.

    ඉතිං වැඩේ ඉවරඋනාට පස්සෙ බොලා ඉතුරු කොටෙත් ඉනේ ගහගෙන ගියාද නැත්තං අංකල් කාරය එක්ක අමුවෙන්ම ඇදල දැම්මද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / මත්පැන් ඉදිරියේ ඕනෑම ආලවකයෙක් දමනය කළ හැක කියනවනෙ./

      බලපංකො ඒකෙත් හැටි නේද බොලේ?

      /ඉතිං වැඩේ ඉවරඋනාට පස්සෙ බොලා ඉතුරු කොටෙත් ඉනේ ගහගෙන ගියාද නැත්තං අංකල් කාරය එක්ක අමුවෙන්ම ඇදල දැම්මද?/

      Next episode...next episode...:)

      Delete
  5. Replies
    1. මද්දා,

      හෙහ්..හෙහ්..ආයෙත් අහල...:)

      Delete
  6. ත..ත්..තව..පාර්...රක්..ෂේව්..කර්..රේ..මොකෝ...බබ්..බබ්..බං.. උම්බ..ට.. වැඩිද..හෙහ්..හෙහ්..හෙහ්...

    A walk to remember සිංහල පරිවර්තනේ කියෝලනැද්ද? 'මතකයේ රැඳී පිය සටහන්'.. මේ පැත්තේ නිතර යන එන දන්නා කියන කෙනෙක්ගෙනේ.. :D

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      කියෙව්ව කියෙව්ව "පිය සටහන්" පොත කියෙව්ව...:)

      Delete
  7. රවි ට්‍රයි කරල තියනවද
    https://www.urban-drinks.de/en/jameson-triple-distilled-irish-whiskey-07l-40-vol.html

    ReplyDelete
    Replies
    1. I find single malt whiskies are smoother specially speyside whiskies like glenlivet

      Delete
    2. ප්‍රා,

      නෑ බොලේ පානය කොට නම් නැත..මේ පාර බඩු ගන්ට ගියාම බලන්ට ඕන තියනවද කියල....අවුරුදු සැමරුමට හොඳයි නේද?...:).

      Delete
    3. thusitha,

      I also prefer single malt...:)

      Delete
    4. ප්‍රා ඒක හොඳ බෝතලයක්

      Delete
    5. @ thusitha & others,
      Jameson triple distilled is much smoother than single malts like Glenlivet and Glenfiddich.

      Delete
    6. p.s. But, some prefer the taste of single malts because of the pure whiskey taste and smell.

      Delete
  8. රෑක වැඩට ආ හිතවත් මේ බෑනයි
    කෝක වුණත් බෑනට ගැලපෙන මාමයි
    සෝක කොහෙද දෙන්නම ප්‍රිය මත් වතුරයි
    ඒක සේව් කෙරුවාදැයි හිතට සැකයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. Duminda,

      සේව් කෙරුවා සේව් කෙරුවා....
      සේව් කෙරුවා සේව් කෙරුවා....

      Thanks Dumee...

      Delete
  9. නියමයි රවී, Thank you

    ReplyDelete
  10. අන්න මාමලා... අන්න බෑණලා..... ඒ විතරක්යෑ අද කතාව මයි මැරේජ් ගැනට වඩා වෝක් ටු රිමෙම්බර් ගැනනේ... ඒකත් අවුලක් නෑ... මම ආසම කතාවක් ෆිලුමක් වෙච්චි. දැන් ආයෙ බලන්නත් හිතුනා ආපහු.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      ආයම බලන්න එහෙනම් ෆිල්ම් එක...:)

      Delete
  11. මැන්ඩි අක්කගේ මං ආසම සින්දුව එයා හඬකැවීමෙන් දායක වෙච්ච Tangled Disney movie එකේ I see the light. ඊළඟට එයා ඔය ෆිල්ම් එකටම කියපු Only Hope...

    අයියා මේ A Walk to Remember ෆිල්ම් එකේ දාලා තියෙන කොටස තියෙනවා නේද? ඒ දෙන්නා කසාද බඳින වෙලාව? පොතේ ඔය හරිය විස්තර වෙලා තියෙන විදිහ අහලකින්වත් තියන්න බෑ මේ කොටස. පොතේ නමේ නියම අර්ථය තියෙන්නේ එතන. මේ ක්ලිප් එකෙන් ඒ දේ ඒ විදිහට දැනෙන්නෙ නෑ. කොහොමත් පොතකින් දැනෙන දේ එහෙමම චිත්‍රපටයකින් දෙන්න අමාරුයි තමයි. ඒත් මීට වඩා මොනවාහරි දෙයක් කරන්න තිබ්බා චිත්‍රපටයෙදි. නේද? කොහොමවුණත් චිත්‍රපටියේ අවසානයටනං මං හරිම කැමතියි. ලැන්ඩන් ජෙමීගේ තාත්තාව මුණගැහෙන්න යන වෙලාව. ඒ දෙන්නා අතර ඇති වෙන සංවාදය. ඒ ටික හරිම ලස්සනයි.

    මාමගෙයි බෑණාගෙයි කතාව හැමදාම වගේ නියමයි අයියෙ. මටත්නං සැකයි ඔන්න ප්‍රසන්ටේෂන් එක හරියට සේව් කළාද කියලා. :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      / පොතේ ඔය හරිය විස්තර වෙලා තියෙන විදිහ අහලකින්වත් තියන්න බෑ මේ කොටස./

      පොතක් කියනවනව කියන්නෙ බොලේ වෙනම ආතල් එකක්..:)

      මමත් කල්පනා කරල තියනව ඇයි මුලින් පොත කියෙව්වම අපිට එන හැඟීම චිත්‍රපටයකින් ඒ විදිහටම එන්නෙ නැත්තෙ කියල.මම අන්තිමට තීරණය කලේ මෙහෙමයි..

      දැන් අපි පොතක් කියවනකොට උද්වේගකර අවස්තාවකට ආවයි කියමුකො . ඒ වෙලාවෙ ඕනනම් පොත වහල පපුව උඩ තියාගෙන ඇඳේ හොඳට දිගාවෙලා අපිට පුළුවන් ඒ අවස්ථාවට සමවැදෙන්ට. ඒ අවස්ථාවෙ ජීවත් වෙන්න...

      උදාරණයක් ගත්තොත් ඔය කතාවෙ ජේමි තාත්තගෙ අතේ එල්ලිල පල්ලියෙ ආයල් එක දිගේ හෙමින් හෙමින් යද්දි ඒ පස්සෙං අපිටත් ඕනනම් ගිහෑකි. එහෙම කරල දේව මෙහෙයට එහෙමත් සහභාගි වෙලා පපුව හිස්වෙන තරමට සුසුමක් එහෙම හෙලල ආයම පොත කියබ්වන්නත් පුලුවනි.

      ෆිල්ම් එක බල බල ඉඳල නවත්තල ඒ වැඩේ කරන්න බෑ මට හිතෙන විදිහට..අන්න ඒකයි පොතක් කියවන එක පපුවටම දැනෙන්නෙ.Anyway that's my thinking...:)

      /මාමගෙයි බෑණාගෙයි කතාව හැමදාම වගේ නියමයි අයියෙ. මටත්නං සැකයි ඔන්න ප්‍රසන්ටේෂන් එක හරියට සේව් කළාද කියලා. :D/

      Thanks Madam...සේව් කලා සේව් කලා...;0

      Delete
  12. ඕකනේ කියන්නේ. බෝතලෙන් ඕනෑම ෆාදර් ඉන් ලෝ කෙනෙක් සරෙන්ඩර්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ආය මොනවද? අත්දුටුවයි සත්තයි ප්‍රත්‍යාක්ෂයි, හරි නොගියොත් මුදල් ආපසු!!!

      Delete
  13. මෙච්චර කාලයක් තිස්සේ හැන්දෙන් මැනලා බෙහෙත් බොනවා වගේ රහමෙර බොන්න අංකල් කාරයා කොච්චර පවක් කරලා ඇද්ද...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      එහෙම තමයි ඒකෙ ආතල් එක කියල පොර හිතාගෙන හිටියද කියල හූ නෝස්?

      Delete
  14. මම නම් මාමයි වෙන්ට (හිතන් ඉන්න) බෑනගෙයි කතාව පැත්තකින් තියලා තක්කාලි බතක් උයාගෙන කෑවා..

    ReplyDelete
    Replies
    1. රූ.....

      Goodness gracious..look who is here....:)

      ඉතිං ඉතිං මැඩම් කොහොමද? කොහොමද? ජීවිතේ සමන් මල් ගොමුවක් පසුකොට ගලායන නීල වර්ණ දිය දහරක් මෙන් දැහැමෙන් සෙමෙන් ගලා යනවැයි?

      පලි - ඔබ දැකුමින් අප පින්කල බව හැඟුනි...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...