Wednesday, May 16, 2018

582. The Story Of My Marriage - 67 - "Ohhh..Fuck..Chithra Aunty" Said Ananya Trying To Cover Her Face With A Huge Frying Pan....

"ඉතිං ඉතිං ලොක්ක මොකද කියන්නෙ? එයාට  සතුටුයිද දැං?"

මම අනන්‍යාගෙන් එහෙම ඇහුවෙ එයත් එක්ක ඔටෝ (ඔටෝ කියන්නෙ ත්‍රී වීල් වලටමයි) එකට නැඟල ඉඳගත්තු ගමන්මයි.

"ආය මොනවද? He is on cloud nine these days"

"ඇත්තටම?" මම හිනාවෙමින් ඇහුව. 

"ආයෙත් අහල. වෙනද පවුලෙ අපි කට්ටිය එක්ක උනත් සතියකට උපරිම වචන දහයක් නැත්නම් දොළහක් කතා කරන මනුස්සය, මෙන්න මේ පහුගිය සුමානෙ රෑ කෑමට වාඩිවෙච්චි වෙලාවෙ ඉඳල ආය නැඟිටිනකල් කතා කරන්නෙ එයාගෙ ප්‍රසන්ටේෂන් එක ගැන...ආ..මට කියන්නත් බැරිවුනානෙ. අප්ප ඊයෙ උදේ ගියා දිල්ලියට"

"ඈ? අර මොකටද අර?"

"අප්පගෙ ප්‍රසන්ටේෂන් එකේ රෙකෝඩිං එකක් මෙහෙ කට්ටිය යවල දිල්ලි හෙඩ් ඔෆිස් එකට. ඉතිං ඒක බලල දිල්ලියෙ ඉන්න ලොක්කො සෙට් එක අප්පට කතා කරල කියල දිල්ලියට ඇවිල්ල පර්සනලි ඒ ප්‍රසන්ටේෂන් එක කරන්නෙයි කියල. අප්පට කොහොමද දන්නවද සන්තෝසෙ…"

"හෙහ්..මට හිතාගත්තෑකි…"

කතාවෙන් කතාවෙන් ඔය වෙනකොට අපි ගමනාන්තයටත් ඇවිල්ල හිටිය. අපිට එන්ට ඕන කරල තිබ්බෙ ටී නගර්වල තියෙන රත්නා ස්ටෝර්ස් එකට. 

"මේ මට පිඟන් ගන්ට ඕන...කොහෙද හොඳ පිඟන් තියෙන්නෙ?" 

අද මේ පැය බාගෙකට වගෙ ඉස්සරවෙලා  අනන්‍යා මුණගැහුනු ගමන හැටියෙම මම ඇගෙන් ඇහුව.

"මොන පිඟන්ද?"

"අර ඔයාල පාවිච්චි කරන්නෙ ස්ටේන්ලස් ස්ටීල් පිඟන්. එව්ව හොඳයි. එව්වයෙ කල් පැවැත්මත් හොඳයි. හෝදන්නත් ලේසියි. ඒ හැටි බරකුත් නෑ…"

"ඇයි මේ හදිස්සියෙ පිඟන් ගන්න හිතුනෙ?"

"නෑ චමරියෙ  ඉන්න අපි හතරදෙනාට මට හිතුන අලුත් පිඟන් ගත්තනම් හොඳයි කියල. අර රාමනුජම ඉන්නව නේද?"

රාමනුජම් මතකයි නේද? චමරියෙ මගෙ අල්ලපු කාමරේ ඉන්න බුවා.

"ඔව් ඔව් මට මතකයි...ඉතිං රාමනුජම් මොකද?" අනන්‍යා ඇහුව. 

"මොකද තමයි...මම හිතන්නෙ ඒ යකා බත් කන්නෙ අර ඒ කාලෙ රාම කැලේට වෙලා බටනලා පිඹ පිඹ ඉන්න දවස්වල බත් කාපු පිඟානෙද කොහෙද..."

අනන්‍යයි මායි අහ්මදාබාද් වල I.I.M.A. එකේ මගෙ කාමරේ එකට හිටපු අවුරුදු දෙකක විතර කාලය ඇතුලත එයාලගෙ ඔය දෙයියන්ගෙ කතන්දර අනන්‍යා මට කියල දුන්න.

රෑට කාල එහෙම වටේ පිටේ සද්ද බද්ද ටික ටික අඩුවෙලා අන්තිමට නැතිම වෙලා ගියහම අපි හිටපු නේවාසිකාගාරෙ ඉස්සරහ පිටින් දිගටම තිබ්බ කොරිඩෝවෙ ලී කුළුණු අතර දිගට බැඳපු සිහින් ලණුවල තැනින් තැන එල්ලල තිබ්බ චූටි තඹ සීනු සපූත්‍රා කඳුවැටිය පැත්තෙන් හමන සිහින් සුළඟට මිහිරි හඬක් නංවමින් නාදවෙනව අහගෙන අනන්‍යා මගෙ පපුවට ඔලුව තියාගෙන මගේ ළඟින් වැතිරිල ඉන්නව.

මම ඇගේ හිසකෙස් අතරින් මගෙ දකුණතේ ඇඟිලි යවල පිරිමදිනව. එහෙම ඉන්න සමහර දවස්වල ඈ මට ඇගේ ඥාතී හිතමිත්‍රාදීන් අදහන  දෙවිවරු දිව්‍යාංගනාවො ගැන කතා කියල දෙනව.

අර මම කියපු කොරිඩෝවෙ ඇදල තියෙන චුට්ටි සීනු වැල මීට  අවුරුදු තුනකට වගෙ ඉස්සර මෙහෙ ඉගෙන ගත්තු ශිෂ්‍යයෙක් විභාගෙ ඉහලින් සමත්වෙන්න කියල බාරවෙලා එල්ලපු එකක්ලු.

"මොකක්? කවුද බට නලා පිඹ පිඹ කැලේට වෙලා ඉඳගෙන බත් කෑවෙ?"

"ඇයි අර ඔයා මට අහ්මදාබාද් වල මගෙ කාමරේ අපි එකට ඉන්දැද්දි රෑට කාල එහෙම මගෙ ඇඳේ....."

අනන්‍යා පැනපු ගමන් අතින් මගෙ කට වැහුව.

"කෑගහන්ට එපා මනුස්සයො..මොන බූතයක් කියවනවද මන්ද මෙතන මේ දෙනෝ දාහක් මැද්දෑවෙ…"

ඈ කිව්වෙ බයෙන් වගේ වටපිට බලමින්...

"හරි හරි මොකටද ඔය හැටි බය වෙන්නෙ? කාටවත් ඇහුනෙ නෑ ළමයො…"

"ඇහුනෙ නෑ තමයි..අනික අර මොකක්ද කැලේට වෙලා ඉඳගෙන බටනලා පිම්බ කතාව?"

"ඇයි අර රාමද කවුද නෙවෙයිද එහෙම කලේ? අර අයියල මල්ලිල හත් දෙනෙක් එක ගෑණු ළමෙක් එක්ක කසාද බැඳල කැලේ බටනලා පිම්බෙ? ඒ රාම නෙවෙයිද?"

අනන්‍යා හිනා වුනේ බඩ අල්ලගෙන…

"හ්ම්ම් ඔයාට හොඳද එතකොට ඔහොම හිනා වෙන්ට? මේ දෙනෝ දාහක් මැද්දෑවෙ?" මම මූණ පුලුටු කරගෙන ඇහුව. 

"ඔයා කියවන මේ බූතවලට හිනා නොවී පුලුවන්ද අනේ.." අනන්‍යා යන්තමට හිනාව කොන්ට්‍රෝල් කරගත්ත.

"ඔව්ව්..මම ඉතිං බූතනෙ කියවන්නෙ…"

"හිහ්..හිහ්...තරහ ගන්න එපා ඉතිං....හරි හරි..ආයම නිවාඩු වෙලාවක මම ඔයාට කොනක ඉඳල කියල දෙන්නම්කො ඔය දේවකතා ඔක්කොම. ඔයාට ඔක්කොම පැටලිල තියෙන්නෙ. ඔයාගෙ ඔලුව ඇතුලෙ රාමලයි, ක්‍රිෂ්ණාලයි, අර්ජුනලයි ඔක්කොම එකටම එක පොදියට පොරකනවද කොහෙද. ඒකයි ඔය ලෙඩේට හේතුව..හිහ්..හිහ්.."

"හරි හරි ඒ ගැන පස්සෙ මොනව හරි කරමු...දැන් යමු හොඳ කඩේකට මට පිඟන් හතරක් ගන්ට.."

"හරි එහෙනම් යමු රත්නා ස්ටෝර්ස් එකට. එතන තට්ටු හතරක්ම පුරවල තියෙන්නෙ තනිකරම ඔය ජාතියෙ ස්ටේන්ලස් ස්ටීල් බඩු...හට්ටි මුට්ටි, ඇතිලි, පලන්ඟාන්, එතනින් ගිහාම පිට්ටු බම්බු, බුජං…"

"පිස්සුද අනේ? මට මේ ඕන පිඟන් හතරක් විතරයි. මේ ලඟ කඩේකින් ගමු…"

"බෑ..බෑ..රත්නා එකටම යමු..මම හුඟ දවසකින් ටී නගර් පැත්තෙ ගියෙත් නෑ."

අනන්‍යා ඒ එක්කම පාරට පැනල ත්‍රී වීලර් එකක් නැවැත්තුව. ඒ ත්‍රී වීලර් එකේ ඇවිදිල්ල තමයි අපි රත්නා ස්ටෝර්ස් එක ලඟින් ඔය බැහැ ගත්තෙ....

අනන්‍යා කිව්වෙ බොරු එහෙම නෙවෙයි. රත්නා ස්ටෝර්ස් එකේ මම හිතන්නෙ පිඟන්ම තියෙන්න ඇති කෝටි හතරකට වැඩිය. බිත්තිවල එල්ලල, වහලෙ එල්ලල, රාක්කවල තියල, බිම ගොඩ ගහල, කොටින්ම එතන වැඩ කරන කොල්ලො කෙල්ලොත් හට්ටි මුට්ටි ඔලුවෙ නවාගෙන ඔන්න හිටියෙ...හෙහ්,හෙහ්,



චෙන්නයි ටී-නගර්හි පිහිටි රත්න ස්ටෝර්ස් වෙළඳ සළ.

ඒ හැම පිඟානක්ම, තැටියක්ම, තාච්චියක්ම කොච්චර ඔප දාලද කිව්වොත් අනන්‍යාගෙයි මගෙයි ප්‍රතිබිම්බ කෝටි හතරක් එව්වයෙ පිළිබිඹු වුනා. මට මෙහෙම දෙයක් හිතිල පොඩි බයකුත් හිතට ආව. 

බැරිවෙලාවත් එහෙම මහ විසාල සුළි සුළඟක් හමා ඇවිල්ල රත්නා එකේ වහල ගලවල ගියොත් එහෙම ඉර එලිය කෙලිම්ම ඇතුලට වැටිල මේ තියෙන හට්ටි මුට්ටි කෝටි හතර දිලිසෙන්ට අරගෙන අපි දෙන්න හරියට අර මැග්නිෆයිං ග්ලාස් එකකිං ඉර එලිය ඇල්ලුවම කූඹි පිච්චෙනව වගෙ පිච්චිල යයි කියලයි මට හිතුනෙ. මගෙ ඔය ඉමැජිනේෂන් එක කියන එක දන්නව නේද? It's eveready  at a drop of a hat to go to over drive mode in a flash.....

"මෙතන අඩුම ගානෙ පිඟන්ම ඇති කෝටියක් විතර. කොහොමද අනේ හතරක් තෝරගන්නෙ?"

ස්ටේන්ලස් ස්ටීල් ප්ලේට්ස් සෙක්ෂන් එකට කිට්ටු වෙද්දි මම අනන්‍යාගෙ කණට කරල කිව්ව. අනන්‍යා ලඟින් හමපු සමන් පිච්ච සුවඳ මගෙ නාහෙ ඇතුලෙන් ගිහිල්ල මුලු පපුව පුරහම පැතිරුනා. මම හුස්ම උඩට අල්ලගෙනම ආයම අනන්‍යාගෙ කණ දිහාට ඔලුව නැමුව. 

"මේ මෙතන විකාර කරන්න ලෑස්ති වෙන්න එපා දන්නවද?... දෙනව ඔන්න අර තඩි තාච්චියකින් ඔලු ගෙඩිය මුදුනටම" අනන්‍යා කසුකුසුවෙන් මට තර්ජනය කලා.

"හරි හරි....Actually no need to get so violent…Peace on earth…...හරි ඔයා එහෙනං  තෝරල දෙන්නකො සුදුසු මට්ටමේ පිඟං හතරක්….."

අනන්‍යා ඒ ලඟම හිටපු වෙළඳ සේවිකාවට අත්දෙකින් පෙන්නුව අපිට ඕන පිඟන්වල තරම…

"හතරක්…." ඈ එහෙම කියල දකුනු අතේ මහපට ඇඟිල්ල නවල ඉතිරි ඇඟිලි හතර දිගඇරලත් පෙන්නුව වැඩිමනත් වශයෙන්… To be on the safe side I think…..

වෙළඳ සේවිකාව ආපහු එනකල් අපි දෙන්න ඒ කිට්ටුවම බිත්තියක් අයිනෙ ගොඩ ගහල තිබ්බ මහ විසාල කල්දේරං රාසියක් ලඟට වෙලා එව්වට පොඩිවට හේත්තුවකුත් දාගෙන හිටිය. 

"සීරියස්ලි ක්‍රිෂ්.....අප්පට මේ කරපු උදව්වනම් කියල වැඩක් නෑ. හරිම වටිනව. මම හිතන්නෙ අප්පත් ඔයා ගැන ලොකු පැහැදීමකින් දැන් ඉන්නෙ....."

"ඒක වෙන්නත් ඇති. මම කියන්නෙ ඔයාලගෙ අප්ප මා ගැන පොඩි කැමැත්තක් ඇති බොහෝ විට. ඒත් තවමත් හරිෂ්ට ඔයාලගෙ අප්පගෙ තිබ්බ කැමැත්තෙ තරමට නම් නෑ. මට ඒක සහතිකයි…"

"ම්ම්..අපි බලමු...අපි බලමු...අඩු ගානෙ මේක හොඳ ආරම්භයක්නෙ …" ඈ කිවා. 

"ආ..මට කියන්න බැරි වුනානෙ..හැබැයි මම කොහොම හරි හරිෂ්ගෙන් පලිගන්න එකනම් ගත්ත…"

"ඈ? ඒ මොකක්ද ඒ පලිගත්ත කතාව?"

"මම මිනිහ ගෙනාපු විස්කි බෝතලේට වැඩේ දුන්නනෙ…"

"මොකක්ද කිව්වෙ? ආය කියන්න බලන්න.."

"මම කිව්වෙ  හරිෂ් අමරිකාවෙ ඉඳල එද්දි  ගෙනාපු විස්කි බෝතලේ මම බිව්ව කියල…"

"තනියම?..." 

"නෑ ඔයාලගෙ අප්පත් Full සහයෝගය දුන්න...."

මේ වෙලාවෙ වෙලඳ සේවිකාව අපිට හරියන තරමෙ පිඟන් හතරක් ගෙනල්ල අනන්‍යා අතට දුන්න. අනන්‍යා එව්ව ඒ මේ අත කරවල බලල "Looks Ok to me..Thanks " කියල ආපහු වෙළඳ සේවිකාව අතටම දුන්න. ඈ ඒ පිඟන් අරගෙන ඉස්සර වුනා.

"යමු…. කවුන්ටර් එකෙන් මෙව්වට සල්ලි ගෙවමු" අනන්‍යා මා දිහාට හැරිල කිව්ව.

"හරි යමු…"

කවුන්ටරේ ඉස්සරහ දහ දොළොස් දෙනෙක් හිටිය පෝළිමේ. අපි දෙන්න පෝළිමෙ අන්තිමට එකතු වුනා....

"හ්ම්ම්ම්..නරකම නෑ...තමුං මම නොහිටිය සතියට හොඳ අඩව්වක් අල්ලල වගෙ මට පේන්නෙ"  අනන්‍යා මා දිහා බලල රැව්ව…"රෑවෙලා බීල තනියම චමරියට යද්දි මගදි කරදරයක්වත් උනානං..දන්නවනෙ අද කාලෙ හැටි.."

"ඉතිං කවුද චමරියට ගියේ?"

"එහෙනං?"

"මම ඔයාලගෙ ගෙදර අර ඉස්සරහ තියෙන්නෙ අමුත්තන්ගෙ කාමරේ..අන්න ඒකෙ නිදියගත්ත........"

"මොකක්? ඔයා එතකොට අපේ ගෙදර එද්දි රෑට අඳින්ට එව්වත් අරගෙන ආවද?"

"මොන පිස්සුද? මම රෑ නවතින්ට හිතාගෙන ආපු ගමනක්ය?"

"එතකොට මොනවද රෑට ඇන්දෙ?"

"ඔයාලගෙ අප්පගෙ ලුංගියක්…"

"මොකක් කිව්ව?"

ඒ පාරනම් අනන්‍යාගෙ ඇස් දෙකත් ලොකු වුනා. සද්දෙත් ටිකක් වැඩිවුනා. අපි ඉස්සරහ පෝලිමේ හිටපු වයසක ජෝඩුවක් අපි දිහා හැරිල බලල ආපහු ඉස්සරහ බලා ගත්ත.

"ඇයි මොකෝ මේ මෙච්චර පුදුම වෙලා?..ඇත්තම කිව්වොත් රෑට ලුංගිය  අඳින එක හරිම පහසුයි. මට හිතිල තියෙන්නෙ වැඩේ පුරුදු වෙලා දිගටම රෑට ලුංගි අඳින්න"

"ඔයාට නම් පිස්සුම තමයි ක්‍රිෂ්.....ඒත් මම ආසයි ඒ පිස්සුවට....." අනන්‍යා එහෙම කියල ඇහැක් වහල ඉඟි මැරුව.

"ඔයා දන්නවද මම ඒ ඔක්කොම කලේ ඇයි කියල…" මම හෙමිහිට ඇහුව.

"ඇයි?....." අනන්‍යා ඇස් හීන් කරල ඇහුව. 

"I did it for you Ananya…."  I said looking unblinking at her liquid pools of eyes.

අනන්‍යා තත්පර තිහක් විතර එක එල්ලේ මගෙ ඇස් දෙක දිහා බලාහිටිය. ඒත් එක්කම ඇගේ කට කොණකට හීන් හිනාවක් ආව. 

ඊට පස්සෙ අපි හිටගෙන හිටපු තැන හතර වටේ බිත්තිවල එක අඟලක්වත් පේන්නෙ නැතිවෙන්න එල්ලල තිබ්බ මූන බලන කණ්නාඩි වගෙ ඔප දාපු තාච්චි, ෆ්‍රයිං පෑන්ස් සහ පිඟං හත් අටසීයක බොහොම පැහැදිලිව අපේ රූප පිළිබිඹු වෙනවා උනත් ඒ ගැන කිසිම සැළකීමක් නැතුව ඈ පියවර දෙකකින් මට කිට්ටුවෙලා පා ඇඟිලිවලින් ඉස්සිල මගෙ දෙතොල් සෙමෙන්  සිපගත්ත.

තාච්චි, ෆ්‍රයිං පෑන්ස් සහ පිඟන් වලින් මේ සිද්ධිය දැකපු පෝළිමේ සහ ඒ අවට බඩු තෝරමින් හිටපු තමිල්නාඩු සාම්ප්‍රදායික ගෘහිණියන් සහ බ්‍රාහ්මණ වංශික මහතුන් එක හතළිහක් පණහක් විතර එක පාරටම කලින් කතා කරගෙන හිටිය වගේ කටවල් රවුම් කරල "ඕහ්...."  කියල එක සැරේම අපි දෙන්න පැත්තට හැරුන. ගෘහිණියන් සියල්ලන්ම පාහේ කම්මුල් වලට අත් තියාගත්ත.

"අනන්‍යා මොකද මේ? "

සැර පරුෂ කටහඬක් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. 

"Ohhhh..fuck…Chithra aunty"

අනන්‍යා එහෙම කියල අතට අහුවෙච්චි රොටි තැටියක් අරගෙන මූණ වහගත්ත....


අනන්‍යා අනපේක්ෂිත ලෙස මා සිපගත්තේ මෙහිදීය.

45 comments:

  1. රත්නා එකට ත්‍රීවිලයෙන් ආ මොහොතේ
    දෙන්නා පිගන් ගත්තලු ලස්සනක් ඇතේ
    දුන්නා අනන්‍යා හාදුව සිහිය නැතේ
    උන්නා ආන්ටිත් ඉදිරිය කුමක් වෙතේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      හැමදාමත්ම කියන්නා වාගේ බෝමත්ම ස්තූතියි!

      Delete
  2. Replies
    1. කසුන්,

      යාන්තං නෙවෙයි බං හොඳටම දෙක...:)

      Delete
    2. අනේ අරූගෙ දෙක... :p

      Delete
  3. හුටා කොලුවාගේ ලකුණු කැපේ එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හෙහ්..ඒකනෙ පස්නෙ මලේ....:)

      Delete
  4. ටී නගර් වල රත්න ස්ටෝර්ස්. ම්ම් ඉමිහිරි අතීත මතකයක්. මමත් ඉස් ඉස්සෙල්ලම චෙන්නායි ගිය වෙලේ ගෙදරට බඩු ගන්න ගියෙ රත්න ස්ටෝර්ස් එකට.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අපූරු මතකයක් එහෙනම්...:)

      Delete
  5. හුකනව පුන්සදේ මහන්සසිය ලිදේ

    ReplyDelete
    Replies
    1. මද්දා,

      මහන්සිය???

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=pKANlgfx5rE

      Delete
  7. බඩුම තමයි. එක්කො මගුලක් නැත්තං මලගෙයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බං...:)

      Delete
  8. මරු වැඩේ! :D :D :D ඊළඟ කොටසත් ඉක්මනට ඕනෙ අයියෙ.

    ReplyDelete
  9. අච්චර ලස්සනට වැඩේ කරගෙන එනකොට මේ කෙල්ල ගම කෑවද මන්දා.... චිත්‍ර ආන්ටියාට හිතාගන්න බැරුව ඇති වෙච්ච දේ.....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      එහෙම තමයි බොලේ කෙල්ලො කියන ජාතිය...:)

      Delete
  10. /// "අනන්‍යා මොකද මේ? "

    සැර පරුෂ කටහඬක් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. ///

    ඕක ලෝක ස්වභාවය. ඔය වගේ කරුම කොහෙන්හරි පාත් වෙනවා...

    වතාවක් මම ඊට කලින් දවසේ දෙවෙනි මනමාලය වසයෙන් දත් මදින්නේවත් නැතුව කටයුතු කරමින් ඉඳල දෙවෙනි මනමාලිව සෙට් කරගත්තා සු එක බලන්න යන්න. මොකද මොන පාටට හැඩට හිටියත් දැරිවි මොන වගේ ජිවියෙක්ද කියල බලන්න එපාය ඔක්කොටම කළින්. සැබෑ ස්වභාවය නරකම නැහැ, හැබැයි හොඳත් නැහැ...
    ඔන්න එදා රෑම ඒ දැරිවි කෝල් එකක් දුන්නනේ දෙහිවලදී එයාගේ කවුද මන්ද බස් එකකදී අපිව දැකල ගෙදරටත් කියලා හරි මෙව්වා එකයි කියල. ඉතින් මම "හ්ම්ම්" කියල නිකන් හිටියා. නිකන් හිටියා කිව්වට නිකම්ම හිටියා...

    මොකද එක වර හතරක් මැනේජ් කරගන්න තරමට මගේ ප්‍රොසෙසර් එක දියුණු මට්ටමක තිබ්බේ නැහැ ඒ අවස්ථාවේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      හෙහ්..හෙහ්...සූ එක බලන්ට ගියේ ඈ?....නියමයි!

      Delete
    2. ලොක්ක ආන්න බලහං උඹේ ප්‍රොසෙසර් එක අවුල් කියල උඹම දන්නව.

      Delete
    3. යකෝහ්.... චූ එක බලන්න යන්න සැට් කර ගත්තා කියලා නේද මූ මේ කියලා තියෙන්නෙ? හිටාං ඇස් දෙක පිහදාලා ආයෙ බලන්න

      Delete
  11. ඔය ඔටෝ කියන එක 'ආට' කියල ඇහිලා තියෙන්නේ මට විතරද චෙන්නයි වලදී

    ReplyDelete
    Replies
    1. හැට්ටර්,

      ආටා එක කියල තමයි ලංකාවටත් ත්‍රී වීලර් ආපු මුල් දවස්වල කිව්වෙ..ඒක ඉන්දියාවෙ ඔය ඔටෝ එක කියන වචනෙන් හැදුන වෙන්නත් පුලුවනි.

      ආටා පිටි කියල කියන්නෙ නම් කුරුට්ටත් එක්ක අඹරපු තිරිඟු පිටි...සාමාන්‍ය පාන්පිටි වලට වැඩිය ගුණයි.

      Delete
  12. අර සුවර්නාවාහිනියේ ටෙලිනාට්‍ය ඉවර කරනවා වගේ ගතියක් දැනිලා,
    කලින් කොටසයි මේකයි
    කලින් කොටසයි මේකයි
    කලින් කොටසයි මේකයි
    කලින් කොටසයි මේකයි මාරුවෙන් මාරුවට බලල පොට යනව තව ටිකෙන් ඇහේ 😌
    වේටිං පෝ ඊලඟ කොටස ජයවේවා !

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Ok boss Thanks...:)

      Delete
  13. කාන්තාවං එක්කං යන්ට හොඳ නැති තැංවලිං එකක් තමයි ඔය ඇලමේනියං, බෙලෙක්, ඉටි බාජන තියෙන කඩවල්. ඔය සයිස්ම කඩයක් තියෙනව මේ බදුල්ලෙත් VISWAM කියලා. ඒකෙත් නැති ඉටි චෝරුවක් නෑ. ඒකටම හරියන්න උං ගාව ගල්වංගෙඩ්ඩක්, මෝල් ගහක් දාන්න තරං උනත් ලොකු සොපිං කවරත් තියෙනව. ඒකෙ තියෙන පාට පාට ඉටි බාජන දැක්කං අපේ උන්දෑ වසීකෘත වෙනව. ඒකෙ ඉන්න දෙමල කෙලිත්තියො දැකල මං වසීකෘත වෙනව. අප්පේ ඉතිං අර උඩ රාක්කවල තියෙන එව්ව එහෙම “අදු තාංග“ කියල ඉල්ලුවම සුට්ටි පුටු පොඩිති උඩ නැගල අරං දෙන සුරුවම. අපේ උන්දැට එව්ව මීටර් වෙන්නෙ ඩිංගක් වෙලා ගියාම. එතකොට මාවත් ඇදගෙන විජහට චුත වෙනව. ඔය හංදා දැං මට විස්වම් කඩේටයි, ශ්‍රී පැෂන් එකටයි යන්න තහනං.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      අනේ බන් නිකා ඉඳු අර අහිංසක ළමෙයට නිස්කාරණේ ආඩපාලි කියල පවු පුරෝ ගන්නෙ නැතුව...

      Delete
    2. surangayooo
      u are the great

      Delete
  14. පිඟන් සිතුවිලි ....

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      හෙහ්..පිඟන් සිතුවිලි ඈ???

      Delete
  15. කෙලියනේ තාප්පෙට . අර කොල්ල අච්චර ර දුක් මහන්සියෙන් ගොඩ නගා ගත්ත ප්‍රතිරූපය නේ මේ අනන්‍යා අනල දැම්මේ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඉස්ත්‍රී පක්සෙ එහෙම තමයි අජිත්..They are so impulsive..But I like that...:)

      Delete
  16. පොත කියවල තිබුණත් මේ හරිය මතක නැහැ.
    Thank you Ravi

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්..හෙහ්..දේවකතා සීන් එක තනිකර මගේ නිර්මාණයක්...

      Delete
  17. හපොයි ඉතින් ඉවරයි නේ අර කොල්ලගෙ මහන්සිය.

    හැබැයි ඕක හොඳ අතට හැරෙන්නත් බැරිකමක් නෑ.

    අපි හිතමු ඕක අනන්‍යා ගෙ ගෙදරට ආරංචි වෙනව කියල. එතකොට අම්මයි තාත්තයි හිතනව,

    "රටේ මිනිස්සුන්ට පේන්න අරූ එක්ක රවුම් ගහල, උගේ කරේ එල්ලිල ඉඳල, මේකිට ඉතින් දැන් කොල්ලො හොයන්න බෑ ඔන්නොහෙ ඌටම දීල දානව" කියල.

    එතකොට වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. මානවී,

      හෙහ්...එහෙම වෙන්නත් බැරිකමක් නෑ තමයි නේද?

      Delete
  18. හෙහ්... ලිප් කිස් කෙසේ වෙතත් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ අතිං අල්ලං හිටියත් බඩවෙයි කියලනෙ ඔය ගෘහණියංගෙ හිතේ... බැලුවම මෙහේට දෙවැනි නෑ එහේ

    ReplyDelete
    Replies
    1. දිල්ෂාන්,

      මෙහෙට එහා මම හිතන්නෙ එහෙ...:)

      Delete
  19. ප්‍රසිද්දියේ තොලක් දාල කියලනෙ මේ කියන්නෙ. ඊය...

    ReplyDelete
    Replies
    1. කම්මල,

      හරි හරි බං කෑගහන්ට එපා ඉතිං...;)

      Delete
  20. liquid pools of eyes කිව්වම මතක් උනේ...

    “ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ
    ගැටීලා --- මා ඇසිපියේ
    පතිත වුණා මහනෙල් පතක් සේ
    නිසල රැය මත විල් ජලේ

    ඔබ සුසුම් රේණු පවණට මුසු වුනා
    පතිත වුනා මහනෙල් පතක් සේ
    නිසල රැය මත විල් ජලේ

    නිල් මහනෙල් පත් පහසින්
    කැළඹීයයි මා හද විල
    ඉවුරු බදයි දුබල යදින
    මුදු පෙණ කැටි සෙනෙහසේ

    ඔබ සුසුම් රේණු පවණට මුසු වුනා
    පතිත වුනා මහනෙල් පතක් සේ
    නිසල රැය මත විල් ජලේ...“

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැක්ස්,

      කලින් අහල තිබුනෙ නෑ....

      ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ
      ගැටීලා -

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...