Friday, May 25, 2018

584. The Story Of My Marriage - 69 - "Sit Down And Stay With Me" Ananya Ordered And I Sat Down And Stayed With Her…..

2 States...චිත්‍රපටයෙන්...වමේ සිට..... මංජු, අනන්‍යාගේ පියා,
අනන්‍යාගේ මව, 
අනන්‍යා, ක්‍රිෂ් සහ ක්‍රිෂ්ගේ මව...

"ඔයා දන්නෙ නෑ ක්‍රිෂ් දිල්ලියෙ අප්පගෙ හෙඩ් ඔෆිස් එකේ ලොක්කො බොක්කො ඔක්කොමලම අප්පගෙ ප්‍රසන්ටේෂන් එක ගැන බොහොම පැහැදිල කියලයි ආරංචිය. ආය වෙන මොකවත් ඕන නෑ එයාල දැන් මුලු ඉන්දියාවෙම තියන කලාප කාර්යාල ඔක්කෝටම සර්කියුලර් එකක් යවන්නලු ලැහැත්ති වෙන්නෙ ඒ විදිහෙ ප්‍රසන්ටේෂන් හැමෝම හදන්න ඕනය කියල උපදෙස් දීල...

අනන්‍යා ඇස් ලොකු කරගෙන කියාගෙන ගියේ අත්දෙකෙන් එහෙ මෙහෙ වීසි කර කර...."එහෙම නේද අම්මා?" ඈ අන්තිමට අම්ම දිහාට හැරිල හිනාවෙලා ඇහුව.

අනන්‍යා මෙහෙම රඟපාන්නෙ ඇයි කියල මම දන්නව. ඈ හදන්නෙ මේ කලබල අස්සෙ අපි දෙන්න රත්නා ස්ටෝර්ස් එකට ගිය ගමන ගැන යම්තමට ඔහෙ කියල දාල ෂේප් වෙන්න. ඒත් ස්වාමිනාදන් නෝනා දුවගෙ ගැටවලට අහුවෙන පාටක් නෑ. දුවගෙම අම්මනෙ. ඈ හැඟීම් රහිත මුහුණින් යුතුව ගල් පිළිමයක් වගෙ ඉඳගෙන අපි තුන්දෙනාට කෑම බෙදුවෙ අනන්‍යාගෙ කියවිල්ල කණකටවත් ගත්තෙ නැති ගානට. තුන්දෙනා කිව්වෙ මම අනන්‍යා සහ මංජු. ස්වාමිනාදන් මහත්මයා තවම දිල්ලියෙ.

ඊයෙ හවස අර අනන්‍යා ටෙලිෆෝන් කරල කියපු විදිහට මම මේ ඇවිල්ල ඉන්නෙ එයාලගෙ ගෙදර රාත්‍රී භෝජනයට. අපි හතරදෙනා මුහුණින් මුහුණ බලාගෙන බිම වාඩිවෙලා හිටියෙ අනන්‍යාලගෙ සාලෙ. අනන්‍යාගෙ අම්ම බුම්මාගත් ගමන්ම රසම් කෝප්පයක් හැඳිගාල ඒක මගේ අතට දුන්න. ඒත් වචනයක්වත් කතා නොකර. ඒ වගේම මූණෙ හිනාවක් ගෑවිලාවත් නෑ.

"ඇයි අම්මා..අසනීපයක්වත්ද?" අනන්‍යා බැරිම තැන ඇහුව. 

ඔන්න ස්වාමිනාදන් නෝනා එක පාරටම ඔලුව උස්සල අනන්‍යාගෙ මූණ දිහා එක එල්ලේම බැලුව. 

"ඔයා ඊයෙ හවස මේ ළමයත් එක්ක රත්නා ස්ටෝර්ස් එකට ගියාද?"

ඈ ඇහුවෙ නහයෙ තුඩේ ගෑවෙන තරමට දකුණතේ දබර ඇඟිල්ල මගෙ නහයට කිට්ටු කරල. මම බය වෙච්චි පාර ඔලුව පස්සට ගත්ත සෙනේකින්. 

හ්ම්ම්ම්..මදැයි අනන්‍යාගෙ ටැක්ටික්ස් ඔක්කොම ඔය වතුරෙ ගියේ ගංගානම් ගඟේ ගහගෙන යන දර කොටයක් වගේ. 

"චිත්‍රා ආන්ටිට රටේ නැති වැඩ. එයාට තකහනියක් ඇවිල්ල අම්මට ඔය කේළම කියන්න වෙලාවක් හොයාගන්න එක ලේසි නෑ. ඒකට තව දවස් දෙක තුනක් වත් යයි. ඒකයි මම මේ හෙටම ඩිනර් එක දාගත්තෙ...කොටින්ම කිව්වොත් අර යෝදි ඇවිදිල්ල ගින්න පත්තු කරන්න කලින් වැඩේ ෂේප් කරල දාන්න" Dinner Damage Control Strategy එක ගැන අනන්‍යා මා එක්ක කිව්වෙ අන්න එහෙමයි.

"Hmmm...Pre-emptive strike එකක් වගේ එකක්ද?" මම ඇහුව. 

"අන්න හරි ඒක තමයි හරිම වචනෙ.."

අනන්‍යා ඊයෙ මට කිව්වෙ එහෙමයි. ඒත් බලනකොට චිත්‍රා ආන්ටි කලින්ම ගේම දීල වගේ.....

"ඕ..ෂිට්..චිත්‍රා ආන්ටි පාන්දරම ඇවිල්ල ගිණි තියල ගිහිල්ල වගේ හතර අතටම මට පේන විදිහට.."

අනන්‍යා එහෙම කිව්වෙ ඔලුව උස්සන්නෙවත් නැතුව එයාගෙ පිඟානට දාගත්තු බතුයි පරිප්පුයි කිසි කිසි ගාල අනන ගමන්. මම ඇගේ අතැඟිලි ක්‍රියාත්මක වෙන දිහා බලා හිටිය ඇසිපිය නොහෙලා…

"අක්කා..නරක වචන කියන්න එපා කියල ඔයාම නේද මට අවවාද කරන්නෙ හැම වෙලේම? අනික විශේෂයෙන් වැඩිහිටියො ඉස්සරහ….." මංජු ඇහුව.

"මංජු මේ තමුසෙ සද්ද නැතුව කනවද? මම කතා කරන්නෙ අම්ම එක්ක…" අනන්‍යා ඔලුව උස්සල මංජුව කන්න වගෙ ටික වෙලාවක් බලා ඉඳල කිව්ව. 

"මල්ලි කියන එක හරි. මීට කලින් අපි මේ ගෙදර ඔය වගෙ වචන පාවිච්චි කලේ නෑ. අනික ඔයා මේ කරන දේවල මේ ගෙදර වෙන කවුරුවත් කරලත් නෑ මීට ඉස්සර....."

අනන්‍යාගෙ අම්ම පිඟානෙ තිබ්බ බතුයි වෑංජනයි අනාගෙන අනාගෙන ගියේ මම හිතන්නෙ හිතේ තියන කේන්තියට වෙන්න ඕන. බතුයි, පරිප්පුයි, මුදවපු කිරියි, වම්බටුයි ඇගෙ ඇඟිලි අතරින් මිරිකිල එලියට පනින දිහා මම ඒ පාර බලා හිටියෙ ඇසි පිය නොහෙලා. දෙයියෝ සාක්කි. මේ අම්මයි දුවයි කෑම අනන විදිහට කන්නත් එපා වෙනවනෙ. අද රෑට බඩගින්නෙ තමයි මට ඉන්න වෙන්නෙ මේ ඩිස්කෂන් එක තවදුරටත් මෙහෙමම ඇදිල ගියොත්..

"මොකක්ද අම්මා මම දැන් කරපු වැරදි වැඩේ? ක්‍රිෂ්ට ස්ටීල් ප්ලේට්ස් ඕනය කිව්ව. එයා දන්නෙ නෑනෙ කොහෙද එව්ව ගන්න තියෙන්නෙ කියල. ඉතිං මම එයාව රත්නා එකට එක්කරගෙන ගියා. මොකක්ද ඒකෙ තියන වැරැද්ද?" අනන්‍යා බත් අනන ගමන්ම අම්ම දිහාට ඔලුව හරවල ඇහුව. 

"නෑ..නෑ..එහෙම එක්කගෙන ගිය එකේ කිසිම වැරැද්දක් නෑ.. මම දැන් එහෙම එකක් කීවෙ නෑනෙ. මම කතාකරන්නෙ ඔයා රත්නා එකේදි කරල තියන අපේ තත්වෙට කොහෙත්ම ගැලපෙන්නෙ නැති දෙකයි පණහෙ වැඩේ ගැන.. "

"මොනවද අක්ක කරපු දෙකයි පණහෙ වැඩේ අම්මෙ?" මංජු කන එක එහෙම්මම නතර කරල ඇහුවෙ ඇස් නළලෙ තියාගෙන…

"මංජු මේ...මම දැන් සැරයක් කිව්ව තමුසෙට..යනව කාමරේට ගිහිල්ල පාඩම් කරනව…"

"මම උදේ ඉඳල පාඩම් කරල ඉන්නෙ.."

"මොනවද පාඩම් කලේ.?"

"ෆිසික්ස්….."

"හ්ම්ම්ම්...හරි ගිහිල්ල ආයම ෆිසික්ස් පාඩම් කරනව...බලනව කලින් පාර මිස් වෙච්චි එව්ව එහෙම මොකවත් තියනවද කියල...මොකවත් මිස් වෙලා නැත්නම් මැත්ස් හරි කෙමිස්ට්‍රි හරි පාඩම් කරනව.."

"ඉතිං මම කනවනෙ.."

"හරි පිඟානත් අරගෙන යනවකො.. තමුසෙට නුපුරුදු දෙයක් නෙවෙයිනෙ..වෙනද කතාකලත් එන්නෙ නෑ අපිත් එක්ක ඉඳගෙන කන්න. පිඟානත් අරගෙන යනව පාඩම් කරන්න තියනව කියල.. අදත් යනව... ගිහිල්ල කන පාඩම් කරන ගමන් කනව…"

අනන්‍යා මූණ රකුසු කරගෙන කියවගෙන කියවගෙන ගිය හැටියට මම හිතන්නෙ මංජුවා හොඳටම බය වුනා. මිනිහා කෙසෙල්කොලෙත් එක්ක පිඟානත් උස්සගෙන පස්ස බල බල කාමරේට ගියා...හෙහ්...හෙහ්...

"කොහොම මොකක් කිව්වත් මෙව්ව මහ දෙකයි පණහෙ බාල වැඩ..බාල වැඩ..බාල වැඩ.."

අනන්‍යාගෙ අම්ම කැඩිච්ච් තැටියක් එක තැන වාදනය වෙනව වගෙ බිම බලාගෙන කියවගෙන කියවගෙන ගියා. අනන්‍යාගෙ අම්ම ඒ ටික කියාගෙන ගියේ දෙමළෙන්…ඒ එක්කම ඇතිවීරියෙන් බත් අනන්නත් අමතක කලේ නෑ. 

"අම්ම මේ..ක්‍රිෂ්ට දෙමළ තේරෙන්නෙ නෑ අම්ම දන්නවනෙ..... ඒ හින්ද ඉංග්‍රීසියෙන් කතා කරන්න ප්ලීස්.." අනන්‍යා අම්මට කිව්වා.

අම්ම ගැඹුරු හුස්මක් දෙක අරගෙන ටිකක් වෙලා බිම බලාගෙනම හිටිය. ඊට පස්සෙ ඔලුව උස්සල සන්සුන් ස්වරයකින් කතා කලා.

"අනන්‍යා..ඇයි ඔයා මල්ලිව කාමරේට යැව්වෙ? මොකද එයා ඉන්න තැන ඔයා කරපු වැඩේ ගැන කියනකොට ලැජ්ජයිද? හැබැයි ගෙදරදි එහෙම ලැජ්ජ හිතුනට ඔයාට දෙනෝ දාහක් මිනිස්සු ඉස්සරහ ඒ වගෙ වැඩ කරන්න ලැජ්ජ නැහැ නේද?"

"මම කිසිම දෙකයි පණහෙ වැඩක් කලේ නෑ"

"ඒ කියන්නෙ එතකොට චිත්‍රා ආන්ටි බොරුද මගෙත් එක්ක කිව්වෙ?"

"හරි...හරි..ඉතිං...මම ක්‍රිෂ්ට පොඩි කිස් එකක් දුන්න...එච්චරයි…"

"පොඩි කිස් එකක් දුන්න එච්චරයි...ඒක කියපු ලස්සන.." මිසිස් ස්වාමිනාදන් මගේ දිහා බලල ඒ එක්කම බිම බලාගත්ත. එයාගෙ මූන රතු වෙලා තිබුනෙ ලැජ්ජාවටද කේන්තියටද ඒ දෙකටමද මන්ද...

"අම්මෙ මේ නිකං ලේ රත්කරගන්න ප්‍රෙෂර් වැඩිකරගන්න දෙයක් මෙතන උනේ නෑනෙ..ක්‍රිෂ් කියන්නෙ මගෙ ප්‍රේමවන්තයා. I am going to marry him one day.......අන්න ඒක තේරුම් ගන්න ඔක්කෝටම ඉස්සෙල්ල…"

"ඔයා මගෙ දුව.ඔයත් ඔක්කෝටම ඉස්සෙල්ල අන්න ඒක තේරුම් ගන්න...ඔයා මේ කරන වැඩ වලින් වෙන්නෙ අපිට අහල පහල මිනිස්සුන්ට, නෑදෑ හිතවතුන්ට මූණ දෙන්න බැරිවෙන එක...මම ඔයාව හැදුව.. ඉගැන්නුව...ඔයා වෙනුවෙන් කියන්න බැරි තරම් කැපකිරීම් කලා.ඔයාට ඒවා ගැන වගක්වත් තියනවද? ඔයාට තේරෙනවද මම කියනදේ අනන්‍යා?"

අම්මයි දුවයි මොනව තේරුම් ගත්තද නම් මන්ද. ඒත් මම එක දෙයක් බොහොම පැහැදිලිව තේරුම් ගත්ත. ඒ තමයි දැන් මෙතනින් නැඟිටල යන එක ඥාණගෝචරයි කියල. එහෙම හිතල මම හෙමිහිට නැඟිට්ට. 

"Krish...කොහෙද ඔයා මේ යන්න හදන්නෙ?" අනන්‍යා ඔලුව උස්සල මගෙ මූන බලල ඇහුව. 

"මම මේ..මම..මේ අත් දෙක හෝදන්න කියල යන්න හැදුවෙ…" මම අනන්‍යාට මගෙ බත්, පරිප්පු, මුදවපු කිරි ගෑවිච්චි ඉඳුල් අත පෙන්නල කිව්ව.

"ඉතිං මොකද? මේ ... මගෙ අතත් එහෙම තමයි" ඈ මට ඇගේ සුරත උස්සල පෙන්නුව. "අපි දෙන්නම පස්සෙ අත් හෝදමු.. ඉඳගන්න ආපහු..Stay with me Krish……" අනන්‍යා නියෝගකලා... 

මම හෙමීට ආපහු ඉඳගත්ත.

"අනන්‍යා ඔයාට ඇත්තටම කිසිම තේරුමක් නෑ ඔයා හින්ද මට මූණ දෙන්න වෙන්නෙ මොන වගේ දේවල් වලටද කියල.. ඔයා පොඩි කාලෙත් එහෙමයි..දැනුයි කියලත් කිසිම වෙනසක් නෑ.."

මිසිස් ස්වාමිනාදන් එහෙම කියල පිඟානත් අරගෙන සුරුස් ගාල නැඟිටල සාලෙන් පිටවෙලා කුස්සියට ගියා.

අනන්‍යා ළය හිස්වෙලා යන්න ලොකු සුසුමක් හෙලල මා දිහා බලල හිනාවුනා.

"රසම් එක මරු..හොඳ ගානට ලුණුයි ඇඹුලුයි…" මම ඈ දිහා බලල ඉඟි මැරුව.

26 comments:

  1. අම්මට සිරි පා..........

    ReplyDelete
    Replies
    1. මද්දා,

      අද හොඳයි නේද?...:)

      Delete
  2. කියයි කියළා මව්පියන්හට ආන්ටී එම තොරතුරූ
    බයයි සැකයයි දෙකම එක්කොට අනන්‍යා කියවන බොරූ
    මදැයි වූ දේ ක්‍රිශ්ට හොඳහැටි විසිවෙලා වාගෙයි තරූ
    ලුනුයි ඇඹුලුයි පදමෙ ඇති මේ කතා ලියමනනම් මරූ....

    ජයවේවා!!!

    ReplyDelete
  3. මේ කොටස එනකල් මග බලාගෙන හිටියේ. අපරාදේ, මං හිතුවේ හැබැයි මේ ඩිනර් එකට අනන්‍යාගේ තාත්තාත් ඉඳියි කියලා. එහෙනං වැඩියෙන් ජොලි මේක. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      නෑනෙ තාත්ත දිල්ලියට ගිය පාර තාම එහෙනෙ...

      Delete
  4. මේ මගුල ඉවර වෙන්න තව කොච්චර කල් යයි ද?

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      හරි හරි බං ඉවසල ඉඳිංකො..තව මාස හයයි මාස හයයි...දැන් මම හිතාගෙන ඉන්නෙ ගිණි කසය වගෙ ලියාගෙන ගිහිල්ල ඉවර කරල දාන්ට. දැං ඇති මේක...හෙහ්...හෙහ්...

      අර නෙලුං යායෙං මේකට සම්මානෙකුත් දුන්නනෙ. ඒ නිසාවෙන් මඟදි අතෑරල දැම්මොත් අජියගෙ එහෙම හිත නරක්වෙයි කියලයි මම මේ දත කාගෙන පිටපොට ගහගෙන ලියාගෙන යන්නෙ..දෙයියම්ප...:)

      Delete
  5. ඔබතුමා ෆේස්බුක් එකේ මොකක්හරි ශෙයා කරලා තිබුණු එකකට මම ඕල්මෝස්ට් කමෙන්ට් එකක් දාන්න හැදුව පස් පඩංගුවෙ බැනල. "මේකට වෙලා කාලේ කකා ඉන්නෙ අර බ්ලොග් එකේ මොකුත් ලිවුවනම් නරකද" කියල.

    කමෙන්ට් කරන්න කලින් නිකමට වගේ මේ පැත්තේ ඇවිත් බැලුවම හපොයි මෙන්න ලියල. කමෙන්ට් කළා නම් විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.

    ඔන්න ඔහොම යනකොට අනන්‍යා ගේ අම්මට හිතෙනවා, "මේ කෙල්ලට මගුල් හොයල හරියන්නේ නෑ." කියල. බලන්නකො ඕක වැඩ කරනව හොඳට.

    ReplyDelete
    Replies
    1. Maanaviks,

      /මම ඕල්මෝස්ට් කමෙන්ට් එකක් දාන්න හැදුව පස් පඩංගුවෙ බැනල. /

      අවුලක් නෑ බං...මම ඉපදිල ඉන්නෙම කාන්තාවියන්ගෙන් බැණුං අහන්නමයි....:)

      Delete
    2. //අවුලක් නෑ බං...මම ඉපදිල ඉන්නෙම කාන්තාවියන්ගෙන් බැණුං අහන්නමයි....:)//

      මේ බ්ලොග් එකේ මගේ පරණ කමෙන්ට් දැක්කම මටම වෙලාවකට හිතෙනව, මමත් ඉපදිලා ඉන්නේ අහිංසක පුරුසයන්ට බනින්නමද කියල.

      හැබැයි ඉතින් අපි බනින්නේ අපි ඒ මිනිස්සු ගැන හිතන හින්දලු. නැත්නම් බනින්නෙත් නැතුව අත් ඇරලම දානවලු. :)

      Delete
  6. අදාළ පුද්ගලයාට කියවන්න දීමට සුදුසු කතාවක් බව පෙනේ . ඒත් ඒ උන්නැහැ කියවීමට ඉතාමත් කම්මැලි වීම තමා පරහට හිටින්නෙ.

    ReplyDelete
    Replies
    1. සඳා,

      එහෙම හරියන්නෙ නෑ බං...දීපං ලාස්ට් වෝනිං එක..

      "මේ සෝක් කතාවක් තියනව..ඉට්ටෝරි ඔෆ් මයි මැරේජ් කියල..කොටස් නං ඔන්න ඔය හැට ගානක් තියනව. ඒත් තමා ඒ කොටස් ඔක්කොම එකක් නෑර අනුපිලිවෙලට කියවන්ට ඕන..තේරුණෙයි? අනික් දවසෙ හම්බ උනහම මම ඒ කතාවෙන් පස්න දහයක් අහනව. හරි උත්තර නොදුන්නොත් ඒකත් මම බලා ගන්නං.."

      අන්න එහෙම තර්ජනය කරපං..දැම්ම ඉඳල එහෙම නොකලොත් ඔය පිරිමි කියන ජාතිය හදාගන්ට බෑ...කරෙත් යන්ට හදයි...

      Delete
  7. මුදවපු කිරියි, වම්බටුයි, පරිප්පුයි... ෂෝක් එකට තියෙන්න ඇති වැඩේ.

    අච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේ මනුස්සට රසම් එකක් ගැන කියෝනව.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /මුදවපු කිරියි, වම්බටුයි, පරිප්පුයි... ෂෝක් එකට තියෙන්න ඇති වැඩේ. /

      කොහොමද බං ඇඟිලි අස්සෙං ඔව්ව ඔක්කොම චොරවෙල මිරිකිල පනිනකොට..ආතල් ද කුන්හා නේ?

      Delete
  8. පහුගිය ටිකේ කමෙන්ට් කරන්න බැරි උනා.. ඒත් එහෙමෙයි කියල අපි නොකියවා හිටියෙ නෑ හරිද.... අද කොටසට හරිම ටිකා.......යි වගේ.... අප්පා

    ReplyDelete
    Replies
    1. හොඳුරු හඳා,

      තව සඳවතියෙක් ඉන්න හින්ද ඔන්න මං බොට අද ඉඳල එහෙම කියන්නං...හාද?

      /පහුගිය ටිකේ කමෙන්ට් කරන්න බැරි උනා.. ඒත් එහෙමෙයි කියල අපි නොකියවා හිටියෙ නෑ හරිද.... අද කොටසට හරිම ටිකා.......යි වගේ.... අප්පා/

      අවුලක් නෑ අනේ...කියවන්නකො ඒ ඇති..ඉඳ හිටල ඔය මොකවත් ලියලත් දාන්න..

      සුට්ටක් වෙනදට වඩා දිගනම් අඩුයි තමයි. ඒක වුනේ අර බගට් ගොයිය මේ පරිච්චේදෙ මෙතනින් ඉවර කරල. මෙතනින් එහාට තියෙන්නෙ වෙනම සීන් එකක්.. ක්‍රිෂ්ගෙ ඔෆිස් එකේ එකක්. So naturally I had to stop here...:)

      Delete
  9. කථාව මරු..හොඳ ගානට ලුණුයි ඇඹුලුයි

    ReplyDelete
  10. නංගි ගේම ඉල්ලනවා වගේ නේද :)

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මරු එක්ස්ප්‍රෙෂන් එක නේද ඒක? "ගේම ඉල්ලනව"....හෙහ්,හෙහ්,

      මේ ගිය සුමානෙ විතර මායි යාලුවෙකුයි කතා උනා "ගේම ඉල්ලනව" කිව්වම අපිට එන හැඟීම ඒ විදිහටම ඇතිවෙන වෙන වචනයක් ඊට කලින් සිංහල භාෂාවෙ තිබුනෙ නෑ නේද කියල...:)

      Delete
    2. ඕක සෑහෙන කලෙක ඉඳන් භාවිතා වෙන එකක් නේද , "ගේම ඉල්ලනවා", "ගේමට සෙට් වෙනවා". සිරිසේන ගේම ඉල්ලනවද චොර කරනවද කියල තවම තේරෙන්නේ නැහැ හේ හේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...